Friday, May 20, 2016

කාරියක්සම ආපදා පාලනේ...





ලලිත් වීරතුන්ග වැනි ඉතා ජේශ්ට රාජ්ය සේවකයෝ සිල් 
රෙදි බෙදුවාය කියා චෝදනා කොට FCID වෙත දක්කපු 
හරක් ආන්ඩුව දැන් ඇතිවී ඇති ආපදා තත්වයේදී සියලු 
රාජ්ය නිලදාරීන් ඉතා පරෙස්සමින් තම සීමාව තුල සිට 
කටයුතු කිරීම නිසා කිසිම සහනයක් ජනතාවට දෙන්න 
අපොහොසත් වෙලා!!

අඩුම තරමෙන් ග්‍රාමසේවකයෙක් වත් බොහෝ අවතැන් 
වෙච්චි මිනිසුන් හමුවීමට තවම පැමින නැහැ.

ආපදාවට පත් වුනු අයට අමත්තන්න රජයෙන් ලබා දුන් 

කිසිම දුරකතන අන්කයකට කතා කරන්න බැහැ.... 

අනන්තය තෙක් ඔන් හෝල්ඩ් තමයි!


විපතට පත් පොදු ජනතාවට යන්තමට වත් පිහිටට 
ඉන්නේ යහපාලනේ පාන්ඩුවෙන් හතර අතේ හිරේට දැමූ 
බෞද්ද ස්වාමීන්වහන්සේලා පමනයි! උන්වහන්සේලා තම 
තමන් ගේ විහාරස්තාන අවට උදවියට ට නවාතැන් 
පමනක් නොව කෑම බීම පවා සපයනවා. අවට අවතැන් වූ 
උදවියට උදේ දවල් සහ රාත්‍රී කැම ත්‍රිරෝද රත වල දමා 
යවන්ට සලස්වනවා. ඉහත පින්තූරේ දැවෙන්නේ අද උදේ 
කාලේ හේවාගම් විහාරස්තානේ ස්වාමීන් වහන්සේ එවන 
ලද කෑම පැටවූ ත්‍රි රෝද රතයයි.

මේ ගොන්පාලනේ හිතන් ඉන්නේ අර බඩජාරි වාචාල 

සමන් රත්නප්‍රිය ල හරක් විජේසූරිය ලා වගේ ඌරෝ මේ 

වෙලාවට එලියට ඇවිත් මහජනතාවට සහන සපයාවි 

කියලා.

ඔන්න දැන් ගවපාලන හොරිකඩ පාන්ඩුව ටී වී එකේ 
රාජ්ය සේවකයන් ට කියනවා අනේ පීස්, ච්ක්‍රලේක ඉක්මවා ගොස් ජනතාවට සහන සලසන්නැයි කියලා.

ඕවට අහුවෙයි රාජ්ය සේවකයෝ... මොකටද නිකන් 
පැනලා දෙන්න ගිහින් FCID ගානේ බඩගානේ???



ඔබට සනීපද දැන්??
?

34 comments:

  1. ඉවාන් ගේ ගෙදර යටවෙලා නිසා මම නාවික හමුදා මූලස්තානය හරහා බෝට් රෙස්කිව් මිශන් එකක් කලාම හොඳ ප්‍රතිචාරයක් ලැබුනා..මේ වනවිට ඔවුන් එතනට ගොස් ඇති..පොලිසියත් හමුදාවත් යුතු අයුරින් සේවය කරනව මේ වෙලාවෙ...ටයි කෝට් ආරිය සිංහල ඇඳුම් ඇදන් කොහොමද සරසෝ කෙහෙල් කොට ඔරු පදින්නේ....කැමා කිට් එක ගහලා බැස්සනන් හැමිනිලා තියෙයි...!

    ReplyDelete
    Replies
    1. මගේ සහෝදරයා ගේ නිවස ගන්වතුරට යටවී ඇත.... ඔවුන් හට කෑම බීම සැමදා උදේ සේවයට යෑමට පෙර සිදු කරමි.... එහි දී ඇසූ දුටු දේ පදනම් කරගනිමින් මේ ලිපිය ලිවුවෙමි!



      // මම නාවික හමුදා මූලස්තානය හරහා බෝට් රෙස්කිව් මිශන් එකක් කලාම හොඳ ප්‍රතිචාරයක් ලැබුනා..මේ වනවිට ඔවුන් එතනට ගොස් ඇති.. //

      අයිවන් ව නාවික හමුදාවෙන් බේරාගෙන නිරුපද්‍රිතව ගොඩ ට ගෙන ඒම ගැන උදක් ම සතුටු වෙමි... එහෙත් ඒ සඳහා ඔබ ට නාවික හමුදාවෙන් විශේශ ඉල්ලීමක් කිරීමට සිදු වීම නිසා මගේ කතාව නිවැරදි බව ඔබට වැටහෙනවා ඇත.

      ත්‍රිවිද හමුදාව ම පුරුදු පරිදි ඔවුන් ගේ සේවය සීයට සීයක් ම එකහෙලා සිදු කරනවා... එහෙත් අනෙක් රාජ්ය සේවකයක් (ආපදා කලමනාකරුවන් ඇතුලු ) කොරන දෙයක් නැහැ....

      Delete
  2. ඒක නම් ඇත්ත. පොඩි හරි විදේශ ආධාර පාරක්වත් ආවේ නැහැ නේද මේ පාර. ආවනම් අක්කගෙ අකවුන්ට් එකට දාල හෙල්පිං පාරක් දාගන්න තිබුණ. මම දන්න බයි පාස් කීප දෙනෙකුත් කිව්ව කීදෙනෙක් කරදරේට පත්වුණත් කමක් නැහැ 'වෙනස සැපද? හොරු ඇල්ලුවද? අරය හිටියනනම් මෙහෙමද? කිය කිය ලකුණු දාගන්න විතරක් මේක පාවිච්චි කරමු කියල.

    ReplyDelete
  3. දේශපාලන වෛරයෙන් ලියන හින්දද මන්දා සරස මතු කරන්න උත්සාහ කරන දේ කියවන්න ලැබෙන්නේ නැහැ.
    රජයේ අවධානය මීට වඩා යොමු විය යුතුයි

    ReplyDelete
    Replies
    1. No political hatred man....
      U come n see...
      at Angoda, a politico is confiscating the relief items brought by the general public, so that he could distribute the stuff among the displaces as if it was his stuff!

      Noe of the Govt officials visited my bro or his neighbors up to today morning. They were displaced since 17th!

      Only the village temple priest is there for them.

      Employees of the southern expressway are helping them from their welfare funds. Thats all!!!!

      Delete
  4. සරස මේල රජයට විතරක් දොස් කියන්න ඕනේ හේතුවක් නෙවෙයි. වෙනදට වඩා ප්‍රවනතාවයක් මෙදාපාර තියෙනවා කියලත් පේනවා. ඒකට බොහොම ස්තුතිවන්ත වෙන්න ඕනේ සෝසල් මීඩියා වලට.
    ඔබට මතකද මන්දා සුනාමි. එවෙලේ රජය හැසිරුන විදිය මීටත් අන්තයි නේද? ඇත්ත තත්වය නම් මොකා ආවාත් අපිට හරියාකාර ආපදා කළමණාකරන ප්ලෙන් එකක් නැතිකම නේද? එතනයි වෙනස් වෙන්න ඕනේ. නිළදාරින් ගේ පැත්තෙන් තියෙන්නේ ඔවුන්ගේ ක්‍රියාශීලි නොවීමක්. ඔවුන්ට මේක හරියට ක්‍රියාත්මක කරගන්න බැරිකමක් මට නම් පේන්නේ. රජයේම හමුදාව, නාවික හමුදාව හා පොලිසිය බොහොම ඉහලින් ඉන්නවා නේද මේ සේවයන් සැලසීමේදි?

    ReplyDelete
    Replies
    1. Sadly U are not aware of the real ground situation...

      Delete
    2. Sarasa you the man no undestand reyal qolity here. We know reyal qolity. No wrong garment works.

      Delete
  5. Oh plese plese no tel liys. This garment do good work to save flud trubal area people. How you tell garment wrong? President Mithripala also do all things posibal to help people. That show reyal yahapalanaya. Why you angri with the garment? That no good. We must aprecate garment do good things all. Why you cant?

    ReplyDelete
    Replies
    1. සිරිකොතට කියනවා මාස දෙකක ඇඩ්වාන්ස් එකක් දෙන්න කියලා මුලින්ම...
      ඊට පස්සේ හුටං වත් ඇදගෙන යනවා ඉංග්‍රීසි පන්තියකට...
      මොකද තමුසේ මාස දෙකක් බ්ලොග් ආවේ නැහැ කියල අපි කාටවත් ගැටළුවක් නැහැ වගේම ඔහේගේ මෛත්‍රී ලොක්ක මාස දෙකක් කඩ්ඩ පන්තියකට ගියා කියල රටේ ජනතාවට ගැටළුවකුත් නැහැ...

      Delete
    2. //සිරිකොතට කියනවා මාස දෙකක ඇඩ්වාන්ස් එකක් දෙන්න කියලා මුලින්ම...
      ඊට පස්සේ හුටං වත් ඇදගෙන යනවා ඉංග්‍රීසි පන්තියකට... //

      :D

      Delete
  6. හිරවෙලා ඉන්න මිනිස්සුන්ට කෑම පැකට් ගෙනියන්න එන සහන සේවකයින්ව ග්‍රාම නිලධාරී සහතික කරපු ලියුමක් අරන් එන්න කියලා ආපහු හරවලා යවන නිලධාරීන් ගැන අහන්න වෙන තත්වයක් තියෙන බව තමයි මහපොලොවෙ දැනට තත්වය.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඔන්න.. ගස් ලභු තුමා නම් සිරි ලන්කා මහ පොලොවේ පය ගහලා ඉන්න කෙනෙක්...

      Delete
  7. අනේද කියන්නෙ සරසා. කලින්ට වඩා මේ ආපදා තත්ත්වෙදි රජයක් විදිහට ජනතාව ට දුන්න සහයෝගෙ හොඳටම මදි වගේ දැනුන. රජයක් විදිහට, යහපාලන රජයක් විදිහට මීට වඩා බොහොමයක් දේ කල යුතුයි නේද? මේ කාලයතුල ත්‍රිවිද හමුදා සහ පොලිස් කාර්ය භාර්ය නම් වෙනදා වගේම පැසසිය යුතුයි. හමුදාව සහ විපත ට පත් නොවූ ජනතාව නැත්නම් රජයෙන් කියා මේ මිනිස්සුන්ටට කරපු දෙයක් නැති තරම් මගේ හිතේ.

    ReplyDelete
    Replies
    1. // මේ කාලයතුල ත්‍රිවිද හමුදා සහ පොලිස් කාර්ය භාර්ය නම් වෙනදා වගේම පැසසිය යුතුයි. හමුදාව සහ විපත ට පත් නොවූ ජනතාව නැත්නම් රජයෙන් කියා මේ මිනිස්සුන්ටට කරපු දෙයක් නැති තරම් මගේ හිතේ. //

      අහුගිය 17 දා සිට මේ වනතෙක් දිගටම අවතැවූ පවුල් කීපයකට ආහාර සහ අනෙකුත් දෑ බෙදීමේ යෙදී සිටි නිසා ඔබ ඔය කියනා දේ සීයට සීයක් ඇත්ත බව සහතිකයි!

      Delete
  8. සරසා තුමා,

    මේ අවස්ථාවේත් සුනාමි අවස්ථාවේත් ජනතාවට උදව් කලේ රටේ සාමාන්‍ය මිනිසුන් මිසක් රජයේ සේවකයන් නෙමෙයි.
    මේ කිසි රජයකට හදිසි ආපදා අවස්තාවක කිසි වැඩ පිළිවලක් නෑ.

    ටිකක් මත්ක්කරලා බලන්න හෙල්පින් හබන්තොට වැනි අරමුදල් වලින් කරපු වැඩ ගැන ඔබට මතකද ?

    මා සිටින ප්‍රදේශය වහින් නැති විට ඉතා අලංකාරයි නමුත් වරට විට විශාල වතුර පාරක් මහපාරේ සිට වත්ත හරහා ගමන් කරනවා
    වතුර බැසයාමට නිසි ක්‍රියාමාර්ග ගැනීමක් නෑ.

    පසුගිය දිනකදී ඩෙංගු පරික්ෂාවට පැමිණ රතුනිවෙදනයක් ලබාදී තිබුන ඊට ගෙතුව පාරේ සිට එන විශාල වතුර කද නිසා අප නිවසේ වසිවතුර ඉවත් කරන කානු වලටත් හානි සිදුවීමයි.

    සවුක්ය නිලදාරීන් නගරසබාවේ කානු බ්ලොක් වී ඇත්දැයි නොසොයන අතර මොකක් හෝ සුළු දෙයක් සොයා තම රැකියාව බේරාගැනීමේ කාර්යේ සාර්ථකව නිරතව සිටි.

    ආපදාවකදී නිලදාරීන් නීතියට පිටින් හැසිරීම උවමනා නොවන අතර සිදුවිය යුත්තේ නිසි ආදාර බෙදීමේ වැඩපිළිවලක් ආපදාවට පෙර ක්‍රියාත්මක කිරීමයි.

    මෙහෙම වත් මේ තත්වය පාලනය වී ඇත්තේ ජනතාව ස්ව කැමැත්තෙන් ආදාර කල නිසා මිස රජය කරපු දෙයක් ලෙස ගන්න පුළුවන් රජයේ හමුදා කල සේවයයි ඊට අමතරව රජයේ අනෙක් සේවකයන් මොනම කාලයක වත් සැලසුමක් අනුව වැඩකළ බව නම් මම දැකල නෑ

    එහම කරයි කියල හිතන්නත් අමාරුයි මොකද මේ මිනිසුන් විශ්ව විද්‍යාල වල සිට අපහරණයට ලක්වෙලා රැකියා නොමැතිව සිටින විට මහින්ද රැකියා ලබාදුන් පිරිසක් බව මතකතබාගන්න එවැනි පිරිසක් සැලසුමකට අනුව කණ්ඩායම් හැගීමෙන් වැඩ කරයි කියල මමනම් හිතන්නේ නෑ

    ReplyDelete
    Replies
    1. //එහම කරයි කියල හිතන්නත් අමාරුයි මොකද මේ මිනිසුන් විශ්ව විද්‍යාල වල සිට අපහරණයට ලක්වෙලා රැකියා නොමැතිව සිටින විට මහින්ද රැකියා ලබාදුන් පිරිසක් බව මතකතබාගන්න එවැනි පිරිසක් සැලසුමකට අනුව කණ්ඩායම් හැගීමෙන් වැඩ කරයි කියල මමනම් හිතන්නේ නෑ//
      නිකං ගොං කතා කියන්න එපා ලොක්කා. රජයේ හැම සේවකයා ම මහින්ද පත්වීම් දීපු අය නෙවෙයි. ඇරත් රජයේ සේවකයෝ කියන්නෙ උපාදිධාරීන් පමනක් නොවේ. 80 දෂකයේ ඉඳන් රජයේ සේවයේ ඉන්න පලපුරුදු සේවකයෝ ඇති. ඔබ කියන්නේ රජයේ සේවකයන් බඳවාගත්තේ මහින්ද ආන්ඩුව කාලේ සිට, වැනි කතාවක් නොවේද?

      Delete
    2. ඔබ කියන හැටියට සරසවි සිසුන් අපහරනය වී මොලේ කොලොප්පං මට්ටමට පැමින ඇති. පන්ති සාමාර්ත සහිතව එලියට එන්නේත් එවැනි පිරිසක් විය යුතුයි. හුටා, එහෙනම් මේ සියලු සරසවි වසා දමා අන් ක්‍රමයක් ඒ වෙනුවට සොයාගත යුතුයි. ඔබේ අදහසට අනුව සියලු සරසවි සිසුන් අපහරනයට ලක් වනවා. හපොයි වෙච්ච දෙයක්. මට සිතෙන්නේ ඔබ කොහෙන් හෝ අපහරනයට ලක්ව ඇති හැඩයි!

      Delete
    3. // නිකං ගොං කතා කියන්න එපා ලොක්කා. රජයේ හැම සේවකයා ම මහින්ද පත්වීම් දීපු අය නෙවෙයි. ඇරත් රජයේ සේවකයෝ කියන්නෙ උපාදිධාරීන් පමනක් නොවේ. // +++++

      ඇනපු ටොක්ක ට ජයවේවා! ++++++++++

      Delete
    4. // හපොයි වෙච්ච දෙයක්. මට සිතෙන්නේ ඔබ කොහෙන් හෝ අපහරනයට ලක්ව ඇති හැඩයි! //

      සිරිකොතට අත නොතබනු!

      Delete
    5. අහසෙන් එන්න(කසුන්),

      මහ්න්දගේ කාලයේ තමයි ලක්ෂ 6ක් වූ රාජ්‍ය සේවය ලක්ෂ 12ක් කලේ මහින්ද බව මතක නැද්ද? එකියන්නේ හරියට 100% වැඩිවීමක්.

      අද රජයේ ආයතනයකට වැඩක් කරගැනීමට ගියහම සිදුවන රස්තියාදුව ගැන බලන්න මේ ගැන මම මොරටුව විශ්වවිද්‍යාලයත් විදේශකටයුතු අමත්යන්ශයත් අතර විනාඩි 15 ක ෆැක්ස් පතක් යැවීමට සති 2කක් සහ තව පැය 2කක් ගියහැටි ගැන මිට පෙර විස්තර කරලා තියනවා නිකන් බබා ටෝක් දන්න එපා ලොක්ක. මම ඊට හේතුව අහපුවහම දුනේ නේ ළමා උත්තර මහලොකු උපාදිදාරින්ට ෆැක්ස් පණිවිඩයක් පිලිවලට යවාගන්න බෑ

      ඔබ පුද්ගලික ආයතනයකත් රජයේ ආයතනයකත් ආතර වෙනස දන්නේ නෑවගේ නේ.

      Delete
    6. මමයි ඔහෙයි යවන ෆැක්ස්. හැක්.

      Delete
  9. අදයි මේ පැත්තේ ආවේ..
    මාද්‍ය කරපු සේවයයි, පෞද්ගලිකව මිනිස්සු කරපු දේවලුයි නැත්තන් අර මිනිස්සු මැරෙන්නේ ගං වතුරට විතරක් නෙවෙයි බඩගින්නට.. අනික ත්‍රිවිඩ හමුදාවයි පොලිසියයි.. එදත් ඒ මිනිස්සු රටේ සාමාන්‍ය ජනතාව රැක්ක.. අදත් එහෙමයි..

    අවතැන් වෙච්ච මිනිස්සු කියන්නේ වෙනද වගේ එයාලා දැනුවත් කලේ නෑ කියන එකයි.. ජාත්‍යන්තර සබඳතා හොඳ නෑ කියුවට වෙනදා මීට වඩා ආදාර ඇවිත් තිබුනා.. මේසැරේ සබඳතා හොඳ වැඩි වෙලාද කොහෙද??

    අනික සරසෝ බය වෙන්න එපා.. ආපදාකළමනාකරණය වෙනුවෙන් පත් කරපු කමිටුව හෙට රැස් වෙනවලු.. යහපාලනයට කමිටුවක් පත් කරන්න මතක් උනෙත් සතියක් ගියාටත් පස්සේ..
    තව දේවල් පස්සෙ මතක් වෙයි..
    ආධාර බෙදා දීම ගැනනම් කතා කරලා වැඩක් නෑ.. ඒවට හමුදාවම සම්බන්ධ වෙනතරමට හොඳයි.. අරණායක පැත්තේ ආධාර ගසාකෑමත් වෙනවා....

    ReplyDelete
  10. // ආපදාකළමනාකරණය වෙනුවෙන් පත් කරපු කමිටුව හෙට රැස් වෙනවලු.. යහපාලනයට කමිටුවක් පත් කරන්න මතක් උනෙත් සතියක් ගියාටත් පස්සේ..
    තව දේවල් පස්සෙ මතක් වෙයි.. //

    ගන්වතුරට නිවස යට වූ මගේ සොහොයුරා හෙට සිට ඔහු ගේ ගෙදර සුද්ද පවිත්‍ර කරනවා. පසුගිය 17 දා පටන් මානසිකව වැටී හිටි ඔහු සහ ඔහු ගේ අසල්වැසියන් වෙනුවෙන් පෙනී සිටියේ අප වැනි මහජනතාව සහ ප්‍රදේශයේ ස්වාමීන් ව්හන්සේ පමනයි!
    ඔබ කියනා ලෙස රජය ඉදිරිපත්වනතෙක් හිටියා නම් ඔවුන් මැරෙන්නේ කුසගින්නේ....මා එම කියමන සමග 100% එකඟ වෙනවා!

    කඩුවෙල පන්සලකට ගුවනින් ආදාර හෙලූ හැටි විස්තර කරන ඕඩියෝ පටයක් ඔබ අන්තර්ජාලයෙන් අහන්න ඇති.. එවෙලේ මාත් හිටියේ එතැණ ට ටිකක් එහා දනක් වතුරේ... එම ඕඩියෝ පටයේ කියන දෑ හරියටම හරි...

    අරනායක පැත්තේ ආදාර සන්විදානය කිරීමට ඔබත් එක් වෙලා කියලා කොහෙඩෝ කියෙවුවා... ඒසේ නම් මේ කාරියේදී ත්‍රිවිද හමුදාවයි පොලිසිය ඇර රජයක් පැවතුනාද නැද්ද කියලා අපට ප්‍රශ්නයක් නැගුනු බව ඔබ දන්නවා!

    ReplyDelete
    Replies
    1. අපේ ගමේ හැමෝම එකතු වෙලා තමයි වැඩේ කලේ.. ඒවගෙ කිසිම කළමනාකරණයක් නෑ... ඒවගේ දේවලටවත් සම්මාදම් වෙන්නැති අය ඒත් ඉන්නවා.. සාරස දන්නවාද ඒ අයට අපි දැන් කියන්නේ?? රජේ වගේ මිනිස්සු කියලා..

      “කොහොමත් මේ ගං වතුර බැහැලා ඊලඟ ගං වතුර එනකල්වත් කරන දෙයක් නෑ“.. අපි අන්න ඒක ජනපතිට කියමු
      ඊලඟ මාතෘකාව තමයි ගම්පොළ කුණු ප්‍රශ්නය.. ලඟදිම ඒක නිසා ලොකු ආපදාවක් වේවි..



      Delete
    2. ගම්පොල කුනු ප්‍රස්නේ නම් කවදාහරි මුලු රටටම කරදරයක් වෙනවාමයි!

      Delete
  11. මමනං කියන්නෙ මේ වගේ ජාතින ව්‍යසනයකදී ඇත්තටම රජයට පෙරාතුව මහජනතාව ඉදිරිපත් වීමයි වැදගත්. මං කියන්නෙ රජය මැදිහත් නොවිය යුතුය යන්න නෙමේ. රටක් වශයෙන් මේ රටේ ඒකීය බව, එකමුතු බව මෙයින් ඉස්මතු වෙන්නෙ නැද්ද. නමුත් මෙයින් පුද්ගලික වාසී ලබා ගන්ඩ ගියොත් එතැන පොඩි නෙමේ ලොකු ගැටළුවක් පැන නගිනව

    ReplyDelete
    Replies
    1. ///මමනං කියන්නෙ මේ වගේ ජාතින ව්‍යසනයකදී ඇත්තටම රජයට පෙරාතුව මහජනතාව ඉදිරිපත් වීමයි වැදගත්.///

      එහෙම වැදගත් කියල හිතන්න වෙලා තියෙන්නේ අපේ රටේ අපදා වලට මුහුණ දෙන බිම් මට්ටමේ වැඩ පිළිවෙලක් නැති නිසා...

      Delete
  12. // මමනං කියන්නෙ මේ වගේ ජාතින ව්‍යසනයකදී ඇත්තටම රජයට පෙරාතුව මහජනතාව ඉදිරිපත් වීමයි වැදගත්. //

    හොඳයි!

    ReplyDelete
  13. ජහපාලන රජය කියල කියන්නේ මොකක්ද කියන එක අර අගමැටියා කියන "ඔයගොල්ලෝ පොල් ගහන්නේ නැත්නම් මෙහෙම වෙන්නේ නැහැ" කියන වචන ටිකෙන්ම තේරෙනවා...

    සුජීව ය මිනිසු ගෙනත් දෙන ආධාර වලට උගේ නම ගහල බෙදනවා...
    ඒ මදිවට කෙහෙල් ගෙඩිය දෙන එකත් ෆොටෝ ගහනවා, වීඩියෝ කරනවා...
    මුන් ඔක්කොටම පිස්සු...

    ReplyDelete
  14. // මුන් ඔක්කොටම පිස්සු... //

    :D ඇත්ත!

    ReplyDelete
  15. යහපාලන රෙදි කඩමල්ලෙන් හෙළුව වහගෙන යන්තම් අටවගත්ත ආන්ඩුවට එදා ඉඳන්ම සැලසුම් මොනවත් තිබුණේ නෑ රට හදන්න. ඒ වෙනුවට වෙනත් සැලසුම් තිබුණා ආණ්ඩුව හදන්න කලින් ඉඳලම. ඒ විජාතික බලවේග ජයග්‍රහනය කරවමින් රටේ ජාතිකත්වය අඩපන කරවන එකත් එහි ප්‍රධාන කාර්ය වන දෙමළ ජාතිවාදීන්ට කප්පම් දෙන එකත් ගැන. ඒ ඇරුනහම මහින්දව කොහොම හරි පරද්දවන එකම අරමුනින් විජාතික කල්ලි ඊලාම්වාදීන් මහින්ද විරෝධීන් එහෙන් මෙහෙන් එකතු කරගෙන අටවගත්ත ආණ්ඩුවකට වෙන මොන සැලසුම්ද? ආපදා වලින් විපතට පත් වෙන මිනිස්සු බේරගන්න එක ගැන හිතන්නවත් ආණ්ඩුවට කාලයක් නෑ. ඒ ඔක්කොටම වඩා විජාතික බලවේග වල උවමනා එපාකම් ඉටු කරන සැලසුම් ක්‍රියාත්මක කරන්න ආණ්ඩුවට කල් ඕන වෙලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. // ආපදා වලින් විපතට පත් වෙන මිනිස්සු බේරගන්න එක ගැන හිතන්නවත් ආණ්ඩුවට කාලයක් නෑ. ඒ ඔක්කොටම වඩා විජාතික බලවේග වල උවමනා එපාකම් ඉටු කරන සැලසුම් ක්‍රියාත්මක කරන්න ආණ්ඩුවට කල් ඕන වෙලා තියෙනවා. //


      +++++++++++++++++

      Delete