Wednesday, July 30, 2025

සෝවියට් රුසියාව ගොඩනැඟීමේ පසුබිම

 


1917 ඔක්තෝබර් විප්ලවයෙන් පසු, බොල්ෂෙවික් පක්ෂය (ළෙනින්ගේ නායකත්වයෙන්) රුසියාවේ බලයට පැමිණිණ. විප්ලවය පසුකාලීනව ඉතා දැඩි අභියෝගයන්ට මුහුණ දුන්නා.


1. සිවිල් යුද්ධය (1918–1922)


2. විදේශීය බලවේගවල ඇධිප්ත්වය


3. ආහාර හිඟය


4. කර්මාන්තීය හා වාණිජ සංවර්ධනයේ වසංගත වශයෙන් කඩාවැටීම


මෙම තත්වයන් මත රට නැවත ගොඩනැගීම සඳහා සමාජයේ සියලුම ස්ථරයන්හි ජනතාව පරිත්යාගශීලී අරගලයක නිරත වුනා.


රතු හමුදාව (Red Army) ගොඩනැඟීම

රතු හමුදාව, බොල්ෂෙවික් රජය විසින් 1918 ජනවාරි 28 වන දිනදී  ලියොන් ට්‍රොට්ස්කි (Leon Trotsky) විසින් පිහිටුවා ව්යාප්ත කලා

රතු හමුදාවේ සංවිධානයට එකතුවූ පිරිස්:

1. කම්කරුවන් (workers) – බොහෝ දෙනෙක් විප්ලවය සඳහා උපරිම කැපවීමකින් යුතුව සිටිහ. ඔවුන්ගෙන් බහුතරය සාමාන්‍ය අධ්‍යාපනයක් නොමැතිව තිබුණද, විශ්වාසය සහ විප්ලවීය උනන්දුව ඔවුන්ගේ ප්‍රධාන බලවේගය වුනා.

2. ගොවීන් (peasants) – ඔක්තෝබර් විප්ලවය ඔස්සේ ඔවුන්ට වගාබිම් ලබාදීමේ පොරොන්දුව නිසා බොහෝ ගොවීන් බොල්ෂෙවික් පක්ෂයට සහය දැක්වූහ. ඔවුන් අතරින් බොහෝ දෙනෙක් රතු හමුදාවේට අරක්ෂක හෝ සෙබළුන් වශයෙන් එකතුවුනා.

3. ශිෂ්‍යයන් සහ වෘත්තිකයන් (students and professionals) – නව සමාජවාදී ආකෘතියක් ගොඩනඟන්නට කැමති වූ බොහෝ බුද්ධිමතුන් සහ නවකයන් ද රතු හමුදාවට බැඳුනා. ඔවුන් විශේෂයෙන්ම තොරතුරු එක්‍රැස්කිරීම හා ඉහලට සන්නිවේදනය, තාක්ශනය, රූපවාහිනිය, වෛද්‍ය සහ රසායන විද්‍යා කටයුතු වලට අනුයුක්ත වුනා.

කලාකරුවන් සහ විද්වතුන් – විප්ලවීය ජාතික මනෝභාවයක් ව්‍යාප්ත කිරීම සඳහා උදව් කලා.


නව සමාජමය සංකල්ප:

"නොවිකිනෙන යුද හමුදාවක්" – සාමාන්‍ය සෙබළන්ගේ ව්‍යාපෘතික සහ ආදර්ශමය කැපවීම


"ජනතා හමුදාවක්" – සෙබළන්ට සහභාගී ප්‍රජාතන්ත්‍රවාදී ආකාරයට තීරණ ගන්න හැකියාව ලබාදීම (උදා: සෙබළන්ගේ සභා)


**"අධික පරිත්‍යාගයක" සංස්කෘතියක් – උදාහරණයක් ලෙස, ජනතාව විවෘතව තම වාහන, ගොඩනැගිලි හෝ දේපළ රජය සඳහා පරිත්‍යාග කළහ.


3. "War Communism" හා ආර්ථිකය

1918–1921 කාලය තුළ රජය "War Communism" නම් ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළාය. මේවා යටතේ:


කර්මාන්ත මූලිකව රජයට පවරා ගත්තා


ගොවීන්ගේ අතිරික්ත ආහාර රාජ්‍යයට අත්පත් කර ගත්තා


සම්පත් සියල්ල යුද්ධය සඳහා භාවිතා කළා


ජනතාවට දැඩි කටුකභාවයක් විඳීමට සිදු වුනද, සියලු දෙනා රාජ්‍යය සහ රතු හමුදාව ගොඩනඟන්නට එකතු වුනා


1917–1922 අතර සෝවියට් රුසියාව නැවත ගොඩනැඟීමේ ව්‍යාපෘතියට රටේ ජනතාව බහුතරයක් උද්‍යෝගයෙන් සහභාගී  වුනා. රතු හමුදාවත්, නව රාජ්‍යයත් ජනතාවගේ කැපවීම සහ විප්ලවීය ආශාව මත ගොඩනඟන ලදි. එය ඉතිහාසයේ විශිෂ්ටතම ජනතා කැපවීමක් වශයෙන් සලකන්න පුළුවන්

Monday, February 24, 2025

ආන්ඩු බලය ගත්තෙ දෙන්න නෙවෙයි


 මේ රටේ ආන්ඩු බලය ගත්තෙ දෙන්න නෙවෙයි කියලා ටෝක්ස් දෙන කයිතන් ලා ගේ දැන ගැනීම පිණිසයි!


ඔබලා දැන්මම අනාගතේ විපක්ශයක් නැති වෙනවා කියා පුරෝකථනය කරයි. ආන්ඩු බලය ගත්තේ දෙන්න නෙවෙයි කියා කියයි. එය එසේ වුනොත් සිද්ද වෙන දේ....


විපක්ශයක් නැති වුනාම රටේ ඉන්න සියලුම දේශපාලනයට බර උදවිය නිකං ඉඳී ද? ඔබලා ඔවුන් ව සමූලඝාතනය කරයිද??


නෑ.. 


ඒගොල්ලෝ ඇවිත් ඕගොල්ලන් ගේ පක්සෙට බැඳෙනවා... ඊට පස්සෙ ඒගොල්ලන් ගේ සංඛ්යාව වැඩි වෙනවා... ටික ටික  විපක්ස වලට බැඳෙන්න ඉඳලා විපක්සයක් නැති නිසා ඕගොල්ලන්ගෙ පක්සෙට බැඳුනු අය බලය අල්ලනවා...


ඊට පස්සෙ ඉතිං තනි පක්ශෙන් ආන්ඩු කරන පක්ශේ පාර්ශව කීපයක් බලය ලබාගන්න අභ්යන්තර සටන් වල යෙදෙනවා... බලය තියෙන පාර්ශවේ ඇති පදං වංචා දූශන ලොවෙත් නැති වෙන්න කරනවා...


ඔය ඔක්කොටම වඩා මාර සීන් එක තමා ආයෙ වෙන පක්ශෙකට රටේ ආන්ඩු බලය බාර දෙන්නෙ නෑ කියලා කෑගහන උං ව කපාගෙන වෙන අය පක්සේ උඩට එනවා.. ඒක වලක්වන්න සක්කරයටවත් බෑ...


ජොලි නේද?


Tuesday, January 21, 2025

උපාධි කෝච්චිය


 කෝච්චිය

-------------

කෝච්චිය වනාහී විටෙක ජොලිසහගත ද, විටෙක විචිකිච්චා සහගත ද විටෙක විනාශකාරී ද උපාධි ප්‍රදානය කරනා ආයතනයකි. තඹුත්තේගම ඉස්ටේසමෙං ටිකැට් නැතුව යාල්දේවී කෝච්චියේ එල්ලී ටොපි සිකැරැට් විකුනා තුන් වෙනි පංතියේ  දුම් රිය උපාධිය ගත්තු එකා ජනා විය. එය ජොලිසහගත යැ! ඇල්ල ඉස්ටේසමෙං කෝච්චියේ එල්ලී වඩේ විකුනා දුම් රිය උපාධිය ගත්තු එකා ටොපි සිකැරැට් උපාධිකාරයාට නෙලන්නේ දොඹෙන් ම යන්න යැ! ඌ නම් පලමු පන්තියේ විමර්ශන මැදිරි ලෙවල් එකේ බුවෙක් යැ.  මුං දෙන්නාටම උඩින් ඉන්නේ හයිද්‍රාබාද්  කෝච්චි වල තේ විකුනා උපාධිය ලැබූ චායි බෝයි මෝදි යැ.


කියවන ඔහෙලාට වන්දේ මාතරං යැ!