Saturday, December 31, 2016

ලිඳට වස දැමීම හෙවත් ලිබරලුන් ගේ හෙලුව!







හිලරි ක්ලින්ටන් මැතිනිය පරදා අමෙරිකානු ජනාදිපතිවරණය ජයගත් ඩොනල්ඩ් ට්‍රම්ප් මැතිතුමා ජනාදිපති ලෙස දිවුරුම් දෙන්නේ 2017 ජනවාරි 20 දා ය.

එතෙක් ජනාදිපති ලෙස කටයුතු කරන්නේ ඔබාමා මැතිතුමා ය. ඩොනල්ඩ් ට්‍රම්ප් මැතිතුමා ගේ ප්‍රදාන මැතිවරන පොරොන්දු ක්‍රියාවට නැගීමේ කාර්යය අපහසුවට ලක් කිරීමේ ක්‍රියාදාමයක් මේ දිනවල ඔබාමා
මැතිතුමා හරහා සිදු වෙමින් පවතී.

එයට ආසන්නම සිදුවීම නම් අමෙරිකානු ජනාදිපතිවරණයට බලපෑම් කිරීමට හිලරි ක්ලින්ටන් මැතිනියගේ පක්සයේ කොම්පියුටර් වලට හොරෙන් රින්ගා තොරතුරු හොරාගත්තා යන චෝදනාව මත ඔබාමා මැතිතුමා විසින් රුසියානු තානාපති නිලදාරීන් 35 දෙනෙකු හට  පැය 72ක් ඇතුලත අමෙරිකා එක්සත් ජනපදයෙන් පිට වන ලෙස නියෝග කිරීම ය. 

ඊට අමතරව රුසියාවට එරෙහි අමෙරිකානු සම්බාදක වැඩියෙන් පැනවූ  ඔබාමා මැතිතුමා අමෙරිකාවේ රුසියානු තානාපති කාර්යාලය මගින් ලෝන්ග් අයිලන්ඩ් හී  සහ මේරිලැන්ඩ් වල පවත්වාගෙන ගිය කාර්යාල දෙකක් ද වහාම වසා දමනා ලෙසත්  නියෝග දුන්නේය.

මෙහි දී අප විසින් සලකා බැලිය යුතු කාරනය වන්නේ සාම්ප්‍රදායික අමෙරිකානු ජනාදිපතිවරණ අපේක්ශකයෙකු ගේ රුසියානු විරෝදී කතා වලින් මිදී ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා තමා ජයගත් පසු රුසියාව සහ එහි ජනාදිපති පුටින් මැතිතුමා සමග සමීප සම්බන්දතා පවත්වන බව කියා සිටීම ය.

බරක් ඔබාමා මැතිතුමා  හිතා මතා ම ඩොනල්ඩ් ට්‍රම්ප් මැතිතුමා ගේ අනාගත වැඩ පිලිවෙලට අකලන්චි ඇදීම සිදු කරනා බව මෙයින් පැහැදිලි වෙයි!

එක් රටකින් තව රටක තානාපති නිලදාරීන් පිටුවහල් කල විට එකට එක ලෙස එම රටෙන් ද අදාල රටේ තානාපති නිලදාරීන් පිටුවහල් කිරීම මෙතෙක් සම්මතව පැවති ක්‍රමයකි.

පරාජය බාර ගැනීමට නොහැකිව ජයග්‍රාහකයා ගේ ලිඳේ වතුරට වස එක් කරනා ලිබරල් ඔබාමා මැතිතුමා ට මතක හිටිනා කනේ පහරක් ගැසුවේ රුසියානු ජනාදිපති ව්ලැඩිමීර් පුටින් මැතිතුමා විසිනි. 
ඒ ඔබාමා ජනාදිපතිතුමා ගේ තානාපති නිලදාරීන් පිටුවහල් කිරීමට එකට එක වශයෙන් රුසියාවේ සිටිනා අමෙරිකානු තානාපති නිලදාරීන් ව පිටුවහල් කිරීමෙන් වැලකී සිටීමෙන් ය.

පුටින් ජනාදිපති තුමා ගේ එම ක්‍රියාව අමෙරිකානු ජනාදිපති ලෙස ලබන ජනවාරි 20 දා දිවුරුම් දෙන ඩොනල්ඩ් ට්‍රම්ප් මැතිතුමා විසින් ප්‍රසන්සාවට ලක් කර ඇත. 

නොබෙල් සාම තෑග්ග දිනා ඉන් පසු රටවල් අටකට බෝම්බ හෙලූ බොරු ලිබරල් වාදී ඔබාමා ලා ගේ  ගේ පහත් ක්‍රියා මුලු මහත් ලෝකයා ඉදිරියේ අවමානයට ලක් වූයේ එසේය!

 

21 comments:

  1. සරසා, ලබන්නා වූ 2017 නව වසර රනිල්ගේ ආණ්ඩුව පෙරලි ජාතිකත්වය පොබයන නව රජයක් බලයට පත්වේවා. බැදුම්කර හොරුන් 2017 අවසන් වීමට මත්තෙන් හිරගත කිරීමට ලැබේවා!

    ReplyDelete
    Replies
    1. ඔබටත් සුබ නව වසරක් වේවා ඇනෝ තුමා....
      ඔබෙත් මගෙත් බලාපොරොත්තු ඉටු වී මේ ආන්ඩුව 2017 දී බන්ග වේවා!

      Delete
  2. සිරාවට සා රස තුමෝ..!! ට්‍රම්ප් මහත්තයටත් මගේ (වි)ජාතික එකම දේශපාලන වීරයා වන පුටින් මහත්තයාගේ ක්‍රියාකලාපය සම්බන්දවත් ප්‍රසංශාව ඔබ තුමාගේ මේ බ්ලොගයේ ප්‍රකාශ කරමි.

    බැඳුම් කොරය කෙසේවත් අමතක නොකරමි 2017 දී වත් හිටං.

    සුභ අළුත් අවුරුද්දක් වේවා ඔබ තුමාට..!! 🍻

    ReplyDelete
    Replies
    1. ඔබටත් සුබ නව වසරක් වේවා ටිලාන් ආතල් අයියේ!

      අපේ වීරයා වන පුටින් මහතාට ද සුබම සුබ අලුත් අවුරුද්දක් ප්‍රාර්තනා කරමු!

      PS: බැඳුම්කර හොරු 2017 දී හිරේ දමමු!

      Delete
  3. ඔබාමා යනු දාර පොන්නයෙකි. මිචෙල් ඔබාමා ද ලිංගික සංක්‍රා න්තිකයෙකු සහ ළමයින් අරන් හදා ගත් දරුවන් බව බොහෝ ඇමරිකානු ජනතාව සැක කරති. ලෝකය වටේ දාර පොන්නයන්ගෙන් රාජ්‍ය නායකයන් කිරීමට ඔබාමා මිලියන සිය ගණනින් මුදල් වියදම් කරේ එමනිසාය. සිංහල බ්ලොග් ලෝකයේ ඩොලර් පඩි කමින් වසුරු වගුරන පිරිස හැරුන කොට දාර පොන්නයින් යයි එකිනෙකාට අවලාද නගන දාර පොන්නයන් රොත්ත බුරුත්තම ලාංකේය දාර පොන්න සංකේතය වන පොනිල් වික්කම සිංහ ට රෙදි නැතුව කඩේ යාමටත් හේතුව එයය. "birds of a feather flock together"

    එක්සත් රාජධානිය විනාශ කරමින් අසාර්ථක පාලනයක් ගෙනගිය එක දාර පොන්නයෙක් සහ උගේ පිරිස එංගලන්ත ජනතාව එළවා දැමිණ. මුස්ලිම් සරණාගතයින් බුරුතු පිටින් තම රටට ගෙනත් දමා උන්ගෙන් බැට කෑමට සැලැස්වූ අනිත් දාර පොන්සාවිය 2017 දී ජර්මන් ජනතාව විසින් පුකට පයින් ගසා එළවා දැමීමට නියමිතය .

    දාර පොන්නයන් කරන්නේ චීත්ත වැඩය. කිසිම දෙයක් හරියකට පිළිවෙලකට ක්‍රමානුකුලව කරගැනීමට උන්ගේ පොන්නත්වය නිසා බැරිය. (පොදුවේ පොන්නයන් යනුවෙන් හඳුන්වන LGBT පිරිස් වෙත අහිතක් නැති බව කරුණාවෙන් සලකන්න ) රටක් පාලනය වැනි භාරදුර කාර්යයයක් දාර පොන්නයන්ට කල නොහැකි බව සහ දුන්නොත් අනාගෙන දස අතේ ගූ නා ගන්නා බව පෙන්වීමට උදාහරණ අනවශ්‍යය. ඇස් පනාපිටම දක්නට ඇත. ඔබාමාගේ චීත්ත දේශපාලනය පිලිපීන ජනාධිපතිවරයා ට බැල්ලිගෙ පුතාගේ දේශපාලනයක් වන විට මේ අවස්ථාවේ පුටිං එය පඩේකට ගනං නොගෙන සිටීම මගින් ඔබාමා දාර පොන්සියා ගේ (කක්)කුස්සි දේශපාලනය ලෝකය ඉදිරියේ පිච්චන් කර දැමිණ.

    ReplyDelete
    Replies
    1. +++++++++++++++ 👍🏽👍🏽👍🏽👍🏽👍🏽

      Delete
    2. අපේ හිත මිත්‍ර මහ සොහොන් යකා මහත්තයා ට ද පිලිපීන ජනාධිපතිවරයා ට ද සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා.

      අපි සැම එකතු වී අපේ රටට වින කරනා රනිලාන්ඩුවෙන් ශ්‍රී ලන්කාව බේරාගනිමු!

      Delete
  4. මගේ සන් මිත්‍ර අතිගරු සරසතුමාට ද එතුමාගේ පවුලේ සැමට ද සුබ නව වසරක් වේවා! බාධක, නින්දාපහාස මැඬ වියුණු ලොව වැජඹෙන්නට ‍සරසතුමාට දිරිබල ලැබේවා!

    බන්‍ධුල කුදලාගම,
    සදම්ටනය.

    ReplyDelete
    Replies
    1. හෙල බසින් සින්හල බ්ලොග් ලොව එකලු කල අතිගරු කලානිධි බන්‍ධුල කුදලාගම මැතිතුමාට ද එතුමාගේ ගේ පවුලේ සැමට ද ලැබුවා වූ 2017 සෞභාග්‍යවත් සුබ නව වසරක් වේවා!

      Delete
  5. Replies
    1. ලොකුපුතා තුමා එම මැතිනිය සහ කුඩා පුතා තුමාට සුබ නව වසරක් ම වේවා!

      Delete
    2. ඔබ තුමා සහ පවුලේ සැමටත් ලැබූ නව වසර සුබ නව වසරක් වේවා...

      Delete
  6. සාරසට සුබ අළුත් අවුරුද්දක් වේවා!! ඔබේත්, රටේත් බලාපොරොත්තු ඉටුවන නව වසරක් වේවා!!

    ReplyDelete
    Replies
    1. ප්‍රිය අසංග මාන්පිටිය සබඳ,

      නුඹ කවර නම් දෙසැ සැඟ වැ සිටියෙහි? බෝ කලකින් යැ දුටුවේ.

      අසංග මාන්පිටිය මැතිඳුනටත් මැතිනියටත් දියණියටත් 2017 වර්ෂය සුබ නව වසරක් වේවා!

      බන්‍ධුල කුදලාගම,
      සදම්ටනය.

      Delete
    2. අසන්ග මාන්පිටිය මැතිඳුන් ගේත් මගේත් අප සැමගේත් බලාපොරොත්තු ඉටුවන සෞභාග්‍යමත් උබ නව වසරක් වේවා!

      Delete
  7. Wish you and your family a very happy new year

    ReplyDelete
  8. ප්‍රිය අසංග මාන්පිටිය සබඳ,

    නුඹ කවර නම් දෙසැ සැඟ වැ සිටියෙහි? බෝ කලකින් යැ දුටුවේ.

    අසංග මාන්පිටිය මැතිඳුනටත් මැතිනියටත් දියණියටත් 2017 වර්ෂය සුබ නව වසරක් වේවා!

    බන්‍ධුල කුදලාගම,
    සදම්ටනය.

    ReplyDelete
    Replies
    1. බන්ධුල කුදලාගම මැතිඳුනි, ඔබටත්, ඔබ මැණිකේටත්, පවුලේ සැමටත්, ලැබුවා වූ නව වසර නිදුක්, නිරෝගී සුවබර වසරක් වේවා !!.
      වර්ෂාවසානයත්, උත්සව සමයත් බැවින් මදක් කාර්‍යබහුලවිමි. එනමුදු ඔබගේ අරුත්බර ආලෝචනයන් කියැවීමනම් මග නොහැරියෙමි. එනමුදු යමක් ලියන්නට තරම් නම් විවේකී මනසක් නොලද්දෙමි.

      Delete
  9. සරසටත් සියලු දෙනාටත් කරදර අඩු නව වසරක් වේවා!! දන්නා දෙයක් බෙදාහදා ගන්නට ශක්තිය ලැබේවා.

    ReplyDelete
    Replies
    1. අරූ මචන් ටත් සෞභාග්‍යමත් සුබ නව වසරක් වේවා!

      Delete