Tuesday, January 10, 2017

හේන සහ හේන්!

කොටහේනේ දීපදුත්තාරාමය



හේන යනු පුරාන සින්හලයාගේ ජීවිතය හා සැබැඳි ඔහු ව ජීවත් කල ආහාර සැපැයුම් ඒකකයයි. විදේශිකයන් හට හඳුනාගත නොහැකි, තේරුම්ගත නොහැකි පරිසරානුගත බෝග නිශ්පාදනාගාරයකි.

හේන් කෙටුවේ  දුර ඈත වන්නියේ පමනක් නොවේ. 

කොලඹ මැද්දේ තිබූ හේන කොටහේන නම් විය! පසුකලෙක සියම් රජතුමා ගේ අනුග්‍රහය ලැබූ  දීපදුත්තාරාමය පිහිටා තියෙන්නේ කොට හේනේ ය.

 ගනහේන හන්දිය තිබෙන්නේ බත්තරමුල්ල පසු කල ගමන් තලන්ගම ට කලින් ය. තලන්ගමට පසු ව තිබෙන්නේ තලාහේන ය.

පින්හේන පසුකර හයිලෙවල් පාරේ අවිස්සාවේල්ල දෙසට යන විට මීගොඩ ට කලින් නඩු හේන හමු වන අතර නඩු හේනේ ගාමිනී ජයසූරිය මාවතේ හොර ගහ හේන තිබේ.

අතට දැමු පඬුර ගිලිනා පින්කැටේ තියෙන්නේ වෙහෙර හේනේය. වැලිහේනේ පදින්චි ගල්හේන ලා නාන්න යන්නේ පොල් හේනට ය.   

මාහේනේ රීරි යකා පොත ලියූ බන්ඩාරනායක මහතාව අගමැති කිරීමට බොහෝ උත්සාහවන්තව කිරියා කල වමේ ක්‍රියාදරයෙකි හේන්පිටගෙදර ඤානසීහ හාමුදුරුවෝ.

බන්ඩාරනායක මැතිඳුන් ගේ බෑනන්ඩිය වන විජය කුමාරතුන්ග  ව වෙඩි තබා ඝාතනය කලේ පොල්හේන්ගොඩ දී ය. 

ගස් නවයක දලු වලින් පොහොසත් හේන  නව දලු හේනයි කියා කියන්නේ තිලක් කන්දේගම මහතා ය. එම පදය නව දැලි හේන ලෙස වරදවා වටහාගෙන නන්ද කුමරු තමන් ගේ ප්‍රියාවිය ගේ රූපය  නව දැලි හේනක හිටි පිච්චුනු වැඳිරියෙකු ලෙසට සමාන කලා කියා ගීතයක් ද ඇත. 

ගමේ ගොවිරාල ලා ගේ ඇඳුම් අපුල්ලන්නේ හේනේමාමා ය. ගමේ දැරිවියන් වියපත් වුනාම ඉදිරියට එන්නේ හෙනේ නැන්දා ය. 

ජවිපේ සම නොමග ගිහින් බාගෙට වාමාන්සිකයන් වෙලා හිටි නූගතුන් පසු කාලෙක නවතින්නේ සිරිකොත රෙදි අපුල්ලන හේනේ මාමලා වෙලා බව මතක තබාගත යුතුය.

මීගමු කොච්චිකඩේ හන්දියෙන් මුහුද දෙසට ගමන් කරන්නේ කතෝලික පල්ලි දහයකට වඩා ඇති පල්ලන්සේන නම් කුඩා ගමක් හරහා ය. පල්ලන්සේන කියනා නාමය අපට හුරු පුරුදු වචනයක් නොවේ. එහෙත් පන්සල්හේන නම් අපේ රටේ හැම හතරදිග්බාගේ ම ඇත.




 කොච්චිකඩේ පල්ලිය

පන්සල්හේනේ පල්ලි ගොඩක් හැදුනාම එහි මුල් අයිතිකරුවන් ප්‍රශ්නයක් නගතැයි සිතා එකල මීගමු කතෝලික පල්ලි වල ප්‍රදානීන් ලෙස හිට ප්‍රන්ශ පාදිලිතුමන්ලා පන්සල්හේන පල්ලන්සේන ලෙස බවුතීස්ම කරන්නට ඇතැයි සිතෙන්නේ මට පමනක් ද?


මෙතැන නොලියවුනු ඔහෙලත් දන්න හේන් ගැන අපිව දැනුවත් කොලොත් නරකද හිටන්??

126 comments:

  1. අගේ ඇති ලිපියක්...
    හේන් වලින් මීට අමතරව මතක් වෙන්නේ "වෙහෙර හේන, සහ තැන්න හේන" විතරයි...

    ReplyDelete
    Replies
    1. වෙහෙර හේන මට අමතකම වුනා...ලිපියට ම එකතු කරන්නද?

      තැණ්න හේන මීට පෙර අසා නැත!

      Delete
    2. පරංගින්ගේ කාලේ කොලඹ තිබ්බ වෙලවල් ගොඩ කරන්ඩ පස් දීපු ප්‍රදේශය ට"පස් දුන් කෝරලේ" යැයි නම වැටුනු බව සොයා ගත් ආසියාවේ ලොකුම උගතා තුම ගැන නම් අහල තියෙනව

      Delete
    3. ///ලිපියට ම එකතු කරන්නද?///
      ඕක අහන්නත් දෙයක්ද හිටං...

      Delete
    4. // "පස් දුන් කෝරලේ" //

      සිරිකොත පිහිටා තිබෙනා පිට කෝට්ටේ ප්‍රදේශය එතුමා ව මතක් වෙන්න "පුකදුන් කෝරලේ" කියා නම් වෙනවා නියත්ත්යි!

      Delete
    5. තැන්නහේන තියෙන්නේ කලුතර දිස්ත්‍රික්කයේ

      Delete
    6. තැන්නහේන ට තැන්කිවු

      Delete
    7. "පුකදුන් කෝරලේ" ....
      කොහෙන්ද බං මේවා කටට එන්නේ.

      Delete
    8. // "පුකදුන් කෝරලේ" ....
      කොහෙන්ද බං මේවා කටට එන්නේ.//

      හෆොයි.... පුකදුන්කෝරලේ කටට ගත්තොත් AIDS හැදිලයි නවතින්නෙ හිටන්!

      Delete
    9. // Aruna Perera January 11, 2017 at 8:30 PM
      ඇත්තයි බෙහෙතුයි දෙක ම තිත්තයි මිස්ටර් වීරවංශ. ජාතීවාදී උන්මත්තකයා. //

      මේ ලිඟුව තිබෙද්දී වෘෂණ කෝෂ වලින් රමණය කරන ජාතියේ යහපාලන මල් පොන්සියෙකි. එළිපිට ජපාලන යට පුක දෙන පොන් ජයසිංහ වැනි කුලී ලියන්නන්ට ඇති කොඳු කටුව වත් නැති හැන්ගෙමින් ගේම ගසන නොම්මර එකේ පොන්සි ඩයල් එකකි.

      මෙවැනි ඩයල් ඇමරිකානු මැතිවරණයේදී තුච්ච ISIS ඉස්ලාම් ජාතිවාදී ආගම්වාදී ත්‍රස්තවාදයට උඩගෙඩි දුන් හිලරි ට සහයෝගය දෙන අතරතුර ඇමරිකානු ජාතික අදහස් සහ මත දැරු ට්‍රම්ප් මහතාට ජාතිවාදි ලේබලය ඇලවීමට දිවා රෑ ක්‍රියා කලත් සිහි බුද්ධිය ඇති ජාත්‍යාලය ඇති ඇමරිකානු ජනතාව මෙවැනි ටොයි වේසිගෙ පුතාලගේ තුච්ච මිත්‍යා මතවාද පඩේකට මායිම් නොකරමින් හිලරිගේ සහ ඇයට කඩේ ගිය පොන්සියන් රෑනටම පුක ට පයින්ගසා අමතක නොවන පාඩමක් උගන්වන ලදී.

      ළඟදීම ලංකික ජනතාවද ජාත්‍යාලය ඇති මිනිසුන්ට මෙවැනි "ජාතීවාදී උන්මත්තක" ලේබලය අලවන මල් පොන්සි උන්මත්තකයන්ගේ පුකවලට මෝටාර් දමා පත්තු කරන කාලයක් එනු ඇත

      Delete
  2. ඊයා මූද මේ හිරවෙලා හිටපු අදේශපාලනික මොකාද එකා.
    ඌට වඩා උඹ හොඳයි බං.

    ReplyDelete
    Replies
    1. හොඳට කියවපන් මචන්.. උඹට දේසපාලනික සත්වයාත් පෙනෙයි හිටන්!

      Delete
  3. සාරස,

    ලොව පුරා පැවති ඉපැරණි ශිෂ්ටාචාර විමසීමෙදි ඔවුන්ගේ ප්‍රධාන ජීවනෝපාය වුයේ කෘෂිකර්මාන්තයයි. හේන් ගොවිතැන මූලිකම අංශයයි. මිනිසා දියුණු තාක්ෂණික ලොවකට පියමං කර සිටින මේ මොහොත වන විට පවා ගැමි ආර්ථිකයේ හේන් ගොවිතැනට ප්‍රධාන තැනක් හිමි වේ. ස්වයංපෝෂිත අර්ථක්‍රමය වෙනස් වීමත් සමගම පැරණි හේන් ගොවිතැනේ තිබු ඇතැම් අංග ක්‍ෂය වී යාමක් දැකිය හැකිය. එම නිසා අතීතයේ මේ හා බැඳුනු අංගෝපාංග විමසීම වටී.

    ශ්‍රී ලංකාවේ පැරණි සිංහල ජනාවාස වැව් හෝ ජලාශ ආශ්‍රිතව ස්ථානගත විය. ගොවිතැන් කටයුතු සඳහා වැසි වැටෙන කාලය අනුව යල හා මහ යනුවෙන් ප්‍රධාන කන්න දෙකකි. ඔවුන් ඉදිරි කන්න සඳහා ලැබෙන වැසි ප්‍රමාණය දැන ගත්තේ පාරිසරික වෙනස්කම් අනුවයි. සුළං වේගය, හමන දිශාව, වළාකුලළු වල වර්ණය, විදුලි කෙටීම, වාතයේ තෙත්බව, ශාකයන්හි පත්‍ර වර්ධනය, පොතුවල ඝනකම, ඒවායේ මල් පිපෙන ගෙඩි හටගන්නා කාලය හා ප්‍රමාණය අනුවයි.

    පලු හා වීර ගස්වල යහමින් මල් හා ගෙඩි හට ගැනිම අඩු වර්ෂාපතනයක ලක්ෂණය. අවිච්චියා, කුඹුරු හා දියකඩිති අසල හඬ තලයි නම් එයද නියඟයක ලක්ෂණයකි. ගෙවත්තක තල මලක් පිපිම ආපදාවක පෙර නිමිතිය. දිවුල්, කටු කෑලිය, එරමිණිය, දඹ හා මොර අධික ලෙස ඵල ගැනිම දුර්වල මෝසම් වැස්සක ලක්ෂණය. උකුස්සා, වැහිලිහිණියා හඬ නඟමින් අහසේ පියාසර කිරිම වැසි ලැබෙන ලකුණකි. වියළි ඉරිතලා ගිය වැව් පොළොව මත කක්කුට්ටන් වලවල් හෑරිම වැසි ලැබෙන ලකුණකි. කුහුඹින් ගුල් වලින් එලියට පොකුරු වශයෙන් පැමිණ සිටීම වැසි ලැබීමේ ලක්ෂණයකි. ගොවියන් මෙවැනි පාරිසරික වෙනස්කම් වලින් ලබා ගන්නා වැසි ලකුණු මත තම වගාව කුමක්දැයි තීරණය කරයි. වී වගාවට ප්‍රමාණවත් වැසි නොලැබේ නම් එහි වී වෙනුවට අඩු වර්ෂාපතනයට ඔරොත්තු දෙන වෙනත් බෝග මුං, කවුපි, බඩඉරිගු වැනි බෝග වගා කරයි. මෙවැනි මිශ්‍රබෝග වගාවකට යොමු වන්නේ යම් කිසි උවදුරකින් බෝගයකට හානි වුවහොත් වෙනත් බෝග හේනේ ඉතුරුවන නිසාය.

    ReplyDelete
    Replies
    1. හේන් බිම ඇත්තේ ගම තුලය. ගම ඇත්තේ දිය බෙත්ම නොහොත් ජලය දෙපසට බෙදි යන පොලෙන් රැලි සීමා කර ගනිමිනි. දිය බෙත්මෙන් දෙපස එකම ගමක් පැවතීම මෙරට ජනාවාස ගොඩනැංවිමේ සම්ප්රීදාය නොවීය. ගම තුළ ඇති වනාන්තරය එළි කර ගොවිතැනට යොදා ගත් බිම ‘’ලදු කැළෑව ‘’ නම් ‍වෙයි.

      වරක් හේනක් කොටා අස්වැන්න ලබා ගෙන එය පුරන් වීම සදහා අත්හැර දැමු පසු නැවත කෙටිමට නිර්දේශ කරන්නේ හය අවුරුද්දකට පසුවය. ලදු කැළෑව වැවෙන්නේ මෙම කාළය තුලදීය. හය අවුරුද්දක් නිර්දේශ කලද අවුරුදු 3-4 ට නැවතත් පළමු තිබු සාරය පොළොවට ලැබේ. මෙසේ පුරන්වීමට හැරීමේ හේතුව නම් අක්කරයක හේනක් තුල බෝග 08ක් වගා කළොත් අවස්ථා 08 ක දි ලැබෙන අස්වැන්න අක්කර අටක අස්වැන්නට සමානය. මෙහි දි පොළවේ සම්පුර්ණ සාරය බහු-බෝග හේන විසින් උරා ගනු ලැබේ. එබැවින් නැවතත් ඊට සාරවත් බව ඇති කර ගැනීම සදහා විරාම කාළයක් මෙසේ අවශ්ය ය.

      මෙසේ සෑම ගමකම ඇති ලදු කැළෑ ප්රිමාණය අවුරුද්දකට වගා වන බිම් ප්රයමාණය මෙන් 5-6 ගුණයක් විශාලය. මෙම විශාල බිම් ප්රුමාණය ගමේ පොදු තණ බිම විය. තණකොල හැරුණු විට නොයෙක් ආකාරයේ පැළෑටි හා පදුරු වර්ග ද ඒ තුල තිබුණි. ගැමියන් ට අවශ්යද බෙහෙත් සදහා අමුද්රනව්ය ද මෙම ලඳු කැළෑව තුලින් ලබා ගත හැකි විය. ඖෂධ සදහා මහ වනාන්තරයට යාමට අවශ්යඅ වුනේ අඩුවෙනි. මෙසේ ස්වභාවික සරුවීම සිදුවුයේ සුර්යාලෝකය හා වර්ෂාව ලැබීමෙන් හා ශාඛයන්හි දිරා ගිය කොටස් පොළවට එකතු වීමෙනි. මෙවිට බෝවන ක්ෂුද්රස ජීවින් විසින් ද පස තුලට වාතය ගෙන යාමෙන් හා යටි පස උඩට මතු කිරිමෙන් ද අප්රාමාණ ‍සේවයක් කළේය. තෙත් කලාපයෙහි පස සරුවිම වේගවත් වුවත් වැසි කාල හා වියළි කාල මාරුවෙන් මාරුවට ඒමක් වැව් බැදි රටේ මෙන් මෙහි නැති නිසා හේන් වලින් ලැබෙන අස්වැන්නේ අඩුවක් පවති.

      ධාන්ය එළවළු හා පළතුරු පැසීමට වියළ බව අවශ්යාය. එබදු වියළි කාළයක් මෙම වැහි කළාපය තුල නොවීම අස්වැන්න අඩුවීමට හේතු වේ. වර්ෂාව අවශ්ය් වන්නේ ශාඛයේ වැඩීමටය. ඵල හට ගැනිමට වර්ෂාව රහිත උණුසුම් කාළය අවශ්යත ය. හේන ලංකාවට ආවේණික වීමට හේතුව නම් මෝසම් සුළං දෙකකින් වර්ෂාව ලබන ලොව එකම රට ලංකාව වීමය. දකුනු හා අග්නිදිග ආසියාව මෝසම් රටවල් වන්නේ ඒවාට බලපාන නිරිත දිග මෝසම් නොහොත් ‘’යල් වැස්ස ‘’මගිනි. නමුත් ලංකාවේ හේන් ගොවිතැන යනු මුළික වශයෙන් ම වප් මාසයේ සිට බක් මාසය දක්වා (ඔක්තෝම්බර්-අප්රේ ල් ) ක්රිවයාත්මක වන ගොඩ ගොවිතැන් ක්රිමයයි. මීට පාදක වන්නේ ආසියාවේ සෙසු රට වලට බල නොපාන ඊසාන දිග මෝසම නොහොත් මහ වැස්සයි.

      Delete
    2. භුමීය යොදා ගැනීමේ රටාවන්ට අනුව හේන් ප්‍රධාන වශයෙන් වර්ග දෙකකට අයත් වේ.

      01. මුල්කැටා හේන
      02. ඉරවලි හේන

      මුල් කැටා හේන යනු එක් කේන්ද්‍රයක සිට පිටට විහිදි යන වෘත්තයක කොටසක් අනුව කොටස් වලට බෙදා ගැනීමෙන් සැදුනු හේන් යායකි. ඉරවලි හේන යනු චතුරශ්‍රාකාර භුමිභාගයක් කුඩා චතුරශ්‍රාකාර බිම්වලට බෙදි යන ආකාරයේ හේන් යායකි

      Delete
    3. ඇයි බන් ගොනෝ විකිපීඩියා ලින්ක් එක දැම්ම නම් ඉවරනෙ...

      https://si.wikipedia.org/wiki/%E0%B7%84%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A_%E0%B6%9C%E0%B7%9C%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B7%90%E0%B6%B1

      Delete
    4. // ගොවියන් මෙවැනි පාරිසරික වෙනස්කම් වලින් ලබා ගන්නා වැසි ලකුණු මත තම වගාව කුමක්දැයි තීරණය කරයි //

      ඉතාම වටිනා පාරිසරික දැනුම.....

      Delete
    5. ස්වභාවික පරිසරය ඇසුරින් සියලු අවශ්‍යතා සපුරාගත් අතීත මිනිසා තම අවශ්‍යතාවලට ප්‍රමාණවත් ලෙස පමණක් අවට පරිසරය යොදා ගත්තහ. පැරණි වැව්ගම්මානවල ජීවත් වූවන් තම වගාවන් සඳහා මහ කැලෑ එළි කර විනාශ නොකළහ. තම අවශ්‍යතා සපුරා ගැනිමට වනයට ඇතුල්වීමට පෙර වනාන්තරය දෙවියන් ලෙස සලකා, ගසක කොළ අත්තක් කඩා එල්ලීම සාම්ප්‍රධායික සිරිතකි.මහ වනයට ඇතුල් වී සම්පූර්ණ වනයම එළි නොකර වනය කොටස්වලට බෙදා ගත්තහ.

      a. පිල්ලෑව
      b. අත්තඬු හේන
      c. මූකලාන යනුවෙනි.

      හේන් ගොවියා මුලින්ම පිවිසෙන්නේ පිල්ලෑව නම් වන ප්‍රදේශයටයි. අත්දඬු හේන යනු මිනිස් අතක් තරමට ගස් වැවුනු හේනයි. මූකලාන මහවනයයි. හේන් ගොවියා තම හේනේ එදිනදා ප්‍රයෝජනයට අවශ්‍යවන එළවළු,ධාන්‍ය,පලතුරු වගා කරයි. කුරක්කන්,මෙනේරි,තල,මුං,කවුපි ආදි ධාන්‍ය ද කැකිරි, පුහුල්, කරිවිල,මෑ,වට්ටක්කා වැනි එළවලළු ද කොමඬු,පැපොල්,දොඩම්,පේර,අන්නාසි වැනි පලතුරු ද ඒ අතරවේ. ගමේ සියලු වගාවන්ට පොහොර වනුයේ දිරාපත් වන කොළ රොඩු සත්ව අපද්‍රව්‍ය ආදියයි. ඒනිසා හේන් වගාවේදි කෘමි උවදුරු අවම විය.

      බොහෝ හේන්වල දක්නට ලැබෙන සුවිශේෂි ලක්ෂණයක් වන්නේ කුරුල්ලන් සඳහා වෙන් වු "කුරුලු පාලුව" නම් වන කොටසයි.කුරුල්ලන් සඳහා මෙය වෙන් කර තිබිණ.

      ඔවුන් හේන්වල කෘමීන් අහුලා කෑම නිසා ගොවීන්ට කුරුල්ලන්ගෙන් ප්‍රයෝජනලබා ගත හැකි විය. කෘමිනාශක භාවිතා නොකරන නිසා හේනෙන් ලබා ගන්නා ආහාර වර්ග ඉතා පිරිසිදු ඒවාය. කන්න ආරම්භයේ සිට අස්වනු නෙලා ගන්නා තෙක් ආගම හා සම්බන්ධ වු වත්පිලිවෙත් සිරිත්විරිත් ඉටු කරයි. අලුත්අස්වැන්නෙන් බුදුන්ට දෙවියන්ට බාරහාර ඔප්පු කරයි. පැරණි වැව් ගම්මාන වල සෑම කටයුත්තකදීම සාමුහික ශ්‍රමය යොදාගනී.

      හේනේ ඇති පැල හේන් ගොවිතැනේදි අනිවාර්ය අංගයකි.රාත්‍රි කාලයේ හේනට එන වන සතුන් පලවාහැරීමට ගැමියන්ට සිදු වේ. ශක්තිමත් උස් ගසක මුදුනේ පැල තනා ගනි.පැල් රැකීම ලෙහෙසි පහසු කාර්යක් නම් නොව්.

      Delete
    6. හේනෙන් නෙලා ගන්නා ධාන්‍ය වර්ග සෑහෙන කාලයක් තබා ගනී.නිවෙස් අසල තනා ගත් අටුව හෝ වී බිස්ස මේ සඳහා යොදා ගත්තහ.ලී,මැටි,පිදුරු වැනි සරල ද්‍රව්‍ය වලින් මෙය තනා ගනියි. වී බිස්ස යනු මීටර් 2-3ක් උස ගෙතුල තබා තිබු ,වේවැල් වලින් තනන ලද උපකරණයකි. වී අටුව යනු ගෙමිදුලේ පොළොවට මීටරයක් පමණ ඉහලින් තැනු වී බුසල් 50-60ක් අතර ප්‍රමාණයක් ගබඩා කළ හැකි ස්ථානයකි.

      Delete
    7. බ්‍රිතාන්‍ය යුගයට පෙර හේන යනු හුදේකලා හේනක් නොව කුඹුරු යාය මෙන්ම පැවති හේන් යායක් පව පැරැන්නන් කළ විස්තර අනුව පෙනේ. ගම් සභාව මගින් මෙම හේන් යාය ක්‍රමය පරිපාලනය කරන ලදි. 1832 දි ගම්සභා තහනම් කිරිම හා පොදු ඉඩම් පරිහරණ කිරීම ද ඒ සමග ම තහනම් වී ඉඩම් ඔප්පු ක්‍රමය ඇති විම නිසා හේන අභාවයට ගියේය. ඉන්පසු තැනින් තැන පුද්ගල මුළික හේන් ඇති වුයේ ඒ ඒ අය බලපත්‍ර ලබා හෝ තම ඔප්පු සහිත ඉඩම් වල හේන් වගා කරන්නට වු නිසාය. ලඳු කැළෑව නැමැති රටාව අතුරුදහන් විය. ක්‍රමයෙන් අභාවයට යමින් පවතින සාම්ප්‍රධායික ජීවනමාර්ග කාලානුරුපිව වෙනස් වී ඇත. නාගරීකරණය නිසා ගම නගරය ඇසුරින් වෙනස්වීම් වලට ලක්වනු දැකිය හැකිය. හේන් වගා කිරිමට තරුණ පිරිස් මැලි වේ. එම නිසා දැව කැපිම වැනි දේවලින් පරිසර පද්ධතිය විනාශ වේ. හේන් ගොවිතැන විරැකියාවට මනා පිළියමකි. නමුත් හේන් ගොවියාට සමාජයේ අඩු සැලකිල්ලක් දක්වයි. මේ නිසා අද වන විට ගමෙන් නගරයට ඇදෙන ශ්‍රමිකයන් පිරිස වැඩිවෙමින් පවතී.

      මූලාශ්‍රය - විකිපීඩියාවෙනි (https://goo.gl/kdUv2D)

      Delete
  4. හේනෙ මාමා කිව්වම සිහියට එන්නෙ හේව මාමා ආයිබොවන්ඩ.....

    ReplyDelete
    Replies
    1. හේව මාමාගේ මාමාද හේනයෙකි.... පසු කලෙක ඔහු රටට හෙණයක් වූ අතර පසුව ඔහුගේ බෑණා ජ්‍යාත්‍යන්තර මට්ටමේ හෙණයක් වූයේ මාමාගෙන් බාගෙට උගත් මැරෙන දිනය තැන් තැන් වල ඇද බාන්නට ගත් කල්හී ය....

      හේව බෑනාට හූනන් ගෙන් හුණුසහල් ලැබී හූනාගල සිට හුලන්දාවට සුදු හුරෙක් එක්ක හුරුවම් බලන්න යන්න ලැබේවායි පතමි...

      Delete
  5. සාරස ගොයියෝ, මේ සරුසාර ලියවිල්ල දැක්කම දිගාමඩුල්ල පැත්තේ හේන් වගාව සම්බන්ධ ලස්සන ජන කවියක් මතක් වුණා,

    පෝයක් සන්දියේ ඇහැළේ කැපු හේන
    නිකිණ්ණියේ මැද දී ගිනි තිව් හේන
    වප් මහදී වැපුරුව කුරහං හේන
    අපෙම පිනට මයි පැහුණේ මේ හේන

    ReplyDelete
    Replies
    1. වොර බොර වැවේ වොඳ වොඳ ඔවුනෙළුම් ඇ තී
      මීවා නෙලන්නට වොද වොද ලියෝ එ ති
      කළුකරලා රතුකරළා උයාදෙ ති
      උළුවාලේ බත් කන්නට මාළු නැ ති

      Delete
  6. හේන් ගැන කියද්දි හේනකට අත්‍යවශ්‍යම එකක් තමයි දඬුවැටක් කියන එක. ඇත්තටම දඬුවැට කියන්නේ, හේන් ගොවිතැනේදී, හේන වටා හේනේ ආරක්ෂාව වෙනුවෙන් ඉදිකරන වැටකට. මුලින්ම හේන සඳහා තෝරාගත් භූමියේ තිබෙන සැලකිය යුතු තරම් විශාල ගස් කපා ගිනි තැබීමෙන් පසු ඉතිරිවන, තරමක් විශාල අතු සහ කඳන් කොටස් උපයෝගී කරගෙන දඬුවැටක් ඉදිකරනු ලබයි.

    නමුත් හේනේ ආරක්ෂාවට හදන දඬුවැටටත් අර කුඹුරු ගැන කියවෙන "වැටත් නියරත් ගොයම් කා නම් කාට කියමිද ඒ අමාරුව" කියන හරුපය අදාලයි නේද සාරසෝ?

    ReplyDelete
    Replies
    1. //නමුත් හේනේ ආරක්ෂාවට හදන දඬුවැටටත් අර කුඹුරු ගැන කියවෙන "වැටත් නියරත් ගොයම් කා නම් කාට කියමිද ඒ අමාරුව" කියන හරුපය අදාලයි නේද සාරසෝ? //

      මහ බැන්කු අදිපති බැඳුම්කරෙන් දෙන ගේම කෝප් කමිටුවෙනුත් ශේප් වෙනවානම් කාට පවසමු ඒ අමාරුව හිටන්!

      Delete
    2. සාමාන්‍යයෙන් හේනක භෝගවල සුරක්ෂිතභාවය තහවුරු කිරීම සඳහා කළ යුතු දේවල් රැසක් තිබේ. ඉහත කියා ඇති පරිදිම පළමුව හේන වටා වැටක් බැඳිය යුතුය. ප්‍රධාන වැට සහ දඬුවැට බැඳීමේ ක්‍රම කිහිපයකි.

      මෙමම් වැටක් ගත්විට එහි ඇතුල් වැට සහ පිට වැට නමින් ප්‍රධානතම කොටස් දෙකක් ඇති අතර ඇතුල් වැට යළි දඬුවැට හා කටුවැට වශයෙන් කොටස් දෙකකට බෙදේ. යම් එළිමහන් බිම්කොටසකට විවෘත ව ඇති පෙදෙසක් වේ නම් එම කොටස වෙන් කොට බඳින්නේ දඬුවැටයි. ගිනිතැබූ හේනේ වල්ගස් පිලිස්සීමෙන් ඉතිරිවී ඇති ලොකු දඬු යම්කිසි ක්‍රමවත් රටාවකට තබමින් දඬු වැට බඳිනු ලැබේ.

      Delete
    3. හේන් කෙලවර කැලයකට යාබදව ඇති පෙදෙස්වල ඇති කටුපඳුරු කපාගෙන ඉන් කටුවැට සාදයි. එමෙන්ම ඇතුල්වැටට පිටින් ඇති ගස් කපා රැකවල්වැට නමින් තවත් වැටක් ද බඳී. පිටවැට නමැති මෙහි සතෙක් හේනට ඇතුල් වීමේදී පිටවැට කඩන හඳින් ගොවියා අවදි වී සතාගේ ගමන වැළැක්වීම මේ පිටවැට සෑදීමේ ප්‍රධාන අරමුණයි. තවත් වැටක් නම් හේනට ඇතුළු වන ප්‍රධාන වැටෙහි සිට බඹ විස්සක් තිහක් ඈතින් හොල්මන්වැට නමින් තවත් වැටක්ද ඉදිකරනු ලැබේ. හොල්මන්වැට යනු ඉනි හිටවා හරස්අතට දිග රිටි බැඳ සකස් කර සදන එළිවැටෙහි තල් අතු සහ පැරණි ටිං කබල් හා එකට යාකල යකඩ කැබලි එල්වා ඇති අත්‍ර යම් සතෙක් වැට කඩන විට එල්ලා ඇති දෑ එකට ගැටී නැඟෙන හඬෙන් ගොවියාට එලාම් එකකි. මෙමම් වැට හොල්මන්වැට කියන්නේ කඩද්දී හඬ නැඟෙන බැවිනි.

      Delete
    4. සාම්ප්‍රදායික විදිහට වැටක් බැඳීම ආරඹන්නේ හිමිදිරි පාන්දරින් උදාවන ‘දිවිකරන’ නැකත අනුව බව කියති. විස්වාසය අනුව දිවියාදඩ්මස් ගිලදම ආපසු ගුහාවට ඇදෙන වේලාව නිසා කිසිදු සතෙක් එළියට නොබසින බැවින් මෙම වේලාව ඉතා සුබ වෙලාවක් ලෙස ගැමියන් සිතති. වැලි කුකුල් වැටිය හේන වටා කොටන්නේ හේනේ කුරක්කන් උඳු මුං ආදි බෝග වර්ග වැපිරීමට පෙරයි.

      මේ වලිකුකුල් වැටිය සකස් කරන්නේ හේනේ වපුරන ඇට වර්ග කෑමට එන වලිකුකුළන් හාවන් මීමින්නන් වැනි සතුන්ගෙන් ආරක්ෂා වීමටත් වඩා උන්ගේ මස් ලබා ගැනීමටයි. මේ වැටිය හේන වටා බඳින වැටට බඹ කීපයක් ඈතින් අඩි දෙකක් පමණ උසට කොළඅතු දමා වැටියක් මෙන් ප්‍රධාන වැට වටේට බඳියි. වලිකුල්වැටියේ තැනින් තැන අඩියක් පමණ පරතර ඇති කඩුලු තබා ඒ කඩුළුවල උගුල් අටවා හේනට එන කුඩා සතුන් වැටිය වටා විත් මේ කුඩා කඩුල්ලෙන් ඇතුළු වන විට උගුල ගැස්සී උගුලට හසුවේ. හේන්ගොවියාගේ දෛනික ආහාර වේල රසවත් කිරීමට මේ සතුන්ගේ මස් උපකාර වේ.

      Delete
    5. දෙවියන්ට පඬුර ගැට ගසා අයියනායක /ඉලන්දාරි /බහිරව මෙන් ම පුල්ලෙයාර් දෙවියන්ටද බාර වී පඬුරු ගැටගසති. එමෙන්ම ඔසප්වූ කාන්තාවන්ට හේනට ඇතුළුවීම තහනම්ය. ඉහත කිව් වලිකුකුල් උගුල් වැටිය මෙන්ම හේනට එන වඳුරන් රිලවුන්, උගුඩුවන්, උරුලෑවුන් ආදී සතුන් සඳහා ද උගුල් අටවති.

      එකල හේනට එන සතුන් ඇල්ලීම සඳහා උගුල් වර්ග රැසක් වලි කුකුල් උගුල්, රිලා උගුල්, කොබෙයි උගුල් වැනි සතාගේ ප්‍රමාණ අනුව උගුල් තිබිනි. වල් අලින්ගෙන් ආරක්ෂාවට බොරුඋගුල් හැදුවේ කලවැල් නම් වැල් විෂේශය ගෙන පාපැදි රෝදයකටත් වඩා ලොකු අඩදායක් අලිමංකඩවල උන්ගේ උසට ගැලපෙන්න එල්ලූ විට අලියා ඉන් යාමට භයෙන් වෙනතක යන්නෙ උගුලක් යයි රැවටීමෙනි.

      Delete
    6. ඉස්සර මහ කැලෑ මැද එළිකර තනන හේනක බවබෝග සඳහා රැකීමට පිළිවෙත් රැසක් තිබුණි. ටකබැඳ ඒවා ලණු මඟින් පැලට ඇද ඉන් පොටක් ඇද්ද විට හේන පුරාම ටක ටක හඬින් සතුන් බයකර හේන රකිති. කොතරම වෙර වීරිය දැරුවත් ඌරා, රිළවා අලියා, මීමින්න, කුරුල්ලන් ආදී සතුන් රසකින් හේනපාළු වුණත් ගොවියාගේ දහසක් රැකවල් උපක්‍රම වලින් අසීරුවෙන් බවබෝග රැකගනිති. මූකලං හේන්, කනත්තු හේන්, අත් දඬු හේන් වැනි මොන හේනටත් මේ රැකවල් ඉතා වැදගත් වුණා.

      Delete
  7. හුකා. 🙈.. දැන් මතක් කොරහන්කෝ හේන වල්.

    නිකමට වගේ නෙමෙයි නිතරම මතක් වෙන්නෙ "චතුරිකා සිරි"හේන""

    😍

    ReplyDelete
    Replies
    1. අපිට මතක් වෙන්නේ හිටං සිරිහේනගේ, තාත්ත සිරිහේනගේ නෝනා සිරිහේන.

      Delete
    2. එවුවා හේන් නෙවෙයි... සොහොන්!

      Delete
    3. කිරිකට් සෙල්ලම් කොරන ගොවිමහතෙක් ඔය "චතු හිරි" හේන කොටනව කියල පහුගිය කාලේ ගම්කොරේ හැමතැනම කතා උනා. ඉස්සර වගේ නොවේ දැන් කාලේ එකාලා ඔය කිසි හේනක් පුරන් වෙන්ඩ දෙන්නේ නැහැ හොරෙන් හරි කොටල දානවා. පුංචි අම්මපා !!! බොරු නම් අහල බලපල්ල ලප-කුමාර ගෙන්

      Delete
  8. පිස්සු හැදෙයි... සඳ බැබලෙයි... මරු බන්... නාරාහේන්පිට නෑ නේද?

    ReplyDelete
    Replies
    1. නාරාහේන්පිට දාමු! තැන්කිව්

      Delete
    2. ඉස්සර කාළේ ගමයා හේන් කොටන්න ගියාම, අහල පහල කොල්ලො ගියාලු ගම ගෙදෙට්ට, ගම හාමිනාට කොටන්න හිටන්.....

      Delete
    3. එතකොට කෙටුවලු පොරවකින් ඔලුවට හිටන්...!

      Delete
    4. This comment has been removed by the author.

      Delete
    5. ඈ බං ශෙෆෝ පොරෝ පාර තියෙන්නේ ඔළුවෙද එතකොට හිටන්...!

      Delete
    6. // ඉස්සර කාළේ ගමයා හේන් කොටන්න ගියාම, අහල පහල කොල්ලො ගියාලු ගම ගෙදෙට්ට, ගම හාමිනාට කොටන්න හිටන්..... //

      රෑ පැල් රකින කුරහන් පැහෙනා හේනේ
      මගෙ තනි නොතනියට නුඹවත් නැතුවානේ....

      Delete
    7. // chef-architectJanuary 11, 2017 at 3:08 AM

      එතකොට කෙටුවලු පොරවකින් ඔලුවට හිටන්...! //

      සත් ගුනවත් වැලිරාජු උපාසකමහතාට නිවන් සැප ලැබේවා!

      Delete
    8. // Aruna PereraJanuary 11, 2017 at 3:43 AM

      ඈ බං ශෙෆෝ පොරෝ පාර තියෙන්නේ ඔළුවෙද එතකොට හිටන්...! //

      අප හිතවත් අරුණ මැතිඳා අසන කල
      පවසමි ඒක තිබුනේ ඇගෙ කලව මුල!

      Delete
  9. ඇයි මොරගහ හේන, ගල්හේන, කලගෙඩි හේන,

    ReplyDelete
    Replies
    1. ගල්හේන දැම්මා... අනිත් දෙක ට ස්තූතියි!

      Delete
  10. සරස හේන් ගැන ලියපු පෝස්ට් එක එළ. හැබැයි විමලස්-හේන ගැන සරස බුවා මොකෝ කියන්නෙ? ජෙප්පොනම් කියන්නෙ විමල් වීරවංශ ජනතා විමුක්ති පෙරමුනේ හිටියනම්, පක්ෂෙත් ගොඩ, විමලුත් ගොඩ, සිංහල ජාතියත් ගොඩ, රටත් ගොඩ කියල. නමුත් දැන් මරා එක්ක හොරාකන්න ගිහින් මෑන්ස් නැත්තට නැතිවුණා නේද?

    ReplyDelete
    Replies
    1. පරණ ජෙප්පෝ සමාන්යයෙන් නවතින්නේ හේනේ මාමලා වෙලා සිරිකොත හරි වෙන කොතක හරි අපුල්ලන්නෝ වෙලා නේ හිටන්!

      මැන්ස් කොහෙද නැති වුනේ? ජීවිතේටම පෙන්ශන්... කාර් පර්මිට්.. ලඟදීම ඇමතිකම්..... මිනිහා ගොඩේ ගොඩ හිටන්!

      Delete
  11. වාලච්චේන හා අඩ්ඩලචේනයි ගැන මොකද කියන්නේ?

    ReplyDelete
    Replies
    1. දෙකම අහලා තිබුනට ලිපියට අඩන්ගු කොරන්න අමතක වුනා.... මතක් කොලාට බොහෝම ස්තූතියි ඉයන් තුමෝ!

      Delete
    2. මචන් සරසෝ,

      ඉයන් තුමා නෙවෙයි බොල අපේ "ඉකොනො" තුමා? හෙහ් හෙහ් !

      වයසට යනකොට ඔහොම තමයි බන්, පොඩ්ඩක් පෙනීම අවුල් යනව. මචෝ උඹ ඒ.එල්. කළේ කොයි කාලෙද? ගෝමස් ලොක්ක එන්න කලින් ඉස්කෝලෙන් අවුට් වුණැයි? අපිනම් ඉතින් ගෝමසාගෙ පොරටෝක් අසල ආතල් ගත්තු කොල්ලො හරිය.

      Delete
    3. දෙකම අහලා තිබුනට ලිපියට අඩන්ගු කොරන්න අමතක වුනා.... මතක් කොලාට බොහෝම ස්තූතියි ඉකොනෝ තුමෝ!


      ඔබතුමා ඉයන් තුමා ලෙස වරදවා හඳුනාගැනීම ගැන සමාවන්න!

      Delete
    4. // වයසට යනකොට ඔහොම තමයි බන්, පොඩ්ඩක් පෙනීම අවුල් යනව. මචෝ උඹ ඒ.එල්. කළේ කොයි කාලෙද? ගෝමස් ලොක්ක එන්න කලින් ඉස්කෝලෙන් අවුට් වුණැයි? අපිනම් ඉතින් ගෝමසාගෙ පොරටෝක් අසල ආතල් ගත්තු කොල්ලො හරිය. //


      ඇනෝ මලයෝ... බොහොම ස්තූතියි මාව නිවැරදි කරාට හිටන්!

      අපි නම් LDH Pieris මහත්තය්ගේ කාලෙ ඇතුලට ඇවිත් CTM Fernando මහත්තයා පිට වෙන්න කලින් ම පිට වුනා

      Delete
    5. ///අපි නම් LDH Pieris මහත්තය්ගේ කාලෙ ඇතුලට ඇවිත් CTM Fernando මහත්තයා පිට වෙන්න කලින් ම පිට වුනා///

      ඔය කියන කාලේ බැසිලා, ගාමිණි දිසානායකගේ "සෙවණ" යටතේ යූ.ඇන්.පී. එකේ.... එතකොට ම.රා. නිකම්ම නිකම් දෙකයි පනහේ හාල් කෑල්ලක් බන්... ඌට මන්ත්‍රීකමක්වත් තිබුණේ නෑ....

      ඌව උඩ දාන්නේ අමුම අමු ගොන් බයි හරක් මැට්ටෝ.

      Delete
    6. // ඌව උඩ දාන්නේ අමුම අමු ගොන් බයි හරක් මැට්ටෝ. //

      ගොන් මී හරක් සමග එකතුව බත (බයි ) නිපදවන කුලකයට අයත් අප මැටි පොලොවේ දෙපා තබාගෙන සෘජුව නැගී සිටින්නාට ගරු කරමු!

      Delete
  12. තුන්අඳහේන ගැන අහල තියෙනවද?

    ReplyDelete
    Replies
    1. ඉකොන්....අතුරුගිරිය.. වානේ සංස්ථාව...ශාන්තාලෝකගම...තුන්අඳහේන..

      අපිත් ඔය හේනේ කාලයක් හිටියා මගේ මස්සිනාගේ ගෙදර.

      Delete
    2. අහලා තිබුනාට කොහෙද කියලා නිච්චියක් තිබුනේ නැහැ... මතක් කලාට ඉකොනෝ තුමාටත්, ඉස්තීරෙටම තැන කිවුවට අරූ තුමාටත් ස්තූතියි!

      Delete
  13. බොහොම අගෙයි සරස පුතා....

    හේන් කිව්වාම මට මතක්වුනේ සයිමන් නවගත්තේගමගේ කතාවක් ඇසුරෙන් සුමිත්‍රා පීරිස් හැදු සාගර ජලය මදි හැඬුවා ඔබ හන්දා චිත්‍රපටය. ඒකත් ඔය හේන් ආශ්‍රිත වටපිටාවක්. ස්වර්ණාගේ ඇක්ටිං මතක් වෙනවා.

    මෙන්න පොඩි කොටසක්.

    අජන්තා රණසිංහ ලියු, අබේවර්ධන බාලසූරිය/ත්‍යාගා එන්.එඩ්වඩ් ගැයු, සරත් දසනායක සංගීතවත් කල " රෑ පැල් රකින කුරහන් පැහෙනා හේනේ" දැන් ඇහෙන්න දාන්න තරම් එෆ්.එම්. කාරයින්ට වෙලාවක් නැතුව ඇති.


    ReplyDelete
    Replies
    1. තැන්කූ අරූ තුමෝ...

      රෑ පැල් රකින ගීතය මාත් කැමති ගීතයක්!

      Delete
    2. නිරෝෂා විරාජිනීගේ "පුන්සඳ රෑට ඇවිදින් හේනේ කළුව බිඳ" ගීතයත් සියල්ල සර්ව සම්පූර්ණ ගීතයක්...

      Delete
    3. @ Aruna Perera

      රුක් දෙවි තැන පැමිණ ගම්වැද විත් ළඟට
      ගෙනයන තුරුම මුල්ලේගම වන රොදට
      සයිමන්, ඔබ ගෙනෙන දඩයම කා රසට
      බුදියන අපට ඇනපන් ටොක්කක් සැරට

      හත්-පත්තුවේ හිඳ දුක් පිළිවෙත සපුරා
      විත් සෙයිලමේ විඳ සුඛ විහරණ අනුරා
      සිත් අසපුවේ මැද මහ දහමක් වපුරා
      මත් කරලුවේ, එද යළි නික්මුණි ඇදුරා

      ක්‍ෂීර සාගරය කළඹා කර නින්දා
      බාවනාව බිඳ නුඹ නික්මුණු හින්දා
      සාංකාව කවදා යාවිද මන්දා
      සාගර ජලය මදි සයිමන් ඉකි බින්දා

      ----තිළිණ ප්‍රියලාල් කොග්ගලගේ

      http://www.boondi.lk/article.php?ArtID=3430

      Delete
    4. සගය අරුණය,

      සැබවින්ම "සාගර ජලය මදි හැඬුවා ඔබ හන්දා" යනු නවගත්තේගම සූරින් ලියු "උභය ජීවී කුල මැඩි යුවතියකගේ" ප්‍රේම කතාවය. සුමිත්‍රාවන් තම සිනමා සිත්තමට පාදකකොට ගත් කෙටි කතාවෙහි නාමය නවගත්තේගම සූරින් ලියු "මං නැතිදා" ය. මේ දෙකම එක් කෙටි කතා පොතක වන අතර එහි නම "සාගර ජලය මදි හැඬුවා ඔබ හන්දා" වේ. නමුදු ඒ නම සිනමා සිත්තමට යෙදුමෙහි දොසක් නොමැත.

      කලෙක හේන් දිවියේ කටුක බව නවගත්තේගමයෝ සැබවින්ම අත්දුටහ. මේ සිත්තමෙහිද "හේනයකු" වෙයි. ඒ රඟනුයේ දිවංගත සුනිල් හෙට්ටිආරච්චියන්ය.

      රජක කුල යුවතියකගේ මුළු නම චන්ද පොලෙකදී උස් හඬින් කියවෙනු විට ඈ කම්පනය වනු දුටු මැතිවරණ නිලදරුවකු වූ රතන සිරි විජයසිහයෝ ප්‍රකම්පිතව මේ ගේය පද ලිවූහ.

      "ලෙන්චිනා මගෙ නංගියේ ඇයි ගංතෙරට වී ගොම්මනේ..."

      - මයුරවිල මි.

      Delete
    5. // නිරෝෂා විරාජිනීගේ "පුන්සඳ රෑට ඇවිදින් හේනේ කළුව බිඳ" ගීතයත් සියල්ල සර්ව සම්පූර්ණ ගීතයක්... //

      ඔවු.... මාත් ඉතාම ප්‍රිය කරනා ගීතයක්.. තැන්කූ මාතලන් ලොක්කා!

      Delete
    6. // AnonymousJanuary 11, 2017 at 5:07 AM //

      +++++++++++++++++

      Delete
    7. මයුරවිල මහතාණෙනි,

      ඔබ අරුණ පෙරේරාණන්ට අමතා සිටියදී සංවාදය මැදට පැමිණීම ගැන කමා කරන්න. මා ඔහු නොවූවත් මෙම රසවත් අදහස් දැක මෙම කමෙන්ටුව ලිවීමට සිත්විය. ඔබගේ රසාලිප්ත කරුණු අතුලත් සොඳුරු පදවැලට බෙහෙවින් ස්තූතියි. මෙබඳු හරවත් දෑ තව තවත් ලියමින් විකාර කාර්යින්ගේ විගඩම් වලින් වැසී අඳුරු යුගයකට පත් හෙළ වියුණු ලොවට ආලෝකය ලබාදෙන ලෙස ඔබෙන් ඉල්ලා සිටිමි. ස්තූතියි !

      Delete
    8. // රජක කුල යුවතියකගේ මුළු නම චන්ද පොලෙකදී උස් හඬින් කියවෙනු විට ඈ කම්පනය වනු දුටු මැතිවරණ නිලදරුවකු වූ රතන සිරි විජයසිහයෝ ප්‍රකම්පිතව මේ ගේය පද ලිවූහ.

      "ලෙන්චිනා මගෙ නංගියේ ඇයි ගංතෙරට වී ගොම්මනේ..." //

      එය කියවා අපද කම්පනයට පත් වුනා...

      සැමදා වියත් ආලෝචන ලියනා ඔබට ස්තූතියි ගරු මයුරවිල මැතිඳුනි!

      Delete
    9. @ 5.07 ඇනෝ....
      ///සාගර ජලය මදි සයිමන් ඉකි බින්දා
      ----තිළිණ ප්‍රියලාල් කොග්ගලගේ////
      පට්ට කොල්ලෙක්නේ. ඇනො සර්...මේ වගේ දේවල් මෙහෙම ගෙනත් ඔබන එකට බොහොම ස්තූතියි. මගේ බ්ලොග් එකක් තියෙනවා හීනියට. මේ වගේ නිර්මාණ හමුවුනොත් , මගේ පෝස්ට් එක මොකක් වුනත්, ඒකට ගෙනත් එල්ලන මෙන් ආදරයෙන් ඉල්ලා සිටිනවා.

      Delete
    10. සබඳ මයුරවිලයෙනි,

      යමෙක් සිය සම්පූර්ණ නම ප්‍රසිද්ධියේ හඬ නගා කියවද්දී එනම හිමියන් තුළ ඇතිවනු ඇත්තේ ඉතා ප්‍රීතිමත් හැඟීමකැයි අපි විස්වාස කරන්නෙමු. නමුත් එය සෑම පුද්ගලයකුටම පොදු ද යන්න අප තවත් වතාවක්‌ සිතා බැලිය යුතු කරුණක් වන්නේ ඇයි?

      ලාංකීය සමාජයේ සම්පූර්ණ වාසගම සහිත නම කියත්දී එමගින් එම තැනැත්තා නියෝජනය කරන කුලය කියවෙන අවස්‌ථා බහුලව ඇති බැවිනි. එසේ කියවෙන කුලය සමාජයේ පහත් යෑයි සම්මත කුලයක්‌ නම් ඔහු හෝ ඇය ඒ මගින් දැඩි අපහසුතාවකට ලක්‌වන බව නොරහසකි.

      එබඳු දුක්බර අවස්‌ථාවක්‌ ප්‍රායෝගිකව අත්විඳි ප්‍රතිභාපූර්ණ ගීත රචකයෙක්‌ එම අත්දැකීම ඇසුරින් පසු කලෙක අපූර්ව ගීතයක්‌ සිංහල ගී කෙතට දායාද කළ අතර ඔබ විසින් ඉහත දැක්වුණේ එම රසවත් ගී පබැඳුමයි.

      ලෙංචිනා මගෙ නංගියේ ඇයි - ගංතෙරට වී ගොම්මනේ //

      පෙත්තරේ ළඟ පැන්තොටේ - ගම්මානයේ පව් සෝදනා
      රත්තරන් වී කළු වළාකුළු - චන්ද්‍රයා සේ පායනා
      ලෙංචිනා ඇති වැඩකළා දැන් - ගෙදර යං කළුවර වුණා

      පිංවතුන් කැළ ඇන්ද සළු පිළි - සේදුවා නුඹ සේදුවා
      තාම නෑ කිළි කුණු ගිහින් ඒ - කිම්ද නොදැනේ කාරණා
      සේදිලා පරිශුද්ධ වීමෙන් - යුග දෑත් නුඹෙ බබලනා

      මා දන්නා පරිදි නම් රත්න ශ්‍රී විජේසිංහයන් අතින් ලියැවුණු රෝහණ වීරසිංහයන්ගේ මියැසියට සුනිල් එදිරිසිංහයන්ගේ ලයාන්විත හඳින් ගායනා කෙරෙන මෙම ගීය ගැන විමසා බැලීමට පෙර ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන කුල ක්‍රමය පිළිබඳ යම් සංවාදයක් කිරීම වැදගත් යැයි සිතමි.

      Delete
    11. // මා දන්නා පරිදි නම් රත්න ශ්‍රී විජේසිංහයන් අතින් ලියැවුණු රෝහණ වීරසිංහයන්ගේ මියැසියට සුනිල් එදිරිසිංහයන්ගේ ලයාන්විත හඳින් ගායනා කෙරෙන මෙම ගීය ගැන විමසා බැලීමට පෙර ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන කුල ක්‍රමය පිළිබඳ යම් සංවාදයක් කිරීම වැදගත් යැයි සිතමි. //

      ඉතාම කාලෝචිත අදහසක්!

      Delete
    12. @මයුරේ....මේ තොරතුරු එක තැනකට එකතුකරන එකට තුති. මට පොඩි ගැටලුවක් තියෙනවා මේ චිත්‍රපටයේ කතා වස්තුව ගත්තේ කොතනින්ද කියලා. සයිමන් විසින් "ඔබ මළ පසු" කියා පොතක් ලියා තිබෙනවාද? ඒ පොතයි, මේ ෆිල්ම් එකයි අතර සම්බන්දයක් තියෙනවද...

      රත්නශ්‍රීගේ "සුදු නෙළුම කෝ සොරබොර වැවේ" ගීතයත් මේ වගේම හිත හඬවන කතාවක් නේද..මේ ගීතයේ සංගීතයත් අමරදේවයන්ගේමයි.

      අසා නැති කෙනෙක් රසවිඳින්න.
      අසා නැති කෙනෙක් රසවිඳින්න.

      මයුරේ, අරූගේ ගුබ්බෑයමටත් මෙවැනි රසවත් දේ එකතුකරන්න. මම දන්නවා වර්ඩ්ප්‍රෙස් කරදරයක් බව. ඒත්...

      Delete
    13. සාරස,

      පුරාණ භාරතය ප්‍රමුඛ දකුණු ආසියානු අර්ධද්වීපයේ දේශයන්ට පමණක්‌ සීමාවුණු ප්‍රබල සමාජ ස්‌ථර ක්‍රමයක් වූ කුල ක්‍රමය සම්බන්ධයෙන් අවධාරණය කළ ප්‍රකට සමාජ විද්‍යාඥයන් වන ඊ. ආර්. ලීච්, සේනාථයන්, ශ්‍රී නිවාස්‌, නූර් යාල්මන් ඇතුළු පිරිස මෙය උපතින්ම හිමිවන සමාජ බෙදීමක් මෙන්ම යමෙකුගේ රැකියාව, විවාහය, හැසිරීම, ඇඳුම් පැළඳුම් ආදී වශයෙන් සමස්‌ත දිවි පැවැත්ම පිළිබඳව තීරණය වන ප්‍රබල සාධකයක්‌ බව පෙන්වා දුන්නේ බොහෝ කලෙකට පෙරය. එදා රොබට්‌ නොක්‌ස්‌ විසින් රචිත සිලෝන් ගතෙහි හෙළ බස් පෙරැළුම "එදා හෙළදිව" අනුවත් ලංකාව තුළ ඈත යුගයන්හි පටන් කුල ක්‍රමය ඉතා ප්‍රබල ලෙස ක්‍රියාත්මකව තිබූ බව පැහැදිලි වේ.

      වර්ෂ 1832 දී කෝල්බෲක්‌ ප්‍රතිසංස්‌කරණ යටතේ ඇති වූ ආර්ථික ව්‍‍යුහයේ වෙනස්‌වීම හේතුවෙන් එතෙක්‌ මෙරට ක්‍රියාත්මකව පැවැති කුල ක්‍රමයද යම් බිඳවැටීමකට ලක්‌ වූ නමුත් අද පවා අදෘෂ්‍යමාන බලවේගයක්‌ සේ එය මෙරට ක්‍රියාත්මක වන බව අපි දනිමු. පුවත් පතක මංගල යෝජනා පිටුවකට නෙත් යොමු කළහොත් ඒ බැව් ක්‍ෂණිකව දැකිය නොහැකිද?

      යමෙකුගේ ක්‍රියාවෙන් මිස උපතින් කෙනකු බමුණකු හෝ වසලයකු නොවේය. (භාරතීය කුල ක්‍රමයේ සීමාන්ත දෙක බමුණා සහ වසලයාය.) යන සංකල්ප අන්තර්ගත වූ නිර්මල ථෙරවාදී බුදුදහම පවා අද කුල ක්‍රමයම මූලික වී නිකාය සහ අනු නිකාය වශයෙන් බෙදී ගොස්‌ ඇත. එසේ වුවත් "කුලය" පිළිබඳ ප්‍රසිද්ධියේ කතා නොකිරීම තම ශිෂ්ට බව හා හැදියාව සංකේතවත් කරන්නක්‌ යෑයි සිතීමට අපි පුරුදුව සිටිමු. දැනට යම් පමණකට හෝ අප රටේ කුලය පිළිබඳ ප්‍රසිද්ධියේ කතා කරනුයේ සමාජ විද්‍යාව නම් විෂය ක්‍ෂේත්‍රයේදී පමණි.

      මනුෂ්‍යයන් ලෙස උපන් සැමට උරුම විය යුතු පොදු හැඟීම්, මූලික අයිතිවාසිකම් විඳගැනීමේදී මෙම කුලය නමැති සාධකය සෘජුව හෝ වක්‍රව බලපෑම් කළහොත් සංවේදී කලාකරුවකුට නිහඬව සිටිය හැකිද? තමාගේ වපසරිය තුළ උපරිමයෙන් ඒ ප්‍රශ්න කිරීමට ඔවුහු පසුබට නොවෙත්. කෙසේ නමුත් සැබෑ කලාකරුවා එහිදී ක්‍රියා කරනුයේ ආගමික නායකයකු, සමාජ ශෝධකයකු හෝ සමාජ විද්‍යාඥයකු ලෙස නොවන බවද අප විසින් වටහාගත යුතු නොවේද?

      වියත් මයුරවිල සූරීන් ඉහත සඳහන් කරන ලද ගීය නිර්මාණය කිරීම සඳහා රතන සිරි විජයසිහ නම් සූර කවියාට අත්දැකීම ලබාදී තිබෙන්නේ කුල ක්‍රමයේ ප්‍රතිඵල ප්‍රදර්ශනය වූ එක්‌ අවස්‌ථාවකි.

      යම් ඡන්දපොළක ස්‌ථානාධිපතිවරයකු ලෙස රාජකාරි කිරීමට ගිය ඔහුට නිලධාරීන් හිඟවීම නිසා ඡන්ද දායකයන්ගේ නම් කියා කැඳවීම් කාර්යයද ඉටුකිරීමට සිදු වූ බැව් කියැවේ. මෙවන් අවස්‌ථාවල නම කියවනුයේ වාසගම ද සහිතව ඉතා ඉහළින් හඬ නැගෙන සේය. මෙසේ නම අමතන විට එක්‌තරා මැදිවියේ කාන්තාවක්‌ දැඩි අපහසුතාවකට පත්ව විළියෙන් ඇඹරෙණු රත්න ශ්‍රී කවියාගේ අතිශය තියුණු වූ තෙවන ඇසට ග්‍රහණය විය. සාමන්‍යයෙන් ප්‍රතිභාපූර්ණ කලාකරුවන්හට තෙවන ඇසක්‌ තිබෙන බව සාහිත සයුර පිහිනා එසතර මනාව පිරිසිඳගත් වියතුන්හට වෙසෙසින් නොකිවමනාය.

      Delete
    14. ඉංග්‍රීසි පාලන සමයේ 1931 ඩොනමෝර් ප්‍රතිසංස්‌කරණ අනුව අවු 18 න් ඉහළ සෑම පුරවැසියකුටම හිමි වූ ඡන්ද බලය වැනි උත්තරීතර අයිතිවාසිකමක්‌ ප්‍රකාශ කිරීමට ආ විටෙකත් කුලය නම් සාධකය තමාට පීඩාවක්‌ ගෙන දීම කොපමණ අනුවේදනීයද යන්න මතුකරමින් රත්න ශ්‍රී කවියා ලෙංචිනා ගීය ලියන්නට පෙළඹීය.

      සාමාන්‍යයෙන් ලෙංචිනා නමින් අප සිහියට එන දයානන්ද ගුණවර්ධනයන්ගේ ජසයා සහ ලෙංචිනා නාඩගම හෝ එයයට පසුබිම් වූ ජස ලෙංචිනා කෝලමේ චරිතය අයත් වූයේ කුලවතුන් යෑයි සම්මත අයට වියන් පාවඩ අතුරන ඔවුන්ගේ කිළිටි සෝදන රජක නමැති කුලයකටයි. එම කුලය සතු සමාජ තත්ත්වය හා කාර්ය කොටස්‌ පිළිබඳව ඉතා පුළුල් ලෙස නිරූපණය වූ කෘතියක්‌ ලෙස ඇරැව්වල නන්දිමිත්‍ර සූරීන්ගේ 'මම නුඹ සිඹිමි' නව කතාව හඳුන්වාදිය හැකිය. කාලාන්තරයක්‌ තිස්‌සේ ලෙන්චිනා තමාට උරුම වූ එම කුල රැකියාව කරන්නීය. කුල ක්‍රමයේ ප්‍රධාන සංකල්පය පවිත්‍රත්වය හා කිල්ලයි. පහත් යෑයි සම්මත කුලවල උපදින්නේ පෙර කළ පව් නිසා බවත්, තම කුල රැකියා නිසි පරිදි ඉටුකිරීම තුළින් මතුවට ඉන් මිදිය හැකි බවත් සමාජ සම්මතයකි. එහෙත් ලෙන්චිනාට තවමත් එම අවස්‌ථාව උදාවී නැත. ඇගේ ලොවට සැමදාම ගොම්මන මිස අලුයමක්‌ උදා නොවේ.

      "පිංවතුන් කැළ ඇන්ද සළු පිළි - සේදුවා නුඹ සේදුවා
      තාම නෑ කිළි කුණු ගිහින් ඒ - කිම්ද නොදැනේ කාරණා

      මෙහි ලෙන්චිනා වෙත කරන දයාර්ද්‍ර ඇමැතුම ඉක්‌මවා ඉස්‌මතු වන උත්ප්‍රාසය කෙතරම් තියුණුද? ඔහු මෙම පැනය යොමන්නේ කුලවාදයට නතු වූ සමස්‌ත සමාජයටම නොවේද?

      Delete
    15. මෙම ගීතය සමාජගත වූ පසු ලෙන්චිනාගේ ආත්ම කථනයක්‌ ලෙසින් තවත් අපූර්ව ගීතයක්‌ රත්න ශ්‍රී අතින් ලියෑවුණි. ඔස්‌ටින් මුණසිංහයන්ගේ සංගීතයට එය ගැයුවේ ඉන්දීවරී අබේරත්නයි.

      තන තම් දෙනා - තන තානෙනා
      සළු සෝදනා මම ලෙන්චිනා
      ඔච්චම් කරන්නට නම් එපා මට
      සළු වඩනා මැණිකේ කියා

      ගංගොඩේ සිල් රෙදි පුරා
      මගෙ අත්වලින් සුද ගෑවුනා
      පිං පිරී පුංසඳ මගේ
      පායයි කියා උන්නා බලා

      කෝ ඉතින් ....

      මෙම ගීතයෙන්ද ලෙන්චිනා නියෝජනය කරන කුලය පිළිබඳ පුළුල් සමාජ විවරණයක්‌ වනිත කෙරේ. උඩරට උසස්‌ කුල කාන්තාවන් හැඳින්වීම සඳහා මැණිකේ යන නාමය යොදන බැව් අපි දනිමු. "සළුවඩන මැණිකේ" යනු උපහාසාත්මක යෙදුමකි. නිසි වයස සම්පූර්ණ වූ පසුව ගැලපෙන සහකරුවකු සමග දීගයැම තරුණියන්ගේ ප්‍රාර්ථනාවයි. එය ලෙන්චිනාට ද පොදුය. එහෙත් අන් අයට නැති බාධකයක්‌ ලෙන්චිනාට ඇත. ඒ බැව් ගීතයෙන් නිරූපණය වන්නේ සංවේදී සහෘද හදවත්හි සානුකම්පිත හැඟීම් ජනිත කරවමිනි.

      "කෝ ඉතින් ...............

      ලී කොලොම්බුව දොර පිලේ මිටි වී ගියා
      මලවියා පිට මග ගියා මගෙ - පයට පාවඩ නෑ කියා

      මෙම තේමාව ඔස්‌සේ රත්න ශ්‍රී ලියූ ගීත අතර "නිර්මලා" ගීතය ද අපට අමතක කළ නොහැක. එය සමාජගත වූයේ 1999 වසරේ විශාරද ගුණදාස කපුගේ සමග එක්‌ව එළිදැක්‌වූ "ඉරබටු තරුව" කැසට්‌ පටයෙනි. යුග ගීතයක්‌ වූ එය ගායනයේදී කපුගේට සහාය වූයේ නිරංජලා සරෝජනීය.

      "කපු - නිර්මලා ලොන්ඩරිය හිමි සළුවඩන මැණිකේ නිර්මලා
      මල්හිනා නුඹෙ තැවරිලා කිරි ඉද්දමල්වැට පීදිලා

      නිර්මලා - කුල ගෙවල් සැරසිලි කළත් අපි සළු වඩා පාවඩ එලා
      නිර්මලා නිර්මල නැතැයි මා ඔබ ලොවින් පිටමන් කළා

      රතන සිරි විජයසිහයන්ගේ මේ ගීතයෙන් කුල හීන යයි සම්මත යුවතියක හා කුලීන යයි සම්මත තරුණයකු අතර වූ ප්‍රේමයක වියෝවක්‌ පිළිබඳ පැවසේ. ප්‍රේමය යනු විශිෂ්ටතම මනෝභාවයකි. ප්‍රේමයේ වියෝව විශේෂයෙන්ම ගීත රචකයන්ට ඉතා සමීප තේමාවකි. එවන් විරහ ගී අප කොතෙක්‌ අසා තිබුණද මෙය එම ගීතවලට වඩා වෙනස්‌ ස්‌වරූපයක්‌ ගත්තකි. මෙම ගීතයේ එන තරුණිය හා තරුණයා ගොඩනගාගත් සුන්දර ලෝකය කඩා බිඳ දමන ලද්දේ කුලවාදී සමාජයේ කුළුගෙඩි පහරිනි.

      ගීතයෙන් කියවෙන නිර්මලා නම් තරුණිය ලෙන්චිනාගේම කුලයට අයත් බැව් ගීතයේ වනිත වන්නේ "ලොන්ඩරිය" යන වදනෙනි. එහෙත් මෙහි "සළු වඩන මැණිකේ" යන යෙදුම දක්‌වා ඇත්තේ වෙනත් අරුතකිනි. එසේම පවිත්‍ර යන අරුත දෙන නිර්මලා යන නම කුල හීන යෑයි සම්මත තරුණියට යෙදීමද උත්ප්‍රාසය මතුකරන්නෙකි. ඉන් සමස්‌ත ගීතයේම අභිලාසය මුදුන්පත් කර ගැනීමට දැඩි රුකුලක්‌ ලැබේ. නිර්මලා නිර්මල නොවුණේ ඇයි? සැබවින්ම එම පැනය ද යොමුවන්නේ ඇගේ කුලීන පෙම්වතාට පමණක්‌ නොවේ.

      මෙම වියෝවෙන් වඩාත් අසරණව සිටින්නේ නිර්මලාම බව හැඟවීමටද රචකයා යත්න දරා තිබේ. සිය කුල චාරිත්‍රවලට අකැමැත්තෙන් හෝ හිස නැමූ තරුණයාට පසු කලෙක මෙම වියෝගය සැමරුමක්‌ පමණි. ඒ සැමරුම ඔහු වෙත ළඟා කරන්නේ සිය පැරණි දින පොතකි. එහෙත් නිර්මලා එදා සිටම තවමත් එම වියෝවෙන් විඳින්නියකි. ඇය තවමත් දිවි ගෙවන්නේ කඳුළින්මය.

      "මා හෙළුු කඳුළින් තෙමුණු - සළු පිළි තවම නෑ වේලිලා "

      සැබවින්ම මෙය එක්‌තරා සමාජ යථාර්ථයකි. මෙවන් සබඳතාවලදී බොහෝ විට කුලීන යෑයි සම්මත අයට අවසානයේදී ඥතීන්, දේපළ, සමාජ තත්ත්වය ආදී හේතු මත අකැමැත්තෙන් හෝ හදවතට එරෙහිව ක්‍රියාකිරීමට සිදු වේ. එහිදී කුල හීන යෑයි සම්මත වූවෝම නොවෙත්ද වඩාත් අසරණ වනුයේ?

      එහෙත් ප්‍රේමය නමැති සුනිමල අරවින්දයට කුලගරුක සමාජය නමැති පිළී ගඳ මඩ ගොහොරුවෙන් මිදී විකසිත වීමට ඉඩ නොලැබුණත් ඒ අරවින්දය කෙතරම් සුවඳවත් දැයි හැඟවීමට ද රචකයා පසුබටව නැත. අවසන තරුණයාගේ "කිළිටි ඇඳුම්" සේදීම සඳහා අතට ගත් නිර්මලාගේ මුවට නන්වන මෙම වදන් විමසන්න.

      එදා සෙනෙහස නොකිලිටිව ඔබෙ - සිත පුරා පවතින නිසා
      හිමි නැතත් මට හුරු සුවඳ ඒ - ඇඳුම් අතරේ තියෙනවා

      රතන සිරි විජසිහයන්ගේ මෙම ගීත ත්‍රිත්වය විමසා බැලීම තුළින් ගීතය නම් ජනප්‍රිය සාහිත්‍යාංගය වඩාත් හරවත්ව සමාජ ප්‍රගමනය සඳහා යොදාගන්නේ කෙසේද යන්න පිළිබඳවත් මනා අවබෝධයක්‌ ලබාගත හැක. මයුරවිලයෙනි ඔබගේ විවේචනයන්ට විවෘතයි.

      Delete
    16. ඉතාම අගනා වටිනා ලියමනක්...... ඔබට බොහෝම ස්තූතියි ඇනෝ තුමනි එය මෙහි පල කලාට!
      මාත් මයුරවිල මැතිඳු ගේ විග්‍රහය බලාපොරොත්තු වෙනවා...

      Delete
  14. සාරස

    මෙන්න හේන් ගැන කියද්දි මගේ මතකයට එන ආසම ගීයක්, ඔහෙත් අකමැති නැතුව ඇති මයෙ හිතේ? සැබැවින්ම හරිම අනුවේදනීය විප්‍රලම්භ ශෘංගාරය වෑහෙන ගීයක්.

    රෑපැල් රකින කුරහන් පැහෙනා හේනේ - මගෙ තනි නොතනියට නුඹවත් නැතුවානේ
    හෙට දින නුඹත් දීගෙක ගිය පසු නෑනේ - මාසේ පෝය දා ‍වාගෙයි ගම්මානේ

    එගොඩහ ගොඩේ ඉස්මත්තෙදි දුටුවාට - ඇළ කණ්ඩියේ හිඳගෙන අත වැනුවාට
    මගෙ හිතුමනාපෙට මං බහ දුන්නාට - නාඬන් මස්සිනේ පෙර පින් නැතුවාට

    හැදුවේ ගෙපැල මට තනියෙන් හිඳින්නද - බාලේ ඉඳන් බැඳි ආලේ බිඳින්නද
    රෑ තුන්යමේ මේ හැටි දුක් ගෙවන්නද - හීනෙන් මිසක හැබැහින් එක් නොවන්නද

    නෑනා නැතත් කල දවසක් ගෙවෙන්නයි - සිටු කුමරියක් කරකාරෙට ලැබෙන්නයි
    පත්තිනි ගම්බාර දෙවියන් රකින්නයි - කුරහන් කපන දා මා සිහිකරන්නයි

    ගායනය : අබේවර්ධන බාලසූරිය
    පද : අජන්තා රණසිංහ
    සංගීතය : සරත් දසනායක

    ReplyDelete
    Replies
    1. පුදුමයි!

      මාතලන් ගේ කොමෙන්ටුවකට පිලිතුරු ලෙස මා එම ගීයේ මුල් පද ලියුවා

      ඉන් පසු අරූ තුමා ත් එම ගීය ගැනලියා තිබෙනවා දුටුවා..

      දැන් ඔබත් එම ගීයගැනම පවසනවා..

      ඔවු.. මේ මා ඉතා ප්‍රිය කරන ගීතයක්.. සහ අන් බොහෝ අයත් ඊට කැමැති බව පේනවා!

      Delete
    2. සමාවන්න සුළු නිවැරැදි කිරීමක්,

      ගායනය : අබේ සමගින් ත්‍යාගා එන්. එඩ්වඩ් ලෙස නිවැරැදි විය යුතුය.

      Delete
    3. මචං...මේකේ ගායනයට ත්‍යාගා එන්.එඩ්වඩ්ගේ නමත් එකතු වෙන්න ඕන.

      Delete
    4. පෙදෙහි හව් රසවිඳින සගයනී වනු කමා
      පහත ගී වැල් ඔබේ නෙතට යොමු නොකළාට

      “පිලේ පැදුර හේනට අරගෙන එනවා
      එලා පැදුර මැස්සේ එහි සැතපෙනවා
      රටා වියපු අත් දෙක මට සිහිවෙනවා
      හිතේ දුකට එතකොට කවි කියවෙනවා

      ඉර පායා ඉර අවරට ගියාදෝ
      සඳ පායා සඳ අවරට ගියාදෝ
      හැඬූ කඳුළු මුහුදට එක් වුනාදෝ
      හැඬූ කඳුළු මුහුදට එක් වුනාදෝ
      ළමා ළපටි නෑනා කොයි ගියදෝ

      ඔබේ කරට මල් මාලා ගොතන්නට
      මදු මල් පිපෙනවා හේනේ වැට දිගට
      ඔබේ කටින් ගී සීපද අහන්නට
      ඔබේ කටින් ගී සීපද අහන්නට
      තවමත් ගිරව් එනවා පෙර පුරුද්දට

      පිලේ පැදුර හේනට අරගෙන එනවා
      එලා පැදුර මැස්සේ එහි සැතපෙනවා
      රටා වියපු අත් දෙක මට සිහිවෙනවා
      හිතේ දුකට එතකොට කවි කියවෙනවා”

      ගායනය - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
      පද රචනය - මහගම සේකර
      තනුව - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව

      සගයිනි හෙළ ගී අඹර ඉර හඳ තරුමල් රටාවෙන් සිත්තමෙහි පුරෝගාමී වූ සිත්තරුන් දෙදෙනෙකි. ඒ මහගම සේකරයන් හා මඩවල සිරිසෙන් රත්නායකයන්ය. සේකරයන් ගැන දොඩන ලියන විද්වතුන් හට “මඩේ” යන නමින් සහුද ජන අතර පකටව සිටි මේ සොඳුරු මිනිසා අමතක වීද?

      කෙසේ නමුදු මා මුල් ඇරයුම සාරසයන් සහ අරුණයන් වෙතය. ඒ උන් ලියු ගේය පදවැල් දෙකක් මෙහි ගෙනෙන ලෙසටය.

      මා දෙවන ඇරයුම කුදලාගම සූරීන් වෙතය. ඒ “මඩවලක්” නොවූ මඩවලයන් පිලිබඳ වියණුවක් වෙනුවෙනි.

      Delete
    5. මේ ඇරයුම් මයුරවිල වෙතිනි.

      Delete
    6. අහෝ අමරාවන් ගේ හා දයාරත්නයන් ගේ ඇල් හේන අමතකව ගිය හැටි!!!

      https://www.youtube.com/watch?v=VsphrnEABl8

      Delete
    7. අල හේනේ රැක් සෙවනේ ගෙපැලේ විහාරේ
      පුජාවේ බෙරනාදේ ගැමි ගීත රාවේ //
      -----------------------------------

      කන්දේ ලන්දේ ගඟුලැල්ලේ පේනා තෙක් මානේ
      මනබැන්දේ වින්දේ සුව පහසේ වාසේ ගම්මානේ //

      වෙල්යායේ දොල පාරේ නිල්වන් ජලාසේ
      ගං තීරේ ගුරුපාරේ සිරි දෙව් සිනාසේ //

      ඒ මව් තුරුල්ලේ සුරූපී යොවුන් ලාලනී
      සංකේත වු වාසනාවේ ගම්මානේ

      කන්දේ ලන්දේ ගඟුලැල්ලේ පේනා තෙක් මානේ
      මනබැන්දේ වින්දේ සුව පහසේ වාසේ ගම්මානේ //

      අල හේනේ රැක් සෙවනේ ගෙපැලේ විහාරේ
      පුජාවේ බෙරනාදේ ගැමි ගීත රාවේ //

      මා පුංචි කාලේ ලැබු ආ‍දරේ සුන්දරත්වේ
      යයිදො නවොදෙන් මැකීලා ගම්මානේ

      කන්දේ ලන්දේ ගඟුලැල්ලේ පේනා තෙක් මානේ
      මනබැන්දේ වින්දේ සුව පහසේ වාසේ ගම්මානේ //

      Delete
    8. මඩවල එස්. රත්නායක ලියු මා කැමතිම ගීයක්.

      සැදෑ කළුවර කුර ගගා විත්
      ඔබේ පැල්පත මගේ දසුනින්
      ඈත් වූ සද මගෙ සරා සද
      තනිවෙලා මා තනිවෙලා...ආ...

      වළාකුලකුදු නොමැති අහසේ
      මලානික වූ ‍මගේ සිතුවිලි
      ගල් ගැසී ඇත පාළු වී ඇත
      කදුල පමණක් රජවෙලා...ආ...

      සැදෑ කළුවර...//

      ඔබේ ලෝකය මගේ ලෝකය
      අතර ඇත්තේ රැයක් පමණයි
      ගව්ගණන් දුර ජීවිතේ බර
      මගේ හිස මත බරවෙලා...ආ....

      සැදෑ කළුවර...//

      ගායනය - විශාරද නන්දා මාලිනී
      පද රචනය - මඩවල එස්. රත්නායක
      සංගීතය - විශාරද නන්දා මාලිනී

      අහලා නැති අය රසවිඳින්න

      Delete
    9. ඇල් හේනේ පැල් රකිද්දී
      කුඹුරේ කරල් කපද්දි...
      ඔබ කීව ගීතිකාවෝ
      මට නෑ ප්‍රියේ ඇසෙන්නේ

      - ජෝතී

      http://www.lankatvweb.com/%E0%B6%87%E0%B6%BD%E0%B7%8A-%E0%B7%84%E0%B7%9A%E0%B6%B1%E0%B7%9A-%E0%B6%B4%E0%B7%90%E0%B6%BD%E0%B7%8A-%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF%E0%B7%93-alhene-pel_jothisindulanthe_h-r-jo_b650d6c62.html

      Delete
    10. ඇල් හේනේ පැල් රැකලා
      කල් යන්නේ නිදි නොබලා
      සුදු මැණිකේ මම එනවා
      ඔබ කැන්දා..... ගෙන එනවා

      - ක්ලැරන්ස්

      https://www.youtube.com/watch?v=YaalN4W6aM4

      Delete
    11. ඇල් හේනේ පැල් රකිද්දී
      කුඹුරේ කරල් කපද්දි...
      ඔබ කීව ගීතිකාවෝ
      මට නෑ ප්‍රියේ ඇසෙන්නේ////
      පිස්සු බම්ප් වෙන ආසම ගීතයක්. ජෝතිත් එක්ක කිව්වේ ජී.එස්.බී.රාණි පෙරේරා මගේ හිතේ. මෂා සින්දුවක් බං.

      Delete
  15. අඩෝව් අම්මට හුඩු ඕයි සාරස ලොක්කෝ මේක බ්ලොග් එකක් නෙවෙයි රස ආකරයක් නේ බන්, මේ ශිශිර සෘතුවේ තද සීතල මකාගෙන සිත උණුසුම් කරන අපූරු වියුණුවක්. තව ශොට් එකක් දාගන්න ඕනෙ බන් ශිවාස් 18න්.

    අඩේ සාරස ඇතුළු සියලුමා පාඨක හිතවතුනි, චියර්ස් මචන්ලා, එල එල ඔහොම යන් !

    ReplyDelete
  16. අමතක කරනු කෙලෙසද සකි සඳ කපුගේ?

    දවසක් පැල නැති හේනේ
    අකාල මහ වැහි වැස්සා
    තුරැලේ හංගාගෙන මා
    ඔබ තෙමුනා අම්මේ
    පායන තුරැ හිටි පියවර
    හිටියා ඔබ අම්මේ.........

    ReplyDelete
  17. රන් කුරහන් හේන උඩින්
    සීපද හඬ ඇසෙන පැයේ
    එන්න මගේ හද අරණට සපුමල් කුමරෝ

    රෑ තිස් පැයදිවා රැයේ ඔබ එනතුරු හිමිදිරියේ
    ඕවිට ලඟ බලා සිටිමි සපුමල් කුමරෝ සපුමල් කුමරෝ

    https://www.youtube.com/watch?v=xIBZOM4HViY

    ReplyDelete
  18. ගරු සරසතුමනි,

    මේ ඔබ ලියූ අගනා ම ලිපියකි. ඔබගේ අතිරමණීය වාග්චාරුත්වය ද බහුපඨිත-බහුශ්‍රැතභාවය ද මෙම ලිපියෙන් විශඳ ව ප්‍රකාශ වේ.

    මා මෙම ලිපිය සඳහා සරසාලෝචනා නමින් අට්ඨකතාවක් ද පරිපූරකයක් ද ලියා තෙවරක් පළ කළෙමි. එනමුත් පළ නො වේ. එහෙත් ඉතා කෙටි ආලෝචන නම් පළ වේ. කවර දොසෙක් ද? සෆාරියේ දොසෙක් ද?

    ගරු සරසතුමනි, ඒ පැය කීපය ඇතුළත ඔබතුමා ශතකයට ද ළඟා වී ඇත. ශතකය වාර්තා කර මිස ඉනිම අත්හිටුවනු එපා. මම මගේ ආලෝචනය දෙතුන් අසකට ඛණ්ඩනය කර පළ කරන්නට වෑයම් කරන්නම්.

    බන්‍ධුල කුදලාගම,
    සදම්ටනය.

    ReplyDelete
    Replies
    1. // මා මෙම ලිපිය සඳහා සරසාලෝචනා නමින් අට්ඨකතාවක් ද පරිපූරකයක් ද ලියා තෙවරක් පළ කළෙමි. එනමුත් පළ නො වේ. එහෙත් ඉතා කෙටි ආලෝචන නම් පළ වේ. කවර දොසෙක් ද? සෆාරියේ දොසෙක් ද? //

      අතිගරු කලානිධි බන්‍ධුල කුදලාගම සුදීමතුනි....

      ඔබගේ එම අට්ඨකතාවක ද පරිපූරකයක ද කියවීමට පැහැදී සිටිමි.


      හෙල වියුනු ලොව ආලෝචනයන් හී රන් ප්‍රමිතිය (Gold Standard )ඇති කලේ ඔබ හා මයුරවිල සුධීමතුන් ය.

      වියුනුවේ රන් ප්‍රමිතිය නම් ඔබගේම බව "සාර්වජනික ක්ෂේශ්ත්‍රය" වනමින් සින්හල වියුනු මහසෙනෙවි මාතලන් මැති පෙන්වාදුන් අපේ "ලන්ඩන් අරූ" කියනවා වගේ, උන් එක්ක බැලුවම අපි මක්කුද බන්" වැකියෙන් ම පැහැදිලි ය!

      Delete
  19. සාරස මිතුර,

    "කොකිලානේ සිටුවර ඉසාත්", "උපාලි ගිනිවැල්ලේ සහ ජිනපාලත්" හේන් සමගින් මතකයට නැගී සියුම් සතුටක් සිත නැගේ.

    නමුත් මේ චරිත සමගින් හරවත් ලෙස නවකතා නිර්මාණය කළ ප්‍රාඥයන් වෙනුවට මෙලෝ බලු බල්ලෙකුට තබා ලියූ එකාටත් නොතේරෙන මලඉලව් විකාර ලියා නවකතා ලෙස මුද්‍රණය කර එළිදක්වා විකුණාගත නොහැකිව දැන්වීම් දමා නොමිලේ දෙනවායයි කියාත් ගන්නා කෙනෙක් නොමැතිව ලතවෙන "අපේ කාලයේ (ප්‍රා)අඥයන්" දකින විට දෙකොනින්ම සිනා පහලවේ.

    නමුදු මුන් පෙනී සිටිනුයේ අපේ කාලයේ "ශාස්තෘවරු" ලෙසය. බුදුන් දවසද ෂඩ් ශාස්තෘවරුන් සිටි අතර එකල මෙන්ම අද ද ඒ අතරින් යම් වැදගත්කමක් ඇති කෙනෙකු ලෙස සැලකෙන්නේ ජෛන මහාවීර පමණි.

    -මොණරවිල

    ReplyDelete
    Replies
    1. // නමුත් මේ චරිත සමගින් හරවත් ලෙස නවකතා නිර්මාණය කළ ප්‍රාඥයන් වෙනුවට මෙලෝ බලු බල්ලෙකුට තබා ලියූ එකාටත් නොතේරෙන මලඉලව් විකාර ලියා නවකතා ලෙස මුද්‍රණය කර එළිදක්වා විකුණාගත නොහැකිව දැන්වීම් දමා නොමිලේ දෙනවායයි කියාත් ගන්නා කෙනෙක් නොමැතිව ලතවෙන "අපේ කාලයේ (ප්‍රා)අඥයන්" දකින විට දෙකොනින්ම සිනා පහලවේ.

      නමුදු මුන් පෙනී සිටිනුයේ අපේ කාලයේ "ශාස්තෘවරු" ලෙසය. බුදුන් දවසද ෂඩ් ශාස්තෘවරුන් සිටි අතර එකල මෙන්ම අද ද ඒ අතරින් යම් වැදගත්කමක් ඇති කෙනෙකු ලෙස සැලකෙන්නේ ජෛන මහාවීර පමණි.
      //

      ගරු මොණරවිල මැතිඳුනි,

      අතිගරු කලානිධි බන්‍ධුල කුදලාගම සුදීමතුන් හට පිලිතුරු ලෙස මා පැවැසූ පරිදි හෙල වියුනු ලොව ආලෝචනයන් හී රන් ප්‍රමිතිය (Gold Standard )ඇති කලේ ඔබ හා බන්‍ධුල කුදලාගම සුදීමතුන් ය.

      ඔබ සහ බන්‍ධුල කුදලාගම සුදීමතුන් ගේ ආලෝචන සුදුසු තැන්හි තබා ප්‍රනාමය කිරීමට එම තමන් ශාස්තෘ කියා සිතා සිටිනා හිස් මිනිසා ක්‍රියා නොකලේ මන්දැයි මට නම් නොතේරේ.....

      බිඟු ගී ඇසීමේ ලොල් ව මලක් ගෙනැත් තබන්නා වෙනත් අය මල් පොකුරු පිටින් තමන් ඉන්නා අහට ගෙනාවාම ඔවුනට ස්තූති කරනු මිස මුගුරෙන් තලා පන්නනු මට තේරුම් ගත නොහැකිය.....

      තමන් ශාස්තෘ ලෙස සිතා සිටිනා එම අධමයා ගේ මුග්ධ ක්‍රියාව නිසා ඔබ හා බන්‍ධුල කුදලාගම සුදීමතුන් මෙහි පැමිනෙන්නට පටන් ගත්තෙහිය.... එම නිසා මා නම් එම මුග්ධයාට සදා නය ගැති වෙමි!

      Delete
    2. සබඳ මොණරවිලයෙනි,

      ඔබ ඉහත සැකෙවින් දැක්වූ ඉසා සනා රංජිත් තිදෙනා ගේ දිවිමග වටා ගෙතුනු කේ. ජයතිලක සූරීන්ගේ චරිත තුනක් නවකතාවත් උපාලි ජින්නා දෙදෙනාගේ වික්‍රමයන්ගෙන් සුසැදි හෙළයේ මහා විකුම් සාහිත (ඇඩ්වෙන්චර් නවල්) නිමැවුමත් අසූගණන් වල ඉපිද අනූ ගණන්වල ළමාවිය ගෙවූ අප වන් මානවකයන්ට මහත් ප්‍රඥාලෝකයෙක්ම වීය.

      මයුරවිලයන් ඉහතින් දැක්වූ කෝකිලානේ ඉසිවරයාණන් වූ "ඉසා" තුළින් ජීවිතය යනු රෝසමල් යහනාවක්‌ නොවන බව පැටි වියෙහිදීම අපට ප්‍රත්‍යක්‍ෂ කරවූයේ අභාවප්‍රාප්ත ප්‍රවීණ ලේඛක කේ. ජයතිලකයන් ය. අපමණ වූ දුක්‌ඛ දෝමනස්‌සයන්, නින්දා ගැරහුම්, අපහාස, කෙනෙහිලි අතැඹුලක්‌ සේ දරමින් ඒවා කඨෝර නමුදු ජීවත් වීමේදී ලැබෙන ශක්‌තිමත් මෙවලම් රාශියක්‌ බවට පෙරළාගතහැකි බැව් ඔහුගේ ජීවිතයෙන් සනාථ කළ හැකි ය.

      //ඇළ වක්‌කලමෙන් වේල්ල කඩාගෙන ගිහින් කහටගහලියෑද්ද සේරම පාළුවෙලා යි. දුක්‌මුසු ස්‌වරයකින් කියමින් තාත්තා ගෙට ගොඩවුණි. ඔහු දුටු විගස මම මා වාඩි වී සිටි බොකු ගැසී ගිය හාන්සි පුටුවෙන් නැගිට ගොස්‌ වම් පසින් වූ කාමරයේ උළුවස්‌සට හේත්තු වුණෙමි. ඔහුගේ මුහුණ දෙස වරක්‌ බැලූ මම වහා ඒ බැල්ම දුකින් ඉවතට ගතිමි. මට නැවත වරක්‌ ඒ දෙස බැලීමට පුළුවන්කමක්‌ නැත// (චරිත තුනක්‌ ගතෙහි සොළොස්වැනි පිට)

      ඉසාගේ දිවියෙහි මහා අරමුණ වූයේ කෝකිලාන වගා කිරීම වුවත් ඒ පොහොසතකු වන්නට නොව පවුලේ සාමාජිකයින් නගාසිටුවීමටයි. ජයතිලක සූරීන් ඒ සඳහා ඉසාව පොළඹවාලූයේ ලලිතා මගින් වුවත් එම වගා සංග්‍රාමයේ ප්‍රමුඛතම අධිෂ්ඨානයේ දැක්‌ම ලෙස දැක්‌වූයේ ලලිතා හෝ ඉසා හෝ නොව අම්මා, තාත්තා, සනා, නලී සහ රංජිත් ය. කෝකිලාන කිසිදාක කපා අවසාන කළ නොහැකි එකක්‌ බව මිනිස්‌සු කීවෝ ය. රදාවානේ ඇළට පාලමක්‌ තනන්නට බැරි බව ද ඔවුහු කීහ. හේනේගම ඉඹුල් ගස කපන්නට ද නොහැකි බව කීවේ ඔවුන් ම ය. වර්ෂ 1963 තරම් ඒ අතීතයට වඩා අද මේ පළාත කොතරම් වෙනස්‌ ද? සිරිලක බස්‌නාහිර පළාතේ පිටිසර ගමක එදා භෞතික පරිසරය කෙබඳු දැයි දෑසින් බලාගන්නට අද මෙහි කිසිදු සාක්‍ෂියක්‌ ඉතිරිව තිබේද සාරසයෙනි?

      පසුකලෙක මහැදුරු එදිරිවීර සරච්චන්ද්‍රයන් සුරතින් ඉහත චරිත තුන ඉංග්‍රීසි බසට පෙරැළුණු අතර එහි ප්‍රස්‌තාවනාව මෙසේය;

      //කළු අච්චිගමගේ ජයතිලක, ඔහුගේ පාඨකයින් වඩා හොඳින් දන්නා පරිදි කේ. ජයතිලක පළමුවෙන්ම සාහිත්‍ය ක්‌ෂේත්‍රයට පිවිසියේ පුනරුත්පත්තිය නමැති කෙටිකතා සංග්‍රහය මගිනි. එතැන් සිට ඔහුගේ සේවය නිර්මාණ අංශය මෙන්ම ශාස්‌ත්‍රීය අංශයේ ද ක්‌ෂේත්‍ර ගණනාවකට පැතිරීගොස්‌ ඇත. මෙහි අගය තීරණය කළ යුත්තේ සිංහල සාහිත්‍යයේ පතාක යෝධයා වූ මාර්ටින් වික්‍රමසිංහගේ දායකත්වය සමග සංසන්දනය කිරීමෙන් පමණෙකි.//

      ක. ජයතිලක සූරීන්ගේ විශිෂ්ටතම නිර්මාණය ඉංග්‍රීසි බසටද පෙරැළුණු "චරිත තුනක්‌" යැයි සිතමි. මෙහි පරිදි එකම පවුලක සමාන පසුබිමකින් පැන නගින පුද්ගලයෝ තිදෙනා උපන් හා හැදී වැඩුණු පරිසරයෙන් ඉඩකඩ ලැබෙන ප්‍රමාණයට වෙනස්‌ මංහි ගමන් ගන්නා මුත් හැමවිටම එහි පසුබෑමක්‌ දක්‌නට ලැබේ. හේතුව සීමාසහිත සාරධර්ම පද්ධතියක්‌ විසින් ඇති කරන ලද කතා වින්‍යාසයේ මන්දගාමිත්වය තුළ උනුන්ගේ පෞරුෂය වර්ධනය කර ගැනීමට උත්සාහ කිරීම නිසා යැයි සිතමි. මේ පිළිබඳ වැඩිදුර විස්තර මයුරවිල, කුදලාගම ඈ සාහිත සතර පිරිසිඳි විද්වතුන්ගෙන් විමසා සිටිමි. අ.පො.ස. සාමාන්‍ය පෙළ දක්වා පමණක් සාහිත සතර යන්තමින් හදාළ අපගේ දුබල සාහිත දැනුමත් වැරැදි හෙළ බස් දැනුමත් ගැන කමා කරන මෙන් ඉල්ලා සිටිමි.

      Delete
    3. AnonymousJanuary 11, 2017 at 11:19 PM
      // ඒ අතීතයට වඩා අද මේ පළාත කොතරම් වෙනස්‌ ද? සිරිලක බස්‌නාහිර පළාතේ පිටිසර ගමක එදා භෞතික පරිසරය කෙබඳු දැයි දෑසින් බලාගන්නට අද මෙහි කිසිදු සාක්‍ෂියක්‌ ඉතිරිව තිබේද සාරසයෙනි? //

      හෙල වියුනු හවුලට සුබස් ලැදි තවත් වියත් තරුණ සහෘදයෙකු පැමින ඇත.....

      අප අභිප්‍රාය නම් තව තවත් මෙවන් සහෘදයන් මල්ලේ පොල් වියුනුවට පැමිනේවා යන්න ය...

      ඔබට සදා ජය!

      Delete
    4. ඉහත ආලෝචනය ලියූ භාෂාසාහිත්‍යකලා ළැදි මහත්මාට මගේ ප්‍රණාම ය. සරසතුමා පැවසූ ලෙස ම සාරස-මයුරවිල-කුදලාගම-කීරාළ ඈ වියුණු හෙළ හවුල් සගයන්ගේ සාදර පිළිගැනුම ඔබට හිමි ය.

      බන්‍ධුල කුදලාගම,
      සදම්ටනය.

      Delete
  20. අයිසෙ සාරස ලොක්කෝ,

    // ඔබ සහ බන්‍ධුල කුදලාගම සුදීමතුන් ගේ ආලෝචන සුදුසු තැන්හි තබා ප්‍රනාමය කිරීමට එම තමන් ශාස්තෘ කියා සිතා සිටිනා හිස් මිනිසා ක්‍රියා නොකලේ මන්දැයි මට නම් නොතේරේ.....

    බිඟු ගී ඇසීමේ ලොල් ව මලක් ගෙනැත් තබන්නා වෙනත් අය මල් පොකුරු පිටින් තමන් ඉන්නා අහට ගෙනාවාම ඔවුනට ස්තූති කරනු මිස මුගුරෙන් තලා පන්නනු මට තේරුම් ගත නොහැකිය.....

    තමන් ශාස්තෘ ලෙස සිතා සිටිනා එම අධමයා ගේ මුග්ධ ක්‍රියාව නිසා ඔබ හා බන්‍ධුල කුදලාගම සුදීමතුන් මෙහි පැමිනෙන්නට පටන් ගත්තෙහිය.... එම නිසා මා නම් එම මුග්ධයාට සදා නය ගැති වෙමි! //

    මැණික් ගලේ පය හැපුනට කණා ඇඳිනලාගනීද කියල පුරාණ පඬිවරු කිව්වෙ කට කාහනවට යැ?

    ReplyDelete
  21. You are racism fool man. You now take fals sil. You no good man we know that. go go not put blady liys.

    ReplyDelete
    Replies
    1. // Ratathota WistharaJanuary 12, 2017 at 7:56 AM

      You are racism fool man. You now take fals sil. You no good man we know that. go go not put blady liys. //


      Dear Sir,
      Your writing style and the use of language skills tell me that you are none other than HE the President!
      Thank you very much for visiting my humble blog site!

      Delete
  22. As far as I can remember Deepadhuththarammaya of Kotahena has connection with Thai royal family, Please check.

    ReplyDelete
    Replies
    1. // AnonymousJanuary 12, 2017 at 9:14 AM //

      ගරු ඇණෝ තුමනි..
      ඔබට බොහෝමත් ම ස්තූතියි. වහාම මගේ වරද නිවැරදි කර මට ම ටොක්කක් ඇන ගත්තෙමි! නැවත වාරයක් ඔබට ස්තූතියි!

      Delete
  23. මේ දවස්වල ෆේස්බුක් එකේ යහපාලනයට සහාය දුන්න එජාප පාක්ෂිකයන් වැඩි දෙනා නිහඬයි... දැන් යහපාලනය වෙනුවෙන් වක්‍රව පෙනී සිටිමින් මහින්ද කඳවුරට අවුරුදු ගණනාවක් එල්ල කරමින් සිටි ප්‍රහාරය තව දුරටත් ගෙන යනු ලබන පිරිස පෙනී සිටින බව පෙන්වන්නේ ජවිපෙ වෙනුවෙනුයි...

    මේ මෑතක දිනක මම පුද්ගලිකව දන්න යහපාලනයක් වෙනුවෙන් ඝෝෂා කළ කිහිප දෙනෙක් මාත් සමඟ සංවාදයට එළඹුනා... මෙතනදී මට අනාවරණය වූ වැදගත්ම කාරණය නම් මහින්ද ආණ්ඩුවට වඩා වත්මන් ආණ්ඩුව නරක බව අකමැත්තෙන් පිළිගැනීමට ඔවුන්ට සිදු වුන බව... පසු ගිය අවුරුදු දෙක තුළ මේ ආණ්ඩුව සාධනීය වූ කිසිම කිසි දෙයක් කර නැති නිසා මේ පිළිබඳව තර්ක කර ජයගන්න හැකියාවක් නැති බව ඔවුන් දන්නවා...

    නමුත් ඔවුන්ගේ ඊළඟ අමුතු තර්කය නම් මහින්ද ආණ්ඩුවට වඩා යහපාලන ආණ්ඩුව නරක වුනත්, මහින්ද ආණ්ඩුව ගෙදර යැවීම ඔවුන් විසින් කළ යුතුව තිබූ දෙයක් බවත් ඔවුන් ඒ ගැන සන්තෝෂ වන බවත්. පත් කර ගත් ආණ්ඩුව වඩා නරක වීම ඔවුන්ට ගැටළුවක් නෙවෙයි...

    මහින්ද ආණ්ඩුව නරක නිසා ඒ ආණ්ඩුව එළ විය යුතුයි... මේ ආණ්ඩුවත් නරක නම් මේ ආණ්ඩුවත් (තව අවුරුදු හතරකින්) එළවා දැමිය යුතුයි... නමුත් තව අවුරුදු හතරක් මේ ආණ්ඩුව බලයේ සිටීමෙන් රටට වන නැවත හැරවිය නොහැකි විපත ගැන ඔවුන්ට එතරම් වග විභාගයක් තිබෙනු මට පෙනුනේ නැහැ...

    මෙවන් තරුණ ජනතාවක් සිටින රටක අනාගතය නම් නිසැකවම අඳුරේ බවයි මට නම් වැටහෙන්නේ... දැන් මේ පිරිස දේශපාලනය ගැන ෆේස්බුක් එකේ පෝස්ට් දාන ඒ ගැන යම් තරමකට සංවේදී පිරිසක් බව පේනවා... මේ අයත් එහෙම නම්, මෙලෝ දේශපාලන විඥාණයක් නැති උදේ හවස ෆොටෝ කෑලි ෂෙයා කර කර ඉන්න පිරිසගේ ගැන නම් කවර කතාද...?

    උබුජන් හෝ මාධ්‍යමික ජනතාව ලෙස හැඳින්විය හැකි මේ පිරිසට සිතීමට හැකියාව ඇත්තේ, මා කලිනුත් කියා ඇති පරිදි, දේශපාලන තීරණ ගන්නේ රටේ වර්තමාන දේශපාලන සන්දර්භය අනුවම විතරයි... අතීතයේ සිදු වූ දේ ගැනත්, අනාගතයේ වෙන්න යන්නේ මොකක්ද ගැනත් ඔවුන්ට කිසි වග විභාගයක් නෑ... මේ නිසා ඔවුන්ට වැදගත් වන්නේ එදිනෙදා දකින නාමල් කාර් රේස් පදින එක වගේ සිල්ලර සංසිද්ධි විතරයි...

    කෙසේ හෝ මේ පිරිස යහපාලන ආණ්ඩුවට විරුද්ධවද කතා කරන අතර ඊට කිහිප ගුණයක් වැඩි වේගයෙන් මහින්ද කඳවුරට පහර දෙනවා...

    මේ සඳහා ඔවුන්ට සුදුසු ආරක්ෂාකාරී ස්ථානය නම් ජවිපෙයි... මොකද ඒකෙන් මහින්දලාට ගහන එක දිගටම කරන්න පුළුවන් වෙනවා වගේම ආණ්ඩුව රකින්න වුවමනා වෙන්නෙත් නෑ... ඇරත් ජවිපෙත් කරන්නේ ඒ වැඩේමයි... නමුත් මේ ගොඩක් දෙනා ට තියෙන්නේ කොළපාට පාක්ෂික විඥාණයක් සහ ඔවුන් ඡන්දයකදී ඡන්දෙ දෙන්නේ යූඇන්පියට කියලත් මම දන්නවා...

    මේකට කියන්න පුළුවන් මහින්දලාට ගහන ගමන් අනුර කුමාරගේ පුකේ රිංගා සැඟවීම කියලයි...

    Nalin Subasinghe

    ReplyDelete
    Replies
    1. ජ වි පෙ දැන් අනාගතයක් නැති පක්ශයක් වෙලා ඉවරයි. නව දේශපාලන ඇරඹුම් රැසක් මේ දුරුත් මස බලාපොරොත්තු වන්න!

      Delete
  24. 1/3

    මා සන්සඛි සරසතුමන් හේන පිළිබඳ අනර්ඝ ලේඛනයක් පළ කර ඇත. එම ලේඛනය සරසතුමන්ගේ වාග්චාරුත්වය ද ලේඛන කෞශල්‍යය ද බහුශ්‍රැත-බහුපඨිතභාවය ද ස්ඵුට කරන අග්‍රලේඛනයකි. මා විසින් මෙහි ලියවෙන්නේ එම අග්‍රලේඛනයට ව්‍යාඛ්‍යා සහිත පරිපූරකයකි. මෙම සටහන මම අපගේ සඛිභාවය සලකා සරසාලෝචනා: අග්‍රිම සර්‍ගය නමින් සරසතුමනට සමර්පණය කරමි.

    හේන යනු ගොඩ ගොවිතැනේ භෝගජනන ස්වර්ණභූමිය යි. ගම්මාන සීමාවේ කැළෑ බිම හෙළිපෙහෙළි කර, පුලුස්සා, පස පෙරළා බිම සකසා බෝග වගා කෙරෙන්නේ හේනේ ය. එම ක්‍රියාව හේන් කෙටීම නමි. අවම ජල පෝෂණයකින් සරුවට වැඩෙන බෝග හේන් ගොවිතැනට නිසි ය. මෙම ආලෝචනයේ මුඛ්‍යාධ්‍යාශය හේන පිළිබඳ භාෂාත්මක ව විමර්ශනය කිරීම ය. වඩා සුවිශේෂී ව පවසන්නේ නම් හේන යන වචනය මූල වන සහ සබැඳෙන භාෂා ව්‍යවහාර විමර්ශනය ය.

    හේන යනුවෙන් සමකාලීන සිංහලයේ හැදින්වෙන්න සම්භාව්‍ය සිංහලයේ සේන (සේණ) ලෙස යෙදේ. හේන යන අරුත දීමට කෙත යන්න ද ඇතැම් තැනෙක ව්‍යවහාර වී ඇත.

    දඹදෙණි යුගයේ දී ධර්මසේන හිමියන් විසින් ලියවුණු සද්ධර්මරත්නාවලියේ උක් හේනක් පවත්වාගෙන ගිය සහෝදරයන් දෙදෙ‍නකු පිළිබඳ කතාවක් ජටිල තෙරුන් වහන්සේගේ වත යටතේ සඳහන් ය:

    “යට ගිය දවස බරණැස් නුවර කෙළෙඹියෝ දෙ බෑ කෙණෙක් මහත් කොට උක් සේනක් කැරවුහ. ඉක්බිත්තෙන් එක් දවසක් මලණුවෝ උක් සේනක් කැරවූහ. ඉක්බිත්තෙන් එක් දවසක් මලණුවෝ උක් සේනට ගොසින් උක් සේන බලා පියා බෑණන්ට උක් දණ්ඩක් හා තමන්ට උක් දණ්ඩක් හා කපා ගෙණ උක් පැන් පෙරී නො වැගිරෙන ලෙසට කපා පී මුණ ත් පත් වසා බැඳ ලා අල්වා ගත්හ.”

    සද්ධර්මරත්නාවලියේ ම අගසවු වත යටතේ ද හේන පිළිබඳ මෙසේ සඳහන් වේ:

    “හෙම්බා ‍මහණෙනි, මේ අප බුදු වූ කපට එකානු වන කප විපසසි නම් බුදු කෙණෙක් ලෝ පහළ වූ ය. එ කල මහාකාළ ය - චුළකාළ ය යි ප්රූසිද්ධ වූ දෙ බෑ කෙණෙක් මහා හැල් කෙතක් වැපිර වූ ය.”

    “හැල් බඩ තළවා දන් දීමක් ගිය දවස වුයෙ ත් නැත. එන දවස වන දෙයකු ත් නො වෙයි. ගොයම් නො නසව කියා ලා මළණුවන් හැල් බඩ දන් දෙන්ට ම තර හෙයින් එ සේ වී නම් සේන බෙදා පියා මා සන්තක භාගයට අළෙවි නො කොට තොප සන්තක භාගයට කැමැත්තක් කරව යි කිවු ය.”

    මා සන්මිත්‍ර සරසතුමෝ නව දැලි හේන පිළිබඳ ද තම මාහැඟි ලේඛනයේ සඳහන් කරති. මා හද සනසනවන මධුර හඬක් ඇති ගායකයකු වන සෝමතිලික ජයමහ ලියා ගැයූ ගීය නන්ද කුමාර වත වරදවා වටහා ගැනීමක් බව කන්දේගමයන්ගේ මතයක් මත පිහිටා සරසතුමෝ පවසති. සෝමතිලකයන් කෙරෙහි මෙන් ම තිලක් කන්දේගමයන් කෙරෙහි ද කුදලාගමගේ සිතේ අප්‍රමාණ ගෞරවයක් තිබේ. කන්දේගමයෝ අපේකම දන්නා විද්වතෙක් වෙති. එනිසා මම මෙම ලිපියේ දී සම්භාව්‍ය සිංහල සාහිත්‍යයෙන් නව දැලි හේන පිළිබඳ උද්කෘත නො දක්වමි. නව දැලි හේන පිළිබඳ ලියූ මගේ විග්‍රහය වෙනත් ලිපියක් ලෙස වෙනත් දිනයෙක පළ කරන්නෙමි.

    හේන පිළිබඳ කතිකාවේ දී වැදගත් කාරණයක් වන්නේ හේනේ වගා කළ එක් සුවිශේෂී බෝගයක් ය. ඒ වූ කලී ඇල් (හැල්) වී ය. සම්භාව්‍ය සිංහල සාහිත්‍යයේ ඇල් වී සමඟ බැඳි ඇල් සහල්, ඇල්කෙත්, ඇල්ගෙවිලි ඈ නන් නය පදමුසු හමු වේ. දුටුගැමුණු මහ රජතුමාගේ පුතණුවන් උපන් දා සිට දො‍ළොස් වසක් ගත වන තෙක් මෙසිරිලක පුරා සී වසින්නා සේ ඇල් වී ලැබුණු බව ද එනයින් එකුමරු සාලිය නම් ලද බව ද සීහලවත්ථූපකරණය පවසද් දී එකුමරුන්ගේ පුණ්‍යබල මහි‍මයෙන් ධාන්‍යාගාර හැල් වීවලින් පිරුණු බව මහාවංස ටීකාව පවස යි. කවරක් ද මෙකී ඇල් වී? වී වගාව කුඹුරුවල කෙරෙන මඩ ගොවිතැනක් වන කල ඇල් වී, හේන පිළිබඳ කතිකාවකට මා විසින් ගෙන එනු ලැබුණේ ඇයි? පිළිතුර සරල ය: ඇල් වී යනු හේන්වල වගා කෙරුණු වී වර්ගයකි. එනයින් ඇල්හේන ව්‍යවහාරයට පැමිණියේ ය.

    අතීත ලංකාව පුරා ඇල්හේන් බොහෝ පැවති ලෙස ම වර්තමාන ලංකාව පුරා ද ඇල්හේන් පවතී. එහෙත් වර්තමාන ඇල්හේන්වල ඇල් වී නම් වගා නො‍ කෙරේ. මහරගම ඇල්හේන ද ගොතටුවේ ඇල්හේන ද පමණක් නො ව කොළඹ-නුවර මාර්ගයේ කඩවතට නුදුරු ව පිහිටි ඇල්හේන ද මිරිස්වත්තෙන් හැරී යන වතුරගමට නුදුරු ඇල්හේන ද නුවර කැටවලට නුදුරු ඇල්හේන ද ආදී වශයෙන් තවත් බොහෝ ඇල්හේන ශ්‍රී ලංකාව පුරා ඇත.

    Cont …

    ReplyDelete
  25. 2/3

    ඇල්හේන සම්බන්ධ වූ මධුරමනෝහර ගීත කීපයක් ම තිබේ. සුනිල් සේනාධීර ලියූ, සිරිල් ටියුඩර් ප්‍රනාන්‍දු ගැයූ “ලෝ අඩ නින්දේ මේ රෑ යාමේ…” ගීතය එම ගීත අතර ඇති හද බඳනා, මන බඳනා ගීයකි. එම ගීතයේ අවසානය මෙසේ ය:

    “ඇල් කෙතකින් එන
    දැරියකගේ හඬ
    දැන් දැන් මා හද නළවන්නේ
    මහ රෑ හින්දයි ඇයගෙ රිදී හඬ
    දසත ම පැතිරෙන්නේ
    කවුරු ද ඇල්හේනේ
    කවුරුද ඇල්හේනේ
    ගී හඬ පතුරන්නේ”

    විශිෂ්ට ගීත රචකයකු වූ මර්වින් සේනාරත්න ලියූ (මාගම් පුරේ ඉඳන් ආ ගාමිණි කුමරුවනේ, තිලකාවි මගේ ප්‍රේම ලොවේ බැඳ ජය කෙහෙළි වැනි ගී ලියුවේ ද මර්වින් ය), දයාරත්න-අමරා යුවළ “ගයන මහ රෑ යාමේ මේ ඇල්හේනේ - තනියම සීපද කියනු අසා - වෙහෙස දරාගෙන පාර අසා ගෙන - ආවෙමි අඳුරෙ ම ඔබ ව සොයා” ගීය ද සිහි කළ යුතු ම ය.

    රෝහණ බැද්දගේ ලියා ගායනා කරන ගී මිණක් වන “කන්දේ ලන්දේ ගඟුලැල්ලේ පේනා තෙක් මානේ - මන බැන්දේ බින්දේ සුවපහසේ වාසේ ගම්මානේ” ගීයේ ද ඇල්හේන පිළිබඳ මෙසේ සඳහන් ය:

    “ඇල්හේනේ රුක් සෙවණේ ගෙපැලේ විහාරේ
    පූජාවේ බෙර නාදේ ගැමි ගීත රාවේ
    මා පුංචි කාලේ ලැබූ ආදරේ සුන්දරත්වේ
    යයි දෝ නවෝදෙන් මැකීලා ගම්මානේ”

    අසමාන කෞශල්‍යයකින් හෙබි විශිෂ්ට ගණයේ ගායක‍යකු වූ හෙට්ටිආරච්චිගේ රෙජිනල්ඩ් ජෝතිපාල ජී. එස්. බී. රාණි පෙරේරා (GSB - Gnai Sinari Benzajaya) සමඟ ගැයූ “ඇල්හේනේ පැල් රකිද් දී - කුඹුරේ ගොයම් කපද් දී - ඔබ කීව ගීතිකාවෝ - මට නැහැ ප්‍රියේ ඇසෙන්නේ” ගීය ද සඳහන් කළ මනා සම්භාවනීය ගීයකි.

    ඇල්හේන සමඟ ම මතකයට නැඟෙන අනෙක් හේන නම් කුරහන් හේන ය. කුරහන් හේන සබැඳි ගීත ද්වයයක් මම තෝරා ගතිමි. අබේ සහ ත්‍යාගා ගායනා කළ අතිශය ප්‍රේමණීය ගීතයක් වන “රෑ පැල් රකින කුරහන් පැහෙනා හේනේ - මගෙ තනි නොතනියට නුඹවත් නැතිවානේ - හෙට දින නුඹත් දීගෙක ගිය පසු නෑනේ - මාසේ පෝය දා වාගෙ යි ගම්මානේ” ඉන් එකකි. අනෙක් ගීතය අග්‍රගණ්‍ය ‍සුගේයපදකාර උපාලි ධනවල විතානයන් ලියූ, නිරංජලා තම සදාකාලික යෞවන හඬින් ගයන “රන් කුරහන් හේන උඩින් සීපද හඬ ඇසෙන පැයේ - එන්න මගේ හද අරණට සපුමල් කුමරෝ” ය.

    කුරක්කන් හේන අලළා රසවත් කවි පන්තියක් ලියන ලද්දේ බොරලැස්ගමුවේ ජී. එච්. පෙරේරා කවීන්ද්‍රයන් විසිනි. එහි හේන යෙදෙන කවිය මෙසේ ය:

    “මුල දි කැළේ හැටි බැලුවම කුමක් වැනි
    පිහිය නුදුටු අපේ මාමගේ රැවුල වැනි
    හේන කොටා ගිනි තිබ්බම කුමක් වැනි
    බඳින දවසේ එළි කළ මගේ මුහුණ වැනි”

    හැත්තෑවේ දශකයේ ලාංකීය කාණ්ඩායම් සංගීතයේ සුපිරි සංගීතඥයා, ගී පද රචකයා සහ ගායකයා වූ ක්ලැරන්ස් විජේවර්ධනයන් අනිල් සඳහා නිර්මාණය කළ “ටිකිරිමලී පාසැල් යන පොඩි අඩි පාරේ” ගීතය ද හේන පිළිබඳ කතිකාවක දී අමතක කළ යුතු නැත:

    “හේනේ පැලේ පැල් රකිද් දි ඔබ සිහිවෙනවා
    පාළු තනිය නැති වී යනවා
    මට ලැබේ ද වෙන ගමකට යා ද සිතෙනවා
    හිතේ දුකට කවි කියවෙනවා”

    ඇල්හේන්, කුරහන් හේන් අතරට එක් වන මුං හේන්, කිතුල් හේන් (කළුතර දිස්ත්‍රික්කයේ) ද ගල්හේන් (ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවල) ද ඇත. ඒවා ද සරසතුමාගේ ලේඛනයට නිසි ය. ගල්හේන නිසා මට සිහි වූයේ මීට දශක දෙකකට පෙර ජීවන ගමන අවසන් කළ මගේ හිතවකු වූ ගල්හේන ය. එම පරම්පරාව ඉදිරියට ගෙන යන්නට ඔහුට ශූර පුතුන් තිදෙනකු ද සිටි බව මතක ය. හේන පුද්ගල නාම සමඟ සබැඳෙන කල මට සිහි වන තවත් පුද්ගලයකු වූයේ මා පොළොන්නරුවේ සේවය කළ සමයේ දැන සිටි පලිහේන ය.

    මගේ සන්මිත්‍ර සරසතුමන්ගේ ලිපිය විසින් අවධාරණය කෙරෙන හේන සම්බන්ධ එක් නමක් කරණ කොට මගේ සිත නව්‍ය කලා ශානරයක් වන නවකතාව (නව්‍ය ය යි කීව ද දැන් නවකතාව බොහෝ පැරණි ය!) වෙත යොමු වේ.

    කැළෑව එළිපෙහෙළි කර හේනක් කෙටීම පිළිබඳ සඳහන් ප්‍රකට නවකතාවකි කළුඅච්චිගමගේ ජයතිලකයන්ගේ චරිත තුනක්. කැළෑව එළිපෙහෙළි කිරීමේ සිට හේනෙන් ඵලදාව ලබා, අවසන පුරන් වන්නට අතහැරෙන තෙක් හේන් පවතක් එම නවකකාව සමඟ බැඳේ. එහි එන ඉසාගේ චරිතය සමඟ හේන බැඳී පවතී. ඉසා හේන් කෙටුවේ ආණ්ඩුවට අයත් කැළේ ය. මෙලෙස ආණ්ඩුවේ කැළේ හේන් කෙටීම් පිළිබඳ සඳහන් තවත් නවකතා දෙකක් මට සිහි වේ. එකක් බොහෝ පැරණි නවකතාවක් වන පියදාස සිරිසේනයන් විසින් (සිරගත ව සිටිය දී) ලියවුණු අෂ්ට ලෝක ධර්ම චක්‍රය ය. අනෙක නම් සුමිත්‍රා රාහුබද්ධගේ පළමු වැනි (සහ මගේ විශ්වාසය අනුව නම් හොඳ ම) නවකතාව වූ බුමුතුරුණු ය.

    සිංහල නවකතා ක්ෂේත්‍රයේ පළමු වැනි සංඝ සම්ප්‍රදානය වූයේ “රෑපා” ය. රූපා ලියවුණේ සරසතුමා තම ලිපියේ ලා සඳහන් කළ පැවිදි උතුමකු විසිනි. වල්පොළ රාහුල හිමියන්ගේ විප්ලවීය කෘතියක් වූ “හික්‍ෂුවගේ උරුමය” ට ප්‍රතිචාර ලෙස “භික්‍ෂුවගේ උරුමය කුමක් ද?” නම් ප්‍රකාශනයක් ලියවුණේ ද පෙර කී ප්‍රව්‍රජ්‍ය උත්තමයන් විසිනි. උන් වහන්සේ අන් කවරකු හෝ නො ව බණ්ඩාරනායක සිරිමතුන්ගේ සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු පංච මහා බලවේගයේ පුරෝගාමියකු වූ හෙන්පිටගෙදර ඤාණසීහ හිමියෝ ය.

    Cont …

    ReplyDelete
  26. 3/3

    හේන සමඟ නවකතාව වෙත පැමිණි මට සිහි වන්නේ හේන ඉංගිරිසියට ගිය සැටි ය. හේන යනු අස්වැද්දීම සේ ම සුවිශේෂී සංකල්පයකි. එනිසා ම ඉංගිරිසිහු අස්වැද්දීම ඇසුරින් asweddumise නම් වදන ඉංගිරියට ගත් සේ ම හේන ඇසුරින් chena නම් වදන ද ඉංගිරිසියට ගත්හ.

    හේන පිළිබඳ සඳහන් කළ සුප්‍රකට ම ඉංගිරිසි නවකතාකරුවා වූයේ ලෙනාර්ඩ් සිඩ්නි වුල්ෆ් ය. හෙතෙම තම The Village in the Jungle කෘතියේ හේන පිළිබඳ මෙසේ පවසයි:

    “Usually the village lived entirely by cultivating chenas. In August every man took a katty and went out into the jungle and cut down the undergrowth, over an acre or two. Then he returned home. In September he went out again and set fire to the dead under- growth, and at night the jungle would be lit up by points of fire scattered around the village for miles; for so sterile is the earth, that a chena, burnt and sown for one year, will yield no crop again for ten years. Thus the villagers must each year find fresh jungle to burn. In October the land is cleared of ash and rubbish, and when the rains fall in November the ground is sown broadcast with millet or kurakkan or maize, with pumpkins, chillies, and a few vegetables. In February the grain is reaped, and on it the village must live until the next February. No man will ever do any other work, nor will he leave the village in search of work. But even in a good year the grain from the chenas was scarcely sufficient for the villagers.”

    ගරු සරසතුමන් ද මා ද යම් සංවාදයකට එළඹි කල බොහෝ විට නතර වන්නේ පේරාදෙණියෙන් ය (මා ප්‍රිය මැණිකේගේ වදනින් පවසන්නේ නම් “සරසතුමාත් ඔබතුමාත් මොනවා කතා කරත් අන්තිමට අර මැක්කාගේ කතාව වගේ පේරාදෙණියට ගොසින්නේ නවතින්නේ”). සරසතුමනට සමර්පණය කෙරෙන මෙම සරසාලෝචනා ව්‍යාඛ්‍යාවට ද පේරාදෙණිය ඈඳා ගන්නට රිසියෙම් මම හේන පේරාදෙණියට සම්බන්ධ කර ගන්නා මඟක් පිළිබඳ සිතීමි. එසැණ මඟක් පෑදිණි. ඒ මෙසේ ය.

    ගම්පහ දිස්ත්‍රික්කයේ වැලිවේරිය සහ කිරිඳිවැල අතර හේනේගම නම් ගම්පියසකි (මධ්‍යම පළාතේ ද දකුණු පළාතේ ද ‍තවත් හේනේගම් ඇත. හොරණ පොකුණුවිට හේනගමක් ද ඇත). මෙකී හේනේගම පිහිටි ප්‍රසිද්ධ පාසලකි හේනේගම (මධ්‍ය) මහා විද්‍යාලය. එම හෙනේගම (මධ්‍ය) මහා විද්‍යාලයෙන් වෛද්‍ය පීඨයකට තේරී පත් වූ පළමු වැනි ශිෂ්‍යයා වූයේ පසු කලෙක පේරාදෙණි වෛද්‍ය පීඨයෙන් බිහි වූ අතිදක්ෂ වෛද්‍යවර‍යකු වූ ද ඉතා ළා බාල වියේ දී ම (කුසලතා මත) වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයකු වූ ද කලාකාමියකු වූ ද අලගියවන්න මොහොට්ටි අප්පුහාමිලාගේ නිමල් කිත්සිරි සේනානායක ය. එසේ පැවසූ විට ඔහු නොහඳුනන අය ද ඇල්ල ළඟ වලව්ව, මායා මන්දිර, දුර්ගාන්තය ඈ ටෙලිනාට්‍ය පිටපත් ලියූ නිමල් සේනානායක කියූ පමණින් ඔහු හඳුන ගනිති.

    මගේ සන්මිත්‍ර සරසතුමාගේ අගනා ලිපියට පාදක වූ හේන සමඟ බොහෝ දුර ගමනක් ගොස් අවසානයේ දී පේරාදෙණියට පැමිණ මම මෙම සරසාලෝචනා ව්‍යාඛ්‍යාව අවසන් කරමි. මාගේ මෙම වෑයම ගරු සරසතුමනට උපහාරයක් වේවා!

    බන්‍ධුල කුදලාගම,
    සදම්ටනය.

    End.

    ReplyDelete
    Replies
    1. //නව දැලි හේන පිළිබඳ ලියූ මගේ විග්‍රහය වෙනත් ලිපියක් ලෙස වෙනත් දිනයෙක පළ කරන්නෙමි.//

      සද්ධර්ම රත්නාවලියෙහි නන්ද වස්තුවෙහි දම්සෙන් හිමියන් විසින් "...අත අල්වා ගෙන තව්තිසා දෙව්ලොවට වඩනා සේක් අතුරු මඟ නව දැළි සේනක් මවාලා ඒ සේනේ දා ගිය කණුවෙක දා වක ගැසී ගිය වැඳිරි මෑල්ලක මවාලා..." ඈ ලෙස කියන තැන්හි නව දැළි සේන යන්නෙන් අළුත ගිණි ලෑ හේනක්යැ යන අරුත මතු වන බැව් හැර වෙනත් අරුතක් නොදැන සිටි අපට සාරසයන් විසින් මෙහි උපුටා දක්වන තිලක් කන්දේගමයන්ගේ අරුත් දැක්වීම අළුත් දෙයකි. මේ අදහස ගැන වැඩි යමක් දැනගනු රිසියෙමු.

      Delete
    2. අතිගරු කලානිධි බන්‍ධුල කුදලාගම සුදීමතුනි.

      ඔබ ගේ මේ ආලෝචනය හෙල වියුනු ආලෝචන කලාවේ රන් ප්‍රමිතියේ ආලෝචනක් ම ය!

      මනාව කරුණු හදාරා , ඇවැසි තැන එම කරුණු සම්පින්ඩනය කර ඔබ මේ හෙලුවා වූ ආලෝචනය කියවන විට දැනෙන්නේ ඔබ ගේ වියත් පාන්ඩිත්‍යය මැයි!

      මා පමනක් නොව මේ කියවන සැම දෙනාම ඔබගේ ආලොචන කියවා බොහේ දේ ඉගෙනගනිති.... ඒම සද් කාර්‍යයට ඔබට බොහේ පින්!

      ඒ එක්කම, බොහෝ කල් වේලා රැගෙන ඔබ මෙහි ලියූ ඒ ආලෝචනය ඔබගේ වියුනුවේ පල කොලෝතින් තවත් බොහෝ දෙනාට එය රසවිඳ බොහේ දී ඉගෙන ගත හැකි නේද?

      Delete
    3. // ගම්පහ දිස්ත්‍රික්කයේ වැලිවේරිය සහ කිරිඳිවැල අතර හේනේගම නම් ගම්පියසකි (මධ්‍යම පළාතේ ද දකුණු පළාතේ ද ‍තවත් හේනේගම් ඇත. හොරණ පොකුණුවිට හේනගමක් ද ඇත). මෙකී හේනේගම පිහිටි ප්‍රසිද්ධ පාසලකි හේනේගම (මධ්‍ය) මහා විද්‍යාලය. එම හෙනේගම (මධ්‍ය) මහා විද්‍යාලයෙන් වෛද්‍ය පීඨයකට තේරී පත් වූ පළමු වැනි ශිෂ්‍යයා වූයේ පසු කලෙක පේරාදෙණි වෛද්‍ය පීඨයෙන් බිහි වූ අතිදක්ෂ වෛද්‍යවර‍යකු වූ ද ඉතා ළා බාල වියේ දී ම (කුසලතා මත) වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයකු වූ ද කලාකාමියකු වූ ද අලගියවන්න මොහොට්ටි අප්පුහාමිලාගේ නිමල් කිත්සිරි සේනානායක ය. එසේ පැවසූ විට ඔහු නොහඳුනන අය ද ඇල්ල ළඟ වලව්ව, මායා මන්දිර, දුර්ගාන්තය ඈ ටෙලිනාට්‍ය පිටපත් ලියූ නිමල් සේනානායක කියූ පමණින් ඔහු හඳුන ගනිති. //

      මා ආධුනික කතිකාචාර්‍ය වරයෙකු ලෙස පේරදෙනි වෛද‍ය පීටයට බැඳෙද්දී පීඨාධිපති ව හිටියේ මහාචාර්‍ය නිමල් සේනානායක මැතිතුමා! එතුමා නියම සින්හල බස් සහ කලා ලෝලියෙක්!

      ඔහු අනුවර්තනය කල එහෙත් සම්පූර්නයෙන් රූපවාහිනියේ පෙන්වන්නට නොහැකි වූ රොමා ගේ වාසනාව ඔබට මතකද???

      Delete
    4. සාරසයිනි,

      1/2
      රොමාගේ වාසනාව කෙසේනම් අමතක වේද? එසේම අප එහි මුල්ගල තැබූ ඊ.ආර්. එරත්නයනද අමතක නොකළ යුතුමය. එරත්න සිරිමතුන් පිලිබඳ නාරද නිශ්ශංක ලියු සටහනක් පහත උපුටා දක්වමි. කුදලාගම සිරිමතුන් එරත්නයන් පිලිබඳ වැඩි යමක් දන්නේ යැයි සිතමි.

      - මයුරවිල මි.

      සාහිත කෙත පෝෂණය කළ විශිෂ්ට මිනිසෙක්‌!

      මෙරට සාහිත්‍ය කෙත පෝෂණය කිරීම උදෙසා අති විශිෂ්ට මෙහෙවරක්‌ ඉටුකළ ඊ. ආර්. එරත්නයන් (එරත්න විදානලාගේ රත්නායක) දැයෙන් සමුගෙන ඉකුත් මස දෙවැනි දිනට වසර 37 ක්‌ පිරුණි. සිංහල සිනමා වංශ කතාවට එක්‌වුණු සිනමාවට නැඟුණු ප්‍රථම චිත්‍රපට කවි කතාව ඔබට මතකද? සුප්‍රකට කිවි සාගර පලන්සූරිය (කේයස්‌) රචනා කළ "සුදෝ සුදු" චිත්‍රපටය (ගාමිණී, සුවිනිතා ආදීහු රඟපෑ) දෙබස්‌ රචනා කළේ ද එදා ඊ. ආර්. එරත්නයන්ය.

      මෙරට සාහිත්‍යට එකතු වූ "රොමාගේ වාසනාව" කෘතිය එරත්නයන්ගේ සිත්හි උපන් විශිෂ්ට නිර්මාණ බීජයකි. එහි කලලය චාල්ස්‌ ඩිකන්ස්‌ගේ සිත්හි උපන්නකි. සිංහල පාඨකයන් හා විශේෂයෙන් දරුවන් උදෙසා ඩිකන්ස්‌ගේ Great Expectations නම් සුප්‍රකට ඉංග්‍රීසි නවකතාවේ ඡායානුවාදයක්‌ ලෙස ලියූ "රොමාගේ වාසනාව" 1944 දී මුල්වරට ඔහු එළිදැක්‌වීය. සිංහල පාඨශාලාවල උගන්වන අයගේත්, සිසුන්ගේත් ප්‍රයෝජනය සඳහා ලියෑවුණු එහි චරිත නාම, මෙරට නම් ගම්, සිංහල සිරිත් විරිත්ද පසුබිම් කර තිබීම ද, සරල සුගම බස්‌ වහරද එය මෙරට සාහිත්‍ය ලෝකයේ නොමැකෙන නමක්‌ ලෙස සටහන් වන්නට තවත් හේතුවක්‌ වන්නටද ඇත. එරත්නයන් ජීවතුන් අතර නැතත් 1998 සිට 2011 දක්‌වා එරත්න පවුල එම පොත හය වතාවක්‌ මුද්‍රණය කර එළිදක්‌වා තිබේ. (එරත්න පදනම එහිලා කළ මහඟු මෙහෙවරද ප්‍රශංසනීය වන්නකි.)

      අව්‍යාජත්වය, සරල බව, අපේකමද ආත්ම කොටගත් එරත්නයන්ගේ භාෂා ශෛලිය පාඨක සිත් ආකර්ශණය කළේය. ඊ. ආර්. එරත්නයන් ලියන ලද ග්‍රන්ථ රාශියකි. ජීව භාෂාව, උදෘත පුරාව, දවසකට රජ, ලංකාවේ පෘතුගීසින්, ලංකාවේ ලන්දේසීන්, යූරි ගගාරින්, වන විත්ති, කතා ඵලය, එවරස්‌ට්‌ වීර කෙන්සිං, මඟුල් තෑග්ග, හංස කුමරිය, වැරදුන විප්ලවය, යුනෙස්‌කෝව පළකළ කතා සංග්‍රහය සඳහා "ගම රාළ" යන ගැමි කතාව ඇතුළු තවත් කෘති රාශියක්‌ ඔහු අතින් මෙරට සාහිත්‍ය ලෝකය සඳහා දායාද කෙරිණි. කතා රසයෙන් පාඨකයා ඇඳ බැඳ තබා ගනිමින් ඔවුන් තුළ නව දැනුමක්‌ උත්පාදනය කිරීමටත් දරුවන්ගේ සිත නව දැක්‌මක්‌ කරා යොමු කරලීමටත් හෙතෙම ස්‌වකීය නිර්මාණ සාහිත්‍ය උපස්‌ථම්භක කරගත්තේය. zසිංහලය කවර අදහසක්‌ වුව කීමට පොහොසත් භාවිත ගුණයෙන් යුත් සජීවී බසක්‌ බව තරයේ ඇදහූ එරත්නයන් හොඳ පොතපත ලිවීමට අපමණ වෙහෙසක්‌ දැරිය ඔහුගේ මෙහෙවර මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහයන් විසින් මහ ඉහළින් පසසා ඇති වාරද අපමණය. දරුවන්ගේ රුචි අරුචිකම්, ළමා මනස ළමා වියට උචිත ක්‍රියාකාරකම් සහජ නිපුණතා ගැනද ඔහු තුළ තිබූ අවබෝධය ඉමහත්යZ. දිවංගත ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී කිත්සිරි නිමල් ශාන්තයන් 1998 "දිවයින" පුවත්පට එරත්නයන් ගැන එලෙස සඳහන් කර තිබිණි. ජී. බී. අල්විස්‌ පෙරේරා, කේයස්‌ වැනි කවීන් මෙන්ම බොහෝ සාහිත්‍යධරයන්, අධ්‍යාපනඥයන් ද ඉතා ළඟින් ඇසුරු කළ එරත්නයන් මෙරට අධ්‍යාපන නවෝදයට ඉමහත් මෙහෙවරක්‌ ඉටු කළ විද්වතෙකි.

      Delete
    5. 2/2

      රත්නපුර දිස්‌ත්‍රික්‌කයේ ගොඩකවෙලදී 1909 ජනවාරි 09 දා උපත ලද හෙතෙම පානදුර සුමංගල විදුහලින් ප්‍රාථමික අධ්‍යාපනයද අනතුරුව කොළඹ නාලන්දා විදුහලින්ද අධ්‍යාපනය හැදෑරීය. 1927 රජයේ සහතික ලත් ඉංග්‍රීසි ගුරුවරයකු, 1930 රජයේ පුහුණු ගුරුවරයකු, සිංහල, පාලි, සංස්‌කෘත, ඉංග්‍රීසි භාෂාද හදාරමින් 1939 ප්‍රථම පන්ති සාමාර්ථය සහිතව ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් බී.ඒ. උපාධියද ලැබීය.

      ඒ වන විට ලංකාවේ සිටි මුළු ලන්ඩන් බී.ඒ. උපාධිධාරීන් සංඛ්‍යාව 12 දෙනකු විය. 1939 - 1949 දක්‌වා ගුරු සේවයේ යෙදෙමින් කුරුණෑගල මලියදේව, රත්නපුර සීවලී ඇතුළු විදුහල්වලද සේවය කළේය. අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ග්‍රන්ථ පරිවර්තක ධුරයද, 1951 දී අනුරාධපුර මැදි මහ විදුහලේ විදුහල්පති ධුරයද, 1955 හොරණ තක්‌ෂිලා විදුහලේ විදුහල්පති පදවියද 1956-60 කාලයේ රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ පාරිභාෂික ශබ්ද නිර්මාණය කිරීමේ කාර්යයද ඉටුකළ එතුමන් 1960 රජයේ සේවයෙන් ඉසිඹු ලැබීය. තම ජීවිතය ග්‍රන්ථකරණය, ශාස්‌ත්‍රීය කටයුතු සඳහා කැපකළ උතුම් මිනිසකු ලෙස ඔහු ගෞරව සම්භාවනාවට පාත්‍ර විය. 1942 ගර්ට්‌රූඩ් ධර්මවතී විජයතුංග මහත්මිය සමග විවාහ වූ එරත්නයන්ට දරුවන් සිව් දෙනෙකි. ආනන්ද, සුජාතා, සුමේධ, විශාකා එම දරුවන්ය. වසර 66 ක්‌ ආයු වළ¹ 1975 ජුනි 2 වැනි දින එතුමන් දැයෙන් සමුගත්තේය. ඊ. ආර්. එරත්නයන් පිළිබඳ මෙම සමරු සටහන ඔහු ලියන ලද "රොමාගේ වාසනාව" කෘතියට පසුවදනක්‌ ලෙස ගුණදාස අමරසේකර කර ඇති පහත සටහනින් නිමා කරමු.

      "සාහිත්‍යකරණයට මා යොමු වූ මුල් අවදියේ ම'විසින් ගුරු තනතුරෙහි ලා සලකන ලද ලේඛකයන් ටික දෙනා අතරින් ඊ. ආර්. එරත්න මහතා ප්‍රධාන ලේඛකයෙක්‌ විය. ඊට හේතුව ඒ අවධියේ දී අප මුහුණ දුන් ප්‍රශ්නයයි. ඒ ප්‍රශ්නය නම් සාහිත්‍යකරණය, නවකතා රචනය සඳහා අවශ්‍ය බස සොයා ගැනීමයි. එහිදී අප වෙත විශාල බලපෑම කරන ලදදේ මාර්ටින් වික්‍රමසිංහගේ ලිපි ලේඛනයි. ඊට අමතරව ඊ. ආර්. එරත්න මහතාගේ සාහිත්‍ය නිර්මාණ, විශේෂයෙන් ඒ මහතාගේ පරිවර්තන මා කෙරෙහි විශාල බලපෑමක්‌ කිරීමට සමත් විය. ජී. බී. සේනානායක ද සිංහල සරල සුගම රචනා විලාසය හදා වඩා ගැනීමට එරත්න මහතාගේ පරිවර්තනවලින් ආයාසයක්‌ ලද බව මගේ වැටහීමයි. සිංහල, ඉංග්‍රිසි දෙබස පිළිබඳව විශාරද දැනුමකින් මෙන්ම විශ්ව සාහිත්‍ය පිළිබඳ පුළුල් අවබෝධයකින් ද යුතුව එරත්න මහතා විසින් කරන ලද මේ සේවය අපේ විද්‍යාර්ථින් විසින් අඩුවෙන් තක්‌සේරු කර තිබීම අභාග්‍යයකි.

      එරත්න මහතා වියත් චාල්ස්‌ ඩිකන්ස්‌ගේ Great Expectations කෘතිය ඇසුරෙන් කර ඇති මේ ඡායානුවාදය ඒ මහතා සතුව තිබූ උසස්‌ සාහිත්‍ය රුචිය හෙළි කරන්නක්‌ සේ මම දකිමි."

      - නාරද නිශ්ශංක
      2012.07.13 දින දිවයින

      Delete
    6. // AnonymousJanuary 12, 2017 at 11:09 PM

      සාරසයිනි,

      1/2
      රොමාගේ වාසනාව කෙසේනම් අමතක වේද? එසේම අප එහි මුල්ගල තැබූ ඊ.ආර්. එරත්නයනද අමතක නොකළ යුතුමය. එරත්න සිරිමතුන් පිලිබඳ නාරද නිශ්ශංක ලියු සටහනක් පහත උපුටා දක්වමි. කුදලාගම සිරිමතුන් එරත්නයන් පිලිබඳ වැඩි යමක් දන්නේ යැයි සිතමි.

      - මයුරවිල මි. //

      ගරු වියත් මයුරවිල මැතිඳුනි,

      ඔබ අගය කරනා ඊ ආර් එරත්නයන් ගේ අනුවර්තනයක් වන "රොමා ගේ වාසනාව" ගැන අප අතින් සඳහන් වුනේ වාසනාවකට ම ය!

      අපේ වියත් අතිගරු කලානිධි බන්‍ධුල කුදලාගම මැතිඳුන් ඊ ආර් එරත්නයන් ගැන ආලෝචනයක් එක් කරැතැයි අප බලාපොරොත්තු වෙමු!

      Delete
    7. මා සන්මිතු අතිගරු සරසතුමනි,

      මේ ආලෝචන මා විසින් ලියවුණේ ඔබතුමා සඳහා ය. එනිසා එම ආලෝචනවලින් යමකුගේ ඥාන මණ්ඩලය පුළුල් වී නම් එහි ගෞරවය ද ඔබතුමාට ම හිමි ය. මෙම ආලෝචනය පසු ව ‍සාර්වජනික ක්ෂේත්‍රය වෙත යවන්නෙමි. පළමු ව එය සරසතුමාගේ මල්ලේ පොල් වියුණුවේ ආලෝචනයක් වීම ඵෙතිහාසික ව වැදගත් ය. සරසතුමාගේ සංවාද මණ්ඩපය විසින් බෙදා දෙනු ලැබූ දැනුම අතරට මෙම ආලෝචනය එකතු වීම මගේ සන්තුෂ්ටිය යි. එය ඔබතුමා කෙරෙහි මා හද ජනිත ගෞරවදයාවේ ප්‍රකාශනයකි. මගේ ආලෝචන කපා දැමූ අපගේ පැරුණි හිතවතකු අපට කළ ලොකු ම උදව්ව වූයේ අප නිසි කතිකා මණ්ඩපයකට යොමු කරවීම ය!

      රොමාගේ වාසනාව මට මතක ය. චාර්ල්ස් ඩිකන්ස්ගේ Great Expectations නවකතාව රොමාගේ වාසනාව නමින් පළමු ව පරිවර්තනය/අනුවර්තනය කළේ භාෂා-භාෂාන්තරඥානී වූ ඊ. ආර්. එරත්නයෝ ය. රොමාගේ වාසනාව යනු එරත්නයන් තම පොතට දුන් නම ය. ඒ කාලයේ උණු කැවුම් මෙන් මහා ඉල්ලුමකින් විකිණුණු පොතකි රොමාගේ වාසනාව. නිමල් පතී සමඟ එක් ව පිහිටුවා ගත් ආයතනය මඟින් නිෂ්පාදනය කෙරුණු, ඩිකන්ස්ගේ පෙර කී සම්භාව්‍ය කෘතිය මත පදනම් වූ ටෙලිනාට්‍යයට එරත්නයන්ගේ පොතේ නම ම යොදා ගැනීම නිසා ප්‍රතිරූපණ හා සන්නාම පිළිබඳ ගැටලුවක් මතු විණි (දක්ෂ තරුණ ලේඛිකාවක ලෙස මගේ ප්‍රශංසාවට නිතොර ලක් වන ගංගා නිරෝෂිණි සුදුවැලිකන්දගේ පරිවර්තන/අනුවර්තන පොතක් ගැන එවැනි ගැටලුවක් පැන නැඟි කල මා ලියූ ලිපියක රොමාගේ වාසනාවට අදාළ පූර්වෝක්ත කාරණය සඳහන් ය). නිමල් සේනානායක බ්‍රොන්ටේගේ Wuthering Heights ආශ්‍රයෙන් නිර්මාණය කළ දුර්ගාන්තයේ දී නම් එවැනි ගැටලු පැන නැඟියේ නැත.

      අසූව දශකයේ අග දී හෝ අනූව දශකයේ මුල දී හෝ විකාශනය වූ Great Expectations ආශ්‍රිත සරසතුමා සඳහන් කළ ටෙලි නාට්‍යය මට මතක ය. සෝමලතා සුබසිංහ, මනෝ සහ ඔහුගේ පුතු, දයා වැනි අය එහි රඟ පෑහ.

      මගේ ප්‍රියතම සිනමාකරුවා වූ පතී රූපවාහිනියට සම්ප්‍රාප්ත වූ කල ද විශිෂ්ට නිර්මාණ බිහි කළේ ය. පතීගේ බඹරු ඇවිත්, පාර දිගේ, සොල්දාදු උන්නැහේ, අහස් ගව්ව වැනි සිනමා නිර්මාණ තරමට ම මම ඔහුගේ කඩුල්ල ටෙලිනාට්‍යයට ද කැමති ය (ලංකාවේ මෙතෙක් බිහි වූ විශිෂ්ටතම ටෙලි නාට්‍යය කඩුල්ල බව මගේ විශ්වාසය යි). මා කෙතරම් පතීවාදි‍යකු වී ද යත් මගේ පැරණි හිතවතුන් මට එරෙහි ව නැඟූ වොදනාවක් වූයේ ද පතී හැර වෙනත් චිත්‍රපටිකාරයකු ඔබට සිහි වන්නේ ම නැති ද කියා ය! ලාංකීය ඉන්ග්මාර් බර්ග්මාන් පතී බව මම අදටත් විශ්වාස කරමි.

      පතී සහ නිමල් සුසංයෝගයෙන් බිහි වූ නාට්‍ය අතර මයා මන්දිර ද ඇල්ල ළඟ වලව්ව ද උසස් ම නිර්මාණ ය. ඇල්ල ළඟ වලව්ව නම් ඉස්තරම් ම නිර්මාණයකි. සරසතුමනි, මම එම නාට්‍යයේ පෙන් වන ඇල්ල නැරඹීමට ලංකාවේ සිටි සමයේ ගියෙමි. ඇල්ල ළඟ වලව්ව, මගේ සිත්ගත් නිළියක වන මංගලා කරුණාරත්න ද රඟ පෑ නාට්‍යයකි.

      ඇල්ල ළඟ වලව්ව ලාදුරු රෝගය සමඟ සබැඳි ය. එම නාට්‍යය නිසා ලාදුරු රෝගයට ප්‍රතිකාර පිළිබඳ යම් අපැහැදිලි අදහසක් ජනගත විය හැකි ය යි මතයක් ඇතමකු තුළ ජනිත විණි. අවසානයේ දී ලාදුරු අලළා තවත් ටෙලි නාට්‍යයක් බිහි විණි. මට එහි නම මතකයට නොඑන මුත් සමිතා එරන්දතිය ජනකාන්ත වූයේ එම ටෙලිනාට්‍යයෙනි. ලක්ෂ්මන්ගේ පෙම්වතිය ලෙස ඇය රඟ පෑවා ය; ඉර පායා යන ගීය ද ගැයුවා ය (ටෙලි නාට්‍යයේ නම ද ඉර පායා බව සිහි වන්නේ එවිට ය!). වසංගත රෝග ඒකකයේ (epidemiology unit යන්නට වසංගත රෝග ඒකකය ය යි ව්‍යවහාර කිරීම පිළිබඳ එදත් අදත් මගේ එකඟතාවක් නැත) මා පැරණි සගයකු වූ සුදත් පිරිස් එම නාට්‍යයේ වෛද්‍යවරයාගේ චරිතය රඟපෑවේ ය.

      වයසත් සමඟ වියපත් නො වන සාදාකාලික තරුණ පෙනුමක් ඇති ලක්ෂ්මන් විජේසේකර සිහි වූ නිසා මා මේ මෑතක දී දුටු නිමල් සේනානායකගේ ගීතයක විඩියෝවක් පිළිබඳ යමක් පැවසිය යුතු ය ( https://youtu.be/msfpXnu2gns ). රජයේ සේවයෙන් විශ්‍රාම ගන්නා වයස පසු කළ පුද්ගලයකුගේ පෙනුමක් නිමල් සේනානායකගෙන් තවමත් නො පෙනේ. මගේ නම් කරුප්පු ලන්නටවත් හිස කෙස් නැති තරම් ය!

      බන්‍ධුල කුදලාගම,
      සදම්ටනය.

      Delete
    8. නව දැලි හේනක් නන්ද කුමාරයා සමඟ සම්බන්‍ධ කිරීමක් පාලි ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ ඛුද්දක නිකායේ උදානපාළියේ නන්දවග්ගයේ (නන්දසුත්තයේ) හමු නො වේ. එමෙන් ම ඛුද්දක නිකායේ අට්ඨකතාවේ ද එවැනි සඳහනක් හමු නො වේ. එහි සඳහන් වන්නේ “පලුට්‌ඨමක්‌කටී කණ්‌ණනාසච්‌ඡින්‌නා”, එනම් “කන්, නාසා ඡේදනය කෙරුණු(සිඳ දැමූණු), පුලුටු වූ (පලුට්ඨ - පුලුටු, දැවුණු, දැලි, දැඩි ව වියළුණු) වැඳිරියක (මක්කට - වඳුරා, මක්කටී - වැඳිරි) පිළිබඳ ය.

      නව දැලි හේනක් (අලුත දැවුණු හේනක්) පිළිබඳ ධර්මසේන හිමියන්ගේ සද්ධර්මරත්නාවලියේ නන්ද මහතෙරුන් වහන්සේගේ වස්තුව යටතේ ද මයුරපාද පිරුවන්පති බුද්ධපුත්‍ර හිමියන්ගේ පූජාවලියේ භික්ෂාටනාදී අද්භූත පූජා කථා යටතේ ද සඳහන් වේ (මයුරපාද හිමියෝ පැරණි පුවත්වලට නව තොරතුරු එකතු කිරීමේ සුරුවෙක් වූහ. තපස්සු-භල්ලුක දෙබෑයන් බුදුන්ගෙන් ලද කේශ ධාතු නිධාන කර “ලංකාවේ” ස්ථුපයක් තැන වූ බව පවසන්නේ ද උන් වහන්සේ ය. එම කරුණ පිළිබඳ මා විසින් මයුරවිලයනට සමර්පණය කෙරුණු “අඤ්ජන වණ්ණ සුනීල සුකේස ධාතු බුදුරදුන්ගෙන් ලද තපස්සු සහ භල්ලුක පඨමෝපාසකයෝ” ලිපියේ දී විග්‍රහ කරනු ලැබිණි).

      මම ඉහත ලිපියේ මුල් සංස්කරණයට (මෙහි පළමු ව පළ කරන්නට ගොස් දත්ත හානියට පත් වුණු සංස්කරණයට) නන්ද කුමාර වත පිළිබඳ විග්‍රහයක් ලිවීමි. එහෙත් හේන පිළිබඳ ලිපියේ සමවාය සම්බන්‍ධය සුරකිනු පිණිස පුනර්රචිත දෙවැනි සංස්කරණයෙන් එය ඉවත් කළෙමි. එය පසු ව වෙනත් ‍ලිපියක් ලෙස පළ කරමි.

      බන්‍ධුල කුදලාගම,
      සදම්ටනය.

      Delete
    9. නව දැලි හේනක් නන්ද කුමාරයා සමඟ සම්බන්‍ධ කිරීමක් පාලි ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ ඛුද්දක නිකායේ උදානපාළියේ නන්දවග්ගයේ (නන්දසුත්තයේ) හමු නො වේ. එමෙන් ම ඛුද්දක නිකායේ අට්ඨකතාවේ ද එවැනි සඳහනක් හමු නො වේ. එහි සඳහන් වන්නේ “පලුට්‌ඨමක්‌කටී කණ්‌ණනාසච්‌ඡින්‌නා”, එනම් “කන්, නාසා ඡේදනය කෙරුණු(සිඳ දැමූණු), පුලුටු වූ (පලුට්ඨ - පුලුටු, දැවුණු, දැලි, දැඩි ව වියළුණු) වැඳිරියක (මක්කට - වඳුරා, මක්කටී - වැඳිරි) පිළිබඳ ය.

      නව දැලි හේනක් (අලුත දැවුණු හේනක්) පිළිබඳ ධර්මසේන හිමියන්ගේ සද්ධර්මරත්නාවලියේ නන්ද මහතෙරුන් වහන්සේගේ වස්තුව යටතේ ද මයුරපාද පිරුවන්පති බුද්ධපුත්‍ර හිමියන්ගේ පූජාවලියේ භික්ෂාටනාදී අද්භූත පූජා කථා යටතේ ද සඳහන් වේ (මයුරපාද හිමියෝ පැරණි පුවත්වලට නව තොරතුරු එකතු කිරීමේ සුරුවෙක් වූහ. තපස්සු-භල්ලුක දෙබෑයන් බුදුන්ගෙන් ලද කේශ ධාතු නිධාන කර “ලංකාවේ” ස්ථුපයක් තැන වූ බව පවසන්නේ ද උන් වහන්සේ ය. එම කරුණ පිළිබඳ මා විසින් මයුරවිලයනට සමර්පණය කෙරුණු “අඤ්ජන වණ්ණ සුනීල සුකේස ධාතු බුදුරදුන්ගෙන් ලද තපස්සු සහ භල්ලුක පඨමෝපාසකයෝ” ලිපියේ දී විග්‍රහ කරනු ලැබිණි).

      මම ඉහත ලිපියේ මුල් සංස්කරණයට (මෙහි පළමු ව පළ කරන්නට ගොස් දත්ත හානියට පත් වුණු සංස්කරණයට) නන්ද කුමාර වත පිළිබඳ විග්‍රහයක් ලිවීමි. එහෙත් හේන පිළිබඳ ලිපියේ සමවාය සම්බන්‍ධය සුරකිනු පිණිස පුනර්රචිත දෙවැනි සංස්කරණයෙන් එය ඉවත් කළෙමි. එය පසු ව වෙනත් ‍ලිපියක් ලෙස පළ කරමි.

      බන්‍ධුල කුදලාගම,
      සදම්ටනය.

      Delete
    10. /////වයසත් සමඟ වියපත් නො වන සාදාකාලික තරුණ පෙනුමක් ඇති ලක්ෂ්මන් විජේසේකර//////////////

      සහතික ඇත්ත. +++++++++

      Delete
  27. ඈ ළමයිනේ,

    තමන්ගෙ නැතිවෙච්ච කොමෙන්ට්ද මොනවද අර මකබාව හොයන්න සිරිකොතේ “සට්ටඹි - ඇට්ටඹි රාල” දැන් ආයෙත් තමන්ගෙ රට, ජාතිය, ආගමට ගරහන්න පටන් අරං වගේ? බලහල්ලකො එකෙත් හැටි ? මේ “සට්ටඹි - ඇට්ටඹි රාල” කියන විදියටයි උගේ වරෙත්තුවො කියන විදියටයි අපේ හාමුදුරුවරුයි බුද්දාගමයි තමයි මේ හැම හෙනේටම මුල. අනේ ළමයිනේ මං ඉස්සරත් ඔය වගේ අලුගුත්තේරු කාලකණ්නි ගැන ලියපු කවියක් තමයි මේ පහත තියෙන්නෙ.


    පොරණ අපි බුද්ධං
    ඒවා දැන් විරුද්ධං
    දැනට අපි සුද්ධං
    මතකවත් නැත ස්‌වස්‌ති සිද්ධං

    - පෑලියගොඩ දොන් පෑලිස්‌ අප්පුහාමි

    ReplyDelete
  28. Replies
    1. Sri lanka lost the series by 3-0

      Poor management of SL Cricket institution. SL team will never get much tours in the future. Nobody wants to play with such poor team.

      Seems same results for the ODI & T20 games as well, refer to the selected squads.

      I decided to never watch tours of team SL from today onwards.

      Delete
  29. දැන් මේ හේන කෙටුව ඇතිනේද? දැන් වෙන මොකක් හරි දාමු!

    ReplyDelete