Thursday, July 7, 2016

VAT සෙල්ලම






VAT එකට විරුද්දව බොහෝ වෙලෙන්දෝ පාරට බැස්සහ. ඉතිරිය නුදුරු අනාගතේ දී පාරට බහින්නට සූදානම් ය.

සිරීසේන හුටන් තුමා කඩ කාරයන් ට කියන්නේ බද්ද කඩ කාරයා ගෙන් නොව පාරිබෝගිකයා ගෙන් අය වන නිසා කඩ කාරයන් කලබල කිරීම අසාදාරනයි කියා ය.සාමාන්යයෙන් මරි මෝඩ කතා කියූවද මෙහි දී හුටන් තුමා කියනා කතාව ඇත්තය. ඒත් මුදලාලිලා හුටන්කතනය නොඇසූකන් ව ගේමට සැට් වෙලා ය. එයට හේතුව කුමක් ද?

දැවෙනා VAT බද්ද පිලිඹඳ ප්‍රශ්නය ස ර ස තුමා ට වැටහෙන්නේ මේ ලෙසටය!

ස රස තුමා ෆුඩ් සිටියට ගොස් බිස්කට් පැකැට්ටුවක් රුපියල් සීයකට එහි සඳහන් කර ඇති උපරිම සිල්ලර මිලට  මිල දී ගත්තොත් දැනටත් එයින් රුපියල් එකොලහක් රජයට බද්ද ලෙස ලැබෙනවා. ෆුඩ් සිටියට හිමි වන්නේ නිශ්පාදකයා දෙනු ලබන සීයට දහයක් පමන වන ලාබයයි!

නිශ්පාදකයා ගේ මිල රුපියල් හැත්තෑ නවයයි. ලාබය රුපියල් දහයයි. ආන්ඩුවට ගෙවනා VAT බද්ද රුපියල් එකොලහයි ලෙසටයි!

එම බිස්කට් පැකැට්ටුවම ස ර ස තුමා ලඟ ඇති කඩයෙන් ගත් විට ගෙවන්නේත් රුපියල් සීයක් වන උපරිම සිල්ලර මිලයි! දැනට VAT බදු නොගෙවන කඩකාරයා රජයට හිමි විය යුතු ව තිබූ රුපියල්  එකොලහ හිමීට තම සාක්කුවට දා ගන්නවා...


එහෙත් රවී තුමා ගේ බජට්ටුව අනුව දිනකට රුපියල් 33000 වෙලෙඳාමක් ඇති (ලාබය නොවේ ) පෙට්ටි කඩේටත් බද්ද ගෙවන්න ලියාපදින්චි වෙන්න වෙනවා.


මෙතුවක් කල් ආන්ඩුවට නොදී සාකුවේ ගල් කරගත් VAT බදු සඳහා පාරිබෝගිකයා ගෙන් අය කොල මුදල මෙතැන් සිට පෙට්ටි කඩේ මුදලාලිට රජයට දන් දීමට සිදු වනවා.

වඩාත් ම බියකරු කේස් එක නම් එපමනක් VAT බද්ද ගෙවනවා නම් පෙට්ටි මුදලාලියා විසින් ගෙවිය යුතු සත්ය ආදායම් බද්දත් අච්චරට මෙච්චර නම් මෙච්චරට කොච්චරද යන ගනිත සූත්‍රයෙන් දේසීය ආදායම් දෙපාර්තමේන්තුවට දැන ගැන්න ලැබෙනවා.

මෙතුවක් කල් හොරාට ගෙවූ අන්තිම් අඩු මුදලක් වූ ආදායම් බද්ද නියමාකාරයෙන් ගෙවීමට සිදු වීම නිසා පෙට්ටි මුදලාලියෝ සීයට හැත්තෑවකට පමන හාට් ඇටෑක් හැදෙන්න නියමිත බව රාජිත සවුක්ය තුමා ඇස්තමේන්තු කොර තිබෙනවා.

කතාව අවසාන කොරන්න පෙර ස ර ස තුමා නැසීගිය සුගතපාල ද සිල්වා මහත්තයා ගේ බල්ලෝ බත් කති පොතෙන් මෙන්න මේ අදහසක් දෙන  වාක්යයක් උපුටා දක්වන්න කැමැත්යි... "බුලත් තට්ටුවක් තියාගෙන ඉන්නා බුලත් මුදලාලි හිතන්නේත් ඔහු දනපතියෙකු කියා ය. ඔහු හොඳ යූ ඇන් පී කාරයෙකි!!"

ඉතින් පින්වතුනි ඔබ දන්නා හඳුනන කඩ කාරයෝ පෙට්ටි කඩ කාරයෝ සහ වෙලෙන්දෝ සාමාන්යයෙන් කුමන පක්සෙකට චන්දේ දෙන කස්ටිය දැ‍යි හිතා බලන්න....
අසාද්ය සාලිලාට මුලා වෙලා යහපාලනේට චන්දේ දුන් මුස්ලිම් මිනිසුන් ගේ ප්‍රදාන ආදායම් මාර්ගය කුමක් දැයි විමසා බලන්න....

ඊට පසු මේ වනවිට කඩ වසා උද්ගෝසනේ කොරන්නේ යහපාලනේට කඩේ ගිය කඩ කාරයෝ ම නේදයි විමසන්න!

23 comments:

  1. වැට් කියන්නේ ලංකාවේ ක්‍රියාත්මක කරන්න බැරි එකක්. ඒක හරියට ක්‍රියාත්මක වෙන්න නම්. ඔක්කෝම බඩු වලට වැට් එකක් ගහන්න ඕන. කෑෂ රෙජිස්ටරයක් වත් නැති කඩ කාරයෝ මොන ලබ්බට ඕකට බය වෙනවද.. හරි නම් කියන්න තියෙන්නේ ගාන හදලා පෙන්නන්න අපි ගෙවන්නම් කියලා. මොකෝ ඉන්ලන්ඩ් රෙවනිව් එකේ උන්ටත් වැට් එක හදන්න ගියාම රෙවෙනවා.

    ReplyDelete
  2. //"හුටන්කතනය"// ට and ත maaruwela neda

    ReplyDelete
  3. හුටංතුමා ගැන පොඩි හරි හොඳක් සාරසතුමා අතින් කියවුනාමද කොහෙද.. හැක්.

    ReplyDelete
    Replies
    1. මන් මේ ගැන දැනන් හිටියේ නෑ... මෙවුවා ජාත්යන්තර කුමන්ත්‍රන

      Delete
  4. සරසගේ තර්කය හරිය. ඒත් ලංකාවේ බොහෝ ලොකු හා පොඩි කඩ අදායම් බදු වංචා කරති. බටහිර නම් ලොකු අන්තර්ජාතික කොම්පැනි එම වංචාව කරති. ලංකාවේ ආණ්ඩුව ට නිදහස අධ්‍යාපනය , සෞඛ්‍ය සේවය දෙන්න නම් මේ බදු ලැබීම අත්‍යවශ්‍යය.

    ReplyDelete
    Replies
    1. // ඒත් ලංකාවේ බොහෝ ලොකු හා පොඩි කඩ අදායම් බදු වංචා කරති //

      කඩ විතරක් ද? දොස්තර ලා, ලෝයර්ස් ලා, ඉන්ජිනේරුවෝ, ගෘහ නිර්මාන ශිල්පියෝ, අයි ටී කාරයෝ ආදී මෙකී නොකී වෘත්තිකයෝ හැමෝම බදු වන්චාවකින් තොරව ගෙවනවද?

      වර්තමාන ලන්කාවේ අදිකරන ඇමති තුමාත් ආදායම් බදු වන්චා කොරලා දඩ කාපු හාදයෙක් කියා රාජිත තුමා කියති

      Delete
  5. වැට් 69 ගැනද මේ කියන්නේ නැත්තං වැට් 9 ගැනද...

    මක්කා උනත් මේ කියා ඇති කතාව සත්‍යය බව දැන් මටද තේරේ...
    මම හිතං උන්නේ මේ උද්ඝෝෂණ වගේ එව්වා කරන්නේ අපි ඔහේලා වගේ බයියෝ කියාලාය...
    බැලුවහම වෙලා ඇත්තේ අනෙකය, එනිසා ගොඩක් සතුටුය...

    ReplyDelete
    Replies
    1. // මම හිතං උන්නේ මේ උද්ඝෝෂණ වගේ එව්වා කරන්නේ අපි ඔහේලා වගේ බයියෝ කියාලාය... //

      මෙතුවක් කල් VAT වලට විරුද්දව උද්ගෝසනය කොල හා ප්‍රසිද්දියේ පෙනී සිටිනා අයගෙන් සීයට අසූවක් පමන යහපාලනේ ගේන්න කඩේ ගිය උදවියයි! මෙතුවක් කල් VAT නොගෙවූ වියාපාර අයිති ඔවුන්ටයි!

      Delete
  6. මෙහෙමත් සීන් එකක් තියනවා නේද සාරස තුමා... වෙළඳාමෙන් සීයට පාලහක් ගත්තොත් මුන්ට යන එනමං නැති වෙනව නේද? කොහොම උනත් ඔය මුට්ටිය දාල බලනවා විතරයි. ඕක හරි යන්නෙ නෑ..

    ReplyDelete
    Replies
    1. ඒ කතාව ඇත්ත... ඒකනේ මහින්ද මහත්තයා ඒවැනි දෙයක් කලේ නැත්තේ.. ඒ විතරක් ද .. පෞද්ගලික රෝහල් වැට් තිබ්බෙම නැහැ!

      යහාපාලනේ අලුත් බදු නීති වලට අනුව ඔබතුමා ගේ වියාපාරෙටත් VAT ගෙවන්න වෙනවා..... ආදායමෙන් සීයට පාලහක් රජයට දීලා වියාපාරිකයෝ අවවල් එක පුච්චගෙන කන්නද?

      Delete
  7. සරස් තුමා, ඔයාගේ තර්කය හරියටම හරි නෑ. වැට එක, භාණ්ඩයක් හුවමාරු වෙන හැම මොහොහොතෙම් ආණ්ඩුව ගන්නවා. ගමේ කඩේ මුදාලිලි වට නොගේව්වට, එයා බදු ගන්න තොග මුදල්ලි ගෙවනවා.

    තොග මුදලාලි රුපියල් 111 කට විකුණන බඩුවේ රුපියල් 11 කම බදු. එක දැනටම ගෙවලා ඉවරයි. ඊළඟට ගමේ කඩේ මුදලාලි එයාගේ ලාභය එකතු කර ගත්තානම් රුපියල් 10ක් බඩුවේ මිල රුපියල් 121 වෙනවා. එකේ බද්ද අයින් ක්‍රම මිල 110යි. අයෙත් වැට් එක එකතු වෙන්නේ ඒ මිලට.

    එතකොට බඩුවේ මිල 110 ට රුපියල් 12.10 ටැක්ස් එක විදිහට වෙලා විකිණිය යුත්තේ 122.10 කට. එත කොට ගමේ මුදල්ලලි ටැකස් විදිහට ආදයම බදු එකට ගෙවන්න ඕනි 1.10 විතරයි.

    ඕක ගෙවන්න හරියට , ගමේ කඩේ මුදලාලිටත් ගිණුම් තියන්න වෙනවා. එහෙම වුනොත් මෙච්චර කල නොගේවපු ආදයම බදු වලටත් අහු වෙනවා.

    කොහොමද ටිකිරි මොළ වල තරම්. මේක තම වැට කතාවේ නොකියන කතාව. මම නම් GUNP විරෝධියෙක්. එත් මේවා කවුරු හරි හදන්න ඕනි රට ඉදිරියට යන්න ඕනිනම

    ReplyDelete
    Replies
    1. මටත් ඕක හෙන ප්‍රශ්නයක්. අපි හිතමු යම් නිෂ්පාදනයක් අතරමැදියන් පස් දෙනෙකු හරහා පාරිභෝගිකයාට ලැබෙනව කියල. එතකොට අර සීයට පහලව ඒ පස් දෙනාම ගෙවන්න ඕනද? එතකොට වැල් පොලී ක්‍රමයට වගේ අවොත් සියයට හැත්ත පහටත් වැඩි වෙන්නේ නැද්ද??

      Delete
    2. //එත කොට ගමේ මුදල්ලලි ටැකස් විදිහට ආදයම බදු එකට ගෙවන්න ඕනි 1.10 විතරයි. //

      එම ගනන වත් මෙතුවක් කල් නොගෙවා තමන් ගේ සාකුවට දමා ගත් බහුතරයක් වූ යූ එන් පී කඩ කාරයන් ට VAT 15% ගැසීම මනරම් නේද?

      අනික මාත් ලියූ, ඔබත් ලියූ ආදායම් බදුත් හරිම ගනන ගෙවන්නට සිදු වීම දයිවයේ සරදම් නේද?

      //මෙතුවක් කල් හොරාට ගෙවූ අන්තිම් අඩු මුදලක් වූ ආදායම් බද්ද නියමාකාරයෙන් ගෙවීමට සිදු වීම නිසා පෙට්ටි මුදලාලියෝ සීයට හැත්තෑවකට පමන හාට් ඇටෑක් හැදෙන්න නියමිත බව රාජිත සවුක්ය තුමා ඇස්තමේන්තු කොර තිබෙනවා //

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. This comment has been removed by the author.

      Delete
  8. සරසා තුමා සහතික ඇත්ත. GUNP විතරක් නොමේ අපේ ගොඩක් යට එක වෙනවා. අනික මේවා කවුරු අතින් හරි සිදු වෙන්න ඕනි දේවල්. අපේ මිනිසුන් අනුගමනය කරන්නේ ඉස්සෝ තියරියනේ. එක නිසා වැට වැඩේ කොහොම හරි වෙන්න ඕනි. එතකොට ඔය නැවු ගන්න වාණිජ විෂයෙන් උස්සපෙල කරලා, බෝක්කු කණු රත් කරන ගමේ බයියන්ටත් රස්සාවක් හොයා ගන්න පුළුවන්.

    එතකොට සජ්ජා, බඩුවක් අන්තිම පාරිභෝගිකයා ලනගට යනකල්, එක හුවමාරු වෙන, එහෙමත් නැත්නම් වැලියු එක්කක් එකතු වෙන් හැම වෙලාවකම, ඒ එකතු වුන වැලියු එකට වැට එක එකත් වෙනවා.

    පස් දෙනාම එයාලා එකති කරපු පරමනයට පමණක් බදු ගෙවනවා. එත කොට අන්තිම මිලෙනුත් ගෙවන්න වෙන්නේ 11%. පිරිවැටුම බද්ධයි වැට බද්ධයි දෙකේ වෙනස එක. පිරිවැටුම් බද්ද නම වැල් පොලිය වගේ මාරු වෙං මිල මත එකතු වෙනවා.

    හැබැයි අර ඉස්සරලා ගෙවලා තියෙන වැට් එක මුදලාලි ගෙවන බද්දෙන් අඩුකරගන්න එකියන්නේ 12.10 න් , ගමේ මුදාලිලිත් පිළිවෙලකට එයාගේ ගන්නන් මිනිම්, බිල් පත්, වවුචර ආදිය තියා ගන්න ඕනි. එටහනයි කෙල වෙන තැන

    ReplyDelete