Saturday, December 10, 2016

නාවික හමුදාපති ගේ ජාතියන්තර මානව හිමිකම් සැමරුම!







අද, දෙසැම්බර් 10 දා ජාතියන්තර මානව හිමිකම් දිනය සිරි ලන්කාවේ නාවික හමුජාපති තුමා විසින් උත්කර්සවයෙන් සමරන්නට යෙදුනාය. ඒ සැමරුම් උත්සවයේදී  නාවික හමුදාපති සුරතින් අම්බානක ගුටි කෑ හිරු මාජ්ජ වේදියාට අපගේ උනුසුම් සුබපැතුම් හිටන්!

62 comments:

  1. ඉස්සර පත්තර බෙදන වැන් එක හැප්පුනාමත් මහින්දට බැන්න ටෝය්යෝ මේකට මොනවා කියය්ද බලමු?,

    ReplyDelete
    Replies
    1. හලි ශෝයි කියයි හිටන්!

      Delete
  2. මචා නිශ එක දැක්කේ නැහැ. කොහෙද තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ආණ්ඩු දෙකම එකයි. රතු පස් වල සිටන් අද දක්වා හමුදාව යෙදවීම හෙලා දකිමු. අපි එදා රතු පස් වලට විරුද්ධ වුන නම් මේකටත් විරුද්ධ විය යුතුමයි.

      Delete
    2. අජිත්,
      එත්කොට 88-89 කාලේ කොලඹට කිරි-අපිට කැකිරි කියල පාසල් ගේට්ටුවෙන් ඇතුලෙ හිටං වර්ජනය කරපු පාසල් ලමුන්ට වෙඩිතියල මරලා, තුවාල වෙල ඉස්පිරිතාලෙ හිටපු ලම්යින්ව ඉස්පිරිතාලෙට පැනල සේලයින් බෝතලේ පිටින් උස්සන් ගිහින් අන්තර්දාන කරවපු එවකට අජ්ජපන ඇමති වෙල හිටපු බටලන්දෙ-රනිල්ට කඩේ යන කොට ඔය වගක් තේරුනේ නැද්ද ?
      රනිල්ට කඩේ ගිය ෆේස්බූක් පරම්පරාව ගැන තියෙන්නේ කනගාටුවක්. ඒත් ඒකාලේ මරන වරෙන්තුව අතේ තියාගෙන තැන් තැන්වල හැන්ගිලා ඉඳල පන බේරගත්තු පරම්පරාවෙ කෙනෙක් වෙලත් ඔබලා කඩේ ගිය විදිහ දැක්කම පුදුම තරහක් එන්නෙ.

      Delete
    3. // AnonymousDecember 10, 2016 at 7:26 PM //
      Well said sir!
      මෙන්න සරස තුමා ගෙන් ඔයාට උම්මා එකක් හිටන්!

      Delete
    4. ඇනෝ ඔබ මාව වෙන අජිත් කෙනෙකුට මාරු කරගෙන වගේ.
      //අජිත්,
      එත්කොට 88-89 කාලේ කොලඹට කිරි-අපිට කැකිරි කියල පාසල් ගේට්ටුවෙන් ඇතුලෙ හිටං වර්ජනය කරපු පාසල් ලමුන්ට වෙඩිතියල මරලා, තුවාල වෙල ඉස්පිරිතාලෙ හිටපු ලම්යින්ව ඉස්පිරිතාලෙට පැනල සේලයින් බෝතලේ පිටින් උස්සන් ගිහින් අන්තර්දාන කරවපු එවකට අජ්ජපන ඇමති වෙල හිටපු බටලන්දෙ-රනිල්ට කඩේ යන කොට ඔය වගක් තේරුනේ නැද්ද // මම රනිල් ට තියා ලංකාවේ කිසිම දේශපාලකයෙකුට කඩේ ගිහිල්ල නැහැ. කරුට ගිහිල්ලත් නැහැ අවම වශයෙන්. හොඳ නම් මහින්දගේ හොඳත් කියනවා. එහම් කියලත් තියනවා. නරක නම් වැරදි කියනවා හැමෝගෙම. ස්වාධීනයි .
      //. ඒත් ඒකාලේ මරන වරෙන්තුව අතේ තියාගෙන තැන් තැන්වල හැන්ගිලා ඉඳල පන බේරගත්තු පරම්පරාවෙ කෙනෙක් වෙලත් ඔබලා කඩේ ගිය විදිහ දැක්කම පුදුම තරහක් එන්නෙ.// අනේ මන්දා . ඔය කියන කාලේ මම ලංකාවේ පැත්ත පළාතක හිටියේ නැහැ. 1987 අර පිස්සෝ රැල ඉන්දියානු ගිවිසුමට විරුද්ධව පිටකොටුවේ බස් ගිනි තියපු වෙලේ නම් හිටිය. රුසියාවේ ඉඳන් ඇවිල්ල. එතන රණවකත් හිටියනේ ගෙවිඳු ල එක්ක නේද. මම ඒ දේශප්‍රේමී කැරැල්ලට මුල ඉඳන්ම විරුද්ධව හිටපු එකෙක්. ඔයානම් කතා කරන්නේ වෙන අජිත් කෙනෙක් ගැන.

      Delete
    5. අජිත්
      කඩේ යාම ගැන නම් මම කිව්වෙ පැහැදිලිවම ඔබ ගැනම තමා. 2014 අග සහ 2015 ඔබේ පොස්ට් වල ඇත්තේ ජහපාලනයට කඩේ යාමය. එය ඉයන් ගොය්යා මෙන් හෙළුවෙන් කඩෙ යාමක් නොවන බවද කිව යුතුය. ඔබේ පිලිතුර අනුව තේරෙන්නෙ ඔබටත් නොදැනී ඔබ කඩේ ගොස් ඇති බවයි. කොහොමත් පෙරහැරේ හැඩ පෙර්හරේ යන උන්ට නොපෙනෙන මෙන් කඩේ යන බොහොමයක් උන්ට කඩේ යන බවක් නෙදැනේ (මම මහින්දට කඩේ යන බව මම දනිමි )
      ඔබේ පිලිතුරෙ දෙවෙනි කොටසින් ඔබ හඟවා ඇත්තේ 88-89 මරන වරෙන්තු අතේ තියා ගෙන හැන්ගී ජීව්ත් වූයේ දේශප්‍රේමී කැරැල්ලට සම්බන්ද වූවන් බවයි. නමුත් අප පවුලටම ඒ ඉරනම අත් වූයෙ මගෙ පියා ශ්‍රිලනිප ක්‍රියාකාරිකයකු වශයෙන් පලාතේ එවකට සිටි සිටි එජාප ඇමතියාට විරුද්දව කටයුතු කල නිසාය. අපේ පරම්පරාවේ එනම් එවක විශ්වවිද්යාල වල සිටි හා පාසල් වල උසස් පෙල සිටි බොහො දෙන්කුට සිදු වූ කරුමයද එයමය.
      එදා වූ තරුන සංහාරය ගැන ඔබේ අදහස එම පිලුතුර ඇත. දැන් නම් ඔබ බටලන්දේ-රනිල්ට කඩේ යාම ගැන මට පුදුම නැත. තරහක්ද නැත.

      Delete
    6. නෙලුම්යායට කරූ ජයසූරිය ට ආරාදනා කිරීමෙන් ම අජ්ජා නොම්මර එකේ (නැත්නම් දෙකේ..) යූ එන් පී කාරයෙක් බව හෙලි වේ හිටන්!

      Delete
    7. දැන් ඔය මහත්මයා කියන්නේ මේ ලිපි වලින් හෙම රනිල්ට කඩේ ගියා කියලද?
      අන්තරේට කඳුළු ගෑස් - රාජකීයට ටැබ් - ඇත්තටම රනිල්ට පිස්සුද මේක අන්තරේට කඳුළු ගෑස් ගහන්න කිවූ යහපාලන පිස්සු හුටං කවුද?සමහර වෙලාවට තමන් කඩේ යන පැත්තට නොලියන කොට හිතෙන්නේ අනිත් එකා කඩේ යනව කියල තමා. පාට කනන්දී අහක් කලාම තමා තේරෙන්නේ හරි එක. සරසා ගැන ඉතින් කියල වැඩක් නැහැ. කියලම කඩේ යන එකෙක් නිසා.

      Delete
    8. //ඔබේ පිලිතුරෙ දෙවෙනි කොටසින් ඔබ හඟවා ඇත්තේ 88-89 මරන වරෙන්තු අතේ තියා ගෙන හැන්ගී ජීව්ත් වූයේ දේශප්‍රේමී කැරැල්ලට සම්බන්ද වූවන් බවයි. නමුත් අප පවුලටම ඒ ඉරනම අත් වූයෙ මගෙ පියා ශ්‍රිලනිප ක්‍රියාකාරිකයකු වශයෙන් පලාතේ එවකට සිටි සිටි එජාප ඇමතියාට විරුද්දව කටයුතු කල නිසාය. අපේ පරම්පරාවේ එනම් එවක විශ්වවිද්යාල වල සිටි හා පාසල් වල උසස් පෙල සිටි බොහො දෙන්කුට සිදු වූ කරුමයද එයමය// සම්පුර්ණයෙන්ම් නැහැ, මම කිව්වේ 88-89 ගැන මගේ ඇත්තේ වෙනම කියවීමක් බවයි. මා හඳුනන පෙරටුගාමී සමාජවාදී මෙන්ම ජවිපෙ යහළුවන් ද මගේ ස්ථාවරය හොඳින් දනිති. ඒ ඔබ කියන විකාර කියවීම නොවේ. මා විරුද්ධ වුයේ ජවිපෙ නරෝද්නික් වාදයටය. එය බොහෝවිට ජනතා සටන් ත්‍රස්තවාදයකට පෙරලා දමන ක්‍රියාවලියක් බැවිනි. ඒ අනතුරු හැඟවීම මා කළේ දුටුවේ 1983 ජවිපෙ තහනම් කළ කාලයේය. මින් ප්‍රේමදාස යුගයේ භිෂණය මා අනුමත කලා යයි කිසිසේත්ම නොකියවේ. ජේ ආර් මුදාහල භිෂණය (1977 චන්දයෙන් පසු හා 1983) අනුත් කලා යයි නොකියවේ. එහෙත් වැඩකට නැති යුඇන්පී කාරයන් - අහිංසක වෙළඳම් කරගෙන සිටි යු ඇන් පි කාරයන් ද මරාදමන ලද බව, පරණ වමේ සාමාජිකයන් මරා දමන ලද බව ඔබ දන්නේද? මට එවැනි දේ ජනතා විප්ලව නොවේ.
      - බටලන්ද රනිල්ට කඩේ යාම: මා එහෙම දෙයක් කර ඇත්දැයි නොදනිමි. නැවතත් කිව යුතුව ඇත්තේ මට හොඳ ඕන ජනතාවාදී වැඩකට මම හොඳයි කියන බවයි. සාධාරණය සඳහා මෙසේ අසමි. ඔබලාට බටලන්ද ඔච්චර අමාරු නම් චන්ද්‍රිකාගේ කාලයේ කොමිසමක් ගෙනවිත් අන්තිමට රනිල් ව නිදහස් කලේ මන්ද? ජවිපෙ පරිවාස ආණ්ඩුව සිටි කාලයේ ඕවා ඇද්දේ නැත්තේ ඇයි? මහින්ද ගේ අවුරුදු 9 පාලන කාලය තුල රනිල් අත් අඩංගුවට ගෙන පරීක්ෂණ කර අච්චු නොකලේ ඇයි? ඔබ වැනි මහින්දට කඩේ යන අය ඒ කාලයේ සිටියේ කොහෙද? දැන් රනිල් රට පාලනය කරනවිට හැම විටම එය මතක් කරන්නේත් ඒ කාලයේ නොකලේත් දේශපාලන හේතුවකට පමණක් බව විය නොහැකිද?
      එසේම ඔබගේ පියා //පියා ශ්‍රිලනිප ක්‍රියාකාරිකයකු වශයෙන් පලාතේ එවකට සිටි සිටි එජාප ඇමතියාට විරුද්දව කටයුතු කල නිසාය// ගැන කණගාටුයි. ඔබ ගැන කණගාටුයි. නමුත් නාලන්ද එල්ලාවල , ත්‍රිමා විතාන ආදීන් ගේ නම් සමග කියවෙන පුංචි නිලමේ නැමැත්තා මහින්ද තමන්ගේ ආණ්ඩුවට ගනිද්දී ඔබ සිටියේ කොහෙද? මහින්ද යුඇන්පි කාරයන්ට ඔබටත් වඩා කඩේ ගියේ නැත්ඩද ? පුංචි නිලමේ, ජොනි, දුමින්ද සිල්වා ආදීන් ශ්‍රී ලංකා කාරයන්ද? කඩේ යවා ඇත්තේ ඔබලාව නොවේද?
      මට ඔබලා ගැන ඇත්තටම දුකය. රැවටී තියෙන තරමක මහත?

      Delete
    9. අජිත්
      //හෙත් වැඩකට නැති යුඇන්පී කාරයන් - අහිංසක වෙළඳම් කරගෙන සිටි යු ඇන් පි කාරයන් ද මරාදමන ලද බව, පරණ වමේ සාමාජිකයන් මරා දමන ලද බව ඔබ දන්නේද? //
      88-89 ජවිපේ ගැන මගේ කියවීම ඔබේ කියවීමට මෙතැනදී සමපාත වේ. මගෙ පිය ඔවුන්ගෙන් ජීවිතය බේරා ගත්තේ දවසක් පුරා පෝස්ටරයක් උස්සගෙන නිවස ඉදිරිපිට පාරේ සිටීමෙනි. ඉන් අනතුරුව සති ගනනාවක් ඔහු ලැජ්ජව නිසා පාරටවත් බැස්සෙ නැත. එනිසා ඔබට ඒ ගැන ප්‍රශ්න කිරීමට හොඳම සුදුස්සා ඔබලා සමගම බටලන්දේ-රනිල්ට කඩේ යන අනුර කුමාරය.
      //ඔබලාට බටලන්ද ඔච්චර අමාරු නම් චන්ද්‍රිකාගේ කාලයේ කොමිසමක් ගෙනවිත් අන්තිමට රනිල් ව නිදහස් කලේ මන්ද? //කොමිසමින් රනිල්ගේ ඊට ඇති ඍජු සම්බන්දය පැහදිල්ව දකවා ඇති අතර ප්‍රජා අයිතිය අහෝසි කිරීමට නිර්දෙශ කර ඇත. එය ක්‍රයාත්මක නොවූ හේතුව ? ප්‍රා නමැති මිනීමරු කන්ඩායම මෙහෙයවූයෙ කවුදැයි ප්‍රසිද්ධ රහසකි. උත්තරය මුල් කොටස එතැන ඇත. උත්තරයේ දෙවන කොටස ඇයගේ අද දවසේ දේශපාලනය විසින් සපයයි.
      //නමුත් නාලන්ද එල්ලාවල , ත්‍රිමා විතාන ආදීන් ගේ නම් සමග කියවෙන පුංචි නිලමේ නැමැත්තා මහින්ද තමන්ගේ ආණ්ඩුවට ගනිද්දී//ඔබල කියන අකාරයට මහ්න්ද බලයට එනතුරු මෙරට නීතිය අකුරටම ක්‍රියාත්මක විය. මහින්ද ආණ්ඩුවට ගත්තේ රනිල්/චන්ද්‍රිකා ආන්ඩු යටතේ වූ අදිකරනයෙන් "අහිංසකයකු" බවට ප්‍රකාශ වූ පුන්චිනිලමේය. එහිදී ඔහු රනිල්ට වඩා අහ්නිසකය. මන්ද අදිකරනයෙන් ඔහු නිදොස් කර ඇත. ඔබ එයට විරුද්ද නම් ඊට ප්‍රථම රනිල්/චන්ද්‍රිකා ආන්ඩු වලින් අදිකරනයට බලපෑම් කර මිනීමරුවකු අහින්සකයකු බවට පත කර ඇති බවට පිලිගැනීමට සිදු වේ
      පුංචි නිලමේඩ අද යහපාලන්යේ ඇමති කෙනෙකි. 2015 අගෝස්තු චන්දයේදී බැසිල්ට/සජින්ට නොදුන් නාම් යෝජනා හුටං තුමා පුන්චිනිලමේට දුන්නේය. ඔහුට ඇමති කමක් ද දුන්නේය. එහෙව් හුටන් ගෙන්ම නාලන්දගෙ අම්මා ආන්ඩුකාරකමක්ද ගත්තාය. ඉත්ං මා සිටියෙ කොහේදැයි ඇසීමම මෝඩ කමකි
      මා ගැන දුක් වීමට ප්‍රතම ඔබේ හිස අත ගා ගෙන බලන්ඩ. ඔබ ගැන දුක්වීමට අවැසි දේ ඔබේ අතේ පැටලෙනු ඇත.

      Delete
    10. //එනිසා ඔබට ඒ ගැන ප්‍රශ්න කිරීමට හොඳම සුදුස්සා ඔබලා සමගම බටලන්දේ-රනිල්ට කඩේ යන අනුර කුමාරය.// මේකට නම් හිනා වෙනවා ඇරෙන්න කියන්න දෙයක් නැහැ. තමන් කඩේ යනකොට පේන්නේ අනුන් යනව කියල තමයි.
      ///කොමිසමින් රනිල්ගේ ඊට ඇති ඍජු සම්බන්දය පැහදිල්ව දකවා ඇති අතර ප්‍රජා අයිතිය අහෝසි කිරීමට නිර්දෙශ කර ඇත. එය ක්‍රයාත්මක නොවූ හේතුව ? ප්‍රා නමැති මිනීමරු කන්ඩායම මෙහෙයවූයෙ කවුදැයි ප්‍රසිද්ධ රහසකි. උත්තරය මුල් කොටස එතැන ඇත. උත්තරයේ දෙවන කොටස ඇයගේ අද දවසේ දේශපාලනය විසින් සපයයි.// චන්ද්‍රිකා ඉන්න තැන අනුව එයා නොකලාට ඔබ කඩේ යනවා යයි කියන මහින්ද එය නොකළේ මන්ද?
      //මහින්ද ආණ්ඩුවට ගත්තේ රනිල්/චන්ද්‍රිකා ආන්ඩු යටතේ වූ අදිකරනයෙන් "අහිංසකයකු" බවට ප්‍රකාශ වූ පුන්චිනිලමේය.// මම නම් එහෙම එකක් දන්නේ නැත. මහින්ද අහ ඩිලාන් දෙදෙනාම නාලන්ද ගේ "යහළුවන්ය."
      //පුංචි නිලමේද අද යහපාලන්යේ ඇමති කෙනෙකි// පුංචි නිලමේ යුඇන්පී කාරයෙකි. // ඔහුට ඇමති කමක් ද දුන්නේය. එහෙව් හුටන් ගෙන්ම නාලන්දගෙ අම්මා ආන්ඩුකාරකමක්ද ගත්තාය. ඉත්ං මා සිටියෙ කොහේදැයි ඇසීමම මෝඩ කමකි // ඔබ කාටවත් කඩේ යන්නේ නැතිව අපි සිටින තැනට එන්න. වැරැද්ද වැරැද්ද හැටියට දකින්න එච්චරයි. මා ගැන දුක් වෙන්න එපා. ඔලුව කෙලින් තියාගෙන සතුටෙන් ඉන්නා මිනිසෙකි.

      Delete
    11. පලුටාව පුරා රැව්දෙන වේදනාවේ ගීතය ම ලියා ඇති මේ ලිපියත් කියවන්න. ඒ කාලයේ ශ්‍රී ලංකා , ජවිපෙ හෝ යුඇන්පී කිව නොහැකි අහිංසක මිනිසුන් වගයක් මරා දැමුණ හැටි. සිද්ධියට සම්බන්ධ අය තමාව රජයේ හමුදාවල සේවය කරති. මේ ඝාතනය ගැන එවකට යුඇන්පී ආණ්ඩුවේ ඇමතිවරු පවා දැන සිට නැත.

      Delete
    12. සිද්ධියට සම්බන්ධ අය තවම රජයේ හමුදාවල සේවය කරති . (නිවැරදි කිරීමක් )

      Delete
    13. අජිත්
      ඔබ ලංකාවේ දන්න බොහෝ තොරතුරු වැරදි බව පෙනේ.
      //පුංචි නිලමේ යුඇන්පී කාරයෙකි// ඔහු 2010/2015 මැතිවරන 2ම තරඟ කලෙ සංදානයනි.අදටත් ත්‍රීකුනමලයේ ශ්‍රීලනිප ස්ංවිදායක ඔහුය. පහත අති 2015 චන්ද ප්‍රතිපල බලන්න . 2015 ඔහුට නාම යෝජනා සහ ඇමති කම් දුන්නේ අති පිරිසිදු හුටංමය.
      http://www.adaderana.lk/news/32022/preferential-votes-general-election-2015

      //ඔබ කාටවත් කඩේ යන්නේ නැතිව අපි සිටින තැනට එන්න. වැරැද්ද වැරැද්ද හැටියට දකින්න එච්චරයි// ඔබ කියන්නේ අවංකවම නම් ඔබ බටලන්දේ රනිල්ට කඩේ යන්නේ ඔබත් නොදැනය. මට එතැනට වැටී මෝඩයකු වීමට අවශ්‍ය නැත. අරාදනයට මොහොම ස්තුතිය්

      Delete
    14. පලුටාව ලින්ක් එකට ස්තුතියි.ඒ කාලේ එවනි සිද්දි බොහෝ සිදු උනත් Documentray එකක් හදල තියෙනව මම දැනං හිටියෙ නැහැ.
      //ඔබ ලංකාවේ දන්න බොහෝ තොරතුරු වැරදි බව පෙනේ.// ලංකාව ගැන මම නොදන්න තොරතුරු ඔබ ඔහෙ ඉඳන් දන්නවා.

      Delete
  3. කලින්පාර හම්බන්තොටදී මතකද 'සෙල්ලන් පිස්තොලාදිපති' දිව්වා දිවිල්ල පිස්තෝලෙත් එල්ල කරන් හිටං.
    කොහොමද මෙයා, ඩබල්එකේ ඇවිදන් යන ලස්සණ, පිම්බිලා හුස්ම ගන්ඩත් අමාරුයි වගේ.
    යුද්දේ ඉවරඋනාම හමුදාවේ පුල් පිට් එක. කනවා රෙනවා බුදියනවා විතරක් වගේ!

    ReplyDelete
    Replies
    1. එහෙම තමයි මටත් පේන්නේ හිටන්!

      Delete
  4. සා රස තුමෝ. අදනං ඔබ තුමාගේ පොස්ට් එකට එකග වෙන්ට බැහැ. අර්ජුන් මහේන්ද්‍රන් අයිය ගහපු ගැහිල්ලම අර්ජුන රණතුංග අයියත් පවුල් සමාගමක් වරායේ දාගෙන හොඳට කනව.

    ඒත් බං මම හොඳට දන්නව වරාය ලේක් හවුස් ගැන. ඒකෙ ජොබ් එකත් කස්ටම් ඔෆිසර් ජොබ් එක වගේමයි.

    රිංගන්ට තියෙන එකම ඔප්ෂන් එක පොලිටිකල් කන්ටැක්ට්.

    අනික මුන්ට බැහැ වෙනත් රටවල නැව් බලෙන් අල්ලං ඉන්න.

    මහින්දගෙ කාලෙ රස්සා දුන්නත් දැන් දුන්නත් වැරදියි.

    අනික ඕකුන් වරාය අදිකරියට ගිහිල්ලත් පිකටින් කරනව ඇරෙන්ට වෙන දෙයක් බලාපොරොත්තු වෙන්නත් බෑ.

    ඕකුන්ට නෙලපු නේවි ලොක්කට ජය වේවා..!! එයා කුනුහබ්බත් කියනව මෙයා..!!

    හැම කානුවම අවුස්ස අවුස්ස යන ජඩ මද්‍යයට නෙලීම ගැනත් නේවි ලොක්කට මෙන්න මගේ හදපිරි මෙව්ව එක..!!

    ඒ කොහොම වෙතත්,

    භාණ්ඩාගාර බිල්පත් මෙව්වා එක අමතක නොකරමි..!!

    අපේ සා රස තුමා.....ට..!!
    මීළඟ නෙළුම් යායේ කථිකයාට.!!
    වසරේ ජනප්‍රියම බ්ලොගයට..!!
    අපේ දොස්තර මහත්තයාට..!!

    ජය වේ..වා....!!! 👏👏👏

    ReplyDelete
    Replies
    1. ජයවේවා! මෙන්න මගේ සත පහ..

      http://kalahitha.blogspot.com/2016/12/enough-is-enough-lets-start-from.html

      Delete
    2. මචෝ ..මම දන්න දේශපාලනයක් නැහැ ඒ උනාට මම මගේ රටට ආදරෙයි ..
      සද්දන්ත රැවුල්කාරයා කරේ අපේ රට ආරක්ෂා කරන එක

      Delete
    3. ඔව් බං. මම දන්න දේශපාලනයකුත් නැහැ බං. ඒත් ඉතිං මේ නන්දන වින්දන බලං ඉන්නකොටනම් හිතෙන්නෙ රට කොරවන (සහ අපිට කොරවන) පරෙයි දෙන්නට වඩානම් "සද්ධන්ත උඩු රවුල් කාරයා" දාහෙන් සම්පතක් කියල. සිරාවටම..!!

      Delete
    4. //අනික මුන්ට බැහැ වෙනත් රටවල නැව් බලෙන් අල්ලං ඉන්න.//
      එතකොට රතුපස්වල රත්තොන්ට කොලඹ-නුවර පාර පැය 3ක් තිස්සෙ බලෙන් වහන් ඉන්ඩ පුළුවන්ද ? එතකොට එතන උන්ට නෙළුව හමුදා ලොක්කො වැරදි උනේ කොහොමද ?

      Delete
    5. ආතල් අය්යේ,
      කාලෙකට කලින් (2012-2015) වරාය සම්බන්ධ ව්‍යාපෘතියට සම්බන්ද වෙලා හිටි නිසා මේ ටික කියන්න ඕන.

      හම්බන්තොට වරාය මුල ඉදන්ම පාලනය උනේ වෙනම සමාගමක් විදිහට. මේ සේවකයන් වරාය අධිකාරියේ සේවකයන් නෙමේ. ඔවුන්ව මහින්ද කාලෙ ස්ථිර කලෙත් නෑ.

      අපි යන කාලෙ මෙහෙයුම් වරායෙ Ro-Ro සෑහෙන තරමක් වෙනවා. අපේ වැඩේට කොළඹ වරායෙ වගේම හම්බන්තොටත් අපි බොහෝ දෙනෙක්ව interview කලා. කොළඹනම් විධායක ශ්‍රේනියේ අයව. හම්බන්තොටනම් ඉහල සිට පහලට. ඇත්තම කීවොත් කොළඹ සිටි අයගෙන් අපිට වරායෙ වෙන වැඩ ගැන (ප්‍රායෝගික තත්වය ) කෙලින් කතා කලේ එක්කෙනයි.

      නමුත් හම්බන්තොටදිනම් මේ සේවකයෝ ඔවුන් කරන වැඩ නෙමේ හොර කරන්න පුලුවන් විදි ගැනත් බොහොම උනන්දුවෙන් කියුවා. මම කියන්න ඕන අපි කරන්න ගියේ වරායේ වැඩ කාර්යක්ෂම කරන වගේම හොර වැඩ, දූශන නවත්වන ව්‍යාපෘතියක්. මේ අරමුන මේ සේවකයන් දැන ගෙන හිටියා.

      ඒ කාලේ වෙද්දි මේ බොහෝ සේවකයන්ට වරායේ තිබ්ච්ච බොහෝ වරප්‍රසාද නොතිබුනා වගේම හරියට job role එකක්වත් තිබුනේ නෑ. ඒ නිසා මගේ අත්දැකීම් අනුවනම් අනිත් රාජ්‍ය සේවකයන්ට වඩා බොහොම උනන්දුවෙන් අවන්කව වැඩ කරපු පිරිසක් තමා එහෙ හිටියේ. හැබැයි මේ කියන්නේ අවුරුදු 2ට කලින් තත්වය.

      දැන් වරාය බොහෝ දුරට චීනයට පවරන්න යනවා. මේ සේවකයන්ගෙ හර්තාල් කිරීම ගැන කියන්න තියෙන්නේ, කැපවීමෙන් වැඩ කලාට පස්සෙත් තමන්ගෙ රැකියාවේ අනාගතය ආරක්ෂිත නැතිනම් (චීනෙට පැවරුවාට පසු) උද්ඝෝශනය කරන්න රාජපක්ෂලාගෙ කුමන්ත්‍රන අවශ්‍ය නැති බව.

      Delete
    6. ආතල් අයියේ,
      කාලෙකට කලින් (2012-2015) වරාය සම්බන්ධ ව්‍යාපෘතියට සම්බන්ද වෙලා හිටි නිසා මේ ටික කියන්න ඕන.

      හම්බන්තොට වරාය මුල ඉදන්ම පාලනය උනේ වෙනම සමාගමක් විදිහට. මේ සේවකයන් වරාය අධිකාරියේ සේවකයන් නෙමේ. ඔවුන්ව මහින්ද කාලෙ ස්ථිර කලෙත් නෑ.

      අපි යන කාලෙ මෙහෙයුම් වරායෙ සෑහෙන තරමක් වෙනවා. අපේ වැඩේට කොළඹ වරායෙ වගේම හම්බන්තොටත් අපි බොහෝ දෙනෙක්ව කලා. කොළඹනම් විධායක ශ්‍රේනියේ අයව. හම්බන්තොටනම් ඉහල සිට පහලට. ඇත්තම කීවොත් කොළඹ සිටි අයගෙන් අපිට වරායෙ වෙන වැඩ ගැන (ප්‍රායෝගික තත්වය ) කෙලින් කතා කලේ එක්කෙනයි.

      නමුත් හම්බන්තොටදිනම් මේ සේවකයෝ ඔවුන් කරන වැඩ නෙමේ හොර කරන්න පුලුවන් විදි ගැනත් බොහොම උනන්දුවෙන් කියුවා. මම කියන්න ඕන අපි කරන්න ගියේ වරායේ වැඩ කාර්යක්ෂම කරන වගේම හොර වැඩ, දූශන නවත්වන ව්‍යාපෘතියක්. මේ අරමුන මේ සේවකයන් දැන ගෙන හිටියා.

      ඒ කාලේ වෙද්දි මේ බොහෝ සේවකයන්ට වරායේ තිබ්ච්ච බොහෝ වරප්‍රසාද නොතිබුනා වගේම හරියට job role එකක්වත් තිබුනේ නෑ. ඒ නිසා මගේ අත්දැකීම් අනුවනම් අනිත් රාජ්‍ය සේවකයන්ට වඩා බොහොම උනන්දුවෙන් අවන්කව වැඩ කරපු පිරිසක් තමා එහෙ හිටියේ. හැබැයි මේ කියන්නේ අවුරුදු 2ට කලින් තත්වය.

      මේ සේවකයන්ගෙ හර්තාල් කිරීම ගැන කියන්න තියෙන්නේ, කැපවීමෙන් වැඩ කලාට පස්සෙත් තමන්ගෙ රැකියාවේ අනාගතය ආරක්ෂිත නැතිනම් උද්ඝෝශනය කරන්න රාජපක්ෂලාගෙ කුමන්ත්‍රන අවශ්‍ය නැති බව.

      Delete
    7. මචං. රතු පස්වල සිද්දියේ පාර වහන් හිටි සිද්දියවත් මම හරි කියන්නෙ නැහැ. මහජනතාව අපහසුතාවයකට පත්වෙන කිසිම ක්‍රියාවක් අනුමත කරන්ට බැහැ.

      ඒත් රතු පස්වල එදා සිද්දියෙදියි හම්බන්තොට මෙදා සිද්දියෙදියි හමුදා හැසිරුණු ආකාරය විදි දෙකක්. මෙතැනදී හමුදාවට ඕන ඕන විදිහට හතර අතේ ෆයර් කලෙත් නැහැ. එහෙමෙයි කියල උද්ගොෂකයෝ කියන කියන විදිහට වැඩ කරන්ට ඕනත් නැහැ.

      ඔතන කියනව අපි තොපිට ළේ දුන්න. එහෙනං අපිට ඕන විදිහට හිටපං වගේ කතාවක්.

      අනික මචෝ උබල අවුරුදු දෙකකට කලින් කල රිසර්ච් එකේ හැටියට උබල දන්නව ඔතන ඔක්කොම වැඩ්ඩො නෙමෙයි කියල.

      ඔතන සීන් එක යන්නේ චීනට වරාය යන එක. මිනිහෙක් යම්කිසි ආයෝජනයක් කරන්නෙ (පෞද්ගලික අංශයේ) 100% ලාබ බලාගෙන.

      ආයෝජකයන්ට පිස්සු නැහැ 100ක් ඉන්න ඕන තැන 500කට පඩි ගෙවන්ට. අපේ රාජ්‍ය අංශය එහෙම උනාට උන්ට ඕනි අවම වැටුපෙන් උපරිම සේවය.

      අනික ඕනිම ආණ්ඩුවක් කාලෙ වරාය ලේක් හවුස් වැනි රාජ්‍ය ආයතන තමන්ගේම මිනිස්සුන්ගෙන් පුරවනව.

      මට මහින්ද එක්ක මෙතනදී පෞද්ගලික අවුලක් නැහැ. එත් ඒ ගොල්ලන්ට ඕනි ආණ්ඩුවේ පොඩි හරි ආයෝජන නවත්තල දාල උන්ට විතරමයි ඔක්කොම කොරන්ට පුළුවන් කියල පෙන්වන්ට.

      අපි පොඩ්ඩක් පක්ෂ කල්ලි නැතිව සදාරනව හිතල බැලුවොත් තේරෙයි.

      Delete
    8. ආතල් අයියේ,
      මෙතැන තියා කොතනවත් 100% වැඩ්ඩෝ නැති බව මම දන්නවා. නමුත් මේ සේවකයෝ වරාය අධිකාරියේ අය නෙමේ. මේකෙ වැඩ කෙරුනේ වරාය අධිකාරියේ වැඩ කෙරුන විදිහටත් නෙමේ. එහෙම උනානම් ඔය වරාය 400-500 දෙනෙකුට මැනේජ් කරන්නත් බෑ. මම හිතන්නේ සේවකයන්ගේ බලාපොරොත්තුව වරාය අධිකාරියට යාම. සේවකයන්ගේ පැත්තෙන් එය සාධාරන උනත් ආන්ඩුව එය කල යුතු කියා නියමයක් නෑ.

      පොදුවේ පුද්ගලිකරනයට මම විරුද්ද නෑ. නමුත් මෙතන මට පොඩි ගැටළු කීපයක් තිබෙනවා. එකක් තමා මේ ගිවිසුමත් එක්ක ලංකාවේ තිබෙන හොඳම වරාය පර්යන්ත ටික එකම සමාගමට යනවා අඩුම ගානේ අවුරුදු 35ට.

      ඒකට කමක් නෑ කියමුකො, නමුත් මේ ගිවිසුම අවුරුදු 99 හෝ 198 කට. මේක ඉතාමත් දිග කාලයක්. මේ වෙද්දි ලෝකෙ මොන අතට කැරකිලා තියේද කියල කියන්න බෑ.

      අනිත් කාරනයක්, මේ "විකිනීමෙන්" ලැබෙන මුදල වරායේ ණය ගෙවන්න යොදා ගන්නේ නැති බවට කතාවක් තිබෙනවා. මෙය නය ගෙවන්න නොවේනම් මේ ආණ්ඩුවේ එදාවේල වැඩකට මේක වියදම් වෙන්න ඉඩ තිබෙනවා.

      ඊටත් වඩා චීනය, වරායත් සමඟ අක්කර 15, 000 ඉලලා තිබෙනවා. දැනට පලවී අදහස අනුව චීනය බලාපොරොත්තු වෙන්නේ මෙහි ( නිදහස් වෙළඳ ගිවිසුම් පාවිච්චි කර ඉන්දියාවට බඩු යැවිය හැකි ) මහා කර්මාන්ත පුරයක් ඉදි කිරීම. ලංකාවේ සේවකයන් හොයා ගන්න බැරිනම් බංග්ලාදේශ් වැනි රටවලින් සේවකයන් ගෙන්වා ගැනීමටත් බලාපොරොත්තු වෙන බව කියවෙනවා. නමුත් චීනය කර්මාන්ත කරන ආකාරය බැලුවහම මෙයට ලංකාව ඔරොත්තු දේවිද කියන සැකය මට තිබෙනවා.

      ආයෝජන ලබා ගත යුතුයි. නමුත් ප්‍රවේශමෙන්. චීනය සමඟ ගනු දෙනු කරද්දිත් එහෙමයි.

      අපිට හොඳ යාලුවෙක් ඉන්නවා කියලා භාර්යාව හෝ මුදල් පරිස්සම් කිරීම යාලුවාට දෙන්න හොඳ නෑ. නමුත් මේ ආණ්ඩුව ඇති කරගෙන තිබෙන තත්වය, එහෙම වැඩක් තමා මේ වෙන්නේ.

      මතක තියා ගන්න ඕන, අපි උඩ පැන පැන ඇල්ලුවොත් චීන්නු (වෙන මොක්කු උනත් එකයි ) උඩ පැන පැන අරී.

      මට පොදුවේ නාවික හමුදාවේ අයට දොස් කියන්න බෑ. නමුත් අපේ රජය හා හමුදා 88-90, රතුපස්වල වගේ ඒවට පස්සෙත් නොහැදෙන අය.

      නමුත් නාවික හමුදාපති ඒ විදිහට හැසිරේවි කියා බලාපොරොත්තු උනේ නෑ.

      Delete
    9. ආතල් අයියේ... කමී මල්ලී...
      ඔබතුම ලා ගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට සරස තුමා ගරු කරමි.සෑම විටම එම අදහස් සරස තුමා ගේ අදහස් වලට සමපාත විය යුතු යැයි සරස තුමා හීනෙනෙකින් වත් නොසිතයි.

      We shall agree to disagree!!

      මෙන්න මගෙන් උම්මා එකක් හිටන්!

      ප:ලි: බැඳුම්කරේ අමතක නිකරමු!

      Delete
    10. AnonymousDecember 10, 2016 at 9:03 PM

      // කාලෙකට කලින් (2012-2015) වරාය සම්බන්ධ ව්‍යාපෘතියට සම්බන්ද වෙලා හිටි නිසා මේ ටික කියන්න ඕන. //

      ඇනෝ තුමා ට තැන්කූ හිටන්!

      Delete
    11. මෙතැන තියා කොතනවත් 100% වැඩ්ඩෝ නැති බව මම දන්නවා. නමුත් මේ සේවකයෝ වරාය අධිකාරියේ අය නෙමේ. මේකෙ වැඩ කෙරුනේ වරාය අධිකාරියේ වැඩ කෙරුන විදිහටත් නෙමේ. එහෙම උනානම් ඔය වරාය 400-500 දෙනෙකුට මැනේජ් කරන්නත් බෑ. මම හිතන්නේ සේවකයන්ගේ බලාපොරොත්තුව වරාය අධිකාරියට යාම. සේවකයන්ගේ පැත්තෙන් එය සාධාරන උනත් ආන්ඩුව එය කල යුතු කියා නියමයක් නෑ.


      පොදුවේ පුද්ගලිකරනයට මම විරුද්ද නෑ. නමුත් මෙතන මට පොඩි ගැටළු කීපයක් තිබෙනවා. එකක් තමා මේ ගිවිසුමත් එක්ක ලංකාවේ තිබෙන හොඳම වරාය පර්යන්ත ටික එකම සමාගමට යනවා අඩුම ගානේ අවුරුදු 35ට.

      ඒකට කමක් නෑ කියමුකො, නමුත් මේ ගිවිසුම අවුරුදු 99 හෝ 198 කට. මේක ඉතාමත් දිග කාලයක්. මේ වෙද්දි ලෝකෙ මොන අතට කැරකිලා තියේද කියල කියන්න බෑ.

      අනිත් කාරනයක්, මේ "විකිනීමෙන්" ලැබෙන මුදල වරායේ ණය ගෙවන්න යොදා ගන්නේ නැති බවට කතාවක් තිබෙනවා. මෙය නය ගෙවන්න නොවේනම් මේ ආණ්ඩුවේ එදාවේල වැඩකට මේක වියදම් වෙන්න ඉඩ තිබෙනවා.

      ඊටත් වඩා චීනය, වරායත් සමඟ අක්කර 15000 ඉලලා තිබෙනවා. දැනට පලවී අදහස අනුව චීනය බලාපොරොත්තු වෙන්නේ මෙහි ( නිදහස් වෙළඳ ගිවිසුම් පාවිච්චි කර ඉන්දියාවට බඩු යැවිය හැකි ) මහා කර්මාන්ත පුරයක් ඉදි කිරීම. ලංකාවේ සේවකයන් හොයා ගන්න බැරිනම් බංග්ලාදේශ් වැනි රටවලින් සේවකයන් ගෙන්වා ගැනීමටත් බලාපොරොත්තු වෙන බව කියවෙනවා. නමුත් චීනය කර්මාන්ත කරන ආකාරය බැලුවහම මෙයට ලංකාව ඔරොත්තු දේවිද කියන සැකය මට තිබෙනවා.

      ආයෝජන ලබා ගත යුතුයි. නමුත් ප්‍රවේශමෙන්. චීනය සමඟ ගනු දෙනු කරද්දිත් එහෙමයි.

      අපිට හොඳ යාලුවෙක් ඉන්නවා කියලා භාර්යාව හෝ මුදල් පරිස්සම් කිරීම යාලුවාට දෙන්න හොඳ නෑ.

      නමුත් මේ ආණ්ඩුව ඇති කරගෙන තිබෙන තත්වය, එහෙම වැඩක් තමා මේ වෙන්නේ.
      මතක තියා ගන්න ඕන, අපි උඩ පැන පැන ඇල්ලුවොත් චීන්නු (වෙන මොක්කු උනත් එකයි ) උඩ පැන පැන අරී.

      මට පොදුවේ නාවික හමුදාවේ අයට දොස් කියන්න බෑ. නමුත් අපේ රජය හා හමුදා 88-90, රතුපස්වල වගේ ඒවට පස්සෙත් නොහැදෙන අය.

      නමුත් නාවික හමුදාපති ඒ විදිහට හැසිරේවි කියා බලාපොරොත්තු උනේ නෑ.

      Delete
    12. //මට මහින්ද එක්ක මෙතනදී පෞද්ගලික අවුලක් නැහැ. එත් ඒ ගොල්ලන්ට ඕනි ආණ්ඩුවේ පොඩි හරි ආයෝජන නවත්තල දාල උන්ට විතරමයි ඔක්කොම කොරන්ට පුළුවන් කියල පෙන්වන්ට//
      යුද්දේ යන කාලේ රනිල්, මහින්දගෙ ආන්ඩුවට නය දුන්නු HSBC එක වැටලුව හරි වටලන බවට තර්ජනය කලා මතකද? කර්ම ඉස් අ බිච්

      Delete
    13. // කර්ම ඉස් අ බිච් //

      :D :D

      Delete
  5. මේක හමුදා මෙහෙයුමක්.. නාවික හමුදාවේ Naval Role එකට අයිති.. ඒවාට හොට දාන්න ආපුවම කන්න වෙනවා.. අනික වැරදි මිනිහ අල්ල ගත්තේ සෙල්ලං කරන්න.. ඔයින් ගියා ඇති.. :)

    ReplyDelete
    Replies
    1. එතකොට මාධ්‍යවේදියාට ගැහැව්වේ ඇයි?

      Delete
    2. //මේක හමුදා මෙහෙයුමක්.. නාවික හමුදාවේ Naval Role එකට අයිති..//
      ඔබ තුමාට ඔය ගොං කතාව කියල දුන්නෙ ගොංඇල්ල තුමාද ? හම්බතොට කියන්නෙ Commercial Harbour එකක්. නාවික හමුදාවට ඒකෙ කොරන්ඩ දෙයක් නැහැ.දැන් හදිසි නීති, ත්‍රස්ත මර්දන නීති මොනවත් නැති නිසා නාවික හම්දාවත් යුද හමුදාව වගෙම බරැක්ක වලට සීමා වෙනවා.

      Delete
    3. නාවික හමුදා මෙහෙයුම වර්ජිත වරාය සේවකයන් ගෙන් නැවු මුදා ගැනීම මිස මාජ්ජවේදීන් ට පහර දීම නොවේ...

      රවී කල දේ හරි නම් අනෙකුත් නාවිකයන් ද එවේලේ රවී සමග එක්ව පහර දිය යුතුව තිබුනි. එහෙත් සිජ්ජ වුනේ නාවිකයන් රවී ව restrain කොරගන්න උත්සාහ කල එකයි... එය පැහැදිලිව වීඩියෝ වේ සඳහන් ව ඇත හිටන්!

      Delete
    4. කමියා නාවික හමුදාපති එවෙලේ එතනට එන්න ඕනේ නැහැ. තනතුරේ ගෞරවය තියාගෙන ඉන්න ඕනේ .

      Delete
    5. කල්‍යාන මේ රට ප්‍රජාතන්ත්‍රවාදී රටක්. හරි මිනිහගෙ හෝ වැරදි මිනිහගෙ අභිමතය වැදගත් නෑ. නේවි එක තමන්ගෙ රාජකාරිය කලා. බොහෝ දුරට ප්‍රශස්තයි.
      මාධ්‍යවේදියට ඔහුගෙ රාජකාරිය කරන්න දෙන්න ඕන. නේවි එකට ඕන විදියට වීඩියෝ කරන්න කියන්න නේවි එකට බෑ.
      අනික ඔබ මේ මෙහෙයුම නන්දිකඩල් වර්ගයේ මෙහෙයුමකට සමාන කරල.

      කරුනාකර මිලිටරි මානසිකත්වයෙන් තොරතුරු දැනගැනීමේ අයිතියට බාධාකරන්න එපා.

      හිට්ලරුත් කලේ නීත්‍යානුකූල මෙහෙයුම් තමා ජර්මන් රයිකයෙ නීතියට අනුව. මාධ්‍ය හිට්ලර්ට ඕන විදියට වාර්තා කලානම් වධ කදවුරු ගැන අපි අදටත් දන්නෙ නෑ නේද.

      Delete
  6. නාවික හමුදාපති ගේ ජාතියන්තර මානව හිමිකම් සැමරුම!////// ha ha ha Capt Haddock

    ReplyDelete
  7. 'සද්දන්ත රැවුල්කාරයාට' මාගේ ආචාරය!
    එල ද බ්‍රා මෙන්ඩ ගේ බොක්කෙන්ම එන ආචාරය සද්දන්ත රැවුල්කාරයාට..

    ReplyDelete
    Replies
    1. ඔබ ගේ කොමෙන්ටුව කියවා රැවුලා මාර හැපී වනු නියතයි!

      Delete
  8. පොලිස්පතිට සෙකන්ඩ් වෙන්නේ මක්කටෙයි කියලා හිතෙන්න ඇති හිටන්....

    ReplyDelete
    Replies
    1. මේක තමා මේ සම්බන්දයෙන් මා කියවූ හොඳම කොමෙන්ටුව!

      Delete
  9. උත්තරේ දෙන්නේ හමුදාවෙන් නම්, මේ රටට ආපහු අබ සරණයි. කැතයි ලොක්කා.

    ReplyDelete
    Replies
    1. අන්තිම කැතයි හිටන්.... කැත දේ කැත විදියට දැකීමට හැකි පැහැදිලි මනසක් ඇති අරූ සීයාට සරස තුමා ගේ ආචාරය හිටන්!

      Delete
    2. කටු ( ජ්‍යේශ්ඨත්වය අනුව සුදුස්සො කීප දෙනෙක් පහු කරල උස්සල තියල ) කන්ඩ දීල බල්ලො හදන්නේ උසී කියපුවම පැනල හපා කන්ඩ තමා. ඇයි වැරදිද ?

      Delete
    3. වීකෙන්ඩ් එකේ ආතල් එකක් අරන් ඉන්න ගමන්, කාගේ හරි කණ අත ගාන්න හිතෙන්න ඇති. අන්තිම කැත හැසිරීමක්. ප්‍රොටොකෝල් කියලා ජාතියක් තියෙනවා නේද රෙද්දේ සම්ප්‍රදායේ...

      Delete
  10. කනට ගැසීම අනුමත නොකරමි.

    ReplyDelete
    Replies
    1. මෙතන සිජ්ජ වුනු බොහේ දේවල් අනුමත කොල හැකි දේවල් නොවේ....එසේ ප්‍රසිද්දියේ කීමට කොන්දක් ඇති යහපාලන සපෝටර් කෙනෙකු වන රාජ මහතාට අපේ ලැයික් එකක් හිටන්!

      Delete
    2. රාජ් පමනක් නෙමෙයි මනෝජ් ෆනැන්ඩුත් කතා කලා. මේ වගෙ අය නිසා තමයි රටක් ඉදිරියට යන්නෙ.සතුටුයි හරි දේට හරි කියන වැරදි දේට වැරදි කියන මිනිසුන් මේ ඉර හද යට ඉන්න බව දැන ගත්ත එකටත්.

      Delete
    3. @ රාජ් December 11, 2016 at 12:13 AM; @ මධ්‍යස්ථ මතධාරියා December 11, 2016 at 7:52 AM; @ Manoj Fernando December 11, 2016 at 1:04 AM

      Glad about your stance!

      Delete
  11. රතුපස්වල වෙඩි තිබ්බ එක වැරදියි වගේම මේ වැඩේත් වැරදියි.කබරගොයා,තලගොයා කරගන්න දෙයක් නැහැ.නේවි කමන්ඩර්ගේ මැදිහත් විම ලැජ්ජයි.

    ReplyDelete
    Replies
    1. ඔහු විසින් ඔහු ගේ වල නාවික හමුදාවද අපකීර්තියට පත් කොරමින් කපාගන්නා ලදී

      Delete
  12. යහපාලනෙන් අන්තිම තුරුම්පුව ඇදලා වගේ...
    (ඒක නෙමෙයි,අර පේරා ඉන්න අලි දොස්තරයි, ඩින්ඩිරා මැඩනුයි දීපු ගේම ආරංචි නැතෙයි? )
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. දන්ගොල්ලද හිටන්?මොකද්ද අලුත් කේස් එක?

      Delete
    2. කෙල්ලන් දණගස්වයි..කොල්ලන්ට අත් ඔසවා සිටින්නට නියම කරයි. රෝහල් මඟින් රෝගීන් භාරගැනීම නිල බලය යොදා නවතයි ඇතුලු තවත් කතා රැසක්..(සින්නො නෙමෙයි...)
      ඔබත් අදම කියවා බලන්න..
      සිලබස් පල් කර කර තමුන් අප්ඩේට් නොවී සරසවි වලට වින කටින්නන්ට එරෙහිව පෑන මෙහෙයවීම දැන්වත් ඇරඹිය යුතුමයි.
      ඕක කොරන්නත් ඇහැකි කැම්පස් ගිය,රිසච් කරපු,එව්වගෙ වැඩකරපු ඔහෙලට මිසක් වැස්සටවත් කැම්පස් නොගිය අපිලට නෙමෙයි.එහෙම උනොත් අරමුණ පැත්තක තියෙද්දි වෙන වෙන එව්ව ඉස්මතු වෙනවා.
      ඔහේ මක්කෙයි කියන්නෙ?

      Delete
    3. දන්ගොල්ලයා නම් මහ අනාදියා... මාව රැග් කරලා තියෙනා ඌ ස්ටාෆ් ඉන්නැද්දිත්!! ලින්ක් එකක් දාන්න බැරිද කතාවට... මම ඔයි කතාව දන්නෙ නැහැ...

      Delete
  13. වයිස් අද්මිරාල් සබ් ලේප්ටිනන්ට්ගේ රෑන්ක් එකට ඩිමොට් කරල තියෙන්නේ කවද ඉඳලද හිටන්.
    ඇඟ විතරයි මොලේ පුකේ!

    ReplyDelete
  14. Ajith Perakum JayasingheDecember 12, 2016 at 1:05 PM
    මේ පහරදීම හරි බවක් මා කියා නැත. එහෙම කියන්නට කිසිදු අවශ්‍යතාවක් ද මට නැත.

    හැබැයි, මාධ්‍යකරුවා කියන්නේ ද ඔය කියන තරම් පූජනීය වස්තුවක් නො වේ.

    Keep this comment and a screen shot if possible, when this idiot para complains about media freedom.

    ReplyDelete
    Replies
    1. ඩොලර් සහ යුරෝ පැත්තට හැරෙන පැරා ගේ ඇට නැති දිව

      Delete