Wednesday, November 9, 2016

ඩිවයිඩඩ් ස්ටේට්ස් ඔෆ් අමෙරිකා




යහපාලන ගැන්ග් එකේ පරමාදරුසය වූ හිලරි අක්කා කුජීත වී ගියේය...... 

හැබැයි මහින්ද මාමා පරාද වෙලා මැදමුලන ගියා වගේ නොව, ඇත්තටම අමෙරිකාවේ ප්‍රාන්ත අටක යහපාලන සපෝටර්ස් ලා පාරට බැස ජනාදිපතිවරනය දිනූ ට්‍රම්ප් තුමා ට විරුද්දව උද්ගෝසනය කොරති...

තම රට පමනක් නොව මුලු ලෝකයම පාලනය කිරීමට වරම් ලැබුනා සේ ක්‍රියා කොරනා අමෙරිකානු ජනාදිපතිලා අතර ට්‍රම්ප් තුමා කියා සිටින්නේ එයා අනුන් ගේ රටවලට අත නොදමන බවය.... එහෙත් එයා කියනා දේ කොරයි ද කියා අපට සුවර් නැත...

ඒ අතර අන්ද අනාවැකි කාරියක් වූ බාබා වැන්ගා කියූ අනාවැකියක් ස ර ස තුමා ගේ මතකයට එයි.. එනම්, ට්‍රම්ප් තුමා ඇමෙරිකාවේ අවසාන ජනාදිපති වන බව ය.... 

අනුන් ගේ මගුල් වලට ඇඟිලි ගසමින් රෙජීම් චේන්ජ් වලට ක්‍රියා කොරනා අමෙරිකා එක්සත් ජනපදේ ට්‍රම්ප් තුමා යටතේ කෑලි කෑලි වලට කැඩුනත් ස ර  ස තුමා ට නම් ගානක් නැත!

රජීව් ගාන්දි ට කෙලි විජිත්මුනි රෝහන තුමා ද අනාවැකි දෙකක් පසුගියදා කීවේය.. එකක් නම් ට්‍රම්ප් තුමා අමෙරිකාවේ ජනාදිපති වන බවය.. අනෙක් අනාවැකිය ස ර ස තුමාට මතක නැත...


46 comments:

  1. වෙනස් වෙන්නේ පුද්ගලයා පමණි. අනෙක් සියලු දේ ඒ ආකාරයටම පවතිනු ඇත.

    ReplyDelete
    Replies
    1. නැහැ... බොහොමයක් දේ වෙනස් වෙනවා...

      Delete
  2. ///යහපාලන ගැන්ග් එකේ පරමාදරුසය වූ හිලරි අක්කා කුජීත වී ගියේය...... ///
    මගුල තමයි, ට්‍රම්ප් කාරයා හු&පී ලු...
    කවුද කිව්වේ කියල මටත් මතක නැහැ...

    ///අනෙක් අනාවැකිය ස ර ස තුමාට මතක නැත...///
    ඒ මොකද ඒ...

    ReplyDelete
    Replies
    1. :D වින්ක් වින්ක්!

      Delete
    2. සුවර් එකටම කියන්න ඇත්තේ මහින්ද මහත්තයා ආපහු බලය අල්ලනවා කියල වෙන්ටෑ.. :)))

      Delete
    3. සුවර් එකටම කියන්න ඇත්තේ මහින්ද මහත්තයා ආපහු බලය අල්ලනවා කියල වෙන්ටෑ.. :)))

      Delete
    4. ට්‍රම්ප් දිනුවත් හරි කට්ටියටම වයර් මාරු වෙලා! අරෙහෙ මාතලන් කරය ඇනෝ අයින් කරද්දී, මෙන්න සාරසා ඇනෝ ඇක්ටිවේ කරලා!

      මාතලන් පවු, බක පණ්ඩිතය වගේ ඇමරිකන් පොලිටික්ස් ඇනලයිස් කරන්න ගිහිල්ල මද ජෝක දාල ඇනොලගෙන් කින්ඩි වැටෙනොකොට ඇනෝ අයින් කරලා.

      Delete
    5. //ට්‍රම්ප් දිනුවත් හරි කට්ටියටම වයර් මාරු වෙලා! අරෙහෙ මාතලන් කරය ඇනෝ අයින් කරද්දී, මෙන්න සාරසා ඇනෝ ඇක්ටිවේ කරලා! //

      :D

      Delete
    6. // සුවර් එකටම කියන්න ඇත්තේ මහින්ද මහත්තයා ආපහු බලය අල්ලනවා කියල වෙන්ටෑ.. :))) //


      නැහැ,....

      VVIP කෙනෙක් මැරෙන කතාවක්...

      Delete
    7. සිරා කුරියා ගසන බව නේද? ඕව ඉතින් ලෝකේ වෙන දේවල්නේ. ඉපදුනොත් මැරෙනවා.

      Delete
    8. :D
      මැරුනාම මීඩියම් එකක් හොයාගෙන කතා කොරනවා...

      Delete
  3. //අනෙක් අනාවැකිය ස ර ස තුමාට මතක නැත...//

    සරාස්තුමා ගැනද?


    ReplyDelete
  4. හිලරි අක්ක නොව හිලරි නංගී විය යුතුයි (සාරසට)

    ReplyDelete
    Replies
    1. // හිලරි අක්ක නොව හිලරි නංගී විය යුතුයි (සාරසට)//

      බලාගෙන ගියාම ඒකත් ඇත්ත...

      Delete
  5. අර අනාවැකිය හරියන්න බොහෝ ඉඩ තියෙනවා. ලෝකයම් වෙනස් වෙයි.

    ReplyDelete
    Replies
    1. අන්තෝ ජටා බහි ජටා කිවුවලු!

      Delete
    2. This comment has been removed by a blog administrator.

      Delete
    3. This comment has been removed by a blog administrator.

      Delete
    4. //AnonymousNovember 13, 2016 at 7:12 PM //

      මට ඕනෑ දෙයක් කියලා බැනපන්..ඒත් මගේ බොගේ වෙන අයට බනින එපා සත්තරනේ....

      Delete
  6. ට්‍රම්පච්චි පූසන්ට ෆන් දුන්නට අපිට දෙන ෆන්නයක් නෑ වගේ. හැක්

    ReplyDelete
    Replies
    1. ඒක ඉතින් පූසන්ගේ වාසනාව හිටන්!

      Delete
  7. එල්ලෙන්න වැල් නැතිවුනාම ට්‍රම්පට් එකක හරි එල්ලෙන්න එපැයි.

    ReplyDelete
    Replies
    1. ඔච්චර බලගතු බිල්ගේ වයිපරේ එල්ලිල මැරුනලු හිලරිනෝනා!!

      Delete
  8. Replies
    1. ඔබ සූදානම් ද.. අප්පච්චිත් සමග අප සූදානම්!

      Delete
  9. කාට අමතක උනත් එයැයිට අනාවැකිය මතක ඇති.පත්තරෙත් ගියානෙ හිටං..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. මතක් වෙනකොට බඩ පපුව දාලා යනවඇති හිටන්!

      Delete
  10. ඇමරිකාවේ වැඩි ඡන්ද ලැබුණේ හිලරි ක්ලින්ටන්ට. ඒත් ඡන්ද කොලේජ් වැඩියෙන් ලැබුණේ ට්‍රම්ප්ට...

    ReplyDelete
    Replies
    1. වියවස්තාව අනුව ට්‍රම්ප් දිනුම්!! දැන් එම කතා අහවරයි!
      ඔහේටත් ඔහෙලාගේ පත්තරේ අලුත් නැඹුරුවක් බලාගන්න පුලුවන් වේවි... ඒදාට ඔහේටත් මුස්ලිම් හාදයන් ට පහර දීලා ලිපි හේම ලියන්න වේවි හිටන්! මොකද වක්‍රාකාරයෙන් රාවයත් රන් වෙන්නෙ අමෙරිකානු බදු ගෙවන්නන් ගේ මුදලින් නේ හිටන්!

      Delete
    2. නියම රිප්ලයි එක සාරස. හැමදේම වගේ රාවයෙ ලිපිත් වෙනස් වෙයි. රාවයෙ ලියන්නොත් ඒ විදියට වෙනස් වෙයි.
      අැමරිකාවෙ මාධ්‍ය ජඩයොත් මොකුත් නොවුන වගෙ ට්‍රම්ප්ට කඩේ යයි.
      කුලී ලියන්නො කියන්නෙ ජඩයන්ගෙත් ජඩයො. හැබැයි උංගෙ වැඩවල.වක්‍රවාසි නැකුවාම නෙමෙයි.

      Delete
  11. පෝර දැන් අනාවැකි කියනවද

    ReplyDelete
    Replies
    1. කියනවදත් කියලා අහනවා හිටන්!

      Delete
  12. දිනූ ජනපති යෙහෙන් වැජබෙවා !!!! හිටපු අයත් වැජබෙවා !!!! අනාවැකි සපල වී උත්තමයන් දිනේවා :P :P :P :P

    ReplyDelete
  13. “ආරාධනා ......ආරාධනා......
    පාලනයේ වහ දැක අපි අතරමං වෙලා
    අයවැය දැක සුසුම් හෙලන හදවත සනහා
    අපේ රටින් ගිලිහී ගිය සතුට රැගෙන යලි වඩින්න
    ආරාධනා...... ආරාධනා......

    නෙලූ සුපෙම් කැටයම් හද පවුරැ තලාවේ
    මැකී ගියාදෝ වහපාලනේ වෙරළේ
    වහපාලන කෙටි ගමනින් අනාත වූ දා
    සෙනේහයේ පියුම් කැකුළු දසත පිපේවා
    ආරාධනා ......ආරාධනා.......

    එදා සොඳින් වෙසුනෙමු අප සැම දිවි අරණේ
    ඔබේ උණුසුමේ යළිදු උපන්නෙමු
    රට හඬවා රජ දහනින් ඔබ සමුගත් දා
    පැතුවෙමු ඔබ පහනින් යළි එළිය ලැබේවා
    ආරාධනා ......ආරාධනා.......”

    - මයුරවිල මි.

    ReplyDelete
    Replies
    1. තෙවළා දැන යෙහෙ න
      දස අත යෙහෙන් හොබව න
      මයුරවිල පඬිරුව න
      කියන මේ කවි අසමි සතොසි න

      සුදීමත් මයුරවිලයිනි...
      ඔබතුමා ව මාගේ වියුනුවට සාදර ගෞරවයෙන් මෙසේ පිලිගනිමු!

      Delete
    2. /////සුදීමත් මයුරවිලයිනි...
      ඔබතුමා ව මාගේ වියුනුවට සාදර ගෞරවයෙන් මෙසේ පිලිගනිමු!/////

      කෙලියා නේද තාප්පෙටම. ඕන මංගල්ලයක්. තේරෙන භාශාවෙන් ලියපන්. උඹලගේ ගුරු ,එළු අභය වගේ නොතේරෙන විදියට ගේම් දෙන්න එපා.

      Delete
    3. එළුවා බැහ් බැහ් කියනවා. එළු පැටව් හා හා කියනවා. පොහොට්ටුව කන්නෙ එළුවද...එළු සහෝලද? මොන එළුවා රජ කරන්න ආවත්, ඒවා ඉතිහාසයෙ බැහ් බැහ් කියපු කතා. ඔය බැහ් බැහ් කියපු අය හා හා කිව්වේ කොයි වෙලාවෙද කියලත් අපි දන්නවා... පොට්ටු හදයි. ඒ තුල යමක් කමක් කරන්න පුලුවන් එවුන් දේශපාලනික වශයෙන් නිදි වදියි. සෝභිත හාමුදුරුවෝ අන්තිමට අලි වේදිකාවේ ඡන්ද දෙන්න කිව්වා වගේ. සෙස්ස පස්සට..

      Delete
    4. //කෙලියා නේද තාප්පෙටම. ඕන මංගල්ලයක්. තේරෙන භාශාවෙන් ලියපන්. උඹලගේ ගුරු ,එළු අභය වගේ නොතේරෙන විදියට ගේම් දෙන්න එපා. //

      බිමට නැමි කරලින් බරවුනු හෙල සාහිත කෙතේ අසිරිය විඳිනු මැනවි අරූ මාමේ!
      :D

      Delete
  14. සන්මිතු සාරසයෙනි,

    එළඹෙන දිගු සති අන්තයෙහි මන සුව පතා අද රෑ වන වදිමි. නැවත එළෙඹෙන කුජ දින නැවත එමි. එතෙක් දෙස බස සම රැකුම කිරියෙහි නියුතු ඔබ, කුදලාගම, කීරාල ඈ මා දෙටු සගයනට සහය වීමට මට අවකාස නොමැත, කමාවුව මැන.

    -මයුරව්ල මි

    ReplyDelete
    Replies
    1. වන වැද මන සනසාගෙන, සියලු මන දොල සපුරාගෙන නැවත අප හද මනකල් කෙරුම් වස් උදාරතර පුණ්යානනුභාවයෙන්මෙහි පැමිනෙන මැනවි

      Delete
    2. මා සන්මිතු සරසයෙනි,

      අපගේ දුරු රටැ රණ බිමැ වැදි යම් දුහුනකු නො දනින හෙළුවෙක් ද නො දනින කවිකමෙක් ද වහරමින් සරස-මයුරවිල-කුදලාගම-කීරාළ සුබැසි හවුලට ගරහනු පෙනේ. ‍එම දුහුනා සිතනුයේ එළිවැට පවතින සේ වැකි‍ෙයක් සිව් අසක් (කොටස්) වැ ලියු පමණ කවි නිපැයෙන බව යැ. අහෝ! ඛේදයෙකි! දුකෙකි!

      මා සිත නැඟෙන අනුමාන නම් මේ කුකවි තෙම අකලට කේශපතනය වූ ද වියුණු ලොවැ සැම තැනැ නොනිසි ගැටුම් අවුළවන්නා වූ ද යම් පවිටු පුඟුලකු බව යැ. එම දුහුනා කවර හූනකු වුව අපට කම් නැත. අපි ඔහුට මෙසේ පළමු උපදෙස දෙමු. අවැසි වුව හොත් සව්සත්දම් වාදයෙක් කරන්නෙමු.

      සරසයෙනි, මයුරවිලයන යළි වඩිනා තෙක් ඔබතුම විමසිලිමත් වනු මැනැවි. මම අද දින යම් කටයුත්තෙක් සඳහා කාඩිෆය බලා පිටත් වැ යමි. යළි එන තුරු ඉවසනු මැනැවි! (සරසයෙනි, ඔබතුමනට පෙර කල රඟ සොබා පෑ රූබර, සුකොමළ, සුලලිත, ගැමිසිරි, මනකල් මංගලා කරුණාරතන සිරිමතිය සිහි කර ගත හැකි යැ? ඕතොමෝ ද කාඩිෆයැ මැ වසන්නී යැ.

      පෙර කී කුකවි දුහුනාට මම පහත කවි ශික්ෂාව පවසමි:


      කුකවි සබඳට ළබැඳි ව…

      දුර්ගන්ධවත් ඩබ්ලිව් තුන ලංකාවේ
      සුපුරුදු දුගඳ නො ව නව ගඳයකි ආවේ
      විමසා බැලිමි කිම දැ යි ඒ ගඳ ආවේ
      කුකවි දුහුන මල හළ බව මා දුටුවේ

      සරසවි බැලුමසක් නැති දන කිවි නො වෙති
      ප්‍රතිභා නො පිහිටයි අරුමැසි කවි නොමැති
      ප්‍රතිභා ඇති දනෝ නිති කව් හුරු කරති
      නව රස අරුත් දින දින තත්භව කරති

      කුකවි දුහුන යම් ප්‍රතිභා ඇති සෙයකි
      නිති පුහුණුවක් කිසි දා ලැබ නැති සෙයකි
      පෙර රස කිසිත් රසවිඳ නම් නැති සෙයකි
      නව රස මවන්නට පෙර උගනිනු යෙහෙකි

      කව්සිළුමිණ ද කාව්‍යශේඛර කව ද
      සැලළිහිණිය ද ගිරාව සහ මයුරය ද
      තිසරය සමඟ පරවිය සහ කොවුලිඳු ද
      හදාරනු මැනැවි නො දෙමින් මෙහි දුගඳ

      එළිවැට රැකුම පමණක් නො ව කව් බැඳුම
      ලඝු ගුරු සමඟ උගනිනු මැන විරිත් දම
      නැති නම් ඔබගෙ අව කවිකම් කියවා ම
      අප දිවි නැසෙනු ඇත හිර වී දිවි සුසුම

      එළු සඳැසේ විරිත් මාලා සොඳින් දැන
      පිංගලනාථ රත්නාකර පෙළ ද දැන
      කවි බඳිනා නෙක බන්ධන රටා දැන
      කුකවි නො කර කව් මිණි දම් කරනු මැන

      සලමෙව සේන දණ්ඩීනුන් කියු ලෙස ම
      කවිය‍ට විෂය නිසි සත් තෝරා ගැනුම
      ‍නො කර නොනිසි කඳ පණුවන් නිති වැනුම
      කවිකම් නමින් කෙරුමය කවි වේසකම

      මල නො තලා වන බිඟු මී ගත් ලෙසට
      හංස රාජ කිරි දිය වෙන් කළ ලෙසට
      මිණි සයුරෙන් අගමිණි තෝරන ලෙසට
      සුබැසි ගනුව සාරස මයුරය ලෙසට

      දුගඳ නිබඳ හමනා මෙහි සතර දෙස
      වසනු නො හැකි නැති නම් කව් අමා රස
      සාරස මයුරවිල ගෙන එන අමා රස
      කුකවි ලියා නැති නො කරව් සතර දෙස

      සබඳ කුකවි දුහුනෙනි මෙහි වසුරු හළ
      නො වෙනු මැනැවි වදයක් මෙතැනේ පතළ
      සාරස මයුරවිල කවිකම් නිති හසළ
      අබියස විසුළුවකි ඔබ විළි බිය ද හළ

      කවිකම සිතුමිණකි කරතොත් නිසි ලෙසට
      මහබඹු කිවි ය කව් ලොව ඇති සැම තැනට
      ඔහු තම සිතැඟි ලෙස හැරුණෙ ද යම් දෙසට
      මුළු ලොව හැරෙනු ඇත එසැණින් ඒ දෙසට

      බන්‍ධුල කුදලාගම,
      සදම්ටනය.

      Delete
  15. නිවැරදි කිරීමක්. බාබා වැන්ගා කීවේ ඔබාමා අවසාන ජනපති බවයි.

    ReplyDelete
  16. කාට කාටත් කෙලෙවෙයි හැබැයි

    ReplyDelete