Tuesday, December 27, 2016

ජාතිකත්වයේ කමින් කලර්ස්!



සිරි ලාන්කිකයන් වන අප අනුකරනයේ දක්සයන් බව අවිවාදිතය. අනුකරනය නොව ගෙඩිය පිටින් ම කොපි කිරීමටත් අති හැකියාව ගැන අපි හැමෝම දනිමු.

ලෝකය පුරාම ජාතිකත්වයේ සැඩසුලන් හමනා බව යහපාලකයෝ දැනගත්තේ කිසිදා නොවූ පරිදි විදේස රටක ජනමත විචාරනයක මත වෙනස් කිරීම සඳහා බ්‍රිතාන්යය යුරෝපීය කොමිසමෙන් වෙන්වීමේ ජනමත විචාරනයේ කැණ්වසින් කිරීමට පොල් බූරු මන්ත්‍රීන් කීප පොලක් ම එන්ගලන්තයට යවා ඉල්ලන් පරිප්පු කෑමෙන් පසුවය!

පච හිලරි නෝනා දිනයි කියා හිතාන හිටි යහපාලකයෝ ජාතිකත්ව රැල්ලෙන් චන්දය දිනූ ට්‍රම්ප් මහත්තයා ගේ චන්ද කෙරුවාවෙන් කම්පනයට පත් ව, ඉන් දහසක් පාඩම් ඉගෙන,  අලුත් ප්‍රයෝගකාරී වියාජ ජාතිකත්ව රැල්ලක් නිර්මානය කරුනු දක්නට  තිබේ..

එම මහජනතාව රැවටීමේ මහා පෙරහැරේ පලමු කසකාරයා ලෙස එලියට බැස්සේ මේ රට සින්හලයන් ට අයිති රටක් නොවන බව ප්‍රසිද්දියේ ප්‍රකාස කල මහරගම මහා පාඥ්ඥයා ය. ලැජ්ජා නැති කම ඇමතිකමටත් වඩා ලොකු නිසා ජනාදිපති තමන් ගේ පන්සලට ආවේ නැති නිසා ආවේගසීලි ව මතක ඵලකට කුලුගෙඩි පහරින් කදා දැමූ අම්පිටියේ හාමුදුරුවන් ගේ පන්සලින් ම වැඩ ඇල්ලූ මහා පාඥ්ඥයා දැන් ජාතිකත්ව්යේ ප්‍රතිමූර්තියක් ව අපගේ නැති වූ ශ්‍රී විභූතිය සොයමින් නැගෙනහිර පලාතේ කරක් ගසයි.

ඊලඟට පෙරහැරේ යන්නට ආවේ පෙරමුනේ රාල හෙවත් ආලාපාලුවා ය. යහපාලනේට රෙදි නැතිවම කඩේ ගිය ආලාපාලුවා දැන් දැණ් නැවතත් සින්හල ජාතිකත්ව සලු පිලි පලඳිනු පෙනේ. ලඟදීම ඔහු ට රතනමචන් තෙරුන්නාසේ ද එක් වනු නියතය!

අවසානයට මතක් කරනා කාරනයෙන් නම් සරස තුමාත් අඤ්ඤකොරොස් විය. එය නම් මල්වතු විහාරයෙන් ද ලිඛිතව යෝජිත ව්‍යවස්තාවෙන් ජාතිකත්වය සුරකින්නැයි ලියමනක් රනිල් තුමාට දීමය! 

මෙහි දී අස්ගිරි විහාර ඉස්තාවරය එහි ලේකඛාදිකාරී සහ සරස තුමා ගේ ගුරුවරයෙකු වන අති පූජ්ය මැදගම ම්මානන්ද  හාමුදුරුවන්  වහන්සේ සැමදාම  ජාතිකත්ව මාවතේ තබාගත්  බව  මතක් කල යුතුය!


අවසාන වසයෙන් කිවයුත්තේ ලේකයේ නැගලා යන ජාතිකත්ව රැල්ලෙන් ගොඩ යෑමට යහපාලනයේ නායක කාරකාදීන් තීරනය කර ඇති බව ය.

පරෙස්සමින් වැඩ කටයුතු කොරන්න!

ඔබ සැමට සුබ 2017 ක් වේවා!

124 comments:

  1. අගමැති රනිල්ගෙ වැඩි සම්බන්දතාවක් තියෙන්නේ ඇමරිකානු හිලරි ක්ලින්ටන්ගේ ඩිමොක්‍රටික් පක්ෂය සමග නෙමෙයි. ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රීපබ්ලිකන් පක්ෂය එක්ක. කණිෂ්ඨ ජෝර්ජ් බුෂ්ගේ පක්ෂයත් ඒක. රිපබ්ලිකන් පක්ෂයේ ප්‍රධානින් සමග රනිල් කිට්ටු නිසා තමයි තමයි ජෝර්ජ් බුෂ් ජනාධිපතිව ඉන්නකොට ධවල මන්දිරයට ගිහිං ඔහු හමුවීමේ අවස්ථාවක් රනිල්ට හම්බුනේ. ට්‍රම්ප් දිනුව ගමන් රනිල් කරපු සුභ පැතුම බලන්න. රනිල් එකේදී රීපබ්ලිකන් පක්ෂය එක්ක තමුන්ගේ තියෙන කිට්ටු හිතවත්කමත් මතක් කරලාම සුභ පැතුවේ.

    ReplyDelete
    Replies
    1. එහෙනම් කොපි කිරීමට අයිතියක් ඇත හිටන්!

      Delete
    2. අනේද කියන්නේ ඉයන් කිව්වලු!

      ඩොනල්ඩ් ට්‍රුම්ප් කියන්නේ රිපබ්ලිකන් පාක්ෂිකයෙක් නෙවෙයි! එයා සමාන වෙන්න 2010 හංසයාගෙන් ඉල්ලපු සරත් ෆොන්සේකාට (වැඩ වලින් නෙමයි අපක්ෂකත්වයෙන් හොඳේ!)! ට්‍රුම්ප්ගේ කැබිනට්එකතුල ප්‍රභල රිපබ්ලිකන් පාක්ෂිකයෝ කව්රුත් නැහැ. ඒවගේම රිපබ්ලිකන් පශේ ලොක්කෝ චන්ගේදී ට්‍රුම්ප්ගේ කකුලන් ඇද්ද 2005 මහින්දට චන්ද්‍රිකා හා අනෙක් නිදහස් පක්ෂේ ලොක්කෝ වගේ. ට්‍රුම්ප්ගේ ප්‍රතිපති රිපබ්ලිකන් පක්ෂේ ප්‍රතිපති එකයි කියල හිතන්නේ රනිල්ට රට දියුණු කරන්න පුළුවන් කියල හිතන ගොන්බිජ්ජෝ විතරයි!

      Delete
    3. // ඩොනල්ඩ් ට්‍රුම්ප් කියන්නේ රිපබ්ලිකන් පාක්ෂිකයෙක් නෙවෙයි! එයා සමාන වෙන්න 2010 හංසයාගෙන් ඉල්ලපු සරත් ෆොන්සේකාට (වැඩ වලින් නෙමයි අපක්ෂකත්වයෙන් හොඳේ!)! //

      මේ කතාවේ ලොකු ඇත්තක් තියෙනවා ඇනෝ තුමෝ...

      Delete
    4. සෝභිතලා දෙන්නයි, රතනයි, පච රනවකයි සිංහලයාට කරපු විනාශය තරම් විනාශයක් ප්‍රභාකරන්, චන්ද්‍රිකා හෝ රනිල් විසින් සින්හලයාට එරෙහිව කර නැත. ඒ ප්‍රභාකරන්, චන්ද්‍රිකා හා රනිල් ගේ එකායන පරමාර්තය සිංහලයා විනශ කිරීම බව පහු ගිය දශක 2 ක ට වැඩි කාලය තුල සිංහල ප්‍රේමී සහ සිංහල විරෝදී දෙකොටසම හොඳින් අවබෝද කර ගෙන සිටි බැවිනි.
      මහින්දට වැරදුනේ තමා කෑම බෙදා පිගන අතට දෙන්නේ තමාට පිටිපසින් අනින්නට පිහිය මුවහත් කරමින් සිටින බල්ලෙකුට බව නොදැන සිටීමය.
      සින්හලයාට වැරදුනේ සෝභිතලා දෙන්නයි, රතනයි, පච රනවකයි තම වර්ගයා ආරක්ශා කරතියි යන මෝඩ විශ්වාසයයි. එකෙක් වල කජ්ජ ගැසා ඇත. ඉතුරු නරින් තිදෙනාගෙන් බේරිය යුතුය.

      Delete
    5. AnonymousDecember 27, 2016 at 9:02 PM

      +++++++++++++++++++++++++++++

      Delete
    6. පැරකුම්ගේ UNP ගූ කණත්තේ දාපු වියනු උද්දච්ච ලෙස කපපු නිසාද සාරස ඒ පැත්තේ දැන් නොයන්නේ ? :D

      Delete
    7. එහෙමයි යකෝ!

      Delete
    8. මෝඩ එජාප පාක්ෂිකයින්ට කියන්න තියෙන්නේ "ට්‍රම්ප්ට කියල හොඳ ඇමෙරිකන් තණකොළ ටිකක් ගෙන්නගෙන කාපන්" කියාය. එපමණකි.

      Delete
  2. සාරස,

    මාතෘකාවෙන් සුළු අපගමනයක් සහිත වුණත් ජාතිකවාදය පිළිබඳ ශ්‍රී ලාංකේය ඩයස්පෝරාවේ මතයද සැලකිය යුතු බවට මා ඉල්ලා සිටිමි. ශ‍්‍රී ලංකා ඩයස්පෝරාව හෙවත් ස්ථිර පදිංචිය සඳහා විදේශ රටකට සංක‍්‍රමණය වී සිටින ශ‍්‍රී ලාංකිකයන් ප්‍රමාණය වාර්තාගත සංඛ්‍යා ලේඛනවලට අනුව මිලියන දෙකක් ඉක්මවති. එයින් මිලියන 1.2 ක් දෙමළ ජාතිකයන් වන අතර 800,000 ක් සිංහල ජාතිකයන් ය.

    දෙමළ පිරිස්වලින් විශාල ප‍්‍රමාණයක් රටින් ගියේ 1983 ජුලි කලබල මුල්කරගෙනය. ඊළඟට දෙමළ ජනතාව රට හැර ගියේ යුද්ධය නිසා ය. ඒ හේතුවෙන් ඇති වූ දුෂ්කර ජීවන තත්වයන් සහ ආරක්ෂාව පිළිබඳ නිරන්තර බිය ඔවුන් රට හැර යාමට හේතු විය. මේ දෙමළ පිරිස් ඉතා දරුණු අත්දැකීම්වලට මුහුණදී ඇතැයි නිතර පවසති. ශ‍්‍රී ලංකාවේ අඳුරු අතීතය පිළිබඳ දුක්බර කතා ඔවුන්ට අනන්තවත් තිබේ. මාතෘ භූමිය අතහැර පලා යන්නට සිදු කිරීම ගැන, බාහිර වශයෙන් ගත් කල ඔවුන් තුළ ඇත්තේ, ශ‍්‍රී ලංකාවේ ආණ්ඩුව පිළිබඳ බද්ධ වෛරයකි. විවෘත කෝපයකි. එහෙත් අභ්‍යන්තරයෙන් ඔවුන්ට හැගෙන්නේ, මා හඳුන්වන, ‘දිවි ගලවා ගත් කෙනෙකුගේ වරදකාරී හෘද සාක්ෂියකි.’ තමා දැනට ජීවත් වන රටේ සැප පහසුකම් සහිත සාර්ථකත්වයේ වරප‍්‍රසාදලාභී හැඟීම ඔහුගේ හිතේ එක පැත්තකත්, තමා අතහැර ආ පවුලේ සහ ප‍්‍රජාවේ අවාසනාව පිළිබඳ හැඟීම ඔහුගේ හිතේ තවත් පැත්තකත් තිබේ. මේ මානසික අර්බුදය සමග ඔවුන් පොරබදන්නේ, මහ ජාතිකවාදය වෙනුවෙන් පෙනී සිටින බවට ඔවුන් විශ්වාස කරන ශ‍්‍රී ලංකාවේ ආණ්ඩුවට එරෙහිව මහ හඬින් විරෝධය පෑම හරහා ය. ලංකාවේ උතුරු නැගෙනහිර ජීවත් වන දෙමළ ජනතාවට තවමත් සාධාරණයක් ඉටු නොවූ බව කියමින් ඔවුන්ගේ විරෝධය තව තවත් වැඩි වෙයි.

    ReplyDelete
    Replies
    1. සිංහල ඩයස්පෝරාවෙන් බහුතරය රට හැර විත් සිටින්නේ, ආර්ථික සාර්ථකත්වය සොයමිනි. එම සාර්ථකත්වය අත්කර ගැනීමෙන් පසු ඔවුන්ට හැගෙන්නේ, මා හඳුන්වන පරිදි, ‘ධනය පස්සේ හඹා යන්නාගේ වරදකාරී හෘද සාක්ෂියකි.’ එවැනි පෞද්ගලික සාර්ථකත්වයක් සොයා රට අතහැර ඒම සහ ඒ සම්බන්ධයෙන් අසාධාරණ ලෙස ලේබල් ගැසීමට ලක්වීම ඔවුන්ගේ සිත බර කරයි. ඔවුන් තුළ හොල්මන් කරන මේ යක්ෂයන් සමග ඔවුන් පොරබදන්නේ, සිංහල-විරෝධී ස්ථාවරයක සිට දැඩි බටහිරවාදී ලිබරල් ආකල්පයකින් කටයුතු කරන ආණ්ඩුවකට සිය සහාය පළ කිරීමෙනි.

      සුළුතර සිංහල ප්‍රජාවක් සිංහල ජාතිකවාදී ස්ථාවරයක් දක්වනු පෙනේ. නමුත් මෙකී ජාතීන් දෙකේම සිත් පෙළන එක් පොදු ව්‍යාධියක් තිබේ. එනම්, තමන් ජීවත් වන සුදු-ජාතික ක‍්‍රිස්තියානි සමාජවල තමන් නිරන්තර ආගන්තුකයන් වීමයි.

      Delete
    2. දුරස්ථ ජාතිකත්ව හැඟීමේ අනතුර යනු කුමක් දැයි සාකච්ඡා කොට බලමු.

      ජාතිකවාදය යනු සම්භාවනාවට පාත‍්‍ර වන දේශමාමක හැඟීමක් වන අතර, දුරස්ථ ජාතිකවාදයට බිම් මට්ටමේ යථාර්ථය හසු නොවන නිසා, එවැනි ජාතිකවාදයක් මගින් රටකට එල්ල විය හැකි අවදානම් බොහෝ ය. අද පවතින අන්තර්ජාලය හරහා පරමාදර්ශී ‘වාසභූමියක්’ පිළිබඳ දඩිබිඩියක් ජනිත කැරැවෙන අතර ඊට සැබෑ ජීවන අත්දැකීම් හරහා ලැබෙන ප‍්‍රඥාව අඩංගු නොවේ. මෙහි අදහස වන්නේ, ඩයස්පෝරාව ස්වකීය වූ පරාරෝපණයන් සහ තමන්ගේ ආත්මයන් පෙලන යක්ෂයන් සමග පොරබදන විට, විදේශගත ප‍්‍රජාවන්ගේ ලාලසාවන් ඉතා පහසුවෙන් ඇවිස්සීමට හැකි වන බවයි. පුද්ගලික ජාතිකවාදී සාරධර්ම උපදින්නේ ඒ ඒ පුද්ගලයාගේ අත්දැකීම් මතයි. එබැවින්, එකිනෙක කණ්ඩායමට එකිනෙකට පටහැනි සාරධර්ම සහ මනෝ භාවයන් ඇති බව පෙනී යයි. සමහර විට, ජෝර්ජ් ඕවල් ‘සාමයේ දරුණුතම සතුරා’ වශයෙන් ජාතිකවාදය හඳුන්වන්ට ඇත්තේ එනිසා විය හැකිය.

      ශ‍්‍රී ලාංකීය ඩයස්පෝරා ප‍්‍රජාව ශ‍්‍රී ලංකාවේ ඡන්දයට ප්‍රායෝගිකව සහභාගී වන්නේ නැත. එය එසේ විය යුතුමය. මන්ද යත්, සෑම දේශපාලනයක්ම, අවසානයේදී, දේශීය හැසිරීමක් වන බැවිනි. ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලනය මුල්බැසගෙන තිබෙන්නේ සුළුනාගරික සහ මහනාගරික බිම් මට්ටමේ යථාර්ථයන් මත මිස, ශ‍්‍රී ලංකාවෙන් සැතපුම් දහස් ගණනක් ඈතින් සැපට වෙසෙන ශ‍්‍රී ලාංකිකයෙකුගේ ඔල්මාදකාරී හෝ මනස්ගාත මනලෝලයන් මත නොවේ. ශ‍්‍රී ලංකා ආණ්ඩුවේ අනාගත වාසනාවන් සහ සෞභාග්‍යයන් සිඩ්නි, ලන්ඩන්, මෙල්බර්න් හෝ ටොරොන්ටෝ නුවරින් තීන්දු කෙරෙන්නේ නැත. එසේ තිබියදී, ඩයස්පෝරා ප‍්‍රජාව සමග යහපත් සම්බන්ධතා ගොඩනගා ගැනීමට ශ‍්‍රී ලංකා ආණ්ඩුව වෙහෙසෙන්නේ කිම?

      රටක් ඇතුළේ වෙසෙන ජනතාවට වඩා එරටින් විදේශගතව වෙසෙන ජනතාව බොහෝ දුරට ගතානුගතිකයි. හේතුව, කෙනෙකුගේ ආත්මමානයට සිදුවන අඩන්තේට්ටම් පිටස්තර රටකදී වැඩියෙන් දැනෙන බැවිනි. සියොන්වාදී දේශපාලනයේ වැඩියෙන්ම නියැලෙන්නේ, ඊශ‍්‍රායලයේ යුදෙව්වන් නොව, ඇමරිකාවේ වෙසෙන යුදව්වන් ය. කාලිස්තාන් ඉල්ලීම කර තියාගෙන යන්නේ, කැනඩාවේ වෙසෙන ෂීක් ජාතිකයන් ය. අයර්ලන්ත අනන්‍යතාව සඳහා අයර්ලන්තය තුළ සටන් වැදුණු කණ්ඩායම් වෙනුවෙන් බොහෝ කොට පෙනී සිටියේ ඇමරිකාවේ වෙසෙන අයර්ලන්ත ජාතිකයන් ය. ඒ හා සමානවම, එල්.ටී.ටී.ඊ. සංවිධානයත්, බටහිර රටවල වෙසෙන දෙමළ ජනතාවගෙන් බොහෝ ආධාර, මගපෙන්වීම් සහ නායකත්වයන් ලබාගත්තේය. තමාගේ හර පද්ධති සහ රටේ හර පද්ධති නිතර පටලවා ගන්නා ඩයස්පෝරා ප‍්‍රජාවෙන් නැගෙන ජාතිකවාදයේ අවදානම මෙයින් පෙන්නුම් කෙරේ. අනෙක් අතින් ඇතැම් සිංහල ඩයස්පෝරා සාමාජිකයන්ගේ විකෘති හැසිරීම කිසිදු ප්‍රායෝගිකත්වයක් නැති හිස් ප්‍රලාපයන් පමණි.

      නිගමනය

      ශ‍්‍රී ලංකාවේ ආණ්ඩුව විදේශගත ලාංකීය ප‍්‍රජාව සමග සම්බන්ධතා පවත්වාගත යුතුය. ඔවුන්ගේ පැවැත්ම නොතකා හැරීම හෝ ඔවුන්ව බැහැර කොට කටයුතු කිරීම, සමාජය එක්සත් කිරීමකට වඩා සමාජය ද්‍රැවීකරණය වීමකට මං පෑදිය හැකිය. මේ නිසා, ශ‍්‍රී ලංකාවේ ජීවත් වන ශ‍්‍රී ලාංකිකයන්ගේ මනෝභාවයන්ද, විදේශයේ වෙසෙන ශ‍්‍රී ලාංකිකයන් වෙත ප‍්‍රක්ෂේපනය කිරීමට ශ‍්‍රී ලංකාවේ ආණ්ඩුව කටයුතු කළ යුතුව තිබේ. ඇත්ත වශයෙන්ම, දුරස්ථ ජාතිකවාදය හානිකර විය හැකි නිසාම, ඩයස්පෝරාවද ඇතුලූ රටේ ජනතාව නියෝජනය කරන සියලූ පාර්ශ්වයන් සහභාගී කර ගන්නා පුළුල් එළඹුමකට ශ‍්‍රී ලංකා ආණ්ඩුව ප‍්‍රවිශ්ඨ විය යුතුව ඇති අතරම, ශ‍්‍රී ලාංකීය ඩයස්පෝරාවද, ‘‘ශ‍්‍රී ලංකාවට පෙර මම’’ යන මතය බැහැර කළ යුතුව ඇත.

      කෙසේ නමුදු බන්ධුල කුදලාගම, මොනරවිල සහ සාරස වැනි විචක්ෂණශීලී මිනිසුන්ගේ සංවාදයට මෙය විවෘතය. (සාරස කරුණාකර මෝඩ ජෝක් නොමැතිව හරවත් යමක් ඔබගෙන් බලාපොරොත්තු වෙමි )

      Delete
    3. සරසතුමන්ගේ වැදගත් වියුණුසටහන කියවා ආලෝචන දෙස නෙත යොමු කළ සැණ මාහැඟි ආලෝචන කීපයක් ම දැක ගත ගන්නට හැකි විණ. සරසතුමාගේ වියුණුව දින දින ම ත්වරණිත අභාවෘද්ධියකට ම එළ‍ඹෙන බව පෙනේ. මගේ සුභාශිංසන සරසතුමනට පිළිගන්වමි; පිළිගනිත්වා!

      විදුහුරු බසින් විදුහුරු අදහස් සමුදායක් පළ කළ ධීමතාණෙනි, ඔබගේ අදහස් අගයමි. ජාතිකත්වය යනු ආවශ්‍යයික ව ම අනෙකා පසමිතුර ලෙස සලකා බිහි වන්නක් නො වේ. ඕනෑ ම ජනවර්ගයකට තම ජාතික අනන්‍යතා සංරක්ෂණයට සහ ප්‍රවර්ධනයට අභිලාෂයන් තිබේ. සමකාලීන ජාතිකත්ව කතිකාව ගොඩ නැඟෙන්නේ තම ජාතික අනන්‍යතා පිළිබඳ අභිලාෂයනට සේ ම අනෙකාගේ ජාතික අනන්‍යතා පිළිබඳ අභිලාෂයනට ද අන්‍යෝන්‍ය ලෙස ගෞරව කිරීම ඔස්සේ ය. සිංහල ජාතිකවාදයේ ඵෙතිහාසික ප්‍රගමනයේ එක් පූර්වකාලීන සමයක සිංහල ජාතිකත්වය විසින් අනෙකා පිළිබඳ සැලකිලිමත් නො වුණු බව සත්‍යයකි. එහෙත් එසමයේ සිට සිංහල ජාතිකත්වය වර්තමානය වන විට විශාල වර්ධනයක් ලබා ඇත. මගේ මිත්‍ර සරසතුමන්, මයුරවිලයන් වැනි සිංහල ජාතිකවාදයේ බුද්ධිමය සම්ප්‍රදානයේ පෙරගමන්කරුවන් විසින් සිංහල නො වන ජනවර්ගයන් වර්ගසංහාර කළ යුතු යි යන අස්ථානයක් අනුයනු ලබන්නේ නැත. සරසතුමන්, මයුරවිලයන් වැනි සුධීමතුන් විසින් අන්තිම දෙමළාගේ සමෙන් සිංහලයා සඳහා පාවහන් සෑදීමට කතා කළ රාජරත්නයන්ගේ පන්නයේ කතා කෙදිනක හෝ පැ‍වසෙන්නේ නැත. නූතන සැබෑ සිංහල ජාතිකත්වයේ මෙකී සාරයන් නූතන සැබෑ දෙමළ ජාතිකත්වය විසින් ද වටහා ගනු ලැබිය යුතු ය;

      යූරෝපයට හෝ වෙනත් විදේශයකට සංක්‍රමණය වූ ලාංකිකයන්ගේ විගලිත මනෝභාවය පිළිබඳ ඔබගේ අදහස් වැදගත් ය. එය ලැකානියානු අර්ථයෙන් ද අල්තූසරියානු අර්ථයෙන් ද අහිමි වීම/හිඩැස පිළිබඳ කතිකාවක් ලෙස ද සැලකිය හැකි ය. වෙනත් දේශයක වාසය කරන පුද්ගලයාට ඇති වන ජාතිකත්වය පිළිබඳ හැඟීම ඔහු විසින් යථාකරණය කරනු ලබන්නේ කෙසේ ද යන්න දේශපාලනික ව තීරණාත්මක ය. වෙනත් දේශයක ජීවත් වීමේ දී ඇති වන තම ජාතිකත්වය පිළිබඳ ශංකාමය හැඟීම පරිකල්පනීය ව ශමනය කර ගැනීම එක් ක්‍රමයකි. යුරෝපයේ සිංහල අවුරුදු උත්සව, කලා උලෙළ, ලාංකීය භූගෝලීය වපසරියෙන් පිටත පරීකල්පනීය රාජ්‍යයක් ගොඩනඟා ගැනීම, ලංකාවෙන් දේශපාලඥයෙකු යුරෝපයට ගෙන්වා ගෙන ආද්ශපාලනික කතාවකට සවන්දීම වැනි විවිධාකාර ක්‍රියා ස්වරූප පරිකල්පනීය ශමනයට අයත් ය. එවැනි ක්‍රියාකාරකම් දේශපාලනික ව එතරම් සඵල නැත. ඔබ පවසන ලෙස ම යුරෝපයේ හෝ කැනඩාවේ හෝ වාසය කරන සිංහල සහ දෙමළ විසිරණයන් ලංකාවේ වාස්තවික දේශපාලන යථාර්ථයන්ගෙන් පරාරෝපණය වූ පරිකල්පනීය දේශපාලනයක නිරත වීම ලංකාව සම්බන්ධයෙන් අවදානමකි. මක් නිසා ද යත් එකී සිංහල සහ දෙමළ විසිරණයන් ලංකාවේ දේශපාලන ගෝලය තුළ දෘෂ්ටිවාද ජනනය සඳහා සම්පත් දායකත්වයක් ලබා දිය හැකි නිසා ය. මෙය දෙමළ විසිරණය වෙතින් ප්‍රබල ව විද්‍යාමාන වේ.

      එසේ නම් දේශපාලනික ව විභවතාපූර්ණ විසිරණයන් වාස්තවික ලෙස ලංකීය දේශපාලනයට සම්බන්ධ කර ගන්නේ කෙසේ ද? නූතන තක්ෂණයේ අභිවර්ධනය නිසා සන්නිවේදනයේ ඇති වී තිබෙන නව මාර්ග එම කාර්යභාරයට දායක වන බව නිසැක ය. නානාවිධ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සංවාදමය ලෙස සමාජ-දේශපාලනය පිළිබද උනන්දු විසිරණයන් හා දේශීය ප්‍රජාවන් අතර කතිකාවක් ඇරඹී තිබේ. එහෙත් එය වඩා පුළුල් ව ද විධිමත් ව ද සිදු වීමට රාජ්‍යයෙන් ද ඉටු විය යුතු බොහෝ දේ ඇත. සුවිශාල ධනස්කන්ධයක් වැය කර නඩත්තු වන විදේශ සේවාවට ද බොහෝ නිර්මාණශීලි කාර්යයන් ඉදිරියේ දී කරන්නට සිදු වනු ඇත.

      දේශපාලනික ව විභවතාපූර්ණ විසිරණයන් වාස්තවික ලෙස ලංකීය දේශපාලනයට සම්බන්ධ කර ගැනීම පිළිබඳ කතිකාවක් ජාතිකත්වය පිළිගන්නා, ජාතික අනන්‍යතාවනට ගෞරව කරන අතිගරු සරසතුමාගේ වියුණුවෙන් මෙලෙස ඇරඹීම ඉකා සාධනීය ය.

      මා සන් මිතු සරසතුමනි, ඉදිරි මඟ පැහැදිලිය; බුද්ධිමය සංවාද සම්පුදාය ඉදිරියට ම ගෙන යන්නට ඔබතුමාට දිරිබල ලැබේවා. දෙදහස් දහහත යනු සරසතුමාගේ වියුණුව සාරවත් ම කතිකා මණ්ඩපය බවට පත් වන වසර වේවා!

      බන්‍ධුල කුදලාගම,
      සදම්ටනටය.

      Delete
    4. // සරසතුමන්ගේ වැදගත් වියුණුසටහන කියවා ආලෝචන දෙස නෙත යොමු කළ සැණ මාහැඟි ආලෝචන කීපයක් ම දැක ගත ගන්නට හැකි විණ. සරසතුමාගේ වියුණුව දින දින ම ත්වරණිත අභාවෘද්ධියකට ම එළ‍ඹෙන බව පෙනේ. මගේ සුභාශිංසන සරසතුමනට පිළිගන්වමි; පිළිගනිත්වා! //

      අති ගරු කලානිධි බන්‍ධුල කුදලාගම ශූරිනි,

      ඔබ ගේ මේ වදන් වැළ මගේ සිතේ සන්තුශ්ටියට ම හේතු වේ!

      අප සැම එක්ව ජාතිකත්ව අගයන සහ ඊට විරුද්ද වන සියලු වියතුන් ගේ කතිකා අගය කරනා වේදිකාවක් නිර්මානය කර දෙමු!

      Delete
    5. // කෙසේ නමුදු බන්ධුල කුදලාගම, මොනරවිල සහ සාරස වැනි විචක්ෂණශීලී මිනිසුන්ගේ සංවාදයට මෙය විවෘතය. (සාරස කරුණාකර මෝඩ ජෝක් නොමැතිව හරවත් යමක් ඔබගෙන් බලාපොරොත්තු වෙමි ) //

      ගරු කටයුතු ඇනෝ තුමනි,

      ඔබ මගෙන් විමසන ප්‍රශ්නය මා දකින්නේ හීයක් ලෙසයි.

      හීයක හී තුඩ ද හී දන්ඩ ද පිහාටු වැනි දෙයකින් සෑදුනු ෆ්ලෙචින්ග් (fletchings) වලින් ද සමන්විතය.

      ශ්‍රී ලන්කාවේ වෙසෙනා සියල්ලන් ගේ ජාතිකත්ව හැඟීම් හී තුඩ ලෙස තියුනුව, ඉලක්කය පසා කිරීමේ හැකියාව ඇතිව ශක්තිමත් විය යුතු ය.

      බහු ජාතික රටක් වන ශ්‍රී ලන්කාවේ සියලු ආගම් හී තලයට නිසි ප්‍රක්ශේපනයක් අත් කර දෙන ෆ්ලෙචින්ග් (fletchings) හෙවත් පිහාටු කීපය මෙන් හීයේ ගමනට එම ආගම් කීපය එක් ව එකාවන් ව උදවු කල යුතු ය.

      හී තලය්ත් ෆ්ලෙචින්ග්ස් (fletchings) ත් එක් වන්නේ හී දන්ඩ හරහා ය. එය ඇද නැතිව රිජුව ශක්තිමත් ව ඇවැසි සුනම්යතා ඇතිව පිහිටිය යුතුය.

      ශ්‍රී ලන්කාවෙන් පිටත වෙසෙනා සින්හල දෙමල සහ මුස්ලිම් ඩයස්පොරා ඇත්තෝ හී දන්ඩ මෙන් තලය සහ පිහාටු එක් ව නිසි ප්‍රොයෝජනයට ගැනෙන හී දන්ඩ මෙන් සම්බන්දීකාරක විය යුතු ය.

      ඔබ ගේ ප්‍රශ්නයට මගේ පිලිතුර එයයි!

      Delete
    6. Bow is Hela Urumaya, remember????

      Delete
    7. උඩ කමෙන්ට් කළ උගත් ඇනෝ මහතාණෙනි, ගරු වියත් බන්ධුල කුදලාගම සූරීනි, සාරසයෙනි, පාඨක මිත්‍රවරුනි,

      අප හට ඉතිරිව ඇත්තේ සාඩම්බර අතීතයක් පමණි. අපගේ වර්තමානය සාතිශය ඛේදජනකය. අපහට ඉතාම ඉතාම අවිනිශ්චිත අනාගතයක් වර්තමානයේ අප විසින් සකස් කරන අඩිතාලම මතින් අනාගත පරපුර විසින් ගොඩ නගා දායාද කරනු ඇත.

      සමස්ත පෘථිවි භූමියෙන් අතිශය සුළුතර ඉඩක් වූ වර්ග කිලෝමීටර 65,530ක් අපට නිවහන වී ඇත. දෙකෝටියකට ආසන්න වූ අපගේ සහෝදර වැසියන් ලෝක ජනසන්නිපාතය හමුවේ නොවැදගත් ප්‍රමාණයකි. එහෙත් ඓතිහාසිකව රාජ්‍යයක් වශයෙන් ලොව අන් කිසිඳු මානව කොටසකට නොදෙවෙනි ලෙස ගොඩ නැංවූ ශිෂ්ඨාචාරයක් මෙහි වූ බව අතීතය අපට දෙස් දෙමින් සනාථ කරයි.

      ආක්‍රමණ, සංක්‍රමණ වලට මුසු වෙමින්, දීර්ඝ කාලීනව බටහිර අධිරාජ්‍යවාදී බලවතුන්ගේ උග්‍ර බලපෑමට නතු වෙමින්, ලේ කඳුළු හා දහදිය ගංගා තරණය කොට අප දේශයක් වශයෙන් ඉතා තීරණාත්මක ඉමකට පැමිණ ඇත. මෙම කුඩා රට තුල බෞද්ධ, කතෝලික, හින්දු හා ඉස්ලාම් ලෙස ආගමික ඉගැන්වීම් 4 කි. සිංහල, දෙමළ හා මුස්ලිම් ලෙස ජාතීන් 3 කි. සිංහල හා දෙමළ වශයෙන් භාෂා 2 කි. එහෙත් 1 රටකි.

      අන්තවාදීන්ද, බෙදුම්වාදීන්ද, පරගැතියන්ද දේශයේ අභ්‍යන්තර සතුරන් වේ. වෙළඳපොළ ආදිපත්‍යය සමඟ රට බිලි ගන්නා නව යටත් විජිත වාදය ද ඉන්දියානු ව්‍යාප්තවාදය ද මේ අභ්‍යන්තර සතුරන් සමඟ අත්වැල් බැඳගෙන ඉතා සූක්ෂමව කටයුතු කරයි. පෙනෙන සතුරාට වඩා නොපෙනෙන සතුරා ඉතා භයානකයි. විටෙක ඔවුන් අප සංස්කෘතික සමාජ ක්‍රමයට කිසිසේත් නොගැළපෙන ව්‍යුහයක් බලෙන් එබ්බවීමට තතනයි.

      මේ සියළු අභියෝග හමුවේ නිදහස් අධ්‍යාපනයේ මහිමයෙන් බිහිවූ විද්‍යාර්ථයන් වූ අපට ඉටු කළ යුතු යම් කාර්‍යය භාරයක් තිබේද ?

      සහෝදරවරුණි. දැඩි අවධාරණයෙන් කියවා විචාරය කරගන්න;

      "මාතෘ සංස්කෘතිය ශ්‍රී ලාංකේය ජාතිය නැමැති බිළිඳා බිහි කිරීමේ විළිරුදාවෙන් බර වූ නිමේෂයයි මේ. ගැබ කපා මව් මරා නොමේරූ බිළිඳෙකුට උපත දී පීතෘ භූමියේ උරුමය සොරා ගැනීමට සතුරන් පෙළ ගැසෙන නිමේෂයයි මේ.

      ඔව්, ඒ ශ්‍රී ලාංකේය ජාතිය බිහි විය යුතුයි. එසේ විය යුත්තේ මව් සංස්කෘතිය යටපත් කොට, එහි ජන්ම දායාද ලද දරුවන්ගේ පිටකොදු බිද දමා , පීතෘ භූමිය අඳුරේ ගිල්වා නොවේ. සියවස් ගණනක අදීන චින්තන ධාරාවෙන් පන්නරය වූ රුහිරු කිරි කළ මාතෘ උරුමයෙන් නව බිළිඳා පෝෂණය විය යුතුයි. පීතෘ භූමි උරුමයෙන් ලද ධන නිධාන විවර කොට සමෘද්ධිමත් අනාගතයට පියවර නගන්නට ඒ බිළිඳා බිහිවන හෙට දිනෙට පෙර මග හෙළි පෙහෙළි කිරීම නොවේද ඉතිහාසය විසින් අප මත පැටවූ වගකීම?

      ඒ හෙළි පෙහෙළි කරන මාවත අවුරා නැගී සිටින සතුරන් පරාජය කිරීම අප කළ යුතු අරගලයයි. මතවාදීව කරන බුද්ධිමය සංවාදය අරගලයේ පළමු වෙඩි මුරයයි. ඊට වේදිකාවක් තැනු සාරස තුමනි, ඔබට අපගේ නොමද ගෞරවය හිමිවේ."

      Delete
    8. // AnonymousDecember 27, 2016 at 11:37 PM //

      ගරු කටයුත් ඇනෝ තුමනි,

      ඔබ ගේ ආලෝචනය අති විශිශ්ටය....
      අප සැම එක් ව මෙම බුද්දිමය සන්වාද අරගලය ඉදිරියට ම ගෙන යමු!

      Delete
    9. මෙය විශිෂ්ට අදහස් දැක්වීමකි. අප විසින් මෙම සංවාද මණ්ඩපයේ මතු කර ගනු ලැබූ ජාතිකත්ව කතිකාව ඉදිරියටත් පවත්වා ගත යුතු ය. ජාතිකත්වයේ බුද්ධිමය සම්ප්‍රදාය මතු කර ගැනීම ඉතා වැදගත් ය. මක් නිසා ද යත් හුදු භාවාත්මක ජාතිකත්ව සම්ප්‍රදාය විසින් සාධනීය ජාතිකත්ව කතිකාවට පහර දීමට නූතන අධිරාජ්‍යවාදයට ආයුධ සපයනු ලබන බැවිනි. නව බෞද්ධ අන්තවාදයට පහර ගසන බව පවසමින් මේ දිනවල ඇතමකු සිංහල ජාතිකත්වයට ද පහර ගසන බව පෙනේ. එම ඇතමකුට ඉඩ සලසා දෙනු ලබන්නේ භාවාත්මක අන්තවාදය විසිනි.

      ශ්‍රී ලාංකික ජාතිකත්වයක් බිහි කර ගැනීම හොඳ ය. එහෙත් එකඞ ශ්‍රී ලාංකික ජාතිකත්වයේ ස්වරූපය අප සකස් කර ගත යුත්තේ නූතන අධිරාජ්‍යවාදයේ න්‍යාය පත්‍රයට අනුව නො වේ. ශ්‍රී ලංකික ජාතිකත්වය යන සංකල්පයට මුවා වී අපේකම නැති කරන්නට නම් ඉඩ දිය නො හැකි ය. වර්තමානයේ ශ්‍රී ලාංකික ජාතිකත්වය ලෙස කෙරෙන බොහෝ "ව්‍යාපෘතිවල" අරමුණ අපගේ අනන්‍යතා දිය කර හැරීම ය.

      ජාතිකත්වයට විරුද්ධ සහෝදරත්වය ද හැකි තරම් සරසතුමාගේ මෙම සංවාද මණ්ඩපයට කැඳවා ගත යුතු ය. ඔවුහු ද අපගේ රටවැසියෝ ය. අසත්‍ය මාර්ගයෙන් සත්‍ය මාර්ගයට ඔවුන් ගෙන එන්නට හැකි වන්නේ ඔවුන් සමඟ කතිකා වීමෙන් ම ය. සරසතුමනි, ඔවුන් ප්‍රකෝප ව අවලාද නැඟුවත් ඔබතුමා සිත් රිදවා ගනු එපා.

      එළඹෙන 2017 වර්ෂයේ දී සරසතුමාගේ වියුණුව හෙළ වියුණු ලොවේ සාරවත් ම දේශපාලන වියුණුව බවට පත් කරවමු.

      බන්‍ධුල කුදලාගම,
      සදම්ටනය.

      Delete
  3. //එම මහජනතාව රැවටීමේ මහා පෙරහැරේ පලමු කසකාරයා ලෙස එලියට බැස්සේ මේ රට සින්හලයන් ට අයිති රටක් නොවන බව ප්‍රසිද්දියේ ප්‍රකාස කල මහරගම මහා පාඥ්ඥයා ය. //

    මෙතන නම් සරසා තුමා spoton වී ඇත!

    ReplyDelete
    Replies
    1. තැණ්කූ සිතිවිලි තුමෝ!

      Delete
  4. ලිපිය හා එකගයි. මටද අැතිවුනේ මේ සිතිවිලිමය. රටේ හදිසි වෙනස දැනුනි

    ReplyDelete
  5. ලිපිය හා එකගයි. මටද අැතිවුනේ මේ සිතිවිලිමය. රටේ හදිසි වෙනස දැනුනි

    ReplyDelete
    Replies
    1. බුද්දිමත් කස්ටිය කලින් ම දකී

      Delete
  6. අඩෝ සාරසෝ,

    ඡන්ද නිසි කලට නොපවත්වන, රටේ සම්පත් විකුණා දමන ගමන් තව මදිපාඩුවට රට බෙදල නැති ප්‍රශ්න ඇතිකරන විසුළු ව්‍යාවස්ථා කෙටුම්පතක් ගෙන එන වත්මන් ජනතාද්‍රෝහී ජාතිද්‍රෝහී ආණ්ඩුවට එරෙහිව ලක්ෂ ගණනින් පාරට බැස ගෙදර යන ලෙස බලකිරීමේ කාලය තමයි දැන් ඇවිත් තියෙන්නෙ.

    2015 ජනවාරි 08 වැනිදා හංසයාට කතිරය ගහපු අය හිතුවා 'අවුරුද්දක් විතර යනකොට අපට තිබෙන ආර්ථික ප්‍රශ්න හිරු දුටු පිණි මෙන් දුරින්භූත වෙලා භංග වෙලා යයි' කියලා. 2014දී ඩොලරයට ගෙවපු රුපියල් 132 වෙනුවට දැන් ඩොලරයට රුපියල් 152ක් ගෙවන්න වෙලා. මේ ආකාරයට රුපියල අව ප්‍රමාණය වනකොට පිටරටින් ගෙනෙන සියලු භාණ්ඩ හා සේවාවල මිල ඉහළ යනවා. ඒ විතරක් නෙවෙයි ගත්තු විදේශ ණය ප්‍රමාණයත් බලා සිටියදී ඉහළ යනවා. ණය බර දිනෙන් දින ඉහළ යන එක නවත්වා ගන්න නම් රුපියල ඩොලරය ඉදිරියේ මේ විදියට වැටෙන එක නතර කරන්න ඕනෑ. එදා පෝට් සිටි එක හදනකොට, 'මේ රට චීන කොලනියක් බවට පත් කරනවෝ මෙන්නෝ' කියලා විලාප තිය තිය යටිගිරියෙන් කෑගහපු රනිල් වික්‍රමසිංහ උන්නැහේ අද හම්බන්තොට වරාය චීනයට විකුණා දමල තවත් මදිවෙලා හම්බන්තොටින් අක්කර 15,000ක් චීනයට දෙන්න හදනවා. 'දැන් නම් අගමැතිතුමාගේ නම වෙනස් කරන්න කාලය හරි' සාරසෝ. රටේ වටිනා සම්පත් තුට්ටු දෙකට විකුණලා සිංහයකු වෙන්න හදන වික්‍රමසිංහගේ නම 'වික්කම-සිංහ විදියට වෙනස් වුණොත් හොඳයි' කියලයි මම කල්පනා කළේ. මේ අගමැතිවරයා මෙරට එතෙක් මෙතෙක් පහල වූ කුජීතම අග-මැට්ටා කියා කියතහැකි.

    ReplyDelete
    Replies
    1. මේ පල් හොරු බලයට ආවේ ජනාධිපතිගේ විධායක බලය අහෝසි කරනවා කියලයි. ජනාධිපතිගේ විධායක බලය අහෝසි නොකළාට පොඩ්ඩක් අඩු කළා කියල පෙන්නුවා. නමුත් දැන් ජනාධිපතිටත් වඩා බලතල තියෙන සුපිරි ඇමැති ධුරයක් හදන්න යනවා. මේ සුපිරි ඇමැති ධුරය හදන්න යන්නේ සංවර්ධන (විශේෂ විධිවිධාන) පනත නමින් පනතක් ගෙනල්ලා. ඒ පනතින් හැදෙන සුපිරි ඇමැති තමයි රනිල් වික්කමසිංහ. ඒ ඇමැතිවරයාට පුළුවන් රටේ ඕනෑම දේපළක් පවරා ගන්න. රට වැසියාට ඊට එරෙහිව නඩු කියන්න බැහැ. මේ ඇමැතිවරයාට මුක්තිය තිබෙනවා.

      ජනාධිපතිට මුක්තිය තිබෙන එක හරි නැහැ කියමින් බලයට ආපු මේ අය අද මොනවද කරන්නේ? දැන් ඇමැති කෙනකුටත් මුක්තිය දෙන්න හදනවා. මේකද ඉටු කරනවා කියපු යුක්තිය? ඒ සුපිරි ඇමැතිට සහ ඒ යටතේ හැදෙන ආයතනයේ නිලධාරීන්ට එරෙහිව යම් රටවැසියකුට නඩු කියන්න බැහැ. මේ සුපිරි ඇමැති යටතේ හදන ආයතනයට ඕනෑම මහජන දේපළක් පවරා ගැනීමට හැකියි. ඒ සඳහා ප්‍රමාණවත් වන්දියක් නොගෙවා සිටිය හැකියි. මහවැලි ඉඩම්, වතු ඉඩම්, නාගරික සංවර්ධන අධිකාරියට අයත් ඉඩම්, නිවාස සංවර්ධන අධිකාරියට අයත් ඉඩම් ආදී රාජ්‍ය අංශය සතු සියලු ඉඩම්වල කෙරුමක්කාරයා වන්නේ මේ සුපිරි ඇමැති.

      දැන් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිගේ තිබෙන දත් ගලවනවා. රනිල් වික්කමසිංහ අගමැතිවරයාට අලුත් දත් හයිකර ගන්නවා. මේ ආණ්ඩුව දුන් පොරොන්දු කිසිවක් ඉටුකර ගැනීමට නොහැකිව තවමත් විළි ලැජ්ජ නැතුව රාජපක්ෂ මුවහමට තඩිබාමින් සිටිනවා. දැන් තමයි මේ ආණ්ඩුවේ ඉන්න ශ්‍රී ලනිප ඇමැතිහොරුන්ගේ සියුම් ඉන්ද්‍රියයන් වැඩ කරන්න පටන් අරන් තියෙන්නේ. අවුරුදු 02 කට පස්සේ යන්තම් මුන්ට ගඳ සුවඳ දැනෙන්න පටන් අරන්. දැන් මුන් කියනවා 'මේ ආණ්ඩුව අසූචි වළක්' කියලා. ආණ්ඩුවේ එක කෑල්ලක් අනෙක් කෑල්ලට බැන වදින මේක විකාර ආණ්ඩුවක් කියලා අපට පෙනෙනවා. මේ රට මීට අවුරුදු 02 කට කලින් 7.5 - 8% ක ආර්ථික වර්ධන වේගයක් සමඟ ඉදිරිට ගිය රටක්. 'වෙනසක්' බලාපොරොත්තු වුණු මේ රටේ මිනිස්සු අද ඒ ආර්ථික වර්ධන වේගය 3- 3.4% කට පහළ බස්සලා තිබෙනවා. පරදවනු ලැබූ බෙදුම්වාදය යළි හිස ඔසවමින් තිබෙනවා. අලුත් ව්‍යවස්ථා කෙටුම්පතකට අදාළ යෝජනා ජනවාරි 09,10,11 යන දිනවල පාර්ලිමේන්තුව තුළ විවාදයට ගැනීමට නියමිතව තිබෙනවා.

      ඒ යෝජනාවල තිබෙනවා 'පළාත් සභා වෙනුවට පළාත් ආණ්ඩු හදනවා' කියලා. පරමාධිපත්‍ය බලය, මුදල් බලය, පොලිස් බලය, ඉඩම් බලය මේ පළාත් ආණ්ඩුවලට ලබා දීමට එම යෝජනාවලින් නිර්දේශ කර තිබෙනවා. පළාත් ආණ්ඩුවට පොලිස් බලය ලැබුණාම, මහ ඇමැති ජාතිවාදියකු නම් ඒ පොලිස් බලය ජාතිවාදීව යොදා ගනු ලබාවි. මේ රටේ අධිකරණය විතරයි කවදාවත් ජාතිවාදී නිර්ණායකවලට යටත් නොවුණේ. නමුත් මේ විවාදයට ගැනීමට නියමිත ව්‍යවස්ථා කෙටුම්පතට අදාළ එක් යෝජනාවකින් කියැවෙනවා. 'ආණ්ඩුකම ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කිරීම සඳහා ව්‍යවස්ථා අධිකරණයක් හැදිය යුතුයි. ඒකට සිංහල, දෙමළ, මුස්ලිම් යන ජනවර්ග නියෝජනය වන පරිදි විනිසුරුවරුන් පත්කළ යුතුයි කියලා. මීට පෙර කිසිදාක ජාතිකත්ව පදනමින් මේ රටේ අධිකරණ ක්‍ෂේත්‍රයට විනිශ්චයකාරවරුන් පත් කළේ නැහැ. දැන් ඉන්න අගවිනිසුරුතුමා දෙමළ ජාතිකයෙක්. නමුත් අපි ඔහු දෙස දෙමළ ජාතිකයකු ලෙස ජාතිවාදී ඇසකින් බලන්නේ නැහැ. අපි ඔහු දෙස බලන්නේ මෙරට අගවිනිසුරු කියන ඇසින්. දැන් මේ ව්‍යවස්ථා පැකේජයෙන් අධිකරණ ක්‍ෂේත්‍රය ජාතිවාදී පදනමින් නිර්මාණය කරන්න හදනවා. ඒ අනුව පැහැදිලියි මේ නව ව්‍යවස්ථාවෙන් බෙදුම්වාදීන් ඉතිහාසය පුරා ඉල්ලා සිටි බෙදුම්වාදී ඉල්ලීම් සියල්ල බන්දේසියක තබලා ලබා දෙන්නයි යන්නේ කියලා. රනිල් ගොයියා තව ටික කාලයක් මේ පුටුවේ හිටියොත් රටේ ජාතික සම්පත් සියල්ල විකුණා දමනවා පමණක් නෙවෙයි රණවිරුවන් දිවිපුදලා ලේ හලලා බේරා ගත්තු මේ මවු පොළොව අනාගත දරු පරපුරට අහිමි කරාවි.

      රනිල් වික්කමසිංහ මහත්තයා කෝට් බෑය දෙපැත්තට අදිමින් 'ඔරලෝසු බට්ටා' වගේ එහෙට - මෙහෙට පැද්දි පැද්දි කතා කරන විදිය තමුන්නාන්සේලා දැකලා ඇතිනේ. එයා හිතාගෙන ඉන්නේ එයාට අගමැතිකම ලැබුණාට පස්සේ මේ රටේ ඕනෑම දෙයක් කරන්න පුළුවන් කියලා. 'ඒක මුළාවක්' කියලා අපි ලක්ෂ ගණනින් පාරට බැහැලා ඒ අයට පෙන්වා දෙන්න ඕනෑ. අන්න ඒකයි රට වෙනුවෙන් මේ මොහොතේ අප වෙත පැවරිලා තිබෙන වගකීම කියල කවුරුත් වටහා ගත්තොත් අපේ අනාගත පරම්පරාවලටවත් හොඳක් වේවි.

      Delete
    2. අපි ඕවා කීවේ ජානාදිපතිවරනෙටත් කලින් හිටන්!

      Delete
  7. අඩෝ සාරසෝ,

    ඡන්ද නිසි කලට නොපවත්වන, රටේ සම්පත් විකුණා දමන ගමන් තව මදිපාඩුවට රට බෙදල නැති ප්‍රශ්න ඇතිකරන විසුළු ව්‍යාවස්ථා කෙටුම්පතක් ගෙන එන වත්මන් ජනතාද්‍රෝහී ජාතිද්‍රෝහී ආණ්ඩුවට එරෙහිව ලක්ෂ ගණනින් පාරට බැස ගෙදර යන ලෙස බලකිරීමේ කාලය තමයි දැන් ඇවිත් තියෙන්නෙ.

    2015 ජනවාරි 08 වැනිදා හංසයාට කතිරය ගහපු අය හිතුවා 'අවුරුද්දක් විතර යනකොට අපට තිබෙන ආර්ථික ප්‍රශ්න හිරු දුටු පිණි මෙන් දුරින්භූත වෙලා භංග වෙලා යයි' කියලා. 2014දී ඩොලරයට ගෙවපු රුපියල් 132 වෙනුවට දැන් ඩොලරයට රුපියල් 152ක් ගෙවන්න වෙලා. මේ ආකාරයට රුපියල අව ප්‍රමාණය වනකොට පිටරටින් ගෙනෙන සියලු භාණ්ඩ හා සේවාවල මිල ඉහළ යනවා. ඒ විතරක් නෙවෙයි ගත්තු විදේශ ණය ප්‍රමාණයත් බලා සිටියදී ඉහළ යනවා. ණය බර දිනෙන් දින ඉහළ යන එක නවත්වා ගන්න නම් රුපියල ඩොලරය ඉදිරියේ මේ විදියට වැටෙන එක නතර කරන්න ඕනෑ. එදා පෝට් සිටි එක හදනකොට, 'මේ රට චීන කොලනියක් බවට පත් කරනවෝ මෙන්නෝ' කියලා විලාප තිය තිය යටිගිරියෙන් කෑගහපු රනිල් වික්‍රමසිංහ උන්නැහේ අද හම්බන්තොට වරාය චීනයට විකුණා දමල තවත් මදිවෙලා හම්බන්තොටින් අක්කර 15,000ක් චීනයට දෙන්න හදනවා. 'දැන් නම් අගමැතිතුමාගේ නම වෙනස් කරන්න කාලය හරි' සාරසෝ. රටේ වටිනා සම්පත් තුට්ටු දෙකට විකුණලා සිංහයකු වෙන්න හදන වික්‍රමසිංහගේ නම 'වික්කම-සිංහ විදියට වෙනස් වුණොත් හොඳයි' කියලයි මම කල්පනා කළේ. මේ අගමැතිවරයා මෙරට එතෙක් මෙතෙක් පහල වූ කුජීතම අග-මැට්ටා කියා කියතහැකි.

    ReplyDelete
  8. සාරසගෙ ජාතිකවාදය පිළිබඳ විග්‍රහය සමග එකඟයි. ලංකාවේ එජාප රජයක් බලයට ආපු හැම අවස්ථාවකම රටේ සම්පත් විකුණුවා, ප්‍රාග්ධනය හොයන්න කියල. නමුත් එහෙම විකුනල හොයපු ප්‍රාග්ධනයෙන් ප්‍රයෝජනවත් වැඩක් ගන්න සමත් කමක් එජාපෙට කවදාවත් තිබිල නැහැ. ආණ්ඩුවේ ධූර කාලය ඇතුලෙම ඔවුන් ඒ සල්ලි කබාසීනියා කරලා දැම්මා. ඒකට මූලික හේතුව නායකයින්ගේ අසමත්කම. සාමාන්‍යයෙන් එජාප ආණ්ඩුවක තීරණ ගැනීමේ බලය තියෙන දෙතුන් දෙනා කොළඹ නගරයේ ප්‍රසිද්ධ පාසලක අධ්‍යාපනය ලැබීම පමණක් සුදුසුකම කරගත් අදක්‍ෂයින්. මේ රටේ මෙවැනි පුද්ගලයින්ට වැඩ කාරයෝ හැටියට ප්‍රතිරූපයක් ගොඩනඟා ගන්න අපහසු නෑ. නමුත් ඇත්තටම මේ අයට මෙලොවින් මෙලොව වැඩක් බෑ. බොරු සෝබනේ විතරයි. රටේ අනාගතයට බලපාන ප්‍රධාන ආර්ථික මර්මස්ථානයක සියයට 80ක් අවුරුදු 198කට විදේශ රටකට කුණු කොල්ලෙට බදු දෙන්න දක්‍ෂයෙක් ඉදිරිපත් වෙයි ද?

    ReplyDelete
    Replies
    1. රනිල් කියන්නේ සතපහක වටිනාකමක් නැති කම්මැළි උද්දච්චයෙක් කියලා අපි නම් දැනගෙන ගොඩාක් කල් හිටන්!

      Delete
  9. සරසෝ,

    වැදගත් දෙයක් අමතක වී ඇත! 2017දිත් රනිල් විකුණන්-කන-සින්හගෙයි අරජුන් මාමා-බැන දෙනගෙයි බැදුම්කර මගඩිය අමතක නොකරමු හිටන්!

    ReplyDelete
    Replies
    1. දීපන්කරෝ බැඳුම්කරෝ!

      Delete
  10. බොහෝම හරි සාරස. ලඟදීම අලුත් නාඩගමට කට්ටිය වෙස් බඳිනවා. "යහපාලනේ හරි මදි, අපි ඊලඟ ස්ටෙප් එකට යන්න හදන්නේ..අපි මේ පාර ගේන්නේ යහපාලන ප්ලස් කියලා".
    පැරාලා වගේ කට්ටිය ඕක ඕන කරන මතවාදේ හදන්න පටන් ගනියි. "මේ යහාලනේට යන ගමනේ එක් පියවරක් අපි පසු කලා...දැන් ඊලඟ අවධියට කාලයයි.." කියල

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ...
      අපි නොදන්න පාඥ්ඥයෝ සහ ආලපාලුවෝ!

      Delete
  11. සා රසෝ. බලාගෙන හිටහන්. හෙට අනිද්දට කතරගම ගිහිං එනගමන් චයිනීස් බඩුවකුත් ගහල එන්ට පුළුවන් හිටං.

    තව මොනවද බං ඉතිං සිංහල අපිට අඩු..??

    වෙනස මාරයි.

    ReplyDelete
  12. සාරසට නව වසර සුබ වේවා.
    ලබන අවුරුද්දෙත් මේ වගේ ඒවා ලියවේවා.
    හැබැයි ලබන වසරෙදිත් රනිල්ව, ටොයියන්ව විවේචනය කොරන්න විතරයි ලැබෙන්නෙ සාරස ඉට්ටැයිල් එකෙන්.
    ඒ කියන්නෙ ඊළඟ අවුරුද්දෙත් මරාලට බලයට එන්න බෑ බෑ බෑමයි.

    ReplyDelete
    Replies
    1. Can't predict. Anything could happen. Sometimes MR might join with these buggers or even completely strange things would happen. Nobody predicted MS would be the president in mid 2014 & the same unpredictability continues with the current tense political climate of SL.

      Delete
    2. // ඒ කියන්නෙ ඊළඟ අවුරුද්දෙත් මරාලට බලයට එන්න බෑ බෑ බෑමයි. //

      ඉන්දික තොටවත්ත කිවුවලු "හොඳයි බලමු" කියලා හිටන්!

      Delete
  13. ඝෝඨා ගේන්න පුළුවන් නම් හරි....

    එහෙම නැත්න්ම් රනිල භෝගම පමණි..

    මන්ද රාජපක්ෂලා කළ දෙයක් මිස සිරි ලංකා කාරයන්ට මෙලෝ දෙයක් කළ නොහැකි බැවින්මය.

    මොකා ආවත් මේ ක්‍රමය හැර වෙනත් ක්‍රමයක් ඇත්තේ නැතිය.

    ස රස තුමාට සුභ නව වසරක් වේවා.

    ජනවාරි 26 සෙනසුරු මාරුව බොහෝ වෙනස්කම් සිඳු කළ හැක.

    ReplyDelete
  14. "...මන්ද රාජපක්ෂලා කළ දෙයක් මිස සිරි ලංකා කාරයන්ට මෙලෝ දෙයක් කළ නොහැකි බැවින්මය..."

    අනේ හුකේ රනිල්ට කරන පුළුවන් ලබ්බ තමයි (ලෙවෙන එක). අනිත් UNP කාරයොත් එච්චරයි!

    ReplyDelete
    Replies
    1. පැත්තක් ගන්නේ නැතිව බැලුවොත් රනිල් සෑහෙන දෙයක් කරලා තියෙනවා මේ ටිකටත්... මොකෝ ඒ එකක්වත් සිරිසේන කරපුවා නෙමෙයි...

      ඒ යකාට දෙයක් කරන්න දෙන්නේ නැති කරුමයක් තියෙන්නේ..

      Delete
    2. // පැත්තක් ගන්නේ නැතිව බැලුවොත් රනිල් සෑහෙන දෙයක් කරලා තියෙනවා මේ ටිකටත්... මොකෝ ඒ එකක්වත් සිරිසේන කරපුවා නෙමෙයි... //

      ඇත්ත...

      නීත්යානුකූලව මහ බැණ්කුවට කෙලලා බිලියන් 10.1 ක ලාබයක් සේවකයෝ විසි දෙනෙක් ඉන්න කොම්පැණියකින් ලබා ගත්තු එකම මදැයි හිටන්!

      Delete
    3. එතුමාගෙ අළුත්ම වික්‍රමය මේකෙ තියෙනව. පොනිල්ගෙ මල්ලිගෙ පුතා මිලියන 132 ක් මාටිය ගහන හැටි වාර්තා කරන්නේ වෙන කවුරුවත් නෙවෙයි "කොටි සිරස"
      http://lankacnews.com/%e0%b6%b4%e0%b7%8f%e0%b7%83%e0%b7%90%e0%b6%bd%e0%b7%8a-%e0%b6%b4%e0%b7%99%e0%b6%bd-%e0%b6%b4%e0%b7%9c%e0%b6%ad%e0%b7%8a-%e0%b6%b4%e0%b7%8a%e0%b6%bd%e0%b7%8f%e0%b7%83%e0%b7%8a%e0%b6%a7%e0%b7%92/

      Delete
    4. ස රස ... පොඩ්ඩක් හොයලා කියනවද මචං... මහින්දගේ කාලේ ඔය ක්‍රමයටම කීයක් ගහලා තියෙනවද කියලා...

      මොකෝ ඒ කාලේ කරපු එකක්ම නේ මෙයාලත් කොලේ හිටන්...

      වඩේ හරි කියනවා නෙමෙයි... එහෙම දෙයක් වෙලා තියෙනවා...

      Delete
    5. // ස රස ... පොඩ්ඩක් හොයලා කියනවද මචං... මහින්දගේ කාලේ ඔය ක්‍රමයටම කීයක් ගහලා තියෙනවද කියලා... //

      දක්සයා හොරකම් කොරන්නේ සරස තුමා නොව සක්කරයා ගේ පුතා වයිමාට වත් සෙවුවාට අහු නොවනා විදියට බව දත යුතුය හිටන්!

      Delete
    6. "
      Maathalan - Priyantha HewageDecember 27, 2016 at 9:18 PM
      ස රස ... පොඩ්ඩක් හොයලා කියනවද මචං... මහින්දගේ කාලේ ඔය ක්‍රමයටම කීයක් ගහලා තියෙනවද කියලා...

      මොකෝ ඒ කාලේ කරපු එකක්ම නේ මෙයාලත් කොලේ හිටන්...

      වඩේ හරි කියනවා නෙමෙයි... එහෙම දෙයක් වෙලා තියෙනවා..."

      You tell us Mathalan! Even Ian could not prove anything. Ranil tried to be too clever and got exposed. His die-hard supporters were claiming at least he was not a theif but, horribly let down and made to eat their own words. Not only that, Ranil's conduct during the past two years proved him as a total failure and a similar if not worse crook as the previous bunch.

      Delete
    7. හිතවත් මාතලන්,

      මචන් මහින්ද බැසිල් නාමල් ඇතුලු කල්ලියම හොරු කියලා අපි පිළිගන්නවා. උන් හොරකම් කලේ රටට කලක් පවතින යමක් කරලා, වැඩ කරන්න සල්ලිත් කොහෙන් කොහොම හරි (හොඳින් බැරිනම් නරකින්) හොයාගෙන වැඩේ ගොඩදාගත්ත.

      හැබැයි ප්‍රශ්නෙ තියෙන්නෙ යූඑන්පී එවුනුත් අරුන් වගේම හොරු තමයි, උන් කරන්නෙ වැඩක් නොකර තියෙන දෑ විකුණන් කොමිස් පාර ගසාකෑම නැත්නම් එදා මරාගෙ පල්ලෙහ ලෙවෙල් එකේ උන් දීපු පොඩි ගේම් ටිකක් ලොකුවට කරන එකයි. මරා ඇතුලු කල්ලියම හොරා කෑව කියල අපි පිළිගන්නව. ඒ වගේම හොරාකෑම ලිමිට් කල යුතුයි කියල අපිත් පිලිගන්නව. මචන් උඹලත් දැන්වත් පිලිගනින් රනිල් ඇතුලු එජාපයත් හොරු කියල. ඇත්තෙන්ම මුන් දෙගොල්ලොම හොරකම් කරන්නෙ මැතිවරණවලට වියදම් කරන්නයි. හැමෝටම මැතිවරණ වියදම් සීමිතව සහ ට්‍රාන්ස්පේරන්ට් විදිහට කරන්න තිබ්බනම් වැඩේ ගොඩක් දුරට පාලනය වෙනව. රනිල්ලාගේ ඒ තියරිය හරි.

      හැබැයි රනිල්ගේ සමහර වැඩවලට මම එකඟයි, ඔය මැති ඇමතිවරුන්ගේ වැටුප් වැඩිකරන එක හොඳයි හැබැයි උන්ට හොරාකන්න නොදී. නැත්නම් උන් දෙපැත්තෙන්ම ගසනව.

      රනිල්-සිරා කෝලම වගේ විගඩම් නටන්නෙ නැතුව ගෝඨා වගේ වැඩක් කරන්න පුළුවන් පොරක් එක්ක නම් රනිල් උනත් යමක් කරාවි.

      Delete
    8. මේ නාකි සෙට් එක තව ටික කලකින් මැරිලා යාවි, අපේ දරු පරපුරට මේ ලොක්කෝ කරන පව් වල ට වන්දි ගෙවන්න වෙනවා. දැන් කට බලියාගෙන කතා කොරවී, රටකටත් ගිය කල. අපෙ පවට උපන් නිකම්මු

      Delete
    9. වරාය විකිණීමෙන් ආර්ථික අතින් මේ රට ගොඩ යාමට තිබු එක ක්ෂේත්‍රයක් විනාශය කරා ගෙනයයි අවුරුදු 200 බද්දක් කියන්නෙ සින්නක්කර විකුණුවා හා සමානයි. තව අවුරුදු 200 යකින් ලෝකයට මොනව වෙයි ද කියලා කවුද දන්නෙ.මේ ගිවිසුමෙන් පේන්නෙ රට වැටිල තියෙන භායානක තත්වය නේද ?

      අද අගමැති තනතුර බල වියරුවක් ඇතිවන තරමට දුර ගොස් ඇත. මෙම වියරුව තුල අද අපට හමුවන්නේ එම ධූරය දරන්නා සිය පුද්ගලික මනදොළ පුරවා ගැනීමට එම බලය යොදාගනිමින් අපේ රටේ ජාතික සම්පත් විදේශීය රට වලට විකුණා දැමීමට දරන උත්සාහයි. මහ බැංකු හොර රනිල් යනු සිංහල බෞද්ධ විරෝධී පුද්ගලයකි රට සහ යුධ විරුවන් පාවා දුන් රනිල්-සිරිසේන ගෙන් රටට සෙතක් වේද?

      අද ආණ්ඩුවට බටහිරින් හරි ඉන්දියාවෙන් හරි ආධාර ලබාගන්න බැහැ. ජාත්‍යන්තරවාදීන් ආධාර කරන්නෙ ආණ්ඩු බිඳ දැමීමට මිස ආණ්ඩු පත්වාගෙන යෑමට නොවෙයි. චීනයට බැණ බැණ හිටපු රනිල්ට හා එ ජා පක්‍ෂයට චීනය අද එකම සරණ බවට පත්වෙලා. අද ආණ්ඩුව පවත්වාගෙන යන්න සිද්ධ වෙලා තියෙන්නෙ රට චීනයට විකුණලා (බදු දීලා). චීන සමාගමට හම්බන්තොටින් අක්කර 15000ක් පමණ බදු දීමට ආණ්ඩුව පොරොන්දු වෙලා. ඒ ඉඩම් සිංහලයන්ගෙ පාරම්පරික ඉඩම්. එතරම් ඉතිහාසයක් නැති වුනත් නැගෙනහිර පළාතෙ ඉඩම් බදු දුන්න නම් මේ වන විට මොනව වෙන්න තිබුණ ද?

      දේශපාලන පාලකයින් වෙනුවට ජාවාරාම්කාරයින් ඉදිරියට පැමිණ ඇත. අපේ රට එන්න එන්නම පිරිහෙනවා. මේ රජය දෙමළ සන්හිදියාවත් සමග අපේ රට බෙදුම්වාදය කරා ගෙන යන්න හදනවා…. රටේ සම්පත් එකිනෙක විකුනා දැමීමට අර අදිනවා ඒ අතර සමහර අන්තවාදී මුස්ලිම් ඇමතිලා ISIS අංකුර මුවහත් කර සිංහල බෞද්ධ විරෝධී ඉස්ලාම් ආගමික ත්‍රස්තවාදයකට අර අදිනවා ..උතුරේ ඊළම් ත්‍රස්තවාදී TNA නිදහසේ අපේ රට අල්ලා ගැනීමට දෙමළ ජාතිවාදී දේශපාලන ත්‍රස්තවාදය පතුරවනවා .වන්නියේ ලද විජයග්‍රහණය දියවන්නාවේදී පාවා දෙන තෙක් ඔබ බලා සිටිනවාද ?.සිංහලයා පක්ෂ බදාගෙන.. සමහරු තමන්ට ලැබෙන තාන්නමාන්න වලට අන්ධවී එකිනෙකා කා කොටා ගන්නවා මේ අතර සුළු ජාතින් අපේ රටේ උරුමය කොල්ලාකනවා …දේශපාලුවෝ රටේ සම්පත් විකුනනවා රට අගාදයට යනවා ..අවුරුදු 5,000 වැඩි හෙළ ඉතිහාසයක් ඇති සිංහල මව් බිම විනාශය කරා ලගා වෙනවා.

      පැහැදිලිව පෙන්නේ යහපාලනේ මුවාවෙන් … රනිල්ගේ “සිංහළයා මෝඩයා” නාටකය දේශපාලන කරළියේ ප්‍රදර්ශනය කිරීමට උත්සාහ ගන්නා බවයි

      Delete
    10. //
      AnonymousDecember 28, 2016 at 12:20 AM //


      +++++++++++++++++

      Delete
    11. රනිල් හොරෙක් නෙමෙයි කිව්වට මහ බැංකු කේස් එකෙන් රනිලුත් ඒ නම ගාවගෙන ඉවරයි.. මාතලන් කවදාවත් හොරු සුද්ද කරන්න යන්නේ නෑ.. මොකෝ මාතලන්ට පක්ෂයක් නැති නිසා...

      මහින්ද කරපු හොඳ දේ හොඳයි නරක දේ ගඳයි..

      මහින්දට උන් දේ රනිල්ටත් වෙයි... රත්නසිරිත් මලේ...

      Delete
    12. "..රනිල් හොරෙක් නෙමෙයි කිව්වට මහ බැංකු කේස් එකෙන් රනිලුත් ඒ නම ගාවගෙන ඉවරයි.."

      රනිල් හොරෙක් බව මාතලන් පිළිගත්තු එකගැන සතුටුයි. හැබයි ඔයා කලින් කියල තියෙනවා රනිල් අවුරුදු දෙකට කල වැඩ ගැන. අපිනම් දන්නේ ලෝකේ වටේ සවාරි ගහපු එකයි කරන්න හදපු හැම වැඩක්ම අනාගත්තු එකයි විතරයි. රට සවාරි ගැහුවත් කියන්න ඉතුරුවුණේ මහින්දගේ පොර්ට්-සිටි වගේ ඒවා. ඔන්න මෙලගදී කහපාට ඉරි සුදු පාට කිරීමේ මහා මන්ගල්ලෙත්, ලෝකෙම්ම නැතත් ලෝකෙම ලොකු නත්තල් රොකට් එක වැරදුනා නත්තල් ගහ හදපු දෙක විතරයි!

      Delete
  15. යුගයේ පාඥ්ඥයා අලුත් ගේමකට අර අදින බව තේරුම් ගන්න බැරි උන් බුකියේ හුරේ දානවා ඒ උත්තමයට...
    පචයා ගැනනම් කතා කරලා වැඩක් නැහැ, කැනහිල් ආල පාළුවා...

    ReplyDelete
    Replies
    1. // පචයා ගැනනම් කතා කරලා වැඩක් නැහැ, කැනහිල් ආල පාළුවා... //

      ආලාපාලුවා එක්ක සසඳද්දී කැනහිල්ලු අහින්සකයි!

      Delete
  16. බන්ධුල කුදලාගමට කලානිධි දුන්නෙ කව්ද?
    එයා මොන කලා කාරයෙක්ද? පැහැදිලි කරන්නකො.
    නැතිනම් Xකලා නිදිද?

    ReplyDelete
    Replies
    1. //බන්ධුල කුදලාගමට කලානිධි දුන්නෙ කව්ද? //

      ගරු කටයුතු, උගත් සහ වියත් බන්ධුල කුදලාගම මහතා ගේ හර බර ආලෝචන කියවා ස ර ස තුමා විසින් එතුමා කලානිධි තනතුරට ගැලපෙතැයි සම්මතයට පැමිනියේයැ!!!

      Delete
    2. කලානිධි යන වචනය නිරුක්තික ව විමසා බැලීමේ දී එය සංස්කෘත කලා සහ නිධි වචනවලින් සාධිත සමාසයකි. සංස්කෘතයේ නිධි යනු විටිනා වස්තු සංචිතය හෙවත් නිධානය අර්ථවත් චචනයකි. සංස්කෘතයේ කලා යනු පුළුල් අර්ථයක යෙදෙන්නකි. ශෛවතන්ත්‍රානුගත ව සිව්සැට කලා විධි විවරණිත ය. ගීතවාද්‍යනෘත්‍යනාටකාදී සිව්සැට කලා අතර වාස්තු විද්‍යා, පුස්තක වාචන පමණක් නො ව දේශ භාෂා ඥාන ද පවතී. එකී කලාවන්ගේ සංචිත වූ හෙවත් නිධාන වූ යන අර්ථයෙන් කලානිධි යන වචනය විද්වත් සරසතුමන් විසින් ව්‍යවහාර කෙරේ. මෙම සමාසයේ අන්‍යාර්ථය ලෙස චන්ද්‍ර, සඳ, සෞම්‍යපති ඈ අරුත් බිණේ.

      බොහෝ කලකට පෙර රාජ්‍ය භාෂා දෙපාර්තුමෙන්තුවට අනුයුක්ත ව සේවය කළ, සිංහලය ද දෙමළය ද ඉංගිරිසිය ද මැනැවින් හසළ මගේ දෙමළ හිතෛෂියෙක් මීට දශක හකරකට පමණ පෙර මා බැලියෝලයේ සිට පැමිණි කල දෙමළ භාෂා‍වෙන් මා සමඟ පිළිසඳර වන්නේ කලානිධි යන වදනක් නිතොර ව්‍යවහාර කර තොරතුරු විමසන්නට වූයේ ය. දෙමළ නිරුක්තික ව පදසාධනයේ දී විවාදිත කරුණක් වුව ද කලානිධි යන්න ඔහු විසින් ව්‍යවහාර කරනු ලැබුයේ දර්ශනසූරී, දර්ශන විශාරද අර්ථයෙන් ය. එම අර්ථයෙන් සරසතුමෝ ද කලානිධි ය. රීඩ් මාවතෙන් ඔගස්ටා කන්දට පැමිණි සරසතුමෝ මීට දශක දෙකකට පමණ පෙර හොංකොං සරසවියට ඇතුළු වී එම සුදුසුකම දිනා ගත්තෙකි.

      සරසතුමා ද මම ද ගෞරව නාම පිළිබඳ උනන්දු වන වියක නො සිටිමු. අප මේ ගෞරව නාම ව්‍යවහාර කරනු‍යේ අප අතර ඇති සුමිතුරු සබැඳියාව ද අන්‍යෝන්‍ය ගෞරවාචාරසමාචාර ද සලකා ය. එපිළිබඳ කිසිවෙක් දුටු සිත් පහළ කර නො ගනිත්වා!

      ගරු සරසතුමනි, පුෂ්ප මකරන්දය සොයා බිඟුන් ඇදෙනා සේ ඔබතුමාගේ වියුණුව වෙත සුධීමත් ජන සන්නිපාතයක් ඇදෙනා සේ ය.

      අයකු විසින් පහත උපුටා පළ කරනු ලැබ ඇති දෙමටදෙණිකන්දේ ධම්මජෝති හිමියන්ගේ ජාතිය පිළිබඳ විග්‍රහය සැලකීමට බඳුන් විය යුතු එකකි. වාසෙට්ඨ සූත්‍රයේ සඳහන් "යථා එතාසු ජාතීසු - ලිංගං ජාතිමයං පුථු - එවං නංත්ථි මනුසෙසු - ලිංගං ජාතිමයං පුථු" ඈ පාලි පාඨය ප්‍රාඥයකු වූ අදිකාරම්තුමා විග්‍රහ කර ගත්තේ ධම්මජෝති හිමියනට වඩා තරමක් වෙනස් ලෙස ය. එතුමා එකල ගු.ලි. සමඟ කළ රූපවාහිනී සාකච්ඡාවක දී ද මිනිසාට ජාති වර්ග නැති බව ම පැවසුවේ ය. අදිකාරම්තුමාගේ මතය මෙයාකාර ය:

      //මනුෂ්‍යයා ඇතුළු සත්ත්වයන්ගේ ජාතිභේදය ගැන විස්‌තර කිරීමෙහිදී "ලිංග ජාතිමයං" යන වචන නැවත නැවත සඳහන් වෙයි. වර්තමාන ව්‍යවහාරයෙහිදී "ලිංග" යන වචනය සාමාන්‍ය වශයෙන් පාවිච්චි වන්නේ ස්‌ත්‍රී-පුරුෂ භේදය දැක්‌වීම සඳහාය. එහෙත් පාලි සහ සංස්‌කෘත භාෂාවන්හි මෙම වචනය මූලික වශයෙන් ව්‍යවහාර වන්නේ ඊට වඩා පළල් අර්ථයකින්ය. යම්කිසි දෙයක්‌ අනික්‌ දේවලින් වෙන් කර හඳුනා ගැනීමට ආධාර වන විශේෂ ලක්‍ෂණය දැක්‌වීමටය. එවිට "ලිංගං ජාති මයං" යන්නෙහි අර්ථය වන්නේ "ජාතියෙන් හැදුණු හෙවත් උත්පත්තියෙන්ම හටගත් විශේෂ ලක්‍ෂණය" යන්නය. තෘණ පැළෑටිය සහ කොස්‌ගස යන ගස්‌ ජාති දෙක වෙන් කර දැක්‌වෙන්නේ උත්පත්තියෙන්ම ඒ දෙවර්ගයෙහි පිහිටි ලිංගයෙන්ය. හෙවත් ලක්‍ෂණයෙන්ය. එමෙන්ම කුඩා සතුන් අතරෙහි පණු ජාතිය සහ පළඟැටි ජාතියද සිවුපා සතුන් අතරෙහි කොටි ජාතිය සහ ගව ජාතියද උරගයන් අතරෙහි නයා සහ පොළඟා ද, මත්ස්‍යයන් අතරෙහි තෝරා සහ මෝරා ද, පක්‍ෂීන් අතරෙහි කපුටා සහ මොණරාද, එකිනෙකින් වෙන් කර දැක්‌වෙන්නේ උත්පත්තියෙන්ම පිහිටි ලිංගයෙන්ය, හෙවත් විශේෂ ලක්‍ෂණයෙන්ය. එහෙත් ලෝකයෙහි වාසය කරන මනුෂ්‍ය කොට්‌ඨාසයන් අතරෙහි උත්පත්තිය නිසා ඇති වුණු ලිංගයන් හෙවත් විශේෂ ලක්‍ෂණයක්‌ නැත්තේය.

      "යථා එතාසු ජාතීසු - ලිංගං ජාතිමයං පුථු
      එවං නංත්ථි මනුසෙසු - ලිංගං ජාතිමයං පුථු"

      යම් සේ මේ ජාතීන් අතරෙහි ඒ ඒ ජාතිය නිසා ඇතිවූ ස්‌වාභාවික ලක්‍ෂණ ඇත්තාහු වෙත්ද එලෙසම මනුෂ්‍යයන් අතරෙහි ජාතිය නිසා ඇතිවූ විවිධ ස්‌වාභාවික ලක්‍ෂණ නැත.

      ලෝකයේ කොතැන සිටියත් මනුෂ්‍යයා එකම ජාතියක්‌ වන්නේ එහෙයින්ය.//

      මම අධිකාරම්තුමාට බොහෝ ගෞරව කරමි. එතුමෝ කුහුඹු පෙළ මඟ හරහා ගොස් අවසන් වන තෙක් මොටො රිය නවතා ගෙන බලා සිටි තරම් අවිහිංසාවාදී සුධීමතෙකි. එහෙත් ජාති පිළිබඳ වාසෙට්ඨ මාණව සහ භාරද්වාජ මාණව අතර ඇති වූ චතුර්වේදමූල වාදයට පිළිතුරු ලෙස වාසෙට්ඨ සූත්‍රයේ දී බුදුරජාණන් වහන්සේ වදාළ "එවං නංත්ථි මනුසෙසු - ලිංගං ජාතිමයං පුථු" යන දහම් කරුණ ජන ගණ සම්බන්ධයෙන් එලෙස ම අනුයන්නේ ද යන්න අපි ගැඹුරින් සලකා බැලිය යුතු වෙමු. ධම්මජෝති හිමියන්ගේ ජාතිය පිළිබඳ විග්‍රහය එසඳහා පදනමකි.

      බන්‍ධුල කුදලාගම,
      සදම්ටනය.

      Delete
    3. // ගරු සරසතුමනි, පුෂ්ප මකරන්දය සොයා බිඟුන් ඇදෙනා සේ ඔබතුමාගේ වියුණුව වෙත සුධීමත් ජන සන්නිපාතයක් ඇදෙනා සේ ය. //

      බොහෝ දෙනා මෙහි පැමිනෙනේ ඔබ තුමා ගේ ව්‍යක්ත ආලෝචන කියැවීමටමැයි අති ගරු කලානිධි බන්‍ධුල කුදලාගම මැතිතුමනි!


      // දශක හකරකට පමණ පෙර මා බැලියෝලයේ සිට පැමිණි කල //

      ඔබතුමා ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්යාලීය පශ්චාත් උපාධිදරයෙකු බව හැඟේ....ඔබගේ මිතුරෙකු වීම අප ගේ පෙර පිනෙක් මැය!

      // එහෙත් ලෝකයෙහි වාසය කරන මනුෂ්‍ය කොට්‌ඨාසයන් අතරෙහි උත්පත්තිය නිසා ඇති වුණු ලිංගයන් හෙවත් විශේෂ ලක්‍ෂණයක්‌ නැත්තේය. //


      මෙහි දී ඔබතුමා පවසන්නේ සැබෑවක් ම ය....
      මා දින දෙකකට පමන පෙර පහත දැක්වෙන විදු ලිපිය ලියෙවුවෙමි.. එයින් ඔබගේ අදහස ස්ත්යයක් ලෙස ස්ඵුට වෙයි!

      The Biggest Mistake In The History Of Science

      Science is one of the most remarkable inventions of humankind. It has been a source of inspiration and understanding, lifted the veil of ignorance and superstition, been a catalyst for social change and economic growth, and saved countless lives.

      Yet, history also shows us that its been a mixed blessing. Some discoveries have done far more harm than good. And there’s one mistake you will never read about in those internet lists of the all-time biggest blunders of science.

      The worst error in the history of science was undoubtedly classifying humans into the different races.

      http://www.iflscience.com/editors-blog/the-biggest-mistake-in-the-history-of-science/

      Delete
  17. වෛද්‍ය සාරස මහතාණෙනි,

    මුලින්ම ඔබගේ වියුණුවෙහි යම් සටහනක් තබන්නට අපට අවසර පතමි. මගේ අදහස නම් අප සිංහලයින් නොව ශ්‍රී ලාංකිකයින් වම්හයි උජාරුවෙන් තෙපලන උදවිය පහත ලිපිය කියවීම සුදුසු බවයි. මේ වනාහි අපේ අධ්‍යාපන ක්‍රමයේ වරදයි. ඒ බටහිර අධ්‍යාපන ක්‍රමයට ‘පව්’ සිදු වන්නට, ප්‍රාථමික අධ්‍යාපනය සමග දෙමව්පියන් සහ ගෙදර ද, ද්විතීයීක අධ්‍යාපන සමග ගම ද, තෘතීක අධ්‍යාපන සමග රට ද ජාතිය ද එපා වෙයි.

    පහත දැක්වෙන්නේ සිරි ධම්මරතන මහ පිරිවෙනේ ආචාර්ය, ගෞරව ශාස්‌ත්‍රවේදී, ශාස්‌ත්‍රපති දෙමටදෙණිකන්දේ ධම්මජෝති ස්වාමීන් වහන්සේ 09/09/06 දිනැති දිවයින පුවත්පතට ලියන ලද ලිපියකි. මේ ඔබගේ අවධානය පිණිසයි.

    =====================================================

    ශාස්‌ත්‍රපති දෙමටදෙණිකන්දේ ධම්මජෝති හිමි (දිවයින – 09/09/06)

    වර්තමාන ශ්‍රී ලංකා සමාජය තුළ ප්‍රබලව සාකච්ඡාවට බඳුන්ව ඇති කාරණාවකි “ජාතිය” පිළිබඳ අදහස. මෙහිදී මෙම ලිපියේ අරමුණ වන්නේ උක්‌ත අදහස සම්බන්ධයෙන් බෞද්ධ විචාරය දැක්‌වීමය. එමෙන්ම අප බහුලව දැන් දැන් භාවිත කරන බහු සංස්‌කෘතික, බහු ආගමික රටක්‌ය යන භාවිතය පිළිබඳව ද ඒ ඔස්‌සේ “ශ්‍රී ලාංකික” යන පදනම මත රට සංවර්ධනය කිරීමේ සංවාදය පිළිබඳ අදහසක්‌ දැක්‌වීමය.

    ජාති වශයෙන් ගත් කල අප රට තුළ සිංහල, දෙමළ, මුස්‌ලිම්, ක්‍රිස්‌තියානි, බර්ගර්, මැලේ ආදී විවිධ ජාතීහු වාසය කරති. ඒ බව තර්කයෙන් තොරය. එහෙත් ඉතිහාසය ඔස්‌සේ හෝ වේවා ජන සංඛ්‍යාලේඛන මත වුවද වැඩි ජන කොටසක්‌ මෙන්ම වැඩි ඓතිහාසික වගකීමක්‌ ඉටු කරන ලද පිරිස වන්නේ ද සිංහල බෞද්ධ ජනතාවය. එහෙයින්ම සිංහල දේශය, සිංහලයන්ගේ රට, බෞද්ධ රාජ්‍යය යන යෙදීම් මෙරට හැඳින්වීමේදී යොද ගැනිණි.

    නමුත් වර්තමානය වන විට ජන නායකත්වය ද මෙම හැඳින්වීමට අස්‌ථානගත බියක්‌ දක්‌වමින් බහු ආගමික රටක්‌ වශයෙන් දැක්‌වීමේ උත්සාහයක නියෑළෙති. සිංහල බෞද්ධ රට යන යෙදුමට, ව්‍යවහාරයට අන්තවාදී අදහස්‌ දරන්නවුත් යෑයි ඝෝෂා කෙරෙති. මේ කරුණු මෙසේ වේවා මගේ උත්සාහය වන්නේ හරිහැටි අවබෝධයකින් තොරව “ජාතිය” යන වදන අර්ථ ගන්නවුන් උදෙසා එහි සැබෑ ප්‍රකාශනය කුමක්‌ද යන්න පෙන්නා දීමය. ඒ ඔස්‌සේ උක්‌ත කරුණු විචාරයට ලක්‌වීම මැනවි යෑයි මගේ හැඟීමය.

    ReplyDelete
    Replies
    1. ජාති ශබ්දය පාලි ත්‍රිපිටකය තුළ අර්ථ රාශියක උපයුක්‌තව ඇත. ඉන් වඩාත් ප්‍රබල අර්ථය “උපත”, “පැවැත්ම” යන්නය. බුදු දහමේ මූලික ඉගැන්වීම් සියල්ලේම මෙම අර්ථයෙන් ජාති ශබ්දය යෙදී ඇත. දුක්‌ඛ සත්‍යය විස්‌තර කරන තැන ජාති පිළිබඳ ජාතිපි දුක්‌ඛා යනුවෙන් ද පටිච්ච සමුප්පාදය විස්‌තර කරන තැන “භව පච්චයා ජාති ජාති පච්චයා ජරා මරණං” යනුවෙන් ද යෙදී ඇත. මේ සම්බන්ධයෙන් ජාති ශබ්දයෙන් ගම්‍ය වන්නේ මනෝ විද්‍යාත්මක සාධකයකි.

      මෙම අදහස මුල් බුදු සමය තුළ කෙතරම් ප්‍රබලව සාකච්ඡා කරන්නේ ද යත් ජාති ශබ්දයේ අවශේෂ අර්ථ යටපත්වීමට එය බලපා ඇත. සාමාජික වශයෙන් එය සලකන කල එහි අර්ථ තුනක්‌ ඇත. මහාචාර්ය මලලසේකර සහ ජයතිලක යන අය පෙන්වාදී ඇති පරිදි ජාති ශබ්දයේ “විශේෂය” යන අර්ථය ඇත. ඊට අමතරව එහි “වර්ණය” යන අර්ථය ඇත. උදාහරණ ලෙස සූත්‍රවල එන බ්‍රාහ්මණ ජාති, ඛත්තිය ජාති වැනි ප්‍රයෝග ඉදිරිපත් කළ හැක. තුනෙන්ම ජාති ශබ්දයේ “ජන වර්ගය” යන අර්ථය ඇත. අද අප සිංහල ජාතිය, ද්‍රවිඩ ජාතිය යන ක්‍රමයෙන් ව්‍යවහාර කරන තැන්වල එම ජාති ශබ්දයේ අර්ථයට සමාන අර්ථයකින් එම පදය සූත්‍රවල යෙදී ඇත.

      බුද්ධකාලීන සමාජය ගෝත්‍ර සහ රාජ්‍ය වශයෙන් බෙදී තිබුණු බව අපි දනිමු. සූත්‍රවල බුද්ධ කාලයේ විසූ ගෝත්‍ර දහයක්‌ ගැන කරුණු සඳහන් වෙයි. ඔවුන් ගණතන්ත්‍ර පාලන ක්‍රමයට අවනතව සිටි බව දක්‌වා ඇත. ඊට අමතරව රාජ්‍ය දහසයක්‌ පිළිබඳ තොරතුරු ද සූත්‍ර පිටකයේ සංග්‍රහ වී ඇත. මේ ගෝත්‍රවලට අයත් ජනතාව ද රාජ්‍යවලට අයත් ජනතාවද ජන වර්ග හැටියට හඳුනාගෙන තිබුණු බව පෙනේ. ගෝත්‍රවලට සහ රාජ්‍යවලට නම් ලැබී ඇත්තේ ඒවාට අයත් ජන වර්ග අනුවය. ශාක්‍ය, ලිච්ඡවි, කාලාම, අංග, මගධ ආදී සියලු නම් ජනවාර්ගික අනන්‍යතාව ප්‍රකාශ කරන පදය. දීඝ නිකායේ මහා ගෝවින්ද සූත්‍රයේ මුළු මහත් භාරතය එකම රාජ්‍යයක්‌ හැටියට පැවැති යුගයක්‌ ගැන සඳහන් වෙයි. පසුව එය රාජ්‍ය හතකට වෙන්වී ගියේය. එසේ වෙන් වූ පසු ඒ ඒ රාජ්‍යයේ නම ද අගනුවර කවරක්‌ විනිදැයි එම සූත්‍රයේ සඳහන් වෙයි. අලුතෙන් පහළ වූ රාජ්‍ය හත බෙදා වෙන් කෙරුණේ ජනවාර්ගික පදනමක්‌ මත බව එහිදී වැඩිදුරටත් විස්‌තර කෙරේ. මේ රාජ්‍ය හතෙන් හයක්‌ උතුරු ඉන්දියාවේ ද, එකක්‌ දකුණු ඉන්දියාවේ ද වූ බව කියෑවේ. දකුණු ඉන්දියාවේ ඇතිවූ රාජ්‍ය අස්‌සකයන්ගේ රට යන අර්ථයෙන් අස්‌සක නම්ය.

      සූත්‍රවල රාජ්‍යයක්‌ පහළවීමට අවශ්‍ය කරුණු දෙකක්‌ සඳහන් වෙයි. ඉන් එකක්‌ නම් ජන වර්ගයක වාස භූමියයි. එනම් භූගෝලීය ප්‍රදේශයක්‌ රාජ්‍යයක නිර්මාණය සඳහා අත්‍යවශ්‍යය. අංගයන්ගේ රට අංග, වත්සයන්ගේ රට වත්ස යන ආදී ක්‍රමයටය. අනෙක නම් භාෂාවයි. භාෂාව හැඳින්වීමට සූත්‍රවල පද දෙකක්‌ ව්‍යවහාර වෙයි. ඉන් එකක්‌ “ජනපද නිරුක්‌ති” යන්නයි. අනෙක, සක නිරුක්‌ති යන්නයි. මේ දෙකෙන්ම කියෑවෙන්නේ ස්‌වාධීන රාජ්‍යයක්‌ ලෙස හඳුනාගත් පිරිසකගේ භාෂාවයි. අංගයන්ගේ භාෂාව අංග,

      මගධයන්ගේ භාෂාව මගධ යන ආදී ක්‍රමයෙන්ය. රාජ්‍යය එහි භාෂාව යන දෙක කෙනකුට උරුම වන්නේ උපතින්ය. එම නිසා ඒවා වාසෙට්‌ඨ සූත්‍රයේ එන “ලිංගං ජාති මයං” සංඛ්‍යාවෙහිලා වර්ග කළ හැකිය. (ඒ ඒ විශේෂයට උපතින් උරුම වන ලක්‍ෂණ ලිංගං ජාතිමයං යෑයි දක්‌වා ඇත) එක්‌ එක්‌ මිනිසාට එවැන්නක්‌ නැති වුවත් ජන වර්ගයක්‌ හැටියට සැලකීමේදී එවැනි අංගයක්‌ හෝ දෙකක්‌ ඇති බව පෙනෙන හෙයින් වාසෙට්‌ඨ සූත්‍රයේදී ජන වර්ග වර්ගීකරණය ප්‍රතික්‍ෂේප නොවන බව පෙනේ.

      Delete
    2. එවැනි බෙදුම් මිනිස්‌ සමාජයේ පවතින බව වාසෙට්‌ඨ සූත්‍රයේ එන “සමඤ්ඤ්හි එසා ලෝක ස්‌මිං තත්ථ තත්ථප්පකප්පිතා” යන යෙදුමෙන් පැහැදිලි වෙයි. මෙහිදී සිහියට ගත යුත්තක්‌ නම් ඉන්දු නිම්නයේ පැවැති චතුර්වර්ණය වෙනුවට ඊට වඩා ප්‍රබල වර්ගීකරණයක්‌ ගංගා නදී මිටියාවතේදී ඇති වූ බවයි. “ගෝත්‍ර සහ රාජ්‍යය” යනුවෙන් හැඳින්වෙන්නේ ඒවාය. බුදුරජාණන් වහන්සේ මුල්තැන දුන්නේ මේ කියන අනන්‍යතා දෙක අගය කළ සමාජයකටය. එම නිසා බුදු දහම මගින් චතුර්වර්ණය පිළිබඳ විවේචනයක්‌ ඉදිරිපත් කිරීම ස්‌වාභාවිකය.

      ජන වර්ග අනන්‍යතාව පිළිබඳ බුදුදහම දක්‌වන ආකල්පය තේරුම් ගැනීමට අදාළ වන සූත්‍ර තුනක්‌ ඇත. ඒවා නම් දීඝ. නිකාය ( අම්බට්‌ඨ සූත්‍රය, සුතත්‍ර නිපාතයේ පබ්බඡ්ජා සූත්‍රය ) සහ මඡ්ඣිම නිකායේ ධම්මෙච්තිය සූත්‍රයයි.

      දීඝ නිකායේ අම්බට්‌ඨ සූත්‍රය අම්බට්‌ඨ නම් තරුණ බමුණකුත් බුදුරජාණන් වහන්සේත් අතර ඇතිවූ සංවාදයක්‌ අරමුණුකොට ගෙන දෙසන ලදී. අම්බට්‌ඨ බමුණුකමෙන් ඔද වැඩුණු උගත්කමින් සපිරුණු තරුණයෙකි. එම නිසා ඔහු බුදුරදුන්ට නිසි ගෞරවයක්‌ දැක්‌වූයේ නැත. මේ අවස්‌ථාවේදී බ්‍රාහ්මණ වර්ණයේ අතීත තොරතුරු මතක්‌ කරදීමට බුදුන් වහන්සේ ඉදිරිපත් වූ සේක. ඉන් කිපුණු අම්බට්‌ඨ ශාක්‍ය වංශයට පරිභව කළේය. තමා කපිල වස්‌තුවට ගිය අවස්‌ථාවක ශාක්‍යයන් තමාගේ තත්ත්වයට නොසරුප් වන අන්දමින් හැසිරුණු වග අම්බට්‌ඨ මෙහිදී බුදුරදුන්ට ප්‍රකාශ කරයි. එහිදී අම්බට්‌ඨ ව්‍යවහාර කරන පදය “ශාක්‍ය ජාති” යන්නයි. ශාක්‍ය ජාතිය සැඩපරුෂ කුරිරු ජාතියක්‌ බව අම්බට්‌ඨගේ ස්‌ථාවරය විය. බුදුන් වහන්සේ ශාක්‍යයන්ගේ හැසිරීම අනුමත කරමින් කරුණු පැහැදිලි කළහ.

      කිරිල්ලියකට තමාගේ කැදැල්ලේ දී ඕනෑම ආකාරයකින් හැඬලිය හැකි සේ ශාක්‍යයන්ට තමාගේ රුචි අරුචිකම් සහ ඕනෑ එපාකම් අනුව කපිල වස්‌තුවේදී හැසිරිය හැකි බව බුදුන් වහන්සේ අම්බට්‌ඨට කියා දෙති. මෙහිදී වැදගත් වන කාරණය නම් ශාක්‍ය ජාති, එනම් ශාක්‍ය යන ජන වර්ගය ගැන කතා කිරීම නුසුදුසු යෑයි බුදුන් වහන්සේ පෙන්වා නොදුන් බවයි. සියල්ලට ඉහළින් මනුෂ්‍යත්වය ගැන සැලකූ කෙනකුගෙන් බලාපොරොත්තු වන මෙබඳු ප්‍රකාශයෙන් මේ අවස්‌ථාවේදී බුදුන්ගෙන් ප්‍රකට වූයේ නැත. උන්වහන්සේ තවදුරටත් පැහැදිලි කර සිටින්නේ ඕනෑම ජන වර්ගයක්‌ තුළ තිබිය හැකි සාධකයක්‌ ශාක්‍යයන් තුළ ද පවතින බවය. එය හඳුන්වා ඇත්තේ “ජාති සම්බේද භය” යන පදයෙනි. ජන වර්ගය තුළ භේද හට ගනීය යන භය සෑම ජන වර්ගයකටම පොදු කාරණයකි. ජන වර්ගවල හැසිරීම් තීරණය කිරීමේදී උපයෝගී කරගත යුතු කරුණක්‌ හැටියට එය දක්‌වා ඇත. ජන වර්ගයක්‌ ඇතැම්විට හැසිරෙන්නේ තර්කානුකූල හේතු සාධක අනුව නොව මේ කියන බිය නිසාය.

      සුත්ත නිපාතයේ පබ්බඡ්ජා සූත්‍රය බුද්ධ චරිතය අධ්‍යයනය කිරීමේදී වැදගත් වෙයි. ඊට හේතුව අංග සම්පූර්ණ බුද්ධ චරිතයක්‌ පාලි ත්‍රිපිටකය තුළ දක්‌නට නොලැබීමත් බුද්ධ චරිතය ගොඩනඟා ගත යුත්තේ ත්‍රිපිටකයේ තැනින් තැන විසිරී පවතින කරුණු එක්‌තැන් කරගැනීම අනුවත් වීමය. සුත්ත නිපාතය ත්‍රිපිටකයේ එන පැරණිම සූත්‍ර සංග්‍රහ වී ඇති ග්‍රන්ථය සේ සැලකේ. එහි එන ප්‍රධාන සූත්‍රයත් පබ්බඡ්ජා සූත්‍රයත් යන දෙක බුද්ධ චරිතය අධ්‍යයනය කිරීමෙන් වැදගත් වන්නේ මේ තත්ත්වය යටතේ අභිනික්‌මන් කළ සිදුහත් කුමරු තාපසයකු බවට උත්තර භාරතය පුරා සැරිසරණ අතර මගධ රාජ්‍යයට පැමිණි වග දක්‌වා ඇත්තේ පබ්බඡ්ජා සූත්‍රයේ වීමය. තම රාජ්‍යයේ හැසිරෙන අමුත්තා කවරෙක්‌දැයි දැන ගැනීමට මගධාධිපති සේනිය බිම්බිසාරට ඕනෑ විය. දූතයන් යවා සිදුහත් තවුසා තමා සමීපයට කැඳවන බිම්සර රජතුමා ඔහුට මෙසේ කියයි.

      “ඔබේ ජාතිය ඇසූ විට එය මට කියාදෙන්න.” (ජාතිං අක්‌ඛාහි පුච්ජිතෝ) එවිට සිදුහත් තාපසයන් කියා සිටින්නේ තමා කොසලයට අයත් ශාක්‍ය ජාතියෙන් එන බවය. (උජුං ජනපදො ආසී කෝසලෙසු නිකේතිනං ගෝතමෝ නාම ගොත්තෙන ශකියා නාම ජාතියං) මෙහිදී සිදුහත් තාපසයා තමා හඳුන්වා දෙන්නේ කෝසළ දේශයත් ගෞතම ගෝත්‍රයත් ශාක්‍ය ජාතියත් මතක්‌ කිරීමෙනි. ජන වාර්ගික අනන්‍යතාව පිළිබඳ හැඟීමක්‌ සිදුහත් තාපසයාට තිබුණු බව මින් පෙනේ. බුදු වූ පසු එක්‌ තැනකදී උන්වහන්සේ කියා සිටින්නේ කෙනකුගේ ජාතිය නොව හැසිරීම ඇසිය යුතු බවයි. (මා ජාතීව ප්‍රච්ඡ චරනංච පුච්ඡ) එහෙත් සිදුහත් තවුසා, බිම්සර රජතුමා ජාතිය ගැන විමසන විට කියා සිටින්නේ තමා මිනිස්‌ වර්ගයට අයත් කෙනකු හැටියට නොව ශාක්‍ය ජාතියට අයත් කෙනකු හැටියට පෙනී සිටින බවය. බුදු වූ පසුද ඇතැම් අවස්‌ථාවල බුදුන් වහන්සේ ජන වාර්ගික අනන්‍යතාව අමතක නොකළ බව මඡ්. නි. ධම්මෙච්තිය සූත්‍රයෙන් පැහැදිලි වෙයි.

      Delete
    3. ධම්ම චේතිය යන පදය ධර්මානුකූලව ඉදිරිපත් කරන ශාක්‍යය යන අර්ථය දෙන්නකි. එය සත්‍යයේ සාධක යනුවෙන් ද පරිවර්තනය කළ හැක. ධම්ම චේතිය සූත්‍රයේ සඳහන් වන්නේ ටික කලකින් බුදුරදුන් මුණ ගැසීමට අවස්‌ථාව නොලද කොසොල් රජතුමා බුදුරදුන් මුණගැසුණු අවස්‌ථාවේ කියා සිටි කරුණුය. විවිධ මාතෘකා මතකයට නංවමින් කතා කළ කොසොල් රජතුමා අවසානයේදී ප්‍රකාශ කළ ධර්ම චෛත්‍ය නම් මම ද කොසොල් වැසියෙකි. භාග්‍යවතුන් වහන්සේ ද කොසොල් වැසියෙකි.

      මම ද ක්‍ෂත්‍රියය. භාග්‍යවතුන් වහන්සේ ද ක්‍ෂත්‍රියය. මම ද අසූ වයස්‌ය. භාග්‍යවතුන් වහන්සේ ද අසූ වයස්‌ය යන්නය. මෙහිදී බුදුන් වහන්සේත්, කොසොල් රජුත් අතර පැවති සමානකම් තුනක්‌ පෙන්වා දේ. ඒවා නම් දෙදෙනාම කෝසළයේ පුරවැසියන් වීම, දෙදෙනාම ක්‍ෂත්‍රියයන් වීම හා දෙදෙනාම අසූ වයස්‌ වීමය. මෙහිදී බුදුන් වහන්සේ සියලු කෙලෙසුන් නැසූ තමන් වහන්සේ අතරත් පුහුදුන් තැනැත්තකු වූ කොසොල් රජු අතරත් සමානත්වයක්‌ පළ කිරීම සම්බන්ධයෙන් උදහස්‌ නොවූ සේක.

      ඉහත දැක්‌වූ ප්‍රකාශ තුන කියා අසුනෙන් නැඟිට බුදුන්ට වැඳ පිටත්ව ගියහ. කොසොල් රජතුමා භික්‍ෂුන්ට පෙන්වා අර බලන්න ධර්ම චෛත්‍යය දක්‌වා කොසොල් රජතුමා යන සැටි යෑයි බුදුන් වහන්සේ ප්‍රකාශ කළ බව සූත්‍රයේ සඳහන් වෙයි. එපමණකුදු නොව, කොසොල් රජතුමා කී කරුණු මතක තබාගැනීමට, ඉගෙන ගැනීමට, අධ්‍යයනය කිරීමට උත්සුක වන්නැයි ද කියා බුදුන් වහන්සේ භික්‍ෂුන්ගෙන් ඉල්ලා සිටිති. මෙහිදී උග්ගණ්‌හාථ, ධාරේථ, පරියාපුනාථ යන පද තුන දක්‌වා ඇත.

      බුදුන් වහන්සේගේ ජනවාර්ගික අනන්‍යතාව මේ අන්දමට අවධානය යොමු කළ යුතු කාරණයක්‌ හැටියට ධම්ම චේතිය සූත්‍රයේදී දක්‌වා ඇත. එය “අ‍ර්ථ සංහිතං/ආදී බ්‍රහ්මචරිතං” යන පද දෙකෙන් ද වර්ණනා කොට ඇත. ප්‍රතිඵල ගෙන දෙන, බ්‍රහ්මචර්යට නැඹුරු වූ කරුණු හැටියට මෙහි දක්‌වා ඇත්තේ බුදුන් වහන්සේ සහ කොසොල් රජ යන දෙදෙනාම කෝසල වංශිකයන්වීමත්, ක්‍ෂත්‍රියන්වීමත් අසූවියෙහි පසුවීමත්ය.

      ජනවාර්ගික පදනම බැහැර කළ මනුෂ්‍යත්වය පමණක්‌ පිළිගත් කෙනකුගේ ප්‍රතිචාරයක්‌ හැටියට මේ තත්ත්වය හඳුනාගත නොහැකිය.

      අංගුත්තර නිකායේ තික නිපාතයේ සූත්‍රයක්‌ අපගේ ප්‍රස්‌තුතයට බෙහෙවින් අදාළ වෙයි. එහි දක්‌නට ලැබෙන්නේ උපක්‌කිලෙස පිළිබඳ විස්‌තරයකි. උපක්‌කිලෙස වර්ග තුනක්‌ ඇතැයි බුදුන් වහන්සේ එහිදී ප්‍රකාශ කරති. ඒවා නම් ඕලාරීකා උපක්‌කිලෙසා, මඡ්ඣිමිකා උපක්‌කිලෙසා, සුඛුමා උපක්‌කිලෙසා ය. ඕලාරික උපක්‌කිලෙස නම් කාය දුෂ්චරිත, වාචි දුෂ්චරිත සහ මනෝ දුෂ්චරිතය. දස අකුසල් වශයෙන් ගණන් ගැනෙන්නේ ද මේවාය. කයෙන් කෙරෙන වැරදි තුනකුත්, වචනයෙන් කෙරෙන වැරදි හතරකුත්, සිතින් කෙරෙන වැරදි තුනකුත් මෙහිලා ගණන් ගැනේ. මේවා පහසුවෙන් දුරු කළ හැකි උපක්‌කිලෙස ලෙස දක්‌වා ඇත.

      මධ්‍යම උපක්‌කිලෙස නම් කාම විතක්‌ක, ව්‍යාපාද විතක්‌ක සහ විහිංසා විතක්‌කය. ඉඳුරන් පිනවීම හා සබැඳි සිතිවිලි, ද්වේශය හා සබැඳි සිතිවිලි හා අන් අයට කරදර කිරීම සබැඳි සිතිවිලිය මින් අදහස්‌ කරන්නේ. මෙම සිතිවිලි වලින් නිදහස්‌වීම වඩා අසීරුය. කෙනකුට දුරු කිරීමට වඩාත්ම අපහසු සූක්‍ෂම උපක්‌කිලෙසය. එවැනි උපක්‌කිලෙස තුනකි. ජාති/ජනපද/අවඤ්ඤත්තිය යන්නයි.

      මෙයින් පෙනී යන්නේ ජනවාර්ගික හැඟීම සහ රට පිළිබඳ හැඟීම යන පද මිනිස්‌ සන්තානයේ ගැඹුරෙන් පවතින කරුණු බවය. අවඤ්ඤත්ති යනුවෙන් අදහස්‌ කරන්නේ මමය, මාගේ යෑයි ගත් දේය. ජාතිය සහ ජනපද යන දෙකද මිනිසා මමය මාගේ යෑයි කියාගත් කරුණු අතරට එකතු වෙයි. මේ අනුව ජාතිය පිළිබඳ, රට පිළිබඳ හැඟීමක්‌ නැතැයි කිසියම් පුහුදුන් පුද්ගලයෙක්‌ කියා සිටින්නේ නම් ඔහු කරන්නේ තමාම රවටා ගැනීමය. ඒවායේ නිදහස්‌ වූ මානසික තත්ත්වයක්‌ යමෙකුට ඇති කරගත හැකි නම් ඔහු අවශ්‍යයෙන්ම රහතන් වහන්සේ කෙනෙක්‌ බව කිය යුතුය.

      මේ කරුණුවලින් පෙනී යන්නේ අප මානව සංහතියේ ඒකත්වයක්‌ කතා කළ ද ජනවාර්ගික අනන්‍යතාව ඉන් ප්‍රතික්‍ෂේප කිරීම අදාළ නොවන කරුණක්‌ බවය. සිංහලයන් සිංහල ජාතියත්, බෞද්ධකමත් ඉදිරියට ගැනීම, කතා කිරීම වලංගු නැතැයි කියන්නට ද අන්තවාදීන් යෑයි නම් කරන්නට ද හේතු නැත. අන් ජාතීන් ද තම ජාතිය පිළිබඳ කතා කිරීම ගැටලුවක්‌ නොවේ. ගැටලුව වන්නේ තම ජාතිය හඟවා පොදු ජාතියක්‌ ගැන කතා කරන්නට උත්සාහ ගැනීමය.

      පොදු ජාතිය තුළ සිංහල ජාතිය ප්‍රධානවීම ගැන කතා කිරීම වැරදි සහගත නොවේ. මන්ද, අන් අයට ද එය එසේ වන හෙයිනි. තම තමන්ගේ ජාතිය පිළිබඳ ප්‍රකාශ කිරීම වළක්‌වාලිය හැක්‌කක්‌ නොවේ. ශ්‍රී ලාංකික යන ව්‍යවහාරය භාවිතයේ වරදක්‌ නැත. එනමුදු ඒ ඔස්‌සේ සිංහල ජාතිය යෑයි සඳහන් කිරීමට බියවීම දීන වූත්, අධම වූත් පිළිවෙතකි. වරද ඇත්තේ එතැනය. ඒ ශ්‍රී ලාංකික යන ව්‍යවහාරය තුළ සිංහල ජාතිය යන්න අමතක කර දැමීමට ඇතැමුන් උත්සාහ කිරීමය.
      ______________________________________________________________________________

      සාරස වෛද්‍යතුමන් මෙන්ම අනෙකුත් වියතුන්ගේද අදහස් උදහස් වලට විවෘත වේ.

      Delete
    4. ශ්‍රී ලාන්කිකයන් අතර සින්හලයන් ප්‍රදානව විසීම ද ශ්‍රී ලාන්කික දෙමල, ශ්‍රී ලාන්කික මුස්ලිම් හා අනෙක් ශ්‍රී ලාන්කික සුලු ජාතීන් සින්හලයන් අතර සින්හලයන් මෙන් ම සමාන අයිතිවාසිකමින් ජීවත් වීම කුමන වරදක් ද?

      සින්හලයන් ටත් වඩා ශ්‍රී ලාන්කිකත්වය කර තබා ගෙන සිටින්නේ ද්‍රවිඩයන් බව මෙහි දී මතක් කල යුතුය! ඉන්දියානු ද්‍රවිඩයන් සහ ඉන්දියානු සම්බවිත වතු ආශ්‍රිත ද්‍රවිඩයන්ට වඩා ශී ලාන්කික ද්‍රවිඩයන් (இலங்கேயி தமிழ்) ආර්තික හා සමාජයීය වශයෙන් බොහෝ ඉදිරේයෙන් සිටින නිසාම ඔවුන් සැම විටම ශ්‍රී ලාන්කික ද්‍රවිඩයන් (இலங்கேயி தமிழ்) ලෙස තමන් ව හඳුන්වා ගනිති!

      හැබැයි මුස්ලිම් සමාජයේ නම් එදා ඔවුන් වෙත තිබුනු ශ්‍රී ලාන්කීය අනන්යතාවයද මකා දමමින් ශීග්‍ර ලෙස අරාබිකරණය වීම දැඛිය හැකිය!

      Delete
  18. සාරස,

    අද රටේ ඇති වී තිබෙන සහල් අර්බුදයට ඇමති පී. හැරිසන් සෘජුවම වගකිව යුතු යයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ සොහොයුරු, ප‍්‍රසිද්ද ව්‍යාපාරික ඩඞ්ලි සිරිසේන මහතා චෝදනා කරයි.

    මාධ්‍ය හමුවක් අමතමින් ඔහු කියා සිටියේ රජය සතු වී කිලෝ කෝටි 20කින් රුපියල් කෝටි 140ක් වංචා කිරීමේ සූදානනමක් ඇති බවයි.

    https://www.youtube.com/watch?v=_zh2YureYsE

    ReplyDelete
    Replies
    1. හොඳ වෙලාවට ජනාදිපති තුමාට තව සහෝදරවරු හිටියෙ නැත්තෙ...

      හිටියා නම්

      ජූනියස් රිචර්ඩ් සිරිසේන
      ප්‍රේමදාස සිරිසේන සහ
      මහින්ද සිරිසේන වැනි අයත් මාද්ය සාකච්චා පවත් වන්න ඉඩ තිබුනා...

      Delete
    2. පල් හොරා. යකෝ මූ මේ අඩන්නෙ රජයේ ඉතුරු වෙලා තියෙන වී තොග ටික බෙදා ගන්න බැරි උනාට නෙමෙයි, සහල් ආනයනය කරන්න අවසර දීපු එකෙන් මූ හන්ගන් හිටපු වී ටික කොටාගෙන හාල් කරලා ලැබෙන්න තිබ්බ පට්ට ලාබෙ නැති වෙච්ච දුකටයි. රජය සතු වී කිලො කෝටි විස්ස මොකක්ද මූ හංගන් ඉන්න වී ටිකත් එක්ක…

      ඔය එන්නේ ආයෙත් අපිව ගොනාට අන්දවන්න යූඇන්පියත් එක්ක අපි නෑ කියල පෙන්න්න නේද. අර අන්තිම වගන්තියෙන් ගැහුවෙ මහින්දටනෙ. සහෝදරයින්ගෙන් අහල වැඩකරන නෙමෙයි කිව්වෙ මෙයාගෙ අයියා. ඔව් එයා වැඩ කරන්නෙ ඉන්දියාවෙන් අහලනෙ.

      ඉන්දියාවට අපේ සහල් වෙළඳපොල ලේසියෙන්ම විවෘත කරලා දෙන්න පොටක් පාද ගන්න හදන්නේ පහුගිය දවස්වල කිව්වනේ වී අතිරික්තයක් තියෙනවා කියලා. ඒවාට මොකොද වුනේ? මේ කරන්න හදන්නේ හීන් නූලෙන් ඉන්දියාවට අපේ වෙළඳපොල විවෘත කරලා දෙන්න හදන එක. ඒකට ඉඩ දෙන්න එපා.

      දැන් කවදද ඔය නියඟය එන්නේ? වී කල් තියා ගන්න පුළුවන් වුනාට හාල් කල් තියා ගන්න බැහැ freeze කරන්නේ නැතුව. මොකක්ද තියෙන ආරක්‍ෂිත ගුදම? එහෙම ශීතකරණය කරපු ගුදම් අපිට තියෙනවද? මම නම් දන්නේ නැහැ. අනිත් එක brown rice නම් freeze කලත් අවුරුද්දකට හමාරකට වඩා තියා ගන්න බැහැ. එහෙම ශීතකරණයේ තියාගන්න ඉස්සෙල්ල ඒවා heavy-duty special freezer bag වල දාලා seal කරන්න ඕනේ.

      ජනාධිපතිතුමා, ඔබතුමා මෙහෙමද කෘෂිකර්මාන්තය නංවන්නේ? ඔබට ඡන්දේ දුන්නේ ඉන්දියන් හාල් මුදලාලිලාද? ඔබ නවීන තාක්ෂණය ගැන කතා කරනවා මම ආශාවෙන් අහන් හිටියා. මේ UNP කළු සුද්දන්ට අපේ දේවල් වල අගයක් නැහැ. අපේ කෘෂිකර්මාන්තයටත් biotechnology අඳුන්වා දෙන්න.

      වී වල එක එක varieties තියෙනවා. Short-season variety කියන ඒවාට වැඩෙන්න වතුර අවශ්‍ය වෙන්නේ අඩුවෙන්. ඊට පස්සේ, අස්වැන්න නෙළුවට පස්සේ, වී වගා කරන ඊළඟ කන්නේ එනකම්, ඒ තෙත පොළොවේ වෙන වගාවක් කරන්න පුළුවන්. තව research එකක් කරලා තියෙනවා shorter-stem rice variety එකක් ගැන. ඒවායේ අස්වැන්න වැඩියි කියලා මම දැක්කා. පාරම්පරික විදියටම නැතුව කෘෂිකර්මාන්තය වැඩි දියුණු කරන්න biotechnology යොදා ගන්න පියවර ගන්න.

      ජනාධිපතිතුමාගෙන් ඉල්ලන්නේ රටේ ප්‍රධාන ආහාරය වෙච්චි වී වෙළඳාම ගැන බලන ඇමති විදියට මෙලෝ රහක් නැති කටහැකර අමු ගොං රිළවෙක් (පී හැරිසන් පී ඩයල්) වෙනුවට මොළේ ඇති එකෙක්ව පත්කරන්න කියල.

      Delete
    3. ඔබගේ හර බර කරුණු දැක්වීම බොහොම වටිනවා ඇනෝ තුමා...!

      Delete
  19. සා රසා,

    දිවයින පුවත්පතේ පළවන වාර්තාවකට අනුව ට්‍රම්ප් ලංකාව පිළිබඳ මෙතෙක් එක්සත් රාජ්‍ය දැරූ අදහස වෙනස් කරන්න යන බවට ඉඟියක් තිබුණා. ඊනියා ජාත්‍යන්තරවාදී හිලරි ක්ලින්ටන් ජනාධිපතිනිය වුනා නම් ඒ බොරු ජාත්‍යන්තරවාදයේ නාමයෙන් මානව අයිතිවාසිකම්, ප්‍රජාතන්ත්‍රවාදය ආදී කුජීත බොරු සංකල්ප යොදා ගනිමින් රූසියාව සමග යුද්ධයකට පැටළීමට ඉඩ තිබුණා. ඒ වගේ ම ඇය ලංකාවේ බෙදුම්වාදී දෙමළ ජාතිවාදය තව තවත් පෝෂණය කරමින් රට දෙකඩ කිරීමට පියවර ගැනීමට තිබුණා. රනිල්ලා සම්බන්ධන්ලා ශිවාජිලිංගම්ලා හිටියේ ඇගේ පැත්තේ. ශිවාජිලිංගම් ඇය වෙනුවෙන් පොල් ගැසූ බව අමතක වී තිබෙන්න බැහැ.

    ඒකාබද්ධ විපක්‍ෂය හෝ අලුත් පක්‍ෂය වන පොදුජන පෙරමුණ හෝ ට්‍රම්ප් හමුවිය යුතුයි. ඒ ට්‍රම්ප්ට අපේ ප්‍රශ්නයට මැදිහත්වන්න කියන්න නොවෙයි. ප්‍රශ්නයෙන් අයින් වෙලා ඉන්න කියන්න. මේ වන විට මෙරට දෙමළ විරෝධී කිසිවක් සිදු වන්නේ නැති බවත් සිදුවනවානම් මෙනු ඇත්තේ සිංහල විරෝධී දේ පමණක් බවත් ට්‍රම්ප් දැනගත යුතුයි. ඔවුන්ගේ රාජ්‍ය දෙපාර්තමේන්තුව හෙවත් විදේශ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව ට්‍රම්ප්ට විෂ පොවන්න පෙර මේ කටයුත්ත සිදුවිය යුතුයි. සිංහලයන් සැම විට ම කටයුතු කරන්නේ බාලගිරි දෝෂය වගේ. අද නොවෙයි හෙට යන්නයි සිංහලයන්ගෙ ප්‍රතිපත්තිය. නිතරම හෙට ප්‍රමද වැඩියි යන්න මත පිහිටා අප කටයුතු කළ යුතුයි.

    දෙමළ හා මුස්ලිම් ජනයා මෙරටට පැමිණියේ දහහතරවැනි සියවසෙන් පසුව බව ට්‍රම්ප්ට කිව යුතුයි. ඔවුන් මෙරට සංස්කෘතියට ගරු කරන්න තවමත් පුරුදු වී නැතිවා පමණක් නොව මෙරට ඉතිහාසය අමතක කරමින් සිංහල සංස්කෘතියට විශේෂ තැනක් දීම වරදක් ලෙස සලකන බවත් අප කියා සිටිය යුතුයි. ට්‍රම්ප් ගෙන් අප බලාපොරොත්තු විය යුත්තේ අපේ ප්‍රශ්නයට මැදිහත් නොවී සිටීම පමණක් නොවෙයි. මෙතෙක් ක්ලින්ටන්ලා ඔබාමාලා යටතේ සිදු වී ඇති දේත් නිෂේධ කිරීමට පියවර ගැනීමටත් ඔහුව කැමතිකරවා ගත යුතුයි. එහි පළමු හා ප්‍රධාන පියවරක් විය යුත්තේ රනිල්-මෛත්‍රිපාල-සම්බන්ධන් ආණ්ඩුවේ අනුග්‍රහයද ඇතිව රාජ්‍ය දෙපාර්තමේන්තුව මැදිහත් වී ඉදිරිපත් කළ ජෙනීවා යෝජනා ඉල්ලා අස්කර ගැනීමයි. මෙරට කිසිම ආකාරයක දෙමළ සංහාරයක් සිදු වී නැති බවත් සිදුවූයේ ත්‍රස්ත මර්දනයක් බවත් බහුතර දමිළ ජනයා ඉතා උසස් පිළිගැනීමක් ඇතිව ජීවත් වන බවට හොඳම උදාහරණ විපක්‍ෂ නායක හා අගවිනිසුරු දෙමළ ජනවාර්ගිකයන් වීමයි. විග්නේස්වරන් හිටපු විනිසුරුවකු වීමයි.

    ReplyDelete
    Replies
    1. හෙල ජාතිකත්ව නියෝජිතයන් ට්‍රම්ප් තුමා ව හමුවෙන්න යෑම කරගතහැකි නම් එය හොඳ ආරම්බයක්...

      Delete
  20. ලංකාවේ වත්මන් ජාතික ව්‍යාපාරය ජේ ආර්ගේ ප්‍රතිපත්තිවලට විරුද්ධව ඇරඹුණු එකක්. අසූ ගණන්වල මුල එහි බීජ දකින්නට පුළුවන්. ජ වි පෙ ස්ථිර ජාතිකත්වයක හිටියේ නැහැ. විජේවීරගේ සිට එය මාක්ස්වාදය හා ජාතිකත්වය අතර දෝලනය වුනා.

    චම්පක පාසල් වියේ දී ජ වි පෙ අනුගාමිකයෙක්. ඔහු එහි ශිෂ්‍ය ක්‍රියාකාරිකයෙක්. විශ්වවිද්‍යාලයට පැමීණීමෙන් පසුව ඔහු ජාතික මතවාදවලට තල්ලු වුනා. එහෙත් ඔහුගේ ජ වි පෙ දෝලනය ගිලිහුණේ නැහැ. 1994 මැතිවරණයේ දී ඔහු චන්ද්‍රිකා වෙනුවෙන් පමණක් නොව මංගල සමරවීර වෙනුවෙන් මාතර පැල්බැඳගෙන වැඩ කළා. ඔහු සහ රතන හිමි මංගල සමග එකතු වී රටවැසි පෙරමුණ නමින් රට බෙදන ව්‍යාපාරයක් ආරම්භ කළා. ජනතා මිතුරෝ කාලයේ ඊනියා යුද්ධයට එරෙහිව කොළඹ පෝස්ටර ඇලෙවුවා.

    ඔහු නොම්මර එකේ අවස්ථාවාදියෙක්. ඩී එස් සේනානායක විදුහලේ සිසුන් ඝාතනය කෙරුණු අවස්ථාවේ ඔහු ජාතිකත්වයට ඉල්ලුමක් තිබෙන බව කියමින් නැවතත් ජාතික ව්‍යාපාරයට ආවා. භික්‍ෂූන් වහන්සේගේ කරපිටින් පාර්ලිමේන්තු ගියා. අද ඔහු එක්සත් ජාතික පෙරමුණු හරහා රනිල්ගේ ඇමතිවරයකු වී සිටිනවා. ලංකාවේ ඇති වු ජාතිකත්වය අනෙක් රටවලට ඉගෙන ගන්න පුළුවන්. එහි දී ඔවුන් ඉගෙන ගත යුතු ප්‍රධාන ම කරුණක් වනනේ චම්පක වැනි අවස්ථාවාදීන්ගෙන් ජනතාව බේරා ගැනීමට කටයුතු කිරීමයි. ජාතිකත්වයට ද්‍රෝහි වී දේශපාලන වශයෙන් නන්නත්තාර වී ඇති චම්පක දැන් නැවතත් ලෝක ජාතිකත්ව ගැන කතාකරමින් නැවත ජාතික ව්‍යාපාරයට ඒමට උත්සාහ කරනවා. ජනතාව රැවටීමට ඔහුට කිසිම ඉඩක් දිය යුතු නැහැ. රාජ්‍ය දෙපාර්තමේන්තුවට ට්‍රම්ප් රැවටීමටත් ඉඩ දිය යුතු නැහැ.

    ReplyDelete
    Replies
    1. මාත් සිටින්නේ චම්පකව සහමුලින් ම දුරු කල යුතු ය යන මතයේ!

      Delete
    2. එකෙන්ම

      Delete
    3. බැරිවෙලාවත් 2009 මැයි මාසෙ හමුදාව පැරදිලා කොටි දිනුවනම් මූ කියයි “ප්‍රබා අපේ, අපි ප්‍රබාගෙ” කියල.

      නොදකින් මෙහෙමත් කාලකන්නි!

      Delete
  21. සාරස,

    මෑතකදී ලංකාවේ ප්‍රකට වූ "සිංහලේ" ව්‍යාපෘතිය බොහෝදුරට වත්මන් යහපාලන රෙජීමයේම (ආණ්ඩුවෙම) වැඩක් විය හැකියි. ඔතනදී එයට සහයෝගය දක්වන්නන් සහ විරුද්ධව තර්ක කරන්නේ එකම පාර්ශ්වයකට අයත් දෙපිරිසක් විය හැකියි. මෙය සිංහලයන්ගේ අවධානය වෙනතක හරවන්න කල උපායක් ලෙස සැලකිය හැකියි. විශේශයෙන්ම මෑතදී යහපාලන හිතවාදී මාධ්‍ය මගින් ෆෝම් කරනු ලැබූ යම් කබ්බෙක්ද ෆේස්බුක් හරහා "සිංහලේ" පන්නයේ මෝඩ ටෝක්ස් ඉශූ කරන්නට ගොස් කිච වී පසුබැස ගියා අපට මතකය.

    ReplyDelete
    Replies
    1. බ්‍රිතාන්‍ය තුල, එනම් බ්‍රිතාන්‍ය ජාතිය තුල ඉංග්‍රීසි ආධිපත්‍යයක් තියෙනව. බ්‍රිටිෂ් කවුන්සිලයේ අයිරිෂ් උගන්වන්නේ නෑ. මට පේන්නෙ එහෙ තියෙන්නෙ වෙල්ෂ්, ස්කොටිෂ් , අයිරිශ් ජනයා මැඩලූ නිරුවත් ඉංග්‍රීසි ජාතිවාදයක්. නමුත් ඔවුන් ලැජ්ජා නැතිව අපට කියනවා දමිළ බසට නිසි තැන දෙන්න කියා. දවසක් මම ලංකාවට එනකොට ෆ්ලයිට් එකේදී හමුවෙච්ච බ්‍රිටිෂ් කවුන්සිල් එකේ ලේඩි කෙනෙක් මට කියනවා ලංකාවෙ සිංහල මිනිස්සු ජාතිවාදී නොවී දෙමල කතා කරන්නට ඉගෙනගත යුතුයි කියල. මම කිව්වා ඔබ දනන්වද අපේ රටේ පාසල් වල දෙමළ උගන්වනවා කියල. ඇය නැහැ කිව්වා. ඊට පස්සේ මම ඇහුව නුඹ ඉංග්‍රීසි නේද? ඔව් කිව්වා. මම ඊට පස්සේ ඇහුව නුඹ වේල්ස් භාෂාව කතා කරනවද කියල . නැහැ කිව්වා. හොඳයි ඉංග්‍රීසි පාසල් වල වේල්ස් බස උගන්වන්වද කියල ඇහුව. නැහැ කිව්වා. වේල්ස් මිනිසුන්ට ඉංග්‍රීසි පුළුවන් කියල කිව්වා. මම ඇහුව උන්ට ඉංග්‍රීසි පුළුවන් වුනේ උඹල උන්ව යටත් කරගෙන එංගලන්තේ කිරීටයට ඈඳ ගත් නිසා නෙමෙයිද කියල. ඊට පස්සේ කොළඹට එනකන් මේකි මාත් එක්ක කතා කලේ නැහැ. ඔන්න ඕකයි එහේ තත්වය. මුන්ගෙ වැදි බණ.

      Delete
    2. සාමාන්‍යයෙන් කතෝලික ආගම ජාතිකත්වයට විරුද්ධයි. උදාහරණයක් හැටියට ඇමරිකාවේ කෙනඩි ජනාධිපති තනතුරට තරඟ කරන විට විරුද්ධ වාදියන්ගේ තර්කය වුනේ කෙනඩි කතෝලික නිසා චන්දෙ දෙන්න එපා කියන එක. ඒක දේශපාලන මඩ ප්‍රහාරයක් තමයි. නමුත් ඒ මඩට සමාජය තුල පිළිගැනීමක් ලැබෙන්න හේතු තිබුනා. උදාහරණයක් හැටියට රාජපක්ෂලා විශාල වශයෙන් රූමත් කාන්තාවන් ආශ්‍රය කරන බවට ප්‍රබන්ධ කර අතිශයෝක්තියට නැගූ මඩ ප්‍රචාරයන් විරුද්ධ වාදීන් විසින් සිදු කලා. ඇතැම් බ්ලොග්කරුවන් පවා මේවා 100% සත්‍ය යැයි විස්වාස කරන අමු මෝඩයින් බව මා දුටුවා. නමුත් කවුරුවත් රාජපක්ෂලා සමලිංගික සම්බන්ධකම් කරන බව ප්‍රචාරය කලේ නෑ. මොකද එහෙම දෙයක් ඇත්තටම වුනත් සමාජය ඒක පිළිගන්නේ නෑ.

      ඒ වගේම කතෝලිකයෙක් ‍100% ඇමරිකානුවෙක් නොවෙයි කියන සැකය ඇමරිකානු සමාජය තුල තිබුන නිසා තමයි අරවගේ මඩක් ගැහුවේ. නමුත් චීනය රුසියාව උතුරු කොරියාව වගේ රටක ආණ්ඩුවක් සමඟ කතොලික සභාව ගැටුමක් ඇතිකර ගතහොත් ඇමරිකානුවන් ඉතා භක්තිමත් කතෝලිකයන් හැටියට හැසිරෙන බවක් පෙනෙනවා.

      Delete
    3. //මෑතකදී ලංකාවේ ප්‍රකට වූ "සිංහලේ" ව්‍යාපෘතිය බොහෝදුරට වත්මන් යහපාලන රෙජීමයේම (ආණ්ඩුවෙම) වැඩක් විය හැකියි //

      අනිවාර්යයෙන්ම!!


      // ඊට පස්සේ කොළඹට එනකන් මේකි මාත් එක්ක කතා කලේ නැහැ. ඔන්න ඕකයි එහේ තත්වය. මුන්ගෙ වැදි බණ. //

      කාලයක් ලන්කාවේ සේවය කරනා බොහෝ සුදු ජාතිකයන් තමන් ට නොදැනීම ටිකක් ඔලුව ඉදිමෙන තත්වයට පත් වෙන්නේ ඒගොල්ලන්ගේ වටේ ඉඳන් ඕනාම දේකට යෙස් සර් නො සර් ත්‍රී බෑග් ෆුල් සර් කියමින් ඔවුන් ව රවටන ශ්‍රී ලාන්කිකයන් නිසාමයි!!

      Delete
  22. සරස මචෝ,

    ජාතිකවාදය වෙනුවෙන් දැනෙන යමක් මුල්කරගෙන කතාව පටන් ගමු.

    අපි ජාතිකත්වය ගැන කියවෙන සිංදුවකින්ම වැඩ පටන්ගමු නේද? කවුරුත් දන්න නැත්නම් ඔබට පද අවශ්‍ය වන ගීයක්;

    සිංහල ජය ගීත හඬට
    සිංහල කොඩි වැල් ලෙලදෙන
    සිංහල දෙරණේ සරණ
    සිංහල සරණේ....//

    මූදු වගේ වැව් බැදුණේ..
    යෝධ විකුම් බල නැඟුණේ..//
    වීර හැඟුම් මල් පිපුණේ..
    සාර රටක් ලොව මැවුණේ...

    ගල් මත බුදු රූ දිලුණේ..
    මහ මෙත් සිසිලෙන් තෙමුණේ..
    මහ බෝ හිස දළු සැළුණේ..
    සදහම් පණිවිඩ ඇසුණේ..

    සිංහල ජය ගීත හඬට...

    රුදු රුපු තෙද ඔද සිදුණේ
    සුරවිරු රණ ගී ගැයුණේ....//
    මව් බිම දියුණට පොරණේ..
    දහදිය කඳු ගොඩ ගැහුණේ..

    සිරි දළදා රැකවරණේ
    රන් වැළි මහ සෑ කිරණේ
    මරණින් මතු නව අරණේ
    යළි උපදිමි මේ දෙරණේ

    සිංහල ජය ගීත හඬට......

    ගායනය : අතුල සෝමසිරි ඇතුළු පිරිස

    ReplyDelete
    Replies
    1. මෙම ගීයට මා බෙහෙවින් ප්‍රියකරනවා. මගේ ප්‍රියතම ගී වර්ගය වනුයේ දේශාභිමානී ගී නමැති ජාන්'රයයි. (Genre). වියත් බන්ධුල කුදලාගම සූරීන් බඳු පැසුණු නැණවත් හෙළ බස් වෙසරද පඬිවරයකුගෙන් මෙම ගීය පිළිබඳ යම් හරවත් විවරණයක්/ විචාරයක් අපට ලැබේනම් මා උදක්ම සතුටු වෙමි.

      බන්ධුල කුදලාගම සූරීනි, මේ සාදර ඇරයුම මියැසියට මෙන්ම බසටද ලැදි අප වැනි තුරුණු මානවකයන්ගේ පහන් සංවේගය පිණිස ඔබතුමන්ගේ තවත් රසාලිප්ත ගී විචාර අලෝචනයකටයි.

      මේ මියැසි ලැදි, හෙළ බස, රැස, දෙසට පෙම්බැඳි තුරුණු ඇනෝවෙක්

      Delete
    2. //බන්ධුල කුදලාගම සූරීනි, මේ සාදර ඇරයුම මියැසියට මෙන්ම බසටද ලැදි අප වැනි තුරුණු මානවකයන්ගේ පහන් සංවේගය පිණිස ඔබතුමන්ගේ තවත් රසාලිප්ත ගී විචාර අලෝචනයකටයි. //

      +++++++++++++

      Delete
    3. // AnonymousDecember 28, 2016 at 4:30 AM
      සරස මචෝ,

      ජාතිකවාදය වෙනුවෙන් දැනෙන යමක් මුල්කරගෙන කතාව පටන් ගමු.

      අපි ජාතිකත්වය ගැන කියවෙන සිංදුවකින්ම වැඩ පටන්ගමු නේද? කවුරුත් දන්න නැත්නම් ඔබට පද අවශ්‍ය වන ගීයක්; //

      ඔබේ ගීයට බොහේම ස්තූත්යි ඇනෝතුමනි!

      Delete
    4. ඇරයුම සතුටින් පිළිගනිමි.

      Delete
  23. සාරස ගේමට එන්ටැර් වෙලා නෙව..
    හක්ක පනින කොමෙන්ට් ටිකක්.දියමන්ති එල්ලුවා වගේ.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. වෙන්ව ගමන්කරමු
      එක්ව පහරදෙමු හිටන්!

      Delete
  24. ප්‍රතිචාර කියැවීමට පැමිණියෙමි. සරසා මොනවා හෝ ලීවාද? :) කෙසේ වෙතත් ඔබට මෙන්ම සියලු ප්‍රතිචාර දැක්වූවන්ටද සුභ 2017 නව වසරක් පතමි.

    ReplyDelete
    Replies
    1. Dear Ajith,

      Wish u too, the same. Happy holidays & expecting wonderful 2017 for all of us.

      We have completely different & opposite political views but we must keep our friendship despite having bunch of arrogant arguments. Hope you could be so.

      Cheers!

      Delete
    2. I don't actually think I was being arrogant. I don't think lot of people know what my political views are. I keep them close to my heart. Thank you for the kind comment.

      Delete
  25. // Ajith DharmaDecember 28, 2016 at 12:41 PM
    ප්‍රතිචාර කියැවීමට පැමිණියෙමි. සරසා මොනවා හෝ ලීවාද? :) //

    සොරි තමයි අජිත්....

    අපි ඔහෙලගේ යූ එන් පී ඔලු සේදීම නතර කරලා නෙලුම් යායවල් සහ ඒවා පිපෙනා යූ එන් පී එන් ජී ඕ මඩ වල හඳුනාගෙන එයට මුහුන දෙන්න ජාතිකත්ව වේදිකාවක් තනනවා...... කරූ ජයසූරිය ට ආරාදනා කොරන්නේ නම් නැහැ!

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. සරසා අපේ බ්ලොග් වලට පැමිණ දමන කොමෙන්ටුවට සීරියස් පිළිතුරක් දුන් විට විහිළු කලා යැයි කියා පැන යන්නේ ඔබය. හැබැයි " සරසා මොනවා හෝ ලීවාද? :) " මෙහි මේ සලකුණ :) අනුව කලේ විහිළුවක් යයි නොතේරීම අවාසනාවකි.
      //අපි ඔහෙලගේ යූ එන් පී ඔලු සේදීම නතර කරලා// මගේ යූ එන් පී ඔලුවක් සේදීමට ඔබ අවශ්‍ය නැත. ඔබ හෝ වෙනත් අය කියූ දේවල් වලින් ඔලුව සෝදා ගන්නා කෙනෙකුට ඒ බව පවසන්න.ශ්‍රී ලංකා කාරයන්ට මම අකැමති වුනේ 1976 දී පමණ කොළඹ කොමර්ෂල් කොම්පැනිය රජයට පවරා ගත් දිනය. ජාතියට පවරා ගැනීම නමැති කෙහල්මලකට එසේ සිරිමා රජය කරන විට මා රාජකීය විදුහලේ හයේ පංතියේය. කොම්පැනියට කෙලෙවෙන බව මට එදාම තේරුණි. යුඇන්පී එකට අකැමති වුනේ සරච්චන්ද්‍රයන්ට ගහපු දවසේය. ජවිපෙ හිතවාදී කමින් ඈත් වුනේ 1984 පමණය. ඒ නිසා සරසෝ මගේ ඔලු ගෙඩියේ ඔහේගේ වගේ ඔය පක්ෂ පාට මුකුත් ඇත්තේ නැත. මගේ මිතුරන් අතරේ ඔය පක්ෂ තුනට අමතරව් ටහ්වත් බොහොමයක් පක්ෂවල ඈයන් ද වේයන්ද සිටිති.
      නෙලුම් යාය ගැන කියනවා නම් ලිවීමේ නිදහසට අප කැමැතිය. කරූ ආවේ තොරතුරු දැන ගැනීමේ පනත නිසා යයි මම කොතෙකුත් ලියා තිබේ. බ්ලොගය බලන්න. ඒවා අපේ හදවතට එකඟ දේවල්ය. ගිය ආණ්ඩුවේ මහා එකාට එය අවශ්‍ය වූයේ නැත. මේ ආණ්ඩුවේ උන්ටද තවම ඒක අවශ්‍ය නැත. එය පමා කරන්නට මේ ආණ්ඩුවේ සම්හරුද දත කයි. ඉදිරියට එන ඒකාබද්ධේ එවුන්ද පනතට බයය. උඹලා බය මොකද කියා අපිත් දන්නවාය. එනිසා කරු ජයසුරිය බැරිනම් මොකාට ආරාධනා නොකරතත් මට නම් ප්‍රශ්නයක් නැත. එසේම ජාතිකත්ව වේදිකාවට ගෝඨාභය ට්‍රම්පක්ෂ ආවත් වෙන කෙනෙකු ආවත් ප්‍රශ්නයක් නැත්තේය. අපේ ගමන අපි යන්නෙමුය.

      Delete
    3. කකුල් දෙකම විදේශ රටවල තියාගෙන ඉන්නා ඔහේලා අපේ රටේ යම් දියුනුවක් සිදුවේගන යනවිට ඒ ගැන කම්පා වී සිරි ලන්කාවත් දියුනු වුනොත් අපි ආපහු ගිහින් දෙන පොර ටෝක් අහන්න ඉන්නේ කවුදැයි සිතා විස්සෝප වී යූ එන් පී එක බලයට පත් කිරීමට දිවුරා වැඩ කරනා වෙබ් සයිට් වලට සහ ඇන් ජී ඕ වලට සැට් වෙලා සින්හලෙන් බ්ලොග් ලියනා කස්ටිය මත අදිපතිවාදයක් පතුරුවාගේන නෙලුම් යාය කක්කා සම්මාන දී ඔවුන් ව තම්න් ගේ පැත්තට නමාගේන සිටින ගමන් අපි යූ ඇන් පී නොවේ කියා කියනකොට මට මතක් වන්නේ තම කන්‍යාබාවය ඔප්පු කොරන්නට කැස කවනා ගනිකාවයි හිටන්!

      පහුගිය ආන්ඩු කාලේ අපට නම් ලියන්න කියන්න අපට නිදහස නැති වුනේ නැත. අපට නැති නිදහසේ ප්‍රස්නයක් පිටරට වල ඉන්නා එවුන්ට ඇති වුනේ කොහොමද? ඇන් ජී ඕ වල මුදලේ බලයෙන් ද?

      කරූ තොරතුරු පනත ගෙනාවා කියා සිරි ලන්කාවට නම් සිද්ද වෙච්චි යහපතක් නැත.. ඔහේ ඉන්නා රටට එහෙම වුනාදැයි අපි නොදනිමු!

      ඔහේ කලේ සුවාදීනයි කියා පෙන්නාපු මඩ වලේ නෙලුම් යායට යූ ඇන් පී ලොක්කෙක් ගෙනාපු එක ය! ඊට පස්සේ බබා ටෝක් දාන්නේ අපි අද ඊයේ ඉපදුනු එවුන් කියා සිතාගෙන ද?

      Delete
    4. සරසා ඔය සිතිවිල්ලේ වැරැද්ද ඇත්තේ ඔතනය. අපේ නෑදෑ යහළු පරපුර දිවි ගෙවනා ලංකාව දියුණු වෙනවාට මම විරුද්ධ යයි සිතීම කුණු ජාතිවාදීන්ගේ කතාවකි. නෙළුම් යාය සම්මාන ලැබූ එවුන් මගේ පැත්තේ යයි සිතීමද එවැනිම මෝඩ කතාවකි . එයට හේතුව මගේ පැත්ත කුමක්ද කියා සරසා නොදන්නා නිසාය. පිටරටවල ඉන්න එවුන් අතරේ ඔහේගේ ලොක්කන්ද සිටින බව හඟවන්නේ ඇයි? ඔය ජාතිකත්ව පොරවල් බොහොමයක් පිටරටවල ඉන්නෙත් ඔය කියන හේතුව නිසාමද? විමලේ අයියා ජපානයේ ඉතාලියේ පටන හැම රටකටම ගාටන්නේ ඇයි? ලංකාවෙන් හොයා ගනිල්ලකෝ සල්ලි.
      //පහුගිය ආන්ඩු කාලේ අපට නම් ලියන්න කියන්න අපට නිදහස නැති වුනේ නැත // තමන්ගේ ආණ්ඩුවට කඩේ යන එවුන්ට ගැහුවේ එක පාරයි කියල ඔය පත්තර වල පල වෙන්නේ. අර රිවිරේ එකාට.
      මම යන පාරේ යන වාහන වල නගින්නට මට නිත් එවුන්ගේ අවසර ඕනෑ නැත.
      //කරූ තොරතුරු පනත ගෙනාවා කියා සිරි ලන්කාවට නම් සිද්ද වෙච්චි යහපතක් නැත// එකට තවම කාර්යාලයක් වත් නොදී සිටින්නේ ඒ නිසා විය හැකිය.

      Delete
    5. මහ බැන්කුව සුද්ද කොරලා, වී හොරාට විකුනලා හාල් මිල වැඩි කොරලා, වැට් ගහලා අපේ බොක්ක හෝදලා, පගාව තනියම කන්න සුපිරි ඇමැතිලා බිහිකරන්න නීති හදලා කෙලවගෙන යන කලට ඔහේ ඇවිත් තොරතුරු දැනගැනීමේ රෙද්දක් ගැන කතා කරනවා.... පිස්සුද නැත්නම් හැටිද?

      යූ එන් පී සරනම් ගච්චාමි වෙබ් සයිට් එකේ නෙලුම් යාය කක්කා මඩ වල එල්ලනවට ගානක් ලැබෙනවද? ඒකත් ඔහේගේ තොරතුරු දැණගැණීමේ රෙද්දේ කෑල්ලක් ද?

      Delete
    6. සරසෝ දැන් ඔය බැදුම් කරේ ගැන මුලින්ම දැම්මේ මොන වෙබ් අඩවියද කියල ඔහෙට මතකද? ඔහෙලගෙ විමලේගේ එකේද? හොයල බලනවද? ඒක ඉස්සෙල්ලම දැම්මේ උඹ ඔය බනින වෙබ් අඩවියේ. දාපු එකත් මම දන්නවා. මට කෝල් එකක් දීල ඒ ගැන ප්‍රධාන කර්තෘ කිවේ උදේ පාන්දර. අපි ඒවා දැම්මේ උඹල වගේ උඩ පනින්න නෙමේ. බේරාගන්න. නොදන්නා රෙද්දවල් කතා නොකර හිටපන් බං. අනිත් සයිට් ඔක්කොම අල්ල ගත්තේ ඊට පස්සේ. දැන් නෙලුම් යායේ වුනත් උඹ හිතන්නේ අපි යුඇන්පී ඒවා විතරයි දන්නේ කියලද? නැහැ හොඳයි කියල අපට හිතෙන ඕනෑම ලිපියක්. නිකන් බොරු ලියන්නේ නැතුව ඉඳපන්. දඩ ගැන මගේ අදහස් මම කියල තියනවා. වැට් කියන්නේ රටකට ඕන දෙයක්. නමුත් මේ අවස්ථාවේ හොඳ නැතුව ඇති. රාජ් ල හෙම වැට් එකට විවේචනය කරලා ලියපුවා අපි දැම්ම උඹ දැක්කේ නැතු ව ඇති නේද? යකෝ අපේ ඔලු තියෙන්නේ කෙලින්. මේවා ලෙහෙසියෙන් නැවෙන්නේ නැහැ.
      ඔන්න නෙලුම් යාය එල්ලනවට සල්ලි ලැබෙනවා නම් මාත් කැමතියි බං. කෝ මුන් දෙන්නේ නැහැනේ. වැඩ කරන උන්ට පඩි ගෙවා ගන්නවත් සල්ලි නැහැ කිය කියා අඬන එවුන් ගෙන් කොහොමද බං සල්ලි ගන්නේ.

      Delete
    7. සරසතුමනි, ඔය නෙලුම් යාය කියන සම්මාන උලෙළ ගැන ඔබතුමාගේ අදහස මම අගයමි. ඕක තනිකර මුළාවක්. සම්මාන නෙවි ඕකේ දෙන්නේ අල්ලස්. අපට සම්මාන එපා. ඔබතුමා ජාතිකත්ව කතිකාවට සකසා දෙන වේදිකාව අපට ඇති. 2017 වර්ෂයේ දී අපි ඔබතුමා යුගයේ වියුණුකරුවා බවට පත් කර උත්තරීතර ම සම්මානය ඔබතුමාට පුදන්නෙමු. ඔබතුමා වැනි උගතකුට ඩොලර් හිඟා කා සම්මාන බෙදන අයගේ කුණු සම්මාන නො නිසි ය. සරසතුමා කවදාවත් යූ. එන්. ඩී. පී. ඩොලර් කුට්ටියට නැවෙන කෙනෙක් නො වේ. අපට සරසතුමා විශ්වාස යි. අනික සම්මාන කෑලි ගත්ත අයත් එක්ක ඉඳලා පොටෝ ගහලා හැමතැන ම දා ගන්න සරසතුමා වගේ විද්වතකුට ඕනැ නැහැ කියලා අපි දන්නවා. චෙඩින් පොටෝ එක වියුණුවේ දා ගෙන "nice" ඉල්ල ගන්නත් සරසතුමාට ඕන නැහැ නො වැ.

      Delete
    8. අනේ අජිත් ඔය ඔලුවෙන් හිටගෙන කිව්වත් ඔයත් මාතලන් වගේම රනිල්ගේ පස්ස ලෙවන්නෙක් කියල අපිට හොදටම තේරිලා ඉවරයි. නිකම් මේ වැදගත් සංවාදේ අල කරන්නේ නැතුව පැත්තකට වෙලා ඉන්නවද!

      Delete
    9. // Ajith DharmaDecember 29, 2016 at 9:47 AM //

      උඹලම හොරා කාලා උඹලම ඉසිස්සෙල්ලා වේලෙන්නත් කලින් ම උඹලගේම ඇන්ජී ඕ යූ ඇන් පී වෙබ් සයිට් එකේ පොඩ්ඩක් රිදෙන්න විවේචනා කොලා කියලා වැරැද්ද නිවැරදි වෙනවද?

      උඹලා ඔයි ගහන පැරොඩි ගේම් එක අපිට නොතේරෙන්නේ අපි බබ්බුද හිටන්? උඹලා මාන බලන් ඉන්නේ මේ රට තවත් ලිබියාවක් හෝ සිරියාවක් කරන්නයි... ඒක අපි තේරුම් අරන් ගොඩාක් කල්!

      උඹලගේ ඔලු කෙලින් වෙලා තියෙන්නේ අපේ රටට කෙලවලා යූ එන් පී සහ එන් ජී ඕ න්යායපත්‍ර ක්‍රියා කරන්නයි!

      අපිට නිකම් කොල කඩා පාන්නෙ නැතිව හිටපන් අජිත්... උඹලා හැරෙනකොට පොල් පැලේ කන්නයි යන්නේ කියලා අපිට තේරේනවා.... සින්හල බ්ලොග් වලට උඹලා බලපෑම් කල කාලේ ඉවරයි... උඹලගේ හාම්පුතා වන රනිල් එක්ක ම ඊලඟ පාර නෙලුම් යාය මඩගොඩ සිරිකොතේ ම තියාගනින්!

      Delete
    10. Dear Sa Rasa

      Be cool mate, just cool down. Ajith has commented with soft language and kindly be polite.

      I also have much different political views as opposed to UNPer Ajith Dharma but I think it's better to be patient as much as possible while commenting on political related matters.

      Guys, we all are friends & of same origin, proud sons of mother Lanka. Don't forget it guys, please.

      Delete
    11. @ Anonymous December 29, 2016 at 2:13 PM ඔය උඩින් තියෙන reply බට්න් එක තියෙනවා නේද? ඒකට ක්ලික් කරලා කොමෙන්ට් දැම්මම හැදෙන්නේ වෙනම නෙස්ට් එකක්. මම ප්‍රධාන දහරාවේ හෝ ඔය කියන සංවාද වලට ඇතුලත් වී නැහැ. තේරුනයි. සරසාට අවශ්‍ය නැත්නම් බ්ලොගේට එන එක නම් නවත් වන්න පුළුවනි. බ්ලොගේ සරසගේ නිසා.

      Delete
    12. //උඹලම හොරා කාලා උඹලම ඉසිස්සෙල්ලා වේලෙන්නත් කලින් ම උඹලගේම ඇන්ජී ඕ යූ ඇන් පී වෙබ් සයිට් එකේ පොඩ්ඩක් රිදෙන්න විවේචනා කොලා කියලා වැරැද්ද නිවැරදි වෙනවද? // මම නම් අද වෙන තුරුත් කාගෙන්වත් හොරා කලා නැහැ. පුලුවන්නම් ඔප්පු කරපන්. නිකන් අපහාස කරන්නේ නැතුව. අර්ජුන් මහේන්ද්‍රන් හොරා කෑව නම් එක උගෙන් අහපන්. වෙබ්සයිට් එකේ ලියන්නෙත් එවයි.
      //උඹලා මාන බලන් ඉන්නේ මේ රට තවත් ලිබියාවක් හෝ සිරියාවක් කරන්නයි...// උඹ අඩුම ගන්නේ මගේ මේ සිරියාව ගැන ලිපි දෙක කියෙව්වද? මම ලියන්නේ අපක්ෂපාති විචාර. මට පෙනෙන විධිහට.
      සිරියන් යුද්ධයේ තවත් පැත්තක් 1 තුන්වන කොටසත් ලිව්වහම ඇවිත් බලපන් මගේ අදහස් ගැන.
      //උඹලගේ ඔලු කෙලින් වෙලා තියෙන්නේ අපේ රටට කෙලවලා යූ එන් පී සහ එන් ජී ඕ න්යායපත්‍ර ක්‍රියා කරන්නයි!// අනේ මන්ද ආයෙත් කියන්න තියෙන්නේ උඹ මාර විධිහට වල්ගේ පාග ගෙන බවයි.
      //සින්හල බ්ලොග් වලට උඹලා බලපෑම් කල කාලේ ඉවරයි... උඹලගේ හාම්පුතා වන රනිල් එක්ක ම ඊලඟ පාර නෙලුම් යාය මඩගොඩ සිරිකොතේ ම තියාගනින්!// සිරාවට. සිංහල බ්ලොග් වලට මම බලපෑම් කරා කියල අයි දන්නේ. ඔහොම කියපු තව x -යාළුවෙකුත් මේ පැත්තේ ඉන්නව හිටන්. හැබැයි ඉතින් නෙලුම් යාය සම්මාන ගැන තව පෝස්ට් එකක් දාන්න කාලේ හරි වගේ. free publicity එකට ස්තූතියි හිටන්. ඕන් අපි ගියා. හෘද පීඩනයත් වැඩි වෙලා ඇතිනේ. කියද 180 ද?

      Delete
  26. කමින් කලර්ස් ඉස් නොට් ගුඩ්

    ReplyDelete
  27. නියම පෝස්ටුව... ඒවගේම උඩ කොමෙන්ටුත්...
    ජයවේවා...

    ReplyDelete
  28. සාරස,

    ඇතැම් දෙනා ජාතිවාදය හා ජාතිකවාදය යන දෙක පටලවාගෙන ඒ දෙකම එකවර නිරුපනය කිරීමට ඉහත ලෙස ජාති[ක]වාදය ලෙස යෙදීම සිදු කරන බව පෙනී ගොස් ඇත. මෙහි අරමුණ ජාතිකවාදය යනු ජාතිවාදයම බවත් එය වෙනස් වන්නේ නම් ඒ ජාතිකවාදය ඇති කරගෙන ඇති ව්‍යාජ ප්‍රබුද්ධත්වය නිසා බවත් පෙන්වීම ය.

    හුදෙක් භාෂා දැනුම පමණක් භාවිතා කළහොත් ජාතිවාදය හා ජාතිකවාදය ලෙස වචන දෙකක් භාවිතා කිරීම විකාරයකි. nationalism යන්න ජාතිවාදය ලෙස නම් කලත් ජාතිකවාදය ලෙස නම් කලත් ඉන් අවුලක් පැන නොනැගිය යුතු ය. (කෙසේ වෙතත් අප නුතන ධනවාදී nationalism යන්න ද දැකිය යුත්තේ වර්ගවාදයක් ලෙස ය. අපි වර්ගවාදී නොවන ජාතිකවාදයක් (nationalism නොවේ ) ඇදහිය යුතු ය. මෙම ජාතිකවාදය අපට අපේ ඉතිහාසයෙන් හා සංස්කෘතියෙන් මතු කරගත හැක. ) කෙසේ වෙතත් ප්‍රශ්නයක් ඇතිව තිබීමට හේතුව වන්නේ 'ජාතිවාදය' යන නම කී විගස අපේ මනසට නැගෙන්නේ වර්ගවාදී මෙන්ම පරපීඩක වූ චිත්‍රයක් වීම ය.

    ඊට හේතුව ජාතිවාදය යන්න කාලයක් පුරා racism යන්න හැදින්වීමට යොදාගෙන තිබීම ය. මේ නිසා ජාතිකවාදයට සැලකිය යුතු හානියක් කල හැක.

    මින් ගැලවීමට 'ජාතිකවාදය' වෙනුවට වෙනත් වචනයක් යෙදීම කල නොහැක. කල යුත්තේ කවුරුන් කුමන ආකාරයෙන් හෑල්ලු කලත් 'ජාතිකවාදය' යන වචනය ප්‍රබල ව හා අතොරක් නැතුව භාවිතා කිරීම ය. ඒ සමග ම බටහිර අදහස් පුනුරුච්චාරණය කරමින් (එහි නෛසර්ගික වරදක් නැත. එහෙත් සමාජ ප්‍රශ්න සඳහා අවශ්‍ය සංකල්ප ඒ සමාජය තුලින් නිපදවීම වඩා සාර්ථක ය. ඒ සඳහා බටහිර අදහස් වලින් ඉගෙන ගත යුතු දේ ඉගෙන ගත යුතුය. ). Racism හා Nationalism යන සංකල්ප වලින් නොව අපට ලෝකය පෙනෙන ලෙස අවංකව වර්ගීකරණ සංකල්ප නිපදවිය යුතු ය.

    ReplyDelete
    Replies
    1. Cont'd...

      ජාතිකවාදය තේරුම් ගැනීම පසෙකට තබා ජාතිකවාදයන් අතරින් වර්ගවාදී ජාතිකවාදයන් ජාතිවාදයන් ලෙස හදුන්වමු. එක්තරා ආකාරයකට ගත කල වර්ගවාදය සමග එකතු වූ ජාතිකවාදයන් ජාතිවාදයන් බවට පත්වේ යයි කිව හැක. මෙම ලිපි පෙළෙහි මාතෘකාව ලියවී ඇත්තේ ඒ අදහසිනි.

      මුලින් ම වර්ගවාදය ලෙස අප හදුනාගන්නේ කුමක් ද? එක්තරා සීමිත මිනිස් කොටසක් කේන්ද්‍ර කරගෙන අනෙක් කොටස් නොසලකා හැර හුදෙක් තමන් අයත් කොටසේ උන්නතිය ම පමණක් බලාපොරොත්තු වෙමින් ක්‍රියාත්මක වීම සහ ඒ ක්‍රියාත්මක වීමේදී අනෙකුන්ට සිදුවන අසාධාරණයන් නොතකා හැරීම අපි දැනට වර්ගවාදය ලෙස හදුනාගමු. වැදගත්ම දේ තමයි වර්ගවාදය වුනත් ඍජුවම පරපීඩක හෝ ස්වෝත්තමවාදී මානසිකත්වයකින් ක්‍රියාත්මක නොවෙන්න පුළුවන්. උදාහරණයකට රවුෆ් හකීම් ජලසම්පාදන මණ්ඩලයට/ වරායට මුස්ලිම් අය වැඩිපුර බැඳගන්නේ මුස්ලිම් උන් තරම් උන් නැහැ කියන ස්වෝත්තමවාදී මානසිකත්වයෙන් වත් සිංහලුන්ට රිදවන්න පරපීඩක මානසිකත්වයකින්වත් නොවෙන්න පුළුවන්. එහෙත් ඔහු එහිදී ඉතා වර්ගවාදී ලෙස තම වර්ගයේ උන්නතිය උදෙසා අනෙකුන්ට අසාධාරණයක් කරනවා.

      Delete
    2. Cont'd...

      මේ අර්ථ දැක්වීම් අනුව පැහැදිලිවම ධනවාදයත් සමග (නුතනත්වයත් සමග ) යුරෝපයේ පැතිර ගිය ජාතිකවාදයන් (nationalisms ) සියල්ලම පාහේ වර්ගවාදියි. එම ජාතිවාදයන් තුල තිබුයේ ස්වකිය රටේ සෞභාග්‍යය උදෙසා තරගකාරී ලෙස අනෙකුත් රටවල් සමග හැප්පෙමින් ලෝකය කොල්ල කෑමේ අදහසයි. එහිදී තම රටේ උන්නතිය මිසෙක අනෙකුන්ගේ උන්නතිය ගැන සැලකිලිමත් වීමක් නැහැ. මිට අමතරව එහි පරපීඩකත්වයක් හා ස්වොත්තමවාදයක් තිබිණි. එහෙත් මේ ස්වෝත්තමවාදය හා පරපීඩකත්වය ක්‍රියාත්මක වුයේ තම තරගකරුවන් වන අනෙකුත් යුරෝපා ජාතීන්ට එරෙහිව නොව හුදු ම්ලේච්චයන් ලෙස සලකනු ලැබූ ලෝකයේ අවශේෂ ජනකොටස් සම්බන්ධයෙනි.

      ජාතිවාදය යන්න අනෙකුත් වර්ගවාදයන්ගෙන් වෙනස් වන ප්‍රධාන සාධකය වන්නේ භුමිය සමග දක්වන සම්බන්ධතාවයි. කෙසේ වෙතත් ජාතිවාදයක් වර්ගවාදී වන නිසා එහිදී ජාතියට (වර්ගයට ) අයත් භූමියක් පිලිබඳ යම් සම්මුතියක් එම වර්ගයට අයත් පුද්ගලයන් අතර තිබුවද ජාතියේ ගාමක බලය වන්නේ වාර්ගික විඥාණයයි. වාර්ගික ආශාවන් තෘප්ත කිරීම සඳහා ඇතැම් විට භුමිය ආක්‍රමණශීලි ලෙස පුළුල් කරගැනීමට උත්සහ කෙරෙයි. ඇතැම් විට ශූන්‍ය භුමි ප්‍රදේශයක හිමිකාරිත්වය දරන වාර්ගික විඥාණයක් දරන පිරිසකට වුවද ජාතියක් බවට පත්වීමේ අවශ්‍යතාව ඇතිව ජාතිවාදයක් හෝ ජාතිකවාදයක් බිහි කරගත හැක. උදාහරණ ලෙස ඊශ්‍රායලය නිර්මාණය වීම හා ලංකාවේ දෙමල ජාතිවාදයේ විකාශය දැක්විය හැක. මෙහිදී වාර්ගික විඥාණය ඉතා ම ප්‍රබල වේ. එය විසින් ඔවුන්ව ජාතියක් හෙවත් භූමියක් සහිත වර්ගයක් බවට පත්වීමට පොළඹවයි.

      ජාතිවාදී නොවන ඓතිහාසික සිංහල ජාතිකවාදය පැරණි චීන ජාතිකවාදය වැනි ජාතිකවාදයන්ටද භුමිය යන සාධකය පොදු ය. බොහෝ විට මෙවැනි ජාතිකවාදයන්හිදී ජාතිය හා ජාතික විඥාණය බිහිවන්නේ එක්තරා භුමි ප්‍රදේශයක ජිවත් වන (හෝ ජිවත් වීමට සිදුවූ ) විවිධ මිනිස් කොටස් පුද්ගලයන් ලෙස පවුල් ලෙස ගම නගර ලෙස බැඳීම හරහා එම භුමි ප්‍රදේශය තුල අධිකාරත්වය දරන එකට බැඳුනු මිනිස් කොටසක් බවට පත්වීමෙනි. එහිදී භුමිය තුලම ක්‍රමයෙන් ජාතිය බිහි වෙයි. එම ජාතිය වාර්ගික විඥාණයක ප්‍රතිපලයක් නොවේ. භූමියෙන් ස්වායත්තව පවතින වාර්ගික විඥාණය වෙනුවට එහිදී භුමිය හා තදබල ලෙස බැදුණු ජාතික විඥාණයක් ජාතිය බිහිවීමේ ක්‍රියාවලිය සමගම බිහිවෙයි. සිංහලයන්ට ලංකාවෙන් තොර සිංහලකමෙන් වැඩක් නැත්තේ ඒ නිසා ය. (දැනට ඉහත ප්‍රකාශය ජාතිකවාදයේ අර්ථ දැක්වීම ලෙස ගමු. පසුව එය විසතරාත්මකව තේරුම් ගැනීමට උත්සහ කරමු ) සිංහල ජාතිකත්වය චීන ජාතිකත්වය පමණක් නොව ඇමරිකන් ජාතිකත්වයද බිහි වී ඇත්තේ මෙලෙසය. කෙසේ වෙතත් මෙසේ බිහි වූ ජාතිකවාදයක් පසු කලකදී ජාතිවාදයක් බවට පත්වීමට හැක. ඇමරිකන් ජාතිකවාදය ඇමරිකන් දියුණුවත් සමග අපගේ අර්ථ දැක්වීමට අනුව වර්ගවාදයක් බවට පත්ව ඇත. එනිසා එය ජාතිවාදයක් වෙයි. ඊට අමතරව එය ස්වොත්තමවාදයක් හා පරපීඩකතත්වයක් දක්වා වර්ධනය වී ඇත.

      Delete
    3. ඇමරිකන් ජාතිකවාදය ජාතිවාදයක් බවට පත්වීම ලෝක දෙමල ජාතිවාදයේ බිහිවීම, ඊශ්‍රායලයක් සඳහා වන අවශ්‍යතාව බිහිවීම යන මේ සියල්ල පසුපස තිබෙන පොදු කරුණක් ඇත. එනම් පැරණි යුරෝපිය ජාතික රාජ්යයන්ගේ ආදර්ශයයි. මේ සියලුම වර්ගයන්ට ලෝකය දිනීමට ලෝකයේ තම නම සලකුණු කිරීමට අවශ්යතාවයක් ඇතිවී ඇත. භූමියක් දැනටමත් තිබෙන ඇමරිකාව , රුසියාව, චීනය වැනි රාජ්යයන් තම පැරණි ජාතිකවාදයන් අතහැර දමා පැරණි යුරෝපා ආදර්ශය අනුව යමින් ලෝකය දිනීමට වර්ගවාදී ලෙස උත්සහ කිරීම තුල ජාතිවාදයන් බවට පත්ව ඇත. පැහැදිලි ජාතිකත්වයකින් තොර ඉන්දියාවට වුවද මේ තත්වය පොදුය. පරිසර සම්මුති වැනි සම්මුතීන් වලදී මේ අසන්තෘප්ත රටවල් දක්වන මැලිකම පිටුපස මෙයද ඇති බව සිතෙයි. ලෝකය දිනීමට වාර්ගික අවශ්යතාවක් තිබුවද භූමියක් නැති යුදෙව්වන් හා ලෝක දෙමල ප්‍රජාව ඒ සඳහා භූමියක් සෙවුහ. එහි අවාසනාවන්ත වින්දිතයන් බවට පලස්තිනුවන්ටත් සිංහලයන්ටත් පත්වීමට සිදුවිය. (කෙසේ වෙතත් ලංකාවේ දෙමල වර්ගවාදය මිට වඩා ඈතට යයි. එය ඇතිවුයේ ලෝක දෙමල ප්‍රජාව තම ජයභූමිය ලෙස උතුර තෝරා ගැනීමට ද පෙර ය. )

      මෙම පැරණි යුරෝපා ආදර්ශය සිංහලයන්ටද බල පා ඇති බව සිතෙයි. සිංහල ජාතිකවාදය අදවන විට ඇතැමුන් අත සිංහල ජාතිවාදයක් බවටත් ඇතැමුන් අත ශ්‍රී ලංකික ජාතිවාදයක් බවටත් පත්ව ඇත. (වර්ගවාදයේ හා ජාතිවාදයේ අර්ථ දැක්වීම් සිහි කරගන්න ) අද ඓතිහාසික සිංහල ජාතිකවාදය තිබෙන්නේ ගමේ බයියන් අතරය. ඔවුන්ට දෙමළුන් පේන්න බැරි බව ඇත්තය. එහෙත් ඒ ජාතිවාදයක් වර්ගවාදයක් ස්වොත්තමවාදයක් නිසා නොවේ. ඒ පිටුපස තිබෙන්නේ ද ඓතිහාසික සිංහල ජාතිකවාදයයි. පසුව ඒ ගැන කතා කරමු. සත්ය වශයෙන්ම ජාතිවාදීන් සිටින්නේ නගරයේ ය. නගරය තුල සිංහල ජාතිකවාදය සිංහල ජාතිවාදය බවටත් ශ්‍රී ලංකික ජාතිවාදය බවටත් පත්වීම අපේ නැණ පමණින් ඊළඟ ලිපියේදී සාකච්චා කරමු. දැනට කිව යුත්තේ ඉහත ඇමරිකන්, චීන රුසියන්, දෙමල ජාතිවාදයන්ගේ බිහිවීමට බලපෑ පැරණි යුරෝපිය ආදර්ශය හෙවත් ලෝකය දිනීමේ අවශ්‍යතාව සිංහල ජාතිවාදයේ මෙන්ම ශ්‍රී ලංකික ජාතිවාදය බිහිවීමටද බල පා ඇති බව ය.

      මිට අමතරව මෙහිදී අප සංකල්ප අර්ථකථනය කල ආකාරයට මුස්ලිම් වර්ගවාදය හුදු වර්ගවාදයක් මිස ජාතිවාදයක් නොවන බව කිව යුතුය.

      Delete
    4. ගරු වියත් ඇනෝතුමනි,

      මා හිතන්නේ ඔබේ ආලෝචනය හැම දෙනාම කියවා තේරුම් ගත යුතු වටිනා ලියවිල්ලක් කියා ය. මා එයින් බොහෝ දේ ඉගෙන ගත්තා...එය මෙහි පලකිරීම ගැන ඔබට ස්තූතියි.

      Delete
  29. හිතවත් සරස,

    කෙසේ හෝ අද නැවතත් රටෙහි ජාතිකත්වයද ඒකියත්වයද දුර්වල වී ඇත. විග්නේෂ්වරන්ලා, සුමන්දිරන්ලා,සම්බන්ධන්ලා, රනිල්ලා, චන්ද්‍රිකාලා (සිරිසේනලා) දේශපාලන තලයේ බෙදුම්වාදය සදහා පාර කපමින් සිටී. සන්නස්ගලලා වියන්ගොඩලා, විජේසූරියලා ආදී දහසකුත් ව්‍යාජ බුද්ධිමත්කමක් මවාපා සිටින තක්කඩි බකපඩියෝ සිංහල බෞද්ධ විරෝධී මතවාද ජනමාධ්‍ය ඇතුලු බොහෝ තැන්හි සමාජ ගතකිරීමට අවස්ථාව සලසාගෙන ඇත.

    කෙසේ හෝ විග්නේෂ්වරන්ලා මේ අතගසා ඇත්තේ බෙදුම්වාදය සදහා වු මුලික පියවර වලටය. ඔවුන්ට ඇමෙරිකාවේද එංගලන්තයේද මානව හිමිකම් කවුන්ලයේද පුර්ණ සහයෝගය හිමිව තිබුඑ අතර ට්‍රම්ප් පාලයන යටතේ වහාම අප මෙයට එරෙහිව ක්‍රියාත්මක විය යුතුය. වචනයෙන් ප්‍රකාශ නොකළද රනිල් -චන්ද්‍රිකා (Sඉරිසේනා සංයෝගය ඒ සදහා රජයෙන් අවශ්‍ය සහයෝගය ලබා දෙනු ඇත. මෛත්‍රීපාල ජනාධිපතිවරයා දැනටමත් විධායක අගමැති ලෙස හැසිරෙන රනිල්ට අවශ්‍ය පරිදි හැසිරෙමින් ව්‍යාජ ජනතාඅවාදී රංගනයක යෙදෙමින් සිටියි. සන්නස්ගලලා වියන්ගොඩලා ගේ සිට නිර්මාල් රංජිත්ලා දක්වා මේ සියලු ක්‍රියා පටලවනු ලැබුඑ දේශපාලන වචන හරඹයකින් සාධාරණීකරණය කරනු ඇත. මේ සියලුදෙනා තවත් ඉදිරියට ගියහොත් ලංකාව බෙදා වෙන්වීම කාලය පිලිබද ප්‍රශ්නයක් පමණී. වෙනම පාලන තන්ත්‍රයක් බෙදා වෙන්කරගෙන සිංහලයන්ට දෙකොනින් හිනා වී තම තමන්ගේ දේශපාලයන් මතවාදයන් දීනු බවට උදම් අනනු ඇත. ජාතිවාදී විසෙන් දෙකඩ කොට වෙන්කරන ලද රටක බෙදුම්වාදී ජාතිවාදය තස්ත්‍රවාදයක් දක්වා වර්ධනය වී දහස් ගණනකගේ ජීවිත අහිමි වීම බෙදුම්වාදී නඩය හුදු තම ආත්මාර්ථය සදහා බලෙන් අමතක කර දමා ඇත.

    ReplyDelete
    Replies
    1. මෛත්‍රීපාලට ජන්දය දුන් බොහොමයක් අයට මේ පිලිබදව අවබෝධයක් නැති බව පෙනෙන්නට ඇත. දුෂණ චංචා ඇල්ලීම, යහපාලන සංකල්ප ආදී ව්‍යාජ ඇස්බැන්දුම් ආදියෙන් ඇස් නිලංකාර වී ඇති ඔවුනට විග්නේෂ්වරන්ලාගේ දේශපාලනය පෙනෙන්නේ නැත. ඒ බව පෙනෙන කිහිප දෙනා නිහඩව සිටින්නේ කුහකකම නිසාවෙනි. රට බෙදනවට අපිත් විරැද්ධයි, එහෙම උනොත් අපිත් පාරට බහිනවා, කෝ තාම එහෙම එකක් පෙන්න නෑනේ? මෛත්‍රිට ඡන්දය දුන් බොහෝ දෙනාගේ පිලිතුරය.

      රටක් බෙදනවා යනු ඉඩම් කට්ටි කිරීමක් වැනි පොඩි දෙයක් ලෙසත් ඒ සදහා වසර ගණනාවක දේශපාලනික වු ද මතවාදී වු ද ක්‍රියාමාර්ග නැති බවත් සිතන්නට තරම් ඔවුන් අද බාල ද නැත්නම් රටෙහි ඒකියත්වය තුට්ටුවකටවත් මායිම් නොකරන්නේද යන්නත් මේ සඳහා ලබා දෙන පිලිතුර අනුව විමසා බැලිය යුතුය.

      Delete
  30. Sa Rasa,

    ජාතිවාදය සහ ජාතිකවාදය යන්නෙන් අදහස් වන්නේ එකක්ද?

    ජාතිවාදයේ සරලම අර්ථ දැක්වීම පක්ෂපාතීත්වයයි. විවේචනයද පාදක වන්නේ ජාතිය මතයි. ජාතිවාදීන් බිහිවන්නේ, සමහර ජන කොටස් පිළිබඳව ඔවුන්ගේ ජාතිය නිසා උපදින වෛරය හෝ අකමැත්ත මතය (උදා - ආගමක් හෝ දේශපාලන දර්ශනයක් කෙරෙහි වු තම මතයක තදින් එල්බ සිටින්නන්). එසේත් නැත්නම් චාරිත්‍රානුකූල ජාතිවාදයෙහි, ඇතැම් ජාතිවාදි කණ්ඩායම්වලට ඔවුන්ගේ අයිතිවාසිකම් හෝ ලාභ ප්‍රයෝජන ලබා නොදෙන අවස්ථාද ඇත. ජාතිවාදය ආරම්භ වන්නේ විවිධ ජන කණ්ඩායම්වල වර්ගීකරණ වෙනස්කම් ඇතැයි යන උපකල්පනය මත වුවත් එම සෑම විටම එක උපකල්පනයට පමණක් සීමා නොවේ. පක්ෂපාතිත්වය යන්න ජාතික හෝ ප්‍රාදේශීය ජන කොටස් විවේචනය, ආගම, රැකියාව, සමාජ තත්ත්වය හෝ වෙනත් ප්‍රභේද වලට වර්ගීකරණය කළ හැක.

    එක්සත් ජාතීන්ගේ පොදු සම්මේලනයට අනුව ජාතීය වෙනස් කිරීම සහ වාර්ගික වෙනස් කිරීම යන පද දෙකෙහි පැහැදිලි වෙනසක් දක්නට නොමැත.

    ReplyDelete
  31. සරසයෝ,

    යූඑන්පී පච-ප්‍රචාරක සිරිකොතේ අසූචි ගිලින බත් බැලයන් කියන අන්දමට නම් ට්‍රම්ප්ට සහය දුන් රිපබ්ලිකන් පාක්ෂිකයින් එජාපයට ගැතිකම් කරන උන්වැනිම වූ වහල්ලු පිරිසකි. එමෙන්ම හිලරි දිනවන්නට සිවාජිලිංගම් ඇතුළු කොටි නඩය ලවා උතුරේ පොල් ගැස්සුවේ ට්‍රම්ප් විරෝධී මහින්ද මහත්තයාය​. හිලරිගේ කැම්පේන් එකෙහි සම්පූර්ණ බර දැරුවේ විමල් වීරවංශ වැනි ජාතිවාදියෝය​. රනිල්ගේ ගෝලයන්ට ජාතිවාදයත් ජාතිකවාදයත් පැටලී අනාථ වී ඇත​. රනිල්ගෙගේ ගෝලයන් කියන්නේ ඇත්ත නම් සිරිසේනත් මහින්ද මහත්තයා සමග පොල් ගසන්නට එකතු වූවා විය යුතුය​. මන්ද යත් සිවාලිංගම්ලා මෙන්ම සිරිසේන බලාපොරොත්තු වූවේද හිලරිගේ ජයග්‍රහනය බව ඔහු විසින්ම ප්‍රකාශ කර තිබීමත්, මේ මන්ද බුද්ධික කැණහිල් රැල හැර රටේම ජනයා සිරිසේනගේ හඬින්මත් එය අසා සිටි බැවිනි.

    ReplyDelete
    Replies
    1. ජර්මන් චාන්ස්ලර් ආන්ජලා මෙර්කෙල් සහ එංගලන්ත අගමැතිනි තෙරේසා මේ ද, නුදුරු දිනයකදී බලයට පත්වන හිලරිද එක්ව ලොව පාලනය කරනු ඇතැයි සිරිසේන කිව්වා අපට නම් මතකය​. එසේ නොකිව්වා යයි සිරිසේනට කියන්නට පුලුවන​. ඒ සිරිසේනගේ හැටිය​.

      Delete
    2. ඩොනල්ඩ් ට්‍රම්ප් දිනවන්නට රනිල්ගේ කණ්ඩායම පහුගිය ටිකේම හිටින්ට ඇත්තේ අමෙරිකාවේය​. කණ්ඩායම් නායක රනිල් අමෙරිකානුවන්ගේ ජාත්‍යාලය වඩවා ට්‍රම්ප් ජයග්‍රහණය කරන තුරු ට්‍රම්ප් ටවර් එකෙන් බැස්සේ නැත​. ඔහුගේ ගෝලයෝ අමෙරිකාවේ වීදියක් වීදියක් පාසා ඉලෙක්‍ෂන් කැම්පේන් කලෝය​. කණ්ඩායම් නායක රනිල් එහි ඉන්නා කාලය තුල නිශා බිස්වාල්,ජෝන් කෙරී, සමන්තා පවර් වැනි ඩිමොක්‍රැටික් පාක්ෂික මහින්ද මහත්තයාගේ හොඳම යාලුවන් උන්නේ මැදමුලනේය​.

      යුද්ධය සමයේද ඔවුන් මහින්ද මහත්තයා හා එක්ව යුද්ධය නවත්වන්නට සැලසුම් කලා කියා රනිල් ට්‍රම්ප් සමග පවසනු රුසියාවේ ව්ලැදිමිර් පූටින්ටද ඇසුනු බව ඔහු චීන නායකයාට කියා තිබුනි. රනිල්ලා හා නෝර්වේ සොල්හයිම්ලා නොසිටින්නට අද ලංකාව කොටි ත්‍රස්තයින්ගේ බූදලයක් වී හමාර බව රනිල්ගේ කණ්ඩායමට සහය දක්වන්නට හොර රහසේම අමෙරිකාවට ගොස් සිටි වයිකෝ වයිබර් තාක්‍ෂණයෙන් ජයලලිතා අමතා ප්‍රකාශ කල බව රොයිටර් වාර්තා කර තිබුනි. සෝභිත හාමුදුරුවෝ උගේ කණ පලන්නට එනවා හීනෙන් දුටු රනිල්ගේ අග්‍ර ශ්‍රාවකයා තුන් කාන්සයෙන් දාඩිය දා අවදි විය​.

      Delete
    3. @ AnonymousDecember 29, 2016 at 12:37 AM

      මේක මරු...

      Delete
  32. සරසතුමා තම ශතකය වාර්තා කරනවා මේ මොහොතේ. ප්‍රේක්ෂකාගාරය වෙතින් සරසතුමාට උණුසුම් සුබ පැතුම් එක්වෙනවා. සරමතුමා ද තම ආදරණීය ප්‍රේක්ෂකයන්ට ආචාර කරනවා.

    ReplyDelete
  33. ප‍ටු අදහස් නම් පවුරින් ලෝකය
    කැබැලි වලට නොබෙදී
    ඥානය නිවහල් වී
    බියෙන් තොරව හිස කෙලින් තබාගෙන
    සිටිනට හැකි කොහිදෝ
    ඒ වූ නිදහසේ ස්වර්ග රාජ්‍යයට
    මාගේ දේශය අවදි කරනු මැන සරසතුමෝ...

    සත්‍යය පතුලින් ගලනා පිරිසුදු වචන කොහිද ඇත්තේ
    ගතානුගතිකව පැවතෙන සිරිතේ මරු කතරට වැදිලා
    නිර්මල ජල ධාරාව තර්කයේ සිඳී ගිලී නොගියේ
    ඒ වූ නිදහසේ ස්වර්ග රාජ්‍යයට
    මාගේ දේශය අවදි කරනු මැන සරසතුමෝ......

    පසු නොබසින වීරිය පිරිපුන් බව දෙසට දෑත විදහා
    සදා දියුණු වන සිතිවිලි උදෙසා කම් කටයුතු උදෙසා
    ඉදිරිය වෙත ඔබ මා සිත යොමවා ඇත්තේ කොතැනකදෝ
    ඒ වූ නිදහසේ ස්වර්ග රාජ්‍යයට
    මාගේ දේශය අවදි කරනු මැන සරසතුමෝ...

    ReplyDelete
  34. කාල වේඅලාව සහ ඩේටා වැ‍ය කොට තම වියත් අදහස් වලින් මෙම වියුනුවේ ආලෝචනය කල ඔබ සැමට මගේ බක්ති පූර්වක ස්තූතිය!

    දහසක් මල් පිපේවා...
    බොහෝ වියත් කතිකා ඇරඹේවා!

    ReplyDelete
  35. @ Anonymous December 30, 2016 at 3:40 AM,

    අනෙක් කතාවලට එකඟ වුනත් "...බැඳුම්කර වංචාව අතිශය සූක්ෂ්ම විදියට කරපු දෙයක්...." එකග විය නොහැක!

    මේ කරපු මහා වංචාව රනිල්ගේ මෝඩ උද්දච්ච ගතියට හොඳම උදාහරණයක්! මේකේ මොකක්ද සුක්ෂම? රු. බිලියනයක් බැදුම්කර වෙන්දේසියේ දාන්න අර්ජුන් මාමාට උපදෙස් දීලා අර්ජුන් බෑනාට කියනවා බිලියන දහයකට ලන්සු තියන්න. පස්සේ මහා බැංකුවේ ණය මණ්ඩලයට අර්ජුන් මාමා ඇවිල්ල කියනවා බිලියන එකක් නෙවෙයි දහයක් ගමු කියල. එකට සහතිකයක් ඕනේ වුනහම රනිල්ම ලංකා බැංකුවට කතා කරලා කියනවා සහතිකයක් දෙන්න. මෙකද්ද මේකේ සුක්ෂමත්වය? තමුන්ගේ හෙන්ච්ය්යන්ව දමල සාක්කි වහන්කරන් එකද? ඒ තිබිලත් මෙච්චර එලි වුනානම්, ඊළඟ ආණ්ඩු මාරුවේදී මේ හෙන්චය්යෝ අනි පැත්තට කතා කරනකොට කෙලින්ම හිරේ!

    ඊළඟට බලන්න මේක යටගහන්න ගත්ත ක්‍රියාමාර්ග. මුලින්ම කිව්වා මේ මහා බැංකු ගනුදෙනු සාමාන්‍ය ජනතාවට තේරෙන්නේ නැහැ කියල. එකෙන් වැඩේ නතර නොවුනහම හොරාගේ අම්මගෙන්, නෑ නෑ, රනිල්ගේ ඇම්බැට්ට නීතිඥයන්ගෙ කමිටුවක් දැම්ම. එත් සද්දේ නැවතුනේ නැහැ. ඩිව්ගේ කෝප් වතාවෙන් තමන්ගේ රෙදි ගැලවෙන බව දැනගෙන එක සභා ගත කරන්න දවසකට දෙකකකට කලින් පාර්ලිමේන්තුව සොරිසේන, සොරි සිරිසේන ජනපති ලව්වා පාර්ලිමේන්තුව විසිරෙව්වා. ඒ අතරේ ඉයන්ලා, මාතලන්ලා, පැරලා (පරාල ඇන ගහල මරපු තමන්ගේ සගයන්ව අමතක කරලා රනිල්ට හෙළුවෙන් කඩේ යන එක්කෙනා) වගේ බ්ලොග් කාරයෝ දම්මල මේක ක්බ්රාල්ටයි, මහින්දටයි ගාවන්න ෆුල් ට්‍රය් කළා. අධිකරණ වරෙන්තුව ගණන් නොගත්ත අධිකරණ නියෝජ්‍ය ඇමති, සුජීව පොතකුත් ගැහැව්වා. එත් වැඩේ යටගියේ නැහැ. කොහොම කොහොම හරි ජවිපෙ හදුන් මුලික වෙච්ච අලුත් කෝප් එකෙන් රනිල්ව බේරලා සුජීව ඇතුළු ඔක්කොමව පච හා කිච කරලා, රිපෝර්ට් එක එලියට දැම්ම. දැන් රනිල් තමන්ගේ සුපුරුදු කාලය මැරීමේ තියරිය අනුගමනය කරමින් එක යට ගහනවා. සත් ගුණවත් කරු (කරුවල නෙවෙයි හොඳේ නෙලුම් යාය බ්ලොග් සම්මාන උලෙල ගරු ආරාඪිඨ) කතානායක තුමා එකට පුර්ණ සහයෝගය දෙනවා.

    ReplyDelete