Sunday, February 5, 2017

අර්ජුන් මහේන්ද්‍රන් සහ එයා මයිල්.....





හිටපු ශ්‍රී ලන්කා මහ බැන්කුවේ අදිපති ධුරන්දර යහපාලන ආන්ඩුවේ ලවු හේට් රිලේශන්ශිප් එකට ගොදුරු වූ (රනිල් ලවු හිටන්.. සොරිසේන හේට් හිටන්) ගරු අර්ජුන් මහේන්ද්‍රන් මැතිතුමා වචනයේ පරිසමාප්ත අර්තයෙන් ම මහාත්මා සොරෙකු බව ක්‍රියාවෙන් ම ඔප්පු කර තිබෙන බව සරස තුමා ඔහෙලාට දන්වන්නේ ඉතාමත් සන්තෝසයෙනි.



එම රුපියල් මිලියන 14.5 න්, හෝටල් බිල සඳහා මිලියන 4.7 ක් ද, කෑම සඳහා මිලියන 3.6 ක් ද විනෝදවීමට මිලියන 1.7 ක් ද වෙන් න්වෙන් වසයෙන් වියදම් කර ඇති බව වාහන අවබාවිතාව පිලිබඳ ගරු ඇමති විමල් වීරවන්ස මැති තුමා පැවසුවේය.

වැඩේ එතැනින් ඉවර වුනේ නැත පින්වතුනි.

ඊයේ (2017 පෙබරවාරි 5 දා ) මාද්‍ය සාකච්චාවක් පවත්වමින් දූශන සන්වර්දන හඬ නම් රාජ්‍ය නොවන සන්විදානයේ කැඳවුම්කරු වන ජෙප්පෙකු වන වසන්ත සමරසින්හ පැවසූවේ මාස 21 ක කාලයක් තුල
ගරු අර්ජුන් මහේන්ද්‍රන් මැතිතුමා රුපියල් මිලියන 66 ක මුදලක් ඔහු ගේ පෞද්ගලික වියදම් සඳහා ශ්‍රී ලන්කා මහ බැන්කුවෙන් ලබාගත් බවය.

මේ ලිපියේ පහතින් පල වන පරිදිම,  පර්පෙචුවල් ට්‍රෙශරීස් සමාගමෙන් ලබාගන්නට බලාපොරොත්තු වන අනුග්‍රහයක් නිසා බැඳුම්කර වන්චාව වන්චාවක් නොවන බව සරස තුමා අවධාරනය කර සිටින බව ඔබ තමුන්නාන්සේලා හොඳින් ම දන්නා කාරනයකි.

ඒ නිසා සරස තුමා මේ ලිපිය ලිවුවේ ගරු අර්ජුන් මහේන්ද්‍රන් මැතිතුමා ගේ හොරකම් පෙන්වීමට නොව කම්බා සොරෙකු වුවත් එතුමාගේ මහාත්මා ගතිය ලොවට විදහා දැක්වීමට ය. 

පොඩ්ඩක් සලකා බලන්න පින්වතුනි...
වාහන අවබාවිතාව පිලිබඳ ගරු ඇමති විමල් වීරවන්ස මැති තුමා කියනවා ගරු අර්ජුන් මහේන්ද්‍රන් මැතිතුමා රුපියල් මිලියන 14.5 ක් හොරකාලා ඒකෙන් හෝටල් බිල සඳහා මිලියන 4.7 ක් ද, කෑම සඳහා මිලියන 3.6 ක් ද විනෝදවීමට මිලියන 1.7 ක් ද වෙන් වෙන් වසයෙන් වියදම් කර ඇති බව. 

වසන්ත සමරසින්හ මැති තුමා කියනවා ගරු අර්ජුන් මහේන්ද්‍රන් මැතිතුමා රුපියල් මිලියන 66 ක් හොරකාලා ඒකෙන් හෝටල් බිල සඳහා මිලියන අච්චරක් ද, කෑම සඳහා මිලියන මෙච්චර ක් ද ආදී වසයෙන් වියදම් කර ඇති බව. 

ගරු අර්ජුන් මහේන්ද්‍රන් මැතිතුමා ට ඇඟිල්ල දික් කරලා කෑ ගහනා ගරු මැති තුමා ලා දෙදෙනාම එක කාරනයක් එනම් එතුමා හොරෙකු වුවත් මහත්මා හොරෙකු බව දැන ගත යුතුයි!

ඇයි හත්වලාමේ, මිලියන 14.5 ක් හොරාකෑවාය අරකට අච්චරය මේකට මෙච්චරය කියලා හරියට ම කියන්න ඇහැකි අපේ කතා නායකයා වන හිටපු ශ්‍රී ලන්කා මහ බැන්කුවේ අදිපති ධුරන්දර ගරු අර්ජුන් මහේන්ද්‍රන් මැතිතුමා මොන හොරකම් කලත් ඒවායේ බිල්පත් ඉදිරිපත් කල හන්දා නෙවෙයිද හිටන්?

ඒකට අර සින්හල බ්ලොග් ලොවේ එකම සහ ප්‍රතම සම්මාන උලෙල පැවත්වූ අනුන් ගේ එයා මයිල් තමන් ගේ කනේ මයිල් බවට පත් කොරගත් ලියන අප්පු .... මලාට ලැබිච්චි ආදායමක්, කල වියදමක් ගැන ලිය කියවිලි ඉදිරිපත් කොරනවද... නෑ නේ?

ඉතින් ඔහෙලාම සලකා බලන්න... තමන් ගේ ආදායම් වියහියදම් ගැන සම්පූර්න විස්තර දුන්
හිටපු ශ්‍රී ලන්කා මහ බැන්කුවේ අදිපති ධුරන්දර ගරු අර්ජුන් මහේන්ද්‍රන් මැතිතුමා මොන හොරෙක් ද???? 



ප.ලි:  
 
සමරිසිසන්ග්‍රහයට (Gayvouritism) විරුද්ද වෙමු!  
 
සර ස  තුමා විසින් පර්පෙචුවල් ට්‍රෙශරීස් සමාගමෙන් ලබාගන්නට බලාපොරොත්තු වන අනුග්‍රහයක් නිසා බැඳුම්කර වන්චාව වන්චාවක් නොවන බව සරස තුමා අවධාරනය කර සිටී!
 

83 comments:

  1. Well written. Superb post dude.

    Appreciate your effort. Well exposed many idiots in such attractive manner. Well done.

    ReplyDelete
  2. මහ බැංකුවේ හිටපු අධිපතිවරයා විසින් ඔහුගේ ධුර කාලය තූළ වාර 163 කදී කරන ලද රුපියල් හය කෝටි හය ලක්ෂයක මුදල් වංචාවන් පිළිබඳ විගණන වාර්තා හෙළි කරන බව 'දූෂණ විරෝධී හඬ' සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ කියයි.

    මෙකී විගණන පරික්ෂණය කර ඇත්තේ 2016 අගෝස්තු මාසයේ වුවත් මේ වන තුරුත් වත්මන් මහ බැංකු අධිපතිවරයා හෝ රජයේ වෙනත් වග කිව යුතු පාර්ශවයක් කිසිදු පියවරක් ගෙන නැතැයි ද හේ පවසයි.

    ReplyDelete
    Replies
    1. පියවර ගන්නෙ කොහොමද....

      අර්ජුන් ට විරුද්දව පියවර ගන්න එකාට විරුද්දව රනිල් තුමා පියවර ගන්න කොට...

      Delete
  3. සාරස ඔබත් ඇඳ තිබේද ලක්ෂ 20ක යුරෝපීය ෆුල් සූට් ඇඳුමක්?

    මහ බැංකු අධිපතිවරයෙකු ලෙස කටයුතු කරන්න කෙනෙකුට කෙඩිට්කාඩි ගණුදෙණු සඳහා හිමි මුදල් ප්‍රමාණය බරපතළ ලෙස අතික්‍රමණය කරමින් විශාල ලෙස මුදල් භාවිතය සිදු කර ඇති අර්ජුන මහේන්ද්‍රන් මහ බැංකුවේ අධිපතිවරයා ලෙස සිටි සමයේ ප්‍රසිද්ධ මිලදීගැනීමක් වූ ලක්ෂ 20ක් වටිනා යුරෝපීය ඇඳුම මිලදී ගෙන ඇති ආකාරයද මෙම විගණන වාර්තාවෙන් එළියට පැමිණ තිබේ.

    ඔහු එක් ඉන්දීය සමුළුවකට සහභාගී වූ අවස්ථාවක නවාතැන් පහසුකම් සඳහා එකම දිනයේ හෝටල් දෙකක බිල් ඉදිරිපත් කර තිබීමද විශේෂත්වයකි.

    ReplyDelete
    Replies
    1. //
      ඔහු එක් ඉන්දීය සමුළුවකට සහභාගී වූ අවස්ථාවක නවාතැන් පහසුකම් සඳහා එකම දිනයේ හෝටල් දෙකක බිල් ඉදිරිපත් කර තිබීමද විශේෂත්වයකි. //

      ඒ එයාගෙ බොඩි ඩබල් එකට වෙන්න ඇති නේ?

      Delete
    2. // AnonymousFebruary 5, 2017 at 11:28 PM

      සාරස ඔබත් ඇඳ තිබේද ලක්ෂ 20ක යුරෝපීය ෆුල් සූට් ඇඳුමක්?//

      මට රත්තරනින් උඩු කය වහගෙන ඉන්න ගාල් තැන්නේ දේවගැති ගාමිනී මතක් වුනා නේ ගරු ඇනෝ තුමෝ...

      Delete
    3. කවුද දන්නේ අනිත් හෝටලේ හිටියේ එයාගේ මනෝකායද කියලා.

      Delete
  4. //හරියට ම කියන්න ඇහැකි අපේ කතා නායකයා වන හිටපු ශ්‍රී ලන්කා මහ බැන්කුවේ අදිපති ධුරන්දර ගරු අර්ජුන් මහේන්ද්‍රන් මැතිතුමා මොන හොරකම් කලත් ඒවායේ බිල්පත් ඉදිරිපත් කල හන්දා නෙවෙයිද හිටන්?//

    අර්ජුන මහේන්ද්‍රන් සිය ක්‍රෙඩිට් කාඩ් භාවිතයේදී මාසික ක්‍රෙඩිට් කාඩි වියදම්වල සාමාන්‍ය ඉතා ඉහළ අගයක් වීම, ගෙවීම් සම්බන්ධයේන ඉන්වොයිස් නොතිබීම, අත්තිකාරම් පියවීම සඳහා පිළිගත නොහැකි ඉන්වොයිස් ඉදිරිපත් කිරීම, නිල වියදම් සඳහා විගණන සාක්ෂි නොතිබීම, පෞද්ගලික වියදම් පියවීම සඳහා ප්‍රමාද වීම, සිංගප්පූරූවේ දරන ලද පෞද්ගලික වියදම් නොපියවීම, පෞද්ගලික වියදම් සඳහා ගෙනෙන ලද මුද්දර ගාස්තු නොපියවීම, ක්‍රෙඩිට් කාඩ් පත සීමා ඉක්මවීම නිසා ගාස්තු ගෙවීම, අදාළ නොමැති වියදම් නිල වියදම් ලෙස සැලකීම, මිලදී ගැනීමේ ක්‍රියාමාර්ගයේදී මහ බැංකු නීති උල්ලංඝනය කිරිම, අධිපති නිල නිවසට ඉතා ආසන්න වෙනත් නවාතැන්වල සිටීම, ස්ථාවර ප්‍රාග්ධන නිසි ආකාරව ගිණුම් ගත නොකිරිම සහ භෞතිකව නොතිබීම, පරස්පර විරෝධී අගයන් වාර්තා වීම, මුදල් පියවීම සඳහා එකිනෙකට වෙනස් තොරතුරු සැපයීම, සුරාබදු නීති රීති උල්ලංඝණය කිරීම ආදිය සිදු කර ඇති බව විගණන වාර්තාවේ සඳහන් වේ.

    අක්‍රමිකතා රැසක් ??? එමෙන්ම ඔහුගේ විදේශ ගමන්වලදී මහ බැංකුවේ ගමන් දීමනා නීති - iii ලඝුව උල්ලංගණය කිරීම, එකම දිනයක එක හෝටලයකට වඩා වැඩි බිල්පත් ඉදිරිපත් කිරීම, නික්ම යාම/ගොඩබැසීම දිනයන් හි පරස්පර විරෝධී තත්වයන් තිබීම, හෝටල් වෙන් කිරීම සහ ගමන් බිලපත් පරස්පර විරෝධී තත්වයන් තිබීම, හොටල් වෙන් කිරීම සහ ගමන් බිල්පත් අත්හිටුවීමේදී විගණනයට සාක්ෂි නොතිබීම, විදේශ සංචාර නිතර අත්හිටුවීම, වැඩිපුර අමුත්තන් සඳහා නවාතැන් වෙන් කිරීම, අධික ගෙවීම් කිරීම ආදී අක්‍රමිකතා සිදු කර තිබේ.

    එමෙන්ම හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රගේ සංග්‍රහ කිරීම්වලදී අත්තිකාරම් පියවීම පිළිබඳ චක්‍රෙල්ඛණ උල්ලංගණය කිරීම, පියවීම් ලේඛණ ලබා දීමේ ප්‍රමාද දෝෂ, අත්තිකාරම් පාවිච්චි කිරීමේ අනුපාතය, අවසාන ඉන්වොයිස් තිබියදීත් අත්තිකාරම් ලබා ගැනීම ආදී අක්‍රමිකතා සිදුව ඇත.

    මෙවැනි බරපතල අක්‍රමිකත, වංචා දූෂණ නිසා රුපියල් හැටහයකෝටි දෙලක්ෂ අසූදහස් හයසිය දහසයක (රු. 660,280,616) මහජන මුදලක් අර්ජුන් මහේන්ද්‍රන් (තක්කඩි හොරෙක්???) විසින් විනාශ කර ඇති බව එම අභ්‍යන්තර විගණන වාර්තාවෙන් හෙළි දරුව් වේ.

    ReplyDelete
    Replies
    1. හැබෑටම....?
      බලාගෙන ගියාම අර්ජුන් සහ අපේ ලියන අප්පු දෙන්නාම කම්බා හොරු නේ හිටන්... අනුන් ගේ එයා මයිල් වලට කෙලින එක තමා දෙන්නම කොරන්නෙ හිටන්.

      Delete
  5. සා ර ස මෝලා මේ ටිකේ මැක්කෝ කේස් ටිකක් අල්ලගන ඉන්නේ. මොන මගුල කතාකරත් කෙළවර වෙන්නේ එතනින්.
    1. මහ බැන්කු වන්චාව
    2. ලපිපියා නොහොත් නෙලුං යායෙ දවල් තාරකා විද්‍යාඥයා
    3. සිවුමන්සල කොලු ගැටයා

    අදනං මොකක්දො හේතුවකට අංක 3 පොරව අමතක කොරලා. ආ.. ඇයි හැමදාම මතුරන සිපිපියා ගැනත් කියලා නෑනේ.

    ReplyDelete
    Replies
    1. ඇත්තම තමයි ගරු ඇනෝ තුමෝ...

      හතරමන්හන්දියෙ කොලුගැටයව අමතකම වෙලා ගිය හැටි හිටන්?

      Delete
    2. “ ඊයේ ශ්‍රී ලංකාවේ 69 වෙනි නිදහස් සමරුව පැවැත්විණි.
      සමහරුන්ට මෙය වැදගත් වූයේ 69 නිසා ය. ඒ වැට් 69 නම් විස්කි වර්ගය නිසා නොව වෙනත් 69 කි.”

      - සිපිපියා

      Anonymous 6 February 2017 at 21:32

      "සමහරුන්ට මෙය වැදගත් වූයේ 69 නිසා ය. ඒ වැට් 69 නම් විස්කි වර්ගය නිසා නොව වෙනත් 69 කි."

      ඔය 69 (sixty nine) වර්ග වලට වඩා තවත් 69 (sixty nine) වර්ගයක් ඇත. ඒ 69 (sixty nine) වර්ගය සහජීවනය පෙන්නුම් කරයි.

      නෙලුම් යාය යනු ඒ 69 (sixty nine) වර්ගයට කදිම උදාහරණයකි.
      Reply

      Replies

      Anonymous 6 February 2017 at 22:17

      සැටිපිකෙට් ඇත්ත. ඇනෝ උඹේ කටේ මසුරන් දාන්න වටිනවා මේ කතාවට.

      Delete
    3. සාරස මොකද කියන්නෙ?

      Delete
    4. // AnonymousFebruary 6, 2017 at 7:50 AM

      සාරස මොකද කියන්නෙ? //

      ගරු Anonymous 6 February 2017 at 21:32 ඇනෝ තුමා කියන්නේ ඇත්ත බව මම සාක්ශි සහිතව පෙන්වා දුන්නා නේ ගරු විචාරාත්මක ඇනෝ තුමනි...

      Delete
  6. සයිටම් ගැන ඔබ තුමා නිහඩ මොකද ?

    ReplyDelete
    Replies
    1. // සයිටම් ගැන ඔබ තුමා නිහඩ මොකද ? //

      I take the fifth හිටන්!

      Delete
    2. //සයිටම් ගැන ඔබ තුමා නිහඩ මොකද?//

      අපි කැමති වුණත් නැතත්, වෛද්‍ය අධ්‍යාපනය කියන්නේ සංකේතීයව රටේ අධ්‍යාපනය ගැන දැනට තියෙන නිර්මිතය; ඒකෙ සිද්ධ වෙන වෙනසක් වෙනත් ඕනෑ තැනකට පරමාදර්ශයක් වෙනවා. එහෙම නම් සයිටම් කියන්නේ වක්‍රව රජය අධ්‍යාපනයෙන් 'නිදහස්' වීමට ගන්නා උත්සාහයක මුල් පියවර.

      පෞද්ගලීකරණය අධ්‍යාපනය ඇතුළේ සිදු වීමට න්‍යායක් හැටියට විරුද්ධ නොවෙන අයට වුණත්, 'සයිටම් ක්‍රමය' විශේෂ බව නොපෙනීම පුදුම යි. ඒ අර්ථයෙන් 'සයිටම්' කියන්නේ ටියුෂන් කියන විකල්ප අධ්‍යාපන මාදිලියට වෙනස් වඩා 'නිල' ක්‍රම වෙනසක්. ටියුෂන්, ප්‍රධාන ධාරාවට සාමාන්තරව ඒ ක්‍රමය පිළිගනිමින් වෙන දෙයක්. 'සයිටම් ක්‍රමය' ඉල්ලන්නේ පෞද්ගලික අධ්‍යාපනයට ඉඩ විතරක් නෙමෙයි. විෂය නිර්දේශය, ක්‍රමවේදය සහ එය නියාමනය කළ යුතුයි යන පදනම් සියල්ලෙන්ම නිදහස් වීමක්. ඒක දැනට තියෙන අධ්‍යාපන නියාමන ක්‍රම, නීතිය වගේ හැම දේටම ඉහළින් පැවතීමට ඉල්ලන ඉඩක්. එතන ලොකු ගැටලුවක් තියෙනවා. ඒක වුණොත්, ඒ සමගම අනිත් හැම පෞද්ගලික අධ්‍යාපන ක්‍රමයකම 'විලාසය' වෙනස් වෙනවා.

      ව්‍යාපාරවල බලපෑම මත මහ බැංකුව වගේ තීරණාත්මක ආයතනයකත් දූෂණයට දොර ඇරුණු බව පේන රටක, සයිටම් ව්‍යාපාරය හැසිරෙන දූෂිත විදිහ නොතකා හරින්න බැහැ. මෙතන කැරකවෙන සල්ලි සහ ආධිපත්‍යයත් එක්ක, ඊලඟට රාජ්‍ය සරසවි පද්ධතිය සහ රෝහල් පද්ධතිය බිඳ වැට්ටවීමට සයිටම් සහ ඒ පිටිපස්සේ ඉන්න දේශපාලන අත ඉදිරිපත් වෙන එක වළක්වන්නත් බැහැ.

      ඒ වගේම පුද්ගලික ආයෝජන එක්ක රාජ්‍ය සරසවිවල ඉන්න හොඳ ගුරුවරු ඇද ගැනීම, රජයේ සරසවිවලින් එළියට එන දක්ෂයින් අවශෝෂණය කර ගැනීම අනිවාර්යයෙන් වෙනවා. රජයේ සරසවි අසාර්ථක කිරීම මගින් තමන්ගේ මාකට් එක පුළුල් කර ගැනීම මේ ව්‍යාපාරික සරසවිවලට කරන්නම වෙනවා. ඒවා වැළැක්වීමට අපිට යාන්ත්‍රණයක් නැහැ. මේ වගේ දූෂිත ආයතනවලට දූෂිත ක්‍රමවලින්ම ඉඩ ඇරීමට එකඟ වීම, සුපුන් කියන විදිහටම සල්ලි නැති අයට තියෙන එකම අවස්ථාවත් අහිමි කිරීමට දෙන පළවෙනි ඉඩ හැරීම. 'වෛද්‍ය සභාව අනුමත කළ' පොදු විභාගයක් ගෙනාවත් ඉන් සමත් වීමේ වැඩි අවස්ථාව පෞද්ගලික විශ්ව විද්‍යාලවලට ලැබෙන පරිදි තත්වය සකස් කිරීම එහි ඊලඟ පියවර වෙනවා.

      අපේ වගේ රටවල ව්‍යාපාර දේශපාලනය අල්ලා ගන්නවාම යි; එහෙම නැත්නම් ව්‍යාපාර කියන්නේ දේශපාලනයේ නව ස්වරූපය. අපේ රටේ අවංකව ස්වාධීන ආයතන නඩත්තු කළ හැකි සංස්කෘතියක්වත් පුරුද්දක්වත් පසුබිමක්වත් නැහැ. ගෙවා ඉගෙන ගැනීමේ ක්‍රම පටන් ගන්නවා නම් ඒක අපේ රටේ යම් තරමක් හෝ සාර්ථකව සහ සාධාරණව කරන්න පුළුවන් රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතිය එක්ක විතර යි. අධ්‍යාපන අවස්ථාවලට වැඩි ඉඩක් දීම සහ අධ්‍යාපනයත් ලාබ ලැබීමේ ව්‍යාපාරයක් කිරීම කියන්නේ දෙකක්.

      - අනුහස් විචිත්‍ර

      Delete
    3. එන්ගලන්තයේ කලකට පෙර උසස් අද්යාපනය දුන්නේ නොමිලේය. නමුත් 1988 දී පමන සුලු මුදලක් ගෙවීමේ ක්රමයක් හදුන්වා දී ඇත. එය ක්රමයෙන් වැඩි වී දැන් වසරකට පවුම් 9,000ක සීමාවේ ඇත. මෙය අඩු පොලියකට ගත හැකි වුවත් වසර පහක පාඨමාලාවක් අවසන් වන විට සාමාන්ය සිසුවකු පවුම් 45,000 පමන නය වී අවසානය. (හෙවත් ලන්කා රුපියල් ලක්ශ 90 පමන.)

      මෙය එන්ගලන්තයේ සිසුන්ටද විශාල ප්රමානයක නයක් ලෙස සැලකේ. දැන් එන්ගලන්තයේ අයට වැඩේ කෙලවී ඇති බව පෙනී තිබේ. (හෙවත් මෙම වැඩය සාදාරන නොවන බවත් නැවතත් අද්යාපනය නොමිලේ දියයුතු බවටත් කතිකාවක් ඇතිවෙමින් පවතී. තරුන කොටස් අතර ඉතා ජනප්රිය නායකයකු වන ජෙරමි කෝබින් පවසන්නේ කෝපරේශන් ටැක්ස් එක සුලු ප්රමානයකින් වැඩි කලහොත් සම්පූර්න යුනිවර්සිටි අද්යාපනයම නොමිලේ දිය හැකි බවයි.)

      එන්ගලන්තයේ දුප්පත් ලෙස සැලකෙන්නේ පවුම් 16000 පමන සීමාවයි. (හෙවත් වසරකට ලක්ශ 32 ට අඩු ආදායම් ලබන අය.) මේ සීමාව අනුව සැලකුවොත් ලන්කාවේ බොහෝ දෙනා හිගන්නන්ය. ඉහල ආදායම් ලබන එන්ගලන්තයේ පවා නොමිලේ උසස් අද්යාපනය පැත්තට යොමුවෙද්දී බොහොම අමාරුවෙන් එදාවේල කන ලන්කාවේ අයියලා සල්ලි ගෙවා යුනිවර්සිටි යාමෙන් අයිතිවාසිකම් සුරැකෙන බව කීම විහිලුවකි.

      Delete
    4. සයිටම් ආයතනය මහින්ද යුග‍යේ ඇරඹි එකක් බව අමුතුවෙන් ඔප්පුකළ යුතු නැහැ. එය හැමෝම පිළිගන්නවා. ඒ මෙරට අධ්‍යාපනය පුළුල් කිරීම සඳහා පුද්ගලික අංශයේ මැදිහත් වීම අගය කිරීමක් ලෙස. මෝඩ එජාප පාක්ෂිකයින් තම වාසියට වැල් බයිලා ගැහුවත් වෛද්‍ය මතු නොව, ඉංජිනේරු, කළමනාකරණ, තොරතුරු තාක්‍ෂණ ආදි නොයෙක් ක්‍ෂේත්‍රවල පුද්ගලික අංශ මැදිහත් වීම්වලට එවකට ඉඩ ලැබුණා. ඒ අනුව, ආදළ ක්‍ෂේත්‍ර ඉතා විශාල ලෙස පුළුල් වූ බව ද අවිවාදිතයි. වෛද්‍ය ක්‍ෂේත්‍රය අරබයා ද මෙවැනි ආයෝජන කිරීමේ ප්‍රතිපත්තිමය ගැටළුවක් මහින්ද රජයට තිබුණේ නැහැ. සයිටම් එහි ප්‍රතිඵලයක්.

      එහෙත් සයිටම් ආයතනයේ වෛද්‍ය වෘත්තිකයින් බිහි කිරීමේ ක්‍රියාවලිය ලංකාවේ පවතින නිර්ණායකයන්-මෙහි දී වෛද්‍ය සභාවේ පරාමිතීන් සපිරිය යුතුයි. එය අනිවාර්යයක්. එසේ ම එය ඔවුන්ගේ අත ඇති වගකීමක්. රජයට හෝ අධිකරණයට එහි කිසිදු කාර්යභාරයක් නැහැ. එසේ කර ගැනීමට සයිටම් සිසුන් පවා තම ආයතනයට බලකළ යුතු බවයි අපගේ මතය. ඒ හරහා ඔවුන්ට වෛද්‍ය සභාවේ අනුමැතිය ලැබීමේ ඉඩකඩ සැලසෙනවා.

      කෙසේ නමුත් වෛද්‍ය සභාවේ වෘත්තීය පරාමිතීන් අතික්‍රමණය කිරීමට රජය මැදිහත් නොවීමේ පදනම මත මෙබඳු ආයතන නියාමනය කළයුතුයි. එහෙත් වත්මන් රජය අනුගමනය කරන විකාර ක්‍රියා ඊට සපුරා වෙනස්. ඔවුන් වෛද්‍යවරු සමග ඇති "ඇරියස්" පිරිමසා ගැනීමට නීතිය (අව)භාවිත කරන්නට උත්සාහ කරන බව දක්නට හැකියි. අධිකරණය මීට හසු වෙයි ද? මෙය පටලවා ගෙන අයෙකු වෛද්‍ය සභාව අභිබවා යෑමට අධිකරණය යොදා ගන්නේ නම් එය වෛද්‍ය වෘත්තිය පමණක් නොව නීති වෘත්තිය පවා නොදැන ගන්න මුග්ධ පියවරක් පමණක් නොව ඉදිරි ප්‍රශ්න රාශියකට අතවනන්නක්.

      Delete
    5. // AnonymousFebruary 6, 2017 at 11:26 AM //

      විචක්ශන ඇනෝ තුමෝ,
      ඔබේ ආලෝචනය ඉතා වටිනා කරුනු රාශියකින් සමන්විතයි.. එය මෙහි පලකලාට ස්තූතියි.

      Delete
  7. වංචාව දූෂණය නැති කිරීමට පැමිණි වතමන් "යහපාලන" අණ්ඩුව වර්තමානය වන විට වංචාව, දූෂණය සහ භයානක හොරු කල්ලි කණ්ඩායම් රැසක් වට කරගත් තක්කඩි දූෂිත අශීලාචාර ආණ්ඩුවක් බවට පත් වී ඇති බව දූෂණ විරෝධී පෙරමුණ මාධ්‍ය හමු පවත්වා එහි උපදේශක කීර්ති තෙන්නකෝන් විසින් පැහැදිලිව පෙන්වා දුන්න සාරස.

    එහිදී වැඩිදුරටත් දැක්වූ අදහස්;

    “වංචාව දූෂණය නැති කරන්නට ආපු අණ්ඩුව අද වෙනකොට වංචාව දූෂණය සහ හොර කල්ලි වටකරගත්ත ආණ්ඩුවක් බවට පත්වෙලා තියෙනවා. අපිට ඉතාම පැහැදිලියි මේ රට මේ වෙකොට පහුගිය මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පරදවමින් ඊටත් වඩා බරපතළ ලෙස දූෂිතියන්ට අනුබල දෙන දූෂිතයින් ආරක්ෂා කරන ක්‍රියාවලියකට මේ රට තල්ලු කරගෙන යමින් තියෙනවා කියලා. එහි අංක එකේ උදාහරණය බවට පත් වෙලා තියෙන්නේ බැඳුම්කර පිළිබඳ කටයුත්ත. මේ බැදුම්කර සිදුවීම පිළිබඳව දූෂණ විරෝධි පෙරමුණ පෙරේදා පුවත්පත් නිවේදනයක් නිකුත්කරමින් අණාවරය කළා අර්ජුන් මහේන්ද්‍රන් මුදල් අමාත්‍යංශයේ පාර්ශවය නියෝජනය කරමින් රැස්වීම් වල වාඩිවෙලා කටයුතු කරනවා කියලා., මහ බැංකුවට උපදෙස් දෙන තැනකට මේ පුද්ගලයා කටයුතු කරමින් තිබෙනවා කියලා. මේ කාරණය ජනමාධ්‍ය ඊයේ වාර්තා කළ ට පස්සේ ඊයේ මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා ප්‍රකාශයක් නිකුත් කරනවා අර්ජුන් මහේන්‍ද්‍රන් මොනම ආකරයකට හෝ තනතුරක් දරන්නේ නෑ කියලා. ආචාර්ය සමරතුංග මහත්මයා ගැන ඔහුගේ මිත්‍රයෝ කයන විදිහට පළපුරුදු ගෞරවනීය කීර්තිමත් රාජ්‍ය නිලධාරියෙක් කියලා අපි හිතනවා. ඔහුගේ මිත්‍රයෝ කියන විදිහට ඔහු මහජන සුභසෙත උදෙසා කටයුතු කරන රාජ්‍ය නිලධාරියෙක් කියලා අපි විශ්වාස කරනවා.

    එහෙමනම් කිසිදු තනතුරක් නොදරන අර්ජුන් මහේන්ද්‍රන් කොහොම ද ලේකම්වරයා සහභාගිවන, මුදුල් අමාත්‍යවරයා කැඳවන , වත්මන් මහ බැංකු අධිපති වරයා , පාස්කරලිංගම් මහත්මයා, ඇතුළු කණ්ඩායම් සහභාගි වන රැස්වීම් වලට සහභාගි වෙන්නේ ?. මේකට උත්තරයක් දෙන එක සමරතුංග මහත්මයාගේ වගකීමක්. අපි ඉතාමත් අවධාරණයෙන් කියනවා අර්ජුන් මහේන්ද්‍රන් මහත්මය මේ තනතුරෙන් ඉවත් කළාට පස්සේ වත්මන් මහ බැංකු අධිපතිවරයා ඒ තනතුරට පත් කළා ට පස්සේ අර්ජුන් මහේන්ද්‍රන් මහත්මයා දිගින් දිගටම මුදල් අමාත්‍යංශය යටතේ අමාත්‍යංශ ලේකම් වරයාගේ භාරකාරිත්වය තියෙන මුදල් අමාත්‍යංශ ගොඩනැගිල්ලට ඇවිල්ලා අදාල ඇමතිවරයා සහභාගි වන, ලේකම් වරයා සහභාගි වන රැස්වීම් වල වාඩිවෙලා අද ඉන්න මහ බැංකු අධිපති කුමාරස්වාමි මහත්මාට උපදෙස් දෙන තැනකට ගියා. මේ ක්‍රියාවලිය පුවත්පත් නිවේදන නිකුත් කරලා හංගන්නට බෑ. මේ ක්‍රියාවලිය තව දුරටත් අද වෙනකොටත් මාධ්‍ය සෙල්ලම් වලින් යටපත් කරන්න බැරි තත්වයට ඇවිල්ලා තියෙන්නේ. අර්ජුන් මහේන්ද්‍රන් එන රැස්වීම් වල වාර්තා, ලේඛන ලිපිගොනු හංගලා තියන්න උත්සහ කළාට මේ සත්‍යය සියලු දෙනා දන්නා කාරණා.

    ReplyDelete
    Replies
    1. මලික් සමරවික්‍රම අමාත්‍යවරයා පාර්ලිමේන්තු වරප්‍රසාද පාවිච්චි කරලා කිව්වා "තනතුරින් ඉවත් කළාට පස්සේ අර්ජුන මහේන්ද්‍රන් කිසිදු තනතුරක් දැරුවේ නෑ" කියලා . හැබැයි 2016 ජුලි 11 වනදා හවස 5ට ආර් පාස්කරලිංගම්, අමාත්‍යංශ ලේකම් ආචාරය සමරතුංග, සමඟ මොනිටර් බෝර්ඩ් එකට කලින් තමයි මේ රැස්වීම තියන්නේ. ලංකාවේ මුල්‍ය රැස්වීම් වල පළවෙනිම තැන මූල්‍ය මන්ඩලයට කලින් දවසේ තියෙන මේ රැස්වීමට අර්ජුන් මහේන්ද්‍රන් සහභාගි වෙනවා. ඒ සඳහා වන ලේඛන තියෙනවා මෙතන 6 වෙනියට නම් සඳහන් වෙන්නේ අර්ජුන් මහේන්ද්‍රන් ගේ. මේ අර්ජුන් මහේන්ද්‍රන් මේ රැස්වීමේදී මොකක්ද කළේ? මේක රටට කිව යුතුව තිබෙනවා. Anti-Corruption Front අපි අපේ පුවත්පත් නිවේදනයේ පළකරා ඒ වගේම ජනාධිපතිවරයා වෙත යොමු කරපු ලිපියේ සඳහන් කළා අවසාන වශයෙන් 2017 ජනවාරි 6 පෙරවරු 11ට මුදල් අමාත්‍යංශයේ රැස්වීමක් තිබ්බයි කයලා.

      මේකට තමයි උත්තර දෙමින් කියන්නේ මේ විදිහට තනතුරක් දරන්නේ නෑ කියලා. ඔබට මතක ඇති Economic Sub Committee එකේ අර්ජුන මහේන්ද්‍රන් වාඩි වෙනවයි කියපු කාරණාව ඒකාබද්ධ විපක්ෂයත්, තවත් කණ්ඩායම් කිහිපයක් විසිනුත් මතුකරාම එදා ඉඳලා මේ රැස්වීම් වලට යනකොට අර්ජුන් මහේන්ද්‍රන් මහතා ඔහුගේ නම පැමිණිමේ ලේඛණයේ ඇතුළත් කරන්නේ නෑ. හැබැයි ඔහු අර රැස්වීමේ ඇමතිවරයාට තියෙන පුටුවට යාබද පුටුවේ වාඩිවෙනවා. මේක තමයි දිගින් දිගටම කරපු ව්‍යහාරය බවට පත්වුනේ. ඊට පස්සේ ඉතාම විහිලු සහගත තැනක් තියෙනවා 2016 නොවැම්බර් 1 වනදා තිබ්බා රැස්වීමක් මුදල් අමාත්‍යංශයේ. මේකේ මිනිට්ස් වල 13/1 යටතේ තියෙනවා එක එක රාජකාරි පැවරුවාම ඒවා ඉටුකළයුතු පුද්ගලයෝ සඳහන් කරලා. ඒ ලේඛනයේ පවා අර්ජුන් මහේන්ද්‍රන් පිළිබඳ සඳහන් වෙනවා. 2016 ජුලි 25 මුල්‍ය මන්ඩලය රැස්වෙන්න, ආපහු බැඳුම්කර ගණුදෙනුවකට යන්න, විදේශ විනිමය අනුපාතයන් තීරණය කරන්න, මයික්‍රො ඉකොනොමික්ස් පිළිබඳ තීරණ ගන්න දවස් කීපයක්ට කලීන් පැවැත්වු රැස්වීමක්. මේකේ මුලින්ම නම තියෙන්නේ මුදල් අමාත්‍ය රවී කරුණානායක ගේ, දෙවනියට මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාර්ස්වාමි ගේ ඊට පස්සේ අර්ජුන් මහේන්ද්‍රන්ගේ නම තියෙනවා. හැබැයි මේ මහබැංකුවේ අනිත් ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගේ නම් වලට කලින් අර්ජුන් මහේන්ද්‍රන්ගේ නම මේ සටහනේ සඳහන් කරලා තියෙනවා. "මේ රටේ තවත් අර්ජුන් මහේන්ද්‍රන් කෙනෙක් ඉන්නවාද ?" කියන එක අපිට අහන්න සිදු වෙනවා මේ තත්වය දිහා බැලුවම ඉතා පැහැදිලිව අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ධුරයෙන් ඉවත් කළේ ඔහුට එරෙහිව ඉදිරිපත් වෙලා තිබුණ චෝදනා නිසා. ශ්‍රී ලංකා මහ බැංකුව ඉතාදැවැන්ත අර්බුදයකට අර්ජුන් මහේන්ද්‍රන් විසින් ගෙනිහිල්ලා තියෙනවා විතරක් නෙවෙයි යහපාලන රජය මුළුමනින්ම අර්බුදයකට ගෙනියන්න මේ බැඳුම්කර වංචාවත් ඒකට කේන්ද්‍රගත වෙච්ච අර්ජුන මහේන්ද්‍රනුත් හේතු වෙලා තියෙනවා. අද වෙනකොට මේක තවදුරටත් වසාගන්නට බැරි තත්වයකට පත්වෙලා තියෙනවා. මේ අණාවරණයන් අද වෙනොට මේ ආණ්ඩවේ නිළධාරින් මේ බොරුව වසාගන්නට දරන උත්සාහයින් මොනවාද?

      Delete
    2. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තාමේන්තුව මාද්‍ය නිවේදනයක් නිකුත් කරනවා හිල්මි මොහොමඩ්ගේ අත්සනින්. ඒකේ කියනවා "සිරස" මාධ්‍ය ආයතනයට “පාර්ලිමේන්තු වරප්‍රසාද යටතේ කටයුතු කරනු ලැබේ “කියලා. වැරැද්දක් තියෙනවා නම් හදන්න, ගිහිල්ලා නැත්තම් නෑ කියන්න. මේ විදිහට තර්ජනය කරලා මේ වැඩේ කරන්න බෑ. මේ පුවත්පත් නිවේදනයට පාදක වෙන ක්‍රියාවලිය ආරම්භ වෙන්නේ පෙරේදා. පෙරේදා උදේ වරුවේ. ජනාධිපතිවරයාට දූෂණ විරෝධි පෙරමුණ මේ ලිපිය යොමු කරන්නේ පෙරේදා.ඒකට උත්තර දෙන්න මොනම ආකාරයක හෝ හැකියාවක් නෑ. මේ සත්‍ය කරුණ වසන්නට මුකුත්ම හැකියාවක් නෑ. දැන් අන්තිමට කියනවා ජනමාධ්‍යයට පාර්ලිමේන්තු වරප්‍රසාද යටතේ කටයුතු කරනවා කියලා. මොකක්ද මේ කියන්නේ? මේ පාර්ලිමේන්තු වරප්‍රසාද පාවිච්චි කරලා අපි දන්නවා එක කාලෙක ලේක් හවුසියේ හිටපු පිලිප් කුරේ ඇතුළ පිරිසකට දඩුවම් පැමිණවුවා. මේ ක්‍රියාවලිය ආපහු ගේනවා කියලද මේ කියවෙන්නේ. මේ වැරැද්ද කරලා තියෙන්නේ මාධ්‍ය ආයතන ද ?

      මේ බැදුම්කර වංචාවට අදාල සියලු කරුණු විගණකාධිපති වරයා විසින් සහ විවිධ පාර්ශව විසින් මේ වනවිට හෙළිදරව් කරලා තියෙනවා. මේ පට්ටපල් බොරුව වහන්න මාධ්‍යයට තර්ජනය කරලා. බොරු කරුණු කාරණා දක්වලා රැස්වීම් වලට එයා වෙන විදිහකට ගෙනිහින් තවමත් ඒ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරලා මේක කරන්න බෑ.

      අද විගණකාධිපතිවරයා ඉතාම දැඩි පීඩනයකට ලක්වෙලා තියෙනවා මේ ක්‍රියාවලීන් දෙකක් නිසා. පළවනි කාරණය තමයි බැඳුම්කරේ.මේ බැඳුම්කරේ ඉතිහාසය පුරාම හොයාගන්න මේ වනවිට දැවැන්ත මෙහෙයුමක් ක්‍රියාත්මක වෙමින් තියෙනවා. UNP පාර්ලිමේන්තු මන්ත්‍රි වරයෙක් කිව්වා මේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ කාළෙත් මේ පර්පචුවල් ටෙෂරීස් එකේ දූෂණ වංචා අක්‍රමිකතා තිබුණයි කියලා. මේ ආණ්ඩුව බලයට පත්කලේ මේ රටේ ජනතාව මේ දූෂණ හොයන්නට තමයි. මේ දූෂණ හොයන එක නවත්වලා, මේ දූෂණ කරන හැටි අධ්‍යයනය කරලා ඒ දුෂණ ඊට වඩා දහ දොළෙස් ගූණයකින් කරන තැනකට මේ බැදුම්කරය සහ ගල් අඟුරු කියන මේ රටේ දුෂිතම ගණුදෙනු දෙක මේ රජය අරගෙන ඇවිල්ලා තියෙනවා. තවදුරටත් මේක වසන්නට බැරි බව මේ කාරණය වසන්නට උත්සහ කරන පුද්ගලයින්ටත් මේකට තර්ජනය කරන පුද්ගලයින්ටත් අපි අවධාරණය කරනවා.

      Delete
    3. // දූෂණ විරෝධී පෙරමුණ මාධ්‍ය හමු පවත්වා එහි උපදේශක කීර්ති තෙන්නකෝන් විසින් පැහැදිලිව පෙන්වා දුන්න සාරස. //

      ඔයි කීර්ති තෙන්නකෝන් කියන්නෙ කිරිඇල්ල ඇමතිතුමා විසින් කැලණි විශ්වවිද්යාලෙ සනාතන සබාවට පත් කරන්න කියලා ලියුමක් දීපු හාදයා නේද ගරු ඇනෝ තුමෝ?

      Delete
    4. අනෙත් කාරණය මේ ආණ්ඩුව වැටිලා තියෙන දෙවන නරා වල තමයි ගල් අඟුරු වංචාව. මේකේදි කෝටි 12ක් වැඩියෙන් ගල් අඟුරු ගේන්න හොරකම් කරන්න අත්සන යොදන්න බෑ කිව්ව මෛත්‍රී ගුණරත්ත සභාපති වරයා තනතුරින් ඉවත් කරනවා.

      ඔහු පත් කලේ කවුද ? ජනාධිපතිවරයා. මේක භාරව ඉන්න අමාත්‍යවරයා කවුද රංජිත් සියඹලාපිටිය අමාත්‍යවරයා. මේක භාරව ඉන්න නියෝජ්‍ය ඇමතිවරයා, රාජ්‍ය ඇමති වරයා අජිත්. පී . පෙරෙරා.

      අපි දන්නවා මේ යහපාලන රජයේ සාමන්‍ය චර්යාව වෙලා තියෙන්නේ එජාපයේ සහ ශ්‍රී ලංනිපයේ ඇමතිවරයා සය නියෝජ්‍ය ඇමතිවරයා දැම්මට පස්සේ නයි මුගටි වගේ කෝලහල කරගන්නවා.

      එහෙම කෝලහල කරගන්නේ නැතුව රයිගමයයි ගම්පලයයි වගේ ඉන්න එක අමාත්‍යංශයයි තියෙන්නේ. ඒ තමයි විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය. මේ රයිගමයියි ගම්පලයයි වගේ මේ අමාත්‍යංශයේ ඇමතිවරු දෙන්නට ඉන්න පුළුවන් වෙලා තියෙන්නේ අර ගල් අඟුරු වල තියෙන ඇලෙන ස්වභාවය නිසා. මේ ඇලීම හදලා දෙන්නේ අමාත්‍යංශ ලේකම් අචාර්ය බටගොඩ.

      මේ බටගොඩ මහත්මයාගේ ක්‍රියාවලිය කරන්න ඔහු උකසට තියන්නේ මේ රටේ ජනතාවගේ මුදල්. ඔහු නොමග යවනවා කියන්නේ මේරටේ විගණකාධිපතිවරයා සහ ශ්‍රේෂඨාධිකරණය කියන්නේ මේ රටේ කැබිනට් මණ්ඩලය. ජනාධිපතිවරයා ඔහු විසින්ම පත්කරපු ටෙන්ඩර් ප්‍රසම්පාදන අභියාචනා කමිටුවේ තීරණය පැත්තකට දාලා කැබිනෙට්ටුව නොමඟ යවලා කියලා ශ්‍රේෂඨාධිකරණය කියන කොට මේ සියල්ලම කරපු පුද්ගලයා අර ඇමතිවරයා සහ නියෝජ්‍ය ඇමතිවරයා අලවලා තියාගන්න ගල් අඟුරු පාවිච්චි කරනවා වගේ මේ රටේ ජනතාවගේ ධනය මංකොල්ල කන්න ඉඩදීලා බලාගෙන ඉන්නවා. මේ ක්‍රියාවලියද අපි අපේ රටට බලාපොරොත්තු වුන යහපාලනය?

      Delete
    5. අනික් අතට මේ සියල්ලම ඉතාම ලැජ්ජාසහගත විදිහට සිද්ධ වෙනකොට අනික් පැත්තෙන් අපිට ඉතාම සුන්දර චිත්‍රයක් මවමින් ඉන්නවා දේශපාලන ප්‍රතිසංස්කරණ හිංදා අද එනවා හෙට එනවා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් එනවා මැතිවරණ සංශෝධනයක් එනවා කියලා චිත්‍රයක් පෙන්වලා මේ සියලුම හොරකම් ගැන කථා කරන්න එපා, හොරකම් ගැන කථාකරාම අපේ ආණ්ඩුවට රිදෙනවා කියනවා. හොරකම් නොකරන ආණ්ඩුවක් නම් හොරකං ගැන කථාකරනකොට රිදෙන්න විදිහක් නැහැනේ? අපරාධ ගැන මතක් කරාම රිදෙන්නේ කොහොමද? වැලිකඩ ගැන මතක් කරාම ඒ සිද්ධියට සම්බන්ධ පුද්ගලයින්ට රිදෙන්න ඕන. හැබැයි මේ වෙනකොට ඒ රිදෙන පුද්ගලයෝ රැකගන්න කටයුතු කරමින් ඔවුන්ගේ ආරක්ෂකයො බවට පත්වෙලා තියෙන්නේ එක්සත් ජාතික පක්ෂයෙත් ශ්‍රී ලංනිපයෙත් ඉන්න දේශපාලඥයෝ කණ්ඩායම සහ නිලධාරි කණ්ඩායම. මෙනන මෙ අභියෝගය තේරුම් ගැනීම මේ රටේ සිවිල් සංවිධානවොල වගකීම වෙනවා.අද වෙනකොට මේ රටේ සිවිල් සංවිධාන වලට ඇතිවෙලා තියෙන ඛේදජනක තත්වය තමයි ගල් අඟුරු වංචාවේ ඒක අණාවරණය කරපු පුද්ගලයා ඉවත් කරන කොට ඒ වෙනුවෙන් කටක් ඇරලා කථාකරන්න බැරිවෙලා තියෙනවා. අර්ජුන් මහේන්ද්‍රන් ගිහිල්ලා මුදල් අමාත්‍යංශයේ රැස්වීම් වල වාඩිවෙලා මහ බැංකු අධිපතිවරයාට උපදෙස් දෙනකොට ඒක වැරදියි කියන්න අද ඉන්න සිවිල් සමාජ සාමාජිකයින්ට බැරි වෙලා තියෙනවා ඒ ගැන කථා කරන්න. මෙන්න මේ අර්බුදය ඉතාම පැහැදිලිව අපි ජයගත යුතුව තිබෙනවා.

      Delete
    6. Dr. Sa Rasa,

      //ඔයි කීර්ති තෙන්නකෝන් කියන්නෙ කිරිඇල්ල ඇමතිතුමා විසින් කැලණි විශ්වවිද්යාලෙ සනාතන සබාවට පත් කරන්න කියලා ලියුමක් දීපු හාදයා නේද ගරු ඇනෝ තුමෝ?//

      Answer: We (Anti-Corruption Front) would plead the Fifth (Amendment)

      Usage notes: The Fifth Amendment is the part of American law that says someone does not have to answer questions about themselves in a law court.

      Delete
    7. // AnonymousFebruary 6, 2017 at 1:32 AM

      Dr. Sa Rasa,

      //ඔයි කීර්ති තෙන්නකෝන් කියන්නෙ කිරිඇල්ල ඇමතිතුමා විසින් කැලණි විශ්වවිද්යාලෙ සනාතන සබාවට පත් කරන්න කියලා ලියුමක් දීපු හාදයා නේද ගරු ඇනෝ තුමෝ?//

      Answer: We (Anti-Corruption Front) would plead the Fifth (Amendment) //

      That is a good one Mr Ano sir!

      Delete
  8. කුහකත්වයෙන් පාට කණ්නාඩි දැමු සියළු දෙනාගේ ඇස් ඇරෙන්නට මෙවැනි යතාර්ථවාදී කරුණු දැක්වීම් හේතුවාසනා වේවා....!

    ReplyDelete
  9. සාරස, අර්ජුන් කාරය රෝයලිස්ට් ද හිටන්?

    ReplyDelete
  10. යහපාලනේ පාඩු නෑ වගේ..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. මම ඔයාට ලක්ස දහයක් වටින කමිසයක් අරන් දෙන්නද හිටන්?

      Delete
  11. මොනවා උනත් යහපාල නයා ආණ්ඩුව මේ අසරණ මනුස්සය ගැන හිතල කන්න බොන්න අඳින්න පළදින්න විතරක් නෙමෙයි ලෑම සඳහාත් අත දිග ඇරලා වියදං කරලා තියෙනවා හිටං...

    ReplyDelete
    Replies
    1. ආයෙ මොනාද... මෑන්සුත් අත දිගඇරල කාල බීල තියෙනව වගේ....

      Delete
  12. ඒ උනාට ඔය සල්ලි, මැද පෙරදිග ගියපු අහින්සකයො එවන සල්ලිවත් ඈත දුප්පත් මිනිහ සීනි සීයක් ගන්නකොට කැපෙන බදු සල්ලිවත් නම් වෙන්න බෑ කොහොමටවත්ම.
    ඕව මහ බැන්කුවෙම සල්ලි.

    ReplyDelete
    Replies
    1. අනිවා...
      සල්ලි අච්චු ගහන්නෙත් එයාලමයි නේ හිටන්?

      Delete
  13. අන්න බලන්න සරසා තුමා,

    දැක්කද වැදගත් හොරු හැසිරෙන විදිය, රනිල් ගේ හොරු වැදගත් විදියට ගොරකම් කරන කොට මහින්දගේ හොරු ඉතා නොවැදගත් විදියට තමා හොරකම් කරලා තියෙන්නේ හිටන්, මහින්දගේ හොරු හොරකම් කරලා තියෙන්නේ ගිණුම් ගත නොවෙන විදියට.

    මෙන්න ඔවුන් හොරකම් කරන මහත්මා ආකාරය https://www.youtube.com/watch?v=mkrk6gAxKDQ
    මෙහෙමෙ හොරකම් සහ පාදඩ වැඩ කරපු https://www.youtube.com/watch?v=43uytOxyKLQ
    ලොක්කෝ සෙට්එකක් තමයි මහින්ද දිනවන්න යන්නේ.

    හැබැයි ලොක්ක පෙන විදියට මේ වැඩ ගිණුම් වලට යන්නේ නෑ නේද ?

    අපි රනිල් ගේ හොරු එලවල මහින්දගේ පාදඩ හොරු ගෙන්න කියලද කියන්නේ හිටන්?

    ReplyDelete
    Replies
    1. // අපි රනිල් ගේ හොරු එලවල මහින්දගේ පාදඩ හොරු ගෙන්න කියලද කියන්නේ හිටන්? //

      නැතුව නැතුව හිටන්..

      ප ලි: ඔයා අපට බලන්න කියන්නෙ රනිල් ගේ බච්චො හදාපු බොරු වීඩියෝ!

      Delete
    2. //ප ලි: ඔයා අපට බලන්න කියන්නෙ රනිල් ගේ බච්චො හදාපු බොරු වීඩියෝ!//

      සරසා තුමා ඔය උඩ අස්සන් කරන්න කියල කියන වීඩියෝව ගැන ප්‍රසන්නගේ සහෝදරයෙක් වෙන සංජිව ගෙන් බන්දුල ජයසේකර පැතිකඩ වැඩසටහනේදී ඇහුව, එහිදී ඔහු කිව්වා තම සහෝදරයා මේ කරපු දේ ගැන කණගාටුවන බව සහ ඔහු පිළිගත්තා තම සහෝදරය මෙය කල බව.

      මේක තමයි සරසා තුමා කියන්නේ මේ දේසපාලුවෝ ගැන තමන් පක්ෂග්රාහි උනාම ඇස් අන්ද වෙනවා කියල.

      මේක මහින්දගේ විතරක් නෙමෙයි යහපාලනය ගැන වැඩ කරපු මාතත් ඔය වැඩේ ම කරනවා

      මේ තියෙන්නේ ඔහු නිදහස ගැන මම ලියපු කොමෙන්ටුවකට ඔහු දුන්න පිළිතුරයි
      //

      Maathalan - Priyantha HewageFebruary 2, 2017 at 11:26 PM
      වීරවංශ කල්ලියේ කිසිවකු හෝ විසින් ලංකා සිතුවිලි අපහරණයට ලක් කොට ඇත..

      මගේ පෝස්ට් එකට වඩා මිනිස්සු හිනා වෙයි උඹේ කොමෙන්ට් එක කියවලා..//

      ඇත්ත අතිසැටියෙන් බලන්න හැකි උපරිම ලෙස පුරුදු කරගන්න බැරිනම් අපට මේ දෙසපලුවන්ට දැන හෝ නොදැන කඩේ යන්න වෙනවා.

      Delete
    3. දැන් මේ යහපාලන ආන්ඩුව ඇවිත් අවුරුදු දෙකයි... සෑම විදියකින් ම FCID වගේ ආයතන පටන් අරන් ඒගොල්ලො දේසපාලන සතුරෝ දඩයම් කරනවා...

      එහෙම සන්දර්භයක් තුල දී ඔබතුමා පෙන්නුවා වගේ බරපතල වැරැද්දක් කරලත් ප්‍රසන්න තාම හිරේ නොගිහින් ඉන්නේ

      A. එක්කෝ එයා ට කරන මේ චෝදනාව අමු බොරුවක්.. නැත්නම්

      B. එයා යහපාලනේට බිලියනයක විතර කප්පමක් ගේවලා බේරිලා ඉන්නවා...

      pick A or B.. choice is yours!

      Delete
    4. "pick A or B.. choice is yours!'
      That seems to be a confusion lot of people have , since I know some of these Toyya's and Baiyas (not the people who vote but the once who manage to get in to the parliament) let me enlighten you on this This is a big FUC..KING CLUB they just want to fool people like you and me.

      At the end of the day most of them are very good friends.
      Some time when I meet these people, I feel sorry for you guys (Sarasa thuma and people like Maraya) you think Mahinda rajapaksha and Ranil wikramasinha are arch rivals, well my friend you are badly mistaken they do have certain rivelry but they are putting a fantastic show and you guys are getting cheated all the time.

      Delete
    5. // but they are putting a fantastic show and you guys are getting cheated all the time. //

      Are you sure that I'm not one of THEM my friend?

      Delete
    6. Lankika & Sa rasa,

      Thanks for posting such funny videos. I'll post more here, what about these;

      https://www.youtube.com/watch?v=eQbTsYjqGJ0
      https://www.youtube.com/watch?v=cMnCkegosHc
      https://www.youtube.com/watch?v=yd0hvB4BZ4g
      https://www.youtube.com/watch?v=YRJBgK_5eiI
      https://www.youtube.com/watch?v=jKCqcl1XrUQ

      Delete
    7. මචන් ලාංකික සිතුවිලි

      මේ වීඩියෝ එක බලපන් බන්, මේකෙ මේ සාරස ගොං මෝලලගෙ දෙයිය වෙච්චි මරා ගොයියගෙම නියම හෙලුව පෙන්නන පට්ට වීඩියෝ එකක්;

      https://www.youtube.com/watch?v=k2GDVWet8oo

      https://www.youtube.com/watch?v=-yYcKkDKTjY

      අන්තිම වෙනකම්ම බලහන්, මරාගෙ රෙදි කැලේ

      Delete
    8. // AnonymousFebruary 6, 2017 at 9:01 AM

      මචන් ලාංකික සිතුවිලි

      මේ වීඩියෝ එක බලපන් බන්, මේකෙ මේ සාරස ගොං මෝලලගෙ දෙයිය වෙච්චි මරා ගොයියගෙම නියම හෙලුව පෙන්නන පට්ට වීඩියෝ එකක්; //

      :D

      Delete
    9. Saa rasa/ Laankika Sithuwili

      මේ වීඩියෝ එක බලන්න, ලංකාවේ 1948 නිදහස ගැන කියන වටිනා විස්තරාත්මක කෙටි වාර්තා චිත්‍රපටියක් වාගෙයි.

      https://www.youtube.com/watch?v=N3a6SmrDayo&app=desktop

      Delete
    10. // AnonymousFebruary 6, 2017 at 8:43 AM

      Lankika & Sa rasa,

      Thanks for posting such funny videos. I'll post more here, what about these; //

      :D

      Delete
    11. // AnonymousFebruary 6, 2017 at 9:37 AM

      Saa rasa/ Laankika Sithuwili

      මේ වීඩියෝ එක බලන්න, ලංකාවේ 1948 නිදහස ගැන කියන වටිනා විස්තරාත්මක කෙටි වාර්තා චිත්‍රපටියක් වාගෙයි. //

      හ්ම්ම්

      Delete
  14. "කෑම සඳහා මිලියන 3.6 ක්"

    මා සන්මිත්‍ර ගරු සරසතුමනි,

    මේ මනුස්සයා පුදුම කෑමක් නො වැ කා තිබෙන්ණේ !!!

    අර්ජුන් මේ විගඩම් වැඩවලින් අපහාස කරන්නේ ශ්‍රේෂ්ඨ රාජකීය විද්‍යාලයටත් බැලියෝල් විද්‍යාලයටත් වීම නම් මහත් කනගාටුවකි. එම කනගාටුව තවත් වැඩි වන්නේ ඔහු බැලියෝලයේ දී දර්ශනය ද උගත් බැවිනි. අර්ජුන් දක්ෂයකු බව නම් මම පිළිගනිමි. එහෙත් පුද්ගලයකු දක්ෂ වීම පමණක් ප්‍රමාණවත් නැත. එනිසා අර්ජුන්ගේ දක්ෂතා දැන වුව මම අර්ජුන්ට අප්‍රසාදය පළ කරමි. ඔහු පිළිබඳ ඔහුගේ හිතවතුන් තැබූ විශ්වාසය ඔහු ඉතා රුදුරු ලෙස බිඳ දමා ඇත.

    මම විභූතිගේ වාචාල කතා නම් නො සලකා හරිමි. එහෙත් ඔබතුමා පවසන තතු නිවැරදි බව අර්ජුන් විසින් ම පිළිගෙන ඇති බව සත්‍යයකි. ඔහුට නිසි දණ්ඩනයක් නියම විය යුතු ය. දැනට ක්‍රියාත්මක කර ඇති බව පැවසෙන දණ්ඩනය නම් විසුළුවකි. එය අරුම පුදුම වැඩ තහනමකි. මගේ අදහස නම් මෙම අකටයුත්තට වික්‍රමසිංහයන්ගේ අනුමැතියක් තිබූ බව ය. එය මගේ අදහසක් පමණි.

    ගරු සරසතුමනි, රාජ්‍ය ආයතනවල මූල්‍ය රෙගුලාසි පිළිබඳ කාර්යක්ෂමතා කඩඉම් විභාගය සමත් ඔබතුමා ද හොඳින් දනී. නීතිය පිළිබඳ හසළ ප්‍රවීණයකු වන වික්‍රමසිංහයන් මූල්‍ය රෙගුලාසි නො දනිති යි සිතන්නට නොහැකි ය.

    ගරු සරසතුමාගේ මෙම වියුණු සටහන මම මහත් සේ අගයමි. ඔබතුමා ඔබතුමාගේ ආරක්ෂාව පිළිබඳ සැලකිලිමත් විය යුතු බව මම නැවත පවසමි. මාමා යුනුස්ගේ කට කැපුවේ කාටුනයක් ඇඳි නිසා ය. බෑනා පිළිබඳ ද දැන් නම් මගේ එතරම් විශ්වාසයක් නැත. එදවස සිටි සොත්ති උපාලි වැන්නවුන් වෙනුවට මෙදවස වියුණු චණ්ඩියෝ ද මතු ව සිටිති. එවැන්නකු වරක් මට පැවසූයේ යුරෝපයට පිල්ලියක් එවා මා නසන බව ය. එසේ කීවේ කලක් භෞතිකවාදියකු ව සිටි අයෙකි!

    ගරු සරසතුමාගේ අදීන වියුණුකරණයට මගේ ශීර්ෂප්‍රණාමය පුදමින් මම දැනට නවතිමි.

    බන්‍ධුල කුදලාගම,
    සදම්ටනය.

    ReplyDelete
    Replies
    1. මේ පිට කසන කැසිල්ලෙ හැටියට බන්‍ධුල කුදලාගම කියලා පෙනී හිටින්නෙත් සාරසයාමද මන්දා...
      උන්නැහේටත් සාරසයට තියන ගෝත්‍රික ලෙඩ ටිකයි පට්ට මරාවාදයයි අම්බ බයි ගතියයි ගෙඩිපිටින්ම තියන බව මෑන්ස්ගෙ ආලෝචන වලින්ම පෙනෙන නිසයි
      එහෙම කිව්වේ.
      SAITM එකට ජයවේවා.. කුහක දොස්තර කල්ලිය බන්ග වේවා!

      Delete
    2. අති ගරු කලානිධි බන්‍ධුල කුදලාගම මැතිතුමනි,

      ඔබගේ ආලෝචනයට ඉතාම ස්තූතියි.

      ඔවු, අර්ජුන් දක්ශයෙකු බව අවිවාදිතයි. ඒ වගේම ඔහු විර්ක්‍රමසින්හ වාදියෙක්.

      // නීතිය පිළිබඳ හසළ ප්‍රවීණයකු වන වික්‍රමසිංහයන් මූල්‍ය රෙගුලාසි නො දනිති යි සිතන්නට නොහැකි ය //

      මටත් සිතෙන්නේ අද ඔහු ට කර ගැසීමට සිදු ව තිබෙන්නේ රනිල් - මලික් සහ චරිත සුසන්යෝගයේ පාපකර්ම වලටයි! අනාගත බල පෙරලියකදී ඔහුට ගෙවන්නට වන්නේ එම පාපකාරී සුසන්යෝගයේ කර්ම වලටයි.

      Delete
    3. // AnonymousFebruary 6, 2017 at 2:06 AM

      මේ පිට කසන කැසිල්ලෙ හැටියට බන්‍ධුල කුදලාගම කියලා පෙනී හිටින්නෙත් සාරසයාමද මන්දා... //

      ගරු මුග්ධ ඇනෝ තුමනි,

      අතිගරු කලානිධි බන්‍ධුල කුදලාගම තුමන් ගේ ශිල්ප ඤානය සහ එතුමා ගේ භාශා ඤානය සලකා බලන විට සරස තුමාට එම තත්වය තව ආත්ම විසි තිස් ගනනක් නැවත ඉපදී වුවද ලබා ගත නොහැකි බව කරුනාවෙන් සලකන්න!

      Delete
    4. භාෂා ඥානය කියලා ලියන්න සරස තුමනි.

      තත්ත්වය

      Delete
    5. // AnonymousFebruary 6, 2017 at 7:34 AM

      භාෂා ඥානය කියලා ලියන්න සරස තුමනි.

      තත්ත්වය //

      මා නිවැරදි කලාට ඔබට දහස් වරක් ස්තූතියි ගරු විචක්ශන ඇනෝ තුමනි.


      ............................................


      // AnonymousFebruary 6, 2017 at 2:06 AM

      මේ පිට කසන කැසිල්ලෙ හැටියට බන්‍ධුල කුදලාගම කියලා පෙනී හිටින්නෙත් සාරසයාමද මන්දා... //

      ගරු මුග්ධ ඇනෝ තුමනි,

      අතිගරු කලානිධි බන්‍ධුල කුදලාගම තුමන් ගේ ශිල්ප ඥානය සහ එතුමා ගේ භාෂා ඥානය සලකා බලන විට සරස තුමාට එම තත්ත්වය තව ආත්ම විසි තිස් ගනනක් නැවත ඉපදී වුවද ලබා ගත නොහැකි බව කරුනාවෙන් සලකන්න!


      Delete
  15. ගරු සරසතුමනි,

    අනුමැතියක් යන්න අනුමතයක් ලෙස නිවැරදි කරමි.

    බන්‍ධුල කුදලාගම,
    සදම්ටනය.

    ReplyDelete
  16. අර්ජුන් කාරයත් සම්මාන දෙන ඉන්ටර්පෝල් හොරා වගේ පොරක් වෙයිද
    සරාසෝ!!!!!

    ReplyDelete
    Replies
    1. ඇත්තටම කියනවානම් අර්ජුන් මහේන්ද්‍රන් එක්ක සසඳනකොට සම්මාන දෙන ඉන්ටර්පොල් කාරයා හරියට අස්සයට ලාඩම් ගහනකොට කකුල උස්සපු මැස්සා වගේ නේද ගරු ඇනෝ තුමෝ?

      Delete
  17. Replies
    1. එයා හොරුන් අතර වැදගත් කෙනෙක් නිර්මානී නෝනේ...

      Delete
  18. සාරස සහ ලාංකික සිතුවිලි,

    මේ වීඩියෝ එක බලන්න, ලංකාවේ නිදහස ගැන කියන වටිනා විස්තරාත්මක කෙටි වාර්තා චිත්‍රපටියක් වාගෙයි.

    https://www.youtube.com/watch?v=N3a6SmrDayo&app=desktop

    ReplyDelete
  19. එයාමයිල් නෙමෙයි දතෝ පුකේමයිල්ද

    ReplyDelete
    Replies
    1. @ Anonymous February 6, 2017 at 10:30 AM

      ඔහේ හොර ඔප්පු ලේඛක තුමාද?

      Delete
    2. // AnonymousFebruary 6, 2017 at 10:30 AM

      එයාමයිල් නෙමෙයි දතෝ පුකේමයිල්ද //

      ඇත්තම තමයි... ඔහේ හොර ඔප්පු ලේඛක තුමාද නැත්නම් ගරු සිසිපියා තුමාද හිටන්?

      Delete
    3. // AnonymousFebruary 6, 2017 at 11:52 AM

      @ Anonymous February 6, 2017 at 10:30 AM

      ඔහේ හොර ඔප්පු ලේඛක තුමාද? //

      ප්‍රඥ්ඥාවත් ඇනෝතුමනි,
      ඔබට ස්තූතියි හිටන්.

      Delete
  20. සා රස තුමෝ.

    උබ දන්නවනේ මම මහින්ද ට කොහොමත් අකමැතියි කියල. ඒ වගේම අර කියන ජනවාරි "හුක්"පලයට චන්දය නොදැම්මත්, හිතෙන් යහපාලනයට කඩෙත් ගිහිං හිටං දැන් නැට්ට පුකේ ගහගත්ත බල්ලා වගේ කියලත් (මම පැත්ත ගියත් ඇත්ත කියනවා හිටං ).

    බැඳුම්කරේ අංක සෙල්ලම කොහොම උනත් අර්ජුන් අයිය පෞද්ගිකව ගහපු ගැහිලි වල ෆුල් ඉන්ෆොමේෂන් තිබිලත් මයිත්‍රී ලොක්ක අර මොකක්ද එකක් පත් කලත් අර තුමා තවමත් ජැන්ඩියට ඇඳලා කරල ඉන්නව දැක්කහම (මිනිස්සු කොහොම ජිවත් උනත් මට අවුලක් නැත) අනේ හුකේ මේ හුක්පාලනය කියල හිතෙනව වගේම යකෝ මහින්ද මහත්තය (ඔව් වරදක් නැහැ එහෙම කියෙව්වට) ඇතුළු "හොර නඩය" ට්‍රිලියන් ගණන් ගැහුවා කියන එව්වයින් අවුරුදු දෙකක් ගිහිල්ලත් (විමල් හිරේ ඉන්නෙ කට වහන්න මිසක් වෙන "හුත්තකට" නෙමෙයි) එක සතයක් හොයාගන්න බැරි උනානං (හොරකන් කොරල හොයා ගන්න බැරි විදිහට කොරානම් ඒකත් ඒකටත් මම ගරු කරනව) දැන් රනිල් තුමෝ මයිත්‍රී තුමෝ ඔහෙලට කරන්න තියෙන්නෙ ප්‍රසිද්ද වේදිකාවකට නැගල වාචිකව නාමිකව මුද්‍රිත අන්තර්ජාල වල බොලා මහින්ද ඇතුළු සියළු දෙනාට හොරු මංකොල්ල කාරයෝ කියල කියපු හැම වචනයක් ගානෙම මහජනතාව ඉස්සරහ සමාව ගන්න එකයි.

    බොලා අද හෙට කිය කියා අල්ලපු හොරෙකුත් නැහැ කල මගුලකුත් නැහැ. අගමැති දන්නේ නැහැ මොන ලබ්බක් විවුර්ත කොරනවද කියල. රටේ ජනාදිපති ටෙලිවිසෝන් එකේ හොටු පෙරනව. තුක් නොදකින්.

    හැබැයි සා රස තුමෝ. මම දැන් බලන් ඉන්නෙ බබිලොන් යුගයක් එනකං. ඒකත් වෙන්නේ නැහැ නේ.

    සුභ රාත්‍රියක්. ..!!

    ප.ලි. මගේ කොම්පියුටර් රාජයාට සිංහල දාගෙන ලියන මුල්ම කොමෙන්ට් එකද කොහෙද. මගේ විප්ලවයත් හෙට අනිද්දට බලාපොරොත්තු වේවා.. ශාන්ති ශාන්ති ශාන්තී \m/

    ReplyDelete
    Replies
    1. ගරු ටිලාන් ආතල් අයියේ,

      කවදත් හිත හොඳින් බොක්කෙන් ම ඔහේ දෙන කොමෙන්ට් වලට ස්තූතියි.... ඔහේ නැවතත් සින්හල බ්ලොග් ලෝකේ සැරිසැරීම දැකීම අපිට ලොකු සන්තෝසයක් හිටන්.....

      සින්හල අකුරු කොම්පීටරේට දාගත්තු එකේ ඇස්ටි හැලෙන්න බොගකුත් ලිවුවනම් මොකෙ හිටන්?
      අපි එන්නම් කොමෙන්ට් කොටන්න... ඔහේ පටන් ගන්න...

      Delete
  21. Sa rasa? එයාමයිල්? You mean Air-mile ?

    ප්‍රමෝෂන් ටිකට් තියෙන කාලයක් ඇල්ලුවනං ලේසියි. Sri Lankan Airlines එකේ ප්‍රමෝෂන් තිබ්බා flysmile miles 12 500 ක් තියෙනවනං යෙන් 25 000 යි round trip කටුනායක-තෝක්යො (Katunayaka - Tokyo). හැමදාම ගිම්හාන නිවාඩුවට යුරෝපෙ වටේ ඇවිද ඇවිද ඉන්නැතුව ඊළඟ වතාවක ජපානෙට එන්න.

    ReplyDelete
    Replies
    1. // ඊළඟ වතාවක ජපානෙට එන්න. //

      සකුරා මල් සමග ජීවත් වන ඇනෝ තුමාට බොහොම ස්තූතියි හිටන්...

      Delete
  22. * ජාතික ගීය දෙමළ බසින් කියන්න ඉඩ දීපු, කොටි නිදහස් කරපු, හමුදාව පාවලා දීපු මෛත්‍රීපාල මැතිඳුන්...
    * සමණල පනත ගේන්න ජීවිතේ පරදුවට තබා ක්‍රියා කරන මොං'ගල' මැතිඳුන්...
    * ඉගෙනගන්න පංති කාමරයක්, දාන සපත්තු දෙකක් නැති ළමයි ඉන්න රටේ සමහර ළමයින් ට ටැබ් දීපු අකිල මැතිඳුන්...
    * රටේ හාල් මිල ඉහළ යන වෙලාවෙ කෝටි ගණනින් කොමිස් අරන් සත්ත්ව ආහාර වලට හාල් දීපු "වී හැරිසන්"...
    * රටේ දැවෙන ප්‍රශ්නයක් වුන ලොතරැයියක මිල රුපියල් 20 සිට 30 දක්වා වැඩි කල රවී කරුංකානායක මැතිඳුන්...
    * රටේ සිංහලයන් ට කිසිම අයිතියක් නෑ, සිංහලයන් කියන්නෙ නිවටයන්, ප්‍රභාකරන් කියන්නෙ මහත්තයෙක් කියලා කියන 'විස්කි මැඩම්'...
    * ඕනි ගොනෙක් ට යුද්ධ කරන්න පුලුවන් නිසා ගොන්නු සෙට් එකක් ලියුම් වලින් ලේකම් කරපු කිරිඇල්ල මැතිඳුන්...
    * ගැලවීමේ හමුදාවට වත් නුසුදුසු කලවැදි 'ගොන්සේකා' මැතිඳුන්...
    * කට හැකර නැව් 9ක නෞකාධිපති රාජිත මැතිඳුන්...
    * පස් කපනවා දකිනකොට ගිරිය පුප්පන, විල්පත්තුව කපනවා දකිනකොට පූස් පැටියෙක් වගේ හැංගිලා පුරු පුරු ගාන වන්ශොට් හෙණ ගහපං මැතිඳුන්...

    මේ හැමෝම අපේ වීරයෝ......

    ReplyDelete
    Replies
    1. @AnonymousFebruary 6, 2017 at 4:03 PM

      තෝ ගෙරි මොංගලයෙක්...

      Delete
    2. අපිටත් ටැබ් එකක් එවුවොත් නරකද අකිල තුමෝ?

      Delete
  23. තුසිත දෙව්ලොවින් චුතවූ වික්කම සිංහ මැතිඳුන් මේ පිංබිම පහළවීම

    එදා රෑ මෘගසං වර්ශාවක් එක්ක මහා හෙණ ගෙඩ් පිටින් ලක් පොළොවට පතිත වුනා... මහ පොළොව කම්පා වුනා.. ලංකාව වටේ මහ මුහුදේ ඇති වූ කුණාටු නිසා නැව් ගොඩාක් අනතුරට ලක් වුනා. ඩේසි ආච්චි ගේ මැණික් මල්ල අතුරුදහන් වුනා. මෙත්පල් සරල පුංචි ගොවි පුත්‍රයාගේ සරල මැටි නිවස පිටුපස වනා තිබූ සරල අමුඩය කවුදෝ හොරකම් කලා.... මහා විනාශයක පෙරනිමිති පහළ වුනා. වර්ශාව නිසා ළඟ තිබූ ෆාමසියෙන් සමහන් පැකට් එකක් ගන්න යන්න බැරි වුන නිසා පුංචි රනිල් මැතිඳු මේ සිරි ලක්දිව පහළ වෙන්න අවශ්‍ය සියළු පරිසරය ලස්සනට සැකසුනා.... කවුරුත් ඒ රාත්‍රියට ශාප කලා.. ඒත් එදා තමයි අපේ "ජාතියේ පිං පියා" පහළ වුනේ.

    කුඩා කල සිටම ඔහු සමනලුන් ට ආශා කලා. අනිත් පිරිමි ලමයි තුවක්කු එක්ක සෙල්ලම් කරද්දි කුඩා රනිල් සෙල්ලම් කලේ සමනල්ලු එක්ක. ඒත් එකල රට පාලනය කල රාජපස්ස මුර්ගයා සමනල්ලු සියල්ල සුදු වෑන් වලින් පැහැරගෙන මරා දමන්න නියෝග කලා. කුඩා රනිල් දුටු මේ අසාධාරණ නිසා ඔහු තමන්ටම ශපත කරගත්තා කවදා හෝ රටේ අගමැටි වෙලා මේ දුශ්ට මුරුග පාලනය ඉවර කර නැවතත් රටේ සමනල් ගහණය වැඩි කරනවා කියලා... ඒ සඳහා රනිල් මැතිඳු යොදා ගත්තේ මෙලෝ හසරක් නොදත්, සරල අමුඩය පවා නැති වූ, පුටින් ට දාව උපන් පුත්‍ර රත්නයකට පියා වූ, ග්‍රාමසේවක මෙත්පල් මැතිඳු වයි. බළලුන් ලවා කොස් ඇට බෑවීමෙ න්‍යාය ලොවට හඳුන්වා දෙමින් රනිල් මැතිඳු කෙසේ හෝ මුර්ග පාලනය එළවා දැම්මා......

    රනිල් මැතිඳුනි.... ඔබ රජෙක්. ඔබයි නූතන දියසෙන් කුමාරයා. රට එක්සේසත් කරපු 99 වෙනි ගැමුණු කුමාරයා. සමනල් පාලනයට ජය වේවා..... !

    Lankika Sithuwili

    ReplyDelete
    Replies
    1. බොහොම නිර්මානශීලීයි ගරු ඇනෝතුමනි...

      Delete
  24. තම බ්ලොගයේ සත්‍යය විනා අන් කිසිවක් නොලියන (බ්ලොගයේ ජනප්‍රියත්වට හේතුව එය යි) සරස තුමා තවත් ශතකයකට ළඟා වන වග යි.

    ReplyDelete
    Replies
    1. සරසගේ බ්ලොග් එක රෑ අහසේ තරු දහස් ගණනක් අතර පායන පුන් සඳ වගේ. මැස්සෝ ඇහිරෙන, පුස් කාපු බ්ලොග් පඩංගු කියවනු වෙනුවට "මල්ලෙ පොල්" වෙත දිනපතා ඒම ම සතුටක්.

      Delete
  25. රට කා ඉවරයි බලමින් උන්නොත්
    පඹයෙක් රජ කරනා කාලේ
    පුලතිසි හරකා මහ රජ පුටුවෙන්
    පන්නන්නට සැරසෙව් රාළේ

    හෙනේ ගහනවා වාගේ ලෙසටම
    බදු පිට බදු ගහනවා අනේ
    අපේ තියෙන අහවල් එකටත් බදු
    ගෙවන්න වේවිද නුදුරු දිනේ

    හාල් කිලෝවක මිළ අසනා විට
    රත් වේ ඉහමොළ යම යුද්දේ
    බණේ තියෙන දෙවියන් ඇත්නම් අද
    රවියට හෙණ ගෙඩි එවනවනේ

    සප්පායම් වී ජාතික ආලෙන්
    සේදුණු ඉහමොළ පිස දමලා
    එළවන්නේ කවදද මේ පරයින්
    සිංහලකම ලොවටම පෙන්වා

    ReplyDelete
    Replies
    1. අර 1978 "පුරන් අප්පු" චිත්‍රපටියේ තියෙන සින්දුවේ තාලෙටද මේ සින්දුව කියන්න ඕන හිටන්?

      Delete
  26. /////සර ස තුමා විසින් පර්පෙචුවල් ට්‍රෙශරීස් සමාගමෙන් ලබාගන්නට බලාපොරොත්තු වන අනුග්‍රහයක් නිසා බැඳුම්කර වන්චාව වන්චාවක් නොවන බව සරස තුමා අවධාරනය කර සිටී!/////

    ලබාගන්නට බලාපොරොත්තු වන අනුග්‍රහය සමරිසිසන්ග්‍රහයක් (Gayvouritism) ද හිටන්?

    ReplyDelete
  27. //වාහන අවබාවිතාව පිලිබඳ ගරු ඇමති විමල් වීරවන්ස මැති තුමා//
    //අනුන් ගේ එයා මයිල් තමන් ගේ කනේ මයිල් බවට පත් කොරගත් ලියන අප්පු //

    I suffocated with laughter....

    ReplyDelete