මුකුනුවැන්න (Ponnanganni Keerai பொன்னாங்கண்ணி கீரை in Tamil, sessile joyweed in English , Alternanthera sessilis) වනාහී ක්‍රෝටන් හා කොස් කොල කෑමට පෙර අනාදිමත් කාලයක සිට ශ්‍රී ලන්කා වාසීන් මෙන් ම බොහෝ ආසියානුවන් ආහාරයට ගත් රස සහ ගුණයෙන් යුතු පලා වර්ගයකි.
මුකුනුවැන්න වලට සමාන එහෙත් විස සහිත ආක්‍රමනකාරී ජලජ පැලෑටියක් වන Alligator weed (Alternanthera philoxeroides) හෙවත් කිඹුල්වැන්න (ඔවු, පැලෑටියට නම කොයින් කලේ සරස තුමා තමයි.. ලස්සනද?) ශ්‍රී ලන්කාවේ ශීග්‍රයෙන් පැතිර යන බවද දැන් දැන් එය නගරාශ්‍රිත කෑම කඩ හා බත් මුල් වල පලා වෙනුවට පෙරට ඇති බවද අපට දන්වන්නට යෙදුනේ ගවේශනාත්මක ඇනෝවරයෙකු විසිනි.
අන්තර්ජාල පිරික්සුම් වලට පසු අපට දැණගන්නට ලැබුනේ ඇත්තවශයෙන් ම කිඹුල්වැන්න ඉතා ශීග්‍රයෙන් පැතිරෙන ආක්‍රමනකාරී ජලජ ශාකයක් බවද රටවල් කීපයක් ම එය තහනම් කර ඇති බවද දූශිත ජලයේ ඇති බැර ලෝහ ගබඩාකරගැනීමේ හැකියාවක් ඇති බවත් ය. කනගාටුවට කරුන වන්නේ අප පරිබෝජනය කරනා කොහිල සහ නෙලුම් අල වැණි ජලජ කෑම වල ද එම බැර ලෝහ එකතුවීමයි!
තවත් සමහර පර්යේශකයෝ මේ කිඹුල්වැන්න ශාකයේ ඔක්සැලේට ඉතා වැඩි මට්ටමකින් පවතින බව ද කියා සිටියහ. ඒත් එම ඔක්සැලේට කැල්සියම් සමග බැඳී පවතින්නේ අඩුවෙන් නිසා හොඳ කැල්සියම් ප්‍රභවයක් ලෙස ද මෙය භාවිත කල හැකි බව ද ඩෙන්ගු ප්‍රතිකාරයක් ලෙස භාවිතා කල හැකි බවද පර්යේශන පත්‍රිකා වලින් පෙනේ.
කෙසේ වෙතත්, මුකුනුවැන්න වෙනුවට කිඹුල්වැන්න මලවා බත් සමග ආහාරයට දීම අනුමත කල නොහැකිය. මේ ලිපිය ලිවීමට අපව උනන්දු කල ගවේශනාත්මක ඇනෝතුමා ට අනුව සුලු පරීක්ශනයකින් (මතකයි නේ ඇඩ් එක ) එය සොයා ගත හැකිය... මුකුනුවැන්න මැල්ලුමේ පලා දන්ඩ ජල නලයක මෙන් ඇතුලත හිස් සිලින්ඩරාකාර එකක් නම් ඒ මුකුනුවැන්න නොව කිඹුල්වැන්න ය.
මුකුනුවැන්න කනවාද කිඹුල්වැන්න කනවාද යැයි තීරනය ඔබ අතේ ය. මේ දෙකම යහපාලන ආන්ඩුවේ ක්‍රෝටන් කොල හා කොස් කොල කෑමට වඩා හොඳ බව සරස තුමා ගේ අදහසයි.
මුකුනුවැන්න කනවාද කිඹුල්වැන්න කනවාද යැයි තීරනය ඔබ අතේ ය. මේ දෙකම යහපාලන ආන්ඩුවේ ක්‍රෝටන් කොල හා කොස් කොල කෑමට වඩා හොඳ බව සරස තුමා ගේ අදහසයි.
ප.ලි:
සමරිසිසන්ග්‍රහයට (Gayvouritism) විරුද්ද වෙමු!
සර ස තුමා විසින් පර්පෙචුවල් ට්‍රෙශරීස් සමාගමෙන් ලබාගන්නට බලාපොරොත්තු
වන අනුග්‍රහයක් නිසා බැඳුම්කර වන්චාව වන්චාවක් නොවන බව සරස තුමා අවධාරනය කර
සිටිමි!