Tuesday, May 31, 2016

පිට පිට කේස්




අපේ සත්යවාදී හර්සිශ්චන්ද්‍රලා ට පිට පිට කේස් වගේ ය. 

අයර්ලන්තේ කොටු පැනපු සවාරිය ඉවර වෙලා වේලෙන්නත් කලින් ඉතාම් අහින්සක, වසර ගනන් සිරි ලන්කා මහ ජනතාව ගැන සිතමින් අනේක දුශ්කරක්‍රියා කොල ජ වි පේ ප්‍රචාරක ලේකම් තුමා වන හේරත් ලොක්කා නොමිලේම ජ වි පෙ ට ප්‍රචාරයක් ලබා දෙති.

ඒ වනාහී දෙකක් නොව තුන හතරක් ම දමා ගෙන ඩබල් කැබ් එලවන්න ගිහින් ලයිට් කනු කඩාගේන තාප්පයකට හේත්තු වීමෙනි!

පා චා රනවක තුමා සේම ඒ අනතුරත් සිදු වුනේ රාජගිරිය ප්‍රදේශයේ ය.

හේරත් ලොක්කා බඩජාරි කමට බීගෙන වාහන හප්පා ගත්තාට ස ර ස තුමා ට කමක් නැත. 

එහෙත් එවැනි දෙයක් නාමල්, යෝශිත හෝ රෝහිත අතින් සිදු වුනා නම් ජෙප්පන් සහ ජෙප්පන් ට කඩේ යන උඩු බුරලන ජනතාව විස්සෝප වෙලා සමාජ ජාලා වල පහ කරනා වසුරු වලින් අප ගිලෙන්නට ඉඩ තිබුනි!

අතපසුවීම්, වැරදි කා අතිනුත් සිදු වේ.... අනුන් හට එවැනි වැරැද්දක් සිදුවුනාම විස්සෝප වෙලා පොර ටෝක් දෙන උන්දැලාට පිට් පිට ම කේස් වීම කර්මය පලදීමකි!

ඒ අතරම රනිල් මහත්තයගේ යාලු ජෙප්පො සැට් එක නායකත්වයෙන් පන්නලා මහ ජනතාව ඉස්සරහ තවම සිල් බිඳගත් බවක් පෙනෙන්නට නැති ප්‍රාදේශීය ටාසන් ලා කීප දෙනෙකු හට නායකත්වය බාරදීමට දේසීය හා විදේසීය ජෙප්පන් කස්ටියක් සැරසෙනවා කියලා හිතෙන්නේ ස ර ස තුමා ට පමණද?

15 comments:

  1. මොකද මේ වෙන්නේ ලංකාවට???

    ReplyDelete
    Replies
    1. ඉස්සර වගේම තමා....
      වෙනසක් නැහැ ලලිත් තුමා...

      Delete
  2. සා රස තුමාගේ ඔබ්සොවේසොනල් ඉස්කිල්ස්නම් සෑහෙන හොඳ මට්ටමක තිබේ.

    ReplyDelete
    Replies
    1. I wish I am wrong on this issue, however.......

      Delete
  3. ඔන්න සරසෝ අනිත් වියාග්‍රා ගහපු ඇමතිත් රටට හඳුන්වා දෙන්නයි යන්නේ. ඒ අපේ පරිසර ඇමැත්තා. ගම්පොල කුනුකන්ද මහවැලිය ඉවුරේ වලවල් හාරා තැන්පත් කරන්නයි යන්නෙ. ඊයේ රෑ වලවල් හාරලා කියල තමා ආරන්චි. කුනු ප්‍රෂ්නෙට විසඳුම් හොයන්න සල්ලි අරගෙන කියලත් කතා වෙනවා. ආතල් නේද මෙයා ජහ පාලනේ සැප?

    ReplyDelete
    Replies
    1. පරිසර නියෝජ්‍ය ඇමැත්තා ලෙස නිවැරදි විය යුතුය. ඇමැත්තා ඉතිං අපේ හිටංතුමා නොවැ.

      Delete
    2. කවුද ඒ නියෝජ්ය ඇමැත්තා..?
      කොහෙද මේ වලවල් හාරන්නෙ..... මහනුවරට කලින් ද මහනුවර නගරේ පහුවෙලා ද?
      කොහේ කලත් ඒක කිසිදා අවසානයක් නැති මහා පරිසර විනාසයක්!

      Delete
  4. වෙනස, යහපාලනය,
    ඒහැම එකක්ම අද වෙනකොට වචන විතරයි...

    පරිසර ඇමතිගේ කෙරුවාව හෙට අනිද්ද වෙනකොට කියනම්කෝ..

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ගම්පොල කුනු කොහෙද නිදන් කොරන්න යන්නේ කියලා දැන ගන්න කැමතියි..

      Delete
  5. ඕයේස්.....දැට්ස් සිරි ලංකට් පොලිටික්ස්...

    ReplyDelete
  6. Wijitha herath dope scene nam avuak natha. Nbona ayata wada nobona aya kuhakai kiyala lal kantha kivvalu.

    ReplyDelete