Monday, June 13, 2016

අර්ජුන් මහේන්ද්‍රන් මැති තුමා ව රැකගනිමු!



අර්ජුන් මහේන්ද්‍රන් වනාහී වැදගත් පාසැලක අද්යාපනය ලත් හොඳ ලමයෙකි. හොඳ ලමයින් ට හොඳ යාලු මිත්‍රයෝ සිටිනා බව කවුරුත් දනිති. අර්ජුන් ගේ හොඳම යාලුවා අග්‍රාමාත්ය රනිල් වික්‍රමසින්හ මැතිතුමා ය.

රනිල් වික්‍රමසින්හ මැතිතුමා මහ බැන්කුවේ අදිපති කම දෙන්නට සින්ගප්පූරු පුරවැසියෙකු වූ අර්ජුන්  ව ලන්කාවට ගෙන ආවේය. පසුගිය වසර පුරාවට ම අර්ජුන් තමන් ට පැවරූ රාජකාරිය අකුරට ම ඉස්ට කල බව අප සැම දන්නා කාරණයකි.

බුදුන් ටත් දෙවිදත් සිටියා මෙන් කොපමන හොඳ කෙනෙකුට වුවත් සතුරන් සිටීම ලෝක දර්මතාවයකි. අපේ කතානයක වූ අර්ජුන් ටත් එවැනි සතුරන් රැසක් බිහි වී ඇත්තේ එතුමා රනිල් වික්‍රමසින්හ මැති තුමා ගේ අතිශය විශ්වාසී මිතුරා වීම නිසා ම ය. 

කෙනෙකු ගේ ඇස්දෙක දිහා බලාගෙන කතා කිරීමට වත් පෞර්ශත්වයක් නැති නිර්මාල් දේවසිරි ද ආචාර්ය උපාදි නැතිව පස්චාත්බාගය දන් දී මහාචාර්ය වූ සරත් විජේසූරිය ද දැන් අර්ජුන් ව එලවීමට බැහැලා වැඩ කොරන්නේ තනිකර ම ඊරිසියාවට ය. 

ඔවුන් දෙදෙනාට යකා නැග ඇත්තේ රනිල් වික්‍රමසින්හ මැති තුමා ඔවුන් දෙදෙනා ප්‍රමුක අනෙකුත් "පන්තියට නොගැලපෙන" උදවිය තඹ සතේකට මායිම් නොකරන නිසා ය!

මෙහි දී සාමාන්යයෙන් ඊරිසියාවට තැන දී තොවිල් නටනා දේසපාලනේ කොරනා ජෙප්පෝ තම ඉස්තානය නිවැරදිව හඳුනා ගෙන රනිල් වික්‍රමසින්හ මැති තුමා ගේ කීමට ඉහලින් නොගොස් බිම බලාගෙන කසාය බී ගොලුවන් සේ සිටීම ස ර ස තුමා ගේ පැසසුමට ලක් වන බව සඳහන් කල යුතු ය!

දැ හිතකාමී ශ්‍රී ලාන්කිකකයිනි! අප එකාවන් ව එක් වී ඊරිසියාකාරයන් පලවාහැර අර්ජුන් මහේන්ද්‍රන් මැති තුමා රැකගනිමු!

මීට විස්වාසී,

ස ර ස තුමා!


20 comments:

  1. මහාචාරියාලයි, ජෙප්පොයි ඔක්කොම යුනිවර්සිටි ප්‍රඩක්ට් (හෝ බයිප්‍රඩක්ට්) හින්ද එයාල විකල්ප මහ බැංකුපති අපේක්ෂකයෙක් විදිහට පැන්ෂන් ගිය බරසරියෙක් වත් නම් කරල නැද්ද තවම?

    ReplyDelete
  2. මේක සරසා ලියපු එකක් ද නැත්තං ගම්මන්පිලතුමා ලියලා එවපු එකක් පෝස්ට් කරාද????? මොකද ඒ ආරෙට චරිතය ඝාතනය කිරීමක් තමා මේ...... ඒකනේ අර්ජුන්ගෙන් පටන් අරන් නිර්මාල් හරහා සරත් විජේසුරියගේ චරිතයත් ඝාතනය කරන්නේ..... ෂුවර් මේක අර ගම්මන්පිල ලියලා එවපු එකක්....... ෂුවර්...... නැත්තං සරසාව බය කරලා ගම්මන්පිල මේක දාන්න කිව්වද ????????

    ReplyDelete
    Replies
    1. // ඒකනේ අර්ජුන්ගෙන් පටන් අරන් නිර්මාල් හරහා සරත් විජේසුරියගේ චරිතයත් ඝාතනය කරන්නේ..... //

      ස ර ස තුමා ගව ඝාතනය හෙලාදකියි....

      Delete
  3. අර්ජුන්ට අග්‍රාමාත්‍යතුමා එක්ක යාලුකමට වඩා නෑකමක් තියනවා කියනවා නේද??

    රුසියාවට වඩා ලොකුයි නෙ ඉරිසියාව....

    බය වෙන්න එපා අද කිරිඇල්ල කියුවෙ එයාට මොකුත් වෙන්නෑය... එයා වරදක් කරලා නෑය... එයා නිර්දෝශීය කියලා....

    ReplyDelete
    Replies
    1. ඒකනේ අපි කලින් ම කිවුවේ.....

      :D

      Delete
  4. //කෙනෙකු ගේ ඇස්දෙක දිහා බලාගෙන කතා කිරීමට වත් පෞර්ශත්වයක් නැති නිර්මාල් දේවසිරි ද ආචාර්ය උපාදි නැතිව පස්චාත්බාගය දන් දී මහාචාර්ය වූ සරත් විජේසූරිය ද දැන් අර්ජුන් ව එලවීමට බැහැලා වැඩ කොරන්නේ තනිකර ම ඊරිසියාවට ය. //
    කම්පොනා කොරං යද්දි ස ර ස තුමා ඇත්තක් නැත්තෙම නෑ හිටං...

    ReplyDelete
    Replies
    1. එහෙමයි...

      තැන්කූ හිටන්!

      Delete
  5. අර්ජුන හොරෙක් කියලා බොහෝම පැහැදිලිව ඔප්පු වෙලා ඉවරයි... සම හරක් විට මහින්දානන්ද කෝප් එකට දාන්නේ, මහින්ද හා හොරු 40 හේ ගේම එක නවත්ත ගන්න වෙන්න පුළුවන්. අපිට තියෙන්නේ තව ටික කාලෙකින් මහින්දද සිරාද ළොකුම හොරා කියලා තීරණයකට එන එක විතරයි.. මම හිතනවා සිරිසේන මහින්දව පරාජයට පත් කරයි කියලා..

    ReplyDelete
    Replies
    1. මිනිහෙක් පොඩි ගානක් හම්බ කොර ගත්ත ගමන් එයාට ඇඟිල්ල දික් කරලා හොරා යැයි කීමේ සන්ස්කෘතිය පරදවමු!

      Delete
  6. සාරස තුමා 'අවංකවම' කියන එකට එකඟ වෙන්න බැහැ. විශාල ප්‍රමාණයේ බැඳුම්කර වංචා බැඳුම්කර රජා යයි විරුදාවලිය ලත් 'අජිත්' හරහා නිවාර්ඩ් කබ්‍රාල් අවුරුදු 10 ක් ටෙන්ඩර් නැතුවම බැඳුම්කර නිකුත් කර ඉන්පසුව පොලී අනුපාත වෙනස් කිරීමෙන් බැඳුම්කර වල වටිනාකම එහෙ මෙහෙ කර ගසා කෑමට එජාපෙ ඇතුළු හැමෝම විරුද්ධ වුණා. හොරෙන් නැතුව විනිවිද බාවය සඳහා කියලා ටෙන්ඩර් හරහා ගන්න එක හොඳ වුණත් ටෙන්ඩ ප්‍රමාණයට වඩා ගැනීම ටෙන්ඩර් නැතුව ගැණීමට සමානයි. එම නිසා ටෙන්ඩර් කල ප්‍රමාණයට පමණක් බැඳුම්කර නිකුත් කිරීමට නියෝගයක් ගෝ නීතියක් අවශ්‍යයි. කෙසේ වෙතත් යහපාලනය පතන්නන්ගේ විශ්වාශය නැතිවී සිටින අධිපතිවරයා ගේ කාලය නැවත දික් නොකල යුතුයි.

    ReplyDelete
    Replies
    1. අර්ජුන් ඉතින් කාටවත් කරදර කොරන්නෙ නැතිව ඉන්න අහින්සක මිනිහෙක් නේ ඉයන් තුමෝ?

      Delete
  7. තවත් කෙසෙල් ජනරජ ලක්ෂණයක් වගේ
    පී බී ගේ සිට කබරාල් හරහා මහෙන්ද්‍රන් දක්වා අධිපතිවරු ප්‍රවෘත්ති ඇතිකරන්නන් වුනා. ඉස්සර අය ඉන්නවද කියලවත් සාමාන්‍ය මිනිස්සු දැනගෙන හිටියෙ නෑ.
    Show Biz එකේ අයට No publicity is bad publicity කිව්වට රජයේ සේවකයන්ට Any publicity is bad publicity !

    ReplyDelete
    Replies
    1. // ඉස්සර අය ඉන්නවද කියලවත් සාමාන්‍ය මිනිස්සු දැනගෙන හිටියෙ නෑ. //

      මහ බැන්කුවේ අදිපති තුමා මුදල් නෝට්ටුවල අස්සන දාන නිසා එතුමා ගැන නම් හැමෝම දැන සිටියෙමි!

      Delete
  8. අනිවා..!! මිස්ටර් අර්ජුන් නැවතත් මහ බැංකු අදිපති කල යුතුමය. පලවෙනි වසරතුල එතුමා දැක්වූ ප්‍රථිපල ඇගයිය යුතුය. අලුත්ගමගේ කෝප් කමිටුවේ නොව මුදල් ඇමති කල යුතුය. වෙනස ෆුල් මාවලස් ය. 🙉📢🙈🙊

    ReplyDelete
  9. What wrong Arjun? He is very skil full man. He is inteligen. That why president Mithiri tust he. President Mithri apoint Arjun to cental bank cheef agane. It good too. President also do corect thing. You all racism people. That why you all no like Arjun.

    ReplyDelete
    Replies
    1. No rong Arjun.. he royal skool man always gud.

      Delete