Wednesday, January 18, 2017

යහපාලනේ ඛෙදවාචක හා The Suicide Club.






ප්‍රතිපත්තිගරුක දේශපාලනයේ පලමු හමුවීම නම් සිත රිදවාගැනීම බව දේශපාලනයට හුරු පුරුදු කවුරුත් දන්නා කරුනකි. 

කොටන් ඇද්ද අලි බලාගෙන සිටියදී මහින්ද මහත්තයා වටකරගෙන ඔහු ගෙන් සියලු ලාබ ප්‍රයෝජන ගත්  නරි, අලියන් ට ඇඳගෙන පෙරහැරේ යෑම පටන්ගත්තේ චන්දේ පැරැදුනු සිරිලන්කා පක්සේ ඇස් බීන් ලා විජිතමුනි ලා ගෙන්නාගෙන ඇමැතිකම් ලබාදීමත් සමග ය.

යහපාලනේ ගෙන ඒමට බොහොම මහන්සි වී  කොටන් ඇද්ද අලියෙකි මෛත්‍රී ගුනරත්න.

මෛත්‍රී ගේ පියා හැත්තෑ හතේ යූ ඇන් පී ආන්ඩුව ගේන්න මහන්සි වෙලා වැඩ කල වැවිලිකරුවෙකු වන හර්මන් ගුනරත්න මහතා ය. හර්මන් පසුකාලීන ව මහවැලි ජනපද වල සින්හල පවුල් පදින්චි කිරීම වැරදියි කියා ජේ ආර් ගේ උදහසට ලක් වූවද කොන්ද කෙලින් තබා ගෙන හිටි මහත්මයෙකි. 

සජිත් ට රැවටී ඔහු ගේ අනුගාමිකයෙකු වූ මෛත්‍රී ගුනරත්න ලා සන්විදානය කල පෙරහැරකට මන්ගල සමරවීර ගේ කුරුඳු පොලු බලකායෙන් සබ්බුව ලැබෙද්දී ඊට විරුද්දව තම පිස්තෝලය පාවිච්චි කිරීමේ වරදට හර්මන් ගුනරත්න හිරේට දැම්මේ බොහොම ලඟකදී ය.

ඒ වගේම හර්මන් ගුනරත්න මහතා හොඳ ලේකකයෙකි. සරස තුමා ඔහු ලියූ පොත් සියල්ලම කියවා රසවිඳ තිබේ.

පසුගිය ජනාදිපතිවරනේ දී මෛත්‍රීපාල වෙනුවෙන් මෛත්‍රී ගුනරත්න නොසෑහෙන්න මහන්සි විය. මෛත්‍රීපාල යහපාලනේට ක්‍රොස් කරන්නට පෙර සිට ම මාදුලුවාවේ සෝබිත තෙර සමග පෙරමුනක් හදාගනිමින් වැඩකල  මෛත්‍රී ගුනරත්න මහින්ද මහත්තයා ගේ රජය පෙරලීමේ වෙඩි සැර තැබූ මුල්ම කන්ඩායමේ සාමාජිකයෙකි!එවන් යහපාලන සේවයක් කල මෛත්‍රී ගුනරත්න ව ලන්කා ගල් අඟුරු සමාගමේ සබාපතිකමෙන් දොට්ට දමලා ය. 

මෛත්‍රී ගුනරත්නට සමහර විට මේ පලදෙන්නට ඇත්තේ සන්දීප් නම් තරුනයාව තම වාහනයේ හප්පා පලාගිය පා ච රනවක බේරාගැනීමට උසාවි ගොස් ඉදිරිපත්වීමේ සාපය වන්නට ඇත.

සමහරවිට මෙය රනිල් පිලේ ආශීර්වාදයෙන් සිදු වූ ගේමක් වන්නටත් හැකිය.

තමන් ව ජනාදිපති කරන්න දර දිය ඇද්ද හාදයෝ එලවා දමමින් තමන් ට වල කැපූ එවුන් ට තනතුරු දෙමින් මෛත්‍රීපාල මේ කරන්නේ ඓතිහාසික කැකිල්ලේ රජ්ජුරුවන් ගේ භූමිකාව ය!


හර්මන් ගුනරත්න අන්තිමට ලියූ පොතේ නම මෙහි දී මෛත්‍රීපාලට හා මෛත්‍රී ගුනරත්නට හොඳට ම ගැලපේ... 

පොතේ නම The Suicide Club ය! 


බැඳුම්කොර වංචාවකරුවන්ට දඬුවම් දෙනු!!

38 comments:

  1. පලි: බැඳුම්කොර වංචාවකරුවන්ට දඬුවම් දෙනු.
    නෙලුම්යාය මහදවල් මංකොල්ලයට වගකිවයුත්තන්ට දඬුවම් දෙනු.

    ReplyDelete
    Replies
    1. // පලි: බැඳුම්කොර වංචාවකරුවන්ට දඬුවම් දෙනු. //

      දැණ් සරස තුමා ගේ ඉල්ලීම් ඉහත එකට පමනක් වලන්ගු බවත් අනෙක් ඉල්ලීම සම්බන්දයෙන් සරසතුමා සටන පාවා දී ඇති බවත් කරුනාවෙන් සලකන්න...

      Delete
  2. මෛත්‍රී ගුණරත්න කියන්නේ කිලී මහරාජාගේ රූකඩයක්... ඉතින් මොන පෝස්ට් හම්බ උනත් අරෙහෙන් එන ගානටත් බයිලා ගහන්න ඕන. ඉතින් රනිල්ට ගේම ඇදිල්ල නතර කරලා නෑ. ශිරාල් කරන්නෙත් ඒක. මෛත්‍රි ගුණරත්න ගේමේ උන්නා කියලා කියන්නේ තවත් නොම්මර එකේ බයිලා කාරයෙක් වෙච්චි මලිත්. අර යුද්දෙ ඉවර කරන්න වීරකුමාර දිසානායක වගේම ශෂී වීරවන්සත් මූලිකත්වය අරගෙන තියෙනවා වගේ කතාවක් තමයි මේකත්. කොහොමත් රනිල් ජීවත්ව ඉන්නකන් රනිල්ට අරින්න යන අයට නම් හුප්පෙ තමයි.

    ReplyDelete
    Replies
    1. ශශී නොහිටියනම් දිනයි යුද්දෙ!

      එයා තමයි පොන්සේකාටත් අන දුන්නේ හිටන්!

      Delete
    2. බ්‍රැන්ඩි නෝනට පුළුවන් නම් යුද්දෙන් 75% කට අණ දෙන්න ෂශීට බැරිද ඉතුරු 24% ට අණ දෙන්න ?
      අර ඉතුරු 1% ක, ඒ කියන්නේ මැයි 19 වෙච්චි ටිකට, අණ දුන්නේ මෛත්‍රී ලොක්කා හරිය ! ඒක මැතිවරන වේදිකාවේ කියපු තවත් එක් සත්‍ය කතාවක්

      Delete
    3. මේන් බලපල්ලකෝ, උඩ පැන ගෙන ගිහින් චන්දෙ දීල රූකඩ 2ක් ජනාදිපති අගමැති කරවපු මී හරකෙක්, මෛත්‍රී ගුනරත්න තව කාගේදෝ රූකඩයක් කියල අඬා වැටෙනවා

      Delete
    4. //AnonymousJanuary 19, 2017 at 1:17 AM

      බ්‍රැන්ඩි නෝනට පුළුවන් නම් යුද්දෙන් 75% කට අණ දෙන්න ෂශීට බැරිද ඉතුරු 24% ට අණ දෙන්න ?//

      කතාව ඇත්ත ඇනෝ තුමෝ..



      //අර ඉතුරු 1% ක, ඒ කියන්නේ මැයි 19 වෙච්චි ටිකට, අණ දුන්නේ මෛත්‍රී ලොක්කා හරිය ! ඒක මැතිවරන වේදිකාවේ කියපු තවත් එක් සත්‍ය කතාවක් //


      ලැජ්ජත් හිතෙනව නේ?

      Delete
  3. මෛත්‍රී-ගුණ-රත්න; නමේ අඩුපාඩුවක්වත් කියලයි? අනේ මංදා..

    ReplyDelete
    Replies
    1. වස් වැදිලද දන්නෙ නෑ හිටන්!

      Delete
  4. මේ තරම් සියුමැලිද කොස්කොළ
    හිතන්නටවත් බැරි නිසා...
    මම ගියා බත් කන හරක්ටත්
    මොළේ දුන් මිනිසා සොයා//

    පොළොන්නරුවේ සරල නිවෙසක
    මැටි පිළෙක පැදුරක් එළා..
    සරල ලෙස අනුභව කරයි ඔහු
    කොස් කොළේ කදිමයි කියා//

    වසර දෙකකට ඉහතදී නුඹ
    මැවූ සිහිනය කොහි කියා..
    ඇසූ විට සරලව සිනාසුණි
    අහෝ තොපි මෝඩයි කියා//

    -Sujith Ananda-

    ReplyDelete
  5. ඔක්කොටම වඩා හොඳයි මේ උඩ කොමෙන්ටුවේ සිංදුව....
    නියමයි:D

    ReplyDelete
    Replies
    1. අපි ඔක්කොම රැවටුනා නේ...

      Delete
  6. This comment has been removed by the author.

    ReplyDelete
  7. මා මිට දින දෙකකට පෙර කිර්ති තෙන්නකෝන්ට කියපුටිකම මේකටත් දානවා
    මෙම සිව්රු දරන්නා ,මෑතකදී ජනාධිපතිවරයාගෙන් ඉතා අදික වටිනාකමින් යුත් ඉඩමක් වංචාවෙන් ලබාගත් අයෙකි ,අනිකා A |L වත් නැතුව දැන ටත් කැලණිය විශ්ව විද්‍යාලයේ පාලක සබාවේ සාමාජිකයෙකි , මුන් කියන මෛත්‍රී ගුණරත්න විදේශික යන්ගේ දේපල වංචනිකව පවරාගත් අයෙකි , මුන් තුන් දෙනාගේම ඇති සමානාත්වය නම් රනිල් සමග ඇති ජම්මාන්තර ගත වයිරය යි . තවද මුන් මයික් ඉදිරියේ තප්පිලුවද නිසි ලෙස ප්‍රස්නවලට මුහුණ දී කරුණු පැහැදිලි කළහැකි උන් නොවේ . මුන් සියල්ලම මහරජගෙන් මාසික වැටුප් ලබන කුලී කරුවන් වේ මහාරාජ (සිරස) ලබාදෙන තිර පිටපත අනුව ප්‍රවෘත්ති සාකච්ඡා තැබීම මුන්ගේ රස්සාව වේ මුන්කියන මෛත්‍රී ගුණරත්න තවම ගෝටා ගේ උපදේශකයෙකි . මේ අනුව හෙට මහින්ද රාජපක්ෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මහින්ද රාජපක්ෂ එළවීමට තමන්ද හවුල් බව කියා සිටීමට ඉඩ ඇත , මුන් මහින්ද රාජපක්ෂ එළවීම වෙනුවට ඇත්තටම කලේ මහින්දට වත් බැරිවූ UNP ය කෑලි වලට කැඩීමට මහාරාජා ලබාදෙන තුට්ටු දෙකට වහල්වී ලංකාවේ පැරණිම හා ප්‍රබලම පක්ෂය කඩ දමා මහාරාජාගේ රූකඩයක් නයකයා කාර මහින්ද සමග ජනාදිපති වාරණයකට යව මහින්දව දිනවීමයි ,මුන්ගේ කල්ලියේ සිටින තව එකෙක් වන්නේ ජනාධිපතිවරයාගේ සම්බන්දිකරන ලේකම් වරයෙකුවන ශිරාල් ලක්තිලකයි . මුන් තවම ඒ උත්සාහය නතර කර නොමැත . UNP යට නායකයන් සැදීමට ගොස් මාතරදී කුරුදු පොලු වලින් හොදහැටි කෑවේ මුන්ය . එහිදී UNP කාරයන්ට පිස්සු බල්ලෙකු ලෙස වෙඩිතබා තුවාලකර ගෝටා ගේ හයියෙන් නඩු නැතුව බේරුණු එකා මුන් කියන මෛත්‍රී ගුණරත්න ගේ පියාය .

    ReplyDelete
    Replies
    1. // AnonymousJanuary 19, 2017 at 5:11 AM //

      බොහෝ කරුනු මෙහි ඉදිරිපත්කල ඔබට බොහොම ස්තූතියි ඇනෝ තුමෝ

      Delete
  8. මොකද අයින් කරේ.....දත් මදින්න අඟුරු කැටයක් අරගෙනද...නැත්නම් වෙන සීන් එකක්ද....ඩබලම මෛත්‍රීනේ...මයි ත්‍රී බේරගෙන ඉන්න තමයි හැමෝගෙම ගේම.

    ReplyDelete
    Replies
    1. මම තාමත් හිතන්නේ මෛත්‍රී ගුනරත්න අප්සැට් ජොකියෙක් නෙවෙයි කියලා අරූ තුමෝ!

      Delete
    2. ඔය මොකක්ද ටෙන්ඩර් කතාව සරස .......දැන් නම් මීඩියාත් පිස්සු. එක විකාරයයි.

      Delete
    3. // Aruna PereraJanuary 19, 2017 at 6:37 AM

      ඔය මොකක්ද ටෙන්ඩර් කතාව සරස .......දැන් නම් මීඩියාත් පිස්සු. එක විකාරයයි. //

      හරියට ම දන්නෙ නැහැ...
      හැබැ‍යි මෙතනදි පේන්නේ රනිල් මෛත්‍රී ගුනරත්නට ගේම දුන්නා වගේ...

      Delete
  9. “ඥාති සංග්‍රහය” ඛෙදවාචකයක් නම් “සමරිසි සංග්‍රහයද” ඛෙදවාචකයකි.
    (1/2)

    පසුගිය ජනාධිපති මැතිවරණ කාලයේ “යහපාලකයන්” විසින් උස් හඬින් කතාබහට ලක් කළ කාරණයක් වනුයේ “ඥාති සංග්‍රහය” යයි. ඒ අනුව ඥාති සංග්‍රහය යනු එක්තරා ආකාරයක ඛෙදවාචකයකි. රටේ වාසනාවකට දැන් නම් කිසිදු ඥාති සංග්‍රහයයක් නොමැති බව ටෙලිකොම් ආයතනයේ සභාපති ධූරය , එක්සත් රාජධානියේ ශ්‍රී ලංකාවේ මහ කොමසාරිස් ධූරය වැනි ඉතා වැදගත් තනතුරු ආශ්‍රයෙන්ම පෙන්වා දිය හැකිය.

    තම ඥාතියකු වීම නිසාම යම් පුද්ගලයකු වෙත වරප්‍රසාද සැලසීම ඥාති සංග්‍රහය වේ. එසේම සමරිසියකු විසින් තවත් පුද්ගලයකු සමරිසියකු වීම නිසාම එම පුද්ගලයා වෙත වරප්‍රසාද සැලසීම සමරිසි සංග්‍රහය වේ. ඥාති සංග්‍රහය වරදක් නම් සමරිසි සංග්‍රහයද වරදකි. පෙර සඳහන් කළ පරිදි රටේ වාසනාවකට මේ පිළිබඳ උදාහරණ බේතකටවත් මේ යහපාලන දේශපාලනය යටතේ සොයාගත නොහැක.

    සතර අගතියෙන් තොරව රට කරවන හැටි පාලකයන්ට කියාදීමට මෙතරම් සමත් “සිවිල් සමාජයක්” මෙරට තිබුනද ඇමෙරිකාවේ නොතිබීම එරටේ සැබෑ අවාසනාවයි. තම විෂය ක්ෂේත්‍රය සම්බන්ධව අවුරුදු දහයකින්වත් පර්යේෂණ පත්‍රිකාවක් එලි නොදැක්වූ ආචාර්ය උපාධිය රහිත මහාචාර්යවරු, Ward Master විභාගය සමත්වීමට අසමත් පිරිමි මිසීවරු, ප්‍රයිවට් බස් මුදලාලිවරු, ඇණ මුරිච්චි තද කිරීමවත් ඉගෙනගැනීමට බැරිව පරණ පිනකින් උපගුරු වී විශ්‍රාම ලබා කුලියට ලියන මහත්තුරු ඇතුලු මේ ආශ්චර්යමත් “සිවිල් සමාජය” සමරිසි සංග්‍රහය පිළිබඳව නිහඬය. ඇතැම්විට එය “ලිබරල්කමේ” ලක්ෂණයක් ද විය හැකිය. මේ “සිවිල් සමාජයටම” අයත් “කොලුගැටයකු” ආශ්‍රයෙන්ම සමරිසි සංග්‍රහය පිළිබඳව සාකච්චාවක යෙදීම මේ සටහනෙහි අරමුණයි.

    ReplyDelete
  10. “ඥාති සංග්‍රහය” ඛෙදවාචකයක් නම් “සමරිසි සංග්‍රහයද” ඛෙදවාචකයකි.
    (2/2)

    මේ “කොලුගැටයා” අසූව දශකයේ මැද භාගයේ කොළඹ ආනන්ද විද්‍යාලයේ ඉගෙනුම ලබන කාලයේ ලේඛකයකු වීමට අත දුන්නේ එවකට වාර්තාගත අලෙවියක් තිබූ “කල්පනා” සඟරාවේ කර්තෘ ගුණදාස ලියනගේය. කවදත් ආධුනිකයන්ට අතහිත දුන් දවැන්තයකු වූ “ගුලි” මගේ මතකය නිවැරදි නම් මේ “කොලුගැටයාට” සහ තවත් ශිෂ්‍යයකු වූ සනී නවගත්තේගමට ආතර් සී. ක්ලාක් පිළිබඳව “කවරයේ කතාවක්” පවා සකස්කිරීමට ඉඩප්‍රස්ථා සැලසීය.

    ලියනගේ මාර්ගයෙන් ආතර් සී. ක්ලාක් හඳුනාගත් මේ “කොලුගැටයා” කෙටි කලෙකින්ම “කොලුගැටයන්” ප්‍රියකරන සමරිසි ක්ලාක් ගේ ප්‍රියතම “කොලුගැටයකු” වුයේ සමරිසි සංග්‍රහයේ අනුහසින්මය. ඉන්පසු මේ “කොලුගැටයා” කළේ නොයෙකුත් දක්ෂතා තිබූ සමකාලීනයන් කපා දමමින් සන්නිවේදන හා තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය සම්බන්ධ නොයෙකුත් දැනුම ලැබීමේ අවස්ථා ක්ලාක් හරහා “සමරිසි බව හේතුවෙන්ම” කඩාවඩා ගැනීමයි.

    එම අවස්ථාවන් ලද මොහු එම විෂය ක්ෂේත්‍රයන් මතුපිටින් අතගෑමට මිස ගැඹුරින් හැදෑරීමට තරම් බුද්ධියකින් යුතු අයෙක් නොවීය. වර්ග අටෝරාසියක පුහුණු පාඨමාලා හදාරා ඇතැයි කියන මේ “සන්නිවේදන හා තොරතුරු තාක්ෂණ” විශේෂඥයා තම විෂය ක්ෂේත්‍රය සම්බන්ධයෙන් පිළිගත් විශ්වවිද්‍යාලයකින් හෝ ඒ හා සමාන ආයතනයකින් ලද සුදුසුකමක් අනාවරණය නොකිරීම මෙය තහවුරු කරණ කාරණයකි. එසේම සන්නිවේදන හා තොරතුරු තාක්ෂණ විෂය ක්ෂේත්‍රය පිලිබඳව මේ “කොලුගැටයා” අරහෙත් - මෙහෙත් දේශණ කළා යයි කියතත් තමන් විසින් කරණ ලද පර්යේෂණ සහ ඒ හා සම්බන්ධ නිබන්ධන හෝ පර්යේෂණ පත්‍රිකා ගැන අනාවරණය කරන්නේද නැත.

    ඉංග්‍රීසි භාෂාවෙන් වැඩකළ හැකි සන්නිවේදන විශේෂඥයන් දුලබ ශ්‍රී ලංකාවේ, මුලින් පත්තර සඟරා පිටුත් පසුව ඒවා ද ඇතුලුව අන්තර්ජාලයේත් දෙබසින්ම ඉඩකඩ පුරවන මෙවන් “CUT & PASTE” වර්ගයේ තුත්තිරි ගස් දැවැන්ත මාර ගස් ලෙස සැලකීමට ඇතැමුන් යොමු වීම අරුමයක් නොවේ. උදය ද දහවල ද සන්ධ්‍යාවේ ද රාත්‍රියේ ද ක්ලාක් විකුණා කන මේ “කොලුගැටයා” දැන් “සමහරක්” විසින් සලකනු ලබනුයේ සන්නිවේදන ක්ෂේත්‍රයේ ජාත්‍යන්තර මට්ටමේ ප්‍රාමාණිකයකු ලෙසය. ක්ලාක් ගේ පුනවතාරයක් ලෙසය. අපේ අවාසනාවට සහ ලෝක සන්නිවේදන ක්ෂේත්‍රයේ වාසනාවට මෙසේ වනුයේ මේ කොදෙව්ව තුළ පමණි. බටහිර ලෝකයට නොව අසල්වැසි ඉන්දියාවට පයගසා පඳුරකට පයින් ගසා බැලු විට මේ වර්ගයේ “ප්‍රාමාණිකයන්” දුසිමක් පමණ එලිය වීසිවන බව දන්නෝ දනිති.
    මේ “කොලුගැටයා” ඩොලර් - පවුම් - යුරෝ වලින් ගාන කැපීමේද රුසියෙකි. මේ “කොලුගැටයාගේ”බුද්ධියේ දිග පළල බටහිර රටවල තානාපති කාර්යාල හොඳහැටි දන්නා නමුත් ලංකාව වැනි රටක තම න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කරවමින් “ශ්‍රී ලාංකේය ඊනියා ලිබරල් මෝඩයන් රොත්ත” ගොනාට ඇන්දීමට උන් විසින් වැඳුම් පිදුම් කරන මෙවැනි “සිල්ලර දෙයියෙක්” ප්‍රමාණවත් බවත් මේ “දෙය්යා” ලොකු ගණන් වලින් නොව “PETTY CASH” වර්ගයේ ගෙවීම් වලින් තෘප්තිමත් කළ හැකි බවත් ඔවුහු දනිති.

    වෙබ් මාෆියාකරුවකුගේ බළල් අතක් වන බ්ලොග් සම්මාන උළෙලකදී “බ්ලොග් සඳහා කළ සේවය” වෙනුවෙන් පිදුණ මරදානෙන් ඕඩි හෙලේට මිලදී ගතහැකි “පිත්තල - ලී කොට කෑල්ලක්” මේ “කොලුගැටයාට” නොබෙල් තෑග්ගක් වගේ වූ ආකාරය පිළිබඳ ඇතුලත කතාව ඔවුනට සැලවුවොත් ගාන තවත් බසිනු නොඅනුමානය.

    අපේ “සමහරක්” බ්ලොග්කරුවන්ද මේ “කොලුගැටයා” වන්දනාමාන කරණුයේ ඒ පිනෙන් අවම වශයෙන් සෝමාලියාවේ වත් පැවැත්වෙන “සන්නිවේදන සම්මන්ත්‍රණයකට” වන්දනාවක්වත් යාමටය. වැඩිමනත් කිසිවක් නොපවසා විෂ්ණු ෂර්මන්ගේ පංච තන්ත්‍රයේ එන ගවයකුගේ එල්ලා වැටෙන අසවල් ඉන්ද්‍රිය ඔන්න වැටෙයි මෙන්න වැටෙයි සිතමින් වසර ගණනාවක් පුරා පසුපසින් ගොස් ප්‍රතිපල නොලද සිවල් ජෝඩුවගේ කතාව පමණක් සිහිපත් කරමි.

    සිතීම සඳහා යමක් පවසමි. අකනිටා බඹ ලොව සිට අවීචි මහ නරකය දක්වා දේ ලියන මේ “කොලුගැටයා” අතීතයේ දී තමන්ට නොපැකිල අතදුන් ගුණදාස ලියනගේ ගැන අද වචනයක් ලියනු තබා කතා කරන්නේවත් නැත. එවන් අකෘතඥයකු ඔබට උපකාර කරයි නම් එදින සිට බටහිරින් හිරු නැගෙනු ඇත.

    මෙවැනි අකෘතඥ පාදඩ “කොලුගැටයනට” සම්මාන ලෙස මඩු වලිගයෙන් තැලිය යුත්තේ “සිව්මංසල” සිටුවාය !

    පසු සටහන - සංවාදය සඳහා විවෘතයි.

    ReplyDelete
    Replies
    1. මේ ලියලා තියෙන්නේ කාගැනද කියලා නම් දන්නවා.. ඒත් මේවා ඇත්තද අප්පා...එහෙම සුදුසුකම් නැද්ද?

      Delete
    2. ඉතාම වටිනා අදහසක් ඇනෝ තුමෝ!

      ඔබ මතු කල කරුනක් වන මේ සමරිසි සන්ග්‍රහය දැන් ශ්‍රී ලන්කාවේ බයන්කාර ලෙස පැතිරෙනවා වගේ පේනවා.....


      ඔබේ ලිපියේ සඳහන් වන කොලුවා මා හිතන ගැටයා නම්, ඔහු අපට එක වසරක් ජේශ්ට ව සිට ජීව විද්යා අන්සයෙන් උසස් පෙල කලා. ටියුශන් ක්ලාස් වල දී මෑන්ස් හැසිරුනේ සියල්ල දත් ලෙසයි. එහෙත් ප්‍රතිපල ආ කල විශයන් කීපයක් අසමත් වුනා කියා ඒ කාලේ කතා පැතිරිලා තිබුනා.....

      මතකද ආතර් සී ක්ලාක් ට බකින්හැම් මාලිගයේ දී නයිට් පදවිය ලබාගැනීම සන්ඩේ මිරර් පත්තරේ පලවූ ඔයි සමරිසි කතා නිසා වැලකුනු ප්‍රවුර්තිය?

      Dayanada de Silva, director of current affairs at the Sri Lanka Broadcasting Authority, was quoted in the Sunday Mirror as saying: "Arthur likes casual affairs with lots of different boys. If I think he might like one of my boys, I give them his phone number, he asked me to. The last time I saw Arthur, a few months ago, he was still having casual sex with boys. The boys do it for money, and money is nothing to Arthur C Clarke."

      http://www.independent.co.uk/news/arthur-c-clarke-case-investigated-1145468.html

      Delete
    3. // Aruna PereraJanuary 19, 2017 at 8:28 AM

      මේ ලියලා තියෙන්නේ කාගැනද කියලා නම් දන්නවා.. ඒත් මේවා ඇත්තද අප්පා...එහෙම සුදුසුකම් නැද්ද? //
      ජීව විද්යා අන්සයෙන් විබාගය උසස් පෙල කර අසමත් වූ බව දනිමි!

      Delete
    4. // AnonymousJanuary 19, 2017 at 7:57 AM

      “ඥාති සංග්‍රහය” ඛෙදවාචකයක් නම් “සමරිසි සංග්‍රහයද” ඛෙදවාචකයකි. //

      ගරු කටයුතු ඇනෝ මහතානෙනි...

      මා ඔබේ කොමෙන්ටුව කීප වාරයක් ම කියවූවා...

      එය බ්ලොග් ලිපියක් ලෙස පලකොලොත් මීට වඩා ලොකු ඕඩියන්ස් එකකට යන්න පුලුවන්...

      එමනිසා කරුනාකර මට මෙය බ්ලොග් ලිපියක් ලෙස පලකිරීමට අවසර දෙනවාද?

      Delete
    5. ඇනෝ තුමාගේ කොටස් දෙකකින් යුක්ත වූ ආලෝචනය ඉතා විශිෂ්ට ගණයේ එකකි. මා ද සිතා සිටියේ මේ මහා කොලු ගැටයා ජාතියේ පිනට පහල වූ ශ්‍රේෂ්ට සන්නිවේදන විශේෂඥයකු කියා ය. එසේ වී නම් මෙරට මහා සන්නිවේදන ආයතන මොහුගේ වටිනා සේවය ලබා නොගන්නේ කුමන කරුණක් නිසාදැයි මට නොසිතුනා නොවේ. එහෙත් ඇනෝ තුමාගේ පැහැදිලි කිරීම කියැවූ මම මේ කොලු ගැටයා වඩාත් සුදුසු වනුයේ කුණු බක්කියට බව ඉඳුරා ම පසක් කර ගතිමි. මොහු සිව්මංසලේ සිට ලියනවායැයි කියන ලිපි කුලියක් ගෙවා වෙනත් අයවලුන් ලවා (සමහරවිට විශ්ව විද්‍යාල සිසු සිසුවියන්) ලියන ඒවා දැයි මට දැන් සැකයක් ඇති වී තිබේ.

      Delete
    6. මේ කොලු ගැටයා තමන් විසින් ම තමන් පිළිබඳව විකිපීඩියා ලිපියක් ලියා ඇති බව පෙනී යයි.

      එහි ලියා ඇති කරණු අනුව මොහු සෑම අංශයකින් ම ඔස්තාර් කෙනෙකි. නැති සුදුසුකමක් නැත. මෙවැනි වංචාකාරයින් නිරුවත් කිරීමට කාලය පැමිණ තිබේ.

      නෙළුම් අල අයවැය වාර්තා එළි දක්වනු!

      Delete
    7. පහළ ලින්කුවෙන් ගොස් හොර දෙටුවෝ කවුරුදැයි ඔබ ම බලන්න:

      අන්තර්ජාලයෙන් හොරකම් කරන්නෝ

      Delete
    8. @ Sarasa January 19, 2017 at 9:30 AM

      ඔබට මෙය බ්ලොග් ලිපියක් ලෙස පළ කළ හැකිය. ඒ සඳහා ඔබට මාගේ පූර්ණ ආශිර්වාදය හිමිය !

      - Anonymous January 19, 2017 at 7:57 AM

      Delete
    9. එසේම අවශ්‍ය කරන වෙනස්කමක් හෝ එකතුකිරීමක් වෙතොත් එයද සිදුකරනු මැනවි.
      - Anonymous January 19, 2017 at 7:57 AM

      Delete
    10. මම මේ අයිටී, වයිටී දන්නේ නැහැ. ඒත් මම අහන්නේ නාලකගේ ගෝනියේ සිය්ඹලා ඇත්තෙම නැද්ද. උත්තර කළුත් නැහැ, සුදුත් නැහැ.

      Delete
    11. ස රස මිනිස්සුන්ගේ පෞදගලික ජීවිතයට ගහන්න යන්න එපා... මේවා ඇත්ත උනත් නැත්ත උනත් මහා තිරිසන් වැඩ.. දවසක ඒවා රිටන් එන කොට දුක් වෙලා වැඩක් නෑ... මම හිතන්නේ ස රසට ඊට වඩා දෙයක් බ්ලොග් වලින් කරන්න පුළුවන්... මෙයින් නැති වෙන්නේ වෙන කෙනෙකුගේ කීර්ති නාමය නෙමෙයි ඔබේ කීරිති නාමය. ඇනෝවරුන් ලෙස එන්නේ කොන්දක් නැති උන්. නමුත් උඹ එහෙම කෙනෙක් නෙමෙයි. ඒ නිසා දෙසරයක් හිතන්න.

      Delete
    12. මුලින්ම ප්‍රශ්නයක් අහන්නම් අරුණ,

      මහින්දගෙ ගෝනියේ සියඹලා තිබුනෙම නැද්ද?

      ඊළඟට ඔය "ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් කරණ ලද සේවය" වෙනුවෙන් පිරිනැමෙන සම්මාන ගැන ටිකක් සිතන්න හොඳ කාරණයක් කියන්නම්.

      නාරාහේන්පිට හැටේ වත්තේ චන්දරේ දැන් අවුරුදු විස්සක් විතර කොටුව - බොරැල්ල ප්‍රයිවට් බස් එකක් එලවන ඩ්‍රයිවර් කෙනෙක්. තමන්ගෙ පාඩුවෙ බස් එක එළවගෙන ඉන්න හොඳ මිනිහ.

      ඉතින් අරුණ, හැටේ වත්තේ චන්දරේ "ශ්‍රී ලාංකික ප්‍රවාහන ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන්" මොකුත් කරල නෑ කියන්න පුලුවන්ද? බැහැනෙ.

      එතකොට වනාතමුල්ලෙ එක්සත් තරුණ සමිතිය "ශ්‍රී ලාංකික ප්‍රවාහන ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන්" කරන ලද සේවය වෙනුවෙන් චන්දරේට උත්සවයක් තියල සම්මානයක් දෙන එකේ වැරද්දක් තියෙන්නත් බැහැ.

      නමුත් මහාචාර්ය අමල් කුමාරගේ, ජෝන් දියෙන්දාස්, රම්පාල, අනිල් මුණසිංහ වගේ චරිත ශ්‍රී ලාංකික ප්‍රවාහන ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් කරපු සේවයත් අපේ චන්දරේ කරපු සේවයත් එක සමාන නැහැ.

      Delete
    13. // upeksha nuwansreeniJanuary 19, 2017 at 7:10 PM

      ස රස මිනිස්සුන්ගේ පෞදගලික ජීවිතයට ගහන්න යන්න එපා... මේවා ඇත්ත උනත් නැත්ත උනත් මහා තිරිසන් වැඩ.. දවසක ඒවා රිටන් එන කොට දුක් වෙලා වැඩක් නෑ... මම හිතන්නේ ස රසට ඊට වඩා දෙයක් බ්ලොග් වලින් කරන්න පුළුවන්... මෙයින් නැති වෙන්නේ වෙන කෙනෙකුගේ කීර්ති නාමය නෙමෙයි ඔබේ කීරිති නාමය. ඇනෝවරුන් ලෙස එන්නේ කොන්දක් නැති උන්. නමුත් උඹ එහෙම කෙනෙක් නෙමෙයි. ඒ නිසා දෙසරයක් හිතන්න. //


      ඔබේ කාරුනික කොමෙන්ටුවට ස්තූතියි!

      Delete
  11. I do not understand why someone's sexual orientation is an issue to another. Every person has the right to be straight, gay or whatever. All I think is that those who write and comment about these things are way below the civilized society. Unfortunately the so called liberal and free thinking bloggers just keep a blind eye to these things.

    ReplyDelete
  12. @ උපේක්ෂා නුවන්ශ්‍රීනි

    01. මේ රටේ “රාජපක්ෂ වරුන්ට” හැර අන් සියලුදෙනාට පුද්ගලික ජීවිතයක් ඇත.

    02. නාමිකව කමෙන්ට් පළකරණ සියල්ලෝ ධීර වීර තැනැත්තෝ වෙති.

    03. කාලයක් තමන් හා එකට වාසය කළ පුද්ගලකුගේ නීත්‍යානුකූල බිරිඳගේ “සමලිංගික නැඹුරුව” පිලිබඳව නාමිකව පොස්ටු පල කිරීම පෞද්ගලිකත්වයක් හාරා ඇවිස්සීමේ තිරිසන් ක්‍රියාවක් නොව මනුසත් බවේ ගුණ සුවඳ වහනය වන ක්‍රියාවකි.

    04. එසේම ඒ අදේවවාදී පශ්චාත් නූතනවාදී ධීර පුරුෂයා තමන් වෙතින් පිරිමි දරුවකු ලබා ගැනීමට තමන් සමග බෙල්ලන්විල පන්සල් ගොස් ආගමික අභිචාරයන් සිදුකළ ආකාරය පිළිබඳව නාමිකව පොස්ටු පල කිරීම පෞද්ගලිකත්වයක් හාරා ඇවිස්සීමේ තිරිසන් ක්‍රියාවක් නොව මනුසත් බවේ ගුණ සුවඳ වහනය වන ක්‍රියාවකි.

    @ සාරස

    පුද්ගලයකුගේ ලිංගික රුචිකත්වය ඒ පුද්ගලයාගේ පුද්ගලික කාරණයකි. නමුත් යම් ලිංගික රුචිකත්වයක් ඇති පුද්ගලයකු විසින් එහා සමපාත වන තවත් පුද්ගලයකු වෙත එසේ වීම නිසාම වරප්‍රසාද සැලසීම සාධාරණ නොවේ. “සමරිසි සංග්‍රහය”අයත් වනුයේ ඒ අර්ථ නිරුපනයටය.

    යම් පුද්ගලයකු යම් විෂය ක්ෂේත්‍රයක් පිලිබඳ විශේෂඥයකු ලෙස පෙනීසිටින්නේ නම් හෝ යම් පුද්ගල කණ්ඩායමක් විසින් එසේ සලකනු ලබන්නේනම් ඒ “විශේෂඥයා” තම “විශේෂඥභාවය” ලබාගත් ආකාරය පිළිබඳව ප්‍රශ්ණකිරීමට තවත් පුද්ගලයකු හට අයිතියක් ඇත.

    එසේම යම් පුද්ගලයකු වර්තමානයේ සිටින තත්වයට පත්වීමට ඒ පුද්ගලයාට අතීතයේදී උදව්කළ පුද්ගලයකු වෙත වර්තමානයේදී මුල් පුද්ගලයා කෙතරම් කෘතවේදීද යයි විමසීමටද තවත් පුද්ගලයකු හට අයිතියක් ඇත.

    මේ ඉහත සඳහන් කොටස් දෙකකින් යුත් දීර්ඝ කමෙන්ටුව සම්බන්ධව මා දරණ අදහසයි. අප අවධානය ලක්කළ යුත්තේ සහ සාකච්චාවට භාජනය කළ යුත්තේ එහි හරයයි.

    ඒ හැර “මෙන්න මිනිස්සුන්ගේ පෞද්ගලික ජීවිතයට ගහනෝ” යනුවෙන් කෑමොර දෙමින් සහ ඒ තුළින් බ්ලොග් පරිපාලකයා වෙත අනියමින් තර්ජන එල්ල කරමින් වැල්ලේ හිස සැඟවීමෙන් පලක් නැත.

    ReplyDelete