Friday, December 23, 2016

බන්‍ධුල කුදලාගම මැතිඳුන් වෙත ගෞරවයෙනි ....!



මගේ උසස් පෙල සත්ව විද්යා ගුරුවරිය වූද 12 හා 13 වසර පන්ති බාර ගුරුවරීය වූද ෆේත් වික්‍රමසූරිය මහත්මිය (එකල ෆේත් ගුරුස්වාමි මෙනෙවිය ) අද මට හමු විය. ඇය හෙල බ්ලොග් අඹරේ වැජඹෙන අරුන මැතිඳුන් ගේ සහ ඉයන් තුමා ගේ ද ගුරුවරියකි.

ෆේත් මැතිනිය ගේ  සහ ඇගේ ස්වාමිපුරුශයා වූ වික්‍රමසූරිය මහාචාර්ය තුමා ගේ  කල්යාන මිතුරෙකු  වූ සදම්ප්ටනයේ ගරු බන්‍ධුල කුදලාගම  මැති සඳ වෙත ගෞරවයෙන් මෙම වියුනුව පුද කර සිටිමි!

31 comments:

  1. සා එතන නිකං බබා වාගේ

    ReplyDelete
    Replies
    1. කෙස් සුදු වුනු බබෙක්!!

      Delete
  2. ඒ තරම් වයසක් පේන්නෙ නෑ වගෙ.

    ReplyDelete
    Replies
    1. අපට උගන්වන කාලේ ඇය ඉතාම සුන්දර යුවතියක්!!!!!!!!!!!!

      Delete
    2. 1986 දී සරසතුමනට සුන්දර වූ ඇය 1972 දී අතිසුන්දර වූවා ය. ඇගේ ප්‍රියමනාප ආචාරශීලීත්වය විසින් ඇගේ සුන්දරත්වය තවත් වැඩි කෙරිණි.

      Delete
  3. හොඳ පෝස්ටුවක් සාරස,

    කොතරම් විසුලු සහගත විකාර කමෙන්ට් සහ පෝස්ට් පළකරමින් බ්ලොග්ලොව දහසක් මඩ ප්‍රහාරයන්ට ලක්වුණද ඔබ තුළ සිටින සොඳුරු මිනිසා සතු මිනිස්කම් නොඅඩුව දුටිමි. මගේ හදපිරි ගෞරවය ඔබට හිමිවේ.

    ඔබටත් ඔබගේ ගුරුතුමිය වූ ෆේත් මහත්මියටත් දිගාසිරි පතමි. ඔබට ජය !

    ReplyDelete
    Replies
    1. // AnonymousDecember 23, 2016 at 7:01 AM //

      ඔබට බෝහෝමත් ඉස්තූත්යි ඇනෝ තුමනි!

      Delete
  4. දරු පරපුරට සූලොජි ගැන කියා දෙමින්
    විරුවෙක් ලෙසට ඈ හිටියේ දිරිය දෙමින්
    ගුරු මව් දුටු විටදි ගෝලයො සතුටු වෙමින්
    ගරු කළ අයුරු පසසමි අද මමද මෙයින්

    ජයවේවා!!!

    ReplyDelete
  5. ෆෙඩරල් කකාගේ ඇට දෙක.

    අපි රසික සූරියආරච්චි මහත්තයාගේ ලොල්ලෝ.

    ජින් ජින් බෝලේ ටක ටක
    සුරියරච්චිගේ ඇට දෙක
    පුටුව දෙපැත්තේ එල්ලෙනවා
    රාජා පැන පැන අල්ලනවා

    ReplyDelete
  6. බොහෝම ස්තූතියි සාරස. ඇයට නිදුක් නිරෝගි සුවය පතමි.

    අර වැජඹෙන කැල්ල මට වැඩියි සරසයෝ.

    ReplyDelete
    Replies
    1. ඇයට නිරෝගී සුව සමග ඊට අවශ්ය සියලු සාදක ලැබේනවා.... ලන්කාවේ සේවය කරනා විසේස්ඥ වෛද්යවරුන්ගෙන් සීයට පහක් දහයක් පමන ඇගේ ශිශ්යයන්.....!!!

      අනෙක් කරුන නම් ඔබතුමා හෙල බ්ලොක් කලාවේ වැජඹෙන තරුවක් බව කවුරුත් පිලිගන්නා බවයි!

      Delete
    2. Many thanks for posting this photo Sarasa. Seeing Ms Guruswamy, our Zoology teacher, made my day. I still remember her catch phrase “egollo kiyanawa!”

      Delete
    3. Many thanks sir!

      It is indeed a pleasure to see that loads of Sinhala bloggers/readers are Miss Guruswaami's former students....

      Delete
    4. මෙතුමියගෙ සිසු පරපුරේ දොස්තර ලැයිස්තුව බොහොම දිග එකක් වෙයි. අසූවේ බැච් එකේම දොස්තරලා කොච්චර ඉන්නවද....ඇත්තට එහෙම ලිස්ට් එකක් හැදුවොත් ඒක වාර්තාවක් වෙයි.

      Delete
    5. Indeed Aruna. The problem is that we do not see many doctors of our batch in the Blogsphere

      Delete
  7. මා සන් සඛී‍ සුවියත්, සුසංවාදී, සුලක්‍ෂිත සරස සුධීමතුනි,

    ඔබතුමන්ගේ මෙම වියුණුසටහන අමෘතරසාකර යැ. ඉන් වෑහෙන අමෘතරසයෙන් මත් වැ මම දසක සතරකට එහා අතීතයක මධුරමනෝහර සිද්ධිදාමයක් වෙත පා වැ යමි. එම අතීතාවලෝකනය මා විසින් පෙර කල ලියැවිණි. සරසතුමෝ එම පද සරණිය මෙම වියුණුවෙහි පළ කළහ. මෙම ශිශිරය ජීවන ගමනේ ආන්තික ශිශිරය දැ යි සංශයක් සිත ජනිත නිමේෂයක දී වු වැ ඔබතුමන් විසින් ගෙනෙන අතීත සැමරුමේ අතීතකාමයෙන් මම වාජිකරණයක් ලබමි.

    හැත්තෑව දශකයේ මුල දී කොල්ලුපිටියේ මෙතෝදිස්ත විද්‍යාලයෙන් කොළඹ සරසවියට පැමිණ, විද්‍යාවේදී උපාධිය දිනා ගත් ෆේත් ගුරුස්වාමි නම් ප්‍රියභාෂිත ශෝභමාන යෞවනිය හැත්තෑව දශකයේ මැද දී කොළඹ රාජකීය විද්‍යාලයේ ගුරු සේවයට එක් වූවා ය. ඕ තොමෝ උජ්වලිත වූ උල්කාවක් සේ අවශේෂ සත්ත්ව විද්‍යා ගුරු තාරකා නිෂ්ප්‍රභාවත් කර දමමින් පාඨශාලීය සත්ත්ව විද්‍යා ගුවන් ගැබෙහි පායා දිදුලන්නට වූහ. ෆේත් ගුරුස්වාමි සිරිමතිය වනාහි ලාංකීය සත්ත්ව විද්‍යා ගුරු පරපුරක අභිමානවත් සංකේතයකි.

    ෆේත් ගුරුස්වාමි (විවාහයෙන් පසු වික්‍රමසූරීය) සිරිමතිය ජීවන ගමනේ සත්වැනි දසකයට එළඹ සිටින බවක් නම් ඇගේ රෑපශ්‍රියාවෙන් දෘශ්‍යමාන නො වේ. ඕ තොමෝ ක්‍රෝධයෙන් ද ඊර්ෂ්‍යාමඳමානයෙන් ද විනිර්මුක්ත වූවාහු සන්තුෂ්ටිය මැ චිත්තසන්තානයේ දරා වසන්නාහු යැ.

    "කළොත් ගුරු සේවේ - සුවඳ පත නල සේ වේ" යැ යි පැරකුම්බා සිරිතෙහි සඳහන් යැ. ෆේත් ගුරුස්වාමි සිරිමතිය පිළිබඳ නම් එම පද නියත ලෙස මැ සත්‍යයකි. ඔබගේ මාහැඟි වියුණුසටහනට සැණින් එක් වැ ඇති ආලෝචන පෙළ මැ එබැව් නිසැක වැ ස්ඵුට කරයි.

    ගුරු ගුණ සමර මා සන් මිතු සරසතුමන්ගේ අත්‍යුදාර සද්ගුණයකි. ස්වකීය හද මඬල රන් දෙවොලක් සේ පවිත්‍ර වූ බැතිමත් සරස ශිෂ්‍යරත්නයේ හද දෙවොලෙහි ගුරුදෙවිවරු නිරතුරු වැ වැඩ වසති.

    ගුරු ගුණ සමර සේ මැ සරසතුමන් මිතු දම් සමර ද මැනැවින් දත් සේ යැ. ෆේත් ගුරුස්වාමි සිරිමතියගේ මෙම ඡායාරූපය අපගේ චිත්ත සන්තුෂ්ටිය පිණිස මෙහි පළ කළ මා සන් මිතු සරසතුමනට බොහෝ තුති!

    මිලින වූ දිවි කුසුම පුබුදන
    සකල ඉඳුරන් කරන මෝහන
    සතුට ගෙන දී මහද රසයන
    වදන් අමයුරු සරස ගෙන එන

    බන්‍ධුල කුදලාගම,
    සදම්ටනය.

    ReplyDelete
    Replies
    1. ගරු බන්‍ධුල කුදලාගම මැතිඳුනි,

      ෆේත් මැතිනිය ගේ චායාරූපයක් දැකීම ඔබට සතුටක් ම ගෙන දෙතැයි මට සිතුනා.....

      එය එසේම වීම මගේ භාග්‍යයක්....


      ඔබ හට බොහේ ස්තූතියි!

      Delete
  8. අලුත් වසරක් ආරම්භ වීමට දින කිහිපයක් පමණක් ඉතිරිව ඇති මේ මොහොතේ අප පැමිණ සිටින්නේ නවතම ප්‍රශ්න උත්තර තරඟයක් සමගිනුයි. ඉතිහාසය නොදැන අනාගතයයේ පලක් නැති නිසා පහත ප්‍රශ්න සාදා ඇත්තේ සිංහල බ්ලොග් ඉතිහාසය තුළිනුයි. උත්තර දෙන්න ජය ගන්න, යට ජංගි දිනා ගන්න. ජයග්‍රහී ඔබට වසරක් පුරා යට ජංගි දිනා ගැනීමට වරම්.

    (1)වීරවිල කඳවුරෙන් නිදහස් වීමෙන් පසු පළමුවෙන්ම කරන්නේ හොද වැසිකිළියකට ගොස් හිතේ හැටියට රීම බව ප්‍රකාශ කෙරු බ්ලොග්කරු කවුද?
    (A)මතුගම අජිත් පී ජයසිංහ
    (B)ජෙනරාල් විචාරක ගුණසිංහ මැතිතුමා
    (C)කල්‍යාන මිත්‍ර
    (D)මාරයා

    (2)මෙම බ්ලොග්කරු ආරක්ෂක හමුදාවක සේවය කොට නොමැත
    (A)කල්‍යාන මිත්‍ර
    (B)මාරයා
    (C)හැලපයා
    (D)ජෙනරාල් විචාරක ගුණසිංහ මැතිතුමා

    (3)'මගේ ලෝකය-රංග' නමැති බ්ලොග්කරුගේ සැබෑ නාමය මෙයය
    (A)ලක්මාල් කන්දේවිදාන
    (B)අසේල ඉන්දික
    (C)චතුෂ කුමාර
    (D)අභීත එදිරිසිංහ

    (4)කුරුළු හමුදා ලොක්කාට අතවර කිරීමට ගොස් හිරේ ගිය බ්ලොග්කරුවෙකි
    (A)හිරකරුවා බ්ලොගයේ රචකයා
    (B)අටම්පහුර රචකයා
    (C)සිනුවර තට්ටයා
    (D)කල්‍යාන මිත්‍ර බ්ලොග්කරු

    (5)'ටිකක් හිනා වෙන්න එන්න' කියාගෙන පැමිණ මුදල් වලට පොල්ල තැබූ මෙම බ්ලොග්කරු මීමුරේ මාමා, මීමුරේ කැහැටු වඳුරා,හොරා,අබේපාල මාමා වැනි අන්වර්ථ නම් වලින්ද හැදින්වේ
    (A)හැලපයා
    (B)අභීත එදිරිසිංහ
    (C)ජෙනරාල් විචාරක ගුණසිංහ
    (D)මාතලන්-(හොරෙක්, මංකොල්ලකරුවෙක්, මංපහරන්නෙක්,දේශප්‍රේමියෙක්)

    (6)ඉහත 5 ප්‍රශ්නයේ සදහන් බ්ලොග්කරුගේ මුදල් වංචාකිරීම් වලට හසුව හිතේ අමාරුවෙන් අකාලයේ මිය ගිය හිත හොද බ්ලොග්කරු මෙතුමාය
    (A)ඉන්දික උපශාන්ත(උපසේන)
    (B)රාජ්පාල් මාමා
    (C)ඔබා මාමා
    (D)මාරයා

    (7)මෙම බ්ලොග්කරු විටක හාමුදුරුකෙනෙකි, විටක බස් පළුවෙකි, තවත් විටක කුරුළුහමුදා සාමාජිකයෙකි,මුරකරුවෙකි,කේන්දරකරුවෙකි ඒ මදිවාට හිතුනු විටක ගොසින් කුලී වැඩට කරයි. එසේම මෙම බ්ලොග්කරුට නොම්බරය 40 ශ්‍රී රිවස් එක හොදටම වැඩ ලොරියක්ද අයිතිය. මොහුගේ පුකට කුඩා කල හෙනද වැදී ඇත. මේ කවුද?
    (A)මාරයා
    (B)රසිකලොජි-කකා
    (C)මාතලන්
    (D)ජෙනරාල් විචාරක ගුණසිංහ මැතිතුමා

    (8)රසික සූරියආරච්චි-කකා විසින් රචිත බ්ලොග්අඩවියක් නොවේ
    (A)ඇනොමනිස් ආතල් බ්ලොගය
    (B)කතාන්දරකාරයා බ්ලොගය
    (C)රසිකලොජි බ්ලොගය
    (D)මගේ ලෝකය බ්ලොගය

    (9)වෘත්තීයෙන් ගුරුවරයෙක් වුවත් බ්ලූ බැලීමට රුසියෙකි, විදෙස් රටක සේවය කරයි.
    (A)රසිකලොජි-කකා
    (B)ඩුඩ්
    (C)හැලපයා
    (D)ඉන්දික උපශාන්ත(උපසේන)

    (10)මෙම කුප්‍රකට බ්ලොග්කරු ඔසී රටේ මළපවාහන පද්දතියේ සේවය කරයි. ඔසී යාමට අවශ්‍ය නිසා තමන්ට වඩා වයසින් වැඩි කාන්තාවක් සමග විවාහයක්ද කරගත්තේය. ආනන්දෙට පැරෂුට් එකෙන් ආ බවද කියවේ.
    (A)මාරයා
    (B)හැලපයා
    (C)සාරස
    (D)රසිකලොජි-කකා

    දැන්ම උත්තර සපයන්න. වසරක් පුරාවට හිතේ හැටියට යට ජංගි දිනා ගන්න. ගොනා හරි පාරට දාගන්න.

    ReplyDelete
    Replies
    1. සාරස සීනුවර තට්ස් සූරියාරච්චි සමග බද්ධ වයිරයෙන් පෙලෙන්නේ ඇයි?
      (A) සාරසගේ අනන්‍යතාව හෙලිකල නිසා
      (B) සාරසගේ අනන්‍යතාව හෙලිකල නිසා
      (C) සාරසගේ අනන්‍යතාව හෙලිකල නිසා
      (C) සාරසගේ අනන්‍යතාව හෙලිකල නිසා

      Delete
    2. (12) ඇල්ටෝවෙන් සමාජවාදය කරා සීග්‍රයෙන් ගමන්ගන්නා බ්ලොග්කරුවා කව්ද?
      (A)මතුගම අජිත් පී ජයසිංහ
      (B)ජෙනරාල් විචාරක ගුණසිංහ මැතිතුමා
      (C)කල්‍යාන මිත්‍ර
      (D)මාරයා

      Delete
  9. අම්මට හුඩු..!! සා රස දොස්තර මහත්තයෝ.. 😳.. අහිංසකයි, රටක් වටියි කිව්වලු හිටං. ඒක කිව්වෙ බොටයි ගුරු තුමියටයි දෙන්නටම හොඳේ.

    ලඟදි ඉඳන් උබ ටිකක් සීරියස් වෙලා වගේ. 😇.

    හොඳා හොඳා.. ජය වේවා කිව්ව.

    සතියකින් විතර ආයෙ හමුවෙමු. සුභ අළුත් අවුරුද්දක් වේවා..!!

    ReplyDelete
    Replies
    1. අපිත් ඉතින් ඉඳලා හිටලා සීරියස් වෙන්න එපැයි හිටන්..
      අවුලක් නෑ නේ?

      ඔහේටත් සුබ නව වසරක් වේවා ආතල් අයියේ!

      Delete
  10. බන්‍ධුල කුදලාගම ගේ සත්‍ය නම මොකක්ද ?

    ReplyDelete
    Replies
    1. බන්‍ධුල කුදලාගම.

      Delete
  11. සාරස ලබ්බ වැටෙයි කියල බදාගෙනෙ ඉන්නෙ.

    ReplyDelete