Monday, January 23, 2017

සුන්දර සිහිනයෙන් අවදිවී....

ඇලබාමා ප්‍රාන්තයේ කොන්ග්‍රස් සභික මයික් රොජර්ස් මහතා.


ඉහත පින්තූරයේ ඉන්නේ ඇලබාමා ප්‍රාන්තය නියෝජනය කරනා  කොන්ග්‍රස් සභික මයික් රොජර්ස් මහතා ය. එතුමා ශ්‍රී ලන්කාවාසී නිතර පොර ටෝක් දෙන සිතෙන් ජ්‍යාත්‍යන්තරයේ වෙසෙනා වෙන්ඩ පොශ් ටොයියන් ගේ ප්‍රදාන ම හතුරෙකි. කනගාටුවට කරුන නම් මේ ශ්‍රී ලන්කාවාසී නිතර පොර ටෝක් දෙන සිතෙන් ජ්‍යාත්‍යන්තරයේ වෙසෙනා වෙන්ඩ පොශ් ටොයියන්  තවම තමන් ගේ ප්‍රදානතම හතුරෙකු වන මයික් රොජර්ස් මහතා ගැන නොදැන සිටීම ය. 

අප සැම දන්නා පරිදි  ශ්‍රී ලන්කාවාසී නිතර පොර ටෝක් දෙන සිතෙන් ජ්‍යාත්‍යන්තරයේ වෙසෙනා වෙන්ඩ පොශ් ටොයියන්  ඕනෑම අවස්තාවක අප වැනි බයියන් අමතා කියන්නේ දූපත් මානසිකත්වයෙන් ඈත් වන ලෙස ය. ඔවුන් ට අනුව  ලෝකය ගෝලීයකරනය වෙද්දී තම රටේ දෙයක් අගේ කිරීම  දූපත් මානසිකත්වය කි. 

තමන් උපන් ගම, රට සහ තමා ගේ දෙමවුපියන් ඇතුලු ඤාතීන් ගැන යටිසිතෙන් ලැජ්ජා වන මේ  ශ්‍රී ලන්කාවාසී නිතර පොර ටෝක් දෙන සිතෙන් ජ්‍යාත්‍යන්තරයේ වෙසෙනා වෙන්ඩ පොශ් ටොයි හාදයෝ නයා පෙනේ පුප්පන කොට වලන් කැබලි පුප්පන ගැරඬියන් මෙන් තමන් අනාගතේ යන්නට බලාපොරොත්තුවන පන්තිය ට කොන්දේසි විරහිතව සේවය කරති! 


දූපත් මානසිකත්වය ගැන කෝචොක් කොරමින් ශ්‍රී ලාන්කිකයන් ට කොකා පෙන්නන ශ්‍රී ලන්කාවාසී නිතර පොර ටෝක් දෙන සිතෙන් ජ්‍යාත්‍යන්තරයේ වෙසෙනා වෙන්ඩ පොශ් ටොයි හාදයෝ  ශ්‍රී ලන්කාව මෙන් ම කුඩා දූපතක ක්‍රියාවකින් ආරම්භ වූ  සෙමෙන් සෙමෙන් සිදු වන ගෝලීයකරනයේ ස්වභාවික මරනය ගැන දන්නේ නැත.

අපේ වෙන්ඩටොයි ගොබ්බසේනලා දූපත් මානසිකත්වය ගැන අපට දේසනා දෙද්දී මහා බ්‍රිතාන්‍යයේ අගමැතිනි තෙරිසා මේ මහත්මිය දින කීපයකට පෙර ස්විස්ටර්ලන්තයේ ඩාවොස් නුවර ලෝක ආර්තික බලවතුන් ගේ සමුලුවේ දී පැවසුවේ ගෝලීයකරනයේ ප්‍රතිපලයක් ලෙස පසුගිය කාලය තිස්සේ බලවත් වූ අක් මුල් රහිතව වැජඹෙන ගෝලීය බලවත්තු (Global elite) ස්වාදීන රටවල ප්‍රජාවලට අයහපත් ලෙස  බලපාන බව ය!

සියලු බලවත් ජාතීන් ගෝලීයකරනයෙන් හෙමින් හෙමින් ඈත් වන  අවු අස්සේ පසුගිය ජනවාරි තුන් වන දා ඇලබාමා ප්‍රාන්ත කොන්ග්‍රස් සභික මයික් රොජර්ස් මහතා විසින් අමෙරිකාව එක්සත් ජාතීන් ගෙන් ඉවත් විය යුතුය කියා පනතක් ඉදිරිපත් කර ඇත! 

මයික් රොජර්ස් මහතාට අනුව අමෙරිකාව එක්සත් ජාතීන් ගෙන් ඉවත් විය යුත්තේ එක්සත් ජාතීන් ගේ සන්විදානය අමෙරිකා එක්සත් ජනපදයේ අභිවුර්දියට නොව බලවත් නොවන කුඩා රටවල මිනිසුන් ගේ මොලහේදීම වැනි ගොබ්බ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා එම රට වල වෙසෙනා ඩීල් කාර ලියන අප්පුලාට, වුර්තීය කඩෙයන්නන්ට සහ Protest for Hire වර්ගයේ උදවියට අමෙරිකානු මුදල් යොදවන  චෝදනා යටතේ ය.

තම රටට ගරහමින් මව පියා වුවද විකුනා ගානක් කපාගැනීමට ක්‍රියා කරනා සමහරුන් ට මේ කරුනු ඉතා අප්‍රසන්න වන්නට පුලුවන. එහෙත් සරස තුමා වර්දනය වෙමින් පවතින මේ නව ප්‍රවනතාවය  දෙස බලාසිටින්නේ උපේක්ශාවෙනි හිටන්!

ප ලි: බැඳුම්කරේ වන්චාව අමතක නොකරමු !!

31 comments:

  1. ඉතිහාසය රිපීට් වෙනවායැයි කියමන්ක් ඇත.
    හිට්ලර්ලාද නැවත ඉපදිය හැක.

    ReplyDelete
    Replies
    1. හේල් හිට්ලර්!

      Delete
    2. පුංචි හිට්ලර් කෙනෙක් නැවත ඉපදෙන එක කමක් නැත යැයි කීවේද මාතාමය...අහෝ ස්වස්තිකය.....!
      බෙනින්ග් ඩික්ටේටර් කෙනෙක් අවශ්‍ය රටක් තෑනීමටයි, හැදුන හෝ හැදිච්ච රටක් පාලනය කිරීම ජනතාවගෙන් මතුවූ නායකයින්ගේ ස්කෝප් එකයි..යන්නත් හොඳ උදානපාටයක් නැද්ද...!

      Delete
    3. // බෙනින්ග් ඩික්ටේටර් කෙනෙක් අවශ්‍ය රටක් තෑනීමටයි, හැදුන හෝ හැදිච්ච රටක් පාලනය කිරීම ජනතාවගෙන් මතුවූ නායකයින්ගේ ස්කෝප් එකයි..යන්නත් හොඳ උදානපාටයක් නැද්ද...! //

      නැත්තෙ නෑ...
      බොහොම හරි හිටන්!

      Delete
    4. ගෝතලං වගෙ දර්ශීය ටොයියන්ට බලාගන්න

      Delete
    5. AnonymousJanuary 23, 2017 at 9:02 AM

      දර්ශීය ටොයියන්ට රත්තරන් බ්‍රේස්ලට් දෙන්න, රැකියා දස ලක්ෂයක් ඇතිකරන්න, ෆොක්ස්වැගන් ෆැක්ටරියක් අරින්න ඇවිල්ල බත් කකා හිටය හරක්ට ක්‍රෝටන්, කොස් කොළ කවන්න හදන එවුන් ගැන වචනයක් කියන්න හිතෙන්නේ නැත්තේ Selective Amnesia හින්දා වන්න ඇති?

      Delete
    6. පට්ට ගෝත්‍රික ආගමක් අඳහන පට්ට ගෝත්‍රික සමාජයක පට්ට ගෝත්‍රික නායකයන්ගෙන් මේවා ඉල්ලනවා කියන්නේ කිඹුලා බනිස් හරක් මස් හොදිත් එක්ක කන්නෙයි කියනවා වගේ කේස් එකක්...

      Delete
  2. සරසා තුමා,

    ට්‍රම්ප් මොන කතා කිව්වත් ඔහුට අන්තර්ජාතික වෙළදාමෙන් ඉවත්වෙන්න බෑ, ඔබ පසුගිය දින කීපයේ ඔහු ගේ කතා ඔබ ඇසුවනම් ඔබට තේරෙයි ඔහු මැතිවරණයට පෙර කිව්වේ හිලරි කරනලද රාජ්‍ය විරෝදී ක්‍රියා වලට ඇයට දැඩි දඩුවම් ලබා දෙන බවයි, නමුත් ඔහු දැන් කියන්නේ කුමක්ද? ඔහු දැන් කියනවා හිලරි සහ බිල් ඔහුගේ උත්සවයට සහබාගී වීම ඔහුට කරන ලද විශාල ගවුරවයක් බව කිව පමණක් නෙමෙයි එම සබාවේ සියලුදෙනාගෙන් ඉල්ලා සිටිය සිටගන හිලරිට සහ බිල් ට ගවුරව දක්වන ලෙස, ඔබට මතකද ලංකා දීපය නමැති රටේ ජනාධිපතිනිය වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මුලින් කිව්වේ විධායක ජනාධිපති කම අහෝසි කරන බවයි (ඇය පත් වෙන අලුත ලාංකිකගේ බයි මිතුරන් සහ බයි නෑයන් කිව්වේ ඇය නුතන විහාරමහාදේවිය බවයි ) පසුව එසේ කිව්ව අය අයව හැදින්වීමට පචමල්ල සහ චෝර රැජින වැනි වචන පාවිච්චි කල බව මෙතක් කලක් ජිවත් වූ ඔබත් මමත් හොදාකාරවම දන්නවා.

    ඇමරිකාව සිදුකරන්නේ ලෝකයේ ජාතින් කොටවල වාසි ලබාගැනීමයි ඔබ කල්පනාවෙන් බලුවහම පෙනෙයි මේවා සිදුකරන්නේ ඇමරිකාවේ රජයේ උවමනාවට වඩා බලවත් බහුජාතික සමාගම සහ මුල්‍ය ලමගම වල උවමනාවට බව මේගැන තරමක සටහනක් මාතගේ අඩවියේ තියපු නිසා මෙතන ලියන්න මහන්සි වෙන්නේ නෑ.


    දෙසපාලකය කියන සතා මොනපාටින් පෙනිසිටියත් ඔහු දරුණු හෝ හීලා වන්නේ රටේ ජනතාවගේ ආකල්ප නිසයි, උදාහරණයක් විදියට මහින්දගේ කාලේ මර්වින් සිල්වල සහ දකුණු පළාතේ හිටපු වනචර රැලට මහින්ද රැකවරණය ලබාදෙන විටදී ඔබල කිව්වේ මොකද්ද ? කියල මතක් කරලා බලන්න මහින්ද මේවගේ වනචර රැලක් තියාගන මැතිවරණ කරල දිනන විට කිව්වේ " මේ රජයේ මොන වැරදි තිබුනත් ජනතාව අනුමත කරලා තියෙන්නේ " ලෙසයි ඔබට මතකද සමුර්ධි නිලධාරිය ගස්බැදපු කාලයේ මැතිවරණයක් ආව මතකද මර්වින් ගේ ඇමතිකම තාවකාලිකව අහෝසි කළා කරලා ජනාධිපති ප්ර්රික්ෂනය්ක් තිව්ව මතකද ඔබට ? මතකද එම කොමිටිය නිර්දේශ කළා මර්වින් වැරදි කරු නෙමෙයි අදාළ සමුර්ධි නිලදාරිය කැමැත්තෙන් ගස් බැදගත් බව ? මේවගේ නින්දිත වැඩ කරන විට මාරයා ඔබ ඇතුළු මහින්ද වාදීන් ඔහුට ආවඩමින් සිටිය මතකද ?

    මේ දේ අද යහපාලන රජය තුලත් වෙනවා අර්ජුන මහේන්ද්‍රන් නැවත මහබැංකුවේ අදීක්ෂණය කමිටුවට පත්කරලා තියනවා නමුත් මම නම් කියන්නේ මේ කරන්නෙත් මහින්ද කරපු නිද්ධිත වැඩේ ඉතිරි කොටස බවයි මෙය සිරිසේන ඇතුළු රනිල් වගකියන්න ඕනේ (ඔන්න බදුම්කරේ නැවත මත්ක්කලා ) ජනතාව විදියට හරිදේ වැරදි දේ සදහා බලපෑම නොරරන නිසයි දෙසපාලකයන් අපට සරම උස්සල පෙන්නන්නේ (සමාවෙන්න රනිල්ගේ කාරණාවේදී කලිසම පහත්කරල පෙන්නේන්නේ )

    ReplyDelete
    Replies
    1. ලෝකේ වෙනස්වෙනවා ලන්කාසිතිවිලි තුමෝ...

      තමන් ගේ පෞදගලික මුදල් ඇන් ජී ඕ හරහා එක එක රටවල් වලට යවා ඒවායේ රජය වෙනස් කල ජෝර්ජ් සෝරෝස් තුමා ට කෙලවෙන්න බොහොම ලඟයි... ඊයේ යුරොපයේ දක්ශිනාන්ශික නායකයන් හමු වුනා... ඔවුන් සියල්ලෝම කියන්නේ යුරෝපා සන්ගමය විසිරුවාහැර ගෝලීයකරනයට පහර දෙන්න කියලා...

      ලෝකය සීග්‍රයෙන් වෙනස් වෙනවා... ඒක තමයි ඒ ඒ රටවල ජනතා අභිලාශය!

      Delete
    2. "...මහින්ද මේවගේ වනචර රැලක් තියාගන මැතිවරණ කරල දිනන විට කිව්වේ " මේ රජයේ මොන වැරදි තිබුනත් ජනතාව අනුමත කරලා තියෙන්නේ "..."

      දැන් මේගොල්ලෝ චන්ද තියන්නේ නැහැනේ ජනතාව අනුමත කරලද නැද්ද බලන්න!

      Delete
    3. // දැන් මේගොල්ලෝ චන්ද තියන්නේ නැහැනේ ජනතාව අනුමත කරලද නැද්ද බලන්න! //

      අනේද කියන්නේ ඇණෝ තුමෝ...

      පලාත්සබා පනත සන්සෝදනය කොරන්න යනවලු චන්දෙ කල් දාන්න පුලුවන් විදියට...

      ඔන්න රනිල් ගෙයි සොරිසේන ගෙයි ප්‍රජාතන්ත්‍රවාදෙ!

      Delete
  3. රටට විරුද්ධව ලියුවම ඩොලර් වලින් ගෙවන කෙනෙක් අඳුන්නලා දෙන්න බැරිද රටට හෙන ගහලා ගියත් කමක් නෑ කියල කීයක් හරි හොයා ගන්නවත්..

    ReplyDelete
    Replies
    1. සරසා ගැන අහලා වැඩක් නැහැ. පරාගෙන් හරි මාතලන් ගෙන් හරි අහන්න

      Delete
    2. නැහැ.. මටත් කියලා දෙන්න පුලුවන් හිටන්...

      නිකන් කල්පනා කරලා බලන්න කල්යාන මිත්‍ර තුමෝ... ඔබතුමාත් ඔය කියනා වර්ගයේ කෙනෙක් එක්ක පහුගියකාලෙ පොඩි වැඩ වගයක් එහෙම කලා නේ...


      ශ්...පොඩ්ඩ බැරිවුනාම දුවලා ඇවිත් කොම්ප්ලේන් දාන අර අහවලා නම් නෙවෙයි හිටන්!

      Delete
    3. සාරසය,

      තොප කුමක් නිසා කෝපවේද? කෝපය සසර දිගු කරයි. තොප නුතන ථෙර ගාථා කියවා ඇත්නම් දිවිය පිලිබඳ නිසි ලෙස දකිනු ඇත.
      ශාන්ති !!!

      සිනුවර පිංකළ පියෙකු ලෙස පරසිදුව සිට
      රිලවුන්ගෙන් බණ අසා දෙව්දත් නිකායේ පැවිදව
      අසවල් නිමිත්ත කරනකොට බවුන් වඩා (ර/හ/හු)ත් භාවයට පැමිණ
      ජේතවනාරාමයට ගල් ගැසූ

      “සිපිපි (ර/හ/හු)තුන්ගේ” ථෙර ගාථා

      බ්ලොග් ලොවට කෙලිනට
      ලියන උන් බෙලි කැපුමට
      නොහැක කිසි කලෙකත්
      ඇනෝ නොගසා ඉන්නට

      එපා රට ජාතියක්
      එපා මට බුදුදහමක්
      විදෙස් සුළු දිය බිව්
      නපුංසක මග යමි මම

      Delete
    4. "රටට විරුද්ධව ලියුවම ඩොලර් වලින් ගෙවන කෙනෙක් අඳුන්නලා දෙන්න බැරිද රටට හෙන ගහලා ගියත් කමක් නෑ කියල කීයක් හරි හොයා ගන්නවත්.."

      දැන් එතකොට ඇමරිකන් ස්ටේට් ඩිපාට්මන්ට් එක ලංකාවේ "ප්‍රජාතන්ත්‍රවාදය වැඩි දියුණු" කරන්න වියදම් කරපු සල්ලි ඇමරිකන්කාරයෝමද බෙදාගෙන තියෙන්නේ?

      Delete
    5. // එපා රට ජාතියක්
      එපා මට බුදුදහමක්
      විදෙස් සුළු දිය බිව්
      නපුංසක මග යමි මම //


      සහන ලැබෙන තුරු ලන්කා දීපයට
      ගහන ගැසුම් හමුවේ සිහ වෙසින් සිට
      නහන රුපුන් නහමින් යමි ඉදිරියට
      මහනකමත් බන දහමත් එයයි මට.

      සිකීම් මහින්ද හිමි.

      Delete
    6. //
      දැන් එතකොට ඇමරිකන් ස්ටේට් ඩිපාට්මන්ට් එක ලංකාවේ "ප්‍රජාතන්ත්‍රවාදය වැඩි දියුණු" කරන්න වියදම් කරපු සල්ලි ඇමරිකන්කාරයෝමද බෙදාගෙන තියෙන්නේ? //

      පොලොන්නරුවෙ හිටපු මැතියා ඔස්ට්‍රෙලියාවෙ කොම්පැණි වලින් කප්පම් ගත්තෙ චන්දෙට වියදම් කොරන්න කියලනේ... ඒ වගේ හිලරි නෝනා ලන්කවෙ කාක්කන් ට දෙන්න තිබුනු සල්ලි එයාගේ ජනාදිපතිවරන කැම්පේන් එකට ගන්න ඇති හිටන්!

      Delete
    7. පට්ට ගාථාව. “සිපිපියගෙ” මාළු උගෙ ඇඟේ තියල කපල. “සිපිපිය” ලැජ්ජ ඇත්නම් ආයි “ථෙරි ගාථ” ලියන එකක් නෑ. රට, ජාතිය ආගම වනසන කැණහිලුන්ට ඔයවගේ තේරෙන බාසාවෙන් කියන්න ඕනෑ.

      Delete
    8. ඕකට තමා සිසිර කුමාර මානික්කාරච්චි මහත්තයා කිවුවේ "ථේරී ගාතා නොතේරී ලිවීම" කියලා

      Delete
    9. සාරස

      වලගම්බා නිරිඳු මහත්
      කළ විස්කම් සිහි කෙරුවොත්
      පුතේ නුඹේ ගතත් සිතත්
      වෙයි උණුසුම් ලෙයින් සුරත්

      ජාතිය ගළවමියි පතා
      දිවිදී සැඩ රුපුන් වෙතා
      සෝමා දේවිගෙ පුවතා
      ඉගෙන ගනින් මගේ පුතා

      අභයගිරී සෑ තනවා
      දඹුලු විහාරද කොටවා
      ලක් මවගේ ඒ දරුවා
      මුනිඳු සසුන් හෙළි කෙරුවා"

      - ටිබෙට් ජාතික සිකිම් මහින්ද හිමිගේ ජාතික තොටිල්ල කවි පංතියෙන් (ඕක ලිව්වෙ මතකෙන්, ඒ හින්ද සමහරවිට වචන එහෙමෙහෙ වෙලා ඇති).

      Delete
    10. AnonymousJanuary 23, 2017 at 8:31 AM
      //දැන් එතකොට ඇමරිකන් ස්ටේට් ඩිපාට්මන්ට් එක ලංකාවේ "ප්‍රජාතන්ත්‍රවාදය වැඩි දියුණු" කරන්න වියදම් කරපු සල්ලි ඇමරිකන්කාරයෝමද බෙදාගෙන තියෙන්නේ?//
      ඇනෝ, කල්‍යාන මේ අහන්නේ ඩොලර් වලින්ම ගන්න විදිහක් ගැන මොකද මේ දවස්වල රුපියල බල්ලා මාර්ක් එකට වැටිලනේ.
      රුපියල් වලට කහින විදිහ ගැන කල්‍යාන මොකටද අනිත් උන්ගෙන් අහන්නේ නේද ක්ල්‍යාන මහත්තයෝ ?

      Delete
    11. රුපියල් මගෙ බල්ලටවත් එපා.. ඩොලර් නම් ඔන්න.. හැක්

      Delete
  4. සා රස තුමෝ. අපේ රටේ වගේම වෙන රටවල මිනිස්සුත් (බ්ලොග් ලියනනොත් ඇතුළුව) ට්‍රම්ප් ට එරෙහි උනත් ඇමෙරිකානුවන් හැර පිටසක්වල ජීවින් චන්දය දමා පත්කරගත් නායකයෙක් නොවේය.

    ඔන්න මේ රටේ තෙරේසා තුමියත් දෙරට අතර ගිවිසුම් ගහන්න යන එක ගැන මාද්‍ය තක්බීර් වෙලා. හැමෝම කියන්නෙ තෙරේසා තුමිය ට්‍රම්ප් ගේ සාකච්චා වලදි බොහොම පරිස්සම් වෙන්ට කියල.

    ලංකාවේ ඇවුන් හිතන් ඉන්නෙ ට්‍රම්ප් අපිට කොරයි කියල. කොරයි ඉතිං ට්‍රම්ප් මහත්තය එයාගෙ බිරිඳට ඇඳ උඩදි 😂😂😂😂

    දැක්කද රනිල් තුමා BBC එකේ ඉන්ටවිව් එකේ කියපුව..??

    ගොවියො රජ වෙලා කියන ගොන් කතා නෙමෙයි බිස්නස් කාරයො රජ උනහම.

    අපේ අවුං ලිං මැඩියෝ නෙමෙයි බං ලිඳ පතුලෙ ඉඳන් රොකට් එකක් හදන් උඩට එන්න හදන ලිං ගෙඹි හරක්..

    ReplyDelete
    Replies
    1. ට්‍රම්ප් මහත්තය එල බුවා...

      මිනිස්සුන්ට ඕනෙ හන්දනේ එයාව පත් කරගත්තේ....
      ඉතින් එයා මිනිස්සුන්ට අවශ්ය දේ කරයි හිටන්

      තෙරෙසා මේ නෝනටත් ගොඩ යතෑකි ට්‍රම්පච්චිට සෙට් වුනොතින්...

      Delete
    2. ට්‍රම්ප් මහත්තය නෙල්සන් මැන්ඩෙලා වත් මහත්මා ඝාන්ධි වත් නෙවෙයි බොලං.

      සෙක්සි හුරුබුහුටි අයට විතරයි ලු මනාප.

      ඕන් මං දන්නෑ. ඔව්ව ලෝකයා කියන කථා..

      සා රස මගත්තයෝ. මම හෙට අනිද්ද බ්ලොග් වලට චෙරියෝ කියන්ට හදන්නෙ.

      ඒකට කමක් නැහැ. ඔහේගේ ඊ මේල් එකෙන් මට මේලක් දාහන්කො. ලංකාවට හෙට අනිද්ද ආවහම සෙට් වෙන්න. 🙏

      Delete
    3. උපාසක බලලෙක් ජනාදිපතිවෙනවට වැඩිය මේ වගේ කන බොන හාදයෙක් රටේ නායකයා වෙන එක වැරදිද හිටන්?


      ඔහෙ බ්ලොග් කියවන්න එන්නේ නැති එක නම් අපට හරිම පාඩුවක්... වෙන්ඩපොශ් බලවත් අයට එහෙයියො වගේ ඉන්න බොහෝ බ්ලොග් කරුවන් අතර ඔහේ තමන් ගේම බුද්දිය පාවිච්චි කොරලා හොඳ නරක තෝරා ගන්න හාදයෙක් නේ හිටන්... තීරනේ වෙනස් කලොතින් නරකද???


      මෙන්න ඇඩ්ඩස් එක: mallepol@mail.com

      Delete
    4. පත්තර කියවන ගොවියෝන්ට වඩා නම් කනබොන මිනිස්සුන්ට ගොඩක් දේවල් කියත කරත ඇහැකි.

      ඒකට අපේ ජනාදිපති එහෙමද? කොන කපපු සයිලන්සර් එකක් වගේ. සද්දේ විතරයි.

      ප.ලි.

      සා රස තුමෝ. මේකේ ලොකු උදවිය මට සම්බාදක දාන්නයි යන්නෙ. ඔබතුමා සමග ආශ්‍රය කරනව කියල.

      මදැයි මාතලන් සාරස අටම තුමාල සමග බෝතලයක් ගහන්න හිටිය 🤔

      දැන් ඉතිං ඒ උදවිය කියන හැටියට තමයි ජිවත් වෙන්න වෙන්නේ.

      ඒත්,
      අලි හිකුවට,
      අපි
      නොතැලේ..... 👍🏽

      Delete
  5. සාරස,

    ඇත්තෙන්ම කිව්වොත් සිරියාවේ ජිහාද් සටන්කාමීන් සමඟ සිය ගණන් ඇමරිකන් මිනිස්සු සබඳතා පවත්වයි. මන්ත්‍රී මණ්ඩලයේ බුද්ධි අංශ කමිටුවේ සභාපති රිපබ්ලිකන් පක්ෂයේ සාමාජීක මයික් රොජර්ස් මේ බවත් කිව්වා.

    ඉස්ලාමීය ජිහාද් සටන්කරුවන් සමඟ සබඳකම් පැවැත්වීම මෙන්ම සිරියාවට ගොස් හමුදා පුහුණුව ලබා ගගැනීමද මොවුන් බොහො දෙ‍ෙනකු සිදුකර තිබේ. එය ඇමරිකාවේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් බවද හෙතෙම පවසයි.

    එසේම බ්‍රිතාන්‍යය ජාතිකයන් 500ක් සහ කැනේඩියානු ජාතිකයන් විශාල පිරිසක්ද ජිහාද් සංවිධානයට බැඳීසිටී. ඔවුන් සටන් වලට සම්බන්ධවීමද අති විශාල තර්ජනයක් බවද ඔහු වැඩිදුරටත් පවසයි. මේ අතර ජිහාද් සටන්කරුවන්ගේ ඊළඟ මෙහෙයුම බටහිර රටකට එරෙහිව සිදුවනු ඇතැයි සවුදි අරාබියේ අබ්දුල්ලාහ් රජු අනතුරු අඟවා ඇත.

    ReplyDelete
  6. සරස, ඉඩම් බලතල පළාත් සභාවලින් ගලවා ඉවත් කිරීමට මහින්ද රාජපක්ෂ තුළ ජනාධිපතිවරයාව සිටි අවධියේදී පැවති අභිප්‍රාය පිළිබඳ බොහෝ දෙනා අසා නොතිබුණු කතාවක් පසුගියදා අධිනීතීඥ ගෝමින් දයාසිරි විසින් හෙළි කෙරිණ.

    මනෝහර ද සිල්වා රචිත 'බෙදුම්වාදීන්ගේ උපාය සහ ව්‍යාවස්ථා සංශෝධන' ග්‍රන්ථය ජනගත කිරීමේ උළෙලේදී ඔහු මේ අදහස් පළ කළේය.

    ගෝමින් දයාසිරි:

    "අධිනීතීඥ එච් එල් ද සිල්වා මහතාගේ මූලිකත්වයෙන් අපි එදා උතුර හා නැගෙනහිර බෙදුම්වාදයේ ඉතා වැදගත් සංධිස්ථානයක් සුන් කළා. ඒ උතුර හා නැගෙනහිර වෙන් කිරීම.
    නමුත් අද මේ ව්‍යවස්ථා යෝජනා හරහා යෝජනා කරනවා උතුර හා නැගෙනහිර එක් කර වෙනම කලාපයක් ඇති කරන්නට අවශ්‍ය ප්‍රතිපාදන.

    ඉඩම් බලතල ගැන කතා කරද්දි එක්තරා සිදුවීමක් මතක් කරන්නම වෙනවා.
    මම මේ කතාව මීට පෙර කාටවත් කියලා නෑ. නමුත් අද කිවයුතුයි.

    මම පවා එදා ඉඩම් බලතල පළාත් සභා සතු යැයි සිතා ඒ වෙනුවෙන් අදහස් දක්වමින් සිටි වකවානුවක ඉඩම් බලතල පළාත් සභාවලින් ඉවත් කිරීමට උත්සාහ කළ ප්‍රසංශනීය චරිතයක් මට සිහි වෙනවා.
    ඒ මහින්ද රාජපක්ෂ.
    එදා උතුරේ පළාත් සභා මැතිවරණය පවත්වන්නට පෙර එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මාව ඇමතුවා. ඔහු එහිදී අපූරු ඉල්ලීමක් කළා.

    එතුමා කිව්වා 'ඔබතුමා කෙසේ හෝ අධිකරණය හමුවේ මේ ඉඩම් බලතල කඩන්න ඕන' කියලා.
    මා තරමක් පසු බැස්සා ඒ ඉල්ලීම ඇහුවම.මම අදි මදි කරද්දි මහින්ද රාජපක්ෂ මහතා මාව දිරිමත් කළා 'ඔයා කොහොම හරි ගෙදර ගිහින් ස්ටඩි කරලා මේක වෙන් කරන්න විදියක් සොයල කියන්න' කියලා මගෙන් ඉල්ලුවා. මම ගෙදර ඇවිත් කල්පනා කරල බැලුවා.
    එහිදී මට පෙනීගිය කාරණයක් තමයි අවසාන වශයෙන් රටේ සියළුම ඉඩම් වල හිමිකාරිත්වය පැවරිලා තිබෙන්නේ ජනාධිපතිවරයාට බව. ඒ ඉඩම් බලය වෙන් කළ හැක්කේ ඔහු කැමැත්තෙන්ම එය අනුමත කරන්නේ නම් පමණයි කියලා.
    ඉනපසු අධිකරණයට ගියාම විනිශ්චකාරවරු තිදෙනෙක් තීරණය කළා මේ සියලුම ඉඩම් අයිති ජනාධිපතිවරයාට බව.
    මහින්ද රාජපක්ෂ මහතාට අවශ්‍ය වුනේ උතුරේ මැතිවරණය පවත්වන්න කලින් අනතුරුදායක වගන්ති ඉවත් කරගන්නයි.
    එසේ නොවුයේනම් විග්නේෂ්වරන් වගේ ඇමතිවරුන් යටතේ අපගේ හමුදා කඳවුරක්වත් පවත්වාගෙන යාමට නොහැකි වන බව ඔහු තේරුම් ගෙන සිටියා."

    මීට පෙර හෙළි වූ ආකාරයට මහින්ද රාජපක්ෂ මහතා උතුරේ පළාත් සභා මැතිවරණය පවත්වන්නට පෙර ඉඩම් හා පොලිස් බලතල පළාත් සභාවලින් ඉවත් කරන්නට යෝජනා කරන යෝජනාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ අතර ඩිව් ගුණසේකර , රාජිත සේනාරත්න ආදීන් එයට එකහෙළාම විරුද්ධව කැබිනට් මණ්ඩලය තුළ එය පරාජය කර තිබිණ.ඒ ගැන හෙළිකරමින් ඩිව් ගුණසේකර ප්‍රකාශ කර තිබුණේ පනතට කැබිනට් මණ්ඩලය තුල දැඩි සහයක් පළ කළ විමල් වීරවංශ ඇතුළු පිරිසක් බවත් තමන්ට ඒ හඬ යටපත් කරන්නට බාහු බලයද යොදන්නට සිදුවූ බවත්ය.

    ගෝමින් දයාසිරි පැවැත්වූ සම්පූර්ණ දේශනය පහත සබැඳියෙන්;

    https://www.youtube.com/watch?v=2mTGUCOYxNE

    ReplyDelete
  7. අයිසෙ සරසයෝ,

    ලංකාවෙ දේශපාලනේ දැන් හැඩ ගැසී ඇත්තේ ඉතාමත් අහිතකර විදිහකට, පාර්ලිමේන්තුවට ඒමට අදහස් කරන්නන් එයට පළමුව පුහුණුවක් ලැබීමට මෙන් පළාත් සභා මන්ත්‍රීවරුන් වෙනවා. පළාත් සභාවලට යන මේ නවකයන්ට පළාත් සභා තවත් කාර්යක්‍ෂම විය යුතු ය, පළාත් සභාවලට තවත් බලය දිය යුතු ය යන අදහස සිතට එනවා. ඒ අය පාර්ලිමේන්තු මන්ත්‍රීන් බවට පත්වුවහොත් එසේ වන්නේ අර අදහස් සමගින්. ඔවුන්ට දෙමළ ජාතිවාදයක් ගැන හැඟීමක් නැහැ. ඔවුන්ට ඇත්තේ තමන් කලක් සිටි පළාත් සභාවලට තවත් බලය ලබා දිය යුතු ය යන්නයි. ඒ බලය ලැබෙන පළාත් සභා පිහිටුවන ලද්දේ දෙමළ ජාතිවාදයේ සිංහල විරෝධී ඉල්ලීමකට බව ඔවුන්ට අවබෝධයක් නැහැ. එබැවින් ඔවුන් පළාත් සභාවලට තව තවත් බලය දිය යුතු බව කියනවා. ඔවුන් පළාත් සභාවලට තව තවත් බලය දිය යුතු යැයි කියන්නේ දෙමළ ජනයාට යමක් ලබා දිය යුතු ය යන අදහසින් නොවෙයි. එහෙත් ඔවුන්ගේ ඉල්ලීමෙන් අවසානයේ දී සිදුවන්නේ පණින රිලවුන්ට ඉණිමං බැඳීමක්. දෙමළ ජනයාට යමක් දිය යුතු බව කියන්නන් මේ කොටස තම දෙමළ ජාතිවාදී ඉල්ලීම ලබා ගැනීම සඳහා යොදා ගන්නවා.

    අද දෙමළ ජනයාට ප්‍රශ්නයක් නැති කම ගැනත් ඊනියා විසඳුම ගැනත් නිරවුල් අවබෝධයක් බොහෝ දෙනකුට නැහැ. මනෝ ගනේෂන් පසුගිය දා කියා තිබුණා දෙමළ ජනයාගෙන් බහුතරය ඉන්නේ උතුරු හා නැගෙනහිර පළාත්වලින් පිට බව. එය ඇත්ත. ඒ බවත් සිංහල ජාතිකවාදීන් කියන්නේ අද ඊයේ නො වෙයි. පළාත් සභාවලට වැඩි වැඩියෙන් බලය විමධ්‍යගත කිරීමෙන් උතුරු හා නැගෙනහිර පළාත්වලින් පිට සිටින දෙමළ ජනයාට වන සෙත කුමක් ද? විසඳීමට ඔවුන්ට ප්‍රශ්නයක් නැද්ද? පළාත් සභාවලට වැඩියෙන් බලය පවරද්දී බස්නාහිර පළාත් සභාවටත් ඒ බලය විමධ්‍යගත කිරීමෙන් ඒ පළාතේ දෙමළ ජනයාට ඇතැයි කියන ප්‍රශ්නය විසඳන්නේ කෙසේ ද? මෙයින් මනෝ ගනේෂන්ට වුවත් පැහැදිලි විය යුතු කරුණ නම් දෙමළ ජනයාට විසඳීමට ඊනියා ප්‍රශ්නයක් නොතිබූ බවයි, නොමැති බවයි. සරස මේ ගැන එකඟද? විවේචනයට විවෘතයි.

    ReplyDelete