හිලරි ක්ලින්ටන් මැතිනිය පරදා අමෙරිකානු ජනාදිපතිවරණය ජයගත් ඩොනල්ඩ් ට්රම්ප් මැතිතුමා ජනාදිපති ලෙස දිවුරුම් දෙන්නේ 2017 ජනවාරි 20 දා ය.
එතෙක් ජනාදිපති ලෙස කටයුතු කරන්නේ ඔබාමා මැතිතුමා ය. ඩොනල්ඩ් ට්රම්ප් මැතිතුමා ගේ ප්රදාන මැතිවරන පොරොන්දු ක්රියාවට නැගීමේ කාර්යය අපහසුවට ලක් කිරීමේ ක්රියාදාමයක් මේ දිනවල ඔබාමා මැතිතුමා හරහා සිදු වෙමින් පවතී.

එයට ආසන්නම සිදුවීම නම් අමෙරිකානු ජනාදිපතිවරණයට බලපෑම් කිරීමට හිලරි ක්ලින්ටන් මැතිනියගේ පක්සයේ කොම්පියුටර් වලට හොරෙන් රින්ගා තොරතුරු හොරාගත්තා යන චෝදනාව මත ඔබාමා මැතිතුමා විසින් රුසියානු තානාපති නිලදාරීන් 35 දෙනෙකු හට පැය 72ක් ඇතුලත අමෙරිකා එක්සත් ජනපදයෙන් පිට වන ලෙස නියෝග කිරීම ය.
ඊට අමතරව රුසියාවට එරෙහි අමෙරිකානු සම්බාදක වැඩියෙන් පැනවූ ඔබාමා මැතිතුමා අමෙරිකාවේ රුසියානු තානාපති කාර්යාලය මගින් ලෝන්ග් අයිලන්ඩ් හී සහ මේරිලැන්ඩ් වල පවත්වාගෙන ගිය කාර්යාල දෙකක් ද වහාම වසා දමනා ලෙසත් නියෝග දුන්නේය.
මෙහි දී අප විසින් සලකා බැලිය යුතු කාරනය වන්නේ සාම්ප්රදායික අමෙරිකානු ජනාදිපතිවරණ අපේක්ශකයෙකු ගේ රුසියානු විරෝදී කතා වලින් මිදී ඩොනල්ඩ් ට්රම්ප් මහතා තමා ජයගත් පසු රුසියාව සහ එහි ජනාදිපති පුටින් මැතිතුමා සමග සමීප සම්බන්දතා පවත්වන බව කියා සිටීම ය.
බරක් ඔබාමා මැතිතුමා හිතා මතා ම ඩොනල්ඩ් ට්රම්ප් මැතිතුමා ගේ අනාගත වැඩ පිලිවෙලට අකලන්චි ඇදීම සිදු කරනා බව මෙයින් පැහැදිලි වෙයි!
බරක් ඔබාමා මැතිතුමා හිතා මතා ම ඩොනල්ඩ් ට්රම්ප් මැතිතුමා ගේ අනාගත වැඩ පිලිවෙලට අකලන්චි ඇදීම සිදු කරනා බව මෙයින් පැහැදිලි වෙයි!
එක් රටකින් තව රටක තානාපති නිලදාරීන් පිටුවහල් කල විට එකට එක ලෙස එම රටෙන් ද අදාල රටේ තානාපති නිලදාරීන් පිටුවහල් කිරීම මෙතෙක් සම්මතව පැවති ක්රමයකි.
පරාජය බාර ගැනීමට නොහැකිව ජයග්රාහකයා ගේ ලිඳේ වතුරට වස එක් කරනා ලිබරල් ඔබාමා මැතිතුමා ට මතක හිටිනා කනේ පහරක් ගැසුවේ රුසියානු ජනාදිපති ව්ලැඩිමීර් පුටින් මැතිතුමා විසිනි.
පරාජය බාර ගැනීමට නොහැකිව ජයග්රාහකයා ගේ ලිඳේ වතුරට වස එක් කරනා ලිබරල් ඔබාමා මැතිතුමා ට මතක හිටිනා කනේ පහරක් ගැසුවේ රුසියානු ජනාදිපති ව්ලැඩිමීර් පුටින් මැතිතුමා විසිනි.
ඒ ඔබාමා ජනාදිපතිතුමා ගේ තානාපති නිලදාරීන් පිටුවහල් කිරීමට එකට එක වශයෙන් රුසියාවේ සිටිනා අමෙරිකානු තානාපති නිලදාරීන් ව පිටුවහල් කිරීමෙන් වැලකී සිටීමෙන් ය.
පුටින් ජනාදිපති තුමා ගේ එම ක්රියාව අමෙරිකානු ජනාදිපති ලෙස ලබන ජනවාරි 20 දා දිවුරුම් දෙන ඩොනල්ඩ් ට්රම්ප් මැතිතුමා විසින් ප්රසන්සාවට ලක් කර ඇත.
නොබෙල් සාම තෑග්ග දිනා ඉන් පසු රටවල් අටකට බෝම්බ හෙලූ බොරු ලිබරල් වාදී ඔබාමා ලා ගේ ගේ පහත් ක්රියා මුලු මහත් ලෝකයා ඉදිරියේ අවමානයට ලක් වූයේ එසේය!