Friday, April 29, 2016

දන්න කියනා කෙනෙක්!




ස ර ස තුමා බොහෝ කලකට පෙරපොඩි බන්ඩා ගැන ලියූ බ්ලොග් පෝස්ට් එක ගැන කීප දෙනෙකුට තවමත්පොඩ්ඩක් කසනවා කසනවා වගේ පෙනෙනවාය. 

ඒ අතරින් පස්සපැත්ත ගිනිගත්තු හාදයෙකු පෙරමුනේ සිටිනා බව පෙනෙන්නට ඇත.

තමන් මිත්‍රශීලීව ආස්‍රය කොල යුත්තේ තමන් ගේ දේසපාලන අදහස් ම දරනා කොහෝට් එකක් යැයි තරයේ සිතාගෙන සිටීම බොහේ සිරි ලන්කා වාසීන් ගේ දුරුවලකොමකි!

සිරි ලන්කා කාරයෙකු යූ ඇන් පී හාදයෙකු එක්ක කතා කලොත් එය සිල් බිඳ ගැනීමකි. වාමාන්සිකයෙක් තමන් ගේ පාර්සව වාමාන්සිකයෙකු නොවනා වෙනත් පාර්සව වාමාන්සිකයෙකු හා පයුරු පාසානම් පැවැත්වීම  පරාජිකා අකුසලයකි!

ස ර ස තුමන් ලා හැදුනේ වැඩුනේ එවන් පරිසරයක නොවනා බව ලකේ පුයිට් ලා ට දන්වන්න කැමැත්තෙමි. ඕනෑම ජාතියක, ඕනෑම ආගමක, ඕනෑම මතවාදයක ඉන්නා ඕනැම අයෙකු සුහදව ආස්‍රය කිරීමට ස ර ස තුමා ලා ට මහ වැඩක් නොවේ. 

එම කතාව ක්‍රියාවෙන් ම ඔප්පු කිරීමට  ලඟකදී හමු වූ පරන දන්නා කියනා කෙනෙකු සමග ස ර ස තුමා ගන්නා ලද චායාරූපයක් පස්ස පැත්ත ගිනිගත් හාදයන් ගේ හිත සුව පිනිස ඉහලින් පල කරමු.

ස ර ස තුමා සමග එම චායාරූපේ ඉන්නා තැත්තිය ස ර ස තුමා ට වසකරකට ඉහලින් වෛද්ය පීටේ හිටි නිර්බීත කාන්තාවකි. ලකේ පුයිට් ලා මෙන් කටින් බතල නොසිටවා සුවහසක් පෞද්ගලික කැපකිරීම් කල නිසා ම  ස ර ස තුමා ගේ ගෞරවයට පාත්‍ර වූ කාන්තාවකි!

පුලුවන් නම් ඈ හඳුනාගන්න. 

එවිට හිරු දුටු කදෝපැනියන් සේ පොඩි බන්ඩා ගැන ලිවීම අකුසලයක් සේ සලකන කස්ටියකට අමා සැප දැනෙනු ඇත!


11 comments:

  1. Replies
    1. :D

      ඔහෙත් නොදන්න කෙනෙක් නැහැ නේ?

      Delete
  2. නම නොදනිමි , කුමාර් ගුණරත්නම් ගේ බිරිඳ නේද?

    ReplyDelete
    Replies
    1. :D

      ඔහේ පෙරාදෙනි හාදයෙක් නේ.....
      නම දන්නෙ නැතෙයි අයිවන්?

      Delete

  3. //තමන් මිත්‍රශීලීව ආස්‍රය කොල යුත්තේ තමන් ගේ දේසපාලන අදහස් ම දරනා කොහෝට් එකක් යැයි තරයේ සිතාගෙන සිටීම//
    තමන් 'අදහන' දේශපාලන අදහස් කෙරෙහි තමන්ට ඇති 'භක්තිය' පිළිබඳව තමන්ටම සැක ඇති අය "මිත්‍රශීලීව ආස්‍රය කොල යුත්තේ තමන් ගේ දේසපාලන අදහස් ම දරනා කොහෝට් එකක්" පමණි. එසේ නැත්නම් ඇදහිල්ල දුර්වල වීමට ඉඩ තිබේ.

    අර වෛද්‍ය පීඨ කැන්ටිමේ මුලින්ම එල්ලපු සමහර පොටෝ වලට පස්සේ මොකද වුණේ?

    ReplyDelete
    Replies
    1. // අර වෛද්‍ය පීඨ කැන්ටිමේ මුලින්ම එල්ලපු සමහර පොටෝ වලට පස්සේ මොකද වුණේ?//

      තවමත් තියේ...

      Delete
    2. https://www.youtube.com/watch?v=wTYtTIskGT4
      අදුරගැනීම හරිද ?
      සරසා තුමාටත් අහුවෙන දේවල්

      Delete
  4. චම්පා සෝමරත්න. (මම සරස තුමා කවුදැයි හිත හිත අනුමාන කරමින් හිටියේ, ධර්මන් ගේ ලිපියෙන් ඔබ කවුදැයි දැන ගත්තා.මම 1998 අවුට් වුන බැච් එකේ.)

    ReplyDelete
    Replies
    1. ප.ලි. සරස තුමා ඒ බැච් එකේ අති බ්‍රයිටෙකු බවත්, ෆයිනල් එග්සෑම් එකේ බැච් ටොප් වූ බවත් වාගේ මතකයක් මට ඇත.

      Delete
    2. ::D

      තැන්කූ ගයාත්‍රි නෝනේ....

      Delete