Tuesday, December 6, 2016

අපි කොලා තමයි.. සොරි වෙන්ඩෝනෙ ඩෝ!



අපි යාපනේ පුස්තකාලෙ ගිනිතිබ්බා තමයි ඩෝ....... කොලඹින් ජාතික සේවක සන්ගමේ තගා ලා ලොරි පිටින් යපනේ ට ගෙනැල්ලා දෙමලුන් ට අම්බානක නෙලලා පැටෝල් දාලා ගිනිතිබ්බා තමයි..... සොරි වෙන්ඩෝනෙ ඩෝ!


අසූ තුනේ කලු ජූලිය නිස්පාදනේ සහ අද්යකසෙනේ දෙකම අපේ තමයි ඩෝ.... බලු කුක්කො වගේ හිටි ප්‍රබාකරන් ලා පොර වෙලා කොටි වුනේ අසූ තුනට පින්සිද්ද වෙන්න ඩෝ....

ඒ විතරක් නෙවෙයි... උඹලගේ විප්ලවවාදී සහෝදරවරු බිල්ලො දාලා අල්ලගෙන ඇස් බැඳලා බටලන්දට ගෙනත් දස වහ්ඩ ඩීලා ගෙඩි පිටින් යම ලෝකේට යැවුවෙත් මම තමයි ඩෝ..... 

ඇයි.. තොපෙ මහ එකා විජේවීර... ඌව අල්ලගෙන බලු කූඩුවෙ දාලා දස වද දීලා බොරැල්ල කනත්තෙ මල මිනී පුච්චන ගෑ කාමරේට දාලා පනපිටින් පිච්චුවෙත් අපි ම තමයි ඩෝ.....
ඒකට ඒ කාලේදී බිල්ලෝ වෙලා අපට උදවු කොරපු උඹලට මන්ත්‍රී කම් විපක්ස සන්විදායක කම් ලබා දුන්නෙත් අපි ම තමයි ඩෝ... ඒ ඔක්කොමටත් සොරි වෙන්ඩෝනෙ ඩෝ...

මන් කියන දේ විස්වාස නැත්නම් මේ ඉන්න සජිත් ගෙනුයි නවීන් ගෙනුයි අහපන් ඩෝ... උන් දෙන්නගේ අප්පලාත් මා එක්ක මේ ගේම් වලට සැට් වුනා ඩෝ...

ඇයි අවුල් ද?

ටයි කෝට් ඇඳගත්තු නාකි හම්පඩයෙකු ඊයේ පාර්ලිමේන්තුවේ කෑ ගැසුවේ එසේය.....  

51 comments:

  1. හා... පෝ.. කරන අපහාස එතුමානන් තමයි මේ සිරිලක සිටිනා බුදදිමත්ම, මහා ආර්තික විද්‍යා ඥානයකින් හෙබි, ලොව පිලිගත් ප්‍රජාටන්ත්‍රවාදියා.. බොරුනං අර බ්ලොග් ලියන මාටලංගෙන් අහන්න

    ReplyDelete
    Replies
    1. රනිලා සියලු බොග් ලියනා බුජ්ජිමතුන් ව රවට්ටපු එකම මදෑ හිටන්?

      Delete
  2. මහින්ද වගේම වාසුලා ඩිව්ලා පිස්සු විතාරනලත් කිසි අඩුවක් නැතිව ගේමේ ඉඳියා ඩෝ... එකෙක්වත් උපාසකලා නෙමෙයි ඩෝ...

    උනුත් නාකි හම්පඩයින්ම තමයි ඩෝ.... :)

    ReplyDelete
    Replies
    1. ඒ කතාවත් ඇත්ත නේ හිටන්?

      Delete
  3. "ටයි කෝට් ඇඳගත්තු නාකි හම්පඩයෙකු"
    මගෙ හබීට අපහාස කොරන්න එපා වේස බල්ලො.
    - මීට මයිත්‍රී W.

    ReplyDelete
    Replies
    1. ඇට නැති හබී ගෙන් ඇති වැඩේ මොකද්ද මෙයා?

      Delete
    2. එහෙම ඒව තිබ්බත් හබී ගෙන් මට ඇති වැඩේ මොකද්ද මෙයා? මම කන්නේ ආප්ප නේ. බිත්තර ආප්ප තමා මගේ ෆේවරිට්. බොරුනම් අහන්ඩ කැලනියේ එකීලගෙන්

      Delete
  4. සමාව ගැනීම යනු ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙකු සතු වියයුතු උතුම් ලක්ෂනයක් සාරස ලමයා.

    ReplyDelete
    Replies
    1. // සමාව ගැනීම යනු ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙකු සතු වියයුතු උතුම් ලක්ෂනයක් සාරස ලමයා. //

      එහෙමයි..
      සරස තුමා ලියූ මෙම ලියමනෙන් අපහසුතාවයකට පත් වුනානම් සමා වෙන්න ඩෝ!

      Delete
    2. //AnonymousDecember 6, 2016 at 10:36 PM
      සමාව ගැනීම යනු ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙකු සතු වියයුතු උතුම් ලක්ෂනයක් සාරස ලමයා.//
      උඹේ තරහ කාරයට හෝ තරඟකාරයට දුව ගෙන් ගිහින් පිහියෙන් ඇනපන්. අඩුවක් එහෙම තියන්ඩ එපා මැරෙන්ඩම ඇනපන්. පස්සෙ ගෙදර ඇවිත් "අඩෝ සොරි හොඳේ" කියල බලපන් උඹටත් ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙකු වෙන්ඩ පුළුවන්ද කියල.
      උඹල වගෙ ගොන්නු තමා තව පොඩ්ඩක් ෆෝම් කරපුවම අර සන්නස්ගල, සුනිල් පෙරේරා වගේ ජෝකර්ල වෙන්නේ

      Delete
  5. උබ මගුලක් කතා කරනව සා රස තුමෝ. ඔය ඔක්කොම දේවල් කලෙත් මහින්ද, ගෝට, බැසිල් මාමිල ඇන්ඩ් නාමල් බේබි.

    අන්න බැඳුම් කර සිද්දියට වරද පිළිඅරන් මහේන්ද්‍රන් මාමි පෙපචුවල් කොම්පැනියේ ගිය වසරෙ අදායමෙන් පියවනව කියල.

    අති පූජිත මහත්තයට සාගල සර් කෝල් කරල තියෙන්නෙ එයාලගෙ ගෙවල් පැත්තෙන් යනගමන් පාන් එකහමාරක් ගෙදරට ගෙනිහින් දෙන්ට කියල හිටං.

    ReplyDelete
    Replies
    1. ඒක නෙවෙයි ලොක්කා...
      අන්න සිනුවර තට්ටයා හිටගෙන ජෝක් දාන්න පටන් අරන්.... මැන්ස් දැන් විහිලුකාරයෙක් හිටන්!

      Delete
    2. හිටගෙන කරනකොටත් මාර ජොලි බන්.
      සාරස අද හිටගෙන කරල බලන්නකො බොරුනම්.

      - සිනුවර තට්ටයා.

      Delete
    3. මගේ යාලුවෙක් හිටගෙන කරල මළා.

      Delete
    4. ඇදගෙන නාන සිනුවර රසිකෝලොජ්ජා
      'පොර ජාතකෙන්' දුන්නට අමු ගොන්බිජ්ජා
      'පොර' කර පොරව, පෙන්නන් 'මේසන්' විජ්ජා
      ගිල්ලපු ගුලිය දන්නව ලෝටස් අජ්ජා

      Delete
    5. සා රස තුමෝ. මම දන්නා විදිහට "පිම්පිය" කියන්නේ පිරිමින්ට වේසා ගැහැනුන් සපයන කෙනාට. ඒක නිසා බ්ලොග් ලෝකයේ මහා පිම්පියා නොහොත් සීනුවර පිම්පියා සමග ගනු දෙනු නැත. ඒත් ඒ මහා පිම්පියා විසින් මා වෙත එවන ලද ඊ මේලයේ අකුසල කර්මය ලබන සම්මාන උළලේදී පලිසන් දීම වයිමාගේ පුතා ට හෝ උගේ හුත්තිගේ පුතාටවත් වළක්වාලිය නොහැක. 👊🏽

      Delete
  6. හාමු ශ්‍රීමතානන්ට ගහනකොට බ්ලොග් ලියන බුඩ්ඩිමතුන්ට රිදෙන බව සරස නොදනීද?

    ReplyDelete
  7. තව මාස දෙක තුනක් ගියාම කියයිද දන්නේ නැහැ, "මගේ අතින් බැඳුම්කර වංචාවක් සිද්ධ උනා හිටං..." ඒකට මට සමාව දෙන්න කියලා...
    එතකොට අපිත් ලෙල්ල හුටං ට සමාව දෙන්න ලෑස්තිවෙලා ඉන්න ඕනේ හිටං...
    මොකද ඕවට නඩු දාන්න එහෙම ඔට්ටු නැහැනේ...

    ReplyDelete
    Replies
    1. මොනා කොරන්නද.. සිරිකොත ඉස්සරහින් පාර වහලා තාර වත් දාමු හිටන්!

      Delete
  8. අඩෝ සා රස මෝලෝ,

    පල ඩෝ යන්න. හරියට නිව්ස් එක බලල පෝස්ට් දාපිය මැට්ටෝ. වර්ෂ 1981 වසරේ යාපනයේ පුස්තකාලය ගිනිතැබීම සම්බන්ධයෙන් එවක පැවති එක්සත් ජාතික පක්ෂ රජය වෙනුවෙන් තමන් සමාව ඉල්ලා සිටින බවයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පැවසුවේ. ගරු කටයුතු අගමැතිතුමා එසේ සමාව ඉල්ලා සිටියේ උතුරේ සංවර්ධන කටයුතු පිළිබඳ ඊයේ, දෙසැ.06 දා පාර්ලිමේන්තුවේදී ඇතිවූ උණුසුම් වාදයක් අතරතුරදී.

    "අපේ කාලේ පුස්තකාලේ ගිනි තිබ්බා. අපි ඒ ගැන කනගාටු වෙනවා, සමාව ඉල්ලනවා" අගමැතිවරයා පැවසීය.

    යාපනය පුස්තකාලය යළි ගොඩනගා දැන් නම් හොඳින් තිබෙනවා. මෙය කළේ 2002-03 කාලයේ එජාප රජය විසින් බවයි මට මතක. (වැරදි නම් හරිගස්සන්න )

    පසුගිය ආණ්ඩුව සමයේ සිදුවීම් සම්බන්ධයෙන් ද එසේ සමාව ගන්නා ලෙස අගමැතිවරයා ඉන් අනතුරුව ඒකාබද්ද විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටියා නේද?

    රවිරාජ් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මෙන්ම යාපනයේ මාධ්‍යවේදීන්ගේ ඝාතන සිදුවීම් සම්බන්ධයෙන් ද අගමැති රනිල් වික්‍රමසිංහ එහිදී ඒකාබද්ධ විපක්ෂයට චෝදනා කළේය. මේ ගැන සාරස උන්නැහේට මොකෑ කියන්ට තිබෙන්නේ?

    ReplyDelete
    Replies
    1. // මේ ගැන සාරස උන්නැහේට මොකෑ කියන්ට තිබෙන්නේ? //

      සරස තුමා ගේ ලියවිල්ල හැමවෙලාවේම පක්සග්‍රාහී එකක්... රනිල් ප්‍රමුක යූ එන් පී එකටයි, අනුර කුමරාර ප්‍රමුක ජෙප්පොන්ටයි සොරිසේන ප්‍රමුක සොරිලන්කා කස්ටියටයි විරුද්දව එතුමා හැමවෙලේම ලියනවා.... ඒත් මහින්ද මහත්තයට අවාසි වෙන දේවල් එතුමා ලියන්නේ නැහැ හිටන්!

      Delete
    2. වැරදියි. ඕක හැදුවේ චන්ද්‍රිකාගෙ කාලේ (1998 සිට ). විවෘත කලේ 2003. කොටින්ගේ විරුද්දත්ව නිසා විවෘත්ත කිරීම සෑහෙන කල් ගියා (සටන් විරාමෙ කාලේ කොටින් කියන විදිහටනේ කලේ ).

      Delete
    3. රනිල් මේ සමාව ගන්නේ උතුරේ චන්ද වලට කෑදර කමටය. ඒ සිදුවීමට රිජුවම ඇඟිල්ල දිගු වූයේ ගාමිනි ජයවික්‍රමට හා ගාමිනි දිසානායකටය. ජයවික්‍රම තාම ඔහුගේ කැබිනට් එකේය.
      ඔහු අවංකව සමාව ගන්නේ නම් ඔහු සමාව ඉල්ලීමට පටන් ගත යුත්තේ '77 චන්දයෙන් පසු සතියක කාලයක් පොලීසියට නිවාඩු දී තම පක්ශයේ මැරයන්ගේ ප්‍රහාරයට ලක්ව මියගිය, අත් පා අහිමි කරගත්, නිවාස දවා අළු කර ගත් විරුද්ධ පාක්ශිකයන්ගෙනි. දෙවනුව 80' වර්ජනයෙන් පසු රැකියා අහිමිව සිය දිවි හානි කරගත් පිරිසගෙන්ය. එම වර්ජනයට නායකත්වය දීම නිසා ඔහුගෙ චන්ඩින් ලවා ට්‍රැක්ටරයට යට කර මරා දැමූ සෝමපාලගෙනි. බාල වයස්කාර දැරියක දූශනය කිරීමට වරද කරු වී හිරයට නියම වූ තම සහචරයකු වූ ගෝනවල සුනිල්ට ජනාදිපති සමාව ලබාදීමෙන් අගතියට පත් අර දැරිවියගෙන්ය. කාන්තා ක්‍රියාකරිනියකට බැටන් පහර දීම නිසා උසාවියෙන් දඩ නියම වූ උඩුගම්පලට කැබිනට් පත්‍රිකාවක් මගින් උසස් වීමක් සහ දඩය රජය මගින් ගෙවා දැමීමෙන් ලබා දුන් උතේජනය මතින් පසුව එම මිනීමරුවා විසින් දස වද දී මරා දමන ලද දස දහස් ගනන් තරුන තරුනියන්ගෙනි.
      මේ ආදී වසයෙන් ඔහු විසින් කරන ලද සමාව ගත යුතු බලුකම්, මැරකම්, ජඩකම් ,ලයිස්තුගත කලහොත් මේ ඩිජිටල් යුගයේ 1TB hard disk එකක capacity එක මදි වනු ඇත. එසේ තිබියදී ඔහුට මේ පුස්තකාලය පමනක් මතික් වූයේ ඇයි ?

      Delete
  9. මචන් සාරස,

    වත්මන් යහපාලන ආණ්ඩුවේ සිටින අන්ත දූෂිත පල් හොරුන්ට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි කිරීමට ආරම්භ කළ වැඩපිළිවෙළෙහි සිව්වන හෙළිදරව්ව අමාත්‍ය තලතා අතුකෝරලට එරෙහිව අද දිනයේ සිදු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ කාරයා කිව්ව නේද? කෝ උබ මුකුත් ඒ ගැන් කියන්නෙ නැත්තේ ඇයි?

    කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී අද (07) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි ඉදිරිපත් කරන බවනෙ කිව්වෙ. මෙම හෙළිදරව්කිරීම් හමුවේ යහපාලන ආණ්ඩුව බිය වී ඇති බවත්, ඒ හේතුවෙන් පාර්ලිමේන්තුව තුළ ටොප් ටෙන් රැස්වීමක් පසුගිය දා පැවැත්වූ බවත් අලුත්ගමයා කියා සිටියා.

    එමෙන්ම මෙය ආඅණ්ඩුවට බොරුවට මඩ ගැසීමට නිර්මාණය කර ගත්තක් බව පෙන්වා දෙන යහපාලන මැති අමැති වරුන් දුරකථන ඇමතුම් ඔස්සේද මාධ්‍ය හමු ඔස්සේද හඩා වැලපීමට පටන්ගෙන ඇති බවද මහින්දානන්ද අලුත්ගමගේ පෙන්වා දී තිබේ.

    යහපාලන ආණ්ඩුවේ දූෂිතයින්ට එරෙහිව සිදු කරනු ලබන මෙම පැමිණිලි කිරීම්වලට අදාළව මුල්ම පැමිණිල්ල අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව සිදු කළද මේ වන තෙක් ඒ පිළිබඳව කිසිඳු වග විභාගයක් සිදු කර නොමැති බවද ඔහු පැවසීය.

    දූෂිතයින්ට එරෙහිව ඉදිරිපක් කරනු ලබන ෆයිල් දිනෙන් දින ගල් වන ස්වභාවයක් පෙන්නුම් කරන බවත්, මේ ආණ්ඩුව යටතේ ස්වාධීන කොමිෂන් සභා පත් කර ඇති මුත් ඒවායේ ස්වාධීන ලෙස පරීක්ෂණ සිදුවනවාද යන්න ගැටළු සහගත බවත් කිව්ව.

    පසුගිය ජනවාරි 8 දා සිට ජනාධිපතිවරයාට සැබෑ ජනවරමක් ලැබුණු බවත්, එවන් පසුබිමක් තුළ මේ පිළිබඳව පරීක්ෂණ සිදු කිරීම සිදු නොකළහොත් ඒ පිළිබඳව ජනාධිපතිවරයාට අයහපත් ප්‍රතිචාරයන් ලැබෙනු ඇති බවත් මෑන් කියනව.

    එමෙන්ම යහපාලන ටොප් ටෙන් නිල වෙබි අඩවිය අද දින විවෘත වන බවත්, ඒ ඔස්සේ සියලුම දූෂිතයින්ගේ තොරතුරු හෙළි කරන බවටත් ටෝක්ස් ටිකක් දුන්න. එමෙන්ම මේ අවස්ථාවට එක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂ ප්‍රේමරත්න කියා සිටියේ වර්ෂයකට ලාංකිකයින් ලක්ෂ 3කට අධික පිරිසක් ආර්ථික අපහසුතා හේතුවෙන් විදෙස් රැකියා සඳහා පිටත්ව යන බවයි.

    ඔවුන් වෙනුවෙන් තලතා අතුකෝරල අමාත්‍යවරියගේ මැදිහත්වීමකින් රක්ෂණ ක්‍රමයක් 2015.08.26 දින සිට හඳුන්වා දී ඇති බවත්, ඒ ඔස්සේ එක් පුද්ගලයෙකුට ඩොලර් 100ක ගල්ෆ් ජීවිත රක්ෂණයක් හඳුන්වා දී ඇති බවත් කියනව.

    ශ්‍රී ලංකන් රක්ෂණ සමාගම විසින් ඩොලර් 60ක ජීවිත රක්ෂණයක් සමගින් ඊට වඩා ප්‍රතිලාභ ලබාදීමට කැමැත්ත පළ කර ඇති විටෙක අදාළ රක්ෂණ ක්‍රමය තලතා අතුකෝරාල ඇමතිනිය විසින් විදෙස් රක්ෂණ සමාගමකට පවරාදීම තුළ කෝටි 141ක මුදලක් වංචා කර ඇති බව පෙන්වා දෙයි.

    එනම් පසුගිය 2015.08.26 සිට මේ දක්වා කාලය තුළ 263,307 පිරිසක් විදෙස්ගත වී ඇති බවත්, ඒ තුළ එක් අයෙකුලෙන් ඩොලර් 40 බැගින් මිලියන 1,500ක මුදලක් අමාත්‍යවරිය විසින් කොමිස් වශයෙන් ලබාගෙන කියන්නෙ.

    මෙය ක්‍රියාත්මක කර ඇත්තේ කුවේට් විදේශ කටයුතු අමාත්‍යංශයේ නීති රීතිවලට පටහැනිව බවද ඒ මහතා කියා සිටියේය. මේ පිළිබඳව තමා විසින් පසුගිය නොවැම්බර් මස 30 වන දින අමාත්‍යවරියගෙන් පාර්ලිමේන්තුවේදී විමසා සිටි බවත්, ඊට ඇයගේ සම්බන්ධයක් නොමැති බව ප්‍රකාශ කළ බවත්, ඉන් පසු පැය 24 යාමට පෙර එනම් දෙසැම්බර් මස 1 වන දින සිට එම රක්ෂණ ක්‍රමය අවලංගු කළ බවත් ඔහු පෙන්වා දී තිබේ.

    මෙම හේතූන් පදනම් කර ගනිමින් ඇයට එරෙහිව අද දිනයේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි ඉදිරිපත් කරන බව ඒ මහතා පැවසුවේය.

    එමෙන්ම මේ අවස්ථාවේදී මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් මහින්දානන්ද අලුත්ගමගේ කියා සිටියේ වික්‍රම වීරසූරිය මහතා පසුගිය දිනෙක මාධ්‍ය හමුවකදී කඳුළු වගුරවා ඇති බවත්, ඒ මගින් කරපු වැරදි වසා ගැනීමට හෝ අනුකම්පාව දිනා ගැනීමට නොහැකි බවයි.

    එමෙන්ම ඔහුට එරෙහිව කරුණු කාරණාවන් නඩුවක් ඉදිරිපත් වූ වහාම ඒවා ඉදිරිපත් කරන බවත් කිව්ව.

    එමෙන්ම පසුගිය දිනෙක අගමැතිවරයාට එරෙහිව ඉදිරිපත් කළ පැමිණිල්ට අදාළ සියලුම ලේඛනයන් ඉදිරිපත් කළ බවත්, ඒවා ඉදිරිපත් කර සිටියේ පරීක්ෂණ පහසුකිරීමටලු.

    නමුත් එවන් පසුබිමක් තුළ වුවද මෙම පරීක්ෂණ සිදු නොවුණහොත් විකල්ප ක්‍රියාමාර්ගයන් ගන්නා බවත් කියන්නෙ.

    එමෙන්ම මෙම පැමිණිලි කිරීම් ආණ්ඩුවට මඩ ගැසීමට භාවිතා කරන ක්‍රියාවක් බව ලක්ෂ්මන් කිරිඇල්ල ප්‍රකාශ කර ඇති බවත්, මෙම තත්ත්වයන් පිළිබඳව ඒ උපතින්ම අම්බරු මෝඩ වාහේ දන්නා ලබ්බක් නොමැති බවද ඔහු කියා සිටියේය.

    ලක්ෂ්මන් කිරිඇල්ල ඕනෙ ගොන් වහන්සේ නිරන්තරයෙන් පාර්ලිමේන්තුවේ නිදාගෙන සිටින බවත්, සෑම විටම පිළිතුරු ලබා දෙන්නේ නින්දෙන් අවදිවී බවත් හේ වැඩිදුරටත් කියා සිටියේය.

    මේ ගැන සාරස උන්නැහේ ගෙ මතය මොකද්ද කියහන් මචන්.

    ReplyDelete
    Replies
    1. ඔය ගැනත් ලියමු එහෙනම්...

      Delete
  10. සීමාසහිත රක්නා ආරක්ෂක ලංකා සමාගම ඈවර කිරීමට අදාළව ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ගෙන එනු ලැබූ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.

    එවකට දිවයින තුළ පැවති ආරක්ෂක වාතාවරණය හමුවේ ආර්ථික මර්මස්ථාන, රාජ්‍ය ආයතන, පෞද්ගලික ආයතන ඇතුළු විශේෂ ස්ථානවලට ආරක්ෂාව සපයමින් සිටි සන්නද්ධ හමුදා සාමාජිකයින් එම ස්ථානවලින් ඉවත් කර රටේ නීතිය හා සාමය රැකීමේ කටයුතු සඳහා යෙදවීමේ අවශ්‍යතාව මතු වූ බැවින් එවැනි ආයතනවලට ආරක්ෂාව සැපයීම සඳහා රජයට අනුබද්ධ ආරක්ෂක සේවයක් ලෙස සීමාසහිත රක්නා ආරක්ෂක ලංකා සමාගම පිහිටුවන ලද බව සඳහන්ය.

    කෙසේ වෙතත් වර්තමානයේ ශ්‍රී ලංකාව තුළ පවතින සාමකාමී වාතාවරණය යටතේ රජයට අනුබද්ධ පෞද්ගලික ආරක්ෂක සේවාවක් පවත්වාගෙන යාමේ අවශ්‍යතාවක් නොමැති බව පෙනී ගොස් ඇති බව එකී යෝජනාවේ දැක්වෙයි.

    ඒ අනුව, සීමාසහිත රක්නා ආරක්ෂක ලංකා සමාගම විසින් දැන‍ට ඉටු කරනු ලබන ගොඩබිම ආරක්ෂක කටයුතු සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව වෙතද, සාගර ආරක්ෂක කටයුතු ශ්‍රී ලංකා නාවික හමුදාව වෙතද පැවරීමටත්, නීතිපතිතුමාගේ උපදෙස් අනුව මෙම සමාගම ඈවර කිරීමේ කටයුතු සිදු කිරීමටත් කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.

    ReplyDelete
    Replies
    1. අපි කස්ටියම එකතුවෙලා ලඟදීම රනිල්-සොරිසේන ආන්ඩුවත් ඈවර කොරමු හිටන්!

      Delete
  11. තොපි ඔක්කොම් මිනිමරුවෝ ඩෝ. අපි නම් උපාසකයෝ ඩෝ. නිතරම පන්සලේ ඩෝ. අහපන් සඟ සෙට් එකෙන් ඩෝ.....මීට මරා ඩෝ.

    ReplyDelete
    Replies
    1. ඔහෙලා මොනා කිවුවත්, මේ රටේ හාමුදුරුවරු තාම සලකන්නෙ මහින්ද මහත්තයට...

      Delete
    2. ඔව් ඒක දන්නවා. මිහිඳු හාමුදුරුවන්ටත් වඩා මහින්දට කැමති සෙට් එකක් ඉන්නවා. ඒ සෙට් එකේ බුදුන් ඉන්නේ අන්තිමට. ඒකයි දුක.
      හෙට අනිද්දා ඔය සෙට් එක කියයි. සිදුහත් ඇවිදගෙන ගියේ නෙළුම් නෙමේ නාමල් මල් හතක් උඩ කියලා. එතකොටත් සාදු සාදු කියපන්. පලයන් ඩෝ යන්න :D සරස මේ හිනා මූනු නොදා ලියන්නම්. උඹට උපහාසය තේරෙනවනේ. ස්මයිලි ෆේස් දදා ලියන්න හිතෙන්නේ නැහැ බං.

      Delete
    3. නෙලුම් මල් උඩ නෙවෙයි.. නෙලුම් පොහොට්ටු උඩ!

      Delete
    4. සරසයාට හොඳ කටක් තියෙනවා. සරසගේ සම"හරක්" කමෙන්ට් වලට මාර තරහා යනවා. ටිකකින් හිතෙනවා මොන රෙද්දකටද තරහා ගන්නේ සරසයාට පඩයක් ගියාට කියලා. පඩ ගඳ මුත්,හඬක් නම් නැත. මේ පඩ රසයේ ඉතිහාසය බොහෝ දුරය. මට මේ කුණුහරුප දේශපාලනය අප්පිරිය වුනේ, මටත් නොදැනීමය. මා පැතු ලෝකය කිසිදිනෙක ගොඩ නැගෙනු නැත. ජනවාරි අට සිහිනය මියගියේ අගෝස්තු ඡන්දයේදි සෝභිත හාමුදුරුවෝ සහ දඹර සාදුලා යුඇන්පී කතිකයෝවූ දවසේය. උත්තරය....උදේට කොමොඩ් එකට වැටේ යයි බලා සිටිමි.

      Delete
    5. //මිහිඳු හාමුදුරුවන්ටත් වඩා මහින්දට කැමති සෙට් එකක් ඉන්නවා. ඒ සෙට් එකේ බුදුන් ඉන්නේ අන්තිමට//
      ඒ විතරක්යැ බුදුන් වහන්සේට වඩා බටලන්දෙ රනිල්ට කැමති සෙට් එකක් ඉන්නවා. උන්ට රනිල්ගෙ පඩෙත් සුවඳයි. මම දන්න අරුන පෙරේ-රා කෙනෙක් ඉන්නව ඌට බටලන්දෙ රනිල් ගේ කියලා බළු අසූචි ටිකක් දුන්නොත් ඒකත් තළු මර මර කයි.

      Delete
    6. /////මම දන්න අරුන පෙරේ-රා කෙනෙක් ඉන්නව ඌට බටලන්දෙ රනිල් ගේ කියලා බළු අසූචි ටිකක් දුන්නොත් ඒකත්.////////////
      සභාතොමෝ පුකෙන් සිනාසේ.

      Delete
  12. සරස,

    රනිල් වික‍්‍රමසිංහ මෙවර රට බාර ගත් පසු අපට පෙනෙන්නට තිබෙන ප‍්‍රධාන ලක්ෂණය වන්නේ එහි ප‍්‍රතිපත්ති (Policies) එක පැත්තකටත් එහි ආර්ථිකය (Economy) තව පැත්තකටත් ගමන් කිරීමයි.

    උතුරේ ගැටලූවට මුහුණ දීමට යෑමේ දී ලංකාවේ ප‍්‍රධාන දේශපාලන පක්ෂ දෙකම දේශපාලන අර්බුදයකට ගමන් කර ඇත. මීට ඇති එක විසඳුමක් ලෙස රනිල් වික‍්‍රමසිංහ ලිබරල් වාමවාදී ප‍්‍රතිපත්ති සමූහයක් තමන් වෙනුවෙන් තෝරාගෙන ඇත. ඊට අනුව යූඑන්පීය ප‍්‍රථම වරට මානව හිමිකම් සිට සිවිල් අයිතිවාසිකම් දක්වා පුළුල් පරාසයක ප‍්‍රතිපත්ති රාමුවක් පිළිගෙන ඇත. මේ හේතුව නිසා ඔහුගේ මේසයේ එක පැත්තක නිමල්කා ප‍්‍රනාන්දු, බි‍්‍රටෝ ප‍්‍රනාන්දු සිට වැලිඅමුණ දක්වා පුළුල් පරාසයක සිවිල් සමාජ සාමාජික – සාමාජිකාවෝ වාඩිගෙන සිටිති. ඔවුහු මාධ්‍ය නිදහසේ සිට සමලිංගික අයිතිවාසිකම් හරහා ස්ත‍්‍රීවාදය දක්වා පරාසයක උපරි – ව්‍යුහයේ ඉල්ලීම් වෙනුවෙන් පෙනී සිටිති. මහාචාර්ය මෛත‍්‍රී වික‍්‍රමසිංහ මෙම පරාසයේ ජීවමාන සංකේතයයි.

    රනිල් වික‍්‍රමසිංහ මහතාගේ මේසයේ අනෙක් පස වාඩි වී සිටින්නේ අන්ත දක්ෂිණාංශික නවලිබරල් ආර්ථිකය පිළිගන්නා පිරිසකි. කාටත් වැටහෙන භාෂාවෙන් කිව්වොත් රනිල්ගේ ආර්ථික වැඩසටහන මෙහෙයවීමට ඉන්නේ වන්ෂොට්ලාය. පාස්කරලිංගම්, චරිත රත්වත්තේ, රවී කරුණානායක මේ අතරින් ප‍්‍රමුඛය. මේ කිසිවකු ආර්ථික විද්‍යාඥයන් නොවේ. ඔවුන් කතා කරන්නේ ඉලක්කම් ගැනය. ආර්ථිකය ගැන ඔවුන්ට අදහසක් නැති අතර ගණකාධිකරණය ගැන සරල වැටහීමක් ඔවුන්ට ඇත. ඉලක්කම් සමඟ අයින්ස්ටයින්ටත් වඩා දක්ෂ ලෙස ඔවුහු සෙල්ලම් කරති.

    සාරාංශගත කර කිවහොත් රනිල්ගේ දේශපාලන ප‍්‍රතිපත්ති මධ්‍යගත ලිබරල්වාදීය. නමුත් ඊට සහමුලින් ප‍්‍රතිවිරුද්ධ ලෙස ආර්ථික ප‍්‍රතිපත්ති තීන්දු වී ඇත. මේ පරස්පරය වික‍්‍රමසිංහ ආණ්ඩුවේ සැබෑ ස්වභාවයයි. සාරයයි. පරස්පරය නරක දෙයක් නොවේ. සත්‍යයේ නියම හැඩය පරස්පරයයි. එයට බිය විය යුතු නැත. නමුත් පරස්පරය පුපුරා යන තැනට තහංචි දමන්නේ ඇයි? පරස්පරය පොලීසියට පාලනය කරන්නට දෙන්නේ ඇයි? පුරුද්දටද?

    ReplyDelete
    Replies
    1. Cont'd...

      උදාහරණයක් වශයෙන් ලංකාවේ ආණ්ඩුවට සල්ලි නැත. ඒ ගැන හංගන්නට දෙයක් නැත. ඒ නිසා වැඩිපුර මුදල් සෙවිය යුත්තේ බදු අය කිරීමෙන්ය. මේ බදු අය කර ගැනීමට ක‍්‍රම දෙකක් ඇත.

      (1) ඉතාම ඉහළ ආදායම්ලාභී ධනවත් පිරිසගෙන් බදු අය කිරීම

      (2) දුප්පතුන්ගෙන් සහ පහළ මැද පන්තියෙන් (ලංකාවේ දේශපාලන මතවාදය හසුරුවන පිරිස) බදු එකතු කිරීම.

      මෙවර අයවැය යෝජනා දෙස බලන විට පෙනෙන්නට තිබෙන ප‍්‍රධාන ලක්ෂණය වී ඇත්තේ පහළ ස්තරවලින් අය කරන බදු (වක‍්‍ර බදු) විශාල වශයෙන් වැඩි කර පරිභෝජනයට ඔවුන්ගේ ඇති අනුරාගය තුනී කිරීමය. එමඟින් ආයාථ සඳහා වන වියදම අඩු කිරීම ගණකාධිකාරීවරුන්ගේ සිහිනයයි. උදාහරණයක් වශයෙන් මහාමාර්ගයේ කරන මූලික වැරැුදි කිහිපයකට දඩ මුදල රුපියල් 25,000ක් කළ විට මහ පාරේ පොලිස් බලය අත්තනෝමතික වීම රනිල් වික‍්‍රමසිංහට අහෝසි කළ නොහැකිය. මෙම දඩ නියම කිරීම කරන්නේ මහජනයාගේ ජීවිත බේරන්න යැයි කීම ළාමක කතාවකි. එය හරියට කුඩා ළමයින් තට්ටු නිවාසවලින් බිමට වැටෙන නිසා තට්ටු නිවාස ඉදි නොකළ යුතුය වැනි මෝඩ නිගමනයකි. 80 දශකයේ දී Honda මෝටර් බයිසිකල් ගෙන්වීම නිසා තරුණ ජීවිත විශාල සංඛ්‍යාවක් අහිමි විය. නමුත් Honda ගෙන්වීම නැවැත්වූයේ නැත. නූතනත්වය සමඟ හදිසි අනතුරු ඒම අනිවාර්යය. 220ක වේගයෙන් යා හැකි BMW, Benz, Audi යනාදී රථවාහන ලංකාවට ගෙන්වන්නේ වේගයෙන් ගමන් කිරීමටය. රවී කරුණානායකට ඇමැති මුක්තිය යටතේ තමන්ගේ Mercedez GLS 350 ජීප් රථය 120ට මහපාරේ යන්න පුළුවන් නම් අනෙක් පුරවැසියන්ට එය කිරීමට බැරි ඇයි? ඒ අය වාහන පැදවීමට බැරි බබාලාද? අපි රවීට මෙසේ කිව යුතුය. ”රවී මහත්තයෝ තමන්ගේ ඇමැති රාජකාරිය හරියට කරන්න. රටක ආර්ථිකය දියුණු කරන්න සදාචාරය ගේන්න එපා. අපේ ජීවිතවල වටිනාකම හොයන්න අපේ පවුල්වල කට්ටිය ඉන්නවා.”

      ආර්ථිකය දියුණු කිරීමට සදාචාරය ඇද ගැනීම නිසා මහපාරේ දී පෞද්ගලික බස් රථවල රියැදුරන් සහ කොන්දොස්තරලා, කුඩා මෝටර් රථ මිලට ගත් අය, මෝටර් බයිසිකල් පදින තරුණයන්, කුඩා මට්ටමේ අවන්හල් හිමියන් යනාදී අතිබහුතරයක් ආණ්ඩුව සමඟ ජනවාරි 1 වනදාට පසුව තරහා වීම අනිවාර්ය ය. ලබන වසරේ දී ආණ්ඩුවට මුහුණ දීමට ඉතා සංවේදී දේශපාලන ගැටලූවක් ඇත. එය නම් අලූත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවයි. ඒ සඳහා මතවාදීව සූදානම් වීමේ දී පන්ති සාමය ඉතා වැදගත්ය. ඒකාබද්ධ විපක්ෂයේ මහින්දවාදීන් රථවාහන වැරැුදිවලට අදාළව වැඩි කර ඇති සියදිවි නසා ගන්නා ආකාරයේ දඩ මුදල් ගැන ප‍්‍රීතියෙන් ඔද වැඞී ඇත. ඔවුන්ට අනුව මහ පාරේ දී මහජනයා පොලීසිය සමඟ සිවිල් ගැටුමකට යාම වැළැක්විය නොහැකිය. ඒ ඇති වන අසහනය හරහා ජනාධිපතිතුමාට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ ඇති සුජාතභාවය දුර්වල කළ හැකිය. රථවාහන දඩවල අවසාන විපාකය පොදුවේ යහපාලන ආණ්ඩුවට පැමිණියත් ඉදිරියට පැමිණෙන කුඩා ඡුන්දවල දී එම තත්ත්වය ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ බෙදීමට උත්පේ‍්‍රරක තත්ත්වයක් බිහි කරනු ඇත. ඉතාම අතාර්කික, ව්‍යාජ සදාචාරාත්මක (යූඑන්පී ආණ්ඩුව ලංකාවට උතුරු නැගෙනහිර වෙන්කොට පළාත් සභා පිහිටුවා බෙදුම්වාදීන් සනසවත්දී ඊට විරුද්ධ වූ තරුණ ජනයා 60,000ක් පමණ ඝාතනය කළේය. නූතනකරණය සඳහා ලංකාවේ වියදම එසේය. එනිසා හදිසි අනතුරුවලින් මිය යන මිනිසුන් ගැන කිඹුල් කඳුළු අවශ්‍ය නැත) මහ පාරේ ත‍්‍රස්තවාදී බදු එකතු කිරීම නිසා එහි හානිය වැඩියෙන් බලපානු ඇත්තේ ජනාධිපතිවරයාටය.

      Delete
    2. Cont'd...

      අනෙක් අතට රනිල්ගේ මෙම ප‍්‍රතිපත්ති සහ ආර්ථිකය අතර ඇති පරස්පරය නිසා යූඑන්පී පාක්ෂිකයා ද මේ වන විට හෙම්බත් වී සිටියි. ජේ.ආර්. ජයවර්ධන ගොඩනැගුවේ සහ ශක්තිමත් කළේ පාක්ෂිකයාවය. නමුත් රනිල් වික‍්‍රමසිංහ සතුටු කරන්නේ ඔහුගේ මිතුරන්වය. ඒ ගැන විවේචනය කරන්නට කෙනෙක් ඒ පක්ෂය තුළ නැත. ඒ ගැන විචාරයක් කරන්නට කෙනෙක් සිවිල් සමාජයේ ද නැත. ඔවුන් ජනාධිපතිතුමා ගැන අතිසංවේදීය. නමුත් ඔවුන්ට අඩුම වශයෙන් මෙම අතාර්කික දඩ ක‍්‍රමය ගැනවත් විවේචනයක් නැත. ඒ පෙනෙන විදිහට ඔවුන්ට ලැබී ඇති සමාජ පිළිගැනීමෙන් ඔවුන් පරිණතභාවය ලබාගෙන ඇත.

      මූල්‍ය අරමුදල හෝ ලෝක බැංකුව මෙම බදු අය කිරීමේ ක‍්‍රමය රජයට හඳුන්වා දී ඇතැයි යන මතය අමූලික බොරුවකි. එම මූල්‍ය ආයතනවල ප‍්‍රතිපත්ති තීන්දු කරන්නේ ගණකාධිකාරිවරුන් නොව ආර්ථික විද්‍යාඥයන්ය. ඒ කතා රාජපක්ෂවාදීන්ගේ ජනප‍්‍රිය මෝඩ කතාය. රටක බදු වැඩිපුර අය කළ යුත්තේ කුමන සමාජ පන්තියෙන්ද කියා තීරණය කිරීම ආර්ථික හෝ සදාචාර ප‍්‍රශ්නයක් නොව දේශපාලන ප‍්‍රශ්නයකි.

      Delete
    3. @ AnonymousDecember 7, 2016 at 5:48 AM

      "ජනාධිපතිතුමාට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ ඇති සුජාතභාවය දුර්වල කළ හැකිය."

      සුජාතභාවය දුර්වල කරන්න නම් එහෙම එකක් තියෙන්න එපෑ. දවසින් දවස වෙන්නේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ සිරාගෙ අවජාතභාවය තහවුරු වීම.
      - මොණරවිල

      Delete
    4. රනිල් ගේ කියන දේ සහ කොරන දේ අතර සැමදාම ලොකු පරතරයක් තිබුනා.... කුමක් හෝ හේතුවකට ඔහු ගේ "orientation" එක මෙහි දී ලොකු බූමිකාවක් රඟපානවා....

      ඔහු පුද්ගලයෙකු ලෙස ලිබරල්වාදීන් සමග සිටින්නේ ඔහු ගේ එම "orientation" එක නිසා බවයි මගේ හැඟීම... නමුත් ඔහු ගේ ක්‍රියාවන් අවශ්ය වෙලාවට ඔහු කරන්නේ ඔහු ගේ ගජමිතුරු කල්ලිය සමග ඔවුන් ගේ යහපත සඳහාම අනෙකුත් පක්ස සාමාජිකයින් ඉන්නවාද මලාද නොසලකා තීන්දු තීරන ගැනීමයි!

      එම කල්ක්‍රියාව නිසා පක්සේ දක්සයන් යට යද්දී ඔහු රතු තොල් බලකායේ කස්ටිය ඉදිරියට අරගෙන දැන් ඔවුන් හට වගකිවයුතු ඇමැතිකම් පවා දී තිබෙනවා.

      ඒ අතර රනිල් ගේ ගජ මිතුරු කල්ලිය සිරි ලන්කා ආර්තිකය ඉහගෙන කෑමට ප්ටන් අරගෙන.. බාන්ඩාගාර බැඳුම්කරෙන් උලාකාපු කෑම අති විශිශ්ටයි!

      අනික් අයට වඩා තමන් දන්නවා කියලා එයා හිතන් ඉන්නවා... එයා ගේ පස්සෙන් යන මෝඩයෝ රනිල් කියන්නේ මොලයක් කියලා කිය කියා හිටියේ ඒකයි... දැන් නම් රනිල් කියන්නේ මොලයක් නොව ගොම ගොඩක් බව කාටත් වැටහී අවසානයි!

      Delete
    5. // සුජාතභාවය දුර්වල කරන්න නම් එහෙම එකක් තියෙන්න එපෑ. දවසින් දවස වෙන්නේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ සිරාගෙ අවජාතභාවය තහවුරු වීම. //

      වැළි රාජුගේ අයියන්ඩි ගේ සුජාතබාවෙ නේ කස්ටිය හොයන්නේ... හරියට ගනිකාවකගේ කන්යාබාවය හොයනවා වගේ!

      Delete
  13. මචන් සාරස අපට කරන්න වෙන වැඩක් ඇත.

    මේ වන විට යූඑන්පීයත්, ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයත් (ඇත්තෙන්ම කිව්වොත් මෛත්‍රීගේ කුජීත පාර්ශ්වය) යන දෙකම ප‍්‍රතිපත්තිමය වශයෙන් වාමාංශික සහ ලිබරල් වී ඇත. මේ නිසා දැන් අන්ත දක්ෂිණාංශික ජනප‍්‍රියවාදියකුට (ඩොනල්ඞ් ට‍්‍රම්ප්ට මෙන්) දේශපාලනයේ ඉඩක් විවර වෙමින් පවතියි. පොලීසිය හරහා බදු එකතු කරන ආණ්ඩුවක් මහ ජනයා අතර අප‍්‍රසාදයට පත් වීමට වැඩි කාලයක් ගත වන්නේ නැත. විජේවර්ධන පවුලේ නව ලිබරල්වාදයට පහර ගසා වික‍්‍රමසිංහ පියාගේ සංකේත වටිනාකම ඉහළ දැමීමට රනිල් ඊඩිපසවාදී කැරැල්ලක් පටන් ගෙන ඇත. කැරැල්ලේ ජයග‍්‍රහණය හිමි වන්නේ විපරිත නව ලිබරල්වාදීන්ට නම් එහි දෙවැනි වටයෙන් කිනම් කෙනෙකු ජයග‍්‍රහණය කරාවි ද යන්න අවිනිශ්චිතය.

    ලංකාවේ දී ජයග‍්‍රහණය කරන්නේ දේශපාලනය මිස ආර්ථිකය නොවේ. රට දියුණු කිරීමට වඩා වැදගත් වන්නේ මතවාදී තලය විචක්ෂණව හැසිරවීමයි. පාක්ෂිකයන්ට නත්තල් party දැමීමෙන් පක්ෂ අභ්‍යන්තරයේ අසහනය තුරල් කළ නොහැකිය.

    දැන් පළාත් පාලන මැතිවරණ සෙල්ලම වෙනුවෙන් තාවකාලිකව අටවාගත් බැසිල්-ජී.එල්. රඟන පොහොට්ටු විගඩම නටන අතරම සෙමෙන් නමුත් ස්ථාවරව සහ ශක්තිමත්ව අපගේ ව්‍යාපාරය ගොඩනැගිය යුතු වෙමු. අධිෂ්ඨානයෙන් අභීතව අරමුණ කරා යමු.

    ReplyDelete
    Replies
    1. // සෙමෙන් නමුත් ස්ථාවරව සහ ශක්තිමත්ව අපගේ ව්‍යාපාරය ගොඩනැගිය යුතු වෙමු. අධිෂ්ඨානයෙන් අභීතව අරමුණ කරා යමු. //
      Amen!

      Delete
  14. සාරස

    කලකට පෙර තිරගත වූ ‘අස්වැසුම‘ නම් චිත්‍රපටයේ මතක හිටින දර්ශනයක් තිබිණි. රත්නපුර ප්‍රදේශයේ ගමක වූ සිද්ධි දාමයක් ඊට පදනම් විය. ඒ ගමේ ප්‍රභූවරයෙක් ලෙස සිටි දොස්තරකෙනෙක්ගේ නිවසේ නිදහස් දින සංවිධානය කරන උත්සවයක් ඒ නිවසේ ගේට්ටුවට පිටත සිට ගැමියන් පිරිසක් බලා සිටිති. ‘මොකටද මුං මේ ජවුසං නටන්නේ‘ කියා එක ගැමියෙක් අනෙකාගෙන් අසයි. අනෙකාටද ඒ ගැන අවබෝධයක් නැත. 48 ලැබුන නිදහස සාමාන්‍ය ගැමියාගෙන් කොතරම් ඈත් වීද යන්න එයින් හැගවුනි. මේ ගැන ධර්මපාලතුමාත් කලින් අනතුරු හගවා තිබිණ. යටත්විජිත පවත්වාගන යාම තවදුරටත් ලාභදායක නොවන විට බිරිතානින් කරේ කළු සුද්දන් පිරිසකට පාලනය පවරා දීමයි. මෙය එක අතකින් සෘජු යටත්විජිත තත්වයටද වඩා භයානකය. මන්ද මිනිසුන් තමන් යටත්විජිතයක වැසියන් බව නොදන්නා හෙයිනි. යටත්වැසියන් බව දන්නා විට කැරලි ගහන මිනිස්සු යටත්වැසියන් බව නොදැන්නා විට යටත්වැසිභාවය පිළිගනිති.

    ටික කලෙකින්ම සිංහලයන්ට මේ තත්වය අවබෝධ විය. ඩී.ඇස්. සේනානායක මහතාගේ යම් ජාතිකත්වයක් තිබූ නමුත් (ඇත්තටම පළමු අගමැති වීමට ජාතික බලවේග තෝරගත්තේ ඩී.බී. ජයතිලක මහතා වුවත් ඩි.ඇස්. සේනානායක මහතා කූට ලෙස ඒ අවස්ථාව ඔහුට අහිමි කරේය) ඉන් පසුව අගමැති වූ ජෝන් කොතලාවල සෘජු බටහිර ගැත්තෙකි. සංස්කෘතිකවද ඔහු සිංහලයන්ගෙන් ඉතා ඈතින් සිටියෙකි. ඔහු ගැත්තෙක් වීම ගැන ආඩම්බර වූ ගැත්තෙකි. කොටින්ම රනිල් වික්‍රමසිංහ වැන්නෙකි. එවන් පසුබිමක් යටතේ එජාපය පුපුරා ගොස් ශ්‍රිලනිපය 51දී බිහිවූ අතර එහි ජයග්‍රහණයත් සමග ජාතික නිදහස් අරලගය 56දී පණ ගැන්විනි. ඇත්තටම බණ්ඩාරණායක මහතා ඊට නායකත්වය දුන්නා නොව ඔහුව එතැනට තල්ලු කෙරිනි. මෙත්තානන්ද මහතා වැනි පිරිස නායකත්වය දැරූ ජාතික ව්‍යාපාරයට බණ්ඩාරණායක මහතා නායකත්වය දුන්නද ඔහුගේ ලිබරල් සහ වාමවාදී මුල්වලින් මිදිමට ඔහුට නොහැකි විය. ජාතික බලවේග විසින්ම පසුව ඔහුට ‘සෙවල බණ්ඩා‘ යැයි නාමයක් ගොතන ලද්දේ ඒ නිසා විය යුතුය. ඒ මොන අඩුපාඩු තිබුනද 56 අපේ නිදහස් වසරයි. සිංහල රාජ්‍ය බස වීම ගැන විස්සෝප වන ලිබරල්වාදින් සහ මාක්ස්වාදින් අධිරාජ්‍යවාදීන් යටතේ ඉංගිරිසි නොදන්න සිංහල සහ දෙමළ ජනතාව විදි පීඩාව ගැන නිහඩ වෙති (මේ ගැන යම් අදහසක් බද්දේගම වැනි නවකතාවලින්ද ගත හැකිය). ඇත්තටම යටත්විජිතවාදීන්ට සහ ඔවුන්ගේ ඒජනන්තයට වූ ප්‍රශ්නය සිංහල රාජ්‍ය බස වීම නොව ඉංගිරිසි බසට තිබූ රාජ්‍ය බස තත්වය නැති වීමය. 50-50 (මේ සිංහල 50 සහ දෙමළ 50 නොව, දෙමළ 50 සහ අන් සියල්ලන්ටම 50ය) ඉල්ලීම, චෙල්වනායගම් දෙමළ රාජ්‍ය පක්ෂය පිහිටුවීම (ඉංගිරිසි උගත් මෝඩ සිංහලයන් ඇන්දවීමට ඔහු මෙය ඉංගිරිසියෙන් ෆෙඩරල් පක්ෂය ලෙස නම් කරේය), ආදි වර්ගවාදි බෙදුම්වාදී පියවරයන් දෙමළ වර්ගවාදින් ගත්තේ ඊනියා ‘භාෂා ප්‍රශ්නය‘ නිර්මාණය වීමට බොහෝ කලකට පෙරය.

    ReplyDelete
    Replies
    1. ජාතික නිදහස් අරගලය විටින් විට වැටි වැටී නැගිටියි. 1815 යටත්විජිතයක් වූ අපි තවම පූර්ණ නිදහස ලබා නැත. අපේ තීරක ප්‍රශනය එයයි. දේශපාලන සහ ආර්ථික යටත්විජිතභාවයට අමතරව සංස්කෘතික (දැනුම්) යටත්විජිතවාදයද අපව පෙළයි. දේශපාලන සහ ආර්ථික යටත්විජිතවාදය පවත්වාගෙන යාමටද දැනුම් යටත්විජිතවාදය තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරයි. 2009දීද සිදුවූයේ ජාතික නිදහස් අරගලයේ තවත් එක් පියවරකි. ඒ බටහිර සහ ඉන්දියාවේ ආශිර්වාදයෙන් ක්‍රියාත්මක වූ දෙමළ ත්‍රස්තවාදය පරාජය කිරීමය. බටහිරයන් යුධ අධිකරණ පිහිටුවන්නේ ඒ වෙනුවෙන් අපට දඩුවම් කිරීමටය. 2015 පැරදුනේ මහින්ද රාජපක්ෂ පමණක් නොවේ. ඔහු වටා සිටි ජාතික බලවේගද පැරදුනි. එහෙත් එදා දිනුවේ නං රනිල් හෝ යූඑන්පී කාරයන් හෝ ජේවීපී කාරයන් නොවේ. 2015 ජනවාරි මස දිනුවේ අන් කිසිවකු නොව බටහිරයන් සහ ඉන්දියාව බව දැන් යහපාලනය වෙනුවෙන් කඩේ ගිය අයටද ටිකෙන් ටික තේරෙමින් පවතී. එක්ටා ගිවිසුමෙන් ලංකාවට ලැබෙන කෙංගෙඩියක් නැතත් තියෙන, ටිකත් නැති උනත් මේ ආණ්ඩුව ඒ වෙනුවෙන් වැඩ කරන්නේ ඉන්දියාවේ උවමනාවට බව නොතේරෙන කෙනෙක් සිටිය නොහැකිය. තම තමන්ගේ පාක්ෂික ගැතිභාවය නිසා නොතේරෙන බව බොරුවට හගවන අයනම් සිටිය හැකිය.

      දැන් නැවතත් 56කට අවස්ථාව පහළ වී ඇත. එදා 48 නාමික නිදහසෙන් පසු එක්සත් (වි)ජාතික පක්ෂය තුළ ජාතික බලවේග සිර කරපු ආකාරයටම අද ශ්‍රිලනිපය වටා සිටි ජාතික බලවේග මෛත්‍රිපාල විසින් එජාපයට හිර කර ඇත. මේ බලවේගවලට මතු වීමට දේශපාලන නායකත්වයක් අවශ්‍යය. මේ නායකත්වය මතු වීමට පක්ෂයක් බිහිවීම යුගයේ අවශ්‍යතාවයකි. එසේ නොමැතිව ජාතික බලවේගවලට හෝ රටට අනාගතයක් නැත. දීර්ඝකාලීනව බැලූ විට අප බෙදන පක්ෂ නම් ගෝත්‍රවාදයෙන් අප මිදිය යුතු වුවද මේ අවස්ථාවේ ජාතික බලවේගවලට විකල්පයක් නැත. මේ තත්වය ඇතිවීමට ශ්‍රිලනිපයේ ලිබරල් සහ වාමවාදී උපන්ගෙයි දෝෂයද බලපා ඇත. ඩිලාන් පේරේරා සහ එස්.බී. දිසානයක වැන්නන් ජාතික බලවේගවල ඡන්දවලින් පාර්ලිමේන්තුවට යන්නේද මෛත්‍රිපාල වැනි පැරණි වාමවාදීන් (සහ පසුව අවස්ථාවාදීන්) ශ්‍රිලනිපයේ ඉහළ තනතුරුවලට පත්වන්නේද ඒ උපන්ගෙයි දෝෂය නිසාය.

      සමගි පෙරමුණ ආණ්ඩුවේ අර්ථ ප්‍රතිපත්තිය කොමියුනිස්ට් මනෝරාජිකයන් අතට පත්වී මර්ධනකාරී හාල් පොලු වැටීමත් ඒ පිහිටෙන් නව ලිබරල්වාදී ජේආර් බලයට ඒමත් ඒ උපන්ගෙයි දෝෂයේම රෝග ලක්ෂණ වේ. ඒ දෝෂ හැර ඒ වෙනුවට ජාතිකත්වය මතම පදනම් වූ ජාතිකවාදී පක්ෂයකට සහ පුළුල් පෙරමුණකට අද ඕනෑවටත් වඩා ඉඩ ඇත. ජවිපෙ එජාප ගැති එන්ජීඕවක් වීම සහ පෙසප පොතේ ගුරු වාමවාදී පක්ෂයක් වීම තුළ ඒ ඉඩකඩ තවත් පුළුල් වී ඇත. ඒ නව පක්ෂය/පෙරමුණ පදනම් වන ජාතිකත්වය සිංහල බෞද්ධ සංස්කෘතියේ විශේෂත්වය පිළිගන්නා අන්‍ය සංස්කෘතීන්ද ආරක්ෂා වන සියලුම දෙනාට සිය වාර්ගිකත්වය සහ ආගමිකත්වය කුමක් වුවද රටේ ඕනෑම තැනක නිදහසේ ජීවත්විය හැකි, අධ්‍යාපනය ලැබිය හැකි සහ රැකියාව කිරීමට නිදහස ඇති කරවන පොදු ශක්තිමත් ශ්‍රිලාංකික ජාතිකත්වයක් විය යුතුය. පඩු අබා රජු යක්ෂ නාග ආදි ගෝත්‍රිකයන් සිංහ වාංශිකයන් යටතේ එකතු කර සිංහල ජාතිය ගොඩනැගූ ආකරයටම අද ඒ ජාතිය තවත් පුළුල් කර ඊට දෙමළ සහ මුස්ලිම් වාර්ගිකයන් එකතු කරගෙන ශ්‍රි ලාංකික ජාතියක් ගොඩනැගීම යුගයේ අවශ්‍යතාවයකි.

      56 විප්ලවය තවත් පිම්මකින් ඉදිරියට තැබීමට අවස්ථාවක් 2016 දී උදා වී ඇත. ප්‍රශ්නය මහින්ද රාජපක්ෂ ඒ අවස්ථාවට නායකත්වය දීමට ඉදිරිපත් වේද යන්නය. මේ වන විට සිය දිවි ගමනේ හැත්තෑ වන වියද පසු කර ඇති ඔහුට ඔහුගේ ජීවිත කාලයේ මුහුණ දීමට සිදුවන ඉහළම අභියෝගය එය වේ. ඒ වෙනුවෙන් ඔහුට ගෙවීමට සිදුවන වන්දිය ඔහුගේ සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ගේ නිදහස් ජීවත වේ. එමෙන්ම ඒ ක්‍රියාවලියේදී ඔහුගේ ‘පෙර වැරදි‘ හදාගන්නා අතරම පැරදුන විට පමණක් නොව දිනපු පසුද අවස්ථාවාදීන් සහ වාමවාදී/ලිබරල්වාදී කේවට්ටයන් නොව ජාතික බලවේගම වට කොට ගැනීම ඔහුගේත් රටේත් හිතසුව පිණිස හේතුවනු ඇත.

      Delete
    2. // 56 විප්ලවය තවත් පිම්මකින් ඉදිරියට තැබීමට අවස්ථාවක් 2016 දී උදා වී ඇත. ප්‍රශ්නය මහින්ද රාජපක්ෂ ඒ අවස්ථාවට නායකත්වය දීමට ඉදිරිපත් වේද යන්නය. //

      ඉදිරියටම යමු... ජාතිකවාදී බලවේග වලට නැවත් රාජ්ය බලය ලබාදෙමු!

      Delete