Monday, March 2, 2015

ජෙප්පන් ගේ ප්‍රෝඩාවට අපිත් එක්වෙමු මෙයාලා............

මහරගම රස්සාවට යන අයද, ටියුශන් යන අයද ප්‍රීතියෙන් පිනා ගොස් ය. ඒ මන්ද යත් මන්ද බුද්දික ජෙප්පෝ

මහා ජන රැලියක් සංවිදානය කරලාය....

විමල් ට රිදෙන්න පවත්වන මහා රැලියට අඟහරු ලෝකෙන් පවා ජෙප්පන් වඩින බව ආරන්චිය.


හොරෙන් හොරෙන් පෝස්ටර් අලවලා, බැනර් ගහලා අමාරුවෙන් අටවාගත්තු පාන්ඩුවේ ඇමති කම්

ලබාගෙන සැප විඳින්නට මහින්ද මහත්තයා සමග සිටි උදවිය උත්සාහ කරන සඳ... ඊට මාර්ක්ස්වාදී සහ

ලෙනින්වාදී විරෝදය පෙන්නන්න මෙම රැලිය පැවැත්වෙන බව පෝස්ටර් වලින් පෙන්නුම් කෙරේ.....


මෙව්වා දකින අපට ඉස්පොල්ලේ යන්නේ දින සීයෙන් දින පනහ යන්නටත් පෙර ජෙප්පන් සිය පුරුදු බැන

අඬගැසීම ආරම්බ කල නිසාය. මාදුලුවාවේ පොඩිසිඤ්ඤෝ ද සිවුර ගලවා අඳනය පිටින් රොටි පිච්චීමට තැටි

රත් කර සුරේනි සෙනරත් ගේ ආප්පය පිපීගෙන එන සැටි බලා සිටීන නිසාය.


ඉවසන්නට බැරිම දේ නම් විජේදාස කියන මැන්ස් ද ජෙප්පන් ගේ ලොක්කාට නක්කිය දැමීමය. ඒ මදිවාට් අර

අවන්ගාර්ඩ් ආරක්සක සේවේ සේනාදිපති මහත්තයා ද ජෙප්පන් ට වාදෙකට කැඳවලාය. ඇවන්ගාර්ඩ් හී

වර්තමාන සේවකයෝ ජෙප්පන් ගේ කූඩාරාම ඉස්සරහ පිකට් කරන්නේය. ඒ ජෙප්පන් ගේ මාලු ජෙප්පන් ගේ

ඇඟ උඩ ම තබා කැපීමටය.



එලිවන ජාමය තවම  පටන් ගත්තේ නැත.... හොඳ හොඳ සෙල්ලම් තව ඉදිරියටය.

18 comments:

  1. කියවන පහලට ආවට මට අදහසක් එකතු කරන්න තරම් දැනුමක් නෑ මේ ගැන,

    ReplyDelete
    Replies
    1. කියෙව්ව එකත් මදැයි ඔමා..;)

      Delete
  2. මහින්දට ආපහු චන්දය ඉල්ලන්න සදාචාරයක් නැති බව ටිල්වින් කියනවා. බස් පුච්චපු, මිනී මරපු ජේවීපී එක තමයි දැන් සදාචාරය ගැන කුප්පි දෙන්නේ.

    මිනිස්සුන්ට කන්න නැති වෙයං, රස්සා නැති වෙයං, වතුර නැති වෙයං, බස් නැති වෙයං, ඕන්න ඕවා තමයි ඒ ගොල්ලන්ගෙ පරම පිවිතුරු පැතුම්. හේතුව තමයි මිනිස්සුන්ට හතේ හත වැදුනොත් තමයි එයාලට සටන් පාඨ තියෙන්නේ. හරියටම මිනිය කකා දිවි ගෙවන ඉහඳ පණුවො වගේ.

    බොරුවට ආන්ඩුවට බැන්නට, එහෙනම් අනුර කුමාර කරුනානායක විධායක සභාවෙ ඉන්නේ? ඩොක්ට ජෙකිල් මිස්ට හයිඩ් තමයි එයාලගෙ රෝල් එක. කලකිරිලා ඉන්න මෛත්‍රී ගෙ චන්ද ටිකට තමයි ඔය හැරෙන්නේ.මහින්ද ගෙ චන්ද නම් ඔය අම්බරුවන්ට ලබෙන්නේ නැහැ.

    එහෙනම් අනුර,

    ටියුෂන් ආ කොලු කෙලි රැළ එපා ඔබට ලැබෙන්න.
    ඔපිස් ගිහින් එන මහතුන් ලඟ රතු කොඩි රැඳෙන්න.
    දෙසිය දොලොස් ගනනක් නොව බස් සීයක් ලැබෙන්න.
    මහරගමට පායන හඳ ලස්සනයිද කියන්න

    ReplyDelete
    Replies
    1. මහා රැලියක් පවත්වලා ජෙප්පෝ ඇන ගන්න තමා යන්නේ..... දැන් සිරි ලංකා කාරයෝ සහ යූ එන් පී කාරයෝ දෙගොල්ලාටම ජෙප්පන් ගෙ ගොන් වැඩ එපා වෙලා...

      Delete
    2. //ටියුෂන් ආ කොලු කෙලි රැළ එපා ඔබට ලැබෙන්න.
      ඔපිස් ගිහින් එන මහතුන් ලඟ රතු කොඩි රැඳෙන්න.
      දෙසිය දොලොස් ගනනක් නොව බස් සීයක් ලැබෙන්න.
      මහරගමට පායන හඳ ලස්සනයිද කියන්න// ++++++++++++++++++++++

      Delete
  3. කියලා වැඩක් නැත.මෙයාලා සහ රංජා අතර එච්චර වෙනසක් නැහැ නේද? හීනමානයට කළ හැකි විනාශයක් ගැන හොඳම සජීවී උදාහරණ ඔන්න..ත්‍රස්තවාදී ක්‍රියා කරලා රට ආපස්සට ගෙනිච්ච මේ සැට් එකේ පැටිකිරිය නොදන්න ළදරුවෝ නම් මීටවඩා ජාතිමාමක දේශමාමක පක්ෂයක් තවත් නෑ කියල තපුල්ලයි දැන්..කරපු වැඩවල හැටියට දැන් වැදිබණ කියන මෙයාලත් ත්‍රස්තවාදියෝ තමයි..හොඳ වෙලාවට කොටි ඉස්සර වුණේ මෙයාලට..වැඩි වෙනසක් නෑ නැත්නම්..!

    බලමු නේ යහපාලනේ නැගලම යන රඟ පේන්නේ..මාදුළුවාවේ කිව්වේ ආණ්ඩුවට ඕන හැටියේ නටන්න දෙන්නේ නැත කියලා..දැන් බැලුවම උන්නාන්සෙට විධායක සභා රැස්සීමකටවත් එන්න කිව්වේ නැහැයි කියන්නේ!පුටුවට එලන්න සුදු රෙද්දක් නැතුව වෙන්ටැ යහපාලන කට්ටියට..

    ReplyDelete
    Replies
    1. දැන් නිකං සෝ බිත නෙමෙයි සෝ-මච්-සෝ-භීත. හෙනට ඩිප ගහලා ඉන්නේ එයාව නෝ කෙයාර් නෝ වෙයාර් වෙලා කියලා. අපිටත් දුකයි සාදු. අපිය කියලා මක්ක කරන්නෙයි? ඔබ වහන්සෙ ''සාධාරණ'' සමාජයක් හොයන්ට ගෙහුං රටට ''සදා-රෙන '' සමාජයක් ලැබිලා අන්දොස් වෙලා ඉන්නෙ අපිත්.

      Delete
    2. //දැන් නිකං සෝ බිත නෙමෙයි සෝ-මච්-සෝ-භීත.//

      මැන්ස් තට්ටෙ තෙල් ගාගෙන පිටි ටිකක් තුනී කරලා අවුවෙ ඉන්නවා රොටි පුච්චන්න

      Delete
  4. උන්නාන්සේ ඡන්දෙට කලින් නම් කතාකළේ සිරිසේනගේ ආණ්ඩුව නටවන නළාව තියෙන්නේ නාගවිහාරේ වගේ..එහෙනම් ඔබතුමාටත් එහෙමයි යහපාලනේ කොකා පෙන්නුවේ..අපිත් මක්කා කොරන්නෙයි සාදු, ඉල්ලලා අඹ ගත් කොට? :D

    ReplyDelete
  5. මෙහෙමයි..........

    ජවිපෙ කරන්නේ දේශපාලනය.. ඔවුන් හැබෑවට ම ඔවුන්ගේ ජනතා බලය ගැන දන්නවා... ඒක භාවිතා කරමින් දේශපාලනය කිරීම තමයි ඔවුන් කරන්නේ..... ඔවුන් බලය නොගෙන මැතිවරණ ඉලක්ක කරමින් තම අවශ්‍යතා වෙනුවෙන් කටයුතු කිරීම තුළ දී ඉතා සාර්ථක ව හැසිරෙනවා.... ඔවුන් දේශපාලන බලය ගත්ත අවස්ථාවේ ගොඩක් පහළට වැටුණා.. ඉතින් මේ ක්‍රමය තුළ ඔවුන්ට දේශපාලන බලය සමග ගමනක් යන්න බැරිවුණත්... ඔවුන්ගේ දේශපාලන හැසිරීම අත්‍යවශ්‍ය ඒකක් ය කියන තැන අපිනම් ඉන්නවා.......

    ReplyDelete
    Replies
    1. //ඔවුන්ගේ දේශපාලන හැසිරීම අත්‍යවශ්‍ය ඒකක් ය කියන තැන අපිනම් ඉන්නවා.......//

      අනිවා...! ඔවුන්ගේ දේශපාලන හැසිරීම මේ වෙලාවේ යූ ඇන් පී එකට අත්‍යාවශ්‍යයි කියලා අපි ත් තරයේ අදහනවා. මොකද ජේ වී පී කියන්නේ හූ ඇන් පියේ තරුණ සංවිධානය.

      අත ඊසොප් ගේය. හඬ යාකොබ් ගේය.

      Delete
  6. //ඔවුන්ගේ දේශපාලන හැසිරීම අත්‍යවශ්‍ය ඒකක් ය කියන තැන අපිනම් ඉන්නවා....... //

    ගනිකාව කරන්නේ රස්සාවක්.. ඔවුන් හැබෑවට ම ඔවුන්ගේ වැජයිනාවේ බලය ගැන දන්නවා... ඒක භාවිතා කරමින් ආදායම් ඉපයීම කිරීම තමයි ඔවුන් කරන්නේ..... ඔවුන් මුදල් ගෙන ක්ලයන්ට් ලා ඉලක්ක කරමින් ක්ලයන්ට් ලා ගේ අවශ්‍යතා වෙනුවෙන් කටයුතු කිරීම තුළ දී ඉතා සාර්ථක ව හැසිරෙනවා....
    ඔවුන් ගනිකා වුර්තියෙන් පිට යමක් කරන අවස්ථාවේ ගොඩක් පහළට වැටුණා.. ඉතින් මේ ක්‍රමය තුළ ඔවුන්ට ගනිකා වුර්තියෙන් පිට ගමනක් යන්න බැරිවුණත්... ඔවුන්ගේ ගනිකා වුර්තියේ හැසිරීම අත්‍යවශ්‍ය ඒකක් ය කියන තැන අපිනම් ඉන්නවා.......

    ReplyDelete
  7. මෙහෙම අය ඉතින් කවදා ආණ්ඩුවක් හදන්නද? මටනම් තියෙන්නේ ඒ ප්‍රශ්නේ. මේ අයට පුළුවන් කවුරු ආණ්ඩු කළත් වැරදි හොය හොය බොරු සටන්පාඨ කියව කියව කාලය ගතකරන්න විතරයි. මේ අයත් ඔය යහ පාලනේට බොහොම කැමැත්තෙනුයි හිටියේ. මහින්ද පරද්දන්න වලිකාපු අයනේ.

    ReplyDelete
  8. මුන්ව කවුද ගනන් ගන්නේ

    ReplyDelete
  9. ජෙප්පන්ගේ ජීවිතය අසහනයකින් පිරුණකි.දවස් පඩි කාරයින් අද දවසේ ජීවත් වන්නේ කෙසේද කියා අහස පොලොව ගැටලවා කල්පනා කරනවා සේ ජෙප්පන්ටද එදා වේල සඳහා සටන් පාඨ උවමනා වෙයි.මේ දුක මාස් පඩි කාරයින්ට නොතේරෙයි.

    ඉවරක් නොවන් සටන් පාඨ අන් කවරදාවත් නැති අයුරින් ඔවුන්ට ඕනෑ වී ඇති සෙයකි.මක් නිසාද කේවල චන්දය ආවොත් ඔවුන්ට දාන්න වෙන්නේ අපේ ඇඩ්‍රස් නිසාය.

    ReplyDelete
    Replies
    1. කේවල චන්දේ ආ සඳ ජෙප්පෝ හිරු දුටු කදෝපැනියන් වනු ඇත

      Delete