Friday, December 2, 2016

පිස්සු බල්ලෝ...



ට්‍රම්ප් තුමා එයා ගේ ආන්ඩුවේ ආරක්සක ලේකම් ලෙස මෑඩ් ඩෝග් මැටිස් නැම්ති ජෙනරල් වරයා පත් කොර ගෙන ඇත.

අමෙරිකාවේ පිස්සු බල්ලන් ට හොඳ කාලයක් යන කල ලන්කාවේ එයට හාත්පසින් ම වෙනස් දේ සිද්දවෙමි.

මහින්ද මහත්තයා ගේ පා පහරවල් කා සද්ද නැතිව ඇඹිටිල්ලන් මීයෙක් ලෙස හිටන් යහපාලන ආන්ඩුව්යටතේ පොරක් වූ බස් ගැමුනු නැමති පිස්සු බල්ලා ගේ පිස්සුව අද ඇරඹුනු පෞද්ගලික බස් වර්ජනය නිසා නිට්ටාව ටම සනීප විය.

නිලවලා වියාපෘතියට වියදම් කල රුපියල් බිලියන ගනනක මුදල ගැන පොර ටෝක් එකක් දුන්නේ යහපාලන සොරිසේන ය. මහින්ද මහත්ත්යා චීනේ ඉඳගෙනම එම ගොන් චෝදනාව ගැන වහාම සොයා බලා වැරදි කාරයන් ට දඬුවම් දෙන්න යැයි නිවේදනයක් නිකුත් කලේය. බලාගෙන ගියාම වැඩේට ගස් යන්නේ නිමල් සිරිපාල තුමා ය. සොරිසේන පස්ස පැත්තෙන් සබන් කොලේ තියා ඇරලා තියෙන්නේ සිරිපාල ට ය. 

පිස්සු බල්ලන් ට පිස්සුද හිටන්?

40 comments:

  1. අද පැරාල අහා යන්නෙ නැතෙයි.
    කට්ටිය බලං ඉන්න්ව.

    ReplyDelete
    Replies
    1. උඹ _ක නොදී හිටහන්, සාරස මෝලට ඕනෙ නම් යාවි, නැතිනම් නොයාවි. තොට ඇති _කේ අමාරුව මොකක්ද සෙවල _න්න _ත්තිගෙ ලොල්ලෝ?

      Delete
    2. // අද පැරාල අහා යන්නෙ නැතෙයි.
      කට්ටිය බලං ඉන්න්ව. //



      මාද ඔබම විය....

      //උඹ _ක නොදී හිටහන්, සාරස මෝලට ඕනෙ නම් යාවි, නැතිනම් නොයාවි. තොට ඇති _කේ අමාරුව මොකක්ද සෙවල _න්න _ත්තිගෙ ලොල්ලෝ? //

      ඔබද මා ම විය හිටන්!

      Delete
  2. මම කියන්නෙ 25,000 වන්දියක් ද ජීවිතයක් නැති වුනාම? මේ බස් කාරයෝ පාරේ යන්නේ පාර තියෙන්නේ උන්ට විතරයි වගේ. හරිම අශීලාචාරයි. පාරේ ඉන්න අය ත් යට කරගෙන යන්නේ හදිස්සියේ. හරි නම් විපක්ෂය අවුස්සන්නේ නැතුව, මේ බස් කාරයන් අතින් පරලොව යන, අත පය කැඩිච්ච අපේම ජනතාව වෙනුවෙන් ආණ්ඩුවට සහයෝගය දිය යුතුයි.

    වැරදි කලොත් නේ දඩය කන්නේ. ඉතින් ඇයි විරුද්ධ වෙන්නේ? වැරදි නොකර හිටියම ඉවරනේ. නැහැ. උන්ට ඕන සුපුරුදු විදියට රේස් යන්න, අහල පළහ ඉන්න උදවිය නිවන් යවන්න. මගීන් ට බන වදින්න. ඔන්න ඔය දේවල් නැති වෙනවට විරුද්ධව තමයි strike එක.

    ReplyDelete
    Replies
    1. 2005 මහින්ද බලයට එනකොට ඔය දඩ මුදල් තිබ්බෙ 100-150/= සීමාවේ. මහින්දගෙ කාලේ ඕක 1000-1500/= ට වැඩි කලාම රනිල් ලොල්ලා පාර්ලිමෙන්තුවේ ඕකට විරුද්ධව කලිසම උස්ස උස්ස විසි වෙවී ලොකු කතාවක් කරලා හිටං හිරිකොතටත් ගිහිල්ලා තව මොන මොනවදෝ කියෙව්වා.
      කර්ම ඊස් අ බිට්ච් හිටං

      Delete
    2. //කර්ම ඊස් අ බිට්ච් හිටං //

      ++++++++++++

      Delete
    3. UNP ආණ්ඩුවක් ආවහම කාර්වල යන්න හිටපු එවුන්ට යන්න බසුත් නැතිවුනා කිව්වලු!

      Delete
  3. බස් ඉස්ටයික් කොලා විතරයි අද පාරේ වෙනත් වාහන වැඩියි...
    බස් ත්‍රිබිල්, නැනෝ වල අඩුව පුරවන්න වගේ පාර පුරා යන වෙනත් වාහන නිසා ටැපික් ගොඩයි...

    ReplyDelete
  4. අද කනක් ඇහිලා නිස්කලංකෙ පාරේ යන්න පුලුවන් උනා. මග මරුවො නෑ නේ හිටන්.

    ලබන අවුරුද්දේ සියළු අපල දුරු වෙයි...

    ReplyDelete
    Replies
    1. ආවඩා ආයුබෝවේවා!

      Delete
    2. රටට වෙච්චි ලොකුම අපලේ ජනවාරි 27 දිහා විතර දුරු වෙනව කියල කවුද කියල තිබ්බ නොමිලෙම. රුපියල් 750/= කේන්දර අනාවැකියත් ඒකට සමපාත වෙනව වගේ.
      ඒකියන්නෙ ඊ ලඟ පරපුරට රටක් ඉතුරු වෙනව කියල සැනසෙන්ඩ පුළුවන්

      Delete
  5. යහපාලන ආණ්ඩුවේ උත්තමයින්ට අඩුපාඩුවක් නැතුව කරන්න පුළුවන් එකම දේ තමයි හිටං, නාන එක.

    ReplyDelete
    Replies
    1. පීන පීන නාන සේ... නාල නාල පීනසේ!

      Delete
  6. මා සන් මිතු සරසයෙනි,

    ඔබ මාර්කස් ප්‍රනාන්‍දු ශලාව ගැන සඳහන් කිරීම රසවත් අතීත මතකයන් වෙත මා සිත ගෙන යයි. මාකස් ප්‍රනාන්දු පමණක් නො ව හිල්ඩාවේ අවසන් පියපතර ද පැරැණි ආචාර්ය නිවාස (කලක සංඝාවාස) ද ගැන යමක් ලිවිය යුතු ය. අප දෙදෙනා පෙර දිනෙක සාකච්ඡා කර ගත් පරිදි ජනවාරියේ දී ඇරඹෙන අලුත් අඩවියට ඔබතුමාත් මමත් එක් ව පේරාදෙණියේ නේවාසිකාගාර ගැන යුග දෙකක් එක් කරනා ලිපියක් ලියමු.

    වාමාංශිකයෝ මුලින් ම නේවාසිකාගාර සෑදීමට විරුද්ධ වූහ. ප්‍රභූ ලිබරල්වාදීන් (අජිත් පැරකුම් වගේ විකාර ලිබරල්වාදීන් නො වේ) විසින් දෙන ලද සහයෙන් පේරාදෙණිය නේවාසික සරසවියක් ලෙස ඇරඹිණ. මාර්කස් ප්‍රනාන්දු, විජේවර්ධන, හිල්ඩා ඔබේසේකර, ජේම්ස් පීරිස්, අරුණාශලම්, රාමනාදන් වැනි නම් එකී ශාලාවලට ලැබුණේ එනිසා ය.

    පැරණි වමට පේරාදෙණිය නිතොර විවෘත ව තිබිණි. ඩොරික්, ලෙස්ලි වැනි අය එහි ම සිටි අතර ඇන්. ඇම්., කොල්වින් වැනි අය නිතොර එහි ආ ගියහ. තමන්ගේ කාරය තමන් ම පදවාගෙන එන ඇන්. ඇම්. වැනි අය මාර්කස් ප්‍රනාන්දුහි ආරාධිත දේශනය පවත්වා, සැදෑ සංග්‍රහය ද විඳ, පිට ව යන සොඳුරු අතීතයක් තිබිණි. මාර්කස් ප්‍රනාන්දුහි මා මිතු සරසයන් කෙතරම් කලක් කවර අඩවියක විසුවේ ද?

    “මාර්කස් ප්‍රනාන්දු ශාලාව ඇන්. ඇම්. ට විවෘත නම් විජේවීරයන්ට විවෘත වුණා ම මොකෝ?” යන තර්කයක් එකල පැනනැඟිණි. අවසානයේ දී විජේවීරයෝ මාර්කස් කන්දට නො ව ඔගස්ටා කන්දට පැමිණියහ; කුජීත කතාවක් ද කළහ. කතාව කුජීත වූයේ ඉන් වසර සතළිසකට පමණ පසු ව ය. ඒ ජවිපෙ සහෝදරවරුන් පාර්ලිමේන්තුවට රිංගා ගැනීමෙනි. කතාව කුමක් ද යන්න දැන් සිහිවනු ඇත! ගරු සරසයෙනි, ඔබ ඔගස්ටා කන්දෙන් බිහි වූ දන්ත වෛද්‍ය පරපුරේ විය යුතු ය. දැන් නම් එය වෙනත් පිරිසකගේ අඩවියක් ල.

    ශාලාවල හිමිකම් වෙනස් වන්නට ද වාමාංශිකයෝ බලපෑහ. තරුණයන් විශාල ගණනක් නාදන්හි එක් රුස් වූ විට ඔවුන්ට විප්ලවීය විඥානය පහළවීමට ඇති අවස්ථාව වැඩි ය යි සිතු නිසා දෝ පරිපාලකයෝ රාමනාදන් ශාලාවෙන් තරුණයන් ඉවත් කර විජේවර්ධනයට දැමූහ; විජේවර්ධනයේ තරුණියන් රමනාදනයට දැමූහ. තරුණයන්ට නාදන් බළකොටුව නැති විණ. ශිෂ්‍යයන් සඳහා ම සැලසුම් කරන ලද නාදනයේ ශිෂ්‍යාවන් රුඳවීම නිසා ඇති වූ “මූලික” ප්‍රශ්නයක් ද තිබේ. එය මෙහි ලිවීම නොනිසි බව මා මෙම සටහන ලියනු බලා සිටින මගේ මැණිකේ පවසන්නී ය. විජේවර්ධනය දෙටු ශිෂ්‍යාවන්ට හිමි වීමෙන් පසු කලෙක එම ශාලාවට අපනාමයක් ද පටබැඳිණි. එය ද මෙහි ලියන්නට “එපා! එපා!” ය යි මැණිකේ පවසන්නී ය. සංඝමිත්තාවෙහි ද ජේම්ස් පීරිස්හි ද සිටි ඇය විජේවර්ධනයට පැමිණි කල මට ඇය දැක ගන්නට කඳු නඟින්නට අවශ්‍ය නො විණි!

    වාමාංශිකයන් නිසා ශිෂ්‍යයකු වෙනුවෙන් නම් කෙරුණු පළමු ශාලාව ද ඉතිහාසයට එක් විණි (එම නාමකරණය සිදු වන විට මා පේරාදෙණිය සහ කොළඹ පමණක් නො ව රට ද හැර ගොස් ය). අක්බාර් නෙල් ශාලාවට එහා වූ නිෂ්මියට එම නම ලැබුණේ එස්. එම්. නිෂ්මි නිසා ය. නිෂ්මි ජවිපෙ දෙවන විගඩම් කැරැල්ලේ දී මිය ගිය වාමාංශිකයෙකි. වීරසූරිය වෙනුවෙන් නම් නො වුණු ශාලාවක් නිෂ්මි වෙනුවෙන් නම් වූයේ ඔහු සරසවියට කළ යම් සේවයක් නිසා විය හැකි ය! නිෂ්මියට නව අක්බාරය ය යි පවසනු ලැබීම පිළිබඳ කරුණුකාරණ සරසතුමා දන්න බව මම විශ්වාස කරමි.

    මා සන් මිතු සරසයෙනි, ඔබතුමා හිඳගල පැත්තේ නොයන්නට ඇතැ යි සිතමි!!! එකල නම් හිඳගල තහනම් පැත්තකි. ඇයි ද කියා ඔබ අසා ඇති. දැන් නම් හිඳගල ශාලාවක් ද ඇත.

    ශාලා ගැන ලියන විට හිල්ඩාව ගැන ද යමක් ලිවිය යුතු ම ය. හිල්ඩාව ද මුල් යුගයේ දී සුන්දර මාණවිකාවන්ගේ ය. ගුණදාස අමරසේකර ඒ මාණවිකාවන් ගැන කවි ද ලියුවේ ය. හිල්ඩාව කැලඹුණේ හිල්ඩා කුමාරී නිසා ය. ඔබට හිල්ඩා කුමාරි මුණ නොගැසෙන්නට ඇත! මම හිල්ඩාවේ වළ දෙසට වන්නට වූ කුටියක කලක නැවතීමි. නාට්‍යවල ගී සුපැහැදිලි ව එතරම් දුරට ඇසීම විස්මයජනක ය.

    මා සන් මිතු සරසයෙනි, වියුණු ලොව අපූර්ව ය. වියුණු ලොවේ දී අහඹු ව හමුවුණු ඔබ මෙතරම් සොඳුරැ මිතුරකු වීම ම එම අසිරිය කියා පායි. ජීවිතයේ සැඳෑ සමයට එළඹි අපි ඔබතුමාගේ මිත්‍ර සන්ථවයෙන් තුරුණු කල මතකයන් වෙත සිත ගෙන යන්නෙමු. පේරා‍ෙදණියේත් කොළඹත් ගෙවුණු ශාස්ත්‍රීය ජීවිතය අසිරිමත් ය. සදම්ටනය ද සොඳුරු ය. එනමුත් පේරාදෙණියත් කොළඹත් පිළිබඳ ඇති මතකයේ සුන්දරත්ව තුළ වදනට නැඟිය නොහැකි අමතර යමක් ඇත. ඒ වදනට නොනැඟිය හැකි හැඟීම අපේකම ය. එම අපේකම රුක ගන්නට හැකි නායකත්වයත් බිහි කරන්නට ඔබතුමා ද මයුරවිලයන් ද සතුරු බළකොටු වැද කරන අභීත සටන ආස්වාදනීය ය.

    බන්‍ධුල කුදලාගම,
    සදම්ටනය.

    ReplyDelete
    Replies
    1. පේරාදෙණි මතකයන් නම් බොහෝ රසවත් කුදලාගමයිනි. පසු කාලිනව ජේ.පී ශාලාවත් තරුණියන්ට වෙන් උනා නොවැ. ජේපී ශාලව පිටි පස්සේන් මාර්කස් කන්ද නගින්න තිබ්බ පඩිපෙලටත් කටු කම්බි වැටක් බැඳුනා.
      (සාරසයින්ට දැමූ ආලෝචනය මැදට පැන්නාට සමාවුව මැනව. යමක් නොලියා ඉන්නට බැරිතරම් එය රසවත්ය..)

      Delete
    2. //මම හිල්ඩාවේ වළ දෙසට වන්නට වූ කුටියක කලක නැවතීමි.//
      සොඳුරු මතකයෙකි. පේරාදෙණියේ මගේ පළමු නවාතැන වූයේ අවසන් (සත්වන) පියපතර තෙවන මහලේ වළ අන්තයෙහි වූ 164 කුටියයි. එහි සඳළුතලයෙන් නිබඳ පෙනෙන (යාබද පිහිටි ඇදුරු නිවහන වැනි) දසුන් ඔබද කලෙකට පෙර දකින්නට ඇතැයි සිතමි.

      http://economatta.blogspot.com/2015/10/blog-post.html

      Delete
    3. සබඳ ඉකොනොමැට්ටාණෙනි,

      එසේ ය; එසේ ය. මම ද ඒ සිරි දුටිමි. කුටියෙන් පිටතට වන් කල ඉදිරියේ වූ තුරුවැට අතරින් පෙනෙනා ඇදුරු නිවහන ය; වමත දෙස බැලූ කල කොරිඩෝවේ ඈත කෙළවරින් එහා වූ තුරුවැට අතරින් මහවැලි ගඟ ය; දකුණත දෙස බැලූ කල ඈතින් පෙනෙනා හාදු වංගු මානය ය. ඒ අතරේ වළ ය. ඔබ පවසන තැන සිට පැරණි පන්නයේ කැමරාවනින් මා එකල ගත් ඡායාරූපයක් ද ඇත.

      අසිරිමත් හමුවකි. වියුණු ලොව බහුතරය පේරාදෙණි සඟයන් සේ ය!!!

      Delete
    4. ප්‍රිය අසංග මාන්පිටිය සහෘද මහත්මාණෙනි,

      ඔබතුමා අපගේ අතීතාවර්ජනයෙන් යම් රසයක් වින්දේ නම් එය ම අපට මහත් සන්තුෂ්ටියකි. ඔබතුමාගේ ආලෝචනය තුළ ඔබතුමා විඳි රසයේ මහත්බව මනා ව නිරෑපණය වී තිබේ. අපගේ ආලෝචනය රසවත් විණි නම් එහි ගෞරවය ද හිමි විය යුත්තේ අපගේ පේරාදෙණිය සරසවියට ම ය. අප විසින් කෙරුණේ පේරාදෙණි සරසවිය විසින් අපගේ ආත්මයට මුසු කරන ලද අමෘත රසය හැකි පමණ වදනට නඟා බෙදා දීම ය.

      මිහිබට නන්දන උද්‍යානයක් සේ ද මිහිබට ඊඩන් උද්‍යානයක් සේ ද මනරම් වු පේරාදෙණියේ සරසවි උයන එහි යම් කලක් ගෙවූ කිසිවකුට හෝ අමතක නොවන්නේ ය. පසු කලෙක ලොව කවර තැනෙක සිටිය ද එම මතකය අපගේ ආත්මය තුළ රසාලිප්ත ස්වර සරණියක් සේ ප්‍රතිනාද වෙමින් පවති. මඳ සිහි කැඳවීමකින් වුව එම ස්වර සරණිය වැඩී මතු ව පැමිණේ. අමෘතරසාස්වාදනය කළෝ ම අමෘතරස හඳුනන්නෝ ය. අසංග මාන්පිටිය සහෘද මහත්මා ද අපගේ අතීතාවලෝකන ආලෝචනයෙන් හදමනස රසයෙන් පුරවා ගන්නේ ඒකී ආත්මීය ස්වර සරණිය එතුමන්ගේ ආත්මයේ ඇසෙන නොඇසෙන පමණට නිබඳ ව ප්‍රතිනාද වෙමින් පවතින නිසා ය.

      ලාංකීය සරසවි අතර නිසි ආකාර පරිසරයක සද්භාවයකින් ම ඇරඹි සරසවි ය පේරාදෙණිය සරසවිය බව පැවසිය යුතු ය. කොළඹත් පේරාදෙණියේත් දිගු කලක් රුඳුණු මා එසේ පැවසීම කොළඹ සරසවියට අවමන් කිරීමක් නොවන්නේ ය.

      ප්‍රතාපවත් වනස්පතිහු ගලහ මඟ දෙපස අභිමානවත් ව නැඟී සිටිති. රන්වන් පුෂ්පාභරණයෙන් සමලංකෘත ලතාවෝ කෝමල ලාලිත්‍යයෙන් එකී වනස්පතීන්ගේ සිරුරු වටා එතී ඉහළට නඟති. උස් ව වැඩුණු තුරුහිස් එක් වී එමඟ සරනා සුවහසක් මාණවකමාණවිකාවන්ගේ හිසට ඉහළින් උඩු වියන් බඳියි. සොබාදම් මව තම දරුවන් මඳ හිරු රැසකින්වත් වෙහෙසවන්නට අකමැති වූ සෙයකි. රන්වන් ආකාස කුසුම් මන්ද මාරුතයෙහි පා වී පහළට වැටෙන්නේ එකී මාණවකමාණවිකාවන්ගේ සුමුදු දෙපයට විල්ලුද පලසක් නිමවමින් ය. හන්තාන කඳුයාය දෙසින් හමා එන මඳ පවනින් අප ගතසිත සැනසේ. වලා පෙළ කඩින් කඩ සිසිල් දිය බිඳි ඉසිමින් එමඟ සරනවුනට ආශිර්වාද කරන සෙයකි. සන්ධ්‍යාමානයේ දී මෙමඟ සරනා නව්‍ය යෞවන ප්‍රේමයෙන් අභි‍ෂේක ලද ‍මාණවකමාණවිකාවෝ ‍පෙම්මඟට සේන්දු වන්නෝ ය. මහවැලි ගංගා ඉවුරේ තුරුලිය වදුළුහි තනි වන මේ පෙම්වත්හු ශ්‍රී ජයදේවයන්ගේ ගීතගෝවීන්දයේ අතිරමණීය ජවනිකා ඔවුන් සඳහා ම ප්‍රතිනිර්මාණය කර ගනිති.

      මේ වූ කලී කිසිඳු ආකාරයක ස්වප්නයක් ‍නොවන්නේ ම ය. මේ වූ කලී ස්වප්න ලෝකයක් නො ව පියෙවි ලෝකයක් ම ය. එම පියෙවි ලොව පවතින්නේ හන්තාන කඳු පාමුල මහවැලි ගං ඉවුරේ පමණි. අසංග මාන්පිටිය සහෘද මහත්මාණෙනි, එවන් නඳුන් උයනක රසය විඳ ගත් ඔබතුමා සරසයනගේ ද මගේ ද හෘද සමානයෙකි. එනිසා සරසයන්ගේ ද මගේ ද අතීතාවලෝකන රසරංජනයට ඔබතුමන්ගේ එක් වීම අපට අප්‍රමාණ ප්‍රීතියකි. අපි අප්‍රමාණ වූ සෙනෙහසින් යුතු ව අසංග මාන්පිටිය සහෘදයා පිළිගන්නෙමු.

      බන්‍ධුල කුදලාගම,
      සදම්ටනය.

      Delete
    5. // (සාරසයින්ට දැමූ ආලෝචනය මැදට පැන්නාට සමාවුව මැනව. යමක් නොලියා ඉන්නට බැරිතරම් එය රසවත්ය..) //

      හිතවත් ඔබ සැමට මේ වියුනුව සදා විවුර්තය...

      Delete
    6. ///////අප දෙදෙනා පෙර දිනෙක සාකච්ඡා කර ගත් පරිදි ජනවාරියේ දී ඇරඹෙන අලුත් අඩවියට ඔබතුමාත් මමත් එක් ව පේරාදෙණියේ නේවාසිකාගාර ගැන යුග දෙකක් එක් කරනා ලිපියක් ලියමු. //////////

      මෙන්න ටොප් වැඩක්!!! අපේ ආශිර්වාදය!!!!!

      Delete
    7. බොහෝ තුති කුදලාගම සිරිමතුනි, සාරසයෙනි..
      මගේ සරසවි දිවියේ මුල් දෙවසර ගෙවුනේ මාකස් ප්‍රනාන්දු ශාලාවේදීය. පලමුවෙන් ඇරඹි නවක වද සමයේදී, එය ගලහා හන්දියට එතරම් ඈතකින් පිහිටා තිබීම ගැන මම දිනපතා සාප කෙලෙමි. සවස හතරට දේශන ඉවර වී, ජයතිලක, අරුනාචලම්, ඇ6, හිල්ඩා, ජේපී ආදී සියලු ශාලාවන් වැඳ, ඒවායේ වසන ජේෂ්ඨ උත්තමයින් බැහැදැක, මාකස් ශාලාවට ඒනවිට මැදියම් රැයත් පසුවේ. පසු කාලීනව නම් එය එතරම් ඈතකින් තිබීම ගැන බොහෝ සතුටට පත්වීමී. සාරසයන් කියූ වඳුරු කරදරය මට සිහිපත් කලේ, මාකස් ප්‍රනාන්දු ශාලාව පිටුපසට පැමිනීමට පුරුදුව සිටි ඕලු මුවන් ජෝඩුවකි. මාගේ රූමා ඔවුන්ව කැමරාවට හසුකර ගැනීමට දරන ලද අනන්ත වූ උත්සාහයද මට සිහිවේ. ..ලියන්නට බොහෝ දෑ ඇත.....
      පේරාදෙණියේ නේවාසිකාගාර ගැන යුග දෙකක් එක් කරනා ලිපියක් ලියමු. ////////// මේ එනතුරු නොඉවසිල්ලෙන් බලා සිටිමි.

      Delete
  7. බන්‍ධුල කුදලාගම මැතිතුමනි,

    ඔබ ගේ අතීතාවර්ජන අපගේ දෑසට කඳුලු නඟ්වයි....

    අප ගේ කන්ඩායමේ පිරිමි ලමුන් පලමුව නවකයන් ලෙස මාස හයක් පමන සිටියේ අවසාන වසර ජේශ්ටයන් සමග, අරුනාචලම් සාලාවේය. ඉන් පසු අපව අඟහරු මාලිගාවට (Marrs Hall) පිටත් කර හරින ලදී. විබාගයෙන් පසු අපට වසරක පමන කාලයක් නේවාසිකාගාර අහිමිව සිටියදී සතියක පමන කාලයක් මාකස් සාලාවේද තවත් සතියක් පමන ජේ පී සාලාවේ ද, ඉන් පසු නැවත අඟහරු මාලිගයේ ද ගජේ ගැසූ පසු එවකට උපකුලපති තුමන් වූ සී වී ජයතිලක මහතා වෙත මවිසින්රි ජුව ලිකිතව කරනා ලද අයාචනයකින් පසු මා හට ඒ වන විටත් වසා දමා තිබූ 6 සාලාවේ (අරුනාචලම් ශාලාවට උඩ පාරේ බික්ශු නේවාසිකාගාරයට පසුව තිබෙන..) දොරවල් හැර එහි වාසය කිරීමට ඉඩ ලබා දුන්නේය!

    ඉන් වසරකට පමන පසු අපට නැවත නේවාසිකාගාර ලැබුනේ අඟහරු මාලිගාවේ වන අතර අවසාන වසර ගත කලේ ජයතිලක ශාලාවේ ය... මා එහි ශලා සන්ගමයේ ලේකම් දුරයට ද පත් වීමට භාග්ය සම්පන්න වීමි!

    එම කාලය තුල "බෙටර්" හාෆ් බලන්නට මුලින් ම මිත්තාවට ද, "සදා නාදන්" කෙනෙකු ලෙස නාදනයට ද ඉන් පසු විජේවර්දන සාලාවට ද නිති පතා යෑම දිනචරියාවේ අන්ගයක් විය...

    ඔබ සමග මේ අතීත මතකයන් හුවමාරු කර ගැනීමට ලැබීම මගේ භාග්යයකි....

    ReplyDelete
    Replies
    1. // ඒ වන විටත් වසා දමා තිබූ 6 සාලාවේ //

      ඒ වන විටත් වසා දමා තිබූ A6 සාලාවේ ලෙස නිවැරදි විය යුතුය!

      පසු කලෙක විශ්ව විද්යාලයේ ආචාර්ය මන්ඩලයේ සේවය කරනා කල අලුත් ශාලා වන නිශ්මි ශාලාව සහ සරසවි උයන ශාලාව සමගද යම් ගනුදෙනුවක් තිබුනි...

      Delete
    2. මා සන් මිතු සරසයෙනි,

      ඔබතුමාගේ ආලෝචනයෙන් අපි අමන්දානන්දයට පත් වීමු. ඔබතුමා නම් මගේ සාංසාරික මිත්‍රයකු විය යුතු ය. ඔබතුමා මා ළබැඳි ෆේ.ගු. සිරිමතියගේ ශිෂ්‍යරත්නයකි. විස්මයජනක හෙළිදරව්ව නම් ඔබතුමා A6 ශාලාවේ ද නවාතැන් ගෙන තිබීම ය. මේවා ශාලා යනුවෙන් හඳුන්වනු ලැබුව ද සැබෑවට ම සංචාරක බංගලා වැනි ගෘහයන් ය. ආචාර්ය නිවාස ලෙස ලේඛනගත කරනු ලැබ තිබුණ ද විවිධ අවස්ථාවල විවිධ පුද්ගලයන් සඳහා මෙම ශාලා භාවිත විණි. අරුණාශලම් ශාලාව අසළින් කඳු වැටිය නැඟ මඳ දුරක් ගොස් වම් අත දෙසට ඇති මාර්ගයේ යන කල කඳු ගැටයක පිහිටා තිබූ ශාලාව මෙය ය. එම ගෘහයේ ගත කළ සමය පිළිබඳ අපට ඇති විචිත්‍ර මතකයක් වන්නේ එම ගෘහය පිටුපසින් ඇති තුරු මතින් උදෑසන පැන යන මහා වඳුරු රෑන ය. සැබැවින් ම එය මහා වඳුරු හමුදාවකි. උදෑසනට වෛද්‍ය පීඨය පැත්තට ඇදී යන මෙම වඳුරු රෑන සවසට ආපසු ගමන් යයි. කොහේ ගොස් නිවෙස් බලා ආපසු යන්නේ දැ යි අපි නො දනිමු. එහෙත් වසර ගණනක් පුරා උන් එම ගමන යන්නේ ල! සරසතුමා A6 ශලාවේ සිටි සමයේ උන් එම පෙදෙසේ සිටි බව මතක ද?

      අරුන් ශාලාවෙන් ඉහළට ඇති පෙදෙසට ඔබතුමා අපගේ මතකය ගෙන ගිය නිසා පවසමි. සරසවි දේවස්ථානය ද මනස්කාන්ත පිහිටීමකි. දේවස්ථානයේ සිට බැලූ කල එයට ඉදිරියෙන් වම් අත දෙසට වන්නට දිය ඇළක් තිබිණි. ඒ ඇළේ දිය මඳ කාලයට එහි යට වූ ගල්තලාව මතු වේ. නිස්කලංක සහ මනරම් පරිසරයකි. ඒ අසළ වූ පාලම විශාල කිරීමේ දී මා පවසන අතීත තැන් වෙනස් වූයේ දැ යි මම නො දනිමි. සරසවි පන්සල මැදින් ගොස් වනමඟ ගෙවා දේවස්ථානය පසු කර විජේවර්ධනය ඉදිරියට පැමිණිය හැකි නොනිල “දුර” මඟක් එකල තිබිණි. එම මාර්ගයේ යම් තැනෙක වෙනත් ආගමක පල්ලියක් ඉදි කරන්නට ද පසු කාලීන ව සැලැස්මක් තිබිණි.

      සංඝමිත්තා කන්ඳ නැඟීමට හිල්ඩාව දෙසින් විකල්ප මාර්ගයක් තිබිණි. සුප්‍රකට වර්ණපාල පුරාවෘත්තය ඒ ආසන්නයේ වූ බව ද සැලකේ! සරසතුමනි, සාරි/ඔසරි හෝ දිග සාය හෝ සුලබ ස්ත්‍රී වස්ත්‍ර වූ එකල සංඝමිත්තා කන්ද නඟින තරුණියන්ගේ යම් ඉරියව්වක් පසු කලෙක මොටෝ රියේ අත්තිරිංග යෙදිමට සමාන කර තිබිණි!

      නිශ්මිය නිස්කලංක පරිසරයක පිහිටියේ ය. එහෙත් එහි ගෘහ නිර්මාණ රටාව මුල් ශාලාවල තරමට ම ප්‍රෞඪ නො වු බව මගේ හැඟීම ය.

      ‍එක් අධ්‍යයන වර්ෂයක් හෝ අඩවසක් සරසවි නේවාසිකාගාර නොලැබීම බොහෝ යුගවල පැවති තත්ත්වයකි. පැණිදෙණිය පැත්තේ කුඩා නවාතැනක මම කලෙක සිටියෙමි. යකා පාලමෙන් ගන අඳුරේ මහවැලි ගඟ හරහා යාම ද දැන් නම් කරන්නට සිතන්නටත් නො හැකි සේ ය.

      පේරාදෙණිය ගැන සිදු වූ මේ කතාබහ අගනා ය. අප ‍අතීතකාමයෙන් ඇලළී ගොස් සිටින අතර පැරා විසින් යහපාලනය බේරා ගන්නට කවර නම් න්‍යායක් සූත්‍රගත කර, කවර ලිපියක් පළ කරනු ලැබ ඇති ද යන්න සොයා බැලිය යුතු ය. මම දැනට නවතිමි. සුබ රාත්‍රියක්!

      පේරාදෙණිය සරසවිය සදා දිනේවා!

      බන්‍ධුල කුදලාගම,
      සදම්ටනය.

      Delete
    3. ගරු බන්‍ධුල කුදලාගම තුමනි,

      අප A6 සිටි කල රිලවුන් ගේ නයුවා සිසුවන් හට අභියෝග කරමින් දත් නියවමින් පැරකුම් බ්ලොග් ලියනා ලෙස ගෝසා කරමින් මහා කරදරයක් කල බව මට මතකය....

      නුදුරුව තිබූ නේවාසිකයේ සන්ග්යා වහන්සේලා සමග ක්‍රිකට් ක්‍රීඩාවෙන් ගෙවූ කාලය අමතක නොවේ... ආනන්ද පන්දු යවයි, බද්දිය කඩුලු රකී, රාහුල පන්දුවට පහර දෙයි, සෝරත මිඩ් විකට් ඉස්තානයේ, අස්සජී ලෝන්ග් ඔන් ඉස්තානයේ ඈ පන්දු රකී...මේ ආඅදී බුදුන් ගේ සාසනයේ නම් කියමින් එක සන්ග්යා වහන්සේ නමක් ක්‍රිකට් තරඟ විචාර ගෙන එයි....

      ගරු මැතිඳ.... සාලාවට පහලින් තිබූ ගලෙන් බැඳි ගිම්හාන නිවාසය (summer hut) මතකද?

      Delete
    4. ///අප A6 සිටි කල රිලවුන් ගේ නයුවා සිසුවන් හට අභියෝග කරමින් දත් නියවමින් පැරකුම් බ්ලොග් ලියනා ලෙස ගෝසා කරමින් මහා කරදරයක් කල බව මට මතකය....///

      පට්ට එකෙත් හොඳම එක...

      Delete
    5. මා සන් මිතු සරසයෙනි,

      ඔබතුමා ගල් ගැන සිහි කළ නිසා තවත් රසවත් මතකයක් අවදි විණ. A6 ගල් ගිම්හාන කුටි සිට කලාගාරයේ ගල්කුළුණු දක්වා ද පමණක් නො ව මහ කන්දේ ගල් බංගලාව දක්වා ද මගේ සිත සැණින් දිව යයි. පේරාදෙණියට ගල් සම්බන්ධ කරන්නට ශර්ලි ද අල්විස් සෑහෙන සම්මාදමක් පා ඇත. ඒවායේ යම් හිතුවක්කාර සම්ප්‍රදාය සංකලනයක් දැක ගත හැකි ය. ඇතැම් ගොඩනැඟීම්වල ඉහළ කොටස අනුරාධපුර පොළොන්නරු යුගවලට අයත් වන අතර පහළ කොටස එංගලන්තයේ වික්ටෝරියානු යුගයට අයත් ය. එහෙත් ඒවා චමත්කාරජනක ය. මම නම් තවමත් ඒවාට කැමැත්තෙමි.

      ගල් ගැන කතා කරන කල සරසවිශ්‍රැතියේ (varsity-lore) රසකතාවක් ද සිහි වේ. පෙළ පමණක් දක්වමි. අරැත්විවරු නො කරමි.

      සරසවි ඇදුරකුගේ කාරයට ගල් ගැසීමක් ගැන ශිෂ්‍යයන්ට වරක් චෝදනාවක් නැඟිණි. විනයපාලක විසින් ශිෂ්‍යයෝ ප්‍රශ්න කරනු ලැබූහ.

      විනයපාලක: “තමුන් ගල් ගැහැව්වා නේ ද?”

      ශිෂ්‍යයා: “අනේ නැහැ සර්. මම මේ දවස්වල බොක්කෙන් ම ලව්”

      බන්‍ධුල කුදලාගම,
      සදම්ටනය.

      Delete
  8. ඒයි සාරස තුමෝ. ඇහුනයි අන්න ඇමරිකාවේ උප ජනාදිපති තුමා සිරිසේන ලොක්කට කෝල් එකක් දුන්නලු. සිංහලෙන්ද දන්නෙ නෑ කතා කලේ. 😜

    සිරිසේන ලොක්ක සබන් කොලේ තියල අල්ලං ඉන්නෙ ඉල්ලං ඇරගන්ට. මොකද ලංකාවේ තවම ජනාදිපති මහින්ද මාමි නේ ... 👍🏽

    ReplyDelete
    Replies
    1. උප ජනාදිපති තමා එයාට කතා කරන්නේ. ජනාදිපති දිවුරුම් දුන්නට එහෙම පස්සෙ අපේ මහින්ද ලොක්කට කතා කරයි. එහෙ ලොල්ලො ගැන බලන්ඩ පත් කොරන ලේකම් තුමා රනිල් තුමාට කෝල් කරනු ඇත.

      Delete
    2. // ඒයි සාරස තුමෝ. ඇහුනයි අන්න ඇමරිකාවේ උප ජනාදිපති තුමා සිරිසේන ලොක්කට කෝල් එකක් දුන්නලු. //

      මට පේන විදියට කවුහරි ලන්කාවෙන් අමෙරිකාවට ගිය එකෙක් ඩෝපක් දාලා සොරිසේනට කෝල් එකක් දීලා බයිට් එකට අරන වගේ....

      Delete
  9. කොටි ඉම්බම යුරෝපේ කියයි GSP දෙනවා
    මාළු අරන් මෝඩි එට්කා ගහමු කියනවා
    අගමැතියා රට සවාරි ගගහ ඉන්නවා
    දැන්නම් මට තද වෙනවා

    ReplyDelete
    Replies
    1. :D:D

      මටත් තද වෙනවා හිටන්!

      Delete
  10. එක බ්ලොගේක්වත් අපේ පොලිස්පතිතුමාගේ සුනඛ-පෝතක ඇක්ටින් ගැන මුකුත් ලියලා නැහැනේ! ගියපරනම් ඔහොම දෙයක් වුනහම සිංහයෙක් කියල හිතන් ඉන්න ඔටුවෙක් පොස්ට් එකක්කම් දැම්ම. මෙපාරනම් රනිල් ඌට දෙකොනටම ඇරලද කොහෙද සද්දයක් නැත්තේ.

    ReplyDelete
    Replies
    1. //මෙපාරනම් රනිල් ඌට දෙකොනටම ඇරලද කොහෙද සද්දයක් නැත්තේ. //

      Delete