Sunday, December 18, 2016

සමාජ ජාලා සීමාකිරීමේ වෑයමක්.....




තොරතුරු දැනගැනීමේ පනතෙන් මේ රටේ මිනිසුන් ට මහ බැණ්කු බැඳුම්කර සිද්දිය ගැන සොයා බැලීම දඬුවම් ලැබිය හැකි වරදක් බවට පත් කල යහපාලන ආන්ඩුවේ අලුත්ම වෑයම facebook, twitter, wiki, youtube, flickr,  google, yahoo වැනි සමාජ ජාලා සීමාකිරීම, අදීකශනය කෙරීම සහ තහනම් කිරීම බවට කටකතා පැතිරෙමින් ඇත.

ලැමබගොනි, රත්තරන් අස්සයෝ, ඩුබායි බැණ්කු ගිනුම්, හෙලිකොප්ටර වැනි ෆේක් නිවුස් සාදා සමාජ ජාලගත කරමින්  71, 88/89 වැනි කාල වකවානු ගැන දැණීමක් නැති නන්ගිලා මල්ලිලා දූ දරුවන් රවටා ඔවුන් ගේ චන්ද ඩැහැ ගත් යහපාලන ආන්ඩුව තමන් කැපූ වලේ තමන් ම වැටේ යන බිය නිසා මේ පියවර ගන්නවා වෙන්නට පුලුවන!

සිදු විය යුතු ලෙසම, වඩාත් ආකර්ශනීය ලෙස විශ්වාශී ෆේක් නිවුස් මවමින් ඒකාබද්ද විරුද්ද පක්සේ ක්‍රියාකාරීන් ඉදිරියට පැමිනෙමින් පවතින බවත්, යහපාලනේ අවන්කව විස්වාස කල අය එහි සැබැ තත්වය වනාහී අති දූශිත හොරාකෑමක්  බව දැනගනිමින් පවතින බවත් වටහාගත් යහපාලන ආන්ඩුව සමාජ ජාලා පාලනය කිරීමට උත්සාහ කිරීම අරුමයක් නොවේ.

කනගාටුදායක සිද්දිය නම් යහපාලකයෝ සමාජ ජාලා සම්පූර්නයෙන් තහනම් කලත් එයට කැමත්ත දක්වමින් එය සාදාරනීකරනය කිරීමට උත්සාහ කරනා උදවිය ද අප අතර සිටීමය!

52 comments:

  1. /*කනගාටුදායක සිද්දිය නම් යහපාලකයෝ සමාජ ජාලා සම්පූර්නයෙන් තහනම් කලත් එයට කැමත්ත දක්වමින් එය සාදාරනීකරනය කිරීමට උත්සාහ කරනා උදවිය ද අප අතර සිටීමය! */
    එහෙම නැතුව පුළුවන්ද අපේ අරක්කු අපිටම කෙලින්න පටං ඇරං නේ හිටං

    ReplyDelete
    Replies
    1. මේවගේ ආණ්ඩුවේ ගූ-තලන සම හරක්ට අනුව, රතුපස්වලට වගකිය යුත්තේ මහින්ද හා ඝෝටය! හැබැයි මාගම්පුරදී ඔක්කොම වැරදියි! ප්‍රවෘති අධ්‍යක්ෂක හරිම කොමිටල්. ඌ අහනවා රිපොර්ටර්ට ගෙව්වද කියල.

      Delete
    2. අරුන පෙරේ-රා කිඅයන පරිදි, කර්ම ඉස් අ බිට්ච් නෙවෙයි කන්ට් බව අත්දැකීමෙන් අවබෝද කරගත් අයෙක් වේ නම් ඒ කකුල් දැකීමෙන් චූන් වෙන රනිල් මිසක් වෙන කෙනෙක් නම් නොවෙයි. '77 දී Crown Prince ලෙස පාර්ලිමෙන්තුවට ආ රනිල් ට අවුරුදු 40 කට පසුත් තවම තම මාමා, තමා වෙනුවෙන්ම හැදූ විදායක ජනාදිපති පුටුවේ ඉඳ ගන්නට ලැබුනේ නැත. '77 දී ගඩා ගෙඩි කඩමින් හිටි ගමරාල කෙනෙක්ද එම පුටුවේ ඉඳවන්නට කඩේ යාමට ඔහුට සිදු විය. නමුත් වෙනත් වෙනත් බොහෝ දෙය මෙන් මෙයද ඔහුට බැරි විය. බටලන්දෙදී තරුනයන් දහස් ගනනනකට දෙතිස් වදය දෙමින් ආතල් ගත් කරුමය පලදුන් හැටි එහෙමය.
      Facebook කර්මය නමැති කන්ට් එකටද ඔහු 2015 දී රිංගා ගත්තේය. අරූ කියනා පරිදි නැවත එලියට ඒමක් නැත. දැන් ඔහුගෙ උත්සාහය ඇතුලුවීම තහනම් කර ගොඩ යෑමය.
      අරූ ට හිරිකොතේදී කර්ම ඉස් අ බිට්ච් නෙවෙයි කන්ට් බව කියා දෙන්නට ඇත්තේද බොහෝ විට රනිල් විසින්ම විය හැක.

      Delete
    3. අපිට Cunt දෙනව නම්
      අපිට bonta දෙනවනම්
      මොනකෙන්ගෙඩියද තව ඕනෙ කොරන්නේ හිටන්?

      Delete
    4. cuntට නොලැබීම නිසාම අපරාධ සිද්ධවෙනවා. ඒ වගෙම බොන්ට නොලැබීම නිසාමත් අපරාධ සිද්ධවෙනවා. මචං ඇනෝ ඒ නිසාම තමයි මම හිතන්නේ කර්ම ඊස් අ කන්ට් කියලා. කාලා බලහං :D

      Delete
    5. බලාගෙන යනකොට අරූ තුමා cuntටත් කැමතියි වගේ. පොනිල්ට කඩේ යන හැටි දැක්කම මම හිතුවේ Ponntට විතරක් කැමති කෙනෙක් කියල. එහෙනම් අරූ තුමාට අකිල ලොක්කට තරඟයක් දෙන්ඩ පුළුවන් වෙයි..අකිල බුවත් Ponntට දක්ශය වුනාට cuntටත් හදනව වෙලාවකට

      Delete
    6. DP .... Double Penetrated would be most suitable for Mr. Aruin Ferreira

      Delete
    7. //////Chicago man Dante Autullo was recovering yesterday after having a nail removed from his brain – which he hadn't known was there.//////////
      ලොක්කා මේ උඹ ගැනද කියන්නේ :D

      Delete
    8. අනේ බන් අරුණ මොනාද බන් මේ කියවන කුණුහබ්බ?
      උඹ යූකේ ඉඳලත් ඕක දන්නෙ නැද්ද බොල? හයි...යෝ.... කුජීතයි නේද? ඩීපී නොදත් එවුන් හොඳයි හේනක පඹයට හිටවන්න.

      මෙන්න තේරුම

      නොදකින් බන් උඹල වගේ සෙවෙලයෝ? ශික්

      Delete
    9. ෂුවර් එකට ඒ උඹ වෙන්න බැහැ ඇනෝ. මොකද තාමත් උඹේ මොළේ ඇණේ කවුරුත් අරන් දාලා නැති පාටයි :D

      Delete
    10. නොදකින් බන් මොළේ ඇණයක් ගැන නෙවෙයි ඕකෙන් කියන්නෙ. උඩ ඇනෝ කාරයා කියන්නෙ වෙන සීන් එකක් ගැන. ඔය සාරසා වගේ බයෝලොජි දන්න ගොබිලෙක්ගෙන් වත් අහල දැනගනින්. යන්නෙ කොහෙද මල්ලෙ පොල්. සාරසාගෙම මල්ලෙ පොල් බොග නිසා හොඳා.

      ඉස්සෙල්ල ඩබල් ඩිස්ටිල් කියල ගැලපෙන්නෙ නැති කුණුහබ්බයක්, දැන් වෙන කිසි සම්බන්ධයක් නැති තව ලබ්බක්, අප්සට් ඩයල් එකක් වගේ. මොකෙක්ද බන් මූ?

      Delete
    11. ගස්ලබු සහ යකඩ ඇණ..තිනර් බෝතලයක් විතරයි අඩු. අද හාඩ්වෙයාර් වහලද? ලෑතර කාලා තියෙනවද. නැත්නම් ලඟම තියෙන සැලොන් එකකට ගියොත් ග්‍රෑම්ස් ගානට ගත්තෑකි. තරහවෙන්න එපා. මට කොහොමත් අවුල්. අඳුනන අය ඒක දන්නවා.

      Delete
  2. සමාජරෝග ජාලානම් සීමා කිරීම නොවේ තහනම් කොලාටම කමක් නෑ.
    ඕව මහ ලෙඩ අප්ප.

    ReplyDelete
  3. මංතුමා සහ සීරියස් ඇනෝතුමාලා එක්වී පොහොට්ටුව පිප්පුවාම සමාජ ජල දාරාවල ඔක්කොම නායකාචාර්යතුමාගෙ එක්සයිටිං දේසනා දානවා

    ReplyDelete
    Replies
    1. ඔහොම ගිහින් ජී එල් පප්පා බුදු වෙයි හිටන්!

      Delete
    2. නැතුව නැතුව. එතුමාගේ දේසනාවලින් ඉන්සොමිනියා සුවකරගත්තු අය එමටයි.

      අර ඇනෝලා මට කියන ඒවයින් මං සකුන්තලාගාමී වෙලා ඕල් රෙඩී ඉඳං. ( අද එන එකක් නැද්ද සරාස්තුමෝ? සීරියස් එයිද, සුද්ද සිංහලෙන් එයිද?. අපිත් ඉතින් Gluttons for punishment නේ :-D )

      Delete
    3. Sa Rasa

      hmmmmmm....

      ඇත්තම තමයි. හරිම අනුවේදනීය බ්ලොග් සටහනක්. මේ සටහන කියවලා මට ඇඬුනා. තාම ඇස් දෙකන් කඳුළු ගලනවා. හැබෑටම සාරස කොහොමද මෙහෙම ලියන්නෙ?

      Delete
    4. සාරස,

      ලංකාවත් එක්ක බලද්දි ඊශ්‍රායලය අපූරු රටක් නේද?

      යුදෙව්බව මුල් කරගෙන හැදිලා පවත්වාගෙන ගියත්, අන්තවාදීන් කොයිතරම් හිටියත්, රජය සෑහෙන්න සෙකියුලර් විදිහට යනවා. බහුතර සමාජයේ ආගමික අන්තවාදයට වැඩි තැනක් නෑ. රට ආරක්ශා කර ගැනීම හමුදාවෙන් හා සමාජයෙන් ඉතා ඕනෑකමින් කලත් ආගම්වාදය අවුට් ඔෆ් කන්ට්‍රෝල් යන්න දෙන්නේ නෑ. ආගමික පූජකයින්ට යුදෙව් බව ආරක්ශාකරන්න කියලා සමාජය පාලනය කරන්න දෙන්නේ නෑ.

      රට සතුරන්ගෙන් වටවී තිබුනත් පහරදීම් කොයිතරම් තිබුනත් දේශපාලනික ප්‍රජාතන්ත්‍රවාදය සෑහෙන්න තියනවා. ආණ්ඩු වෙනස් වෙනවා, පෙරලෙනවා, නායකයින්ට නඩු වැටෙනවා, වන්දනා මාන නෑ, පිට සතුරන් ඉන්න නිසා ඉන්න ආණ්ඩුව රැකගත යුතුයි කියලා නෑ. නායකයින් වෙනස් වෙනවා. ප්‍රතිපත්ති ලොකු වෙනසක් නෑ.

      මේ ගැන ඔබගේ මතය මොකක්ද?

      Delete
    5. අඩේ!!! ෆෑන් කෙනෙක් !!!!!!! :-DDDDD

      Delete
    6. මගේ බ්ලොගේ වැටුණු කොමෙන්ටු වඩා ජනප්‍රිය කරවීම ගැන ඇනෝ තුමාට මගේ බලවත් ස්තූතිය හිමි වේ.

      Delete
  4. ඕන් හිටන් උන්නැහේ ගෙදරින්ම පටන් අරන් හිටන්

    ReplyDelete
    Replies
    1. ජනාදිපොති කම නැති වෙච්චි දාට මැන්ස් ව ගෙදරිනුත් දොට්ට!!

      Delete
  5. සාරස,

    මේවා තහනම් කරන්න වෙන්නේ ඔබලා වැනි අය මේවා අවභාවිතා කරන නිසයි. දැන් බලන්න ඔබ රසිකලොජි බ්ලොගය කරන රසික මහත්මයාට ඔබ කොතරම් අශික්ෂිත ලෙස නින්දා අපහාස කරනවා ද? ඒ මදිවට ඔහු ඇනෝ කමෙන්ට දාන බවට බොරු චෝදනා නගමින් ඔහුට නිරපරාදේ කොතරම් නින්දා අපහාස කරනවා ද?

    මම නම් මොහොතකටවත් හිතන්නේ නෑ රසික වගේ ලොව පුරා සැරිසරා ලෝකය දැකපු දැන උගත් ඉතාම වැදගත් බුද්ධිමත් මහත්මයෙක්ගෙ හිත තුළ ඊර්ශ්‍යාව සහ කුහකකම් වැනි දුර්ගුන ඇතෙයි කියලා අනෙකුත් අයගේ බ්ලොග් සම්බන්ධව. රසික වාගේම මහත්මා ගුණ ඇති තවත් ඉතාම විශිශ්ට උදාර අදහස් ඇති බ්ලොග්කරුවෙක් තමයි අජිත් ධර්මකීර්ති ම්හත්මයා. මේ දෙන්නාට අභූත චෝදනා නඟන්නේ ඇයි කියලා මට නම් කොහොමවත් තේරෙන්නේ නෑ. බාගවෙලාවට මනුෂ්‍යයා තුළ ජීවත් වන ගෝත්‍රික යක්ෂයා සමහර අයවළුන්ගෙන් අනිත් අයට වඩා ඉස්මතු වෙනවා ඇති. එහෙම වුණාම තමයි නොහොබිනා ඇනොනිමස් කොමෙන්ටු දමා ඒවා ඔවුන් විසින් ම රසිකගේ ගිණුමට බැර කරන්නේ. මම හිතන්නේ රසික සහ අජිත් ධර්ම ඔවැනි චෝදනා හමුවේ විශිෂ්ට විදියට හැසිරෙනවා. එම දෙපළට අප සැමගේ ගෞරවය හිමිවිය යුතුමයි.

    සාරස ඔබට එම වැදගත් මහත්වරුන් ගෙන් හොඳ ආදර්ශයක් ගත හැකි යි. ඔබගේ කාලකණ්ණි මරාවාදේ ගෝත්‍රික අමු ගොබ්බ මතවාදය සමඟ එකඟ වෙන්න බැරි වුණත් ඔබ විරුද්ධව කොමෙන්ටු වලට මීට වඩා සාර්ථකව මුහුණ දෙන ආකාර්ය ඔවුන්ගෙන් ඉගෙන ගන්න.

    සාරස, ඔබ දියුණු වෙමින් සිටින ආධුනික බ්ලොග්කරුවෙක්. ඇනොනිමස් කොමෙන්ටුවලට සැලෙන්න එපා. ඒ කොමෙන්ටු දැම්මේ අහවලා කියලා විවිධාකාර මනස්ගාත හිතේ මවාගෙන වැදගත් ජ්‍යෙෂ්ඨ බ්ලොගකරුවන්ට නිකරුණේ අපහාස කරන්න එපා. ඔබේ කාර්යය දිගටම කරගෙන යන ගමන් රසික සහ අජිත් වැනි විශිෂ්ටයන්ගෙන් ඉගෙන වඩා හොඳ බ්ලොග්කරුවෙකු වන්න.

    ReplyDelete
    Replies
    1. ගරු කටයුතු ඇනෝ තුමනි,

      අර සිඳු කතාවේ ඉන්නා සරණ පූසා මෙන් හදන්නට අමාරු සරස තුමා ගේ වෙල්බීනය ගැන ඔබතුමා ගේ කොන්සර්නය දැක මගේ හද කම්පාවිය. දැණ් මා කොලඹ ජාතික රෝහලේ හර්ද චිකිත්සක ඒකකය වෙත ඇතුලත්වීමට බලාපොරොත්තු වෙමි.

      ඔබ තුමා ඔයි කියනා ජේශ්ටත්වය කුමක්දැයි සරස තුමා ට නොවැහැටේ....... ඔයි කියනා ජේශ්ටයන් දෙදෙනාටම පොදු කාරණය වන්නේ දිලිසෙන තට්ටයක් තිබීමය. සමහරවිට ඔබ ජේශ්ටත්වය යනුවෙන් අදහ්ස් කොලේ තට්ටය පෑදීම වෙන්නට පුලුවන.

      පිස්සන්කොටුවේ නේවාසික රෝගීන් ද කලින් ම රෝහලට පැමින දිගටම රැඳී සිටින්නන්ට කියන්නේ ද ජේශ්ට පිස්සෝ කියා බව ඔබට මතක් කොර දීමට කැමැත්තෙමි! හැබැයි ජේශ්ට පිස්සන් හැම එකාම තට්ටයෝ නොවේ හිටන්!

      මීට කනිශ්ට පිස්සෙකු වන සරස තුමා.

      Delete
  6. අන්තර්ජාල සේවාවන්ගේ ව්‍යාප්තියත් සමග ඉතාම මෑතක දී නිර්මාණය වූ සමාජ ජාල වෙබ් අඩවියක් වශයෙන් ෆේස් බුක් (Face book) හෙවත් ‘මුහුණු පොත’ හැඳින්විය හැකිය. ෆේස්බුක් හැරුණු විට එවැනි සමාජ ජාල වෙබ් අඩවි රාශියක් ම ෆේස් බුක් නිර්මාණයෙන් පසුව බිහි විය. ෆේස්බුක් තරමටම ජනප‍්‍රිය සමාජ ජාල වෙබ්අඩවි ලෙස’twitter' සහ ’twoo’ සැලකේ. ඇතැම් සමාජජාල වෙබ් අඩවි වෘත්තිකයන් විසින් ද බහුලව භාවිත කෙරේ. නිදසුන් ලෙස ’Gate’ සහ ’Linkedin’ පෙන්වා දිය හැකිය. ශ්‍රී ලාංකික සමාජ සංදර්භය වෙතින් ඉතාම මෑතක පැනනැගුණු සිදුවීම් ඔස්සේ සමාජ ජාල වෙබ් අඩවි සහ ඒවායේ සමාජ බලපෑම පිළිබඳ කතිකාවක් නිර්මාණයවී තිබේ. සමාජ ශාස්ත‍්‍රීය දෘෂ්ටිකෝණයකින් සමාජ ජාල වෙබ් අඩවි සහ ඒවායේ සමාජ බලපෑම් පිළිබඳව විමසා බැලීම මෙම ලිපියෙන් අපේක්‍ෂා කෙරේ.
    ඇමෙරිකා එක්සත් ජනපදයේ ‘ළමා චිකිත්සාව පිළිබඳ විද්වත් පර්ෂදය’ (The American Academy of Pediatrics) විසින් ෆේස් බුක් ඇතුළු සමාජ ජාල වෙබ් අඩවි පිළිබඳ කරන ලද පර්යේෂණයක ප‍්‍රතිඵල ’Pediatrics’ නමින් හැඳින්වෙන සඟරාවෙහි පළ කර තිබුණි. එහි දැක්වෙන අන්දමට නව යෞවන යෞවනියෝ දවසකට දහ වරක් හෝ ඊට වැඩි වාර ගණනක් සිය ප‍්‍රියතම සමාජ ජාලයෙහි සැරිසරති. වර්තමානයෙහි අන්තර්ජාලයට ප‍්‍රවිශ්ට වීමට පරිගණකයක් අත්‍යවශ්‍ය නැත. බොහෝ නවීන දුරකථනවල අන්තර්ජාල පහසුකම් ඇති බැවින් අන්තර්ජාල ප‍්‍රවේශය පහසුවී ඇත. අනෙක් අතට වැඩිහිටියන්ට සාපේක්ෂව තරුණ පරම්පරාව නවීන තාක්ෂණයෙන් යුක්ත දුරකථන සහ වෙනත් විද්‍යුත් උපාංග භාවිතයට නැඹුරුවී ඇත. එබැවින් දිනකට සමාජ ජාල වෙබ් අඩවිවලට ප‍්‍රවේශ වන නව යෞවන යෞවනියන්ගේ සංඛ්‍යාව ඉහත දැක්වෙන සංඛ්‍යා ලේඛනවලට සාපේක්ෂව ඉහළ අගයක් ගනු ඇත. මෙම ප‍්‍රවණතාවයෙහි සාධනීය මෙන්ම නිශේධනීය සමාජ බලපෑම් දක්නට ඇත.

    ReplyDelete
    Replies
    1. සමාජ ජාල වෙබ් අඩවි වෙත නැඹුරු වීම ඔස්සේ මිතුරු සමාජයක් ගොඩ නගා ගැනීමට ඒ කෙරෙහි යොමු වන තැනැත්තාට හැකියාව ලැබේ. ඒ ඔස්සේ නොදන්නා අධ්‍යාපනික කරුණු සාකච්ඡුා කිරීමට මෙන්ම ලෝක තතු විමර්ශනයට අවස්ථාව උදා කරගත හැකිය. විශේෂයෙන්ම තම රටට හෝ සංස්කෘතියට අයත් නොවන මිතුරු මිතුරියන් හෝ සමාජ සංවිධාන හඳුනා ගැනීම හරහා සංස්කෘතික සම්පර්කයක් ගොඩ නගා ගැනීමට ද ඔවුනට හැකි වනු ඇත.
      එහෙත් ෆේස් බුක් ඇතුළු සමාජ ජාල වෙබ් අඩවි භාවිතයෙහි නිශේධනීය පැත්තක් ද දක්නට ඇත. මන්ද මීට කලකට ඉහත, වෙල් ඉපනැල්ලේ, වැව් තාවල්ලේ සහ ගේ ළඟ පිටියේ කෙළිදෙලෙන් සිටින සිය දු දරුවන්ගේ මිතුරු මිතුරියන් මව්පියන් ද හොඳින් දන්නා හඳුනන පිරිස්ය. එහෙත් ෆේස් බුක් ඇතුළු සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ හමුවෙන මිතුරු මිතුරියන් ඇතැම් විට මව්පියන් තබා එකී දරුවන්ද නිසි ලෙස නොහඳුනන කණ්ඩායම්ය. ඇතැම් විට නියම නම්, ගම්, ස්ත‍්‍රී, පුරුෂභාවය ආදිය වසන් කරන අවස්ථා දැකිය හැකිය. මෙවන් පසුබිමක සිය දරුවන්ගේ යහලූ මිත‍්‍රාදීන් පිළිබඳව නිසි සොයා බැලීමක් කිරීමට මව්පියන් ඇතුළු වැඩිහිටියන්ට අසීරුය.
      විවිධ සමාජ හා වෙළෙඳ සංවිධාන, දේශපාලනඥයන්, කලාකරුවන්, ක‍්‍රීඩකයන්, ග‍්‍රන්ථ කර්තෘවරුන්, සමාජ විශ්ලේෂකයන් මෙන්ම විද්වතුන් ද ෆේස් බුක් ඇතුළු සමාජ ජාල වෙබ් අඩවි භාවිතා කරන ආකාරය දක්නට ලැබේ. ඉතාම අඩු පිරිවැයකින් සහ කෙටි කාලයකින් සිය පණිවුඩය හෝ වෙළෙඳ ප‍්‍රචාරණ දැන්වීම විශාල ග‍්‍රාහකයන් පිරිසක් අතරට රැුගෙන යාම පහසු කර වන බැවින් ඔවුහු සමාජ ජාල වෙබ් අඩවි වෙත වැඩි වැඩියෙන් නැඹුරුවී ඇත. මේ අනුව බලන විට ෆේ්ස් බුක් යනු හුදෙක් තරුණ පරම්පරාවට පමණක් ලඝු වන සමාජ භාවිතයක් නොවන බව පෙනී යන්නේය. මේ හේතුව නිසාම ෆේස් බුක් ඇතුළු සමාජ ජාල වෙබ් අඩවි මඟින් සමාජයට කරන බලපෑම උග‍්‍ර කර ඇත.

      Delete
    2. විශේෂයෙන්ම නව යෞවන වයසේ පසු වන්නන් සහ කුඩා දරුවන් කෙරෙහි සමාජ ජාල වෙබ් අඩවිය මඟින් සිදු වෙන නිශේධනීය බලපෑම වැඩිය. තමන් නොදන්නා අය සිය යහලූවන් ලෙස සිය සමාජ ජාලයට එකතු කර ගැනීම හරහා සිය වයසට හා අත්දැකීම්වලට නොගැලපෙන අය ඇසුරට කුඩා ළමයින් හා යෞවන යෞවනියන් යොමු වේ. විවිධ මානසික හා කායික රෝගවලින් පෙළෙන වැඩිහිටි පුද්ගලයන් සිය පහත් ආශා ඉටුකර ගැනීමට ෆේස් බුක් හෝ වෙනත් සමාජ ජාලයන් ඔස්සේ ඇසුරට වැටෙන අත්දැකීම් නොමැති එහෙත් කුතුහලයෙන් පෙළෙන නව යෞවන යෞවනියන් පහසුවෙන් පොළඹවා ගැනීම් පිළිබඳ මාධ්‍ය වාර්තා නිතර දක්නට ලැබේ.
      කාර්යබහුල ජීවිත ගත කරමින් මුදල් සහ සමාජ තත්ත්ව පසුපස හඹා යන බහුතරයකින් සමන්විත වර්තමාන වැඩිහිටි පරම්පරාවකින් දරුවන්ට අවශ්‍ය කරන නිසි පෝෂණ අවශ්‍යතා සහ අධ්‍යාපනික අවශ්‍යතා ඉටුවුවත් දරුවන්ට අත්‍යාවශ්‍ය නිසි රැකවරණය සැපයෙන්නේ නැත. අනෙක් අතට දරුවන්ට පාසල් සහ පෞද්ගලික අධ්‍යාපනය ලබාදීම සිය සමාජ ජීවිතයේ ඒකායන පරමාර්ථය ලෙස සලකන දෙමව්පියෝ දහම් පාසල් අධ්‍යාපනය, පාසල් ශිෂ්‍ය භට, බාලදක්ෂ, යෞවන සමාජ කටයුතු සහ සර්වෝදය වැනි සමාජ අධ්‍යාපන ආයතන සහ වැඩසටහන් වෙත සිය දරුවන් යොමු කිරීමට මැලිකමක් දක්වති.

      Delete
    3. සමාජ ජාල වෙබ් අඩවිවල නිරන්තරව සැරි සරන්නන් ‘ෆේස් බුක් විෂාදිය’ (Face book Depression) නමැති මානසික රෝගයට ගොදුරුවීමේ අවදානමක් පවතින බව ද ආචාර්ය ග්වෙන් ඔ’කීප්ෆෙ (Dr. Gwenn O’Keeffe) පෙන්වා දී ඇත. මෙය ෆේස් බුක් ඇතුළු සමාජ ජාල වෙබ් අඩවි අධි භාවිතයෙහි භයානක සමාජ බලපෑමක් ලෙස හඳුනාගත යුතුව ඇත. ගෝලීයකරණ ප‍්‍රවාහය අපට නවතාලිය නොහැකිය. එය නැවැත්විය යුතු ද නැත. එහෙත් එයට ශක්තිමත්ව මුහුණදීමට හැකි වන පරිදි අක් මුල් සහිත නැණවත්, ගුණවත් තරුණ පම්පරාවක් අපි බිහි කර ගත යුත්තෙමු. ඒ සඳහා අධ්‍යාපන ආයතනවලත්, ආගමික ආයතන ඇතුළු සමාජ ආයතනවලත්, තරුණයන් සඳහා වූ වැඩසටහන්වලත්, ආණ්ඩුවේත් සමස්තයක් ලෙස මුළු මහත් සමාජයෙත් අවධානය යොමුවීම අත්‍යාවශ්‍ය වේ.

      Delete
  7. හිතවත් සාරස,

    බලාගෙන ගියාම ඒකෙත් ඇති වැරැද්දක් නැහැ නේද? උදාහරණ ලෙස බ්ලොග් ගැන සලකා බලමු.
    බ්ලොග් නිසා සිදු වී ඇත්තේ, ඉස්සර රස්තියක් ගහන ගමන්, ඩ්රින්ක් එකක් දමන ගමන්, ඔහේ කියවා අමතක කර දමන, කයිවාරු වලට ලිඛිත මාධ්යයක් සහ එම නිසාම කිසියක් දීර්ඝකාලීන පැවැත්මක් හිමිවීමයි. එහි ලොකු වරදක් නැත. ඉංග්රීසියෙන් බ්ලොග් යනුවෙන් හඳුන් වනු ලබන්නට, සිංහල වචනයක් අවශ්යනම්, "ලිඛිත කයිවාරු" යන වචනය ඒ සඳහා සුදුසු යැයි සිතේ.

    Blog post/ කමෙන්ට් දමා ඇති අය දෙස, එනම් ඔවුන් ලියන දේ දෙස බැලූ විට පෙනෙන්නේ, පිටරටවල ට සංක්රමණය වී ඇති සමහරුන්ට තම තමුන්ගේ බොරු පුරාජේරුව කියවමින් ලොකුකම පෙන්වීමට සිංහලෙන් කයිවාරුවක් ගැසීමට අවශ්ය වූ විට, ඔවුන් ට ඒ සඳහා සුදුස්සෙකු හමු නොවේ නම්, ඔවුන් ලිඛිත කයිවාරුවක් ගැසීම සඳහා සිංහලෙන් බ්ලොග් ලිවීමට පෙළඹී ඇති බවයි. (තවත් සමහරුන් ට බ්ලොග් ලිවීම ආදායම් මාර්ගයක් වී ඇති බව ද මේ වන විට හෙළිදරව් වී ඇති නමුත් එය වෙනම කරුණකි. රස්තියාදු ගහන, ඩ්රින්ක් එක දාන තැන් වල ද, ආණ්ඩුවලට බනින, ආණ්ඩුවලට මුක්කු ගහන, අය කොතෙකුත් සිටිති. එහෙත් එම කයිවාරු වලට බ්ලොග් වලට මෙන් දීර්ඝ කාලීන පැවැත්මක් හිමි නොවන නිසා, එම කයිවාරු වලට ගෙවීමක් හිමි නොවේ.)

    බ්ලොග් නොහොත් ලිඛිත කයිවාරු නිසා, ඇතමුන් ගේ, මානසික අර්බුද ද, තවත් අය ගේ ආර්ථික අර්බුද ද, තවත් අය ගේ සම්මාන අවශ්යතා ද ආදී ප්රශන විසඳෙනවා විය හැක. නමුත් මේ කයිවාරු වලින් සමාජය ට එල්ල වන බලපෑමක් නොමැති වෙයි. එසේ කයිවාරු වලින් සමාජයට බලපෑමක් එල්ල වනවා නම්, සමාජය වෙනස් වනවා නම්, මේ වන විට, රස්තියාදු ගහන විට, ඩ්රින්ක් එක දාන විට, ගසා ඇති කයිවාරු වලින්, විප්ලව කිහිපයක් ම සිදු වී තිබිය යුතුය. නමුත් එසේ සිදු නොවන අතර, එකී කයිවාරු වලට ලිඛිත පැවැත්මක් හා ඒ නිසාම දීර්ඝ කාලීන පැවැත්මක් හිමිවුනාය කියා අමුතු වෙනසක් සිදු නොවේ. වෙනසක් වුනා නම්, ඒ, කථික කයිවාරු වලින් වෙලාව නාස්ති වුනේ ටික දෙනෙකු ගේ නම්, ලිඛිත කයිවාරු නිසා වැඩි දෙනෙකු ගේ වෙලාව නාස්ති වීමයි.

    එහෙත් ඊට වඩා කිවයුතු වෙනස නම්, ඩ්රින්ක් එක දාන තැන්වල, රස්තියාදු ගහන තැන්වල, ගහන කයිවාරු වලට සම්මාන දියයුතුයැයි කිසිවකුත් අපේක්ෂා නොකරති. එවැනි තැනකට කෙනෙක් ඇවිත් මෙන්න හොඳම කයිවාරුව ට හිමි සම්මානය කියා සම්මානයක් දුන්නොත් ඇති වන තත්වය කුමක් ද? අඩු ගානේ එසේ කයිවාරු ගහපු අයවත් ඒ සම්මාන බාර ගනීවිද? නමුත් මේ ලිඛිත කයිවාරු කාරයින්, තමන් සම්මාන සඳහා සුදුසු යැයි සිතති; සම්මාන දිනා ගැනීමේ ක්රම සොයා බලති; සම්මාන බාර ගනිති. මේ ලිඛිත කයිවාරු සඳහා සම්මාන දීමට කටයුතු කළ විනිශ්චය මණ්ඩලය රහසක් නම්, එය අරුමයක් නොවේ. මක් නිසාද යත්, මේ බ්ලොග් ලියන අය සහ ඒවා කියවන අය ගැන මෙන්ම, ඒවා සම්මාන වලට තෝරන විනිශ්චය මණ්ඩලය ගැනද යමක්, මේ බ්ලොග් නොහොත් ලිඛිත කයිවාරු වලින් කියැවෙන බැවිනි.

    නමුත් සම්මාන උළෙලවල් පවත්වා, සම්මාන උළලේ භාණ්ඩාගාරික විසින් විනිශ්චය මණ්ඩලයේ කටයුතු ඉටු කරන සම්මාන ප්රධානයන් හෝ සිදු කිරීම, නිසා, බ්ලොග් නමින් සිදු කෙරෙන විකාරය, විගඩමක් බවට පත් වී තිබේ.

    බ්ලොග් වලට සම්මාන දෙනවා නම්, ඩ්රින්ක් එක දාන තැන් වල, රස්තියාදු ගහන තැන් වල, ගහන කයිවාරු වලට ද සම්මාන දිය යුතු වේ. බ්ලොග් වල ඇති සියල්ල, එනම් පැරණි මතක, ක්ෂණික ප්රබන්ධ (ඇතැම් විට පද්ය), සමාජය පිළිබඳ අති සරල විචාර, කියවූ පොත්වල තිබූ පොඩි පොඩි කෑලි, ආදිය ඉහත තැන් වල ද තිබේ. නමුත් ඒවාට සම්මාන දෙන්නේ නැත.

    ReplyDelete
    Replies
    1. බ්ලොග වල කයිවාරු ගහන සංක්‍රමණික ශ්‍රී ලාංකිකයින්ගේ සින්ඩ්‍රෝමය මාත් නිරීක්ෂණය කර තිබේ. ඒ ගැන මගේ පැහැදිලි කිරීම මෙසේයි;

      බටහිර රටවලට සංක්‍රමණය වන බොහෝ ආසියාතිකයන්ට ඒ රටවල සමාජයේ එක් මට්ටමකින් එහාට යා නොහැකි වේ. විවිධ අවස්ථාවල දෙවන පංතියේ පුරවැසියන් ලෙස සැලකුම් ලැබීමට සිදුවේ.

      එහෙත් බොහෝ ආසියාතිකයෝ ඒ බවක් නොකියති. ඒ ලැජ්ජාව හෝ වෙනත් එවැනි දෙයක් නිසා නොව, ඒ ගැන විරෝධයක් ඔවුන් ගේ නොමැති බැවිනි; එය සාමාන්‍ය තත්වය යැයි සිතීමට ඔවුන් පුරුදු වී ඇති බැවිනි; ඔවුන් ට එහි වරදක්, අමුත්තක්, අසාධාරණයක් නොපෙනෙන බැවිනි.

      මේ ගැන දිය හැකි හොඳ උදාහරණයක් නම්, ශ්‍රී ලංකාවේ දෙමළ භාෂාව රාජ්‍ය භාෂාවක් නොවීම ගැන කලබල වන දෙමළ ජාතිකයන්, එංගලන්තයේ දී දෙමළ භාෂාව රාජ්‍ය භාෂාවක් ද නැද්ද යන්න ගැන සැලකිලිමත් නොවීමයි. සුද්දො දෙවන පංතියේ නෙමෙයි තුන්වන පංතියේ පුරවැසියෝ විදියට සැලකුවත් ඒක එච්චර ප්‍රශ්නයක් නෙමෙයි.

      නමුත් මේ අය තමන් නිවාඩුවට ආවම ලංකාවේ ඥාතීන්/ මිත්‍රයින් ඉදිරියේදීත්, එහෙමත් නැත්නම් ෆේස්බුක් හරි බ්ලොග් වල හරි කයිය ගහන්නේ / ලියන්නේ නම් තමන් ඉන්නේ අතිශය සුපිරි අති විශිෂ්ට සුර ලොවක බවත් එම රට අති සුපිරි සුර ලොවක් බවත් ලංකාව මිහිපිට අපායක් නිසා "තුඃ නොදකින් මේ රට නම් හැදෙන්නෙම නැහැ" කියාත් බරපතල ආත්ම වංචනයක් කරගනිති. මෙය ඇතැම්විට හීනමානය නිසා විය හැකිය.

      Delete
    2. පිටරටවල දෙවැනි පන්තියේ පුරවැසියන් ලෙස ජිවත් වන නිසා කයිවාරු බ්ලොග් ලියන අයගේ ගෞරවය කොල්ල කෑමට 2017 වසරේද බ්ලොග් සම්මාන උළෙල පවත්වනු ලැබේ. ඔබේ යෝජනා එවන්න.

      Delete
    3. // පිටරටවල දෙවැනි පන්තියේ පුරවැසියන් ලෙස ජිවත් වන නිසා කයිවාරු බ්ලොග් ලියන අයගේ ගෞරවය කොල්ල කෑමට 2017 වසරේද බ්ලොග් සම්මාන උළෙල පවත්වනු ලැබේ. ඔබේ යෝජනා එවන්න. //

      ප්‍රදාන අමුත්තා ලෙස අර්ජුන් මහේන්ද්‍රන් ගෙන්වමු. සිරිකොතේ දී සම්මාන උලෙල පවත්වමු.

      මට සම්මානයක් දුන්නේ නැත්නම් අජ්ජා මැරුනත් කොලපාට යූ ඇණ් පී කාරයෙකු ලෙස දුටු තැණ මඩ ගසනා බව කරුනාවෙන් සලකන්න හිටන්!

      Delete
    4. විනිච්ච මණ්ඩලේට කියහන් බං. මම මේ කල්පනා කොලේ උඹේ බ්ලොගේ මොන කැටගරියද කියල? මඩකරි එකද මඩනාන එකද මඩ ගහන එකද?

      Delete
    5. මහින්ද මහත්තයා ගේ කැටගරියේ හිටන්!

      Delete
    6. සාරස,

      මම ඉහත ඇනෝලා ගේ සංක්‍රමණික සිංඩ්‍රෝම කතාවට පාර්ශ්විකව එකඟයි. බටහිර රටවල උසස් රැකියා, තනතුරු හෝ ධනවත් ව්‍යාපාර හිමි ආසියාතිකයින් සිටිති. නමුත් එම රටවලට රිංගාගෙන යාන්තම් ජාමෙ බේරාගෙන සිටින්නන් අතර මෙම තත්වය වෙසෙසින් දකින්නට ලැබේ.

      වඩාත් පැහැදිලිව සහ මෝඩ ලෙස මෙය පෙන්වන්නේ මැදපෙරදිග ගොස් පැමිණෙන කාන්තාවන්ය. නමුත් ලංකාවේ පොත් කටපාඩම් කොට නොමිලේ අධ්‍යාපනය ලබා හෝ පැරණි සෝවියට් ශිෂ්‍යත්ව ක්‍රම හරහා ලබාගත් තම උපාධි සහතිකයේ පිහිටෙන් ඔස්ට්‍රේලියාව, එංගලන්තය වැනි රටවලට රිංගා යම් යම් සුළු රැකියා කරන ඇතැමුන් තුළ මෙම සින්ඩ්‍රෝමය බහුල වශයෙන් දැකිය හැකිය.

      Delete
    7. // නමුත් ලංකාවේ පොත් කටපාඩම් කොට නොමිලේ අධ්‍යාපනය ලබා හෝ පැරණි සෝවියට් ශිෂ්‍යත්ව ක්‍රම හරහා ලබාගත් තම උපාධි සහතිකයේ පිහිටෙන් ඔස්ට්‍රේලියාව, එංගලන්තය වැනි රටවලට රිංගා යම් යම් සුළු රැකියා කරන ඇතැමුන් තුළ මෙම සින්ඩ්‍රෝමය බහුල වශයෙන් දැකිය හැකිය. // බොහොම ස්තුතියි ඇනෝ. මට වෙන්න ඇති කියන්න ඇත්තේ. සෝවියට් ශිෂ්‍යත්වය ආඩම්බරයක්. ලෝකයේ හොඳම විශ්ව විද්‍යාලයක මොස්කව් විදුලි බල ආයතනයේ ඉගෙන ගැනීම් ආඩම්බරයක්. ඒ වගේම එංගලන්තයට පැමිණ ක්වින් මේරි වැනි විශ්ව අවිද්යාලය ඉගෙනීම ලැබීම ගැනත් ආඩම්බරයක් එංගලන්තයේ සුළු රැකියාවක් කරගෙන ලනක්වේ සහෝදර සහෝදරියන්ට හා වෙනත් අයට උදව් කරන්නට ලැබීම ආඩම්බරයක්. ඔහෙලා වගේ අයගේ හිත්වල ඉරිසියාව ක්‍රෝධය වෛරය ඇති කරන්නට හැකිවීම ජයග්‍රහණයක් වගේම කනගාටුවටත් කරුණක්. ඇමෙරිකාවේ ගිය අය විතරක් උසස් නම් එහෙම හිතා ගන්න. අපි කොහෙවත් තවම පැරදිලා නම් නැහැ.

      Delete
    8. හිතවත් අජිත් මහතාණෙනි,

      පියර්සන් ජාත්‍යන්තර ගුවන්තොටට බ්‍රැම්ප්ටන් දෙසින් ගුවන් නැවක් ගොඩබසින හිමිදිරි පාන්දරම (දැන් වෙලාව 6.42 පෙ.ව.) ඔබට ලියන්නේ ඔබගේ සිත රිදී ඇති බැවිනි.

      සංවර්ධිත බටහිර රටකට සංක්‍රමණ්ය වූවා කියා සංවර්ධනය වෙමින් පවතින ලංකාවට ගැරහීම දීන කමකි. මට හැඟුණේ එවැන්නක් ඔබගේ එක් පෝස්ට් එකකින් දැක්වෙන බවකි. ඔබ එසේ අදහස් නොකලානම් ඉතාම කරුණාවෙන් සමාව ඉල්ලා සිටිමි.

      කෙසේ නමුදු මා ඔබ පහත් කිරීමට අදහස් නොකල අතර අවශ්‍ය වූයේ එම අදහස විවේචනයයි. ඔබ අර කුප්‍රකට ඔස්ට්‍රේලියානු ජඩ බ්ලොග්කරුට වඩා යහපත් අයෙකු බව සිතමි. ස්තූතියි.

      Delete
    9. නැහැ මල්ලියේ හිත රිදිලා නැහැ. මේ උදේ පාන්දර ප්‍රා එක්ක සොමියේ වදනක් හුවමාරු කරගත් ගමන් ඔෆිස් එකට ඇවිත් ලියන්නේ. ඔය ඇමෙරිකන් මාන්නය ගැන මම එකක් ලියා තියනවා. මෙතන හිනාවෙන්න කියවන්න.
      පීචං අමෙරිකන්ලා හා තවත් කතා - 1
      වැඩිය ගණන් ගණන් එපා විහිලුවටත් එකකයි ලියල තියෙන්නේ.

      Delete
    10. ලංකාව, රුසියාව, ඇමෙරිකාව, හෝ එංගලන්තය වැනි රටවල් යම් යම් දේශපාලන ක්‍රියා හෝ සමාජීය සිරිත් විවේචනය කිරීම එම සමාජ හෝ රටවලට ගැරහීමක් නොවේ. මිට වසර 10 පමණ පෙර මම එංගලන්තයේ කෑම ගැන විවේචනය කළ අවස්ථාවක මා සමග වැඩ කල ඉංග්‍රීසි ජාතිකයකු "මා ආපු තැනකට යන්නේ නැත්තේ ඇයිදැයි ඇසුවේය" . රැකියාවේ සිටිමින් බදු ගෙවමින්, චන්ද අයිතිය ඇති මා හට එසේ කීමට නොහැකි ඇයිදැයි අසා ඔහු කිවේ රේසිස්ට් දෙයක් යයි මම ඔහුට පැවසුවෙමි. පසුව ඔහු මගෙන් ඒ පිළිබඳව සමාව අයැදුවේය. ස්කොට් නමැති ඔහු අදත් මගේ මිතුරෙකි. එවැනි ප්‍රශ්න ඇතිවේ. එය සාමාන්‍ය දෙයකි.

      Delete
    11. //සෝවියට් ශිෂ්‍යත්වය ආඩම්බරයක්// 1980 දශකයේ සෝවියට් ශිෂ්‍යත්ව දිනපු මම දන්න කීප දෙනෙක්ම උසස් පෙල වැඩ 4 වත් සමත් වූ අය නෙවෙයි. නමුත් ඔවුන්ගෙ දෙමව්පියන් එක්කෝ එවකට දෙශපාලකයින්ය නැත්නම් අමාත්‍යාංශ වල ඉහල තනතුරු දැරූ නිලදාරීන්ය. අජිත් මේ කාන්ඩයේ නොවේ යයි සිතමි
      70 දශකය ගැන කියන්නට නොදනී. 90' පහත තත්ත්වය ඊටත් වඩා බරපතලය. '90 උසස්පෙල ගනිත් අංශයෙන් මම 2*A&1*B ක් ගත් විට අප පංතියේ සිටි S2ක් ගත් අයකු මට කීවේ උබට කලින් මම ඉන්ජෙක් වී ලංකාවට එන බවය. අවුරුදු 3ක් ගෙදර සිට විශ්වවිද්‍යලයට ගොස් ජෙප්පන්ට පිං සිදු වන්නට තව අතිරේක කාලයක්ද ගත කර එලියට එන විට ඇත්තෙන්ම ඔහු ඔට්ටුව ජය ගෙන තිබිනි. (නමුත් අපි අදටත් හොඳ යහලුවන්ය.)
      එවැනි අයගෙන් බොහෝ දෙනා පසුව Professional සමාජයට මුහුන දීමේදී ඇති වන හීන මානය නිසා තවත් කුමක් හෝ ගැටයක් ගසා ගෙන ඇමෙරිකාව, එංගලන්ත්ය වැනි රටකට පැන ගනී. ඉන් පසු ලන්කාවටත්, සිංහල්යාටත්, බෞද්ද්යාටත් ගරහා පොරක් වීමට දඟලයි. අද දවසේ ඊට හොඳම උදාහරනය චන්ද්‍රිකාය

      Delete
    12. Ano you are correct in some aspects . I am in another country and I type this in my mobile . Sorry about that . I wrote about me in my blog post titled 'thaththa' . There u wrote about the choices I had in 1983. After advanced level exam I left to ussr . I don't know how I got it . I think as you correctly said when they want to send their children they sent people like us too just to show some fairness perhaps . I saw lot of unp ministerial connections . I saw communist party people I saw slfp people . Then again in my uni they was a guy with 4xA s . He is now teaching in open uni. My ideas about Buddhism , (please read my blog ) politics shaped when I was studying in rc as well as in Sl. They are nothing new . Just enhanced .

      Delete
    13. This comment has been removed by the author.

      Delete
    14. I typed some gibberish from the mobile phone. Correction.//I was upset when I realised some of these people's results . But then again when I did my A/L, students who had same marks as me got to moratuwa uni from places like Gampaha while I could get only to Colombo uni . Students who got much lower results got admissions to uni despite better results were seen in Colombo and Jaffna . These district basis fellows completed their degrees fine. Some of them are professors, consultants etc . That taught me something else . Those with less results in Sri Lankan A/L not necessarily are idiots . They can turn around later to be good professionals . Same way some students with not so good results End up in UK and US and do really good. Therefore all thei A/L results how good you did that one single exam is not that relevant at the end of the day.

      Delete
  8. සමාජ ජාල වලට ඕනෑවට වඩා ඇබ්බැහි වීම නරකක්. නමුත් දැන් තියෙන දේ අයින් කරන්න, තහනම් කරන්න ගියොත් , ආණ්ඩුවට හුඟක් ප්‍රශ්න ඇති වෙයි. එවැනි දෙයක් නොකර ඉන්න තරමට හොඳයි.

    ReplyDelete
    Replies
    1. සමාජ ජාලා වලින් රාජපක්ෂ පල් හොරුන් එලවාදැමීමට වූ සේවය වෙනුවෙන් ඊට ස්තූති කලයුතුයි. නමුත් ගඟෙන් එගොඩවුණාට පසු ඔරුව කර තබා යායුතු නැහැ. බුකිය මෙන්ම බ්ලොග් ද තහනම කොට සීමිත බ්ලොග කිහිපයකට පමණක් අවසර දිය යුතුයි. සිංහල බ්ලොග් කියන්නේත් ගේම් ආකරයක් තමයි. විශේෂයෙන් අනික් උන්ට ගේම් දෙන. පිටරට සිටින සිංහල ඩයස්පෝරා ලාංකිකයින්ගෙන් ඇතැමුන් බ්ලොග් කෙරුවාවේදී හැසිරෙන අයුරු, දෙන ගේම්ස් නම් ඇත්තටම හිරිකිතයි.

      Delete
    2. //සමාජ ජාලා වලින් රාජපක්ෂ පල් හොරුන් එලවාදැමීමට වූ සේවය වෙනුවෙන් ඊට ස්තූති කලයුතුයි.// ඒ විතරක්යැ ඔස්ට්‍රලියාවේ, චීනයෙ නම රැන්දූ සිරිසේන-වික්‍රමසිංහ පල් හොරුන් හා මිනීමරුවන් බලයට ගෙන ඒමට වූ සේවයටත් ස්කුති කල යුතුයි

      Delete
    3. @AnonymousDecember 20, 2016 at 10:15 PM,

      පහුර කරේ තියන් නොගියට, ඒක කඩලදාන්න හරි වෙන කාටවත් පාවිච්චි කරන්න බැරිවෙන්න බැඳලා දාන්න හරි කිව්වේ නැහැනේ, ඒ වගේ කරන ඒක හරි නැහැනේ. ඒවගේම කියල තියෙන්න අසත්‍යය සත්‍යයෙන් දිනන්න කියලනේ. ඉතින් ආණ්ඩුවට තියෙන්න පැරාලට, ඉයන්ලාට, මාතලන්ලාට, අජියලාට උත්තේජන දීලා "සත්‍යය" ප්‍රචාරය කිරීමයි. සරසල අනෙත් පැත්තෙන් වැඩ කරයි. "බුද්ධිමත්" ජනතාව පස්සේ තීරනයකරයි කවුද හරි කියල!

      Delete
  9. ලබන ජනවාරි 26 වන දිනට පෙර ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මිය යන්නේ යයි ජ්‍යෙතිර්වේදී යැයි කියාගන්නා විජිත් රෝහණ විජේමුණි නමැත්තා විසින් කරන ලද ප‍්‍රකාශය ජනපති ඝාතතන කුමන්ත‍්‍රණ සැලසුමක කොටසක් යයි පාර්ලිමේන්තු හා ජනමාධ්‍ය ලේකම් නිමල් බෝපගේ මහතා කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේය.

    විජිත් රෝහන විසින් කරන ලද ප‍්‍රකාශයන් සමබන්ධයෙන් පරීක්‍ෂණයක් පවත්වන ලෙස පොලිස්පතිවරයාට නියෝග කොට ඇති අතර මේ සම්බන්ධයෙන් හොර දත් දොස්තරෙකු වන කුමාර කළුආරච්චි ඇතුලු කුමන්ත්‍රණකරුවන් රැසක් අතඩංගුවට ගැනීමට නියමිතයි.

    තමනට ද ජ්‍යෙතිර් විද්‍යාව සම්බන්දයෙන් අවබෝධයක් ඇතැයිද කී ඔහු තමන් මැනවින් දන්නා ජ්‍යෙතිශ ශාස්ත‍්‍රය අනුව ජනවාරි 26 වන දිනට පෙර ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මිය යන්නේ නැතැයිද වැඩි දුරටත් සදහන් කලේය. මෙම කුමන්ත්‍රණය පැරදවීමට සාරස කටයුතු නොකරන්නේ ඇයි?

    ReplyDelete