Friday, January 29, 2016

මහින්ද මහත්තයාගේ පුතෙක් අත් අඩන්ගුවට





මහින්ද මහත්තයාගේ පුතෙක් අත් අඩන්ගුවට ගන්නා බව මාද්‍ය වාර්තා කරති. කවුරු විරුද්ද වුනත් ස ර ස තුමා නම් ඊට එක පයින් ම කැමතිය.

කවුරු දිනුවත්, කවුරු පැරදුනත් අන්ත දූශිත දේසපාලන ලොක්කෝ සහ උන් ගේ දූ දරුවෝ යහතින් සිටිනා රටේ මෙහෙම දෙයක් වීම, සමහරවිට ඊටත් වඩා , හිරේ දී වෙනත් කරදරයක් වීම රටට හිතකරය. 

එවිට කවදා හෝ මහින්ද මහත්තයාට හෝ වෙනත් විරුද්ද පක්සයකට බලය ලැබුනාම දැන් ඉන්නා දේශපාලු සක්කිලින් හට සහ උන් ගේ හැත්ත බුරුත්තට හතර අතට වනනවා දකින්න ස ර ස තුමා සෑදී පැහැදී සිටී.

26 comments:

  1. ඔය කියන පුතා අපි දන්න පුතාලගෙන් කෙනෙක් නෙමෙයිද කියල කවුද දන්නේ...

    ReplyDelete
  2. // ඔය කියන පුතා අපි දන්න පුතාලගෙන් කෙනෙක් නෙමෙයිද කියල කවුද දන්නේ... //

    කාමේසු මිච්චාචාරා ද....

    ReplyDelete
    Replies
    1. මෙතෙන්ට පන්සිල් පදයක් ආවේ... මහින්ද හැමදාම පන්සල් යන එකා.

      Delete
  3. නාවික නීතියට පටහැනි වැරදි යෝෂිත කරලා තියෙනවා නම් ඒකට මුලින්ම වග කියන්න ඕනි ඒ කලේ හිටපු නාවික හමුදා ප්‍රධානියෝ.. ඒ අය තමයි තම තමන්ගේ වාසියට ඒ කොල්ලට ඕනේ නැති වරප්‍රසාද දුන්නේ..

    ReplyDelete
    Replies
    1. වගකිවයුතු ලොක්කෝ හිරේ දමමු.

      Delete
  4. මම කැමති නාමලයව ඇතුලට දානවට මිනිහා තාත්තාට වැඩිය හපන් පොරක්.
    හැබැයි මිනිහාට කාමේසු ම්ච්චාචාරා කඩලා නෑ කියලා තමයි හරීන් කිව්වේ....

    ReplyDelete
    Replies

    1. හරීන් සැන් ජෝසොප් ෆස්ට් ෆිෆ්ටීන් රගර් ගැහුවා... නාමල් සැන් තෝමස් ෆස්ට් ෆිෆ්ටීන් රගර් ගැහුවා....

      ඔවුවා ඔහොම තමා...

      Delete
  5. අර මගබලාගෙන ඉන්න වැඩේ වෙන්න නං තව ටිකක් කල් යයි..... ඒත් ඒතකල් සාම්පල් ඒකක් විදිහට ඔය සැට් ඒක ටික ටික අැතුළට යනවා බලලා සතුටු වෙන්න පුළුවනි...................

    ReplyDelete
    Replies
    1. හා.... මේ නවකවදේ යහබාවිතාව සොයනා ඊරිසියාකාර හීනමානීකුරුට්ටෝ නේ.....

      ඔහේලා සැට් එකම යෝ එක්ක ඊරිසියා වෙන එක අහන්න දෙයක් යෑ? යෝ කියන්නෙ ගල්කිස්සේ සාන්ත තෝමස් විද්යාලේ ෆස්ට් ෆිෆ්ටීන් කැප්ටන් කරපු පොශ් හාදයෙක් නේ....

      Delete
    2. අනේ සරසා උඹෙයි මගෙයි පොෂ්කම......... අපි ගල්කිස්ස ශාන්ත තෝමස් වගේ පාසල් දැකලත් නැහැ. යෝෂිතලා වගේ කරේ තරු පටි ගහගත්තු උදවිය දැකලත් නැහැ. උඹලා වගේ විශ්ව විද්‍යාල දැකලත් නැහැ. කතිකාචාර්යවරුන් දැකලත් නැහැ.... මාර හීන මානයක් තියෙන්නේ........

      හැබැයි ඒකක් දන්නවා. උඹලා වගේ යාන්තමට තියෙන දේ හැමතැනම කිය කිය අැවිදින්නේ නැහැ. සාමාන්‍යයෙන් දෙයක් නැති උනුයි අැත්තට ම දෙයක් තියෙන උනුයි තමයි තැන තැන තමන්ට තියෙන දේ කිය කිය අැවිදින්නැත්තේ... උඹලා වගේ බාගෙට දේවල් දැකපු උන්ගෙන් තමා අනික් උන්ට කනක් අැහෙන්න නැත්තෙත්......

      අනේ උඹයි උඹේ යෝෂිතයි....................

      Delete
    3. අා.............. කියන්න අමතක වුණා. අර මහා ලොකුවට අපිත් ඒක්ක සංවාදයට අාපු ඒකට දුන්න උත්තර දිහා බලලා පැනලා ගියාට ඒ කරපු කතාව මග නැවතිලා තාම උඹ ඒනකල් බලාන ඉන්නවා..................

      උඹට අමතක වෙලානං මෙන්න අන්තිම කෑල්ල පහළින් තියෙනවා.. අායෙම මතක් කරලා බලන්න... සංවාද පටන් ගෙන බොරුවට පැනලා යන සරසාට මේක මතක් කරලා දෙන්නයි අපිට අවශ්‍ය..............

      Sa rasaJanuary 18, 2016 at 6:31 PM
      රැග් කිරීම වනාහී මානසික රෝගයකි. වැලඳී තිබේ නම් වහාම ප්‍රතිකාර ලබාගන්න.

      කුරුට්ටන් සහ බොහෝ ගොන් ජෙප්පන් එම අනුන් හට හින්සා කිරීම නැමති මානසික ව්යාදියෙන් පෙලේ. කුරුට්ටන් තර්ක කරන්නේ සරසවි නවක වදයේ හොඳ පැත්තක් සෙවීමට බව පෙනේ. මොන කෙස් පැලෙන තර්ක ගෙන ආවත් රටේ නීති උල්ලන්ගනය නොකර අනුන් හට නිදහසේ තමන් කැමති ඇඳුමක් ඇඳගෙන, තමන් කැමති බාසාවකින් කතා කරමින්, තමන් කැමති ආකාරයට හැසිරීමේ නිදහස වෙනුවෙන් ස ර ස තුමා පෙනී සිටී.

      අනේ කුරුටෝ උඹලත් පොශ් ටොයියන් ලෙස සින්හල බොග් අවකාසේ පෙනී ඉන්නවානේ... ස ර ස තුමා ට පෙනී යන්නේ උඹලා නම් අම්බ ඩොටේ සිට සරසවි මන්ගච්චපු අනුන් හට ඊරිසියා කරනා හාල් කෑලි ටිකක් ලෙස ය.

      Delete

      කුරුටු ගෑ ගී පවුරJanuary 18, 2016 at 6:50 PM
      අනේ බං සරසා උඹ වැන්නවුන් සමග මේ වගේ මාතෘකා කතා කරනවාද නැද්ද කියලත් අපිට ගැටලුවක් තියෙනවා..... මොනවා වුණත් ජෙප්පන් ලෙස අපිව හැදින්වීමට ඔබ අැති අයිතිය කුමක්ද????? ජවිපෙ දේශපාලනයත් සමග අපේ කිසිම සම්බන්ධයක් තිබුනේ නැහැ.... හැබැයි අපි අල නෙමෙයි.... ඒක මුලින් ම කියන්න ඔ්නේ..... අල නොවෙන හැම දෙනාම ජෙප්පන් කියන්නට තරම් ඔබේ දැක්ම හරිම පටුයි නේද,???? ඒකයි අපි අායෙමත් අැහුවේ හිටියේ කැම්පස්මද කියලා හොයලා බලන්න කියලා.....

      සරසවිය කියන්නේ ඔබ කියන විදිහට ජෙප්පන් විසින් දේශපාලනය බලෙන් කරගෙන යන, රැග් ඒක විසින් මුළු සරසවි කාලයම සිසුන් පීඩාවට පත් කරමින් තිබෙන, කිසිදු ශිෂ්‍යයෙකු ඉගනීමක් නොකරන, මානසික රෝගීන් පිරිසක් සිටින තැනක් නෙමෙයි.....

      කැම්පස් ඒක තුළ දේශපාලනික ධාරාවන් රැසක් නියෝජනය කරන පිරිස් ඉන්නවා.. ඒත් මේ පිරිස් උසස් පෙළ අවසන් වීමත් සමග කැම්පස් ඒන නිසා මහා න්‍යායික ව දේශපාලන මතයක් දරන්නේ හෝ දේශපාලනික ක්‍රියාකාරීත්වය පෙන්වන්නේ හෝ නැත.... මට තේරෙන විදිහට ඔබ 87-88 කාලේ දේශපාලන ගැන කතා කරන නිසා මෑත කාලීන සරසවි තත්වය ගැන අදහසක් නැතුවා සේම ඔබ තාමත් අර පරණ මතකය සහ පරණ අැරියස් මත සිට රැග්, දේශපාලනය, වගේ මාතෘකා සමග මහා වෙෙරයකින් කතා කරනවා..... අැත්තට ම ඔබේ කතා ගැන අැති වන්නේ තරහක් නොව කණගාටුවක් සරසා..... අපි සරසවි කුරුටු ගී ගැන කතා කරන්න අැවිත් දැන් ට්‍රාන්ස්ගේ යොමු කිරීම මත නවක වදය ගැන යම් දෙයක් සටහන් වූ බව සැබෑවකි.... ට්‍රාන්ස් නිතර ම සෑම පැත්තක් ම අාවරණය වෙන්න ලියන නිසා සහ රුවන් ජයතුංග සතු මනෝ විද්‍යා දැනුම භාවිතා කරමින් මේ ගැන සමබර ලිපියක් ලිවිය හැකි බවයි අපි කීවේ..... නමුත් ඔබ ඒක තේරුම් ගත්තේ උඩුයටිකුරු කරලයි....

      //අනේ කුරුටෝ උඹලත් පොශ් ටොයියන් ලෙස සින්හල බොග් අවකාසේ පෙනී ඉන්නවානේ...//

      මේ මොනවද සරසා.... මොනවද මේ වගේ පජාත කතාවක් කිව්වා ම ඔබට ලැබෙන්නේ.... මේකෙන් අපිට හානියක් කරන්න හිතුවාට ඒ හානිය වෙන්නේ ඔබටමයි... සමහර විට වෙන්න තරම් හානියක් ඔබට ඉතුරු වෙලත් නැතුවා අැති.... මොනවා වුණත් අර උඩින් ඔබ මහා ලොකුවට දිගඅැරපු සුදුසුකම් මාලාව සහ මේ කතා ඒකට තියලා ගත්තා ම ලැජ්ජාව ඔබ ගියා යැයි කියන විශ්ව විද්‍යාලයට සහ ඔබ කතිකාචාර්ය කම් කළා යැයි කියූ අාචාර්ය මණ්ඩලයටයි.... ඒ නිසා සුදුසුකම් දිහඅැරපු තැනම මේ විදිහට අසූචි දමන්න ඒපා....

      //ස ර ස තුමා ට පෙනී යන්නේ උඹලා නම් අම්බ ඩොටේ සිට සරසවි මන්ගච්චපු අනුන් හට ඊරිසියා කරනා හාල් කෑලි ටිකක් ලෙස ය.// ඔව් බං කැම්පස් යන්න බැරිවුණ හාල් කෑලි 11ක් තමා මේ බ්ලොගය කරගෙන යන්නේ.... හාල් කෑලි වල තරම කියන්න උඹ වගේ සුදුසුකම් කිය කිය රෙද්ද ගලවලා පෙන්නන්න අපිට උවමනා නැහැ.... අනික මචං මිනිහෙක්ගේ උගත්කම, බුද්ධිමත්කම පේන්නේ ඒ මිනිහා කරන කියන දෙයින් මිසක් ෆයිල් අස්සේ ගහගෙන ඉන්න සහතික වලින් නෙමෙයි බං.......

      Delete

      කුරුටු ගෑ ගී පවුරJanuary 20, 2016 at 9:12 PM
      අපි හිතුවා සරසා කියැවිල්ලට ඒහා දෙයක් කරන කෙනෙක් ය කියලා...... දවස් දෙකක් බලාගෙන හිටියා..... ඉහතින් අැසූ දේට කිසිම පිළිතුරක් නැහැ...... කවුරුන් හෝ සරසා දුටුවහොත් අපි මතක් කළ බව කියන්න..................

      Delete
    4. කුරුට්ටෝ,

      // අපි ගල්කිස්ස ශාන්ත තෝමස් වගේ පාසල් දැකලත් නැහැ //

      ස ර ස තුමා එය දනිමි... නුඹලාගේ නවක වදය අගය කිරීමේ හේතුව එයයි!

      අපිත් සමග සිටි උඹලා වගේ නවකවදක හීනමාන කාරයෝ හැමෝම තමන් ගේ පුත්තර රත්න දා ගත්තේ ට්‍රිනිටි, රාජකීය, සාන්ත තෝමස් වගේ පාසල් වලටයි...
      නුඹලාත් එසේ කරන බවට ස ර ස තුමා ට විස්වාසයි...

      ඒ ගැන එතුමාට මහත් ආඩම්බර ය!

      Delete
    5. බොලේ...
      ෆස්ට් ෆිෆ්ටීන් කියන දේ කුරුටු සැට් එකට තේරී නැතිව වගේ.... හහ් හහ් හා බුවාහ්!

      Delete
    6. // සංවාද පටන් ගෙන බොරුවට පැනලා යන සරසාට මේක මතක් කරලා දෙන්නයි අපිට අවශ්‍ය.. //

      ගෙමබ්න් සමග සන්වාද කිරීමට බක බක බාසාව ඉගෙන ගැනීමට ස ර ස තුමා සන්වාදය අත හැර කුරුට්ටන් ගේ ඩොටේ ගමට ගියෙමි..

      Delete
  6. යෝෂිත නෙවෙයි නාමල් බබයි ඇතුලට දාන්ඩ ඕනේ, ළගදි කියල තිබුණේ ඇදුම් බැග් එකත් ලැහැස්ති කරගෙන ඉන්නේ කියල.

    ReplyDelete
  7. යුද්ධෙ කාලෙ මූ නේවි එකට දන් දුන්නා..
    ගේම ගැහුවා
    දැන් මෙයාව නීතියට දන් දෙනවා..
    ගේම.. ගහනවා..??
    (යෝ බබාටමයි වෙන්නෙ.. හ්ම්ම්...)
    හෙහ් හෙහ්
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. දැන් රනිල් ලොක්කා පලාත් සබා වලට පොලිස් බලතල දෙනවනේ..... මහින්ද මහත්ත්යා ඇතුව හෝ නැතුව ඒකබ්ද්ද විපක්සේ දකුනු පලාත් සබා බලය අල්ලා පොලිස් බලතල අතට ගෙන ඔය සොරිසේන හොරිකඩයා ප්‍රමුක සක්කිලි රැල කතරගම බාර හාර වෙන්න එද්දී දකුනු පලාත් සබා පොලිසියෙන් අත් අඩන්ගුවට ගන්න තම ප්ලෑන් එක...

      Delete
  8. කුරුට්ටන් සහ සරසා අතර කතාබහක් වී ඇති බව මට පෙනුනි. මට හිතෙන්නේ කුරුට්ටන් බුකියේ ගෑනු කෙනෙක් සමග බොරුවට පැටලුන විට සරසා ඒ ගැන ගොඩ පෙරකදෝරුකම් කිරීමට යාමෙන් එම ගැටළුව ඇතිවුන බවයි. මට සරසගෙන් හෝ කුරුට්ටන්ගෙන් යන දෙගොල්ලන්ගෙන්ම ඇති වැඩක් නැත. මොකෙක් තරහ වුනත් මට කමක් නැත. එනිසා ඇත්ත කියමි. එම සිදුවීමේදීනම් සම්පූර්න වරද කුරුට්ටන්ගේය. එම්බා කුරුට්ටනි තොපට පේටන්ට් ගත හැකි කිසිදු නිර්මානයක් මෙම විශ්වයේ නැත. මන්ද තොපගේ කන්ඩායමේ කිසිවෙක් මැවුම්කාරයා නොවන බැවිනි.

    ReplyDelete
  9. දැන් එතකොට ලංකාවෙ ලොකුම මුදල් වංචාව කරපු රනිල් බබයි, මහබැංකුවෙ ලොකු බබයි ඇතුළට ගන්නෙ නාමල් බබා ජනාධිපති වුණාමද. පාර්ලිමේන්තුවෙ ඉන්න කුඩු,එතනෝල්, මිනීමරු, පගා කප්පම් මරුවො ගන්නෙ කවදද...

    ReplyDelete
    Replies
    1. නාමල් බබා කවදහරි ජනාධිපති වෙනකම් ඉවසන්න. නාමල්බබාගෙ ආන්ඩුවෙ වැරදි හොයන්න තව බබෙක් පහල වෙයි පස්සෙ.

      Delete
  10. රනිල්තුමාට අපහාස කරන්න එපා මේයා..... හිරේට දාන්න එයාට ලමයි නැහැනේ...

    ReplyDelete
  11. සා රස එක්ක මාත් එකඟයි.

    ReplyDelete
  12. එතකොට කර්මය කියල කියන්නේ මහින්ද තුමාට වෙච්ච දේටයි එයා සරසා කියන්නැහේ අපහු ආවම දැන් ඉන්න අයට වෙන දේටයි. මේක මේ දේශපාලන කර්මයද ?

    ReplyDelete
    Replies
    1. විශස් සයිකල් ඔෆ් ස්‍රි ලන්කන් පොලිටික්ස් මෙයා...

      Delete