Sunday, November 6, 2016

යහපාලන නාඩගම!





බානෙන් බැඳ සිරිකොත පෙදෙසින්නේ
යහපාලන පච හිල ගෙන එන්නේ
තානාපති වරු පෙරමුන ගන්නේ
ඩොලර් වලින් ගතමනාව දෙන්නේ

සෝබිතයා ඔලුවෙන් හිටගන්නේ
රතනයාව පෙරමුනේ තියන්නේ
පා ච රනවක අයිල පදින්නේ
යහපාලන තොවිලය ඇරඹෙන්නේ

නැවු ඇති දත් මැති බෙල්ල කපන්නේ
පිටිපස්සෙන් බව දැනගෙන ඉන්නේ
චවුර රැජින බීලා දොඩවන්නේ
රනිල් තුමා ගේ කරල පැහෙන්නේ

හරක් විජේසූරිය නම් ගැරඬින්නේ
පිරිමි මිසී හා පෙරටම එන්නේ
සීයට හය ඉල්ලන මැතිඳුන්නේ
දේවසිරි තුමා උඩුබුරලන්නේ

අසාද්ය සාලිත් ඩෙනා නටන්නේ
වියන්ගොඩේ අන්ගොඩ සිට එන්නේ
යහපාලන සලි පිලි පටලන්නේ
බානක් සැට්වී රටක් කොරන්නේ

ග්‍රාමසේවක ජනපති වන්නේ
ආ දා ඉඳලා පිස්සු කෙලින්නේ
වැට් පිට් වැට් ගසමින් අප කන්නේ
වැහි නැති හෙන තොප හට ඉල්ලන්නේ


මාමා බෑනට බැඳුම්කරෙන්නේ
බිලියන් ගානක් ගොඩ දා දෙන්නේ
මේ හැම ගොන් වැඩ කරමින් ඉන්නේ
යහපාලකයෝ බව දැනගන්නේ!

30 comments:

  1. සරස...මේ කියන හැම සිදුවීමක්ම වෙන්න හේතුවෙච්ච ඒ පැවතුන සිස්ටම් එක හරිද....මේක හරිමයි කියනවා නෙමේ. උඹ දැන් මෙතනට කැපිටල් ඩී එකක් දාන්නේ නැතුව මොනවා හරි කියපන්.

    ReplyDelete
    Replies
    1. මම දැන් අරූගේ "අවුල් වන්නට පෙර -18" කොටස බලන ගමන්...

      >> අප නැවත ගමන් කරන්නේ එවන් යුගයකට දැයි වරෙක මට සිතේ.<<

      කමෙන්ට් කියවගෙන යද්දී ඇති වෙච්ච සංවාද දැක්කම ඒ දවස් වල පටි තදකරගෙන හිටපු මිනිස්සුන්ගේ දුක ගැන දුක් වෙච්ච මිනිස්සු ඒ වගේ දහ ගුණයක් විතර පටි තද කරලා බිම දාල පාගාගෙන ඉන්න මේ ආණ්ඩුවේ ක්‍රියා කළාපය ගැන නිහඬ වීම සංවේගජනකයි...

      ///මට කෙනෙක් කිව්වා සමහර වතු ආශ්‍රිත ප්‍රදේශවල කිරිපිටි හැඳි ගානට විකුණනවා කියලා. මේවා ලොක්කන්ට තේරෙන්නෙ නැද්ද මන්දා.///
      දැන් ඒ කිරිපිටි හැන්දටත් 15% ක් වැට් ගහද්දි කොහොමද...

      Delete
    2. ///මේ කියන හැම සිදුවීමක්ම වෙන්න හේතුවෙච්ච ඒ පැවතුන සිස්ටම් එක හරිද...///

      ඕක මැක්කා තියරිය මචං, රට හදන්න කියල ආපු උන් රට කන එක හිටපු උන්ගේ වැරද්දක් වෙන්නේ කොහොමද...
      ඒ තියරිය දැම්මොත් මේ ඔක්කොටම වැරදි කාරය JR කියල තර්ක කරලා අත පිහිදාගන්නත් පුළුවන්නේ...

      Delete
    3. අප්පට හුඩු!! සරසයගේ ලොකු පුතත් බැහැලා ගේමට :

      මට අද ඉල්ලන් කන්න වෙන්නේ කස්ටියගෙන්. තව ටිකකින් සරසයාගේ මාර ගෲප් එක නොහොත් මරා ගෲප් එක අල්ලන් ගහයි මට. ඒත් මම මද්දුම බණ්ඩාර සේ හිස දන් දෙන්නෙමි. මට මේ ආණ්ඩුව සමග ඇත්තේ සිරිසඟබෝ වර්ගයේ දන් දීමක් නොවේ. නමුත් යම් යහපත් දේද දකිමි. නමුත් ඒ යහපත් සියල්ලට අලගු තියන්නත් බැරි අකටයුතුකම්වේ. ටු බි කන්ටිනියුඩ්. එක දිගට ලියන්න ගියාම බෝරින්ග්. විනාඩියකින් ආපහු එන්නම්. අදත් නිවාඩු.

      කොච්චියගේ කමෙන්ට් එකට උත්තරයක් මම දෙනවා.

      Delete
    4. /////කොච්චියගේ කමෙන්ට් එකට උත්තරයක් මම දෙනවා.////////

      සොරි සොරි කොච්චියාට නෙමේ ලොකු පුතාට. අවුල් ඕයි...

      Delete
    5. // උඹ දැන් මෙතනට කැපිටල් ඩී එකක් දාන්නේ නැතුව මොනවා හරි කියපන්. //

      ඔබ තුමා හරි අරූ මහත්තයා..
      රනිල් තුමා මහ බැන්කුව හොරාකන්නේ මහින්ද මහත්ත්යා නිසා!

      Delete
    6. ලොකු පුතා තුමාට ජයවේවා!

      Delete
    7. ///අප්පට හුඩු!! සරසයගේ ලොකු පුතත් බැහැලා ගේමට :///

      හෙට අනිද්දා බජට් එකක් එනවා කියල මතක් වෙද්දී ගේමට බහින්න හිතෙන්නේ නැද්ද මචං...

      ///සොරි සොරි කොච්චියාට නෙමේ ලොකු පුතාට. අවුල් ඕයි...///
      අවුල් උනාට කමක් නැහැ, නරකද අර කතාවේ ඉතුරු ටිකත් ලිව්වොත්, කියවන්න දේවල් හිඟ නිසා මම ආපහු "අවුල් වන්නට පෙර" මුල ඉඳල බලන ගමන්...

      Delete
    8. ලොකුපුතා...අරූගේ මඤ්ඤං කියවන කොට කමෙන්ට්ස් අත අරින්න එපා. මම ෆුල් ට්‍රයි එකක් දුන්නා සංවාද, සාකච්ඡා ගොඩ නගන්න. මට ඒ වැඩෙට කමෙන්ට් කරුවන්ගෙන් ලොකු සපෝට් එකක්, ත්‍රිල් එකක් ලැබුනා. ඒ කමෙන්ට්ස් මගෙ පෝස්ට් එකට වඩා අර්තවත් සහ රසවත්. මම ඒක නිර්ලෝභීව කියනවා. කමෙන්ට් කරුවන්ට ජයවේවා!!!!!

      Delete
    9. කමෙන්ට් කරුවන්ට ජයවේවා!!!!!

      Delete
  2. මරු අප්පා...

    අන්තීමට මැක්කා ගැනත් තියෙනවා... මම හිතුවා අමතක උනාය කියලා හිටන්..

    ReplyDelete
    Replies
    1. එහෙම අමතක කොරනවද හිටන්?

      චීනෙටයි ගෝටටයි ජයවේවා!

      Delete
    2. දාහක් සිතුවිලි අසරණයන්ගේ
      බිල්ලට ගෙන නිති බලය ලැබූවේ
      ඒවට පිටුපා යන මැතිදුන්නේ
      සිත්තුළ ඇයි ජන දුක නොදැනෙන්නේ
      සිත්තුළ ඇයි ජන දුක නොදැනෙන්නේ.......

      ජයවේවා!!!

      Delete
    3. ජයවේවා!!!
      තව බොහෝ කවි සිතුවිලි පහල වේවා!

      Delete
  3. එක පැත්තක කියවීම!!

    ReplyDelete
  4. එක පැත්තක කියවීම!!

    ReplyDelete
    Replies
    1. තනි ඇහෙන් නේ අපේ වැඩ!

      Delete
  5. පව් ඕයි සා රස තුමෝ ග්‍රාමසේවක මහත්තය. ඒ රස්සාව කොරගෙන හිටං විශ්‍රාම ගියානම් විශ්‍රාම දිමනාවවත් ගන්ට තිබ්බ. මේ යන සීන් කුන් එකේ හැටියට ජෝකෙක් අඳින හේතුවත් නැතිව විශ්‍රාම යන සීන් එකක් තමයි පළිගුව පෙන්නුම් කොරන්නෙ හිටං.. හය්යෝ පද්මිණී..!! නොදුටු මළමිනී..!! 😜😜😜🙄

    ReplyDelete
    Replies
    1. යහපාලනේ ගේන්න කඩේ ගිය වෙන්ඩ පොශ් ගොම්බිජ්ජලා ගේ බලාපොරොත්තු සුන් කොරමින් සොරිසේන නරියෙක් වීම ගැනද රනිල් ඩර්ටි හැරී වීම ගැනද ස ර ස තුමා බලවත් සන්තෝස වෙමි...

      ප්‍රීතියි මහරජ!

      Delete
  6. බදාගෙන නොව බෙදාගෙන කමු.කිල්ලෝට රැගෙන පෝලිමේ පැමිණෙන්න.හුණු සැපයීමේ ආදරණීය සදාදරණීය අනුග්‍රහට පර්පචුවල් ළමයි.
    (ටීවී ගිය එකේ එයැයිලාගේ ඇඩ් එකකි.)
    ජයවේවා..!!

    ReplyDelete
  7. මහාචාර්යතුමා මහරජ කරමු

    ReplyDelete
    Replies
    1. වෙන කවුද ඉතින් උඹලගේ පොහොට්ටුවා මිසක්.

      Delete