Wednesday, January 4, 2017

ලෙනින් තුමා ඔහේලට සියඹලා කැවුවෙම නැත්ද?


සෝවියට් දේශයේ ඉගෙන ගැනීමට එරට ජනතාව විසින් ශ්‍රී ලන්කා ජනතාව වෙත ප්‍රදානය කල ශිශ්‍යත්ව ලබා එහි ගොස් උපාදිදාරීන් වුනු සමහර අය දිය බීපු ලිඳට අවමන් කොට තමන් ගේ ඉගෙනීමට සතයක් වත් නුදුන්නු බටහිර රටවලට ආවැඩීම හෙලා දකිනා ආලෝචන කීපයක් ම පසුගිය දවස් වල සින්හල බ්ලොග් ලෝකේ පලවුනා.

 මේ මල්ලෙපොල් බ්ලොගයේ පලවූ එවැනි ආලෝචන දෙකක්:

AnonymousJanuary 2, 2017 at 8:32 AM
සාරස මෝලෝ,

බොලෑ මරා ගොයියට අපි අකමැති වුණත් එකක් ගැන නම් උඹව අගය කරන්න ඕනෙ. කලකට ඉහත ලංකාවෙ උසස්පෙළ ඇනගෙන යන එන මං නැතුව හිටපු හාල්පාරු ''නිකම්මු'' සෙට් එකක් සමාජවාදී සෝවියට් ආධාර වලින් ජිවිතේ හදාගෙන ''සමහරු'' වුනා. දැන් දැන් බරපතල ලොකු ටෝක්ස් දෙන එක රුසියාවට ගිහින් සෝවියට් ආධාරවල පිහිටෙන් තැනකට ආපු බොහෝ අය කරනවා.

කොමියුනිස්ට් රුසියාවේ රූබල් 90 රජයේ සහනධාරයට පින් සිද්ධ වෙන්න ජිවත් වෙලා. ඒකෙන් එයිරොෆ්ලෝත් ටිකට් අරං ලංකාවට ආගිය අතීතය දැන් අමතකයි. ඒකෙන් ගානක් ලංකාවට යවනවා දැන් අමතකයි. අද මෙයලා කොහේද ලෙනින් විප්ලවය නොකලා නම්? හරියට මෙයාලගේ අම්මගේ තාත්තාගේ බූදලේ වියදමින් සෝවියට් දේශයට ගිහින් හාමුලා වගේ ඩිග්‍රි කළා විදිහටයි දැන් මුන්ගෙ කතාව. නොදකින් මුන් හරිනම් අඩුම ගානේ අවුරුද්දකට සැරයක්වත් පැවති සෝවියට් දේශයට ස්තුතියි කියලා සමරන්න වටිනව තමුන්ගේ බකපණ්ඩිත මං පොර සංකල්පේ පැත්තක තියලා. ලැජ්ජයි නෙවෙයි බන් විළිලැජ්ජයි මෙහෙම කාලකණ්ණින්ව දැක්කම.

දැන් එන්ජීඕ අටෝගෙන යූඑන්පීයට රෙදි නැතුව කඩේ යන රිලවු ආගමික සංවිධාන/ සම්මාන උත්සව වගේ ජිල්මාට් දාල මුදල් ගසාකන ගමන් ලොකු එක දෙන හැටිනම් බලන්නත් හිරිකිතයි ඕයි.
Reply Delete

Replies


  1. AnonymousJanuary 2, 2017 at 9:11 AM
    මෙන්න බලපල්ලා පැරණි සෝවියත් රුසියාවේ පින්-උපාධියක් ලබාගෙන ඒකෙ පිහිටෙන් එංගලන්තෙට පැනලා එහේ ඉඳන් විවිධාකාර ජල්තර ව්‍යාපාර කරමින් මුදල් ගසාකන පල් හොර ඩයල් එකක් දුන්න පොර ටෝක්ස් වල හැටි;

    //පසුව 84 සෝවියට් දේශයට යාමට ඉල්ලුම් පත්‍ර දැම්මෙත් විජේවීර ගේ අදහස් ඇත්තද නලින් ද සිල්වා ඒ දවස් වල ලියු "සමාජවාදී පන්තිය ගැන "ඇත්තද කියල හොයන්න බව මට මතකයි. //

    හිහ් හිහ් හී හූ, අඩෝ මේව දැක්කම මටනම් දෙකොණින්ම හිනා. බලහල්ලකො බන් මේ රිලවුන්ගෙ පොර ටෝක්??

    ඒ ලෙවෙල් ඇණගෙන ආතක් පාතක් නැතුව අතේ සතේ නැතුව වේලි වේලි හිටපු අපතයො යන්තම් පැරණි සෝවියට් දේශයේ පිහිටෙන් පිනට ලැබුණු ශිෂ්‍යත්වෙක පිහීන් යාන්තම් ඩිග්‍රියක් ගොඩ දාගෙන දැන් දෙන ලොකු ටෝක් බලහල්ලකො බන්? ටහිකේ? අම්මගෙ රෙද්ද තමයි.


එක් රටක ජනතාවක් විසින් තවත් රටක ජනතාව වෙත පරිත්යාග කල එවැනි ශිශ්යත්ව ලබා තම උසස් අධ්‍යාපනය සම්පූර්න කොරගත්තු උදවිය ඔයි කියනා විදියට පොර ටෝක් දෙනවානම් එය හරිද?

එසේම, තමන් සෝවියට් දේසෙට ගිහින් ඉගෙන ගත්තේ තමන් ගේම මුදලින් කියන කතාවේ ඇත්ත මොකක්ද්ද? සෝවියට් ජනතාව විසින් ඉතා කුඩා මුදලක් අය කර ඉතිරිය ශිශ්යත්ව ආදාර ලෙස ලබා ගත් ඈයොන් ට මම සල්ලි ගෙවලයි ඉගෙන ගත්තේ කියා අත සෝදා ගත හැකිද?

මේවා දැවෙන ප්‍රස්න හිටන්.... 

කවුරු කරුත් තමන් ගේ අදහස් දක්වලා මේක ඇත්ත නැත්ත සොයාගනිමු!!!

147 comments:

  1. වෛද්‍ය රුවන් එම් ජයතුංග ගැන නෙමෙයි නේද මේ කතා කරන්නේ හිටං

    ReplyDelete
    Replies
    1. සිරි ලන්කාවෙන් ගිහින් පැරණි සෝවියට් දේසේ ඉගෙනගත්තු හැමෝම ගැන හිටන්!

      Delete
    2. දුප්පත් කාලකන්නි ඉගෙන ගෙන තැනකට ආවාම ‍ඔහොම තමා... තනිකරම සමාජ ‍වෛරය පිට කරන එක තමා කරන්නෙ... Oppressed becomes Oppressor කියන්නෙ නිකන් නෙමේ....

      Delete
    3. // Oppressed becomes Oppressor කියන්නෙ නිකන් නෙමේ.... //

      ++++++++++++++

      Delete
    4. ශෙනල් මෙන්ඩිස් මේ පහර ගහන්නේ මට නිසා මම බය නථුඅ කියනවා. එතැන් ගිහින් කියවන්න ලිය තිබේනම දේවල්. බ්ලොග් ලිපියකින් සරසා නමැති තැනැත්තාට පිළිතුරු දෙන බැවින් මින් නවතිමි.
      /පසුව 84 සෝවියට් දේශයට යාමට ඉල්ලුම් පත්‍ර දැම්මෙත් විජේවීර ගේ අදහස් ඇත්තද නලින් ද සිල්වා ඒ දවස් වල ලියු "සමාජවාදී පන්තිය ගැන "ඇත්තද කියල හොයන්න බව මට මතකයි. //

      ඔව්. මම තමයි එහම රුසියාවට ගියේ. ඇයි අවුල්ද. මම හිටියේ 12MS1. එක 1983 batch එක. සරසා හොයල බලන්න මට කොළඹ විශ්ව විද්‍යාලය හම්බ වුනාද නැත්ද කියල;. සෝවියට් දේශය ගැන මගේ බ්ලොගයේ තිබෙන්නේ සාධාරණ දේශපාලන විවේචනයක් මිස වෙන යම් දෙයක් නෙමේ. ශේනල් ඇවිත් බලන්න. මම දුප්පත් කාලකන්නියෙක් වෙන්න පුළුවන්. මගේ දුප්පත් කමත් කාලකන්නි කමත් මම තියා ගන්නම්. පොරවල් ඔහොම ඉන්න.

      Delete
    5. අජිත් ඔබ කියන විදියට ඔබට ලැබුනේ කොලඹ විශ්ව විද්‍යාලය නම් බොහෝ විට එය විද්‍යා පීඨය විය යුතුය. මා දන්නා හැටියට එයට පරිගනක අංශය එකතු වුනේ ඊට බොහෝ කාලයකට පසුය. එකල එයින් පිටවන බොහෝ දෙනෙකු අවසානයේ වූයේ ගුරු වුර්තිය තෝරා ගැනීමට සිදු වේ.
      මේ නිසාම එයට තේරෙන් කොලඹ පලාතේ බොහෝ දෙනෙක් කුමක් හෝ ජලතරයක් දමා ලංකාවට ලැබෙන ශිශ්‍යත්වයක් සොරා ගෙන පිරටක ඉන්ජිනේරු උපාදියකට හේත්තු වේ.
      අජිත් කියනා පරිදි එය ඔහුගෙ ඉගෙනීමේ දක්ශතාවය නිසා පිරිනැමුනු ශිශ්‍යතවයක් නම්, එය හිමි විය යුතු වන්නේ ඔහුට වඩා ලකුනු ලබා ගෙන එංජිනේරු පීඨයකට තේරුනු ශිෂ්‍යයකුට විය යුතුය.
      උදාහරනයක් ලෙස පසු කලෙක ඕස්ට්‍රේලියානු ශිශ්‍යත්ව පිරිනැමුනේ ලංකාවේ ඉහලම ලකුනු ගත් සිසුන්ටය. එවා පිරිනැමුනේ විදෙශ කටයුතු අමාත්‍යාංශය හරහා නොවේ.
      මෙම රුසියානු ශිශ්‍යත්ව ලැබෙන්නේ විදේශ කටයුතු අමාත්‍යාංශය හරහාය. ඒවා ඔවුන් ප්‍රසිද්ද කරන්නේ නැත. අත යටින් තම තමන්ගෙ කාට කාට හරි දීම සමාන්‍ය ක්‍රමයයි.
      මෙය "අතේ මාට්ටු" වුනේ 1995 පමන මේ අකාරයෙන් විදේශ උපාදිය ගත් මුස්ලිම් වෛද්යවරුන් 10-20 ක පමන පිරිසක් මෙරිට් ලිස්ට් එකෙ මුලට දමන්නට ගොස් එල-පව්සි මහතා ඇන ගත් විටය. එම සියළු දෙනා එම විදෙස් ශිශ්යත්ව ලබා ගෙන තිබුනෙ 'සර්ව සදාරන', 'ධර්මිශ්ඨ" යූඇන්පී ආන්ඩු කාලයේ විදේශ ඇමතිව සිටි හමීඩ් තුමාගේ ආනුභාවයෙනි. ඔවුන් සියළු දෙනාම මුස්ලිම් ජාතිකයින් විය.
      තවත් හොඳ උදාහරනයක් වන්නේ ආර්තික විශෙෂඥ යෙක් ලෙස පෙනී සිටින අචාර්‍ය හර්ශ තුමාගේ සාමාන්‍ය පෙල හා උසස්පෙල ප්‍රතිඵල සොයා බැලීමය. ලංකාවේ සිටින සබෑ අචාර්‍ය උපාදි ධාරීන්ට ඔලුව බිත්තියේ ගසා ගන්ඩ සිතෙනු ඇත.

      Delete
    6. මචන් ඒ දවස් වල දිස්ත්‍රික් බේසිස් තදින් තිබ්බනේ. මගේ ලකුණු වලට ගම්පහින් මොරටු ගියා කට්ටිය. මට මුලින් කොළඹ ආවට පස්සේ මොරටුවේ කෙමිකල් ආව කියල මට අක්ක කිව. මම දන්නේ නැහැ ඇත්තද කියල. එතකොට මම රුසිය ගිහිල්ල. ඔය කට්ටිය එනෙන් නැති වුනහම එහෙම එනවලු මම දන්නේ නැහැ. නමුත් මේ මඩ ගැහිල්ලේ තියෙන්නේ අපොස අසමත් වෙලා ගිය බව. ඔය පිළිතුර දුන්නේ ඒකයි . මේ අවුරුදු 32 ට පස්සේ ගහන මඩ . හිනහත් යනවා.
      https://kolambagamaya.blogspot.co.uk/2017/01/blog-post_5.html

      Delete
    7. මම හිතන්නේ අපට දුන්නේ අර හොරෙන් යන අය කවර කරනන් වෙන්න ඇති. අත්තටත් දීලා හොරෙනුත් දෙනවා. 1995 වෙන්න බහ, සෝවියට් ශිෂ්‍යත්ව 1991 ඉවර වුණා. එක කඩන අටුනට පස්සේ. ඊට පස්සේ සල්ලි වලට නේද ගියේ.

      Delete
    8. //1995 වෙන්න බහ, සෝවියට් ශිෂ්‍යත්ව 1991 ඉවර වුණා// 88-89 කාලේ විතර ගිය සෙට් එකක් අවුරුදු 7 පාඨමාලව ඉවර කරල ඔය කාලේ තමා මෙහෙ ආවේ.
      //මම හිතන්නේ අපට දුන්නේ අර හොරෙන් යන අය කවර කරනන් වෙන්න ඇති// තරහ වෙන්න එපා අජිත් මෙහෙම කීවට මගේ අදහස නම්. පැහැදිලවම ඔබට වඩා ලකුනු ගත්ත අය ලංකාවේ ඉඳිද්දිනේ ඔබට මේ ශිශ්‍යත්වය ලැබිල තියෙන්නේ. ඒ කියන්නේ ඔබත් හොර පාරෙන් ගිය කෙනෙක්ම තමා. සාදාරන ක්‍රමේකට උනා නම් ඕක වෙන්ඩ ඕනේ අර මම උඩින් කියපු විදිහට පසු කාලීනව ඕස්ට්‍රලියන් ශිශ්‍යත්ව දීපු විදිහට දෙන එකයි. එතකොට ඉහල ලකුනු තියෙන අයට දේශීය හෝ විදේශ විශ්වවිද්‍යාලය තෝරා ගන්න පුළුවන්. එයි ඇතිවන පුරප්පඩු වලට අඩු ලකුනු ගත් අයව යොමු කරන්ඩ පුලුවන්.
      //නමුත් මේ මඩ ගැහිල්ලේ තියෙන්නේ අපොස අසමත් වෙලා ගිය බව.// රටේ ප්‍රදාන පෙලේ විද්‍යලයක ඉගෙන ගෙනත් පලමු වරට සාමාන්‍ය පෙල ගනිතය අසමත් ( ඒ කියන්නේ ගුරුවරුන් හිග කම සහ අනෙක් පහසුකම් අඩු කම නිසා අසමත් වූ අයෙක් නොවේ) නයට උසස් පෙල කලා අංශයෙන් ඉගෙන ගෙන පසුව රුසියාවේ වෛද්ය උපාදියක් ගෙන( කාලයක් රුසියාවේ සිටි බව හරියටම දන්නව. උපාදි කලාද කුපාඩි කම් කලද කියන්ඩ දන්නෙ නැහැ ) සෞක්ය අමාත්‍යාංශයේ ඉහලම පුටුවක් ඉන්න අයෙක් මම දන්නව. ඔබ ඒ ගොඩේ නොවුනත් එහෙම අයත් සිටිනව.

      Delete
    9. //සරසා හොයල බලන්න මට කොළඹ විශ්ව විද්‍යාලය හම්බ වුනාද නැත්ද කියල;. //

      අජිත්,

      ඔබ මොන විශ්වවිද්යාලයට තේරුනාද කියා සොයා බැලීම මේ ලිපියේ අරමුණ නොවේ. මෙහි අරමුණ පැරණි සෝවියට් දේශයේ ජනතාව ශ්‍රී ලන්කා ජනතාව වෙත ප්‍රදානය කරනා ලද ශිශ්‍යත්ව වලින් රුසියාවට ගොස් උසස් අද්යාපනය ලද සිසු සිසුවියන් ගේ එකල සහ නූතන චර්යාවයි.

      ඔබ සුවහසක් වූ එම සිසු සිසුවියන් අතර එක් තනි පුද්ගලයෙකි. සින්හලෙන් කියනවානම් මා ඔබව "එහි තිතක වූ තිතක තිතක් ලෙස දකින්නෙමි"

      ඔබ පමනක් නොව පැරණි සෝවියට් දේශයේ උගත් අනෙක් සිසු සිසුවියන් හට සහ අප වැනි සෝවියට් දේශයේ ඉගෙන නොගත් අය හට මෙහි කරුණු දැක්වීමට ඉඩ ඇත... ඒ ඔබ ලබාගත් ශිශ්යත්වය ඔබට දුන්නේ එක් රුසියානුවෙකු නොවන බැවිනි.. එය දුන්නේ සමස්ත සෝවියට් ජනතාව ශ්‍රී ලන්කාවේ ජනතාව වෙත ය. ඒ බව අවබෝද කරගන්න!

      මීට සරස තුමා

      Delete
    10. // තරහ වෙන්න එපා අජිත් මෙහෙම කීවට මගේ අදහස නම්. පැහැදිලවම ඔබට වඩා ලකුනු ගත්ත අය ලංකාවේ ඉඳිද්දිනේ ඔබට මේ ශිශ්‍යත්වය ලැබිල තියෙන්නේ.//
      ඒක වෙන්න විධිහක් නැහැ මචන්. මොකද මගේ ලකුණු ගැනනම් තිබු තව දෙතුන් දෙනෙක් හිටියා. මා සමගම ඉගෙන ගත් අයෙකුත්. එකම ලකුණු. මම පේරා යන් කොහොමත් කැමති වුනේ නැහැ. ඊට කලින් අවුරුද්දේ රෝයල් එකෙන් ගිය අයෙකුට දුන් ටොයිලට් ට්‍රිට්මන්ට් එක අහල බයෙන් සලිත වෙලා හිටියේ. මට වැඩිය ලකුණු තිබු තව එක සිසුවෙකු හිටිය යාපනෙන්. ඒ ලකුණු පරතරයට හිටි සිසුන් අඩුයි මම හිතන්නේ. බොහෝ අය සෙකන්ඩ් ශි කරනන් නැවතුන. එහෙම කරලා 1966 උපන් (1984 A/L) කරලා මගේ ලකුණු වලටම වගේ මොරටු ගිය අය මම දන්නවා. මොකද 1984 වර්තගත් ඉතාම අඩු ගණනක් උසස් පෙළ කලේ.

      // ඒ කියන්නේ ඔබත් හොර පාරෙන් ගිය කෙනෙක්ම තමා.// මම නම් විශ්වාස කරන්නේ නැහැ. හොර පාරෙන් යන්න මම කවුරුහරි දැනන් ඉන්නවත් එපාය. හැබැයි මම ගිය යානයේ ඇමති කෙනෙකුගේ දුවකුත් ගියවග නම් මතකයි.
      ඊට අමතරව මගේ විදුහලේ උගත් උසස් අධ්‍යාපන අමාත්‍යංශ ලොක්කෙකුගේ පුතෙකුත් පසුව එම අවුරුද්දෙම අන්තිම ෆ්ලයිට් එකටත් පස්සේ ඇවිත් මට හමුවුන. හමුවුන දවසේ හැර ඉන්පසු ඔහු මට කවදාවත් කථා කලේ නැහැ. //සාදාරන ක්‍රමේකට උනා නම් ඕක වෙන්ඩ ඕනේ අර මම උඩින් කියපු විදිහට පසු කාලීනව ඕස්ට්‍රලියන් ශිශ්‍යත්ව දීපු විදිහට දෙන එකයි. එතකොට ඉහල ලකුනු තියෙන අයට දේශීය හෝ විදේශ විශ්වවිද්‍යාලය තෝරා ගන්න පුළුවන්. එයි ඇතිවන පුරප්පඩු වලට අඩු ලකුනු ගත් අයව යොමු කරන්ඩ පුලුවන්.// -- මම හැම වෙලේම හිතුවේ ප්‍රතිපාදන කොමිසම කරන්නේ එහෙම කියල. ඒ දවස් වල දුන් ශිෂ්‍යත්ව 80න 5-60 ඒ විධිහටත් 20 ක් පමණ අත යටිනුත් එවන්න ඇති කියල හිතනවා.
      //රටේ ප්‍රදාන පෙලේ විද්‍යලයක ඉගෙන ගෙනත් පලමු වරට සාමාන්‍ය පෙල ගනිතය අසමත් ( ඒ කියන්නේ ගුරුවරුන් හිග කම සහ අනෙක් පහසුකම් අඩු කම නිසා අසමත් වූ අයෙක් නොවේ) නයට උසස් පෙල කලා අංශයෙන් ඉගෙන ගෙන පසුව රුසියාවේ වෛද්ය උපාදියක් ගෙන( කාලයක් රුසියාවේ සිටි බව හරියටම දන්නව. උපාදි කලාද කුපාඩි කම් කලද කියන්ඩ දන්නෙ නැහැ ) සෞක්ය අමාත්‍යාංශයේ ඉහලම පුටුවක් ඉන්න අයෙක් මම දන්නව. ඔබ ඒ ගොඩේ නොවුනත් එහෙම අයත් සිටිනව.// එවැනි දෙතුන් දෙනෙක්ම මම දන්නවා. ඔවුන් ආවේ රජයෙන් ද කියන්න මම දන්නේ නැහැ. ඔය කියන පුද්ගලයා නම් ආවේ රජයෙන් නොවේ කියලත් දන්නවා. ඕක ලංකාවේ හැටිනේ මචන්. එදත් එහමයි. අදත් එහෙමයි. හෙටත් එහෙමයි.

      Delete
    11. @සරසා - ෆේස්බුක් මඩ ප්‍රහාරය ආවේ මටය. එහි තිබුණු කොමෙන්ටු මෙහි දැමුවේ ඇනෝ කෙනෙකි. එයට ඔබ දෙන පිළිතුරේ මා ගෑවී ඇති බව දනිමි. පිළිතුර එහෙයිනි.

      Delete
    12. මම උත්තර දුන්නෙ අජිත්ව ඉලක්ක කරලා නෙමෙයි.... සමස්ත සමාජය දිහාම බලලා... ප්රස්නය තියෙන්නෙ අජිත්ලා ගේ දුප්පත් කාලකන්නිකම බලය ලැබුන ගමන් අනිත් මිනිස්සු පිට පටවන්න හදන උත්සහය ගැන... ඒවා වැරදි වැඩ...

      Delete
    13. //මම උත්තර දුන්නෙ අජිත්ව ඉලක්ක කරලා නෙමෙයි.... සමස්ත සමාජය දිහාම බලලා// එහනම් ප්‍රශ්නයක් නැහැ.
      //ජිත්ලා ගේ දුප්පත් කාලකන්නිකම බලය ලැබුන ගමන් අනිත් මිනිස්සු පිට පටවන්න හදන උත්සහය ගැන// මේක තමා තේරෙන්නේ නැත්තේ. උදාහරණයක් දෙන්න බලන්න අපි වගේ දුප්පත් කාලකන්නියෙක් කරපු එහෙම දෙයක් ගැන? දුප්පතුන්ට ඉගෙන ගන්න බහ.ඉගෙන ගෙන රස්සාවක් කරලා ජිවත් වෙන්න බහ. පිටරටක ඉන්න බහ. බ්ලෝග ලියන්න බැහැ. . ඊට පස්සේ ඇවිත් ඉගෙන ගත්ත රට ගැන මුකුත් කියන්න බැහැ. එක කුලකයකට විතරයි එහෙම පුළුවන් කියල කටහ්වක් නේ යන්නේ මෙතන. ඇයි ඒ? දැන් ඇත්තටම මම එහෙම සෝවියට් දේශය ගැන කියලත් නැහැ ඔය බුකියෙවත් කොහෙවත්. මේ ආනන්දෙට ගිය මහත්මයෙක් වරදවා වටහා ගෙන ඇද ගත්ත දේකට හැමෝම ඇදිල ඉන්නේ. සරසා අර හබන් කුකුලගේ කාර්යය තමා කරමින් ඉන්නේ.

      Delete
    14. අජිත්,
      දන් මේකේ අජිත්ට හෝ රුසියාවේ ඉගෙන ගත්ත අයට මඩ ගහනව කියල අකංපහල වෙන්ඩ දෙයක් නැහැ. 2013 විතර ඉඳන් සිංහල බ්ලොග් අටව ගෙන ඔබ තුමන්ල කොච්චර නම් මහින්දට ගෝඨට මඩ ගැහුවද ? එවයෙ තිබ්බෙ මඩ විතරමනෙ කොටින්ම ඇත්තක් කියල කිසිම දෙයක් තිබ්බෙ නැහනෙ. උන් ගෙදර යවන කන්ම මඩ ගැහුවනෙ. ඉතිං උන් උඹල වගෙ හොටු පෙරාගෙන ඇඬුවද ?
      මම මේ ලඟදි කියෙව්ව අජිත්ගෙ පෝස්ට් එකක් අර කොලබ station වෙච්චි පොඩි සිඩ්දියක් ගැන. ඊට පස්සෙ කෝච්චියෙදි අජිත් එක්ක කතා කරපු මනුස්සය KDA එක වැඩ කරනව කියපු නිසා අජිත් ට යාළුවෙක් කියනව එ ගෝඨගෙ ඔත්තු හොයන මිනිහෙක් කියල. අජිත් ඒ මෝඩ කතාව විශ්වාස කරල පෝස්ට් එකකුත් ලියනව. ඇත්තටම ඌ එහෙම ඔත්තු කාරයෙක් උනා නම් ඌ කවදාවත් KDA එකේ වැඩ කරනව කියයිද කියල හිතන්ඩ වත් මොලේ වැඩ කරල නැහැ. ඔය වගෙම කතාවක් කිව්ව නිර්මාල් රන්ජිතුත්. අර කාටත් හොරෙන් හැංගිල හිටපු කුමාර ගුනරත්නම්ව කුදල ගෙන ආව කියපු ගෝඨ අච්චර ප්‍රසිද්දියෙ ජීවත් වෙන නිර්මාල් ගෙදරින් යන වෙලාව හොයා ගන්ඩ defence minstry එකෙ මිනිස්සු දෙන්නෙක් ඒ logo එක ගහපු වාහනේකින් ඇවිල්ල ලඟ පාත කඩේකින් අහල ගිහිල්ල. තව කවුරු හරි ඕක ගැන විරෝදය පල කරල දිග බ්ලොග් එකකුත් ලියල තිබ්බ.
      එහෙව් බ්ලොග් කාරයින් ටික පහු ගිය ටිකේ බළු කපුටු දානයක් ලැබුනු විට කාකොටා ගන්න බළු රැලක් මෙන් උන් උන්වම හපා ගන්නව දැක පොඩි "කාලකන්නි" සතුටක්ද ලදිමි
      ඒකාලේ රනිල්, ඊලාම් සිහිනය කුඩු වෙච්චි උන්, තමුන් කියපු දෙ අහපු නැති නිසා තරහ වෙච්චි ඇමෙරිකන් එම්බසියෙ ආයො එහෙම තමා හබන් කුකුලගෙ රාජකාරිය කොලේ.
      අජිත්ලා වගේ මඩ ගහපු උන් විතරක් නෙවෙයි හබන් කුකුලො වෙච්චි රනිල්ලත් ඒ "කර්ම බිච්" තමුන්ව හපා කන කොට දැන් හොටු පෙරා ගෙන අඬනව.

      කුම්බලා මාළු කෑවා නම් ඉවසන්ඩ වෙනව. අමාරුයි තමා අපිටත් දුකයි. ඒත් කොරන්ඩ දෙයක් නැත.

      Delete
    15. // දන් මේකේ අජිත්ට හෝ රුසියාවේ ඉගෙන ගත්ත අයට මඩ ගහනව කියල අකංපහල වෙන්ඩ දෙයක් නැහැ. 2013 විතර ඉඳන් සිංහල බ්ලොග් අටව ගෙන ඔබ තුමන්ල කොච්චර නම් මහින්දට ගෝඨට මඩ ගැහුවද ? එවයෙ තිබ්බෙ මඩ විතරමනෙ කොටින්ම ඇත්තක් කියල කිසිම දෙයක් තිබ්බෙ නැහනෙ. උන් ගෙදර යවන කන්ම මඩ ගැහුවනෙ. ඉතිං උන් උඹල වගෙ හොටු පෙරාගෙන ඇඬුවද ? //

      Well said Mr Ano!!!
      Ajit is one of the key members in Sinhala blogs to spread rumors and false accusations on MR and GR!!! None of such accusations are true as still there are not a single court case against MR and GR!


      Not only that, he started a fake blog award with the blessings of UNP to foster UNP propaganda and spread anti MR hatred in Sinhala blogs... message was simple.. you want an award..then write against MR!!! That is the whole agenda of Ajith's Nelum Yaya!!!

      Delete
    16. දැන් ඇනෝ
      Anonymous January 5, 2017 at 6:43 PM මෙහෙම බලමු. ඔය ලියල තියෙන්නේ මගේ අත්දැකීමක් ගැනනේ. පොලිස්කාරයෙක් මට පින්තුර ගණන් නුදුන් එකක් ගැන. ඒකෙ ගෝඨා ගේ ඔත්තු කාරයෙක් වෙන්න ඇති කියල යාළුවෙක් කියනවා. මම ඒක ලිව්වා. ඉතින් ඒක ට විරුද්ධව ප්‍රතිචාරයක් දාන්න අවස්ථාව තියනවා. .එතකොට ඔය ඇනෝ මොකෝ මේවා ගැන ලියන්නේ නැත්තේ.
      ජෝන් ගේ නීතිය, කුමාර් ගේ නීතිය, තෙවරප්පෙරුමගේ ගේ නීතිය, ශෂී ගේ නිතිය ......උපුල්ගේ සම්මානය
      අන්තරේට කඳුළු ගෑස් ගහන්න කිවූ යහපාලන පිස්සු හුටං කවුද?
      අන්තරේට කඳුළු ගෑස් - රාජකීයට ටැබ් - ඇත්තටම රනිල්ට පිස්සුද
      අන්තරේ ගැටේට හිරවුණු පොලිසියේ කිරිපල්ල හා මහමගේ හිරවුණු කිරි ඇල්ල
      කොටින්ම මම මේ ආණ්ඩුවට විරුද්ධව ලියපු ඒවා වැඩියි GR , MR ට වැඩිය. ගෝඨා එහම කරනවා කියල යාළුවෙක් කිව්වා කියල ලියන එක අල්ලාගෙන කතා කරන්නේ මේ ,ලිපි ගැනත් මොනවා හරි කියන්නකෝ.

      Delete
    17. අනේ සරසෝ මම හොටු පෙරාගෙන අන්දපු කෙහෙල් මලක් නැහැ. මට හරිහැටි තතු නොදන්නා රුසියාවට පැමිණි ජවිපෙ ගෙම්බෙක් කියූ කතාවකට බුකියේ පිළිතුරු දී සරසා ගේ ගොන් පොස්ට් එකට පිළිතුරු දුන්න පමණයි. අපොයි මම මේ හොටු පෙරාගෙන පෙරලි පෙරලි අඬනව, හෙහ් ඉංග්‍රීසියෙන් කිව්වා එක තේරිලා නැති නිසා සිංහලෙන් ලියන්නම්. මම කිව්වේ මම ගැන නෙමේ. සම්මාන ගත්ත යුඅනිපී නොවන බ්ලෝග කරුවන් ඉන්නවා. උන්ට අපහස කරන්න එපා. මට ඕන රෙද්දක් කියපන්.

      Delete
    18. අජිත්,
      //එතකොට ඔය ඇනෝ මොකෝ මේවා ගැන ලියන්නේ නැත්තේ.// මගේ මූලික තර්කය වුනේ ඔබත් අනෙක් බ්ලොග් කරුවනුත් තම තමන්ගෙ බ්ලොග් සටහන් මගින් ඔබ මහින්දට ගෝඨට මඩ (සත්ය දැයි නොදන්නා දේ, තාර්කිකව විමසූ විට අස්ත්ය යැයි පෙනී යන දේ) ගැසූ බවය. ඒ කරුන සාදනය කීරීමට අවශ්‍ය උදාහරන ඔබගේ බ්ලොග් තුලින් පෙන්වා දුන්නෙමි. ඔබ සඳහන් කල අනෙක් බ්ලොග් මාගේ තර්කය සාදනය කරන්නේ හෝ නිශේදනය කරන්නේ නැති බැවින් ඒ ගැන අදහස් දැක්වීම එම පෝස්ට් එකට අදාල නොවේ. ඒනිසා ඒවා ගැන නොලියන්නේ ඇයි වැනි ප්‍රශ්න ඇසීමම මෝඩ කමකි.
      Be a man and face It. But never forget Karma is a bitch.You never know when its going to bite back.

      Delete
    19. //ඔබ සඳහන් කල අනෙක් බ්ලොග් මාගේ තර්කය සාදනය කරන්නේ හෝ නිශේදනය කරන්නේ නැති බැවින් ඒ ගැන අදහස් දැක්වීම එම පෝස්ට් එකට අදාල නොවේ// ඒ සන්ධාන කලේ අනිත් බ්ලොග් නොව මගේම බ්ලොගයේ ලිපිය. ක්ලික් කලාද? ඔබ කියන්නේ ම ගෝඨා හෝ මරාට මඩ ගැසූ බවය. මා ලියුවේ මා ලද අත්දැකීමකි. මද යනු ඒවා නොවේ. අනික මට මේ වදින්නේ මද බවත් ඒවාට පිළිතුරු වීමත් කර්මයක් වන්නේ කෙසේදැයි මට නොතේරේ. මට නම් මේවා ආතල්ය . පිළිතුරු දීමට ඉඩ ලැබෙන බැවිනි. මා ඔය දැම්මේ මගේ බ්ලොගයේ ලින්ක් පමණි. ක්ලික් කර බලන්න. මා ගෝඨා හෝ මරා පමණක් ඉලක්ක කර ලියා නැත.

      Delete
    20. //අනිත් බ්ලොග් නොව මගේම බ්ලොගයේ ලිපිය// සමා වන්න අනෙක් බ්ලොග් යනුවෙන් මා අදහස් කලේ ඔබෙ අනෙක් ලිපිමය. වචන භාවිතයේ වරදකි.
      //ඔබ කියන්නේ ම ගෝඨා හෝ මරාට මඩ ගැසූ බවය. මා ලියුවේ මා ලද අත්දැකීමකි.// මඩ යනුවෙන් සම්මත අර්ත දක්වන්නෙ සත්ය දැයි නොදන්නා දේ හෝ තාර්කිකව විමසූ විට අස්ත්ය යැයි පෙනී යන දේ යමෙකුට එරෙහිව පැවසීමය. ඔබගේ අත් දැකීමක් ගැන ලිවීම ඔබෙගේ අයිතියකි. නමුත් ඒ අත්දැකීම සම්බන්දව ඔබගේ මිතුරා කී දේ පදනම් කර ගෙන ඔබ එම ලිපිය තුල ගොඨා හා එවකට පැවති පාලනය ගැන බොහෝ දේ කියයි. එහි පදනම බොරුවක් වූ විට ඉතිරි සියල්ලම අනිවාර්යයෙන්ම මඩ බවට පත් වේ
      //අනික මට මේ වදින්නේ මද බවත් ඒවාට පිළිතුරු වීමත් කර්මයක් වන්නේ කෙසේදැයි මට නොතේරේ.මට නම් මේවා ආතල්ය// මට කවුරුන් හෝ මඩ ගසන්නේ නම් මම එය කරුමයක් ලෙස දකිමි. මට එහි කිසි ආතල් එකක් නැත. ඒ මම අනුනට මඩ නොගසන බැවිනුත් අනුන් ගැන බොරු ප්‍රචාරය කිරීම ඉතාම පහත් සහ පිලිකුල් සහගත ක්‍රියාවක් බව මා කුඩා අවදියෙ සිටම මාගේ දෙමපියනුත් මා ඉගෙන ගත් පාසල් අදියෙනුත් මට උගන්වා ඇති බැවිනි. එමෙන්ම මා සතුව තොරතුරු ඇත්නම් ඒවා අදාල පුද්ගලයාගෙ මූනටම පැවසීමට මට කශේරුකාවක්ද ඇති බැවිනි. එවිට මා වැරදි නම් ඔහුට නිවැරදි කල හැක. හවසට ඔහු සමග බියර් එකක් බී හිතේ කහටක් ඉතුරුව ඇති නම් එයද මකා දැමිය හැක.
      නමුත් මඩ ගසා හෝ මඩ කා ආතල් ගැනීම ඔබේ තෝරා ගැනීමය. තෝරා ගැනීම් රඳා පවතින්නේ ඒ ඒ පුද්ගලයාගෙ වටිනාකම් මතය.

      Delete
    21. මෙතැනදී ඔබ කරුණු වරදවා පවසන හෙයින් මා ලියු දෙය නැවත පළ කරමි.
      //ඉන්පසු සිදුවුයේ තරමක් අදහා ගත නොහැකි දෙයකි. එතනම සිටි අයෙකු දුම්රියට නැග මමත් බිරිඳත් අතරින් හිඳ ගත්තේය. දරු දෙදෙනා අනිත් කෙළවරේය. බිරිඳ එතනම ළඟ සිටි තවත් ජර්මන් කාන්තාවක් හඳුනාගෙන සංවාදයක යෙදුනාය. අර තැනැත්තාද ප්‍රශ්න රාශියක් මගෙන් ඇසුවේය. මගේ වගතුග ඉන්නේ කොහෙද රැකියාව කුමක්ද වැනි ප්‍රශ්නයි.//. මේ මේ මනුස්සය අප අතර හින්ද අගත්තේ අවිනීත අයුරිනි. මගේ දියණියන් මැදිරියේ මුල්ලකට වී නිහඬව එලිය බලගෙන ගියහ.ඔවුන්ට කිසිවක් කියා දීමටද නොහැකි විය. පිටරටවලද මෙවැනි නිල;අධාරින් සිටි මුත් මොහුගේ හැසිරීම මදක් අශිෂ්ට විය. මා ඒ බව ලීවේ නැත. ම ලියුවේ අසත්‍යක් නොවන බව නැවතත් කියමි.
      ඉන්පසු ලීවේ මෙයයි.
      //නැවත හෝටලයට ගිය පසු මම මේ සිද්ධිය යහලුවෙකුට පැවසුවෙමි. ඔහු කිවේ ඒ ගෝඨා ගේ ඔත්තුකරුවෙකු බවයි. රටක ඔත්තු සේවාවන් තිබීම සාමාන්‍ය දෙයකි. නමුත් සාමාන්‍ය මිනිසුන් පසුපසත් එවැනි අය යවන්නට තත්වයක් තිබෙනවා නේදැයි ඇසූ විට "උඹ සාමාන්‍ය එකෙක්යැ. පිටරට ඉඳන් උඹල මොනවට එනවද කවුද දන්නේ " යයි සමච්චලයට මෙන් කිවූ ඔහු, "දැන් ලංකාව සැහෙන්න දියුණුයි නේද?" කියා ඇසීය. "උඹ දියුණුව මනින්නේ මිනිස්සු පසු පස යන පොලිස් ඔත්තුකරුවන්ගේ ගානටද " කියා ඇසීමි. ඔහු කිවේ ලංකාවේත් දැන් පිටරට වගේ හොඳ ඔත්තු සේවයක් තිබෙන බවයි. මම ඔහුට කිවේ උඹලට නිදහස නැතිවී ඇති බව උඹලාටම නොතේරෙන බවත් ඒ බව ලියන ජන මාධ්‍යවේදීන් ගුටි කන බවත්ය. ඊට කලින් කීප දෙනෙකු අතුරුදහන්විද තිබෙන බව ඔහුට මතක් කර දුනිමි. //
      මේ අවසන් කොටසේ මම පැත්තක් අරගෙන නැති බව ඔබට නොවැටහීම අරුමයකි. ඒ ඔබ සරසා මෙන්ම එක පැත්තකට කඩේ යන නිසා විය යුතුය. මම මගේ ඉහත ලිපිද පල කලේ මා එවැන්නකු නොවන නිදහස් ව ලියන අයෙකු බව පැහැදිලි කිරීමටය.
      //මම කිසිම දේශපාලන පක්ෂයකට චන්දය දෙන්නට හෝ දෙන්නට එපා යයි කාටවත් කියන්න යන්නේ නැත. නමුත් පරණ කට්ටිය නැවත එනවා නම් හෝ අලුත් කට්ටියක් එනවා නම් දෙගොල්ලම මිනිසුන්ගේ නිදහස රැකිය යුතු බව මගේ හැඟීමයි. එය වඩාත් හොඳට ඉටු කරන කොටසට චන්දය දීම වඩා උචිත නොවේද? එහෙම කොටසක් සිටිනවාද?//

      Delete
    22. //ඒ මම අනුනට මඩ නොගසන බැවිනුත් අනුන් ගැන බොරු ප්‍රචාරය කිරීම ඉතාම පහත් සහ පිලිකුල් සහගත ක්‍රියාවක් බව මා කුඩා අවදියෙ සිටම මාගේ දෙමපියනුත් මා ඉගෙන ගත් පාසල් අදියෙනුත් මට උගන්වා ඇති බැවිනි// ඔඅබ මෙතන කිසියම් ලොකු ටෝක් එකක් දී ඇත. මෙහිදී ගෝඨා ට හෝ කාට හෝ ගස ඇති මඩක් නැත. මෙය මඩක් නොව විවේචනයකි. ඒ ඇත්තන්ට මුළු මීඩියා සියල්ලම අවනටහ්ව තිබූ අතර පොඩි බ්ලොග්කරයෙකුට අවශ්‍ය නම් පිළිතුරු දිය හැකිව තිබුණි. මේවා බොරු ප්‍රචාරද නොවේ.
      පොලිසියේ ජාතික රහස් ඔත්තු සේවය අසූ ගණන් වල තිබුනේ කුරුඳුවත්තේ කෞතුකාගාරය අසලය. ඔවුන්ට අයත් ගරාජය තිබුනේ වෙන තැනකය. (යුඇන්පී කාලයේ) මේ ගරාජයේ වාහන බිහොමයක් තිබුණු අතර ඒවායේ ලියාපදිංචි අංක සියල්ල උදේට වෙනස් කරති. ඉන්පසු විදේශ තානාපති නිලධාරීන් හඹා යාමට මෙන්ම සමහර දේශපාලකයින් පසු පස යාමටද ඒවා භාවිතා විය. මෙය ම පෞද්ගලිකවම දන්නා දෙයකි. ගෝඨාභය මහතා යනු දක්ෂයෙකි. ඔහු රටේ ඔත්තු සේවා සෑහෙන පමණ දියුණු කළ අයෙකි. සමහර මේ දේ ත්‍රස්තවාදීන් පැරදවීම පිණිස අත්‍යවශ්‍ය විය. නමුත් එය පසුව සිවිල් වැසියන් සඳහා භාවිතා කිරීමේදී ප්‍රශ්න පන නගී. අනිත් කාරණය නම් මේ මිතුරා යයි මා කිව්වේ IO කෙනෙකු ගැනය. ඔහුගේ බොස් කවුද යන්න ඔබ දනී. ඔහුගේ අනන්‍යතාවය හෙළි කිරමට මට නොහැකිය. මට එවැනි මිතුරන් බොහෝ වෙති. ඔබ අසත්‍ය හෝ මඩ යයි පවසන්නේ ඔබ අදහන අයෙකු ගැන ලියා ඇති නිසා පමණි. ඔබේ ඇත්තේ කශේරුකාවක් නොව දීන බවකි. කශේරුකාව ඇත්තේ නිර්භයව මෙය පළ කල මටය.

      Delete
    23. තවත් දෙයක් කියමි. ඔබලාට කළහැකි හොඳම දේ මේ රජය මෙවැන්නන් මිනිසුන්ගේ නිදහස වැලකීම සඳහා යොදා ගතහොත් ඒ පිළිබඳව විරෝධය පල කිරීමය.

      Delete
  2. හා හා බැඳුම්කොරේ බැඳුම්කොරේ.
    අදත් අමතක කොරල හිටං.

    ReplyDelete
    Replies
    1. මම මටම ටොක්කක් ඇණගත්තා හිටන්!

      සදා සමරමු බැඳුම්කරේ!

      Delete
    2. බැඳුම්කර ගීතය වගේ දෙයක් හැදුවොත් නරකද සරසයෝ. මල්ලේ පොල් බ්ලොග් එක ක්ලික් කරපු ගමන් " බැඳුම් කරේ...බැඳුම් කරේ...රනිල්ගේ...බැඳුම් කරේ කියලා දඹුලුගලේ ටියුන් එකට සින්දුව වාදනය වෙනවා.

      Delete
    3. අරූ තුමා ගේ අදහස චමත්කාරයි හිටන්!

      Delete
  3. සාරස යෝදයෝ,

    මේ වගේ කමෙන්ට් දකින්න ලැබෙන එකත් (කාට වුණත් හිත රිදෙන එක ඇත්ත වුණත්) බ්ලොග් වල තියෙන හොඳක්. සාමාන්‍ය ජීවිතයේ හමුවන අය අතර ඔය විදිහටම හිතන නමුත් මූණට නොකියන හෝ වෙන දෙයක් කියන, නැති තැන්වල කමෙන්ට් දාන අය කොච්චර ඇද්ද?

    අන්න ඒ වෙනසට අපි බ්ලොග් වලට ගරු කළ යුතුයි !

    ReplyDelete
    Replies
    1. // අන්න ඒ වෙනසට අපි බ්ලොග් වලට ගරු කළ යුතුයි !//

      ගරු කොරමු
      රට හදමු
      සියල්ලන්ගේම අදහස් වලට ඉඩදෙමු
      කතිකාවෙන් ගොඩ එමු!

      Delete
  4. හිතවත් සාරස,

    මම ඉපදුණේ 1963, ගම්පහ දිස්ත‍්‍රික්කයේ බියගම ආසනයේ හෙයියන්තුඩුව කියන ගමේ. ඇත්තටම ඒක විශාල ගමක්. අපි එච්චර ලොකු මිනිස්සු නෙමෙයි. තාත්තා කළේ ගොවිතැන්. අම්මා නම් හිටියෙ ගෙදර. අපේ පවුලෙ වැඩිමලා මම. මට ඉන්නෙ මල්ලිලා දෙන්නයි නංගිලා දෙන්නයි. කොහොමහරි මට අද වගේ මතකයි ඒ දවස්වල ගමේ අය කිරි අරගෙන යන්නෙ අපේ ගෙදරින්. ඒ දවස්වල අද වගේ කිරිපිටි තිබුණෙ නෑ. ඉතිං දියර කිරි තමයි අරගන්නෙ.

    මං පුංචි කාලෙ ටිකක් දඟයෙක්. මට මතක තියෙන අවධිය තමයි මගේ පාසල් කාලය. මම පුංචි කාලෙ ඉස්කෝලෙ යන්න හරිම අකැමැතියි. ඒ කියන්නෙ හැත්තෑව දශකය. මම මුලින්ම ගියේ ගමේම තිබුණු ඉස්කෝලෙට. ඒ කියන්නෙ හෙයියන්තුඩුව ඉස්කෝලෙට. මම ගමේ ඉස්කෝලෙ ඉගෙන ගත්තෙ හය වන ශ්‍රේණිය වෙනකල් විතරයි. ඒ කාලෙ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවෙන් 10-11 වගේ ශ්‍රේණි නැති කරලා තිබුණෙ. ඒ කියන්නෙ අපේ ඉස්කෝලෙ ප‍්‍රාථමික ඉස්කෝලයක් බවට පත් වුණා. ඉතිං අපිට සිද්ධ වුණා වෙන ඉස්කෝලයක් හොයා ගන්න. ඒ හරියෙ ලොකු ඉස්කෝලෙකට තිබුණෙ හෙයියන්තුඩුව මහා විද්‍යාලය. මං අර මුලිනුත් කිව්වනේ අපේ ගම ලොකු ගමක් කියලා. ඉතිං අපිට ඉස්කෝල දෙකයි. මං ඊට පස්සෙ ගියේ හෙයියන්තුඩුව මහා විද්‍යාලයට. ඒත් ඒ පාසලට ගියේ 10 වන ශ්‍රේණිය වෙනකල් විතරයි.

    TBC...

    ReplyDelete
    Replies
    1. CFA..

      මම උසස් පෙළ කරන්න දෙල්ගොඩ කල්‍යාණ ප‍්‍රදීප විද්‍යායතන පිරිවෙනට ආවා. මම ඉගෙන ගන්න එච්චරම දක්ෂ නෑ. ඔය පිරිවෙනට එන්න කලින් මම පන්තියෙ අන්තිමයා. හැබැයි මම පිරිවෙනට ආවට පස්සෙ කලින්ට වැඩිය ටිකක් හොඳට අධ්‍යාපන කටයුතු කළා. මම ඔය දවස්වල ක‍්‍රීඩාව පැත්තට හරි උනන්දුයි. රිටි පනින්නත් හරි දක්ෂයි. මම තමයි හෙයියන්තුඩුවට රිටි පැනීමේ ක‍්‍රීඩාව හඳුන්වලා දුන්නෙ. ඒත් අපෙ අම්මට ලොකු උවමනාවක් තිබුණා මට හොඳට උගන්වන්න.

      හැබැයි කොහොම කොහොමහරි මටත් හොඳට ඉගෙන ගන්න ඕන කියන ආසාව ඇති වුණා. ඒක වුණේ මං හිතන විදිහට මට ඇසුරු කරන්න ලැබුණු ගුරුවරු නිසා වෙන්නත් ඇති. ඇත්තටම දෙල්ගොඩ පිරිවෙනට ගියෙත් හරි අහම්බයකින් වගේ. මම දෙල්ගොඩ පිරිවෙනට ගියේ යාළුවෙක්ට උසස් පෙළ කරන්න ඇප්ලිකේෂන් ෆෝර්ම් එකක් ගන්න.

      ඒ වෙලාවෙ මාව දැකලා ලොකු හාමුදුරුවො ඇහුවා, ‘‘ඔය ළමයගෙ ප‍්‍රතිඵල කොහොමද?’’ කියලා. ඉතිං මම කිව්වා. ඊට පස්සෙ හාමුදුරුවො කිව්වා, ‘‘යාළුවා නෙමෙයි තමුසෙ මෙහෙ උසස් පෙළ කරනවා’’ කියලා. ඒ හාමුදුරුවො හරි සැරයි. ඒත් මං කිව්වා, ‘‘හාමුදුරුවනේ මං හිතාගෙන ඉන්නෙ ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළ කරන්න’’ කියලා. මොකද මං දන්නවා ජීව විද්‍යා අංශයෙන් පිරිවෙනේ උසස් පෙළ කරන්න බෑ කියලා. ඒ වෙලාවෙ හාමුදුරුවො ආයෙත් සැරෙන් වගේ කිව්වා ‘‘ජීව විද්‍යාව කරන්න ඕන නෑ, වාණිජ කරන්න පුළුවන්නෙ’’ කියලා.

      Delete
    2. CFA...

      පස්සෙ මං කැමැති වුණා. ඒත් ඒ වාණිජ කරන්න නෙමෙයි ආර්ට්ස් කරන්න. ඒත් හාමුදුරුවන්ගෙ බලවත් පෙරැත්තය නිසාම මට වාණිජම තමයි කරන්න වුණේ. කොහොමහරි උසස් පෙළට කරන්න වුණේ මං අකැමැතිම විෂයයන් ටිකක්.

      කොහොමත් මම ඔය කියන කාලෙ වාමාංශික දේශපාලන ව්‍යාපාරයට හරි කැමැතියි. ඒ ගැන ගොඩක් පොත් පත්තර කියෙව්වා. ශිෂ්‍ය සංගම්වල කටයුතුවලටත් සම්බන්ධ වුණා. බහුජන ව්‍යාපාරවල කටයුතු කළා. මං හිතන්නෙ මම ගොඩක් දේවල් ඉගෙන ගත්තෙ ඒවගෙන්. එදා පාසල් ජීවිතයෙන් යම් ජීවන අත්දැකීමක් ලැබුණා තමයි. ඒත් මං හිතන්නෙ මට නම් ලොකු දැක්මක් හා අවබෝධයක් ලැබුණෙ සමාජයීය ජීවිතයෙන්. අවාසනාවකට අද ඉන්න ළමයින්ට ඒ චාන්ස් එක නෑ. මොකද අද වාමාංශික ව්‍යාපාර නෑ, කොමියුනිස්ට් ව්‍යාපාර නෑ, පාසල් කාලෙ දි ශිෂ්‍ය ව්‍යාපාර නෑ. ඉතිං සමාජයීය අවබෝධයක් ලබා ගන්න ළමයින්ට තැනක් නෑ. වර්තමාන පාසල තුළත් උත්තරීතර මනුෂ්‍යයෙක් බිහි කිරීමේ අරමුණක් නෑ. එතනත් දැන් ව්‍යාපාරික අංශයක් බවට පත්වෙලානෙ. එතන තියෙන්නෙ මනුස්සකමකට වඩා මොකක්ද තරගයක්නෙ. ඇත්තටම එදා වුණේ සමාජය විසින් පාසල ආරක්ෂා කරපු එක. ඒත් අද වෙලා තියෙන්නෙ සමාජයෙන් පාසල ආරක්ෂා කරගන්න එක.

      Delete
    3. CFA...

      ඉතිං කොහොමහරි මම උසස් පෙළත් යන්තමින් සමත් වෙනවා. ඊට පස්සෙ මට සෝවියට් දේශයට යන්න ශිෂ්‍යත්වයක් හම්බ වුණා. ඒ 1986. මම සෝවියට් දේශයට ගිහිල්ලා ජනමාධ්‍ය හැදෑරුවා. ඒත් මට උවමනාව තිබුණෙ ජනමාධ්‍යටත් වඩා දර්ශනවාදය හදාරන්න. ඒකත් මං හැදෑරුවා. 1986 කියන්නෙ සෝවියට් දේශයේ දේශපාලනමය වශයෙන් වෙනස්කම් වෙන්න පටන් ගත්ත අවධිය. ඉතිං අපිට ප‍්‍රායෝගිකව පවා හදාරන්න ගොඩක් දේවල් තිබුණා. කොහොමහරි මම මගේ මූලික උපාධිය හදාරලා ශාස්ත‍්‍රපති උපාධිය හදාරනවා. ඒ කියන්නෙ 1992 වගේ මට මතක විදිහට. ඒ ඉගෙන ගත්තෙත් ජනමාධ්‍යම තමයි.

      මම ශාස්ත‍්‍රපති උපාධියත් සමත් වුණේ පළමු පන්ති සාමාර්ථයක් සහිතව. ඒ නිසා ඒගොල්ලොම යෝජනා කළා මට පී.එච්.ඩී. එකත් එහෙම කරන්න කියලා. හැබැයි ඉතිං ඔය කාලසීමාව වෙනකොට සෝවියට් දේශය බිඳ වැටිලා, ශිෂ්‍යත්ව ක‍්‍රමත් ඔක්කොම අහෝසි වුණා. ඉතිං ඒ වෙලාවෙ මං ලොකු අර්බුදයකට මුහුණ දුන්නා. මොකද විශ්වවිද්‍යාලයෙන් පී.එච්.ඩී.යට මාව රෙකමන්ඞ් කළාට ඊට අදාළ වියදම් කළේ නෑ. මට ඒ හැම වියදමක්ම දරා ගන්න සිද්ධ වුණා. විශ්වවිද්‍යාලයෙනුත් මට ඒ බව දැනුම් දුන්නා. ඒත් මං අධෛර්යමත් වුණේ නෑ. මං තීරණයක් ගත්තා මං කොහොමහරි පී.එච්.ඩී. එක කරනවා කියලා. මට මොකුත් ගෙදරට කියන්න විදිහකුත් තිබුණෙ නෑ. මොකද අද වගේ ඒ දවස්වල අපිට මොබයිල් ෆෝන් තිබුණෙ නෑනේ. ලියුම්වලින් තමයි අදහස් හුවමාරු කර ගත්තෙ. අද ලියුමක් ලියලා දැම්මොත් මාස දෙකකින් විතර තමයි ඒක හම්බ වෙන්නෙ. ලෙඩක් එහෙම හැදිලා ලියුමක් ලිව්වොත් ලියුම හම්බ වෙනකොට එක්කො ලෙඩේ හොඳ වෙලා. නැත්නම් වෙන්න ඕන දේවල් වෙලා ඉවරයි.

      කොහොමහරි මං මගේ මුදල් ප‍්‍රශ්නෙ ගැන ලංකාවෙ එවකට අදාළ බලධාරීන්ටත් ලිව්වා. ඒත් වැඩක් වුණේ නෑ. අන්තිමට මගේ බලවත් ඉල්ලීම නිසාම ශිෂ්‍යාධාර රහිතව අධ්‍යාපන කටයුතු කරගෙන යන්න රුසියාවෙන් අවසරයක් දුන්නා. වෙලාවෙ හැටියට ඒක ලොකු දෙයක්. ඒ කියන්නෙ අධ්‍යාපනය විතරයි මට නොමිලෙ. අනිත් හැම දෙයකටම මම ගෙවන්න ඕන. මම කොහොමත් දර්ශනවාදය පැත්තට ගොඩක් කැමැතියි. ඒ පිළිබඳ ගොඩක් පොත් එහෙමත් කියෙව්වා. ඉතිං ඔය අතරෙ දවසක් මම රුසියානු රාජ්‍ය විශ්වවිද්‍යාලයේ ලේඛකාධිකාරීවරයා හම්බ වෙලා කිව්වා, මම පී.එච්.ඩී.යට ඉගෙන ගන්න කෙනෙක්, මට තවදුරටත් දර්ශනය ගැන ඉගෙන ගන්න ඕන කියලා. ඒ වෙලාවෙ දි එතුමා මගෙන් විස්තර අහලා කිව්වා ඔයාට ඉගෙන ගන්න පුළුවන් හැබැයි ගෙවන්න වෙනවා කියලා. ඒත් මං මගේ ඇත්ත තත්ත්වය කිව්වා. මට ගෙවන්න විදිහක් නෑ කියලා මම දිගින් දිගටම කිව්වා. පස්සෙ මට ඒගොල්ලො අවස්ථාවක් හදලා දුන්නා දර්ශනවාදය හදාරන්නත්.

      Delete
    4. CFA...

      අන්තිමට මං මගේ අධ්‍යාපන කටයුතු ඉතා සාර්ථකව ඉවර කරලා, පී.එච්.ඩී. එකත් අරගෙන 1998 මාර්තුවල ලංකාවට ආවා. ඇවිල්ලා කැලණිය විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්යවරයෙක් විදියට වැඩ කළා. එහෙම අවුරුද්දක් විතර ස්ථිර රස්සාවක් හොය හොයා ඉන්නකොට කොළඹ විශ්වවිද්‍යාලයේ වේකන්සියක් කෝල් කරලා තිබුණා ශ‍්‍රීපාලි මණ්ඩපය පටන් ගන්නවා කියලා. ඉතිං ඒකට ඇප්ලිකේෂන් දැම්මා. සතියක් විතර යනකොට ලියුම ආවා ඇවිත් වැඩ බාරගන්න කියලා. ඒ 1999 මුලදි.

      ඇත්තටම මගේ ජීවිතේ මේ සිදුවුණු සිදුවීම් එකක්වත් ප්ලෑන් කරලා කරගත්ත දේවල් නෙමෙයි. මේ හැමදේම අහම්බෙන් වගේ සිදු වෙච්ච දේවල්. අපි ශ‍්‍රීපාලියට එනකොට විෂය නිර්දේශයක්වත් හදල තිබුණෙ නෑ. අපි කිහිප දෙනෙක් එකතු වෙලා ඒවා හැදුවා. විශ්වවිද්‍යාලයකට අවශ්‍ය කරන සියලූ දේවල් අපි නිර්මාණය කළා. පහුගිය අවුරුදු 20 ම ගෙවිලා ගියේ ඒ වෙනුවෙන්.

      මං සෝවියට් දේශයෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා. මෙහෙ අපි වාමාංශික ව්‍යාපාරය කියන්නෙ ගොඩක් කලබල, එහෙ මෙහෙ දුවන, සටන් පාඨ කියන, ආවේග ශීලී විදිහට හැසිරෙන එකක් නේ. ඒත් එහෙට ගියාම එහෙම තත්ත්වයක් නෑ. මිනිස්සු හරිම සංවරයි. ශාන්තයි, කිසිම කලබලයක් නෑ. මට ඉතිං හරි පුදුමයි.

      මං එකපාරක් අත්වැඩ දෙන්න රුසියානු වැඩ බිමකටත් ගියා. ඒ තුළින් ජීවිතේට ලොකු අත්දැකීමක් ලැබුණා. මට එහෙ දි තමයි තේරුම් ගියේ පොතේ තියෙන සමාජවාදයට වඩා මේක වෙනස් කියලා. ඇත්තටම අපේ වාමාංශික නායකයොයි, පොත්පත්වලයි තියෙන ඒවා ප‍්‍රායෝගිකව හරි වෙනස්. සෝවියට් රුසියාව කියන්නෙ සම්පූර්ණයෙන්ම වෙනස් ජීවන රටාවක්. මං අදටත් විශ්වාස කරන්නෙ ලෝකෙ කොහේහරි සමාජවාදය පවතින්න පුළුවන් නම් ඒ එකම ක‍්‍රමය සෝවියට් රුසියාවෙ තිබුණු ක‍්‍රමයම විතරයි. ඒකම තමයි සමාජවාදයට තියෙන එකම විකල්පය.

      මම ලංකාවට ආවට පස්සෙත් ඔය ගැන කල්පනා කළා, කතා කළා, පත්තරවලට ලිව්වා. ඒ වෙනස හඳුනා ගත්ත පිරිසක් හිටියද කියන්න මං දන්නෙ නෑ. ඉතිං ඔහොම මං තනියෙන් ටික කාලයක් හිටියා. පස්සෙ විවාහ වුණා. යෝජනාව ආවෙ ගෙදරින්. දැන් අපිට දරුවො තුන්දෙනෙක් ඉන්නවා. පුත්තු දෙන්නයි, දුවයි. නෝනා තක්ෂිලාවෙ ගුරුවරියක්. දැන් අපේ පදිංචිය බණ්ඩාරගම. මේ වන විට අපේ මුල් ගමේ ඉන්නෙ අම්මයි සහෝදර සහෝදරියොයි. තාත්තා නම් නැති වුණා.

      මේ සමාජයේ මනුෂ්‍යයෙක් විදිහට ජීවත් වෙනකොට යම් බලාපොරොත්තුවක් තියාගන්න ඕන. මොකුත් අදහසක් නැතුව ජීවත් වෙන එක ඇත්තටම ජීවිතයක් නෙමෙයි. හැබැයි ඕනවට වඩා ඒ අදහසේම එල්ලීගෙන ඉන්න ඕනා කියලා එකක් නෑ මම හිතන්නෙ. මොකද ජීවිතය කියන්නෙ ඒකම නෙමෙයිනේ. මගෙ අදහස නම් ඕනෑම අදහසකට, ඕනෑම සංකල්පයකට වඩා සංකීර්ණයි මිනිස් ජීවිතය. අපි කොච්චර පරිපූර්ණයි කියලා හිතුවත් ඒක එහෙම වෙන්නෙ නෑ. මොකද හැම වෙලාවෙම මොකක් හරි අඩුවක් හිටිනවා. ඒක තමයි මිනිස් ජීවිතයක හැටි.

      Delete
    5. // Reply

      AnonymousJanuary 4, 2017 at 5:52 AM //

      ගරු ඇනෝ තුමනි,

      පැරණි සෝවියට් දේශයේ උගත් ඔබ, එහි ජනතාවට හා එම රටට ගරු කරමින් එය අගය කරමින් ලියූ ආලෝචනය කියවූ මට හැඟුනේ එහි කතෘ වන ඔබ ද ගරුත්වය ලැබීමට සය අගයකිරීමට ලක්වීමට සියලු සුදුසුකම් සපුරා ඇති බවකි!

      සෝවියට් දේශය අවසන දැඩි අපහසුකම් මද්යයේ ඔබ නොසැලී ඉදිරියටම යමින් තම අරමුණ සපුරාගැනීම ගැන අපගේ සුභපැතුම් පිලිගන්න!

      Delete
    6. ප්‍රිය සාරස මිතුර,

      ඔබටත් බෙහෙවින් ස්තූතියි. බොරු පුරාජේරු කයිවාරු ගසා කිච වෙනවාට වඩා හිතට එකඟව ඇත්ත කීමෙන් විශාල සතුටක් සහ සැනසීමක් ලබාගත හැකිය. මගේ ආත්ම තෘප්තිය එයයි. නමුත් සමහරු විවිධාරර පුරාජේරු කියමින් සිහින ලෝකවල ජීවත් වීමට උත්සාහ කරති.

      අප ඔවුන්ට අනුකම්පා කළ යුතුය. මා නම් ඔවුන්ව හෙළා දැකීමට නොගොස් මුවින් නොබැන ඉවසා සිටිමි. මා සිතන පරිදි විය යුත්තේ එයයි.

      Delete
    7. //////// මගෙ අදහස නම් ඕනෑම අදහසකට, ඕනෑම සංකල්පයකට වඩා සංකීර්ණයි මිනිස් ජීවිතය. අපි කොච්චර පරිපූර්ණයි කියලා හිතුවත් ඒක එහෙම වෙන්නෙ නෑ. මොකද හැම වෙලාවෙම මොකක් හරි අඩුවක් හිටිනවා. ඒක තමයි මිනිස් ජීවිතයක හැටි.///////////

      සාහතික ඇත්ත මහතුන් +++++++++

      ///////බොරු පුරාජේරු කයිවාරු ගසා කිච වෙනවාට වඩා හිතට එකඟව ඇත්ත කීමෙන් විශාල සතුටක් සහ සැනසීමක් ලබාගත හැකිය. මගේ ආත්ම තෘප්තිය එයයි. නමුත් සමහරු විවිධාරර පුරාජේරු කියමින් සිහින ලෝකවල ජීවත් වීමට උත්සාහ කරති.///////

      මම ඔබට ගරු කරමි මහතුන්.

      Delete
    8. Aruna

      Who the fuck is Mahathun?

      You know him? The guy commented above? Guess Mahathun is his nickname ryt?

      Delete
    9. සමහර පලාත්වල වැදගත් උදවියව අමතන්නේ මහතුන් කියලා. මම වැදගත්ද නැද්ද මන්දා. අපේ ගේ හදපු බාසුන්නැහේ මට කතාකලේ මහතුන් කියලා. මටත් ඒ පුරුද්ද තාම තියෙනවා.

      Delete
    10. ඇනෝ ලිය ඇත්තේ ඒ තනත්තමද කියා සැකයක් තිබෙනවා. ඔය ජිවිත කටහ්ව මගේ මිතුරෙකු වන ආචාර්ය ටියුඩර් වීරසිංහ ගේ නිසා. මට ඔහු පසන් ගේ අවමගුලේදී මුණ ගැසුණා. ඔය මඩ ෆේස්බුක් එකේ ගැසුවේ 1994 සෝවියට් දේශය බිඳ වැටුන පසු මුදලට එහි ගිය අයෙක් ගෙන්. මේ දෙතැනම ඉරිසියාවක් මිස වෙන කිසිවක් නැහැ. ටියුඩර් මේ ඔබ නම් අජිත් ධර්මකීර්ති ලියන්නේ මොනවාද කියා ඔබ දන්නවා.

      Delete
    11. AnonymousJanuary 4, 2017 at 5:52 AM

      ඔබට ශිෂ්‍යත්වය ලැබුනේ දක්ශතාවය නිසාද එහෙම නැත්නම් ඔබේ ගමේ සිටින පසු කලෙක පෝලන්ත තානාපති වරයාගේ මැදිහත් වීමෙන්ද

      ආරෝවට නෙමෙයි අහන්නෙ දැනගැනීම පිනිස

      Delete
    12. // අටම්පහුරJanuary 4, 2017 at 6:21 PM

      AnonymousJanuary 4, 2017 at 5:52 AM

      ඔබට ශිෂ්‍යත්වය ලැබුනේ දක්ශතාවය නිසාද එහෙම නැත්නම් ඔබේ ගමේ සිටින පසු කලෙක පෝලන්ත තානාපති වරයාගේ මැදිහත් වීමෙන්ද

      ආරෝවට නෙමෙයි අහන්නෙ දැනගැනීම පිනිස//


      අටම් තුමෝ,
      ඔබ ඔය ප්‍රශ්න අහන්නේ එක පුද්ගලයෙකුගෙන් ද නැත්නම් එකල සෝවියට් දේශයට ශිශ්යත්ව ලබා ගිය සෑම සිසු සිසුවියකගෙන් ද?

      මීට සරස තුමා

      Delete
    13. මහතුන් යනු "මහත් උතුම් " යන්නෙන් ආවක් ද ?

      Delete
    14. @ The Read Us........අනේ මහතුනේ .....ඒ වගේ අර්තයකින් රෝල් වෙලා ආව ග්‍රාමිය/නාගරික යෙදුමක් වෙන්න ඇති නේද?

      Delete
    15. ඇටම්, ඔය ඇනෝ දමා ඇත්තේ ටියුඩර් වීරසිංහ පත්‍රයකට දුන් සම්මුඛ සාකච්චාවකි. ඔහු රුසියාවට පැමිණියේ කොමියුනිස්ට් පක්ෂය හරහා බව මගේ දැනීමයි. එම පක්ෂයට ශිෂ්‍යත්ව කිහිපයක් තිබුණි. මා සෝවියට් දේශයේ සිටියදී පවා එහි යම් යම් දේ විවේචනය කල අතර ඔහු ඒ දිනවල සිටියේ ද ඒවා එතරම් විවේචනය කරන තැනක නොවේ. පසන් කොඩිකාර ද පසුව සෝවියට් දේශය විවේචනය් කරන ස්ථාවරයකට ගිය බව මම දනිමි.

      Delete
  5. සිංහලෙන් ලියන බ්ලොග් කියවා බැලූවිට (බ්ලොග් පොස්ට්/ කමෙන්ට් දමා ඇති අය දෙස, එනම් ඔවුන් ලියන දේ දෙස බැලූ විට) පෙනෙන්නේ, පිටරටවල ට සංක්රමණය වී ඇති සමහරුන්ට තම තමුන්ගේ බොරු පුරාජේරුව කියවමින් ලොකුකම පෙන්වීමට සිංහලෙන් කයිවාරුවක් ගැසීමට අවශ්‍ය වූ විට, ඔවුන් ට ඒ සඳහා සුදුස්සෙකු හමු නොවේ නම්, ඔවුන් ලිඛිත කයිවාරුවක් ගැසීම සඳහා සිංහලෙන් බ්ලොග් ලිවීමට පෙළඹී ඇති බවයි.

    බටහිර රටවල උසස් රැකියා, තනතුරු හෝ ධනවත් ව්‍යාපාර හිමි ආසියාතිකයින් සිටිති. නමුත් එම රටවලට රිංගාගෙන යාන්තම් ජාමෙ බේරාගෙන සිටින්නන් අතර මෙම තත්වය වෙසෙසින් දකින්නට ලැබේ.

    මෙම තත්වය වඩාත් පැහැදිලිව සහ මෝඩ ලෙස පෙනෙන්නේ මැදපෙරදිග ගොස් පැමිණෙන කාන්තාවන් වෙතිනි. නමුත් ලංකාවේ පොත් කටපාඩම් කොට නොමිලේ අධ්‍යාපනය ලබා හෝ පැරණි සෝවියට් ශිෂ්‍යත්ව ක්‍රම හරහා ලබාගත් තම උපාධි සහතිකයේ පිහිටෙන් ඔස්ට්‍රේලියාව, එංගලන්තය, කැනඩාව වැනි රටවලට රිංගා යම් යම් සුළු රැකියා කරන ඇතැමුන් තුළ මෙම සින්ඩ්‍රෝමය බහුල වශයෙන් දැකිය හැකිය.

    ReplyDelete
    Replies
    1. // පැරණි සෝවියට් ශිෂ්‍යත්ව ක්‍රම හරහා ලබාගත් තම උපාධි සහතිකයේ පිහිටෙන් ඔස්ට්‍රේලියාව, එංගලන්තය, කැනඩාව වැනි රටවලට රිංගා යම් යම් සුළු රැකියා කරන ඇතැමුන් තුළ මෙම සින්ඩ්‍රෝමය බහුල වශයෙන් දැකිය හැකිය. //

      ඔහෙගේ කතාවේ ඇත්තක් නැත්තෙමත් නැහැ ඇනෝ තුමෝ!!

      :D

      Delete
  6. බ්ලොග් නිසා සිදු වී ඇත්තේ, ඉස්සර රස්තියක් ගහන ගමන්, ඩ්රින්ක් එකක් දමන ගමන්, ඔහේ කියවා අමතක කර දමන, කයිවාරු වලට ලිඛිත මාධ්යයක් සහ එම නිසාම කිසියක් දීර්ඝකාලීන පැවැත්මක් හිමිවීමයි. එහි ලොකු වරදක් නැත. ඉංග්රීසියෙන් බ්ලොග් යනුවෙන් හඳුන් වනු ලබන්නට, සිංහල වචනයක් අවශ්යනම්, "ලිඛිත කයිවාරු" යන වචනය ඒ සඳහා සුදුසු යැයි සිතේ.

    Blog post/ කමෙන්ට් දමා ඇති අය දෙස, එනම් ඔවුන් ලියන දේ දෙස බැලූ විට පෙනෙන්නේ, පිටරටවල ට සංක්රමණය වී ඇති සමහරුන්ට තම තමුන්ගේ බොරු පුරාජේරුව කියවමින් ලොකුකම පෙන්වීමට සිංහලෙන් කයිවාරුවක් ගැසීමට අවශ්ය වූ විට, ඔවුන් ට ඒ සඳහා සුදුස්සෙකු හමු නොවේ නම්, ඔවුන් ලිඛිත කයිවාරුවක් ගැසීම සඳහා සිංහලෙන් බ්ලොග් ලිවීමට පෙළඹී ඇති බවයි. (තවත් සමහරුන් ට බ්ලොග් ලිවීම ආදායම් මාර්ගයක් වී ඇති බව ද මේ වන විට හෙළිදරව් වී ඇති නමුත් එය වෙනම කරුණකි. රස්තියාදු ගහන, ඩ්රින්ක් එක දාන තැන් වල ද, ආණ්ඩුවලට බනින, ආණ්ඩුවලට මුක්කු ගහන, අය කොතෙකුත් සිටිති. එහෙත් එම කයිවාරු වලට බ්ලොග් වලට මෙන් දීර්ඝ කාලීන පැවැත්මක් හිමි නොවන නිසා, එම කයිවාරු වලට ගෙවීමක් හිමි නොවේ.)

    To be cont'd...

    ReplyDelete
    Replies
    1. Cont'd...

      බ්ලොග් නොහොත් ලිඛිත කයිවාරු නිසා, ඇතමුන් ගේ, මානසික අර්බුද ද, තවත් අය ගේ ආර්ථික අර්බුද ද, තවත් අය ගේ සම්මාන අවශ්යතා ද ආදී ප්රශන විසඳෙනවා විය හැක. නමුත් මේ කයිවාරු වලින් සමාජය ට එල්ල වන බලපෑමක් නොමැති වෙයි. එසේ කයිවාරු වලින් සමාජයට බලපෑමක් එල්ල වනවා නම්, සමාජය වෙනස් වනවා නම්, මේ වන විට, රස්තියාදු ගහන විට, ඩ්රින්ක් එක දාන විට, ගසා ඇති කයිවාරු වලින්, විප්ලව කිහිපයක් ම සිදු වී තිබිය යුතුය. නමුත් එසේ සිදු නොවන අතර, එකී කයිවාරු වලට ලිඛිත පැවැත්මක් හා ඒ නිසාම දීර්ඝ කාලීන පැවැත්මක් හිමිවුනාය කියා අමුතු වෙනසක් සිදු නොවේ. වෙනසක් වුනා නම්, ඒ, කථික කයිවාරු වලින් වෙලාව නාස්ති වුනේ ටික දෙනෙකු ගේ නම්, ලිඛිත කයිවාරු නිසා වැඩි දෙනෙකු ගේ වෙලාව නාස්ති වීමයි.

      එහෙත් ඊට වඩා කිවයුතු වෙනස නම්, ඩ්රින්ක් එක දාන තැන්වල, රස්තියාදු ගහන තැන්වල, ගහන කයිවාරු වලට සම්මාන දියයුතුයැයි කිසිවකුත් අපේක්ෂා නොකරති. එවැනි තැනකට කෙනෙක් ඇවිත් මෙන්න හොඳම කයිවාරුව ට හිමි සම්මානය කියා සම්මානයක් දුන්නොත් ඇති වන තත්වය කුමක් ද? අඩු ගානේ එසේ කයිවාරු ගහපු අයවත් ඒ සම්මාන බාර ගනීවිද? නමුත් මේ ලිඛිත කයිවාරු කාරයින්, තමන් සම්මාන සඳහා සුදුසු යැයි සිතති; සම්මාන දිනා ගැනීමේ ක්රම සොයා බලති; සම්මාන බාර ගනිති. මේ ලිඛිත කයිවාරු සඳහා සම්මාන දීමට කටයුතු කළ විනිශ්චය මණ්ඩලය රහසක් නම්, එය අරුමයක් නොවේ. මක් නිසාද යත්, මේ බ්ලොග් ලියන අය සහ ඒවා කියවන අය ගැන මෙන්ම, ඒවා සම්මාන වලට තෝරන විනිශ්චය මණ්ඩලය ගැනද යමක්, මේ බ්ලොග් නොහොත් ලිඛිත කයිවාරු වලින් කියැවෙන බැවිනි.

      නමුත් සම්මාන උළෙලවල් පවත්වා, සම්මාන උළලේ භාණ්ඩාගාරික විසින් විනිශ්චය මණ්ඩලයේ කටයුතු ඉටු කරන සම්මාන ප්රධානයන් හෝ සිදු කිරීම, නිසා, බ්ලොග් නමින් සිදු කෙරෙන විකාරය, විගඩමක් බවට පත් වී තිබේ.

      බ්ලොග් වලට සම්මාන දෙනවා නම්, ඩ්රින්ක් එක දාන තැන් වල, රස්තියාදු ගහන තැන් වල, ගහන කයිවාරු වලට ද සම්මාන දිය යුතු වේ. බ්ලොග් වල ඇති සියල්ල, එනම් පැරණි මතක, ක්ෂණික ප්රබන්ධ (ඇතැම් විට පද්ය), සමාජය පිළිබඳ අති සරල විචාර, කියවූ පොත්වල තිබූ පොඩි පොඩි කෑලි, ආදිය ඉහත තැන් වල ද තිබේ. නමුත් ඒවාට සම්මාන දෙන්නේ නැත.

      Delete
    2. කොහොමද ලබන ආණ්ඩුවේ FCID විමර්ශනවලට නෙළුම්විලේ සංවිදයකයින් හා සම්මානලාභීන් පෝලිමේ ඇවිල්ල කට උත්තර දෙනොකොට! කාටද ආඩම්බර?

      Delete
    3. // කොහොමද ලබන ආණ්ඩුවේ FCID විමර්ශනවලට නෙළුම්විලේ සංවිදයකයින් හා සම්මානලාභීන් පෝලිමේ ඇවිල්ල කට උත්තර දෙනොකොට! කාටද ආඩම්බර? //

      හොරුන් අල්ලමු.... කෝ මේ අහවලා හිටන්???

      Delete
    4. // නමුත් සම්මාන උළෙලවල් පවත්වා, සම්මාන උළලේ භාණ්ඩාගාරික විසින් විනිශ්චය මණ්ඩලයේ කටයුතු ඉටු කරන සම්මාන ප්රධානයන් හෝ සිදු කිරීම, නිසා, බ්ලොග් නමින් සිදු කෙරෙන විකාරය, විගඩමක් බවට පත් වී තිබේ. //

      මේ දවස් වල නැගලා යන CSR ( Corporate social responsibility ) යටතේ මේ සම්මාන සන්විදායකයෝ ස්පොන්සර්ශිප් කියලා ප්‍රයිවෙට් කොම්පැනි වලින් එහෙම ගානක් කපා ගන්නවද දන්නෙ නැහැ...

      නැත්නම් සියලු මුදල් සිරිකොතෙන් ම තමයි හිටන්!

      Delete
  7. සාරසයෝ,

    ඔය රට ගිහින් ලොකු ටෝක් ඉශූ කරන කාලකණ්ණින් ගැන කියද්දි මට මතක් වෙනව ලන්ඩන්වල පොඩි රස කතාවක්, ඒක සාරසයාත් එක්ක බෙදා හදා ගන්න හිතුණා.

    ප්‍රේමිණි පේ‍්‍රමපාල ව කසාද බැන්දෙ එංගලන්තෙ යන්න ඔන්න මෙන්න කියල. ලන්ඩන් නුවර වාසය අරඹලා අවුරුදු පහක් ඉක්ම ගියත් ප්‍රේමිණීට දරුවෙක් ලැබෙන පාටක් නැහැ. ප්‍රේමිණී වගේම පේ‍්‍රමපාලත් දරු පැටියෙකු ගෙ මූණ බලන්ඩ බොහොම ආසාවෙන් හිටියෙ.

    අන්තිමේදී ප්‍රේමිණී ලන්ඩන් නුවර ප්‍රසිද්ධ ස්ත්‍රී රෝග පිළිබඳ වෛද්‍ය විශේෂඥයෙක් ව මුණ ගැසුණා. දොස්තර ප්‍රේමිණීගෙ කථාව අහගෙන හිටියේ කිසිම තෙත් ගතියක් නැතුව කිසිදු කරුණාවක් නොපෙන්වා, දොස්තර මහතා ප්‍රේමිණීට මෙහෙම කිව්වා.

    ‘ගලවනවා ඔය ඇඳුම්. දැන් දිගාවෙනවා ඔය ඇඳ උඩින්.’

    ප්‍රේමිණී තිගැස්සුණා. ඈ ටිකක් අදිමදි කරමින්, බයෙන් වගෙ දොස්තරට මෙහෙම කිව්වා.

    ‘අනේ ඩොක්ටර්, මට ඕනෑ කරල තියෙන්නෙ සිංහල බබෙක්.’

    ReplyDelete
    Replies
    1. වර් එකටම ඉස්සරකාලෙ කතාවක්....

      දැන්කාලෙ නම් ප්‍රේමනී කරණමකුත් ගහලයි සුද්දගේ ඇඳට නගින්නේ හිටන්! මොකටවත් නෙවෙයි... පම්පෝරී ගහ ගහ පෙන්නන්න නිල්පාට ඇස් ඇති බ්ලොන්ඩ් හෙයා තියෙන දරුවෙක් ලබාගන්න!

      Delete
  8. සාරස,
    පොඩි ඇත්තක් කියන්නද? ඔය බ්ලොග් වලයි අන්තර්ජාල පි‍ටු වලයි මූණු පොතෙයි එහෙයි මෙහෙයි හැම මඟුලෙම තියන මට පේන්නම බැරි දේ මොකක්ද දන්නවද ඒ තමා “About Me” එහෙමත් නැත්නන් “මං ගැන” කියන එක ඒ මොකද දන්නවද? මං ගැන මමම කියා ගන්න හරිම අකමැති නිසා (මම “මං පොර න්‍යාය”දාන්න හරිම අකමැතියි)…ඇයි අනේ මං ගැන කොහොනද මංම කියා ගන්නේ ඒක කියන්න ඕන අනිත් අයනේ…..නේද? හොහ්…හොහ්…හොහ්…. (ඇමරිකන් හිනාව)

    ReplyDelete
    Replies
    1. මට තියෙන ප්‍රස්නේ ඕක නෙවෙයි හිටන්...

      මම ගැන සියලු දේ දන්නේ මම නේ...

      ඉතින් මම මා ගැන ලියුවොත් පහුවෙනිදා මම බරපතල වැඩ ඇතිව හිරේ....

      ඒ හන්දා මම පුලුවන් තරම් මා ගැන නොලියා ඉන්නවා හිටන්!

      හෙහ් හෙහ් හෙහ්..
      සිරි ලන්කන් හිනාව

      Delete
  9. අවජාතකයකුගේ “සපත්තු බල්ලුක වස්තුව”

    අප නම් දැන සිටියේ තපස්සු - භල්ලුක වෙළඳ දෙබෑයන් ගැන කතා වස්තුවකි. ඒ බෞද්ධ සාහිත්‍යයෙනි. ඒ අනුව බුදුන් තම හිස පිරිමැද ලබාදුන් කේෂ ධාතුව නිධානකර ලොව මුල්ම සෑය වන ගිරිහඬු සෑයේ පුරෝගාමීන් ඒ දෙපලය.

    මේ පොස්ටුවේ සිරසින් ඒ යෙදූ කර්තෘ පිළිබඳව බැලු බැල්මටම න්‍යායිකව ඔබ තේරුම් ගතයුතු එකම දෙයක්වේ. එනම් ලෝකයේ ඕනෑම රටක “අවජාතකයන්” සිටින බවය.

    “අවජාතකයා” යන්නෙහි සරල අදහස පියෙකු නැත්තා යන්නය. නමුත් ජීව විද්‍යාත්මක පදනමින් මෙහි සත්‍යයයක් නොමැත. මෙහි ඇත්තේ නීතිමය අර්ථයකි. වැඩිදුර පවසතොත් “අවජාතකයා” යනු නීත්‍යානුකූල විවාහයකින් පිට උපදින දරුවෙකි. “අවජාතකයකු” හට ඒ “පියා” අන්තිම කැමති පත්‍රයක් නොමැතිව මියගිය කල ඒ “පියාගේ” දේපලට කිසිදු අයිතියක් නොමැත. නමුත් මවක් “අවජාතකයකු” බිහි නොකරයි යන සිද්ධාන්තය යටතේ ඒ “අවජාතකයා” මවගේ දේපලට අයිතිවාසිකම් කියයි.

    ශ්‍රී ලංකාව වැනි රටකදී මෙන්ම ඉතා දියුණු ලිබරල් රටකදී ද ප්‍රයෝගිකව “සහජාතකයකුට” ලැබෙන සමාජ පිළිගැනීම “අවජාතකයාට” නොමැත. එනිසා “අවජාතකයා” සැමවිටම උත්සාහකරනුයේ පවතින සමාජ සම්මතයන් බිඳ හෙලා තම “අවජාතකත්වය” සුජාත කෙරුමටය.

    උන් එක ක්‍රියාවක් නම් තමා “අවජාතකව” වුනත් නමට හෝ උපන් “ජාතිය” සහ “ ආගම” තුට්ටු දෙකට දමා කිච කිරීමය. ඊට මුදල්ද ලැබේ නම් කල්ල මරේය.

    අප රටේ වාසනාවට තවත් “අවජාතකයකු” වූ ඩබ්ලිව් ජයසිරිට දොළදුක් පහල වෙන්නේ ශ්‍රී මහා බෝධිය යට අඩියක් ගසන්නටය. නමුත් මේ “අවජාතකයාට” මේ වැඩේ දවටගහ පල්ලියේ කරන්න හිතෙන්නේ නැත. ඒ රටේ වාසනාවකි.

    “සපත්තු බල්ලුක වස්තුව” යනුවෙන් ලියන “අවජාතකයා” හෙට “ජෝශප් නම් වූ නපුංසකයා සහ මේරි නම් වූ ගණිකාව” යනුවෙන් හෙඩිමක් යටතේ ලියුවොත් කුමක් වේද?

    මා නම් එම හෙඩිම දුටු විටම ඒ සලකන්නේ “අවජාතක අවලම් බල්ලකුගේ බඩ බුරුලට යාමක්” ලෙසය.

    ආගමික දර්ශනය සහ සාහිත්‍යය යනු එකක් නොව දෙකකි. සාහිත්‍යයට වඩා දර්ශනය ගැඹුරුය.

    “සපත්තු බල්ලුක වස්තුව” වැනි ශීර්ෂ යොදනුයේ සැබවින්ම ශ්‍රී ලාංකික සමාජය කෙටවීමේ නියුතු “අවජාතකයන්ය” . අපි මුන්ට නොරැවටී සියලු රැස බස හා සමය සමග අතිනත ගෙන ඉදිරියටම යමු !!!

    - මොණරවිල
    පසු සටහන
    කුදලාගමයිනි,
    තෙපි බොහො ඇසු පිරු තැන් ඇතිය. මා වැරැදී නම් නිවරදිකළ මැන.

    සාරසයෙනි , මා බසට කමනු මැන.
    - ම්යුරවිල මි.

    ReplyDelete
    Replies
    1. ගරු මයුරවිල මැතිඳුනි,
      ඔබ ගේ හද කම්පාවට හේතුව මා දනිමි.... සැර බස ගැන සමා නොඉල්ලුවමනාය!

      මේ වියුනුව සියලු කතිකාවන් ට සදා විවුර්ත ය!

      Delete
    2. //උන් එක ක්‍රියාවක් නම් තමා “අවජාතකව” වුනත් නමට හෝ උපන් “ජාතිය” සහ “ ආගම” තුට්ටු දෙකට දමා කිච කිරීමය. ඊට මුදල්ද ලැබේ නම් කල්ල මරේය. //

      ඔබ තුමා කියනා දේ බොහොම නිවැරදියි....තමන් ගේ පෞර්ශයේ, අද්යාපනයේ හෝ වුර්තීය (සමහර විට ආර්තික හා සමාජීය වෙන්නත් පුලුවන් ) අඩු තිබෙන බව දැන ඒවා වහගන්න බොහෝ හාදයෝ පාවිච්චි කරන්නේ මේ බොරු රැඩිකල් තුප්පහි ක්‍රමවේදයයි!

      Delete
    3. මා සන්මිතු මයුරවිලයෙනි,

      ඔබ පවසන අවලම්, අවජාතක ශීර්ෂය මම ද දිටිමි. එපිළිබඳ අප්‍රසාදය පළ කර ආලෝචනයක් සපයන්නට සිතිණි. එනමුත් මම එසේ නො කළෙමි. ජාතියක් ජන්මයක් නැති එවුනට ප්‍රචාරණය ලබා දීම මෙම වසරේ දී නො කරන්නට මා අදිටන් කර ගෙන ඇති බැවිනි. අපගේ ආලෝචන ද මොවුන් තමනට වාසිදායක ලෙස අවභාවිත කරන බැවිනි. ආලෝචනවලින් විමසන ප්‍රශ්නවලට පිළිතුරු නැති කල මොවුහු තමනට එරෙහි ආලෝචන සියල්ල ලෝපන, ආලෝපන, අපලෝපන, සමාලෝපන, විලෝපන කරන්නට වූහ. ඉන් පෙර මොවුන්ගේ උපක්‍රමය වූයේ කුමක් හෝ නිෂ්ඵල නව්‍ය වියුණුවක් පළ කර අවධානය අපගමනය කිරීම ය.

      ජාතියක් හා ආගමක් නැති ය යි අපට පවසන මොවුහු අපේ ජාතිකත්වයන් නසන්නට තමනට කොන්ත්‍රාත් සපයන මහ එවුනගේ රටවල ජාතියට සහ ආගමට ඇති සම්භාවනීය තත්ත්වය පිළිබඳ නිහඬ ය. එක්සත් ජනපදයේ රාජ්‍ය නායකයන් තම ‍රටවැසියන් අමතා කතා කර අවසානයට පවසන්නේ “God Bless America” යනුවෙනි. එහෙව් එවුන් අපට පවසන්නේ ආගම නරක බව ය. ආගම ඇදහීම හො ‍නොඇදහීම පෞද්ගලික කාරණයකි. එහෙත් කිසිවකු හෝ අනෙකාගේ ආගමට ගැරහිය යුතු නැත.

      ධර්ම චක්‍රය මෙසේ විය යුතු ය, සංඝයා වහන්සේ සහ පූජකතුමන් මෙසේ අමතනු ලැබිය යුතු ය, නත්තල මෙසේ සමරනු ලැබිය යුතු ය යනා දී උපදෙස් දෙන තැනැත්තේ ම සම්බුද්ධ ශාසනයේ පළමු (ද්වෙවාචික) උපාසකයන් වූ තපස්සු-භල්ලුක දෙදෙනට සපත්තු බල්ලුක ය යි අපහාස, අපවාද කරයි. රනස්ගල්ලේ හිමියන් විසින් “ඔවා දෙනු පර හට - තමා සම්මතෙහි සිට - දුසිරිත දනන් දෙන - ඔවා වැද්දන් කියන බණ වැන” ය යි පැවසුණේ මේ තැනැත්තේ වැනි එවුන පිළිබඳ විය යුතු ය. මොවුන් දන්නා තපස්සු-භල්ලුක ජාතකයක් නැත. මොවුන් දන්නේ කටවාචාලකම් කීමට ය. එම වාචාලකම් කරණ කොට ගැටුම් ඇති කර ගෙන නැති අවුල් ඇති කරන්කට මොවුනට අවශ්‍ය බව පෙනේ. ඒ ඔස්සේ ජාතිකත්ව කතිකාව යනු සාපරාධී වැඩකි යි අපනාම ගන්වන්නට ද මොවුහු බලා සිටිති. එනිසා අප ඉතා කල්පනාකාරී විය යුතු ය. අන්තවාදීන්ගෙන් ද ප්‍රතිවාදීන්ගෙන් ද ජාතිකත්ව කතිකාවේ බුද්ධිමය සම්ප්‍රදානය බේරා ගැනීම අද දවසේ අප මුහුණදෙන ප්‍රබලතම අභියෝගයකි.

      මයුරවිලයෙනි, “අපි මුන්ට නොරැවටී සියලු රැස බස හා සමය සමග අතිනත ගෙන ඉදිරියටම යමු !!!” යන වැකිය මාහැඟි ය; රුවන් වැකියකි. මගේ ශීර්ෂ ප්‍රණාමය!

      (මෙම ආලෝචනයේ තවත් කොටසක් ඇත. ඒ තපස්සු-භල්ලුක කථා ප්‍රවෘත්තියේ ඵෙතිහාසික මූලාශ්‍ර පිළිබඳ ය. එය මම ලියා අවසන් කළෙමි. මහාඛන්ධකයේ රාජායතනකථාවේ ඡේද කීපයක් පාලියෙන් සිංහලයට නැඟිමට ඉතිරි ව ඇත. මේ රාත්‍රියේ දී එය ද අවසන් කර, හෙට උදෑසන (ඔබගේ දහවල) මෙහි ම පළ කරන්නෙමි.

      බන්‍ධුල කුදලාගම,
      සදම්ටනය.

      Delete
    4. ඔය කවුරු කවුරුත් උඩ පැන තඩි බාන්නේ බෞද්ධ සංස්කෘතිය, බෞද්ධකම කියන මුව හමටනේ...
      අනිත් ඒවට තඩි බාන්නේ නැහැ, බැරිම තැන පොඩ්ඩක් කිචි කවනවා විතරයි...

      Delete
  10. රාජපක්ෂ ගරු ජනපති, ඔබයි අපේ රටේ අධිපති

    මහින්ද රාජපක්ෂ මැතිතුමාට නිර්වාන සැප සම්පත්තිය ප්‍රාර්ථනා කරමු.

    ReplyDelete
    Replies

    1. වසර 2050 දී මහින්ද රාජපක්ෂ මැතිතුමාට නිර්වාන සැප සම්පත්තිය ප්‍රාර්ථනා කරමු.

      Delete
  11. Sa rasa,
    මල්ලේ පොල් ගෙඩිය එක් මිනිස් යායක් ලියන ලියුම් පළ වෙන නෙළුම් යායට එකතු කරන්නේ කවදදෝඕඕඕඕඕඕඕ?

    ReplyDelete
    Replies
    1. මේ යන විදියට සරස තුමා ගේ ලිඛිත කයිවාරු එක මිනිස් යායක් සඳහා වූ යූ එන් පී යායේ කවදාවත් පල වෙන එකකුත් නැහැ, සම්මාන ලැබෙන එකකකුත් නැහැ... ඒ නිසා නේ මේ සරස තුමා අත දිග හැර හුක් ශොට් එල්ල කරන්නේ හිටන්!

      Delete
    2. මේ යන ක්‍රමේට නම් කවදාවත් හම්බ වෙන එකක් නෑ... දැන් මේ සම්මාන දුන්න මගේ ඒවත් යන්නෙ නෑ... :)

      Delete
    3. අම්මට හුඩු නියම චාන්ස් එක. කොහොමද මේක කියන්නේ කියලා හිටියේ.

      අරූගේ අඩවිය නමින් පලවන කිසිම බ්ලොග් සටහනක් නෙළුම්යායේ පළ නොකරන මෙන් එහි සංවිධායකයින් ගෙන් කාරුනිකව ඉල්ලා සිටිමි. දැනටත් ඒවා පළ නොකිරීම පිලිබඳවත් ස්තූතිවන්ත වෙමි.
      ස්තූතියි.
      අරූගේ අඩවිය.

      Delete
    4. ඒවා පල කෙරෙන්නේ නැති බව කරුණාවෙන් දන්වමි. බලෙන් එල්ලීමේ සිරිතක් නැත.

      Delete
    5. ශුක්‍රාන්....ජසීලන්.

      Delete
    6. // ශුක්‍රාන්....ජසීලන්. //

      අරූ ලොක්කා,
      ජයසීලන් ගෙ ශුක්‍රානු අරන් මක්කැයි කොරන්න යන්නේ හිටන්???

      Delete
    7. සාරස....ශුක්‍රාන්..ජසීලන් කියන්නේ ආරාබියෙන් බොහොම ස්තූතියි. මේ දවස්වල ඔටුවෙක් වගේ තමයි වැඩ කරන්නේ. කාන්තාරෙට යන්න වතුර එකතු කරනවා :D

      Delete
    8. සරසා සමහර විට දකින්නේ නැතුව ඇති සරසා ගේ ලිපි කිහිපයක්ම ගිය අවුරුද්දේ පලවී තිබුන නෙලුම් යායේ. බනින බැනිල්ලට මිස් වෙන්න ඇති. හේ හේ :)

      Delete
    9. අජිත් දන්නේ නැති වෙන්න ඇති.. ඒත් මම ඔයි සිරිකොත ප්‍රකාශන කියවන කෙනෙක් නෙවෙයි!


      ඔහෙ යූ එන් පී එකෙන් සල්ලි අරන් නෙලුම් යායවල් දාගත්තට එහෙම සල්ලි ගත්තෙ නැති අපි ඒවා කියවන්න බැඳිලත් නැහැ.. ඒ වගේම අපේ අවසර නැතිව ඒවා ඔයි යූ එන් පී යායෙ පල කල එක වැරදි!!

      Delete
    10. යුඇන්පී සල්ලි දවස් වල. කරන්නේ මොකක්ද කියල කල්පනා කරන්නේ. ඔහේගේ ලිපිය දාපු වෙලේ ඒ ගැන ලින්ක් එකක් දැම්මා . දකින්නේ නැතිව ඇති. මිට පසේ දාන්න එපා කියල අටමා තුමාට කියන්නම්.

      Delete
  12. Dr. Sarasa

    Mahinada Rajapakse is a superstar in acting and his public relation is considered as the best among all the leaders. But unfortunately, his personal relations overshadows PR.

    ReplyDelete
  13. සෝවියට් දේශයේ අඩු ලුහුඞුකම් තිබුනද පැරණි සෝවියට් සිසුන් බොහෝ දෙනෙකු සෝවියට් දේශයට ආදරය කරති. මා විසින් ලියන ලද ඉවාන් ගේ ලෝකය (විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය ) නවකතාව මා ලියන්නේ 1998-99 කාලයේ සෝවියට් නොස්ටැල්ජියාව නිසාය​. සෝවියට් දේශයේ අධ්‍යාපනය මට බොහෝ දේවල් දුන්නේය​. පසුකාලීනව මම එංගලන්තයේ බාන්ස්ලි විද්‍යාලය කැනඩාවේ හම්බර් විද්‍යාලය, ඇමරිකාවේ EMDR ආයතනය, ටොරොන්ටෝ විශ්ව විද්‍යාලය, කැනඩාවේ යෝර්ක් විශ්ව විද්‍යාලය යනාදී අධ්‍යාපනික ආයතන ගනනාවක සාර්ථකව ඉගෙනුම ලැබුවෙමි. ඒ බටහිර අධ්‍යාපනය සඳහා මට අන්තිවාරම සකස් කර දුන්නේ සෝවියට් අධ්‍යාපනයයි. Read More ; https://transyl2014.blogspot.ca/

    ReplyDelete
    Replies
    1. එතකොට ඔබ ආක්‍රමණික ආණ්ඩුකාරයෙකුට සැලකුවා මදිකියන දීන ගති ඉගෙනගත්තේ කොහෙන්ද? සහජයෙන්ද?

      Delete
    2. ට්‍රාන්ස් පොඩි විහිළුවක් කලේ, ගනන් හන්ඩ එපා බ්‍රො
      දැන් කාලේ ලෝකේ ලොකු ලොකු විශ්ව විද්‍යාල වල පය ගහන එක පොර ටෝක් දෙන්ඩ තරම් ලොකු සිද්දියක් නෙවෙයි. පඳුරකට ගලක් ගැහුවම ඔවයේ කරක් ගහපු මේ අපි වගෙ හාල් කෑලිත් විසි වෙනව. ඒ තරම් සුලබ දෙයක්

      Delete
    3. //Trans SylvaniaJanuary 4, 2017 at 2:23 PM

      . ඒ බටහිර අධ්‍යාපනය සඳහා මට අන්තිවාරම සකස් කර දුන්නේ සෝවියට් අධ්‍යාපනයයි. Read More ; https://transyl2014.blogspot.ca/ //

      ඔබට උදවු කල සෝවියට් දේශය සහ එහි ජනතාව ගැන කෘතඥවීම ගැන අපට සතුටුයි!

      Delete
  14. Trans SylvaniaJanuary 4, 2017 at 2:23 PM
    //ඒ බටහිර අධ්‍යාපනය සඳහා මට අන්තිවාරම සකස් කර දුන්නේ සෝවියට් අධ්‍යාපනයයි.// ඉතින් බං ඔච්චර හොඳ අධ්‍යාපනයක් සෝවියට් රටෙන් ලැබුන නම් මොකටද අච්චර ගොඩක ( එංගලන්තයේ බාන්ස්ලි විද්‍යාලය කැනඩාවේ හම්බර් විද්‍යාලය, ඇමරිකාවේ EMඪ්ර්‍ ආයතනය, ටොරොන්ටෝ විශ්ව විද්‍යාලය, කැනඩාවේ යෝර්ක් විශ්ව විද්‍යාලය යනාදී අධ්‍යාපනික ආයතන ගනනාවක ) කාල් ගාන්ඩ උනේ.
    මම නම් පේරාදෙනියෙන් පළමු පන්තියෙ උපාදියක් ගත්ත. That was my passport to one of the best, if not the best, university in the UK for my PhD in Eng.
    ට්‍රාන්ස් පොඩි විහිළුවක් කලේ, ගනන් හන්ඩ එපා බ්‍රො
    දැන් කාලේ ලෝකේ ලොකු ලොකු විශ්ව විද්‍යාල වල පය ගහන එක පොර ටෝක් දෙන්ඩ තරම් ලොකු සිද්දියක් නෙවෙයි. පඳුරකට ගලක් ගැහුවම ඔවයේ කරක් ගහපු මේ අපි වගෙ හාල් කෑලිත් විසි වෙනව. ඒ තරම් සුලබ දෙයක්

    ReplyDelete
  15. මේ අනාගත නොබෙල් ත්‍යාගලාබී මනෝ වෛද්‍ය තුමාගේ බ්ලොගයෙන් උපුටා ගත්තකි.
    ---------------------------------------------------------------------
    උඩුවාගේ සටහන්January 3, 2017 at 12:05 AM
    භාවනාව වගේ ආත්ම විමුක්ති මාර්ග බටහිරට දීලා මිත්‍යාව වැළඳගත්ත බුද්ධාගමක් අපට තියෙන්නේ

    Reply
    Replies

    Maathalan - Priyantha HewageJanuary 3, 2017 at 2:53 AM
    භාවනාව බුද්ධාගමේ දෙයක් නෙමෙයි....


    Trans SylvaniaJanuary 3, 2017 at 2:33 PM
    බුද්ධාගමේ භාවනාව යනු මනෝ එකාග්‍රතාවයි මා විසින් ලියන ලද භාවනාව පිලිබඳ ඉංග්‍රීසි ලිපි කීපයක් මේ බ්ලොගයේ තිබේ එ්වා කියවන්න


    AnonymousJanuary 4, 2017 at 9:08 PM
    @ Trans Sylvania January 3, 2017 at 2:33 PM
    "...බුද්ධාගමේ භාවනාව යනු මනෝ එකාග්‍රතාවයි.."

    ඔබ මේ කියන්නේ සමථ භාවනාව ගැනයි. නමුත් විදර්ශනා භාවනා කියා බුදුදහමට පමණක් ආවේනික භාවනාවක් තිබෙනවා. එමගින් කිඑරෙන්නේ ප්‍රඥාව වැඩීම.
    ------------------------------------------------------------------

    මා කනගාටුවෙන්නේ ගයිඩාගේ ගොබ්බ ප්‍රතිචාරය ගැන නෙවෙයි, අපේ පර්යේෂණ පත්‍රිකා සියගන් ලියා ඇති වෛද්‍යතුමාගේ දැනුමේ බුදුදහම ගැන ඇති දැනුමේ මද කමයි! නමුත් මුග්ද ලෙස තමාගේ පත්‍රිකා කිවන්න අපට අණ කරන අපුරුව කොහොමද?

    ReplyDelete
  16. "ලිඛිත කයිවාරු" ඇත්ත තමා මරු නම

    ReplyDelete
    Replies
    1. // "ලිඛිත කයිවාරු" ඇත්ත තමා මරු නම //

      :D

      Delete
  17. කිසිඳු රටක නියම උගත්තු තමන් කරක් ගැසූ උසස් අධ්‍යාපන ආයතන ගැන පොර ටෝක් නොදෙති. එවැනි අය කෙතරම් කාර්ය බහුලද කිවහොත් ඔවුන් හට බ්ලොග් ලිවීමට සහ අනුන්ගේ බ්ලොග්වල කොමෙන්ට් කියවීමට කාලය නොමැත. තමන් ලද අධ්‍යාපනය ගැන විශ්වාසයක් නැති අය එසේ පොර ටෝක් දෙන අතර, කරන්නට එතරම් වැඩකුත් නැති නිසා තමුන්ගේ වටිනා කාලය බ්ලොග් පඩංගුවල දියකර හරිති.

    ReplyDelete
    Replies
    1. 'තමුන්ගේ වටිනා කාලය බ්ලොග් පඩංගුවල දියකර හරිති' කියලා අපේ සාරසතුමාට කින්ඩි දාන්න එපා හිටං .

      Delete
    2. අපොයි නෑ, අපේ සරස තුමා ගැන නෙවෙයි ඔය කිව්වේ හිටන්. Transylvania කියන නම වත් හරි විදියට ලියා ගන්න බැරි උගතෙක් ගැන තමයි ඔය කිව්වේ.

      Delete
    3. // AnonymousJanuary 4, 2017 at 6:42 PM

      'තමුන්ගේ වටිනා කාලය බ්ලොග් පඩංගුවල දියකර හරිති' කියලා අපේ සාරසතුමාට කින්ඩි දාන්න එපා හිටං . //

      වැඩක් පොලක් නැතිව ඉන්න සරස තුමා ගේ කාලයට වටිනාකමක් නැහැ නේ හිටන්!

      Delete
  18. Transylvania යන නමවත් හරියාකාරව ලිවීමට නොහැකි මනෝ වෛද්‍යවරයා තමුන් කෙළ පැමිණියායයි කියන ක්ෂේත්‍රයට අදාළ පත්‍රිකා සිය ගණනක් ලියා ඇතැයි පාරම් බායි. මනෝ විද්‍යාව exact science එකක් නොවන නිසා ඕනෑම ගොනෙකුට ඕනෑම ගොන් මතයක් දැරීමට එහි නිදහස ඇත.

    ReplyDelete
  19. දේශප්‍රේමය ලංකාවෙන් එහාට ගිහිං රුසියාවටත් මෝදු වෙලා

    ReplyDelete
    Replies
    1. දන්නා දෙයක් ගැන කතා කරපන් උගුඩුවො! මේක දේශප්‍රේමේ නෙමෙයි කන්න දීපු අත හපා කන එවුන් ගැන කියන්නේ!

      Delete
    2. // මේක දේශප්‍රේමේ නෙමෙයි කන්න දීපු අත හපා කන එවුන් ගැන කියන්නේ! //

      Exactly!!

      Delete
    3. Soviet system was rejected by the people of Soviet Russia itself(and other republics). Whatever the social benefits they had or not had people there had enough of it !
      Most of the foreign student scholarships were given by Soviets for propaganda reasons. It will be better to discuss whether the people of Soviet Russia were grateful for the system,and if so, why they rejected it.

      Delete
    4. Hon. Sarasa,
      Sorry I can't type sinhala font on phone. Also, I have somewhat deviated from the usual "bovine part" comment since your lordship too seems to have become rather serious.

      Delete
    5. Rt Hon Pra Jay

      Dear sir,

      //Most of the foreign student scholarships were given by Soviets for propaganda reasons.//

      It is rather interesting to observe some of those young men who got those scholarships given By Soviets for propaganda reasons are currently carrying out UNP propaganda work by organizing fake blog awards !

      Soviets have taught them good!

      Delete
    6. Sa Rasa

      ++++++++++++++++

      Well said.

      Delete
    7. what is the connection with soviet scholarships and blog awards? sarasa??? soviets had to pay to the UN in hard currency so to keep the hard currency at that time they gave scholarships to developing countries. First no one wanted to help Soviet Union so communist parties of respective countries sent their supporters children. later on governments took over the scholarships as in SL. It is the same like we get free education in Sri lanka which we should be grateful and we get Soviet education which we should be grateful. However criticizing JVP cannot be equate to criticizing Soviet Union.

      Delete
    8. Ajith,
      This is what I wrote:
      // It is rather interesting to observe some of those young men who got those scholarships given By Soviets for propaganda reasons are currently carrying out UNP propaganda work by organizing fake blog awards !

      Soviets have taught them good! //

      It is all about a man who has studied in the Soviet Union organizing a fake blog awards on behalf of the United National Party.

      If the hat fits, and If you feel like having that, it is all yours!!!

      Delete
    9. Because Sarasa dear, I am the only soviet graduate who organised blog awards, apart from radio blog awards done in 2012 and Indika/Dumi organised one. That part fits. What's not fitting is this "UNP propaganda work by organizing fake blog awards" part. Can you name any UNP bloggers like Ajith P Perera in that awards ceremony winning anything. We had Bassi, Suranga etc winning the awards last year and I cannot see they wrote anything about UNP. Same as the other winners. Only UNP connection was 2 karus. Then again Mr Sarasa if the next government will be yours and if you will be the media minister or speaker I may invite you to come and deliver the awards. If that makes us your propaganda officers? Stop this mud slinging man. Not nice. Not nice for the fellow bloggers who won the awards.

      Delete
    10. // Only UNP connection was 2 karus. //

      Yeah.. you got your two Ronnies alright....

      යූ එන් පී බලල්ලු අජිත් ගේ මල්ලෙන් එලියට පැනීම...

      බොරු කතා හදමින් මහින්ද මහත්තයාට පහරදුන් අජිත් ලා ඔවුන් ගේ පැත්තට කර්මය කැරකෙන කොට මඩ ගැසීමෙන් වලකින්න යැයි ආයාචනා කොරති

      හිලේරියස් ‍යැ!

      Delete
    11. මට මඩ ගහන්න නෙමේ හලෝ. සම්මාන ගත්ත සහෝදර බ්ලෝග කරුවන්ට අපහාස කරනන් එපා කියල ලියුවේ. තේරුනේ නැත්ද. මට නම් මචෝ තව ගහපන්. තව ලියපන්. පුලුවන්නම් මාර්තු වෙනකන් ඇදපන්. ඊයේ පෙරේද අර බුකි ප්‍රශ්නේ නිසා සීරියස් ලෙස බ්ලොගේ හිට් වැඩි වුණා. ඔහේ නිසා තවත් වැඩි වෙනවා. දෙයියෝ බැලුව වගේ.
      නවත්වන්න නම් එපෝ.

      Delete
  20. ස රසා හා අජිත් දෙන්නම මගේ හිතවතුන්...

    උන් දෙන්නම එක වගේ කියලත් මම දන්නවා..

    හොඳම දේ උඹලා දෙන්නා වෙලාවක හම්බ වෙන එක..

    මේවා අනවශ්‍ය දේවල්.. දෙන්නම් බ්ලොග් ලියහල්ලා..

    තමන්ගේ මට්ටම් තට්ටමේ එල්ල ගනිල්ලා...

    දන් බොහෝ දෙනෙක් ඉයන් දෙයියා ළඟ පොරොන්දු උනා නේද පෞද්ගලික මඩ ගැසීම වලට යන්නේ නෑ කියලා..

    මේක අපේ ගෝත්‍රික ගතියේ ලක්ෂනයක්..

    අපි කොහොමද බං උඹලට උගත්තු කියන්නේ...

    ReplyDelete
    Replies
    1. ඉයන් කියන්නේ මොන ගොබ්බ්යෙක්ද? ඒ ගොනාගේ වැඩේ මහින්දට පෞද්ගලික මඩ ගහන එකනේ!

      Delete
    2. මේ පෝස්ට් එකේ අරමුණ පැරණි සෝවියට් දේශයේ ජනතාව ශ්‍රී ලන්කා ජනතාවට ප්‍රදානය කල ශිශ්‍ය්ත්වලාබීන් වර්තමානයේ එයට කෘතඥ වෙනවාද සොයා බැලීමයි.

      අජිත් එම ශිශ්‍යත්වලාබීන් ගෙන් එක් කෙනෙකු පමනයි! අහක තිබෙන බූමිතෙල් බෝතල් වලට රින්ගාගෙන දඟලන ගැරඬි වගේ නොවී හිටියාම වැඩේ හරි නේ හිටන්?

      Delete
    3. // දන් බොහෝ දෙනෙක් ඉයන් දෙයියා ළඟ පොරොන්දු උනා නේද පෞද්ගලික මඩ ගැසීම වලට යන්නේ නෑ කියලා.. //

      මෙය පෞද්ගලික මඩ ගැසීමක් නොවේ.... කෘතගුන සැලකීම පිලිබඳ ප්‍රශ්නයකි

      මට ඉයන් දෙයියෙකු නොවේ!

      මා ඉයන් ට කිසිම පොරොන්දුවක් දී නැත!


      මේ බලත්කාරයෙන් හෝ එජාපයේන් පවත්වන ඊලඟ නෙලුම් යායේ සම්මානයක් ලබාගැනීම සඳහා කරනා අහින්සක බ්ලැක්මේල් එකක් පමනකි හිටන්!

      Delete
  21. අයිසෙ සාරස,

    සීන් එක මේකයි, ඕනේම අයෙක්ට තමන්ට සාපේක්ෂව පොර ටෝක් දෙන්න පුළුවන්. ගොඩක් බ්ලොග්කාරයො ඒකට එකතු කරගත්ත ඇකඩමික් සහතික විතරක් නෙවෙයි අවු. 25කට ඉස්සර පාස්වෙච්චි අයීල්ටීඑස් සහතික වල ඉඳන් මොන්ටිසෝරි සහතික දක්වා පල්හෑලි බ්ලොග්වල දමාගෙන අමු ගොන් රිළා පාට් දානව පේනව? සමහරු තමන් ගිය රටවල් ගණන, හිටපු කෙල්ලෝ ගාන, බීපු බෝතල් වර්ග ගැන, ඒ තියා තමන් ලිංගිකව හැසුරුණු ස්ත්‍රීන් ගැන ගැන පවා පොර ටෝක් දාන්න තරමට නිහීන තත්වයකට පත්වෙලා.

    මට මාළු අල්ලන්නෙක් හම්බ වුනා දවසක්, එයා පොර ටෝක් දුන්නා අල්ලපු මාළු වර්ග ගැන.

    ඇමරිකාව /බටහිර සාපේක්ෂව අපට වඩා ආර්ථික ඇතුළු ගොඩක් අංශවලින් දියුණුයි කියලා පිළිගන්නවනේ? උදාහරණයකට ඇකඩමික් පැත්තෙන් වුනත්, උවමනාව තියන ඕනෑම කෙනෙක්ට උපාධියක් ගන්න පුලුවන් නේ. අනිත් අතින් ප්‍රොෆෙෂනල් විධිමත් පුහුණුවක් ගන්නත් පහසුකම් වැඩියි. ඒ නිසා ඇමරිකාව/කැනඩාව /යුරෝපයේ ඇතුළු දියුණු රටවල බහුතරයක් ඉන්නේ පොරවල් තමයි. ඉතින් එහේ ඉන්න එකිනෙකාට පොර ටෝක් දැම්මට ඒවා පොර ටෝක් වෙන්නේ නැහැ. මොකෝ අනෙකාත් ඒ හා සමාන පොරක්. ඉතින් තමුන්ගේ ලොකු කම් බොරු පුරාජේරු කාට කියලා කියන්නද දෙයියනේ? කොහොම වාවන්නද ඒ දුක?

    නමුත් ලංකාවේ ලක්ෂ තුන්හාමාරක් ඇ/ළ් කරනකොට 18,000 ක් විතර තමයි විශ්වවිද්‍යාලෙට යන්නේ. ඒ කියන්නේ 3,32,000 (තුන්ලක්ෂ තිස් දෙදාහකට) පොරවල් වෙන්න බැරි වෙනවා.වැරැද්ද ඒ දරුවන්ගෙද? ප්‍රොෆෙෂනල් වෙන එකත් ඔච්චර තමයි.

    මෙච්චර විෂමතා තියන ලංකාවේ ඔබ පොර ටෝක් දැම්මොත් අනෙකාට හිස්ටිරියව/හීනමානය හැදෙන්න පුළුවන් හෝ ඔබව ජෝක් වෙන්න පුළුවන්. ජනතාව පාන් ඉල්ලලා උද්ඝෝෂණ කරපු වෙලාවේ, අර ප්‍රංශයේ ලුවී රජුගේ බිරිද මාරි අන්ත්වානෙත් "Let them eat cake" කියලා තියෙන්නේ සිරියස්ලි. ඕක අජිත් පැරකුම් වගේ ජවිපෙ තියරි උගත් හිටපු ත්‍රස්තවාදියො දන්නවා. ඔයාලට කියලා දෙන්නේ නැහැ. එතකොට කම්කරු ලියන්නාගේ සාක්කු පිරෙන්නේ නැහනේ. අන්නේකයි.

    ReplyDelete
    Replies
    1. // අනිත් අතින් ප්‍රොෆෙෂනල් විධිමත් පුහුණුවක් ගන්නත් පහසුකම් වැඩියි. ඒ නිසා ඇමරිකාව/කැනඩාව /යුරෝපයේ ඇතුළු දියුණු රටවල බහුතරයක් ඉන්නේ පොරවල් තමයි. ඉතින් එහේ ඉන්න එකිනෙකාට පොර ටෝක් දැම්මට ඒවා පොර ටෝක් වෙන්නේ නැහැ. මොකෝ අනෙකාත් ඒ හා සමාන පොරක්. ඉතින් තමුන්ගේ ලොකු කම් බොරු පුරාජේරු කාට කියලා කියන්නද දෙයියනේ? කොහොම වාවන්නද ඒ දුක? //

      ලෝකේ කොහේ පදින්චි වෙලා හිටියත් සින්හලෙන් ම ලිඛිත කයිවාරු ලිවීමේ රහස මේකයි හිටන්!

      Delete
    2. මට හම්බ උනා ගයිඩ් කෙනෙක් දවසක්... ඌ කයිය ගැහැව්වෙ උගෙ මාමණ්ඩිගෙ කේන්දර බැලිල්ල ගැන...... ඒ මොකද ඔය ඇනෝ තුමාට හිතෙන හැටියට?

      Delete
    3. ෂුවර් එකටම හිලරිට සප් එක දීපු පොරක් වෙන්න ඕනේ.

      Delete
    4. මිනිසෙකුට උගත්කම විතරක් මදි. ප්‍රඥාවත් තියෙන්න ඕනේ. මේ රටේ ඉන්න ගොඩක් උගත්තුට නැත්තෙත් ඒකයි. උගත්කම විතරක් තියෙන මිනිස්සු හොරකන් කරන්න ගියාම මිනි මරන්න ගියාම ඉතා සුක්ෂම විධියට ඒ අපරාධ කරනවා. මේ රටේ අධ්‍යාපනය ක්‍රමය හුදු උගත්කම අබිබවා ගිය යහපත් මිනිස්සු බිහිකරන ලෙස වෙනස් වෙන්න ඕනේ. තවමත් නොවෙන්නේ ඒකයි. මේ රටේ දේශපාලනඥයා නීතිඥයා වෛද්‍යවරයා දිහා බලන කොට උන් කට්ටියටම තියෙන්නේ හුදු උගත්කම විතරයි. කිසිම ගුණ ධර්මයක් උන්ගෙන් පේන්නෙ නෑ.

      Delete
    5. ගයිඩ්ලට ප්‍රඥාව තියෙනවද?

      Delete
    6. හතර දෙනාම පොන්නයෝ

      කතන්දර
      පොන්න සිරා
      රාජ්
      ඉකොනොමැට්ටා

      Delete
    7. බකපඬි තට්ට රිළා දාර පොන්නයන්ට වඩා නම් තියෙනව කියල කියන්න ඇහැකි. මොකෝ ඔසී ගියත් පොන්නකම නැතිවෙන්නේ වත් ප්‍රඥාව පහළ වෙන්නේවත් නැහැ, තමුන්ම මොන්ටිසෝරි සහතික බ්ලොග් එකේ දදා අමු ගොං විදිහට ගොන්පාට් දැම්මට. පට්ට ගෝත්‍රික දෙබිඩි _කන්නා.

      Delete
    8. මාත මචන් දාපන් පහක්, දැන් ඔය පොන්නයින්ගේ කාලෙ ඉවර වේගෙන යන්නෙ වේගෙන්. අපි පක්ෂ භේදයෙන් තොරව මේ පොන්න රැලට එරෙහිව එක් වෙමු.

      Delete
    9. පහක් නං මදි මචෝ... අඩුම පනහක් වත් දාපන්... ෂැන්ඩි ඕන්නෑ හිටන්...

      Delete
    10. හහ් හා, අමුවෙන් ගසමු ඩෝ, අපිත් හොඳ කන බොන මිනිස්සු තමයි, හරිය.
      මචන් බ්ලැක් ලේබල්/ ශිවාස් වලට අයිස් කැට ටිකක් දාල හරි තකිලා ලුණු + දෙහි එක්ක නැත්නම් බකාඩි ලෙමන් ජූස් එක්ක, නැත්නම් ඩ්‍රයි ජින් + ටොනික් ඕනෙ එකක්. වැටෙන්නම ගසමු මචෝ... :D :D :D

      Delete
    11. කෑව මදි වගේ ගයිඩ් කොල්ලට.... අඩෝ ගඩ්ඩා සුද්දො ටිකක් මරාගත්තෙ නැද්ද ලඟදී...

      Delete
  22. සෝවියට් දේශයෙන් කිසිම ප්‍රතිලාභයක් නොලද මාත් සෝවියට් දේශයටත් සමාජවාදයටත් කැමතියි. මට මතකයි පොඩිකාලෙ ලංකාව අැරුනම මා වඩාත්ම අාදරය කල රට සෝවියට් දේශය.

    නමුත් නිළධාරිවාදය හා පැවති පාලන ක්‍රමය ටත්මිනීමරු විප්ලව වලටත් මා අකමැතියි.

    ගඟෙන් දියබී මුහුදට.අාවඩනවනම් ඒ අකෘතඥ කමක් තමයි,හැබැයි කන්ස්ට්‍රක්ටිවු විවේචනනම් අවුලක් නෑ.

    හැබැයි සරස කියල තියන විදියෙ මිනිස්සු තමා රටේ බහුල. කිසියම් කෙනෙක් සෝවියට්දේශයෙන් ඉගනගන බටහිරට අාවඩනවනම් ඒක හිරිකිතයි. ඒ පුද්ගලය

    ReplyDelete
    Replies
    1. // හැබැයි සරස කියල තියන විදියෙ මිනිස්සු තමා රටේ බහුල. කිසියම් කෙනෙක් සෝවියට්දේශයෙන් ඉගනගන බටහිරට අාවඩනවනම් ඒක හිරිකිතයි. //

      ම.ම. තුමා ගේ මද්‍යස්ත ආලෝචනයට ස්තූතිවේවා!

      Delete
  23. සාරසය මෙහේ සොවියට් උපාධිධාරී කම්බ හොරු එක්ක පැටලෙත්දි මෙන්න බලපන් අරෙහෙ වෙන දේවල්. මේ දිනවල වත්මන් රජයේ දේශපාලන සබඳතා මත ලංකාව නියෝජනය කරන විදේශ තානාපති තනතුරු වලට නියෝජිතයින් පත් කිරීම යහමින් සිදුවේ.

    පසුගිය රජය දේශපාලන පත්වීම් ලබාදුන් බවට විවේචනය කරමින් තානාපතිවරුන් රැසක් නැවත කැඳවීමෙන් පසුව එම පුටු වලට මේ ආකාරයේ අය පත්කිරීම යහපාලනය වෙනුවෙන් දරදිය ඇදි නීතීඥ පිරිසකගේ දැඩි විවේචනයටද ලක්ව තිබේ.

    මේ අතර සාමාන්‍ය පෙළ විභාගයද අසමත් තැනැත්තෙකුට තව නොබෝ දිනකින් තානාපති තනතුරක් ලබාදෙන්නට ඉහළ බලපෑම් එල්ලවී තිබෙන අතර ඔහු වැනි අය පත්වුවහොත් ලංකාව විදේශ රටවලදී හෑල්ලුවට ලක්විය හැකි බැවින් ඒ ගැන දැඩි ආන්දෝලනයක් හටගෙන ඇතැයි වාර්තාවේ.

    උසස්‌ නිලතලවලට පුද්ගලයන් පත් කිරීමේදී ඔවුන්ගේ අධ්‍යාපන සුදුසුකම් හා අත්දැකීම් පිළිබඳ අවධානයට වඩා ඔවුන් දේශපාලනිකව දක්වා තිබෙන පක්ෂපාතීත්වය හෝ ඔවුන් වර්තමානයේ සිටින දේශපාලන අනාථභාවය වැනි සුදුසුකම් පමණක් මුල්කරගැනීම තානාපති සේවය නැවතත් වලපල්ලට යොමු කරන්නක් බව පෙන්වා දෙන මෙම නීතීඥ පිරිස ඊට එරෙහිව නඩු පැවරීමටද සූදානමින් සිටිති.

    ReplyDelete
  24. මිනිසෙකුට උගත්කම විතරක් මදි. ප්‍රඥාවත් තියෙන්න ඕනේ. මේ රටේ ඉන්න ගොඩක් උගත්තුට නැත්තෙත් ඒකයි. උගත්කම විතරක් තියෙන මිනිස්සු හොරකන් කරන්න ගියාම මිනි මරන්න ගියාම ඉතා සුක්ෂම විධියට ඒ අපරාධ කරනවා. මේ රටේ අධ්‍යාපනය ක්‍රමය හුදු උගත්කම අබිබවා ගිය යහපත් මිනිස්සු බිහිකරන ලෙස වෙනස් වෙන්න ඕනේ. තවමත් නොවෙන්නේ ඒකයි. මේ රටේ දේශපාලනඥයා නීතිඥයා වෛද්‍යවරයා දිහා බලන කොට උන් කට්ටියටම තියෙන්නේ හුදු උගත්කම විතරයි. කිසිම ගුණ ධර්මයක් උන්ගෙන් පේන්නෙ නෑ.

    ReplyDelete
  25. 1.

    සරසතුමා, මයුරවිල මහත්මා සහ බුද්ධිමත් (උපාධිධාරී වෙන්න ඕන නැහැ) පාඨකයන් සඳහා (පමණි).
    ========================================================

    සිංහලයාටත් බෞද්ධයාටත් අවමන් කරන, ශ්‍රී ලංකාවට තවමත් "තුන් වැනි ලෝකයේ" රටක් යැයි පවසන (තුන් වැනි ලෝක කතා අවසාන වී බොහෝ කාලයක් ගොස් බව මේ ප්‍රාග් අඥයෝ නොදනිති), තැන තැන ඇති බ්ලොග්වලට රිංගා ගෙන තමන්ගේ දෙකයි පනහේ සුදුසුකම් ගූ බෙටි රෙන හීනමානයෝ තුන් හතර දෙනෙක් මතු වී සිටිති. මේ වර්ගයේ අයගේ පොදු ලක්ෂණයක් වන්නේ අපේ රටට, ජාතියට, ආගමට ගැරහීමය. මේ අයගෙන් එක් අයෙක් යන යන තැන තමන්ගේ පෝස්ට්වල ලින්ක් දමමින් ගියේය. දැන් ඒ වර්ගයේ අලුත් අයෙක් යන යන තැන තමන්ගේ පැටිකිරිය දමමින් යයි. ඔය කියනා පැටිකිරියේ ගත යුතු දෙයක් ද නැත. තමා අර විශ්වවිද්‍යාලයේ උගත් බවත්, තමා මේ විශ්වවිද්‍යාලයේ උගත් බවත් ඉදිරියේදී අයිස්ලන්ත විශ්වවිද්‍යාලයේ අහවල් එක කොරන්නට සිතා සිටින බවත් කියමින් තමන්ගේ හිතට වද දෙන හීනමාන හැඟීම් පිටකරන මේ අය ලංකාවේදී තමන්ට සැලකීමක් නොලැබීම ගැන මහා කනස්සල්ලකින් සිටිති. ඒ කනස්සල්ල මේ අය වෛරයක් ලෙස පිටකරති. දිස්ත්‍රික් පදනමේ ගැටලු තිබෙන බව ඇත්තය. එසේ වූ පමණින් ඒ පදනමින් විශ්වවිද්‍යාල සුදුසුකම් ලැබූ අයට නින්දා කළ යුතු නැත. බොහෝ විට එසේ නින්දා කරන්නේ මොන පදනමකින්වත් මෙරට විශ්වවිද්‍යාලයකට යා ගන්නට නොහැකි වුණු අයය.

    බ්ලොගයකට පැමිණ අදහසක් දක්වා, සංවාදයකට දායක වන්නට තමන්ගේ පැටිකිරිය ලියා දක්වන්නට ඕනෑ නැත. වෘත්තීය හෝ ශාස්ත්‍රීය කටයුත්තකදී නම් එසේ කිරීම පිළිගත් සම්ප්‍රදායකි. අපේ ජාතියට ආගමට නින්දා කරන ඇතැම් අය බ්ලොගයක අදහසක් පළ කරන්නට පැමිණ අදහසට වඩා වැඩි වචන ගණනක් පාවිච්චි කර තමන්ගේ දෙකයි පනහේ සුදුසුකම් ලියති. හිනා යන කාරණය නම් මේ අය තමන්ගේ සුදුසුකම් ලෙස ඉතා මූලික ඉංග්‍රීසි ප්‍රවීණතා විභාග ද සඳහන් කිරීමය. තමන්ගේ මට්ටම් තම්මැට්ටම් කීවාලු! එහෙත් ඩී.පිල්. උපාධියක් ලද අය තමන්ගේ මූලින උපාධි ගැන වැල්වටාරම් ලිය ලිය යන්නේ නැත; එෆ්.ආර්.සී.පී. ලද අය තමන්ගේ එම්.ආර්.සී.පී. ගැන වැල්වටාරම් ලිය ලිය යන්නේ නැත. ඒවා එසේ වුණත් කිසිවෙකු අයි.ඊ.එල්.ටී.එස්. හෝ ටෝෆල් ගැන නම් ලිය ලිය යන්නේ නැතිමය. හතර විළිලැජ්ජාවේ බැරිය කියන්නේ ඇතැමෙකු පහුගිය කාලයේ තමන්ගේ අයි.ඊ.එල්.ටී.එස්. සහතිකේ පොටෝ ගසා ප්‍රදර්ශනයද කළ බවය. ලංකාවේ විශ්වවිද්‍යාලයකින් වර්තමානයේ උපාධියක් ලබන අයෙකු තමා සාමාන්‍ය පෙළ හෝ එයට සමාන විභාගයක් සමත් වූ බව ලිය ලිය යන්නේ නැත.

    බ්ලොග්වල අදහස් දක්වන්නට තමන්ගේ පැටිකිරිය ලියන්නට අවශ්‍ය නැත. ඇතැමෙක් දැන් ඇනොනිමස් අදහස් දක්වන්නට පහසුකම් සැපයීම ගැන බ්ලොගර්, වර්ඩ්ප්‍රෙස් වැනි ආයතනවලට ද දොස්දෙස් තියති. මේ බ්ලොගය ලියන සරසතුමා රාජකීය විද්‍යාලයෙන් ඉගෙනගෙන ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළ සමත්වී පේරාදෙණි විශ්වවිද්‍යාලයෙන් දන්ත වෛද්‍ය විද්‍යාව පිළිබඳව මූලික උපාධිය ලබා හොංකොං විශ්වවිද්‍යාලයෙන් ජෛවරසායනික විද්‍යාව පිළිබඳ පර්යේෂණ ආචාර්ය උපාධියක් ලැබුවෙකි. එහෙත් සරසතුමා තමන් ලියන ලියන දෙය යටින් ඩොක්ටර් කෑල්ලක් ඇමිණූ නම දාගන්නට දඟලන්නේ නැත. සරසතුමා "ඩොක්ටර්" යනුවෙන් කටපුරා හිතේ කහටක් නැතිව ඇමතිය හැකි තරම් සුදුසුකම් ලද උගතෙකි. සරසතුමාගේ සුදුසුකම් එතුමා ලියන දෙයින් පෙනේ. එනිසා තමා උගත් විශ්වවිද්‍යාලවල නම් ලැයිස්තු ලියා දක්වන්නට හෝ තමන්ගේ අයි.ඊ.එල්.ටී.එස්. සහතිකේ පොටෝ ගසා බ්ලොගයේ ප්‍රදර්ශනය කරන්න පමණක් නොව තමන්ගේ මංගල ඡායාරූපය බ්ලොගයේ දමා ගන්නට හෝ සරසතුමාට අවශ්‍ය නැත.

    බ්ලොග්වල ඉතා හරවත් අදහස් පළ කරන මයුරවිල මහත්මා ද රාජකීය විද්‍යාලයෙන් ඉගෙනගෙන, නීතිය හදාරා, කළමනාකරණය හා සම්බන්ධ පශ්චාත් උපාධි ලද තැනෙත්තෙකි. මයුරවිල මහත්මා බොහෝ විෂයන් ගැන ඇසූපිරූ දැනුමක් ඇති බුද්ධිමත් විචාරකයෙකි. ඒ මහත්මා දිස්ත්‍රික් පදනමට සාප කරමින් බලා සිටියේ නැත; ඉතා ඉහළ උගත්කමක් ලැබුවේ ය. මයුරවිල මහත්මා ලියන දේවලින් ඒ මහත්මාගේ සුදුසුකම් පෙනේ.

    එනිසා ප්‍රශ්නයක් අසන අයට පිළිතුරු ලෙස මම මේ විශ්වවිද්‍යාලවල උගත්තා, මම අහවලා එක්ක ඉඳන් පොටෝ ගත්තා, මම අහවලාගේ පොතේ ක්ලැරිකල් වැඩේ කරා, මම අහවල් විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධිය කරනවා ළඟදිම (වයසට ගිහින් හෝ එසේ කරන එක හොඳය), මට අර වර්ඩ් විශ්වවිද්‍යාලයෙන් කතාවක් කරන්න එන්න කිව්වා (හියු හෙෆ්නටත් ඉංග්‍රීසි කතාකරන ලෝකයේ පැරණිම විශ්වවිද්‍යාලයෙන් කතා පවත්වන්නට ආරාධනා ලැබී ඇති බව මේ ප්‍රාග් අඥයෝ නොදනිති) වැනි කයිවාරු පැවසීමෙන් වැඩක් නැත; මොකද ඒවා "අදාළ නැහැනේ"!

    ReplyDelete
  26. 2.

    ඔය කයිවාරු ගසන වෙන්ඩ-ආචාර්යලා නොදන්නවා වුවත් ලංකාවේ පැරණිම විශ්වවිද්‍යාලයෙන් සහ කිසියම් විෂයක් පිළිබඳ දකුණු ආසියාවේ දෙවැනි පැරණිම විද්‍යාලයෙන් පමණක් නොව ඉංග්‍රීසි කතා කරන ලෝකයේ පැරණිම විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය (ඩී.පිල්.) උපාධිය ලැබූ පශ්චාත්-ආචාර්ය උපාධි පර්යේෂණ ද අදාළ විෂයේ ලොව ප්‍රමුඛතම විද්වතුන් යටතේ සිදු කළ අය ද තමන්ගේ පැටිකිරිය නොලියා බ්ලොග්වල අදහස් දක්වා යති. දෙස් විදෙස් කීර්තිය ලද ඉංජිනේරුවෝද නිර්මාණවේදියෝද තමන්ගේ පැටිකිරිය නොලියා බ්ලොග්වල අදහස් දක්වා යති. ඉතා උගත් නීති විශාරදයෝද තමන්ගේ පැටිකිරිය නොලියා බ්ලොග්වල අදහස් දක්වා යති. ලංකාවේ ද යුරෝපයේ ද විශේෂඥ වෛද්‍යවරු (ලංකාවේ විශේෂඥ වී යුරෝපයේ තාවකාලික ව ලේඛකාධිකාරී වූ අය නොව නියම ආකාරයට එස්. ටී. පාඨමාලාව සම්පූර්ණ කර එන්.එච්.එස් එකේ විශේෂඥ) ලෙස වැඩ කළ, වැඩ කරන අය ද බ්ලොග්වලට පැමිණ තමන්ගේ පැටිකිරිය නොලියා බ්ලොග්වල අදහස් දක්වා යති. කලකට ඉස්සර මතුව පැමිණි සිංහල සිංදුවල සමලිංගිකකම් සෙවීමේ වසංගතය මයුරවිල මහත්මා මැදිහත් වී නැති කර දැම්මා වගේම බ්ලොග්වල තුට්ටු දෙකේ පැටිකිරි ලියමින් සිංහල ජාතියට නින්දා කිරීම ද නැති කර දමන්නට කාලය පැමිණ තිබේ.

    ලංකාවේ උපාධිධාරීන් බටහිර විශ්වවිද්‍යාලවල ගණන් ගන්නේ නැති බව ඇතමෙක් ලියති. මේ ලංකාවේ ශිෂ්‍ය පරම්පරා අධෛර්යවන්ත කිරීම සඳහා ලංකාවේ දී සුදුසුකම් ලබන්නට බැරි වූ අය පවසන චේතිය බොරුවකි. ලංකාවේ සුදුසුකම් ලත් දක්ෂ වෛද්‍යවරුන්ගේ හා අනෙකුත් වෘත්තිකයන්ගේ දැනුමද කුසලතාද ඉතා ඉහළ මටිටමක පවතී. ඒ පිළිබඳ හොඳ ඇගයීමක් බටහිර ඇත. ඒ බව පවසන්නේ ඊයේ පෙරේදා යුරෝපයට, ඇමෙරිකාවට පය තැබූ අය නොවේ; දීර්ඝ කාලයක් දෙස්විදෙස්වල ඉගෙනගත්, ඉගැන්වූ සහ වෘත්තියේ යෙදුණු අයය. එනිසා අපේ දරුවන් හීනමානකාරයන්ගේ කුහක කතාවලින් අධෛර්යවන්ත නොවී හොඳින් ඉගෙනගත යුතුය.

    රුසියාවේ අධ්‍යාපනය හොඳය. එය හොඳ වන්නේ රුසියාවෙන් හඳට රොකට් යැව්ව නිසා නම් නොවේ. එවැනි හඳ ගමන් මෝඩ කතා නිසා හෑල්ලුවට පත්වෙන්නේ රුසියාවේ ගොස් උපාධි ලබා එන දරුවන්ය. හෙක්ටර් වීරසිංහලා, ජයන්ත ලාල් රත්නසේකරලා වැනි රුසියාවේ උගත් දක්ෂ, වැදගත් මහත්වරුන් මේ විකාර හඳ ගමන් කතා ඇසුවොත් කම්පාවනු ඇත. රුසියානු වෛද්‍ය උපාධිය ලබා එන උපාධිධාරීන්ගේ ගැටලුවක් වන්නේ ඔවුන්ගේ දැනුම ලංකාවේ වෛද්‍ය වෘත්තියේ යෙදීමට ප්‍රමාණවත් ව හැඩ ගැසී නොතිබීමය. එහෙත් ඒ ගැටලුවලට පිළියම් ලෙස විභාගයක් අරමුණු කර අධ්‍යයනය කරවීම ද සීමාවාසික පුහුණුවක් දීම ද සිදු වේ. අවශ්‍ය අයට විශේෂ උපකාරක පන්ති ද අපේ ම විශේෂඥයන් විසින් පවා පැවැත්වේ. විදෙස් උපාධිධාරීන් සදහා මේ ආකාර විභාග සහ පුහුණු වෙනත් රටවල ද තිබේ. මොන තරම් සුදුසුකම් තිබෙන විදෙස් වෛද්‍ය උපාධිධාරීන් වුණත් (සීමිත ව්‍යතිරේක සහිතය) එංගලන්තයේ සේවය කරන්නට නම් ප්ලැබ් ද ඔස්ට්‍රෙලියාවේදී සේවය කරන්නට නම් ඒ.එම්.සී. ද ඇමෙරිකාවේ සේවය කරන්නට නම් යූ.එස්.එම්.එල්.ඊ. ද සමත් විය යුතුය. දන්ත වෛද්‍යවරු සඳහාද එවැනි සුදුසුකම් ලැබිය යුතුය (සරසතුමා ඒ පිළිබඳ මට වඩා දනී). පශු වෛද්‍යවරු සඳහාද එසේමය. පැරාමෙඩික්වරු සම්බන්ධයෙන් තත්ත්වය මම නොදනිමි.

    අද ලංකාවේ මූලික ප්‍රශ්නය වී ඇත්තේ අපේකමට සහ අපේ රටට නින්දා කරන්නට සැදී පැහැදී සිටින අපේ රටෙන්ම හැදී වෙන රටවලට පැනගත් බොරු සෝබනකාරයන් පිරිසක් බිහි වී සිටීමයි. වෙන රටවල සිටින පැරාමෙඩික්වරු ලංකාවේ විශේෂඥ මනෝ වෛද්‍යවරුන්ට බ්ලොග් හරහා මනෝ වෛද්‍ය විද්‍යාව උගන්වන්ට යෑම යනු ගඟෙන් දිය බී මුහුදට ආ වැඩීම නමැති එම මූලික ප්‍රශ්නයේ එක කොටසක් පමණි.

    අනොනිමස් විසින් ලියන ලදී.
    (ඇනොනිමස් වීම ගැන දැවෙන ප්‍රශ්න ඇති අය කරුණාකර ගූගල් සමාගමට පැමිණිලි කරන්න!)


    (ටිකක් සැර විදියට ලියන්නට වීම ගැන සරසතුමාගෙන් සමාව ඉල්ලාසිටිමි)

    ReplyDelete
    Replies
    1. ඇද්ද හූ හූ හූ හූ ඌ ඌ ඌ ...
      - මීට ඇනෝනිමස්

      Delete
    2. Dear Anonymous,

      Brilliant article. Very well written & perfect exposure of brainless idiots.

      Thanks a lot & we need more articles from you.

      Could you please continue this good work? I humbly request you to continue.

      Thanks again for Dr. Sa Rasa for providing such a brilliant platform for such wonderful ideas. Hat's off !

      Cheers guys. KIT

      Delete
    3. @AnonymousJanuary 5, 2017 at 12:57 AM
      ඇනෝ පිස්සු පීකුදු පට්ට මචෝ.
      Dr බුවාගේ හිනමානේ තරම පේනවා හිස් කලේ දිය කැලත්තෙන හඬින්ම. අරෙහෙ උපාදිය කළා මෙහෙ උපාදිය කළා , අරෙහෙ ලෙක්චර් දුන්න , මෙහෙ පොත් ලිව්වා etc etc
      සිංහල සංස්කෘතියට , බුද්ධාගමට කෙලින්න දඟලන මේ හැම එකාටම තියෙන සමාන රෝග ලක්ෂණ ඇති මානසික රෝගය කුමක් ද කියා දන්නා තැනැත්තෙක් කියා දෙනවා නම් පිං

      Delete
    4. // අනොනිමස් විසින් ලියන ලදී. //

      ගරු කටයුතු ඇනොනිමස් මැතිඳුනි,

      පඳුරට විදිමින් කාලය වැය නොකොට හාවටම තැබූ ඔබේ හීය ඉලක්කයටම වැදුනු බව අපට සහතිකය. මා ( සහ මෙහි ඉහත අදහස් දැක්වූ අයත් ) ඔබේ නිර්ව්‍යාජ වටිනා ආලෝචනයෙන් ඉතාම සතුටට පත්වීමි.

      මෙවන් කාලෝචිත ආලෝචනයක් සැපයීම ගැන අපේ ගෞරවනීය ස්තූතිය පිලිගන්න.

      Delete
  27. සාරස යම් කිසි රටකින් හෝ විශ්ව විද්‍යාලයකින් නොමිලේ හෝ මුදලට උපාධියක් ලත් පමනින් එම රටට හෝ විශ්ව විද්‍යාලයට පක්ෂපාතී විය යුතු වන්නේ ඇයි දැයි වැටහෙන්නේ නැහැ. 1980 ගණන් වල මේරටේ විශ්ව විද්‍යාල වලට ඇතුලත් වීමට නොහැකි වූ අයට තිබුණේ වෙන අවස්ථා සුළුප්‍රමාණයක් පමණයි. ඒවායින් එකක් රුසියානු ශිෂ්‍යත්ව.

    උසස් අධ්‍යාපන ආයතනයකින් ලබාගන්නේ මූලික දැනීමක් පමණයි යන්න මඟේ හැඟීමයි. එයට හේතුව එකම ආයතනයකින් එකම වසරේ උපාධි ලබාගත් දෙදෙනෙකුගේ හැකියාවන් සහ දක්ෂතා අතර වෙනසක් තිබීමට හැකිවීම. තමන් පොත පතින් ලබා ගත් දැනීම තමන්ගේ ඥාණ ශක්තිය මෙහෙයවා වැඩිදියුණු කිරීම සහ ප්‍රායෝගික යොදාගැනීම් වලින් ලබා ගන්නා අත්දැකීම් වලින් පුද්ගලයෙකු හැකියාව සහ දක්ෂතාව ලබා ගන්නා බව තමයි මම සිතන්නේ. පුද්ගලයෙකුගේ වෘත්තීය සාර්ථකත්වය බලපවතින්නේ එම හැකියාව සහ දක්ෂතාව මත මිස ලබා ගත් උපාධිය මතම නොවේ. උපාධිය රැකියාවක් ලබා ගැනීමට දොර විවෘත කිරීමට සමත් වුණත් එම රැකියාවේ ඔහු/ ඇයගේ සාර්ථකත්වය රඳාපවතින්නේ උපාධි සහතිකය මත නොවේ.

    මෙම කරුණු සහ විශ්ව විද්‍යාලයකින් කලයුත්තේ ගැත්තන් බිහිකිරීම නොව නිදහස් චින්තකයින් බිහිකිරීම යැයි ඇති මගේ විශ්වාසය සමඟ ඔබ කියන අයුරින් රටකට හෝ විශ්වවිද්‍යාලයකට පක්ෂපාතී වීම අවශ්‍යතාවයක් ලෙස මට නම් නොහැඟේ.

    ReplyDelete
    Replies
    1. // මෙම කරුණු සහ විශ්ව විද්‍යාලයකින් කලයුත්තේ ගැත්තන් බිහිකිරීම නොව නිදහස් චින්තකයින් බිහිකිරීම යැයි ඇති මගේ විශ්වාසය සමඟ ඔබ කියන අයුරින් රටකට හෝ විශ්වවිද්‍යාලයකට පක්ෂපාතී වීම අවශ්‍යතාවයක් ලෙස මට නම් නොහැඟේ. //

      ඉයන්,

      ඔබේ වටිනා අදහස් වලට ස්තූතියි. කෙනෙකුට ඔබ ඉදිරිපත් කරනා කරුනු අනුව සිතා බලන්න දෙනෙත් විවර කරනවා.

      මට නම් alma mater යන වැකියේ වතුරට වඩා ලේ ඝනකම් ය වැනි හැඟීමක් ඇති කරන බව මතක් කල යුතුයි.

      අවසාන වශයෙන් මේ කිතිකාවට සම්බන්ද වී ඔබේ අදහස් ඉදිරිපත් කිරීම ගැන නැවතත් ඔබට ස්තූතියි!

      සන්වාදයෙන් අපට ඉදිරි දැක්ම හදා ගත හැකියි!

      Delete
    2. මෙතන තියෙන්නේ පක්ෂපාතී වීම පිළිබඳ ගැටලුවක් නෙවෙයි නේද? මේක අකෘතඥ්ඥතාවය ගැන ප්‍රශ්ණයක්. සරස අහන්නේ
      "ලෙනින් තුමා ඔහේලට සියඹලා කැවුවෙම නැත්ද? " කියලා.

      ලොකු රැඩිකල් ටෝක්කාර බ්ලොග් උස්තාද්ලට නම් මේව "ගැති කම්".

      හැබැයි ගොඩේ අපිට නම් 'කෘතඥ්ඥතාවය' යනු වටිනා ගුණාංගයක්. මව්පියන්ට, ගුරුවරුන්ට, උගන්නපු පාසැලට, විශ්ව විද්‍යාලයට, ශික්ෂණය ලබා දීපු ආගමට, සංස්කෘතියට අපේ හිතේ නම් තියෙන්නේ ලොකු ගෞරවයක්.

      Delete
    3. ඉයන් සහ අසංග දෙදෙනාම කියන එක ඇත්ත. අසංග මමෙම ප්‍රශ්නය පටන් ගත් කොමෙන්ටුව මේ ලිපියේ දක්වා තිබෙනවා. එහිදී මම ජවිපෙ ගැන කල විවේචනයකට ජවිපෙ සාමාජිකයකුට තරහ ගොස් ලියුවකට ම දුන් පිළිතුර දිග ආදී ගොස් අන්තිමට ඒවා සරසගේ බ්ලොගයේ ඇනෝ කෙනෙකු විසින් දැමුවා. ජවිපෙ ට කල විවේචනය සෝවියට් දේශයට අකෘතඥ්ඥ වීමක් වන්නේ කෙසේද යන්න තමා මගේ ප්‍රශනය වුනේ.
      https://kolambagamaya.blogspot.co.uk/2017/01/blog-post_5.html

      Delete
    4. සබැඳියට ස්තූතියි අජිත්. ඉහත මාගේ පිලිතුරේ දී මා ඉලක්ක කලේ ඔබ හෝ ඉයන් නොවේ. වැරදි වැටහීමක් ඇති වූවා නම් සමා වෙන්න.

      බ්ලොග් ලියන බොහෝ දෙනෙකුට අනුව (විශේෂයෙන්ම දේශපාලන ) කලගුණ සැලකීම, රටට පක්ෂපාතී වීම, ආගමට සැලකීම, ගුරුවරුන්ට සැලකීම ආදීය 'ගොබ්බ' පිළිවෙත් වේ. ඉහත බොහේ 'ඇනෝ' වරුන් විසින් සවිස්තරව ලියා ඇති දෙයට ඇමුණුමකුයි මා එක් කලේ. පෞද්ගලිකව මා හටනම් ඔබේ ලිපිය පිළිබඳ අවුලක් නැත. එය පදනම් කරගෙන ගොඩ නැගෙන සංවාදය ඉතා වටී.

      Delete
    5. දැන් බලන්න ඉයන්, ඔයාගේ නායක තුමා, කොච්චර තමාගේ පරණ පාසලට සලකනවද කියල? කැබිනට් මණ්ඩලයෙන් 75% ඉන්නේ එයාගේ පාසලේ කට්ටියනේ. ඔයත් එහෙමනේ, ඔයාගේ පසලේ නිසා කනට ගැහුවත් නාවික හමුදාපති අවංක නිහතමනිනේ!

      Delete
    6. සාරස, මාතලන්, ඉයන් සහ අරුණ යන හිතවතුන් වෙතටය (මෙහි තවත් රජ සිසුන් වේ නම් උන් මා කමත්වා) ,

      “මට නම් alma mater යන වැකියේ වතුරට වඩා ලේ ඝනකම් ය වැනි හැඟීමක් ඇති කරන බව මතක් කල යුතුයි.”

      මා තෙපි සියල්ලට වයසින් බල වුව ද මටද ඒ එසේමය !

      මම බ්ලොග් ලොව එක පිංකමක් කලෙමි. ඒ අරුණ පෙරේරා නම් දෙටු බ්ලොග්කරු “ නැවත සේවයට කැඳවීමය”

      Guys we just read the lyrics once again !

      “ School of Our Fathers – Lyrics by Maj. H.L. Reed
      Thy spirit first to life awoke
      In eighteen hundred and thirty five
      Beneath the sway of Marsh and Boake
      Thenceforth did lanka’s learning thrive

      Refrain :

      School where our fathers learnt the way before us
      Learnt of books and learnt of men, through thee we’ll do the same

      True to our watchword “Disce Aut Discede”
      We will learn of books and men, and learn to play the game
      Within thy shade our fathers trod
      The path that leads to man’s estate;
      They have repaid the debt they owed;
      They kept thy fame inviolate.

      Refrain
      And we their loyal sons now bear
      The torch, with hearts as sound as oak;
      Our lusty throats now raise a cheer
      For Hartley, Harward, Marsh and Boake.

      Refrain”

      Delete
    7. - ලියුවේ මයුරවිල

      Delete
    8. // Asanga ManpitiyaJanuary 5, 2017 at 6:28 AM //

      // අපිට නම් 'කෘතඥ්ඥතාවය' යනු වටිනා ගුණාංගයක්. මව්පියන්ට, ගුරුවරුන්ට, උගන්නපු පාසැලට, විශ්ව විද්‍යාලයට, ශික්ෂණය ලබා දීපු ආගමට, සංස්කෘතියට අපේ හිතේ නම් තියෙන්නේ ලොකු ගෞරවයක්. //

      එක සේ සිතන්නන් සහෘදයන් ය

      අසන්ග මන්පිටිය මැති සඳ මගේ සහෘදයෙකි!!!

      Delete
    9. ගරුකටයුතු මයුරවිල මැතිඳුනි,

      // AnonymousJanuary 5, 2017 at 8:12 AM

      සාරස, මාතලන්, ඉයන් සහ අරුණ යන හිතවතුන් වෙතටය (මෙහි තවත් රජ සිසුන් වේ නම් උන් මා කමත්වා) ,
      //

      FLORET!!!

      Delete
  28. රට දියුණු වෙන්න වෙන්න මිනිස්සුන්නෙ ආකල්ප අවගමනය වෙනව. සංස්කෘතිය සාරධර්ම වියැකිල මුදල් මත හැම දේම තීර්ණය වෙන්න පටං ගන්නව. ඒ මං හිතන්නෙ දියුණු යැයි කියාගන්න රටවල ලක්ෂණ.

    අපි කොයිතරං සමාජසාරධර්ම වලට තැනක් දුන්නත් හැම රටක්ම ඕව සලකන්නෑ. උං කැමති තමංගෙ ලෝකෙම ජීවත් වෙන්න. අනෙකට හෙන ගහල ගියත් උංට මොකෝ කියල තමා හිතන්නෙ.

    අවාසනාවට වගේ ඔය තත්තය අද වර්තමාන ලංකාවටත් බෝවීගෙන එන අවගුණයක් කියල කියන්න පුළුවං. මං හිතන්නෙ පොඩිකාලෙ තමංගෙ දරුවව සෙනෙහසිං ඈත් කරන තැන ඉදං තමා ඔය ප්‍රශන පටං ගන්නෙ

    ReplyDelete
  29. සාරස,

    දැනට ලංකාවෙ කොච්චර දෙමවුපියො ඉන්නවද දරුවො ඔක්කොම පිටරට පදිංචි වෙලා ඉන්න නිසා “ අනේ අපි දරුවො හැදුවට දැං අපිව බලාගන්න කවුරුවත් නෑ නේ” කිය කිය... එක අතකට දරුවො ඉහල තැන් වලට ගිය එකට ගැන ආඩම්බරයි.. අනිත් අතට දරුවො තමන් ළඟ නැති එක ගැන දුකයි.. මේ කිව්වෙ ඉතිං මට තියෙන අත්දැකීම් වලට අනුව විතරයි.. මං දන්නව හැමෝම එහෙම නෑ කියලත්... ළමයින්ව ඇහේ මූණෙ තියාගෙන හදනව කියල කතාවක් තියෙනවනෙ.. මං හිතන්නෙ අපි ඒක අවශ්‍ය සහ අනවශ්‍ය තැන් අඳුනගන්නෙ නෑ කියල... ( දැං දොස්තරලත් කියන්නෙ අඬන අඬන පාරට ළමය වඩාගෙන නලවන්න යන්න එපා කියල.. ඒ උනාට ආච්චිලයි, නැන්දලයි, පුංචිලයි ළමයා අතෙන් බිම තියන්නෙ නෑ ආසාවට...) ළමයින්ට ආදරය කරුණාව අත්‍යවශ්‍යයි... හැබැයි ඒක පෙන්නන විදිය පුද්ගලයන් අනුව වෙනස් වෙනව... මම හිතන්නෙ නෑ දරුවා ගෝ කර්ට් එකේ දාගෙන ගියා කියල ඒ අම්මගෙ දරුවට තියෙන ආදරය මනින්න ඒකෙන් පුළුවන් කියල.. සමහර විට දරුවා අම්මගෙ අතේ ඉන්නවට වඩා පහසුවෙන් ගෝ කාර්ට් එකේ ඉඳියි... සමහර රටවල දරුවෙක් ඉස්පිරිතාලෙන් නිදහස් කරන්නෙ නෑ බේබි කාර් සීට් එකක් නැත්තං .. අපේ රටේ අම්මලා දරුවා අතේ තියාගෙන කාර් එකේ ඉස්සරහා සීට් එකේ ඉඳගෙන යනවා ඉස්පිරිතාලෙන් ටිකට් කැපුවම... මේවා එක එක රටවල තියෙන ආකල්ප, පහසුකම්, මිනිස්සුන්ගේ හැදියාවන්, දැනුම අනුව තීරණය වෙන දේවල්.. අපි මේවා දකින නිසා අපිට හිතෙනවා අපෝ අපේ රටේ සිය දහස් ගුණයක් හොඳයිනෙ කියල...

    පෞද්ගලිකව අපේ අම්මලා මට කියල තිබ්බෙ කසාද බැදල වෙනම ජීවත් වෙන්න, වෙනම ගෙයක් දොරක් හදාගෙන පිළිවෙලක් වෙන්න, අපිත් එක්ක ජීවත් වෙන්න ලෑස්ති වෙන්න එපා කියලා.. මම අපේ අම්මලට කියල තිබ්බෙ මම කසාද බැන්දට පස්සෙ ගෙදර පැත්ත පලාතෙ එන්න හම්බුවෙන එකක් නැති වෙන්න ඉඩ තියෙන හින්ද අතේ තියෙන හැම සතේම මට වියදම් කරන්න ලෑස්ති වෙන්න එපා, ඔය දෙන්නගෙ ජීවිතේ ලේසි වෙන විදියට ඒ දේවල් ලෑස්ති කරගන්න අතේ සල්ලි තියාගන්න කියල.. එහෙම කිව්වෙ ආදරේ නැති හින්ද නෙවෙයි... එක අතකට අපිව ස්වාධීන කරන්න ඕනෙ හින්ද... අනිත් අතට අපිට කරන්න අවස්ථාව නැති වෙන්න ඉඩ තියෙන හින්ද... දෙමවුපියො දරුවො අතර තියෙන බැඳීම එක එක මිනිස්සුන්ගෙ මානසික මට්ටම් අනුව වෙනස්... ඒකෙන් ඒ අයගෙ ආදරේ මට්ටම තීරණය කරන්න බෑ...

    ReplyDelete
  30. Registering at Sarasa thuma's blog. Ponna jayage bloga athaharimi. Nawaththath uge blogayata hit wadikirimatawath noyana lesa mehi sitina niyama minisungen illami. Oya uda inna ponna Ian namaththath dirawannema nathi wachana Magic karayeki.uta muka poottu wennama uththarayak dun 8.03 am Ano thumata pranamaya.
    Ranil ponnaya VW poyiyak gasa ratama andawa Dan illan kana hati penawa neda? Ratata amu lajjawak nathi boru kiya rawattana VW gaddo hithanne liberal redi walata unge ata deka wahenawa kiyada? VW companyen kisima facility ekak lankawe open kale na kiyala company ekenma prakashayak deela!!

    ReplyDelete
  31. "වොක්ස්වැගන්" පචය ගැසූ රනිල් කුජීත වී යයි...! අයියෝ සිරිසේන..!!!

    http://newsfirst.lk/sinhala/2017/01/92946/

    ReplyDelete
    Replies
    1. සෙනොක් කාරයා මේ "කර්මාන්තශාලාව" හරහා කරන්න යන මගඩිය දැන් පැහැදිලියි. ඉන්දියාවේ හෝ වෙනත් රටකින් මිළදී ගන්නා වොක්ස්වැගන් මෝටර් රථ ඒ රටේදීම කොටස්වලට ගලවා, කන්ටේනර්වලට දමා මෙහි ගෙනැවිත් නැවත එකලස් කිරීම එම මගඩිය වේ.

      Delete
    2. හැබැයි මහා බාරකාරතුමා යටතේ තිබුනු විසාල ඉඩම අරන් තියෙන්නේ ෆොක්ස්වැගන් කර්මාන්තශාලාවක් දාන්න කියලයි.. ඒක විසාල වැරැද්දක්!

      Delete
    3. සතියක් ඇතුළත රැකියා අවස්ථා විසිදහසක් - අගමැති


      2017 ජනවාරි 3

      මේ සතිය ඇතුළත ආරම්භ කෙරෙන කර්මාන්තශාලා ව්‍යාපෘති හරහා පමණක් රට තුළ රැකියා අවස්ථා විසි දහසක් බිහිවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.
      අගමැතිවරයා ඒ බව කියා සිටියේ කුලියාපිටියේ ඉදි කිරීමට සැලසුම් කොට ඇති මෝටර් රථ එකලස් කිරීමේ කර්මාන්තශාලාව වෙනුවෙන් පැවති මුල්ගල් තැබීමේ උත්සවයට සහභාගී වෙමින්නි.
      ඊට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ද සහභාගී විය.
      මහින්දට ආණ්ඩුව පෙරලන්න බැහැ - රනිල්
      'කර්මාන්තශාලාවල රැකියා පුරප්පාඩු 150,000ක්'
      'උතුරේත් දකුණේත් රැකියා විරහිත උපාධිධාරීන් තිස්දහසක්'
      කුලියාපිටියේ මෝටර් රථ නිෂ්පාදන සමාගමක් ඇති කිරීමේ සැලසුම ඇතැමුන් විසින් අවඥාවට ලක් කරනු ලැබූ බව කී අගමැතිවරයා ඉන් රැකියා අවස්ථා දෙදහස් පන්සීයක් උත්පාදනයවන බව සඳහන් කළේය.
      කෙසේ නමුත් ඉදිරි කාලය තුළ තවත් රැකියා අවස්ථා බිහි කිරීම සඳහා තමන් ඇතුළු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන කැප වී කටයුතු කරන බවත් ඔහු පැවසීය.
      විදෙස් රටවලට සම්පත් විකුණන බවට ඇතමුන් විසින් චෝදනා කරනු ලැබුවත් රට සංවර්ධනය කිරීමට විදෙස් ආයෝජන අත්‍යවශ්‍ය බව අගමැතිවරයා පෙන්වා දුණි.
      "විදේශීය සහ දේශීය ආයෝජන ලබා ගන්න එක වරදක්ද?, අද තිබෙන්නේ විකල්ප දෙකයි. විදේශ ආයෝජන ගෙනත් රැකියා අවස්ථා ලැබී දීම හෝ නැති නම් රජයේ දේපළ හොරකම් කරලා තමන් පෝසත් වෙන්න ඕනි," අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් කියා සිටියේය.

      Delete
    4. දැන් ඉතින් සරසාල අපිට පාලු ගෙවල්වල වලන් බිඳ බිඳ තමයි ඉන්න වෙන්නේ. මොකද ආණ්ඩුවට කඩේයන හැමෝ දැන් කුලියාපිටියේ "වෝක්ස්-වැගන්" එක වැඩට යන්න ගනීනෙ!

      Delete