Thursday, June 9, 2016

බුද්දදාස සමාජ විද්යාඥ තුමා ගේ පර්යේශන.....





මේ බුද්දදාස..... 

නුගේගොඩ කෝච්චි හරස් පාර හන්දියේ DSI වෙලෙඳ සැල ඉදිරිපිට එයා පලතුරු තට්ටුවක් තියන් ඉන්නවා.

හදිසියේ ම බුද්දදාස වෙලෙඳ සැලට ගොඩ වුනේ එයා කරමින් හිටි පර්යේශනයක ප්‍රතිපල අපට කියන්නයි.... 

(ඔවු ඔවු... ස ර ස තුමා ඉතින් සිය රට දේ සිරි සැප දේ කියලා බාන්ඩ මිල දී ගන්නේ දේසීය නිශ්පාදකයා ගෙන නේ.... ඒකයි DSI එක ඇතුලේ හිටියේ....)

බුද්දදාස අතේ පුන්චි බිල් පොතක්... ඒ බිල් පොතේ පේලියට  ඉරි කෑලි එකක් පස්සේ එකක් ඇඳලා....

මම මෙතනින් යන එන මිනිස්සු 257 දෙනෙකු ගේ මුහුනි සෝදිසියෙන් බලන් හිටියා.... මේ බලන්න... ඒයින් තුන් දෙනෙකු ගේ මූනේ තමා හිනාවක් තිබුනේ..... ඉරි කෑලි පේලි අතරේ කතිර තුනක්!

බොලේ මේ ඉන්නේ අන්කූර සමාජ ව්ද්යාඥයෙක් නේද කියලා ස ර ස තුමාට හිතුනා....

දැන් මිනිස්සුන්ගේ මූනේ හිනාවක් නැහැ... ඒගොල්ලෝ සන්තොසෙන් නෙවෙයි ඉන්නේ... බුද්දදාස විද්යාඥ තුමා එතුමා ගේ නිරීක්ශන DSI සබාවට ඉදිරිපත් කරනවා....

හැබැයි ඒ අසතුටට හේතුව වසයෙන් මම හිතන දේ මෙතන කියන්නේ නැහැ.... ඔන්න බුද්දදාස විද්යාඥ තුමා කියාපු දේ!

ඉහත පින්තූරෙන් පේන්නේ බුද්දදාස සමාජ විද්යාඥ තුමා එතුමා ගේ ප්‍රතිපල සටහන් කර ගත් කුඩා බිල් පොත සමග වෙලෙඳ සැල තුල දී චායා රූපටට පෙනී හිටිය හැටි!



19 comments:

  1. ඇවිදින ගමන් හිනා වෙන පිස්සෝ ඕන තරං පිට රට ඉන්නවා. ලංකාවේ අඩුයි.. හැක්

    ReplyDelete
  2. මේකනම් ඇත්ත. ඉස්සර ලංකාවෙ මිනිස්සුන්ව හිනහ ගස්සන්න විමල්, මර්වින් වගේ ජෝකර්ස් ලාට අමතරව පොලිස් මාධ්‍ය ප්‍රකාශක වගේ කොච්චර කට්ටිය හිටියද? දැන් ඉතින් ජෝන් බාස් විතරමයි.

    ReplyDelete
  3. දැන් කාලෙ පාරෙ හිනාවෙවී යන්නෙ එක්කො පිස්සො නැත්තන් දේශපාලකයො

    ReplyDelete
    Replies
    1. ඇයි ආදරවන්තයෝ?

      Delete
  4. පොඩි කාලෙ ඇහුවා වගේ මතකයි ලංකාවෙ මිනිස්සු සුහදශීලී හිනාවෙන මිනිස්සු.ඒ නිසා මේ රටට කැමතියි කියලා සුද්දො කියනවයි කියලා.
    පාර්ලිමේන්තුවේ නම් ඉන්නවා හිනා වෙවී නටන අය.
    එයාලත් එක්ක වත් ඉන්න වෙනවා.නැත්තන් හිනාව පර වෙයි වගේ.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. අපි පොඩි කාලේ සිරිමාවෝ මැතිනිය ගේ ආන්ඩුව කාලේ රට වටේම බිත්ති වල ලියලා තිබුනා "සන්චාරකයන් ට සිනාවකින් සන්ග්‍රහ කරන්න" කියලා....

      ජයවේවා..!!

      Delete
  5. ඉයන් කිව්වා වගේ දැන් ජෝකර්ලගේ අඩුවක් තියෙනවා...

    අපි ඉතින් ආතල් එකක් ගන්නේ බන්ධුල වගේ ගොනෙක්ගේ ජී ඇල් වගේ පිස්සෙක්ක්ගේ කතාවක් අහලා තමයි...

    ReplyDelete
    Replies
    1. ඇයි පුටුවෙන් වැටුන මරවිනුත් සිරිසේනගේ පැත්තට ටෝක් දෙන්න ටී වී එකේ එන්නේ...

      Delete
  6. ඇත්ත. හිනාව අමතකවෙලාම යන කාලයක්. අමාරුවෙන් හරි හිනාවෙලා ඉන්න පිරිසත් එහෙම ඉන්නේ ප්‍රශ්න ගොඩක..

    ජයවේවා!!!

    ReplyDelete
  7. ඇ බන් සරසයෝ..!! උබ ඔය ඔහෙන් වරෝ කියල කියන්නෙ පාරේ හිනාවෙවී යන එවුන්ට පිස්සු කියලද? මෙහෙ සුද්දො සුද්දියො නම් කියන්නේ ලංකාවේ ඉන්නේ උබ වගේම හැමවෙලේම හිනාවෙලා ඉන්න මිනිස්සු කියල. මමනම් උන්ට කිව්වේ උබල ඔය ෂුවර් එකට දැකල තියෙන්නෙ පෙත්තක් ජොයින්ට් එකක් ගහපු උන් ටිකක් තමයි හිටන් කියල.

    ReplyDelete
  8. හිනා නොමසෙන් දසන් දක්වා.. සා රස තුමා අහල පහල හිටි නිසා වෙන්නැති.. හිකිස්..

    ReplyDelete
    Replies
    1. :D
      හිකිස්..

      ජයවේවා!!!

      Delete
  9. දැන් සරසා ඉන්නේ ඕකෙන් කොයි ඉරේද????????? සුපිරි සමාජවිද්‍යාඥයෙක් තමා.... කැම්පස් වලට වෙලා එකම නෝට් එක කටපාඩමින් කියවමින් ජීවත් වෙන මහාචාර්යවරුන්ට වඩා මේ මිනිස්සු කොච්චර ඉස්සරහාද???????

    ReplyDelete