Wednesday, March 30, 2016

යහපාලනේ චීනෙන් හිඟාකෑම......

ජානදිපතිවරනෙට කලින් සින්හල බොග් වීරයෝ ද, සමාජ ජාලා ඔස්තාද් ලා ද, සුවයන්පන්ඩිත ක්‍රියාකාරීන් ද මේ රට චීනෙට විකුනනවා කියා මහා සද්දයක් නැගීය.

චීනා නය දෙන්නේ ගිනි පොලියට කියා හර්ශ ද සිල්වා හිටපු ආර්තික විසේසඤයා උඩු බුරලීය.

චන්දෙන් දිනුවාම අමෙරිකාවේ සහ යුරෝපයේ උදවුවෙන් ලාබෙට පොලී රහිත නය අරගෙන මේ රට කේතුමතී පුරයක් කොරනා අන්දම මවපෑය..

චන්දේ දිනාපු හුටන් තුමා ලෝකේ වටේ වටවන්දනාවේ ගිහිනුත් තුට්ටු දෙකකට වඩා ආදාර වසයෙන් ලබා ගැනීමට නොහැකිව අපේ රටට ලැබුනු අන්තර්ජාතික පිලිගැනීම ගැන අත්මේස් නොමැතිව උඩ පැන්නේය.

මේ අතර අමෙරිකානු ඩොලර් මහතා තම ගනන් පෙන්වමින් රුපියල් එකසිය පනහේ psychological barrier එක පනිමින් සිටිමි.

තම බටහිර මිතුරන් ගෙන් තඹ සතයක් නොලද රනිල් තුමා චීනය සර ගොස් බේජින් නුවර දෙවි දේවතාවුන් වහන්සේලා වැඳ පුදා ගනීමට වන්දනා ගමනක් යන බව අපට ආරන්චි ය.

යහපාලකයෝ තහනම් කල පෝට් සිටිය නැවත ඇරඹීමට චීන්නු පැමිනෙති...
වැල්කම් බැක්!

18 comments:

  1. චීන කසාදෙ කරගන්න හොංකොං කපුවෙකුත් හවුල් කර ගන්නවය කියල ආරංචියි...
    තරහ කාරයෙක්ගේ ගෙදරකින් හිරයක් ගන්න එක ලේසි වැඩක්යැ...

    ReplyDelete
    Replies
    1. අනිත් එක මනමාලයත් කොල්ලෙක් නොවී ලොල්ලෙක් වෙච්චි එකේ....

      Delete
  2. do you know that the government recently has signed a US$ 30 million consultancy contract with ADB to obtain advice on Port city project....
    if we had a proper Minister of Finance or at least a competent Secretary of Treasury .....??????

    ReplyDelete
    Replies
    1. Well we might not have to worry about these types of bad news in the future.

      Under the new "Right to information act" all these might become state secrets so no one will be able to talk about these.

      Delete
  3. නැහ් නැහ් ජහපාලන ඇත්තො මොනා කළත් ඒක නිවැරදි..)))

    ReplyDelete
    Replies
    1. දේසපාලන අදහස් දක්කන්න ඔයි දැරිවිට දහ අට පිරිලා එක චන්දයක් වත් දැම්මැයි?

      මෙවුවා වැඩිහිහිටියන් ගේ කතා.....

      :D

      Delete
    2. චන්දෙ දාපු ඈයෝ කරපු ගොන්කමේ හැටියට චන්දෙ නොදා හරි අපි ඇත්ත කතා කළාම මොකෝ වෙන්නෙ..))

      Delete
  4. ඇමරිකාව මෙන් දිනපතා මාධ්‍ය සාකච්චා තබා නොබැන්නාට ඒකෙ තේරුම රුසියාව, චීනය වැනි රටවල් "අහිංසක නෝන්ජලයන් යන්න" බව නොවේ. තරහකාරයන්ට ගේම් නොදෙන බවද නොවේ.
    තමන්ට කරනා අපහාස ගනන් නොගන්නා බවද නොවේ.


    චීනය දෙකේ කොලේට දමා ප්‍රසිද්දියේ කල මහා අපහාසයටත් ගෙවන්නට මිලක් තිබේ. බොහෝවිට මෙය මුදලින් ගෙවිය යුතු එකකි. දැන් රනිල් හෝ සිරිසේන ගොස් චීනයට දණ්ඩනමස්කාර කරත් මෙය වෙන විදිහකට සෙට්ල් කල නොහැකි එකක් වන්නට ඉඩ වැඩිය. පෝට්සිටියෙන් නැතිනම් වෙනත් එකකින් චීන්නු මේ වන්දිය ගනු ඇත.


    මේ ඔලමොට්ටල කම් වලට ගෙවිය යුතු මිල ගෙවන්නට වෙන්නේ මේ මෝඩයන්ට නොව සාමාන්‍ය මහජනතාවටයි.

    අනිත් අතට ඇමරිකාවේ මෙන් නොව චීනයේ ඇත්තේ තනි පක්ෂ ඒකාධිපති පාලනයකි. ඇමරිකාවේ මෙන් පගාව දී (lobbying) වැඩේ ශේප් කර හැකිදැයි සැක සහිතය.

    සනිල්ගේ ලොකුම අවුල ඔහුගේ දැනුම 1993 කාලයෙන් (ඇමරිකාව ලෝකයේ එකම ආර්ථික, දේශපාලන බලවතා වී සිටි කාලයෙන්, යුරෝපා සංගමය දිදුලමින් සිටි කාලයෙන් ) පසු වෙනස් නොවී තිබීමයි.

    ReplyDelete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. ඇයි සරසා තුමෝ චිනෙනේ හිගාකන්න හොද මහින්ද දෙය්යන්ට විතරය.
    මේ කවුරු ආවත් කරන්නේ ඕක තමයි, මහින්ද හිටියනම් මේ වෙනකොට අන්තර්ජාතික සම්බාදක පනවල විශාල ණය උගුලක හිර කරලා රට අන්ත කාලකන්නි තත්වයක තමයි තියෙන්නේ.

    මේ පෙරළියෙන් සිදුවුනේ රට ඕන ඕන කෙලි දාන්න පුළුවන් තත්වය නැතිවී රට යම් සාදනිය මාර්ගයකට පැමිණීමයි.

    බලන්න මම ඉදිරියේ ඉතා ආප්හසු කාලයකට මුහුණ දීමට සිදුවෙන බව කිව්වේ අඩියේ නෙමෙයි ජනවාරි 8 ට පෙරයි.

    මොකද මුදල් උප්පාදනය කරන කිසිම සැලකියයුතු වියප්ප්රුතියක් මහින්ද ලොක්ක කලේ නෑ එකයි ඇත්ත.

    ReplyDelete
    Replies
    1. මටනම් මතක හැටියට මේ ආන්ඩුව ආවේ චීනයෙන් හිඟා කන්නේ නෑ, ඇමරිකාවෙන් ආයෝජන ගේනවා වගේ ලොකූ කතා ගොඩක් කියලා. හරියට චීනෙන් ණය, ප්‍රොජෙක්ට් ගන්න එක මහා අපරාධයක් කියලා කෑ ගහලා වගේයි මතක.
      -------------
      "මහින්ද හිටියනම් මේ වෙනකොට අන්තර්ජාතික සම්බාදක පනවල විශාල ණය උගුලක හිර කරලා රට අන්ත කාලකන්නි තත්වයක තමයි තියෙන්නේ."

      හේ හේ ඔහොමවත් කියලා හිත හදා ගන්න එක හොඳයි. මොකද මේ වෙන කොට රට තියෙන්නේ කිසිම ණය අර්බුධයක් නැතිව බොහොම සෞභාග්‍යමත් තත්වයකනේ.

      අන්තර්ජාතික සම්බාදක ගැන කියනවනම් ඒවා පනවන්න පුලුවන් ආරක්ෂක මන්ඩලයට පමනයි. චීනය ඉන්නකන් ඒක කරන්න බෑ.

      -----------------
      "මේ පෙරළියෙන් සිදුවුනේ රට ඕන ඕන කෙලි දාන්න පුළුවන් තත්වය නැතිවී රට යම් සාදනිය මාර්ගයකට පැමිණීමයි."

      මේකට නම් කියන්නේ වෙන්නේ සභාවේ තදින් සිනා කියලා තමා.

      නමුත් ඔබතුමාගේ අදහසට අනුව මේ වෙන කොට රටේ මොන අංශද සාධනීය තත්වයට පැමිනිලා තියෙන්නේ කියනවනම් ලොකු උදව්වක්. මොකද බොහෝ දෙනෙකුට නම් එහෙම සාධනීය වෙනස්කම් පේනවා අඩු නිසා. රටේ "විප්ලවීය" වෙනසක් ගේනවා කියලා ගෙනාපු 19 සංශෝදනයෙන් වෙච්ච මහ ලොකු විප්ලොවියක් නම් මට පෙනෙන්නේ නෑ.

      මොකද පටන් ගත් දිනසිට ගත්තොත්
      කිසිම ක්‍රමයකින් තොරව අගවිනිසුරු ඉවත් කිරීම
      මහ බැංකු බැඳුම්කර සිද්ධිය
      රේගුවේ ගැටළු
      කතානායක මඟින් ව්‍යවස්ථාව අර්ථනිරූපනය කරන් අරන් යන " ජාතික ආන්ඩුව "
      හොරෙන්ම අත්සන් කරන්න යන ගිවිසුම්
      තොරතුරු දැනගැනීමේ පනත කියලා වැදගත්ම තොරතුරු හංගන පනතක් ගෙන ඒම
      හිටිහැටියේ බදු එක එක ආකරයට වෙනස් කිරීම නිසා ආර්ථික ප්‍රතිපත්ති ගැන විශ්වාසයක් නැති කිරීම
      ඇමරිකාවේ හා ඉන්දියාවේ පදයට චීනයත් එක්ක අනවශ්‍ය "ගේම්" දා ගැනීම

      දක්වා අනා ගැනිලි ගොඩක් විතරයි මට නම් පෙනෙන්නේ.

      මහා හොරකම් කියා නාවික හමුදාවට පවරාගත් මුහුදු ආරක්ෂක ව්‍යාපාරයත් වලපල්ලට යන බව තමා පේන්නේ. මොකද ඒක එහෙම නොවේනම් මේ වෙද්දි ඕක ගැන පම්පෝරි ගහනවා ඇති තරම්.

      ඒකෙ පලමු මාසෙ ලාභෙ කිව්වට (ඒ කියපු ගානත් ඇව්න්ට්ගාඩ් එකෙන් හොයපු ගානට වඩා අඩුයි ) එතන සිට ඒක ගැන කිසි කතාවක් නැහැ.

      " මොකද මුදල් උප්පාදනය කරන කිසිම සැලකියයුතු වියප්ප්රුතියක් මහින්ද ලොක්ක කලේ නෑ එකයි ඇත්ත. "

      එහෙම කියන්නේ මේ රජය ඒ වගේ ව්‍යාපෘති කරනවද? ඒ වගේම එක්මනට මුදල් උපයන්න රජයකට කල හැකි ව්‍යාපෘති මොනවද? රජයේ ආයතන විකිනීම නම් කල හැකියි.

      Delete