Wednesday, November 23, 2016

මැක්කන් සමග නැගිටීම



අද පාර්ලිමේන්තුවේදී ජෙප්පෝ ඇඩ්‍රස් නැති වෙන්න නා ගත්තෙමි. ඒ රාජිත ගේ පුතා වන චතුර ගෙනි!

ජ වි පෙ හොරුන් විසින් ඉඩම් ඇමති කාර්යාල වැසිකිලියේ සඟවා තැබූ අබිරහස් දේ සහ යහපාලනේට උදවු දෙන්න කල ගනුදෙනු වල විස්තර සාක්ශි සමග බලාගැනීමට අවශ්ය නම් කුඩා කානු කට අමතන ලෙස රාජිත ගේ පුත්‍රයා විසින් ජෙප්පන් ට කාරුනික ව දැණුම් දෙන ලදී.

යහපාලනේ බලයට පත්කොරන්න මුදල් ලබාගෙන දැණ් සාන්තුවරුන් සේ ජනතාව අන්දන්නට උත්සාහ කොරනා සීනිබෝල ජෙප්පන් ට චතුර කොලුවා දුන්නේ කන හරහා පහරකි.

සමාජ ජාලා වල ඉන්නා ජෙප්පන් ට ඇස්ටි හැලෙන්න දෙන්න එම වීඩියෝව යූ ටියුබ් එකට පටවා ඇ.

අද දවසේදීම එලියට පැමිනි මලික් තුමා සහ එවකට තුනී ලෑලි සන්ස්තා සබාපති ( සහ අබව්ය චර්යාවක් ගැන පරසිඳු) වික්‍රම වීරසූරිය ගේ බිලියන ගනන් සොරකමට වඩා චතුර කොලුවා සහ බිමල් කොලුවා අතර වූ මේ යහපාලන ලී කෙලි සෙල්ලම ස ර ස තුමා ට වැදගත් ය!

ජෙප්පන් ට කඩෙ යන උන්දැලාට අබමල් රේනුවකවත් ලැජ්ජාවක් ඉතිරිවෙලා තියේ නම් වහාම තමා දන්නා ජෙප් මන්ත්‍රී ගොයියන් ට කියලා ඔයි කොරනා දේසපාලන මුදල් ගනුදෙනු නවතාලන්න උත්සාහ කොරනවා ඇත...

මේය වොටර්ස් එජ් එකට ගිහින් සෑහෙන්න බීලා රෑ දෙකට ගෙදර යන ගමන් රාජගිරියේ ටෙලිෆෝන් කනුවකට කැබ් එක හප්පන්න තරමේ බැරෑරුම් ප්‍රශ්නයකි!

58 comments:

  1. කුඩා කානු කට කිව්වේ කාටද බං ?

    ReplyDelete
    Replies
    1. ඔය වීඩියෝ එකේ නම තියෙන්නේ ගෙඩිය පිටින්ම... :)

      Delete
    2. අජ්ජෝ අජ්ජෝ....!!!

      අනේද කියන්නේ ලොකු පුතේ....

      Delete
    3. 77-93 කාලේ හිටපු කානු කටාගෙ පුතත් දැන් දේශපාලනේ ඉන්න නිසා අජ්ජට පැටලෙන්ඩ ඇති හරියටම මුගෙ තත්තා කවුද කියල.

      Delete
    4. // 77-93 කාලේ හිටපු කානු කටාගෙ පුතත් දැන් දේශපාලනේ ඉන්න නිසා අජ්ජට පැටලෙන්ඩ ඇති හරියටම මුගෙ තත්තා කවුද කියල. //

      :D

      Delete
    5. මට ඒක මතක් වෙලා තමා බැලුවේ මේ කාටද කියන්න කියල. ටියුබ ලයිට් නේ හිටන්.

      Delete
  2. මහ කාණු කටයි ඒකෙ බඩී වර්ෂන් එකයි :-D:-P

    ReplyDelete
    Replies
    1. මන්ත්‍රී කෙනෙක් තමන් ව විවේචනේ කලාම එතුමා කල කී දෑ වල පොටෝ, හඬපට සහ වීඩියෝ තියෙනවා කියලා බ්ලැක් මේල් කරන්න වෙනත් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් ට පුලුවන් ද?

      කටකතා වලට අනුව චතුර විදේස ඔත්තු සේවා වලට සම්බන්දයි කියනවනේ... ඉතින් එයාට පුලුවනි එම ඔත්තු සේවා වල උදවුවෙන් ඕනැම කෙනෙක් ගැන කුනු මඩ හොයා ගන්න...

      උඩුවා මල්ලි තුමෝ, නරකද මේ ගැන ඔහේ ලිපියක් ලියලා පත්තරේ පල කොලොත් හිටන්??

      Delete
    2. සරසා පොඩ්ඩක් හිටපන් බන්, ඇමරිකන් එම්බසි එකෙන් අහල හා කිව්වොත් ලියන්නම්!

      Delete
  3. අද මැක්කා අමතක වී ඇත.

    ReplyDelete
    Replies
    1. Hello Sydney ship-talker, so what's going on there at Aussieland?

      Delete
    2. //AnonymousNovember 23, 2016 at 5:06 PM
      අද මැක්කා අමතක වී ඇත. //

      මැක්කා කැප් එකකුත් දාගෙන බ්ලොග් සම්මානයක් ගන්න තියේ කියලා කොලඹ ගියා නේ හිටන්!

      Delete
  4. සරස තුමා මං දැක්ක ඔහේව ඊයෙ.
    වලහෙක්ගෙ වගේ පපුවෙ මයිල් පිරීල.
    හා බොරුද?

    ReplyDelete
    Replies
    1. අම්බට සිරි....

      ඩෝප් මරගාතෙ බම්බා පොට් එකේ ඊයේ මන් අහවල් එක කරලා තියෙන්නේ කෙල්ලෙකුට නෙවෙයි ... බ්ලොග් ලියන කොල්ලෙකුට නේ හිටන්! ඒකනේ පපුවෙ මයිල් ගැන දන්නේ....

      ඔන්න පුතේ බීමේ ආදීනව!

      Delete
  5. මහ කාණු කටා සහ කුඩා මලපෙරේත කාණු කටා යනු දෑසට ඉතා අපුල ගෙවලයන් දෙදෙනෙකි...
    එසේ තිබියදීත් පොඩි කාණුවා හම්පඩ ජෙප්පන්ගේ රෙදි ගැලවීම අගය කල යුතුමය...
    එය එසේ සිදු උවද මින් ඉදිරියට අඩු ගණනේ කුඩා කාණු ගෙවලයා හෝ පාර්ලිමේන්තු නොයැවීමට ගම්පහ බුද්ධිමත් ජහමනතාව කටයුතු කරන්නේනම් මැනවි...

    මහ කාණු කටා ගේ අනාගතය ඇත්තේ කළුතර සිරි ලංකා උන් අත නොවන බැවින් සහ එය ඇත්තේ අධි සහ අති බුද්ධිමත් හු ඇන් පී උන් අත බැවින් එය සුරක්ෂිත වනු ඇති බව සක්සුදක් සේ පැහැදිළිය...

    ReplyDelete
    Replies
    1. බලමු ගොන් ජෙප්පෝන් ගේ ප්‍රතිචාරය හිටන්!

      Delete
  6. පේරාදෙණියට තේරිලා ඒකට නොගිහින් අවුරුදු හයක් බලා ඉඳලා සයිටම් ගියාලු හිටන්.

    අර කිව්වත් වගේ අති සහ අධි බුද්ධිමත් හූ ඇම් පී කාරයොනේ හිටන්.

    ReplyDelete
    Replies
    1. //පේරාදෙණියට තේරිලා ඒකට නොගිහින් අවුරුදු හයක් බලා ඉඳලා සයිටම් ගියාලු හිටන්. //

      :D
      ඇයි හාවර්ඩ් එකටත් තේරිලා ගියේ නැහැ කිවුවේ?

      Delete
    2. ///ඇයි හාවර්ඩ් එකටත් තේරිලා ගියේ නැහැ කිවුවේ?///

      ඇයි ඕනෙනම් ආපහු හාවඩ් යන්නත් පුළුවන් කිව්වේ... ;)

      Delete
    3. හාර්වඩ් මෙඩිකල් කොලේජ් එකෙ dissect කරන මිනියකට ගන්ඩ එන්ඩ කිව්වද දන්නෙ නැහැනේ. එහෙම නැතුව හරහ දාලා රෙNඩ වත් මේ වගෙ ගොං තැම්බවල් ගනියිද හාර්වඩ් එකට ?

      Delete
    4. මේ මන්ත්‍රී පුත්තරත්නයද කොලම්බෝ මෙඩිකල් ෆැකල්ටි ගිය හැටිද ගොස් කල කී දෑද (මග දමා ආ හැටිද ) සෑහෙන රසවත් බව තතු දනා අය කියා ඇත.

      Delete
    5. මැන්ස් ට්‍රැමඩෝල් ලෝලියෙක් නේ හිටන්!

      මෙඩිකල් ෆැකල්ටි යන්න අනුරාදපුරෙන් උසස් පෙල ලියලා තියෙන්නේ වෙනත් කෙනෙක් කියලා නේ කස්ටිය කියන්නේ...

      Delete
    6. //මැන්ස් ට්‍රැමඩෝල් ලෝලියෙක් නේ හිටන්!//
      ඔය ටැබා කාරයෝ හිංදා කී දෙනෙක්ට වේදනා කැක්කුං උහුලන්න වෙලා තියනවාද හා? (හැබැයි මුගෙත් කොංදෙ අවුලක් තියනවාලු කියලා දූසමාන ආරංචිකාරයෝ කිව්ව.)

      Delete
    7. දුසමාන නොවේ. බැච් මිස් මිස් වීමෙන් පසු අවසන් වරට නතරවූ බැච් එකේ සිසුවෙක් මේ ගැන ලියා ඇත.

      https://www.colombotelegraph.com/index.php/saitm-is-it-a-growing-concern/

      "So we were in the same clinical group for a few weeks during our second year and one fine day he told me and my friends “Machang, I have a spinal cord injury and need to go abroad for treatments. I am not sure of the day I can return…”. However he didn’t exactly know what was the issue of his spine/spinal cord and he vanished for years.

      In 2012, my good old friend Buddhika rushed in to my room at Bloemfontein with a paper in hand and asked me to read the article. It was a Sinhala newspaper and the headline said “Cat-loving doctor couple”. Well, it was about Rajitha’s son Chathura Senaratne and his girlfriend who studied at SAITM (She is still attached to SAITM). By then, Chathura had gained his MBBS from somewhere and he was, for us, more like a quack. I hope this is a clear example of misleading political and media gimmicks that disrupts good working systems in the “Wonder of Asia”. Trusted news sources say that Rajitha’s daughter in-law is the reason why he is nauseatingly pro-PMC right now."

      Delete
    8. ඒ වගේම මිනිහා වෛද්‍ය අධ්‍යාපනය පිටරටක ලබපු බවක් මිනිහම මෙතන කියන්නේ නෑ.

      "... went to Cambridge and studied International Politics and I went to Harvard and studied economics....."

      http://dailynews.lk/2016/01/21/features/heal-through-politics

      Delete
    9. ක්වැක් ලා ට ජයවේවා!

      Delete
  7. මචංලා මුන් ඔක්කොම එක මල්ලේ ලුණු කන එව්වො. අපි කලබල වෙන්න නාකයි. ඊලඟ ඡන්දෙදි මෙවුන්ලා කිව්වොත් මෛත්‍රී එපා. රනිලුත් එපා. මහින්ද, ගෝඨා හොඳයි කියලා ඒ ගැන පුදුම වෙන්නත් එපා.

    ReplyDelete
    Replies
    1. කිසිම පුදුමයක් නැත....
      ඇත්තේ දුකකි!

      Delete
  8. පාලිමේන්තුව ලයිව් පෙන්නන එකෙන් ජෙප්පන්ට තිබුන ජූන්ජන් කැමත්තටත් කෙලෙවෙලාම ගියා හිටන්...

    ReplyDelete
    Replies
    1. කේවල ක්‍රමය ආවාම ඉතුරු ටිකටත් කෙලවෙයි හිටන්!!!
      ඇන් ඇම් ලා කොල්වින් ලා හුජ්ජ කොල්ලන් ට පැරදුනා වගේ අනුර කුමාරලා විජිත හේරත් ලා යූ එන් පී එකෙන් සහ සිරි ලන්කා/ඒකාබද්දෙන් නාමයෝජනා ගන්නා නම නොදන්නා හාදයන් ට පරදිනවා බලතෑකි හිටන්

      Delete
    2. මාත මචෝ,

      උඹේ කතාවට එකඟයි, හැබැයි ලංකාවෙ සිටුවේශන් එක අනුව ජෙප්පොත් පාර්ලිමේන්තුවේ ඉන්න ඕනෙ, අඩුගානෙ ආණ්ඩුවල් එවුන් කරන හොරකම් ගැන අතිශයෝක්තියෙන්හරි කිව්වෙ නැත්නම් ඒව ටිකක් හරි කන්ට්‍රෝල් වෙන්නෙ කොහොමද? උන්ගෙ බලය සීමා සහිතව තිබීම අවශ්‍යයි කියායි මම නම් හිතන්නෙ.

      Delete
    3. මාතලං තමයි ලිවුවෙ ජෙප්පන්ට චන්දෙ දෙන්න ඔනැ හේතු

      Delete
    4. // හැබැයි ලංකාවෙ සිටුවේශන් එක අනුව ජෙප්පොත් පාර්ලිමේන්තුවේ ඉන්න ඕනෙ, අඩුගානෙ ආණ්ඩුවල් එවුන් කරන හොරකම් ගැන අතිශයෝක්තියෙන්හරි කිව්වෙ නැත්නම් ඒව ටිකක් හරි කන්ට්‍රෝල් වෙන්නෙ කොහොමද? //


      එකම එක ජෙප්පෙක් මන්ත්‍රී කෙනෙක් වෙලා පාර්ලිමේන්තු ආවම ඕනොවටත් වැඩී හිටන්!

      Delete
  9. ජෙප්පන්ට යන්තන් හරි තිබ්බ මෙව්ව එක චකබ්ලාස්ට් උනා කියහන්කො හිටං.

    කානු කටා උනත් බලහන්කො චුවිංගම් එකක් හපනවා වගෙ ජෙප්පන්ගේ ජොකා කලිසම තියෙද්දීම ගලවන හැටි. හරිම අප්පිරියයි ඕයි 🙈

    ReplyDelete
    Replies
    1. බෙන්ජමින් බට්න් කියන ෆික්ෂනල් කැරැක්ටර් එක හැරුණාම මේ ලෝකේ උපත ලබන සියළු දෙනා, ළමා වියෙන් තරුණ වියට එළැඹිලා, තරුණ වියෙන් වැඩිහිටි වියට එළැඹිලා, ඉන් පස්සේ ටික ටික නාකිවෙන්න පටන් ගන්නවා ය කියන එක අපි හැමෝම දන්නා කාරණයක්.

      "නාකි විසේ ගෙටත් උසේ!" වගේ කතන්දර හැදිලා තිබුණත් ඉහ නිකට පැහිලා වයසට ගිය කෙනෙක්ය කියන්නේ, ලෝකේ ගැන දැනුම් තෙරුම් ඇති, අත්දැකීම් තියෙන පුද්ගලයෙකුටයි. ඒ වගේ කෙනෙකුගෙන් ඊට වඩා බාල අය බලාපොරොත්තුවෙන්නේ ජීවිතයට ආදර්ශයක්, නිවරදිව හිතන්න, ජීවත්වෙන්න අවවාද වගේ දේවල්. මේ එසේ නොකර අවලාද, අපහාස නගන එක් හුදකලා සිද්ධියක් විතරයි !

      නමුත් මේ ආතල්ද මොකක්දෝ කැත නමක් දාගෙන සිටින මුග්ධ පුඟුලා කරන්නේ මොකක්ද? තමන්ගේ හීනමානය නිසා නිකරුණේ සමාජයේ වැදගත් පුද්ගලයන්ට නින්දා සහත අපහාස අවඥා සහගත අවලාද නැගීමයි. මේ බඳු මෝඩ අසරණයින්ට මගේ අනුකම්පාව හිමිවන අතරම මා මේ රෝගීන්ට ඉක්මන් සුවය පතනවා.

      Delete
    2. // AnonymousNovember 24, 2016 at 1:40 AM //

      ඉහත ඇනෝ කොමෙන්ටුව කැප් එකක් හිස ලා සිටින තට්ට සිනුවර වාසී මුස්පේන්තුවෙක් විසින් ලියන ලද්දක් නොවන බව කරුණාවෙන් සලකන්න හිටන්!

      ආතල් අයියට ජය වේවා!

      Delete
    3. සාරස,

      කුපාඩියේකුගේ කුපාඩි වැඩ එලි කිරීම අපහාස කිරීමක් වන්නේ කොහොමද? නිකරුණේ සමාජයේ වැදගත් පුද්ගලයන්ට පස් පඩන්ගුවේ බැන බැන විකාර කතා කියන මේ ගොබ්බයගේ කුපාඩිකම් උඹලට පෙන්නේ නැති එකනේ පුදුමේ.

      තට්ටයගේත් පොඩි මහන්තත්ව කමක් තියෙනව තමයි. ඒක ඉතින් උගේ උගත්කම, දැනුම සහ තනතුර සමග ආපු එකක්. ඒත් මේ මෝඩ ජඩය මොකෙක් ද? තට්ටයගේ මහන්තත්වේ අල්ලන්නේ නැතුව වගේ මුගේ කුපාඩිකමුත් අපිට අල්ලන්නේ නැහැ.

      Delete
    4. //
      තට්ටයගේත් පොඩි මහන්තත්ව කමක් තියෙනව තමයි. ඒක ඉතින් උගේ උගත්කම, දැනුම සහ තනතුර සමග ආපු එකක්. ඒත් මේ මෝඩ ජඩය මොකෙක් ද? //

      ඇනෝ තුමෝ.... මෝඩයෙක් මෝඩ වැඩක් කොලොත් ඒක පුදුමයක් නෙවෙයි නේ.... ඒත් ඔහේ කියනා පරිදි උගත්කම , දැනුම සහ තනතුරු ඇති අයෙක් ඒකම කොරනවානම් ඔහුත් තට්ට මෝඩයෙක් නෙවෙයිද හිටන්?

      Delete
    5. රසික නමැති මරදානේ නපුංසක ජිවිතයක් ගතකල පුද්ගලයා වෙත.

      උබ මට 2015 නොවෙම්බර් 9 වෙනි දිනත් ඔය වගේම ඊ මේල් එකක් එවල තිබ්බ. හැබැයි මම උබව හොයාගත්ත. උබ මල් පොන්නයෙක්. ගහගනින් උබේ ලොකු කම රෝල් කරල පුකේ. මෝඩ මුසලය.

      Delete
    6. එතකොට සරසා කියන්නේ, මෝඩයට ඌ මෝඩ නිසා ඕනෑම කුපාඩි කමක් කරන්න ඇරලා ඉඳලා, ඌට බ්ලොග් සම්මානත්දීල තවත් පොරකරන්න කියලද?

      Delete
    7. // එතකොට සරසා කියන්නේ, මෝඩයට ඌ මෝඩ නිසා ඕනෑම කුපාඩි කමක් කරන්න ඇරලා ඉඳලා, ඌට බ්ලොග් සම්මානත්දීල තවත් පොරකරන්න කියලද? //

      නැතුව... අපි සිනුවර දුර්ජන මෝඩයට ලොකුම බොග් සම්මානෙ දුන්නෙ නැද්ද හිටන්?

      Delete
  10. අතිගරු සරසතුමනි,

    ඔබතුමාගේ ශ්‍රී නාමය නිවැරදි ව ලියනු ලැබිය යුත්තේ පහත ආකා‍රවලින් කිනම් ආකාරයකට යන්න දැන ගනු රිසියෙමි.

    1. සා රස
    2. සාරස
    3. සරස
    4. ස රස

    ජනවාරියේ දී ඇරඹීමට නියමිත නව වියුණුවකට මා විසින් පෙර කල ලියන ලද ලිපි සරණියක් ලබා දීම සඳහා මම ඒවා මේ දිනවල සංස්කරණය කරමින් සිටිමි. එම ලිපි සරණියේ මා මිතු සරසයන ද මයුරවිලයන ද ගැන ලිපි කීපයක් තිබේ. එහි ලා ඔබතුමාගේ ශ්‍රී නාමය නිසි ලෙස ලියනු ලැබිය යුතු ය. සෙව්වන්දි කුසුම අන් කවර නමකින් හැඳින්‍වුවත් එහි සුවඳ එක සේ නො වෙනස් ව ඉමිහිරි ය. එනමුත් සෙව්වන්දියට සෙව්වන්දිය ම කීම වඩා උචිත ය. එනිසා ඔබතුමාගේ ශ්‍රී නාමය නිවැරදි ව ලියවෙන ආකාරය දන්වනු මැනවි.

    ජනවාරියේ එළි දක්වනු ලැබීමට නියමිත එකී නව වියුණුව සියලු මත සඳහා විවෘත බව පැවසේ. එය පාඨකයාගේ ලිපිවලින් ම සැකසෙන්නක් බව ද පැවසේ. සරසයන ද මයුරවිලයන ද එයට ඉදිරියේ දී දායක වුව මනා ය. ජනවාරියේ දී ලිපිනය ලැබෙනු ඇත.

    දෙස-බස-රැස දිනේවා!

    බන්‍ධුල කුදලාගම,
    සදම්ටනය.

    ReplyDelete
    Replies
    1. "දතා" කියල ලියාගන්ටකො.

      Delete

    2. අතිගරු බන්‍ධුල සුදීමතුනි,

      මා පටන් ගත් නම වනාහී සරස ය!

      එහෙත් වෙනත් අය සහ මා විසින් ද එය ඔබ ලියූ සියලු ආකාරයෙ, එනම්
      1. සා රස
      2. සාරස
      3. සරස
      4. ස රස ලෙස මින් පෙර ලියා ඇති බව මතක් කල යුතුය!

      ඔබේ නව වියුනුව කියවීමටත්, ඉඩ ලැබාදෙන්නේනම් එයට ආලෝචන එක් කිරීමටත් එක සිතින් බලාපොරොත්තුවෙමි!


      මිණිපහනින් නිම ල
      දිවිදිම් ‍ලොවට හෙලික ල
      පඬි තුමනි බන්‍ධුල
      ලබනු මැන සිව්කුරෙන් යුත් ප ල

      Delete
    3. මා ළබැඳි සරසයෙනි,

      ඔබතුමාගේ රසාලිප්ත පිළිතුරට මගේ තුති පුදනු රිසි ය. ඔබතුමාගේ ශ්‍රී නාමයේ උපත හා පවත ගැන තතු එසේ නම් මම සරස යන නාමය නිල ව ලේඛනගත කරමි. මා විසින් නිසි තැන අවශේෂ නාමයෝ ද ව්‍යවහාර කරනු ලබති.

      මා ප්‍රිය සරසයෙනි, එකී නව වියුණුව "මගේ" නො වේ. එය යම් තරුණ පිරිසක් විසින් අරඹන්නකි. එහි සියලු මත සඳහා අවකාශ පවතී. ආලෝචන පමණක් නො ව ඔබගේ ලිපි, අදහස්, සිතුවම්, සේයාරූ ඈ නන් නය නිමැයුම් සඳහා එහි අවකාශ පවතී.

      මම එම වියුණුවට කලා ලිපිවලින් සම්පත් දායකයෙක් වෙමි. ධීරානන්දයෝ එහි වාමාංශික ලිපි ලියති. වික්‍රමාදිත්‍යයෝ එහි දක්ෂිණාංශික ලිපි ලියති. දෙස බස රුස රුකුමට නිසි ජනතා නායකත්වය සඳහා මඩුගල්ලේ එහි ලිපි ලියති.

      හැත්තෑ ගණන්වල මුල සරසවිවල සිටි බොහෝ අය සේ මම ද වාමවාදී වීමි. සමසමාජය නාඩගම් නැටුමත් කීර්ති සහෝදරයාගේ අකල් වියොවත් මගේ වාම ළැදියාව ක්‍රමයෙන් යටපත් කරන ලදී. ගුණදාස, නලින්, ධර්මසේකර, දයාන් වගේ කවුරුත් වමෙන් ජාතිකත්වයට පැමිණි අය ය. ඇත්තෙන් ම පැරණි වම වූ සමසමාජය වටා මිනිසුන් එකල රැස් වූයේ සමසමාජය නිදහස ලබා ගැනීමට අධිරාජ්‍යවාදයට එරෙහි ව කටයුතු කිරීම නිසා ය.

      දෙස බස රුස රැකුමට මා සිතැති බව ඔබතුමා දනී. එම කාර්යය යහපාලන නඩයට නම් කළ නොහැකි බව ඔවුන් යළිත් වර පෙන්වා ඇත. අපේකමක් නොදනිනවුනට දෙස බස රුස රුකිය නොහැකි ය. යහපාලන නඩයේ අතිදැවැන්තයා වූ ජයවර්ධනයන් වරක් මිනිවන් පී. තිලකරත්නයන ද සිටි සභාවක සාහිත්‍යයෙන් බිලක්වත් ගෙවිය හැකි ද? යන වෘෂභ ප්‍රශ්නය ඇසූ බව ඔබතුමාට මතක ඇති යි සිතමි. සමසමාජය සිරිමා බණ්ඩාරනායකගේ සාරි පොටේ එල්ලී ආණ්ඩු බලයට දායක වූ කල ඔවුහු ද සාහිත්‍යයත් ඉතිහාසයත් නාශනය කළහ. සිංහල කමිටු වාර්තාව කුණු කූඩයට යැවිණි. ජාතිය නැති කරන්නට කතා කරනවුන්ගෙන් නම් මෙලෝ වැඩක් නැත. ඩොලර් රසයට ඇබ්බැහි වී ජාතිකත්වය නැති කරන්නට වැඩ කරන්නෝ ඔවුන්ගේ හාම්පුතුන්ගේ රටවල නැඟී එන ජාතිකත්ව පුබුදුව ගැන නිහඬ ය; නැති නම් ඇඬ ඇඬියා ලියති. සිංහලකමට ගරහන බොරු සමානාත්මතාවාදීන් දෙමළකමට ද මුස්ලිම්කමට ද නියත ව ම ගරහනු ඇත. බහුතර සිංහලයාගේ විශ්වාසය දිනා ගත් ජනහද දිනූ නායක‍යකුට පමණි අනෙක් ජාතීන්ගේ ප්‍රශ්න විසඳිය හැකි වන්නේ. දුටුගැමුණු රණශුරයෙකු වූවා පමණක් නො ව ශූර දේශපාලනඥයෙක් ද වූයේ ය. එළාර පරාජය කිරීමෙන් පසු එළාරට හිතවත් ව සිටි ජනයා ද තමන්ට පාලනය කරන්නට වන බව දුටුගැමුණු දැන සිටියේ ය. නිදහසින් පසු ලංකාවේ දකුණේ අසහාය නායකයා වූ රාජපක්ෂයන්ට මඟ හැරුණු තැන එතැන ය. යළි ඔහුට වරමක් ලැබුණ හොත් ඔහු එම මඟ හැරීම සිදු නො කරනු ඇත. දෙමළ හා මුස්ලිම් ජනයාගේ ගැටලු විසඳිය හැකි වන්නේ බහුතර සිංහලයාගේ විශ්වාසය දිනූ ඔවුන්ගේ ආත්මය සමඟ බැඳුණු බුද්ධිමත් නායකයකුට පමණි. ජන විඥානය නො සලකා හැරි වික්‍රමසිජහයන් බහුතර සිංහල ජනතාවගේ විශ්වාසය දිනා ගෙන ඇති බවක් නො පෙනේ. ජනමතය ගැන නො ව තම හිතවතුන්ගේ මතය ගැන විශ්වාසය තැබීම නිසා වික්‍රමසිංහයන් මහජනයාගෙන් දුරස් ව ඇත. එය යළි ළං විය නො හැකි තරම් දුරස් වීමකි. වික්‍රමසිජහයන්ගේ කල්ලිවාදී වූ අතීත ගුප්ත කියුම් කෙරුම් විසින් ඔහු රට බෙදන්නෙකි යි යන හැඟීම සදාකාලික ව ම මහජන හදවතේ කෙටී ඇත.

      කවුරු කවුරුත් හොරු වෙති. දෙසට බසට රුසට වැඩක් නො කරන හොරුන්ට වඩා දෙසට බසට රැසට වැඩක් කරන හොරැන් හොඳ බව වැඩි කල් නො ගොස් ම මහජනයා විසින් තීරණය කරනු ලබනු ඇත.

      තව දින 37කින් එම වියුණුව එළි දැක්වෙනු ඇති බව පැවසේ. දෙස බස රැස සුරැකිය හැකි පාලනයක් සඳහා සරස, මයුරවිල ඈ වියුණු හෙළ හවුල ද ජනවාරියේ සිට සම්පත්දායකයන් වුව මනා ය.

      දහසක් මත ගැටුම් මිස අවි ගැටුම් ‍නො වේවා!

      බන්‍ධුල කුදලාගම,
      සදම්ටනය.

      Delete
    4. "මඩුගල්ලේහු ලියති" යනුවෙන් සෝදු කරමි!

      Delete
    5. අප සුමිතුරු බන්‍ධුල කුදලාගම සුධීමතුන්වෙ ත දයාවෙනි,

      මෙ ර සු රු හෙල බසෙහි කෙසරිඳු හඬ පැතිරූ
      සු ර ගු රු ලෙස නැනින් විකුමෙන් වැනි දස රු
      නි ර තු රු මිතු දහම් රැකි කුදලාගම මිතු රු
      සැමදා දිනේවා ලැබ අපමන යස ඉසු රු

      Delete
  11. ලංකාවේ අමතක වීමේ ලෙඩේ වැඩිපුරම මුල ඉඳම්ම තියෙන්නේ ඒගොල්ලන්ටනෙ. අනිත් පක්ස ඔක්කොම ඉඳලා හිටලා තමන්ට වුන වැරදි කියනවා පිලිගන්නවා. සහෝදරවරුන්ට එහෙම වරදින්නේ නෑනෙ කවදාවත් . උදාහරණයක් වශයෙන් 71, 88-89ගැන කවුරුවත් කිව්වොත් ගත් කටටම කියන්නේ අනිත් අයගේ වැරදි නිසා පමණක් ඒවා වුනා කියලනෙ. හැමදාම ඔහොම තමා

    ReplyDelete
    Replies
    1. පැරා තුමා පමනක් තමන් ජෙප්පෙක් වෙලා හිටි විනාසකාරී කාලය පිලිඹඳව කනගාටුවෙන් කතා කොරනවා නේ?

      Delete
  12. මුං රට පාලනය කොරනවා කියල දකිනකොට බඩ දඟලනවා බෝස්..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. බඩ දඟලලා ඉතුරු වුනොත් ඇති හිටන්!

      Delete
  13. "හිට්ලර්ගේ වධකාගාර වෙනුවට චම්පිකගෙන් පිස්සන් කොටු"

    "හර්ෂ තිලකසිරි බණ්ඩාර හෙවත් සුකි නැමති අය 2016 සැප්තැම්බර් 08 වනදා රත්මලාන පිරවුම් පොල අසල මිතුරේකුගේ නිවසේ රැදී සිටිය දී පැහැරගෙන යන ලදී. ඹහු මහ නගර සභා සහ බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍ය පාඨලි චම්පික රණවකගේ කාර්ය මණ්ඩලයේ සේවය කළ අයෙකි. පසුව තිලකසිරිව මුල්ලෙරියාවේ මානසික රෝහලේ රදවා සිටිය දී හමු වී ඇත.

    නාගරික සංවර්ධන අධිකාරීයේ ක්‍රියාකාරී අධ්‍යක්ෂක චන්දන රණසිංහ , අමාත්‍ය රණවක ගේ රියදුරු ප්‍රදීප් අල්විස් හෙවත් ලොරියා සහ කුරුදුවත්තේ පොලිසියේ එස්.අයි. හේරත් යන අය විසින් ඹහු පැහැරගෙන ගොස් තිබේ. තමාව පැහැරගෙන ගියේ, අමාත්‍ය රණවකගේ නියෝගයක් මත බව තිලකසිරි පවසයි."

    - ශාන්ත විජේසුරිය

    සම්පුර්ණ ලිපිය: http://www.slguardian.org/si/archives/14349


    -මොණරවිල

    ReplyDelete
    Replies
    1. චම්පික රණවක කියන්නේ බොහෝම බයානක චරිතයක්!!! බල්ලන් ගෙන් පරවේසම් වෙන්න හිටන්!

      Delete
  14. සාරස බාප්පොච්චියේ,

    ජෙප්පන් සහ මැක්කන් සමග නැගිටීම ගැන කියන විට මට හිතෙන්නෙ මෙහෙම. දැන් බලන්න ලංකාවේ බල්ලෝ වර්ග හතරක් ඉන්නවානේ. ගේවල්වල හදන රට බල්ලන්, ලෝකල් බල්ලන්ට අමතරව දඩාවතේ යන පරබල්ලෝ සහ ඔටාරාගේ ආතල් බල්ලෝය.

    අපිට විරුද්ධව යමක් කියන , අපේ මතයට විරුද්ධ මත දරන්නන් පළවැනි ගණයට අයත්වේ. ජන්මයෙන් වල් බල්ලෙක් වුවද ඔටාරා විසින් හදා ගන්නා ලද , ඉන් පසු වල් බල්ලෙක් යයි නොසිතන එහෙත් රට බල්ලෙක්ද නොවන සුනාඛයෝ දෙවන වර්ගයයි.

    සම හරක් හොඳ යැයි සම්මත බ්‍රෑන්ඩඩ් රට බල්ලෝ ඉන්නවා සම-හරක්ගේ ගෙවල්වල. උන් ළොකු කම පෙන්නන්න මේ හොඳ බල්ලෝ අරගෙන හැදුවට, උන්ට ඩෝග් ෆූඩ් හම්බ වෙන්නේ නෑ. ගෙදර කන කෑමවල ඉඳුල් මල ජරාවක් කාලා ෂේප් වෙන්න වෙනවා. ගෙදර එකා ඌව ක්‍රොස් කරලා හරි පැටව් විකුනලා හරි කීයක් හරි සම්තිං හොයා ගන්නවා. ඉතින් පොෂ් නැති අළුත් සල්ලිකාර මැද පන්තියේ උන් අර බලු පැටව් ළොකු ගානක් දීලා අරගෙන යනවා. පැටිකිරිය ලියලා දුන්නට ඒවා අපේ රවි ලොක්කගෙ අය වැය වගේ අතේ පැලවෙන පට්ටපල් බොරු.

    ඒ කියන්නේ උන් පොෂ් බල්ලෝ නෙමෙයි. වල් බල්ලන්ටත් අන්ත අවජන්මික අසරණයන් පිරිසක්.

    ඒ වගේම සමහරක් වල් බල්ලෝ ඉන්නවා ඔටාරා නෝනා වගේ පුකේ ඉඳන් පිස්සු නෝනලා ගාව පොෂ් බල්ලොන්ටත් වඩා සැපට හැදෙනවා. උන් අර පොෂ් බල්ලන්ටත් වඩා අම්බානක් පොෂ්. ඒ කියන්නේ වල් බල්ලා වගේ පෙනුනට, බල්ල හෙන වැදගත්, සුපිරියට පොෂ්. ඉන්ගිරිසියෙන් කතා බහ. එක්ස්පෙන්සිව් ඩෝග් ෆුඩ්, මෙඩිකල් ඇටෙන්ෂන් අරක මේක ඔක්කෝගෙනම පරිපූර්ණයි.

    එතකොට සාරස කුඩප්පච්චියේ පිට පෙනුමෙන් ඩෝග්ස්ලව කැටගරයිස් කරන එක වැරදියි නේද මචන්? හැබයි ඉතින් ඔය කොයි කොයි බල්ලටත් පිස්සු හැදුනම නම් මරලා දාන්න සිද්ධ වෙනවා අකමැත්තෙන් වුණත්.

    ReplyDelete