Thursday, July 14, 2016

අද හොඳම දවස....




අද දහවල් බොම්බේලුකින් වපරසින්හ තුමා චම්පක රනවක ගල් අඟුරු ටෙන්ඩරේකින් හොරකම් කලා කියා දූසන සන්වර්දන මන්ඩලේට පෙස්සමක් ගැසුවෙමි. 

ඒ, අනේ අර වාසුදේව හොරා කීවාට මම නම් ගල් අඟුරු ටෙන්ඩරේකින් හොරකම් කොලේ නෑ කියා චම්පක රනවක අද ප්‍රෙස් කොන්ෆරන්ස් තියා වේලෙන්නටත් කලින් ය.

තම කප්පම නොලැබීම නිසා හිතේ අමාරුවට පත් වී රේගුවේ හොරකම් ගැන හෙලි කොල අනුර කුමාර දිසානායකට විරුද්දව රවී තුමා නඩු දමන්න යන්නේත් අදය.

මාතර යාපා කෙනෙක් ඇවිත් VAT පනත පාර්ලිමේන්තුවට ගේන එක කල් දානවා කියා කීවේත් අද ය.

VAT පනත පාර්ලිමේන්තුවට ගෙනාවොත් ඊට අත් උස්සන මන්ත්‍රීලාට හරක් ප****යෙන් ගහපල්ලා කියා යූ ඇන් පී එකෙන් දහ දොලොස් වතාවක් චන්දේ ඉල්ලා නෝන්ඩි වූ ශ්‍රීනාත් පෙරේරා සහ අනුර කුමාරට කලක පෙර හමු වූ ටොප් බඩුව වන ක්‍රිශ්මාල් වර්නසූරිය අද  කියා සිටියේ ඔවුන් අටවාගත් විද්වත් ගොන් පාට් එකේ බැනරය යටතේය!

විසිල් බලයේ ආචාරිය උපාදි නැති මහාචාරියා හරක් විජේසූරිය සහ උයන්කනගොඩ තුමා ලා නාමල් ගේ අම්මට යනුවෙන් මාජ්ජ සාකාච්චා ඇමැතුවේත් අද ය!

මෙතෙක් රාජපස්සලා ට බලු බැනුම් දෙස දෙවොල් තැබූ සිරි ලන්කා සොරිසේන පිලේ උප කතානායක, උප ඇමතිලා හේම වැලිකඩ ගිහින් නාමල්තුමා ට වැඳ අවසර ගත්තේත් අද ය!


හම ගැසූ සහ හම නොගැසූ ලෙස අත්යාවස්ය බාන්ඩ ලිස්ට් එකට දෙවාතාවක් ම පෙනී සිටීමේ වාසනාව කුකුලා ට ලැබුනේද අද බව ස ර ස තුමා ලියනා මේ ගොන් කතා කියවන පින්වතුන් දැන ගත යුතු ය!

අද හොඳම දවස....





20 comments:

  1. Replies
    1. බලන් ඉන්න.... බලාගෙන ඉන්න,,,,

      Delete
  2. //හම ගැසූ සහ හම නොගැසූ ලෙස අත්යාවස්ය බාන්ඩ ලිස්ට් එකට දෙවාතාවක් ම පෙනී සිටීමේ වාසනාව කුකුලා ට ලැබුනේද අද බව//
    'මෙය මේසේමමයි විය යුතු' කියල පුප හපාගෙන කියන අය ඉන්න බව දන්න හිංදා එයැයිලා එහෙම කරන එකේ වරදක් නෑ ඉතිං..
    බි.පෙ.සි.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. කට්ටා කරවල කන්නේ හමත් එක්ක නේ.....

      Delete
  3. ඔබට සතුටුයිද දැන්

    - මහින්ද රාජපක්ෂ -

    ඇයි එංගලන්තේ අළුත් අගමැතිට මහින්ද සුභ පතපු එක දැක්කේ නැද්ද...

    රාජ්‍ය නායකයකුට සාමාන්‍ය මන්ත්‍රි කෙනෙක් සුභ පතනවා දැක්කමයි..

    ReplyDelete
    Replies
    1. well, you obviously have lot to learn....
      :D

      Delete
  4. තමා ලියන කථා, ------ කථා බව සරසතුමාට වැටහී ඇත්තේද ' අද ' ය. හැක්....

    ජයවේවා!!!

    ReplyDelete
  5. ඔයවගේ "අද හොඳම දවස" කියල හිතං හිටපු දවස් කීයක් තිබ්බද.. අල්ලලා දාන්න සාරස තුමා...

    ReplyDelete
    Replies
    1. ඔන්න එහෙනම් අල්ලලා දැම්මා

      Delete
  6. //////හම ගැසූ සහ හම නොගැසූ ලෙස අත්යාවස්ය බාන්ඩ ලිස්ට් එකට දෙවාතාවක් ම පෙනී සිටීමේ වාසනාව කුකුලා ට ලැබුනේද අද/////

    කුකුලට ගිය කලක්.....

    මේ පැත්තෙ කුකුල් මස් ඔයිට අඩුවට තිබුනේ.... දැන් තවත් වැඩි වෙලානේ....

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ...
      අඩු දේත් වැඩි කොරලා නේ මේ අත්යාවස්ය හාදයෝ මිල නියම කොරන්නේ...

      Delete
  7. දැන් මේක අද නෙමෙයි ඊයෙනෙ...

    ඊයේ හොඳම දවසක් නේන්නම්, ලෝකෙට ලොක්කගේ රටේ ඉඳල ආපු යාළුවෙක් අපිට එන්න කියල මුහුද අයිනේ තැනක සෙටමෝල් වෙලා සර්ව මාංශ බයිට් සමග කණ සාක්කුවේ වැටෙන්න අනුමත වෙලා පරණ ආගිය කතා කතා කරකර ඉඳල ගෙදර යද්දී රෑට පාර අයිනේ හිටගෙන ඉන්න අභිසරුලියන් වගේ තැන් තුනක හිටගෙන හිටපු අපිටම කෙලවන්න බලාගෙන හිටපු පොලිස් උත්තමයෝ තුන් පොලකින්ම බේරිලා ගෙදර ගියපු ඊයෙ දවස නරක වෙන්නේ කොහොමද ආයිබෝං...

    ReplyDelete
    Replies
    1. //ඊයෙ දවස නරක වෙන්නේ කොහොමද ආයිබෝං... //

      ඒකනේ..... අද හොඳම දවස....

      Delete
  8. මිණි මිණි පොද වැටේවි
    මල් මිණි දැදි රිදේවි
    ඔබ එනවා නම්
    දේදුණු පාලම උඩ හැන්දෑවේ
    මම ඉන්නම්

    ලා සඳ පලුව ඇවිත් - නිල් ගිර මුදුනින්
    රන් තරු මාල බැඳන් - රන්වන් අහසින්
    අද හොඳම දවස - අද හොඳම දවස
    ඔබ එනවා නම්


    බිම් කලුවර ඇවිදින් - පිරෙන්නට කලින්
    සුදු මීදුමේ සුසුම් - නැගෙන්නට කලින්
    අද හොඳම දවස - අද හොඳම දවස
    ඔබ එනවා නම්...

    ReplyDelete
  9. ඊයේ කුකුලන්ට හොඳ දවසක් තමයි.. ;)

    ReplyDelete
    Replies
    1. රන්වන් රන්වන්.. මගේ රන් කිකිලී...

      Delete
  10. මම නං දැං ඔව්වට මොකුත් කියන්නේ නැ , වෙනදේ බලාගන කාළකන්නි සතුටක් විදිනවා

    ReplyDelete
    Replies
    1. // මම නං දැං ඔව්වට මොකුත් කියන්නේ නැ , වෙනදේ බලාගන කාළකන්නි සතුටක් විදිනවා //

      ආ... ඔබට සතුටුයි නේ දැන්?

      Delete