Tuesday, December 13, 2016

හම්බන්තොට සිද්දියේ මාද්යවේදියා ගේ වැරැද්ද....


හම්බන්තොට වරායේ මාජ්ජවේදියෙකුට අම්බානට නෙලාපු සිජ්ජියේ දී  සිද්දියේ මාජ්ජවේදියා ගේ වැරැදි වුර්තීය හැසිරීම ගැන බොහෝ දෙනා සමාජරෝග ජාලා වල අදහස් පල කර තිබෙමි.

පහලින් පලවන්නේ එවැනි එක් පලකිරීමකි:
ජාතික ආරක්ෂාවට තර්ජනයක් වූ මාධ්‍යවේදියා අත්අඩංගුවට ගනු !
ලෝකේ කිසිම රටක හමුදා මෙහේයුම් අවසරයකින් තොරව පටිගත කරන්න බෑ
පැහැදිලිවම මෙය නාවික හමුදා මෙහෙයුමකි. එවන් අවස්ථාවලදී පිළිගත් මාධ්‍ය ආයතනයකට හෝ මාධ්‍යවේදියෙකුට පින්තුර ගැනීමට හෝ පටිගත කිරීම සදහා නාවික හමුදාවෙන් අවසර ලබාගත යුතුය 

ඔය අදහස ඉදිරිපත් කොරමින් සමාජරෝගජාලා වනසන බුජ්ජිමතුන් ට අනුව නාවික හමුජාපතියා එම මාජ්ජවේදියාට නෙලූ එක සාදාරනය... එතැනින් නොනැවතී අවසර නොමැතිව පටි ගත කොලාය කියනා වරදට ඒකාව අත් අඩන්ගුවට ගත යුතුය!

සරස තුමාට අනුව එම තර්කයේ පොඩි පරහක් තිබෙමි.


නාවික හමුජාපතියයි ගුටිකන මාජ්ජ වේදියයි දෙන්නම වීඩියෝ එකේ පේනවා නම් ගහලා තියෙන්නේ පටිගත කල හාදයාට නොවන බව පැහැදිලි නැද්ද???? 

නාවික හමුජාපොතියා මීඩියා ID එක පැලඳ හිටි හාදයෙකුට පැනපු ගමන් කනේ පාර දුන්නේය .. එම සිජ්ජිය පටිගත කොල හාදයා ගුටි නොකා වීඩියෝවත් පරෙස්සමින් ආරාක්සා කොරන් එතැනින් පිටවෙලා ය!

එම අතපසුවීම නිවැරදි කොර ගැණීමට මාජ්ජවේදියා ට නෙලන අවස්තාව පටිගත කොල හාදයා ව සොයාගෙනවිත් දඬු කඳේ ගසන මෙන් ස ර ස තුමා යෝජනා කොර සිටී හිටන්!

38 comments:

  1. අන්න හොඳ අදහසක් එහෙම කරමු තුමනි! රනිල් කියන්නැහේ යකඩ කෑලි අරන් යුද්ද කරපු හමුදාවක් නෙ මේක. ඉතින් ඔයිට වඩා දෙයක් කොහොම බලාපොරොත්තු වෙන්නද හිටං.

    ReplyDelete
    Replies
    1. රනිල් තුමා ඔහෙටත් මිග් ජෙට් යානයක් ම අරන් දෙයි හිටන්!

      Delete
    2. //ලෝකේ කිසිම රටක හමුදා මෙහේයුම් අවසරයකින් තොරව පටිගත කරන්න බෑ// මෙතන හමුදා මෙහෙයුම වෙලා තියෙන්නේ සිවිල් ඇඳුමෙන් සැරසුනු නාවික පති තුමා මාජ්ජ වේදියාට නෙලන එක.

      Delete
    3. ඒ වුනාට කනට ගහන්න කලින් නාවික හමුජාපොති මාජ්ජවේදියගේ අම්මට වඳින ගාතාව කිවුවනේ හින?

      Delete
    4. //නාවික හමුජාපොති මාජ්ජවේදියගේ අම්මට වඳින ගාතාව//
      සා ර ස තුමෝ, ඒ අම්මට වඳින ගාතාව නෙවෙයි! යහපාලන යුගේ "ඩිජිටල්" ක්‍රමයට පාර්ලිමේන්තුවෙ අවසර ගන්න ක්‍රමය!

      Delete
  2. "...මාධ්‍යවේදියා ඔය තරම් පුජනීය වස්තුවක් නොවේ..."
    © ප්‍රවීන බ්ලොග් මාජ්ජවේදී අජිත් පැරකුම් තුමා (තනි හෙළුවෙන්)

    "... මේ මාධ්‍යවේදියාට පඩි ගෙවලා නැහැ... " රජයේ ප්‍රවෘර්ති අදක්ෂක ආචර්ය රංග කලන්සුරිය. (නත්තල් සැරසිල්ල්කින් තම හෙළුව වසාගනිමින්)

    ReplyDelete
    Replies
    1. පැරා නම් ආන්ඩුවේ කක්කා සේදීමේ කොන්ත්‍රාත්තුව සැපටම කොරමින් පවතී

      Delete
  3. හම්බන්තොට ඇත්ත සිජ්ජියේ කොටස් වෙන වෙනම හැමෝම දැක්කත් ෆුල් ඉස්ටෝරිය ගැලපිලා නැතිය. හුදී ජනයාගේ පහන් මෙව්වා එක පිණිස ඒ වගත් මෙසේය.

    සිරි ලංකාවේ රේගුවට ටෙලිපෝන් කෝල් දී සාක්කුව පුරවා ගන්නා රවී තුමාගේ නවතම සොයාගැනීම අනුව උද්ඝෝසන වැඩ වර්ජන කරන උන්ගේ සාක්කු වල අලුත්ම පන්දාහේ නෝට්ටු තිබේ.

    උද්ඝෝසකයන් හා මාජ්ජ්වෙදීන් එක පොදියට සිටි ජැටිය අයිනටම පැමිණි සකලබුජන් රවී තුමා ගනිව් යකෝ සාක්කු වල තියෙන පන්දාහේ නෝට්ටු යයි නියෝගයක් දුන්නේය. උද්ඝෝසකයෝ වහ වහා තම නෝට්ටු ගනිද්දී ඉස්සෙල්ලම හිටි මාජ්ජවෙදියා අතේ සතේ නැතිකමට විලිලැජ්ජාවේ අපි මීඩියා යයි කිව්වේය. තම නියෝගය නොතැකීම ගැන මලපුෂ්පිත සකලබුජන් රවී තුමා කට වහපිය ___ පුතා යනුවෙන් ආශිර්වාද කරමින් ඉස්සෙල්ලාම අහුවු මාජ්ජවේදියාගේ හොස්ස තැලීය.

    මාජ්ජවෙදියාගේ අතේ සතේ නැති බව රජයේ ප්‍රොවුර්ති අධ්යක්සක ජෙනරාල් තුමා දිවුරුම් පෙස්සමක් ද දී තිබේ.

    මෙවැනි අනවශ්‍ය ප්‍රස්න ඇතිකරන රාජපස්සලා බෙදාහරින පන්දාහේ නෝට්ටුව තහනම් කොළ යුතුමය.

    ප.ලි. අතේ නෙත්ති සහෝදරයා ප්‍රශ්නයට රාජපස්සලා සම්බන්ධ බව කෙලින්ම කීවේ සිද්දිය දන්නා නිසාය. එහෙත් පන්දාහේ කොලේ කතාව යෝශිතගෙන් වැසුවේ සිරිකොත පන්දාහේ නෝට්ටු ජෙප්පන් ගාව ඇති නිසා නෙමේය.

    ReplyDelete
    Replies
    1. අතේ පැලවෙන කෙප්ප ගහන ඇඟිලි නැත්ති!

      Delete
    2. සාරස ඇයි බන් උබේ බොගේ උබම ඇනෝ දමන්නෙ.
      ඔය ටික ඉහල පෝස්ට් එකේ හරි වෙනම පෝස්ට් එකක් ලියන්න තිබ්බනෙ.

      Delete
    3. අකලට හිස කෙස් යනවාද, තට්ටය මතු වෙනවාද? කොමෙන්ට් අඩු වීම ප්‍රශ්නයක් ද? තමන් බ්ලොග් ලියලා බෙල්ල කැපූ හාදයෝ ඇනෝ ඇවිත් නැතිවෙන්න දෙනවාද

      සරස ගුරුතුමා හමුවන්න!

      Delete
  4. මෙයට මැදිහත් වන්නට නාවික හමුදාවට බලය ලැබුනු බව කියන ISPS කෝඩ් එකේ එසේ කියා ඇත්තේ කොහේදැයි දන්නා කෙනෙක් සිටීනම්,
    1. ඒ බලය ලැබී ඇත්තේ කුමන වර්ෂයේ පලකල වර්ෂන් එකේද?
    2. කුමන පිටුවේ හෝ කොටසේ මේ ගැන සඳහන් වී ඇතිද?

    යන කරුනු වලට පිලිතුරු සොයමි.


    කෙසේ උනත්,
    බැඳුම්කර වංචා අමතක නොකරමු.
    වරාය අවුරුදු 198ම බදු දීම දීමද අමතක නොකරමු.
    චීනය හා වලි නොදාගෙන හිටියානම් මීට වඩා වැඩි වාසි ලබා ගන්නට තිබුනු බවත් අමතක නොකරමු.

    ReplyDelete
    Replies
    1. ඔබ ගේ ප්‍රශ්න වලට යගපාලක ගොන් පාර්ට් කාරයෝ පිලිතුරු දෙන්නට ඉදිරිපත් නොවෙති!

      Delete
  5. Sa Rasa

    පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍ය පීඨ‍යට ඇතුළත්වූ නවක සිසුන් පිරිසකට ජ්‍යෙෂ්ඨ සිසු පිරිසක් අමානුෂික ලෙස නවක වදය ලබාදුන් පසුව එයට ගුරුවරුන් එක්ව ජ්‍යෙෂ්ඨයින්ට ‘රිටර්න් එක‘ දුන් බව කියන සිද්ධියක් නිසා මේ වනවිට කලබලකාරී තත්වයක් හටගෙන තිබේ.

    නවක සිසුන්ට නවක වදය දුන් ජ්‍යෙෂ්ඨයින්ව කැඳවා පීඨයේ විනය පාලක හා ආචාර්ය මණ්ඩල නියෝජිතයින් ඔවුන්වද රැග් එකට සමාන දඩුවමකට ලක්කර තිබෙන අතර
    මේ ගැන නිවේදනයක් නිකුත් කරන ශිෂ්‍ය සංගමය සිද්ධිය විස්තර කර ඇත්තේ
    ‘පශු වෛද්‍ය ශික්ෂණ රෝහල තුළ පැය 2 කට වැඩි කාලයක් ශිෂ්‍යාවන්ගේ අත් ඔසවා තබා
    සහෝදර ශිෂ්‍යන් දණ ගස්වා ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පරුෂ වචනයෙන් තර්ජනය කරමින් විවිධ ඉරියව් නිරූපණය කිරීමට බල කරමින් වීඩියෝ ගත කිරීමද සිදු කර ඇත.‘ යනුවෙනි.

    පසුව ජ්‍යෙෂ්ඨ සිසුන් තිදෙනකු තමන්ට ශාරීරික හා මානසික පීඩාවන් එල්ලවූ බව කියමින් පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබා අැති අතර දිනකට පසු පිටව ගොස් තිබේ.

    ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යාවක් සහ සිසුන් දෙදෙනෙකු රෝහල් ගතවූ බවත් දැඩි මානසික කම්පනයකට ඔවුන් ලක්වූ බවත් සංගමය දන්වා තිබුණි.

    නවක වදය දුන්නාට දඩුවමක් ලෙස මෙම ප්‍රතිප්‍රහාරය දියත් කළේ සරසවි පීඨයේ විනය පාලක මහාචාර්යවරයා සහ තවත් මහාචාර්යවරියක සහ පශු වෛද්‍ය වරයෙකු සමග එක්වූ අවසන් වසරේ සිසුන් හතර දෙනෙකු බව සංගමය චෝදනා කරන අතර එය අමානුෂික ප්‍රහාරයක් ලෙස ඔවුන් හෙළාදැක තිබේ.

    ReplyDelete
    Replies
    1. ඔයි කැලෙන් ඇල්ලූ අලි පැටවුන් ට හීලෑ අලින් ට හම්බ වුනු පැටියන් විදියට උප්පැන්න සහතික දීමට කුප්‍රසිද්ද මහාචරියා දන්ගොල්ල ආචාර්ය මන්ඩලයේ ඉන්නැත්දී ම ඩෝප් වෙලාවක මාව රැග් කොර තිබේ...

      Delete
    2. සරසතුමනි,
      ඔබතුමා මහාචාර්ය දන්ගොල්ල යනුවෙන් හඳුන් වන්නේ අශෝකා දන්ගොල්ලේ ද? අශෝකා නම් ඉන්දිරාගේ පර්යේෂණ පත්‍රිකාවල ලිපිකාර වැඩ කරන ගෝලබාලයා‍ නො වැ! අශෝකා වගේ අය මහාචාර්ය ධුර, අංශාධිපති ධුර දරන තත්ත්වයකට පේරාදෙණිය පත් වී නම් එය සිත් තැවුලට හේතුවකි. අහෝ! කාලය මැව් වෙනසක අරුමේ.

      Delete
    3. //අශෝකා දන්ගොල්ලේ ද? අශෝකා නම් ඉන්දිරාගේ පර්යේෂණ පත්‍රිකාවල ලිපිකාර වැඩ කරන ගෝලබාලයා‍ නො වැ! //

      ඔවු.... කැකිරාවේ සිටි පැමිනි අසෝක දන්ගොල්ලේ තුමා ය. එතුමාට පසුගිය කාලේ උසස්වීමක් ලැබුනි.. දැන් මහාචාර්ය ඉන්දිරා සිල්වා මැතිනිය ගේ අහවලා ලෙස ය!

      Delete
  6. අද කෝ බොල බැඳුම්කොරේ

    ReplyDelete
    Replies
    1. දැන් අපි රනිල් එක්ක යාලුයි හිටන්!

      Delete
  7. සමජරෝග බුඩ්ඩිමත්තු ගැනනම් කතා කරලා වැඩක් නැහැ...

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ හිටන්!

      Delete
  8. සාරසයො, ඇයි බං උඹ මට දිගින් දිගටම ඔයහැටි ගහන්නෙ.
    උඹ කුමාර කලුආරච්චි කියල මුලින්ම එලි කරේ මම හින්දද?
    සොරි මචං උබ කව්ද කියල ආයෙ එලි කරන්නෙ නෑ.
    අපි යාලු වෙමුකො ප්ලීඊඊශ්.
    - මීට සීනුවර අහවලා

    ReplyDelete
    Replies
    1. මේකත් හරිම ජොලි වැඩක් හිටන්....
      මොකා ඇනෝ ඇවිත් ටොක්කක් ඇනපු ගමන් ම සරස තුමා ගෙදර තියෙන සිනුවර කෙස් නැති මුව හමට තලනවා වගේ නේද හිටන්!

      // අපි යාලු වෙමුකො ප්ලීඊඊශ්.
      - මීට සීනුවර අහවලා //

      නෝ තැන්කිවු...
      තරහ වෙලා ඉන්න එක වඩා ෆන් නේද හිටන්?

      Delete
  9. කෝච්චි පාර බ්ලොක් කල ත්‍රීවීල් හා ප්‍රයිවට් බස් කාරයන්ට කලා වගේ
    නැව් බලෙන් අල්ලා සිටි එවුන් අත්ඩංගුවට ගෙන නඩු පැවරිය යුතුයි.
    තම නීත්‍යනුකූල අයිතීන් ඉක්මවා යන මාජ්ජවේදීන්ට හා පාරවල් බ්ලොක් කරගෙන ඉන්න එවුන්ටත් එහෙමයි. අවශ්‍ය පරිදි අවම හෝ උපරිම හෝ මධ්‍යම බලය යොදවා අත් අඩංගුවට ගත යුතුයි. නිකම්ම පැනලා ගහන්නෙ නැතුව

    ReplyDelete
    Replies
    1. බඩගෙඩියා මාජ්ජ මල්ලීව දැක්කාම අඩෝ හු---- කියාගෙන ගහන්න පැන්නාම මාර කික් එකක් නේ දැනෙන්නේ....

      කැපුවත් කොල අජ්ජා ගේ ඊලඟ නෙලුම්යායට පැරා ආවාම මටත් හිතෙනවා ඔයි වගේ කඩා පැනලා මාජ්ජකරුවන් ට අපේ ගවුරවේ දක්වන්න හිටන්!

      Delete
    2. සාරසයො,

      බඩේ තියෙන ෂොට්ටෙක වාසනාවන්
      අපේ පරණ සැට්ටෙක වාසනාවන්
      උඹේ යාළු ෆිට්ටෙක වාසනාවන්
      අනේ නුවර බස්සෙක වාසනාවන්

      අහවර වුණ ගමන් මේ සෙප්පඩ විජ්ජා
      කටුනායකත් මත්තල සේ වෙයි ලැජ්ජා
      වඩියක බහිමු පොලියට ගෙන සිහි මුජ්ජා
      කලගෙඩිහේනෙ හන්දියෙ හිටපං අජ්ජා

      ඇදගෙන නාන සිනුවර රසිකෝලොජ්ජා
      'පොර ජාතකෙන්' දුන්නට අමු ගොන්බිජ්ජා
      'පොර' කර පොරව, පෙන්නන් 'මේසන්' විජ්ජා
      ගිල්ලපු ගුලිය දන්නව ලෝටස් අජ්ජා

      තිත්තයා අතට එනතුරු උගෙ වාරේ
      කොක්කු හොයනකොට මහජන ගංතීරේ
      නේවි චීෆ්ගෙන් ගිළිහුණු පොලු පාරේ
      කැමරා කාචයෙන් පෙනුනිද සංසාරේ

      Delete
    3. පන්තියේ ඉදිරි පෙල අසුනේ ඉඳගන්න
      අත් උස්සගෙන මිස් ලට උත්තර දෙන්න
      ක්‍රෑම දමා කම්මල් පීටයෙ යන්න
      ඒත් බැරිය ඌ හට මිනිසෙකු වෙන්න

      සින්හල බොගේ පොර වෙන්නට දත කනවා
      අනිත් උන් ට දාහක් ඔවදන් දෙනවා
      කොමෙන්ට් වැඩි සයිට් බලලා කෙලවනවා
      සිනුවර ගෙඹි තෙමේ හීනෙන් රජ වෙනවා!

      Delete
  10. මචන් සරසෝ,

    මගෙත් යාලුවෙක් ඉන්නව අජ්ජා කියල නේවල් ඔපිසරයෙක්. මේක වුණේ අජ්ජා ජූනියර අපිසර කාලෙ. ඔන්න ඉතින් මේ කියන අජ්ජා වැඩ කරපු නැවේ හිටියා මෙන්ඩිස් කියලා කුක් කෙනෙක්. මෙන්ඩියාගෙ කඩුව මොට්ට වුනාට කොටා ගන්න පුලුවන්. දවසක් පොරට නිවාඩුවක් ගන්න ඕනෙ වෙලා කැප්ටන්ට කියන්නලු ලෑස්තිය. ඒත් පොඩ්ඩක් සැකහැර ගන්න (මෙන්ඩියගෙ තියෙන කරුමෙට), අපේ අජ්ජව හම්බ වෙලා. අජ්ජා ගැන මොකක් හරි හොඳක් කියන්න තියෙනවා නම් ඒ තමයි උගෙ කඩුව එක්සලන්ට්. එච්චරයි. මූට හරීයට මිනිස්සු ‍රැවටෙනවා.

    “මිස්ටර් අජිත් මම කැප්ටන්ට කියලා නිවාඩුවක් ගන්නයි ඉන්නෙ.”

    “ඒ මොකෝ මෙන්ඩිස්?”

    “මේ මගෙ කකුලෙ ගෙඩියක් ඇවිල්ලනෙ. මේ බලන්නකො.”

    මෙහෙමෙ කියලා පොර පෙන්නුවා කකුලත්. ඉදිමිලා තමයි එක තැනක්.

    “දැන් මොකද අවුල මෙන්ඩිස්?”

    “මේක කොහොමද කැප්ටන්ට කියන්නෙ? ‘I want leave because…’ මොකක්ද? කොහොමද කියන්නෙ කකුලෙ ගෙඩියක් කියලා?”

    අපරාදෙ කියන්න බෑ අපේ අජ්ජාටත් කාට හරි ලනුවක් දෙන්න අවස්ථාවක් ලැබුනොත් ඒ අවස්ථාව කිසිසේත් මග හරින්නෙ නැ. නිවාඩු දාගෙන, අතින් වියදම් කරගෙන හරි වැඩේ සෙට් කරනවා.

    “මෙන්ඩිස්, you came to the right person. කිසි අවුලක් නෑ මෙන්ඩිස්. මේක හොඳට කට පාඩං කරගන්න. කෝ බලමු. දකුණු කකුල නේ. විස්තරේ හරියට දෙන්න එපායැ. නැවේදි අපි දකුණට කියන්නෙ ස්ටාර්බඩ් සයිඩ් (starboard side) කියලනෙ. එතකොට ගෙඩිය. ෆෲට් (fruit) හරි මෙහෙම කියමු. Sir, I need leave because my starboard side leg is having a fruit.”

    “දිග වැඩිනෙ මිස්ටර් අජිත්.”

    “පිස්සුද මෙන්ඩිස්. චක්කරෙත් පාඩං කරගත්තා නේද පොඩි කාලෙ. පොඩි ළමයෙක් වෙන්න හදන්නැතුව මේක පාඩං කර ගන්නකො හොඳට.”

    කොහොම හරි පොර මේක මෙන්ඩියට කට පාඩං කරවලා, කැප්ටන් ගාවට යවන්න කලින් අනිත් වුන්ටත් ගින්න දීල. දැන් කට්ටියම කිට්‍ටුවට වෙලා ගැවසෙනවලු සීන් එක බ්ලාගන්න. මෙන්ඩිස් කාරයා කොරේ තවත් වැඩි කරගෙන කැප්ටන් ගාවට ගිහින් කලිසම් කකුලත් උස්සලා පෙන්නලා කිව්වලු අර වාක්‍යය. මුන් කට්ටියට හය්යෙන් හිනා යන්න ආපු නිසා කැප්ටන් කිව්ව දේ අහගන්න ඉන්න බැරි වෙලා. මුං දුවලා එලියට.

    පස්සෙ මෙන්ඩියට නිවාඩුත් හම්බවෙලා තිබ්බලු.

    මේ දන්නෙම නැති බුවාලට;

    නැව් වලයි, ගුවන් යානා වලයි වම පෝට් සයිඩ් (port side), දකුණ ස්ටාබඩ් සයිඩ් (starboard side), ඉස්සරහ බව් (bow), පස්ස ස්ටර්න් (stern).

    ඇත්තටම මේසන් අජ්ජ ගිල්ලවන ගුලි වල හැටියට මේකනම් හරිම අහිංසක එකක්. මූ නම් ඒවගේ අන්ත දූෂිතයෙක් නෙවෙයි, පොඩි සොමියට බර නෝමල් බුවෙක්.

    ReplyDelete
    Replies
    1. අනේ අනේ අජ්ජට ගිය කලක් හිටන්!

      Delete
  11. හාබර් එකේ වැඩ වැරුමකි මහ සද්දේ - නැව් හමුදාපති හිටගෙන යම යුද්දේ

    නෞකාව මුදා හැරීම නිසා ජාත්‍යන්තර සමුද්‍රීය නාවික සංවිධානයෙන් මට සහතිකයක් ලැබුණා මෙරටට එන නැව් ගැන මට වගකීමක් තියෙනවා මට දේශපාලනයක් නෑ: මම අණ පිළිපදින්නෙක්

    හම්බන්තොට මාගම් රුහුණුපුර වරායේ පසුගිය සෙනසුරාදා ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් පවත්වන පරීක්‍ෂණ මණ්ඩලයේදී තමන් වැරදිකරු කරන්නේ නම් නාවික හමුදාපති ධුරයෙන් ඉල්ලා අස්වන බව නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා සඳහන් කළේය.

    මාධ්‍යවේදියාට පහර දුන් බව පවසමින් එම ස්ථානයේ ඇතිව තිබූ බියකරු තත්ත්වය වාර්තා නොකිරීම කනගාටුදායක බවත් විජේගුණරත්න මහතා පැවැසීය.

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ මේ පුද්ගලික පලිගැනීමක්ද? ඔබ කවුද, ඉන්නේ කා සමඟද කියාත් රටටම පෙන්නුවා. ඒකට ස්තුතියි.

      අද ලන්කාවෙ ඇති වී තිබෙන ඛේදවාචකය නම් ඉහලම සිට පහලටම තනතුරට නුසුදුසු පුද්ගලයින් නිසා තනතුරු හෑල්ලු වීමයි. අවසානයේ රටම හෑල්ලු වීමයි. මෙයද එහි එක ජවනිකාවක් පමනයි.

      සේවකයන් නැව් රඳවාගෙන සිටීමෙන් කලේ වරදක් බව අප තේරුම් ගත යුතුයි. එහෙත් ඔවුන් එසේ කලේ රජයේ අවධානය යොමු කර ගැනීමටය. දේශපාලනික හේතුන් මත මිනී මැරුවත් දේශපාලන සිරකරුවන් කියා විශේශ වරප්‍රසාද ලැබීමත්, මානුශික හේතුන් මත විරෝධය දක්වන අයට අපරාධකාරයන්ට මෙන් සැලකීමත් කෙතරම් අමානුශිකද?

      අනික් කාරනය, මේ සිද්ධිය බලා සිටි මට හැඟුන දෙයක් නම් සාමාන්‍ය මහජනතාව සහ හමුදාව අතර හොඳ හිත පලුදු වුනු ආකාරයයි. මේ අවස්ථාවේ එහි වාසිය සහ එවැනි දෙයක අවශ්‍යතාවය කාටද? රජයට. ඇයි?

      රටේ සිදුවෙන දේවල් අනුව යම්කිසි විදියකින් හමුදා කුමන්ත්‍රනයක් ඇති වුවහොත්….එයට සාමාන්‍ය ජනතාවගේ ආධාරය නොලැබේ. එම නිසා මෙවැනි හමුදාව-ජනතාව අතර ගැටුම්කාරී අවස්ථා ඉදිරියේ දීද නිර්මානය වනු ඇත.

      එමගින් හමුදාව සහ ජනතාව අතර 88-89 කාලයේ තිබුනා සේ දැඩි පරතරයක් ඇති වනු ඇත. නළුවෙක් නොව මොළයක් රට පාලනය කිරීමේ ආශ්චර්යය එයයි.

      Delete
    2. අණ පිලිපදින්න පටන් ගන්නෙ අම්මට හු---- කියන ගාතාවෙන් වෙන්නැති

      Delete
  12. ස රස

    මෙගාපොලිස් ඇමති පාඨලී චම්පික රණවක සිය ඇමති ධුරයෙන් ඉල්ලා අස්වී ජාතික හෙළ උරුමය ආණ්ඩුවෙන් ඉවත් විය යුතු යයි වන යෝජනාවක් එම පක්‍ෂයේ ඉහලම මණ්ඩලයකදී සාකච්චා වී තිබේ යැයි ආරංචියක් පැතිර යමින් පවතී.

    මේ වන විට ආණ්ඩුව ජනතාව අතර ඉතා වේගයෙන් පිරිහෙමින් ඇති නිසා වහා ආන්ඩුවෙන් එලියට බැස ආණ්ඩු විරෝධී වන සිංහල බෞද්ධ ඡන්ද පදනමට නැවත ආමන්ත‍්‍රණය කල යුතු බව එහිදී යෝජනා වී ඇත.

    නැතහොත් මීලග ජනාධිපතිවරණයේදී සිංහල බෞද්ධ ඡන්ද අති බහුතරයක් ගෝඨාභය රාජපක්‍ෂ හෝ විපක්‍ෂයේ අපේක්‍ෂකයා පහසුවෙන් ආකර්ශණය කර ගනු ඇති නිසා මෙම පියවර ගත යුත්තේ 2020දී එම මැතිවරණයකදී නැවතත් කොන්දේසි සහිතව එජාපයටම එක්වීමට ඉඩ තබාගෙන ආණ්ඩුව සමග අවබෝධයන් බවත් එම පක්‍ෂ මහ ලේකම් ඇමති චම්පික රණවක මහතා පෙන්වා දී ඇත.

    තමන් මේ සම්බන්ධයෙන් අගමැතිවරයා සමග අදහස් හුවමාරුවක් කරගත් බවත් එනිසා ආණ්ඩුවෙන් එලියට බැස්සද ආණ්ඩුව පාර්ශවයෙන් දේශපාලන ප‍්‍රහාරයක් එල්ල නොවනු ඇතැයි ද ඇමති රණවක සදහන් කර ඇත. මේ ගැන ස රස මහතාගේ මතය කුමක් ද?

    ReplyDelete
    Replies
    1. සරස තුමා ගේ මතය නම්:

      පාරට පනින්න එපෝ.. චම්පුකයා එනෝ!

      Delete
  13. උඹලට ටපලැවිල. මේකේ ඇති හමුදාපතියෙක් නෑ.
    අර නිල් පාටට සී සේට් එකක් වගේ අන්දවලා තිබුනේ උඩුවේ සාදුගෙන් අල්ලගත්තු අලි පැටියාට.
    පේන් නැද්ද බෝලෙ වගේ ලස්සනට ඉන්න හැටි විතරක්. (හමුදාපතිලා ඔය වගේද මේ අපි වාගේ පිට් කොල්ලොනේ)
    ඕක මේ බැඳුම්කරේ යටගහන්න ගෙනාපු විජ්ජාවක්.
    ඕවට අහුවෙයි අපි.

    ReplyDelete
  14. හැමදාම නිව්ස් හැදෙනවා විතරයි. රටේ වැඩක් කෙරෙන්නේ නෑ.

    ReplyDelete