Monday, May 23, 2016

ආපදා කවි!




අවා මම දුක බලන්න
හොඳ නැහැ වැස්සේ තෙමෙන්න
බඩගින්නේ වගෙයි නේද?
කෙහෙල් ගෙඩිය බැගින් ගන්න!

සිලි මල්ලේ නම ගහලා
පින්තූරෙත් අලවාලා
අනුන් ගෙනා ආදාරේ
බෙදනා කඩුවෙල තඹයා


මිරිස් කරල් පු -- පැත්තේ 
ගහගෙන චන්දය ගත්තේ
ගන් වතුරේ ගිලුනු දාට 
තම කට්ටිය ගොඩ ගත්තේ


මහින්දගේ අය කියලා
ගම් සබාව විසුරන්නේ
ආපදාව ආපු දාට
කාටද දුක පවසන්නේ?


යහපාලන ගැලවිජ්ජා
ජනාදිපති ගොන්බිජ්ජා
කරපු දෙයක් නැත සකියෙනි
නැත මුන් හට විලි ලැජ්ජා!


උසාවියට ගෙන යන්නේ
ඉන් පසු හිර ගෙට වන්නේ
සඟ රජවරු නැත්තන් අද
බොහෝ දෙනා බඩගින්නේ









24 comments:

  1. මහින්දගෙ කට්ටියට තියෙන ඔක්කොම ප්‍රශ්ණ ටික ගංවතුරට ඈඳලා. ගංවතුර සහ ආපදා කළමණාකරණය ගම්සභාවට අයිති විශයක් නම් නෙමෙයි නේද සාරස තුමා. අනික දේශපාලුවෝ නැතිවුනාට ගම්සභා, නගර සභා, ඒවායේ සේවකයින් හරහා ඔක්කොම ක්‍රියාත්මක වෙන බවත් ඔබ දන්නව ඇති.

    ReplyDelete
    Replies
    1. // අනික දේශපාලුවෝ නැතිවුනාට ගම්සභා, නගර සභා, ඒවායේ සේවකයින් හරහා ඔක්කොම ක්‍රියාත්මක වෙන බවත් ඔබ දන්නව ඇති. //



      පසුගිය 17 දා සිට අද වනතුරුත් එවැනි සේවයක් නොවූ බව අත්දැකීමෙන් දනිමි!


      පහුගිය දවස් වල එකේ ශෙයාර් වුනු පොස්ට් කියවන්න... කී දෙනෙක් පුද්ගලිකව ස්වේච්චාවෙන් ඉදිරිපත් වන අයගෙන් ආදාර උපකාර ඉල්ලුවාද කියලා..

      Delete
  2. එළයැ...

    ///සඟ රජවරු නැත්තන් අද
    බොහෝ දෙනා බඩගින්නේ ///
    මේකනම් ගොඩක් ටොයිස් ලට දිරවන එකක් නැහැ...

    ReplyDelete
    Replies
    1. එසේ වන ටොයියන් හට තම්බචෞර ගෙනා කෙහෙල් ගෙඩියක් අදෝමුකයේ ඔබගන්නට කියමු!

      Delete
  3. මේවගේ අපදා අවස්ථාවකත් තමන්ගේ ගොඩ වැඩිකර ගැනිමේ චේතනාවෙන් කටයුතු කරපු උන්ගැන නම් තියෙන්නේ පිලිකුලක්.
    මහින්ද අන්ඩුවේ සල්ලිවලින් සිල් රෙදි බෙදපු එකෙයි මේවගේ ගොන් වැඩ වලයි වෙනසක් නැහැ.

    ReplyDelete
  4. සාටකේ පොරොවගෙන පපුව පැලෙන්ඩ තරම් හයියෙන් පපුවට ගහ ගන්න උන්නැහෙයි......ටයි කෝට් දාල සිඟිති කථා කියන උන්නැහෙයි....මෝදි කිට ඇඳපු අපේ හිටං උන්නැහෙයි....මේ සැරේ ජනතාව වෙනුවෙන් කරේ මොකක්ද?මෙච්චර ජනතා සහයෝගයක් තියන ඒ තිදෙනාට ඔයිට වැඩිය උපකාරයක් කරන්ඩ තිබ්බ නේද??

    //සඟ රජවරු නැත්තන් අද
    බොහෝ දෙනා බඩගින්නේ// +++++++

    ReplyDelete
    Replies
    1. ඇයි තඹයගේ ඇඹුල් කෙසෙල් ගෙඩිය ලැබුනෙ නැතෙයි?

      Delete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. මොන පක්ෂයක් බලේ හිටියත් ආපදාවක් වූ විගස ඉදිරියෙන් ඉන්නේ සාමාන්‍ය ජනතාවයි....

    ජයවේවා !!!

    ReplyDelete
  7. කෙහෙල් ගෙඩිය පරිස්සමින් ගෙනිච්චද දන්නෑ.. හැක්

    ReplyDelete
    Replies
    1. හොරු ඇවිදින් ගෙනයාවියි මතුව සැකේ
      ගහගත්තෙමි කෙසෙල් ගෙඩිය මගේ පු--

      Delete
  8. අන්තිම කවියනම් තේරුම් ගන්ට අමාරුයි...

    ReplyDelete
    Replies
    1. පලමුව අවතැන්වූවන් හට කන්න බොන්න දෙන්න ඉදිරිපත් වුනේ සහ අද දක්වාත් එසේ කරන්නේ හාමුදුරුවරු.... ඔවු, යහපාලනේ යටතේ හිරේ යන හාමුදුරුවරු!

      Delete
  9. සුජීව සේනසිංහලා..බුද්ධදාසලා...වීරවංශලා එක මිටියට රෝල් කරලා කඩුවෙල ගඟට තල්ලු කරන්න ඕන එවුන් සරස ... නැත්ද මන් කියන්නේ?

    අර සඟ රජවරු කිව්වේ උඩුවේ, මුරුත්තෙට්ටුවේ, ඉත්තෑකන්දේ වගේ අයද...දන්නැති හින්දා ඇහුවේ..

    ReplyDelete
    Replies
    1. //අර සඟ රජවරු කිව්වේ උඩුවේ, මුරුත්තෙට්ටුවේ, ඉත්තෑකන්දේ වගේ අයද...දන්නැති හින්දා //

      නැහැ...

      මැල්කම් රන්ජිත්, වියානි ප්‍රනන්දු සහ රායප්පු ජෝසප්පු වගේ අයට

      Delete
    2. සරස....ඒ සෙට් එකත් මහණ වෙලාද....අභයාරාමෙද උපසම්පදා වුනේ. ඇයි දැන්නුවේ නැත්තේ...

      අර ගඟට දාන එක ගැන සරස මොකද කියන්නේ...

      Delete
  10. // අර ගඟට දාන එක ගැන සරස මොකද කියන්නේ... //

    අනුන් ව ගඟට දාන්න ප්ලැන් කොරන එකේ ඊට වැඩිය නරකද අරූ ඔහෙ ගිහින් ඔය තේම්ස් එකටවත් ජම්ප් එකක් දැම්මොත්?

    :D

    අපිත් සෝකය පල කොරලා ඩිජිටල් බැනර් එකක් දානව කිවුවොත් දානවා මයි!

    ReplyDelete
  11. ////ඊට වැඩිය නරකද අරූ ඔහෙ ගිහින් ඔය තේම්ස් එකටවත් ජම්ප් එකක් දැම්මොත්?////////
    +++++++++++++++++

    ReplyDelete