Sunday, January 10, 2016

රිටර්න් එකේ අන්සු මාත්‍රයක්



ඇත්ත වසයෙන්ම කියනවා නම්, ජනවාරි අට විප්ලවයේ වීරයන් ගැන ඉයන් තුමා බොග් ආර්ටිකල් එක ලිවුවේ ජනවාරි දහ වනදාය. 

අටෝරාසියක් කරුනු කාරනා නිසා එතුමාට එම ලිපිය බොගේ පල කිරීමට අතපසු විය.

එක්නැලිගොඩ කියන හාදයා මොකක්දෝ වෙබ් සයිට් එකකට ලියූ ලිපියක් අපේ ලොක්කාට ලීක් වුනාය කියන්නා සේ ඉයන් තුමා ලියූ ලිපිය ද අපේ ලොක්කා ට ලීක් වුනේ ජනවාරි එකොලොස්වෙනදාය. 

ලොක්කා ගේ මාජ්ජ ලේකම් ලිපියේ ප්‍රින්ට් අවුට් එකක් ගේන ලොක්කා ගේ අතේ තිබ්බේ ලොක්කා නසරානි වෙන්න ගහලා කන් දෙක ජාතික ඇඳුමේ සාකුවේ දමාගෙන සිටියදී ය.

බලු මැක්කන් මැරුනු බල්ලා හැර යන සේ ඒ වෙද්දී අපේ ලොක්කා වටේ සිටි සැම එතුමා හැර යමින් සිටියේය. 

දෙකක් නොව තුන හතරක් ම දාගෙන හිටි නිසා එතුමා ගේ කිඩ්නිය ද පැවතුනේ ඉතාම තියුනුවය.

ඉයන් තුමා ගේ ලිපිය කියවා තම හට වල කැපූ සියලු දෙනා ගැන සහසුද්දෙටම දැන ගැත් අපේ ලොක්කා ඊලඟට කල්පනා කලේ ඉන්ටර්නැසනල් ගේමක් දී තමන් ට ගේම දුන්නු උන්ට රිටර්න් ගේමක් ඉල්ලීමය.

සිරි ලන්කා ගතියට අනුව ලොක්කන් ටික අපේ ලොක්කා හැර ගියද කවදත් එතුමා ලඟ ඉන්නා මදාවි සැට් එකේ අයියලා දෙතුන් දෙනෙකු සමග උපක්‍රමසීලී ගේමක් ප්ලැන් කල ලොක්කා ඊලඟට කතා කලේ එතුමාගේ ඇමෙරිකානු සමාගමේ විදායක නිලදාරී ඩොනල්ඩ් මහත්තයා ට ය. 

මචන්, ලෝකල් තම්බිලා මට ගේම සැට් කලා.... ඔහෙ ඇමෙරිකාවෙ උන්ට නස්පුක් වෙන්න නෙලන්න මට උඹ සපෝර්ට් කරන්න ඔනේ.... 

නෝ වොරීස් බොස්... කියා ටැලිපෝනය විසන්දි කල ඩොනල්ඩ් මහත්තයා එහේ අලි පාටියෙන් නොමිනේසන් ඉල්ලන ගේමට බැස්සේ තම්බින් ඇමෙරිකාවෙන් පිටකරමු යන තේමා ගීතයෙනි... (ඇයි අවිස්වාසද? ඔහෙල හිතන්නේ ඔය ට්‍රම්ප් බිල්ඩින් එහෙම අයිති ඩොනල්ඩ් ට්‍රම්ප් ට කියලද?? හොඳටම  විස්වාසද??) 

තමන් ට කෙලි අසාද්‍ය සාලිලාට ගේම ඇමෙරිකාවෙන් ම සෙට් කල ලොක්කා ඊලඟට කතා කලේ තමන් දීවර ඇමතිව සිටියදී රට වටා හැදූ දීවර වරාය වල බහුදින යාත්‍රා මේච්චල් කරන ඈයින් කීප දෙනෙකුටය.

එම කතා බහේ රිසල්ටුව වනාහී සිරියාවේ සහ ලිබියාවේ ලාන්තරස් වෙලා හිටි කොල්ලන් දාස් ගනනක් බහුදින යාත්‍රා වල නැගී යුරෝපය වෙත සරනාගත මන්ගච්චන් වීමයි.

අපේ ලොක්කා ගේ ගෝල කරුනා ප්‍රන්සේ කැලේ නගරයට ඔහු ගේ කොමාන්ඩෝ බටයන් යැවුවේ එහි එකතු වන සරනාගතයන් හට යුරෝ ටනල් හරහා ඉන්ගලන්තයට යෑම පුහුනු කිරීමට ය. 

අලුතින් හැදූ මැදමුලන මාරකැට්ටුවෙන් මෑකරල් මිටියක් මිල දී ගත් ලොක්කා එය DHL කලේ ජර්මනියේ ඇන්ජලා මෑකරල් මහත්මියට ය.

අපි යවපු කොල්ලො ඇන්ජලා ව කනවා... පවු ඩෝ!


තමන් ට කෙලවීමට මුල් වූ මානව හිමිකම් හුරා ලා ටත් කෙලව්ඤ්ඤම් කියා හිතූ අපේ ලොක්කා ඉස්සෙල්ලාම කලේ හචින් එකක් ගියත් බෙල්ල කපා ඊට පසු නඩු අහනා සවුදි අරාබිය මානව හිමිකම් සබාපති කිරීමට ඩුබායි බැන්කු ගිනුමේ තිබූ ඩොලර් ටිකක් එහේ මෙහේ වීසි කිරීම ය. දෙවනුව කලේ ඉරාන ශියා කස්ටියව ෆෝම් කර සෞදි සුන්නින් ට ගේම සැට් කිරීම ය. 

ඔය ස ර ස තුමා ලියා තැබුවේ අපේ ලොක්කාට ගේම ඉල්ලූ අන්තර්ජාතික අහවලුන් ට අපේ ලොක්කා සැට් කල රිටර්න් එකේ අන්සු මාත්‍රයක් පමනක්  ය... 

එතුමා ට ගේම සැට් කල ලෝකල් කස්ටියට නෙලන්න පටන් ගන්නේ ඉදිරියට බව ලඟින් ඉන්නා මදාවි සැට් එකේ මතයයි!

සියල්ලට ම හේතු වූයේ ඉයන් තුමා ලියූ ලිපියයි!

12 comments:

  1. ඔය ලෝකල් ලිස්ට් එකේ අපේ ඉයන් තුමා ගොඩක් ඉස්සරහින් ඉන්නවා ඇති මයේ හිතේ...
    බුජ්ජි අංශ වලට ඒ ගැන මුකුත් වාර්තා උනේ එහෙම නැද්ද...

    ReplyDelete
    Replies
    1. අපේ ලොක්කට බුද්දි අන්ස තිබ්බනම් එතුමා ඔහොම අනාගන්නවද ලොකු පුතේ...

      එතුමාට තිබ්බේ මන්දබුද්දි අන්සයක් නේ....

      Delete
  2. අනේ සා රස සර්, ලොකු සර්ට කියන්න කාපු බීපු වෙලාවට පුංචි විහිළුවක් කෙරුවට ලොකු සර්ල වගේ රජ කුලේ අය මේ ගැත්තන් කියන ඒව වැඩිය ගණන් ගන්න එපා කියල.

    ReplyDelete
    Replies
    1. ඉයන් සර් ලා අපේ ලොක්කා, ආප්ප සිරා සහ සහ රනිල් තුමා වගේ ගරු ගාම්බීර අය එක්ක කලු කෝපි බොන ගමන් අපි වගේ පහඳන් ට කින්ඩියත් දානව නේ?

      දුක නැද්ද අෆ්ෆා?

      Delete
    2. විශ්වාස කරනවනම් විශ්වාස කරන්න දොස්තර මහත්තයෝ මගේ එකම දේශපාලන කර්තව්‍ය රටේ ආරක්ෂාවට සහ දුප්පතුනට කලයුතුදේ ගැන දැනුවත් කිරීම පමණයි. ඒ වුනාට කවුරුත් එක්කවත් කලු කෝපි බොන්න නම් උත්සාහ කරල නැහැ, බීලත් නැහැ.

      Delete
    3. :)

      විස්සාසා පරමා ඤාතී කිවුවේ කට කහනවටැයැ??

      Delete
    4. ඒක තමයි, කට කහනවනම්, ඔය පාලි කෑලි කියව කියව ඉන්නෙ නැතුව දත් දොස්තර කෙනෙක්ව හම්බුවෙන්න පුළුවන් එකේ. හැක්

      Delete
  3. මොකද්ද බ්‍රෑන්ඩ් එක? හෙහ් හෙහ්
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ජය එකේ ලොකුම එක වේවා!

      Delete
  4. මං නං ලොක්කට විරුද්ධව වචනෙයක්වත් ලියල නෑ ඕං...

    ReplyDelete