Monday, June 26, 2017

රාජසන්තක කිරීමට එරෙහි වෙමු!



විශ්ව විද්‍යාල සිසු සිසුවියන් , රජයේ වෛද්ය නිලධාරීන් ගේ සන්ගමය, රජයේ වෛද්ය නිලධාරීන් ගේ සන්ගමය, රජයේ ගුරු සන්ගමය ඇතුලු බොහෝ මහජනතාව ඉල්ලා සිටින්නේ සයිටම් ආයතනය රාජසන්තක කරණු කියා ය.

ඊට පිලිතුරක් ලෙස රජය තීරණය කර ඇත්තේ ශ්‍යාමපෝලී මහ නිකායේ අස්ගිරි පාර්ශ්වයට අයත් රන්ගිරි දඹුලු මහ විහාරය රාජසන්තක කිරීමට ය.

තේරුම්ගත නොහැකි ලෙස එ ජා ප මන්ත්‍රී කෙනෙකු වී ඉතා වේගයෙන් ඉහල නැග අධ්‍යාපන ඇමති වී සිටිනා අකිල විරාජ් කාරියවසම් නැමැත්තා කියන්නේ
රන්ගිරි දඹුලු මහ විහාරය  හී දෛනික ආදායම රුපියල් මිලියන තුන ඉක්මවන නිසා එම මුදල කලමනාකරණය කිරීමට රන්ගිරි දඹුලු මහ විහාරය රාජසන්තක කරන බවය.

මේ සම්බන්දයෙන් ස ර ස තුමාටත් වචන සුවල්පයක් කීමට ඇත.

ආගමික ආයතන වලට ලැබෙන මුදල් රජයට පවරාගත යුතු නම්, බෞද්දාගමට පමනක් නොව අනෙකුත් ආගම් වල පින්කැටත් රජයට පවරා ගන්න. 

විශේශයෙන් ම ශ්‍රී ලන්කාවේ හලාල් සහතිකය නිකුත් කරනා උලමා සන්විදානයේ පින් කැටේ බොහෝ මුදල් ඇති නිසා ඒකටත් බැළ්ම හෙලනු මැණවි. කොච්චිකඩේ පල්ලියේ සහ දවටගහ පල්ලියේ පින්කැට ගැනත් අවදානය යොමු කරමුද ඇමති තුමෝ?

අනෙක් කරුන නම්, රජයට මුදල් උපයන රේගුව, දේශීය ආදායම් සහ සුරාබදු ආයතන පෞද්ගලික අන්ශයට විකුනන්න කැසකවනා ඔහෙලා රන්ගිරි දඹුලු මහ විහාරයත් රජයට පවරාගෙන පසුව එය පෞද්ගලික අන්ශයට විකුනන්නේ නැහැයි කියා සහතිකයක් දෙන්න පුලුවන්ද??? 

රන්ගිරි දඹුලු මහ විහාරය රාජසන්තක කිරීමට එරෙහි වෙමු!

58 comments:

  1. //ආගමික ආයතන වලට ලැබෙන මුදල් රජයට පවරාගත යුතු නම්, බෞද්දාගමට පමනක් නොව අනෙකුත් ආගම් වල පින්කැටත් රජයට පවරා ගන්න.

    විශේශයෙන් ම ශ්‍රී ලන්කාවේ හලාල් සහතිකය නිකුත් කරනා උලමා සන්විදානයේ පින් කැටේ බොහෝ මුදල් ඇති නිසා ඒකටත් බැළ්ම හෙලනු මැණවි. කොච්චිකඩේ පල්ලියේ සහ දවටගහ පල්ලියේ පින්කැට ගැනත් අවදානය යොමු කරමුද ඇමති තුමෝ?//

    +++++++++++++++++++

    ReplyDelete
    Replies
    1. Lankika Sithuwili

      විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් ගැටුම් නිරාකරණය හා සංහිඳියාව නමින් නව විෂයයක් විශ්වවිද්‍යාලය වෙත හඳුන්වාදී තිබේ.

      හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගගේ සභාපතිත්වයෙන් යුතු ජාතික සමගිය හා සංහිඳියා කාර්යාංශය හා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව, උසස් අධ්‍යාපනය හරහා ජාතික සමගිය හා සංහිඳියාව වැඩසටහන ඔස්සේ මේ සඳහා කටයුතු සම්පාදනය කර ඇත.

      2018 වසරේ සිට විශ්ව විද්‍යාලවලට මෙම නව විෂය එක්කිරීමට නියමිත අතර ඒ සඳහා වන අවබෝධතා ගිවිසුමකට මේ වන විට අත්සන් තබා තිබේ.

      රුහුණු, යාපනය, අග්නිදිග, සෞන්දර්ය කලා, නැගෙනහිර විශ්වවිද්‍යාල හා ස්වාමි විපුලානන්ද ආයතනය,ශ්‍රි ලංකා භික්ෂු විශ්වවිද්‍යාලය හා ජාමියා නලීමියා ආයතනය යන උසස් අධ්‍යාපන ආයතනවල අධ්‍යයන කටයුතුවල නිරත සිසුන්ට මෙම ගැටුම් නිරාකරණය හා සංහිඳියාව විෂයක් ලෙස හැදෑරීමේ අවස්ථාව උදාවනු ඇත.

      මෙම වැඩසටහන ක්‍රියාවට නැංවීම වෙනුවෙන් විශ්වවිද්‍යාල නිලධාරීන්ගෙන් සැදුම්ලත් මෙහෙයුම් කමිටුවක් ද පත්කර තිබේ.

      Delete
  2. තියෙන එව්වා ගන්නවත් එකෙක්වත් නැති කොට තවත් එව්වා ආණ්ඩුවට ගන්න පිස්සු යැ.

    ReplyDelete
    Replies
    1. ///තියෙන එව්වා ගන්නවත් එකෙක්වත් නැති කොට තවත් එව්වා ආණ්ඩුවට ගන්න පිස්සු යැ.///
      ඒ වාසියක් නැති එව්වනේ, අදායමක් ලැබෙන ඒවා අලුතෙන් ගන්න කිසි අකමැත්තක් මේ අය දක්වන එකක් නැහැ...

      Delete
    2. // Manoj FernandoJune 26, 2017 at 11:49 PM

      තියෙන එව්වා ගන්නවත් එකෙක්වත් නැති කොට තවත් එව්වා ආණ්ඩුවට ගන්න පිස්සු යැ. //

      ආන්ඩුවට පිස්සු නෑ..
      පොඩි මුදල් හදිසියක් පමනයි!

      Delete
    3. // ඒ වාසියක් නැති එව්වනේ, අදායමක් ලැබෙන ඒවා අලුතෙන් ගන්න කිසි අකමැත්තක් මේ අය දක්වන එකක් නැහැ... //

      අනිවා!

      Delete
  3. ///ආගමික ආයතන වලට ලැබෙන මුදල් රජයට පවරාගත යුතු නම්, බෞද්දාගමට පමනක් නොව අනෙකුත් ආගම් වල පින්කැටත් රජයට පවරා ගන්න.

    විශේශයෙන් ම ශ්‍රී ලන්කාවේ හලාල් සහතිකය නිකුත් කරනා උලමා සන්විදානයේ පින් කැටේ බොහෝ මුදල් ඇති නිසා ඒකටත් බැළ්ම හෙලනු මැණවි. කොච්චිකඩේ පල්ලියේ සහ දවටගහ පල්ලියේ පින්කැට ගැනත් අවදානය යොමු කරමුද ඇමති තුමෝ?///

    හා හා...
    බුද්ධාගමට මොක කලත් කමක් නැහැ, අනිත් ඒවා ගැන කතා කරන්න තියා හිතන්නවත් එපා, සහලෝල-ජීවනේ මෙව්වා වෙයි...

    ReplyDelete
    Replies
    1. // හා හා...
      බුද්ධාගමට මොක කලත් කමක් නැහැ, අනිත් ඒවා ගැන කතා කරන්න තියා හිතන්නවත් එපා, සහලෝල-ජීවනේ මෙව්වා වෙයි... //

      සමහර විට නැතිවෙයි...

      ගිය අවුරුද්දෙ දෙකක් ම තිබුනු කොලඹ අමෙරිකානු තානාපති කාර්යාල ඉෆ්තාර් උත්සව මේ පාර එකක් වත් නෑ කියන්නේ....

      Delete
    2. මුස්ලිම් බැතිමතුන් මහත් හරසරින් සමරන ඊදුල් ෆීතර් හෙවත් රාමසාන් උත්සවය, මුස්ලිම් දින දර්ශනයට අනුව ෂවුවාල් මාසයේ නව සඳ දැකීමෙන් අනතුරුව කොළඹ මහ පල්ලිය මේ පිළිබඳව තහවුරු කළේ ය.

      මුස්ලිම් බැතිමතුන් රාමසාන් උත්සවය සමරනු ඇත්තේ, මාසයක උපවාසයකින් අනතුරුව ය.

      මේ අතර රාමසාන් දිනය වෙනුවෙන් ජනාධිපතිතුමා, අග්‍රාමාත්‍යවරයා සුබ පැතුම් පණිවුඩ නිකුත් කර තිබේ.

      ජනාධිපතිතුමා පවසා ඇත්තේ, රාමසාන් හෙවත් ඊදුල් ෆීතර් උත්සවය ඔස්සේ මුළු මහත් මනුෂ්‍යත්වය විෂයෙහි ගලා යන පණිවුඩය විශ්වසාධාරණ වුවක් බවයි.

      ආගමික අධ්‍යාත්මික සහ සමාජීය පුරුෂාර්තයන් මත පදනම්ව සියල්ලන් කෙරෙහි සාධාරණවීම එමගින් අපේක්ෂිත ය.

      අන්යන්ගේ සංවේදනා කෙරෙහි සංවේදීවීම ද තමන් තමන්ටම අවංක වීම තුළින් ද මනුෂ්‍යත්ව වර්ණවත් කළ හැකි බව රාමසාන් වතාවත් සිහිපත් කරන බව ජනාධිපතිතුමා පෙන්වාදී ඇත.

      තව ද ජනාධිපතිතුමා පැවසූවේ, ආගමික සීමාවන් අතික්‍රමණය කරමින් පොදු මිනිසත් බවට ආමන්ත්‍රණය කරන සරාර්ථ දැක්මක් සහිත ඊදුල් ෆීතර් උත්සවය සමරන ශ්‍රී ලංකාවාසි සහ ලෝකවාසී ඉස්ලාම් බැතිමතුන්ට සුබ පතන බව යි.

      අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසා ඇත්තේ, රාමසාන් දින සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් ශ්‍රී ලාංකික මෙන්ම ලෝකවාසි මුස්ලිම් ජනතාවට සාමය සංහිඳියාව සහිත ප්‍රීතිමත් රාමසාන් උළෙලක් ප්‍රාර්ථනා කරන ලෙසයි.

      රාමසාන් උපවාස කාලය තුළ පෞද්ගලිකව මෙන්ම සමාජයක් වශයෙන් වර්ධනය කර ගන්නා කායික, මානසික සංසුන්බව සංයමය, විනය වඩා යහපත් සමාජයක් ගොඩනැගීම සඳහා දායක කර ගැනීම මුස්ලිම් ජනතාවගේ අපේක්ෂාවවේ.

      එම අපේක්ෂාව යථාර්ථයක් බවට පත් කර ගැනීම සඳහා රාමසාන් උපවාස සමයේ කායික හා මානසික වශයෙන් වර්ධනය කරගන්නා වටිනාකම් ජීවිතයේ සෑම මොහොතකම පවත්වා ගැනීමට කටයුතු කළ යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නිකුත් කළ පණිවුඩයේ සඳහන් වේ.

      Delete
  4. දන්ගොතෝ,

    කෝ බන් උඹට කඩේ යන අර බන්‍ධුල කුදලාගම, මයුරවිල, සීගිරියේ සම්ටැඹිරාළ සහ ගොන් ටික්කා (ටිලාන් ආතල්) කියන නරි රැළ සොරි.. වියත් සමූහයා?

    උන් උඹටත් වඩා උඹ ගැන කැක්කුමකින් නැහීගෙන පැදුරු සයිස් ආලෝචන ලියන එක ඇණයක් උනු නිසා, පා(වා)දෙනිය කාරයා කිව්වත් වගේ උඹ උංට කෙවිටකින් දෙක ගානෙ තලල පිළිකන්න පැත්තෙ ගැටගැහැව්ව ද? නැත්තන් නෙලුං අලේ.. සොරි නෙලුං පොහොට්ටුවේ කස්ටිය මඩ ගේම් සඳහා දීපු ගතමන්ට් එක ඉවරද?

    ඔන්නොහෙ ආයෙත් ලියන්න චෑන්ස් එකක් දීපන් බන්.. හිච්චි එකාලගෙ ආසාවනෙ හිටන්.

    ඔන්න මේ පුරස්න ඇහුවා කියලා මනෝ කිචිස්සකලා ගාවට යවන්ට ඔට්ටු නෑ හරිය?

    ReplyDelete
    Replies
    1. දන්ගොතෝ,

      මේ ආණ්ඩුව නම් ලංකා ඉතිහාසයේ අසමත්ම ආණ්ඩුවකි. ආණ්ඩුව අතගහන ගහන දේ අනාගනිති. කට ඇරියොත් හත්පොලේ ගා ගනිති. පහුගිය කාලෙ කල සමීක්ෂණයකින් කියවුනේ සජිත් ප්‍රේමදාස හැර අනෙක් සෑම ඇමතියෙකුම සිය අමාත්‍යාංශයවල අසාර්ථක බවය. ඉන් කියවෙන්නේ සජිත් වැනි ගොන් තඩියෙකු පළමුවැනියා වන්නට පංතියේ අනික් උන් කෙතරම් මොට්ටයන් පිරිසක්ද යන්නයි.

      ජනාධිපති අගමැතිගේ සිට සියලු ඇමැත්තන් සිය රාජකාරියේදී අසමතුන්ය. මේ රටේ දැනට පවතින්නේ රනිල් මයිත්‍රී ආණ්ඩුවක් නොව ලහිරු පුතා,නානසාර, සිවාජිලිංගම්, පා(වා)දෙනිය ආදීන් විටින් විට කරලියට පැමිණෙමින් මෙහෙයවන පාන්ඩුවකැයි අපට සිතේ. විටෙක ආණ්ඩුවට වඩා රාජපක්ෂලා තවම බලවත්ය.

      මේ අසමත්කමින් ප්‍රයෝජන ගෙන යලිත් සිය බලය තහවුරු කර ගැනීමට තෙම්පරාදු කයිරාටික රාජපක්ෂලා කටයුතු නොකරනු ඇතැයි හැමදාමත් තම බලය පිලිබඳ අධිතක්සේරුවක සිටින රනිල් සිතයි.

      එහෙත් සියලු ඩිල් කණපිට පෙරලිය නොහැකිද?

      Delete
    2. // කෝ බන් උඹට කඩේ යන අර බන්‍ධුල කුදලාගම, මයුරවිල, සීගිරියේ සම්ටැඹිරාළ සහ ගොන් ටික්කා (ටිලාන් ආතල්) කියන නරි රැළ සොරි.. වියත් සමූහයා? //


      අතිගරු කලානිධි බන්‍ධුල කුදලාගම මැතිඳුන් අසනීපව සිට සුවය ලබමින් සිටී. එතුමන් ගේ මිතුරු කැළ එතුමා සමග සිටී. එතුමා හා මිතුරුකැල මල්ලෙපොල් අඩවියේ රන් සාමාජිකයන් වෙති!


      //
      ඔන්න මේ පුරස්න ඇහුවා කියලා මනෝ කිචිස්සකලා ගාවට යවන්ට ඔට්ටු නෑ හරිය? //

      මනෝ කිචිස්සකට පිස්සු වගේ නේද ගරු ඇනෝ තුමෝ?

      Delete
    3. // AnonymousJune 27, 2017 at 12:43 AM

      දන්ගොතෝ,

      මේ ආණ්ඩුව නම් ලංකා ඉතිහාසයේ අසමත්ම ආණ්ඩුවකි. ආණ්ඩුව අතගහන ගහන දේ අනාගනිති. කට ඇරියොත් හත්පොලේ ගා ගනිති. පහුගිය කාලෙ කල සමීක්ෂණයකින් කියවුනේ සජිත් ප්‍රේමදාස හැර අනෙක් සෑම ඇමතියෙකුම සිය අමාත්‍යාංශයවල අසාර්ථක බවය. ඉන් කියවෙන්නේ සජිත් වැනි ගොන් තඩියෙකු පළමුවැනියා වන්නට පංතියේ අනික් උන් කෙතරම් මොට්ටයන් පිරිසක්ද යන්නයි.//

      අෆෝයි ගරු ඇනෝ තුමෝ... යහපාලන පාන්ඩුවේ ගෝල්ඩ් ස්ටෑන්ඩර්ඩ් එක සජිත් නම්.... ග්‍රාමයා රජ වෙලා.... . මොට්ටයා උඩගියා....

      Delete
  5. පන්සල් පල්ලි කෝවිල් උලමා සන්විදානයේ පින් කැටේ කොච්චිකඩේ පල්ලියේ සහ දවටගහ පල්ලියේ පින්කැට කළුතර බොදීය පින්කැට ..මේ ඔක්කොම සියලුම මහජනයාව දෙවියනට අල්ලස් දීමට පොළඹ වයි

    කො මේ අල්ලස් දුෂණ කොමිසම .....උන් නිදිද ?

    ReplyDelete
    Replies
    1. FCID කොහෙද ඔබ ඉන්නේ?

      Delete
  6. ප්‍රජාපතී ගෝතමිය සියතින්ම නූල් කැට එයින් රෙද්දක් සියතින්ම වියා ඒ රෙද්දෙන් සියතින්ම සිවුරක් පිලියෙලකර
    එය රුගෙන බුදුන් හමුවට ගොස් බුදුන්ට පරිත්‍යාග කලේය.
    බුදුන් එය ප්‍රතික්ශේපකර එය බුදුනට දෙන පෞද්ගලික දානයක් ලෙස නොව සාංගීක දානයක් ලෙස පූජාකරන ලෙස ගෝතමියට දැන්වීය.
    ගෝතමිය නැවතත් සිවුර පාරගන්නා ලෙස දැන්වී බුදුන් නැවතත් ඉහත ලෙසට එය ප්‍රතික්ශේප කලේය.
    මෙලෙස තෙවරක්ම ප්‍රතික්ශේපකල නිසා ගෝතමිය කඳුලු පිසිමින් විහාරයෙන් යන්නට ගියේය.
    මෙය දුටු ආනන්ද හිමියන් ප්‍රජාපතී ගෝතමිය එතරම් ආදරයෙන් පූජාකල සිවුර ප්‍රතික්ශේපකලේ මන්දැයි බුදුන්ගෙන් ඇසීය.
    බුදුන් මෙසේ කීවේය.
    ආනන්ද මා එය සාංඝීකදානයක් ලෙස පූජාකිරීමට කීවේ, ගෝතමිය ගැන අමනාපයකින් නොවේ. ඇයට වැඩියෙන් පින් සිද්ධ කිරීමටයි.
    ඉන්පසු ඒ ගැන වැඩිදුරටත් මෙසේ විස්තර කලේය.

    තිරිසනුන් 100කට දෙන දානයට සමාන පිනක් 1ක් අසත්පුරුෂයෙකුට දෙන දානයෙන් ලැබේ.
    අසත්පුරුෂයන් 100කට දෙන දානයට සමාන පිනක් 1ක් මධ්‍යස්ථපුරුෂයෙකුට දෙන දානයෙන් ලැබේ.
    මධ්‍යස්ථපුරුෂයන් 100කට දෙන දානයට සමාන පිනක් 1ක් සත්පුරුෂයෙකුට දෙන දානයෙන් ලැබේ.
    සත්පුරුෂයන් 100කට දෙන දානයට සමාන පිනක් 1ක් සෝවාන් වූවකුට දෙන දානයෙන් ලැබේ.
    සෝවාන් වූවන් 100කට දෙන දානයට සමාන පිනක් 1ක් සකුදාගාමී වූවකුට දෙන දානයෙන් ලැබේ.
    සකුදාගාමී වූවන් 100කට දෙන දානයට සමාන පිනක් 1ක් අනාගාමී වූවකුට දෙන දානයෙන් ලැබේ.
    අනාගාමී වූවන් 100කට දෙන දානයට සමාන පිනක් 1ක් රහත් වූවකුට දෙන දානයෙන් ලැබේ.
    රහතුන්න් 100කට දෙන දානයට සමාන පිනක් 1ක් පසේබුදුවරයෙකුට දෙන දානයෙන් ලැබේ.
    පසේබුදුවරුන් 100කට දෙන දානයට සමාන පිනක් 1ක් බුදුවරයෙකුට දෙන දානයෙන් ලැබේ.
    බුදුවවරුන් 100කට දෙන දානයට සමාන පිනක් 1ක් සාංඝීක දානයකින් ලැබේ.

    ReplyDelete
    Replies
    1. ජගත්,

      ඔබ කියා ඇති කරුණු මෙන්ම දානයක් සකස් කිරීමේදී පිරිසුදු බවද අත්‍යවශ්‍ය සාධකයකි. පිරිසුදු බව රැක ගැනීමට හිසට ආවරණයක් පැළඳීම, මුවවැසුම් (මුකවාඩම්) බැඳ ගැනීම සුදුසු වුවත් නිවෙසක එවැන්නක් කිරීමේදී ප්‍රායෝගිකව යම් යම් ගැටලු මතුවේ. එහෙත් අතීතයේ අපේ ඇත්තන් ඒ ආකාරයෙන් ඒවා ක්‍රියාවට නැංවූ බව පැහැදිලිය. කරන්නන් වාලේ දන් සැකසීම නොකර හොඳ පිළිවෙළක් අනුගමනය කිරීම ඉතාම වැදගත් වේ. තමන් මේ දානය සූදානම් කරන්නේ බුද්ධ, ධම්ම, සංඝ යන තුනුරුවන වෙනුවෙන් බව පළමුව සිතේ ඉපදිය යුතුය.

      එබැවින් දන් සකසන විට අඩුවෙන් කතා බස් කර ශබ්ද නගා සිනහ නොවී එම කටයුතු කිරීම ඉතා හොඳය. දානය සකසන විටත් දානය පිළිගන්වන විටත් කැවිලි හා රස කැවිලි පිඟන් සකසන විටත් එය අනුගමනය කළ යුතුය. නැතහොත් කෙස් ගස් සහ කතා කරන විට කෙළත් සකස් කරන ආහාර වලට එකතුවීමට ඉඩකඩ තිබේ. එය තමාගේ ද නොදැනීමෙන් සිදුවන අත්වැරද්දක් බව කල්පනාවට ගැනීම වටී.

      ඇතැම් අය සත් නමකට ආරාධනා කරති. තවත් අය පහළොස් නමකට ආරාධනා කරති. යම් හේතුවක් මත ස්වාමීන් වහන්සේලා දෙනමක් මගහැරී දහතුන් නමක් වැඩම කළවිට දායකයාගේ සිතට මදිය. එක් හේතුවක් වන්නේ දහතුන ඇතැම් දායක දායිකාවන්ට අසුබ සංඛ්‍යාවකි.

      Delete
    2. අනෙක් කාරණය ජගත් බලාපොරොත්තු වූ ස්වාමීන් වහන්සේලා පහළොස් නම වැඩම නො කිරීමය. මේ සියලු කාරණා දායක පින්වතුන්ගේ සිතේ පවත්නා මිත්‍යාවන් හා පවුලේ තත්ත්වය මත පදනම් වූ ඒවාය.

      යම් කෙනෙකුට දානය පුජා කිරීමට අවස්ථාව ලැබෙන්නේ සිවු නමකට නම් ඒ ස්වාමීන් වහන්සේලා සිවු නමට ශ්‍රද්ධා පෙරදැරිව ගෞරව භක්තියෙන් දන් පිළිගැන්විය යුතුය. යම් ආකාරයකට ඔබ දානය පිළිගන්වන්නේ සිතේ ධාර්මික ප්‍රීතියකින් නොවේ නම් එම දානය පිදීමේ ප්‍රතිඵලයක් ද නැති බව සිතීමට කල්පනාව තිබිය යුතුය.

      දක්ඛිණ විභංග සූත්‍රයේදී පෞද්ගලික දාන 14 ක් ද සාංඝික දාන ක්‍රම 7 ක් ද දක්වා ඇත. පෞද්ගලික දාන අතර උසස්ම දානය බුදුරජාණන් වහන්සේ වෙත කෙරෙන පූජාවයි. සාංඝික දානයට උපසපන් භික්ෂූන් හතර නමක් අවශ්‍ය වේ.

      එහෙත් සංඝයා වැඩ සිටින අරමකට ගොස් සංඝයා වෙනුවෙන් දන් පිදීමකට එක් නමක් වැඩමවා ගැනීමෙන් ද සාංඝීක දානයක් පූජා කළ හැකිවේ. මෙය දායකයාගේ සිත පෙරටුවම පවතී. එබැවින් දානයක් දීමේදී තම නිවසේ ඉඩකඩ ගැන විමසා ඊට උචිත භික්ෂූන් ප්‍රමාණයක් ලබා ගත යුතුය. සාංඝීක දානය වඩා ආනිශංස දායක වේ.

      භික්ෂූන් 10 නමක් 15 නමක් ආදී වශයෙන් ගණන් යොදා ගතහොත් එය පෞද්ගලික දානය ගණයට වැටේ. මෙහිදී අපේ ගෙදර ඉඩකඩ අනුව ස්වාමීන් වහන්සේලා 10 නමක් පමණ සංඝයා වෙනුවෙන් වැඩම කළහොත් හොඳයි යනුවෙන් ම ආරාධනා කිරීම සුදුසුය.

      දානය දෙන තැනත් ධර්ම දේශනාව පවත්වන තැනත් උඩු වියන් බැඳීම සිරිතකි. වැඩම කරවන භික්ෂූන් වහන්සේලාට සුදු ඇතිරිලි යොදා ආසන පිළියෙළ කළ යුතු අතර උන්වහන්සේලාට අටපිරිකර හෝ පරිෂ්කාර අවශ්‍ය පරිදි සූදානම් කරගත හැකිය. වැඩම කරවන ස්වාමීන් වහන්සේලාගේ පා සේදීමට වතුර භාජනයක් ද පා සෝදන ස්ථානයේ බිමට ගොක් අත්තක් වියා ගැනීමට හැකිනම් එවැන්නක් ද තබා පා පිස දැමීමට පිරිසුදු රෙදි කඩක් ද නිවසට ඇතුළු වන දොරටුව සමීපයේ සූදානම් කළයුතු වෙයි. ධර්ම දේශනාව පැවැත්වීමට සූදානම් කරන තැන වේලාව බලා ගැනීමට ඔරලෝසුවක්, පැන් වීදුරුවක් තැබීම හොඳය. ස්වාමීන් වහන්සේලාට දානය පිරිනැමීමට අවශ්‍ය භාජන (පිඟන්, කෝප්ප, කැවිලි සහ පලතුරු පිළිගන්වන පිඟන් ද පඩික්කම් ද) සූදානම් කර තැබිය යුතු වේ. සාංඝීක දානයේදී කරඬුව තැන්පත් කිරීමට ඉහළ තැනක් සූදානම් කර ගනී. එහිදී කරඬුවට ඉහළින් සුදු වියනක් සකසා තැබිය යුතුය. බුදුන් වහන්සේ වැඩියා හා සමානව කරඬුවට පූජා කටයුතු කිරීම පළමුව සිදුවන බැවින් නිවසේ බුද්ධ පූජාව පළමුව පවත්වයි. ඒ සඳහා දානය සූදානම් කර තැබිය යුතු අතර මල් පහන් සුවඳ දුම් පුජා කෙරෙන බැවින් ඒවා ද සූදානමින් තැබීම ඉතා හොඳය.

      දානය නිරාවරණය කළ පසු මැස්සන් එක් රොක්වීම වැළකීම සඳහා ඉටි පහනක් දැල්වීම එහිදී බිම දූවිලි කුණු නැතිවන ලෙස හොඳින් පිරිසුදු කර තැබීම වැදගත් වේ. දානයක් සිදු කළත් ධර්ම දේශනාවක් සිදු කළත් ස්වාමීන් වහන්සේලාට ආරාධනා කිරීම සඳහා දැහැත් වට්ටිය සූදානම් කර තැබීම අනිවාර්යය. එසේම පැන් වැඩීම සඳහා ද භාජන සූදානම් කර තැබීම හොඳය.

      දානය පිරිනමා ගෙවත්තේ තැනක මල් පැළක් සාදා එහි පෙරේත ගොට්ට තැබීම ඇතැම් ප්‍රදේශවල සිදුවේ. එතැනට ස්වාමීන් වහන්සේ නමක් ද වැඩම කරවා ගනියි. මෙය තබනුයේ මියගිය පුද්ගලයාට බැවින් ඔහු ප්‍රිය කරන කෑම බීම ආදිය එහි තබයි. ඔහු ජීවත්ව සිටින කාලයේ අරක්කු, සිගරැට්, සුරුට්ටු පාවිච්චි කළේ නම් ඒවාද තබන සිරිතක් ඇත. ඉන් පෙන්නුම් කරනුයේ මියගිය තැනැත්තා ප්‍රේතයකු බව නොකියා කීම බව පෙනේ. ඒවා බෞද්ධයන්ට නො ගැලපේ. එහෙත් කලින් දින පහනක් දල්වා මිය ගිය අයට පින් ගැනීමට ආරාධනා කිරීම සුදුසුය. ප්‍රේත ගොටුවක් ලෙස නොව සතුන්ට දානයක් ලෙස එසේ ආහාර තැබීමෙහි වරදක් නැත.

      Delete
    3. ගරුතර මහා සංඝරත්නය වැඩම කළ පසු පළමුව පන්සිල් සමාදන්ව අනතුරුව දාන වස්තුව සහ අටපිරිකර ඇතුළු සෙසු පිරිකර මහා සංඝ රත්නයට සාංඝීකව පවරනු ලැබේ. එනම් ඒ දාන වස්තුව සංඝ රත්නය උදෙසා අයිති කැර දීමෙකි. එය දාන වස්තුව සාංඝීක කිරීමයි. එහිදී උපසම්පදා හිමිවරුන් සිවු නමක් වැඩ සිටිය යුතු බවට පිළිගැනීමක් වෙයි.

      එහෙත් වැඩ සිටින ගෞරවනීය ස්වාමීන් වහන්සේලා කුමන ආකාරයේ වුවත් දාන වස්තුව පිරිසුදු චේතනාවෙන් පිදිය යුතුය. උන්වහන්සේලා

      ‘ඉමං භික්ඛං භික්ඛු සංඝස්ස දේම’

      යනුවෙන් වාක්‍යය පැවසූ පසු එම දාන වස්තුව අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහ රහතන් වහන්සේ, අග්‍ර ශ්‍රාවක සැරියුත්, මුගලන් මහරහතන් වහන්සේලාගේ පටන් උතුම් ආර්ය සංඝරත්නය උදෙසා පිදූවක් බවට පත් වෙයි. දානය වැළඳූ පසු අට පිරිකර, කොට්ට, පැදුර, ඉදල, පිඟාන, කෝප්පය, කොස්ස ආදී පුද පරිෂ්කාර ද පූජා කරනු ලැබේ.

      බිම්බිසාර මහ රජතුමන් වේළුවන ආරාමය පූජා කළ දින රාත්‍රියේ මියගිය ඥාති පිරිසක් සිහිනෙන් දැක බිය වී ඒ පිළිබඳව බුදුරජාණන් වහන්සේගෙන් විමසූ විට වදාළේ පින් අනුමෝදන් වනු රිසියෙන් ඔවුන් පෙන්නුම් කළ බවයි. එහෙයින් දන් දී ඔවුන්ට පින්දීමට නියම කරනු ලැබූහ. දන් දී පින් දුන් කල්හි මියගියවුන්ගේ කෘශ වී ගිය සිරුර සම්පූර්ණව පෙනුණත් නිර්වස්ත්‍රව සිටි බැවින් ඒ ගැන විමසූ කල්හි වස්ත්‍ර පූජා කොට පින් දීමට නියම කරනු ලැබූහ. දෙන දෙයට අනුව පින් ලැබෙන බව මින් පෙනේ.

      “ යා දිසං වපතේ බීජං තා දිසං හරතේ ඵලං”

      වපුරන බීජවලට අනුව අස්වැන්න ලැබේ. වී වැපිරූ විට වී ද මුං වැපුරූ විට මුං ද අස්වැන්න ලෙස ලැබේ. ඒ අනුව පූජා කරන දේ අනුව ප්‍රතිඵල ද ලැබෙන බැවින් අපේ බෞද්ධ ජනතාව අවශ්‍යතා සලකා බලා පුද පූජා කිරීම සුදුසුය.

      අටපිරිකර පූජාවෙන් අනාගත බුදු කෙනකුන් හමුවේදී ඒහි භික්ෂු පැවිද්ද ලැබේ යැයි ද, පිඟන් කෝප්ප ආදී සෙසු පිරිකර පූජාවෙන් මිය ගිය අයගේ නව නිවහනට එම සැප සම්පත් ලැබේයැයි ද විශ්වාසයක් පවතී. මේ පූජාවන්ගෙන් පසුව පුණ්‍යානුමොද්නා ධර්ම දේශනාව පවත්වා පැන් වඩා පින් අනුමෝදන් කෙරේ.

      Delete
    4. ජගත් මහත්මයා, ඔබ බුදුදහම ගැන ඉතා උනන්දු සැදැහැවත් බොදුනුවකු මෙන් පෙනෙන බැවින් දානය ගැන මටත් යමක් ලිවීමට සිතුනා, බෞද්ධයාට කර ගත හැකි අටමහා කුසල් පිළිබඳව අද අපි කෙටියෙන් නමුත් සිහිපත් කර ගනිමු.

      ‘කඨිනංච පරික්ඛාරං වාසදානංච - උත්තමංබුද්ධප්පමුඛ සංඝස්සං දානං
      ධම්මස්ස ලේඛනංඛෙත්තදානංච - සංඝස්ස පටිමාකරණම්පිචකරනං
      වච්ච කුටියා අට්ඨ පුඤ්ඤානි වුච්චරෙ

      වප්පොහොයෙන් ආරම්භ වන්නේ චීවර මාසයයි. එය භික්ෂු භික්ෂුණී, උපාසක, උපාසිකායන සිවුවනක් පිරිසගේ පින් වැඩෙන කාල සීමාවකි. වස් සමාදන් වූ භික්ෂූන්වහන්සේ මහා පවාරණය සිදු කරන්නේ වප් පොහොය දිනයේ ය. වප් අව පෑළවිය දිනපටන් ඉල්පුර පසළොස්වක පොහොය දක්වා කාල සීමාව තුළ පෙර වස් සමාදන් වූභික්ෂූන් වහන්සේට කඨින චීවරයක් ලැබීමේ හැකියාව පවතී. මේ මහා පින්කම සිදු කිරීම ආරම්භ වීම ඇතුළුව බුදුරජාණන් වහන්සේ මාතෘදිව්‍ය රාජයාණන් ප්‍රධාන දෙවිවරුන්ට තවුතිසාවේදී අභිධර්මය දේශනා කරයළිත් සංකස්ස පුරයට පෙළහර පාමින් වැඩම කිරීම, සැරියුත් හිමියන් නුවණින්අග්‍රස්ථානය ලැබීම, මෛත්‍රී බෝසතුන් ගෞතම බුද්ධ ශාසනයේ පැවිදි බවලැබීම, මිහිඳු මහරහතන් වහන්සේගේ අනුශාසනා පරිදි මහාරිට්ඨ හිමියන්ථූපාරාම විහාර මධ්‍යයේදී විනය පිටකය සංගායනා කිරීම, ජය ශ්‍රී මහාබෝධියෙහි දක්ෂිණ ශාඛාව රන් කටාභයෙහි පිහිටීම යන සිදුවීම් මුල් කරගනිමින් වප් පොහොය, ශ්‍රද්ධා බුද්ධි සම්පන්න පින්වත්හු ආමිසප්‍රතිපත්ති කුසල් සිදු කර ගනිමින් සමරනු ලබති. පෙර සඳහන් කළ පරිදි අටමහ කුසල්හි පළමු පින්කම කඨින චීවර පූජාව, මේපොහොයෙන් ආරම්භ වේ.

      ඉහත ගාථා පිළිවෙළින්ම අටමහා පින්කම් මෙසේය.

      1. කඨින චීවරයක් පූජා කිරීම
      2. අටපිරිකරක් පූජා කිරීම
      3. ආවාස ගෙයක් සාදවා සඟ සතුකොට පූජා කිරීම
      4. බුද්ධ ප්‍රමුඛ මහා සංඝයා විෂයෙහි සඟ සතු දානය පූජා කිරීම
      5. බුද්ධ ධර්මය ලිවීම හා ලියැවීම
      6. සඟ සතුකොට හෝ බුද්ධ පූජා වශයෙන් කෙත්වතුපූජා කිරීම,
      7. බුදු පිළිමාදිය තැනවීම
      8 .වැසිකිළි තනවා සඟ සතු කොට පූජා කිරීමකඨින චීවරයක් පූජා කිරීම

      මෙය අට මහා පින්කම් අතර පළමුවැනි පින්කම වෙයි. එසේම මහානුභාව සම්පන්නමහානිසංශ ගිහි පැවිදි දෙපරිසගේම කුසල් වැඩීමට හේතු වන පින්කමකි.කඨින චීවර දානමය කුසලය මහ පොළොව මෙන් කිසි විටෙකුදු කම්පා නොවන්නකි.මහා මේරු පර්වතය මෙන් මහා සුළඟින් නොසෙල්වෙන්නකි. ඒක ඝන වජිර පර්වතයමෙන් නොබි‍ෙඳන්නකි. සියලු ආමිස දානයන් අතර උසස්ම පින්කමකි.

      Delete
    5. වසරකටවිහාරස්ථානයක එක් වරක් පමණක් සිදු කළ හැකි දුර්ලභ ගණයේ පින්කමකි. කඨිනයන වචනය තුළම ඇත්තේ නොබි‍ෙඳන , නොසෙල්වෙන මහත් ගරුගාම්භීර පින්කමක්ය යනඅදහසයි. එය ලැබිය හැක්කේ පෙර වස් සමාදන් වූ උපසපන් භික්‍ෂූන් වහන්සේ හෝභීක්ෂුණීන් වහන්සේලාටය. කඨින චීවරයක් පූජා කිරීමට සිවුවනක් පිරිසෙන්ඕනෑම කෙනෙකුට පුළුවන. ඒ සඳහා තනිපට සිවුර, දෙපට සිවුර, අඳනය හෝ ඉන්කවරක් වුව කම් නැත. කඨින චීවර පූජාව බොහෝ විහාරස්ථාන වල අලුයම් වේලේපෙරහරින් වැඩමවා පූජා කරන්නේ ඉතා ශ්‍රද්ධා සම්පන්නව ය.

      කඨින චීවර පූජාවකොතරම් ආනිසංශ සහිතද යන්න නාගිත චරිතාපදානය කියැවීමේදී දත හැකිය. කඨිනචීවර පූජාව දෙව්ලෝ, මිනිස් ලෝ සැප සම්පත් ලැබීම අගතියකට නොයෑම , උසස්කුලවල ඉසුරුමත්ව ඉපදීමට හේතුවන්නකි. කාටත් පි‍්‍රය උපදවන, කීර්තිය,තේජස පැතිර යන නිවනට මඟ කියන පින්කමකි. එනිසාම ගිහි පැවිදි දෙපිරිසමචීවර මාසය තුළ ඊට සමගාමීව නොයෙක් පින් දහම් වල යෙදීම අගය කළ යුතුකාරණයකි.

      අටපිරිකර පූජාව

      බුදුරජාණන් වහන්සේ විසින් අනු දැන වදාළ පරිදි භික්ෂූන් වහන්සේගේ සරලපැවැත්මට උපකාර වන පැවිදි බවේද සලකුණ අටපිරිකරයි. ඊට දෙපට සිවුර, තනිපටසිවුර , අඳනය , පාත්‍රය, දැලිපිහිය, ඉදිකටුව, සිවුරු පටිය හා පෙරහන්කඩයඇතුළත් වේ. සැදැහැවත් බෞද්ධ ජනතාව ධර්මදේශනා, සාංඝීක දාන, පැවිදි පින්කම් ආදීඅවස්ථාවන්හිදී අටපිරිකර පූජා කරති. එයද මහත්ඵල පින්කමකි. පිළිකා, දද,කෘෂ්ඨ ආදි රෝගාබාධ හට නොගනී. දරුණු සතුන්ගේන් හානි නොපැමිණේ. උතුම්මිනිස් බව ලැබීමට හේතු වේ. එසේම මතු බුදුවරයන් සමීපයේ ඒහි භික්ෂූ භාවයලද හැක්කේද අටපිරිකර පූජාව සිදු කළ අයට පමණි. ගෞතම බුද්ධ ශාසනයේ ඒහිභික්ෂු භාවයේ පැවිද්ද ලද පිරිස 28,850ක් බව සමන්ත පාසාදිකා විනයඅටුවාවේ විස්තර කෙරේ. එසේම බන්දුල මල්ලිකා , විශාඛා, සුජාතාවන් ලද මහඟුවූ මහලිය පලඳනාව ලබන්නට මතු කාන්තාවක්ව උපන්නහොත් හැකියාව ලැබෙන බව බණපොත්වල සඳහන්වේ.

      ආවාස දානය

      ආවාස දානය දිවා රෑ පින් වැඩෙන ක්‍රියාවක් බව සංයුක්ත නිකායේ වනරෝපසූත්‍රයෙහිද සඳහන් වේ. සංයුත්ත නිකායේ ‘ කිං දද ‘ සූත්‍රයේදී කුමක්දීමෙන් සියල්ල දෙන්නේ වේදැයි එක් දෙවියකු විසින් අසන ලද පැනයකටපිළිතුරු දෙමින් බුදුරජාණන් වහන්සේ ‘යමෙක් ආවාස දේ නම් හෙතෙම සියල්ලදෙන්නේ වේ ‘ යැයි වදාළහ.බුදුන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝයාට ආරාම ගොඩනගා පූජා කළ බුද්ධ කාලයේදානපතීන් පිළිබඳ තොරතුරු බෞද්ධ කථා පුවත් වලින් හමුවේ. ශාක්‍යයන්විසින් කළ නීග්‍රෝධාරාමය ද , බිම්බිසාර රජතුමා කරවු වේළුවනාරාමය ද,අනේපිඬු සිටුතුමා පූජා කළ ජේතවනාරාමය ද ඉන් නිදසුන් කිහිපයකි. එය දෙව්විමන් ලැබ මතු භවයක නිර්වාණය පසක් කර ගන්නටද හේතු වන පුණ්‍ය කර්මයකි.පොදු මානුෂිය අවශ්‍යතා අතර නිවාස ගණයේ සැලකෙන අවාස පූජාව භික්ෂූන්වහන්සේගේ ඇලීම පිණිස නොව සීත, උෂ්ණ ආදි පීඩාවන්ගෙන්,මදුරු මැස්සන්ගෙන්ආරක්ෂා වීම, ස්වභාවික උපද්‍රවයන්ගෙන් ආරක්ෂා වීම පිණිස වෙයි. පෙරලා එහිඅනුසස් පූජා කරන්නවුන්ටද ලැබේ.

      සාංඝීක දානය

      සාංඝීක දාන පින්කම් නිතර නිතර විහාරස්ථාන නිවෙස් වල සිදු කරන පින්කමකි.එනම් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයාට පූජා කරන දානයයි. පින්කැමැත්තෙන් කරන සුළු අහරක් සතෙකුට පවා දීමෙන් ඉන් ලැබෙන ආනිසංශ සුළුනැත. සෝවාන් ඵලය සඳහා පිළිපදින තැනැත්තාගේ පටන් ගුණවත් පුද්ගලයන්ට දන්දීමෙන් ආනිසංශ අනන්ත, අප්‍රමාණ බව බුද්ධ දේශනාවෙහි සදහන් වෙයි. සාංඝීකදාන වර්ග හතකි.ධර්මය ලිවීම හා ලියැවීමධර්මය ලියා එය කියැවීමටත්, ඉගෙන ගැනීමටත් අවස්ථාව සලසා දීම අටමහාකුසලයන්ගෙන් එකකි. එයින් ධර්මය නොනැසී පැවතීමට රුකුලක් වන අතරමකියවන්නා තුළද ශ්‍රද්ධාව, බුද්ධිය ජනිතවී පවින් ඈත්වේ. එය බෞද්ධප්‍රතිපත්ති මඟට පිවිසීමට ඉඩ සැලසේ. එනිසා “ සබ්බ දානං ධම්ම දානංජිනාති “ සියලු දානයන් අතර උතුම් දානයක්ද වේ. අතිතයේ පටන් රජවරු,ඇමතිවරු, සඟ යතිවරු, පඬිවරු දහම් පොත්පත් ලිවූහ. මේ කුසල කර්මය සිදුකරගන්නට මහන්සි ගත්හ. එය හුදෙක් බුදු දහමේ චිරස්ථිතියට ඍජුවම බලපෑ බවනොකිව මනාය.කුඹුරු පූජාවදන් නොලැබෙන කාලවල විහාරාරාම සතු කුඹුරු වලින් ලැබෙන අස්වැන්නෙන්රැස්කර තබන ධාන්‍ය ප්‍රයෝජනයට ගත හැකිය. අතීතයේ විහාරාරාම වල භික්ෂූන්වහන්සේ බොහෝ පිරිසක් වැඩ සිටි නිසා එය උන්වහන්සේලාට පහසුවක් විය. ක්‍රි.ව. 5 වන සියවසේ පාහියන් භික්ෂූන් වහන්සේ ලංකාවට වැඩම කළ සමයේඅභයගිරියේ භික්ෂුන් වහන්සේ 5000 ක්, මහා විහාරයේ භික්ෂුන් වහන්සේ 3000ක් ආදී වශයෙන් වැඩ සිටියහ. එකල දානය සඳහා කුඹුරු වලින් ලැබුණු අස්වැන්නමහත්සේ ප්‍රයෝජනවත් විය. එනිසා අතීතයේ රජවරු ඇමතිවරු ආදි පිරිස් විහාරසඳහා කෙත්වතු පූජා කළහ. ඒවාට යමෙකු හානි කිරීම මතු බලු කපුටන් වීඉපදීමට හේතු වන අකුසලයක් බව ඇතැම් සෙල්ලිපිවල සඳහන් කර තිබේ.

      Delete
    6. භික්ෂූන්වහන්සේගේ දාන පහසුව සඳහා මෙසේ කුඹුරු පූජා කිරීම අටමහා කුසලකර්මයන්ගෙන් එකකි. පිළිම කරවීමබුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ නොසිටියත් බුද්ධ ප්‍රතිමාවක් සමීපයට ගියවිට උන්වහන්සේ ජීවමාන වන් හැඟීමක් ඇතිවේ. උන්වහන්සේගේ මහා මෛත්‍රිය,කරුණාව, අපට දැනේ. හුදෙක් බුදු පිළිමයක් තුළින් ඇති වන මේ ශ්‍රද්ධාව තවකෙනෙකුට ඇති කරවීමේ අරමුණින් බුද්ධ ප්‍රතිමා ඉදිකිරීම මහානිසංශ දායකකුසලයකි.බුද්ධ ප්‍රතිමා නෙළීමද බොහෝ දුරාතීතයට දිව යයි. අනුරාධපුරයේ සමාධිබුද්ධ ප්‍රතිමාව දෙස බලා ඉන්දියාවේ හිටපු අගමැති ජවහල්ලාල් නේරුතුමාලැබූ මානසික සුවය, නිවීම පිළිබඳව එතුමාගේ සටහන් වලින්ද කියැවේ. එකීසුවය තව කෙනෙකුට ලබා දෙන බුදු රුව ඉදිකරවීමද අටමහා කුසලයකි.

      වැසිකිළි කරවීම

      පරිසරයේ පිරිසුදු බව පුද්ගලයාගේ පිරිසුදු බවටද නීරෝගී බවටද හේතුවකි.එනිසා භික්ෂුන් වහන්සේ පැවිදි ජීවිතය තුළ සම්පූර්ණ කරන වත් අතරවැසිකිළි වතද වේ.වත් සම්පූර්ණ නොකරන භික්ෂුව සීලයද සම්පූර්ණ නොකරන බව ‘ වත්තං නපරිපුරෙන්තො න සීලං පරිපූරති ‘ යනුවෙන් දැක්වේ. ඒ නිසා භික්ෂුන් වහන්සේවැසිකිළිය ඉතා පිරිසුදුව පවත්වාගෙන ගියහ. එය තම ශීලය පරිපූර්ණ වීමටදහේතුවක් විය. සනීපාරක්‍ෂාව සඳහා වැසිකිළි තනවා පූජා කිරීමද මහාපින්කමක් වශයෙන් ගැනේ.

      ඉහත කී අටමහා කුසල කර්ම සිදු කර ගැනීම තුළින් පුද්ගලයාට මහත්ඵල ආනිශංසලැබෙන අතරම පුද්ගලයන් තුළ පවත්නා ලෝභ, ද්වේශ, මෝහ ආදි අකුසල් දුරුකරගැනීමටද හේතුවේ. මෙලොව, පරලොව දෙලොවටම සුබදායක වේ. පුද්ගලයන් තුළ බැඳීමදුරුවේ.අවසානයේ ලෝකෝත්තර පරම සුවය නිවන් සැපත සාක්ෂාත් කර ගැනීමටදහේතුවේ. එනිසා එවන් මහත්ඵල වූ අටමහා කුසල කර්මයන් වැඩි වශයෙන් සිදු කෙරෙන චීවරමාසය ඇරඹෙන මේ වසරේ (2017) ඉදිරියේ එළැඹෙන වප් පුර පොහෝදා ඒ පිළිබඳව ශ්‍රද්ධාසම්පන්න ඔබට දැනුම්වත්ව කටයුතු සිදු කිරීමට භාග්‍යය ලැබේවා. තෙරුවන් සරණයි !

      Delete
    7. උඩු වියන් බැඳ වැඩම කරවන ස්වාමීන් වහන්සේලාගේ පා සේදීමට සූදානම් කොට ඇතිවිට අන්තරයේ සංඝ මැරයෙක් වැඩ්ඩොත් මොකද කරන්නේ ?

      Delete
    8. ඔය දරුවට සාංඝීක යන වචනයේ අර්ථය පැහැදිලි වෙලා නෑ.
      සාංඝික දානයක් දෙන්නේ යම්කිසි භික්‍ෂු පිරිසක් ඉලක්ක කරගෙන නෙවෙයි. එහෙම කරනවා නම් එය පෞද්ගලික දානයක්.
      ප්‍රජාපතී ගෝතමිය දෙන්න හැදුවෙත් පෞද්ගලික දානයක්.
      සාංඝීක දානයක් දෙන්නේ දෙන්නේ අතීතයේ සිටි සහ අනාගතයේ පහලවන සියළුම භික්‍ෂු භික්‍ෂුණීන් වෙනුවෙනුයි.
      එය ප්‍රායෝගිකව කල නොහැකි නිසා සංකේතාත්මකව යම් භික්ෂු පිරිසකට දානය පිලිගන්වනවා.
      සාංඝීක දානයක් ලද භික්ෂුවක් ඔහු කරන්නේ සිංඝීක දේපල හොරකම් කිරීමක්.
      ගිහියෙක් හෝ පැවිද්දෙක් සිංඝික දේපල හොරකම් කරයි නම් ඔහුට එයින් දුරුණු පාපයක් වෙනවා.
      එයින් ඔහුට කල්ප ගණනක් අපායවල්, ප්‍රේ‍ත,තිරිසන් ලොකවල ඉපදීමට සිදුවෙනවා.
      කල්ප ගනණකට පසු මනුශ්‍ය ලෝකයක උපත ලැබුවත් ඔහු උපදින්නේ ආබාධිතයෙකු හෝ කෙළතොල්ලෙකු ලෙසයි.
      නිරෝගී මිනිසෙකු ලෙස උපන්නත් උපදින්න ලැබෙන්නේ, ස්ත්‍රියක හෝ නපුංසකයෙකු ලෙසයි.

      එවැනි පාපයක් කරගන්නා අයෙකු දෙස බලා අනුකම්පා කරනවා විනා.
      ඔහුට වෛරකර අප කරන සාංඝීක දානයේ පින අඩුකරගන්න අවශ්‍ය නෑ.

      Delete
    9. //සාංඝීක දානයක් ලද භික්ෂුවක් ඔහු කරන්නේ සිංඝීක දේපල හොරකම් කිරීමක්.
      සාංඝීක දානයක් ලද භික්ෂුවක් දුස්සිලව සිටී නම් ඔහු කරන්නේ සිංඝීක දේපල හොරකම් කිරීමක්.

      Delete
  7. දන් ගොතෝ උඹ දන්නවද .. ඕහ් එක්කොත් ඕනෙ නැහැ

    ReplyDelete
    Replies
    1. // AnonymousJune 27, 2017 at 1:32 AM

      දන් ගොතෝ උඹ දන්නවද .. ඕහ් එක්කොත් ඕනෙ නැහැ //


      අර මනෝ කිචිස්සකගේ කේස් එක නේද? මම දන්නවා හිටන්!

      Delete
  8. දඹර අමිල හිමි, මහාචාර්ය සරත් විජේසූරිය, ගාමිණි වියන්ගොඩ ඇතුළු පුරවැසි බලය සංවිධානයේ පිරිසක් විසින් ප‍්‍රසිද්ධ කර තිබූ පුවත්පත් දැන්වීමක් ගැන අදහස් පල කරමින් අධිකරණ හා බුද්ධ ශාසන ඇමති විජේදාස රාජපක්‍ෂ මහතා පවසන්නේ පිස්සන් කොටුටේ සිටිය යුතු පිරිස් එලියේ සිටින බවට හොදම සාධකයක් වන්නේ මෙම පිරිසගේ හැසිරීම බවයි.

    ඇමතිවරයා මේ අදහස් පල කලේ හිරු රූපවාහිනියේ පැවති සලකුණ දේශපාලන වැඩසටහනට එක්වෙමිනි.

    https://youtu.be/MIr5Aeda1HY

    ReplyDelete
    Replies
    1. රටේ ක්‍රිස්තියානි පල්ලිවලට ප්‍රහාරයන් එල්ලවන බවත් ඒ අනුව නීතිඥ ලක්ෂාන් ඩයස් ප්‍රකාශ කල කරුණු සත්‍ය බවත් ජනාධිපතිවරයා සහ අමාත්‍ය විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයා මේ සම්බන්ධව නූගත් මෝඩයින් ලෙස ක්‍රියා කරන බව ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න ප්‍රසිද්ධියේ රටේ ජනාධිපතිවරයාට සහ අධිකරණ අමාත්‍යවරයාට චෝදනා කලේය.

      එයින් නොනැවතුණ සිවිල් සමාජ ක්‍රියාකාරින් ලෙස පවසන වික්‍රමබාහු කරුණාරත්න සහ ජනාධිපතිවරයා සහ අධිකරණ අමාත්‍යවරයා විසින් චෝදනා එල්ල කල නීතිඥ ලක්ෂාන් ඩයස් ඇතුළු 173 දෙනෙකුගේ නම් සහිත සම්පූර්ණ පිටුවක පුවත්පත් දැන්විමක් අද ලංකාදීප ඇතුළු පුවත්පත් කිහිපයකම පලකොට ඇත.

      එම දැන්වීම පලකොට ඇත්තේ “පුරවැසි බලය” සහ “සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය” යනුවෙනුයි, එමෙන්ම එහි නම් යොදා ඇති 173 දෙනා ඉහත දැන්වීම මගින් සනාථ කොට ඇත්තේ “ජාතිවාදය සහ ආගමික අන්තවාදය එපා එපා එපා” යනුවෙන් වුවත් එහි අන්තර්ගතයේ සඳහන් වනුයේ නීතිඥ ලක්ෂාන් ඩයස් රූපවාහිනි නාලිකාවක් ඔස්සේ ප්‍රකාශ කල පල්ලිවලට ගැසු බව සත්‍යයක් ලෙස සනාථ කිරීමයි.

      එමෙන්ම එහි මුස්ලිම් හා ක්‍රිස්තියානි ආගම්වලට හානි කිරීම සම්බන්ධව චෝදනා කොට තිබුනත් නැගෙනහිර සහ උතුරු ප්‍රදේශවල සිදු වන පුරාවස්තු විනාශ කිරීම හෝ බෞද්ධ වෙහෙර විහාරයන්ට වන හානිය කොතනක හෝ යම්තමින් හෝ සඳහන් කොට නොමැති වීම “සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය” ආරම්භ කල සංඝ පීතෘවරයෙකු වන අපවත්වී වදාළ මාදුළුවාවේ සෝභිත හිමියන්ටද බෞද්ධ සමාජය තුල ඇති පිලිගැනීම විනාශ කිරීමකි. එමෙන්ම එහි වර්තමාන සභාපති මහාචාර්ය සරත් විජේසුරියගේ නම එම දැන්වීමේ 6 වෙනියාට සඳහන් කොට තිබීම තවත් විශේෂිතය.

      ඒ අනුව ජනාධිපතිවරයා සහ අධිකරණ අමාත්‍යවරයා විසින් ඉහත චෝදනාව පිලිනොගැනීම මෙන්ම එයට පාදක වූ කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් හිමිපාණන් විසින් කල ප්‍රකාශයන් සම්පූර්ණයෙන්ම මෙම පුවත්පත් දැන්වීම හරහා හෑල්ලුවට ලක් කොට ඇති බවත් පෙනේ.

      එමෙන්ම මෙහි විශේෂත්වය වනුයේ එම දැන්වීම පලකළ පුද්ගලයින් 173 දෙනාගේ නම් අතර මේ ආණ්ඩුවේ නව ව්‍යවස්ථාව වෙනුවෙන් පෙනි සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන ආචාර්ය ජයම්පති වික්‍රමරත්ත 12 වෙනියා ලෙස පෙනි සිටින අතර 147 වෙනියාට ආණ්ඩුවේ මන්ත්‍රී වරයෙකු වන මුජිබර් රහුමාන් සිටි. එමෙන්ම ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න නම 25 වෙනියාටත් ජනාධිපතිවරයා සහ අධිකරණ අමාත්‍යවරයාගේ චෝදනාවට ලක්වු නීතිඥ ලක්ෂාන් ඩයස්ගේ නම 47 වෙනියා ලෙසත් එම දැන්වීමේ ප්‍රදර්ශනය කොට ඇත.

      Delete
    2. හරක් විජේසූරිය වහු පැටවා කාලෙ ඉඳන් ම ඔහොමයි නේ හිටන්!

      Delete
    3. Well said ! However Wijedasa Rajapakse too was behind toppling the MR government using many false accusations. As a result, the country is now going down the hell while NGO’s powered by LTTE diaspora and Western elements are doing all the damage.

      Delete
    4. ඔබ හරි. විජේදාස ඇමතිතුමාගේ කථාවනම් සියයට සීයක් සම්පුර්ණ සත්‍යයි.

      //දඹර අමිල, සරත් විජේසූරිය, වියන්ගොඩ ඇතුළු පුරවැසි බලය ඉන්න ඔ්නෑ පිස්සන් කොටුවේ.. වැරදීමකින් එලියෙ ඉන්නේ..//

      මොකද මුන් තනිකරම කෙළින්නේ පිස්සු. හරි නම් මුන් ඉන්න ඕනේ පිස්සන් කොටුවේ නෙවෙයි හිරේ.

      ලංකාවේ වැඩිපුරම පිස්සන් සිටිනම් ඒ සිටින්නේ පාර්ලිමේන්තුවේය මොකද එතන තමයි පිස්සු කෙළින රඟමඩල තිබෙන්නේත් එහි සිටින නළුනිළියන් තමයි රටටම පිස්සු බෝකරන්නේත්.

      Delete
  9. //රන්ගිරි දඹුලු මහ විහාරය රාජසන්තක කිරීමට එරෙහි වෙමු!//

    එරෙහි උනා කියල බය වෙයි රනිල් හාමුගේ ආණ්ඩුව.
    ඉස්සෙල්ල විරෝධතාවයට නැගල යන්න දෙනොව. ඔය බුද්ධ සාසන අමාත්‍යන්සේ පැය කීපයකට අත්පත් කර ගැනීමක් වාගේ වෙනකන්. ඊට පස්සේ අස්ගිරි කාරක සංඝ සභාවට ජනාධිපති එක්ක සාකච්චාවක් දෙනොව. ඊළඟට ජනාධිපති ලේකම් මාධ්‍ය නිවේදනයක් දානවා අකිල විරාජ්ගේ ඇමතිකම රවී කරුණානායකට දෙනවා නම් (ලොතරැයි දෙක ඇතුළුව) දඹුලු විහාරය පවර ගන්නවට අස්ගිරි හාන්දුරුවෝ එකඟයි කියල. ඒ අතරේ කානු කටවල් තියෙන ඇමතියො දෙතුන් දෙනෙක් ලවා අස්ගිරියෙන් බලෙන් සාකච්චා ලබා ගත්තාය, ජනාධිපති සාකච්චාවට අවේ සෝටක් පිටින්ය, නිල වසයෙන් මොකවත්ම උනේ නැතිය කියල හාමුදුරුවන්ව කිච කරලා දානව. ඊට පස්සේ විගනකාධිපතිටවත් හොයා ගන්න බැරි විදියකට පන්සල ගල්ටික් වෙලා යනව.

    අන්තිමට ඉන්දියාවේ ලොකු භූමි කම්පාවක් වෙනොව මැරිච්ච ලිච්චවී බුවාලා වලෙන් නැගිටින්න අරන්.

    ReplyDelete
  10. රාජසන්තක නෙමේ සාරස තුමෝ කොහොමද නිකන් රන්ගිරි දඹුලු ප්‍රයිවට් ලිමිටඩ් වගේ කලොත් එහෙම? මල් හතයි නේද?

    ReplyDelete
    Replies
    1. ඔය තැන් තැන්වල එකතුවෙන සල්ලිවලින් කොච්චර හොඳ දේවල් කරන්න පුලුවන්ද....

      ආගම් කියන්නේ කුඩුවලටත් වඩා හොඳ බිස්නස් එකක්. ලෝකේ කොහෙත් එකම සීන් එකක් වෙන්නේ.

      Delete
    2. අරුණ, මම සුමිත්, මම කාලයක් එවන් ව්‍යාපාරයක හිමිකරුවෙක් ව සිටියා. මගේ ව්‍යාපාරයත් කඩා වැටීමට ලක් වුණා. ව්‍යාපාර බංකොලොත් වීම මෙම කාලයේ ඉතා සුලබව අහන්නට ලැබෙන මාතෘකාවක්. මට අසන්නට දකින්නට කියවන්නට ලැබෙන හැම අවස්ථාවක දී ම දැනගන්නට ලැබුණේ, කුමක් හෝ තවත් ව්‍යාපාරයක් වසා දැමූ බවයි. ඇත්තෙන් ම එය ඉතාමත් ම වේදනාකාරී දෙයක්. මට කිසිවෙක් එම අවස්ථාවේ දී අත දෙන්නට සිටියේ නෑ.

      ව්‍යාපාර ක්‍ෂෙත‍්‍රයට අනුව 50% පමණ කුඩා ව්‍යාපාර පළමු අවුරුදු 5 ඇතුළත වසා දමන තත්ත්වයට පත් වෙනවා. ඔබ ම සිතන්න, එය ඉතා කනගාටුදායක තත්ත්වයක් නො වේ ද කියා…!

      මෙවැනි තත්ත්වයකට මුහුණ දුන් පසු, අවසානයේ දී ඉතිරි වන්නේ… බොහෝ දුක් පීඩාවන්, සිත් වේදනාවන්, තරහ සිතුවිලි සහ අනුන් ඉදිරියේ උපකාර ඉල්ලා සිඟා වැටීම පමණයි.

      මම ලැබූ අත්දැකීම් සියල්ල, මා හට ගුරුවරයෙක් වුණා කීවොත් නිවැරදියි… නමුත් මටත් ටික කාලයක් ගියා… එ් තත්ත්වයට පත්වෙන්න. එ් තාක් මාත් මානසික ව දුක් වින්දා මේ ආර්ථික ප‍්‍රශ්නය හේතුවෙන්. මම ලැබූ එ් අත්දැකීම් ඔබට ප‍්‍රයෝජනවත් වේවි කියා සිතූ නිසයි මේ සියල්ල මා අද පවසන්නේ….

      Delete
    3. මම පටන් ගත්තේ නගරවල සහ මං මාවත්වල ප‍්‍රදර්ශනය කෙරුණු විශාල ප‍්‍රමාණයේ දැන්වීම් පුවරු ඇඳීමේ ව්‍යාපාරයක්. ඊට අමතර ව මා විසින් වෙළඳසැල්වල නාම පුවරු ඇඳීම, අවමංගල්‍ය උත්සවවල බැනර් ඇඳීම, ආදි කටයුතුත් මීට අනුබද්ධව ම පවත්වාගෙන ගියා. මුල දී ඉතා සාර්ථකව එය සිදු වෙමින් පැවතුන ද වසර කිහිපයක් තුළ දී එය පවත්වාගෙන යාමට පවා අසීරු තත්ත්වයකට පත්වුණා. මගේ ව්‍යාපාරය පැවතියේ වසර 8 යි… නමුත් අවසන් අවුරුදු කිහිපය තුළ, එය තව දුරටත් රැුකගෙන යාමට නො හැකි තත්ත්වයට පත් වී තිබුණා.

      ව්‍යාපාරයක් කිසිසේත් ම පවත්වාගෙන යාමට නො හැකි තත්ත්වයට පත් වූ පසු, ඔබ ඔබ ගැන සිතනවා නම් ඔබ කළ යුත්තේ ව්‍යාපාරය වසා දැමීම යි. එසේ නො වුණහොත් ඔබ බිරියත් දරුවනුත් සමඟ මහ මඟට වැටෙනකම් මා එ් කී දේ භයානකකම තේරුම් නො යාවි. නමුත්, ව්‍යාපාරය වැසීමෙන් පසු මුහුණ දෙන්නට සිදුවන අසීරුතා සඳහා ද ඔබ හොඳින් සූදානම් වී සිටිය යුතුයි. අවාසනාවකට… මා ඊට සූදානම් ව සිටියේ නෑ..!

      මගේ ව්‍යාපාරය වැසූ පසු මම මහත් සිත් වේදනාවටත්, මානසික ආතතියටත් පත් වුණා. කිසිකෙනෙක් මට සිටියේ නෑ එ් ගැන කතා කරන්නවත්. මා කිහිප දෙනෙක් සමඟ ම මේ ගැන කතා කළත් එ් කිසිවෙකුට මේ තත්ත්වය තේරුම් ගත නො හැකි වුණා. ඔවුන් විසින් ම එවැනි තත්ත්වයකට මුහුණ දුන්නොත් හැර කෙසේ නම් එබන්දක් වටහාගන්න ද?

      මෙවන් කාල වකවානුවක දී, මානසික ආතතිය ඇතිවීමට අමතරව මානසික පීඩාවන්ටත් ලක් වීමට බොහෝ ඉඩකඩ තියෙනවා. මම මෙවැනි බංකොලොත්වීම්වලට ගොදුරු වූවන්ගේ මානසික තත්ත්වයන් පිළිබඳ ව සොයා බැලූවා. ඔවුන් එවැනි මානසික තත්ත්වයන්ගෙන් ගැලවීම පිණිස සිදු කළේ කුමක්ද යන්න ගැන දැනගන්නයි මට අවශ්‍ය වුණේ… එයින් මම බොහෝ කරුණු දැනගෙන මගේ හිත හදාගන්නට උත්සාහ කළා.

      මේ වන විට මගේ මානසික තත්ත්වය බොහෝ සුවදායකයි. මා විසින් දැනගත් කරුණුත්, ලැබූ අනුශාසනා උපදේශනයන් සියල්ලත්, ගත වූ කාලයත් සියලූ තුවාල, වේදනාවන් සුව කරන්නට ඇති බව මගේ වැටහීම යි. මගේ පීඩනය පැවති කාලයේ නම් මා බලවත් කේන්තියකින් තමයි දිවා ? ජීවත් වුණේ. බිරිය පවා සැතිරියක ලෙසිනුයි මට පෙනුණේ. දරුවන් පවා මහා බරක් ලෙසටයි මට දැනුණේ. නමුත් එ් සියලූ තත්ත්වයන් දැන් සමනයට පත් වී ඇති බව මට දැනෙනවා.

      Delete
    4. මගේ ව්‍යාපාරය බොහෝ සෙයින් පහත් තත්ත්වයේ තිබුණ අවස්ථාවේ මගේ ම ඥාති හිත මිතුරන්ටත්, බැංකුවලටත් බොහෝ ණය වී සිටියා. මට එම ණය ගෙවා ගැනීමට මුදල් තිබුණේ නෑ. ණය ගෙවීමට තිබිය දීත්, මීළඟට මා කුමක් කරම්දැයි කියා සිතාගැනීමට නො හැකි වූ බැවින්, මා බලවත් මානසික පීඩාවන්ට පත් වුණා…

      ඉක්මනින් මුදල් සොයා ගත හැකි ක‍්‍රමයක් යැයි සිතා මගේ ව්‍යාපාරයට ගත් උපකරණ විකිණීමට කටයුතු කළා. එ් වෙනුවෙන් අපේක්ෂා කළ තරමේ ගෙවීමක් නො ලැබුණු නිසා මගේ සිත් තැවුල් දෙගුණ වී ගියා. ඇත්තෙන් ම, එය මගේ ණය බරෙන් නිදහස් වීමට උපකාරයක් වුණේ නැහැ.

      අවසානයේ, මා හට මුදල් දුන් අය මගේ පසුපස හඹා එන්නට පටන් ගත්තා. දවස පුරා ම ඔවුන්ගෙන් මුදල් ඉල්ලා ලැබුණු දුරකථන ඇමතුම් නිසා ම මා දුරකථනයට පවා පැමිණීම ප‍්‍රතික්ෂේප කළා. ඇතැම් දිනවල ඔවුන්ගෙන් ගැලවීමට ම බැරි තැන, පොත් සාප්පු කිහිපයක සුළු සේවයක් සිදු කර දී සුළු මුදලක් එකතු කොට ණය ගෙවීමට උත්සාහ කළා… ඇත්තෙන් ම, එය තවත් එක් සන්ධිස්ථානයක් බවට පත්වෙයි කියා මා සිහිනෙකින්වත් සිතුවේ නෑ.

      මගේ ව්‍යාපාරය වසා දමන්නට සිදු වුණේ, ඩිජිටල් තාක්ෂණය ජනප‍්‍රිය සහ ලාභදායී මෙන් ම වේගවත් ක‍්‍රමයක් ලෙසින් සමාජය වැලඳ ගැනීමත්, එ් නිසා අතින් අකුරු අඳින නාම පුවරු සහ අතින් අඳින වෙළඳ ප‍්‍රචාරණ පුවරු කලාව කඩා වැටීමත් නිස යි. මාගේ ව්‍යාපාරය අසීරු තත්ත්වයට පත් වුණේ, එදා එ් තාක්ෂණය සමගින් එකතුවීමට තරම් පරිගණක සහ එම උපකරණ ගැන දැනුමක් මා හට නො තිබූ නිසා මෙන් ම එ් සඳහා වන පිරිවැයේ ප‍්‍රමාණය අධික මට්ටමක පැවතීම නිස යි.

      අවසානයේ මගේ ව්‍යාපාරය වසා දැමීමට හේතු වූ දෙය ම යළි මා නගා සිටුවීමට හේතුවක් බවට පත් වුණා. දැන් මා ඔබට කියන්න සූදානම් වන්නේ එ් පිළිබඳව යි.

      Delete
    5. මානසික ව අසීරු අවධියක් පසු කළ සමයේ දී, මා විසින් ශ‍්‍රවණය කළ දම් දෙසුමක දී, ව්‍යාපාරිකයෙකුට පමණක් නො වේ, මෙලොව ඕනැම අයෙකුට සැප ලැබෙන්නේ පින නිසා බව අසන්නට ලැබුණා. එසේ නම්, මෙලොව කිසිදු දුකක් නො විඳ යමෙක් සැප විඳින්නේ පෙර පිනක් නිසාත්, ඇතැමෙක් දුක් විඳින්නේ එ් පිනේ මඳ බවක් නිසාත් බවත් මා තේරුම් ගත්තා. ඇතැමුන්ට සල්ලි යහමින් තිබුණත් ව්‍යාපාර සාර්ථක වෙන්නෙ නැ. එසේ නම්, කරන්නා වූ දේවල් සාර්ථක වීමටත් එ් හා අදාළ පෙර පින් තිබිය යුතු බව එ් දෙසුමෙන් මා අසා දැනගත්තා.

      මේ නිසා ම මා හැකි පමණින් පින් කරන්න පටන් ගත්තා. විහාරස්ථානයට දන් දුන්නා. මල් පූජා කළා. බෝධි පූජා පැවැත්වුවා. මට වඩා දුගී අයට හැකි පමණින් උදව් කළා. යාචකයින්ට ආහාර දුන්නා. මේ වගේ සුළු සුළු පින් රාශියක් මා විසින් සිදු කරන්නට පටන් ගත්තා. යම් දිනයක මගේ ප‍්‍රශ්නය මේ පින් නිසා හොඳ පැත්තට හැරේවි යන විශ්වාසය බලවත් ව හිතේ තියාගෙනයි මා මේ පින් රැුස් කළේ.

      ඇතැම් මගේ මිතුරන් මා වෙනත් ඇදහිලි සහ ආගම් වෙත පවා යොමු කරන්නට උත්සාහ කළා. නමුත්, මගේ සිතේ බුදුරජාණන් වහන්සේ ගැන තිබුණු පැහැදීම ව්‍යාපාරයත් සමඟ ම බංකොලොත් වී තිබුණේ නෑ. එ් නිසා මා නො සැලී බුදුරජාණන් වහන්සේට ම උදේ හවා වන්දනා කළා.

      මා විසින්, පොත් සාප්පුවේ වැඩ කටයුතු සිදු කරන අතරේ, මගේ අත් අකුරු දැක, එක්තරා ලේඛකයෙක් ඔහුගේ පොතකට ඔහුගේ නම මගේ අතින් ලියා දෙන ලෙසට ඉල්ලා සිටියා. ඇත්තෙන් ම, එ් සඳහා වැඩි වෙලාවක් ගියේ නෑ. මං අතින් අඳින කලාව ව්‍යාපාරයක් ලෙසට සිදු කළ නිසා, හැකි උපරිම ලස්සනට ඔහුගේ නාමය ඇඳ දුන්නා. එය උදව්වක් වශයෙනුයි මා කළේ. ඇත්තෙන් ම, ඔහුගෙන් එ් සඳහා ගෙවීමක්වත් මට ලැබුණෙ නෑ. නමුත්, සති කිහිපයකට පසු ඔහු මා හමුවීමට පැමිණියා. ඔහුගේ අතින් ම එ් පොතේ පිටපතක් මට දුන්නා. එදා ඔහු බොහෝ ස්තුති කොට පිටත් ව ගියා.

      ව්‍යාපාර පරමාර්ථයකින් තොර ව මාගේ නිර්මාණයක් කලකට පසු යම් තැනක තිබෙනු දැක සියුම් සතුටක් සිතේ මතු වුවත් මා එය පවත්වන්නට ඉඩ දුන්නේ නෑ. එ් හැම දෙයක් ම මගේ අතීතය නැවත සිහිපත් කරදෙනු ඇතැයි මා බියපත් වුණා.

      දින කිහිපයකට පසු මා හට දුරකථන ඇමතුමක් ලැබුණා. එ් පෙර කී පොත මුද්‍රණය කළ ආයතනයේ කළමනාකාරතුමාගෙන්. ඉතා සුහද ව කථා කළ ඔහු, එම ආයතනයේ තවත් එවැනි පොත්වලට අකුරු ඇඳ දීමට මා හට ආරාධනා කළා. එ් සඳහා සාධාරණ ගෙවීමක් සිදු කරන්නටත් ඔහු පොරොන්දු වුණා.

      විවේක වෙලාවක් සොයාගෙන ඔහු මුණගැසීමට ගිය මා එම මුද්‍රණාලයේ කටයුතු රාශියකට විටෙන් විට සේවය ලබා දුන්නා. එ් හැම මුදලකින් ම මා පෙර සේ ම පින් රැුස් කිරීමට අමතක කළේ නෑ.
      මේ අතරේ තමයි, මගේ ජීවිතය වෙනස් වෙන අදහසක් මසිතේ ම පැන නැංගේ. එනම්, මුද්‍රණයට අවශ්‍ය අකුරු වර්ග ඇඳ දී එය පරිගණක තාක්ෂණය ඔස්සේ කටයුතු කරන්නන්ට අලෙවි කිරීම යි. එ් අදහස මා විසින් මුද්‍රණාලයේ අක්ෂර සංයෝජන අංශයේ දියණියකට පැවසූ පසු ඇය විසින් එ් පිළිබඳ විමසීමට මා වෙනත් ප‍්‍රවීණයෙකුට යොමු කළා.

      ලංකාවේ සිංහල අක්ෂර වෙළඳාම තවමත් ප‍්‍රචලිත නැති බැවින් ඔහු අන්තර්ජාලය ඔස්සේ විදේශ සමාගමකට මා සම්බන්ධ කළා. ඔබ පුදුම වේවි. සිංහල අක්ෂර ගැන සිතා මා කළ එ් හමු වීම අවසාන වූයේ මගේ සේවය ඉංග‍්‍රීසි අක්ෂර සඳහා ලබා දෙමින්. අන්තර්ජාලය ඔස්සේ විදේශ සමාගම් සඳහා අක්ෂර ඇඳ දීමේ සේවය මා ආරම්භ කළේ මේ ආකාරයට යි.

      මං අද විදේශීය මුද්‍රණ කේෂත‍්‍රය සඳහා විවිධ කලාත්මක ඉංග‍්‍රීසි අක්ෂර නිර්මාණය කොට විකිණීමේ ව්‍යාපාරයක හිමිකරුවෙක්. දැන් මා ණය බරිනුත් නිදහස් කෙනෙක්. ඩිජිටල් කලාව විසින් මා විනාශ කර දමද්දී, එ් ඩිජිටල් කලාව ම නැවත මගේ ආර්ථිකය දියුණු කළා. මේ සෑම විටෙකමත් අදටත්, මා ලැබෙන ආදායමෙන් කොටසක් වෙන් කරලා පිනට දහමට යොමුකළා. එදා ඉතා ම සුළු මුදලක් මා වෙන්කළත්, අද මා සාපේක්ෂව විශාල මුදලක් ශාසනයට වෙන් කොට බොහෝ පින් රැුස් කරගන්නවා. මේ සුළු වශයෙන් හෝ අසීරුවෙන් හෝ සිදුකළ පින්කම් රැසත්, බුදුරජාණන් වහන්සේ කෙරෙහි තිබු ශ‍්‍රද්ධාවත් යන කාරණා විසින් නැවත මා නගා සිටවූවා යැයි මා බලවත් ව විශ්වාස කරනවා.

      ඔබගේ ම ව්‍යාපාරය අසාර්ථක වුවහොත්, ඔබ උත්සාහ කරන්න එම අසාර්ථක වීමෙන් පාඩමක් ඉගෙන ගන්නට. ඔබ මුහුණ දුන් අත්දැකීම පාඩමක් බවට පත් කර ගෙන එයින් මිදීමට උත්සාහ ගන්න. ඔබ බංකොලොත් කළ දේ සමඟ වෛර බඳින්නෙ නැති ව එය ම ආශීර්වාදයක් කර ගන්න. එමෙන් ම කිසි ලෙසකින්, ලැබෙන මුදල තනි ව භුක්ති විඳින්න එපා. මුදලෙන් දහයෙන් පංගුවක් හෝ හතරෙන් පංගුවක් හෝ වෙන් කරලා මාසික ව පිනක් රැස්වෙන දෙයක් කරන්න. අප රැස් කරන පිනේ බලය ම යි අපි ව සැපවත් කරන්නේ කියන බුදු වදන නිතර සිහි කරන්න. ඔබ ශ‍්‍රද්ධාවන්ත නම්, පින් රැස් කරන්නේ නම්, සැපය ඔබ කරා පැමිණෙන් දිනය වැඩි ඈතක නො වේ… එය මා පවසන්නේ අත්දැකීමෙන් ම යි.

      Delete
    6. //රාජසන්තක නෙමේ සාරස තුමෝ කොහොමද නිකන් රන්ගිරි දඹුලු ප්‍රයිවට් ලිමිටඩ් වගේ කලොත් එහෙම? මල් හතයි නේද?//

      Ranil & Akila (Pvt) Ltd වගෙ පවුල් ව්‍යාපාරයක් කලොත් මල් දාහතයි නේද??

      Delete
  11. සරස තුමා,

    සෞඛ්‍ය ඇමතිතුමා කියනවා ඩෙංගු රෝගය පැතිරෙන්නේ දැන් අපේ රට දියුණු නිසාලු. ඩෙංගු දියුණුවේ ලක්ෂණයක්ලු. දියුණුව නිසා මැරෙන්න වෙනවා නම් දියුණුව නිසා රෝහල් පිරී ඉතිරී ගිහිල්ලා රෝහලේ පඩිය උඩ නිදා ගන්න වෙනවා නම් ඒ දියුණුව අපිට නැතිවාට කමක් නෑ.

    සෞඛ්‍ය ඇමතිතුමා දියුණු රටවල ඩෙංගු තිබෙන බව කියන්න උදාහරණයකට ගන්නේ මැලේසියාව. අපේ සෞඛ්‍ය ඇමතිතුමා විහිළු කරනවා කියලා මෙහෙමත් විහිළු කරනවා ද? මැලේසියාවේ ඩෙංගු රෝගීන් 2015 දී 121,000ක් ද 2016 දී 99,000ක් ද 2017 මුල් මාස පහේ දී 37,000ක් ද වාර්තා වෙනවා. 2016 මුල් මාස පහට සාපේක්ෂව 2017 මුල් මාස පහේ ඩෙංගු රෝගීන් ගණන 35%ක පහත වැටීමක් පෙන්වනවා. ලංකාවේ ජනගහනය මිලියන 21යි. මැලේසියාවේ මිලියන 32යි. මැලේසියාවේ එන්න එන්නම ඩෙංගු රෝගීන් වගේම ඩෙංගු මරණ අඩු වෙන විට ලංකාවේ 2015, 2016, 2017 එන්න එන්නම රෝගී තත්වය වැඩි වෙනවා. ඉතින් මැලේසියාවේ ඩෙංගු රෝගීන් පෙන්නලා ඇඟ බේරා ගන්න අපේ සෞඛ්‍ය ඇමතිට පුළුවන් ද?

    මෙතරම් දැවැන්ත ව්‍යසනයක් වී තිබිය දී ඇමතිතුමා වෛද්‍යවරුන් සමග ගැටෙන්න යනවා. එතුමට අවශ්‍ය වෛද්‍ය වරුන් ලවා වැඩ වර්ජනය කරව ගන්න. වෛද්‍ය වරුන් සයිටම් කියන ජාතික ව්‍යයසනයේදී ආණ්ඩුවට බලපෑම් කිරීම සදහා වැඩ වර්ජනයක් පටන්ගත්තත් ඩෙංගු වසංගතය පිළිබඳ සලකා වෛද්‍යවරු වර්ජනය නතර කළාම ඇමතිතුමා ඔවුන්ට සරදම් කරනවා. මොකද්ද මේ ඇමතිතුමා කියන්නේ? ආයෙත් වර්ජනය කරපල්ලා කියන එක නොවේ ද? ඇමතිතුමාට මේ රටේ දොස්තරලා වර්ජනය කළා කියලා ප්‍රශ්නයක් නෑ. එතුමා ප්‍රතිකාර ගන්නේ සිංගප්පූරුවේ මවුන්ට් එලිසබත් රෝහලේ. අගමැතිතුමා නම් ප්‍රතිකාර ගන්නේ ලෝකයේම සුපිරි රෝහලක් ඇමරිකා එක්සත් ජනපදයේ මේරිලන්ඩ් වල පිහිටි ජෝන් හොප්කින්ස් රෝහලේ. අගමැතිතුමන් නම් ඇමරිකාවේ සිට ලංකාවට පැමිණිගමන්ම කිව්වේ අනිකුත් ඇමතිවරුන්ටත් ජෝන් හොප්කින්ස් රෝහලේම බෙහෙත් ගන්න අවස්ථාව සලසා දෙනවා කියලා. එහෙමනම් වෛද්‍ය වැඩ වර්ජනයෙන් පීඩාවට පත්වෙන්නේ අපි තමුන්නාසේලා වගේ සාමාන්‍ය ජනතාවයි. අපට වගේම අහිංසක ජනතාවට තිබෙන්නේ ලංකාවේ රෝහල් විතරයි. මේ නිසා ලංකාවේ රෝහල් වලින් බෙහෙත් ගන්න සෞඛ්‍ය ඇමති කෙනෙකු පත් වන තුරු සෞඛ්‍ය ගැටළු විසඳන්න බෑ.

    මා ගෞරවයක් විදිහට සිහිපත් කරන්නට ඕන මෛත්‍රීපාල සිරිසේන ජනපතිතුමන් සෞඛ්‍ය ඇමතිධුරය දරණ සමයේ තමන් අසනීප උනාම ජාතික රෝහලේ නතර වුනා මිස විදේශ රටවලට ගියෙත් නෑ. අඩුම තරමේ පෞද්ගලික රෝහලකට ගියෙත් නෑ. සතුරු පාර්ෂවයක උනත් හොදක් දැක්කම ඒක අපි අගය කිරීමට තරම් නිහතමානී විය යුතුයි.

    ReplyDelete
  12. ලහිරු වීරසේකර අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩල කැඳවුම්කරු සරසවියට එන්නේ ප්‍රාඩෝ ජීප් රථයකින් යයි බස්නාහිර මහ ඇමති ඉසුර දේවප්‍රිය කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් පැවසීය. අන්තරේ කැදවුම්කරු ඒ අකාරයෙන් නිර්ධන පන්තියට පහර දෙන අතරේම ප්‍රාඩෝ රියකින් පැමිණිම ගැටලුවක් බවද කී මහ ඇමතිවරයා ඔහු නිර්ධන පන්තියෙන් පළිගනිමින් සිටින්නේ යයිද සදහන් කලේය.

    ධනපති පක්‍ෂයක් වන ශ‍්‍රීලනිප ශිෂ්‍ය සංගමයේ සභාපති එලෙස සැප වාහනයකින් සරසවි පැමිණීම ගැටළුවක් නොවන බවද මහ ඇමතිවරයා වැඩි දුරටත් කියා සිටියේය.

    ReplyDelete
    Replies
    1. මචන් මිස්ට දන්ගොත්ස්, එතකොට මේල් නර්ස් තැන්පත් අතන රප්පිරිය තුමා යන්නෙත් ආණ්ඩුවෙන් (හොරෙන්) දීපු 2010 නිශ්පාදිත (ලෑන්ඩ් කෲසර්) ප්‍රාඩෝ 150 ටී.එක්ස්. (එල් පැකේජ්) කබලක නේද? සරසා දන්ගොත්ස් පොඩ්ඩක් එක්ස්ප්ලේන් කරල දීපන්කො බන්.

      Delete
    2. පිරිමි මිසී ගේ ලෑන්ඩ් කෲසරයට ජය වේවා!

      Delete
  13. සරස තුමා,

    ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ ක‍්‍රීඩකයින්ගේ බඩ වැඩි බවත් ඔවුන් බොහෝ දෙනා ශාරීරික යෝග්‍යතාවය නැති බවත් ඇමති දයාසිරි ජයසේකර කල ප‍්‍රකාශයට සුපිරි වේග පන්දු යවන ක‍්‍රීඩක ලසිත් මාලිංග ප‍්‍රතිචාර දක්වා දයාසිරි කිච කොට කුජීත කර දැමූ අයුරු ඔබට මතක ඇති, ඉන් පසු නයෙක් මෙන් කිපුනු දයාසිරි විසින් මාලිංග ක්‍රිකට් වලින් එලවා දැමීමට සැලසුම් කොට සිදු කල දේවල් වලින් කලකිරුනු මාලිංග ක‍්‍රීඩා ඇමති දයාසිරි විසින් තමන් ශ‍්‍රී ලංකා සංචිතයෙන් ඉවත් කලහොත් බෑග් එකත් අරගෙන ගෙදර යන්නේ යයි කිව්වා දැක්කාද?

    ඇමති දයාසිරිගේ ප‍්‍රකාශයකට එරෙහිව මාධ්‍යට ප‍්‍රතිචාර දැක්වීම නිසා මේ වන විටත් මාලිංගට එරෙහිව විනය පරීක්ෂණයක් පැවැත්වීම සදහා ති‍්‍රපුද්ගල කමිටුවක්ද පත් කර ඇත. මින් බොහෝ දුරට ඔහු වසරකට දෙකකට ක්‍රිකට් කණ්ඩායමෙන් එළවා දමනු නිසැකයි.

    දැන් තමන් විසින් එසේ ප‍්‍රකාශ කරන ලද්දේ ක්‍රීඩා ඇමතිටදැයි තමන් නොදන්නා බව පවසන මාලිංග කෙසේ වෙතත් තමන් සංචිතයෙන් ඉවත් කළහොත් කිසි ප‍්‍රශ්න කිරීමකින් තොරව බෑග් එක ද ගෙන ගෙදර වන බව පවසන ඔහු තමනට කරන්න ඇත්තේ එය පමණක් බවද සදහන් කරයි. මේ ගැන සරස තුමාගේ විචාරාත්මක විශ්ලේෂණය කුමක්ද?

    ReplyDelete
    Replies
    1. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව පත්වී ඇති අර්බුදකාරී තැනින් ගොඩ ගැනීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට ක්‍රීඩා ඇමති දයාසිරි ජයසේකර විසින් ප්‍රවීණ ක්‍රීඩකයන් වන සිදත් වෙත්තමුණි ,මුත්තයියා මුරලිදරන් ,මහේල ජයවර්දන සහ කුමාර සංගක්කාර සමඟ විශේෂ හමුවකට සුදානම් වන නව island.lk වාර්තා කර ඇත.

      ඒ අනුව සංගක්කාර ලංකාවෙන් බැහැරව සිටින නිසා මෙම හමුවට සහභාගී වීම අවිනිශ්චිත වුවද සෙසු ක්‍රීඩකයන් හමුවෙන් අනතුරුව ක්‍රිකට් සම්බන්දයෙන් වැදගත් තීරණ ගනු ඇති බව වාර්තා වේ.

      1996 ලෝක කුසලානය දිනාගැනීමෙන් පසුව ශ්‍රී ලංකාව මුහුණ දී සිටින දරුණුතම පසුබෑම දැන් දැකිය හැකි අතර ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් වල 7 වන තැන සහ එක්දින සහ T20 ශ්‍රේණිගත කිරීම් වල 8 වන තැනට පසු බැසීමට ශ්‍රී ලංකාවට සිදුවී ඇත.

      Delete
  14. අතිගරු සරස තුමනි, අවුරුදු 2500 කට වැඩි ඉතිහාසයක්‌ ඇති සිංහල බෞද්ධ රටක්‌ ලෙස ලෝකයාම පිළිගන්නා ශ්‍රී ලංකාවේ, වර්තමානයේ බුද්ධාගම තුන්වැනි තැනට දැමීමට වර්තමාන පාලකයන් කටයුතු කිරීම ගාලු දිස්‌ත්‍රික්‌ එක්‌සත් භික්‌ෂු සංවිධානය තරයේ හෙළා දකින බව දකුණු පළාත් ප්‍රධාන සංඝනායක පල්ලත්තර සුමනජෝති නාහිමියෝ ගාල්ල කච්චුවත්ත පුරාණ රජමහා විහාරස්‌ථානයේ පැවැති සංඝ සභාවේදී පැවසූහ.

    මා මල්වතු පාර්ශ්වයේ සංඝ සභාවේ භික්‌ෂුන් වහන්සේ නමක්‌. අස්‌ගිරි පාර්ශ්වයේ මහා නායක නාහිමිපාණන් වහන්සේ බුද්ධාගම බේරා ගැනීම සඳහා මේ අවස්‌ථාවේ ඉදිරිපත්වීම ගැන අපගේ බලවත් ප්‍රසාදය හිමි කරනවා. මල්වතු පාර්ශ්වයේ අනුනායක නියංගොඩ විජිතසිරි නාහිමිපාණන් වහන්සේද අස්‌ගිරි පාර්ශ්වයේ ප්‍රකාශය අනුමත කර තිබුණා. මේ රටේ මහා සංඝරත්නය නිකාය භේදයකින් තොරව මේ අවස්‌ථාවේ දී බුද්ධාගම බේරා ගැනීමට දිවි හිමියෙන් කටයුතු කරනවා.

    දක්‌ෂිණ ලංකාවේ භික්‌ෂුන් වහන්සේගේ එකමුතුව බුද්ධාගම රැකගැනීම සඳහා කවදත් ජාතික ආපදා අවස්‌ථාවලදී පෙරමුණ ගෙන කටයුතු කළා. බුද්ධාගම බේරා ගැනීමට අපි හැමෝම ක්‍රියා කළ යුතුයි. සංඝයා වහන්සේ සමඟ උගත් බුද්ධිමත් ශාසන මාමක ගිහි ඇත්තෝ එකතුව කටයුතු කිරීම සඳහා ඉදිරිපත්වීම ගැන අපගේ කෘතඥතාව පළ කරනවා. වීරෝදාර මහා සංඝරත්නය මේ රටේ අනාගතය ගැන ද්‍රෝහී පුද්ගලයන් මේ රට විනාශ කරන්න උත්සාහ ගන්නවා නම් මහා නායක හාමුදුරුවන්ගේ අවධානය යොමුවිය යුතුයි. ලෝක පාලන දෙවියන්වහන්සේලා මේ රට බේරා දෙනවා. හතරවරම් දෙවියන්ගේ ආරක්‌ෂාව සිංහල බෞද්ධ ජනතාවට ලැබෙනවා.

    මෙම හමුවේදී විද්‍යාලෝක පිරිවෙන් විහාරාධිකාරී ගාලු කෝරළයේ ප්‍රධාන සංඝනායක ආචාර්ය බද්දේගම දේවරක්‌ත නාහිමියෝ සහ යටගල හෙට්‌ටචාල පරිවෙනාධිපති කෙහෙල්වල සුමංගල හිමිපාණන් වහන්සේ ද අනුශාසනා කළහ.

    ReplyDelete
  15. සරස මචන්, නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට ගෙන ශික්ෂණ රෝහලක් ලෙස දියුණු කිරීමට කැබිනට් අනුමැතිය ලැබුණු බව ඇමති කබීර් හෂීම් අද කියල තියෙනව කියල ආචංචියක් ආව. කතාව ඇත්තද?

    ReplyDelete
  16. මේ සියල්ලටම විසදුම 2020 දී රනිල් ප්‍රමුඛ පිරිසිදු බහුතරයක් ඇති එජාප ආන්ඩුවක් තනා 2030 තෙක් රනිල් රටේ රාජ්‍ය නායකයා බවට පත්කිරීම පමනි...!

    ReplyDelete
  17. සරස

    //ලක් ජනගහනයෙන් බාගයක්ම 1985ට පසු උපන් අයයි. මෙය වැදගත් ඇයි?

    ජනගහනයක මධ්‍යස්ථ වයස (Median Age) කියන්නේ එම පිරිස වයස අනුව එක සමාන කාණ්ඩ දෙකකට බෙදිය හැකි වයසයි. එනම් ජනයාගෙන් හරි අඩක් එම වයසට වඩා බාල වන විට ඉතිරි අඩ එම වයසට වඩා වැඩිමහල්. මධ්‍යස්ථ වයස් අගය කාලයත් සමග ටිකෙන් ටික වෙනස් වනවා.

    The median divides the age distribution into two equal parts: one-half of the cases falling below the median age and one-half above the median.


    Image source: https://www.pinterest.com/pin/300333868877400032/

    2012දී අවසන් ජන සංගණනය කළ අවස්ථාවේ මෙරට මධ්‍යස්ථ වයස 31ක් වූවා. 2016 වන විට එය අවුරුදු 32.5 දක්වා ඉහළ ගිහින්. ජනගහනයක ළමා හා තරුණ ප්‍රතිශතය කෙමෙන් අඩු වන විට මධ්‍යස්ථ අගය වැඩි වනවා. (60ට වැඩි ජනගහනය ඉහළ ජපානයේ මේ අගය අවුරුඩු 46.9යි. ඉන්දියාවේ මධ්‍යස්ථ වයස අවුරුදු 27.6ක් වන අතර පාකිස්ථානයේ එය 23.4යි.)

    අපේ ජනගහනය සම්බන්ධයෙන් බලන විට අද ලක් ජනයාගෙන් බාගයක්ම 1985 හෝ ඊට පසුව උපන් අයයි. ඒ කියන්නේ 1983 කළු ජූලියට පසුවයි. 1987-89 භීෂන සමය ගැනවත් මේ කිසිවකුට හරිහැටි මතකයන් තිබිය නොහැකියි.

    1977 ආර්ථිකය විවෘත කිරීමට පෙර තිබූ සමාජවාදී විකාරයන් හෝ 1982 ජනමත විචාරණය හෝ අත්විඳ ඇත්තේ රටේ බාගයකට වඩා අඩු පිරිසක්. රටේ බහුතරයක් දෙනාට මහවැලිය හැරවීම, ඉන්දු- ලංකා ගිවිසුම ආදිය පොතපතින් කියවන සිදුවීම් පමණයි.

    මෙය ප්‍රායෝගිකව වැදගත් වන්නේ මේ නිසයි: මෑත ඉතිහාසය ගැන නොයෙක් දෙනා මාධ්‍යවල හා දේශපාලන වේදිකාවල නොයෙක් විග්‍රහයන් කරනනවා. අමූලික බොරු මෙන්ම සත්‍යය විකෘති කිරීම් එමටයි.

    මතක තබා ගත යුත්තේ 1990ට පමණ පෙර සිදු වූ කිසිවක් ගැන සෘජු මතකයන් හෝ අත්දැකීම් අද ලක් සමාජයෙන් බාගයකට නොමැති බවයි.

    More data: http://worldpopulationreview.com/countries/median-age-by-country/

    ///

    https://nalakagunawardene.com/2017/06/26/%e0%b6%bd%e0%b6%9a%e0%b7%8a-%e0%b6%a2%e0%b6%b1%e0%b6%9c%e0%b7%84%e0%b6%b1%e0%b6%ba%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b6%e0%b7%8f%e0%b6%9c%e0%b6%ba%e0%b6%9a%e0%b7%8a%e0%b6%b8-1985%e0%b6%a7-%e0%b6%b4/

    ReplyDelete
  18. සරස

    BMW fraud - 1,675 BMW vehicles imported fraudulently????

    පසුගිය රාජපක්ෂ රජය පැවති 2011 සිට 2014 දක්වා කාලය තුළඳී ව්‍යාජ වාහන බලපත‍්‍ර තොරතුරු ඉදිරිපත් කරමින් මෙරටට බී.එම්.ඩබ්ලිව් වර්ගයේ වාහන 1,675 ක් ගෙන්වීමේදී රජයට බිලියන 16ක පාඩුවක් කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස රේගු අධ්‍යක්ෂ ජනරාල්ට නියෝග කරන ලෙස ඉල්ලා හිටපු රේගු අධ්‍යක්ෂකවරයෙක් අභියාචනාධිකරණය හමුවේ අද (27) රිට් පෙත්සමක් ගොනු කළේය.

    එකී වාහන ආනයනය කිරීම සම්බන්ධයෙන් කරන ලද රේගු පරීක්ෂණ සටහන් සහ නිර්දේශ අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මෙම පෙත්සම මඟින් ඉල්ලා තිබේ.

    හිටපු රේගු අධ්‍යක්ෂකවරයෙකු වන මුරුගේසු තයාබරන් මහතා මෙම පෙත්සම කර තිබේ.

    රේගු අධ්‍යක්ෂක ජනරාල් චූලානන්ද පෙරේරා , අතිරේක රේගු අධ්‍යක්ෂක ටී.ඩබ්ලිව්.ඒ සේනානායක, නියෝජ්‍ය අධ්‍යක්ෂක සමන් ද සිල්වා , ප්‍රෙස්ටීජ් ඔටෝ මොබයිල් පෞද්ගලික සමාගමේ සභාපති හා කළමනාකරණ අධ්‍යක්ෂකවරයා වන හෙයින්ස් ඇඩෝල්ෆ් රොයිටර් යන මහත්වරු සහ නීතිපතිවරයා මෙහි වගඋත්තරකරුවන් ලෙස නම් කරනු ලැබ සිටිති.

    පෙත්සම්කරු ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ මධ්‍යම විමර්ශන ඒකකයේ හිටපු අධ්‍යක්ෂකවරයෙකි.

    එම කාලය තුළ රජයේ බලපත‍්‍රලාභීන් සඳහා බී.එම්.ඩබ්ලිව් වාහන ආනයනය කළ බව පෙත්සමේ දැක්වේ.මෙහිදී ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර ඇති අතර එමඟින් රජයට විශාල පාඩුවක් සිදුව ඇති බවත් පෙත්සමේ සඳහන් වෙයි.

    හතරවැනි වගඋත්තරකරු විසින් සිදු කරන ලද මෙය රුපියල් බිලියන 16 කට වැඩි පාඩුවක් ලෙසින් ඇස්තමේන්තු කර ඇති බවද පෙත්සම්කරු කියා සිටී. ඒ අනුව මේ දක්වා රජයට සිදුවූ ලොකුම පාඩුව වශයෙන් මෙය සැලකිය හැකි බවද පෙත්සම්කරු කියා කියයි.

    එම මෝටර් රථ 1675 මෙරටට ගෙන්වීමේදී ව්‍යාජ වටිනාකම් පෙන්වමින් ආනයන බදු සහනයන් ලබා ගෙන ඇතැයිද පෙත්සමේ සඳහන් වේ.

    වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන ලෙසත් මේ සිද්ධිය සම්බන්ධයෙන් රේගු පරීක්ෂණ තොරතුරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියෝග කරන ලෙසත් ඉල්ලන පෙත්සම්කරු හතරවැනි වගඋත්තරකරුගේ විදේශ ගමන් බලපත‍්‍රය අධිකරණය බාරයට ගැනීමට නියෝග කරන ලෙසද ඉල්ලා තිබේ.

    එසේම මේ සිද්ධිය පිළිබඳ ස්වාධීන පරීක්ෂණ නිලධාරියෙකු පත් කර අධිකරණය නියම කරන කාලයකදී කඩිනම් පරීක්ෂණ කිරීමට වගඋත්තරකරුවන්ට නියෝග කරන රිට් ආඥාවක් නිකුත් කරන්නැයිද පෙත්සම්කරු‍ ඉල්ලයි.

    ReplyDelete
  19. සා රස තුමෝ. දැන් ඉතින් මේ පාන්ඩුවට රට රටවල් ගානේ හිඟා කාලත් කීයක් හරි හොයාගන්න බැරි උන එකේ ටැක්ස් ගහලත් හොයාගන්න බැරි උන එකේ, පංසලේ පිං කැටේ ටත් ගේම දෙන්න තරමට වර්චස් වීම ගැන අපි විනාඩියක නිශ්ශබ්ද තාවයක් තියා ශෝකය ප්‍රකාශ කරමු.

    ඒත් සා රස තුමෝ, ඇත්තටම දවසකට කෝටියක් හමාරක් ඔවයෙන් හොයනවනම් මෙලහකටත් අස්ගිරිය පිරිල ඉතිරිල බිමට නැමිල බරවෙලා ඇතූ... වෙන්න එපැයි..

    හැබැයි ඉතිං මේ ටොම් &ජෙරී මට්ටු වෙන්නෙ කවදහරි උලමා සන්විදානේ පිං කැටේට තට්ටු කල දවසට තමයි.

    වෙලාවකට පව් කියලත් හිතෙනව.

    සනමලයා, මල හා ළමයා සේ.... 😂😂😂😂😂

    ReplyDelete
    Replies
    1. @ ටික්කා

      When you get into a tight place and everything goes against you, never give up, for that is just the place and time that the tide will turn!

      -Harriet Beecher Stowe

      සියලු දේ ම ඔබට විරුද්ධව ක්‍රියාත්මක වෙමින් පවතින, ඔබ යම් ස්ථානයක හිර වී ඇති මොහොතේ දී කිසි විටකත් ඔබේ උත්සාහය අත හරින්න එපා, මක් නිසාද යත්, සියල්ල කණ පිට හැරෙන්නේ හරියටම ඒ ස්ථානයේ දී ම, ඒ මොහොතේ දී ම ය.

      -හැරියට් බීචර් ස්ටෝව්

      Delete
  20. සරස තුමනි, මාතලන් කියනවා විශ්ව විද්‍යාල සිසුන් මේ හදන්නෙ 88-89 යුගයක් නැවත ගෙන එන්නලු. ඔබතුමා හිතන විදියට එවැනි යුගයක් ගෙනඑන්නෙ සාධාරණය ඉල්ලන සිසුන්ද මර්ධනය කරන ආන්ඩුවද??? මාතලන් තුමා කියන විදියට එවැනි යුගයක් වලක්වා ගත හැක්කෙ සිසුන් නිහඬ වීමෙන්ද? මාතලන්ම කිව්වා ඒ කාලෙ හිටි කෙනෙක්ගෙන් අහන්ට කියලා ��...
    මීට
    සයිටම් විරෝධි හා යහපාලනයට ඡන්දය දීමෙන් අගතියට පත් ශිෂ්‍යයෙක්...

    ReplyDelete
  21. කිසිම ආගමික ස්ථානයක් රාජ සන්තක නොකල යුතුයි.
    සියලු ආගමික ස්ථානවලින් ව්‍යාපාරික ස්ථාන පදනමෙන් ( ආදායමෙන් බැරි නම් ලාභයෙන්වත් ) බදු අය කල යුතුයි.

    ReplyDelete