Sunday, May 8, 2016

නවක වදයකයන් ගැන තවදුරටත්...



සබාවෙන් අවසරයි!
නවක වදය ගැන නැගලා යන තත්වයක් උදා වී ඇත. පෙරාදෙනි විශ්වවිද්යාලීය සිසුවෙකු ව සිටි කාලේ පොරි හැලෙන්න රැග් වී අමා සැටක් ලබා ඇති ස ර ස තුමා ට නවක වදය ගැන වචන සුවල්පයක් පැවසීමට අවසරයි.

ඔන්න එකෝමත් කාලෙක ස ර ස තුමා විස්ස විජ්ජාල සිස්යයෙක් විදියට හීනමානයෙන් පෙලෙන අයියලා සහ අක්කලා විසින් පවත්වන ඔයි අමානුසික නවක වදේට මූන දුන්නා. 

කවුරුත් කියන්නේ නැති කාරනේ තමා නවක වදේට කලින් වදකයන් විසින් පොඩි Racial Profiling පාරක් කොරන බව. 

ඒ කියන්නේ මහා රැග් රාජයා ගේ සෙමි ෆයිනල් සහ ෆයිනල් වලට තෝරා ගන්නේ කොලඹ හෝ මහනුවර ප්‍රසිද්ද පාසැල් වල ඉගෙනගත්තු සිස්යයන් වගේ සුලු සුලු දේවලුයි!

අනේ ඉතින් එම Racial Profiling හන්දා ස ර ස තුමා සහ එතුමා ගේ ම පාසලේ තවත් දෙදෙනෙකුත්  සුපර් ස්ටාර් තරඟයට තෝරා ගත්තා. අනේ මගෙ රූමා, මලියදේවෙට පාසල් ගිය අතුල ත් "උඹලා කන පරිප්පුවක් මාත් කනවා" කියා නිර්බීතව තරඟයට වොලන්ටියර් වුනා.

කිවුවට කටවහක් නෑ මේ බැචා ලා වෙනුවෙන් බොක්ක දෙනවා කියා කෑ කෝ ගහන මහත්වරුනි, අපේ පාසලේම දෙදෙනෙකුත්, අනෙක් සියලු බැචාලාත් අප හතර දෙනා ට ඔනේ දෙයක් කොරපල්ල කියා රයිට් ඔෆ්ෆ් කොල්ලා, වදකයන් සමග හොරා පොලිස් ක්‍රීඩාවේ යෙදෙමින්, ඉතා සුලු රැග වලට මූන දෙමින් තම තමන් ගේ වැඩක් පොලක් බලාන හිටියා.

අපි කාපු එක කරදරකාරී රැගක් කවදාවත් අමතක වෙන්නේ නැහැ. 

UK වලින් ෆැකල්ටි ආව ජේශ්ටයෙක් තමන් ගේ අන්තිම වසර විබාගෙට පාඩම් කොරමින් හිටියේ. ජෙප්පන් ට පින්සිද්ද වෙන්න අවසන් වසර විබාගේ වසර තුනකින් දීර්ග කොරගෙන හිටි මෙයාලාට බොහෝ විශය කරුනු අමතක වීම නිසා මහ රෑ වෙනකම් පාඩම් කොලා.

ඒ මදිවට මේ හාදයාට පෙර විබාග වල දැක්වූ දස්කම් නිසා නැවත් විබාග කීපෙකට ම පෙනී සිටින්න සිද්ද වෙලායි තිබුනේ!

UK වලින් පැමිනි අදාල  ජේස්ටයා රෑ එක පමන වෙනතුරු පාඩම් කොර නිදිමත වුනාම අල්ලපු කාමරේ හිටි අප ව ඇදගෙන නාන කාමරේට යනවා. මැන්ස් නාන අතරේ අපවත් නිරුවත් කොරවලා, නාවලා එයාට සීතලට වෙවුලන්න කම්මැලියි කියා අප හතර දෙනාට එයා නානකම් එයා එදිරිපිට වෙවුලන්න කියනවා. 

අනේ අපොයි පින්වතුනි අපි හතර දෙනාත් නිරුවතින් වතුරෙන් පෙඟී අර ජේශ්ටයා නාලා ඉවර වෙනකම් එයා ඉදිරිපිට වෙවුලනවා.

හිතන්න මහ රෑ හන්තාන කන්දෙන් එන සීතල වතුරින් වතුරෙන් පේරාදෙනියේ නානකොට දැනෙන සනීපෙ?

හැබැයි එම ජේශ්ටයා ට එම ක්‍රියාව සහ තව බොහෝ නවක වද ක්‍රියා කොලාට ජීවිතේ වැරදුනේ නැහැ.

අද එයා තමා පෙරාදෙනි විශ්ව විද්යාලයේ උප කුලපති තුමා!

ප්.ලි: UK කියන්නේ Upper Kekirawa නොහොත් අපර් කැකිරාවට ය!

61 comments:

  1. APi jeewath wenne toyange ugayakaya. Gamen apu baiyalata jangi galaweemata ida nodemu.

    ReplyDelete
  2. ආපහු ආපහු මේ අසහනය පිට කරගැනීම කියන එක ඔප්පු වෙනවා. අනෙකාට වදදීමෙන් ලැබෙන මානසික සතුට මොකක්ද කියන්න මට තේරෙන්නේ නෑ.

    විශ්ව විද්‍යාල ළමුන් මෙයිට වඩා වගකිවයුතු පරපුරක් වෙන්නෙ කවදාද?

    ReplyDelete
  3. //ආපහු ආපහු මේ අසහනය පිට කරගැනීම කියන එක ඔප්පු වෙනවා. අනෙකාට වදදීමෙන් ලැබෙන මානසික සතුට මොකක්ද කියන්න මට තේරෙන්නේ නෑ.

    විශ්ව විද්‍යාල ළමුන් මෙයිට වඩා වගකිවයුතු පරපුරක් වෙන්නෙ කවදාද? //

    ඇයි අර කියන්නේ සමහරක්.... මෙවුව නිසාය විස්සවිජ්ජාලෙ සාමය සහ සමගිය ඇතිවෙන්නෙ කියලා....

    ගොන් මැටි හරක්!

    ReplyDelete
  4. Are you serious? Is this true?

    ReplyDelete
    Replies
    1. Every word of it!
      If you want, I could supply more info ...

      ie :
      arson attack on a visitor's vehicle
      getting another student suspended for his ragging activities etc etc!

      Delete
  5. //ඒ කියන්නේ මහා රැග් රාජයා ගේ සෙමි ෆයිනල් සහ ෆයිනල් වලට තෝරා ගන්නේ කොලඹ හෝ මහනුවර ප්‍රසිද්ද පාසැල් වල ඉගෙනගත්තු සිස්යයන් වගේ සුලු සුලු දේවලුයි!

    මේක කියද්දි මතක් උනේ ඇවිල්ල දවස් දෙක තුනක් ගියේ නැහැ කොළඹ විශාකා ,දේවි ,සිරිමාවො ,ගම්පහ රත්නාවලී ඔය වගේ ප්‍රසිද්ධ ඉස්කෝල වල ගැල්ලමයි සෙට් එකක්ම නැගිට්ටවල හොඳවයින් දේවල් කීවනෙ. "උඹල ලොකු ඉස්කෝල වලට ගියාට කමක් නැහැ ඒ ලයින් මෙහෙ බෑ ..බ්ලා බ්ලා .... හැක් අපි හීනෙකින් වත් හිතපුනැති දේවල්.ඒ ජේෂ්ඨ උත්තමයගේ ෆෝන් එකට අපේ නම් ලිස්ට් එක මුලින්ම වැටුනලු ඉතින් ...

    හ්ම්ම් .... ස ර ස තුමා මේ කීව දේ නම් විශ්වාස කරන්නත් බැහැ වගේ ...

    ReplyDelete
    Replies
    1. හන්සි ගේ මාමා දන්ත වෛද්යවරයෙක් කීවා නේ. අහලා බලන්න බොරුද කියලා.

      ඔයි VC බැච් මිසස් වෙලා පහල කන්ඩාම සමග පාස් අවුට් වුනු හාදයෙක් කිවොවොත් විස්වාස කොරනවද?

      Delete
    2. sorry -බැච් මිස් වෙලා

      Delete
    3. හැක් සරස තුමයි අපෙ මාමයි එකම බැච් එකේ හොඳම යාළුවො නම් ... හපොයි :D රැග් කාලෙ අපෙ මාම ගත්තු ෆොටෝවක් නම් තිබ්බ. ගවුමක් ඇඳන් කෙල්ලෙක් වගේ ඉන්නව .....

      Delete
    4. ඔය ඇවිත් දවසක් යන්න කලින් වෙන තව වැඩක් තමා ඔය සද්ගුනවත් අය්යලා නැතිනම් වීර ජේශ්ඨ උත්තමයෝ ටික එකතු වෙලා ජූනියර් බැච් එකේ ගෑනු ලමයි ටික බෙදා හදා ගන්න එක.


      එහෙම බෙදා නොගෙන එකම මලට දෙන්නෙක් ගියොත් අවුලනේ. හැබැයි ඉතින් බෙහෙම බෙදාගෙන හිටියට හරියන ඒවා එහෙමම නෑ.

      Delete
    5. // ඔය ඇවිත් දවසක් යන්න කලින් වෙන තව වැඩක් තමා ඔය සද්ගුනවත් අය්යලා නැතිනම් වීර ජේශ්ඨ උත්තමයෝ ටික එකතු වෙලා ජූනියර් බැච් එකේ ගෑනු ලමයි ටික බෙදා හදා ගන්න එක. //

      සිතින් බෙදාගෙන සැබෑ ලෝකයේ අහලා ඇන ගැනීම...

      ආවොත් බඩුවයි ගියොත් වචනයයි!

      Delete
    6. මම A /l කරන කාලේ පේරාදෙණි නම් දාන්න එපා පුතෝ කියල රාවයක් ගියා අපේ විදුහලේ. (එනම් සරසා ගිය විදුහලමය) මට මතක විධිහට එක්තරා අමාත්‍යංශයක ලේකම් වරයෙකුගේ පුතෙක් අපේ විදුහලේ ඉගෙන ගත් අතර ඔහු තමන්ට ලැබුණු ලකුණු අනුව පේරා ගිය අයෙකි. ඔහුට නවක වදය දීමට සැරැසී සිටි අතර ඔහු සිතුවෙත් තමන් නිසි ලෙස විභාග සමත් නිසා සාමාන්‍ය නවක වදයක් විඳීමට සිදුවෙය කියාය. නමුත් ඔහු බරපතල අපරාධ දෙකක් කර තිබිණි. එකක් රාජකීය විදුහලේ ඉගෙන ගැනීමය. දෙවැන්න යුඇන්පී රජයට තිබු පියාගේ සම්බන්ධ කමය. අමාත්‍යංශයක ලේකම් වීමය. නමුත් මේවා රජයේ සිවිල් නිලධාරී රැකියා බවට ඔවුන් සැලකුවේ නැත.(මේ 88-89 ට කලින් බව මතක තබා ගන්න) පෙරා සිසුන් ගැන පියත් පුතාත් තැබූ විශ්වාසය පේරා නවක වාදකයන් ඉතා කෘර අයුරින් බංදිඅ දැමු බව අපට ආරංචි විනි. ඔහු ට දුන අවසන් වදයක් වුයේ වැසිකිලි කිහිපයක් ලෙව කෑම බව දන ගන්නට ලැබුණි. නොකී කතා ඔබ එවැනි රැග් වින්ද නැතුව වෙන්නට ඇත. ඔහු ඉන්පසු පේරා අතහැර ගිය බව දැන ගන්නට ලැබිණි. එයින් උදම් වූ බොහෝ අය සිටිය. අපි ඌව යැව්වා කීම ලොකු කමක් විනි. මෙහි පසු කටහ්ව මම නොකියමි. නමුත් රාජකීය විදුහලේ වූ පමණින් අප අපතයන් වන්නේ කෙසේද යන්න හෙළි කල හැකිද?

      Delete
    7. බංදිඅ - බිඳ දැමු බව
      පසු කටහ්ව - පසු කතාව

      Delete
    8. // නමුත් රාජකීය විදුහලේ වූ පමණින් අප අපතයන් වන්නේ කෙසේද යන්න හෙළි කල හැකිද? //

      අනේ අජ්ජා තුමෝ...

      පේරාදෙනිය විස්ස විද්යාලයේ රාජකීය සිසුවෝ නැත...

      ඉන්නේ "කුනු කන්නගරෙන්" ආ කස්ටියයි!

      නිදහස් අද්යාපනයේ පියා ට දෙවි පිහිටයි!

      Delete
    9. This comment has been removed by the author.

      Delete
  6. අපි කියන්නෙත් ඕක තමා........ රැග් වුණ සහ රැග් කරපු අය තමා දැන් රැග් කරන ළමයි අල්ලලා හිරේ දාන්නයි, ශිෂ්‍යභාවය අහෝසි කරන්නයි දතකන්නේ.......

    පොඩි දෙයක් අහන්නද???? සරසා හොදට රැග් වුණා කිව්වානේ...... රැග් කරලාම නැද්ද??????? ඔය කියන විදිහේ කායික හෝ මානසික අඩුම ගානේ ඉගියකින්වත් දෙයක් කරලා නැද්ද????????? හංගං ගහන එකක් නැහැ කියලා විශ්වාස කරනවා.....

    ReplyDelete
    Replies
    1. // පොඩි දෙයක් අහන්නද???? සරසා හොදට රැග් වුණා කිව්වානේ...... රැග් කරලාම නැද්ද??????? ඔය කියන විදිහේ කායික හෝ මානසික අඩුම ගානේ ඉගියකින්වත් දෙයක් කරලා නැද්ද????????? හංගං ගහන එකක් නැහැ කියලා විශ්වාස කරනවා..... //

      නැත. කිසිමදාක කිසිම අන්දමේ රැග් එකක් නවකයෙකු හට දී නැත.

      වැඩිම ශ්‍රී නාම (එහි තේරුම ඔබ දන්නවා ඇතැයි සිතමි ) ලබාගත් නිසා තමන් රැග් නොවී සිට පසු කලෙක තම ජූනියර් සිසු සුවියන් පැමිනි කල ඉතා අනතුරුදායක හෝ දැඩි ලින්ගික රැග් කොරන්නන් හට පාට් දමා සිසු සිසුවියන් බේරා ගැනීමේ ලයිසමක් ලැබී තිබුනු නිසා එවැනි වද කරනා වදකයන් එලවා දමා බොහෝ දෙනා බේරාගෙන ඇත්තෙමි!

      ආචාර්ය මන්ඩලයට බැඳුනු දින සිට ම වදකයන් දුටු තැන අල්ලා නීති මගින් ඉහල දැනුම් දෙනවා කියා ඔවුන් ව බය කර ඇත්තෙමි.එවන් විටෙක ඔය කියනා සිස්ය වීරයෝ වැටෙන්නේ අන්තිම දීන දුක් සහගත තත්වයකට ය! ගෙදරට ලිය්මක් යවා මවු පියන් ව ගෙන්වා අවවාද කරනවා කී විට ඔයි වීරයන් හට මල මූ පිට වේ!

      තම ශිය බාවයට කෙලවෙයි යන බය නිසාම ඔවුන් ඉන් පසු කිසිම රැගකට සාබාගී නොවී ඉන්නට හැකි සෑම උත්සාහයක් ම ගත්තහ.....

      ඇත්තටම සියලු ආචාර්ය මන්ඩලය එක සේ දැඩිව මේ කාරනාවට මුහුන දෙයි නම් ඔයි මරි මෝඩ උපසන්ස්කුරිතික කාරයන් ව නිසි තැන තබා නවක වදය නැති කල හැකි බව මගේ හැඟීමයි!

      Delete
    2. ඇත්තටම සියලු ආචාර්ය මන්ඩලය එක සේ දැඩිව මේ කාරනාවට මුහුන දෙයි නම් ඔයි මරි මෝඩ උපසන්ස්කුරිතික කාරයන් ව නිසි තැන තබා නවක වදය නැති කල හැකි බව මගේ හැඟීමයි!//++++++

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. සරස ගේ බැච් එකේ කවුරුවත් අපට නම් රැග් නොකළ මතකයක් මට ඇත. අප එනවිට ෆයිනල් එක්සෑම් ලඟද නොදනිමි.
      මම නම් රැග් වුනා. හැබැයි ඒව බොලඳ ගොන් පාට් මිස සීරියස් රැගක් නම් නොවීය.මතක් වූ විට අදත් හිනා යන ඇතැම් දේ තිබේ.
      නරක මතකය මෙපමණි.මාතරින් ආපු අප සහ යාපනයේ ළමයින් ගෙදර ගියේ මාස ගනනකට පසු දෙන නිවාඩුවට පමනයි. දුර නිසා. ඉතින් සති අන්තයේ කාන්සියේ ඉන්න බැරිව මමත් තව බැචියෙකුත් ආර්ට්ස් තියටරයේ චිත්‍රපටිය බලන දිග පෝලිමට එකතු වුනා. සින්නන් වාගේ පෙන්නගෙන ඉන්න හැදුවත් අපේ බියසුලු බව තුලින් අප කුනු ෆ්‍රෙශාලා බව මොනවට පැහැදිලි වෙන්න ඇති.ඉතින් අපව අල්ලා ගත් සින්න ඇතුලට යනතුරුම රැග් කරා.
      මට අකුරු දෙකේ නරක වචනය කියා එක්කෙනෙක් බැන්නා. හරියට දුක හිතුනා. පසුව දැනගත්තා ඒ සීනියර් ඇග්‍රෙක් කියලා. රැග් සීසන් එකෙන් පසුව හිනා වෙන්න ආවත් , අර අමිහිරි මතකය නිසා මම නම් මූනටම එරෙව්වා.

      Delete
    5. // මාතරින් ආපු අප //

      මේ උදේ 5.00 පමන සරසවි උයනින් මාතර කොච්චිය ට සැට් වෙච්චි කස්ටිය නේදෝ!!

      // මට අකුරු දෙකේ නරක වචනය කියා එක්කෙනෙක් බැන්නා. හරියට දුක හිතුනා. පසුව දැනගත්තා ඒ සීනියර් ඇග්‍රෙක් කියලා. රැග් සීසන් එකෙන් පසුව හිනා වෙන්න ආවත් , අර අමිහිරි මතකය නිසා මම නම් මූනටම එරෙව්වා. //

      අනිවාර්යයෙන්! එවැනි දේවල් සැමදා කෙනෙකු ගේ මතකේ රඳා පවතිනවා!!

      ඩිසෙක්ශන් රූම් එකේ සබන් වලින් මූන හෝදන්න කියලා බල කරාපු ජේස්ටයෝ එක්ක අපේ බැචියෝ බොහෝ දෙනෙක් ඉන් පසු කිසි දිනෙක කතා කලේ නැහැ.....

      Delete
    6. සරසා...................

      ඔබ වැති අයත් සරසවි තුළ සිටීම මේ ළමයින්ට එක විදිහක අත්දැකීමක් ගන්න වැදගත්. ඒ අනුව බැලුවාමනං ඔබගේ හැසිරීමත් අපි අනුමත කරනවා. මොකද ඔය ළමයි එළියට ගියාම මේ විෂම සමාජයට මුහුණ දෙන්න එපැයි නේද???????????

      Delete
    7. කුරුට්ටනි!

      ඔබ කියනා විසම සමාජ බිහිවුනේ මානව සන්හතියේ ආරම්බයත් සමගයි!එහෙත් ඔහෙලා ඔයි නාගමානික්යයක් ලෙස රකින සරසවි උප සඟිස්කුරුතිය තබා විස්ස විජ්ජාල බිහි වුනේ බොහේ මෑතක දී. එයිනුත් සිරි ලන්කාවේ විස්ස විජ්ජාල බිහි වුනේ බොහෝමමත් ලඟකදී...

      ලන්කාවේ විස්ස විජ්ජාල නොතිබුනානම් මේ රටේ මිනිස්සු හැසිරෙන්නේ ස්ත්තු වගේද? නැහැ! විස්ස විජ්ජාල කියන්නේ මිනිසුන් ට හැසිරීම සහ සමානාත්මතාවය පුරුදු කොරන තැන් නොවේ. ආචාර්යවරයෙකු විදියට මා දුටු දෙයක් තමයි සිසුන් විස්ස විජ්ජාලේදී තමන් ගෙන ආ වනචාරී ගති ගුන හන්ගන් හිටන් එයින් පිට වුනාම නැවත් එම ගති ගුන වලට ඉඩ දී ඩෙඟා නටන බවයි!

      // ඔබ වැති අයත් සරසවි තුළ සිටීම //
      ඇයි අප වැනි අයට සරසවි අකැප ද?

      අනෙක් පීට නොව දන්ත වෛද්ය පීටය ගත්තොත් එහි පෙර පීටාදිපති ලා වෙලා හිටි අය වන දිසානායක, අන්කල්, බැම්බි, ඒකනායක, මෙන්ඩිස්, විජේවීර, අමරතුන්ග සහ ප්‍රසාද් අමරතුන්ග යන මහාචාර්ය වරුන් සියල්ලෝම රාජකීය, ත්‍රිත්ව, සාන්ත ජෝසොප් සහ එක් ආනන්දියෙක්.

      පලමු වස්‍ර පලමු දේසනයේ සිට පිට වන තෙක් ම සියලු දේසනා හස අනෙක් ඉගැන්වීම් ඉන්ග්‍රීසි බාසාවෙන් පමනයි!

      තෙවන වසර සිට සිසුන් හට ටයි පටි පැලඳීම අනිවාර්යයි!

      සිද්ද වෙන්නේ ඔබලා වැනි අය පීටයට ඇතුලත් වන විට තිබූ ගති පුරුදු ආදිය අප වනි අයගේ ගති පුරුදු ආදිය සමග සසඳා බලා අපගේ හොඳ ගති පුරුදු අනුකරන කිරීමයි.

      අපට නම් කොතැනත් කොහොමත් එකයි!

      එම නිසා මා ඉගෙන ගත් පීටට අප වැන්නන් ට අකැප බවක් මට නම් පෙනෙන්නේ නැහැ!

      Delete
    8. අනේ පවු බන් කණට ගහනවා කියලා ඔහොමත් ගහනවාද? සිදධාලේප එක්ක අරන් දිපන් ගාගන්න.

      Delete
    9. //අනේ පවු බන් කණට ගහනවා කියලා ඔහොමත් ගහනවාද? සිදධාලේප එක්ක අරන් දිපන් ගාගන්න. //

      දුන්නා සිධ්ධාලේප අසමෝදගම් බඩේ අමාරුව සුටුස් ගාලා සනීපයි! මොලේ අමාරුව නම් තාම තියෙනා පාටයි!


      Delete
    10. සරස ගැන ආඩම්බර වෙමි. විශේෂයෙන් ඔබ දරුනු ලිංගික හිංසාවන්ගෙන් සිසු සිසුවියන් බේරාගත්තානම් ඔබ ජාතික වීරයෙකි.

      Delete
    11. ලින්ගික හින්සා වලින් සිසුවන් බෝහෝ දෙනෙකු (නවකයන් නිර්වස්ත්‍ර කර වද දීමෙන්) ද ක්‍රූර කුනුහරුප වදයෙන් සිසුවියන් බොහෝ දෙනෙකු ද බේරාගෙන ඇත්තෙමි!

      Delete
  7. සරසා තුමා,

    මට තියන සරල ප්‍රශ්නය ලෝකයේ දියුණු විස්වවිද්‍යාල වල මේ කාලකන්නි කියන නවකවද උපසංස්කෘතිය නෑ නමුත් ලෝකයට නව සොයාගැනීම් නිපැයුම් ඉදිරිපත් කරනවා. මෙවැනි නවකවද දීම මගින් පන්නරය ලබපු මේ කාලකන්නින්ව පුද්ගලික අංශය ප්‍රතික්ෂේප කරනවා අන්තිමේ නවතින්නේ රාජ්‍ය අංශය තුල, අද රාජ්‍ය අංශය බැලුවහම මේ කාලකන්නි නිසා ඇතිවුන අක්ර්යක්ෂම තාවයක් තියෙන්නේ.

    මම කියන්නේ මේ නවකවදයට පක්ෂ උදවියට කරුනාකර් පෙන්වාදෙන්න නවකවදය නිසා අපි ලෝකයේ මේ මේ ජයග්ග්‍රහණ ලැබුවා කියල පෙන්නන්න පුලුවන්ද?

    මිට අමතරව ශිෂ්‍ය අයින් කප්පාදුවට රජය මෙය පාවිච්චි කරන බව කිව්වා ඉතින් ඇයි රජයට අලුත් සටන්පාට ලබාදෙන්නේ ඔච්ච්ර උගත් මිනිසුන්ට ඔයවගේ සරල දෙයක් තේරුම් ගන්න බැරිද ?

    ReplyDelete
  8. //ශිෂ්‍ය අයින් කප්පාදුවට රජය මෙය පාවිච්චි කරන බව කිව්වා ඉතින් ඇයි රජයට අලුත් සටන්පාට ලබාදෙන්නේ ඔච්ච්ර උගත් මිනිසුන්ට ඔයවගේ සරල දෙයක් තේරුම් ගන්න බැරිද ? //

    අනේද කියන්නේ???

    අර මොකද්ද උප සගිස්කුරුතියේ සොඳුරු මතකයන් ලබා දෙනවලු නේ ලන්කා සිතිවිලි තුමෝ!!!

    ReplyDelete
  9. දැං ඉතිං කොහොමෙයි පේරාදෙනි උපකුලපති තුමා රැග් නවත්තන්නේ...රැග් කරන කොල්ලො කෙල්ලන්ව අල්ලල දඬුකඳේ ගහන්නේ..
    රැග් එක කියන්නෙ මම නං උපරිමයෙන් රසවිඳි අත්දැකීමක්..
    මාත්තෙක්ක මෙහෙ රස්සාව කරන පේරාදෙනියෙයි, කටුබැද්දෙයි රැග් කාපු ඉංජිනේරුවන් කීප දෙනෙක්ගෙන්ම ඇහුවා. " මාර ජොලි. ඒකෙන්නෙ අපේ බොරු කුලෑටිකම් නැති වලා ඕනෙ තැනක කෙලින් කටින් ඉන හයියක් ආවේ" කියල කට්ටිය කියාපි.
    රැග් එක ගැන මහා පඬිවාක්‍ය කියන උන් එක්කෝ හරියට රැග් වෙලා නැහැ. නැත්තං වැස්සකටවත් රැග් කරන තනක ඉඳල නෑ.

    ReplyDelete
    Replies
    1. // රැග් එක කියන්නෙ මම නං උපරිමයෙන් රසවිඳි අත්දැකීමක්.. //

      නානාත්ත කායා
      නානාත්ත ස්ඤ්ඤා!

      Delete
  10. This comment has been removed by the author.

    ReplyDelete
  11. මම නම් කියන්නේ කිසිම ආකාරයකින් නවකයින්ට වෙනස් විදියකින් සලකන්න හොඳ නැහැ.කොහොමද කියන්නේ නවකවදය සුළු දෙයක් කියලා ඒ වචනය ඇතුලෙම තියෙනවානේ "වදය" යන්න.

    ReplyDelete
    Replies
    1. // මනෝජ්... ඔබ ඉන්නේ නිවැරදි ස්තාවරයක! //

      Delete
  12. http://sinhala.lankanewsweb.net/featured/nelum-yaya/item/3914-2016-05-10-07-20-19
    සරසාගෙ ඒවත් නිව්ස්වෙබ් යනවා කියන්නේ ආණ්ඩුව වෙනස් වෙයි වගේ. හා හා

    ReplyDelete
    Replies
    1. //සරසාගෙ ඒවත් නිව්ස්වෙබ් යනවා කියන්නේ ආණ්ඩුව වෙනස් වෙයි වගේ. හා හා //

      දැඩි සුලන් හමාවී... ඒත් ආන්ඩුව වෙනස් වනවා සත්තයි!

      Delete
  13. ගමක නගරයක ෆැක්ටරියක කාර්යාලයක කාට හරි හිංසා කලොත් ඒක විග්‍රහ විශ්ලේශන කරන්නෙ නෑනෙ. අහුවුනොත් උසාවි දානවා. වැරදිකරුවන් වුනොත් දඬුවම් දෙනවා. සේවා ස්ථානයකනම් අමතර විනය දඬුවමුත් දෙනවා. සරසවිවල තග්ස්ලාත් වෙන තැන්වල තග්ස්ලා වගේම අපරාධයක් තමයි කරන්නෙ. සාමාන්‍ය නීතිය අනුව ක්‍රියා කරන්න ඕනෙ. පස්සෙ සමාජ විද්‍යාඥයන්ට ඕනෙ නම් විග්‍රහ කරගන්න බැරියැ

    ReplyDelete
    Replies
    1. //සාමාන්‍ය නීතිය අනුව ක්‍රියා කරන්න ඕනෙ. //

      ඔවු... අප සැමට එක ම නීතියක් සහ වඩාත් ඉස්සරහට ගිහින් ඉතාම හොඳ විනයක් සහ හික්මීමක්!

      Delete
  14. ගමේ ගස්ගෙඩි කඩන උන්ගේ පැටවුන්ගේ හීන මානය පිටකර ගැනීමක්...

    ReplyDelete
    Replies
    1. මේක නම් ටිකක් දරුණු කතාවක්. මින් අදහස් වන්නේ ගස් ගෙඩි කඩන හෙවත් දුප්පත් මිනිසුන්ගේ ළමයි විශ්ව විද්‍යාල නොආ යුතු බවකි. නවක වද දෙන හැමෝම එකම සමාජ මට්ටමක විය නොහැක. ලංකාවේ ඇති අසමනටහ්වය මෙයට හේතුවක් විය හැක. හැබැයි මෙවැනි දේ නොඅසන්නට ඔවුන් විසින් නවක වදය හිංසා කාරී නොවන දෙයක් බවට පරිවර්තනය කර ගත යුතුය.

      Delete
    2. මම දැකපු එක දෙයක් නම් බොහෝ විට ග්‍රාමීය මද්යම පන්තියෙන් ආ සිසුන් ට වඩා ඔවුන් ගේ පලාතෙන් ම ඉතා ම දුගී පසුබිමකින් ආ සිසුන් අඩුවෙන් රැග් කලේ... බොහෝ විට නදට පරිප්පු කමින් සිටි අප ව බේරා ගත්තේ එවැනි සිසුන් බව පසුව ඔවුන් ගැන ගත්තාම අපට තේරුම් ගියා!

      මා පෙර පෝස්ටුවක ලියූ පොඩිබන්ඩා එවැන්නෙක්. කීප සැරයක් ම ඔහු දරුනු ලෙස රැග් වෙමින් සිටි අපව රැගෙන ගොස් ගොන් පාට් දැම්මා මතකයි!

      // නවක වදය හිංසා කාරී නොවන දෙයක් බවට පරිවර්තනය කර ගත යුතුය. //

      අජිත්... නවක වදය කියන දේ නැති විය යුතුයි....

      නවක සිසුන් හා ජේශ්ට සිසුන් දෙගොල්ලගේම සාබාගිත්වයෙන් සිදු කෙරෙනා යම් ක්‍රියාකාරකම් සහ සාද ආදියෙන් දැන හඳුනාගැනීම් සහ මිත්‍රකම් ඇථි කර ගත හැකියි!

      Delete
  15. මචෝ,
    උඹේ කතාව කියෝපුවාම තමයි තේරෙන්නේ ලොක්කෙක් වෙන්න කරන්න තව ගොඩක් දේවල් තියෙනවා කියලා...

    ReplyDelete
    Replies
    1. ඔවු ඔවු... ඇහැක් විදියට දැම්මම ඔයි බොන්චි ටිකක් කඩාගෙන, ගිනි ටිකක් පිඹලා, සමූපාකාර කරමේට අහවල් දේ කොරගෙන පුරුදු වුනොත් හොඳා!

      Delete
  16. සරසට රැග් කරපු එකෙක්ව ගෙන්නලා බ්ලොග් වල කමෙන්ට් කරවන්නැ ඕන , අන්න වැඩේ , දෙන්නං ගේම සරසාට :P

    ReplyDelete
    Replies
    1. පේරාදෙනි විස්ස විද්යාල උපකුලපති උපුල් දිසානායක ගෙන් ම පටන් ගත්තහැකි!

      Delete
  17. පොතේම එල්ලිලා හිටපු කොල්ලෝ කෙල්ලෝ ආතල් ගන්න රැග් කරන බවකුයි මට නම් දැනෙන්නෙ. හැබැයි ඔය කියන විදිහේ මහා ලොකු මෙව්ව එකක් රග වලින් වෙනව කියලම හිතමුකෝ. කව්ද නවක වාදය මේ මට්ටමින් එපිටට නොයා යුතුයි කියන පාලනය දාන්නෙ? අන්න එතන ගැටළුවක් තියනවා..

    ReplyDelete
    Replies
    1. // කව්ද නවක වාදය මේ මට්ටමින් එපිටට නොයා යුතුයි කියන පාලනය දාන්නෙ?

      //

      පාලනය කිරීම අපහසු දේ එක්ක සෙල්ලම් බැහැ!

      Delete
  18. අපිට නම් ඔෆිශියලි රැග් නැහැ...
    අපිට තිබුනේ පිළිවෙලට ඇඳලා සපත්තු එහෙම දාල කමිස යට කරලා එහෙම එන්න ඕනේ...
    ගෑනු ළමුන්ට ගවුම් අඳින්න තිබුනේ, ඒ එක්කම යන්න තහනම් පැති කීපයක් තිබුනා. ඒ හොරෙන් රැග දෙන උන්ගෙන් ජුන්නන්ව බේරන්න...
    හැන්ඟී හොරා රැග් දෙන ජෙප්ප අයියල ටිකක් තමයි හිටියෙ...
    ඇඳුම් ගැනත් විශේෂයක් කලේ හැංගිලා රැග දෙන උන් නිසා බව තමයි කියවුනේ...

    හැබැයි පලවෙනි මාසේ ඉවර වෙන්න කලින් අපි අපේ සුපර් සින්නො එක්ක සෙට් වෙලා දවල් දොළහට විතරත් පැවිලියන් එකේ බිව්වත් එක්ක...
    අපේ කැඳ සීනියර් බැච් එකේ උන්ට වඩා අදටත් අපි ෆිට් උන් එක්ක...

    මම සින්නෙක් උනාට පස්සේ ඉනොගරේෂන් පීරියඩ් එකේ ගෑණු ළමයෙකුට බනින්න සිද්ධ උනා. ඒ රැගක් වශයෙන් නෙමෙයි ජුන්නන්ව රැගට ලක් වීම වලක්වන්න අපි ගත්තු ක්‍රියා මාර්ගයකට අනුගත නොවුන නිසා...
    ඒ මුල් සති දෙකේ රැග් වලට අහු වෙන්න ඉඩ තියෙන නිසා යන්න එපා කියපු කජු කැලේට කැම්පස් ආපු පලවෙනි දවසෙම කලින් යාළුවෙලා හිටපු සින්නෙක් එක්ක රිංගපු ළමයෙකුට...
    ඌ අපේ සුපර් සින්නෙක්. නමුත් අපේ තිබ්බ ක්‍රමය යටතේ ඌත් කලේ වැරද්දක් නිසා ගැටළුවක් මතු උනේ නැහැ. කර බාගෙන හිටියා...
    ඊට පස්සේ ඌ මගේ හෙන ෆිට් එකක් උනා, අපි දෙන්න කාලයක් එකට රස්සාව කලත් එක්ක. පස්සේ ඌ රට ගියා. ආපහු ඇවිත් උගේ ගෙදර හදන්න ගිය වෙලාවේ ටෙක්නිකල් උපදෙස් වගයක් ගන්න හොයාගෙන ආවෙත් මාව...
    ඌ ලංකාවට ආවම දැනටත් මම ඉන්න සයිට් එකට හොයාගෙන ඇවිත් කතාබහ කරලා තමයි යන්නේ...

    රැග නැතුවට අපිට නම් අවුලක් උනේ නැහැ, කැම්පස් සහ පෞද්ගලික බේදයක් නැතුව ඕනේ තරම් වැඩ වලට කොල්ලෝ හිටියා...
    අපේ තාත්ත නැතිවෙච්ච වෙලාවේ හැමදාම වගේ සීයක විතර පිරිසක් අපේ ගෙදර හිටියා...
    අපේ විරුද්ධ වාදියෝ වෙච්ච ජෙප්පෝ, ගැට්ටෝ එහෙමත් ඒ අතර හිටියා...
    උන් අපේ විරුද්ධ වාදියෝ උනේ ජන්ද කාලෙට විතරයි...

    ජෙපි නායකයා වගේ හිටපු එකා අපි එක්ක කතා කරලා යුනියන් එකෙන් කරන්න ඕනේ කියල ඌට හිතෙන අදහස් කියනවා. ඌත් හිත හොඳ එකා...
    උගේ අදහස හොඳ දෙයක් නම් අපිත් නොසළකා ඉන්නේ නැහැ, ඌ අපේ සීනියර් බැච් එකේ ඉඳල අපි අවුට් වෙද්දී අපේ ජුනියර් බැච් එක දක්වා පහළ බැහැල හිටියා...
    පස්සේ කාලෙක ඌ කොහොමහරි ඩිග්රිය ඉවර කරලා රස්සාවකට ගහින් තිබ්බා...
    එතන මොනවා හරි ලොකු ගාණක මැෂිමක් ගන්න ගිහින් ඒකෙ සිද්ධ වෙච්ච වැරද්දක් මුගේ පිට ගිහින් තිබ්බා, ඒ ප්‍රෙෂර් එකට ඌ එල්ලිලා මැරිලා කියන ආරංචියට ගොඩක් දුක් උනේ අපි...
    මම ලංකාවේ හිටියේ නැහැ ඒ දවස් වල, නමුත් අපි එක්ක යුනියන් හිටපු සභාපති, සහ අපේ බැච් රෙපාල එහෙමත් කටු කාගෙන බදුල්ලේ මළගෙදර ගිහින් තිබ්බා...
    අපරාදේ ඌ ගෑණියෙක් සහ පොඩි දරුවෙක් අනාථ කරලා ගිහින්...

    (සමහර විට මේ අන්තිමම කොටස අදාළ නැතුව ඇති, ඒත් හිතට ආපු නිසා ලිව්වේ...)

    ReplyDelete
    Replies
    1. අර සුපර් සින්නා අන්තිමට බැන්දේ කජු කැලේ රිංගල බැනුම් අහපු කෙල්ලමද?

      Delete
    2. // කජු කැලේ රිංගල//

      පේරා වල නම් ඒ කාලේ ඕකට කීවේ ගන්ජා හේන කපන්න යනවා කියලයි!

      Delete
    3. ///අර සුපර් සින්නා අන්තිමට බැන්දේ කජු කැලේ රිංගල බැනුම් අහපු කෙල්ලමද?///
      ඔව් ඔව්...
      ඌ අපේ සයිට් එකේ වැඩ කළා මාත් එක්ක. හෙහ් හෙහ්...

      Delete
  19. ලොකු පුතා තුමෝ

    ඔබ තුමා ට තේරෙනවා හරි දේ..... ඒකයි වඩා වැදගත්...
    කෙනෙකුට හින්සා පීඩා නොකර සීනියර් කෙනෙකු ජූනියර් සිසුවෙකු එක්ක ආස්සරේ කරන්නේ කේසේද කියලා සමහරක් ට ගැටලුවක්!!

    අපිට කැම්පස් අකැපයි කියලා හිතනා කස්ටිය නොදන්නවා උනාට මම පෙර පොස්ටුවක දැම්මේ පරන අඳුරන කෙනෙක්... ඒ චම්පා අක්කා... කුමාර් ගුනරත්නම් ගේ බිරිඳ. මගේ හිත මිත්‍ර අල්ලපු කාමරේ රූම් මේට් මැතිවු ප්‍රනාන්දු සහ චම්පා අක්කා දෙදෙනාම අර ආරිය බුලේගොඩ සමග ජේ වී පී එකෙන් චන්දෙත් ඉල්ලුවා.... ඒත් අපේ මිත්‍රකම් නැති වෙලා නැහැ....

    හැබැයි ඉතා දැඩි ලෙස නවක වදය අවබාවිත් කල උන්දැලා සමග තවමත් අපේ කිසිම මිත්‍ර කමක් නැහැ....

    ඒ වුනත් සමහර එවැනි හාදයන් බැච් මිස් වෙලා පහලට ඇවිත් අප වෙත බලෙන් තල්ලු කල නිසා අප විසින් කොරන්නට යෙදුනු කුප්පි වල ඉදිරියෙන් ම ඉඳගෙන කුප්පි ගත්තාත් මතකයි!

    ජයවේවා!!

    ReplyDelete
  20. නේවි එකේ තිබ්බ තුප්පහි රැගින් ක්‍රමයට පළවෙනියටම විරුද්දව කම්ප්ලේන් කරපු එකා මම. නේවි එකේ වැරැද්දෙන් මාස හතරක් ඇතුලත ගත්ත තුන්වෙනි බැච් එකේ බැච් ටොප් වෙච්චි මම මාස පහ හමාරක seniority gain එකක් ගත්තා රිසල්ට්ස් වලින්. ඒක එහෙම වෙන බව කලින් දන ගත්ත සීනියර් බැච් දෙකේ උන් හා එහෙම වෙන එක නෙවි එකේ උත්තරීතර seniority එක මේන්ටේන් කරගෙන යන්න ප්‍රශ්නයක් වෙයි කියලා හිතපු ඊටත් වඩා සීනියර් මන්ද බුද්ධිකයෝ සෙට් එකයි මහම මහා තිරිසන් විදියට මට rag කරා.. වෙඩි තියාගෙන මැරෙනවද රිපෝර්ට් කරනවද කියල දවස් සති මාස ගණන් කල්පනා කරලා අන්තිමේ ඉන්නම දෙන්නේ නැති වෙලාවක මොලේට ඉඩ දීලා රිපෝර්ට් කරපු එකෙන් අදටත් මම ජිවතුන් අතර ඉන්නවා.. රැගින් කියන්නේ දුර්වලයින්ගේ රෝග ලක්ෂණයක්..

    ReplyDelete
  21. // රැගින් කියන්නේ දුර්වලයින්ගේ රෝග ලක්ෂණයක්.. //

    ඔන්න ඇත්ත!

    ReplyDelete
  22. අඩේ සරස තුමා දන්ත වෛද්‍යවරයෙක් කියලා මං දන්නෙ අදලු අප්පා. ආචාර්‍ය මණඩලයේ හිටියනම් ඉතින් අපි දන්න කියන කෙනෙක් වෙන්ඩ ඕනෙ.

    උපුල් සර් නම් අපි ෆැකල්ටි ඉන්න කාලෙ ඩීන්.. දැන් නේ වීසී වෙලා ඉන්නෙ.. :)

    කිසිම කෙනෙක්ට ෆැකල්ටි ඉන්න කාලෙදි රැග් නොකරපු එක මම විශ්ව විද්‍යාල ජීවිතය ගැන හුඟක් ආඩම්බර වෙන දෙයක්!

    ReplyDelete
  23. // අඩේ සරස තුමා දන්ත වෛද්‍යවරයෙක් කියලා මං දන්නෙ අදලු අප්පා. ආචාර්‍ය මණඩලයේ හිටියනම් ඉතින් අපි දන්න කියන කෙනෙක් වෙන්ඩ ඕනෙ. //

    Faculty of Medicine, Dept of Biochemistry.

    දන්ත වෛද්යපීටේ බයෝකෙම් හිටි විමලසිරි මහත්තයා "අසනීප" වුනාම් එහ හිගින් උගන්නලාත් ඇත...

    ReplyDelete
  24. සරස තුමෝ යහතින් මෙහි සැරිසරති
    මිතුරු තොමො එය නොම දැන පච කෙලිති

    ඉකොනොමැට්ටාගේ පිහිටෙන් ආවෙමි.. කොඩිය සිටුවුයෙමි. යූකේ යමි.. හැක්..

    ReplyDelete
  25. // සරස තුමෝ යහතින් මෙහි සැරිසරති
    මිතුරු තොමො එය නොම දැන පච කෙලිති

    ඉකොනොමැට්ටාගේ පිහිටෙන් ආවෙමි.. කොඩිය සිටුවුයෙමි. යූකේ යමි.. හැක්..//

    තැන්කූ වේවා ආවාට!

    ReplyDelete
  26. ඉතින් එයාගේ නම ගම දාන්න කෙලින්ම

    ReplyDelete
  27. නවක වදය පිළිබඳව මනෝ විද්‍යාත්මක විග්‍රහයක්

    http://transyl2014.blogspot.ca/2017/01/blog-post_82.html

    ReplyDelete