Sunday, December 4, 2016

සුදු ඉරි....



ඔබට හතිය ද? ඇදුමද?  දියවැඩියාවද? මුත්‍රා වල සීනි ද? හීනෙන් දාතු පිටවෙනවාද? ඇඟ උනුකර යනවාද? සුදුකබර ද? අකලට කෙස් පැහෙනවාද? නැත්නම් කෙස් යනවාද? ඔබේ සහකරුවා හෝ සහකාරිය අනියම් සම්බන්දතාවයක් පවත්වනවාද, ගිය අය ගෙනවා ගැණීමට අවස්යද? ලොතරැයි දිනුම් හා දන යෝග තිබේද? 

මැනික් හින්නේ විල්ලියා සාමි තුමා කොලඹ ඇවිත් ආන්ඩුවේ රට කොරවන ඇත්තන් ට කියා දුන් පරිදි, කහ ඉරි සුදු කිරීමෙන් සියලු ප්‍රශ්න වලට ක්ශනික විසඳුම් ලැබේ.. 

අත්දුටුවයි, සත්තයි! හරිනොගියොත් මුදල් ආපසු!

39 comments:

  1. සුවර් එකට මුදල් ආපහු දෙනවා නේද

    ReplyDelete
    Replies
    1. ආපහු දෙන එක සලකා බලන්නම් හිටන්

      Delete
    2. මුල් දවස් කීපයේ කහ ඉරේ වාහනේ නවත්තලා ගමන් ගිය සරල ජනාදිපතිතුමාගෙන් දැන් එහෙම කොරන්නේ නැත්තේ මොකද කියල කට කැඩිච්චි පත්තර කාර්යෙක් එහෙම ඇහුවොත් දැන් ඔන්න හොඳ උත්තරයක් තියෙනව.
      "මම පත්තරේ දැක්ක දැන් පාරේ කහ ඉරි නැහැ කියල" වගෙ උත්තරයක් දෙන්ඩ පුළුවන්

      Delete
  2. මේ යහපාලන ආණ්ඩුවෙන් මේ ලංකාවේ දැන් ක්‍රියාත්මකවන දැවැන්තම සංවර්ධන ව්‍යාපෘතියයි. මෙමගින රැකියා ලක්ෂ 100 උත්පාදනයවන අතර රිය අනතුරු අවම වීම ආදී මහගු ප්‍රතිලාබ ලැබේ.

    ReplyDelete
  3. දැන් එතකොට හිටං හිතං ඉන්නව ඇති කහ ඉරි ඔක්කොම සුදු ඉරි කොරහම ඔක්කොම හරි කියල හිටං. අම්මගෙ රෙද්ද.

    ළමා........යී..!! ඔක්කොමල්ලම සරන් ඇඳන් අත් දෙකෙන් හිටගන්න..

    ප. ලි.

    මෙච්චර මයිත්‍රී ටම පුක දුන්න එකේ ඔන්න ඔහේ රනිල් හාමු මහත්තයටත් පුක දුන්න කියල මක් වෙනවයි.. හිටං 😜🔨

    ReplyDelete
    Replies
    1. // මෙච්චර මයිත්‍රී ටම පුක දුන්න එකේ ඔන්න ඔහේ රනිල් හාමු මහත්තයටත් පුක දුන්න කියල මක් වෙනවයි.. හිටං 😜🔨 //

      ඒක ඇත්ත...
      ඔහෙට අජ්ජාපන ඇමැතිකම ලැබෙන්න පුලුවන් ආතල් අයියේ!

      Delete
  4. ප.ලි.
    ඒ අතර බැඳුම්කොරේ අමතක නොකරමු හිටන්.
    - සාරස

    ReplyDelete
    Replies
    1. ප.ලි.
      ඒ අතර බැඳුම්කොරේ අමතක නොකරමු හිටන්.
      - සාරස තුමා ලෙස නිවැරදි විය යුතුය

      Delete
  5. සරස තුමා "හීනෙන් දාතු පිටවෙනවා" කියන්නෙ මොකද්ද?
    සර්වඥ්ඥ දාතුද පිටවෙන්නෙ ?

    ReplyDelete
    Replies
    1. පිටවෙන්නේ පිශ්ට දාතු හිටන්!

      Delete
    2. @AnonymousDecember 4, 2016 at 5:25 PM
      එය නොදැන සිටීමෙන්ම ඔබ එ.ජා.ප සමාජිකයෙක් වග පෙනේ. ඔබට අජ්ජාපන, විජේශ හෝ පොලෝසිය භාර ඇමතිකමට සුදුසුකම් ඇත. වහාම හිරිකොතට දුවන්න...

      Delete
    3. // වහාම හිරිකොතට දුවන්න... //

      :D

      Delete
  6. කරන්නත් වැඩක් තියෙන්නෙපායැ.

    ReplyDelete
    Replies
    1. කොමිසමක් එහෙමත් කපා ගත්තෑකි!

      Delete
  7. ඉඳලා ඉඳලා, සැලසුම් කරලා, නැකත හරියට බලලා මේ වැඩේ පටාන් ගත්තේ. මොකද ලංකාව ආසියාවේ ආර්ථික කේන්ද්‍රස්ථානය කරන්නේ යන ගමන පටන් ගන්න් ඕනේ මේ කහ ඉරි සුදු කරලා. කහ ඉරිත් එක්ක මේ ගමන යන්න බෑ. හරි දේ අගේ කරන්න පුරුදු වෙන්න සාරස තුමෝ. හැම එකම විහිලුවට ගන්න එපා.

    ReplyDelete
    Replies
    1. //හැම එකම විහිලුවට ගන්න එපා. //

      :D

      Delete
    2. 1/2

      පැරකුමුවෝ තම මහා අනෙකා සොයති.
      =================================

      // පැරා දැන්නම් වෙන දෙවොලකට මාරුවෙන්න වගේ හදන්නේ..ජෙප්පො මේ දවස් වල මාර්කටින්ග් පාරක් දාගෙන යනවා, එයාල්ගේ දෙවොලේ ඉන්නේ රහසින්වත් පව් නොකරන කට්ටිය කියල. ඒකවත් සලකා බලන්න පැරා. //

      මාන්පිටිය ආරච්චිගේ අසංග මාන්පිටිය සිරිමතුනි,

      “පැරා දැන්නම් වෙන දෙවොලකට මාරුවෙන්න වගේ හදන්නේ” යන ඔබතුමන්ගේ වදන් පෙළ නම් රුවන් මාලයෙකි. මින් දෑවුරුද්දකට පෙර නම් පැරකුමුවෝ යහපාලනය නිබඳ වැ වැනුවෝ “යහපාලනය” වූ කලී සද්ධර්මාලංකාරයැ පැවැසෙන කේතුමතී රජදහන මෙරිසිලක පිහිටුවන්නට අවැසි පාලනය බව මැ පැවැසුවෝ යැ. පැරකුමුවන්ගේ ප්‍රශස්තිකාර පරපුරැ දෙටුවෝ එක්දහස් නවසිය හැත්තෑහතේ දී ද යහපාලනය වැනි මැ පැබැඳුමක් “ධර්මිෂ්ට සමාජයක්” නමින් පකට කළෝ පෙර කී කේතුමතී රජදහන මැ මෙසිරිලක ඇති කරන්නට බස් දුන්නෝ යැ. ධර්මිෂ්ට සමාජකරුවෝ යුරෝප‍යැ ද ඇමෙරිකාවැ ද ජපානයැ ද වූ කුණුකන්දල් මෙසිරිලක ගෙනැවිත් ගොඩගැසුවෝ යැ. රටවැසියෝ ද කෙටි කලකට තුටු වූහ. ‍ෙපරෙවි සඳැසැ සිරි රහල් හිමි පැවැසූ ලෙස:

      “සුරපුර මෙපුර දෙතටුව සව් සිරින් පුරා
      මහබඹ මෙර තුලා කර බලන වර කිරා
      ලූහු බැවිනෙ’දෙව්පුර රැඳුනෙව් සුනෙර සිරා
      බට වැනි බරින් දෙරණට මෙපුර මනහරා’’

      එනම් “මහබඹු මෙපුර සහ සුරපුර සව්සිරින් පුරවා මහමෙර තුලා දඬුව කැරැ කිරා බලනැ කලැ මෙපුර බර වැඩි වූයෙන් පහළින් ද සුරපුර බර මඳ බැවින් ඉහළින් ද රැඳුණු ලෙස” මෙසිරිලක සුරපුරයට ද වඩා වැඩි මනහර පුරයක් වන බැව් දනන් සිතන්නට ඇත. තුමු විසින් මැ කර ගත් වින්නැහිය දනනට වැටහෙන කල දාහත් වසක් ගෙවී අවසන් වැ තිබිණ. දාහත් වසක් ගෙවුණු තැනැ “කේතුමතී රජදහන” කෙසේ වුවැ ද විසාලා මහනුවරක් නම් මෙරිසිලක ඉතිරි විණ. ධර්මිෂ්ට සමාජ නයුවන්ගේ බෑණණ්ඩියගේ යහපාලනය වූ කලී වින්නැහියක් මැ බැව් දෑවුරුද්දකින් මැ දනන් වටහා ගෙනැ ඇත. එනම් වාසනාවක් යැ.

      පසු ගිය සමයැ පැරකුමුවෝ යහපාලනය වැනුවෝ විකුම්සිහයන් මෙසිරිලක සුරපුරක් කළ හැකි මහා ලිබරල නයුවාණන් බැව් නිතොර මැ පැවැසූවෝ යැ. දෑවුරුද්දක් ගෙවුණු තැනැ විකුම්සිහයන් තම ලිබරල නයෙන් හිඳ වූ වූ කප්රුකක් තබා හබරලයක් හෝ නැත. ඔවුනට නළුකමක් සේ මැ මොළයක් ද නැති බැව් දැන් නම් තහවුරු වැ ඇත. යහපාලනය සමඟ මැ පැරකුමුවන් ද කිච වී, පච වී, ඔද්දල වී ඇත. පැරකුමුවෝ මෙදවස සැඟවෙන්නට තැනක් ද එල්ලෙන්නට වැලක් ද සොයමින් සිටිති. මාන්පිටිය සිරිමතුන් විසින් පැ‍වැසෙන “පැරා දැන්නම් වෙන දෙවොලකට මාරුවෙන්න වගේ හදන්නේ” යන වදන් පෙළ රුවන් මාලයක් වන්නේ එනිසා යැ.

      එනමුත් මාන්පිටිය සිරිමතුනි අවම ලෙස දසක දෙකක් පමණ පැරකුමුවන් දන්නා මම පැරකුමුවන් ජ.වි.පෙ. වෙත නම් යළි පිය නොනඟින බව ඔබතුමනට කැට තබා පවසමි. හේතු කාරණ දෙකෙකි:

      1. “යා දෙක නොරත රත - එකට පෑහීමෙක් නැත” යන සිරි රහලුන්ගේ කව්සෙකර පද ලෙස මැ පැරකුමුවන්ගේ හද මඬල කැකෑරෙන ජ.වි.පෙ. පිළිබඳ කෝපාග්නිය කිසිඳු සිසිල් දියකින් නිවාලනු නොහැකි යැ.

      2. පැරකු‍මුවෝ ගොඩබිම කරා නොයන මඟක් නොදත් නැව්වලට පනින පුඟුලෙක් නොවන්නේ යැ.

      මෙනයින් පැරකුමුවන් කැරැකී පැමිණෙන්නට මාන බලනුයේ ජය නියත රජපස දෙසට යැ. පැරකු‍මුවන් ළඟ දී මැ එසඳහා ද නව න‍යක් සකසනු ඇත. එහෙත් පැරකුමුවන් තම ආකල්ප සකසා ගන්නා තෙක් ඔවුන් රජපස බලකායේ හතර මායිමට වද්දා නො ගැනීමට මා සන් මිතු මයුරවිල සහ සරස සෙන්පතීන් විසින් වග බලා ගනු ලැබිය යුතු මැ යැ. මක් නිසා ද යත් පැරකුමුවන් ට්‍රෝජන් අස්ප‍යකු විය හැකි බැවිනි.

      මාන්පිටිය සිරිමතුනි, අප මෙම කරුණු කෙතරම් පැවසු වැ ද පැරකුමුවනට නො වැටහේ. පසු ගිය සමයැ මයුරවිලයෝ ද සරස‍තුමෝ ද මම ද මෙකී කරුණු නන් නයින් මෙහි විවරු කැරැවූයෙමු. පැරකුමුවෝ යහපාලනය මැ වැනුවෝ යැ. ඇතැම් විට පැරකුමුවනට වැටහෙනුයේ මතු ආකාර විවරු විය හැකි යැ:

      “පැරකුමුවෝ විකුම්සිහයන් (හෝ ඔවුන්ගේ එ.ජා.ප. සමාගම හෝ යහපාලනය හෝ) තුළ තම මහා අනෙකා (the Big Other) ගොඩනඟා ගෙනැ තම ආශාවේ වස්තුව (objet petit a) නිර්මාණය කර ගත්හ; විකුම්සිහයන්ගෙන් තමා නොලබන එහෙත් අනෙකා ලබන්නේ යැ යි තමා සිතන අතිරික්ත ප්‍රමෝදය (surplus of jouissance) යනු මෙකී ආශාවේ වස්තුව (objet petit a) යැ. තමා නොලබන අනෙකාගේ අතිරික්ත ප්‍රමෝදය පැරකුමුවන් තුළ ඇති කරන සාංකාව සමනය කැරැ ගැනුමට පැරකුමුවන් ගොඩ නැඟූ ෆැන්ටසිය W3Lanka හි ලිපි සිව්දහසකට වැඩි පමණක ගැබ් වැ පවතී.

      Cont …

      Delete
    3. 2/2

      පැරකුමුවන්ගේ ෆැන්ටසිය බිඳි වැටෙන සංසිද්ධි කීපයක් පසු ගිය සමයැ සිදු විණ (මහ බැංකු අවුල, බදු අවුල, ඉන්ටර්පෝල් අවුල ඈ විසින්). ෆැන්ටසිය බිඳුණු කල පුද්ගලයා අබිමුව වනුයේ යථ (the Real) සමඟ යැ. මෙලෙස යථ (the Real) අබිමුව වීම ක්ෂිතිමය අත්දැකීමකි (traumatic experience). විකුම්සිහයන් (හෝ ඔවුන්ගේ එ.ජා.ප. සමාගම හෝ යහපාලනය හෝ) පිළිබඳ පැරකුමුවනට භාෂාත්මක ලෝකය තුළ සංකේතකරණය කර ගැනීමට නො හැකි වූ යථ (the Real) උමතු වූ සංසිද්ධි කීපයක් ඔස්සේ ඔවුනට අබිමුව වීමෙන් පසු පැරකුමුවනට තව දුරටත් විකුම්සිහයන් (හෝ ඔවුන්ගේ එ.ජා.ප. සමාගම හෝ යහපාලනය හෝ) තම ආශාවේ වස්තුව ලෙස පවත්වා ගත නොහැකි යැ.

      පැරකුමුවෝ වත්මන මව හෝ සංකේතීය පියා (symbolic father හෙවත් the name of the father) හෝ අහිමි වූ දරුවකු මෙන් තෝන්තුවා වී සිටිති. වත්මනැ පැරකුමුවන්ගේ හැසිරුම එවන් දරුවකුගේ සේ යැ. පැරකුමුවන් නො ලසා තම ආශාව යොමු කළ හැකි මී ළඟ මහා අනෙකා (the Big Other) ගොඩනඟා ගෙනැ තම ආශාවේ වස්තුව (objet petit a) නිර්මාණය කර ගත යුතු වැ ඇත. පැරකුම් විසාහි ජ.වි.පෙ. එකී කිරිය සඳහා විකල්පයක් යැ? මගේ අදහස නම් “නැත” යනු යැ.

      පැරකුමෝ අසූව දසකයැ මැදැ විජේවීරයන් (හෝ ජ.වි.පෙ හෝ) තුළ තම මහා අනෙකා (the Big Other) ගොඩනඟා ගෙනැ තම ආශාවේ වස්තුව (objet petit a) නිර්මාණය කර ගත්හ. ඒ ඇසුරින් ඔවුන් විසින් ගොඩනැඟුණු ෆැන්ටසිය අසූව දසකයේ අග වන විට බිඳ වැටිණි. එළිය කන්දේ දී ද වීරවිල දී ද ඇති වූ ක්ෂිතිමය අත්දැකීම් (traumatic experience) යනු පැරකුමුවන්ගේ ෆැන්ටසිය බිඳී පැරකුමුවනට භාෂාත්මක ලෝකය තුළ සංකේතකරණය කර ගැනීමට නොහැකි වූ විජේවීරයන් (හෝ ජ.වි.පෙ හෝ) පිළිබඳ යථ (the Real) අබිමුව වීම යැ. ඉනික්බිති වැ පැරකුමුවනට විජේවීරයන් (හෝ ජ.වි.පෙ හෝ) පිළිබඳ තව දුරටත් ෆැන්ටසිකරණය කළ හැකි, සංකේතනය කර ගත නොහැකි යථ (the Real) නො පවතී. “සංකේතකරණය කර ගන්නට නොහැකියාව” නැති තැනැ ආශාව නො රඳයි (ආශාව යනු අපගේ අහිමි වීම තුළ රඳන්නකි). එනිසා පැරකුමුවනගේ ආශාව විජේවීරයන් (හෝ ජ.වි.පෙ හෝ) තුළ නො රඳයි.

      වත්මනැ පැරකුමුවනට මහා අනෙකා (the Big Other) කැරැ ගතැ හැකි වන්නේ හෙවත් ආශාව යොමු කළ හැකි වන්නේ රජපස වෙත යැ. රජපස යනු පැරකුමුවනට සංකේත කර ගත නොහැකි දෙයකි. පැරකුමුවෝ දැනට මැ රජපස තුළ අනෙකා ලබන ප්‍රමෝදය (jouissance) ප්‍රශ්න කරමින් සිටීම යහපත් එළඹුමකි. ළඟ දී මැ පැරකුමුවන් රජපසගෙන් තමා නොලබන එහෙත් අනෙකා ලබන්නේ යැ යි තමා සිතන අතිරික්ත ප්‍රමෝදය (surplus of jouissance) හෙවත් ආශාවේ වස්තුව (objet petit a) පිළිබඳ ෆැන්ටසිකරණය අරඹනු ඇත. දිනකට වියුණු සටහන් පහ හය ලියැවෙනු ඇත. අප සතුටු විය යුතු නො වේ ද? මොහාන් සමරනායක, චරිත හේරත්, මහින්ද පතිරණ ඈ සුධීමතුන් ලබන ප්‍රමෝදය (jouissance) පැරකුමුවනට ද මතු දින දැනේවා.

      ෆැන්ටසිය යනු නරක දෙයක් නොවන්නේ යැ. ඇතැම් ෆැන්ටසි ජීවිතයැ සබැඳි මැ අංග යැ. මා සන් මිතු සරසතුමනට ද මාන්පිටිය සිරිමතුනට ද මට ද පැවැති එක් ෆැන්ටසියකි මේ (මෙය පසු කාලයෙක මතු වැ පැමිණි පද යැ. මා මතකයැ රැඳි අයුරින් සඳහන් යැ):

      “සීතල පින්නේ සතර දිගන්තේ
      හන්තානේ නිල් කඳුවැටි අතරේ
      තුරුණු වසන්තයේ
      කිකිණි සිනා හඬ
      ඔබට ඇසේවා මතු දවසේ”

      මේ ෆැන්ටසිය කිනම් වයසක සිටිය ද ලංකාවේ හෝ ස්වීඩනයේ හෝ එංගලන්තයේ හෝ අන් කිනම් තැනැ සිටිය ද අද ද ගිම්හානයැ මැදියම් රැයැ සිහිනයක් සේ ද සිහිනෙන් ගෑ මුදු සුවඳක් සේ ද අප සනසන්නේ යැ; මිතුදම් වඩවන්නේ යැ. අපගේ ෆැන්ටසිය නොබිඳෙන ලෙස පමණක් අප යථ (the Real) කරා එළඹියෙමු.

      පැරකුමුවනට මම වැදගත් රහසක් පවසමි. ඔබ මී ළඟ වර යථට නොනිසි ලෙස ළං නො වන්නැ. මක් නිසා ද යළිත් ඔබගේ ෆැන්ටසිය බිදී, පුද්ගලයා යථ අබිමුව වී, ක්ෂිතිමය අත්දැකීම් ඇති වී ඔබ වියවුල් වියැ හැකි බැවිනි. ඔබට ද අපට ද ආශාව යොමු කරන්නට විකල්ප මහා අ‍ෙනකකු ඉතිරි වැ නැත. මම යළිඳු පවසමි: ඔබට ද අපට ද ආශාව යොමු කරන්නට විකල්ප මහා අ‍ෙනකකු ඉතිරි වැ නැත.

      ‍ඔබ ෆැන්ටසිය විනිවිඳ යථ වෙත ළඟා වියැ යුතු සීමාවක් ඇත. ඔබගේ ෆැන්ටසිය නොබිඳෙන තෙක් පමණක් ඔබගේ ආශාව යොමු වන මහා අනෙකාට අදාළ යථ වෙත ළඟා වන්න. අත්දුටු යි; ප්‍රත්‍යක්ෂ යි! සැක නම් සරසතුමන්ගෙන් හෝ මාන්පිටිය සිරිමතුන්ගෙන් හෝ අසා සැක දුරු කර ගනු මැනැවි.

      “ඔබගේ ආශාව යොමුවන මහා අනෙකා‍ සොයා පළමු වසරේ දී සංඝමිත්තා කන්ද නඟින ඔබ අවසන් වසරේ දී එම මහා අනෙකා මැ සොයා තැන්නේ පිහිටි විජේවර්ධනයට පිය නඟන්නේ ඔබගේ ෆැන්ටසිය නොබිඳෙන තරමට ඔබගේ මහා අනෙකාට අදාළ යථ වෙත ඔබ ළඟා වුවැ හොත් යැ”

      මාන්පිටිය සිරිමතුනි, ඔබ මාම්පිටිය පරපුරට නෑකම් ඇත්තෙක් යැ? දැනගනු රිසියෙමි.

      බන්‍ධුල කුදලාගම,
      සදම්ටනය.

      End.

      Delete
  8. බැඳුම්කර මගඩිම අමතක නොකරන්න කියලා දැම්මෙ නැත්තෙ ඇයි?

    ReplyDelete
    Replies
    1. අන්න උඹලගේ අම්ම (Jayalalitha) මැරිලාලු!

      Delete
    2. //බැඳුම්කර මගඩිම අමතක නොකරන්න කියලා දැම්මෙ නැත්තෙ ඇයි? //

      මේ දවස් වල අපි රනිල් තුමාට සපෝට් හිටන්!

      Delete
  9. පායන ඉර කහපාට නිසා පාරේ ඉර සුදු කරාද දන්නේ නැහැ. ඊලඟට එන අය ආපහු කහ කරයිද පහ කරයිද දන්නේ නැහැ. ඉරෙන් සඳෙන් කියාගෙන අපි අහක බලං ඇවිදිමු.

    අමරසිරි පීරිස්ගේ සින්දුවෙත් කහ ඉර...වෙනස් කරයිද දන්නෑ.
    ඉරි තැලුනු වළා උඩු වියන් යටන්
    මුදු තාර ඇතිරිල්ලේ
    යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේමියේ
    සිව් දෙසින් හඹා එන
    මොටෝ රථ රඟ සෙනඟ රවටමින්....
    වට පිටේ සීරුවට
    විදුලි ඇස් සිනාසේවී
    නොරැවටී යන්න යමු
    කහ ඉරෙන් එතෙර වීලා......
    රිය පෙලේ කිරුළු හිමි
    රජවරුන් අත වනාවී
    බිම බලන් යන්න යමු
    කහ ඉරත් රැළි වැටීලා.....

    මේ සින්දුව ලිව්වේ සමන් අතාවුදහෙට්ටි. එයා ඒ කහ ඉර වෙනස්කරයිද දන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. සුවර් එකටම වෙනස් කොරයි හිටන්!

      Delete
  10. හරකුන්ට පාට පෙනෙනේ නෑ සුදු කළු විතරයි පෙනෙන්නේ. කහ ඉරි මත බොහෝ පදිකයන් මරුමුවට පත්වීමේ රහස මෙය විය යුතුයි. thamunta Chandhaya dhun ලක්ෂ gaaNak හරකුන් සිටින නිසා මෙය කුමන වියදමක් හෝ දරා අනිවාර්යෙන්ම, හැකි ඉක්මනින් කලයුතු යැයි රට පාලනයකරන athi-budhDhimath මහෝත්තමයන් සිතනවා වෙන්නට පුළුවන්. කහ ඉරි සුදු කිරීමෙන් අද පවතින සියලුම ගැටළු නිවාරණය වී සුකිත මුදිත රටක් බවට ශ්‍රී ලංකාව පත්වන බැවින් උත්සව පවත්වා ජය ගෝෂා මධ්‍යයේ උත්කර්ෂවත්ව මෙය ආරම්භ කිරීම සකල රටවැසියන්ගේ පහත් සංවේගය සදහා හේතු වනු ඇත.

    ReplyDelete
  11. සාරස

    රටේ මෙවන් දැවෙන ප්‍රශ්න සදහා කඩිනමින් පිලිතුරු ලබදෙන හා ඒ සදහා මුදල් ලබාදෙන යහපාලන රජයට ජයවේවා….!

    ReplyDelete
  12. බලහත්කාරයෙන් පාරේ ඉඩ ඉල්ලා යන ප්‍රභූ රථ පේළි අල්ලන්න ජනපති නියෝග...!

    පසුගිය රජය සමයේ වැඩි වශයෙන්ද වත්මන් රජය සමයේ අඩු වශයෙන්ද මහාමාර්ගවල විනයක් නැතිව චණ්ඩින් සේ ගමන් කරන ඇමති වාහන පෙළවල් දක්නට ලැබේ.

    දවල් කාලයේ අසාමාන්‍ය ලෙස ඉදිරිපස ලාම්පු දල්වන ලද ඩි‍ෆෙන්ඩර් රථයක් බොහෝ අවස්ථාවල මෙම රථ පෙළේ ආරම්භය සනිටුහන් කරන අතර එම දැල්වීම මගින් කියන්නේ ‘අපට කාලය නාස්ති කර කර ඉන්න බෑ වැඩ තියනවා ඉක්මණට ඉඩ දෙන්න‘ කියාය.

    වාහනවල විදුලි පහන් දල්වාගෙන වාහන හත අටක් මාර්ගයේ එකට ගමන් ගන්නා අවස්ථාවලදී අවට ගමන් කරන ගිලන් රථ පවා ඊට ඉඩ දිය යුතුවන අතර නැතිනම් එක්කෝ හප්පා යෑම් හෝ කුණු බැනුම් ඇසීම අනිවාර්ය සාධකයක්වී තිබේ. එම වාහන ගමන් කරන අවස්ථාවල පාරේ ගමන් කරන හදිසිය ඇති එකම පිරිස ඔවුන් යයි ඔවුන්ම සිතා සිටින සෙයක් දිස්වේ.

    එ් ආකාරයට වාහන ගමන් කරන අවස්තා දැකගතහොත් ඒවා නවතා ඒවායේ යන්නේ කවුදැයි සොයා බලා තමා වෙත වාර්තාවක් ලබා දෙන ලෙස ‍පොලිස්පතිවරයාට උපදෙස් ලබා දුන් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුගියදා පැවසීය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ කොළඹ නිදහස් චතුරස්‍රයේදී පැවැති මාර්ග ආරක්ෂණ සතියේ සමාරම්භක උළෙලට එක්වෙමිනි.

    ඇමැතිවරුන් ගමන් ගන්නා විට ඔහුගේ ආරක්ෂාවට එක රථයක් පමණක් ප්‍රමාණවත් බව මෙවර කැබිනට් හමුවේදී ඇමැතිවරුන් ප්‍රකාශ කළ බව සඳහන් කළ ජනාධිපතිවරයා මේ අයුරින් යන්නේ කැබිනට් ඇමැතිවරුද නියෝජ්‍ය ඇමැතිවරුද මහ ඇමැතිවරුද පළාත් ඇමැතිවරුද ත්‍රිවිධ හමුදා ප්‍රධානීන්ද එසේ නැතිනම් අපරාධකරුවන්දැයි කියා සොයා බැලිය යුතු බව කියා තිබුණි.
    විදුලි පහන් දල්වාගෙන එසේ වාහන එන විට ‍ මේ යන්නේ වී.වී.අයි.පී හෝ වී.අයි.පි. ප්‍රභූන් යැයි ‍පොලිසිය විශ්වාස කර පොලිසිය කිසිදු ක%ියාමාර්ගයක් නොගන්නා බවද ජනපති කියා සිටියා.

    ඒ නිසා වහාම එම වාහන පරීක්ෂා කොට එහි යන්නේ කවුදැයි කියා සොයා බැලීමට පියවර ගන්නා ලෙසත් එසේ සොයා බලා සතියකට වරක් තමාට වාර්තාවක් ලබා දෙන ලෙසත් ජනාධිපතිවරයා දන්වා ඇත.

    ReplyDelete
    Replies
    1. එතකොට තමයි හුටන් දැනගන්නේ එහෙම රටපෙලපාලියේන් යන්නේ දහම් කොලූ කියලා හිටන්!

      Delete
  13. දන්න එකෙක් කියාපල්ලා මේක ජාත්‍යන්තර ප්‍රමිතියක්ද කියලා. අඩුම තරමේ යහපාලනේට සුදු ඉරි ටිකවත් විවෘත කොරන්න පුලුවන්නේ වෙන වැඩක් කරන්නේ නැති එකේ.

    ReplyDelete
  14. මහ පාරේ ගමන් කරන්නන් හෙවත් පදිකයන්ට ආරක්ෂාකාරිව මාර්ගය හරහා යෑමට මාර්ගය හරහා ඇඳ ඇති 'කහ ඉරි' සම්බන්ධව කාලයක සිට කතාබහට ලක් වුවත් මේ වන තුරුත් ඒ සඳහා ස්ථිර විසැඳුමක් සලසන්නට හැකියාවක් ලැබී නැත. මේ දිනවල කහ ඉරි සම්බන්ධව ඇතිව තිබෙන අලුත්ම කතාබහ වන්නේ 'කහ ඉරි' වෙනුවට 'සුදු ඉරි' මාර්ගය හරහා ඇඳීම මඟින් වඩාත් ආරක්ෂාකාරිව පදිකයන්ට ගමන් කළ හැකි වන බවයි.

    කතාබහ එසේ වුවත් කැලේ මාරු කළත් කොටියාගේ පුල්ලි මාරු නොවන්නා සේම මේ පාට මාරුවෙන් ආරක්ෂාව සැලසේද යන කරුණ ගැන අප වඩාත් අවධානය යොමු කළ යුත්තේ ප්‍රායෝගික ලෝකය හා 'කහ ඉර' හෙවත් පදික මාරුව කොතරම් ආරක්ෂාකාරිද යන්න ගැනද සලකාගෙනය.

    පදික මාරුවලින් සියයට 90කටම ආසන්න සංඛ්‍යාවක් අනාරක්ෂිත බව පසුගිය කාලයන්හි සිදු කළ සමීක්ෂණයකින් හෙළිව තිබිණි. ඒ බව අපි ‘සිළුමිණ‘ පුවත්පතින්ද උදාහරණ සහිතව මීට මාස කිහිපයකට පෙර වාර්තා කළෙමු. ඒ අනුව කහ ඉරකින් මාර්ගය හරහා යෑම තම දිවි පරදුවට තැබීමක් බඳුයැයි සිතීමට හැකි වේ.

    කහ ඉරි ආරක්ෂිත නොවන්නේ ඇයි?

    අප මේ සම්බන්ධව මොරටුව විශ්වවිද්‍යාලයේ ප්‍රවාහන හා සැපයුම්දාම කළමනාකරණ අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අමල් කුමාරගේ මහතාගෙන් විමසීමු.

    "කහ ඉරක් නැත්නම් පදික මාරුවක් සැම විටම ප්‍රමිතිගත තත්ත්වයෙන් තිබිය යුතුමයි. එසේ නොවුණ හොත් එය ආරක්ෂිත කහ ඉරක් බවට පත් වන්නේ නැහැ. ආරක්ෂිත කහ ඉරක් බවට පත් වීමට නම් ඒ සඳහා වන නිර්ණායක සියල්ල සපිරිය යුතුයි. එයින් එකක් හෝ අඩු වුව හොත් එය කිසි ලෙසකින් වත් ආරක්ෂිත කහ ඉරක් ලෙස සලකන්න බැහැ. අපේ රටේ බොහෝ ස්ථානවල මේ කහ ඉරි ප්‍රමිතියෙන් තොර බවට වාර්තා වනවා. ඒ සම්බන්ධව වගකිව යුතු මාර්ග සංවර්ධන අධිකාරිය හෝ පොලීසිය හෝ වහාම ඒ නිර්ණායක සම්බන්ධව සොයා බලා කටයුතු කළ යුතුයි. සුළු අඩුපාඩුවක් නිසා මිනිස් ජීවිත අහිමි වීම කනගාටුදායකයි."

    කහ ඉරි ප්‍රමිතියට අනුකූල වන්නට අවශ්‍ය වන නිර්ණායක මොනවාද?

    ReplyDelete
    Replies
    1. //කහ ඉරි ප්‍රමිතියට අනුකූල වන්නට අවශ්‍ය වන නිර්ණායක මොනවාද?//

      කහ ඉරක් ස්ථාපිතව ඇති ස්ථානයට මීටර් 75කට පෙර අනිවාර්යෙන්ම කහ පැහැති පුවරුවක කළු පැහැයෙන් මිනිසකු මාර්ගය හරහා යන යුරු දැක්වෙන පුවරුව පිහිටුවිය යුතුයි. ඒ පළමුවැන්නයි. දෙවැන්න කහ ඉර ආසන්නයේම කහ ඉර ඇති බවට දැක්වෙන නිල් පැහැති පුවරුවක කළු පැහැයෙන් මිනිසකු පාර හරහා මාරු වන යුරු දැක්වෙන පුවරුව තිබිය යුතුයි.

      එමෙන්ම ඉසෙඩ් ආකාරයේ ඉරි මාර්ගය හරහා කහ පැහැයෙන් සලකුණු කර, කහ ඉර ආසන්න බව දැක්විය යුතුයි.

      මේ සියල්ල මූලික නිර්ණායක වන අතර, මෙහිදී වැදගත්ම කරුණ ලෙස දැක්විය හැක්කේ කහ පැහැති සහ නිල් පැහැති පුවරු රියැදුරන්ට පැහැදිලිව පෙනෙන පරිදි ස්ථාපිත කිරීමයි. එමෙන්ම ඒ ආසන්නයේ වාහන ගාල් කිරීම නොකළ යුතු අයුරින් 'No Parking' සීමාවක් තිබිය යුතුයි.

      එසේම කඳු මුදුනක, තීව්‍ර හෝ ද්විත්ව වංගු අසල කහ ඉරි ස්ථාපිත කිරීම කිසි සේත්ම නොකළ යුතුයි. එසේම බස් නැවතුමකට පිටුපසින් කහ ඉර ස්ථාපිත කළ යුතු අතර, බස් නැවතුමට ඉදිරියෙන් ඉඳි කෙරෙන කහ ඉරි ප්‍රමිතිගත කහ ඉරි ලෙස සැලකිය නොහැකිය.

      Delete
    2. Cont'd...

      එමෙන්ම වර්ණ සංඥා සහිත පදික මාරු භාවිතයේදී පවා හැකි ඉක්මනින් මාර්ගය හරහා ගමන් කළ යුතු අතර, අන්තර්ජාතික ප්‍රමිතියටත් වැඩි කාලයක් පදිකයාට ලබා දීමට පියවර ගෙන ඇති බවද සිහි තබාගත යුතුය. සාමාන්‍යයෙන් මීටරයක් ගමන් කිරීමට ලැබෙන්නේ තත්ත්පර 1.2ක කාලයක් පමණි. ශ්‍රී ලංකාවේ දැනට අඩුම වේලාවක් දෙන පදික මාරුව පිහිටා ඇත්තේ ඩුප්ලිකේෂන් මාර්ගයේ වන අතර, එහිදී මීටර් 9ක් යෑමට තත්පර 12ක කාලයක් ලැබෙයි. එයද අන්තර්ජාතික ප්‍රමිතියට වඩා වැඩි කාලයකි.

      එසේම කහ ඉරි සම්බන්ධ මේ සියලු හඳුන්වාදීමේ සංඥාවල ඇති දිග පළල වර්ණ ප්‍රමිතියද මෙහිදී වැදගත් වේ. අවර්ණ හෝ දුර්වර්ණ වී හෝ ඇති කහ ඉරි මාරකයක් මිස ආරක්ෂකයක් නොවන බව වැටහෙන්නේ එතැන අනතුරක් වූ විටය.

      අපගේ අවාසනාවකට කොළඹ නගරයට පිවිසෙන ප්‍රධාන මාර්ග හතේම නගරයට ආසන්න කිලෝමීටර් 10ක පමණ සීමාව තුළ කහ ඉරි සියයට අනූවක්ම පාහේ ප්‍රමිතියෙන් තොර බව පැහැදිලියි. එවත් තත්ත්වයක් යටතේ ආරක්ෂාවක් සැලසේද යන්න සැක සහිතය.

      Delete
    3. Cont'd...

      විශේෂයෙන්ම පදිකයන් මහා මාර්ගය හරහා මාරු වන කහ ඉරි තිබෙන සෑම ස්ථානයක්ම පදිකයන්ට මෙන්ම රියැදුරන්ටත් පැහැදිලිව පෙනෙන ස්ථානයක් විය යුතුය. රියැදුරන් නඟන චෝදනාවක් වන්නේ පදිකයන් මාර්ගයේ හැම තැනකින්ම මාරු වන නිසා කහ ඉර සම්බන්ධයෙන්ද එතරම් සැලකිල්ලක් නොමැති වීමට ඉඩ ඇති බවයි. එහෙත් මේ චෝදනාව පදිකයන්ට පමණක් නැඟීමට නොහැක්කේ රියැදුරන් මාර්ගය දෙපස අවහිර වන සේ තම රථවාහන නවතා තිබීම හේතුවෙනි. පදිකයන් ගමන් ගන්නා පදික වේදිකාවේ පවා වාහන නවතා තිබෙනු කොළඹ නගරයේ මෙන්ම මහනුවර, කුරුණෑගල, අනුරාධපුර ඇතුළු ප්‍රධාන නගරවල හොඳින්ම දැකිය හැකිව තිබේ. එවිට පදිකයන් ගමන් කරන්නේ කෙසේද යන්න විමසිය යුත්තේ කාගෙන්ද යන්න අපට නැඟෙන පැනයයි.

      එසේම මංසන්ධියක් අසල වාහන නැවැත්වීමට නොහැකි වුවත්, අද වන විට 'අවසර ලත් ත්‍රිරෝද රථ ගාල' නමින් නම් යෙදූ අවස්ථා අපට දැකගත හැකියි. මේ සියල්ල එකම ජාලයක කොටස් මිස වෙන් වශයෙන් සැලකීමට නොහැකිය. මංසන්ධියක් අසල එසේ රථ ගාලක් තිබුණු විට කහ ඉරක් හරහා පාර මාරු වෙන කිසිවෙක් රියැදුරාට දැකගන්න බැහැ. එසේම පදිකයාටද වාහනය ළගටම එනතුරු දැකගැන්මට බැහැ. එවිට අනතුරු සිදුවීම සාමාන්‍ය දෙයක් ලෙසයි ප්‍රවාහන විශාරදයන් පවසා තිබෙන්නේ.

      එසේම පදික මාරුවක් රාත්‍රී කාලයේ පැහැදිලිව දර්ශනය විය යුතුයි. එහෙත් අපේ රටේ සිදු වන්නේ අනතුරක් සිදු වුණු විට රියැදුරාට දඩ ගැසීම, දඩුවම් කිරීම පමණයි. ඒ හැරෙන්නට එතැන අනතුර වීමට බල පෑ වෙනත් හේතූන් ඇත්දැයි සොයා බැලීමක් නැත. අනතුරක් සිදු වීමට පදිකයාට හෝ රියැදුරාට හෝ ඍජුවම වගකීමක් ඇතත්, කහ ඉරක අනතුරක් සිදු වුව හොත් එය ස්ථාපිත කර තිබෙන ස්ථානයේ ඇති අඩුපාඩු දෝෂ කිසිවකුගේ සොයා බැලීමකට ලක් නොවේ. එනිසා යළි යළිත් එතැන අනතුරු සිදු වීම සාමාන්‍ය දෙයකි.

      කහ ඉර සේම අප රටේ සිදු වන අනතුරු සඳහා අප රටේ මාර්ග පද්ධතියද මේ අනතුරු සඳහා බෙහෙවින් ඉවහල් වන බව බොහෝ දෙනකු නොදන්නවා විය හැකියි. අපේ රටේ බොහෝ ප්‍රධාන මාර්ග පවතින්නේ බර වාහන දෙකකට මාරු වීමට නොහැකි පරිද්දෙන් වන අතර මෙහිදී විශ්ෂයෙන්ම 'බී' ශ්‍රේණියේ මාර්ගයන්ගේ මේ තත්ත්වය තවත් උග්‍ර වී තිබේ. ඉදිරියෙන් පැමිණෙන වාහනයට ඉඩ දීමට වාහනය මාර්ගය අයිනටම ඉවත් කිරීමට සිදු වන අතර, එවිට පදිකයා මාර්ගයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් විය යුතුය; කානුවට බැසිය යුතුය. වාහන දෙකම සැලකිය යුතු වේගයකින් පැමිණියේ නම් පදිකයා අනතුරට පත්වීම වැළැක්විය නොහැකියි. අපේ රටේ බොහෝ මාර්ග ඇත්තේ වාහන එකහමාරකට පමණක් මාරුවීමට හැකි පරිද්දෙනි! වාහන බාග නැත. එහෙත් අනතුරින් පසු පාන් බාග වන තරමට වාහන පත්වන තත්ත්වය දැක දැකත් ඒ සඳහා තවමත් පිළියම් යෙදී නැත. එසේම පාලම් හා බෝක්කු අසල මාර්ගය පටුය. මෙතරම් දියුණු තාක්ෂණයකින් සපිරි ශ්‍රී ලංකාවට තවමත් මාර්ගය එක දිගට ධාවනය කළ හැකි ලෙස තැනීමට හැකියාවක් නොලැබීම කනගාටුවට කරුණකි.

      මේ වන විට එක් පෙදෙසට මාර්ග තුනක් ඇති මාර්ගයන්ගේ පදික මාරු රියැදුරන්ට පහසුවෙන් දැකගැනීමට පදික මාරුව ආසන්නයේ මාර්ගය මැද කිරිබත් කැටයක හැඩයට පූර්ව දැනුම් දීමේ සංඥාවක් යොදා ඇත. එය සිදු කරන ලද්දේ අප විසින් රථවාහන පිළිබඳ හිටපු නියෝජ්‍ය පොලිස්පති අමරසිරි සේනාරත්න මහතාට ඒ සම්බන්ධව දැන්වීමෙන් පසුවය.

      අද වන විට මේ කුමන පියවර හමුවේ වුවද මාර්ගයේ අනතුරු වැඩි වීමක් ලෙස අඩු වීමක් සිදු වී නැත. පසුගිය වසරේ කහ ඉරි මත පදිකයන් 75 දෙනකු මියගොස් ඇති අතර, මේ වසරේ නොවැම්බර් මස 30 වැනිදා දක්වා පදික මාරු මත මිය ගිය සංඛ්‍යාව 61ක් බව නියොජ්‍ය පොලිස්පති (රථ වාහන) පාලිත ප්‍රනාන්දු මහතා පවසයි.

      කහ ඉර යනු පදිකයාට ආරක්ෂාකාරී වුවත්, එය වාහනයකට තවත් එක් මාර්ග ස්ථානයක් පමණි. ඒ බව සිහි තබාගෙන ආරක්ෂිතව ගමන් කළ හොත් පමණක් අපට මේ අනතුරු සංඛ්‍යාව පහළ දමාගැනීමට හැකි වනු ඇත. එසේම පදික මාරුවෙන් පමණක් මාර්ගය හරහා යෑමට අප සිහි තබාගත යුතු අතර, වෙනත් ස්ථානයකින් මාර්ගය හරහා යෑමට ගොස් මරණයට පත් වුවත් ජීවත්ව සිටින්නන්ට වන්දියක් පවා ලබාගැනීමට නොහැකි වීමට බොහෝ දුරට ඉඩ ඇති බවද සිහි තබාගැනීම මෙහිලා වැදගත් වේ.

      Delete
    4. සැ.යු.

      ඉහත උපුටාගැනීම 2016 දෙසැ. 04 සිළුමිණ පුවත්පතිනි.

      ස්තූතියි සාරස මහත්මයාණනි.

      Delete