Monday, January 9, 2017

කෑමෙන් හොඳ කෑම

කතාව ඉස්තීර වෙලා අහවරය. 

යහපාලනේ දෙවන සන්වත්සරේ පසුවී පලමු දිනයේ රජය නිල වශයෙන් මහජනතාවට ක්‍රෝටන් කොල සහ කොස් දලු කා බඩගින්න නිවාගන්නා ලෙසට ආරාදනා කලේය!

ශ්‍රී ලන්කාවේ පස් වන ජනාදිපති මහින්ද රාජපක්ශ මැතිතුමා යද්දී අටු කොටු පිරී තිබුනු රටක් වසර දෙකක් ගත වෙනදා එහි වැසියන් ට ක්‍රෝටන් කොල හා කොස් දලු කන්න කියන්න තරම් පහත් තත්වයකට වැටුනේ කෙසේදයි සිතා ගත නොහැකිය!

 පුදුමේ කියන්නේ අර පුන්චිකාලේ තේරවිල්ලට කියාපු අලියා නොකන දල්ල වගේ සොයාගැනීමට අපහසු දල්ලක් වන කොස් දලු කෑමට ගන්නයි ආන්ඩුවෙන් ම කීම ය. 

 වේලිච්චි අත්තක් පවා පැල කෙරුවොත් වැවෙනා රටේ, කෑමට සුදුසු පලාවර්ග හැම තැනම වැවෙනා රටේ, මිනිසුන් ට අඩි හැට හැත්තාවක් උස කොස් ගස් වල දලු කන්න යැයි කියන්නට පුලුවන් මෙවන් ගොබ්බාන්ඩුවකට පමනි!





කෑමට සුදුසු කොස් දලු කැඩීමට ගස් බඩගාන්න සූදානම් වන ගැමිලියෝ....

බඩපුරා කා බී හොඳින් ජීවත් වී ඊරිසියාව නිසාම මහින්ද මහත්තයා ගේ ආන්ඩුව වට්ටලා පොලොන්නරුවේ ගොයි පුතෙකු පත් කොර ගත් ඔහෙලාට කවන්නට ඕනෑ ක්‍රෝටන් කොල හා කොස් දලු නොවේ... තණකොල ය!


 

52 comments:

  1. සාරසගෙ බ්ලොගය අල කිරීම සඳහා මට කොන්ත්‍රාත්තුවක් ලැබී ඇත. එම නිසා අද සිට ඔබේ *කෙන් දුම් යන්න කමෙන්ට් ලියමි.

    ReplyDelete
    Replies
    1. මාර්තු මස නව මාධ්‍ය ජාලය බිහි වූ පසු "ඒකාබද්ධ විපක්ෂය" යැයි කියාගන්නා හිකනලුන් නන්න්ත්තාර වී යනු නොඅනුමානයි.

      Delete
    2. // සාරසගෙ බ්ලොගය අල කිරීම සඳහා මට කොන්ත්‍රාත්තුවක් ලැබී ඇත. එම නිසා අද සිට ඔබේ *කෙන් දුම් යන්න කමෙන්ට් ලියමි. //

      ඉස්තූතියි හිටන්!

      මට අමතක වුනා... අල කොලත් වෑන්ජනේට ගන්න ඇහැකි!

      Delete
    3. //මාර්තු මස නව මාධ්‍ය ජාලය බිහි වූ පසු "ඒකාබද්ධ විපක්ෂය" යැයි කියාගන්නා හිකනලුන් නන්න්ත්තාර වී යනු නොඅනුමාන //

      මොකද්ද ඔයි මාද්‍ය ජාලේ නම? බැඳුම්කර පුවත් ද?

      Delete
    4. ඔන්න සාරස තුමෝ, දූශන විරොදයේ පන්සල වන ට්‍රාන්ස්පේරන්සි එකෙ පින් කැටෙට ඒකෙම ලොකු හාමුදුරුවො වෙච්චි වැලිඅමුන ලොක්ක වැඩේ දීලා...
      https://www.colombotelegraph.com/index.php/transparency-international-begins-corruption-investigation-against-sri-lanka-chapter/

      Delete
    5. දූශන විරෝදී අනෙක් පන්සල වුනු රාවයේ පිං කැටේ හූර ගෙනම තමා එකේ හිටපු ලොකු හාමුදුරුවො වික්ටර් අයිවන් ගෙදර ගියෙත්...
      සාරසා තුමා මොක්ද කියන්නෙ? මේ හොරු ටික ගැනත් ලියමුද එකක් ....

      Delete
    6. //ඔන්න සාරස තුමෝ, දූශන විරොදයේ පන්සල වන ට්‍රාන්ස්පේරන්සි එකෙ පින් කැටෙට ඒකෙම ලොකු හාමුදුරුවො වෙච්චි වැලිඅමුන ලොක්ක වැඩේ දීලා... //

      ඒකනේ අපි එයාට ජනතාවගේ ඇස් වලට වැලි ගසනා වැලිඅමුන කියන්නේ හිටන්!

      Delete
    7. // දූශන විරෝදී අනෙක් පන්සල වුනු රාවයේ පිං කැටේ හූර ගෙනම තමා එකේ හිටපු ලොකු හාමුදුරුවො වික්ටර් අයිවන් ගෙදර ගියෙත්... //

      :D :D

      Delete
  2. රට හාල් කියමින් විකිණීම සදහා වෙළදපලට වසර තුනක් පමණ පැරණි සහල් තොගයක් මුදා හැර ඇති බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය චෝදනා කරයි.

    එකල ඉන්දියාවෙන් ගෙන්වන ලද මෙම සහල් තොගය පරිබෝජනයට නුසුදුසු යයි නිර්දේශ කිරීම සදහා සත්ව ආහාර සදහා විකුණා දැමූ ඒවා බවද සම්මේලනයේ කැදවුම්කරු මාධ්‍ය අමතමින් කියා සිටියේය.

    මෙතෙක් කලක් විෂ රසායන යොදා ගබඩා කර තිබූ මෙම සහල් දැන් අලූත් ඇසුරුම්වල දමා වෙලදපලට මුදා හැර ඇතැයිද ඔහු කියා සිටියේය.

    ReplyDelete
    Replies
    1. අතිවිශේශ ටොයි හාල්!

      Delete
  3. ඔක්කොටම ඉස්සර මේ රටේ අංක එකේ පුරවැසියා ලෙස ජනපති සිරිසේන අගමැට්ටා රනිල් හාමු එක්ක ප්‍රසිද්ද වේදිකාවකදී කොස්කොල කිලෝවක් බැගින් දෙදෙනාම එක හුස්මට කාල පෙන්විය යුතුයි. එතකොට තමයි එයාගෙ සරලකම ඉස්මතුවෙලා පේන්නෙ.

    වඩාත් සුදුසු ඔවුන්ට රෙදි නැතිව කඩේ යන හරකුන්ගේ ප්‍රධාන ආහාරය වූතණකොල සමගින් පුන්නක්කු කෑවානම් තමයි.

    ReplyDelete
    Replies
    1. @ AnonymousJanuary 9, 2017 at 11:25 PM

      වැසිකිලි වලේ ලැග සිටිනා එකා වැසිකිලි වල කොතරම් සැපද කියා කියයි. මහින්දගේ කාලයේ තණකොළ කා පුන්නක්කු බිව් ඔබ ඒවා අමෘතයක් වැනි යැයි දැන් කියයි.

      Delete
    2. // ඔක්කොටම ඉස්සර මේ රටේ අංක එකේ පුරවැසියා ලෙස ජනපති සිරිසේන අගමැට්ටා රනිල් හාමු එක්ක ප්‍රසිද්ද වේදිකාවකදී කොස්කොල කිලෝවක් බැගින් දෙදෙනාම එක හුස්මට කාල පෙන්විය යුතුයි. //


      කොහොමත් දෙන්නම එලුවෝ නේ...

      Delete
    3. අන්ත දූෂිත අශික්ෂිත පල් හොරෙක් වූ මහින්ද සහ උගේ හොර හැත්ත රජකල සම්යේත් දැනුත් අපි උන්කල සුවහසක් තක්කඩිකම් වලට එරෙහිව පුරවැසියන් ලෙස නිර්භයව පෙනී සිටියෙමු. එකල මරාගේ වහල්ලුන් සහ කුලී ලියන්නන් අපගේ නිර්දය ප්‍රහාරයට ලක්වූ පරිද්දෙන්ම දැන් වත්මන් අන්ත දූෂිත යහපාලන හොර රැලට රෙදි නැතිව අමු හිරිකිත ලෙස කඩේ යන තොප වැනි මෙලෝ රහක් නැති අමු ගොං ලොල් හැතිකරයටද අපගේ ප්‍රහාරය එල්ල වේ. දැනයට බලයෙන් පිරිහී කුජීත වී සිටින මරා ඇතුළු කල්ලියට මඩ ගැසීමෙන් වන එකම වාසිය ඔවුන්ට නොදෙවෙනි (ඊටත් වඩා අන්ත මෙන් පෙනෙන්නාවූ) වත්මන් පල් හොර රැලට තවත් හොර තක්කඩිකම් කිරීමට චාන්ස් ලැබීමයි.

      සිරිකොත නමැති හිරිකිත ගඳ ගසන 'වැසිකිලි වලේ ලැග සිටිනා එකා වැසිකිලි වල කොතරම් සැපද කියා කියයි' කියන ඔබේ ප්‍රකාශය සමග එකඟයි, එය ඔබට ගැලපෙන බව ඔබම තේරුම් ගෙන සිටීම කදිමයි.

      Delete
  4. කවුද බං කොස් කොළ කන්න කියපු එකා, ඌ එළුවෙක්ද...

    ReplyDelete
    Replies
    1. //කවුද බං කොස් කොළ කන්න කියපු එකා, ඌ එළුවෙක්ද... //

      කෘෂිකර්ම අධ්‍යක්‍ෂ ජනරාල් රොහාන් විජේකෝන් මහතා

      Delete
  5. කොහොමද ගොවි පුතාගෙ වැඩ... පිට රටින් හාල්.. මෙරටින් පලා...

    ReplyDelete
    Replies
    1. // පිට රටින් හාල්.. මෙරටින් පලා.. //

      දුවන පුහුල් දැක නොදමවු නෙලූ පලා.....
      :D

      Delete
    2. මේ "ගොවි පුතා" නිසැකව "පං ගොයියකුගේ" අපකට පුතෙකි !

      - මයුරවිල මි.

      Delete
    3. // මේ "ගොවි පුතා" නිසැකව "පං ගොයියකුගේ" අපකට පුතෙකි ! //


      සබාවේ සිනා!

      Delete
  6. 2017 වර්ෂයේදී මෙරට යම් නියඟයක් ඇති වුවත් මෙරට සහල් හිඟයක් ඇති නොවීම සඳහා කටයුතු කිරීමට ක්‍රියාමාර්ග ගෙන ඇති බව කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය රොහාන් විජේකෝන් පැවැසීය.

    මේ වන විට මාස දෙකහමාරේ වී ප්‍රභේදයක් වන බී.ජී. 250 වගා කළ ගොවීන්ගේ වී බුසල් 1,000 ක් පමණ සහතික කර බීජ සඳහා ඊළඟ යල කන්නයේ වගා කිරීමට ගොවීන් අතර ලබාදීමට කටයුතු කිරීම අරඹා ඇති බවද කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.

    මේ වන විට ලැබෙන වර්ෂාව තුළින් තවත් හෙක්ටයාර් ලක්ෂ 4 ක් පමණ වගාකිරීමට බලාපොරොත්තු වන බව ඔහු පැවසීය. එයින් නිෂ්පාදනය වන සහල් ජූලි මාසය දක්වා මෙරට සහල් පරිභෝජනයට සෑහෙන ලෙස ඇති බවත් තෙත් කලාපයට මේ වන විට වර්ෂාව ලැබෙන බැවින් ගොවීන් අතර අඩු මාසයේ වී බීජ ලබාදීම තුළින් මෙම වසර තුළ වී වගාව ආරම්භ කරන ලෙස ගොවීන්ගෙන් ඉල්ලා සිටින බවත් ඒ මහතා පැවසීය.

    වී වගාව පමණක් නොව එළවළු, පලතුරු වගාවන් සඳහා නියඟයට මුහුණදීම සඳහා කෘෂිකර්ම අමාත්‍යවරයා සමග සාකච්ඡා කර ක්‍රමවේදයක් සකසා ඇති බවත් වගා කර ඇති වගාවන් නියඟයෙන් බේරාගැනීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් තාක්ෂණික ක්‍රමවේද යොදා ඇති බවද කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.

    ReplyDelete
    Replies
    1. // තෙත් කලාපයට මේ වන විට වර්ෂාව ලැබෙන බැවින් //

      මේක බොරු කතාවක්..
      තෙත් කලාපෙට මේ දිනවල වැස්ස නැහැ!

      Delete
  7. ජපානය, චීනය, ප්‍රංශය, රුසියාව,ඇමෙරිකා එක්සත් ජනපදය සහ බ්‍රිතාන්‍යය වැනි රටවල් සංවර්ධනය වූ රටවල් ලෙසත් ලංකාව, ඉංදියාව, පකිස්ථානය සහ අප්‍රිකානු රටවල් සංවර්ධනය නොවූ රටවල් ලෙසත් නිර්ණායක තනාගත් ලොවක් වර්තමානයේ වෙති. එක්සත් ජාතීන්ගේ සංවිධානය වැනි ආයතන පවා මේ නිර්ණායක යාවත්කාලීන කරමින් සිටිති.

    1815 කන්ද උඩරට ගිවිසුම මගින් බ්‍රිතාන්‍යයන් ලංකාවේ පාලනය නීතියට අනුවම සියතට ගනු ලැබීය. වැව සහ කුඹුර මත පදනම් වූ නිෂ්පාදන ආර්ථිකයක් මගින් දිවි ගෙවූ ස්වදේශිකයන්ගේ අභිමානය 1815 ගිවිසුමත් සමග සිදලනු ලැබීය.1815 ගිවිසුමත් සමග සේවා සපයන්නන් වන පොලීසිය, ලිපිකරුවන්, නීතීඥවරු, විශ්ව විද්‍යාල කථිකාචාර්‍යවරු, ගණකාධිකාරිවරු ඇතළු සේවා සපයන්නන් බලවත් විය.

    මඩ සෝදා ගත් කළ රජකමට පවා සුදුසු වූ ගොවියාගේ තත්ත්වය සහ අභිමානය ඉංග්‍රීසි නීතිය මගින් පහත් සහ නොසළකන තත්ත්වයට පත් කරන ලදී. නිෂ්පාදන ආර්ථිකය මත සැළසුම් වී තිබූ ලංකාවේ සමාජය සේවා ආර්ථිකයක් බවට පරිවර්තනය කරනු ලැබූයේ ඉංග්‍රීසි යටත් විජිත පාලන ක්‍රමය මගින් හදුන්වාදුන් නීති ක්‍රියාකාරීත්වය මගිනි.

    තමන්ට අවශ්‍ය ආහාර තමන් විසින්ම නිෂ්පාදනය කරගන්නා ස්ව්‍යංපෝෂී දිවි පැවැත්මකට හුරු වී සිටි ලංකිකයන් විදේශීය නිෂ්පාදන මත යැපෙන්නන් පිරිසක් බවට පත් කරන ලද්දේ බ්‍රිතාන්‍යයන් විසින් හදුන්වා දුන් මැකෝලි සාමිවරයාගේ අධ්‍යාපන ක්‍රමයත්, ඔවුන්ගේ නීති ක්‍රමයත් මගිනි.

    බ්‍රිතාන්‍යයන් ලංකාව ග්‍රහණයට ගැනීමට පෙර සේවා සපයන්නන් සමාජයේ ප්‍රමුඛස්ථානයේ වැජබෙනු දක්නට නොළැඹුන අතර රට තුළ නිෂ්පාදන කරමින් දිවි ගෙවූ අය අභිමානයෙන් ජීවත් වීම දක්නට ලැබුණී. පරාක්‍රමභාහු රජ සමයේ පෙරදිග ධාන්‍යාගාරය බවට ලංකාව පත් වීම අහම්බයක් නොවූ අතර නිෂ්පාදකයන් කෙතෙක් අභිමානයෙන් රටේ ජීවත් වී සිටියාද යන්න ඉන් පිළිඹිමු වෙයි.

    බ්‍රිතාන්‍යයන්ගේ පාලනය මගින් නීති පද්ධති හදුන්වා දෙනු ලැබූයේම කෘෂි නිෂ්පාදන හැකිතාක් අධෛර්‍යයට පත් කරවන අකාරයට මෙන්ම ගොවිතැනෙන් ජීවත් වූවන්ගේ අභීමානය සිදලන ආකාරයටය. එනම් ලාංකිකයන්ගේ අවශ්‍යතා වෙනුවෙන් නිෂ්පාදන සිදුකිරීම අවම කර බටහිර රටවල ජනතාවගේ අවශ්‍යතා වෙනුවෙන් නිෂ්පාදන සිදු කිරීම සදහා පළමුව ලාංකිකයන් පොළඹවන ලදී.

    To be cont'd...

    ReplyDelete
    Replies
    1. Cont'd,

      ලාංකිකයන් පළමුව සිය ආහාර තමන් විසින් නිපදවා ගන්නවා වෙනුවට වෙනත් රටවලින් ආහාර ගෙන්වා ගන්නා තත්ත්වය පළමුව තහවුරු කරගනු ලැබීය. එහිදී කෘෂිකාර්මික කටයුතු කළ පුද්ගලයන්ගේ අභිමානය අහිමි කිරීම සිදු කළ අතර ගොවිතැනේ නියළුන වැඩිහිටියන්ගේ දරුවන් තවදුරටත් ගොවිතැනේ නියලී සිටීම අභිමානය කෙළෙසාගන්නා තත්ත්වයක් බව ඒත්තු ගන්නවනු ලැබීය.

      ඒ අනුව ගොවිතැනේ නියලී රටට නිෂ්පාදන ලබා දුන් පිරිස් තවදුරටත් ඒ අකාරයට ජීවත් වීම පහත් යැයි සිතමින් තමන්ගේ දරුවන් සේවා සපයන අංශය වෙත යොමු කරන්නට පටන් ගත්හ. ඒ අනුව එතෙක් නිෂ්පාදන කරමින් ජීවත් වූ පවුල්වල දරුවෝ නීතිය හා සමාජක්‍රමය මගින් අභිමානවත් වෘත්තීන් ලෙස හදුන්වා දී තිබූ සේවාසපයන වෘත්තීන් වන නීතීඥ වෘත්තීය, ගණකාධිකාරී වෘත්තීය, පොලීසිය වැනි අංශ වෙත පැමිණෙන්නට විය.

      එහිදී පාසල් අධ්‍යාපනය සහ විශ්ව විද්‍යාල අධ්‍යාපනයද සේවා සපයන්නන්ට අභිමානය ලබා දීම සදහා විසල් වැඩකොටසක් ඉටු කරන ලදී. පාසලේ පංතියේ දක්ෂ සිසුන් සේවා සපයන්නන් ලෙසත් පංතියේ අදක්ෂ සිසුන් නිෂ්පාදන අංශය වෙතත් බෙදී යන්නට විය. 1815 සිට 1948 දක්වා පැවති බ්‍රිතාන්‍ය යටත් විජිත පාලන ක්‍රමයත් ඉන්පසු පැවති පාලන ක්‍රමයත් මගින් තහවුරු කරන ලද්දේ සහ ජනතාවගේ මනසට ඇතුළු කරන ලද්දේ අභිමානයෙන් ජීවත් වීම පුරවැසියන්ගේ අපේක්ෂාව වන්නේ නම් සේවා සපයන්නකු විය යුතු බවත් නිෂ්පාදන අංශයේ සිටීම මගින් අභිමානය ඈත්කරවන බවත් ය.

      ගොවිතැනේ නියලී සිටිමින් නිෂ්පාදන සිදුකරමින් සිටි දෙමාපියන් ඉන් අත්විදින කෙනෙහිළිකම් කිසිවිට තම දරුවන් විදිනවාට රිසි නො වූ අතර ඔවුන් සිය දරුවන්ව නිෂ්පාදන අංශයෙන් ඉවත්කර සේවා සපයන අංශය වෙත මාරු කිරීමට ප්‍රයන්ත දරන්නේ තම දරුවා සේවා සපයන්නකු කිරීම සදහා තමන් සතු ඉඩම් සියල්ල වුවද විකුණා දැමීට සූදානම් වෙමිනි.ගොවිතැනේ නියලී සිටිමින් නිෂ්පාදන සිදුකරන වැඩිහිටියන් තමන් විදි වේදනා දරුවන් විදීම ප්‍රිය නොකෙළේ ය.

      ලංකාවේ පවතින නීති ක්‍රමයත් සමාජ ක්‍රමයත් මගින් නිෂ්පාදන සිදු කරන ප්‍රජාව ශක්තිමත් කිරීම සහ ඔවුන්ට අභිමානයෙන් ජීවත් වීමට ඇති අවස්ථාව ලබා නොදෙයි. වර්තමාන සමාජ ක්‍රමය මගින් සිදු කරන්නේ සේවා සපයන අංශ ශක්තිමත් කිරීම සහ සේවා සපයන්නන්ට අභිමානය ඇති කිරීමයි. එහි ප්‍රතිඵලය වන්නේ රටේ දක්ෂ දරුවෝ නිෂ්පාදන අංශයෙන් ඉවත් වී සේවා සපයන අංශය වෙත මාරුවීමයි.

      අභිමානය නොමැති නිෂ්පාදන අංශයක සිරවී සිටීමට වඩා අභිමානයෙන් ජීවත් විය හැකි සේවා සපයන අංශයට පැමිණීම ස්වභාවිකත්වයයි. යම් රටක සේවා සපයන්නන් ප්‍රභල වී නිෂ්පාදකයන් දුබල වන විට එම රටේ සමාජ ආර්ථික දේශපාලනික ගැටළු වැඩි වන බව පිළිගැනීමයි. වර්තමානයේ ලංකාව මුහුණ දී සිටින ආර්ථික අර්බුදය එයයි. අද ලංකාවේ බලය දරන්නේ නිෂ්පාදකයන් නොව සේවා සපයන්නන් ය.

      දියුණු රටවල තත්ත්වය එසේ නොවේ. දියුණු රටවල බලවත් වී සිටින්නේ සේවා සපයන්නන් නොව නිෂ්පාදකයන් ය. ඇමෙරිකා එක්සත් ජනපදයේ තිරිගු ගොවියන්ගේ බලය ලංකාවේ වී ගොවියන්ට නොතිබීම මෙහි ප්‍රායෝගික තත්ත්වය කියා පායි. ලංකාවේද නිෂ්පාදකයන් සේවා සපයන්නන් අභිබවා යන ආකාරයේ බල වෙනසක් සිදු වුවහොත් එයම රටේ සංවර්ධයටත්, රටේ පවතින සංකීර්ණ ගැටළු විසදීමටත් හේතු වෙයි.

      අද සිදු නොවන්නේත් එයයි. ඩී. ඒ. රාජපක්ෂ ගොවියගේ පුතා ලංකාවේ ජනාධිපති වුවත්, පොළෙන්නරුවේ ගොවි පුතෙක් වූ මෛත්‍රීපාල සිරිසේන මහාතා ජනාධිපති වුවත් සේවා සපයන්නන් අභිබවා නිෂ්පාදකයන් බලවත් කිරීමට ඔවුන්ට නොහැකි වන්නේ ඇයි? යන්න විමසීමද මෙහිදී වැදගත් වෙයි.

      සේවා සපයන්නන් අත දරා ඇති අධික බලය නිෂ්පාදකයන් වෙත ලගා කරන නීතිමය වෙනසක් වර්තමානයේ අවශ්‍ය කරයි. මුදල් වැය කරමින් සේවා සපයන්නන් බවට පත් වීමට උත්සාහ කරන නිෂ්පාදකයන්ගේ දරුවෝ ඉන් මුදා නොගෙන රට සංවර්ධනය කිරීම කළ නොහැකි බව නීති සම්පාදකයෝ වටහා ගනීද?

      සේවා සපයන්නන් අත දරා ඇති අධික බලය නිෂ්පාදකයන් වෙත ලගාකර දීමට හැකි වෙයිද යන්න බලා සිටිමු.

      නීතීඥ කේ. අරුණ ලක්සිරි
      B.Sc(Col), PGDC(Col)
      arunaunawatuna@gmail.com

      Delete
  8. මේ මොනව අහනවද? 2020 වෙනකල් කොස්කොල තමා.

    ReplyDelete
    Replies
    1. කොස්කොල වලට ජය වේවා!

      Delete
  9. මොකද්ද බං මේ ක්‍රෝටන් කතාව?
    Any link?

    ReplyDelete
    Replies
    1. https://www.youtube.com/watch?v=GFRxuFWzs9s

      Delete
  10. සාරසයා හැම එකක්ම් දකින්නේ ඇදේට. ලංකාවේ හාල් මාෆියාව නැති කරන්න ජනතාව ටික කාලයක් බත් නොකා කොල ජාති කන්න ඕනේ.

    කොහොමද රනිල්ගේ මොළේ?

    ReplyDelete
    Replies
    1. // සාරසයා හැම එකක්ම් දකින්නේ ඇදේට. ලංකාවේ හාල් මාෆියාව නැති කරන්න ජනතාව ටික කාලයක් බත් නොකා කොල ජාති කන්න ඕනේ.

      කොහොමද රනිල්ගේ මොළේ? //


      කොහොමද තණකොල කන රනිල් ගේ මොලේ?

      Delete
  11. මචං සාරස,

    වහපාලන රිලා රැලේ ගොංපාට් අහල අහල දැන්නම් ඇතිවෙලා බන්. දැන් නම් කොමඩි ෆිල්ම් එකක්වත් බලන්න හිතෙන්නෙ නැහැ, මොකෝ නිව්ස් වල හැමදාම කොමිටල් වැහි වැහැල.

    උඹ මේකෙ ක්‍රෝටන් කොල ගැන ලියපු නිසා ඉස්සර අපේ යාලුවෙක්ට වෙච්චි අලකලංචියක් මතක් වුණා බං. අපේ යාලුවගේ අපුච්චා හෙන දුම් කෝච්චියක්, ඉතින් මූත් තාත්තගේ අඩි පාරේ යමින් බටයක් ගහන්න ඉඳුල් කට ගෑවේ ඉස්කෝලෙට පොකට් මනි වලට හම්බෙච්චි සොච්චමෙන්. මිනිහ කියන්නේ රෑ කෝච්චි ස්ටේසම ළඟ ඉඳන් කෝච්චි පාර දිගේ ගෙදර එනකොට, ඉස්ටේසමේ ඉඳල ගෙදරට තියෙන්නේ සිගරට් එකක දුර කියලා. මිනිහ ඉතින් ආතල් එකේ කෝච්චි පාර දිගේ සීතලටත් එක්ක බටයක් ගගහ ඇවිත් හෙමීට ගෙට රිංග ගන්නවා අම්මට මාට්ටු වෙන්නේ නැතුව.

    හැබැයි අපේ යාලුවා හෙන ටිකිරි මොළ කාරයා. මිනිහා කරන්නේ සිගරට් එක ගගහ ඇවිත් ගෙදර මිදුලේ තියන ක්රෝටන් ගහෙන් කොළ කෑල්ලක් හපනවා ගඳ නැති වෙන්න, නැත්නම් අම්මට මාට්ටු නේ. මිනිහට හම්බවෙන සොච්චමෙන් චුවින් ගම් ගන්න සල්ලි නෑ, සිගරට් බීල හපන්න. මිනිහ ඉතින් මේක පුරුද්දක් විදිහට හැමදාම කරනවා. තව ඉතින් යාලුවන්ටත් පොර ටෝක් දෙනවා "මචන්, මම වගේ ක්රෝටන් කොළ කෑල්ලක් කාපන් බටේ ගහල. කාටවත් මාට්ටු වෙන්නේ නෑ" කියලා.

    අනේ ඉතින් එක දවසක් මූ ස්ටේසම වහල එහෙම, බටේකුත් ගගහ ඇවිත් ගෙට ගොඩ වුනා ක්රෝටන් කොලයක් එහෙම හපලා කට සුවඳ කරගෙන. ගෙට ගොඩ වෙන කොටම අම්මා කියනවලු "උඹ සිගරට් බිව්වට කමක් නෑ, ඔය දහජරා කොළ කාලා ලෙඩ හදාගන්න එපා" කියලා. ඊට පස්සේ ඉතින් මිදුලේ ගහේ ක්රෝටන් ගහ හොඳට හැදුනා කියලා තමා අපිට උගේ අසල්වැසි ඩයල්ස් වලින් ආරංචි වුණේ. මේක අපි උසස්පෙළ පන්තිවල හිටපු 2002 වගේ කාලෙක සීන් එකක් මචං. අඩේ උඹත් ලියපන්කො බන් මේ වගේ පරණ රසබර සිදුවීම්, මේ දේශපාලන සීන් අතරින් පතර, මේ බ්ලොග් එකේම. අපි මොකෝ නොකියවා ඉන්නවය?

    ReplyDelete
    Replies
    1. මචන් ක්‍රෝට්න් කොළ හපලා පොරටෝක් දීපු ඌ වගේ අසරණයෝ මාට්ටුවෙලා නෝන්ඩි වුනත් ඔසී/ යූකේ/ කැනඩා ගිහින් අම්බානක පොර ටෝක් නැවු පිටින් අතාරින මංපොර සක්විතිලාගේ පොර ටෝක් මාට්ටු නොවෙන්නෙ ඇයි? හරියට ගම්වල කෙහෙල්කැන් හොරු හිරේ යද්දි මහජන මුදල් බිලියන් ගණනින් ගසා කන ලොකු හොරු ආතල් එකේ ටෝක්ස් ඉශූ කර කර ඉන්නව වගේ නේද?

      මට අද සිඩ්නි වල ඉඳල ලංකාවට නිවාඩුවට ආපු ෆැමිලි එකක් හම්බුනා, සිටිසන්ශිප් තියෙන අය. ලංකාවෙ පහුගිය අවු. 05 දියුණුව හරිම පුදුමයි කියල එයාල නම් සතුටු වුණා. ඔසී වල අඩුපාඩු සෑහෙන්න විවේචනය කළා. එයාල නම් කියන්නෙ "ඉගැලිටේරියන්" කියල බයිල ගැහුවට ඉහළ පෝස්ට් කොහොම හරි සුද්දො අල්ලං ඉන්නවලු, අපේ කලු හමට යටින් හෙන කැපිල්ලලු. අරුණ පෙරේරා/ ටිලාන් ආතල් අයියන්ඩි වගේ කෙළින් කතාකරන පොරවල් නම් මේක පිළිගනී. පොරටෝක් බාස්ල නම් ඉතින් කතාකරල වැඩක් නැහැ. අන්තිමට උන්ට එහෙත් මෙහෙත් දෙකම නැතිවෙයි දවසක.

      Delete
    2. // අඩේ උඹත් ලියපන්කො බන් මේ වගේ පරණ රසබර සිදුවීම්, මේ දේශපාලන සීන් අතරින් පතර, මේ බ්ලොග් එකේම. අපි මොකෝ නොකියවා ඉන්නවය? //

      සලකා බලමු නේද හිටන්?

      Delete
    3. // අරුණ පෙරේරා/ ටිලාන් ආතල් අයියන්ඩි වගේ කෙළින් කතාකරන පොරවල් නම් මේක පිළිගනී. //

      අනිවා....!!
      අරූ ට සහ ටිලාන් ආතල් අයියට ජය වේවා!

      Delete
    4. ආතල් අය්ය නම් කමක් නැහැ. හැබැයි අරූ නම් තාම යහපාලනෙට කඩේයන යටින්- ටෝය්යෙක්!

      Delete
    5. // ආතල් අය්ය නම් කමක් නැහැ. හැබැයි අරූ නම් තාම යහපාලනෙට කඩේයන යටින්- ටෝය්යෙක්! //

      අරූ තුමා මහත්මයෙක් බව මට හැඟෙනවා....

      පුදුම වෙන්න එපා.... ටොයියන් අතර මහත්වරු ද ඉන්නා අතර බයියන් අතර මහත් හොරු ද ඉන්නවා....

      Delete
  12. හම්බන්තොටදී හිරු නාලිකාවට අයත් ඩ්‍රෝන කැමරාවක් අාරක්ෂක අංශ නිලධාරීන්ගේ බාරයට ගැනිම පිළිබඳව අදහස් දක්වමින් ඩ්‍රෝන කැමරා සම්බන්ධයෙන් නව නිති හඳුන්වාදිමට පියවර ගන්නා බව නව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි පැවැසිය. නව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස වැඩ බාර ගැනීමෙන් පසුව පැවැති පළමු මාධ්‍ය සාකච්ඡාවේදීම ඔහු පැවැසුවේ එම අවස්ථාවේදී ඩ්‍රෝන කැමරාවක් භාවිත කිරිම පිළිබඳව අවසරයක් ලබගෙන නොතිබූ බවත් ඒ වන විට ප්‍රභූන් විශාල එම ස්ථානයේ සිටි බවත්ය.

    නව තාක්ෂණය පැමිණ ඇති බවත් එයට සරිසන පරිද නිතිද වෙනස් විය යුතු බවත් ඔහු වැඩිදුරටත් අද (10දා) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී පැවැසීය.

    ReplyDelete
  13. ක්‍රෝටන් කොළ මැල්ලුමත් එක්ක කොස්කොල කාල අතුරුපසට ඒව ඔතාගෙන ආපු කෙහෙල් කොලේ කන්ඩත් ඇහැකි නොවැ.
    මේවට වග කියන්ඩ ඕනේ අර සාත්තර සුමනය තමයි.

    ReplyDelete
    Replies
    1. අනේ හැක්ක්ටර්, උඹ දන්නවද, සෙනසුරු අපලේ ලැබුවහම විෂ්ණු දෙවියන්ටත් බටකොළ කන්න වුනලුනේ! දැන් ලංකාවට ලබල තියෙන පඹ සිරාගේ අපලෙයි, හොර උද්ධච්ච රනිල්ගේ මහා දසාවයි. එකදි උඹලට තණ කොළ හරි ක්‍රෝටන් කොළ හරි කාල බේරුනොත් ඇති!

      Delete
    2. මීට සාත්තර සුමනේගේ බැනා. (ශ්‍රියන්ත වසලගේ)

      Delete
    3. // ක්‍රෝටන් කොළ මැල්ලුමත් එක්ක කොස්කොල කාල අතුරුපසට ඒව ඔතාගෙන ආපු කෙහෙල් කොලේ කන්ඩත් ඇහැකි නොවැ. //

      +++++++++++++++++++++++

      // දැන් ලංකාවට ලබල තියෙන පඹ සිරාගේ අපලෙයි, හොර උද්ධච්ච රනිල්ගේ මහා දසාවයි. එකදි උඹලට තණ කොළ හරි ක්‍රෝටන් කොළ හරි කාල බේරුනොත් ඇති! //

      :D :D

      Delete
  14. සගයිනි,

    අර "නියඟලා යාය" බෝක්කු සම්මාන උළෙල මෙවරත් පැවැත්වේද ?

    - මයුරවිල මි.

    ReplyDelete
    Replies
    1. මා හිතන්නේ මෙවර නියඟලා අජිත් ට ගියපාර වගේ ලන්කාවට පැමින ආපසු යන්න ‍යූ ඇන් පී ඇන් ජී ඕ ගුවන් ටිකට් පත් ලැබී නැහැ වගේ....

      මිනිහා අතාරින එකක් නෑ... බැඳුම්කර පර්පෙචුවල් ට්‍රෙශරීස් වලින් හරි ගාන කපා ගනී!

      Delete
    2. ///මා හිතන්නේ මෙවර නියඟලා අජිත් ට ගියපාර වගේ ලන්කාවට පැමින ආපසු යන්න ‍යූ ඇන් පී ඇන් ජී ඕ ගුවන් ටිකට් පත් ලැබී නැහැ වගේ....////

      ++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
    3. Sa Rasa

      Well said man :D ��������

      ++++++++++++

      Delete
  15. අනේ මන්දා බන්ස්ලා මෙහෙමත් මීහරක් රැලක්. ගූගල්ලා නිකන් දෙන බ්ලොගර් එකත් සමහරු අයිති කරගෙන කිං හන්තර්ලා වෙන්න හදනවා. එතකොට ඔය අව් අස්සෙ අජිත් ධර්මා වගේ ගල් කපටි කම්බ හොරු මේක චාන්ස් එකක් කරන් පට් පට් ගාල තමන්ගෙ වැකෙශන් කොස්ට් එක කවර් කරගෙන පොඩි සම්තින් එකකුත් හොයා ගන්නවා.

    ReplyDelete
    Replies
    1. // ඔය අව් අස්සෙ අජිත් ධර්මා වගේ ගල් කපටි කම්බ හොරු මේක චාන්ස් එකක් කරන් පට් පට් ගාල තමන්ගෙ වැකෙශන් කොස්ට් එක කවර් කරගෙන පොඩි සම්තින් එකකුත් හොයා ගන්නවා //

      සම්මාන දෙනවනේ.. ඒ හන්දා කමක් නෑ හිටන්!

      Delete
  16. මගේ භවභවාන්තර සන්සඛී අතිගරු සරසතුමනි,

    "මා සන්මිත්‍ර සාරස සඳ මා ළබැඳ
    පුදට නිසි ය හද පිපි තුතිමල් සුගඳ
    අවැසි නැති තරම් ඒ තුති පුද නිබඳ
    දැන් ඔබ සමීප ය මා හද වෙත සබඳ"


    ඔබතුමා මෙසේ පවසයි:

    //වේලිච්චි අත්තක් පවා පැල කෙරුවොත් වැවෙනා රටේ, කෑමට සුදුසු පලාවර්ග හැම තැනම වැවෙනා රටේ, //

    ඔබතුමා පවසන දෙය සත්‍යයකි. ‍මේ රට පුදුම සරු පසක් තිබුණ රටක්. රොබර්ට් බ්‍රවුන්රිග් දහනව වැනි සියවසේ වෙල්ලස්සට ගිය විට පවසනවා මේක ඊඩ්න් උද්‍යානයක් බව. විවිධ වගාවන් සඳහා උචිත පස් වර්ග මේ රටේ විවිධ ප්‍රදේශවල තිබෙනවා. කෝපි වගා කළත් තේ වගා කළත් රබර් වගා කළත් පොල් වගා කළත් යස අගේට වැවෙනවා.

    තවමත් ලාංකිකයන්ගේ ප්‍රධාන ආහාරය බත් වන රටේ වී වගාව නතර කර දැමිය යුතු ය යි පවසන අයත් සිටිනවා. මට සිහි වෙනවා එහෙම අදහසක් ප්‍රවර්ධනය කරන සම්මානනීය බ්ලොග්කරුවකුත් සිටි බව. වී වගාවෙන් පාඩු නිසා වී වගාව නතර කර දමා පිටරටින් සහල් ආනයනය කරන්න අවශ්‍ය ලු! ගරු සරසතුමනි, මේ රටේ ප්‍රධාන ආහාරයත් පිටරටින් ගෙන්වන්නට අවශ්‍ය ය යි පැවසෙන මෙවැනි කතා ඇසූ විට පිටරටින් හාල් ගෙනෙන එක කෙසේ වෙතත් මේ කතා පවසන අයට හාල් ගරන්න ය යි පවසන්න වෙනවා. එතුමා සමහර විට සිතන්න ඇති තමන්ගේ නායකතුමා පාඩු ලබන ආයතන විකුණන්න අවශ්‍ය බව පවසන නිසා තමා ද ඒ මතය වර්ධනය කර ප්‍රවර්ධනය කළ යුතු බව.

    අතීතයේ දී එක්සත් ජාතික පක්ෂ‍ය මේ රටේ කෘෂිකර්මය මෙලෙස නො සලකා හැරි පක්ෂයක් නො වේ. මහාමාන්‍ය ඩී. එස්. සේනානායක, ඩඩ්ලි සේනානායක වැනි නායකයනට කෘෂිකර්මය දියුණු කරන්න අවශ්‍ය බව වැටහී තිබුණා. ඒ අය එම කාර්යභාරය ඉටු කළා. ජයවර්ධනයනට ද හැත්තෑහතට පෙර එකී දර්ශනය තිබුණා. එතුමා පනස් ගණන්වල හැට ගණන් වල පාර්ලිමේන්තුවේ කළ කතාවලත් ඒ බව සඳහන්. ටී.ඩී.එස්.ඒ. දිසානායක හැත්තෑ හතේ ජයග්‍රහණයෙන් උද්දාමයට පත් වී ලියූ ජේ. ආර්. ජයවර්‍ධන ඔෆ් ශ්‍රී ලංකා නමැති පොතේ ඒ විස්තර තිබුණා. සරසතුමනි, කිංස්ලි ද සිල්වාගේ පොතට වඩා දිසානායකගෙ කුඩා පොතේ අප්‍රකට තොරතුරු තිබෙනවා. ලාංකීය ජන විඥානයට අමතන්න ඪී. එස්. ට හෝ ඩඩ්ලිට තරම් නිසඟ හැකියාවකින් යුක්ත නො වුණත් ජේ. ආර්. ජයවර්ධනටත් හැකියාවක් තිබුණා අවම වශයෙන් වප්මඟුල් උත්සවයේ දී හෝ ගොවියකු වගේ කුඹුරට බසින්න; ඇඹුලේ රස බලන්න. මාමා එහෙම වුණාට බෑන එහෙම නැහැ. නළුවකු නො වේ මොළයක් බව නො වැ පැවසෙන්නේ!

    කෘෂිකර්මාන්තය සහ වගා සංග්‍රාම පිළිබඳ කතිකා කරන විට මට සිහි වෙනවා පේරාදෙණිය. ගරු සරසතුමනි, ඔබතුමා විශ්වාස කරයි ද නො කරයි ද මා දන්නේ නැහැ පේරාදෙණිය සරසවියේත් කුඹුරු කෙටූ බව ඒ කාලයේ. ගන්නෝරුවේ නො වේ; සරසවියේ ම. මතු දැක්වෙන පුරුක්වලින් ගොස් බලන්න.

    http://themiraclesrilanka.blogspot.com/2012/04/university-of-peradeniya-in-past.html

    (මෙම ඡායාරූප එකතුව මා වෙත එවන ලද්දේ ඉංජිනේරු පීඨයෙන් බිහි වූ විශිෂ්ට‍යකු විසිනි. දශක හතකට වැඩි කලක් ගොස් වුව ඔහුගේ හිස කෙස් තවමත් ඇත; බොරු සෝබන නැත. අභිමානයෙන් පවසන්නට තරම් ඔහුට බොහෝ දේ ඇත; බොරු කයිවාරු නැත.)

    බන්‍ධුල කුදලාගම,
    සදම්ටනය.

    ReplyDelete
  17. නාකි හම්පඩ බ්ලොග්කාරයෙක් "නිහඬ විප්ප්ල්වක්" ගැන උදම් අනනන්වා. මේ වල පයයි ගොඩ පයයි ඉන්න මේ හැත්තට රටට හෙන ගැහුවත් මොකද.

    ReplyDelete
  18. අතිගරු කලානිධි බන්‍ධුල කුදලාගම සුදීමතුනි,

    ඔබගේ ආලෝචනයට බොහෝමත් ස්තූතියි.

    ජේ ආර් ජයවර්දන චරිතාපදානය මහාචාර්ය කින්ග්ස්ලි ද සිල්වා ගේ පොතෙන් මා කියවා තිබුනාට තානාපති දිසානායක තුමා ගේ පොත කියවා නැහැ.. සොයා ගෙන කියවන්නට ඕනෑ!

    මට හැඟෙනා පරිදි එකල සිටි සියලුම එ ජා ප නායකයෝ භූමිය හා සැබැඳි කෘශිකර්මාන්තයේ නියැලුනු දේශයට ආදරය කල අය. එය නැවතුනේ ප්‍රේමදාස යුගයෙන් බවයි මා සිතන්නේ. ප්‍රේමදාසට ඉඩම් තිබුනෙත් නැහැ..කරපු කෘශිකර්මාන්තෙකුත් නැහැ...

    දැන් රනිල් ඉන්නවා... එයාට භූමිය හෝ දේශය පිලිඹඳව කිසිම හැඟීමක් නැහැ... එයා ගේ පස්සේ යන පාක්ශිකයෝත් අනාතයි රටත් අනාතයි!

    මා ඔබ එවූ සබැඳියට ගොස් එකල පේරාදෙනි කුඹුරු වැඩ නැරඹුවා.. විශිශ්ටයි! එම සැබැඳිය එවා අප කුල්මත් කලාට ඔබට බොහෝ පින්!!!

    ReplyDelete
    Replies
    1. තුඃ විතරක්..... පේරාදෙණිය විස්ස විජ්ජාලෙන් බිහි කරලා තියෙන්නේ ගොයි රාළලා සෙට් එකක් නෙව.... උන්ව අල්ලලා නගුලට බැන්දා නම් තමයි හරි. එංගලන්තයේ විශ්ව විද්‍යාලවලින් ඔය වගේ අමු මැටි හරක් බිහි කරන්නේ නැහැ.

      Delete