දෙවන ලෝක යුද්දයට පසු ලෝකය සැනයකින් වෙනස් විය. සමාජයේ වැඩවස්ම් ක්‍රම අඩු වී, කුමන පන්තියකින් ඉහලට පැමිනියත් දැනුම ට මුල් තැන දෙන සමාජයක් බිහි විය. වෙනදාට පාසැල් වත් නොයන අන්දමේ උදවිය ට විස්ස විජ්ජාල දොරවල් විවුර්ත විය.
ලෝකයේ ම සිදු වූ එම ක්‍රියාවලිය නිසා රැකියා නැති සෝ කෝල්ඩ් සිවිල් සමාජ උගතුන් බිහි විය.
යුද්දයට ලක් වී නන්නත්තාර වුනු යුදෙවුවන් අතරේ එවන් හාදයෝ බොහෝ විය. එතෙක් පැවති ලෝක සමාජ පැවැත්ම වෙනස් කර පොලිටිකලි කරෙක්ට් සමාජයක් බිහි කිරීමට ඔවුන් ගේ දායකත්වය අති මහත් විය.
ඇන්ටි සෙමිටිස්ම් හෙවත් යුදෙවන් කොන්කිරීම ට විරුද්දව ගොඩ නැගුනු එම පොලිටිකලි කරෙක්ට් සමාජ බලවේගය ලෝකය පුරා සැඩ සුලඟක් සේ සුලු ජාතීන්, සුලු ආගමිකයන් සහ සුලු හැමෝම (සමලින්ගිකයන් වැනි ) තුරුම්පුවක් ලෙස පාවිච්චි කිරීම සිජ්ජ විය.
එතෙක් සමාජ බලය අතෙ තියන් හිටි ඇරිස්ටොක්‍රැටික් මහත්වරුන් හට ඔවුන් අත තිබූ සිවිල් බලය ඔයි කියනා සුලුතර සුලුදියකරුවන් හට බාර දෙන්න සිජ්ජ විය.
හිලේරියස් ම සිදුවීම නම් සුලුතරේ වෙනුවෙන් චුට්ටක් ෆුඩ් සිටි යෑම මගින් බහුතරේට අයත් ඕනෑම මරි මෝඩයෙකු ට පොරක් ලෙස කැපී පෙනීමේ අවස්තාව ද උදාවීමයි. ඒ නිසාම එම වෙන්ඩ පොශ් සැබැ බයි එහෙත් ආරෝපිත ටොයියෝ සමාජයේ පොරවල් විය....
සියලු ජනමාජ්ජ වලට අරක් ගත් ඔවුහු තම තම්න් ට හුරේ දමමින් මහජනතාව ඔවුන් කියනා දේ ඇසිය යුතු ය යන අදිමානයෙන් යුක්තව කටයුතු කොලහ!
සිරි ලන්කාවේද පහුගිය කාලේ හරක් විජේසූරියලා, නිර්මාල් රන්ජිත් ලා, අන්ගොඩවියන්ගොඩ ලා, ජාතික තලයෙන් ද පැරාතුමා ලා සිනුවර තට්ට ශර්ලොක් හෝම්ස් ලා වැනි හාල් කෑලි දෙකයි පනහේ ලෙවල් එකෙන් ද වෙන්ඩපොශ් බයි, ආරෝපිත ටොයි මහත්වරු බවට පත් වී සැබෑ ටොයි රනිල්තුමා ලා ව රජකෙරූහ.
කපටි ප්‍රබූවරු මේ වෙන්ඩපොශ් හාදයන් ගේ සේවය එන් ජී ඕ හරහා මුදලට ද සමහර විට කූට බුද්දිය යොදාගෙන නොමිලේමද ලබාගත්තේය.
(වරහන් ඇතුලේ කෙනෙක් ට මල පැන්නවීම පිනිස ලියමි: තව සමහර හාදයෝ එවැනි වෙන්ඩපොශ් හාදයන් ට සම්මාන දීමට මඩපොකුනු සන්විදානය කොලහ...නෙලුම් යායවල්පි පෙන්නේ මඩ පොකුනු වල බව දත යුතුය! )
කපටි ප්‍රබූවරු සහ වෙන්ඩපොශ් ගනයට අයත් නොවන සාමාන්‍ය ජනතාවට මේ හාදයන් ව එපාවෙලා තිබුනේය.
බ්‍රෙක්සිට් එකෙන් පටන් ගෙන ට්‍රම්ප් මහත්තයා ව ජනාදිපති කිරීමේ සිට නයිජල් ෆරාජ්, පුටින්, මාරි ල පෙන් වැනි ලෝක නායකයෝ ලෝකය පුරා සුලුතරේ විසින් පවත්වාගෙන ගිය පොලිටිකලි කරෙක්ට් භීශනය ට විරුද්දව සටන් කර සාමාන්‍ය ජනතාවට නායකත්වය දෙන ලදී.
දැන් අපේ වෙන්ඩපොශ් කුලියට වැඩ කොරන සිවිල් සමාජයේ ගොන් බඳින කනු වලට ප්‍රශ්න ඇති වෙලා ය. මේට පසු ඔවුන් ගේ ඇන් ජී ඕ සල්ලි දෙන්නේ කවුද හිටන්?
පැරාතුමා ලා සහ උඩුවා තුමා ලා ලඟදීම ට්‍රම්ප් මහත්තයා ලා ගේ ජාතිකවාදී අදහස් වෙනුවෙන් තම කී බෝඩ් එක මෙහෙයවනවා අපට දැක ගත හැකිවෙයි ද!