Monday, March 16, 2015

16ප්ලස් හිටං


ඉස්ටේසමක තිබූ තේ කඩයක තේ හැදූ කොලුවෙකු වූ මෝදි ඉන්දියාවේ අගමැති විය. ග්‍රාමයෙකු වී කොස් ගස් කපන්න පෝමිට් හැදූ සිරා ලංකාවේ ජනාදිපති විය.



මෝදි පසුගිය දිනෙක ලහි ලහියේ සිරි ලංකාවට පැමින 13ප්ලස් දෙන්න යැයි අපිට කීවේය.



13 ප්ලස් ගැන වාද විවාද කරනිමින් ඉන්නා සිරි ලංකාවේ පුරවැසියන් හට 16ප්ලස් ගැන සිතීමට සිදුවීම දයිවයේ සරදමකි....



කොහෙන්දෝ සිට කඩා පත් වූ අඹු සැමි යුවලක් නිවුස් කොන්ෆරන්ස් එකක් පවත්වා 16ප්ලස් ගිනිගෙඩිය පත්තු කලේය. එවුන්දැලාගේ දාසය පිරිච්චි දෝනිව පවුලේම මිත්‍රයන් වන පූජ්යපාද රාජිත සෙනාරත්න ගොයියා ගේ දෙවන පුතා වන එක්සත් සේනාරත්න පැහර ගෙන ගිහිල්ලාය.



දැරිවියන් පැහරගෙන යන්නේ ගෑනු හොරුන් ය. හැබැයි අපේ ගෑනු හොරා වන රාජිත ගේ පුතා මොල කාරයෙකි... ඔහු පැහැර ගෙන ඇත්තේ 16ප්ලස් වේන දැරිවියකි....



අනේ ඉතින් අපේ පොලිස් මාජ්ජ ප්‍රකාසක තුමා රූපවාහිනියෙන් ඇවිත් තේරුම් කර දෙන කල් අපිත් හිතන් හිටියේ රාජිත ගේ මන්ද මානසික කොලුවා කර තිබෙන්නේ වැරදි වැඩක් කියලාය.....



පොලිස් මාජ්ජ ප්‍රකාසක තුමා කියනා විදියට කෙල්ල 16ප්ලස් නම් වැඩේ ගොඩය.... කෙල්ල ගේ තනි කැමැත්තට ආවා කියා පොලිස් පොතේ ලියවුනා නම් ඒක පැහැර ගැනීමක් නොවේ ලු!



පොඩි කොස්සකට තියෙන්නේ හොරෙන් ගේනා කෙල්ල කසාද බඳින්න නම් ඇයට ද අට වන තෙක් බලා සිටිය යුතු නිසාය. මන්ද සිරි  ලංකා නීතියට අනුව කෙල්ලෙකුට මා පිය කැමත්ත නැතුව කසාද බැඳීමට ද 18 පිරිය යුතු නිසාය.



පොලිසියෙන් ලැබුනු තල්ලුව නිසා සිරි ලන්කාවේ කොල්ලන් සහ මහල්ලන් ඇතුලු සියලු පිරිමි ප්‍රීතියෙන් පිනා ගොස් සිටින බව පෙනේ...



ඒ මන්ද යත් 16ප්ලස් කෙල්ලෙක් කොහෙන් හෝ ගෙනත් 17ප්ලස් වෙනකල් කසාද නොබැඳ තියාගෙන හිටං ඊට පස්සේ පස්ස පැත්තට පයින් ගසා එලවා නැවතත් හොඳ 16ප්ලස් කෑල්ලක් ගෙන ඒමට නීතියෙන් කිසිදු අවහිරයක් නොමැති නිසාය.



යහ පාලනේට ජය වේවා!

17 comments:

  1. තාත්තා කල එක නොකල පුතා not-උගෙ-පුතා( නොට්ටුගෙ පුතා).
    18 පිරෙන්න පෙර කායික සබඳතා පැවත්වීම නිසා පෙම්වතා උනත් ස්ත්‍රී දූශන චෝදනාවෙන් හිරේ දමනවා නේද?ස්ත්‍රී දූශක පුතා ලා රකින තාත්තාලා අපිට වයි පී ජම්බු එකසිය ගානට දෙති.

    ReplyDelete
    Replies
    1. මේ දෙවෙනි කොලුවාට ඉස්සර ඉඳන් ම මානසික ප්‍රශ්නයක් තිබුනේය

      Delete
    2. //මේ දෙවෙනි කොලුවාට ඉස්සර ඉඳන් ම මානසික ප්‍රශ්නයක් තිබුනේය//
      අප්පාගේ ඇනිකට් කටවාචාලකමේ කර්මය පුතා පිටින් ගොස් වන්නට ඇතිය. :D

      Delete
    3. //මේ දෙවෙනි කොලුවාට ඉස්සර ඉඳන් ම මානසික ප්‍රශ්නයක් තිබුනේය//

      මෙවැනි තාත්තෙක් ඉන්න එක ලොකු මානසික ප්‍රශ්නයක් තමයි.

      Delete
  2. පරාජිත හරි සුදනා කියලා මමහිතුවේ.
    දොස්තර පණු දත!

    ReplyDelete
    Replies
    1. මැන්ස් ගේ ලොකු පුතා ආනන්ද විද්යාලෙන් උසස් පෙල කරලා තිරිකුනාමල දිස්තිරික්කයෙන් කොලඹ වෛද්ය විද්යාලයට ඇතුල් වුනු සේක!

      Delete
    2. මැන්ස් ගේ ලොකු පුතා ආනන්ද විද්යාලෙන් උසස් පෙල කරලා තිරිකුනාමල දිස්තිරික්කයෙන් කොලඹ වෛද්ය විද්යාලයට ඇතුල් වුනු සේක///

      මොකද්ද බං ඒ හු යන්නෙ කතාව

      Delete
    3. කොලඹින් වෛද්ය පීටයට යන්න ගොඩාක් ලකුනු ඕනෑය (මේ Z ස්කෝර් වලට කලිං හිටං) . කොලඹින් බයෝ වත් යන්න බැරි එකා තිරිකුනාමලෙන් වෛද්ය පීට අහුවෙනවාය....


      එහෙම ගිහිල්ලත් රාජිත ගේ කොලුවාට පලමු වසර එක්සෑම් ගොඩ දා ගන්න බැරුව වසර කීපයක් පීටයෙන් බැහැරව සිටින ලදී.... දනන්නෝ දනිති!

      Delete
    4. තමන්ගේ හුණු කිල්ලෝටවල හුණු සෑහෙන්න පුරවාගෙන අනුන්ගේ රෙද්දක ගෑවුණු හුණු පැල්ලම් හොයන්නට වෙහෙසෙන ඔය පණු දතා මට නම් කොහෙත්ම දිරවන්නේ නැති එකෙකි..ලැජ්ජාවක් කියා නාමයක් නැති මොංගල් වෙදාණෝ කෙනෙකි..අප්පත් පුතා වගේමද දන්නේ නෑ...:D

      Delete
  3. උඹට නොතේරුණාට ඒ තමා ජයපාලනේ
    කෝ ඉතිං උඹ වගේ හිච්චෙක්ට ඕව තේරෙනවැයි

    ReplyDelete
  4. යහපාලනේ හැටියට අවුරුදු 15දී පැහැරගෙන ගොහින් කරුමෙටවත් 16ට පෙර පැමිණිල්ලක් දාගන්නට බැරිවුණොතින් වන්නේ හරි කෙලියකි!ඒකත් ගෙම්බර් දමා හෝ කැමැත්තෙන් ආවා කියා ලියවාගත්තොතින් 18වනතුරු ඉතින් අපහරණය තමා!මාජ්ජ ප්‍රකාශක ගොයියාගේ දූට වයස කීයද දන්නේ නෑ නේද?දුවෙක් ඉන්නවා ඇතිද?

    ReplyDelete
    Replies
    1. යහපාලනේට පින්සිද්දවෙන්න අවුරුදු දාසයේ සිට දහ අට දක්වා වන දැරිවියන් අපහරනය කර එලවා දැමීමට සිලි ලංකාවේ හාදයන් ට අවස්තාව උදා වී ඇත...

      Delete
  5. මෙහෙමයි............ ඔය නීතිය අද ඊයේ ගෙනාපු ඒකක් නෙමෙයි..... තිබුණ නීතිය තමයි... ඒකට බැනලා වැඩක් නැහැ... උසාවි ගියත් ඔච්චර තමයි.... ඒත් වැඩේ වැරදියි.... ඒකෙන් රාජිතට වෙන චරිත ඝාතනයෙන් බේරෙන්න බැහැ...

    ReplyDelete
  6. //උසාවි ගියත් ඔච්චර තමයි//

    කවුද උසාවි යන්නේ? අපි අර යහපාලනේ සමාජ ජාල කස්ටිය අනුගමනය කරමින් හතර වටේටම මඩ ගහන එක නේ කරන්නේ...

    ReplyDelete
  7. නීතියේ තියෙන බරපතල වැ‍රැද්දක්....

    ReplyDelete