Wednesday, December 7, 2016

චෝදනා ස්ක්‍රිප්ට් ...........



සියලු සිරි ලන්කා බුජ්ජිමතුන් හා සෝ කෝල්ඩ් සිවිල් සමාජ ක්‍රියාකරුවන් ට අමෙරිකානු සහ ඉන්දියානු රෙදි දී (මිම්මට කපාගෙන ඇඳුම මැසීම උන්තුමාලාම කොර ගන්නා ලදී හිටන්) අටවනු ලැබූ යහපාලනේ ට තාමත් කඩේ යන සැට් එකක් ඉන්නවාය.

එයින් කොටසක් උපන්ගෙයි බාලගිරි දෝසේ හැදුනු හිටගෙන විහිලු කොරනා  මන්ද මානසිකයන් වන අතර ඉතිරිය කුලියට ලියනා හාදයන් ය.

චන්ද්යටට පෙර මොවුන් මහින්ද මහත්ත්යාටත් ඔහු ගේ ආන්ඩුවටත් නේක අපහාස සහ චෝදනා කොලහ. කුඩු, එතනෝල්, කැසිනෝ, ලැම්බගොනි කාර්, රත්තරන් අස්වයන්, ඩුබායි බැන්කු ගිනුම්, සුදු වැන් ආදී මෙකී නොකී චෝදනාවන් කොලේ දිවට කටට නොගෑවී වගේ ය. 

කරුමෙක මහත ජහපාලුවන් ට  චන්දයට පසු වසර දෙකකුත් ගෙවෙනා අද වෙද්දී ඔවුන් ගේ එකෝම එක චෝදනාවක් වත් ඔප්පුකොර ගන්නට නොහැකි විය.

ඒ වෙනුවට ජහපාලකයන් ගේ ටොප් ටෙන් වන්චා මතු වී ආවේය. මාමලා බෑඅනලා මහබැන්කුවේ බොක්ක සුද්ද කොලහ...කොකේන් හමු වෙන්නේ කොන්ටේනර් ගනනිනි! වික්‍රම වීරසූරියලා මහපල අරමුදල ගල කොලහ... තලතා දෙවී ලා රට ගොස් වැඩ කොරනා කස්ටියට ගේම දුනි... මෙවන් කතන්දර බොහෝය.




ඉතින් දැණ් ජහපාලනේට කුලියට කහිනා හාදයන් ට පෙන්වා දෙන්න පුලුවන්, එකෝම එක දෙයකි... එනම් පහුගිය ආන්ඩුවේ කාලේ වගේ මේ ආන්ඩුව රජයේ අනුග්‍රහයෙන් මිනී මරන්නේ නැත කියා ය. පරහකට තියෙන්නේ අද සිල් අරන් හිටියත් ආන්ඩුව කරන්නේ කොල කොටි, ප්‍රා සහ බටලන්ද ආදී ගාතක සේනා වල නායකත්වය දැරුවන් වීමය!

එම නිසා මිනීමරුවොන් ගෙන් සැදුනු ආන්ඩුව අද මිනී නොමරය් කියා සන්තෝසවීමට ජහපාලනේට කඩේ යන්නන් පරෙස්සම් වී තිබෙමි.


ඉහත ලියා ඇත්තේ හිටගෙන විහිලුවකට ස්ක්‍රිප්ට් එකකි. ලන්කාවේ මගුල්ගෙවල් වල සහ මලගෙවල් වල කතා පවත්වා පුරුදු එකාට මොකක් හෝ අටමගලයක් අටවා කතාවක් පැවැත්තුවේ නැතොත් සනීප නෑ වගේය.. ඒ නිසා සුද්දන් ගේ රටවලට ගියත් සින්හල සන්ගමයක් අටවා ( එම සුද්දන් ගේ රටවල තිබෙනා  ඉන්ග්‍රීසි සන්ගම් වල උන්ට තැනක් නැති පාට ය ) කන්කරච්චල් කතා පවත්වන හාදයන් ට එය පාවිච්චි කල හැකිය. ඉන් පසු අසා සිටින්නන් විසින් පිස්සන් කොටුවට තල්ලු කර යැවූ පසු එහි දී ද මේ කතාව පැවැත්විය හැකිය හිටන්!

ප:ලි:

මාමාගේ හා බෑනා ගේ බැඳුම්කොරේ අමතක නොකරමු!!





48 comments:

  1. එකම විසඳුම පොහොට්ටුවෙන් මල පැන්නීමය

    ReplyDelete
    Replies
    1. පොහොට්ටුව පිපෙන්න යනවා වගේ පෙන්නුවාම ඉතිරි ටික නිකම්ම වෙනවාය...

      Delete
    2. ඒකෙ නායකතුමාව එපාද එතකොට? අපරාදෙනෙ? එතුමා ජනාදිපති වුනොත් අපිට කොහොම ලැච්චර්ස් අහන්න පුලුවන්ද ඉඳං

      Delete
    3. සාරසෝ

      මේ පොහොට්ටු ලබ්බක් අල්ලගෙන අමු කුණුහබ්බ කියන රට හරකා මොකාද බන්? නොදකින්, කොහෙද යන පොල් බූරුවෙක්. ඔය ජී.එල්-බැරිසිලා කපල් එක පෙන්නන සෙප්පඩ විජ්ජාව සීරියස් ගත්තු අමු ගොබ්බ පොල් බූරු මෝඩ වාහෙ කෙනෙක් නේද බන් මේ රට හිවල් ඇට රිලව?

      Delete
    4. අනේ අපේ පොහොට්ටාචාර්යතුමා සීරියස් නැද්ද ඉඳං?
      එතුමා කතා කොරනකොට අපිට සීරියස්ලි නින්ද යන නිසා සීරියස් කියලා හිතුවා
      සීරියස්ලි සොරි හොඳේ

      Delete
  2. ඔයා මට හින්ට ගහනවා නේද.
    තලහම තලහයි නෝටිය.
    - සීනුවර තට්ටයා

    ReplyDelete
    Replies
    1. මට මලගෙදර කතිකයෝ පෙන්නන්න බෑ හිටන්!

      Delete
  3. සා රස තුමෝ..!! කලබල නොවී හිටහන් කෝ.. මයිත්‍රී උන්දැ මහින්ද මාමිට කාර්පට් දාල ඉවරයි. හෙට අනිද්දම එනව..

    ReplyDelete
    Replies
    1. ඔහෙටයි මටයි හිටගෙන කොමිට් කෑලි දාන්න තමයි සිජ්ජ වෙන්නෙ හිටන්!

      Delete
    2. ///ඔහෙටයි මටයි හිටගෙන කොමිට් කෑලි දාන්න තමයි සිජ්ජ වෙන්නෙ හිටන්!///
      ඒ කියන්නේ සෙජ්ජ ගැලවෙයිද... :(

      Delete
    3. // ඒ කියන්නේ සෙජ්ජ ගැලවෙයිද... :( //

      සෙජ්ජ නම් ගැලවුනත් කමක් නැහැ කැප් එක බේරිලා හිටන්!

      Delete
  4. /*ඉතින් දැණ් ජහපාලනේට කුලියට කහිනා හාදයන් ට පෙන්වා දෙන්න පුලුවන්, එකෝම එක දෙයකි... එනම් පහුගිය ආන්ඩුවේ කාලේ වගේ මේ ආන්ඩුව රජයේ අනුග්‍රහයෙන් මිනී මරන්නේ නැත කියා ය. */

    ඕං ඒ ආතල් එකටත් කෙලවලා..

    http://nethnews.lk/article/29308

    ReplyDelete
  5. ලිච්ජවී රාජ්‍යය හා සප්ත අපරිහානියධර්ම පසුගිය මැතිවරණ සමයේදී නැවත කරලියට ආවේය. එය දේශපාලන වේදිකාව වර්ණවත් කරවූ තවත් එක් වෙළද දැන්විමක් විය හැකි වුවත් ලිච්ජවී රාජ්‍යය හා එහි ඉරණම පිළිබඳව කතිකාවතක් නැවත ගොඩනැගීමට මේ සුදුසු කාලයයි සිතේ. ඉතිහාසය නැවත නැවත සිද්ධ වන බවට යම් සේයාවන් පසුගිය ශතක කීපය අධ්‍යනය කිරීම තුලින් ඉගැනීමට අපට හැකිවිය. ඉතිහාසය වර්තමානයේ සැරිසරන්නට පටන් ගෙන ඇත. එක් අතකින් ගෝත්‍රික අදහස් මුලිනුපුටා දමා ජනතා හදවත් ලෝකයට විවෘත කල යුතු යැයි යෝජනා කරන පාර්ශවයම අනෙක් අතට ගෝත්‍රික පාලන තන්ත්‍රයක් ගෙන එන බවට අදහස් පල කරයි. ඒ අනුව මේ යොජනාව පැහැදිලි අවබෝධයකින් නොකල එකක් බව පැහැදිලිය. එහෙත් හොදට හෝ නරකට හෝ දැනුවත්ව හෝ නොදැනුවත්ව ලිච්ජවීන් නැවත කරලියට පැමිණ තිබේ. එය අපව නැවත ඉතිහාසයට රැගෙන යන අතර ලිච්ඡවීන්ගේ ආගමනයත් සමගම ඔවුන්ගේ විනාශයේ කාරණාත් එය සිද්ධ වූ ආකාරයත් අප රටේ වර්තමාන දේශපාලන තත්වය සමග සන්සන්දනය කිරිමටද ආරාධනා කරයි. ඒ සමගම අප ඉදිරියේ ප්‍රශ්නයක්ද ඉතිරි කරයි.

    සැබෑවටම කූට උපක්‍රම තුලින් ලිච්ඡවී සමූල ඝාතනය කලා නොවේද? එසේනම් අපේ ඉරණමද එබඳුම වේද? ලිච්ඡවීන් යනු ගෝත්‍ර කීපයක් එක් වී සෑදුනු සංයුක්ත රාජ්‍යයක එක් ගෝත්‍රයකි. මෙවන් රාජ්‍යයන්හි දේශපාලන ක්‍රමය රාජාන්ඩු දේශපාලන ක්‍රමයට වඩා වෙනස් විය. ගණරාජ හෙවත් සමූහයක් විසින් පාලනය කල රටවල් මෙවන් රාජ්‍යයන්ට උදාහරණ විය. විශෙෂයෙන් රජකු රහිත පාලන තන්ත්‍රයක් මේවායෙහි තිබීම මේවා රාජාන්ඩු පාලන තන්ත්‍රවලින් වෙනස් වීමට හේතු විය. වජ්ජීන් යනු ලිච්ඡවී ගෝත්‍රය ඇතුලු වූ සමූහපාලන රාජ්‍යයකි. විශේෂයෙන් වජ්ජී පාලනය තුල පවුලේ වගකීම මහත් ගෞරවයක් සේ සලකයි. එමෙන්ම සදාචාරය තීරණය කරන ලක්ෂණයද පවුල විය. මෙහි ස්භාවය සාපේක්ෂ වශයෙන් සරලය. ප්‍රධානතම ජන කොට්ටාශය ක්ෂ්ත්‍රිය ජනගහනයයි. වජ්ජි සභාවේ සභාපති ගණරාජ යනුවෙන් හැදින්වේ. ඒකාධිපති බලතල නොදැරූ ඔහු සමානයන් අතර ප්‍රධානියා ලෙස සැලකිණ. මෙලෙස බුදුන් දවස සංවිධානය වී තිබූ ප්‍රධානතම ගෝත්‍රික සමූහය ලෙස වජ්ජීන් හඳුනාගත හැකිය.

    ReplyDelete
    Replies
    1. කෙසේ වුවද වජ්ජීන් රාජාණ්ඩු ක්‍රමයට දරුණු ලෙස විරෝධය දැක්වූ අතර තම සම්ප්‍රදායන් ආරක්ෂා කරගැනීමට ප්‍රබල උත්සහයක් දැරූහ. සාමූහිකවාදී බව හා ප්‍රජාතන්ත්‍රවාදී බව මොවුන්ගේ රදා පැවැත්මේ ප්‍රධාන සාධකය විය.දේශපාලන බලය පරම්පරාවෙන් උරුම වූ පවුල් රාජකීයයන් ලෙස හැදින්වූ අතර සෘජු නිශ්පාදනයට ඔවුන් දායක වූ බවක් නොපෙනේ. ඔවුන් කෘෂිකාර්මික හා පරිපාලනය අධීක්ෂණය කරන්නට ඇත. කෙසේ වුවද එක්සත් බව හා පරම ප්‍රජාතන්ත්‍රවාදී බව නිසාම මෙම ගෝත්‍රයන් වැනසීමට නොහැකි වූවා මෙන්ම ඔවුන්ගේ ශක්තිය රැදී පැවතුනේ ඔවුන්ගේ එක්සත් බව තුලය.

      තම ගෝත්‍රයට වංශයට සේවයක් සිදුකල මුතුන් මිත්තන්ගේ අස්ථි, දිය බුබුලක හැඩයෙන් යුතුවූ පස්කඳු හෝ ගල්කඳු වලින් ස්තූප තනා ඒවායෙහි නිදන් කරවා මුතුන් මිත්තන් වනදනාමාන කිරිම මෙම ගෝත්‍රිකයින්ගේ ප්‍රධාන සංස්කෘතිකමය ලක්ෂණය වූවේය. මෙම චෛත්‍යය වන්දනාවෙන් ප්‍රකාශිත වූයේද සාමුහික එකමුතුවයි. එසේම තම වංශයට සලකුණ වූ වෘක්ෂයකට වන්දනාමාන කිරීමයද ආවේණික ලක්ෂණයක් විය. වජ්ජින්ගේ අගනුවර වූ වේසාලියේ අලංකාර චෛත්‍යය වූ බවද බුදුන් වහන්සේ මේ සන්සුන් නිහඩ නිසසල වට කෙරැනූ ස්ථානවලට මහත් සේ ඇලුම් කළ බවද ඉතිහාසයේ සඳහන්ය. පහුගිය දිනවල දේශපාලන වේදිකා තුල අලුතින් බිහිකිරීමට කතිකා කළ රාජ්‍යය මෙබඳු වේ. ඉතිහාසයේ කවර හෝ සථානයක ඉදිව තිබූ මේ රාජ්‍යයේ සංස්කෘතීක ස්භාවය අප රටට නුහුරු නොවන බව පැහැදිලිය. අද මෙන්ම එදවසද රාජාණ්ඩු මේ ගෝත්‍රිකයන් යටත්කර ගැනිමට මාන බැලූහ. ඒ එවායෙහි වූ මානව සම්පත හා ස්වාභාවික සම්පත කොල්ල කෑමටය. රාජාණ්ඩු වල දෘෂ්ටිවාදින් හෙවත් අදහස් මවා පතුරුවන්නන් හරහා ප්‍රකාශයට පත්වන්නේ රාජාණ්ඩු පාලකයන් තුල මෙම ගෝත්‍ර කෙරෙහි පැවති ලෝභය හා වෛරයයි. රාජාණ්ඩු වල බ්‍රාහ්මණිකයන් මෙම ගොත්‍රයන්හි විවාහ චාරිත්‍ර හා සම්ප්‍රදායන්ටද ඔවුන්ගේ සංස්කෘතියටද ගර්හා කළහ.

      ලිච්ඡවී රාජ්‍යය සමග බැඳි පවත්නා අනෙක් ප්‍රසිද්ධ කාරණය ලිචඡවීන්ගේ සමූල ඝාතනයයි. ලිච්ඡවී රාජ්‍යය ඇති කිරීමට අදහස් කරන ඇත්තන් එයින් පසු එහි විනාශයට මුහුණ දීමටද සූදානම් විය යුතුය අදවන විට එම විනාශයේ පෙරනිමිති තැනින් තැන අපට දක්කනට ලැබේ . එදවස ලිච්ඡවීන් මුලිනුපුටා දැමීමට රාජාණ්ඩු බාවිතා කල උපක්‍රමයන්, පසුකාලීනව ලියැවුණු කෞටිල්‍ය හෙවත් චානක්‍යය නම් කූටඤානයෙන් යුතු බ්‍රාහ්මණයාගේ කෞටිලයගේ අර්ථශාස්ත්‍රය නම් කෘතියෙහිද අන්තර්ගතය. අද දවසේ ක්‍රියාත්මක වන කූට උපායන්ද කෞටිල්‍යයගේ අර්ථ ශාස්ත්‍රයෙන් මිරිකා ගත් ඒවා හැරෙන්ට ලොවට අලුතින් බිහිවූ ඒවා නොවේ. කෞටිලය පෙර රාජාණ්ඩු වල පැවති උපායන් තම ග්‍රන්ථයට ඇතුලත් කිරීමයට උත්සක වුවායැයි සිතිමට හැකිය. අර්ථශාස්ත්‍රය වූ කලී කපටි රාජ්‍යෝපාය ගැබ් වූ කෘතියකි. එසේම කෞටිල්‍යය යනු දැවැන්ත දෘෂ්ටිවාදියෙකි. නන්ද නම් පාලක පුරපුර සමූලඝාතනය කෙරුණේ මොහුගේ කූටෝපාය බලයෙනි. මෙකී කූටෝපායන් බුදුන් දවසත් ඊට ශතවර්ෂ ගනනාවක පෙර සිටත් වර්තමානය වූ අදත් රාජාණ්ඩු වල පැවත ආ ඒවා බව පෙනේ. කෞටිලයගේ අර්ථශාස්ත්‍රයෙන් උපුටාගත් එවන් කූටෝපායන් කීපයක් පහත දැක්වේ.

      Delete
    2. - චරපුරුෂයන් ගෝත්‍රතුලට වැදි එහි අභ්‍යන්තර ගැටුම් ඇවිලවීමේ හැකියාව ගෙන දෙන ඊර්ෂයාව, ද්වේශය හා වෙනත් දෑ සොයා මනා සැලසුමකින් යුතුව ඔවුන් අතර ගැටුම් ඇති කල හැකි විෂබීජ වපල යුතුය.

      - ආචාර්යවරුන් සේ වෙස්වලාගෙන ඔවුන් ගෝත්‍රයේ ප්‍රධානයන් කලකොලාහලවල පැටලිය යුතුය.

      - චෛත්‍යයන්ට හා පූජ්‍යස්ථාන වලට ඇතුලු වන දොරටුවල රන්භාන්ඩ හා රත්රන් තබාගෝත්‍රයේ ප්‍රධානීන් තුල ලෝබලිය ලියලවිය යුතුය.

      - පිස්සු වට්ටන රූසපුවෙන් හා තාරුණයෙන් යුත් ගණිකාවක් හෝ නර්තන ලියන් පෙන්වා ප්‍රභූන් කාමයෙන් මත්කොට මුලා කල යුතුය.

      - ගනිකාවක් විසින් ගෝත්‍ර ප්‍රධානෙයෙකු තමා පැහැර ගැනීමට පොලබවා විනෝද උයනක් අසල තියුණු ආයුදයකින් පහර දී හෝ වස දී හෝ තමා පැහැර ගෙන ගිය එකා මරා දැමිය යුතුය. ඊට පසු “අර අනිකා මගේ ආදරවන්තයා මැරුවා !‍” යැයි කියමින් ඇය කෑගැසිය යුතුය.

      - තවුසකු ලෙස වෙස් වලා ගත් චරපුරුෂයෙකු රාත්‍රි කාලයෙහි යට කී ලෙස කාමයෙන් මුසපත් කරන ලද ගෝත්‍රික නායකයෙකුට ස්ත්‍රින් වසඟ කිරීමේ බලය ඇතැයි කියා වස මිශ්‍ර කල ආලේපන දිය යුතුය. එවිට ඔහු මැරී යනු ඇත. එහි යොදවන ලද වෙනත් චරපුරුෂයන් එය තරගකාරී නායකයෙකු කල දෙයකයැයි ප්‍රචාරය කල යුතුය.

      - නක්ෂත්‍රයන් හා අන්‍යයන් ලෙස වෙස්වලාගත් ඔත්තුකරුවන් රාජකුමාරයාගේ කේන්ද්‍රයේ ගැබ්වන රාජයෝග හා වෙනත් රාජලක්ෂණ ප්‍රචාරය කලයුතුය. එනයින් ගෝත්‍රයේ අවංක නායකයින් ඒ හෝ මේ රජුගේ පුත්කුමරු යටතට මෙහෙයවිය යුතුය. මෙසේ නම්මවා ගැනෙන නායකයන් වෙත රජු ගවයන්, සේවකයන් හා වෙනත් ද්‍රව්‍ය තෑගි කොට යැවිය යුතුය. මේ අයුරින් ඔවුන් දිනාගත යුතුය.( බුද්ධ චරිතය- මහාචාර්‍ය සුචරිත ගම්ලත්)

      Delete
    3. ගෝත්‍ර වැනසීමට යෙදිය යුතු මෙවැනි කූටෝපායන් කෞටිලයගේ අර්ථශාස්ත්‍රයේ පිටු ගනනින් පිරී ඇත. මේවා බොහෝමයක් වජ්ජීන් විනාශ කිරිමට අජාසත්හූ යොදාගත් උපායන් වලට සමානය. අජාසත්තගේ ක්‍රියාදාමයන් වලින් පිරුණු එම ඉතිහාස කතාව අපට කියාදෙන පාඩම් රාශියකි. අජාසත්හු ඔහුගේ ප්‍රධාන මහාමාත්‍ය වූ වස්සකාර බමුණා දක්ෂ ලෙස මේ කාර්යට යොමු කළේය.
      වජ්ජීන්ට යහපත සලසන පරම්පරා ගණනාවක සිට ඔවුන් රැකගෙන ආ ධර්මතාවයන් ගැන බුදුන් වහන්සේ ප්‍රසංශා මුඛයෙන් දේශනා කළ බව බුද්ධදේශනා වල සඳහන්ය. මේ පිළිබඳව ආනන්ද හිමියන් සමග සාකච්ඡා කළ උන් වහන්සේ වජ්ජීන්ගේ පිරිහිම වලක්වන මෙම ධර්මයන් ඔවුන්ගේ ශක්තියේ උල්පත බවද දේශනා කළහ. මෙම ධර්මයන් සුරකිනතාක් වජ්ජීන් විනාශ කල නොහැකි බව උන්වහන්සේ දේශනා කළහ. එනයින් බලන කල වජ්ජීන්ගේ ප්‍රබල එකමුතුකම සහයෝගීත්වය හා ඒකීයත්වය නොබිඳ ඔවුන් පරාජය කළ නොහැකි බව වස්සකාර බමුණා මෙන්ම අජාසත්හූද අවබෝධ කරගත්හ. මිල්ටරි ආක්‍රමණයකින් වජ්ජීන් පරාජය කළ නොහැකි බව අවබෝධ කරගත් ඔවුහු වජ්ජීන්ට එරෙහිව එක්වරම යුද්ධ නොකිරීමට තීරණය කළේය. යුදබලයෙන් වජ්ජීන් යටපත් කිරීමට හැකියාව තමන්ට නැතැයි අවබෝධකරගත් අජාසත්හූ ඉවසිලිවන්ත වූහ. කල්යල් බැලූහ. සැලසුම් සකස් කළහ. පළමුව වජ්ජීන් අතර භේද වැපරවීමට අණගුණ නැති වස්සකාර බමුණා සරනාගාත වේශයෙන් වජ්ජී දේශය බලා පිටත්කර හැරීය. වස්සකාර බමුණා අජාසතුන්ගේ ආක්‍රමණයට පසුබිම සකසමින් වජ්ජි දේශයේ තුන් වසරක් කල්ගෙවූහ. ඒ තෙවසර අවසානයේදී අජාසත්හු වජ්ජීන්ගේ අගනුවර වූ වේසාලියේ වාඩිලාගත්හ. ඔවුන්ට විරෝධය දැක්වීමට වජ්ජීන්ට හැකියාවක් හෝ වුවමනාවක් තිබූ බවක් නොපෙනුණි. ඒ සඳහා ශක්තියක්ද නොවීය. වස්සකාර බමූණා මනාලෙස තම කාරයය ඉටු කොට තිබුණි. කෙසේ වුවද භගවතීසූත්‍රෙය් පවසන අන්දමටය වජ්ජීන් ඉතා ලෙහෙසියෙන් යටත් කර ගැනීමට අජාසත්හූට හැකි වුයේ නැත. දරුණු සටන් දෙකක් ඇවිලී ගියේය. රථමූසල සටන හා මහාසිලාකාන්ත සටන ලෙස එම සටන් හඳුනවනු ලැබීය. වජ්ජීන්ද අවසන් බිදුව දක්නා සටන් කල බව කියැවේ. මේ සටනේදි අජාසතුන්ට දිව්‍ය සහයෝගය හා ආයුධ ලැබුණු බවට ජෛන මූලාශ්‍ර පවසයි.

      කෙසේ වුවද ලිච්ජවීන් පරාජය වූයේ දිව්‍යමය සහයෝගයෙන් නොවන බව තවත් ජෛන කතුවරයෙකුම සඳහන් කරයි. අජාසත්හූ රූමත් ගනිකාවක ඔත්තු සේවාවේ යොදවා තිබුණි. ලිච්ඡවීන් අතර සිටි දුර්වල කුලවාලය නම් තාපසයා ගණිකාවට රැවටී ලිච්ඡවීන් පාවා දුන්නේය. නගරය රැකගැනීමට තමාදුන් දිවුරුම බිඳ වේසාලිය සතුරාට පාවා දීමට වෙසඟන විසින් ඔහු පොළඔවන ලදී. ඔහු තම ජනතාවට ද්‍රෝහී විය. ඒ අතරතුර වස්සකාර බුමුණා පසුකලක කෞටිල්‍ය කියූ අකාරයට වජ්ජීන් විනාශ කිරීමට අවශ්‍ය උපක්‍රම යෙදූවේය. ඔවුනොවුන් කෙටවූවේය. ඔවුනොවුන් කෙරෙහි ඊර්ෂයාව ඇති කළේය. සියල්ලන් එකිනෙකා කෙරෙහි ද්වේශයෙන් බලන්නට වූහ. තම ගෝත්‍රය රැකගැනීමට ඇති අවශ්‍යතාවය නැති විය. අනතුරුව මහල්ලන් දරුවන් ස්ත්‍රීන් ඇතුලු වජ්ජීන් සමූල ඝාතනය විය.

      Delete
    4. එසේ ඝාතනය කිරීමෙන් අනතුරුව ගෝත්‍රිකයින්ට නැවත නැගී සිටීමට ඉඩ නොදීම සඳහා අවශ්‍ය ක්‍රියා මාර්ගයන්ද ඔහු යෝජනා කරයි

      1. මෙම ගෝත්‍රික ජනයාගේ සාමුහිකත්වය කන්ඩායම් හැගීම බිඳ දැමීමෙන් පසුව කිසිවිටෙකත් ඔවුන්ට නැවත එක් ව එකට සාමූහිකව ජීවත් වීමට ඉඩනොදිය යුතුය. එසේ වුවහොත් ඔවුන් නැවත ගෝත්‍රික සහයෝගීතාවයට ආකර්ෂණය වනු ඇත. එසේ වුව හොත් ඔවුන් යලිත් තම අහෝසී වූ නිදහස වෙනුවෙන් සටන් කරනු ඇත.

      2. ඒ සඳහා ඔවුන් කුඩා කණ්ඩායම් වලට කඩා හුදකලා ගම් ලෙස වෙන වෙනම පදිංචි කල යුතුය. කිසිවිටෙකත් ඔවුන්ගේ කණ්ඩායම් අතර සම්බන්ධයක් ඇති වීමට ඉඩ නොදිය යුතුය. ඔවුනොවුන් අතර සම්බන්ධයක් ඇති වීමට ඇති සෑම හැකියාවක්ම නැතිකර දැමිය යුතුය.

      (බුද්ධචරිතය-මහාචාර්‍ය සුචරිත ගම්ලත්)

      වැරදීමකින් හෝ ලිච්ඡවී කතාව නැවත කරලියට පැමිණ තිබීම දෛවෝපගත සිදුවීමකි. ලිච්ඡවීන්ට අදාල සියලු සිදුවීම් පහුගිය කාලයේදීත් අදත් අප රටේදි අපේ ඇස්පනාපිටම සිදුවේ. අජාසත්හූ ඉවසිලිවන්තව බලා සිටිති. ඒ අතරතුර වස්සකාර බමුණා තම කාර්‍යය මැනවින් ඉටු කරයි. එක් වස්සකාර බමුණෙක් නොව මේ කාර්යයේදි වස්සකාර බමුණන් බොහෝ බිහිවූහ. සිංහලයාගේ ජාතිය හා දේශය පිළිබඳ හැගීම දියකර දැමූහ. ඒ වෙනුවට ජාතිය සුරකිනු ලැබූවුන් පිළබඳ ඊර්ෂයාව ද්වේශය හිත් වලට කාවැද්දවීය. ජාතික නායකයින් පිළිබඳව බොරු චෝදනා නගා ඒවාට මහත් ප්‍රසිද්ධියක් ලබා දුන්හ. මෙවර වස්සකාර බමුණාට චරපුරුෂයින් පිටතින් ගෙන එන්නට සිදුවූයේ නැත. ගෝත්‍රයෙන්ම ඕනෑ තරම් චරපුරුෂයෝ සොයා ගන්නට හැකිවිය. විශේෂයෙන් ගෝත්‍රෙය් නමක් දිනා සිටි නායකයින් චරපුරුෂයන් බවට පත්කරන්නට වස්සකාරට වැඩි දවසක් ගත වුනේ නැත. දිර්ඝ කාලයක සිට අප රටට විත් පැළපදියම් වී සිටි වස්සකාර බමුණාට තම ගෝත්‍රයට ගර්හා කරන ගෝත්‍රිකයන් බිහිකර ගැනීම අපහසු නොවීය. ඔවුහු තම ගෝත්‍රය සුරකින උන් මිලේජ්ජයන් ලෙස හැදින්වූහ. ගෝත්‍රය විනාශ කිරිමේ අරමුණින් ගොත්‍රිකයෝම පෙළ ගැසී සිටිති. ගෝත්‍රය විසින් පුදනු ලැබූ පූජ්‍යයන් මෙහිදී ප්‍රමුඛත්වය ගත්තෝය. වස්සකාර බමුණා අති සාර්ථක ලෙස පූජ්‍යයන් යොදාගෙන ගෝත්‍රයට අවලාද නැගීය. අපි ලෝකය එක් යායක් කරමු. පූජ්‍යයෝ තම උපාසක උපාසිකාවන්ට දේශනා කරණු ලැබීය. තම ගෝත්‍රික සම්ප්‍රදායන් ආරක්ෂා කිරිම හෝ ඒ ගැන කතා කිරීම ගෝත්‍රය තුලම වරදක් බවට පත්වන තත්වයක් උදාවි ඇත. කෞටිලයගේ සියලු න්‍යායන් කරලියට පැමිණියේය. සප්ත අපරිහානියධර්ම පිරිහි ගියේය. ගෝත්‍රය සුරකීමට කිසිවෙකුටත් තවදුරටත් අවශ්‍ය නොවේ. මේ අතරතුර වෙසඟනද පැමිණියාය. ඇය විසින් කුලවාලය රවටා ගත්තීය. කුලවාලය ජාතිය පාවා දුන්නේය. වේසාලියේ සියලු බලකොටු ඉවත් කෙරිණ. වේසාලිය වටකොට සියලු ආක්‍රමණිකයෝ පෙළ ගැසී සිටිති. ලිච්ඡවීන්ට තව දුරටත් එය ප්‍රශ්නයක් නොවේ. තම ගෝත්‍රය හෝ තම මුතුන්මිත්තන්ගේ අස්ථි තැන්පත් කළ චෛත්‍යෙයෝ සුරකීම තවදුරටත් අවශ්‍ය නැත.

      බොහෝ දේ සිදුවී ඇත. අජාසත්ත තවදුරටත් බලා ඉඳී. ඒ වෙලාව එනතුරුය. වස්සකාර තම කාර්‍යයහි අවසාන කොටසට ලගා වෙමින් සිටි. ඉතිහාසයේ සිටි වස්සකාර පරයා යමින් නූතන වස්සකාර අළුත් පරිච්චේදයක් ආරම්භ කොට ඇත. වජ්ජී රාජ්‍යයේ සියලු ගෝත්‍රිකයන් අතර තිබුණාවූ අන්‍යයෝන්‍ය බැදීම බිඳ දමා ගෝත්‍රික එකමුතුව විනාශ කොට ඇත. උනුඋනුන් කෙරෙහි වෛරයද බෙඳීමද ඇති කර අවසන්ය. ඒ වෙනුවට ලෝකය එක් යායක් කරන්නට ඔවුන් කැඳවාගෙන යන්නට වස්සකාර අලුතින් යෝජනා කර ඇත. ඒ එක්යාය තුල තමන්ගේ අන්‍යතාවය අහිමිව යන බව ගෝත්‍රිකයන්ට නොදැනේ. අජාසත්හූ සීරුවෙනි. වජ්ජි රාජ්‍යයයේ සියලු ගෝත්‍රිකයන් තම අවසාන කාලපරිච්ඡේදය ගත කරමින් සිටි. එහෙත් ඔවුන්ට එය දැනෙනුයේ තමන් අලුත් ලොවක් කරා යන බවකි. සත්‍යය ඇත්තේ ඉදිරියෙනි. ඒ ලිච්ඡවීන්ගේ සමූල ඝාතනයයි. ලිච්ඡවීන්ගේ කතාව කරලියට ආවේ නිකන්ම නොවන බව දැන් පැහැදිලිය.

      අවිඥානකව හෝ අධිරාජ්‍යවාදීන් විසින් මෙහෙයවන්නන් විසින්ම ලිච්ඡවි කතාව එක්වරම අපට මතක් කර දුන්නේය. ඒ ලිච්ඡවීන්ට අනතුරු ඇගවීමටද? එසේත් නැත්නම් ඉතිරිය සම්පූර්ණ කිරිමටද?.කෙසේ වුවද තමන් වජ්ජීන් සමූල ඝාතනය කළ බවට අජාසත්හූ උදම් ඇනූවද ඊට අවුරුදු 800 පමණ පසුව ලිච්ඡවීන් නැවත නැගී සිටියහ(ඒ එල් බෂාම්). ඒ තම ගෝත්‍රයේ අතීතයේ බොහෝ ලක්ෂණ ජාන තුලම රඳවා සඟවාගෙන සුරකිනු ලබන හෙයිනි. බුදුන්ගේ මව්පාර්ශවය හා පියපාර්ශවය වූ කෝසලයෝ හා ශාක්‍යයෝ ලෝකයෙන් සදහටම තුරන් කර දැමූවද බුදුන් පිළිබඳ මතකයන් මකා දමන්නට කිසිවෙකුට හැකි වී නැත්තාක් මෙනි.

      Delete
    5. සබැඳි ඇනෝ උතුමනි,
      ඔබ මගේ බ්ලොගයට පැමින ලියූ දෑ වනාහී මගේ සමාජ ජාලා පරිශීලන ඉතිහාසයේ මා අත්දුටු මහානර්ගම සිදුවීම වන්නේය!

      එය කියවීමෙන් මා බොහෝ දෑ ඉගෙනීමි!

      පැටි තාවකාලික දේසකයෙකුව සිටි කල ජේශ්ට පොදු කාමරයේ කොනකට වී හිඳ තම තම ශාශ්ත්‍ර වල කෙල පැමිනි මහැදුරන් ගේ සල්ලාප සහ සඟ්වාද අසා සිටි කාලය මතක් විය....

      නැවත නැවතත් ඔබතුමා මෙහි පැමින මෙවන් අමිල ආලෝචන සනිටුහන් කරතැයි මා බලාපොරොත්තු වෙමි!

      ඔබතුමාට මගේ හද පිරි ස්තූතිය පුද කරමි!

      Delete
  6. අම්මෝ.. ඇනොලට වැඩ ඇත්තෙම නෑ වගේ.. උඩ වල දිග..අ..අ.... ඒක නෙවෙයි.. හිටගෙන නැතුව ජනේලක එල්ලිලා කියන්න විහිලු කතාවක් ලියල දෙන්න බැරිද? හැක්..

    ReplyDelete
    Replies
    1. ඇනො තුමා ගේ ආලෝචනය කොපමන වටිනවාද කමී තුමෝ?

      Delete
  7. හූ ..... හූ.... ඒ උනාට ලිත් ගහලා මාට්ටුනේ... ඇයි එතකොට යකඩ බට. සිල් රෙදි....?

    ReplyDelete
    Replies
    1. මෙන්න හිටගෙන විහිලු කරනෝ!

      Delete
    2. //හූ ..... හූ.... ඒ උනාට ලිත් ගහලා මාට්ටුනේ... ඇයි එතකොට යකඩ බට. සිල් රෙදි....?//
      ආප්පයගේ මූනයි උරුලෑවගෙ මූනයි දාල 2016 සමුර්දි අමාත්‍යාංශයෙක් ගහපු ලිතක් අපේ ගෙදර තියෙනවා. එතකොට ආප්ප මූන මාට්ටු උනේ නැත්තේ කොහොමෙයි ?

      Delete
  8. ටෙන් පර්සෙන්ට් සහ ටොප් ටෙන් දෙකම අමතක නොකරමු...

    ReplyDelete
    Replies
    1. දැන් ටෙන් පසෙන්ට් මලික් සමරවික්‍රම හිටන්!

      Delete
    2. "ටෙන් පර්සෙන්ට්" මොන කජ්ජක්ද බං, දැන් ඉන්න ලොක්ක ඕස්ට්‍රේලියවෙන් කොමිස් අරන් තිබ්බෙ බන්ට් එකක් හදන්නේ නැතුවමනෙ. එතකොට "හන්ඩ්‍රඩ් පර්සෙන්ට්"
      ඕක මෙහේ පත්තර වල ගිය දවස්වල සීනුවර තට්ටයා අමුඩේ රෙවුනා වගෙ හිටියේ

      Delete
  9. සාරස මහත්මයා,

    මුලදී ඔබගේ බ්ලොගය එතරම් සීරියස් නොමැති විහිළු බ්ලොගයක් ලෙස කියවීමි. නමුත් දැන් දැන් එය ක්‍රම ක්‍රමයෙන් සීරියස් වීගෙන යයි. (විශේෂයෙන්ම කමෙන්ට්). හැකිනම් මෙවැනි වටිනා කරුණු සරල සුගම මෙන්ම විනෝදජනක ලෙසින් (හරියට වයි. පෙරෙල්මාන් ගේ ගණිත විනෝදය වගේ) ලියන්න පුලුවන් නම් ගොඩක් පින්.

    පෙරෙල්මාන්ලාගේ සිට මර්කූෂා දක්වා සෝවියට් ගණිත විද්‍යා පොත්වලට ගිජුව සිටි පාසලේදී තරමක දඩබ්බරයකු වූ මා සාහිත්‍ය දෙසට උනන්දු කරවන්නේ මටම ගැලපුන "මඩොල් දූව" නවකතාවෙන්. මම නවකතා කියවන්න පටන් ගත්තේ අවුරුදු 07 -08 කාලයේ පටන් වුණත් වයස අවු. 12-13 පමණ වනවිට වඩාත් උසස් නවකතා දෙසටත් යොමු වුණා. විදෙස් නවකතාවලින්මම මුලින්ම කියවන්නේ රුසියානු බසින් සිංහලයට පරිවර්තනය වුණු 'වානේ පන්නරය ලැබූ හැටි' පොත. ඒ එක්‌කම චිංගීස් අයිත්මාතව් ගේ "ගුරු ගීතය", මක්‌සිම් ගෝර්කිගේ 'අම්මා', 'මගේ සරසවිය', 'ළමාවිය', 'ඇනා කැරනිනා' 'යුද්ධය හා සමය' වගේ පොත් මම කියවනවා. ඒත් මේ අතරේ සිංහලේ මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ මහතා ගේ 'ගම්පෙරලිය', 'කලියුගය', 'යුගාන්තය' මගේ නවකතාවට විශ්වවිද්‍යාලයක්‌ බවට පත්වෙනවා. විරාගයේ අරවින්ද ඒ විශ්වවිද්‍යාලයේ 'ආචාර්ය' කෙනෙක්‌ වෙනවා. අදටත් පියල් සහ නන්දා මගේ ජීවිතයේ ප්‍රියතමයින්. ඔවුන් තමයි ඒ විශ්වවිද්‍යාලයේ හිටිය හොදම ශිෂ්‍යයන්.

    අ.පො.ස සාමාන්‍ය පෙළ අවසන්ව ප්‍රතිපල පැමිණෙන තුරු මම කළේ ළඟම පිහිටි මහජන පුස්‌තකාලයේ තිබූ පොත් සියල්ල කියවූ එක. ඒ කියවීමට අමතරව ඒ පොත්වලට පොඩි විචාරයක්‌ ලියන්නත් ඒ කාලයේදී මම උත්සාහ කළා. ඒවා තාමත් මා ළඟ තියෙනවා. 'අවරගිර', 'පාලම යට' වගේම කරුණාසේන ජලයත් මහත්තයාගේ පොත් සියල්ලත් මම ඒ මාස කීපයේදී කියෙව්වා.

    මම උසස්‌පෙළට හැදෑරුවේ සංයුක්ත ගණිතය. ඒ කාලයේදී අමතර පන්ති සඳහා නුගේගොඩට පැමිණි හැමවිටම මම සරසවි පොත්හලේ පොත් අතගාමින් පැය ගණන් ගතකළා. උසස්‌පෙළ අවසන්ව විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබද්දි මම වැඩිපුර කියවුයේ ඉංග්‍රීසියෙන් ලියැවුණු ඉන්දියානු පොතපත. විශේෂයෙන් බෙංගාලි බසින් ඉංග්‍රීසියට/ සිංහලයට පරිවර්තනය වුණු පොත්. ඒ වගේම පසුකාලීනව ග්‍රීක සාහිත්‍ය මෙන්ම ලතින් ඇමරිකන් කෘති පැත්තටත් යොමු වෙන්නත් හැකිවුණා. කොහොම වුනත් ලෝකේ වටේම කරක්‌ ගහල මම ආයිමත් නැවතුනේ සිංහල සාහිත්‍යය ලඟ.

    මම නවකතාව හදාරලා නැහැ. කියෙව්වා රසවින්දා විතරයි. ඒත් ඒ හැම කියවීමකින්ම කුමක්‌ හෝ යමක්‌ මගේ මනසේ තැන්පත් වුණු බව නම් තේරුණා. අත්දැකීම් බහුල පරිණත වෘත්තිකයකු වන ඔබගේ බ්ලොගය තුලිනුත් අප වැනි ළපටි පාඨකයන්ට කියවන්නට රසවත් යමක් දියහැකි නම් හරිම අගෙයි. ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. ඇනෝ තුමෝ,
      මා ඔබ ලියූ මේ ආලෝචනයත් රසවත් නවකතාවක චේදයක් ලෙස රසවින්දා.... ඉන්දියානු නවකතා ගැන මගේත් තියෙන්නේ ඉතාම පහන් හැඟීමක්. උපමාන්යු චැටර්ජී (ඉන්ග්ලිශ් ඕගස්ට්), කුශ්වන්ට් සින්ග්, ආර් කේ නාරායන්, විකර්ම් සෙත්, හාබනී බට්ටාචාර්ය, සල්මන් රශ්ඩි, අනිටා දේසායි, රොහින්ටන් මිස්ට්‍රය් සහ සාශි තරූර් වැනි ලේකකයන් ට මම හරිම කැමතියි...

      මගේ බ්ලොගේ ශ‍යිලිය නම් එච්චර හර බර නැහැ... ඒක මම පිලිගන්නවා...

      හැබැ‍යි දැන් දැන් අපගේ සින්හල බ්ලොග් හෙල හවුලේ බන්දුල කුදලාගම තුමා, මයුරවිල තුමා, සෑගිරියේ කීරාල තුමා වැනි වටිනා ශාශ්ත්‍රදරයන් ප්‍රමුක දෑ හිතකාමීන් මෙහි කොමෙන්ට් ලියනා නිසා කොමෙන්ට්ස් පැත්ත නම් ඉතාම වටිනා ලෙස ඉහල ගිහින් බව කාට වුනත් වැටහෙනවා.

      මගේත් එකම ප්‍රාර්තනාව ඔවුන් ගේ කොමෙන්ට්ස් වැඩි වැඩියෙන් මෙහි පලකරත්වා යන්නයි!

      Delete
    2. ////හැබැ‍යි දැන් දැන් අපගේ සින්හල බ්ලොග් හෙල හවුලේ බන්දුල කුදලාගම තුමා, මයුරවිල තුමා, සෑගිරියේ කීරාල තුමා වැනි වටිනා ශාශ්ත්‍රදරයන් ප්‍රමුක දෑ හිතකාමීන් මෙහි කොමෙන්ට් ලියනා නිසා කොමෙන්ට්ස් පැත්ත නම් ඉතාම වටිනා ලෙස ඉහල ගිහින් බව කාට වුනත් වැටහෙනවා.///////

      මෙන්න මේවා තමයි සරස පුතා කැරිකං කියන්නේ. එතකොට බොට ඕනේ උන්ගේ කමෙන්ට්ස් විතරද. මරාගේ පාරේම යන සරා. අපි කළු නේ. ඇයි උන්ට විතරද සිංහල පුලුවන්. අපිත් හෙළුව හදාරනවා.

      Delete
  10. සරස,

    මහින්ද කියන්නෙ රටට දෙයක් කරපු නායකයා නිසා තමයි දෙවරක් ජනපති කලේ. එතුමා යුද්ධය ඉවර කරන්න දුන් නායකත්වයට ගරුත්වය ඉතා මහත්. එහෙම කියල එතනින් රට නතර විය යුතු නෑනේ. අනික යුද්ධයට දායකත්වය දුන්නු එකම පුද්ගලයත් මෙතුමා විතරක් නෙමෙයි. යුද්ධයට වියදම් කලෙත් ගෙදරින් ගෙනාපු සල්ලිත් නෙමෙයි. චීනෙන් ණය ගත්තු එකත් කමක් නෑ කියමුකෝ. වරාය, දක්ෂිණ අධිවේගය, සහ මග නැගුම ඉතා හොඳ විය යුතු වැඩ. ගුවන් තොටුපල ගොන් පාට් එකක්. පුතාල කෙලපු පිස්සු, සුදු වෑන්, බැසිල් නාඩගම, බොරු ෂෝ, පෝස්ටර්, කටවුට්, ආච්චිගේ මැණික් මල්ල, අයිතිකරුවන් නැති ඉඩම්, අතකොටාලා, කුඩු දුමියා දාපු ගොන් පාට් වගේ කුජීත වැඩ කෝටියයි.

    මගේ point එක මේකයි මචං. අපිට මේ chess ගේම අදින්න තියෙන්නේ දේශපාලුවෝ කියන කාලකන්ණි රැලක් එහාට මෙහාට කරලා. එතකොට මහින්දගෙ සෙට් එකේ possitive ඒවා - යුද්ධය, southern highway, හම්බන්තොට වරාය. negative - දෙවන පෙළක් හැදුවේ නැත, දුෂණ (හෙජින්/කොමිස්/ටෙන්ඩර් නැත), නාස්තිය (උත්සව, කටවුට්, බඩු බෙදීම්, helitours ) අධිකය, ඥාති සංග්‍රහය අධිකය, මිනී මැරීම් (සුදු වෑන් සහ අනෙකුත් පලිගැනීම්), කථා කිරීමේ නිදහස නැත, අසාධාරණ වෙනුවෙන් නීතිය ඉටුවේ යයි බලාපොරොත්තුවක් වත් නැත.

    රනිල් - මෛත්‍රී Possitive - ටෙන්ඩර් පනත, ඖශධ පනත, තොරතුරු දැනගැනීමේ පනත, නීතිය (බලාපොරොත්තුවක්වත් ඇත). Negative - පො## විදේශ ප්‍රතිපත්තිය, මහ-බැංකු වංචාව. මහ බැංකු වාර්තාව බැලුවම හොදට තේරෙනවා කවුද වැඩිපුරම ණය අරන් තියෙන්නේ කියලා. මෙලෝ වැඩක් නොකර මේ ආණ්ඩුව 2015 සහ 2016 මේ වෙනකොට මහින්දලට වඩා ගොඩක් ණය අරන්.

    චීනය ණය දෙන්නෙත් ඉන්දියාව ණය දෙන්නෙත් ඉන්දියන් සාගරයේ ආරක්ෂක ක්‍රමෝපායික (strategic) වශයෙන් අතිශය වැදගත් භූ ගෝලීය පිහිටුමක් ඇති අපේ රටේ පාලකයන් අල්ලේ නටවන්න ඕනේ නිසා. හොඳ මොලේ තියෙන පාලකයෙක් පහල වුනොත් (අද දක්වා දැක නැත) මේ අවස්තාව ප්‍රයෝජනයට ගෙන සියලු රටවල උපකාර ගෙන රටේ ආර්ථිකය සංවර්ධනය කර ගන්න පුළුවන්. එතකොට කවුරු හරි රටක් මොකක් හරි ජිල් මාට් වැඩකට අවසර ඉල්ලුවම, අනේ sorry අනේ අනිත් රට තරහ වෙයි කියල ෂේප් වෙන්න පුළුවනි.

    මේ ගැන සරස ගොයියාගේ මතේ මොකක්ද?

    ReplyDelete
    Replies
    1. මේ අපක්ෂපාති ඇනෝ කොමෙන්ටුවට මමත් එකඟය.
      සරසාගේ ලිපියේ බොහෝ තැන්වලටද එකඟවන්නට පුළුවන්. සරසා ගේ ඊලඟ ලිපියෙන් අලුත් ආණ්ඩුවේ ඉන්නේ කවුද කියා කියනු ඇතැයි බලා පොරොත්තු වෙමි.

      Delete
    2. // හොඳ මොලේ තියෙන පාලකයෙක් පහල වුනොත් (අද දක්වා දැක නැත) //

      මම හිතන හැටියට දේසපාලනේ ඉතාම අමාරු කර්තව්යයක්. එයට නොදන්නා අය විස්වාස කොරලා එයාලව පත් කොරගෙන පසුතැවෙන්න තමයි වෙන්නේ.

      අපට තියෙන්නේ දැනට ඉන්න අය ගෙන් යමක් කරගත හැකි රැලක් පත් කර ගැනීමයි...

      ඒ සඳහා මට පේන විදියට ලන්කාවේ ඉන්නේ මහින්ද මහත්ත්යා ප්‍රමික කස්ටිය පමනයි!

      //අලුත් ආණ්ඩුවේ ඉන්නේ කවුද කියා කියනු ඇතැයි බලා පොරොත්තු වෙමි. //

      අලුත් ආන්ඩුවේ ඉන්නේ ගෝටා සහ මහින්ද මහත්තයා ය!

      Delete
  11. දැන් කහ ඉරි මකල සුදු ඉරි එහෙම දාල ජැන්ඩියට තියෙන වෙලේ සා රස තුමාත් නව මගකට අවතීර්ණ වී ඇත. සන්තෝසයි.

    ReplyDelete
    Replies
    1. සරසතුමා මඩෙන් නොව ගොඩෙන් එන්න. අපි මහින්ද මහත්තයාට වඩා සරාට ආදරෙයි. මරා මොකෝ සරා මොකෝ ගොඩෙන් එනවානම්.

      Delete
  12. අමෙරිකානු ඩොලර් බිලියන 1000ක වටිනාකමින් යුත් අක්කර 4402ක් සමඟ හම්බන්තොට වරාය, අද(08) දිනයේ චයිනා මර්චන්ට් හෝල්ඩිංග්ස් සමාගමට අමෙරිකන් ඩොලර් බිලියන 01ක පමණ මුදලකට විකුණා දැමීමට නියමිත බව ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ අනාවරණය කරයි.

    අද(08) පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මෙසේ ද සඳහන් කළේය.

    “පසුගිය ආණ්ඩුව විසින් හදපු හම්බන්තොට වරාය, අද වන විට මේ ආණ්ඩුව විසින් විකුණා දැමීමට සියලු කටයුතු සූදානම්කර තිබෙනවා. හම්බන්තොට වරාය ඉදිකිරීම සඳහා ශ්‍රී ලංකා රජය ලබාගත් ණය මුදල ඇමෙරිකන් ඩොලර් මිලියන 1339ක්. මීට අමතරව වරාය අධිකාරිය විසින් මේ වරාය ව්‍යාපෘතිය සඳහා අමෙරිකන් ඩොලර් මිලියන 160ක් යොදවා තිබෙනවා. ණය සඳහා ගෙවූ පොලියත් සමඟ හම්බන්තොට වරාය සඳහා ශ්‍රී ලංකා රජය විසින් වැය කළ මුළු මුදල ඇමෙරිකන් ඩොලර් මිලියන 1691ක් වෙනවා. එවැනි මුදලක් ආයෝජනය කරමින් ගොඩනඟන ලද හම්බන්තොට වරාය, ඉඩම් අක්කර 4402ක් සමඟ ‘චයිනා මර්චන්ට් හෝල්ඩිංග්ස්’(China Merchant Holdings) සමාගමට අද(08) දිනය තුළ විකුණා දැමීමට නියමිතව තිබෙනවා.

    එහිදි ලාභාංශ බෙදෙන්නේ චයිනා මර්චන්ට් හෝල්ඩිංග්ස් සමාගමට 80%ක් සහ වරාය අධිකාරියට 20%ක් ලෙසටයි. මේ අනුව ඇමරිකන් ඩොලර් මිලියන 1080ක් මූලිකව ගෙවලා, අවුරුදු 99කට හම්බන්තොට වරාය තමන් සතුකර ගන්න චයිනා මර්චන්ට් හෝල්ඩිංග්ස් සමාගම අද කටයුතු කරනවා.

    ReplyDelete
    Replies
    1. අපට ලැබී ඇති තොරතුරු අනුව මෙම විකුණා දැමීමට වරාය විෂයභාර ඇමතිවරයා සහ වරාය අධිකාරියේ සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය එකඟ වී නැහැ. අවසානයේ මේ ගනුදෙනුව පිළිබඳව කැබිනට් පත්‍රිකාවක් දමනවා ‘මේ හම්බන්තොට වරාය විකුණා දැමීමේ ගනුදෙනුවේ අත්සන් කිරීමේ බලය වරාය විෂය භාර අමාත්‍යාංශයේ ස්ථීර ලේකම්වරයාට පැවරිය යුතුයි’ කියලා. ඒ අනුව මේ හම්බන්තොට වරාය කුණුකොල්ලයට විකුණා දැමීමට හදන්නේ ඒ අමාත්‍යාංශ ලේකම්වරයායි. මේ ආණ්ඩුව කියන්නේ, ‘හදන්න ගත්තු ණය ගෙවීමටයි අපි හම්බන්තොට වරාය විකුණන්නේ‘ කියලයි. ඒක අමූලික බොරුවක්. මේ අය වරාය අධිකාරියට දැනටමත් දන්වලා තිබෙනවා, ‘හම්බන්තොට වරාය විකුණලා ලැබෙන මුදලින් හදන්න ගත්තු ණය ගෙවන්නෙ නැහැ, එමගින් කිරීමට වෙනත් වැඩ කටයුතු තිබෙනවා. ඔබ ආයතනය සාමාන්‍යයෙන් ගෙවාගෙන ගිය ආකාරයටම ඒ ණය පියවීමට කටයුතු කරන්න' කියලා.

      මෙතෙක් 99 අවුරුද්දකට අපේ රටේ වරායක් තියා ජැටියක්වත් බදු දීලා නැහැ. සමහර ආයතනවලට ජැටියක් හදා ගැනීමට මුහුද බදු දී තිබෙන්නේ, ජැටිය හැදීමට ගත වන කාලයත් සමග අවුරුදු 35කටයි. ජැටියක් අවුරුදු 35කට එසේ බදු දෙද්දී මෙතැන අක්කර 4402ක් සමඟ හම්බන්තොට වරාය අවුරුදු 99කට බදු දෙනවා.

      පාස්කරලිංගම් තමයි මේ ගනුදෙනුවේ ප්‍රධාන මෙහෙයුම්කරු. ඒ කියන්නේ මේ ගනුදෙනුවේ පිටුපස සිටින්නේ අගමැතිවරයායි. පාස්කරලිංගම් මේ ගනුදෙනුව කරන්නේ පන්සලේ මල්වට්ටි වෙන්දේසියක් කරනවා වගෙයි. මේ ගනුදෙනුවට ඉදිරිපත් වුණා තවත් චීන සමගමක් වන ‘චයිනා හාබර් ඉංජිනේරින්‘ සමාගම. ඔවුන් යෝජනා කළා ‘අපට 65%ක් සහ ශ්‍රී ලංකා රජයට 35%ක් යන අනුපාතයට ලාභය බෙදමු. අපි මූලිකව ඇමරිකන් ඩොලර් මිලියන 740ක් ගෙවන්නම්‘ කියලා. එවිට ඒ සමාගමට පාස්කරලිංගම් කියනවා ‘ඔයගොල්ලන්ට 80 : 20 අනුපාතයට එකඟ වෙන්න බැරිද?‘ කියලා. චයිනා හාබර් ඉංජිනේරින් සමාගම ඊට පිළිතුරු වශයෙන් කියනවා, ‘අපට එකපාරටම ඒ ගැන කියන්න බැහැ‘ කියලා.

      ඊට පසුව තමයි පාස්කරලිංගම් විසින් චයිනා මර්චන්ට් හෝල්ඩිංග්ස් සමාගම කැඳවන්නේ. ඔවුන් කියනවා ‘අපි ඔයාගේ 80:20 අනුපාතයට එකඟ වෙන්නම්. මූලිකව ඇමරිකන් ඩොලර් මිලියන 1080ක් ගෙවන්නම් ‘ කියලා. එතැන් එහාට, ‘මේ ගිවිසුමේ සඳහන් කරුණු මොනවාද?‘ කියලා කිසිවක් සොයා නොබලා පාස්කරලිංගම් තීරණය කරනවා, හම්බන්තොට වරාය චයිනා මර්චන්ට් හෝල්ඩිංග්ස් සමාගමට දෙන්න. ශ්‍රී ලංකා ඉතිහාසයේ කිසිම වරායක් අවුරුදු 99කට බදු දීලා නැහැ වගේම, මෙතැනදී හම්බන්තොට වරායේ සම්පූර්ණ මෙහෙයුම මෙම සමාගමට පවරා තිබෙනවා. සම්පූර්ණ මෙහෙයුම මේ සමාගමට දෙනවා කියන්නේ ‘අනාගතයේදී කොළඹ වරායට හම්බන්තොට වරායෙන් අභියෝගයක් එල්ල වෙනවා‘ කියන එකයි. කන්ටේනර් බෑමේ කටයුතු පවා හම්බන්තොට වරාය පටන්ගත්තොත් කොළඹ වරායට වැඩ නැති වෙනවා. එමගින් කොළඹ වරාය ආර්ථිකමය වශයෙන් බිඳ වැටෙනවා. ඒ කිසිත් නොසලකා තමයි හම්බන්තොට වරායේ මෙහෙයුම සම්පූර්ණයෙන් චීන සමාගමට ලබා දී ඇත්තේ.

      Delete
    2. මා කලින් සඳහන් කළ ‘65:35 අනුපාතයට අපි හම්බන්තොට වරාය ගන්නම් කියපු චයිනා හාබර් ඉංජිනේරින් සමාගමේ යෝජනාව තමයි ශ්‍රී ලංකාවට වඩා හිතකර. වඩා හිතකර යෝජනාව පැත්තකට දාපු පාස්කරලිංගම් වඩා අහිතකර යෝජනාව තමයි තෝරාගත්තේ. අද ඉඩම් අක්කර 4402හි වටිනාකම විතරක් ගත්තත් ඇමෙරිකන් ඩොලර් බිලියන 1000කට වැඩියි. එහෙම සම්පතක් විකුණන්නෙත් ඇමෙරිකන් ඩොලර් බිලියන 01ක(මිලියන 1000ක) පමණ මුදලකට. ඒ නිසා අපට හිතාගන්න පුළුවන්, ‘මෙතැන මොනතරම් විශාල අතයට ගනුදෙනුවක් සිදු වෙන්න ඇද්ද?’ කියලා. ඒ විතරක් නොවෙයි මේ ගනුදෙනුවෙන් අඩුම තරමින් මම කලින් සඳහන් කළ ආකාරයට හම්බන්තොට වරාය හදන්න ගත් ණය මුදල පියවීමවත් සිදු කරන්නේ නැහැ.

      හම්බන්තොට වරාය ව්‍යාපෘතියට තරම් මේ රටේ කිසිදු සංවර්ධන ව්‍යාපෘතියකට දේශපාලන වශයෙන් අපහාස සිදු වී නැහැ. මම ඔබට සිතියමක් පෙන්වන්නම්.(සිතියම පෙන්වමින්) ‘මේ තිබෙන්නේ දැනට තිබෙන මුහුදු මාර්ගය. මැලේසියාවේ සිට එන මුහුදු මාර්ගයේ තමයි හම්බන්තොට තිබෙන්නේ. දැන් චීන රජය තායිලන්තය හරහා ඇලක් කපනවා. ඒක කපලා ඉවර වුණාම චීනය බලාපොරොත්තු වෙනවා, සිංගප්පූරු, මැලේසියා වරායන් මඟ හැරලා මුහුදු මාර්ගයක් හදලා එහි ප්‍රධාන ජාත්‍යන්තර වරාය බවට හම්බන්තොට වරාය පත් කිරීමට. ඒ අනුව කෙටි කලකින් සිංගප්පූරු, මැලේසියන් වරායන් වෙනුවට තීරණාත්මක ප්‍රධාන ජාත්‍යන්තර වරාය බවට හම්බන්තොට වරාය පත් වෙනවා. ඒ නිසා අද මේ විදියට අමුඅමුවේ මරාගෙන කන්නේ රත්තරන් බිජු දමන කිකිළියක්. රටේ අනාගත පරපුරට විශාල ධනයක් උපදවා දෙන වටිනාම සම්පත තමයි මේ විදියට විකුණාගෙන කන්නේ. රාජ්‍ය සම්පත් කුණුකොල්ලයට විකුණාගෙන කන්න ආණ්ඩුවක් අවශ්‍ය නැහැ. ඒක ඕනෙම තක්කඩියකුට පුළුවන් දෙයක්. මේවා සහගහන අපරාධ.

      අපි වරාය විෂය භාර අමාත්‍යාංශයේ ලේකම්වරයාට කියනවා ‘මේ දූෂිත ගනුදෙනුවට අත්සන් කරන්න එපා!අත්සන් කළොත් මීළඟට හැදෙන ආණ්ඩුව විසින් නීත්‍යනුකූලව ස්ථාපිත කරන FCIDයේ පෝලිමේ ඉන්න පළමුවැනියා තමුන්නාන්සේ’ කියලත් අපි අවධාරණය කරනවා. මේකට අත්සන් කළොත් තමුන්නාන්සේට මේ රටේ මිනිස්සු ‘හදවත් ඇතුළෙන්’ පොල් ගසාවි. මේ සියල්ල විකුණන් කන කල්ලිය තමයි, ‘පාස්කරලිංගම්, චරිත රත්වත්තේ හා අර්ජුන මහේන්ද්‍රන්’ කියන්නේ. මේ අය තමයි අයුතු ලාභ ලබන්නේ, රටම වෙන්දේසියේ දමලා විකුණන්නේ. මේ කටයුතු පහසුකර ගන්න දැන් අලුත් පනත් කෙටුම්පතකුත් මේ ආණ්ඩුව විසින් ගෙන ඒමට නියමිතයි. අපි ඉදිරි මාධ්‍ය හමුවේදී ඒ පිළිබඳව ඔබ දැනුම්වත් කරන්නම්. නව ලිබරල්වාදය අනුව කටයුතු කරමින් මේ රටේ සියලු වටිනා සම්පත් විකුණාගෙන කෑමේ ගමනක් තමයි මේ ආණ්ඩුව අද යමින් සිටින්නේ. එසේ තිබියදී මේ ආණ්ඩුව බලයට ගෙන එන්න කඩේ ගියපු රතු අලිපැටවුන්ගේ වෘත්තීය සමිති අද හීන් කෙඳිරියක්වත් නඟන්නේ නැහැ. ඒක තමයි ඩීල් එක. මේ මහා සහගහන අපරාධය ඉදිරියේ නිහඬව ඉඳිමින් රතු අලිපැටව් ‘රාජපක්‍ෂ මුවහමට’ තාමත් තඩිබානවා. ඊයේ(07) රතු අලිපැටියා පාර්ලිමේන්තුවේ විනාඩි 40ක් කථා කෙරුවා. ඉන් විනාඩි 39කදීම ‘රාජපක්‍ෂ මුවහමට’ තඩිබෑවා. එයා හිතාගෙන ඉන්නේ ‘තාමත් තිබෙන්නේ රාජපක්‍ෂ පාලනය’ කියලයි.

      හම්බන්තොට වරාය චීනයට දෙන විට තවත් සැලසුමක් මේ ආණ්ඩුව හොරරහසේ ක්‍රියාත්මක කරනවා. ඒ අනුව කොළඹ වරායේ ‘ඊස්ට් කන්ටේනර් ටර්මිනල්’ එක ඉන්දියාවට විකුණනවා. මේකත් විකුණන්නේ කුණු කොල්ලයට. දැන් කැබිනට් පත්‍රිකාවක් දාලා තිබෙනවා, ඒ අනුව ‘ඊස්ට් කන්ටේනර් ටර්මිනල් එක’ ගන්න පුළුවන් වෙන්නේ මේ ඉන්දියානු සමාගමට පමණයි. ඉන්දියාව සතුටු කරන්න ඒ ටර්මිනල් එක දෙනවා. සල්ලි කීයක් හරි හොයා ගන්න ඕනෙ වුණාම චීනයට හම්බන්තොට වරාය දෙනවා. ත්‍රිකුණාමල වරායට අද ඇමෙරිකාව ඉව අල්ලනවා. අද මේ රට, මේ ආණ්ඩුවට බලයට එන්න උදව් කරපු ජාත්‍යන්තර මිතුරන්ට සිත් සේ පරිහරණය කරන්න වෙන්දේසියේ දමපු රටක් බවට පත් වෙලා තිබෙනවා. ඒක ඒක තමයි 2015 ජනවාරි 08 වැනිදා ‘වෙනස - වෙනස’ කියලා මේ මාතෘභූමියට උරුම කරලා දීපු වෙනස. ඒ වෙනසට කරගහපු තක්කඩි අද මේ කිසිවක් දිහා ඇහැක් ඇරලා බලන්නේ නැතිව හොරට නිදාගෙන ඉන්නවා”

      Delete
  13. සා රස

    මේ බැඳුම්කර කේස් එක ගැන නිදහස් පක්ෂයේ මෛත්‍රී පාර්ශ්වයේ අදහස;

    පළාත් පාලන මැතිවරණය කඩිනම් කිරීමට මෙන්ම කොට්ඨාස ක්‍රමයට ඡන්දය පැවැත්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන හා වාසුදේව නානායක්කාර යන මහත්වරුන් ස්ථාවරයක සිටීම ස්තූතිවන්ත විය යුතු කරුණක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි.

    එමෙන්ම මෙම මහ බැංකු සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රීලනිප දැඩි කළකිරීමකින් පසුවන බවත්, එය අසූචි වළක් වැනි සිදුවීමක් බවත් , මෙම සිද්ධිය වැසීමට යමෙක් ක්‍රියා කරන්නේ නම් එය අසූචි ගා ගැනීමක් වැනි ක්‍රියාවක් බවද ඒ මහතා පවසයි.

    එමෙන්ම මූල්‍ය අපරාධ කොට්ඨාසයට (FCID) පැමිණිලි 7,000ක් විභාග කිරීමට ඇති බව ප්‍රකාශ කර ඇති මුත් එම පැමිණිලි 7,000න්ම සිදු වූ අලාභයට වැඩි අලාභයක් මහ බැංකු බැඳුම්කර සිදුවීම හරහා සිදු වී ඇති හෙයින් ඒ පිළිබඳව කඩිනම් පරීක්ෂණ සිදු කළ යුතු බවත්, ඒ පිළිබඳව පාර්ලිමේන්තුවේ විවාදයට ලක් කරන බවත් ඔහු පැවසීය.

    ReplyDelete
    Replies
    1. //එමෙන්ම මූල්‍ය අපරාධ කොට්ඨාසයට (FCID) පැමිණිලි 7,000ක් විභාග කිරීමට ඇති බව ප්‍රකාශ කර ඇති මුත් එම පැමිණිලි 7,000න්ම සිදු වූ අලාභයට වැඩි අලාභයක් මහ බැංකු බැඳුම්කර සිදුවීම හරහා සිදු වී ඇති හෙයින් ඒ පිළිබඳව කඩිනම් පරීක්ෂණ සිදු කළ යුතු බවත්, ඒ පිළිබඳව පාර්ලිමේන්තුවේ විවාදයට ලක් කරන බවත් ඔහු පැවසීය.//

      මේ ගැන සාරස ගේ මතය මොකක්ද? හැබෑටම මරාල අවු. 10ක් කළායි කිව් හොරකම් සියල්ලටම වඩා මේ බැංකු හොරකම ලොකුයි කියල සමහර ආර්ථික විද්‍යාඥයොයි පුද්ගලික අංශයේ මුල්‍ය විශේෂඥයොත් කියනව. මේක ඇත්තද?

      Delete
    2. සම්පූර්න ඇත්ත!

      Delete
  14. අපේ රටේ මිනිස්සු යහපාලනේ ගේන්න තරම් ඇඳ ගත්තේ නෑ වෙන කිසිම දේකට.

    ReplyDelete
    Replies
    1. :D

      අලේද කියන්නේ හිටන්!

      Delete
  15. හිතවත් සාරස,

    මා කුදලාගමවත් මරවිලවත් කීරාලවත් නොවෙමි. ඔබ පැරාගේ විගඩමෙ ආරුමුහ නාවලර් ගැන සටහනක් තබා තිබෙනු දුටිමි.

    //නාවලර් දෙමල පඬිවරයෙක් නෙවෙයි... එයා සටන් කලේ ශිව ආගමට මුල් තැන ලබාදෙන්නයි අඩු කුල වල ඉන්න දෙමල ලමයින් ට පාසැල් අද්යාපනේ නොදෙන්නයි... අඩු කුලේ ලමයින් ව පාසැල් වලින් එලවීම එතුමා ගේ මූලිකත්වයෙන් ආරම්බ වූ ක්‍රියාවක් හිටන්!//

    ඔබගේ අදහස මූලික වශයෙන් නිවැරැදිය. මෙන්න නාවලර් උන්නැහේ ගැන කෙටි විස්තරයක්, මේ ඔබේ අවධානය පිණිසයි. ශ්‍රී ලංකාවේ හින්දූන් අතර ඇති වූ ආගමික පුනරුදයට මූලික වශයෙන් හේතු වූයේ ආරුමුග නාවලර්ගේ (1822 - 1979) පුරෝගාමී ක්‍රියාකාරකම් ය. ශ්‍රී ලංකාවේ සහ දකුණු ඉන්දියාවේ දමිළයන් අතර තම ආධ්‍යාත්මික උරුමය පිළිබඳ සවිඥානකත්වයක් ගොඩනැඟීමෙහි ලා නාවලර්ගේ කාර්යභාරය පිළිබඳ විස්තර කථනයක යෙදීමට මම අදහස් නොකරමි. බොහෝ දුරට උතුරු ඉන්දියාවේ ආර්ය සමාජ් සංවිධානය පිහිට වූ දයානන්ද සරස්වතී (1824 - 1883) සමග නාවලර්ව සැසඳිය හැකි ය. උතුරු ඉන්දියාවේ වෛදික ආගමට දයානන්දගෙන් ඉටු වූ සේවයම නාවලර් විසින් දකුණු ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ ශිව ආගම සඳහා ඉටු කරන ලදී. අද වන විට ඔහුව හැඳීන්වෙන්නේ නවීන දමිළ ගද්‍යයේ පීතෘවරයා, ප්‍රසිද්ධ දේශන පැවැත්වීමේ ආරම්භකයා, ප්‍රාථමික සහ ද්වීතීය පාසල් සඳහා දමිළ පාඨ ග්‍රන්ථ ලියා පළකළ ප්‍රථම ක්‍රිස්තියානි නොවන පුද්ගලයා, පුරෝගාමී ග්‍රන්ථ විවේචක, භාෂා නවීකාරක සහ ශිව ආගමික පාසල් ආරම්භ කළ පුද්ගලයා ද වශයෙනි.

    එදින හින්දු දමිළ ලෝකයේ නාවලර් දැවැන්තයෙකු වූ අතරම පූජ්‍ය පීටර් පර්සිවල්ට බයිබලය දෙමළට පරිවර්ථනය කිරීමට උද්වු කිරීමේදී ලබාගත් ගැඹුරු දැනුමද ඔහු පසුකාලීනව තම කටයුතුවලදී යොදා ගත්තේය. හින්දු දෙවිවරු සහ ශුද්ධ ග්‍රන්ථ විවේචනයට ලක්කරමින් ලේඛන ප්‍රකාශයට පත්කළ ක්‍රිස්තියානි මිෂනාරිවරුන්ට විරුද්ධව වැඩසටහන් රාශියක් නාවලර් ක්‍රියාත්මක කළේය.

    පසුකාලීන උග්‍ර ක්‍රිස්තියානි විරෝධියකු මෙන්ම ශුද්ධ හින්දු ආර්ය දමිළ ජාතිකවාදී රාජ්‍යක් වෙනුවෙන් පෙනීසිටි ඔහු ක්‍රිස්තියානි විරෝධී ප්‍රහාරාත්මක අත් පත්‍රිකා ප්‍රකාශයට පත්කිරීම ආරම්භ කළ අතර, ක්‍රිස්තියානි ආගම වැළඳගත් අය නැවත ශිව ආගම වෙත හරවා ගැනීමට ව්‍යාපාරයක් ද ආරම්භ කළේය. මෙහිදී ද නාවලර් සහ දයානන්නද සරස්වතී අතර සමානකම් පෙනේ. සරස්වතීගේ 'ශුද්ධි' නම් සංකල්පය (නැවත අත්පත් කර ගැනීම හෝ නැවත හරවා ගැනීම) හින්දු ආගමේ සිදු වූ පිපිරීම් ප්‍රතිසංස්කරණය කිරීමට උදව් විය.

    ReplyDelete
    Replies
    1. පුහාරාත්මක අත් පත්‍රිකා රචකයෙකු ලෙස ගත් කල නාවලර් හා සමකළ අය සිටි යේ අතළොස්සකි. ඔහුගේ අනුගාමිකයන් සියල්ලෝම පාහේ නාවලර්ගේ මෙම ප්‍රවණතාව අනුගමනය කළහ. මොවුන් අතර වඩාත් ප්‍රසිද්ධියට පත් වූ අය නම්, ශිව සංඝාර පණ්ඩිතාර් (1829 - 1891), සේනාධිනාථ අයියර් (1848 - 1924) සහ එන්. කදිරවෙල්පිල්ලෙ (1864 - 1907) යන අය වේ. නාවලර්ගේ ක්‍රියාකාරකම් 1888දී ශෛව පරිපාලන සභාව සහ ශිව ආගම ආරක්‍ෂා කර ගැනීම සඳහා කැප වූ සංවිධානය පිහිටුවීමට ඉවහල් විය. එමෙන්ම, 1890දී යාපනයේ හින්දු උසස් පාසල පිහිටුවීමට ද ඔහු මුල් වූයේය. මෙය පසුව හින්දු විද්‍යාලය ලෙස නම් කරන ලදී. The Hindu Organ පුවත්පතේ (1899 ජූලි) පළ වූ කතුවැකියකින් මෙම කරුණ වඩාත් පැහැදිලි කෙරෙයි.

      "හින්දුවරුන් වෙනුවෙන් හින්දුවරුන් විසින් පිහිට වූ පාසලක් පිළිබඳ අදහස මීට වසර 30කට පමණ පෙර ප්‍රථමයෙන්ම මතු ‍කළේ අභාවප්‍රාප්ත ආරුමුග නාවලර් තුමා විසිනි. ශිව ආගම සහ සාහිත්‍යය සඳහා ඔහු ඉටු කළ සේවය යාපන‍ය ඉතිහාසයේ එක් යුගයක් සනිටුහන් කරයි. එනමුත්, පාසලක් ඇරඹීම සඳහා ඔහු කළ මුල්ම යෝජනාව මල් ඵල නොගැ‍ණුනේ ඊට අවශ්‍ය සහයෝගය නොලැබුණු නිසා ය. අවාසනාවකට මෙන් එය අපගේ ජාතික පෞරුෂයේ කැළලක් බවට පත්ව තිබේ. කෙසේ වුවද, ඔහු ආරම්භයක් වශයෙන් වන්නාර් පොන්නායිහි පාසලක් පටන් ගත් අතර, වෙස්ලියානු මිෂනාරීන්ගේ විරුද්ධත්වය නිසා රජයේ ප්‍රදානයක් ලබා ගැනීමට ලියාපදිංචි කිරීම රජය විසින් වළකන ලදී. නාවලර්ගේ අදහසට ප්‍රායෝගිකත්වය ලබා දුන්නේ ශෛව පරිපාලන සභාව මගිනි. ඒ අනුව, 1980දී යාපන හින්දු පාසල ආරම්භ කරන ලදී.

      නාවලර් විසින් ඉටුකරන ලද අද්වීතීය කාර්යභාරය ආගිමක සහ අධ්‍යාපන ක්‍ෂේත්‍රවලට පමණක් සීමා වූයේ නැත. සැබැවින්ම ඒ ක්‍ෂේත්‍රවල ඔහු කළ වැඩසටහන් සුවිශේෂී මෙන්ම දීර්ඝ කාලීන බලපෑම් සහිත ඒවා ය. එනමුත් ඔහුගේ කාලයේ ජීවත් වූ අන් දමිළ ආගමික ප්‍රතිශෝධකයන් හා සසඳන විට නාවලර් සතු වූ සමාජ වැඩසටහන් බෙහෙවින් ජාතිකවාදී එකක් විය.

      යාපනයේ දිසාපති ඩබ්. සී. ට්විසිහැට්ට විරුද්ධ ව්‍යාපාරයට නාවලර් තම පූර්ණ සහාය ලබා දුනි. ඔහු 1876දී ඇති වූ දුර්භික්‍ෂයෙන් පීඩාවට පත් වූවන්ට ආහාර පාන සපයමින් සහනාධාර ද ලබා දුන්නේය. එමෙන්ම, සීමාසහිත යාපනය සහ මඩකළපුව වෙළඳ සහ කෘෂිකර්ම සමාගම පිහිටුවීමේ ප්‍රධාන බලවේගය ඔහු වූ අතර, එහි ප්‍රධාන අරමුණු වූයේ ත්‍රීකුණාමල දිස්ත්‍රික්කයේ දමිළ ජාතිකවාදී කෘෂිකර්ම වැඩසටහන් සංවර්ධනය කිරීමයි.

      1879දී ඔහුගේ මරණයට මද කලකට පෙර ලංකාවේ ව්‍යවස්ථාදායක මණ්ඩලයට දෙමළ නියෝජිතයෙකු ලෙස පී. රාමනාදන් පත් කරගැනීමේ ව්‍යාපාරයට ද නාවලර් සහයෝගය දැක්වීය. මේ පුරප්පාඩුව ඇති වූයේ 1879 මැයි මස දී ශ්‍රීමත් එම්. කුමාරස්වාමි අභාවප්‍රාප්ත වීම නිසා ය.

      ව්‍යාපාරිකයන්, නොතාරිස්වරුන්, ඉංජිනේරුවරුන්, ගම් ප්‍රධානීන්, උඩෛයාර්වරුන් සහ උප මහේස්ත්‍රාත්වරයෙකුද ඇතුළු යාපනයේ ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ රැස්වීමක් කැඳ වූ නාවලර්, අග්‍රාණ්ඩුකාර ශ්‍රීමත් ජෙම්ස් ආර්. ලොන්ඩන් වෙත යැවීම සඳහා ලිපියක් සම්පාදනය කළේය. එහි අන්තර්ගතය වූයේ පී. රාමනාදන් තම ප්‍රජාවේ අවශ්‍යතා නියෝජනය කිරීම සඳහා ව්‍යවස්ථාදායක මණ්ඩලයේ සාමාජිකයෙකු වශයෙන් පත් කරන ලෙස කළ ඉල්ලීමයි. මේ අනුව නාවලර්, රාමනාදන්ට ක්‍රියාකාරී දේශපාලනයට පැමිණීම සඳහා අවශ්‍ය වාතාවරණය සකසා දෙමින් ඔහුට ප්‍රසිද්ධ ජීවිතයේ ඉහළට නැඟීමට අවශ්‍ය අවස්ථාව ලබා දුන්නේය.

      නාවලර්ට ඔහුගේ ආගමික උනන්දු සහ ප්‍රජාවට බෙහෙවින් වැදගත් වූ ප්‍රායෝගික ක්‍රියාකාරකම් එකට සම්බන්ධ කිරීමට හැකි වූ අතර, එතුළින් සමාජ, දේශපාලන සහ ආගමික කටයුතු මුසු කරන ලදී. දෙමළ ප්‍රජාව තුළ පසුකාලීනව ඇති වූ ශුද්ධ හින්දු ආර්ය දමිළ ජාතිකවාදී සංස්කෘතික පිබිදීමට මෙය මහඟු දායකත්වයක් සපයනු ලැබීය.

      නාවලර් පිළිබඳ අමතර තොරතුරු සඳහා කියවන්න, කේ. කෛලාසපතිගේ Arumugam Navalar: The Central Years 1834 - 1848 (යාපනය, 1979). එසේම මේ සඳහා පාක්‍කියනාදන් අහිලන්ගේ නිබන්ධයද (පඨිත තෙවන වෙළුම, 2004) සහ බර්නාඩ් බේට්ගේ නිබන්ධය ද (ශ්‍රී ලාංකීය සමාජය සහ සංස්කෘතිය පාඨනය කිරීම: 2000 - 2006, තෙවන වෙළුම 2007) පරිශීලනය කළ හැකිය.

      දැන් ඉතින් මට බනින්න.

      Delete
    2. ඔබට බොහෝම ඉස්තූත්යි ව්යක්ත ඇනෝ තුමෝ!

      ඔබතුමා ගේ ආලෝචනය මට ඉතා වටිනේය.... කුමකට බනිත්ද?

      මෙය දිනෙක මගේ බ්ලොගේ ලියැවිල්ලක් ලෙස පෝස්ට් කිරීමට ඔබතුමා මට අවසර දෙනවාද?

      Delete
    3. හිතවත් සාරස,

      මෙවැනි නොවටිනා විකාර කමෙන්ටුවක් බ්ලොග් ලියවිල්ලක් ලෙස පෝස්ට් කරනවා වෙනුවට වඩාත් හොඳින් අධ්‍යනය කොට අදාල පොත්පත් පරිශීලනය මෙන්ම ඔබගේ මතවාදයට අදාල තොරතුරුද (නාවලර්ගේ කුලවාදය වැනී) තහවුරු වනසේ කරුණු සොයා බලා වටිනා පෝස්ටුවක් ලියන මෙන් ඉල්ලා සිටිමි.

      Delete