Tuesday, November 22, 2016

ඇමෙරිකා එක්සත් ජනපදයේ සිරිලාකීකරනය!




සිරි ලන්කාවාසීන් හිතන් ඉන්නේ මේ රට සින්ජොප්පූරුවක් කොරන්න ය හිටන්. අමෙරිකානුවන් නම් දැන් සෑදී පහැදී හිටින්නේ මෙරිකා එක්සත් ජනපදය සිරි ලන්කාවක් කොරන්න ය!
මැතිවරන කාලේ තමන් ගේ ජනප්‍රියත්වය අඩු වන බව දැනගත් ට්‍රම්පච්චී කොරේ අපේ අප්පච්චී මෙන් කුඩා දරුවන් වඩාගැනීම ය. යහපාලනේකටු කන ඈයෝ කොලා මෙන් සමාජ ජාලා වල බොරු ප්‍රවුර්ති හදා මිනිස්සුන් ව ගොනා ට ඇන්දීම ය. තමන් බලේට ආවාම කටුනායක ගුවන් තොටුපොල දින කීපයකට වසා දමා හිලරි අක්කා ව හිරේ යවනවා කීම ය.

කොහොමින් කොහොමින් හරි චන්දේ දිනුවාම ඒ රටේ ඉන්නා වෙන්ඩපොශ් ටොයියෝ ට්‍රම්පච්චීට විරුද්දව මහ පාරේ ගහ මරා ගන්නේ කාලෙකට කලින් සිරි ලන්කාවේ පැවැතිච්චි වයඹ පලාත් සබා මැතිවරෙනේ වගේ ය!




ඔන්න පින්වතුනි... මෙච්චර කල් ග්‍රීන් කාර්ඩ් හිඟා කකා යූ එස් යන්න පොරකෑ ඔබ සැම ට යූ එස් එක ඔබේ ගෙදරට ම ගෙන ඒමේ බාරදූර කර්තව්යය ට්‍රම්පච්චී විසින් කොරනු ලබන බව කරුනාවෙන් සලකන්න හිටන්!

PS:
ඒ අස්සේ රනිල් තුමා මාමා සහ බෑනා සමග එකතු වී බාන්ඩාගාර බැඳුම්කර හොරකම සිදු කල බව අමතක නොකරන්න!

34 comments:

  1. අැමරිකාව ශ්‍රී ලංකාවක් කරන්න තුරුම්පුසිඤ්ඤො ක්‍රියා කලොත් අපටත් දෙයියනේ කියල ග්‍රීන්කාඩ් ඕනවෙන්නෙ නෑ

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. එතකොට දැං ඇමරිකාව එක්ක සම්බන්ධතාවයක් පැවැත්වුවොත් එ්ක බටහිර කුමන්ත්‍රණයක් නෙවෙයිද?
    දැන් ට්‍රම්ප්ගෙ ඇමරිකාව ප්‍රගතිශීලීයිනෙ

    ReplyDelete
    Replies
    1. ට්‍රම්ප් ගේ ඇමෙරිකාව බ්ලීඩින්ග් හාර්ට් ලිබරල් මතේ ලෝකේ ඉදිරියට ගෙනියන්න සල්ලි එහෙම දෙන්නේ නැහැ හිටන්!

      එන් ජී ඕ බන්කොලොත් වීමේ අවදානමක් පවතිනවා!

      Delete
    2. එහෙම උනොත් දැන් ඒක රුසියානු කුමන්ත්‍රනයක් වෙනව. මොකද ට්‍රම්ප්ව බලයට ගේන්ඩ රුසියාව කුමන්ත්‍රන්ය කරනව කියල චන්දෙ කාලේ ඔබාමා ලොක්ක කිව්වනේ.
      සාරස තුමෝ,
      බැඳුම්කර හොරකම වගේම, දහමානුකූලව ක්ලික් එකට මයි-ත්‍රී කරපු එකත් අමතක කොරන්ඩ හොඳ නැහැ. රිය අනතුරු මිනීමැරුම් වෙලා, ගැන්සි අරන් ගිහින් ඔලුව කුඩු වෙන්ඩ ගහන එක මෛත්‍රී කිරීමක් බවට පත් වෙලානෙ තියෙන්නෙ

      Delete
  4. මැක්ක වගේ තමයි, සාරසය කොහෙන් ගියත් නවතින්නෙ බැඳුම්කොරේ හිටන්.

    ReplyDelete
    Replies
    1. ඔන්න පින්වතුනි ඇත්ත!

      Delete
  5. මම හිතුවා උඹට මතක උනා කියලා.. අන්තීමටම තියෙනවා මැක්කාගේ කතාව..

    ReplyDelete
    Replies
    1. මොන පිස්සුද ටොය්යො රු700/= ට කේන්දර බලන සීන් එක අමතක කලත් ඔය වගෙ රසවත් සිද්දියක් අමතක කරල කොහොමද ?

      Delete
    2. බැඳුම්කරේ අමතක නොකරාට දහම් කොලුවගේ ක්ලබ් කුඩුකෙරිල්ල නම් අපි අමතකරලයි ඉන්නෙ හිටන්!

      Delete
    3. නරි-බෑන( මේ නම අනිත් පැත්තට හරවල හිතා ගන්ඩ එහෙම එපා) ට බෙහෙත් අරන් දෙන්ඩ ඔනෙ නිසා මාමන්ඩිය ගාන වැඩි කරල වගේ

      Delete
    4. ඒක නම් උන්ම ගහගත්තා කියලා මනේජර් කිව්වා නේ...

      Delete
    5. දැන් ඇති ඇනෝ....

      මට ගහපන්... අනෙක් අයට ගහන්න එපා මෙතන හිටන්!

      Delete
    6. ///මට ගහපන්... අනෙක් අයට ගහන්න එපා මෙතන හිටන්!///

      එළ, දැක්කද ඇනෝට ලැජ්ජ හිතුනා... ;)

      Delete
    7. පොන්නයන්ටත් ආතල් එකක් ගන්න දෙන්න අප්පා... උනුත් මනුස්සයොනේ...

      Delete
    8. මාතලන්,

      ඉහත ඇනෝ කමෙන්ට් දාන්නේ සිංහල බ්ලොග් අවකාසයේ කුප්‍රකට බකපඬි අතිදුශ්ට අමු කුහක මනපහත් අධම පේරාදෙණි ගෝත්‍රිකයා හෝ උගේ ඔසී ඩොලරයට ලොබ බැඳි කුලියට කහින ගෙවලයකු විය යුතුය. අපට මාතලන්ගේ දේශපාලන අදහස් (ඇතැම් ඒවා, සමහර ඒවාට එකඟයි, විශේෂයෙන්ම කන බොන උන්ගෙන් බදු හූරාගැනීමට ඇති විරෝධ්ය වැනී) සමග යම් මත ගැටුම් තිබුණත් පුද්ගලික තරහක් නැත. මෙය ඉයන්ටද අදාළය.

      හිතවත් සාරස,

      වහාම දැනට වේලි වේලි ඉරිසියාවෙන් පුපුරමින් සිටින මෙම මනපහත් පිස්සු බල්ලාට තවත් පිස්සු කෙළිමින් ඔබගේ පාඨකයන්ට සිදුකරන අපහාස වැලකීම ඔබගේ වගකීමක් බැව් අවධාරණය කරමු.

      Delete
    9. // AnonymousNovember 23, 2016 at 4:48 AM //

      එක්තරා ප්‍රමානයකට මා ඔබේ කොමෙන්ටුව සමග එකඟයි! ඒත් කවුරු කාට අපහාස කොරන්න උත්සාහ කොලත් මම එය වලක්වන්න ක්‍රියා කරනවා....

      මේක මගේ බ්ලොග් එක..
      ඔනේ කෙනෙකුට පුලුවන් මට ඕනෑ තරම් අපහාස කොරන්න උත්සාහ කොරන්න ඒත් වෙනත් අයට අපහාස කොරන්න මම ඉඩ නොදෙමි!

      Delete
    10. කුපාඩියේකුගේ කුපාඩි වැඩ එලි කිරීම අපහාස කිරීමක් වන්නේ කොහොමද? අනෙත් කපුවොන්ටයි, ෆෙන්ග්-ශුයි කාරයටයි පස් පදන්ගුවේ බැන බැන කේන්දර බලන මේ ගොබ්බයගේ කුපාඩිකම් උඹලට පෙන්නේ නැති එකනේ පුදුමේ. තට්ටයගේ මහන්තත්වේ අල්ලන්නේ නැතුව වගේ මුගේ කුපාඩිකමුත් අපිට අල්ලන්නේ නැහැ.

      Delete
  6. සරසයෝ.......හොඳ හොඳ සෙල්ලම් එලිවෙන ජාමෙට. උඹත් ලෑස්තිවෙලා හිටපන් ඇමරිකාවේ තානාපති වෙන්න. ෆරාජ් ලොක්කව එවන්න කියලා මෙහෙට පනිවිඩ එවලා ට්‍රම්පච්චි.

    ReplyDelete
    Replies
    1. බුදු අම්මෝ..

      අරූ සීයේ.. මොකද මා එක්ක ඇති අමනාපෙ මාව අමෙරිකා තානාපති කොරන්න...

      පහුගිය කාලෙ අමේරිකාවෙ තානාපති ජාලිය ලොක්කා අන්න වැලිකඩ කූරු ගනිනවා ..
      මට නම් බෑ හිරේ යන්න හිටන්!

      Delete
    2. සාරස භයියා,

      ඔයත් දැන් වත්මන් අන්ත දූෂිත යහපාලන රෙජීමයට රෙදි නැතුව කඩේ යන නලාකාරයින්ගෙන් යමක් ඉගෙනගෙන වගේ. "මැක්කා" තියරිය අගේන්.

      ඉස්සර මරාවාදීන් සහ එජාප විරෝධීන් රනිල්ට විරුද්ධව යොදාගත්තේ "බටලන්ද" මැක්කා. ඒක ආහල අහල එපාවුණාම ලොල් සීන් හෙමත් අතිශයෝක්තියට නගල දුන්නා. මෑතකදි මැක්කා තියරිය එපාම කලේ යහපාලන රජයට නග්නව කඩේයන ගොබ්බයෝ රෑන. මුන්ගෙන් මොන මගුල ඇහුවත් කිව්වත් කොහෙන් හරි "රාජප්ක්ෂ කල්ලිය" ගාවල ශේප් වෙන්න හදල කිච වෙලා චොරම වෙලා ගියා.

      දැන් මරාගෙ හෙංචයියො ටික "බැන්දුම්කර" මැක්කා අල්ලන් දඟලනව. ඔය මොනවත් නෙවෙයි, රටෙ බහුතර සබුද්ධික ජනතාවට පිළිගන්න පුළුවන් අලුත් වැඩපිළිවෙලක් යෝජනා කිරීම තමයි දැන් අනාගත "වෙන්න" නායකයින් කළයුත්තේ.

      2005 මරා ජෙප්පො හෙළෞරුමකාරයෝ ඇතුළු කල්ලිය මතුකළ "ගෞරවාන්විත සාමයක්" වගේ මේ මොහොතේ සුදුසු වන්නේ සංවර්ධනවාදී ස්ථාවර ආර්ථිකයක් සහිත ශක්තිමත් රටක් තුළ බහුතර සිංහල ජනතාවට ගෞරවාන්විතව නැගීසිටිය හැකි අනෙකුත් ජනවර්ගවලටත් අතිශය සාධාරණ විදිහට සලකන නව සමාජයක් පිළිබඳ පුළුල් කතිකාවක් දැන්ම අරඹන්න හැකිනම් චාන්ස් එකක් තියෙයි.

      බොරුවට විකාර කර කර හිටියොත් මුන් මොකක් හරි කට්ට කයිරාටික දහන් ගැටයක් ගහල ජල්තර සීන් එකකින් ඡන්දයක්වත් නොතියා ආණ්ඩු කාලය දික්කරගෙන අපිට කෙළ කෙළ ඉඳියි. දැන් මොකෙක් හරි මුන්ට විරුද්ධව නැගී සිටිය යුතුමයි. ජෙප්පො වගේ ප්‍රෝඩාකාරී බොරු සෝබන වෙනුවට බය නැතුව වගකීමක් අරගෙන කෙළින් වැඩකළ හැකි ශක්තිමත් නායකත්වයක් රටට අවශ්‍යයි. බැසිල, නාමොලාල වගේ අන්ත දූශිතයොවත් ජීඑල් වගේ කයිවාරුකාර වැඩබැරි දාසලවත් නෙවෙයි.

      Delete
  7. සාරස භයියා,

    ඔන්න ඉතින් ඔයත් දැන් වත්මන් අන්ත දූෂිත යහපාලන රෙජීමයට රෙදි නැතුව කඩේ යන නලාකාරයින්ගෙන් යමක් ඉගෙනගෙන වගේ. "මැක්කා" තියරිය අගේන්.

    ඉස්සර මරාවාදීන් සහ එජාප විරෝධීන් රනිල්ට විරුද්ධව යොදාගත්තේ "බටලන්ද" මැක්කා. ඒක ආහල අහල එපාවුණාම ලොල් සීන් හෙමත් අතිශයෝක්තියට නගල දුන්නා. මෑතකදි මැක්කා තියරිය එපාම කලේ යහපාලන රජයට නග්නව කඩේයන ගොබ්බයෝ රෑන. මුන්ගෙන් මොන මගුල ඇහුවත් කිව්වත් කොහෙන් හරි "රාජප්ක්ෂ කල්ලිය" ගාවල ශේප් වෙන්න හදල කිච වෙලා චොරම වෙලා ගියා.

    දැන් මරාගෙ හෙංචයියො ටික "බැඳුම්කර" මැක්කා අල්ලන් බොරුවට දඟලනව. ඔය මොනවත් නෙවෙයි, රටෙ බහුතර සබුද්ධික ජනතාවට පිළිගන්න පුළුවන් අලුත් වැඩපිළිවෙලක් යෝජනා කිරීම තමයි දැන් අනාගත "වෙන්න" නායකයින් කළයුත්තේ.

    2005 මරා ජෙප්පො හෙළෞරුමකාරයෝ ඇතුළු කල්ලිය මතුකළ "ගෞරවාන්විත සාමයක්" වගේ මේ මොහොතේ සුදුසු වන්නේ සංවර්ධනවාදී ස්ථාවර ආර්ථිකයක් සහිත ශක්තිමත් රටක් තුළ බහුතර සිංහල ජනතාවට ගෞරවාන්විතව නැගීසිටිය හැකි අනෙකුත් ජනවර්ගවලටත් අතිශය සාධාරණ විදිහට සලකන නව සමාජයක් පිළිබඳ පුළුල් කතිකාවක් දැන්ම අරඹන්න හැකිනම් චාන්ස් එකක් තියෙයි.

    බොරුවට විකාර කර කර හිටියොත් මුන් මොකක් හරි කට්ට කයිරාටික දහන් ගැටයක් ගහල ජල්තර සීන් එකකින් ඡන්දයක්වත් නොතියා ආණ්ඩු කාලය දික්කරගෙන අපිට කෙළ කෙළ ඉඳියි. දැන් මොකෙක් හරි මුන්ට විරුද්ධව නැගී සිටිය යුතුමයි. ජෙප්පො වගේ ප්‍රෝඩාකාරී බොරු සෝබන වෙනුවට බය නැතුව වගකීමක් අරගෙන කෙළින් වැඩකළ හැකි ශක්තිමත් නායකත්වයක් රටට අවශ්‍යයි. බැසිල, නාමොලාල වගේ අන්ත දූශිතයොවත් ජීඑල් වගේ කයිවාරුකාර වැඩබැරි දාසලවත් නෙවෙයි. ටිකක් හොරකම් කළත් කමක් නෑ ඒකට හරියන්න රටට වැඩක් කරන්න පුළුවන් නම්.

    ReplyDelete
  8. //ටිකක් හොරකම් කළත් කමක් නෑ ඒකට හරියන්න රටට වැඩක් කරන්න පුළුවන් නම්. //'

    හෙලෝ...

    මේ චම්පික රනවක ඇමතිතුමා ද කතා කොරන්නේ හිටන්?

    ReplyDelete
  9. මචන් සාරසෝ,

    මේක බල්පිය පොඩ්ඩක්;
    https://www.youtube.com/watch?v=avmmReEW-X4

    ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථිර තැන්පතු සදහා ලබා දෙන පොලී අනුපාතය 10% සිට 15% දක්වා ඉහල දමන්නේ යයි මුදල් ඇමති රවි කරුණානායක මහතා විසින් 2015 වසරේ ජනවාරි මාසයේදී අතුරු අයවැයක් ඉදිරිපත් කරමින් දුන් පොරොන්දුව මෙතෙක් ඉටු වී නැති බව හිරු රූපවාහිනියේ මාධ්‍යවේදීන් ‘සලකුණ’ වැඩසටහනේදී දැඩිව කියන්දී එය මුලින් පිලි නොගත් මුදල් ඇමති රවි කරුණානායක ටික වේලාකවට පසු එය පිලිගත්තේ කිසිදු දෙයක් නොවූ ලෙසිනි.

    එමෙන්ම එම පොලිය ගෙවන මුදල් සීමාවද රුපියල් ලක්‍ෂ 10 සිට ලක්‍ෂ 15 දක්වා ඉහල දැමීමට අතුරු අයවැයෙන් යෝජනා කරනු ලැබීය.

    මුලින් විමසද්දී මාධ්‍යවේදීන්ට දෝෂාරෝපනය කරන ලද මුදල් ඇමතිවරයා විරාමයක් අතරතුරදී මහ බැංකු නිලධාරීන් අමතද්දී තමන් කල ප‍්‍රකාශය වැරදි බව තේරුම් ගෙන තිබේ. කොහොම වුණත් බුවා වැරැද්ද පිළිගෙන නිහතමානීව ටීවී එක අගය කළා නේද? බුවාගේ හොඳ ගති අගය කරන්නත් ඕනෙ.

    ReplyDelete
  10. උඩ කුමන්ත්‍රණ කතාව දැකල මේක ලියන්නෙ සරස තුමනි. දිගින් දිගටම රට තුල ප‍්‍රජාතන්ත‍්‍රවාදය මර්ධනය කරමින් ඇති තත්වයක් යටතේ නුදුරේදීම ආණ්ඩුවට එරෙහිව රට තුල හමුදා කුමන්ත‍්‍රණයක් ඇති විය හැකි යයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන උන්නැහේ පාර්ලිමේන්තුවේදී අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයට එක්වෙමින් කිව්ව නේද? මෙ ගැන සාරසතුමාගේ අදහස මොකක්දැයි කියා දැන ගන්ට සතුටුයි.

    ReplyDelete
    Replies
    1. මාත් ඔය ගැන අර ඉන්දික තොටවත්තගෙන් සාත්තරයක් ඇහුවා හිටන්...

      එයා කියන විදියට ..... එක්කො ඕනෙ නෑ හිටන්!!

      Delete
  11. United States of Amerilanka

    ReplyDelete
  12. ට්‍රුම්පයියා උඩයි උඩයි.. සිරි මල්ලී බිමයි බිමයි..!! 🎶..

    එමවිට පවසන මුවින් ඔබේ.. ඒ....ට්‍රුම්පට් සරණන් ගච්චාමි..!! 🙏

    ReplyDelete
    Replies
    1. කෙස් නැති වී හිස දිලිසෙයි දෝ..
      තට්ටය සීතෙන් ගැහෙනවදෝ...
      කැප් එක දාගන එන්න හොඳේ
      ගන්නට ඔබෙ බ්ලොග් සම්මානේ.....

      ආතල් අයියට ජය වේවා!

      Delete
  13. සා රස තුමෝ..! මං මේ දවස්වල බ්ලොග් සම්මාන උළෙලට එන්න ස්පොන්සර් කෙනෙක් හොයනව. මොකද මම වගේ කලා රිටක්, උගත් බුද්දි හුකෙක් හැකර් පකෙක් නිකංම ඇට දෙක වන වන එන්න බැහැනෙ හිටං. අනික ඒ වගේද මගෙ එක්ස්පයර් අයි එල් ටී ඇස් සැටිපිකොට් එක. මගෙ කොට්ටේ වගෙ තියෙන මෙව්ව එකනේ. මම මේ දවස්වල කණ්නාඩිය දිහා බලං ප්‍රදාන දේශනය පුරුදු වෙනව. 😜😂

    ReplyDelete