Wednesday, December 21, 2016

ධර්මන් මහත්තයා ගේ පොත හා පොඩි බන්ඩා!





මාධ්යවේදී ධර්මන් වික්‍රමරත්න මහත්තයා ජවිපෙ 2 වැනි කැරැල්ල නමින් පොතක් ලියා උත්සවස්‍රීයෙන් ප්‍රකාශයට පත්කලේ 20 වන දා ය. එහි 58 වන පරිච්චේදය සරස තුමා විසින් පොඩිබන්ඩා ගැන ලියූ පෝස්ට් එක පාදක කරගනිමින් පොඩිබන්ඩා ගේ ජීවිතය ගැන ගවේශනාත්මකව ලියූ ලියවිල්ලකි. 

ධර්මන් මහත්ත්යා විසින් නැවත මතකයට නැන්ග් වූ පොඩිබන්ඩා පිලිබඳ මතකය මෙසේ රී පොස්ට් කොරමි:



පොඩිබන්ඩා

තනි අන්ඩෙන් ගෙම්බා පනිමින් ජේම්ස් පීරිස් ශාලාව පිහිටා ඇතිකුඩා කඳු ගැටය නැගීමේ ප්රීතිජනක අවස්තාව ප්රතමයෙන් මා හටලබා දුන්නේ පොඩි බංඩා 


හාල් කියා ගන්න බැරිව අවසාන පඩි කීපය අඬු හතරින්  ගෙම්බාපනිමින් නොව තලගොයෙක් ලෙස ඇදෙමින්  ජේ පී කන්ද තරනයකර “අමා සැපක් දැනේ ජේශ්ට උත්තමයා” යයි මා වාර්තා කලේ පොඩි බංඩා  බව කිසි දා අමතක නොවේ.


වචනයේ පරිසමාප්රත අර්තයෙන්  පොඩි බංඩෙකු වූ ඔහු කුඩාමනුස්සයෙකිපොකුටු කෙස් සහ කුරා උඩු රැවුල නිසා රූකාන්තගුනතිලක ගේ රුවට සමාන විය.
නවක ශිශ්යයන් ලෙස සරසවියට පැමිනි අපට වදය දීමට වඩා ගොන්පාට් දැමීමට උත්සුක වූ කන්ඩායමට ඔහු අයත් විය

වදකයෝ නිතරම රැවිම් ගෙරවුම් සහිත දරුනු මුහුනු පැලඳ සිටි අතර ගොන් පාට් කරුවෝ වදකයන්  හා නවකයන්සැ වොම එකතුව කරනා නාඩගම දෙස උපහාසයෙන් යුතුව බලා සිටි කන්ඩායමකි

ඉඳහිට් ඔවුන්  වදකයන් හට උදවු කිරීමට පෙලඹුනද අපව මරාගෙන කෑමට උත්සුක වූයේ නැත.
තනි අන්ඩෙන් ජේ පී කන්ද තරනය කරන ලෙස සිනාසෙමින් කීවා මිස අනෙක් ජේශ්ටයන් මෙන් පොඩි බංඩා අපට තර්ජනය කලේ නැතඑපමනක් නොව තනි අන්ඩෙන් ගෙම්බා පැන නන්නත්තාර වී සිටි අපව ජේ පී කැන්ටිමට ගෙන ගොස් ප්ලේන් ටී අරන් දුන්නාත් මතකය.
නවක වදය අවසානයේ පවත්වන්නට යෙදෙන බොඩි ෆීඩ් එකට දිනකිහිපයකට කලින් මාත් මගේ රූමාත් පේරාදෙනිය රාජකීය උද්භිද උද්යානයට ගියේ කොලඹ සිට නුවර සංචාරයකට පැමිනි පාසල් මිතුරන් කිහිප දෙනෙකු හමුවීමටයි.
මින් පෙර නුදුටු කෙනෙකු සමග පොඩි බංඩා ජේශ්ට උත්තමයාලොකු කතාවකට වැටී සිටියේ උද්යානයේ ඇති දෙබිඩි පොල් ගසක්යට ජේශ්ටයන් දුටුවාම මහ හැර යෑම ආනන්තරිය පාපකර්මයක් හෙයින් මාත් මගේ  රූමාත් පොඩි බංඩා ලඟට ගියේ වෙන කලහැක්කක් නොවූ නිසාය.
වෙනදා සරසවියේ දී අප පසු පස හඹා එමින් ගොන් පාට් දමන පොඩිබංඩා එදින අප ඔහු වෙත ඒම ගැන දැක්වූයේ නොසතුටකිපරුශ වචනයෙන් අප ඇමතූ ඔහු පට වහාම එතැනින් යන්නට අන කලේ එයත් ගොන් පාට් එකේම කොටසක් දැයි පහැදිලි නොවන නිසාම එතනම ටැග් ගැහෙමින් සිටි අප දෙදෙනාටම එතැනින් වහාම යනලෙස ආයාචනා කලේය

"මෙතන හිටියොත් උඹලට අනතුරක්වෙන්න පුලුවනි.... අපව එතැනින් පලවා හරිමින් ඔහු කීවේ වෙනදාමෙන් සිනා සෙමින් නොවේ".
මා අන්තිමට පොඩි බංඩා  දුටුවේ එදායඅපට අනතුරු හැඟවූ පොඩිබන්ඩා ලුහුබැඳ අනතුර පැමින ඇති බව ටික වෙලාවකට පසු සාලාවටගිය අප හට ආරන්චි විය.

පොඩි බංඩා පැහැර ගැනීමට ලක් වූයේ සරසවිය තුලදීම බව කනින් කොනින් නවකයන් වන අප දැනගන්නට ලබුනිකිසි කෙනෙකු පිලිබඳ කතා කිරීමට උනන්දු නොවීය
වෛද්ය ශිශ්ය පොඩි බංඩා අතුරුදහන් වියඔහු සිටියාද නොසිටියාද නොසිතා ඔහු ගේ කන්ඩායමේ සියලු සිසු සිසුවියන් පසු දින දේශනවලට සාබාගී වියදින කීපයකට පසු පොඩි බංඩා ගැන කිසිම කෙනෙකු උනන්දුවෙන් කතා කලා මට මතක නැත.

එහෙන් මෙහෙන් ඇසුනු කතා නිසා පොඩි බංඩා දඹුල්ල පලාතේගොවි පවුලක දරුවෙකු බවද ඉතා අමාරුවෙන් ජීවිතය ගැටගසාගෙන ඉගෙනීම කර ගෙන ගිය අයෙකු බවද දැනගන්නටලැබුනිඑම තොරතුරු වල සත්ය අසත්ය බාවය ගැන අසා දැනගන්නට කිසි කෙනෙකු නොවීය.

පසු කලෙක වෛද්ය පීට කැන්ටිමේ විරු සිසු ෆොටෝ අතර පොඩිබංඩා ගේ පින්තූරය  එල්ලිනි.... කතාව එච්චරය...
වසර බොහෝ ගනනකට පසු හදිසියේ දිනක මට පොඩි බංඩා ව මතක් වුනේ රූපවාහිනි ප්රවුර්ති නරඹද්දීය.
ජෙප්පන් ගේ මහ එකා වන අනුර කුමර කරුනානායක තුමා හයිබ්රිඩ් වාහන මෙරටට ගෙන්වන ආනයන කරුවන් ගේ දුක් අඳෝනා වලට සවන් දෙමින් කියා සිටියේ ඔවුන් ගේ ප්රශ්න ගැනතමාට වැටහෙන බවත් එම ප්රශ්න ජාතික විදායක සබාවට යොමුකර සහනයක් ලබා දෙන බවත් .
තම උගත් දරුවා නැති වූ සොවින්  ඔත්පල වී මරු තුරුලට නොගියේනම් පොඩි බංඩා ගේ දෙමවුපියනුත් එම අනුර කුමර ගේ කතාවප්රවුර්ති වලින් දැකගන්නට ඉඩ තිබුනේය.


තවමත් ජීවත්  සිටිනවා නම් ඔවුන් මහලු වයසේ පසුවන්නෝ වෙති...  සමහර විට ඔවුන් තම දරුවා දොස්තර විබාගය සමත් වී නැවත ගෙදර එන තුරු බලා ඉන්නවා වන්නට ඇත.....

අනුර කුමර තුමෝ... හයිබ්රිඩ් කාරයන්  සහන දෙන්න යන ගමනේ නරකද ඔබ තුමාලා ගේ යහපාලනයෙන් මිල අඩු කල සස්ටජන් ටින්එකකුත් අරන් දඹුල්ලෙන් බැහලා පොඩි බංඩා ගේ වියපත් දෙමවුපියන් වත් බලලා සමාව ගත්තොත්???

82 comments:

  1. ඉතිං උඹ පලයන්කෝ සස්ටජන් ටින් එකට දෙකකක් අරං අනිත් එවුන්ට කියා කියා ඉන්නේ නැතිව

    ReplyDelete
  2. Replies
    1. පරණ පෝස්ට් එකක් හිටන්!

      Delete
    2. මාතලන් පරණ පොස්ට් එකේ කමෙන්ට් ටිකට වෙන්ටැ හෆොයි කිව්වේ?
      :D

      Delete
  3. සාරස, ලියන මලදානයක් ඔන්න ඔය වගේ පිලිවෙලක් ඇතිව ලියපනකො.
    අර තුනේ පංතියේ වචන භාවිතාව අත ඇරල.

    ReplyDelete
    Replies
    1. සාදාරණ ඇනෝ තුමා ගේ ඔවදනට හිස නමා ගරු කරමි!

      Delete
  4. සාදාරණ ඇනෝ තුමා ගේ ඔවදනට හිස නමා ගරු කරමි!

    ReplyDelete
    Replies
    1. තුනේ පංතියේ වචන ඕනෑ නැති බව මංතුමාත් එකඟවෙමු. ඒත් සරාස්තුමා ගොං පාට් අත් නොහරිතෙයි උදෙක් බලාපොරොත්තු වෙමු.

      සීරියස් අය එමට සිටිති. අඩේ අපේ පොහොට්ටාචාර්යතුමාත් එසේ නේද කියා කියලා කම්පනා වුනෙමි. එතුමා කියන්නේ සීරියස්ලිය. අසා සිටින්නෝ එසේ නැතිවුනාට මොනවා කරන්නද. අඩු ගණනේ මංතුමා හා මට ඇනෝබනිනාතුමාවත් සීරියස් බව පොහොට්ටු සැනසීමට කාරණයකි. ඒ වල් පල් නොවෙයි සරාස්තුමෝ, අනේ සීරියස් වෙන්න නම් එපා එතකොට ඔබතුමාගේ ගොං පාට් අනනතාවය හා මුග්ධ මරි මෝඩ කමෙන්ට්දාන මංතුමාගේ අනාගන්නතාවය දෙකම නැති වෙනවාය. අහෝ බේදයකි.

      ප.ලි. ධර්මන්ගේ එලිදැකීමට යන්න හිටියා. ඒ පොත හෝ දේශපාලනය නිසා නෙමෙයි. ඈත අතීත ඇඳුනුම්කමකට. වෙලාව කලින් නිසා බැරිවුනා

      Delete
    2. අපි නම් ගියෙමු හිටන්!

      Delete
    3. Pra Jay මොකද බං ඔච්චර පොනිලට ජනේලෙන් පුක දෙන්නේ ?
      මහා දවල් මහබැංකුව කොල්ල කෑව
      බදු වැඩි කරා
      මාධ්‍යවේදීන්ට නෙළුව
      පාතාලේ හැම තැනම
      දුෂණය භිෂණය ඉහවහා ගිහිල්ල
      ගෝල්පේස් එකේ ලෝකේ ලොකුම කොන්ඩෝම් එක ප්‍රදර්ශනයේ
      ප්‍රජාතන්ත්‍රවාදය බල්ලට ගිහිල්ල
      මැතිවරණ නොතිය ඒකාධිපති ගමනක් යනවා
      මේ මොකක්වත් උඹට අදාළ නැහැ
      ඕන හුත්* ක ඇවිල්ල ලියන්නේ පොහොට්ටාචාර්යතුමා ගැන
      නෙදකින් තෝ වගේ කුහක තුච්ච තිරිසනෙක්

      පේන විදියට උඹේ ගෑනිට අරින්න කෙලින් කර ගන්නෙත්
      පොහොට්ටාචාර්යතුමා මතක් කරගෙන වෙන්න ඇති නේද ?

      Delete
    4. මහසොහොන්,

      ඔය දූශිත යහපාලන රෙජීමයට රෙදි නැතුව කඩේ යන්න පිස්සු රිළවාට තේරුම් කරන්නට කාලය නාස්ති කිරීමත් අපරාධයකි. පිස්සු හැදී කැ_ කෑ රිළව් රිළා නැටුම් පෑවාට නොදුටු සේ අපි හිඳිමු.

      Delete
  5. ඔහේ මේ පොත කියවලා හිටං ලියපු එකක් නෙවෙයිනෙ?

    ReplyDelete
    Replies
    1. ඔන්න ඔයි විදියටයි අපි හිතන්න පුරුදු වෙන්න ඔනේ, ජාතියක් වසයෙන් ඉස්සරහට යන්න හිටන්!

      Delete
    2. @අහසෙන් එන්න(කසුන්) December 21, 2016 at 10:32 PM:

      රෝලක් ගහල අහසේ ඉඳන් ලියපු කොමෙන්ට් එකක් වේගේ!

      Delete
  6. ඉතා සුළු දේටත් තුවක්කුව කතා කරන යුගයක් දකුණේ වුයේ නම්, ඒ 88/89 මහා භීෂණ සමයයි.
    වඳුරන්ටදැලි පිහිය ලැබීමත්, දේශප්‍රේමින් යයි කියා ගත් පිරිසට ගල්කටස් තුවක්කුව ලැබීමත් අතර කිසි වෙනසක් නොවීය.

    මෙසේ ජ.වී.පෙ. සන්නද්ධව පීඩාවට පත් කලේ සාමාන්‍ය ජන ජීවිතයයි. ගමේ එකම වෙළඳ සල සමුපකාරය වූ අතර, ඇතැම් ගම්වාසීන්ගේ එකම වත්කම මුද්දර කාඩ් එක හෝ ජනසවි පතයි.
    ජ.වී.පෙ. නිල නොවන ඇඳිරි නීතිය දමමින් දවස් ගණන් මෙම ආයතනයද වසා දැමු කල්හි පීඩාවට පත් ජනයා ඉන් මුදවනු වස් හමුදාව කළමනාකරු සොයා ගොස් එම ආයතන විවෘත කොට ජන ජීවිතය යතාවත් කිරීමට වෙහෙස විය.

    එහෙත් ජ.වී.පෙ. පළිගනු ලැබූයේ,සාමාන්‍ය ජනයාට සේවයක් සැලසු පුද්ගලයන්ගෙනි.

    ReplyDelete
  7. අද මෙන්ම 88/89 භීෂණ සමයේදී ද ජ.වි.ප.ය තම පෞද්ගලික අරමුණු වෙනුවෙන් පක්ෂ ක්‍රියාකාරකම් මෙහෙය වූ බවට හොඳම උදාහරණයක් වන්නේ, මොනරාගල , වැලියාය ග්‍රාමයේ චන්ද්‍රා මියගේ ඝාතනයයි.

    කාන්තා කාර්යාංශයේ සභාපති ධුරය අහිමි වීමේ කේන්තියට ප්‍රතිවාදිනිය සිය සහෝදරයා හා පුතා ප්‍රමුඛ ජ.වි.පෙ. සන්නද්ධ ඝාතක කල්ලිය මෙහෙයවා චන්ද්‍රා මිය පැහැර ගෙන ගොස් මොනරාගල රජමහා විහාරය ආසන්නයේ කැලයේ තබා ගෙන අමානුෂීය ලෙස වධ දී කෙස් වැටියෙන් අල්ලා අසල ගලක හිස ඇන ඝාතනය කොට තිබිණ. ලේ පල්ලම් හා කෙස් රොදවල් කලක් යන තුරු රජමහ විහාරයට අයත් ගල් ලෙනෙහි වූ විශාල ගලෙහි දක්නට ලැබිණ. ඇය නිරුවත් කොට මරා දැමීම ඝාතකයන්ගේ පහත් මානසික තත්වය වඩාත් ප්‍රබලව විදහා දක්වුවක් විය.

    ඇය මිය යන විට කුඩා දරු දෙදෙනෙකුගේ මවකි.

    ඝාතකයන් හඳුනා ගත් චන්ද්‍රා මහත්මියගේ සැමියා මොනරාගල පොලිසියට ඒ පිළිබඳව පැමිණිල්ල ඉදිරිපත් කළේය. පැමිණිල්ල ලියා ගත් පක්ෂග්‍රාහී පොලිස් නිලධාරියා එම පැමිණිල්ල එලෙසින්ම ජ.වි.පෙ. සන්නද්ධ කල්ලියට ලබා දුන්නේය.

    පසුදා පෙ.ව. 6.30 පමණ වෙද්දී ගල්කටස් වෙඩික්කරුවන් පපුව මැදට වෙඩි තබා චන්ද්‍රාගේ සැමියා වූ කරුණාපාල විජේසේකර මහතා මරා දැමුවේය.

    වෙඩි වැදී පණ යන්නට මත්තෙන් කුරිරු ඝාතකයන් පපුව පෙදෙසේ මාලයක් ලෙසින් පිහිපාරවල් ගණනාවක්ද එල්ල කොට තිබුනේ ඉතාමත් මිලේච්ඡ අයුරිනි.

    තම භාර්යාවගේ ඝාතනය පිළිබඳව පොලිස් පැමිණිල්ලක් කිරීම පොලිසියට ඔත්තු දීමක් ලෙස හුවා දැක්වූ සන්නද්ධ කල්ලිය ඔත්තුකරුට දඬුවම මරණය බවත්, මිනිය දණහිසට පහලින් ඔසවා ගෙන ගොස් අවසන් කටයුතු කල යුතු බවටත් දන්වමින් රතු දැන්වීමක්ද මළ සිරුර අආන්නයේ ප්‍රදර්ශනය කළේය.

    කුඩා දරු දෙදෙනාට මව පියා දෙදෙනාම අහිමි වූ අතර පසු කලෙකදී වැඩිමහල් දරුවා සිය දිවි නසා ගත් අයුරුද සටහන් කරනුයේ බලවත් සිත් වේදනාවෙනි.

    ReplyDelete
    Replies
    1. Ano 1.46

      කාන්තා කාර්යාංශයේ සභාපති ධුරයට තරග කළේ චන්ද්‍රලා දෙන්නෙකි. දිනුවේ වැලියායේ චන්ද්‍රාය. දිනූ චන්ද්‍රා සමග බද්ධ වෛරයෙන් පසුවූ පැරදුණු චන්ද්‍රා බලවත් සේ කිපිණි.

      රාත්‍රියේ දිනූ චන්ද්‍රා පැහැරගෙන ගොස් අමානුශික වධ දී ඝාතනය කළේ පැරදුණු චන්ද්‍රාගේ නායකත්වය යටතේ ඇගේ සොහොයුරා ප්‍රමුඛ ජවිපෙ ත්‍රස්තයින් පිරිසකි.

      Delete
    2. මෙය කියවා මහත් වේදනාවට පත්වීමි. ඇත්තෙන්ම ජවිපෙ බලයට ආවානම් කාම්බෝජයේ පොල්පොට් යුගයටත් අන්ත තත්වයක් ඇතිවන බව පැහැදිලිය. 89 පිස්සු බල්ලන් ඉල්මහ විරුවන් ලෙස සමරන විට හොරකමට විරුද්ධව වත්මන් ජවිපෙ නගන හඩද මැකී යයි.
      ජවිපෙට සම්බන්ධ අති බහුතරය කුලහීන පාදඩ නීච අර්ධ මනුශ්‍යයන් ය.

      Delete
    3. බ්ලොග් කියවන බ්ලොග් ලියන ජේවීපී කාරයන් මේවා කියවනවානම් ඔවුන්ට ස්වයන් විවේචනයක් නැද්ද. ඔවුන් මේවා විප්ලවීය ජීව ගුනයෙන් ඔදවැඩී ප්‍රතිවිප්ලවවාදීන් මැරීම ලෙස සාධාරණීකරනය කරනවාද. එසේනම් කියන්නට ඇත්තේ ජේවීපීකාරයන් හා පිස්සු බල්ලන් අතර කිසි වෙනසක් නැති බවයි. සමාවෙන්න පිස්සු බල්ලන් පුනරුත්ථාපනය කරන්නට පුලුවන් විය හැක.

      Delete
    4. තිරිසන් JVP යට බලය නොලැබෙන්න උන් කරපු මේ වගේ සිය දහස් පාහරකම් හේතු වෙනවා වෙන්න ඕනේ...

      Delete
  8. දේශප්‍රේමී වෙස් ගත් ජ.වී.පෙ. ඝාතකයින් බොහෝ මංකොල්ල කෑම් වලට සම්බන්ධ විය. රාජ්‍ය හමුදා අත්අඩංගුවට පත්ව ටයර් සෑ මතින් ඔවුන් අවසන් ගමන් ගියද, ඔවුන්ගේ පවුල් වෙනුවෙන් බොහෝ ධනස්කන්ධයක් උපයා තබන්නට ඔවුන් සමත් වුහ.

    පැහැර ගන්නා ලද මුදල්, ස්වර්ණාභරණ හා මැණික් ඒ අතර සුවිශේෂී විය.

    මොණරාගල ප්‍රගති මාවතේ උපසේන නමැති එජාප හිතවාදී ධනවත් ව්‍යාපාරිකයා මරා නිවෙස කොල්ල කෑ චන්ඩි හෙවත් කපිල, කළු මල්ලි සේපාල ඇතුළු පස් දෙනෙක් අත් අඩංගුවට ගෙන දිනක් පුරා ප්‍රශ්න කර වධ දී පසුදා උදේ ටයර් සෑයක අවසන් ගමන් ගියහ. මෙම ජවිපෙ ත්‍රස්තයන් තම පක්ෂයේ නාමයෙන් විවිධ පුද්ගලික මිනීමැරුම් මෙන්ම කොල්ලකෑම් රාශියක් සිදුකරන ලදී.

    මෙම මිය ගිය පස් දෙනා අතර තම පුතු ස්ථිරවම මිය ගොස් ඇතැයි තහවුරු කර ගැනීමට එක් අයකුගේ පියා බාගෙට දැවී ඉතුරුව තිබු සිරුරු වල මුඛය තුලට අතදමා දත් පරීක්ෂා කලේ එම පුද්ගලයාගේ නළ දත් සහිත සුවිශේෂී ලෙස දත් පිහිටා තිබීම හේතු කොට ගෙනය.

    මෙම පිරිස අතරින් එක් අයෙකු පසු කාලීනව ප්‍රයෝජනයට ගැනීම උදෙසා සුරක්ෂිතව වල දැමු ස්වර්ණාභරණ සහිත කලයක් හා මුදල් තොගයක් ඒ ආසන්නයේ පදිංචිව සිටි ඉතාමත් අසරණ පවුලක වැඩි මහල් පුත්‍රයාට හමුවූ බවත්, එම ධනයෙන් ව්‍යාපාරයක් හා තමා වෙනුවෙන් අවශ්‍ය වාහනයක් මෙන්ම නිවසක් ඉදි කර ගැනීමටද ඔහු සමත් වූ බවත්, ඉතාමත් නිරහංකාර දිවියක් ඔහු ගෙවන බවත් සදහන් කල යුතුමය.

    ReplyDelete
    Replies
    1. මෙවැනි අමු තිරිසනුන් මරා පිලිස්සීම නම් මහත්ඵල මාහානිසංස දෙන පුණ්‍ය කර්මයක්.
      පොඩි බන්ඩා ගැන කනගාටුවෙන් කොමෙන්ට් එක දමන්න ආවත් යූ ටර්න් එකක් ගහපු සැටි. රජය එදා දෙන්නට ඇත්තෙ මුන්ට ගැලපෙන බේත්ම තමා

      Delete
  9. මේකෙ නිවුස් එක ලංකාදීපෙ තියනකොට කමෙන්ට් එකක් තියනවා "ඇයි එක පැත්තක විතරක් දේශපාලකයන්ට අරාදනා කලේ" කියලා. කමෙන්ට් එක දාපු කෙනා අර ලක්ශ 62 බුද්ධිමතෙක් වෙන්න ඇති ශුවර් එකටම.

    දැන් මේ අනිත් පැත්තේ කට්ට්යට කියලා ආරාධනා කරන්න ඕන රනිල්ටද, චන්ද්‍රිකාටද රාජිතටද ෆොන්සේකාටද කියලා මම කල්පනා කලේ.

    ReplyDelete
  10. මේ පෝස්ට් එක 'සාරස' වටා හොඳ පාඨකයො ගොන්නක් හැදෙන්න හේතු උනා වෙන්න පුළුවන්... වෙස්මූණු බැඳන් කෝලම් නැටුවට හරි නැට්ටුවාගෙ මාත්‍රාවට අඩි තියන එක වෙනස් වෙන්නෙ නෑ කියනවානෙ.
    ජයවේවා..!!

    ReplyDelete
  11. මිතුරු සාරසයෙනි,

    ඔබගේ සරසවි අත්දැකීම් ඉතා මනරම්ව ලියා ඇති රසමුසු අයුරු දුටු විට අපද මනසින් එම සොඳුරු අතීතයට ගෙන යන අරුමය ඉතාම චමත්කාරජනකය.

    විශ්ව විද්‍යාල හා සරසවි ඇදුරන් පිළිබඳව ලංකාවේ නවකතා කිහිපයක්ම නිර්මාණය වී තිබේ. තවත් නිර්මාණ ගණනාවකම සරසවි පද්ධතියේ විවිධ පැතිකඩ ගැන සාකච්ඡා වී ඇත. මෑත නිර්මාණ කිහිපයකින් සරසවි පද්ධතිය ජරාජීර්ණභාවයට පත්ව ඇති ආකාරය අනාවරණය කෙරේ. අප මේ සඳහා උපයෝගී කොට ගන්නේ සාලිය කුලරත්නගේ “සත්පත්මා” (2012) නම් කෙටිකතා සංග්‍රහයේ එන, “ආචාර්ය ප්‍රේත වස්තුව” නම් කෙටිකතාවයි. කෙටිකතා වශයෙන් ඒවායේ ඇති සාහිත්‍යමය අගය හෝ නිර්මාණශීලීත්වය හෝ නොවිමසා“ආචාර්ය ප්‍රේත වස්තුව” නම් කෙටිකතාවෙහි අන්තර්ගතය ගැන පමණක් විමසා බලමු. “ආචාර්ය ප්‍රේත වස්තුව” නම් කෙටිකතාවේ දැක්වෙන ඇදුරා, සිංහලකම හා දේශීයත්වය පිළිකුල් කරමින්, බටහිර චින්තනය කරපින්නාගෙන ජාත්‍යන්තරයට පිවිසි, ග්‍රාමීය දරිද්‍රතාවේ නිර්මිතයක් වන විකෘති කාමාසාකාරයෙකි.ඊට මනෝමුලික වූ වාස්තවික හේතු මෙම කෙටිකතාවේ අන්තර්ගතයෙන් චිත්‍රණය කැරේ.

    අපි දැන් සාලිය කුලරත්නගේ “ආචාර්ය ප්‍රේත වස්තුව” කෙටිකතාව වෙතට එළැඹෙමු. සාලිය කුලරත්න සිය පෙරවදනේදී දක්වා ඇත්තේ “මෙම කෙටිකතා එකතුව රචනා වී ඇත්තේ නූතන සමාජ ව්‍යුහයෙහි ස්ථානගත වූ ආයතනික හා පොදු මිනිස් ජීවිතයේ ස්වරූපය, කිසියම් පුරාණෝක්තිමය දෘෂ්ටියකින් අවලෝකනය කරමිනි” කියාය. එය ඉතා වැදගත් වන්නේ මෙම කෙටිකතාව අවබෝධ කර ගැනීමට වැදගත් පිටිවහලක් වන හෙයිනි.

    ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශයේ විශ්වවිද්‍යාලයකට අනුබද්ධ ආයතනයක ඒකක ප්‍රධානියෙකු වන, ආචාර්ය ඉන්ද්‍රනාථ වංශපුර “මහ පුදුම දර්ශනයක්” සිහිනෙන් දකියි. ඉන්ද්‍රනාථගේ ගමේ බාප්පා දොරකඩ පෙනී සිටියි. ඔහු බාප්පා සමග ලංකාවට එයි. කුරුණෑගල මුස්නව නම් ගමේ පදිංචිකරුවකු වන බණ්ඩා “අද්භූත වෙනසකට ලක්වී සිටියි”. වෛද්‍යවරුනට ද එය අබිරහසකි. බණ්ඩාට කලක පටන් මීමැස්මොර රෝගය වැලඳෙයි. අතට යකඩ ඇණයක් දුන් විට ඔහු යථා තත්ත්වයට පත් වෙයි. දිනක් හතරැස් යකඩ පෙට්ටියක් වැනි හිසක් හා මිනිස් ශරීරයක් ඇති තරුණයෙක් බිම වැටී හුන්නේය. මිනිසාගේ සිරුර ගැහෙන්ට වූයේ, වෙනදා බණ්ඩාට මීමැස්මොර රෝගය වැලඳුණු විට ගැහෙන්නාක් මෙනි. ගැමියන් කීවේ මේ අද්භූත ජීවියෙකු බවයි. ඉන්ද්‍රනාථ මොහුගේ යකඩ හිසේ එක් පැත්තක වීදුරු තහඩුවක් වැන්නක් දකියි. ඉන්ද්‍රනාථ එය සිය ලැප්ටොප් පරිගණකයට සම්බන්ධ කළ විට, පරිගණක තිරයේ දිස්වූ රුවක් කතා කිරීමට පටන් ගනී. ඔහු කතා කරන්නේ ඉංගිරිසියෙනි. නම “ඩොක්ටර් මල්ටිගෝල්” ය. මල්ටිගෝල්ගේ ආත්ම ප්‍රකාශනය ඉන්ද්‍රනාථගේ පරිගණකය ඔස්සේ ඉංගිරිසියෙන් ඇසෙන්නට ගනියි.

    ReplyDelete
    Replies
    1. මීට වසර හතළිහකට පෙර සත්කෝරළයේ හිරියාල පත්තුවේ උපන් ඔහු, නමින් යමර භීරුක මැටිගේ නම් වේ. ඔහුගේ පරපුරේ අය වත්හිමි බණ්ඩාර රජ්ජුරුවන්ට ඊතල හැදූ අය වෙති. රජු රත් වූ යකඩ කූරකින් බේරා ගත් නිසා ඔවුනට ලැබුණු නම්බු නාමය, “යකඩ මාර අභීරුක” නම් වේ. පසුව එය “යමර භීරුක” නමින් ව්‍යවහාරයට ආවේය. “භීරුක” යනු බියවන, ලජ්ජා වන අර්ථය ද ගෙන දෙයි. “යමර” යන්න “යමරෙට වැඩ” හඟවයි. “මැටිගේ” ඔහුගේ දරිද්‍රතාව පෙන්නුම් කරයි.

      යමර භීරුක හද්දා පිටිසර ගමක කරක් ගැසුවේ, විලි වසා ගැනීමට පමණක් අමුඩ කෙටියක් ඇඳගෙනය. ඔහුගේ මව ගෙවිලියකි. පියා ගමට ආගන්තුකයෙකි. ඔහු හැමදා හැන්දෑවේ එහා ගමේ සඳගල වැව අසල ගෙදරකට ගොඩ වෙයි. ඔහු එහි යන්නේ සිදාදියෙන් ගෙන ආ සුවඳ විලවුන් කුප්පියක පෙඟවූ, පුළුල් කැබලි දෙකක් කන්පෙති අස්සේ සඟවාගෙනය.

      පියාගේ කල්කිරියාව සැලවූ මැටිගේ සඳගල වැව අසල හිඳ සිටී. ඔහුගේ පියා එළවළු මල්ලක් ගෙන අසල කටුමැටි ගෙයකට රිංගනවා ඔහු දකියි. පියා ගෙට ඇතුළු වූ විගසින්ම නිදා සිටි ගැහැනියකගේ සිරුර මත වැතිරෙයි. ඇය අසල අවුරුදු දොළහක පමණ පියකරු දැරියක් වකුටු වී නිදයි. පියකරු දැරිය මව දෙස බලා පැත්තකට හැරී නිදාගන්නවා මැටිගේ බලා සිටියි. ඔහු, ගේ අසල අඳුරේ ඇණබාගෙන සිටී. පියකරු දැරිය ගේ පිළිකන්නට පැමිණ මූත්‍රා කරයි. මැටිගේ දැරිය වෙතට පැන ඇය අල්ලාගෙන ඇය අඳුරට ගෙන යයි. ඇය බිම පෙරළාගෙන ඇයගේ සිරුර මත වැතිර යම් උත්සාහයක් ගත්තද, වැඩි වින්දනයක් ලබා ගැනීමට බාල වියේ සිටි ඔවුන් දෙදෙනාටම නොහැකි වෙයි.

      කලකට පසුව මැටිගේ විශ්වවිද්‍යාලයට යයි. තමා සරසවිය දක්වා ආ ගමන නවකතාවක සිදුවීම් පෙළක් මෙන් ඔහුගේ මතකයට නැඟේ. ඔහු පිටසක්වලින් ගෙන ආ අමුතු භාණ්ඩයක් වැන්න. තමා අසමාන සතුන් දෙදෙනෙකුගේ දෙමුහුමක් සේ ඔහුට දැනේ. තමාට පීතෘ ස්නේහය හා රැකවරණය නොලැබුණු අයුරු ඔහුට සිතේ. පියාගේ අවධානය අන් කතකට යොමුවීම නිසා මව නිතර ඔහු හා රණ්ඩු ඇල්ලූ බවත්, පියා අතුරුදන් වූ සැටිත් ඔහුට සිහිපත් වේ. ඔහුට දරුණු ද්වේෂයක් මුසු විකෘති සිතක් ඇති වේ. ඒ විකෘතිය නිසා, කිසිවෙකුට මැටිගේ හඳුනාගත නොහැකි වේ. ඔහුගේ සිතේ රැඳී ඇත්තේ, එදා ඒ පියකරු ගැහැනු ළමයාගෙන් අඩ අඳුරේ ලද මුහුකුරා නොගිය වින්දනයයි. එදා සිට ඔහු ඒ ගැැහනු ළමයා හමුවීමට උත්සාහ ගත්තද ඔහුගේ ගමන නිෂ්ඵල වේ. දිනක් ඔහු දුටුවේ, ඇය වෙනත් තරුණයෙකු සමග අඩ අඳුරේ රමණය කරමින් සිටින බවයි. “එදා සිට ඔහුගේ සිත හීලෑ බල්ලෙකුගේ ස්වරූපය මතුපිටින් පෙන්වන කොටියෙකුගේ වැනි වූයේය”.

      Delete
    2. බෞද්ධ දර්ශනය පිළිබඳ දේශන ඔහු භීතියට පත් කළේය. ප්‍රේත වස්තු කතා ඔහුට පිළිකුල් විය. තමා උපන් පරිසරය, ඒ ගැමි ජීවිතය වටා වෙලුණු විශ්වාස පද්ධතීන් හා බුදුසමයේ ප්‍රායෝගික අංශය මැටිගේ තුළ ඇති කළේ නුරුස්නාවකි. ඒ නිසාම ඔහු විශ්වවිද්‍යාල දෙවන වසරේදී ඉංග්‍රීසි පාඨමාලා තෝරා ගත්තේය. නිතර ඔහුගේ මුවේ රැව් දුන්නේ අමෙරිකානු ලේඛකයන්ගේ නම්ය. ඔහු වෑයම් කළේ “හිතුවක්කාර එක්ටැම් පෞද්ගලිකත්වයක් පවත්වා ගැනීමටත්, එය සාධාරණීකරණය කිරීමට ශාස්ත්‍රීය කරුණු” සෙවීමටත්ය. ඔහු ප්‍රාර්ථනා කළේ, “තමා අසරණයකු ලෙස දිවි ගෙවූ ඒ ප්‍රාථමික ලෝකයත්, ඊට සම්බන්ධ මිනිසුනුත්, දුරින් දුරලීමටය”. ඔහු “අමුතු හා විකාර පදනම්වල සිට” යුක්තිය අයුක්තිය ගැන වාද කළේය. ඔහු එල්.ටී.ටී.ඊ.යේ මනුෂ්‍ය සංහාරයට අනියමින් පක්ෂපාතී වේ. ආචාරධර්ම හා තහංචි නොතකා “නාකි ලොම්බන්ට” අවලාද නැඟුවේ මොබිඩික් තල්මසා ලෙසිනි.

      මින්පසුව ඔහු නිතර “ආවේග කවි” හා කෙටිකතා පළ කරන්නට වීය. ඔහුට “බලවත් සේ ප්‍රශංසා” කළ කවියකුගේ නිවසේ ඔහු ගැවසුණේය. කවියාද මැටිගේට පුතෙකුට මෙන් සැලකීය. කවියාට පියකරු තරුණ දියණියක් සිටියාය. ඇය දකිත්ම ඔහුට “අඩ අඳුරු අතීතයේ එක් සිදුවීමක් මතකයට එයි”. එක්තරා දිනයකදී ඔහු වැසිකිළියට එබිකම් කොට බලද්දී එම තරුණිය මූත්‍රා කරනු දකියි. මැටිගේගේ ග්‍රහණයට අසුවූ තරුණිය ඔහුට අවනත වූවාය.

      දැන් හතරැස් ජීවියාගේ හැඩය වෙනස් වී අත් පා නයි පොළඟුන් සේ දඟලන්නට ගනී. අත් පාවලින් දුමක් පිට වෙයි. සැබෑ බණ්ඩා එතැනට පැමිණීමත් සමගම ගම්මු ගල්බීත වෙති. මේ ජීවියා බණ්ඩා නොවේ.

      ෆුල්බ්‍රයිට් ශිෂ්‍යත්වයක් ලබා අමෙරිකාවේ කැලිෆෝර්නියා විශ්වවිද්‍යාලයට ගිය මැටිගේ, සිය නම “ඉයෙමොන් බෘනෙට් මල්ටිගෝල්” ලෙසින් වෙනස් කර ගත්තේ, “තමා තවදුරටත් ලාංකේය සමාජයට බද්ධව සිටිනුයේ මේ ගොමස්කඩ සිංහල නම” නිසාය. විදේශයේදී ඔහු බොහෝ අය සමග “ආරාධනා විරහිතව” මිත්‍ර වීය. “හේතු විරහිතව මිශ්‍ර විය”. හේතු රහිතව ඒ “මිත්‍රත්වය අහෝසි කරගත්තේය”. කිසිවෙකු කතා කළ විට “හෙහ්” කියා තප්පුලන ඔහු, “නිතරම සිය උකුසු ඇස දැල්වූයේ”, සරාගික තරුණියන් වෙතටය. ගැහැනුන්ගේ සුදු අත්ගොබ ඔහුට සිහි ගන්වන්නේ, “මිල්ලන්ගොඩ හස්තියාගේ දළ” ය. ආචාර්ය මල්ටිගෝල් ලංකාවේ තරුණියක හා විවාහ ගිවිස ගත්තේ, මවගේ බලවත් ඉල්ලීම නිසාය. ඒ අමෙරිකාවේදී හමුවූ “ඇත්දළ බඳු දෑත් ඇති සරාගි තරුණියකගේ” ඡායාරූපයක් එවා, “කුස ජාතකයෙහි වූ මූලධර්මයක්” ක්‍රියාවේ යෙදීමෙනි.

      ඔහු පරිගණක තාක්ෂණයේද ඉහළ සුදුසුකම් ලබයි. එයට හේතුව, “මිනිස් සිතක සිතුවිලි උපදින වේගයටත් වඩා වේගයක්” ඔහුට අවශ්‍ය වූ හෙයිනි. “ඇහිපිල්ලන් ගහන පමාවෙන්” ඔහුට යම් දෙයක් කිරීමටත්, එයම අමතක කිරීමටත් අවශ්‍යය. කවියාගේ දියණියගේ වියරු සිනහව ඔහුට ඇසේ. ඔහුට එය අමතක කිරීමට අවශ්‍ය වූයේ අජාසත්තයාට පීතෘ ඝාතනය අමතක කිරීමට අවශ්‍ය වූ ලෙසිනි. සීතාවක රාජසිංහ මිථ්‍යාදෘෂ්ටිය වැලඳ ගත් ලෙසිනි. රටින් රට යන මල්ටිගෝල් නොයෙකුත් ආහාර වර්ගවල රස බලයි. ඔහු වඩාත් ප්‍රිය කළේ, සිරුරේ අඩක් බදින ලද හා හිසෙහි පණ ඇති මත්ස්‍යයන් ආහාරයට ගැනීමටය. තම හිස එක්වරම පරිගණකයක් බවට පත්වන බවත්, එහි පරිපථ ගිනිගෙන රත්වන බවත් ඔහුට දැනේ. මේ සිතුවිල්ලෙන් ගැලවීමට ඔහු සරාගික ගණිකාවන්ගේ ඇසුර පතා ගියේය. සංසර්ගයේ යෙදීමට පෙර ඔහුට අවශ්‍ය වූයේ, ඔවුන් මූත්‍රා කරනු බලා සිටීමය. මෙසේ ඔහු අර්චනකාමියෙක් බවට පත්වෙයි. අවසානයේදී මල්ටිගෝල් “කොම්පියුටර් ඔළුවක් ඇති පෙරේතයෙක් ලෙස” ඉපදෙයි.

      සාලිය කුලරත්න මවන “ආචාර්ය මල්ටිගෝල්” යනු කවරෙකුදැයි හඳුනා ගැනීම පාඨකයාට අපහසුවක් නොවනු ඇත. ඔබ මෙම අගනා පොත කියවා ඇතුවාට සැක නැත. ඔබටද හැකිනම් යම් වියුණුවෙක් ලියන ලෙස සොඳුරු ඇරයුමක් කරනු කැමැත්තෙමි.

      Delete
    3. අපි පේරාදෙනියේ ඉන්නා කාලේ තෝලන්ගමුවේ ඊපිද එහිම පාසැල් ගොස් පේරාදෙනි විශ්වවිද්යාලයට පැමිනි මහාචාර්ය ලෙස්ලි ගුනවර්දනට ඔයි වගේ කතා ඈඳිලා තියෙනවා අසා තිබේ.

      හැබැයි ටිකක් සොයා බැලුවාම විශ්ව විද්යාල ආචාර්ය මන්ඩලයෙන් සීයට 80 පමන ඔවැනි උදවිය බව පිලිගන්න වෙනවා....

      මහාචාර්ය සුරවීර ගේ කතාවක ඉන්නා මහාචාර්ය ගැටමාන්න වත් මතක් වුනා!

      Delete
  12. මේ පෝස්ට් එක කියවන්න ගිහිල්ලා සමන්තභද්‍රගෙන් නැවතුනේ. මේ පොත බලන්න උවමනාවක් තියෙනවා. පොඩි බංඩලා වගේ පවුල් කී දාහකට සස්ටජන් අරන් යන්නද.. රවීටම බාරදුන්නා නම් හරි සස්ටජන් ඕඩර් එක.

    ReplyDelete
    Replies
    1. අරූ සීයා මේ කතාව අවඤ්ඤාවට ලක් කිරීම ගැන දුකය!

      Delete
    2. නැහැ සරස. මම කියන්නේ ඒවගේ පවුල් කීයක් ඉන්නවද 89 මරාදාපු. අද කාටවත් ඒ මිනිස්සුන්ව මතක නැහැ. මම කවදත් මේ ඝාතන දේශපාලනයට විරුද්ධයි. බටලන්දෙන් රනිල්ලා ගැලවුනාට, හෘද සාක්කියෙනුයි, සමාජ සත්‍යයේ බලපෑමෙනුයි ගැලවෙන්න බැහැ. විජේවීරලා කරපු වැරදිවලට ජීවිතෙන් වන්දි ගෙව්වා.

      මම කරපු "අවඥාව" මට පැහැදිලි නැහැ.

      Delete
  13. බුකියේ සැරිසරන කොට ධර්මන් මේ පොත් පිරිනැමීමට මහින්දට ආරාධනා කිරීම ගැන සමහරක් ඉතා එරෙහිව බුකියේ කොටා තිබුණි. මේ ය අතර, පේරාදෙණියේ උදවිය ගොඩක් ම විය. ඩෙන්ටෝ, වෙටෝ, ඇග්රෝ වගේ උදවිය. මේ අය මේ එරෙහි වීම් වලදී සමබන්ද කර තිබුනේ විජේදාස ලින ආරච්චි සහ සත්‍යපාල වන්නිගම ඝාතනයයි. මට දන්නා කෙනකුගෙන විමසා සිටින්නේ, එය කෙලෙස මහින්දට සම්බන්ද වුවේද?

    ReplyDelete
    Replies
    1. ///මේ අය මේ එරෙහි වීම් වලදී සමබන්ද කර තිබුනේ විජේදාස ලින ආරච්චි සහ සත්‍යපාල වන්නිගම ඝාතනයයි///////
      රනිල්ලා බෝධිසත්වයෝ වෙලා ඉන්න කාලේ මහින්දලා බුදුවෙලා ඉඳලා තියෙනවා.

      Delete
    2. ඒක පේරාදෙනියේම අයගෙන් අසා ගත්තොත් තමා හොඳ.
      මා දන්නා තරමට ඒ සම්බන්ධය මහින්දගේ ලැම්බෝගිනි හෝ රත්තරන් අස්වයෝ වැනි ඒවා.
      ඔය සිද්දි දෙකම ඇති උනේ කොළඹ, මාතර, හම්බන්තොට වැනි පැති වල.
      මා දන්නා තරමට විජයදාස ලියනාරච්චි ජවිපෙ සාමාජිකයෙක්.

      මේ දෙදෙනාම පැහැරගැනීම කල කාලයේ ඒ ප්‍රදේශ භාරව සිටියේ ප්‍රේමදාස උඩුගම්පොල. උඩුගම්පොලට මිනී මරන්න වෙන කාගේවත් උදව් හෝ අනුබල ඕනෑ නෑ (මේ වන විට ජෙවිපෙ විසින් උඩුගම්පොලගෙ පවුලේ අයව මරා දාලා ).

      Delete
    3. ඒ කාලේ මහින්ද මහත්තයා නිසාම ජීවිතේ බේරාගත්තු තරුණ තරුණියෝ දාහකට වැඩියි! ඒ බව මා හොඳින් ම දන්නවා. මහින්ද මහත්ත්යා විතරක් නෙවෙයි, වාසු, දිලාන් පෙරේරා, දිනෙශ් වැනි මහත්වරුන් තරුණ ජීවිත දහස් ගනන් බේරා දැමුවා.

      රනිල් සමග යහන් ගතවීමට ප්‍රී ඇම්බල් එකක් හැදන්න, මහින්ද මහත්ත්යා ඔය විජේදාස ලියනාරච්චි වැනි කේස් වලට සම්බන්දයි යන කටකටාව ප්‍රබන්ද කරලා ප්‍රචාරය කලේ 88/89 කාලේ බිල්ලෝ වෙලා තම සහෝදරවරු පාවදී පසුව ජවිපෙ තරු බවට පත් වූ අනුරලා හේරත්ලා වැනි කස්ටියයි!

      Delete
    4. ///මේ අය මේ එරෙහි වීම් වලදී සමබන්ද කර තිබුනේ විජේදාස ලින ආරච්චි සහ සත්‍යපාල වන්නිගම ඝාතනයයි///////

      එම කාලයේ පේරාදෙනියේ සිටි අයනම් තමන්ගෙ පන බේරා ගැනීම ගැන උනනදුවක් දැක් වූ අවුරුදු 20-25 අය වෙන්න ඇති. මානව හිමිකම් රැකීම සම්බන්ධ ව්‍යාපාර වලට මෙවෙනි අය කල වැඩ අඩුයි.

      මේ කාලයේ මානව හිමිකම් ගැන වැඩ කල බොහෝ දෙනෙක් තවම සිටිනවා. මම දන්නා තරමට ඔවුන් මහින්දට මේ චෝදනා කරන්නේ නෑ. ඒ කාලයේ මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිට ජනාධිපති වූ පසු මානව හිමිකම් අමතක කලා කියන චෝදනාවනම් තිබෙනවා.

      Delete
    5. මේක මේ අරූගෙ කොමෙන්ට් එකට ලියන්නේ.. /*රනිල්ලා බෝධිසත්වයෝ වෙලා ඉන්න කාලේ මහින්දලා බුදුවෙලා ඉඳලා තියෙනවා.*/

      වෙසක් දවසක මොරටුවේ පොරක් අමාරුවෙන් වෙල් පැන්ට ටිකක් හොයාගෙන නද වෙන්ඩ ගහල (බාර් වහල නිසා සීල් බඩු නහී ඈ .. ) අමාරුවෙන් වැනි වැනි යනවා.
      ඒ ගමන් ඌ කියනවා 'බුදු වෙන්ඩ ඕනේ උන් කුරුසේ ඇන ගහල, කුරුසේ ඇන ගහන්ඩ ඕනේ එවුන් බුදුවෙලා කියල.
      මං ඇහුව අයියා මොකක්ද ඒ කතාව කියල, ඌ කියනවා බලන්ඩ මල්ලි ජේසු තුමා ඉපදුන දාටත් අපි හොඳට ගහනවා, කුරුසේ ඇන ගැහුවදාටත් හොඳට ගහනවා, අරූ. ඉතුරු ටික මම කියන්ඩ ඕනේ නැහැ නේද බන්.
      ඕක තමයි ලංකාවේ හැටි.
      නත්තලුත් එනවනේ. උඹට සිරි සුබ නත්තලක්ම වේවා!

      Delete
    6. ඔය කොයි කාගෙත් වතගොත මගේ ෆයිල් එකේ ඇත..... නම...නිහාල් නෙල්සන්..ගම...මොරටුව.

      හැට්ටර් උඹටත් ජොලි නත්තලක් වේවා.

      Delete
    7. //මේ කාලයේ මානව හිමිකම් ගැන වැඩ කල බොහෝ දෙනෙක් තවම සිටිනවා. මම දන්නා තරමට ඔවුන් මහින්දට මේ චෝදනා කරන්නේ නෑ. ඒ කාලයේ මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිට ජනාධිපති වූ පසු මානව හිමිකම් අමතක කලා කියන චෝදනාවනම් තිබෙනවා. //

      අපේ කියවන්නන් හට සත්යය පහදාදීම ගැණ බොහොම ඉස්තූතියි ඇනෝ තුමනි!

      Delete
  14. මෙහෙමයි සාරස,

    නීතිඥ විජේදාස ලියනාරච්චි මරාදැමීමට කොහේවත් හිටපු මහින්ද රාජපක්ෂයෙක් ගාවාගෙන කෙබර කෙලිනු දැක මෙය ලිවීමට සිත්විය. නමුත් මා කිසිසේත්ම මරාවාදියෙක් නොවන අතර මරා බලය ලබාගත් 2005 - 2014 දක්වා කාලය තුල මරා සහ පවුල ගෝල හැත්තත් කළ කී දෑ අපේ බරපතල විවේචනයට ලක් වේ. නමුත්, 1988/89 මිනීමරුවෝ එවකට ජීවිත බේරාගැනිමට ක්‍රියාකල එවුන්ට බොරුවට මඩගැසීම අතිශය නින්දිතය. එබැවින් මගේ අදහස් පහත දක්වමි.

    ජවිපෙ 88/89 දෙවැනි කැරැල්ල තීරණාත්මක හා සංවිධානාත්මක ලෙස පරාජය කිරීමට ජවිපෙ මගින් සිදුකරන ඝාතනවලට එරෙහිව එජාප ආණ්ඩුවද දරදඩු මර්දන පියවර රැසක් අනුගමනය කළේය. ඒ වෙනුවෙන් ජවිපෙයැයි හඳුනාගත් ක්‍රියාකාරිකයින්, හිතවතුන් සහ සහාය දක්වන්නන් බිය වැද්දීම්, බෝම්බ ගැසීම්, පැහැරගෙන යෑම්, ඝාතනය කිරීම් ඇරඹිණි. මේවා සිදුකරන ලද්දේ ආරක්ෂක අංශ සහ එමගින් මෙහෙයවූ අර්ධ මිල්ටරි කණ්ඩායම්වූ ප්‍රා, උකුස්සෝ, ස්‍රා, රාජාලියෝ, කහ බළල්ලු, කළු බළල්ලු සහ කොල කොටි වැනි සංවිධාන මගිනි. මෙමගින් ජවිපෙට එරෙහි අරගලය ශක්තිමත්වීම සහ එජාපයට එරෙහි ජවිපෙ ප්‍රහාරයන් ශ්‍රිලනිප, වාමාංශිකයින් සහ ජවිපෙ අතර කෙරෙන යුද්ධයක් බවටද පත්විය.

    මෙම ඝාතන, අතුරුදහන්වීම් සහ පැහැරගෙන යෑම් පිළිබදව අධිකරණයට හබයාස් කෝපුස් නඩු ගොනු කිරීමටද ඒ පිළිබඳ පුළුල් දැනුවත් කිරීමක් ජාත්‍යන්තරව සිදු කිරීමට කටයුතු කරන ලදී. ඒ සඳහා කොළඹ, ගාල්ල, නුවර, මාතර, හම්බන්තොට ඇතුළු දිස්ත්‍රික්ක 16ක දිස්ත්‍රික් මානව හිමිකම් සුරැකීමේ කමිටු පිහිටුවන ලදී. පුරවැසි කමිටු සහ මානව හිමිකම් ක්‍රියාකාරිකයින් නිතිඥයින් හරහා හබයාස් කෝපුස් නඩු විශාල ප්‍රමාණයක් අධිකරණයට ඉදිරිපත් කර තිබිණි. වසර 1990 මාර්තු වනවිට දක්වා උතුරු නැගෙනහිර හැර රටේ සෙසු පළාත්වල පැහැර ගැනීම් වලට එරෙහිව ඉදිරිපත් වූ හබයා කෝපූස් නඩු සංඛ්‍යාව 2,000කට ආසන්නය. නිදසුනක් ලෙස 1989 ප්‍රථම මාස 8තුළ පමණක් ඉදිරිපත්වූ හබයාස් කෝපූස් නඩු සංඛ්‍යාව 431කි. කොළඹ දිස්ත්‍රික් පුරවැසි කමිටුවේ සභාපතිවරයා හබරාදූව හිටපු මන්ත්‍රී අධිනීතිඥ ප්‍රින්ස් ගුණසේකර වූ අතර සමලේකම්වරුන් වූයේ නීතිඥ චරිත ලංකාපුර සහ නීතිඥ කාංචන අබේපාලය. කැලණි සරසවියේ ආචාර්ය හේමා ගුණතිලක එහි භාණ්ඩාගාරික වූ අතර ධර්මන් වික්‍රමරත්න එහි සංවිධායක විය. සතියකට කිහිපවරක් කොළඹ 07 ප්‍රින්ස් ගුණසේකර නිවසේ රැස්වී අදාළ වැඩසටහන් සැලසුම් කළහ.

    ReplyDelete
    Replies
    1. දකුණේ ජවිපෙ භීෂණය පැවති 1986 සිට 1990 දක්වා මානව හිමිකම් වෙනුවෙන් කටයුතු කල නීතිඥවරුන් 15 දෙනෙකු ඝාතනයට පත්විය. අධිකරණයට ඉදිරිපත්කල හබයාස් කෝපුස් නඩුවලින් සියයට 75ක් පමණ ඉදිරිපත්කර තිබුණේ ඝාතනයට පත්වූ එම නීතිඥයින්ය. ඇතැම් නීතිඥවරුන්ගේ ඝාතන සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය පොලිස්පති ප්‍රේමදාස උඩුගම්පොල සහ සහකාර පොලිස් අධිකාරි ඩග්ලස් පීරිස්ට බරපතල චෝදනා එල්ල විය. මින් නීතිඥවරුන් 9 දෙනෙකු ආණ්ඩුවේ ආරක්ෂක අංශ සහ එමගින් මෙහෙයවූ අර්ධ මිල්ටරි කණ්ඩායම් මගින් ඝාතනය කල අතර නීතිඥවරුන් 6 දෙනෙකු ඝාතනය කරන ලද්දේ ජනතා විමුක්ති පෙරමුණේ (ජවිපෙ) කැරළිකරුවන් විසිනි. මෙසේ ඝාතනයට පත්වූ නීතිඥවරුන් වූයේ විජේදාස ලියනාරච්චි, චරිත ලංකාපුර, කාංචන අබේපාල, සනත් කරලියද්ද, නෙවිල් නිශ්ශංක, වර්ණපාල රණතුංග, ඒ. ඩබ්ලිව් වෙත්තසිංහ, සී.ඩබ්ලිව්.ජේ.කේ වීරමන්, ඒ.ඩබ්ලිව් වික්‍රමසිංහ, ටියුඩර් කීර්තිනන්ද, අමර වෙල්ලප්පිලි, සරත් සේපාල රත්නායක, ඩී.එම්.යූ බණ්ඩාර, ලෙස්ලි යටන්වල සහ ගාමිණී මැදගෙදරය. එම කාලයේදී දකුණේදී මරාදැමූ මෙම නීතිඥවරුන් 15 දෙනාට අමතරව උතුරේද දෙමළ බෙදුම්වාදී කොටි සංවිධානය විසින් නීතිඥවරුන්වූ ඒ. අමිර්තලිංගම්, කන්දසාමි, පද්මනාදන්, ටී.සී විමුදාස් සහ ටී. යෝගේෂ්වරන් යන 5 දෙනාද ඝාතනයට ලක්කර තිබිණි.

      ඝාතනයට ලක්වූ නීතිඥවරුන් 15 දෙනාගෙන් කිහිපදෙනෙක් නම් එවකට ආණ්ඩුවේ ආරක්ෂක හමුදා සහ අර්ධ මිල්ටරි කණ්ඩායම් විසින් ඝාතනය කරන ලද වීරකැටියේ විජේදාස ලියනාරච්චි, ඇල්පිටියේ චරිත ලංකාපුර, නාරාහේන්පිට කාංචන අබේපාල, නුවර සනත් කරලියද්ද, ජවිපෙ මගින් ඝාතනය කල නාවල ටියුඩර් කීර්තිනන්ද (පවුලේ අය පවසනුයේ එය නොවිසදුණු ඝාතනයක් බවය), වලස්මුල්ලේ අමර වෙල්ලප්පිලි, රුවන්වැල්ලේ ලෙස්ලි යටන්වල, වීරකැටියේ දේශප්‍රිය බණ්ඩාර, පොළොන්නරුවේ ගාමිණී මැදගෙදර යන අයයි.

      Delete
    2. විජේදාස ලියනාරච්චි උපන්නේ 1951 ජනවාරි 14වැනිදා වීරකැටිය බුද්ධියගමය. කෘෂි ව්‍යාප්ති නිළධාරියෙකු වූ ඔහුගේ පියා ලියනාරච්චිගේ දොන් ජුවානිස් අප්පුහාමිය. මව විදානගමගේ දොන් සිසිලියානාය. 14 දෙනෙකුගෙන් යුත් පවුලේ 7වැනියා වූ විජේදාස වීරකැටිය මහා විද්‍යාලයෙන් පාසැල් අධ්‍යාපනය ලැබීය. අපොස සාමාන්‍ය පෙළ විභාගය සමත්වූ හෙතෙම 1969දී ගාල්ල රිච්මන්ඩ් විදුහලට ඇතුල්වූයේ උසස්පෙළ හැදෑරීමටය. විජේදාස ජවිපෙ දේශපාලනයට යොමු වූයේ රිච්මන්ඩ් විදුහලේ ඉගෙන ගන්නා කාලයේදී ගාල්ල පොලිස් කොට්ඨාශයේ ජවිපෙ ලේකම් කේ. එම්. කමලබන්දුගේ 71 කැරැල්ලේ පන්තිවලට සහභාගි වෙමිනි. පක්ෂය වෙනුවෙන් ඔහුට කොක්ක ගැසුවේ කමලබන්දුගේ සමීපතම සඟයෙකු වූ ගුණපාල ගුරුගේය. එයට රිච්මන්ඩ් විදුහලේ සිසුන් 5 දෙනෙකුම එක්ව සිටියහ.

      ජවිපෙ ඉහල නායකයෙකු වූ ඔහු කලක් ගුරුවරයෙකු සහ මහවැලි ව්‍යාපාරයේ සිවිල් ඉංජිනේරු අංශයේ රැකියාවකද නිරතවූ අතර 1987දී නීතිඥයෙකු ලෙස දිවුරුම් දුන්නේය.ජවිපෙ වේදිකාවේ ජනප්‍රිය කථිකයෙකුවූ අතර 1981 දිස්ත්‍රික් සංවර්ධන සභා මැතිවරණයට හම්බන්තොට දිස්ත්‍රික්ක‍යට ජවිපෙ ඉදිරිපත් කල ස්වාධීන කණ්ඩායමෙන් තරඟ කළේය. නිතිඥ විජේදාස උසාවි කටයුතු අවසන් වීමෙන් පසු නුගේගොඩ ගංගොඩවිලදී තංගල්ලෙන් පැමිණි පොලිස් පැහැරගනු ලැබුවේ 1988 අගෝස්තු 25වැනිදා පස්වරු 4ට පමණය. ඊට පසුදා එනම් අගෝස්තු 26වැනි සිකුරාදා පෝය නිවාඩුවක් යෙදී තිබූ බැවින් අගෝස්තු 25වැනිදා රාත්‍රී ගමේ නිවස බලා‍යෑම ඔහුගේ අරමුණ විය. පැහැරගනු ලැබුවේ තංගල්ල පොලිස් අධිකාරි ධර්මදාසගේ උපදෙස් අනුව සිවිල් ඇදුමින් සැරසී සිටි පිරිසකි. විජේදාස එතනින් මාතරටද පසුව තංගල්ල පොලීසියටද ගෙන ගියේය. විජේදාස පැහැරගෙන දාගත් රථයේම කොළඹ රාජකීය විදුහලේ සිසුවෙකුවූ සුසන්තද සිටි අතර ඔහු පානදුර ප්‍රදේශයේදී අත්හරින ලදී. එම සිසුවා විසින් විජේදාසගේ පැහැරගැනීම දැනුම් නොදෙන්නට මෙම සිද්ධිය සදාකාලික අභිරහසක් වන්නට තිබිණි.

      නිතිඥ සංගමය ගෙන ගිය දැවැන්ත උද්ඝෝෂණය හේතුකොට ගෙන නිතිඥ විජේදාස තංගල්ලේ සිට කොළඹට ගෙන ඒමට පොලිසියට සිදුවිය. ඔහු කොළඹට 1988 සැප්තැම්බර් 01වැනිදා පෙරවරු 11.30ට ගෙනවිත් රඳවාගෙන සිටියේ සපුගස්කන්ද පොලිසියේය. පසුව 1988 සැප්තැම්බර් 02වැනිදා රාත්‍රී 11.30ට කොළඹ මහ රෝහලේ 54වන වාට්ටුවට ඇතුලත් කරන ලදී. සැප්තැම්බර් 3වැනිදා අළුයම 12.55ට හෙතෙම මිය ගොස් තිබිණි. නිතිඥ විජේදාස ලියනාරච්චිගේ ඉළ ඇට 19ක් කැඩී ඇති බවත් සිරුරේ අභ්‍යන්තර තුවාල සිය ගණනකට අධික ගණනක් තිබූ බවට මරණ පරික්ෂණයේදී හෙළිවිය.

      Delete
    3. එජාප ආණ්ඩු‍වේ 1982 ජනමත විචාරණයේදී සිදුවූ දූෂණ හේතුවෙන් ප්‍රතිඵලය අවලංගුකර ගැනීම සඳහා ජවිපෙ නායක රෝහණ විජේවීර සිය නීතිඥයන්වූ ෆිලික්ස් ඩයස් බණ්ඩාරනායක සහ ප්‍රින්ස් ගුණසේකර සමඟින් අභියාචනාධිකරණය සහ දිස්ත්‍රික් අධිකරණයේ නඩු පැවරූහ. 1983 ජුලි පක්ෂ තහනමින් පසු පෙත්සම්කරුවූ විජේවීර සැඟවී සිටි නිසාත් පෙත්සම්කරුගේ නීතිඥයින්වූ ෆිලික්ස් ඩයස් රටින් බැහැරව ගොස් සිටි නිසාත් ප්‍රින්ස් අත්අඩංගුවේ රඳවා තබාගැනීම නිසාත් මෙම පෙත්සම් නිෂ්ප්‍රභා විය. 1989 අගෝස්තු 28වැනිදා ඝාතනය කල නීතිඥ කාංචන අබේපාලගේ ජේෂ්ඨ නිතිඥයා වූයේ මාමා වන ප්‍රින්ස් ගුණසේකරයි. ප්‍රින්ස්ව සිරගත කෙරිණ.

      Delete
    4. විජේදාස ලියනාරච්චි ලු නේද කැංගරු උසාවි හදල අහිංසකයො මරල දනිහෙන් පහල ගෙනියන නීති දැම්මෙ. ගාමිනී බාස්ගෙ ලිපි කියවන්න ලංකාදීපෙ දියතෙ ගියෙ. විජේදාස ගැන චරිත සහතික තියනව

      Delete
    5. මෙය බොහෝ සරල පැහැදිලි කිරීමකි. මෙයට සම්බන්ධ අර්නස්ට් පේරේරා, රවී ජයවර්දන, ප්‍රේමදාස උඩුගම්පොල, රනිල් වික්‍රමසින්හ යන අය ගැනත් හැලකිය යුතුයි.

      වඩා හොඳ පැහැදිලි කිරීමක් බටලන්ද කොමිසම් වාර්ථාවේ ඇත. මෙහි සියලු සාක්කි කරුවෝතම කැමැත්තෙන් බල කිරීමකින් තොරව සාක්කි දුන් නිසා ඉතා වැදගත්ය.

      උදාහරන ලෙස බරපතල තත්වයෙන් ( සාක්කි අනුව ) කොළඹ ගෙන ආ ලියනාරච්චි, සපුගස්කන්දට යැවුවේ ඇයි? සපුගස්කන්ද පොලීසියේ සෞඛ්‍ය ප්‍රවර්දන වැඩසටහන් හෝ හදිසි ප්‍රතිකාර ඒකකයක් තිබුනේද? වැනි ප්‍රශ්න වලට උත්තර බටලන්ද හා අනෙකුත් වාර්ථා කියවීමෙන් අදහස් ගත හැක.

      රෝගී වන සැකකරුවන් බන්ධනාගාර රෝහල හෝ පොලිස් ආරක්ෂාව යටතේ රජයේ රෝහලක සාමාන්‍යෙන් නවත්වන්නට හැක.

      Delete
    6. AnonymousDecember 22, 2016 at 6:52 AM

      ගරු කටයුතු උගත් ඇනෝ තුමනි,

      විජේදාස ලියනාරච්චි මැතිතුමා ඝාතනය කිරීමේ සත්ය වග උත්තර කරුවන් හෙලිකරමින් ඔබ ලියූ කොමෙන්ටුවට බොහෝමත් ඉස්තූතියි....

      එදා තම සටන් සගයන් මැරූ රාජිතලා සහ රනිල් ලා සමග යහන් ගතවීම සාදාරනීකරනය කිරීම සඳහා අනුර සහ විජිත හේරත් වැනි බිල්ලන් විසින් ගෙතූ කතාව පිලිබඳව සත්ය තත්වය කෙනෙකුට ඔබේ කොමෙන්ටුව කියවා අවබෝද කර ගත හැකියි

      //විජේදාස පැහැරගෙන දාගත් රථයේම කොළඹ රාජකීය විදුහලේ සිසුවෙකුවූ සුසන්තද සිටි අතර ඔහු පානදුර ප්‍රදේශයේදී අත්හරින ලදී. //

      එම රාජකීය විද්යාලීය සිසුවා ගේ නම සමන්... ඔහු මගේ අසල්වැසි මා සමගම එකට පාසැල් ගිය මට වඩා වසර හතරක් පමන බාල කෙනෙක්... ඔහු ව නිදහ්ස් කලේ තන්ගල්ලට ගෙනිහින් ආපසු කොලඹ එන ගමනේ දී....

      Delete
  15. ජවිපෙ සමාජයේ පත්ලේ සැගවී සිටි පරපීඩක කාමුකයන්ට සිත්සේ අපරාධ කිරීමට හැකි පරිසරයක් නිර්මානය කලේය. පොඩි බන්ඩල වැනි පිරිසක් යහපත් සමාජයක් නිර්මානය කිරීමට අවංකවම පක්ෂයට එක්වුනත් ඇත්තටම පක්ශයේ සිටියේ වන මෘගයන්ය. වන මෘගයන්ට දෙන බේතම පොඩි බන්ඩලාටද ලැබීම දුකකි. හොද රස්සාවක් කර යහපත් පුරවැසියෙක් ලෙස සමාජයේ වැජඹීමට ඉඩ තිබූ පොඩි බන්ඩලා ටයර් සෑ මත දැවුනි. තවත් පොඩි බන්ඩලා දහස් ගනනක් අධ්‍යාපනය කඩාකප්පල් කරගෙන දුක් විදිති. එසේම පරම්පරාවකටම සිය යව්වනයෙන් වසරකීපයක් කැප කිරීමට සිදුවිය.වරත්ත දේශපාලන පක්ෂයට ශාප වේවා.

    ReplyDelete
    Replies
    1. මධ්‍යස්ත,

      කිසිසේත්ම රාජ්‍ය හා අතුරු හමුදා මර්දන යාන්ත්‍රණ සාධාරණීකරණය කරන්නට එපා. ජවිපෙ භීම සමය වූ 1986 සිට 90 දක්වා කැරැල්ලට එක්ව සිටි පූර්ණකාලීන සහ අර්ධකාලීනව කාන්තාවන් සංඛ්‍යාව 800ක් ඉක්මවූ වූ අතර හිතවත් මට්ටමින් සහාය දුන් කාන්තාවන් පිරිස 5,000ට වැඩිය විය. මේ අතරින් 3,000කට අධික කාන්තාවන් පිරිසක් ඝාතනයට හෝ අතුරුදහන් වූ බවට ප්‍රකාශ විය. කැරැල්ලට කිසිසේත් සම්බන්ධ නොවූ රූමත් හෝ පිරිපුන් සිරුරින් යුත් තරුණියන් රැසකගේ ඉරණම ද අතිශය ඛේදනීය විය.

      බොහෝ කැරළිකාරිනියන් ඝාතනයට සහ අත්අඩංගුවට පත්වූයේ කැරළිකරුවන්ගේ ඇදුම්, තොප්පි, සපත්තු, ඖෂධ බෑග් සකස්කිරීම, ජවිපෙ පන්තිවලට සහභාගිවීම, නවාතැන් දීම, ප්‍රහාරයන්ට සහාය දීම, විරෝධතා ව්‍යාපාර සංවිධානය කිරීම වැනි කටයුතු වලදීය. ඝාතනයට ලක්වූ තරුණියන් බහුතරයක්ම වාගේ ඉතාම පහත් අතිශය තිරස්චින ලිංගික අතවරයන්ට ලක්වී තිබිණි. දොඩම්ගස්ලන්දේ ස්වර්ණලතාගේ ඝාතනය ඉන් වඩාත්ම ප්‍රචලිත වූ සිද්ධිය වේ.

      ආරක්ෂක හමුදා මගින් 1988 දෙසැම්බර් 8 දා පැහැරගත් බව කියන පසුව කොටිගල කඳවුුරේදී අතිශය තිරස්චින අතවරවලට ලක්ව ඝාතනයට ලක්වූ ජවිපෙ සමාජවාදී කාන්තා සංගමයේ ජාතික සංවිධායිකා දොඩම්ගස්ලන්දේ අප්පුකුට්ටි දේවගේ ස්වර්ණලතා නොහොත් දීපිකා මුතුහෙට්ටි / මනෝරි සහ ගාල්ල දිස්ත්‍රික් ජවිපෙ කාන්තා නායිකාවක්වන හිනිදුම තලන්ගල්ලේ චාමිනි මුතුහෙට්ටි නොහොත් වරුණි යන දෙදෙනා ඝාතනය වූයේ එකටය.

      අප්පුකුට්ටි දේවගේ ස්වර්ණලතාට ජනතා විමුක්ති පෙරමුණ (ජවිපෙ) දුන් නම දීපිකා මුතුහෙට්ටි (26)ය. පසු කලෙක මනෝරි ලෙසද ඇය හැදින්විණි. ජවිපෙ 2වැනි කැරළි සමයේ ජවිපෙ සමාජවාදී කාන්තා සංගමයේ ජාතික සංවිධායිකා ඇය වූවාය. ස්වර්ණලතා චාමිනීගේම සොහොයුරියක් ලෙස පෙනිසිටීමට එම නිවසේම ලිපිනය යොදා ගනිමින් දීපිකා මුතුහෙට්ටි නමින් නව හැදුනුම්පතක්ද සාදා ගත්තේය.

      1971 අප්‍රේල් කැරැල්ලේදී කුරිරු යුධ හමුදා ජඩයින්ගේ අතිශය තිරස්චීන අතවරවලට ලක්ව ඝාතනයවූ කතරගම ප්‍රේමවතී මනම්පේරි තරුණිය මෙන්ම අප්‍රකට ජවිපෙ දෙවැනි කැරලි සමයේදී වඩාත් කුරිරු වධබන්ධන සහ කාම අපරාධවලට ලක්ව ඝාතනය වු තරුණියන් දස දහස් ගණනක් අතර වූ අරණායක උස්සාපිටියේ වාඩුවාවල චන්ද්‍රාමාලනී ගුණසේකර, මීපිටියේ සාමාලි කුමාරි සරෝජා, හක්මන පල්ලෙවෙල මාලනී රත්නායක, කදානේ පී. පද්මා, ජයවර්ධනපුර සරසවි සිසු කෑගල්ල ගලිගමුවේ ඉරේෂා පොල්ගම්පොල වැනි අය මුහුණදුන් ඉරණම් පිළිබඳව සිතා බලන්න.

      එකලදී මිනීමරු හමුදා සහ පොලිස්/ එස්ටීඑෆ් සාමාජික අපරාධකරුවන් විසින් නිකරුණේ අසරණ පාසැල් සිසුන්ගේ සිට සොමියට මරා දැමූ තරුන තරුණියන් ගණන කොපමණද?

      Delete
    2. // AnonymousDecember 22, 2016 at 9:24 AM //

      ++++++++++++

      Delete
  16. පෝස්ට් එකයි කොමෙන්ට් ටිකයි කියෙව්වම කරකෝල අතෑරියා වගේ..

    පොඩි බංඩලා ගැන නං දුකයි හිටං

    ReplyDelete
    Replies
    1. කියෙවුවට ඉස්තූතියි හිටන්!

      Delete
  17. Dear Sa Rasa,

    I lived in Colombo during that period (1988-89). Certain things I have heard are;

    1) The senior officers maintained a harem in some hotels consisting the arrested very good looking girls, later bumped them off.

    2) Some politicians used the underworld to bump off opposition figures and then got the army to ‘dissapear’ those underworld members, so no evidence is left. A popular minister in-charge of a powerful ministry to do with a River was involved, it was rumoured.

    3) Army burnt some suspects alive

    4) Moratuwa Uni students (leader was Sampath as I remember) alleged to have plotted to assassinate Ranjan Wijeratne was shown on TV while in custody, but their fate is unknown to date.

    5) Ops Combine consisted of senior officers whose family members were killed ostensibly by JVP (but in fact orchestrated by the ruling UNP, so those officers are self-motivated to finish off JVP)

    6) Ranjan Wijeratne is said to have given direct orders to the army to 'kill' anyone suspected of involvement in JVP. Late Gen. kobbekaduwa resisted killing (as co-ordinating officer of Badulla), he was immediately transferred to Army HO.

    7) Once a teenage son of a senior civil servant was suspected of involvement and the OIC of the local Police who was friendly with the father had come to take him to the station just to record a statement. The mother (father not home at the time) sent his brother as well as the police officer promised to send them back home after recording a statement. They both were locked up and both were bumped off that night (not by the Police, but STF or some other force/ para military group)

    7) Chandrika, when came to power in 1994 wanted to bring some of the military officers to book, but the raging war in the NE prevented her from doing that. She only pursued the Ambilipitiya case. The Colonel involved in that case, though found 'Not guilty' by the courts was never given his due promotions in the army and had to retire prematurely. The Lieutenant and his father, the principal were sentenced to death and must be languishing in the death row now.

    These are some of the stories we had known then. I am sure there were 1000's of inside stories that are more horrific and not in public domain. Every politician, and most army officers involved in that period have skeletons in the cupboard. This era of SL history deserves a lot more research, and the people of SL deserve to know these. Suspects in Crimes committed during WWII were brought to public knowledge and living persons were prosecuted until recently.

    Some of my personal experiences during that period;

    1) I myself heard the sound of the bullet that killed the UNP Gen secretary Harsha Someone at Pamankada.

    2) Some JVP affiliated men tied a village thug and shot him with a T56 in front of my own eyes.

    3) Seen 1000's of dead bodies burnt by the roadside. Have inspected these bodies a few times previously. Once seen a young boy and girl (probably 15-16 years) shot through the head, not burnt, and laid bare on the roadsides.

    4) After the JVP was finished off the Army continued to round up the village thugs and criminals and sent them also to the land of 'No return'. A friend of mine who had a Army Lieutenant friend said to me that he accompanied the Army at night on 'type pyre' missions.

    Do not want to prolong this anymore. Sa rasa, why don't you write your memoirs at some stage?

    ReplyDelete
    Replies
    1. // 4) Moratuwa Uni students (leader was Sampath as I remember) alleged to have plotted to assassinate Ranjan Wijeratne was shown on TV while in custody, but their fate is unknown to date. //

      It was Colombo Medical Faculty student Nishantha Ediriwickrama ( one year senior to me at Royal ) allegedly killed by forces for that offence. Nishatha used to live few blocks away from our home at Narahenpita and later moved to Pannipitiya. He was "picked" from Pannipitiya (his cousin Udaya managed to escape ) and later killed.

      Delete
    2. Ano & Sarasa,

      Embilipitiya principle is out and working as a lay priest (Rivira did article on him).

      100 to 1 ratio was maintained by Lucky Algama.

      Chandrika's buddies at SLMP (Mahajana Pakshaya) formed the organization known as PRRA (Peoples Revolutionary Red Army)

      CBK was not going to investigate them during that period. (1994-2000)

      Delete
    3. සාරසෝ,

      මට මතක විදිහට මොරටුවේ සම්පත් ඇතුළු කමිටුවත් කොළඹ දිස්ත්‍රික්කයේ සන්නද්ධ අංශයේ වැදගත් මෙහෙයක් කරා නේද? නිශාන්ත වගේම සම්පතුත් ටීවී එකේ පෙන්නුවා කියායි අසා තිබෙන්නේ? ඔබ මොරටුවේ ක්ලිෆඩ්, නිමල් බාලසූරිය වැනි සන්නද්ධ "අංශය" තෝරාගත් එවුන් මෙන්ම සරත් විජේවර්ධන, චම්පිකලා (එවකට) වැනි දාර්ශනික අදහස් දැරූ සිසු නයුවන් ඇසුරු කරමින් ලද අත්දැකීම් කෙසේද?

      Delete
    4. Thank you for the correction Sa Rasa, I know a few people whom are at high places in modern days, I have been to Sapugaskanda those days ! Heard about PRRA connections of some present day ministers too.

      I can understand your reluctance to write what you know and expose your identity. Try some 'Ano' way. people deserve to know these.

      Tens of thousands of professionals and academics left the country as a result of the things happened during that period. I am one of them myself.

      I do not know if the readers realize that a vacuum was created in the country due to this mass exodus of the skilled professionals, and it took at least 20-25 years to a substantial recover from that.

      Delete
    5. // නිශාන්ත වගේම සම්පතුත් ටීවී එකේ පෙන්නුවා කියායි අසා තිබෙන්නේ? ඔබ මොරටුවේ ක්ලිෆඩ්, නිමල් බාලසූරිය වැනි සන්නද්ධ "අංශය" තෝරාගත් එවුන් මෙන්ම සරත් විජේවර්ධන, චම්පිකලා (එවකට) වැනි දාර්ශනික අදහස් දැරූ සිසු නයුවන් ඇසුරු කරමින් ලද අත්දැකීම් කෙසේද? //

      නිශාන්ත එදිරිවික්‍රම සහ විජේදාස ලියනාරච්චි පැහැරගත් වෙලාවේ ඔහු සමග තන්ගල්ලට ගෙන ගිය සමන් ව මා දන්නේ ඔවුන් මා සමග එකම පාසැලට එකම බස් රතයේ ගමන් කල, සමහරවිට බ්ලූම්ෆීල්ඩ් පිටිය හරහා එකට පා ගමනෙන් ගෙදර පැමිනි අසල්වාසීන් නිසයි.

      ඔබ කියනා සන්නද්ද හෝ දාර්සනික ජෙප්පන් ව මා හඳුනන් නැහැ...

      මා කිසිම දාක ජෙප්පන් ගේ දේසපාලනේ අනුමත කොට හෝ වැලඳ ගෙන නැහැ.

      මට සමාජයේ සියලු තලයන් නියෝජනය කරන යහලුවන් සිටිනවා. ඔවුන් අතර බොහේ ජෙප්පන් සහ හිටපු ජෙප්පන් ද කුරුට්ටෝද, යූ එන් පී කාරයෝ ද සිටිනවා..... සිරි ලන්කා කාරයෝ සුලු පිරිසක් ද ඒ අතර වෙනවා.

      ඒ වගේම මට සින්හල ද්‍රවිඩ සහ මුස්ලිම් මිතුරු මිතුරියන් ද සිටිනා බව මතක් කරන්න කැමැතියි!

      Delete
    6. https://www.colombotelegraph.com/index.php/the-prra-killers-diary-ranil-w-rajitha-r-and-the-left/

      ප්‍රා ඝාතකයකුගේ දිනපොත නැමැති ලිපියක් පලකොට තිබෙනවා මෙතන. එය රාජන් හූල් විසින් ලියූ පොතක කොටසක්.

      ප්‍රා ගැනත් එහි ක්‍රීයාකාරකම් ගැනත් මෙහි සඳහන්.

      දැන් ඉන්න උගත් බුඩ්ඩිමත් තොත්ත බබාලාට කියවන්න හොඳයි.

      Delete
  18. යකෝ...එතකොට දැන් මේ රටේ හොරුයි ,මිනීමරුවොයි ඇරෙන්න කිසිම එකෙක් නැද්ද ඡන්දේ දෙන්න...????

    ReplyDelete
    Replies
    1. :D

      අනේද කියන්නේ...

      Delete
  19. 1987/89 සුන්දර සමයේ ෆුන් ගත්ත දේශපාලකයන් අතර ඉතා අතලොස්සක් කිසිම ගතියක් පෙන්නුවේ නෑ . මේ කතාව හන්ගුරන්කෙතට සම්බන්දයි. එවකට උස්ස අද්ධියාපන නියෝජ්‍ය ඇමති වී සිටි රෝහණ, GUNP සිල්වනතයන් අතර පිටස්තරයෙක් විය. මා දන්නා පරිදි දිවිය ලෝක සැපසම්පත් දීම සදහා ලැයිස්තුගත නාම ලේකනයක් නොසප්යු එකම පුද්ගලයා ඔහු විය.එහෙත් අනික් පස් නළුවා වූ එස් බි දිසානායක නම සුපෙන්වතා බිෂණ දඩයම යොදවගනිමින් තම විරුද්ධවාදීන්ට අන්ඩන් තෙට්ටම නොකර සිටියෙම නැත.

    භීෂණ සමයේ උපරිම අවස්ථාවේ ජපුර සිසුවෙකු ලෙස කොළඹ තුරඟ තරංග පිටියේ සියලු සැප සම්පත් සමග නවාතැන් ලැබීමට වාසනවන්ත් වූ මා හා තවත් ජපුර වැසියන් පිරිසක් නිදහස් කර ගැනීමටද රෝහණ අබේගුණසේකර උත්සාහ කලේ කිසිදු ප්‍රසිධ්දියකින් තොරවය.

    පසු කාලීනව ඉතා සාධාරණ මිනිසෙකු වූ රෝහණ GUNP දෙෂ්පාලක් ලැයිස්තුවෙන් කැපී ගොස GUNP මැර දේශපාලනයට හොඳ ආතල් එක්කක් වූ එස් බි (රෝහණගේ ප්‍රතිවාදියා) පක්ස මාරු කොට හන්ගුරන්කෙත් GUNP සංවිධායක් වී රෝහණ පලවා හරිනු ලැබිය.


    ReplyDelete
    Replies
    1. ඇනෝ තුමනි.....

      ඔබ කියනා කතාව පැහැදිලි සත්යයක්.

      ජවිපෙ සාමාජිකයෙකු ව සිට පරාජිකා වී පසුව ජවිපෙ සාමාජිකයන් අතුරුදහන් කරනා කන්ඩායමක සිටි කෑගල්ලේ රන්ජිත් පීරිස් නැමැත්තා රාවයට ල්යූ බල්ලෙකු ගේ කතාව ලිපෙ පෙලේ එස් බී දිසානායක ගේ නිවස හැඳුන්වා තිබුනේ සරසවි සිසුන් විස්වාසයෙන් යනු ලැබූ එහෙත් ගිය අය ගේ පියසටහන් මිස ආපසු එන අය ගේ පිය සටහන් දක්නට නොමැති නලපාන ජාතකයේ විල ලෙස ය!!! කතාව පැහැදිලියි නේ?

      ඔබ හඟුරන්කෙත මන්ත්‍රී ව සිටි රෝහන අබේගුනවර්දන මැතිතුමා ගේ පිහිට ලැබූ කෙනෙකු බව ඇසීම සතුටකි. මා එතුමා ගේ සොයුරිය, මහාචාර්ය ලක්ක්ශ්මන් සමරනායක මැතිතුමා ගේ බිරින්ඳෑ වන යසා අක්කා ගේ අනේක ආගන්තුක සත්කාරයට ලක් වී තිබෙනවා...

      රෝහන අබේගුනවර්දන මැතිතුමා වචනයේ පරිසමාප්ත අර්තයෙන් ම නියම මහත්මයෙක්!

      Delete
  20. බණ්ඩලා කපටි නරින් වර්ගයකගේ වැදී බණ අසා තවත් එවැනිම කපටි නරින් රැලකගේ අතින් මරණයට පත් වුහ...
    එබැවින් එම දෙවර්ගයේම නරින් මා හට විශ්වාස නැත...

    ReplyDelete
  21. https://www.colombotelegraph.com/index.php/the-prra-killers-diary-ranil-w-rajitha-r-and-the-left/

    ප්‍රා ඝාතකයකුගේ දිනපොත නැමැති ලිපියක් පලකොට තිබෙනවා මෙතන. එය රාජන් හූල් විසින් ලියූ පොතක කොටසක්.

    ප්‍රා ගැනත් එහි ක්‍රීයාකාරකම් ගැනත් මෙහි සඳහන්.

    ReplyDelete
  22. මා සන් මිතු ගරු සරසතුමනි,

    ජේම්ස් පීරිස් මාළිගයේ ඡායාරූපයක් ඔබ සතු ව ඇති ද? (පැරණි මාර්කස් පිවිසුම් මාර්ගය දෙස සිට ඡායාරූපගත කළ)

    බන්‍ධුල කුදලාගම,
    සදම්ටනය.

    ReplyDelete
    Replies
    1. බන්‍ධුල කුදලාගම මැතිඳුනි,

      කනගාටුයි... ඒවැනි පින්තූරයක් මා ලඟ නැත.

      සතුටට කාරනයක් නම් අද මට ෆේත් සිරිමතිය හමු විය... ඈ සමග ගන්නා ලද චායාරූපයක් ඊලඟ වියුනුවේ පල කරන්නම්!

      Delete
    2. ////සතුටට කාරනයක් නම් අද මට ෆේත් සිරිමතිය හමු විය... ඈ සමග ගන්නා ලද චායාරූපයක් ඊලඟ වියුනුවේ පල කරන්නම්!////

      සරස...ඒ වැඩේ කරන්න ප්ලීස්.

      Delete
    3. ආනන්දජනක යැ. ඇය තවමත් පෙර සේ සොඳුරු බසැති බව සිතමි. ඇගේ පුතුන් දෙදෙනා දැන් විවාහපත් වැ ඇතැ යි සිතමි. ඇය තවමත් ෆ්‍රෙ. ඇවන්‍යුහි ම වසන්නී යැ. තවමත් ඇය මෙතෝදිස්තයැ ගුරු සේවයට යන්නී යැ?

      ඔබතුමා ලෙස් ගුණවර්ධන (රණවීර) ගැන සටහනක් තබා ඇති බව දුටිමි. පැරැණි කොමියුනිස්වාදි‍යකු (සමසමාජයේ සිටියෝ ලෙස් සයිමන් ගුණවර්ධනයෝ යැ) වුවත් ලෙස් වැදගත් යමක් ඉතිහාසය වෙනුවෙන් කළේ ය. ඒකට දැන් ඉතිහාස අධ්‍යයනාංශවල සිටින අය. අනේ අපොයි! ඉඳ ලා ඉඳ ලා පිටු 30ක 40ක පොතක් ලිව්වොත් එයත් අන්ත හඩු. ඕන් දැන් මේ දවස්වල මහ කයිවාරු සිංහල ජාතිකවාදයට අපවාද නඟන පල්හෑල්ලක් ලියාන! ඒ නෙයියාඩගම් පලන්නට නිව්ටන් ජීවත් ව නො සිටි එකත් හොඳ යි.

      සරසතුමනි, ධර්මන්ගේ පොතේ පිටපතක් ලබන සතියේ මට ලැබේ වී. පිටු කීපයක ඡායාරූප වයිබර් කැරැ එවනු ලැබ තිබුණි හිතවතකු විසින්. ධර්මන් පොත ලියන්න බොහෝ වෙහෙස වී ඇති බව යි පෙනෙන්නේ. පිළියන්දල අද්‍රියස් කොස්තා ගැනත් ශාන්ත බණ්ඩාර ගැනත් ධර්මන් කුමක් ලියා ඇති දැ යි බලනු රිසියෙන් මඟ බලා සිටිමි. එකල මා ආයුර්වේද මංමන්ධිය පසු කර යන සඳ නිබඳ ව සිතුණු දෙයක් නම් ශාන්ත බණ්ඩාර මේ සා සේවයක් (?) කළ බව යැ!

      කැරැල්ල ගැන බොහෝ කාලයකට පෙර චන්ද්‍රා (සී. ඒ. වන්ද්‍රපේම) ඉංගිරිසියෙන් හොඳ පොතක් පළ කළේ ය. එය අයිලන්ඩ් පත්‍රයට ලියූ ලිපි එකතුවකි. චන්ද්‍රා කිනම් දේශපාලන මතයක් දරන්නේ වුව ඔහුට සැලකිය යුතු දැනුමක් ඇති බව නම් මම තිර වැ පවසමි. චන්ද්‍රා දක්ෂයෙකි. කලකට පෙර එ.ජා.ප. වියවුල්වල පැටළුණු කල එ.පා.ප. වෙනුවෙන් විශාල කාර්යභාරයක් කළ සිවිල් චරිතයක් වූයේ චන්ද්‍රා ය. සරසතුමා දන්නේ යැ යි මා සිතන මෙහි ලිවිය යුතු නැති ගැටලු කීපයකට චන්ද්‍රා මුහුණ දුන්නේ ය. බොහෝ කලකට පසු ඔහු බන්දුල ජයසේකර සමඟ රූපවාහිනියේ වැඩසටහනක් කරනු මම අන්තර්ජාලයෙන් දුටුවෙමි. ගෝඨාභයගේ පොත එළිදැක් වූ දින ද චන්ද්‍රා පූර්ණ යුරෝපීය ඇඳුමින් සැරසී වියත් දෙසුමක් කර තිබිණි.

      ගරු සරසතුමා ෆේ.ගු. සිරිමතියගේ ඡායාරූපය පළ කරන තෙක් මම නොඉවසිලිවන්ත වැ බලා සිටිමි! ශීත සෘතුවේ මඳක් ගිලන් වූයෙමි. සුව ලබමින් සිටිමි. පැරකුමුවන් කවර විකාරයක් කරන්නේ දැ යි බලන්නට ද නො‍හැකි විණ.

      Delete
    4. ප්‍රිය අරුණ පෙරේරාණෙනි,

      ඔබතුමාත් ෆේ.ගු. සිරිමතිය දන්නෙහි යැ? නූතන තක්ෂණයේ අරුමැසි යැ. එකල නම් විවිධ පරම්පරාවල අය මෙලෙස නිබඳ වැ මුණ ගැසීමක් ගැන සිතන්නටත් නොහැකි යැ.

      මා විසින් කසුරි ගැන ද සටහන් තැබිය යුතු බව මැණිකේ පෙර දා පැවසුවා ය. රජයේ සේවයේ යෙදි අතීතයේ එක් සොඳුරු සමයෙක අපි පොළොන්නරුවේ සේවය ක‍ළෙමු. සූරි එකල පැරකුමුවන් සේ ගුරුවරයෙක් හා වාර්තාකරුවෙක් වූයේ ය. කසුරිගේ ඥාතියකුගේ (අප හිතවතකුගේ) විවාහ මංගලෝත්සවයකට පැමිණ කතාවක් ද කළේ ය. කසුරිගේ එම කාලයේ ගත් කෙදිනකවත් පළ නො වූ ඡායාරූප දෙකක් අපගේ පැරැණි ඡායාරූප එකතුවල ඇත. අරුණ පෙරේරාණනට බලන්නට මම ඒවා ද ලිපිය සමඟ පළ කරන්නෙමි. එකල කසුරිගේ කොණ්ඩය ද රවුළ ද කාගේත් අවධානය ගනී. තවත් ගුරුවරයකු හා පත්තරකාරයකු (එකල මාධ්‍යවේදී කතා නො තිබිණි!) වූ කුසල් ද හොඳ කොණ්ඩාකාරයෙකි. රස මතක යැ. පොළොන්නරු කාලයේ සිට ගම්පහ ඉහළගම දක්වා මතක රැසකි. වසන්තා, කසුරි වැනි (දේශපාලනය හිතමිතුරුකම්වලට බාධා කර ගන්නේ වත්මන් පරපුර යැ. එකල එවැනි පිස්සු නැත) බණ්ඩාරනායක දරුවෝ රසකාමියෝ යැ. කසුරිගේ වොලිබෝල් විස්තර විචාරයක් නෑසූ කනකින් වැඩක් නැති යැ. කසුරි ද සමන් ද එක් වූ කල රූපවාහිනිය බලන්නට අවැසි නැත. රූප නයන අබියස මැවේ (සමන් "නිකම්" මාස්ටර් ය. මාස්ටර් තුන් කට්ටුවට සමන් නැත). සිනා සාගරයක් වන්නේ එච්. ඩී. විජේදාස යැ. කසුරි පසු කාලයෙක හොඳ නවකතා පෙළක් ද ලියුවේ ය. මැණිකේ ඒවා සියල්ල ගෙන්වාගෙන කියෙව්වා ය.

      අරුණ පෙරේරා පෙර දිනෙක හෙන්රි-මානෙල් ගැන සිහි කළ නිසා විමසමි. හෙන්රි-මානෙල් යුවළගේ විනීත පුතු සුදාරක දැන් කිනම් දෙසක සිටී ද? ඔහු විවාහ වුණේ ගොළු හදවත ටෙලිනාට්‍යයේ දම්මිට රඟ පෑ අනෝමා හේරත් සමඟ බව මතක ය.

      Delete
    5. ඇයගෙන් මම සත්ව විද්‍යාව ඉගෙනගත්තා. බොහොම සුන්දර ගුරුවරියක්. ඒකාලේ ඇය අවිවාහකයි. අමතක නොවන චරිතයක්.

      කසුරි පිලිබඳ බොහෝ පෞද්ගලික සුන්දර දේ මා දන්නවා. ඒවා අතිශය පෞද්ගලිකයි. ඔහුව හොඳින් දන්නා අපේ යෙහෙලියක් නත්තල් නිවාඩුවට අපේ ගෙදර එනවා.

      සමන් සහ අමරබන්දු අතර හොඳ ආශ්‍රයක් තිබුනා. කොච්චර රස අතීතයක්ද.

      සුදාරක සම්බන්ද තොරතුරු නොදනිමි.අනෝමා හේරත් සුදාරකගේ බිරිඳයි. හෙන්රි ජයසේනයන්ගේ මිතුරෙක් සහ ගෝලයෙක්වූ නිමල් ජයසිංහ අපිත් එක්ක ඔමානයේ හිටියා. ඔහුත් බොහෝ සුන්දර මිනිහෙක්. නිමල් අයියා මහා රසවතෙක්.

      ශාන්ත බණ්ඩාර මට හමුවී තිබේ. ඔහුගේ කථිකත්වය අපූරුයි. මට මේ අය පිලිබඳ ශෝකයක් තිබේ.

      ඔබ ඉක්මනින් ලියන්න පටන් ගන්න.

      Delete
    6. අරුණ පෙරේරාණෙනි,

      නිමල් ජයසිංහ... ඒ විශිෂ්ට හඩ මට දැනුදු ඇසේ. ඒ විශිෂ්ට අභිනය මට දැනුදු මැවී පෙනේ. නිමල් දක්ෂ රංග ශිල්පියෙක්. වේදිකාවේ පෙළහර පෑ නිමල් පසු කලෙක රූපවාහිනියට පැමිණ එහි ද දස්කම් විස්කම් පෑවේ යැ.

      කලාවේ අභිවෘද්ධිය විශාල සේවයක් කළ ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ කාලයේ රූපවාහිනියේ විකාශනය සඳහා වේදිකා නාට්‍ය යළි නිෂ්පාදනය කර පටිගත කෙරිණි. එදවස සිරිස‍ඟ බෝ නාට්‍යයේ නව නිෂ්පාදනයට නිමල් එක් වූයේ යැ. ඔහු අඹ යාළුවෝ නාට්‍යයේ ද මතකයේ රැඳෙන රංගනයක නිරත වූයේ යැ.

      අරුණ පෙරේරාණන් නිමල් සහ සමන් යන දෙදෙනා ගැන සිහි කර නිසා මෙම කරුණ ද ලියමි. එකල රූපවාහිනියේ විකාශනය වූ වැඩසටහනක් වූයේ සිංහල කෙටිකතා ඇසුරින් ඒකාංගික නාට්‍ය නිෂ්පාදන යැ. ඒ. වී. සුරවීරයන්ගේ කෙටිකතාවක් ඇසුරින් නිපැයුණු ඒකාංගික නාට්‍යයක සමන් රඟපෑවේ ය. එම නාට්‍යයේ සමන් සමඟ නිමල් රඟ පෑවේ දෝ යැ යි මට සිතේ (නශ්චිත මතකයක් නැත). ඔබගේ මතකය ද පුබුදුවා විමසන්න.

      නිමල් ජයසිංහ මැදපෙරදිග සේවය කළ බවක් අරුණ පෙරේරාණන් පවසන තෙක් මගේ මතකයකට නැඟියේ නැත. ඩබ්. ජයසිරි නම් කාලයක් එහි සිටි බව සිහි වේ. අපේ ගුණදාස අමරසේකරත් කලක් මැදපෙරදිග සේවය කළා නො වැ!

      අරුණ පෙරේරාණනට පවසනු රිසි කරුණු දෙකකි:

      1.අරුණ පෙරේරා මට මුලින් හමු වූ දින සේ මැ නිදහසේ කතා කරන්නේ නම් මා කැමැති යැ. මා විසින් විධිගත භාෂාවෙන් ලියැ වෙන්නේ පුරුද්ද අතහැර දැමීම අපහසු බැවිනි. පෙරේරාණන් තමනට රිසි නිදහස් බසින් මැ රිසි ලෙස මා අමතා ලියනු මැනැවි. මා තුන් හිතකවත් අමනාපයක් නැති. මා ඕනෑ ම භාෂා සම්ප්‍රදානයකින් ලියූ ලිපි කියවමි. මා යුද්ධයට යන්නේ වියත් බසින් ලියන පුද්ගලයනට නින්දා අපහාස කිරීම තම දේශපාලනය යැ යි පවසන පුද්ගලයන් සමඟ පමණි. එද ශාස්ත්‍රීය යුද්ධ යැ.

      2.වියුණුවල පළ වූ ලිපි පොතක් ලෙස මුද්‍රණය කර පළ කිරීම (blook) මෙදවස සුලබ යැ. අරුණ පෙරේරාණන්ගේ අතීත සැමරැම් ලිපි පෙළ නම් එවැනි පොතකට මාහැඟි යැ. මා එම ලිපි ඉතා ආශාවෙන් කියැවීමි (මා එසඳහා යොමු කරවූයේ මයුරවිල මිතු සඳ යැ). ඇතැම් ලිපි දෙතුන් වර ද කියැවීමි. ඒවා රසවත් සේ මැ ඉකා වටිනා අප්‍රකට කරුණුවලින් පිරී ඇත.

      ලෝකයේ සම්මත ඉතිහාසකරණයට විෂය වන්නේ පාලක පන්තිය හා ආශ්‍රිත ඉතිහාසය යි. එය රේඛීය ඉතිහාසකරණය යි. එම ඉතිහාසකරණය දෘෂ්ටිවාද මත පිහිටයි. වංශකතාවල ඇත්තේ එම ඉතිහාසය යි. එම සම්මත රේඛීය ඉතිහාසයට පොදුජන ජීවිතය විෂය වූයේ නැත. පොදුජන ජීවිතය ගැන වැදගත් තොරතුරු හෙළි වන්නේ සම්මත නො‍ වූ පරිවාර ඉතිහාසකරණයකින් යැ. නුවර යුගයේ ද යටත්විජිත ලාංකීය සමාජයේ ද ජන ජීවිතය ගැන වැදගත් තොරතුරු හෙළි වන්නේ එදවස මෙහි පැමිණි, මෙහි නැවතී සිටි සම්මතයට පරිබාහිර පුද්ගලයන්ගේ අත්දැකීම් පිළිබඳ සටහන්වලින් යැ. අප පසු ගිය සමයේ වරින් වර කතාබස් කළ දෑ ද ලියවුණු දෑ ද අන්තර්ජාලයේ සටහන් ව තිබීම වැදගත් යැ. ඔබ ඔබගේ විටිනා ලිපි පෙළ අනාගතයේ යම් දිනෙක පොතක් ලෙස පළ කරනු මැනවි. ඔබගේ එම අභිලාෂය ඔබගේ ප්‍රිය භාර්යාවට ද දියණියට ද පවසා තබනු මැනවි.

      බන්‍ධුල කුදලාගම,
      සදම්ටනය.

      Delete
    7. බන්ධුල.......ඔබගේ ඇගයීම් සහ යෝජනා අගය කොට සලකමි. ඔටුණු දාගත්තා වගේ නේමේ ඒවා ඒ විදිහට මේන්ටේන් නොකෙරුවොත් හරිම සවුත්තුව. ඒ නිසා ඔටුණු හරිම වදේ :

      නිමල් අයියා ඔමානයේ ඉන්නා විට බොහෝ සති අන්තයන්වල අපේ ගෙදර තමයි සෙට් වෙන්නේ. ඒවා සංගීතයෙන්, මධුවිතෙන්, ගායනයෙන් පිරුනු දීර්ඝ රාත්‍රීයන්. ඒ සිනහව. ඒ වගේම නිමල් අයියා අපව හඬවපු කතාත් තියෙනවා. ඔහුගේ ආදරනීය පුත්‍රයා ඔහුව ආදරෙන් බලාගන්නවා ඇතැයි සිතමි. නිමල් අයියා එහෙදි විනෝදෙට පොඩි ටෙලි නාට්ටියකුත් කරා. මගේ බිරිඳත් චරිතයක් කරා.

      අසූ ගනන්වල මායි බිරිඳයි එයාගේ යාලුවෙක්ගේ ගෙදර යනවා විවේක වෙලාවට. ඒ යාලුවාගේ තාත්තාව හමුවෙන්න සයිමන් නවගත්තේගම, ෆ්‍රැන්සිස් වන්නිආරච්චි, කසුරි, වගේ අය නිතරම මේ ගෙදර. ඒ මාළිගාකන්දේ මොහොමඩ් සාලි මාස්ටර්ගේ ගේ ඉස්සරහ හිටියේ. මිල්ටන්, ෂෙල්ටන් අයත් ඔතන. හරි ජොලි තැනක්. ඒ අන්කල් චිත්‍රපටයකුත් කරා. නිහාල් ජයවර්ධනගේ සීඩී එකත් කරේ එයා. විස්තර ඉස්සරහට හෙමින් ලියන්නම්.

      මම බන්ධුලගෙන් විස්තර ලියව ගන්න මේවා ලියලා අවුස්සනවද මන්දා :D

      Delete
    8. //ලෝකයේ සම්මත ඉතිහාසකරණයට විෂය වන්නේ පාලක පන්තිය හා ආශ්‍රිත ඉතිහාසය යි. එය රේඛීය ඉතිහාසකරණය යි. එම ඉතිහාසකරණය දෘෂ්ටිවාද මත පිහිටයි. වංශකතාවල ඇත්තේ එම ඉතිහාසය යි. එම සම්මත රේඛීය ඉතිහාසයට පොදුජන ජීවිතය විෂය වූයේ නැත. පොදුජන ජීවිතය ගැන වැදගත් තොරතුරු හෙළි වන්නේ සම්මත නො‍ වූ පරිවාර ඉතිහාසකරණයකින් යැ. නුවර යුගයේ ද යටත්විජිත ලාංකීය සමාජයේ ද ජන ජීවිතය ගැන වැදගත් තොරතුරු හෙළි වන්නේ එදවස මෙහි පැමිණි, මෙහි නැවතී සිටි සම්මතයට පරිබාහිර පුද්ගලයන්ගේ අත්දැකීම් පිළිබඳ සටහන්වලින් යැ. අප පසු ගිය සමයේ වරින් වර කතාබස් කළ දෑ ද ලියවුණු දෑ ද අන්තර්ජාලයේ සටහන් ව තිබීම වැදගත් යැ. ඔබ ඔබගේ විටිනා ලිපි පෙළ අනාගතයේ යම් දිනෙක පොතක් ලෙස පළ කරනු මැනවි. ඔබගේ එම අභිලාෂය ඔබගේ ප්‍රිය භාර්යාවට ද දියණියට ද පවසා තබනු මැනවි.

      බන්‍ධුල කුදලාගම,
      සදම්ටනය.//
      +++++++++++++++++++++++
      මෙන්න ඔබට මල් මිටක්

      Delete
  23. උනන්දුවෙන් කියෙව්වා. කොමෙන්ට් කියවද්දී හිතුණේ කිසියම් සිදුවීමක් ගැන ආරංචි මාත්‍ර වලින් මොන තරම් අර්ථකතන සැපයෙනවාද කියායි.

    ReplyDelete
    Replies
    1. කියවීම ගැන බොහොම ඉස්තූතියි!

      Delete