Wednesday, December 14, 2016

ඉස්තාවරය වෙනස් කිරීමයි!

නාවික හමුදාවේ බඩතඩි හමුජාපති කැප්ටන් හැඩොක් තුමා විසින් මාජ්ජවේදියෙකු ට අම්මාට වඳිනා ගාතාව කියා කන පැලෙන්න ගැසීම ගැන සරස තුමා ගේ ඉස්තාවරය වෙනස් කිරීමට කාලය පැමින ඇති බව ඔබ සැමට දැනුම් දීමට කැමැත්තෙමි හිටන්!

එම ඉස්තාවරය වෙනස් කිරීමට හේතු වූයේ බාහු වික්කොම තුමා, පිරිමි මිසී තුමා, අසාද්ය සාලි තුමා වී අන්ගොඩ තුමා වැනි අය මාජ්ජවේදියා ගේ පැත්ත අරගෙන කතා කල එක ය. 

තමනුත් මාජ්ජවේදියෙකු බව කියාගන්න පැරා තුමා විසින් මාජ්ජකරුවාට නෙලීම සාදාරනය කරනාවිට මාජ්ජකරුවෙකු නොවන සරස තුමා ට එම පහරදීම සාදාරන බව පිලිගැනීම හැර අන් විකල්පයක් නැත!

මෙහිදී තවත් මාජ්ජවේදියෙකු වන  ලසන්තව පරලොව යැවූ වෙල්විදානේ තුමා තම ඉස්තාවරය වෙනස් නොකර බඩතඩියා ගේ පැත්ත ගැනීම ප්‍රසන්සාජනකය!

2020 දී හදන්නට බලාපොරොත්තුවන නව ආන්ඩුවේ හාදයන් අතින් මෙවැනි මාජ්ජවේදී ප්‍රහාරයන් නැවත නැවත සිදු විය හැකි බවද එහෙම වුනාම තමුන්නාසේලා මාජ්ජවේදියාගේ පැත්ත නොගතයුතු බවද මතක් කොරමි හිටන්!


ප : ලි :


කොල්ලුපිටියෙ ලොල්ලාගේ බැඳුම්කරේ අමතක නොකරණු!

56 comments:

  1. අනේ සරසෝ, ඔය අශික්කිත වචන භාවිතාව නවත්තපියකො.
    ඔය හිරිකිත වචන නැතුව කොච්චර අගේට ලියන්ට පුලුවන් එකක්ද.
    - මීට
    සීනුවර තට්ටයා නොවේ

    ReplyDelete
    Replies
    1. ඇයි ඇනෝ තුමෝ... හරියට වචන බාවිතා කොරලා රචනාව ලියුවාම සරස තුමාත් මාජ්ජවේදියෙක් ය කියලා හිටන් බඩතඩියා මහතා මටත් නෙල්ලන්න ආවොත්??

      Delete
    2. "පිරිමි මිසී" කියන වචන භාවිතාවෙන් පෙනෙන්නෙනම් ඔහේ තත්වය තමයි.
      ඒ මනුස්සයා කව්ද කියන එක අදාල නෑ.
      මිනිසෙකුගෙ රැකියාවට ඔය තරම් හැල්ලු කරන්න එපා ම්යි ඩියර්

      Delete
    3. // "පිරිමි මිසී" කියන වචන භාවිතාවෙන් පෙනෙන්නෙනම් ඔහේ තත්වය තමයි. //

      ඔබතුමා හරි ඇනෝ තුමෝ...

      මම මීට පස්සෙ එයාට ගෑනු මිසී කියන්නම් කෝ....

      Delete
    4. සරස, ඔය අශික්කිත වචන භාවිතාව නවත්තපිය.

      මං වැඩ කරන තැන හැමෝම අමතන්නේ මුල් නමින්. සර් කියා ලියුං යවන්නේ අපේ ගණුදෙනුකරුවන්ට විතරයි.

      ටෝනි ඇබට්ව ඉන්ටර්වීව් කරන කොට කියා හෝ කියා හෝ අමතනවා. නමුත් මා ඔහු සමග කතා කරන දිනයක් ආවොත් කියන්නේ හලෝ ටෝනි කියායි. මට දැන් වසර දහයකට පමණ පෙර බොබ් හෝක්ව ෂොපින් සෙන්ටර්යක දී අහම්බෙන් මුණ ගැහුණාම කතා කළේ හලෝ බොබ් කියලයි. මිස්ට කියා ෆෝමල් නොවන තැන්වල ඇමතීම සමාන සමාජයක දී එක්තරා අපහාසයක් වගේ එකක්.

      කලාකරුවන්ට මැතිතුමා කීම අපහාසයක් වෙන්නේ ත් ඒ වගේම හේතුවක් නිසා.

      "අමරදේව මැතිතුමා ගැයූ ගීයක්", "ජෝතිපාල මැතිතුමා ගැයූ ගීයක්" යැයි කියනවා ඇසීමත් මට නම් හිරිකිතයි!

      Delete
    5. අපි ඉන්නේ සිරිලන්කාවෙනෙ...

      අපි හැමෝටම සර් මැතිතුමා තුමා එහෙම කියලා අප් කොරලා ගන්නවා ඇනෝ තුමෝ!

      Delete
    6. @AnonymousDecember 15, 2016 at 1:14 AM
      //බොබ් හෝක්ව ෂොපින් සෙන්ටර්යක දී අහම්බෙන් මුණ ගැහුණාම කතා කළේ හලෝ බොබ් කියලයි//
      හීන වල හම්බ වෙන උන්ට "හලෝ බොබ්" නෙවෙයි නාවික හමුදාවේ බඩතඩි හමුජාපති කැප්ටන් හැඩොක් තුමා විසින් මාජ්ජවේදියට අමතපු විදිහට කතා කලත් අවුලක් නෑ. මිනිහත් "same to you" කියල වගෙ උත්තර දෙයි.

      Delete
  2. ඒකා යහපාලන විරුද්ධ මාධ්‍ය වල වැඩ කරන නිසා මාධ්‍යවේදියෙකුත් නෙමෙයිලු නේ...
    එහෙනම් අපිත් ඉස්තාවරේ වෙනස් කර ගන්නම් හිටං...

    ReplyDelete
    Replies
    1. තැන්කූ....
      ඉස්තාවර වෙනස්කිරීමට ජය වේවා!

      Delete
  3. //සරස තුමා ගේ ඉස්තාවරය වෙනස් කිරීමට කාලය පැමින ඇති බව ඔබ සැමට දැනුම් දීමට කැමැත්තෙමි හිටන්!//

    වෙලාවට! පහුගිය ටිකේ සාරසත් එක්ක එකඟ වෙච්ච දේවල් වැඩියි. මම හිතං හිටියෙ බොඩි චෙකප් එකක් කරගන්න. කවුද දන්නෙ මොනව වෙන්න යනවද කියල!

    ReplyDelete
    Replies
    1. අහක යන මාජ්ජවදියෝ වෙනුවෙන් පෙනීහිටලා සකලබුජන් බඩගෙඩියගෙන් ගුටිකන්න වුනොත් හිටන්!

      Delete
  4. අපි ඉස්තාවරය වෙනස් කරගෙන පොහොට්ටාචාර්යතුමාට ඉස්තාලය ඇරලා දෙමු.
    එතුමා මාජ්ජවේදීන් නේවි කාරයින් ඔක්කොම එක දේසනාවෙන් දමනය කර නිද්‍රාවට පත් කරයි.

    ඇනෝ ඇවිල්ලා හරි මට සීරියස් පොලිටිකල් යතාර්තය ගැන ලස්සන වදන්වලින් දේසනයක් ලැබෙයිද මේ පාරත්?

    ReplyDelete
    Replies
    1. ඔය ලියන කියන වැඩ වලදී උතුමාණනි, මැති තුමනි, මහත්මයාණනි , වගේ ටිකක් වැඩිපුර උස්සලා තියල ලියන්නේ හැම විටම දීන කමකටම නෙවෙයි, සමහර විට එතන උත්ප්‍රාසය තියෙන්න පුළුවන්. ඒත් ලංකාව හා ඉන්දියාවේදී ' සර්' යන ආමන්ත්‍රණය එක්ක ලොකු කතාවක් තියෙනවා. එය කියන්නාගේ දීන කම හා ලබන්නාගේ මාන්නය ස්ථාවර කරවනවා.

      Delete
    2. නැතුව, නැතුව, සරාස්තුමාත් කිව්ව තමයි. එතුමාගේ මන්නෙ හරි මුවාත්

      Delete
    3. බඩගින්නේ සිටින කෙනෙකුට බණ කියා වැඩක් නැතුවා සේ ම, අන්ධ භක්තියෙන් තවමත් බැසිල්ලා වැනි අන්ත දූශිත පාදඩ චෞරයින් වන්දනාමාන කරන උපතින්ම මන්ද මානසික මුග්ධ අයෙකු සමග තර්ක කර පළක් නැත. සත්‍යාවබෝධය යනු තමන් ම වීර්යයෙන් කර ගත යුත්තකි.

      Delete
    4. බැසිල්ලා කියන්නෙ සැල්මොනෙල්ලා වගේ තමයි.
      ඒත් පොහොට්ටාචාර්යතුමා එහෙමද? පොහ්, අපේ පැත්තේ ජිම් වල ගහල තියෙන්නෙත් එතුමාගේ පින්තූරෙ තමයි

      Delete
    5. මචන් ප්‍රදීප් අංකල්,

      ඔය පොහොට්ටුව කියන ලබ්බ අරගෙන හොඳට රෝල්කරල ගහගනින් තොගේ පුකේ. එතකොට ඔය තියෙන පුකේ අමාරුව ටිකක් විතර ශේප් වේවි. නැත්නම් හොර බැසිල් ජඩයට කියල _කේ ඇරවගෙන බලහන්.

      Delete
    6. අඩේ මං වන්දනාකාරයෙක් නම් සරාස්තුමා මට කැමති වෙයිනේ. අනේ ඇනොනිමස්තුමා සරාස්තුමා හිතං ඉන්නෙ මං ඇන්ටි බයි කියලා. මං වන්දනා නඩේ කියලා දැන් කියන්නෝනෙ

      Delete
    7. පොහොට්ටුව ගැන තරහවත් යන්නෙ මේ ඇනෝතුමාට විතරයි ලංකාවෙන්ම මං හිතන්නෙ. ඒක පටන් ගත්ත එවුන්ටවත් ඒක තියනවද කියලවත් ගාණක් නෑ.
      මං තුමා හා මේ ඇනෝතුමා එක්වෙලා කොහොමහරි පොහොට්ටුව පුප්පන්න ඕනෙ

      Delete
    8. අපට හොරෙන් බසිල්තුමාට කිට්ටුවී එතුමාගෙන් වාසි ප්‍රයෝජන ගන්නට උත්සාහ කොරනා ප්‍රා ජේ තුමාට අපගේ බලවත් විරෝදය හිටන්!!

      Delete
    9. බැසිලස් යටේනියාස්

      Delete
    10. ස රාස

      කොයිතරම් හොලිවුඩ් කොමෙඩිවල කතෝලික/ප්‍රොතෙස්තන්ත පූජකයින් හා කතෝලික කන්‍යා සහෝදරියන්, මදර් සුපීරියර්වරියන් හාස්‍යයට ලක් කරලා තියනවද කියලා දැකලා ඇතිනේ. වෙන එකක් තියා ජස්ට් ෆෝ ලාෆ්ස් වල ජීසස් ලෙස ඇඳගෙන පිලිම හදලා කොයිතරම් ජෝක් කරනවාද කියලා.

      මෙහෙ කිසිම ආගමක පූජකයෙක් ගැන එහෙම කලොත් මරාගන්න එයි

      වෙන එකක් තියා කතෝලික බහුතරයක් ඇති රටවල පෙන්නුව ඩා වින්චි කෝඩ් එක මෙහෙ තහනම් කරන්නෙයි කියලා කිව්වෙ. කතෝලික විතරක් නෙමෙයි හාමුදුරුවරුත් කිව්වා ආගමකට අපහාසනම් තහනම් කලයුතුයි කියලා.

      අපි මාර සීරියස් රටක්

      අපි ආගම් පිලිනොපැද්දාට ඒවා ආරක්ෂා කිරීමට මරා ගන්න කැමති රටක්

      Delete
    11. අන් මත ඉවසීම සහ අනුන් කොරන්න උත්සාහකොරනා සියලුම අන්දමේ අපහාස වලට මුහුනදීම කලාවක් නම් එහි පිකාසෝ සරස තුමාය. හාමුදුරුවරුන්ටත් පියතුමන්ලාටාත් සරසතුමා ගෙන් ඒ ගැන වටිනා අදර්ශයක් ලබා ගැත හැකිය හිටන්!

      පොඩි පරහකට තියෙන්නේ රාජ් ගේ බ්ලොගේ ප්‍රා ජේ මහතා දැමූමේ කොමෙන්ටුව ඇනෝ තුමෙකු සරසතුමා ගේ බ්ලොගේ පල කිරීමයි....

      Delete
    12. සරස,

      මාක්ස්වාදය ගැන දැනුම සහ/හෝ එය අනුගමනය තම මතවාදී ප්‍රතිවාදීන් ගැන සංවාදශීලීව බැලීමට කිසිම හේතුවක් නොවන බව ඉතිහාසය පෙන්වාදී ඇත.

      Delete
    13. සරස තුමා දන්නේ මාකස් වාදය පමනයි හිටන්!

      Delete
  5. සොල්දාදුවන් පුහුණු කරන්නේ අනුකම්පා විරහිත ලෙස මිනිසුන් මර දැමීමට බව අමුතුවෙන් කිව යුතු නැත .එය ඉතා කැමැත්තෙන් සහ වැඩි උනන්දුවෙන් කරන සොල්දාදුවන්ද සිටිති.කනගාටුවට කරුණ නම් තමන්ගේ අය 60,000ක් මර දැම්මේ ත්‍රිවිධ හමුදාව නොව JR/ප්‍රේමදාස යැයි ජවිපෙ ප්‍රකාශ කිරීමයි.

    ReplyDelete
    Replies
    1. මිනිසුන්ගේ සිත් තුල ඇති වනචාරි හැගීම් නිළ ඇදුම් ඇග ලා ගත් පමණින් ඉවත් වන්නේ නැත. ඒවා පපු කුහරයෙන් එලියට ඇද නිළ ඇදුමේ තරු අතර රදන්නට දේශපාලකයන්ට අපුරු හැකියාවක් ඇත. ධනයට, බලයට ඇති කෑදරකම මිනිසුන් නොමිනිසුන් කරවයි.

      Delete
    2. සොල්දාදුවෝ නරක නම් පැන්සන් ගිය සොල්දාදුවෝ කොපමන නරකද හිටන්?

      Delete
    3. සාරස හෙවත්, මා දන්නා තරමින්, 'කුමාර කළුආරච්චි නමැති දත් දොස්තර වනචරයා' සෑම අඩවියකටම පැමිණ මරිමෝඩ ගොං පුස් අන්දරේ කෙනෙකු මෙන් හැසිරෙයි. මොහු දේශපාලන ලිපිවලට දමන කමෙන්ට් වල පවා අර උදය මංගොංපිල වැනි දේශපාලන මී හරකුන් දක්වන මෝඩ ජෝකර් ලක්ෂණ විනා, ගැඹුරක් හෝ හරයක් නැත. තාත්වික සහ තර්කානුකූල බවක් නැත. මා සබැඳි කමෙන්ට් බොහොමයකදී, මොහු තම නිර්ලජ්ජී බව ප්‍රකාශ කරන 'ගොං ජෝක් කෑලි' එකතුකිරීමට වඩා යමක් කර නැති නිසා නුඹව නිකම්ම නිකම් පුස්සකු ලෙස නම් කරමි.

      දේශපාලනය ගැන මහා කොමෙන්ට් කරුවකු වුනාට, ජනරළ පත්තරය ගැන වත්, සාරස නොදනී. දේශපාලන කමෙන්ට් දැමීමට නම්, රටේ දේශපාලන ඉතිහාසය කියවා, ප්‍රාමාණික අවබෝධයක් ලබා සිටිය යුතු බව නොසිතන සාරසලා, වැදුවන් ඉදිරියේ කොලොම්බු ලන්නා සේ කතාකිරීම, දෙකොනින් හිනායන විහිළුවකි. කිසිදු දර්ශනයක් නැතිව මේසේ විහිළු කෑලි ලිවීමෙන්ම තමුන්ගේ උපන් ගෙයි මරිමෝඩ පුහුබව පෙනෙයි.

      මේ සියල්ල අධ්‍යක්ෂණය කරන්නේ, මේ සාරස ලෙස පෙනීසිටින අමු ගොබ්බ හොර උපාසක තක්කඩියා බව, මට ලැබුණු දුරකථන ඇමතුම් හතලිස් පහකින් කියවුණා. මේ ධාතු සුනඛයන්ට උත්තර නොදී නිකම් ඉන්න එපා කියා මට දැන්වූ සියලු දෙනාට ස්තුතියි.

      සාරස රට හරකෝ, මේක මතක තියාගනින්. මට හොඳ විශ්‍රාම වැටුපක් ලැබෙනවා. මට වෙනත් ආදායම් මාර්ග තියනවා, මටම අයිති ව්‍යාපාර, නිවාස කිහිපයක්, ප්‍රාඩෝ වර්ගයේ ජීප් එකක් සහ කාර් දෙකක් තියනවා, මගේ බිරිඳටත් ඉතා ඉහළ හොඳ මට්ටමේ විශ්‍රාම වැටුපක් ලැබෙනවා, මගේ දරුවෝ ඉතා උසස් හොඳ රැකියාවල ඉන්නවා. ඒ නිසා මට වෙනත් රැකියා අවශ්‍ය නැහැ. උඹ වගේ හිඟන්නෙක් නෙවෙයි මම.

      මගේ අඩවියේ ඇනෝ කමෙන්ට් වලට ඉඩ නැතිවීමේ දුකෙන් පෙළෙන අනිත් කාලකන්නි හැත්තත් එකක් මතක තියාගනිල්ලා. මගේ අඩවියේ කමෙන්ට් අනුමත කිරීම හෝ කපා දැමීම මගේ අභිමතය අනුවයි සිදුවෙන්නේ. මේ වගේ කබ්බෝ මට මොක්කුද? මුන්ට පුළුවන්ද අපිත් එක්ක හැරෙන්නවත්. කලාතුරකින් තමා මුන්ගේ කිරිජ්ජපල්ලට අනින්න ඕනේ. නැත්නම් මට තියන වැඩ රාජකාරි වල හැටියට මේ වගේ කාණු පනුවෝ එක්ක මට මොන කතාද?

      Delete
    4. ඉහත යෝජනා සරසතුමා වන මම ඉස්තීර කොරමි හිටන්!

      Delete
    5. @AnonymousDecember 15, 2016 at 5:03 AM
      //මට හොඳ විශ්‍රාම වැටුපක් ලැබෙනවා.//- හිරිකොතෙන් දැන් විශ්‍රාම වැටුප් දෙනවද හිටං?
      //මට වෙනත් ආදායම් මාර්ග තියනවා//- ගුද මාර්ගය පොනිල්ට විකීනීම වගේ එකක්ද ?
      //මටම අයිති ව්‍යාපාර// කඩේ යැවීම මිසක් කඩේ යාම ව්‍යාපාර්යක් නොවේ
      //ප්‍රාඩෝ වර්ගයේ ජීප් එකක් සහ කාර් දෙකක් තියනවා// - ප්‍රාඩෝ දැන් කාලේ පොශ් වාහන විදිහට සලකන්නෙ නැහැ. 2013 දෙ බිකිනියක් වත් දැකල හිටපු නැති දහම් කොලුවත් දන් යන්නෙ BMW ජීප් එකක
      //මගේ බිරිඳටත් ඉතා ඉහළ හොඳ මට්ටමේ විශ්‍රාම වැටුපක් ලැබෙනවා//එයා කැලනියෙ ආප්ප නෝන ගාවද වැඩ කලේ ?

      සාරසෝ.
      කවුද බං මේ හිඟන්නෙක් නෙවෙයි කියන පුලන්නා? Hint please ?
      මූත් නිකන් අර මට රැස්පොට් එකක් දීපන් කියල අඬා වැටෙන ගොන්ජන් රාමනායක වගේනේ. කට මූනේ මොලේ පුකේ

      Delete
  6. සරස,

    මා දන්නා තරමට ලංකාවේ බල්ලන් වර්ග දෙකකි. එකක් රට බල්ලන් ය. අනික වල් බල්ලන් ය. රට බල්ලන් බොහෝ විට ඇල්ශේෂන් වර්ගයේ එවුන් නිසා වල් බල්ලන් වල්ශේෂන් කියා ද හැඳින්වේ.

    රට බල්ලන් වෙසෙන්නේ යමක් කමක් ඇති හැකි අයගේ නිවෙස්වල ය. උන් හුරතලයට සැපට හැදෙති. වෙලාවට කෑම, බීම ලැබේ. අසනීප වූ විට, අඩු තරමෙන් ත්‍රී විලරයකින් හෝ ගොස් දොස්තර හමුවී බෙහෙත් හේත් ලබා ගැනීමට පින් ලබා ඇත.

    වල් බල්ලෝ බොහොමයක් ද නිවාසවලට අනුයුක්ත වූවෝ වෙති. නමුත් වැඩිපුර වාසය ගෙයින් පිට ය. උන් සමහරු ඉන්ජෙක්ෂන් ද ලබා ඇත. ඒ උන්ට අනුකම්පාවකට නොව අපේ බලු භීතිය නිසා දුන් බෙහෙත් ය.

    මා වෙසෙන රටේ නම් ඇල්ශේෂන් මෙන්ම, පොමනේරියන්, පූඩ්ල්, කූගීස්, ඩැල්මේෂියන්, බුල් ටෙරියර්, ලැබඩෝර් යනාදී බලු වර්ග රාශියකි. උන් හැදීමට ලයිසොම් බල කඩදාසි ලබා ගත යුතුය. උන් ට විශේෂ කෑම ජාති තිබේ. (දැන් මේවා ලංකාවේ සුපිරි මාර්කැට්ටුවල ද විකිණීමට ඇත.) ඉස්පිරිතාල ද, දිවා-රෑ සුරුකුම් මධ්‍යස්ථාන ද, සුභසාධක ආයතන ද තිබේ.

    මෙහි වෙසෙන බල්ලෝ කාර්වලින් ගමන් බිමන් යනවා මිසක පාර තොටේ දඩාවතේ යාමක් දකින්නට නැත. දවසේ වැඩි හරියක් තම දේපල ආරක්ෂා කරගෙන සිටිති. යම් හෙයකින් බල්ලෙක් පාරේ ඔබ මොබ සරනු දුටුවහොත් ඒ අතරමං වූ එකෙකි. උපන්තේකට හතර පයින් හෙයින් පිටත ගොස් නැති මුංට ආපසු තම නිවස කරා ඒමේ ඉව නැත.

    එවැනි අතරමං වූ බල්ලන් ගේ කරපටියේ එල්ලා ඇති නාම ඵලකය මගින් උගේ අයිතිකරුගේ නම සහ දුරකතන අංකය සොයාගත හැකි වෙනු ඇත. මේ නාම ඵලක "ඩෝග් ටැග්" (dog tag) යනුවෙන් හැඳින්වේ. ඇමරිකන් සොල්දාදුවන් තම කර පලඳන අනන්යතා ඵලකය ද හැඳින්වෙන්නේ "ඩෝග් ටැග්" නමිනි. මෙය දිරාපත් නොවන අමුද්‍රව්ය වලින් නිම කර ඇති නිසා, යුද්ධයේ දී මළ සොල්දාදුවන් ගේ සිරුරු කෙදිනක හෝ හඳුණාගත හැකිවේ.

    මේ වන විට සරල "ඩෝග් ටැග්" වලින් ඔබ්ඔට ගොස් ඇති බල්ලෝ ඒ වෙනුවට ක්‍ෂුද්‍ර-චිපයක් (micro-chip) සිරුර තුල පලඳිති. එහි ඇති දත්ත ජාතික බලු දත්ත ගබඩාව හා සසඳා අයාලේ යන බල්ලන්ගේ අයිතිකරුවන් සොයා ගත හැක.

    ජී.පී.එස්. (GPS) ආධාරයෙන් ආපසු තම නිවස සොයාගන්නා ආකාරයද බල්ලන්ට කියා දෙන කාලය වැඩි ඈතක නැති බව සිතිය හැක.

    මේ රටේ බලු ලයිසොම සහිතව හදන බල්ලන් අයිතිකරුවන් සමග පිටත පා ගමනින් යනවා නම් (බොහෝ ප්‍රදේශවල) ගෙන යා යුතුවන්නේ රැහන් පොට සහිතවය. සමහර උද්යාන වල දී පමණක් උන්ට ව්‍යායාමයට දිවීම සඳහා රැහැන් පටින් මුදා හළ හැකිවේ.

    මේ සේරමටත් වඩා වැදගත් කරුණ මෙයයි. මෙලෙස පා ගමනින් තම බල්ලා ද රැගෙන යන අයිතිකරුවන් ට, තම බල්ලා මල පහ කළ හොත් එය සුද්ද පවිත්ර කිරීමට සිදුවේ. නැතිනම් දඩ ය.

    එසේ වුවද, "චූ කිරීම" සම්බන්ධයෙන් නම් මේ නීතිය අදාල නොවේ.

    ඉහත කරුණු සලකා බලන කල, සුව පහසුකම් සහ සමාජ තත්වය අතින් මේ රටේ සියළුම බල්ලන් ඉතා ඉහල ජීවිත ගතකරනවා යැයි සිතිය හැකිය.

    නමුත් මට නම් සිතෙන්නේ ලංකාවේ බල්ලන් බහුතරය අඩු තරමේ එක දෙයකින් මෙරට බල්ලන්ට වඩා පින් කර ඇති බවයි.

    ඒ අන් කිසිවක් නිසා නොව බහුතරයක් ලංකාවේ බල්ලන්ට තමන් රිසි පරිදි "කක්කා කිරීමට" ඇති ඉඩ නිසාය. මහපාරේ, තණ බිස්සේ, මිදුලේ, වැලි ගොඩේ, ගං ඉවුරේ, අඩිපාරේ යනාදී මෙකී නොකී ඕනැම තැනක තම ශරීර කෘතය කිරීමට ලංකාවේ බල්ලන්ට කාගෙන් වත් අවසර ඕනෑ නැත.

    මේ සියළු කරුණු මා පැවසුවේ මේ සම්බන්ධයෙන් මගේ පහත නිගමනය ඔබට පවසන්නටයි.

    පාරේ ඇවිදින විට පයට බලු බෙට්ටක් පෑගීමේ සම්භාවිතාවය මා ඉපදී හැදී වැඩුණු ලංකාවට වඩා, අද මා වාසය කරන රටේ ඉතා අඩුය.

    වෛද්‍ය උපදෙස් මත ව්‍යායාමය පිණිස දිනකට පැය බාගයක් පමණ දැන් වසර ගණනාවක සිට ඇවිදින මා ඉතා කලාතුරකින් බලු බෙටි දැක ඇති වුව ද, අද දක්වාම බලු බේට්ටක් මත වැරදීමකින් හෝ පය තබා නැත.

    ලංකාවේ සිටියදී නම් පෑගුණු බලු බෙටි එමට බව කිව යුතුම ය.

    බලු බෙටි මෙන්ම ලංකාවේ මෙන් තැන තැන ගොම්බෙටි ද මේ රටේ දක්නට නොමැත. ඒ සියළුම හරක් ගාල් කර ඇති නිසාය.

    එය එසේ වීමුත් දේශපාලකයින් ගේ බුල්ෂිට් (Bullshit) වලින් නම් එරට මෙන්ම මෙරට ද අඩුවක් නැති බව කිව යුතුය. දිනපතාම පාහේ පුවත්පත්වලත්, රූපවාහිනී සහ ගුවන් විදුලි චැනල්වලත් මේ දේශපාලන බුල්ෂිට් දැකිය හැක. මැතිතුමා ආදී ඇමතුම් හෝ පුද්ගලවන්දනාමානයන් සාමාන්‍යයෙන් නැති නිසා, ඒ බුල්ෂිට් දුටු විට එකෙනෙහිම ඒවා බුල්ෂිට් ලෙස හඳුන්වන්නට කිසිවෙක් බිය නොවෙති.

    ReplyDelete
    Replies
    1. බල්ලන්ට සහ බුල්ශිට් වලට ජයවේවා!

      Delete
    2. ආනේ කොයි කාලේද ඔයා බලුකිස්තානෙට ගියේ ?
      හොර ගෙඩියා, අපිට කිව්වෙත් නෑ

      ලන්කාවේ ඇල්ශේෂන් කියා බල්ලෝ ජාතියක් නැත.
      හැබැයි ඇල්ටේෂන් කියා බල්ලෝ ජාතියක් නම් ඇත.

      Delete
  7. සමහර වෘත්තීයවේදියෝ රාජපක්‍ෂ රෙජිමයෙන් වරප්‍රසාද ලබා නිර්ලජ්ජිත ලෙස තම වෘත්තිකත්වය පාවාදෙනුලැබීම නිසා ඉතාමත් සෝචනීය ඉරණම් වලට මුහුණ දුන් වෘත්තීයවේදියෝ බොහෙමයක් මේ රෙජිමේ පරාජය ප්‍රාර්තනා කලරමින් කල්මරමින් සිටියහ. කතා කිරීමට තියා මෙවැනි බොලොග් එකක ඇනෝකොමෙන්ටුවක් වත් දැමීමට මමද බියවීමි.

    ReplyDelete
    Replies
    1. අපි නම් බය ප්ලේන් එකේ යන්න පමනයි.... ජනවාරි 26 දා ප්ලේන් එකක් කඩා වැටී මාරකයක් තිබෙන බව විජිත් රෝහන තුමා කීවෙමි!

      Delete
  8. පසුගිය දශවසරක මහින්ද රාජපක්‍ෂ සාප කාලය තුල ලංකාවේ ඔඩු දුවා ගිය පිළිකා දෙකක් වේ. එහි බලපෑම තව සෑහෙන කාලයක් සමාජයේ පවතිනු ඇත.

    ඉන් පළමුවන්න නම්, මහින්ද රාජපක්‍ෂ විසින් රටේ පැවැත්මට අදාල තීරණ ගැනීමේ දී නීර්ණායකයක් ලෙස භාවිතා කළ යන්තර, මන්තර, හදි හූුනියම්, වශී බෝල සහ ජ්‍යෝතිශ්‍යයවැනි දේ ය. දෙවැන්න නම් කාල්පනික ලෙස දේශාභිමානී ලෙස පෙනෙන නමුත් තර්කාන්විතව බලන කළ මුග්ධත්වයේ ප්‍රතිමූර්තියක් බඳුව වූ ලෝකයේ අනෙකුත් රටවල්වලට ඇති කළ විරුද්ධාකල්පයයි.

    සරස යනු ඒ දෙවැන්න ප්‍රවර්ධනය කරමින් හැසිරුණු මුගටියා ය.

    ReplyDelete
    Replies
    1. සරසතුමා නම් මුගටියාට බය වෙන්න ඇනෝතුමා නයෙක් ද නයි නටවන්නෙක්ද?

      Delete
    2. සාරසෝ,

      ඕකා නයි නටවන්නෙක් නෙවේ නයි පටවන්න ආසාකරන ලොල් වහන්සේ කෙනෙක්, පටවන්ට නයිහාමි කෙනෙක් නැතුව වෙන්ටැ ඔය තප්පුලන්නෙ?

      Delete
  9. කෙළෙහි ගුණ සින්දේ
    මූසිල අන්ද මන්දේ
    ජයෙහි ලොබ බැන්දේ
    තමන් වීනා තත ද සින්දේ

    අනුුවණ කම් කළේ
    ගුරුන් ගුණ සිහි නොකළේ
    නද ඉන් නොපතළේ
    අයසමය මුළු දියත පතළේ

    කා හටත් වරදී
    ඉන් දොස් කීම වැරදී
    මා හට නොවරදී
    කියන දන හට නිතර වරදී

    - ගුත්තිලයෙන්

    ReplyDelete
    Replies
    1. සිනුවර නාකි ගුත්තිල
      පේරාදෙනියෙ පචහිල
      දැන් ඔහුට බෑ බොල
      ඌට කෙලවති සරස මූසිල

      Delete
  10. මං ලෝකේ වටේ දෙතුන් වරක් ගිහින් තියෙනවා
    හැම රටකම ලස්සන දේ විඳල තියෙනවා
    කැමතිම රට මොකක්ද මිතුරන් විමසනවා
    වහාම මං මෙහෙම කියනවා!

    ගම් ගස් අස්සේ හැදු ගෙදරක් මට ඕනෑ
    ප්ලම් ගස්, බැටළුවො කැන්ගරු ඉන්නට ඕනෑ
    රෙදි වැල ගෙයි පස්සෙ, ඉස්තෝප්පු ඕනෑ
    හාන්සි පුටුවක් නම් එහි තියෙන්න ඕනෑ !

    ReplyDelete
    Replies
    1. ඔබගේ ලෙඩේ දැන් වී ඇත උත්සන්න
      වැඩිකල් නොගොස් ආපහු ලක්බිම එන්න
      කරදර නොවී ඉක්මනටම හොඳවෙන්න
      මට හැකිවේවි ඔබ අන්ගොඩ නවතන්න!

      Delete
  11. ලෝකයේ සර්වජන ඡන්දබලය පාවිච්චි කර රට ආණ්ඩු කරන්නට ජනතා නියෝජිතයින් තේරූ රටවල් අතරින් ලංකාවට ඇත්තේ දීර්ඝ ඉතිහාසයකි. ඡන්දය දීම ඇරඹී ඇත්තේ ලංකාව එංගලන්තයේ යටත් විජිතයක්ව පැවති සමයේ දී, වර්ෂ 1931 දී ය.

    ඒ කාලයේ රටේ ජනතාව ගේ සාක්‍ෂරතාවය, එසේ නැති නම් අකුරු කියවා වටහා ගැනීමේ හැකියාව, අඩු වූ නිසා එක් එක් ඡන්ද අපේක්‍ෂකයින් සඳහා වෙනස් වර්ණයෙන් යුතු ඡන්ද පෙට්ටි භාවිතා වී ඇත. ඡන්දදායකයින් කළ යුතුව තිබුණේ තමන් ගේ ඡන්ද පත්‍රිකාව තමන් කැමති අපේක්‍ෂකයා ගේ වර්ණය සහිත ඡන්ද පෙට්ටියට දැමීමයි.

    මේ ඡන්දයේ දී සිල් පාට (එනම් සුදු) හෝ සිවුරු පාට (එනම් කහ) වර්ණය සහිත අපේක්‍ෂකයින් ඒ වර්ණවලට ආකර්ශණීය අරුත් සපයමින් බෙෘද්ධ ඡන්දදායකයින් ගේ ඡන්දය ඉල්ලා සිටියේ යැයි පැවසේ.

    පසු කලෙක රටටම සාපයක් වූ, කූප්‍රකට කුරහන් වර්ණය ගැන ඇත්තේ ද (1936) මෙ වැනිම වූ කතන්දරයකි.

    ඡන්ද අපේක්‍ෂකයින් සඳහා විවිධ සලකුණු භාවිතා කරන්ට පටන් ගෙන ඇත්තේ ඉන් පසුවය. එයට හේතුව ද අපේ කලින් පරම්පරාවල තිබුණු සාක්‍ෂරතාවයේ අඩුපාඩුය.

    පසුව දේශපාලන පක්‍ෂ ලංකාවේ බිහි වීමත් සමගම, ඒ ඒ පක්‍ෂ සඳහා ඡන්ද සලකුණු ලියාපදිංචියේ දී ම වෙන් කරන්නට යෙදුණි. යූඇම්පීයට අලියා ලකුණත්, සිරිලංකා එකට අත ලකුණත් සින්නවී ඇත්තේ ඒ ආකාරයටයි.

    මීට අමතරව, ප්‍රධාන පක්‍ෂ දෙක විසින් අප දන්නා පරිදි කොළ පැහැය සහ නිල් පැහැය තමන්ම අයිති කරගෙන ඇත.

    මෙහිදී විහිළුවට කාරණයක් වන්නේ, අද අඩ සියවසකට පසුව ලංකාවේ සාක්‍ෂරතාවය ඉතා ඉහළට නැග ඇති සමයක දී ද තවමත් අර සලකුණු සහ වර්ණ ඡන්දය හා අදාළ කටයුතු සඳහා භාවිතා වීමයි.

    එපමණක් නොව, ප්‍රතිපත්තිමය කරුණු ගැන කෙරෙන සාකච්ඡාවලට වෙන් විය යුතු, ඡන්දය හා සම්බන්ධ කතා බහෙන් සෑහෙන කොටසක් වැයවන්නේ මේ විවිධ වර්ණ සහ සංකේත ගැන පල් හෑලි සඳහා ය.

    උදාහරණයක් දැක්වුවහොත්, පසුගිය ජනාධිපති ඡන්දයේ දී යූඇම්පී පාක්‍ෂිකයින් ට අලියා ලකුණ සහ කොළ පාට අහිමි වී ඇතැයි වඩාත් දුක් වුණේ සිරිලංකා පාක්‍ෂිකයින් ය. නමුත් පුටුව හෝ බුලත් කොළය මිස, සිරිලංකා එකට හිමි අත ලකුණ වසර විසි පහකින් මෙහා භාවිතා වී නැති බව ඔවුන්ට අමතක වී තිබුණි.

    පක්‍ෂ සලකුණු නිසාම ගොඩ නැගෙන මේ ආකාරයේ තවත් කතන්දර බොහෝ ඇත.

    රනිල් වික්‍රමසිංහව කාටූන්කාරයින් අඳින්නේ හෙණ්ඩුවක් සහිතවය. ඡන්ද සමයේ හංසයින් ගැන කවි, ගීත, විකට කතා මෙන්ම අපහාස, උපහාස ද ඇසේ. හංසයින් ගේ ශ්වේත වර්ණය නිර්මලත්වයේ සංකේතයක් ලෙස ද, හංසයා කිරි, දියෙන් වෙන්කර බොන්නට ඇති යැයි කියන ජනප්‍රවාදිත හැකියාව ඉහළ කොලිටියක් ලෙස ද, දේශපාලනික අරුත් දැක්වීම් කෙරෙනු මා අසා ඇත.

    ජනාධිපති ඡන්ද උණුසුම ඉහළට නැග තිබුණු 2009 දෙසැම්බරයේ මා ලංකාවේ ගත කළ කාලයේ, අපේ එක් නෑදෑ නිවෙසක දී මහින්ද රාජපක්‍ෂ ගේ යම් යම් ක්‍රියා පිළිබඳව මා දෝෂාරෝපණය කරනු අසා සිටි අපේ ඥාතියෙක් "ආ! රසික පුතා හංසයෙක් වගේ?" යැයි පැවසීය.

    මෙලෙස මා හංසයෙකුට සමාන කරන්නේ ඇයි දැයි මට වැටහුණේ සාමාන්‍ය තරමේ ටියුබ් ලයිට් ප්‍රමාදයකින් පසුවයි.

    "අපොයි, හමුදා පාලනයක් වෙනුවෙන් නොවෙයි මං කතා කරන්නේ!" කියා මම වහා පැවසූ විට, මගේ ඥාතියා නැවතත් සලකුණුවලින් කතා කරමින් ඇසුවේ, "එහෙනං ඇයි ඔහේ බුලත් කොලේට විරුද්ධව කතා කරන්නේ?" කියායි.

    ReplyDelete
  12. කොරා සහ අන්ධයා' නාට්‍යයත් 'පරස්තාව' නාට්‍යයත් ධම්ම 1970 දී නිෂ්පාදනය කළේය. 'කොරා සහ අන්ධයා' ආචාර්ය ධර්මසේන පතිරාජගේ නාට්‍ය රචනයකි. මේ නාට්‍යයේ කතා පුවත සැකෙවින් මෙසේය.

    එක්තරා රාජ කුමරියක් අවුරුදු සීයකට පසු නින්දෙන් අවදි වන මොහොතේ කොරුන් දහසකට ඇවිදීමටත් අන්ධයන් දහසකට පෙනීමටත් වරම් ලැබෙන බව කියැවෙයි. මේ වාසනාවෙන් ප්‍රයෝජන ගැනීම සඳහා කොරෙක් හා අන්ධයෙක් දිගු ගමනක යෙදෙති. අන්ධයා අත හැරමිටියකි. ඔවුනොවුන්ගේ සහාය දෙදෙනාටම අවශ්‍ය කෙරේ. එකෙකු කෙරෙහි අනිකකු පවතී. අන්ධයාගේ කර මත ගමන් ගන්නා කොරා අන්ධයාට හිරිහැර කරයි. කොරා අතරමඟ හැර දැමීමට වරෙක අන්ධයා උත්සාහ කරයි. එහෙත් කොරා උපායශීලීව අන්ධයා තමා වෙත නම්මාගෙන තවදුරටත් ඔහුගේ කර පිටින් යයි. ඔවුහු දිගු ගමන නිමා කර කුමරිය වෙසෙන මන්දිරයට ඇතුළු වෙති. කොරා ඇවිදියි. අන්ධයාට ඇස් පෙනීම ලැබේ. කොරා අන්ධයාගේ කර පිටින් බසිත්ම තම අරමුණ කරා ළඟාවන්ට පිහිට වන අන්ධයාගේ ගෙල මිරිකා මරා දමයි. අන්ධයාගේ මළ සිරුර මතින් පියවර තබන කොරා තනියම විමුක්තිය අත්පත් කරගන්ට තැත් දරයි.

    මෙම නාට්‍යයේ කොරා ලෙස දයා තෙන්නකෝන් ද අන්ධයා ලෙස විමල් කුමාර ද කොස්තා ද රඟපෑහ. අපේ සාරස නමැති හිස් පුඟුලාද කොරාව කරේ තියන් යන අන්ධයා නොහොත් තක්කඩියා කරේ තියන් යන මෝඩයකු ලෙස දැක්විය හැකියි.

    ReplyDelete
  13. මාත් කීප තැනකින් බැලුවා ඔය ප්‍රෙස් කොන්පරන්ස් එක... ඒක දැක්කාම මට අර පැත්තෙන් හිනා ගියා... පව් මුන්ගේ කොඳු...

    උණු නිසා බොන්නත් බෑ... කිරි නිසා අහක දාන්නත් බෑ..

    ReplyDelete
    Replies
    1. හොඳ වෙලාවට සරස තුමාට නම් "ලැක්ටෝස් ඉන්ටොලරන්ස්" හිටන්!

      Delete
  14. සාරස

    මේක ඔබ වැරදියට තේරුම් අරගෙන තියෙන්නේ.

    මෙතන මාධ්‍ය කොලුවයි හමුදාපතියි දෙන්නම බොහොම හොඳට අඳුනන දෙන්නෙක්. නැත්තම් කොහොමද 'අහවලාගේ' පුතා කියල ඒ කොලුවට කතා කරන්නේ. සාරස කල්පනා කොරල බලන්ඩකෝ සාරසට අහවලාගේ පුතා කියල කතාකරන්නේ කොච්චර ලඟින් ඔබව දන්නා අයද කියල?

    ඊට පස්සේ ඒ කොල්ලා එතනින් යන්නේ නැති නිසා ඌව එතනින් අයින් කරන්ඩ හදනවා මොකද ඔය කලබලේ අස්සේ එකාගේ ඔලුවට හරි ඇඟට හරි ගල් පාරක් හෙම වැදිලා තුවාල උනොත්, දන්නා කෙනෙක්ගේ පුතානේ, පරිස්සං කරන්ඩ හදන්නේ. නැතුව මෙතන වෙච්ච ගුටි කෙලියක් නෑ.

    ReplyDelete
    Replies
    1. ඇනෝ තුමෝ..ඔබ හරි...
      කැප්ටන් හැඩොක් මාජ්ජවේදියාව ආරස්සා කොරන්නයි ට්‍රයි කොරලා තියෙන්නේ හිටන්!

      Delete
  15. නා.හ. පති කිව්වාට මෙයා නාහට නාහන පතියෙකු වගේ.

    මම හිතුවේ එයා එතනට නේවි කියලා: ඒ වුනාට මම ආමි කියාගෙන මැද්දට පැන්නේ. අපි දැන් බොරුව හඳුනගෙන තියෙන්නේ ඇත්ත කියලා. නරක හඳුනගෙන තියෙන්නේ හොඳ කියලා. යුනිෆෝම්, යුධ නැව්, ඉස්කෝල, හමුදා, තග, චන්ඩිත්වය ඔක්කොම පැටලිලා.

    දිනපතා පස්සට යන ගතියක් තමයි තියෙන්නේ.

    ReplyDelete
  16. අපේ හමුදාපති සර්ට මොකුත් කියන්ඩ එපා, හරිය.

    දැන් බලන්ඩ අපේ ජනාධිපති තුමා එනවද කියල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වෙන වැඩ කටයුතු ගැන හොයා බලන්ඩ. හිටපු ජනපති තුමෙක්වත් එහෙම ආවා කියල කවුරුවත් අහල තියෙනවද.
    එහෙව් එකේ, කොච්චර වැඩ රාජකාරි මධ්‍යයේද අපේ හමුදාපති සර් මේකට ආවේ. අයි එයාට ප්‍රශංසා කරන්නේ නැත්තේ.

    අනේ සර් යන්ඩ එපා කියල අර වටේ තුවක්කු එල්ලකරගෙන හිටපු කොල්ලෝ සර්ට පින්සෙන්ඩු උනා . ඒත් මේ අසරණ තරුණ ජිවිතයක් නේද අකාලයේ නැතිවෙන්ඩ යන්නේ කියල හිතලයි අපේ සර් අර මාධ්‍ය කොලුවව එතනින් අයින් කළේ.

    මේවා අපේ ලන්කාවේ අයගේ හැටි. මොනදේ කළත් පෙන්නන්ඩ හදන්නේ එකේ නොපිට.
    දැන් බලන්ඩකෝ බැඳුම්කරේ. වැරදි වැඩේ කරලා කියනවා හොඳයි කියල.

    සර්ටත් තිබුනේ කොළඹට වෙලා ඉන්ඩ.
    කෝ කිව්වට අහන්නේ නෑ නේ.

    ReplyDelete
    Replies
    1. ගන් පයිට් කාන්චනා කිවුවලු හිටන්!

      Delete