Thursday, January 5, 2017

මට මගේ නොවන මගේම ෆැක්ටරියක් තිබුනා......






ප්‍රතමයෙන් ම නන්ගී දැකලා අක්කා ව සහේට ගත්තු යහපාලනේට කතිරේ ගැසූ වෘශභරාජ ලා ට සරස තුමා විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පවත්වා කණගාටුව ප්‍රකාශකරති!

 තිබ්බ හැටියට ඔයින් ගියා මැදෑ කියන්නා සේ ෆොක්ස්වැගන් ෆැක්ටරිය වෙනුවට වෙස්ටර්න් මෝටර්ස් ෆැක්ටරියක් වත් ලැබුන එක ගැන අප සැම සන්තෝස විය යුතුය.

මෙම ෆොක්ස්වැගන් සමාගම වෙනුවට නව සමාගමක් කුලියාපිටියට රැගෙන ඒම පසුපස ඇත්තේ අනුවේදනීය කතාවකි. 

කවුරුත් දන්නා පරිදි පසුගිය වසරේ දී ෆොක්ස්වැගන් කර්මාන්ත ශාලා සමූහය හොර වායු මෝචන වාර්තා ලැබෙනා ලෙස වාහන වල පරිගනක පද්දතිය සකස් කොට අතටම අසු වී ඩොලර් බිලියන ගානක දඩය කෑවේය. 

සාදාරන සමාජයක් සන්විදානයේ කර මතින් බලයට පැමිනි මේ අති පිරිසිදු යහපාලන ආන්ඩුව එවැනි හොර වැඩක් කර මහ ජනතාව මුලා කල ෆොක්ස්වැගන් සමාගම සමග කිසිදු ඇයි හොඳය්යක් පැවැත්වීම නතර කල යුතුය යන මතයට පැමිනියේය!

එම නිසා ෆොක්ස්වැගන් වෙනුවට ඝානාවේ වෙස්ටර්න් මෝටර්ස් සමාගම සමග අලුත් වාහන එකලස් කිරීමට කුලියාපිටියේ කර්මාන්තශාලාවක් ඉඳිකිරීමට කටයුතු සම්පාදනය විය.

පොඩි ප්‍රශ්නෙකට තියෙන්නේ මහා බාරකාර තුමා යටතේ පාලනය වූ කුලියාපිටිය ලබුයායේ මහානුගලන්ද  පොල් වත්ත කර්මාන්ත ශලාව සැදීම සඳහා පවරාගෙන ඇත්තේ ජර්මනියේ ෆොක්ස්වැගන් සමාගම සමග ජොයින්ට් වෙන්චරයක් සඳහා බව කියා ඇති නිසා ය. කතාව ඇත්තනම් කස්ටියටම ලබන ආන්ඩුවේ FCID තපින්න වෙනවා ය.

බැඳුම්කර වන්චාව අමතක නොකරමු හිටන්!

 
PS: අනේක බොරු මවමින්, කතා හදමින්, බොරු කාරයන් ට සම්මාන දෙන්න යූ එන් පී අනුග්‍රහයෙන් බ්ලොග් සම්මාන උලෙලවල් පැවැත්වූ හාදයෝ තමන් ගේ දෙසට චෝදනා එල්ල වෙනකොට සාක්ශි ඉල්ලීම විහිලු සහගතය.

කිසිම සාක්ශියක් නැතිවම ඔනෑම මඩක් පිලිගන්නට කියා අපව වෙනස් කලේ ඔහෙලාය. එවැනි අබූත චෝද්නා ලද මහින්ද මහත්ත්යා සහ ගෝටාබය මහත්තයාට අද වන තුරු නඩුවක් වත් වැටී නැත්තේ ඔවුන් ඔහෙලා ප්‍රචාරය කල ද බලු වැඩ නොකල නිසා ය.

දැන් ඔහෙලා ගේ වාරයයි... කර්ම ඉස් අ බිච් හිටන්!

122 comments:

  1. සරසෝ,
    බොලේ දන්නෙම නැතුව හිට් කවුන්ටරේ 50 දාහ පැනල.
    නරක නෑ නේද,
    බහින්න කලින් ඉඩමක්වත් අරන් දාහන්

    ReplyDelete
    Replies
    1. හිතන් ඉන්නේ වාහන එකලස් කරන ගැරිජ් එකක් දාන්න හිටන්!

      Delete
  2. දේශපාලනයට කවුරුත් එන්නේ සොරකම් කිරීමට හෝ වෙනත් යටි අරමුනකටයි. මේ කාටත් අඩු හෝ වැඩි වශයෙන් පුද්ගලික යටි අරමුණු ඇත. එම නිසා ඒ අරමුණු ගැන කිසිවක් නොදැන මේ කිසිවකු ගැන සුදු හුණු හෝ කළු හුණු ගෑම අප නොකළ යුතුය යන්න මගේ අදහසයි.

    ReplyDelete
    Replies
    1. ඇත්ත... ඔබතුමා ගේ කතාව ඉතාම වැදගත්.....

      හැබැයි ඉර හඳ පොරොන්දු වෙලා ආපු කස්ටිය ගොන් පාට් කෙලිනකොට එයාලගේ ගෝල බාලයන් ට ඒක පොඩ්ඩක් පෙන්නලා භීභ්ත්ස්‍ය රසයක් ගැනීමයි අපේ අරමුණ හිටන්!

      Delete
  3. මේක හරියට ප්ලෑෂ්බෑක් එනවා කියලා ඇහින්දාස් ගෘප් එකක් ඇවිත් මියුසිකල් ෂෝ එකක් තිබ්බා වගේ වැඩක්.

    ReplyDelete
    Replies
    1. අත්පොලොසන් නාදයක් දීලා පිලිගන්න ඩබ්ලියු ඩී...... අමර.....සේන!!

      Delete
    2. මෙහෙමත් හොඳයි. මෙන්න මොරටු පුරෙන් කලාපුරට පැමිණි අසහාය බයිලා ගායන ශිල්පී නිහාල් නෙල්සන්ගේ .... මල්ලිගේ .... යාලුවෙක්..

      Delete
  4. කොල්ලෝ පට්ට කෑලී වැටෙයි කියලා ට්‍රයි කලාට අන්තීමට සැට් වෙන්නේ අංජබජල්

    රනිල් පුස්සගන් එකකට ලව් කලාට බඳින්න උනේ ඝානාවේ කෑල්ලක්..

    දුක තමයි සුමනා..

    එහේ 30000 ක් ගෙදර යවන්න ඉන්න උන් කොහෙද අප්පා මෙහේ එන්නේ...

    ReplyDelete
    Replies
    1. මං-ගල එවකට පාර්ලිමේන්තුවේ කීවේ, ගල් වඩුවෙක් බඳින්නට සිටි බටලන්දේ රීරි යකාට ආප්ප තැටියක් බඳින්න වුන බවයි.
      කතාව දැන් Re-mix කරලා වගේ ?

      Delete
    2. ඝානාවේ කෑලිත් නරකම නැත හිටන්...

      ඔයි ඩයමන්ඩ් ස්මග්ලින් වගේ වැඩ වලට....

      වැඩි පේ ලෝඩ් එකක් ඇදතෑකි!!

      Delete
    3. දේශය පාලනය කරන්න කලින් ගෙදර පාලනය කර .. පන් පන් පන්

      :D :D :D

      Delete
  5. අර විනාඩි දෙකේ නිස්සද්ධතාවය අනිද්දට තියමු හිටන්...

    ReplyDelete
    Replies
    1. How about Jan 26th ?

      Delete
    2. අනිද්දට අපි කලු කොඩි ඔසොවනවා බුකියෙ හිටන්..ඇයි අර ගොම්මන්පිල කිවුවේ... අහුනේ නැතෙයි?

      Delete
    3. නෑනේ... දැනගත්ත එක හොඳයි හිටන්....

      අපි වගේ ජනවාරි අට කැලන්ඩරෙන්ම අයින් කළා නම් ඉවරයිනේ...

      Delete
    4. // අපි වගේ ජනවාරි අට කැලන්ඩරෙන්ම අයින් කළා නම් ඉවරයිනේ.. //

      :D

      Delete
  6. ඔක්කොම කරන්නෙ බොරුව තමයි...
    එකෙක් බාතිය සන්තුස්ලා දාලා නටවලා තටාකෙකට වතුර පිරෙව්ව වරාය කියල...
    ඒක අන්ත පාඩුයි..
    දැං තව එවුන් ටිකක් කාර් හදන්න යනවා...
    එහෙම අහම්බකාරක වලින් රටවල් දියුනු වෙන්නෙ නෑ කියල අපි දැනගන්න ඕන

    ReplyDelete
    Replies
    1. එතකොට උඩුවට මතකද දන්නෙ නැහැ අර රාවය පත්තරේ ස්වාධීනත්වය රකින්ඩ කියල සල්ලි එකතු කරා. අන්තිමට අනිත් එවුන් හොරා කනවෝ, හොරා කනවෝ කියල කෑ ගහන වික්ටර් අයිවන් ලොක්ක එකෙන් ලක්ශ 50 ක් තමුන්ගෙ නමට චෙක් එකකින් ලියාගෙන පැනල ගියා?
      සමහර උන් අනුන්ගෙ රහස් බැංකු අක්වුන්ට් වල තියෙන මුදල අන්තිම සතේට දැන ගත්තට තමුන්ගෙ රෙද්ද අස්සෙ එල්ලෙන්නෙ මොකක්ද කියල දන්නේ නැති නිසා ඒ ගැන තියෙන ලින්ක් එකකුත් දැම්ම් පහලින්.

      https://www.colombotelegraph.com/index.php/victor-ivan-pocketed-half-of-ravayas-rs-10-million-fund/

      Delete
    2. // එතකොට උඩුවට මතකද දන්නෙ නැහැ අර රාවය පත්තරේ ස්වාධීනත්වය රකින්ඩ කියල සල්ලි එකතු කරා. අන්තිමට අනිත් එවුන් හොරා කනවෝ, හොරා කනවෝ කියල කෑ ගහන වික්ටර් අයිවන් ලොක්ක එකෙන් ලක්ශ 50 ක් තමුන්ගෙ නමට චෙක් එකකින් ලියාගෙන පැනල ගියා? //

      ඇත්තටම උඩුව පුතේ මොකද්ද මේ කතාවෙ ඇත්ත නැත්ත හිටන්?

      මඩ පාරක් ද නැත්නම් වික්ටර් අයිවන් මිලියන් 50 ගල් කලාද හිටන්?

      Delete
    3. හැබෑටම උඩුව මාමෙ, ඔය Colombo Telegraph කාරයො අයිවන් කාරය එක්ක මොකද්ද ඔයහැටි කොක්ක. උත්තරයක් දීපන් මල්ලි.

      Delete
    4. මා ජපුර උගන්වන කලේ, කොලොම්බෝ ටෙලිඝ්‍රෆ් එකේ උවිදු පළමු වසර සිසුවෙක්. කොහොම වුනත් තමනගේමතයට අවංකව බොක්කෙන් ඉන්න එකකේ (අපි නොපිළිගත්ත). මම හිතන්නේ ඔය අඩු තරම්ව් සාමය දනුමකවත් නැත පත්තර කාරයෙක් වෙන උදුවාට් වැඩ. උදුවගේ දැනුමේ තරම පෙන්නනවා.. ජිවිත් කාල වියාපෘතියක වෙන හමබන්තොට...අවුරුදු හතරකින් ලාභ ලැබුවේ න කියලා අපේ කොමඩි ලන්තේ අකමැති රනිල්ගේ ගොන්සවාගන් වියප්රුතියට සම කිරීමෙන්. මේ වගේ අමු ගොන්, සියලු දේ දත් දන්නවා යයී සිතන සිටින ගොන් පුඩුවෝ පත්තර කාරයන් යයි කියා ගෙන බොරු ඇත්ත ලෙස පසු ගිය කාලයේ බෙදුවේ. මුන්ට විලි ව්හගනා පළල නැති බේසමක් වත් තාම හම්බ වෙලා නෑ ...

      මම මුලින් කිවේ උවිදු කියන්නේ තමන්ගේ නියයත්මක රාමුව තුල සිට වැරිදි නිවැරිදි දේ දකින මෝඩ වුඅනත් අවන්ක් පොරක්.. ඒ නිසා විකට්ර ගැන විතරක් නොමේ සන්නන්ද දේශප්‍රිය ගැනත් කියලා තිබුන කතාවල අත්තක් නැති විය නොහැක...

      Delete
    5. // මම මුලින් කිවේ උවිදු කියන්නේ තමන්ගේ නියයත්මක රාමුව තුල සිට වැරිදි නිවැරිදි දේ දකින මෝඩ වුඅනත් අවන්ක් පොරක්.. ඒ නිසා විකට්ර ගැන විතරක් නොමේ සන්නන්ද දේශප්‍රිය ගැනත් කියලා තිබුන කතාවල අත්තක් නැති විය නොහැක... //

      අනිවා!

      Delete
  7. ඇන්ඳීමේ පරිණාමය
    2015: යහපාලන විජ්ජාකරුවන් විසින් බයියන්ව ඇන්ඳීම
    2016: යහපාලන විජ්ජාකරුවන් විසින් ටොයියන්ව ඇන්ඳීම
    2017: යහපාලන විජ්ජාකරුවන් විසින් තමන්වම අන්ඳා ගැනීම

    ReplyDelete
    Replies
    1. සදා ඇඳගනිමු සොහොයුරෝ!

      Delete
  8. ටොයි තුමාලගේ කාර් හීනේ ආපහු දියවෙලා ගියා හිටං...

    ReplyDelete
    Replies
    1. නැග්ගොත් කාර්
      බැස්සොත් බාර්

      Delete
    2. වොක්ස් වැගන් කිය කිය උඩ පැනපු උන් දැං බිමට බැහැපල්ලා මයෙ අප්පලා :D LOL :D

      Delete
    3. // වොක්ස් වැගන් කිය කිය උඩ පැනපු උන් දැං බිමට බැහැපල්ලා මයෙ අප්පලා :D LOL :D //

      උනුත් අර හැට පැන්නත් බිමින් නොයන කාන්ඩේ කස්ටිය නේ....

      Delete
  9. දැන් පංචවිධ ක්‍රියාදාමය යටතේ අපටත් කාර් කට්ටක් ගන්න පුලුවන් වෙයිද හිටන්

    ReplyDelete
    Replies
    1. හිනත් යනවා වෙලාවකට නේද හිටන්?

      Delete
  10. සාරස ඇතුලු නිතර රට යන/ එන එවුන් වෙත කෙරෙන දැන්වීමයි

    ගුවන් පථයේ නඩත්තු කටයුත්ත හේතුවෙන් අද (එනම් ජන්වාරි 6 වෙනිදා) සිට කටුනායක ගුවන් තොටුපොළ දෛනිකව උදෑසන 8.00 සිට පස්වරු 4.00 දක්වා පැය 8ක කාලයක් වසා තැබේ.
    මේ හේතුවෙන් විදේශ ගත වීමට පැය 5කට පෙර ගුවන් තොටුපොළට පැමිණෙන ලෙස දන්වා ඇත.
    මෙම අලුත්වැඩියාව මාස 3 ක පමණ කාලයක් බලපැවැත්වෙනු ඇත.

    මචන් මත්තල ගන්න බැරි මොකෝ බන් ආදේශකයක් විදිහට? සාරස කියල දෙන්න ප්ලීස්.

    ReplyDelete
    Replies
    1. මාර ප්‍රශ්නයක් නේ හිටන්!

      Delete
    2. මත්තල යන්න ගුවන් සමාගම් අදිමදි කරනවයි කියන්නේ...ඒකටත් ඉතින් වැරැද්දක් කියන්න බෑ..
      මොකෝ ඔහේට ප්ලේන් එකක් තිබ්බනම් ඔහේ කැමති වෙනවද ඒක වී ගබඩාවකට බස්සන්න..

      Delete
    3. මේ යන විදියට වී හොන්ඩරේ ප්ලේන් එකකට වඩා ගනන් වෙයි වගේ...

      Delete
    4. නිකමට හරි කටුනායකට කුණාටුවකට හරි වහන්න උනොත් ලන්කාවට ප්ලේන් එන එකක් නෑ නේ.... තනිකර බයිලා මේ....

      Delete
  11. සාරස, මේ වොක්ස්වාගන් සීන් එක ගැන රනිල්ගෙන් පාර්ලිමේන්තුවේදී මෙම සැකය ගැන මන්ත්‍රීවරයෙකු කළ ප්‍රශ්න විමසීමකදී අගමැතිවරයා කෙටියෙන් දන්වා තිබුනේ ජර්මනියේ ‘වොක්ස් වැගන්‘ සභාපතිවරයා ලංකාවේ ආයෝජනයට කැමැත්ත දී ඇති නමුත් එක්වරම පැමිණෙන්නේ නැති බවත් සෙනොක් සමාගමට මුලින් ආයෝජනය කරන්නට කියා පසුව ඔවුන්ගේ නිෂ්පාදන සමග එක්වන බවට තේරුම් ගැනීමට ඉතා අපහසු ලෙස කරුණු පටලවා කියූ විකාර කතාවකි.

    කෙසේ වෙතත් මේ දක්වා ලංකාව සමග ජර්මානු වොක්ස්වැගන් සමාගම කිසිදු සබඳතාවයක් පවත්වා නැති බව ලංකාවේ ජර්මානු තානාපති කාර්යාලය තහවුරු කළ බව මාධ්‍යවේදිනී නමිනි විජේදාස සිය ට්විටර් පණිවිඩයකින් දන්වා ඇත.

    ඒ අනුව මෙම වොක්ස් වැගන් සමාගම සහ ලංකාව අතර සම්බන්ධය අතේ පැලවෙන හිස් ප්‍රලාපයක් බවට සැකයක් මතුව තිබේ.

    ලංකාවේ නොයෙල් සෙල්වනායගම් නමැති බටහිර රටවල වෙසෙන ලාංකීය දමිළ ඩයස්පෝරාවේ සහයෙන් ජර්මනිය සමග ඩීල් දාගෙන සිටින තැනැත්තාගේ සභාපතිවයෙන් යුත් සෙනොක් සමාගම වොක්ස්වැගන් ලංකාවට ගෙන්වන නියෝජිතයාවී සිටියදී ඔවුන් මෙවැනි කම්හලක් ඇරඹීම නිසා මුලදී ජර්මානු සම්බන්ධය ගැන ඉඟියක් සපයා තිබූ නමුත් මේ ගැන කතාකරන එකදු ජර්මානුවෙකු හෝ සොයාගන්නට නොවන තත්වයක් තුළ හුදෙක් මැතිවරණ පොරොන්දුව ඉටු කරන්නට වොක්ස්වැගන් ඩබ්ලිව් වී අකුරු වලට හුරුව ඇති ‘අනුකාරක කම්හලක්‘ කුලියාපිටියේ පිහිටුවන්නට යන බවට සැක මතුව තිබේ.

    මේ ගැන තව දුරටත් පැහැදිලි කර දිය හැකිද?

    ReplyDelete
    Replies
    1. Hey, Why do you guys keep pronouncing the word Volkswagen as වොක්ස්වැගන්? It's wrong. I live in Stuttgart in Germany. The meaning of the word Volkswagen is people's vehicle (ජනතාවගෙ වාහනය). Same as Folk Stories (ජන කතා), Folk Dance (ජන නැටුම්)........... ජර්මානු භාෂාවෙන් V ශබ්ධ කරන්නේ F ලෙසටයි.

      The word Volkswagen is pronounced "Folks-Vagen" or "Folks-Vah-gen" in German. Logic: The German "V" is pronounced as the American English "F," and the "W" is pronounced as the American English "V." The word Volkswagen is not an English word. This is a German word.

      Sa Rasa, I had to appreciate that you have correctly stated this in your blog post. Well done.

      Delete
    2. Ano 12.31

      අද තරුණ පරපුර ඔහේ කනට ඇහෙන විදියට කතා කරනවා මිස Dictionary එකක් Thesaurus එකක් නිකමට බලලා වචනයක තේරුම, උච්චාරණය, හරි වැරැද්ද හොයා බලන්නෙ නෑ. අම්පයර් ට අම්පෙයාර් කියලා කියනවා. Contract, Contact වගේ වචන වල t pronounce කරන්නෙම නෑ. Is ඉදිරියෙන් තියෙන Islam, Islamabad, Istanbul, Ismile වගේ වචන වල Is එක හලලා. හැබැයි ස්ටිකර්, ස්කූල්, ස්ටේශන් වගේ වචන කියන්නෙ ඉස්ටිකර්, ඉස්කූල්.... ආදී වශයෙන්. Mr Ismaail ට Mr Smile කියන එක මොන තරම් විහිළුවක්ද?ඉලෙක්ට්‍රික් යන වචනය ලෙක්ට්‍රික් ලෙසටත්, එස්ටැබ්ලිශ් යන වචනය ස්ටැබ්ලිශ් ලෙසටත් උච්චාරණය කරන අය ඉන්නවා. මේවයෙ වැරදි කියා දෙන්න දන්න ගුරුවරයෙක් වත් අද නැහැ.

      Delete
    3. Volkswagen සමාගම ශ්‍රී ලංකාව තුළ ආයෝජනය කර ඇත්ද නැත්ද යන්න Volkswagen සමාගමෙන් විමසීමට පෙර තමාගෙන් විමසීමක් කළා නම් එයට පිළිතුර දෙන බව අගමැති රනිල් වික්‍රමසිංහ ඊයේ සිරසට පිළිතුරක් දෙමින් උත්සවයකදී පවසා තිබේ.

      Volkswagen සමාගමේ ආයෝජන නැතිව Volkswagen වාහන නිෂ්පාදනය කිරීමේ කර්මාන්තයක් ඇතිකරන බවට තීරණය කරනු ලැබුවේ 2016 වසරේ මූලාරම්භයේදීම බවත් තමා සමග පවත්නා පුද්ගලික තරහකට අන් අය මනස විකෘති කරගත යුතු නැති බවත් ඔහු එහිදී කියා ඇත.

      Delete
    4. // Volkswagen සමාගම ශ්‍රී ලංකාව තුළ ආයෝජනය කර ඇත්ද නැත්ද යන්න Volkswagen සමාගමෙන් විමසීමට පෙර තමාගෙන් විමසීමක් කළා නම් එයට පිළිතුර දෙන බව අගමැති රනිල් වික්‍රමසිංහ ඊයේ සිරසට පිළිතුරක් දෙමින් උත්සවයකදී පවසා තිබේ. //

      මින් පසු ඔබට බල්ලා ගෙන් ප්‍රශ්නයක් ඇසියයුතු නම් එය බූරුවාගෙන් අසන මෙන් කරුණාවෙන් දන්වමි!

      Delete
    5. සරස තුමනි,
      මම නම් දැකලා තියෙන්නේ විල මැද බංගලාවේ බූරුවා ගෙන් ප්‍රශ්නයක් ඇසූ විට පසු පේලියේ සිටින බල්ලා දත් විලිස්සගෙන කඩා පනින බවකුයි.
      මේක බලන බල්ලොන්ට හෙම අපහාසයක් වෙල ඇති නම් සමාව අයදිමි

      Delete
    6. //
      මම නම් දැකලා තියෙන්නේ විල මැද බංගලාවේ බූරුවා ගෙන් ප්‍රශ්නයක් ඇසූ විට පසු පේලියේ සිටින බල්ලා දත් විලිස්සගෙන කඩා පනින බවකුයි. //

      ඒ මදිවට අගබල්ලා කියනා හැම දේටම හෙහ් හෙහ් ගා සිනාවෙන ඔනගොනෙක් ද සිටී....

      Delete
    7. ස රස පාර්ලිමේන්තු කතා නායකද තෝ උගෙන් පැහැදිලිකිරීම් ඉල්ලන්නෙ?

      යකෝ සා රස කියන්නේ රනිල්ගෙන් ලිංගිකව අපයෝජනය වෙච්ච එකෙක්. ඕනනම් අහපන් සා රසට කී දෙනෙක් පෝලිං දැම්මද කියල, ඒක නම් ඌ කියයි.

      Delete
    8. // ස රස පාර්ලිමේන්තු කතා නායකද තෝ උගෙන් පැහැදිලිකිරීම් ඉල්ලන්නෙ?

      යකෝ සා රස කියන්නේ රනිල්ගෙන් ලිංගිකව අපයෝජනය වෙච්ච එකෙක්. ඕනනම් අහපන් සා රසට කී දෙනෙක් පෝලිං දැම්මද කියල, ඒක නම් ඌ කියයි. //

      ඔහෙලගෙ රනිල් හාමු ලින්ගික අපයෝජකයෙක් ද හිටන්??

      Delete
  12. දැන් ඔය පැක්ටරිය නිසා MRට කෙලවෙනවා කිව්ව නේද? කුරුණෑගල දිස්ත්‍රික්කේ චන්දෙනුත් පරදෙනව කිව්වා මතකයි! ඔය මනුස්සයා හැමදාම කිව්වේ විකාර කථා.... ඒ දවස්වල කිව්ව බුලත්විට කන මිනිස්සු චුයිංගම් කන්න ළඟදීම පටන් ගන්නවා කියල. ළඟදීම කියාවි කුලියාපිටියේ පැක්ටරිය ෆොෂ්වොගන් සන්නමයෙන් "ගොන් කරත්ත" හදන්න පටන් ගන්නව කියල!

    ReplyDelete
    Replies
    1. // ළඟදීම පටන් ගන්නවා කියල. ළඟදීම කියාවි කුලියාපිටියේ පැක්ටරිය ෆොෂ්වොගන් සන්නමයෙන් "ගොන් කරත්ත" හදන්න පටන් ගන්නව කියල! //


      හුලඟින් ඒඩ්ස් බො වුනෙත් කුලියාපිටියෙම තමයි හිටන්!

      Delete
  13. මා සන්මිත්‍ර සරසතුමනි,

    දෙසැම්බර් මාසයේ සිට ඔබතුමා ඉනිම් පසළොසක දී සතක සතරක් සහ අඩසතක සතක් වාර්තා කර ඇත. ඔබතුමා එම ශූරකම කළේ තමාට පෙර රට සලකා වේගවත් පිතිකරණයක යෙදෙමින් ය. රටේ ජයග්‍රහණය පිණිස ඇතැම් ඉනිම් ශතක අර්ධශතක පෙනි පෙනී සිටිය දී ද ඔබතුමා විසින් අත්හිටුවන ලදී. ඔබතුමාගේ ශූර පිතිහරඹය නරඹන්නට ක්‍රීඩාලෝලීහු වැල නො කැඩී මල්ලේ පොල් ක්‍රීඩාංගනය වෙත ඇදී එති. තමන්ගේ ගිණුමට වැටෙන ඩොලර් ගැන සිතා රටට පෙර තමා සලකා ක්‍රීඩාකරනවුන්ගේ ක්‍රීඩාංගන දින දින ම හිස් ව යයි. ඔබතුමාට විව් රිචර්ඩ්ස් හෝ බැරී රිචර්ඩ්ස් හෝ ආවේශ වී ඇති සෙයකි.

    ඩොලර් කාක්කන් පිරිසක් ක්‍රීඩාවට පිටින් ඔබතුමා සමඟ ගනුදෙනුවකට එළඹෙන්නට සැරසෙන බව මේ සීතල උදෑසන දැන ගන්නට ලැබිණි. සරසතුමනි, ඔබතුමා පිළිබඳ විශ්වාසය තබා, ඔබතුමා වෙත ඇදී පැමිණි සහස්-සුවහස් ජනයා ඔබතුමා විසින් අතරමං කරනු ලබත් ද? ඔබතුමා විසින් එසේ නො කරනු ලබනු ඇති බව මම විශ්වාස කරමි. කපන්නට බැරි අත සිඹින්නට සැරසෙනවුන් නිසි මොහොත එළඹි කල ඔබතුමා වැලඳ ගන්නා ලීලයෙන් පිටුපසින් පිහියෙන් ඇනිය හැකි බව සිහි රඳවා ගනු මැනවි.

    උත්තම සම්මානය නම් ජනතා සම්මානය යි. ඔබතුමා දැනටමත් එම සම්මානය ලබා ඇත.

    බන්‍ධුල කුදලාගම,
    සදම්ටනය.

    ReplyDelete
    Replies
    1. Wow, creative thoughts Mr. Kudelagama.

      Well said !

      +++++++++++++++++++++++++++++++++

      Delete
    2. අති ගරු කලානිධි බන්‍ධුල කුදලාගම සුධීමතුනි,

      මගේ මල්ලෙපොල් වියුනුව ජනතාවාදී හෙල කතිකා මන්ඩපයක් බවට පත් කිරීමේ උදාර කර්තව්‍යය ට මූලික වුනේ ඔබ තුමා මෙහි පැමින ඔබගේ මහානර්ඝ ආලෝචන මෙහි පලකිරීමයි. ඒ පිලිබඳව ප්‍රතමයෙන් ම මගේ ගොරවාදර පූර්වක ස්තූතිය පිලිගන්න.

      ඔබ පිටුපස මෙහි ආ ගරු මයුරවිල වියතානන්, සෑගිරියේ කීරාල පඬිතුමන්, අසන්ග මාන්පිටිය භවතුන් ඈ අනෙකුත්
      සියලු හෙල හවුලේ සාමාජිකයින් ද මෙයට සම්පූර්න දායකත්වය සපයූහ.

      මා ඔවුන් හට ද හිස නමා ආචාර කරමි.

      කාලයක් තිස්සේ අප සමග වියුනු ආලෝචන සන්ග්‍රාම වල යෙදුනු, හෙල බ්ලොග් ලොව නායක මාතලන්,ටිලාන් ආතල් අයියා, ප්‍රා ජේ, අටම්, චෙෆාකි, මහසොහොන්, හැට්ටර්, ලොකුපුතා, රාජ්, කල්යාන, කුරහන්, උඩුවා, නිර්මානි, අහසෙන් එන්න,අයිවන්, පත්තර මල්ලි, දේසක, සුරන්ග, ශෙනාල්, අරූ සහ ඉයන් යන හිතමිතුරන්ටත්, 2017 අපට සීමාරහිතව බයිට් සැපයූ අජිත් දර්මකීර්තිටත් අප ගේ බැති බර ස්තූතිය හිමි වේ.

      මෙහි පැමිනි නොපැමිනි සියල්ය් ඇනෝලාටත් මේ වියුනුව ඔබගේ ආලෝචන පිලිගැණ්වීමේ පුද බිමක් ලෙස සලකනමෙන් ද හිස නමා ඉල්ලමි!

      අවසන් වශයෙන්, මොන මිල මුදල් වස්තු වලට මගේ වියුනුවේ කොන්ද පාවා නොදෙන බවට ඔබ සැම ඉදිරියේ ප්‍රතිඥා දෙමි!

      අප සැම එකතු වී සියලු අදහස් වලට විවුර්ත ශිශ්ට සන්වාද පවත්වන කතිකාවතක් තනමු!

      Delete
    3. සාරස,
      ඇයි මාව අමතක උනාද?
      - මීට සීනුවර අහවලා

      Delete
    4. පටවන බලෙන් ඔහු ගේ හිස් මතවාද
      සිනුවර අහවලා සමගින් නැත වාද!

      Delete
    5. Sa Rasa

      Well said mate. Cheers !

      Delete
  14. සාරස

    මාතෘකාවෙන් පොඩ්ඩක් පිට ගියත් කාර්වලටම සම්බන්ධ තවත් කථාවක් කියන්නම්,

    රාජගිරියේදී යතුරු පැදිය වාහනේ හැපෙද්දි තමා සමග නදීෂා වාහනේ හිටියා කියූ අයට එරෙහි නඩුවට ඇමති පාඨලී ඇවිත් උත්තර දුන් හැටි;

    මින් කලකට ඉහත රාජගිරිය ප්‍රදේශයේදී තරුණයෙකු පැදවූ යතුරු පැදියක් ඇමති පාඨලී චම්පික රණවකගේ වාහනයක හැපීමෙන් පසු ආන්දෝලනයක් හටගත් අතර එම සිද්ධියෙන් පසු දේශපාලන කටකතා සහ මඩ ව්‍යාපාර වලින් ඔහුට අපහාස වන ඇතැම් දේ ප්‍රචාරය විය.

    මෙම ප්‍රචාරයන් අතර එකක් වූයේ එම වාහනය ඇමති වරයා පදවමින් සිටි බව සහ එම අවස්ථාවේ නදීෂා හේමමාලි නමැති ටෙලි නිළිය සමග ඇමතිවරයා ගමන් කරමින් සිටි කථාවකි.මෙම කථාවේ ඇත්ත නැත්ත කිසි තැනක තහවුරු වූයේ නැති අතරවාරයේ රිය අනතුර සහ ප්‍රසිද්ධ නිළියක් සම්බන්ධයෙන් වන ප්‍රචාර පිළිබඳව ඇමැති පාඨලී චම්පික රණවක කොළඹ දිසා අධිකරණය හමුවේ
    අපහාස නඩුවක් ගොනු කර තිබුණි.එහිදී ඊයේ (05දා) ඇමතිවරයාද උසාවියට පැමිණි අතර ඔහුව විත්තියේ නීතීඥයින් ප්‍රශ්න කරනු ලැබුවා.

    මාධ්‍ය හමුවකදී කළ ප්‍රකාශයක් සහ එය පුවත්පතක ප්‍රචාරය කිරීම තුළින් තමන්ට සිදුවූ අපහාසයට

    රුපියල් කෝටි 50ක වන්දියක් ඉල්ලා ඇමැති පාඨලී චම්පික රණවක මහතා ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් ජයලාල් ඇතුළු පිරිසකට එරෙහිව මෙම නඩුව පවරා තිබුණි.
    ඇමැති චම්පික රණවකට විත්තියේ නීතිඥවරුන් යොමු කළ හරස් ප්‍රශ්න හා ඔහු දුන් පිළිතුරු මෙසේය.

    විත්තියේ නීතිඥ - මේ සිද්ධියේදී ඔබට අපහාසයක් වුණා කියනවා. නමුත් ඔබට අපහාසයක් වීමට තරම් ඔබ කීර්තිමත් පුද්ගලයෙක් නොවෙයි නේද?

    ඇමැති - පිළිගන්නේ නැහැ.

    විත්තියේ නීතිඥ - විදුලි බල මණ්ඩලය අසාර්ථක වුණ නිසා නේද තමා 2012 වසරේදී ඇමැති ධුරයෙන් ඉවත් කරනු ලැබුවේ?

    ඇමැති - එය ප්‍රතික්‍ෂේප කරනවා.

    විත්තියේ නීතිඥ - රාජගිරියේ රිය අනතුර, ප්‍රසිද්ධ නිළියක් සම්බන්ධයෙන් වන ප්‍රචාර ගැන බලපුවහම මේ නඩුවට අදාළ සිද්ධිය පොඩි දෙයක් නේද?

    ඇමැති -මාධ්‍ය ඔස්සේ එක එක දේවල් කියනවා. පිළිගන්නේ නෑ.

    විත්තියේ නීතිඥ - ඔබ ගැන බරපතළ චෝදනා සමාජයේ තිබෙන විට සුළු සිද්ධියකට මෙවැනි නඩුවක් පවරා ඇත්තේ දේශපාලන වාසි ලබා ගැනීමට නේද?

    ඇමැති - මේ රටේ නිදහස් මාධ්‍ය නැහැ. එවැනි මාධ්‍යවේදීනුත් නැහැ. මාධ්‍ය මාෆියාවක් තමයි තිබෙන්නේ. සමාජ ජාල වෙබ් අඩවිවලින් මඩ ගහනවා. පුවත්පත් මණ්ඩලවලට කරන පැමිණිලිවලින් ප්‍රයෝජනයක් නැහැ.

    (අධිකරණ තොරතුරු - ඉෂාර රත්නකාර -මව්බිම)

    ReplyDelete
    Replies
    1. කොහොම උනත් නීතිඥයා සුපිරි ප්‍රශ්නයක් අහලම පටන් අරන් තියෙනවා.

      "මේ සිද්ධියේදී ඔබට අපහාසයක් වුණා කියනවා. නමුත් ඔබට අපහාසයක් වීමට තරම් ඔබ කීර්තිමත් පුද්ගලයෙක් නොවෙයි නේද?"

      Delete
    2. මෙවෑනි පුද්ගලයකු රටක නායකයකු වෙනවනම් කොතරම් භාගයක්ද. මහින්ද වදින් සහා රනිල් වදින් මොහුව දෑවෑන්ත ලෙස අපහස කරන්නෙ මොහුගෙ එන අනගත අභියොගය ජය ගනිමටයි.

      මිලග 2020 ජනදිපති අපෙක්ශකයන් දෙපල

      1.ඝොඨභය
      2.පාඨලි

      ඔබලගෙ ණුවන අනුව එය තෙරුම් ගන්න..............

      Delete
    3. කාලයක් අපි මේකව අදහගෙන හිටිය.රට ජාතිය ආගම වෙනුවෙන් අභිතව පෙනී සිටින්නෙක් හැටියට මේක පොරෝවාගෙන හිටිය සලුවට රැවටිලා...මෑත අවුරුදු කීපයේදී තමයි මේකාගේ සළුව අස්සේ තිබුණු හෙළුව අපි හරියටම දැක්කේ..මේ ධනය බලය වෙනුවෙන් ආත්මය පාවා දෙන පොන්සේකාගේ වර්ගයේ තවත් එක් දේශපාලන මල පෙරේත ආත්මයක් පමණයි..දැන්නම් මේකාගේ මුනත් තහඩුව දැක්කත් වමනේ යනාතරමට අපිට අප්‍රියයි..

      Delete
    4. // කොහොම උනත් නීතිඥයා සුපිරි ප්‍රශ්නයක් අහලම පටන් අරන් තියෙනවා.

      "මේ සිද්ධියේදී ඔබට අපහාසයක් වුණා කියනවා. නමුත් ඔබට අපහාසයක් වීමට තරම් ඔබ කීර්තිමත් පුද්ගලයෙක් නොවෙයි නේද?" //

      හිලේරියස් එකේ හොඳම එක හිටන්!

      Delete
  15. වර්තමානයේ වාහන එකලස් කිරීම වෙනම කර්මාන්තයක් වන අතර බොහෝ රටවල් වල වාහන එකලස් කිරීමේ කර්මාන්ත විවිධ සමාගම් විසින් පවත්වාගෙන යන අතර එම එකලස් කිරීමේ කම්හල් තුල විවිධ නිෂ්පාදකයන්ගේ වාහන එකලස් කිරීමේ හැකියාව පවතී. මැද පෙරදිග රටවල් වල එකලස් කිරීමේ කම්හල් වල කලකට toyota වාහන එකලස් කර ඉන්පසු honda හෝ nissan වාහන එකලස් කිරීම සිදුකෙරේ. ඒ අනුව වාහන එකලස් කිරීමේ කම්හලක් ස්ථාපිත කිරීමෙන් අනතුරුව බොහෝ නිෂ්පාදකයන්ගේ වාහන එකලස් කිරීම සිදුකල හැක. VW සමාගම ලංකාවට නොපැමිණේ නම් වෙනත් ජපන් හෝ කොරියානු වාහන එකලස් කල හැක. වැදගත් ම දේ Western Automobil සමගම විසින් ලංකාවේ කම්හලක් ආරම්භ කිරීමය්. දේශපාලන භේදයකින් තොරව සුබවාදීව හැම දෙයක්ම දකින්න බලමු.

    ReplyDelete
    Replies
    1. // වැදගත් ම දේ Western Automobil සමගම විසින් ලංකාවේ කම්හලක් ආරම්භ කිරීමය්. දේශපාලන භේදයකින් තොරව සුබවාදීව හැම දෙයක්ම දකින්න බලමු. //

      අගනා අදහසක්... ඔබට ස්තූතියි!

      Delete
    2. ඔය කියන Western Automobil කියන එක්කෙනා හරි මෙහෙ එනවද...

      එහෙම නැත්තන් සෙනොක් එක විසින් Micro එක වගේ තවත් මොනවා හරි වාහන එකලස් කරන (එහෙම කිව්වට එහෙම කරන්නෙත් නැහැ මම දන්න විදිහට, Micro නම ගහන එක විතරද කොහෙද මෙහෙදී කරන්නේ) මොකක්හරි එකක් දාල පස්සේ වාහන ගෙන්නලා බෙදා හරින ආයතනයක් ආරම්භ කරන්නවත්ද හදන්නේ...

      Micro එක හරහා රටේ ඩොලර් එළියට යනවා ඇරෙන්න ඩොලර් රටට ගේන්නේ නැහැ වගේම වෙනවනම් මේකෙනුත් මහලොකු වැඩක් නැහැ...

      Delete
  16. මෙහෙම ලිව්වනම් වැඩිය හොඳයි, මහින්ද සර් දෙයියා තමයි එදා ඉදන් අපේ දුක සැප හැම එකම බැලුවෙ. කොටින්ම අපේ ගෑණුන්ට ළමයෙක් දෙන්නෙක් ලැබුනෙත් මහින්ද සර් දෙයියා හින්දයි...මහින්ද සර්ට අපි ණය ගැතියි. මේ සසර කෙලවර ඊලග සසරෙදිත් මම මහින්ද සර් ලග මී හරකෙක් වෙලා හරි උපදිනවාමයි.

    -මීට මරාට රෙදි නැතුව කඩේ යන කුණුම කුණු බයි මානසිකත්වයෙන් යුත් තමන්ගේ පුකත්වය නිතර හෙළි කරන හොර දත් දොස්තර කාලකන්නි බලු පාහර ජඩයෙක්

    ReplyDelete
    Replies
    1. // -මීට මරාට රෙදි නැතුව කඩේ යන කුණුම කුණු බයි මානසිකත්වයෙන් යුත් තමන්ගේ පුකත්වය නිතර හෙළි කරන හොර දත් දොස්තර කාලකන්නි බලු පාහර ජඩයෙක් //

      හොර දත් දොස්තර කාලකන්නි බලු පාහර ජඩයන් ට ජය වේවා!

      Delete
    2. සාරස වල් බල්ලෝ තෝ දැනගනින් තෝ ගැන ඔක්කොම රෙකොර්ඩ්ස් අපි ළඟ තියෙනව, මේ ගෙවෙන්නෙ තොගේ අන්තිම දවස් කියල දැනගන් පර බල්ල. මේ බ්ලොග් එකත් තහනම් කරනව ජනමාධ්‍ය අමාත්‍යන්ශ නියෝගයක් අනුව ටීආර්සී එකෙන්. තොටවත් මහලොකු මරා ජඩයටවත් කොරන්න පුලුවන් ලබ්බක් නැහැ බල්ලෝ. ළඟදිම තොගෙ ගෙදර සුදු කොඩි එසවේවි.

      Delete
    3. // ළඟදිම තොගෙ ගෙදර සුදු කොඩි එසවේවි. //

      මා මල දිනට මගෙ සොහොනට පැමින ඔයා
      අමතනවාද සාරස ඔබ හොහෙද කියා?

      Delete
    4. //මා මල දිනට මගෙ සොහොනට පැමින ඔයා
      අමතනවාද සාරස ඔබ හොහෙද කියා?//

      නැහැ, ඒක කරන්න තොගෙ ගෑනිගේ හොර මිනිහ ඉන්නෙ.

      Delete
    5. ජහපාලනයෙන් හොඳටම ගිනිකණ වැටිච්ච වැටිච්ච හිරිකෙත හාදයෙක් වගේ...

      Delete
    6. // නැහැ, ඒක කරන්න තොගෙ ගෑනිගේ හොර මිනිහ ඉන්නෙ. //

      ආවේගසීලී වෙන්න එපා පින්වත දැන් හොඳ ලමයා වගේ ගිහින් IP Address හොයන්න..

      Delete
    7. // ජහපාලනයෙන් හොඳටම ගිනිකණ වැටිච්ච වැටිච්ච හිරිකෙත හාදයෙක් වගේ... //

      :D

      Delete
  17. මෙතන හැමෝටම ප්‍රශ්නේ වෙලා තියෙන්නේ වොක්ස්වැගන් සමාගම ලංකාවේ ආයෝජනය කරාද නැද්ද කියන එක. නමුත් කිසිම කෙනෙක්ට තේරෙන්නේ නෑ නිෂ්පාදන ආර්ථිකය කඩාවැටුණු රටක යම් කිසි කෙනෙක් කාර් නෙමෙයි බයිසිකල් හරි එකලස් කරන කර්මාන්තශාලාවක් ආරම්භ කරනවා නම් එකෙන් දහදෙනෙක්ට හරි රස්සා ලැබෙනවා කියන එක. මයික්‍රෝ සමාගම ඇරඹුනෙත් මෙහෙම තමයි. ඒ හින්ද දේශපාලන මතවාද කුමක් වුවත් රටට හොඳ දෙයක් වෙනවනම් සතුටු වෙමු.

    ReplyDelete
    Replies
    1. ඔහොම හිතල සතුටු වෙන්න තිබ්බා ලොක්ක කිව්ව විඩියට වැඩ කලානම්. අක්කා පෙන්නලා නන්ගි දුන්නම ඔහොම වෙන්වා. එක නායකයෙක්වත් රට ගැන හිතලා වැඩ කරන්නෙ නැ. ඊ ලග චන්දෙන්වත් හරි නායකයෙක් තෝරමු

      Delete
    2. //ඒ හින්ද දේශපාලන මතවාද කුමක් වුවත් රටට හොඳ දෙයක් වෙනවනම් සතුටු වෙමු. //

      +++

      // ඔහොම හිතල සතුටු වෙන්න තිබ්බා ලොක්ක කිව්ව විඩියට වැඩ කලානම්. අක්කා පෙන්නලා නන්ගි දුන්නම ඔහොම වෙන්වා. එක නායකයෙක්වත් රට ගැන හිතලා වැඩ කරන්නෙ නැ. ඊ ලග චන්දෙන්වත් හරි නායකයෙක් තෝරමු //

      ++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
  18. සියලු දෙනාටම වැරදී ඇත.

    වායු විමෝචන වන්චාව නිසා වොක්වැගන් ලංකාවට වද්දා නොගත් බව අගමැතිතුමා කියාසිටී.

    හැබෑටම, වී ඇත්තේ මාධ්‍ය විසින් වෙන වෙන විහිලුකාරයන්ගෙන් මිස නිවැරදි කෙනාගෙන් තොරතුරු දැන නොගැනීමයි. තමාගෙන් ඇසුවානම් මේ ඇත්ත තත්වය කලින්ම කියන බව අගමැතිතුමෝ කියා සිටිති.

    මෙතෙක් කල් පොක්ස්වැගන් ගැන මහා තර්ක කියූ එකී මෙකී නොකී යහපාලන ආර්ථික පන්ඩිත්ලා සියලු දෙන්නාවම අගමැතිතුමා විසින් බස් එක යටට විසික් කල බව සතුටින් දැනුම් දෙමි.

    http://www.dailymirror.lk/article/No-Volkswagen-plant-in-SL-PM-121758.html

    හැබැයි උන්නැහැගෙ මිනිස්ට්‍රියේ අයටත් වැරදී ඇත.

    http://www.mnpea.gov.lk/web/index.php?option=com_content&view=article&id=169&catid=9&Itemid=112&lang=en

    ReplyDelete
  19. ඇත්තටම සාරස ඩොක් අපෙ රනිල් වික්‍රමසිංහ මහත්මය කරන ප්‍රකාශ ඇහුවම හිතෙනව ඇත්තට්ම රටක අගමැති කෙනෙක්ද මේ කියල. කිසිම වගකීමක් නැතිව මිනිස්සුන්ව නොමග අරින්න පුළුවන් තරම් නොමග ඇරල අන්තිමට වැඩේ කොහෙන් හරි එළිවුණාම කිසිම ගැලපීමක් නැති අමු පිස්සු බහුබූත කතාවක් කියල ලිස්සල යනව.

    සිරස මේක එයාගෙන් අහනකන් ඉන්න ඕනලු හරි විස්තරේ කියන්න. එහෙම ඕනෙන්නෙ නෑනේ එයා අවංක යහපාලකයෙක්නම් කරන්න ඕනේ නිවැරදි තොරතුරු ජනතාවට ලබාදෙන එක නේ.

    අනික වොක්ස්වැගන් ආයතනයේ අනුදැනුමක් නැතුව මෙයා කොහොමද වොක්ස්වැගන් වෙළද නාමය පාවිච්චි කරල ලංකාවෙ වාහන එකලස් කරන්නෙ? වොක්ස්වැගන් ආයතනය මේ සදහා ආයෝජනය නොකලත් එම සමාගමේ අනුමැතියකින් තරව මේ වැඩේ කරන්න පුලුවන්ද? මොනාද මේ හතර බීරි කතා. ඇත්තටම මමත් ඡන්දෙ දුන්නෙ හංසයට තමයි, ඒත් දැන්නම් මටම අප්පිරියයි මේ මල විකාර දැකල. ශික්.

    ReplyDelete
    Replies
    1. ඉතින් බන් ඕක මොන වගන් හරි වෙලා ලංකාවේ එවුන්ට යහපතක් වෙනවානම් එච්චරයිනෙ. අනෙක රස්සාවල් ටිකක් හරි ලැබෙනවානේ. අපේ රටේ ඉන්නේ නම් මාරම ගොං පට්ට ගෝත්‍රික පිරිසක්. දැන් ඔය ගොටාබයගේ කාලේ ඩොලර් බිලියන කෝටි ගණන් දීලා මලකඩ කාපු පරණ දෙකයි පනහේ මිග් යානා ගත්තේ කඩ කාමරයකවත් නැති තැපැල් පෙට්ටි අංකයක් තිබුන සමාගමකින්නේ. අන්තිමේදී ඒවා ගැන කතාකරපු එවුනුත් මරලා දැම්මානේ? හොඳයි ලසන්තලා එක්නැලිගොඩලා මැරුවෙ ඇයි කියපන්.

      ඔය කෙහෙල්මල් බයි මානසිකත්වය අතැරලා විදේශ ආයෝජන ගෙන්වමින් හම්බන්තොට නව ආර්ථික කලාපය, වාහන කම්හල් පිරුණු රැකියා දශලක්ශයක් එක්ක අලුත් රටක් හදන රජයේ වැඩපිලිවෙලට සපෝට් එකක් දෙමු.

      Delete
    2. //
      අනික වොක්ස්වැගන් ආයතනයේ අනුදැනුමක් නැතුව මෙයා කොහොමද වොක්ස්වැගන් වෙළද නාමය පාවිච්චි කරල ලංකාවෙ වාහන එකලස් කරන්නෙ? //

      ඔන්න සහෝදරවරුනි දැවෙන ප්‍රශ්න!!!

      Delete
    3. // මලකඩ කාපු පරණ දෙකයි පනහේ මිග් යානා ගත්තේ කඩ කාමරයකවත් නැති තැපැල් පෙට්ටි අංකයක් තිබුන සමාගමකින්නේ. //

      මිග් යානාවකින් තෑගි ලැබූ අග්ගලාවක් උගුරේහිරවී මල තමිල් චෙල්වම් විසින් ලියනා ලද ආලෝචනයක් බව සලකන්න හිටන්!

      Delete
    4. AnonymousJanuary 6, 2017 at 1:14 AM
      //හොඳයි ලසන්තලා එක්නැලිගොඩලා මැරුවෙ ඇයි කියපන්.// අපෙන් අහන්නේ ගිහින් අහපන්කො වෙලේ-විදානෙගෙනුයි, ගලඟුරු-රනවක ගෙනුයි.

      Delete
    5. // අපෙන් අහන්නේ ගිහින් අහපන්කො වෙලේ-විදානෙගෙනුයි, ගලඟුරු-රනවක ගෙනුයි. //

      ++++++++++++++++++++++

      Delete
    6. මහත්තයො ඔකට තමය් දිට්ට දම්ම වෙදනීය කර්මය කියන්නෙ..අනුන්ට හොරා කිව්වා තමන් හොරා වුනා. අනුන්ට බොරුකාරය කිව්වා තමන් බොරුකරයා වුනා. මේ තරම් චොර වුන ආන්ඩුවක් ලොකෙ කොහෙවත් හොයාගන්න නෙත.

      Delete
  20. සියලු දෙනාටම වැරදී ඇත.

    වායු විමෝචන වන්චාව නිසා වොක්වැගන් ලංකාවට වද්දා නොගත් බව අගමැතිතුමා කියාසිටී.

    හැබෑටම, වී ඇත්තේ මාධ්‍ය විසින් වෙන වෙන විහිලුකාරයන්ගෙන් මිස නිවැරදි කෙනාගෙන් තොරතුරු දැන නොගැනීමයි. තමාගෙන් ඇසුවානම් මේ ඇත්ත තත්වය කලින්ම කියන බව අගමැතිතුමෝ කියා සිටිති.

    මෙතෙක් කල් පොක්ස්වැගන් ගැන මහා තර්ක කියූ එකී මෙකී නොකී යහපාලන ආර්ථික පන්ඩිත්ලා සියලු දෙන්නාවම අගමැතිතුමා විසින් බස් එක යටට විසික් කල බව සතුටින් දැනුම් දෙමි.

    http://www.dailymirror.lk/article/No-Volkswagen-plant-in-SL-PM-121758.html

    හැබැයි උන්නැහැගෙ මිනිස්ට්‍රියේ අයටත් වැරදී ඇත.

    http://www.mnpea.gov.lk/web/index.php?option=com_content&view=article&id=169&catid=9&Itemid=112&lang=en

    ReplyDelete
  21. Betty Botter bought some butter
    But she said the butter’s bitter
    If I put it in my batter, it will make my batter bitter
    But a bit of better butter will make my batter better
    So ‘twas better Betty Botter bought a bit of better butter

    ReplyDelete
    Replies
    1. ජර්මනියේ වොක්ස්වැගන්
      ලංකාවේ ෆොක්ස් (225 Foxes) වගන්

      Delete
  22. පසුගියදා ලංකාවේ විශාල කථාබහක් ඇති කරමින් නත්තල් උත්සවය වෙනුවෙන් කොළඹ ගාලුමුවදොර පිටියේ අර්ජුන රණතුංග සත්කාර පදනම ඉදිකළ ලෝකයේ උසම කෘත්‍රීම නත්තල් ගස සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් තමන් වෙත දන්වා නැතැයිද එය වාර්තා පොතට ඇතුළු කිරීමට ඒ නිසා ඉඩක් නැතැයිද
    ගීනස් ලෝක වාර්තා සංවිධානයේ ජාත්‍යන්තර මාධ්‍ය නිලධාරිනී ඇම්බර් ජෝර්ජිනා ගිල් මහත්මිය දන්වා තිබෙනවා.
    ඩේලි මිරර් පුවත්පත ඇගෙන් කළ විමසීමකට ප්‍රතිචාර වශයෙන් ඇය පවසා ඇත්තේ
    ‘අපිට මේ ගැන ප්‍රවෘත්ති වෙබ් අඩවි මගින් ආරංචි වුණා. එය සාර්ථක වූ බවටද කරුණු පළවුණා. ඒ ගැන

    සතුටුයි.නමුත් අපට ගිනස් වාර්තාවක් ලබාදිය හැක්කේ මේ ගැන අපව නිල වශයෙන් දැනුවත් කළානම් පමණයි.
    අපගේ වෙබ් අඩවියේ පළකර තිබෙන අයදුම් පත්‍රයවත් තවම ඔය වැඩේ කළා කියන අය එවලා නැහැ. අප සතුටුයි ඒ අයට දැනුම් දෙන්න ඒක එවන්න කියලා. එය එවූ පසු සියලු කරුණු හොඳින් පිරික්සීමෙන් පසුව අපට වාර්තාවක් ලබාදීම ගැන සිතා බලන්න පුළුවන්.‘

    පසුගිය අගෝස්තු මාසයේ සිට දෙසැම්බර් අග දක්වා රුපියල් මිලියන 12ක වියදමින් වරාය අධිකාරියට සම්බන්ධ ස්වේච්ඡා කණ්ඩායමක ශ්‍රම දායකත්වයෙන් ලෝකයේ උසම කෘත්‍රීම නත්තල් ගසේ වාර්තාව ලංකාවේදී තබන්නට කටයුතු කර තිබුණි. අඩි 180.4 ක උසකින් නත්තල් ගස තනා මේ දක්වා චීනය උසුලාතිබූ බව කියූ මෙම වාර්තාව අඩි 238 ක උසකින් ලංකාව නිම කර මාධ්‍ය නිවේදන මගින්ද දන්වා තිබුනේ තමන් වාර්තාව පසු කළ බවයි.

    අගරදගුරු තුමන්ගේ ඉල්ලීමක් මත නත්තල් ගසේ වැඩ තාවකාලිකව නතර කළ අවස්ථාවේ මෙය ඉදිකළ අය මාධ්‍ය හමුවක් පවත්වමින් මේ ගැන ගිනස් ලෝක වාර්තා සංවිධානය දැනුවත් කළ බව කියා සිටියත් මේ අනුව පෙනී යන්නේ එවැන්නක් ඇත්තටම මේ දක්වා කර නැති බවකි.
    කෙසේ වෙතත් මෙතරම් විශාල ප්‍රචාරයක් දියත් කර වාර්තාව ලබාගැනීමට උත්සාහයක් හෝ කර නොතිබීම සැකයටද හේතුවේ.

    මේ සම්බන්ධයෙන් ඇමතිවරයාගේ මාධ්‍ය ප්‍රකාශක තමීර මංජුගෙන් ඩේලි මිරර් කළ විසීමේදී ඔහු කියා ඇත්තේ ඔවුන් ගිනස් වාර්තා සංවිධානයට තොරතුරු යවා ලියාපදංචිවී ඇති බවත් දෙවැනි පියවර ලෙස සාක්ෂි වීඩියෝ පට වාර්තා ආදිය පමණක් තවම යැව්වේ නැති බවත් ඒවා ඉදිරියේදී යවන්නට සිතා සිටින බවත්ය

    ReplyDelete
    Replies
    1. ඕවා මොන ගිනස් වාර්තාද. අවුරුදු ගානක් හරිහමන් පාලකයෙක් පත් කරගන්න බැරුව රැවටී රැවටී ඉන්න වාර්තාව, ලොකුම ඇමති ගණනක් පාර්ලිමේන්තුවේ ඉන්න වාර්තාව, තමන් විසින්ම ඇදගෙන නා ගැනීමේ වැඩිම වාර ගණන වගේ වාර්තා තියන අපට ඕක මොකක්ද. ඉස්සරහටත් ඔය වගේ සුපිරි වාර්තා තියන්න සැදී පැහැදී ඉන්නවා අපි.

      Delete
  23. රනිල්ට කියන්න තියෙන්නේ මෙච්චරයි. රටේ ජනාධිපතිතුමයි, අගමැතිතුමයි මේ හිනාවට ලක් කරන්නේ මේ රටේ නායකත්වය මිසක සිරිසේන, රනිල් කියන නම් නෙවේ. ඒ නිසා තමන්ගේ නම නෙමේ තනතුරේ ගෞරවය ගැන හිතලා මේ වගේ බොරු නොකියා ඉන්න.

    ReplyDelete
    Replies
    1. එයා නලුවෙක් නෙවෙයි මොලයක් කියලනේ කස්ටිය කිවුවේ...

      Delete
  24. ඇත්තටම ඕක මුලින්ම කියන්න තිබ්බනේ සාරසයෝ. ඇත්තටම මුලා කිරීමක් තමා කරලා තියෙන්නේ. දැන් බොරුවට පෞද්ගලික තරහට අපහාස කලා කියනවා රනිල්. අනිත් කට වාචාල බොරු කාරය තම සුජීව සේනසිංහ. මිනිහා තමා ඒ දවස් වල වොක්ස්වැගන් ෆැක්ටරියක් ගැන වැල් බයිල කියෙව්වේ. 3වීල් එලවන මනුස්සයටත් හොද ජොබ් එකක් සමග මාසෙට ලක්ශයක් එකයි විස්සක් පඩි ගන්න පුලුවන් කිව්වා. ඔබට මතක නෑ අපිට අමතක නෑ. ලැජ්ජයි යහපාලනේ..

    ReplyDelete
    Replies
    1. ඇයි ඔබට හර්ශ ද සිල්වා ජෝකරයා අමතක වුනෙහිද ඇනෝ තුමෝ?

      දැන් ඔහු ශුක්‍රාණු කෑ රිලවෙකු මෙන් කට වහ ගෙන සිටී!

      Delete
  25. අයිසෙ සාරස ලොක්ක,

    මචං මෙන්න මේක හොඳයි නේද වත්මන් ප්‍රෝඩාකාරී මායාකාරී අමුම අමු කුජීත අමු මොට්ට යහපාලන අන්ත දූශිත රෙජීමයේ තේමා පාඨය වශයෙන් යොදාගන්න;

    පහසුවටත්,
    වාසියටත්
    දැන දැන වැරදි කරනවා
    එහෙම කලත්,
    නිදහසටත්
    කියන්න කරුණු තියෙනවා
    නැතිනං හදල කියනවා
    නැතිනං හදල කියනවා

    ගමරාළාගෙ එළ හරකෙක්
    ‍හොරකම් කල හරක් හොරෙක්
    දුටු ගමයා කෑ ගැසුවා
    'ඈ... කවුද කවුද කවුද මිනිහෝ
    මගෙ හරක අරං යන්නෙ?'
    'ඔහේගෙනං ඔහේ ගන්න
    හොඳ නෑ නොවැ දොස් කියන්න'
    'අනෙ මගෙ කට'
    'හරකෙක් කොහෙද මා ළඟ
    කඹයනෙ අල්ලං ඉන්නේ'

    පහසුවටත්
    වාසියටත්
    දැන දැන වැරදි කරනවා
    එහෙම කලත්
    නිදහසටත්
    කියන්න කරුණු තියෙනවා
    නැතිනං හදල කියනවා
    නැතිනං හදල කියනවා

    කිතුලක රා බොන්න හිතී
    මිනිහෙක් කිතුලකට නැගී
    අයිතිකරුට අසුවූවා
    'ඕයි... කවුද ඩෝ ගස් බඩගාන්නෙ
    පාන්දර ජාමෙ'
    'තණකොල ඩිංගක් කපන්න
    හිතුණා ගහ උඩට යන්න'
    'තණකොල? ගහ මුදුණෙ?'
    'ඒක තමයි...
    තණකොල නෑ ගහ මුදුණේ
    අනේ ඒකයි බිමට බහින්නේ'

    පහසුවටත්
    වාසියටත්
    දැන දැන වැරදි කරනවා
    එහෙම කලත්
    නිදහසටත්
    කියන්න කරුණු තියෙනවා
    නැතිනං හදල කියනවා
    නැතිනං හදල කියනවා

    මරණව මම තඩි බළලා
    වෙරි වූ මීයෙක් කියලා
    බළලාහට මෙය ඇහිලා
    'ඈ... මාව මරන්න තෝ?'
    'කාපු බීපු වේලාවට
    පුංචි විහිළුවක් කෙරුවට'
    'විහිළු? හොඳ විහිළු'
    'රාළහාමිලා වගේ අය
    ගණන්ගන්නෙ ඇයිද සුළු දෙය'

    පහසුවටත්
    වාසියටත්
    දැන දැන වැරදි කරනවා
    එහෙම කලත්
    නිදහසටත්
    කියන්න කරුණු තියෙනවා
    නැතිනං හදල කියනවා
    නැතිනං හදල කියනවා

    නැතිනං මවල කියනවා //
    නැතිනං පැනල දුවනවා //
    සමහරු ගහල දුවනවා //
    නැතිනං හදල කියනවා //

    ගායනය: සුනිල් පෙරේරා ප්‍රමුඛ ජිප්සීස්

    යහපාලනේට රෙදි නැතුව කඩේ ගියපු සුනිලටම කියල මේක කියවන්න ඕනෙ.

    ReplyDelete
    Replies
    1. // යහපාලනේට රෙදි නැතුව කඩේ ගියපු සුනිලටම කියල මේක කියවන්න ඕනෙ. //

      මා එම යෝජනාව ඉස්තීර කොරමි හිටන්!

      Delete
  26. Most of the comments in this blog are copied and pasted from Gossip Lanka News website. Cheeky monkeys he he.

    ReplyDelete
    Replies
    1. Somehow or another, most comments fits... isn't it?

      Delete
  27. ඇයි මේක හොඳ නැද්ද?

    එක යායේ කකා වැටී - සුනිල් එදිරිසිංහ, එඩ්වඩ් ජයකොඩි, බන්ධුල විජේවීර - හැබැයි ලිරික්ස් පොඩ්ඩක් මොඩිෆයි කරල ගන්න වෙයි.

    සාරසෝ, ඔන්න කරනවනම් වැඩ !

    ReplyDelete
    Replies
    1. හුටන් එක්ක හිටියෝතින් නැත ආරස්සා
      රනිල් ගොනා තමා අපේ නාඹර වස්සා!

      Delete
  28. සාරස,

    වත්මන් රජයේ මූලිකත්වයෙන් සිංහල ජාතිකත්ව මතවාදය විනාශ කර දැමීමට කටයුතු කළ හොත් එය මෙරටට අප නොහිතන තරමේ විනාශයක් ගෙනෙන බව ඉඳුරාම කියමි. මන්ද එවැනි අදූරදර්ශී පියවරක අනිවාර්ය ගොදුර වනු ඇත්තේ මෙරට එජාප හෝ ශ්‍රිලනිප බහුතර සිංහලයා පමණක් නොවේ. එවැන්නක අනිවාර්ව විපාක මෙරට මුස්ලිම් හා ද්‍රවිඩ ජනයා විසින් ද විඳිමට නියමිත ය. මේ තාක් සුළු ජාතීන් මහජාතිය සමග ද සුළු ජාතීන් සෙසු සුළු ජාතීන් සමග ද එකිනෙතා කා කොටා නොගන්නා පරිසරයක් බිහි ව ඇත්තේ සිංහල බහුතරය ඊට වැළකුම්කාරකයක් ලෙස ක්‍රියා කරන හෙයිනි.

    මෙරට මහජාතිය වන සිංහලයාගේ අන් ජාතීන් කෙරෙහි වන සහනශීලිත්වය හා අනෙකා අවශෝෂණය කර ගැනීමට ඇති සූදානම ඉතා දුර්ලභ ලකුණකි. මෙරට සුළුජාතීන් ද එය නොදන්නවා නොවේ. ඔවුන් එය භුක්ති විඳින ප්‍රායෝගික යථාර්ථයකි. සංස්කෘතික ව සිංහලයා විවෘත ය. මෙය පළුදු නොකිරීමට අපි සැම වගබලා ගත යුතු ය. බහුතරයේ මෙම ස්වභාවික සමතුලිතකරන භූමිකාව අහිමි වීම යනු රටේ කේන්ද්‍රය අහිමිවීම වන අතර සියල්ල විවෘත වී බලය සඳහා වන මහා ගැටුමකට රට ගමන් කරවීමට එය පාර කපනු ඇත.

    සෞරග්‍රහ මණ්ඩලය තුළ සූර්යාගේ කාර්යභාරය වන්නේ සෙසු ග්‍රහවස්තු සිය ගමන් පථය තුළ ගමන් කරවන අතර ඒවා විසිරි නොයන ලෙස, ඉබාගාතේ නොයන ලෙස ස්ථාවර ව තබා ගැනීම ය.

    කෙසේ නමුත් මේ වන විට ජාතීන් අතර නව අසහනශීලි මානයන් විවෘත වී තිබෙන බව පෙනේ. මෙය එකිනෙකා පරයා යෑමේ තරඟයක් බවට පත් වුවහොත් ඇතිවන තත්වය කණගාටුදායක වනු ඇත. සමහරු මෙම විවෘත වීම ප්‍රාර්ථනා කළෝ ය. ඒ මෙරට පවතින මූලික පදනම හෝ ව්‍යුහය, විශේෂයෙන් ම මේ වින්‍යාසය (Configuration) විසංයෝජනය කොට නව ව්‍යුහයක් හා සැලැස්මක් ඇඳීම සඳහා ය. ඒ සඳහා මොවුන්ට පළමුව මෙරට තුළ ආරාජිකත්වයක් ද එකී ආරාජික තත්වයෙන් පසු තම සැලසුමට අනුව ලංකාව නැවත ප්‍රෝග්‍රෑම් කිරීමට ද අවැසි බව පෙනී ගොස් ඇත.

    ඇමරිකානු සැලසුම්කරුවන් විසින් ඉරාකයේ හා ලිබියාවේ කළේ මෙයයි. තිබූ පාලනයන් පෙරලා දමා මුලින් රට විවෘත කෙරුණි. ඇත්ත වශයෙන් ම ලිබියාවේ අවිගත් කණ්ඩායම් හා ඉරාකයේ අයිසිස් ත්‍රස්තයින්ගේ නැගීම ඇමරිකාව අපේක්‍ෂා කළ තත්වයකි. ඒ ද සැලසුමේ කොටසකි. අයිසිස් ත්‍රස්තයින් විසින් මේ වන විට මුළු ඉරාක ශිෂ්ටාචාරය ම විනාශ කරමින් ඉතිහාසය අලුතින් ලියමින් තිබේ. මෙය මෙසේ සිදුවන්නට හැර මෙහි මහා සැලසුම් කරුවන් මැදිහත් වන අවදිය උදා වන්නේ පසුව ය. විනාශයකින් තොරව අලුත් යමක් නිර්මාණය කළ නොහැකි බව ජර්මන් දාර්ශනික ප්‍රීඩ්රිෂ් නීට්ෂේගේ අදහසකි.

    මෙහි දී සිංහලයින්ට විශේෂ කාර්යභාරයක් තිබේ. ඒ රට ශිෂ්ටාචාර විනාශයෙන් බේරා ගැනීමට සිංහලයා සියළු භේද දුරලා එක්වීම තුළිනි. විශේෂයෙන් ම සිංහලයා බෞද්ධ ක්‍රිස්තියානි/කතෝලික වශයෙන් නොබෙදීමට වග බලාගත යුතු ය. ජාතිකත්වය තුළට ආගමිකත්වය මුසු කරගැනීම පුළුල් හා ප්‍රබුද්ධ තලයක පමණක් සිදුවිය යුතු බව අවධාරණය කෙරේ. ජාතික ව්‍යාපාර තුළ අද දක්වා තිබෙන දුබලතාවක් නම් එය සිංහල බෞද්ධ සමීකරණය මත පමණක් පිහිටුවා තිබීම ය. මෙය දුබල පදනමකි. මින් සෙස්සා බහිෂ්කරණය කෙරේ. පළවා හැරේ. එනිසා මෙම සමීකරණ පුළුල් කළ යුතු ය. සෙසු ආගමිකයින් ද මීට ඇතුළත් කර ගැනීමට තරම් ජාතික ව්‍යාපාර අවංක ව වැඩ කළ යුතු ය. කුහක නොවිය යුතු ය. මෙහි ඊලඟ පියවර වන්නේ සෙසු ජාතීන් ද මීට ඇතුළත් කර ගැනීම ය. ඒ මහා ප්‍රබුද්ධ වේදිකාව මතට ඒමෙන් පමණක් අපට පොදු සතුරාට මුහුණ දිය හැකි වන අතර එසේත් නැතිනම් අප හුදකලා වි බෙදී විනාශ මුඛය කරා යෑමට හිතහදා ගත යුතු ය.

    ReplyDelete
    Replies
    1. ඔබ ගේ ආලෝචනයෙන් යෝජනා වන පුලුල් ජාතිකත්ව කතිකාවක් අපි ගොඩනගමු!

      Delete
  29. සරස

    තමන් බලයට පත්කළ බටහිර හා ඉන්දියානුවන්ට වී ඇති පොරුන්දු හා ඔවුන්ගේ මනදොල සපුරාලීමට වත්මන් පාලකයින් බැඳී සිටින බැවින් ඉදිරි මාස කිහිපය තුල ඒ සඳහා අවශ්‍යය සියලුම විය්‍යවස්ථා හා නීති රීති සම්පාදනයට ප්‍රමුඛස්ථානයක් ලැබෙනු ඇත.

    ශ්‍රීලනිප ය හා එජාපය, පක්ෂ දෙකම, අද තම තමන්ගේ පෞද්ගලික ඉලක්කයන් සපුරා ලනුවස් ඕනෑම පාවාදීමක් කිරීමට පෙළඹෙන දුෂිත දේශපාලඥයින් රැලකගේ රජදහන් බවට පත්වි ඇත. එසේ නොවන ශ්‍රීලනිපයේ සුලු පිරිසක් හෝ මේ තීරණාත්මක අවස්ථාවේදී විපක්ෂයේ සිටිමින් රට දැය වෙනු වෙන් පෙනී සිටීම අගයකළ යුතුය.

    ReplyDelete
    Replies
    1. ජාතියේත් රටේත් අවාසනාවට දුර නොදක්නා පරගැති චරිතයන් වන එම පක්ෂ වල වත්මන් නායක කරකාදීන් තමන් මෙහෙයවනු ලබන, අපේ රට අපට අහිමි කරවන බලවේග වල පදයට නටමින්, බලය අයුතු ලෙස යොදමින්, තමන් නායකත්වය දෙන රටට වන හානිය තඹ ශතේකට නොතකා, කෙසේ හෝ බලයේ රැඳීසිටීමට කලහැකි සෑම දෙයක්ම කරමින් සිටී.

      Delete
    2. අද අප රටේ බොහෝ දෙනෙකු රටේ ඈත ඉතිහාසය තබා මෑත ඉතිහාසයවත් හරිහැටි නොදන්නෝ වෙති. දුටුගැමුණු රජු මහා දුෂ්ඨයෙක් බවත් රුවන්මැලි මහා සෑය මහා පාපකර්මයක් බවත් කියන අලූත් පරපුරේ ඊනියා විචාරකයින් මෙන් පෙනී සිටින මන්දබුද්ධිකයින් මෙන්ම අප රටට බ්‍රිතාන්‍යයෙන් නිදහස ලැබුන වර්ෂය හෝ ජනරජයක් කල වර්ෂය වත් නොදන්නා වත්මන් පරපුරේ සුපිරි ගායකයින් රූපවාහිනී නාලිකා තුලින් දැකිය හැක්කේ එබැවිනි.

      එකදහස් නමසිය හැත්තෑ දෙකට පෙර ද්විතීය පාසැල් අධ්‍යාපනය නිමකළ නිසා අපට අපේ ඉතිහාසය ඉගෙනීමේ අවස්ථාව ලැබුනි. 1970 දී පතකළ මන්ත්‍රි කෙනෙකු වූ එවකට ගම්පොල සහිරා විද්‍යාලයේ විදුහල්පතිව සිටි බද්යුද්දීන් මොහොමඩ් අධ්‍යාපන ඇමතිව සිටියදී ඉතිහාසය, සිoහල සාහිත්‍යය, ප්‍රජාචාරය වැනි විෂයන් පාසැල් විෂය මාලාවෙන් ඉවත්විය.

      Delete
    3. එවැනි විෂයන් හැදෑරු උපාධිධාරීන්ගේ රැකියා විරහිත භාවය, 1971 ජ.වි.පෙ. කැරැල්ලෙන් ඉඟිකල තරුණ විරැකියාව ආදිය මෙම විෂයන් ඉවත් කිරීමට හේතූන් වශයෙන් එදා සැලකුවද, එහි දිගු කාලීන ආදීනව දැන් පැහැදිලිව පෙනෙන්නට තිබේ.

      2015 ජනවාරි 8 දා අප රටේ සිදුවූයේ අන්කිසිවක් නොව, ඉතා පැහැදිලිවම විදේශීය බලවේගවල ඔත්තු සේවාවන් මගින් ඔවුනට මෙහෙයවිය හැකි පාලක පිරිසක් ගෙන ආ පාලන පෙරළියකි. ඒ සඳහා උතුරු නැගෙනහිර සිදුකළ මහා පරිමාණ ඡන්ද මoකොල්ලයට අමතරව මෑත ඉතිහාසයවත් නොදත් ඊනියා අලුත් පරපුරත් කල දායකත්වය අපමණය.

      Delete
    4. ජාතික, අන්තර් ජාතික සහ ආර්ථික පිළිවෙත් සැසඳීමේදී වත්මන් ශ්‍රීලනිප ය හා එජාපය අතර කිසිදු වෙනසක් දක්නට නොලැබුනද, ශ්‍රීලනිපය ආරම්භයේ සිට 1994 තෙක් සහ 2005 සිට 2014 තෙක් එම පිළිවෙත් අතර සැලකියයුතු වෙනසක් විය.

      සිරිමා බණ්ඩාරණායක මැතිණිගේ නායකත්වය යටතේ ශ්‍රීලනිපය රජීව්-ජේ.ආර්. ගිවිසුමට හා 13 වෙනි සංශෝධනය ට විරෝධය පලකලා පමනක් නොව, පළමු පලාත් සභා ඡන්දයද වර්ජනය කළේය. චන්ද්‍රිකාගේ යුගයේ (1994-2005) හැර 2015 තෙක් එම පක්ෂය පෙඩරල් ක්‍රමය ප්‍රතික්ෂේප කරමින් ඒකීය රටක් වෙනුවෙන් ඇප කැප විය.

      Delete
    5. චන්ද්‍රිකා, එකලොස් වසරක පාලන කාලය තුලදී, ශ්‍රීලනිපයේ ප්‍රතිපත්ති 'උඩු යටිකුරු' කරමින් ඇගේ සුප්‍රකට ' බලය බෙදීමේ පැකේජය'', ' පශ්චාත් සුනාමි මෙහෙයුම් පාලන සැලැස්ම '(P-TOMS), 'හවුල් යාන්ත්‍රණය' (JM), 'අන්තර්කාලීන ස්වයoපාලන අධිකාරිය' (ISGA), යනාදී විවිධ උපක්‍රම මගින් පෙඩරල් පාලනයක් ඇතිකරීමට අසාර්ථක උත්සහයක් දැරීය. තමන් එදා මැවූ පෙඩරල් සිහිනය කෙසේ හෝ ලබාදීමට ඇය දැන් යලිත් වරක් සියලු විදේශීය බලවේග, බලලෝභීන්, බෙදුම්වාදීන්, පරගැත්තන් ආදීන් හා එක්ව කරලියට පැමිණ සිටී. ඇයව මෙහෙයවන විදේශීය බලවේගයන්ගේ හා බෙදුම්වාදීන්ගේ සිoහල බෞධ විරෝධී නාදයේ දෝoකාරය ඇයගේ මුවෙන් අන් කවරදාටත් වඩා දැන් විටෙන් විට පිටවේ.

      මෛත්‍රීපාල සිරිසේන මගින් ශ්‍රීලනිපයේ ඉතිරිවී ඇති කිසියම් ජාතිකත්වයක් ඇතොත් ඒ සියල්ලද බිඳදා ඇයට බාරදී ඇති සියලු දූත මෙහෙයන් අවසන් කරනතෙක් ඇය පිටුපස සිටින බලවේග වලට කලහැකි සෑමදෙයක්ම කරනු ඇත. ඉතිරි හරිය රනිල් ලවා කරවා ගනු ඇත. පාර්ලිමේන්තුවක ප්‍රධාන කර්යභාරය වනුයේ නීති සෑදීම හා සංශෝධනය කිරීම, රටක පැවැත්මට බලපෑ හැකි කාලීන විෂය න් විවාදයට ලක්කිරීම , රජයේ වැඩකටයුතු නිරීක්ෂණය කිරීම සහ අභියෝගයට ලක්කිරීම, රජයේ වියහියදම් පිරීක්සීම සහ අනුමතකිරීම වේ. ආණ්ඩුක්‍රම විය්‍යවස්ථා ව යනු රට මෙහෙයවන නීති පද්ධතිය හෙවත් ‍න්‍යාය පත්‍රයයි. එහි මූලික අරමුණ විය යුත්තේ රටේ අනන්‍යතාව රැක ගනිමින් ස්වෛරීභාවය හා ස්වාධීනත්වය තහවුරු කිරීමයි. එම අරමුණු මොනවාදැයි වටහා ගැනීමට රටේ ඉතිහාසය පිළිබඳවත් කිසියම් ප්‍රමාණයක මූලික අවබෝධයක් තිබිය යුතුය.

      පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක කළ ප්‍රකාශයකට අනුව වත්මන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීන් 93 කට (42%) අපොස සහතිකයවත් නැත. මෙයින් අදහස් කරනුයේ ඉතිරි 58% රටේ අනන්‍යතාවය, ස්වෛරීභාවය හා ස්වාධීනත්වය ගැන අවබෝධයක් ඇත්තේය යන්න නොවේ. රටේ ඉතිහාසය තබා නිසි අධ්‍යාපන මට්ටකමවත් නොමැති පාර්ලිමේන්තු නියෝජනයක් තුලින් සම්මතවිය හැකි විය්‍යවස්ථා, නිති රීති වලින් රටේ අනාගතය කෙබඳු වේවිද යන්නය.

      Delete
  30. හා, හා, හා..... හිටන්ලා කලබල වෙන්න එපා.... අපි කුලියාපිටියේ කාර් හදනවා හදනවා ම යි.... හැබැයි ෆෝක්ස්වාගන් නෙවෙයි...

    එහෙනම්...?

    HOAXWAGEN !!!!!

    ReplyDelete
    Replies
    1. ආන්ඩුව සමග කොන්තරාත්තුවට ආවේ සෙනොක් සමාගමේ සබාපති නොයෙල් සෙල්වනායගම් ය. ඔහු කීර්තිමත් ශ්‍රී ලන්කා පුත්‍ර එමිල් සෞන්ද්‍රනායගම් ගේ ඤාතියෙකු වත් ද?

      Delete
    2. @ Sa rasa,

      නොයෙල් සෙල්වනායගම් සහ ඔහුගේ සහෝදරයා 1970 දශකයේ ලංකා හෝටල් සංස්ථාවේ (Ceylon Hotels Corporation) සංචාරක රියැදුරන් ලෙස Peugeot 404 මෝටර් රථ දෙකක් පැදවූ අය වෙති.

      Delete
    3. // නොයෙල් සෙල්වනායගම් සහ ඔහුගේ සහෝදරයා 1970 දශකයේ ලංකා හෝටල් සංස්ථාවේ (Ceylon Hotels Corporation) සංචාරක රියැදුරන් ලෙස Peugeot 404 මෝටර් රථ දෙකක් පැදවූ අය වෙති. //

      ඇනෝ තුමනි,

      ඔබ ඒ පිලිබඳව වැඩි විස්තර දන්නේ නම් සාකච්චා මන්ඩපයට එක් කරනු මැනවි!

      Delete
    4. හොන්දයි නේද ගොන්ස්වැගන් කීවානම්...

      Delete
  31. ඉවසන්ඩ පිංවත, ඉවසන්ඩ.

    ඔය පොඩි පොඩි පොක්ස්වාගන් පැක්ටරි දැන් අපිට වැඩක් නෑ.
    අර පළඟැටියා හිටපංකෝ වැස්ස පායන කං කියල කිව්වා වගේ, පොඩ්ඩක් හිටිංකෝ ඉවසල තව බැඳුන්කර දෙක තුනක් එන කල්, මල්ලි, අපි රෙඩි කෑෂ් වලට , මතක තියා ගනින් නයට නෙවේ රෙඩි කෑෂ් වලට, ගන්නේ ජර්මනියේ පොක්ස්වාගන් මහ කොම්පැනිය හරිය.
    (අපි කිව්වේ අපි ඔහෙලා නෙවෙයි, අර්ජුන් ටීම් එක,හිටං )

    ReplyDelete
    Replies
    1. //මතක තියා ගනින් නයට නෙවේ රෙඩි කෑෂ් වලට, ගන්නේ ජර්මනියේ පොක්ස්වාගන් මහ කොම්පැනිය හරිය. //

      ඔයි කතාව විහිලුවක් ම නොවෙන්නත් පුලුවනි හැට්ටර් තුමෝ!

      Delete
  32. ගරු සරසතුමා‍ සං‍ශ්‍රේණික ව ලබා ගන්නා තුන් වැනි ආලෝචන ශතකය පූර්ණය කිරීම සඳහා ශතකාලෝචනය මා විසින් මෙලෙස එක් කරනු ලැබේ. සරසතුමනි, කෙතරම් සාරගර්භ සංවාද මණ්ඩපයක් ද ඔබතුමා අපට සකසා දුන්නේ? විශිෂ්ට යි; අතිවිශිෂ්ට යි.

    සෑගිරියේ කීරාළ

    ReplyDelete
    Replies
    1. ඔබටත් අනේකවාරයක් ස්තූතියි සෑගිරියේ කීරාළ වියත් මැතිඳුනි!

      Delete
  33. සාරස , ඔබගේ කුණු රසැති බ්ලොග් අඩවියට 50000 හිට් වීම සම්බන්ධව අපගේ උණුසුම් සුබපැතුම්. ඉදිරියටම යන්න.

    ReplyDelete
    Replies
    1. // සාරස , ඔබගේ කුණු රසැති බ්ලොග් අඩවියට 50000 හිට් වීම සම්බන්ධව අපගේ උණුසුම් සුබපැතුම්. ඉදිරියටම යන්න. //

      නිවැරදි වචනය නම් "බීභත්ස්‍ය" රසයයි!!!

      Delete
    2. එහෙමත් නව නළු රසයක් තියෙනවද හිටං?

      Delete
    3. සරස්, දැන් බලන ගියාම ඔහේගේ බෝල්ගයට.. ජරාව කන උරොත් සෙට් වෙලානේ...හික් හිකෑස් ... ඔය උඩින් කමෙන්ට් කෝරාළ තියෙන්නේ එක හාදයෙක්...

      Delete
    4. අපි ඌරන්ට දුවන පුහුල් කියා ගෞරව නාමයෙන් ආමන්ත්‍රනේ කරලා BBQ දානවා හිටන්!

      Delete
  34. වොක්ස්වැගන් හත්පොලේ ගා ගැනීම!!

    මේ වීඩියෝවත් නරඹන්න:

    https://www.youtube.com/watch?v=IEcrIgyKArA

    ReplyDelete