Thursday, February 9, 2017

හාල් කතාවක්




සාබාගී සන්හිඳියා ආන්ඩුවේ හාල් ගනන් ගියාම සහ ටෙලිකොම් කේස් වුනාම බැනුම් අහන්නේ මයිත්‍රී පාර්ශවයයි. එය දන්නා රනිල් තුමා හාල් වලට කෙලවිලා යන තෙක් ම ඇස් කන් අරින්නේ නැතිව බලා සිටී.

බත් කන්නේ මහින්ද මහත්තයගේ මිනිස්සු මිස රනිල් තුමා ට චන්දේ දෙන යූ ඇන් පී කාරයෝ නොවන නිසාත් යූ ඇන් පී කාරයන් බත් නොව තනකොල කන උදවිය නිසා සහල් කොපමන ගනන් ගියත් රනිල් තුමාට ගානක් නැත.

එහෙත් බත් කන උදවියටත් යම් බලපෑම් කල හැකි නිසා අරලිය සහල් මාෆියාවෙන් මිදෙන්නට පිට රටින්
සහල් ආනයන කිරීමට යහපාලකයෝ තීරනය කලහ.

ප්‍රශ්නය වුනේ සහල් වල ආනයනික බදු අඩු කලද පාරිබොගිකයාට අඩු මිලට සහල් නොලැබීමයි. ආන්ඩුව පැවසූ අඩු මිලට සහල් තිබෙන්නේ ස තො ස ආයතන වෙලෙඳ සැල්වල පමනකි.

1977 න් පසු සතොස වෙලෙඳ සැල් ඉදිරිපිට අඩු මිලට සහල් මිලදී ගැනීමට පාරිබෝගිකයන් පෝලිම් ගැහෙනවා දකින්නට ලැබුනේ ඊයේ පෙරේදාය. යහපාලනේ එම ප්‍රශ්නයේ දී ලන්කා වාර්තාවක් තැබූහ.

බදු අඩු කල වාසිය මහජනතාවට ලැබෙන්න නම් සහල් පාලන මිල ගැසට් කල යුතුය කියා බන්දුල ගුනවර්දන තුමා ආන්ඩුවට ලණුවක් දුන්නේය. ඒ ලණුව කෑ යහපාලන ආන්ඩුව සහ වර්ග වල පාලන මිලක් ගැසට් කලේය.

පාලන මිල ගැසට් කල පසු ඊට වැඩියෙන් විකුනන සහල් තොග වල සීල් තබා ඒවා අත් පත් කරගැනීමේ බලය මිල පාලන දෙපාර්තමේන්තුවට ඉබේම හිමි වෙයි.

ඒ නිසා ඊයේ නාරාහෙන්පිට ආර්තික කලාපයේ සහල් වෙලෙඳ සැලවල් තමන් මිල දී ගත් ගානටත් වඩා අඩුවෙන් පාලන මිල ගැසට් කල පසුව එම පාඩුවට  මුහුන දිය නොහැකිව තම සහල් කඩ වසා දැම්මහ.

ඉහත තිබෙන්නේ සරස තුමා විසින් ගන්නා ලද වසා ඇති එක සහල් කඩවල චායාරූපයකි.






ප.ලි:  
 
සින්හල බ්ලොගර්ස් ලා විකුනා සිරි ලන්කාවට නිවාඩු ගතකරන්න එන්න ස්පොන්සර්ශිප් එකතුකරන බ්ලොග් සම්මාන මාෆියාවට විරුද්ද වෙමු.
සමරිසිසන්ග්‍රහයට (Gayvouritism) විරුද්ද වෙමු!  
 
සර ස  තුමා විසින් පර්පෙචුවල් ට්‍රෙශරීස් සමාගමෙන් ලබාගන්නට බලාපොරොත්තු වන අනුග්‍රහයක් නිසා බැඳුම්කර වන්චාව වන්චාවක් නොවන බව සරස තුමා අවධාරනය කර සිටී!

91 comments:

  1. //බදු අඩු කල වාසිය මහජනතාවට ලැබෙන්න නම් සහල් පාලන මිල ගැසට් කල යුතුය කියා බන්දුල ගුනවර්දන තුමා ආන්ඩුවට ලණුවක් දුන්නේය. ඒ ලණුව කෑ යහපාලන ආන්ඩුව සහ වර්ග වල පාලන මිලක් ගැසට් කලේය.

    පාලන මිල ගැසට් කල පසු ඊට වැඩියෙන් විකුනන සහල් තොග වල සීල් තබා ඒවා අත් පත් කරගැනීමේ බලය මිල පාලන දෙපාර්තමේන්තුවට ඉබේම හිමි වෙයි.

    ඒ නිසා ඊයේ නාරාහෙන්පිට ආර්තික කලාපයේ සහල් වෙලෙඳ සැලවල් තමන් මිල දී ගත් ගානටත් වඩා අඩුවෙන් පාලන මිල ගැසට් කල පසුව එම පාඩුවට මුහුන දිය නොහැකිව තම සහල් කඩ වසා දැම්මහ.

    ඉහත තිබෙන්නේ සරස තුමා විසින් ගන්නා ලද වසා ඇති එක සහල් කඩවල චායාරූපයකි.
    //

    දෙපාරක්ම තියනවා..


    කොහොම නමුත් නුගේගොඩ පෙලපාලියේ කොස්කොල ගිල ගිල ගියේ රනිල් උන්නැහැගේ කට්ටිය වෙන්ටෑ..

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. ලංකාවේ කළගුණ නොදත් සිංහල සක්කිලින් සහ තුච්ච UNP ( බල්ලන්ට සහ පරංගින්ට කලවමේ උපන් නිසා සිංහල නොවේ ) බත්බැල සක්කිලියන්ට එලොව පොල් පෙනෙන්නට සීග්‍රයෙන් ලංකාව නරාවල වෙත ඇදගෙන රනිල් සර්ට මම නං බොක්කෙන්ම ලව්. ඉතුරු අවුරුදු 3 දී රට නැත්තටම නැති කරලා දාල , ෆෙඩරල් දීල 3 කොන පත්තු කරලා තියල , කුසගින්නට තණකොළ ලෑටි ගාන තත්වෙට පත්කරලා යන්න සර්. වෙන විදියකින් ඔකේ ඉන්න බලු තුච්ච හැත්තට පාඩමක් උගන්වන්න විදියක් නෑ. I love you Ranil Sir.

      Delete
    2. @ මහසොහොන් පිල්ලිය,

      තෝ ඕට්ටේලියාවට වෙලා හිටුකො. අපිට පුක ද?

      Delete
    3. //කොහොම නමුත් නුගේගොඩ පෙලපාලියේ කොස්කොල ගිල ගිල ගියේ රනිල් උන්නැහැගේ කට්ටිය වෙන්ටෑ //

      ඔවු.. එහෙම වෙන්ටැති විදානේ තුමෝ.

      Delete
    4. // මහසොහොන් පිල්ලියFebruary 10, 2017 at 12:48 AM

      ලංකාවේ කළගුණ නොදත් සිංහල සක්කිලින් සහ තුච්ච UNP ( බල්ලන්ට සහ පරංගින්ට කලවමේ උපන් නිසා සිංහල නොවේ ) බත්බැල සක්කිලියන්ට එලොව පොල් පෙනෙන්නට සීග්‍රයෙන් ලංකාව නරාවල වෙත ඇදගෙන රනිල් සර්ට මම නං බොක්කෙන්ම ලව්. ඉතුරු අවුරුදු 3 දී රට නැත්තටම නැති කරලා දාල , ෆෙඩරල් දීල 3 කොන පත්තු කරලා තියල , කුසගින්නට තණකොළ ලෑටි ගාන තත්වෙට පත්කරලා යන්න සර්. වෙන විදියකින් ඔකේ ඉන්න බලු තුච්ච හැත්තට පාඩමක් උගන්වන්න විදියක් නෑ. I love you Ranil Sir. //


      අහෝ..
      මහසොහොනත් පස්ස පැත්තෙ ඇන්ජිමක් හයි කොරගෙන ෆොක්ස්වැගන් වෙලා නේ

      Delete
    5. //
      තෝ ඕට්ටේලියාවට වෙලා හිටුකො. අපිට පුක ද? //

      මහසොහොනට ඉන්න දෙමු ගරු ඇණෝ තුමෝ,, එයා පවු...

      Delete
  2. /ඒ ලණුව කෑ යහපාලන ආන්ඩුව සහ වර්ග වල පාලන මිලක් ගැසට් කලේය./

    සහ වර්ග යනු කවරක්ද? සහල් විය යුතුයි නේද??

    (මීට හැලපයා)

    ReplyDelete
    Replies
    1. සහ වර්ග යනු කවරක්ද?

      a, දෙයියන්ගෙ හාල්
      b. අපේ හාල්

      Delete
  3. /ගුනවර්දන /
    ගුණවර්ධන

    -අක්ෂර වින්‍යාස නම් මෙලෝ රහක් නෑ..
    හරියට දත් දොස්තර කෙනෙක්ගෙ වගෙයි..

    (මීට දේශකයා)

    ReplyDelete
    Replies
    1. //
      -අක්ෂර වින්‍යාස නම් මෙලෝ රහක් නෑ..
      හරියට දත් දොස්තර කෙනෙක්ගෙ වගෙයි.. //

      රහ?
      රහ බලන්නේ තොපි මාව කන්නද හිටන්?

      Delete
  4. සරසයො දැන් ඇති බං ගැහැව්වා, උඹට මහන්සි නැද්ද.
    - මීට A.M(එයා මයිල්) හරමානිස්

    ReplyDelete
    Replies
    1. ඇඟේ මයිල් එයා මයිල් වන තෙක් ම තොට ගසනු ලැබේ..
      මීට
      සරස තුමා

      Delete
  5. /ලන්කා/
    අයියෝ සල්ලි

    ලංකා හෝ ලඞකා වියයුතුයි..
    ඉස්කෝලේ ගියොත් නරකද??

    (මීට විචාරක)

    ReplyDelete
    Replies
    1. //
      ලංකා හෝ ලඞකා වියයුතුයි..
      ඉස්කෝලේ ගියොත් නරකද??

      (මීට විචාරක) //

      හරියට GMOA එකෙන් SITAM වල තත්ත්වය නිරීක්ශනේ කරනවා වගේ නේ...

      Delete
  6. ඇයි බත්ම කන්නෙ, අපිට පුළුවන්නේ කොස් කන්න.

    ReplyDelete
    Replies
    1. අවසාන විසඳුම එය විය හැකිය ගරු ආටොකාපස් ඇනෝ තුමෝ

      Delete
    2. මේ දවස්වල බත් පාර්සල්වල අඹ මාළුවයි, කිරිකොස් මාළුවයි වරදින්නේ නෑ.

      Delete
    3. // AnonymousFebruary 10, 2017 at 4:03 AM

      මේ දවස්වල බත් පාර්සල්වල අඹ මාළුවයි, කිරිකොස් මාළුවයි වරදින්නේ නෑ. //

      අඹ වාරේ හෙරලි වාරේ නේද ගරු ඇනෝ තුමෝ? ඔන්න දැන් දැන් දෙලුත් එනවා....

      Delete
    4. හෙරලි පොලොස් දෙල් අ‍ටුකොස්
      කොරළි හොදිත් එක්ක ගුඩුස්

      Delete
    5. කොරලි කරවල (වැවු කරවල ) හොදි ඔහේ කාල තියෙනවැයි ගරු ඇරූ තුමෝ? පන්කාදු පහයි හිටන්!

      Delete
    6. අපොයි ඔව්. කාලෙකට ඉස්සෙල්ලා අපේ නංගි බකමූණේ පාසලක ඉගැන්නුවා. එහේ ගියාම ඒ ගෙදර මිනිස්සු හොඳට සැලකුවා.

      Delete
    7. සා රස ලොක්කා හොඳට රහ හඳුනන රියල් පොරක් වගේ. ඇත්තටම මිනිහෙක් උනාම දැන ගත යුතු රසයන් ගැන කියවෙන අපූරු පදවැලක් මතක් වුණා...

      කිරි රස දන්නෝ මව් හඳුනන්නෝ
      බත් රස දන්නෝ කෙත් හඳුනන්නෝ
      බත් සහ කිරි රස දෙකම නොදන්නෝ
      මිනිසත් බව ලැබ කුමට උපන්නෝ...

      Delete
    8. // බත් සහ කිරි රස දෙකම නොදන්නෝ
      මිනිසත් බව ලැබ කුමට උපන්නෝ... //

      ගරු රසවත් ඇනෝ තුමාට ජය වේවා!

      Delete
  7. අපි හිතුවේ යූ.එන්.පී. ආන්ඩුවක් ආවාම ජේ.ආර්, ප්‍රේමදාස කාලේ වගේ රටට වැඩක් වෙයි කියලා. මේක මහ කැඳ ආණ්ඩුවක්නේ. මෙලෝ දෙයක් හරියට කරගන්න බෑ.

    ReplyDelete
    Replies
    1. // මේක මහ කැඳ ආණ්ඩුවක්නේ. මෙලෝ දෙයක් හරියට කරගන්න බෑ. //

      කැඳත් නැතිවේගන යන පාටයි ගරු කුරහන් හේනේ මල් මල්ලී තුමෝ!

      Delete
  8. මේ ආණ්ඩුව ලණු කන එකනම් ඇත්ත. ඒත් වයිමාගේ ලණු කන සයිස් එකට වැටෙයි කියලා හිතුවේ නැහැ ඉඳන්.

    ReplyDelete
    Replies
    1. වයිමා කියනවා ..ඌගේ පියා සක්කරයා බදු ගහනවා...

      Delete

  9. සින්හල බ්ලොගර්ස් ලා විකුනා සිරි ලන්කාවට නිවාඩු ගතකරන්න එන්න ස්පොන්සර්ශිප් එකතුකරන බ්ලොග් සම්මාන\\\\\\\


    චි ..චි චි ඒ මොන පාහර වැඩක්ද ඒ...... මහන වෙලා පාත්තරයක් අරගෙන රැට රෑට පිණ්ඩපාතේ යනවා වගේනේ.
    ෆෝරින් කරන්සි නේද හම්බකරන්නේ ඒ අය
    වන්සොට් කියනවා වගේ මුන්ට හෙනම ගහපිය !!!!!!

    ReplyDelete
    Replies
    1. // ෆෝරින් කරන්සි නේද හම්බකරන්නේ ඒ අය
      වන්සොට් කියනවා වගේ මුන්ට හෙනම ගහපිය !!!!!! //

      රෙද්දෙ ෆොරින් කරන්සිය...

      සින්හල බ්ලොගර්ස් ලා ව පෙන්නලා ලන්කාවෙන් පිට වෙලා ඉන්ගලන්තෙ ඉන්න ජාවාරම් කාරයන් ගෙන් නුදල් කොටා ගැනීම....
      අහුවුනාම යාලුවන් ගේ එයා මයිල්...
      අපි නොදන්න ලන්ඩන් වල ඇල්බට් හරමානිස්,,,,,,,,,,,,

      Delete
  10. අග-මැටි තුමා නියම කරලා තියෙන්නෙ හාල් වලට වත් වී වලට වත් නෙවේ ගොයම් වලට පාලන මිලක් නියම කරන්ටය කියල..බන්දුල තුමා වැඩේ කාල..\

    ReplyDelete
    Replies
    1. බන්දුල තුමාවත් හිතන්න ඇතිව ඇති එයා කියාපු ගොන් කතාව මේ යහපාලනෙන් ඔච්චර සීරියස් ගනී කියලා ගරු SDC තුමනි,

      Delete
  11. //ඉහත තිබෙන්නේ සරස තුමා විසින් ගන්නා ලද වසා ඇති එක සහල් කඩවල චායාරූපයකි.//
    හාල් කේස් එකනම් ලස්සනට නාගනී. ඔය මිල පාලනයේ ප්‍රතිඵලය වන්නේ මේ විදිහට වැහෙන කඩ සහ හාල් පෝලිම් පමණි. ඉදිරියේදී සිදු වනු ඇත්තේ තත්ත්වයෙන් හොඳටම බාල හාල් හැර කන්න පුළුවන් හාල් වෙළඳපොළේ නැත්තටම නැතිව යාමයි. ආණ්ඩුවට මෙයින් ඇත්තේ එකම එක වාසියකි. ඒ මුදල් සැපයුම වැඩි වීම නිසා උද්ධමනය වැඩි වී නැති බව පෙන්වන්නට හැකි වීමයි. මෙයින් වැඩිම බලපෑම වන්නේ පෝලිම් වල ඉන්නට වෙලාව නැති, කඩෙන් හාල් කන අර්ධ නාගරික ජනකොටස් වලට නිසා දේශපාලනික වශයෙන්ද මෙය සිය දිවි නසා ගැනීමකි.

    ReplyDelete
    Replies
    1. බාගෙට දොරවල් ඇරන් හිටි එක වෙලෙඳෙක් ගෙන් මම ඇහුවා සම්බා වුනත් විවිද වර්ග තියෙන නිසා එකම ගානකට දෙන්න බෑ කියලා ප්‍රයිස් කොන්ට්‍රොල් එකට කියන්න බැරිද කියලා... එයා ගේ උත්තරේ නම් එහෙම බැරි බවයි.

      හැබැයි ප්‍රායෝගික තත්ත්වය නම් එකම වර්ගයේ සම්බා, උදා: කීරි සම්බා ගෙන එන ප්‍රදේශයේ සහ කොටනා හාල මෝල අනුව සාමාන්යයෙන් රුපියල් විස්සක පමන වෙනසක් හැමදාම පැවතුනා.. අපට කැමති වර්ගයකින් ගන්න ඉඩ ලැබුනා..

      ගරු ඉකොනොමැට්ටාතුමනි මේ වගේ පාලන මිල ගැසට් කිරීමේදී සත්ය වසයෙන් ම අපට තිබුනු ඒ තෝරාගැනීමේ හැකියාව නැති වෙනවාද?

      Delete
    2. යකෝ, ඔය "තුමා" කෑල්ලයි "ගරු" කෑල්ලයි අයින් කරපන්කො.
      උඹට ඩේට වලින් බාගයක් ඉතිරි වෙනවා, කොරල බලහන්කො හිටං

      Delete
    3. // AnonymousFebruary 10, 2017 at 2:39 AM

      යකෝ, ඔය "තුමා" කෑල්ලයි "ගරු" කෑල්ලයි අයින් කරපන්කො.
      උඹට ඩේට වලින් බාගයක් ඉතිරි වෙනවා, කොරල බලහන්කො හිටං //

      ඩේටා වගේ ද කෙනෙක් ට ගරු සැලකිලි දීල කතාකිරීම ගරු ඇනෝ තුමෝ..

      මතකනේ මතුගම ප්‍රාඥ්ඥයා කොමෙන්ට් කරුවන් ට පඬි ටෝක් දීලා වෙච්චි දේ හිටන්?

      Delete
    4. ඉකොනොමැට්ටා,

      මේක දැන් එදාවේල ටුවර්ස් රටක් වෙලා. දවසකට මොකක් හරි අල්ලා ගන්නවා.එච්චරයි. නිශ්චිත දැක්මක්, හරි වැඩපිළිවෙලක් නැහැ. එහෙම මොනවා හරි වැඩපිළිවෙලක් තිබ්බොත් මොකෙක් හරි උද්ඝෝසන කරනවා එව්වාට විරුද්ධව. ඊට පස්සේ විධායකයේ මැදිහත්වීමෙන් හෝ රනිල්ගේ මැදිහත්වීමෙන් එක නතර වෙනවා.

      Delete
    5. //උදා: කීරි සම්බා ගෙන එන ප්‍රදේශයේ සහ කොටනා හාල මෝල අනුව සාමාන්යයෙන් රුපියල් විස්සක පමන වෙනසක් හැමදාම පැවතුනා.. අපට කැමති වර්ගයකින් ගන්න ඉඩ ලැබුනා.//
      අපි මුලින්ම වෙළෙන්දාගේ පැත්ත අමතක කරලා පාරිභෝගිකයාගේ පැත්ත බලමු. දැන් ඔය කීරි සම්බා වර්ග වලින් හොඳ වර්ගයයි නරක වර්ගයයි තෝරන්නේ කවුද? පාරිභෝගිකයා. නමුත්, හැම පාරිභෝගිකයෙක්ගේම තේරීම් සමාන නැහැ. මම හොඳ හාලක් කියා තෝරන එක වෙන කෙනෙක්ට නරක එකක් වෙන්න පුළුවන්. වැඩි දෙනෙක් හොඳයි කියා තෝරන වර්ගයේ ඉල්ලුම වැඩි වන නිසා මිල ඉහළ යනවා. එවිට, ඒ මිල ගෙවන්න කැමති ඒ වර්ගය වැඩියෙන් අගය කරන අයට එය හිමි වෙනවා. වැඩි දෙනෙක් කැමති නැති වුනත් තමන් කැමති, අඩුවෙන් ජනප්‍රිය වර්ගයකට කැමති අයට අඩු මිලට ඒ හාල් වර්ගය ලැබෙනවා. දෙවර්ගයේ වෙනසක් නොදකින අය අඩු මිල වර්ගය මිල දී ගන්නවා. හාල් දෙවර්ගයම වෙළඳපොළේ තියෙනවා. කාටවත් අසතුටු වෙන්න හේතුවක් නැහැ.

      //සම්බා වුනත් විවිද වර්ග තියෙන නිසා එකම ගානකට දෙන්න බෑ කියලා ප්‍රයිස් කොන්ට්‍රොල් එකට කියන්න බැරිද කියලා... එයා ගේ උත්තරේ නම් එහෙම බැරි බවයි.//
      ප්‍රයිස් කොන්ට්‍රොල් එකට එහෙම කරන්නනම් හාල් වල "වටිනාකම" කියා කවුරු නිරීක්ෂණය කළත් එක ලෙස මැනෙන කිසියම් ගුණයක් තිබිය යුතුයි. ඇටයක සාමාන්‍ය දිග, නිශ්චිත පරිමාවක ස්කන්ධය වගේ "වටිනාකම" කියා භෞතික ගුණයක් නැහැ. එය එක් එක් පාරිභෝගිකයාගේ මනසේ තියෙන දෙයක්. (ද්‍රව්‍යවලින් තොර වෙනත් දේවල් තිබිය හැකි බව විශ්වාස නොකළ මාක්ස් උන්නැහේ ප්‍රාග්ධනය පොතේ ඉදිරිපත් කරපු ප්‍රවාදයනම් එහෙම එකක්!) ඒ නිසා එක් එක් වර්ගයට මිල නියම කරන විට ඔවුන්ට කරන්න වෙන්නේ එය කරන පුද්ගලයාගේ මනසේ තියෙන සාපේක්ෂ වටිනාකම් අනුව එය කරන්නයි. මෙය අවුල් සහගත වැඩක් නිසා ඒ අය "රතු කැකුළු" "සම්බා" වගේ පහසුවෙන් භෞතික ලක්ෂණ අනුව වෙන්කර ගත හැකි වර්ග වලට මිලක් නියම කර වැඩේ නවත්වනවා.

      //මේ වගේ පාලන මිල ගැසට් කිරීමේදී සත්ය වසයෙන් ම අපට තිබුනු ඒ තෝරාගැනීමේ හැකියාව නැති වෙනවාද?//
      වෙළෙන්දෝ හාල් හංගන්නේ නැතුව අතින් පාඩුවට විකුණනවා කියා අපි හිතමු. (එහෙම විකිණීම නතර කළ විට තෝරාගැනීම් අඩුවන බව ඉතාම පැහැදිලි නිසා එය අමුතුවෙන් පැහැදිලි කළ යුතු නෑනේ! ඒ ටික ඔය පෝස්ට් එකේ තියෙන කරුණු අනුවම වුවත් පේනවනේ.) දැන් අර වැඩි දෙනෙක් කැමති "හොඳ" හාල් වර්ග ඉතා ඉක්මණින් විකිණෙනවා. පෝලිමේ සිටීමට කාලය නාස්ති කළ හැකි, මුලින්ම පැමිණෙන අයට ඒ හාල් හිමි වෙනවා. මේ වර්ගයට කැමති අයගෙන් පෝලිමේ සිට හාල් මිල දී ගන්න ඉඩ ලැබුණු අයට මුදල් ඉතිරියක් වුනත් ඒ වෙනුවෙන් පෝලිමේ රස්තියාදු වන්නට වීමේ මිල ගෙවන්න වෙනවා. හාල් දෙවර්ගයේ වෙනසක් නොදකින අයගෙන් කොටසකට කලින් ජනප්‍රිය නොවන වර්ගය ගත් මිලට ජනප්‍රිය වර්ගය ලැබුණත් ඔවුන්ට එහි විශේෂ වටිනාකමක් නැහැ වගේම පෝලිමේ සිටීමේ වියදමත් එකතු වෙනවා. කීයක් ගියත් කමක් නැහැ කියා තමන් කැමති ජනප්‍රිය හාල් වර්ගයම මිල දී ගන්න හොයන, පෝලිමේ ඉන්න වෙලාව නැති අයට ඔවුන්ගේ තෝරා ගැනීම නැති වෙනවා. අවසාන වශයෙන් වෙළෙන්දන් හාල් හැංගුවේ නැති වුණත් සිදුවන්නේ වඩා ජනප්‍රිය හාල් වර්ග වෙළඳපොළේ නැති වීමයි.

      මීට අමතරව පාඩුවට හාල් විකුණන්න බැරි නිසා වෙළෙන්දන් හාල් විකිණීමෙන් ඉවත්වීම නිසා හාල් විකුණන තැන් වල පෝලිම් තවත් දිග් ගැසී මේ කටයුත්ත තවත් වේගවත් වෙනවා.

      ඒ අතරම මෙහි තවත් පැත්තක් ලෙස, විශාල හාල් සංචිත ගබඩා කරගෙන ඉන්න අයට සාමාන්‍යයෙන් විකුණන්න බැරි ඉතා බාල තත්ත්වයේ හාල් තොග එළියට දමා සැලකිය යුතු මිලකට විකුණා ගන්නා අතරම තමන්ගේ ගබඩා හිස් කරගෙන ගබඩා කර තබා ගැනීමේ වියදම් අඩු කරගැනීමට වරින් වර (නිසි අවස්ථාව බලා) සිදුකෙරෙන මෙවැනි මිල පාලන නිසා ඉඩක් ලැබෙනවා. මිල පාලනය නොතිබුණානම් මේ අන්තිමට ඉතිරි වන හාල් තොග විනාශ කිරීමට හෝ සත්ව ආහාර සඳහා විකුණන්නයි වෙන්නේ.

      Delete
    6. බොහෝම ස්තූතියි ඉකොනොමැට්ටා තුමෝ ඔහේ ගේ සාරගර්භ පැහැදිලි කිරීමට.

      දැනුයි මට එකම හාලේ විවිද වර්ග වලට එකම නමක් දමා එකම පාලන මිලක් නියම කරන නරක ක්‍රමය ගැන තේරුනේ...

      අපට අවශ්ය හාල් වර්ගය වෙනුවට රජය නියම කරනා වර්ගයක් මිල දී ගන්නට වීම කෙතරම් අභාග්‍යයක් ද?

      ඉතා ඉක්මනටම මිල පාලනේ අවසන් වේවා යැයි පතමු!

      Delete
    7. එතකොට වී වගාකිරීම අධයිර්යය කිරීම සහ සහල් ආනයනය කිරීම මඟින් ස්ථාවර මිලක් සහිතව ගුණාත්මක ආහාර රටවැසියාට සපයන්න හැකි වෙයි ද? (නැත්නම් මීටත් වඩා හිර වෙයි ද? නැත්නම් කොම්පැණි කරුවන් කීපදෙනෙක් අතට ස්වයිරීත්වය පිළිබඳ කේවල් කිරීමේ හැකියාවත් සින්න වෙයිද?)

      Delete
    8. මට තේරෙන විදියට වගා කිරීම අත් හිටෙවුවොත් වඩ වඩා ප්‍රශ්නය භයානක වෙනවා ගරු ගස් ලබ්බා තුමෝ...

      මේ කන්නය බොහෝ දෙනෙකු කුඹුරු කරලා නෑ... දැනටමත් වැඩේ කේස් වේලා...

      ගරු ඉකොනොමැට්ටා තුමා ආර්තික විද්‍යාත්මකව ඔහේ ගේ ප්‍රශ්නෙට පිලිතුරක් දුන්නොතින් අප කාටත් අලුත් දෙයක් ඉගෙන ගන්න පුලුවන්...

      Delete
    9. ///මේ කන්නය බොහෝ දෙනෙකු කුඹුරු කරලා නෑ... දැනටමත් වැඩේ කේස් වේලා...///

      කරපු කුඹුරු සමහරකටත් කේස් වෙලා...
      වීරවිල (හම්බන්තොට) ඉහළ දිහාවේ කරපු කුඹුරු වලටත් වතුර මදි නිසා බඩු බනිස් වෙලා කියල ගිය සතියේ එහේ ගිය වෙලාවේ ගොවි මහතෙක් කිව්වා...
      හැබැයි වීරවිල පහළ වෙල්යාය නම් හොඳට තිබුනා. දැක්කත් සනීපයි...

      Delete
    10. // වීරවිල (හම්බන්තොට) ඉහළ දිහාවේ කරපු කුඹුරු වලටත් වතුර මදි නිසා බඩු බනිස් වෙලා කියල ගිය සතියේ එහේ ගිය වෙලාවේ ගොවි මහතෙක් කිව්වා... //

      අහෝ!

      Delete
    11. වී වගාව අමුතුවෙන් දිරිමත් හෝ අධෛර්යමත් නොකර එය කරන අයට නිදහසේ කර ගන්න දුන්නොත් පාරිභෝගිකයින් විසින් ඔය දෙකම කරයි. වැඩි දෙනෙක් දෙවේලක්වත් බත් කන ලංකාවේ හාල් වලට තියෙන ඉල්ලුම අඩු හෝ අඩු වෙමින් පවතින එකක් නෙමෙයි. ඒ නිසා, මිල ටිකක් ඉහළ ගියත් ඉල්ලුම අඩු වෙන්නේ නැහැ. ක්ෂණිකව එකවර මිල වැඩි වීම ප්‍රශ්නයක් වුනත් මම හිතන හැටියට දිගුකාලීනව මිල තරමක් වැඩි වීම පාරිභෝගිකයින්ට විශාල ප්‍රශ්නයක් නෙවෙයි. කිලෝවක් රුපියල් 100 වීම විශාල ප්‍රශ්නයක් වගේ පේන්නේ රුපියල් 70 වැනි මිලකට පුරුදු වී සිටින නිසායි. දළ අදහසක් ලෙස හාල් මිල තරමක් ඉහළ ගිය විට පෝර සහනාධාරය වැනි සහනාධාර නැතිව ලාභයක් ලැබිය හැකි තත්ත්වයට මේ කර්මාන්තය පත් වෙනවා. එවිට හාල් මිල නිදහසේ ඉල්ලුම හා සැපයුම ගැලපෙන ස්ථාවර තත්ත්වයකට එනවා. යම් හෙයකින් සැපයුම අඩුවී මිල මේ ස්ථාවර මිලට වඩා ඉහළ ගිය විට ලාභ වැඩි වන නිසා වී වගාවට වැඩි පිරිසක් යොමු වී, සැපයුම වැඩි වන නිසා මිල නැවත පහළ එනවා. ඒ තමයි පාරිභෝගිකයින් විසින් ස්වභාවිකවම වී ගොවියා දිරිමත් කරන යාන්ත්‍රණය. සැපයුම අඩු වී මිල අඩු වූ විට කොටසක් වී ගොවිතැනෙන් ඉවත් වී සැපයුම අඩු වී නැවතත් මිල ඉහළ යනවා. මේ අයුරින් මේ කර්මාන්තය ස්වයං-නියාමනය වෙනවා.

      අප මේ විශ්ලේෂණය කළේ ආනයනික සහල් ගැන අමතක කරලයි. ආනයනික සහල් වල බලපෑම ගැන කතා කරන්නට පෙර කතාකළ යුතු මූලික කරුණක් වන්නේ සහල් සැපයුම කන්න අනුව හා කාලගුණ තත්ත්වයේ වෙනස්කම් අනුව උච්ඡාවචනය වීම. වී නිෂ්පාදනය මිලට ප්‍රතිචාර දැක්වුවත් ඉහත හේතු නිසා එය ක්ෂණිකව සිදු වෙන්නේ නැහැ. ඒ නිසා අස්වනු කැපෙන කාලයට මිල පහළ යාමටත් අනෙක් කාලයට ඉහළ යාමටත් ඉඩක් තියෙනවා. ඒ වගේම කාළගුණය අයහපත් වසර වලදී මිල ඉහළ යාමටත් කාලගුණය යහපත් විට මිල පහළ යාමත් සිදුවිය හැකියි. ලංකාවේ හාල් ඉල්ලුම සාපේක්ෂව ස්ථාවර ඉල්ලුමක් නිසා මිල වෙනස් වන විට ඉල්ලුම විශාල ලෙස වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා දිගුකාලීනව ඉල්ලුම සැපයුම සමතුලිත වුනත් අතිරික්තයක් ඇති කන්න වලදී වී විකුණා ගැනීම අපහසු වෙනවා. නිපැයුම අඩු වූ විට හිඟයක් ඇති වෙනවා. මෙය ස්වභාවිකව විසඳෙන්නේ සැපයුම අඩු වූ විට වී අඩුවට මිලදී ගෙන ගබඩා කරගෙන තබා ගෙන සැපයුම අඩුවී මිල ඉහළ ගිය විට විකුණන අතරමැදි ව්‍යාපාරිකයින් නිසායි. මිල වෙනස හරහා ලැබෙන ලාබයෙන් ඔවුන් සිය ගබඩා කර තබා ගැනීමේ ගාස්තු පියවා ගන්නවා.

      ආනයනික හාල් නිසා මේ තත්ත්වය වෙනස් වෙන්නේ කොහොමද? මුලින්ම කිවූ "දේශීය සමතුලිත මිලට" වඩා අඩු මිලට හාල් ආනයනය කළ හැකිනම් දේශීය සහල් මිල ආනයනික සහල් මිල මට්ටමට පහත වැටෙනවා. එහෙත් ලාංකිකයින් වැඩි දෙනෙක් දේශීය සහල් වලට කැමතිනම් දේශීය සහල් මිල තරමක් ඉහළින් තියෙන්නත් පුළුවන්. කෙසේ වුවත් දේශීය සහල් වෙළඳපොළ ලෝක සහල් වෙළදපොළට විවෘත කළ විට (උදාහරණයක් ලෙස සියළු ආනයන බදු ඉවත් කර) සිදුවන්නේ දේශීය සහල් මිල ලෝක සහල් මිල අනුව තීරණය වීමයි. එවිට මේ මිලට විකුණා ලාභයක් ලැබිය නොහැකි අය කර්මාන්තයෙන් ඉවත් වී වඩා කාර්යක්ෂම ගොවීන් පමණක් කර්මාන්තයේ ඉතිරි වෙනවා. මේ හේතුවෙන් දේශීය සහල් සැපයුම ඉල්ලුමට වඩා අඩු වී සහල් දිගටම ආනයනය කිරීමට සිදුවිය හැකියි. දිගුකාලිනව විය යුත්තේ සහනාධාර නැතිව වී නිපදවා ආනයනික සහල් වල මිලට සමානව හෝ අඩුවෙන් විකුණා ලාභ ලැබිය හැකි පරිදි කර්මාන්තයේ කාර්යක්ෂමතාවය නැංවීමයි. එසේ කළ හැකිනම් ආනයනික මිල හා දේශීය මිල සමාන නිසා සැපයුම වැඩි වන විට අපනයනය කිරීමටත් අඩු වන විට ආනයනය කිරීමටත් හැකි නිසා මිල ස්ථාවරව පවතිනවා.

      Delete
    12. එහෙත් මෙය කියනවා වගේ හදිසියේ කළ හැකි දෙයක් නොවෙයි. ඒ නිසා කෙටිකාලීනව තියෙන විකල්ප වන්නේ අඩු මිලට ආනයනික සහල් ගෙන්වනවාද එසේ නැත්නම් ආනයන සඳහා බදු අය කරමින් හා දේශීය වී ගොවිතැන සුබසාධනය කරමින් රට ස්වයංපෝෂිත තත්ත්වයේ තබා ගන්නවද යන කරුණයි. ආර්ථික කරුණු පමණක් සැලකුවොත් දෙවැන්න පැහැදිලිවම අවාසිදායකයි. එහෙත් මේ හා අදාළ වෙනත් කරුණු තියෙනවා. කිසියම් අයුරකින් ලෝක ආහාර අර්බුදයක් ඇති වූ විට සෑම රටක් විසින්ම කරන්නේ වැඩි මිලට තමන් සතු ආහාර සංචිත විකුණා ගැනීම වෙනුවට අපනයන සීමා කර දේශීය අවශ්‍යතා සඳහා තමන්ගේ නිෂ්පාදනය රඳවා ගැනීමයි. මෙය 2007/08 දී අප අත්දුටු දෙයක්. දේශීය සහල් නිපැයුම වැඩි කිරීමට රජය පෙළඹීමට එක් හේතුවක් වුනේ මේ 2007/2008 ලෝක ආහාර හිඟයයි. දෙවන කරුණ වන්නේ දිගින් දිගටම අයවැය හිඟයක් පවත්වා ගනිමින්, ණය වලින් එය පියවා ගන්නා ලංකාව මේ හේතුවෙන් රුපියලේ දේශීය අගය (භාණ්ඩ වලට සාපේක්ෂව) අඩුවන ප්‍රමාණයට එහි විදේශ අගය (විණිමය අනුපාතිකය) පිරිහෙන්න ඉඩ දෙන්නේ නැහැ. මෙය ලොකුවටම වුණේ පසුගිය රජය කාලයේ. සේවා ආදායම්, ශ්‍රමික ප්‍රේෂණ හා විදේශ ණය වල උදවුවෙන් රුපියල ඉහළින් පැවතීම නිසා ආනයනික භාණ්ඩ වල දේශීය මිල වැඩි වන්නේ දේශීය නිෂ්පාදන පිරිවැය වැඩිවන වේගයට වඩා අඩුවෙන්. මේ තත්ත්වය වී නිෂ්පාදන කර්මාන්තයට සෘජු ලෙසම බලපානවා. ඇත්තටම ප්‍රශ්නය වී නිෂ්පාදන කර්මාන්තයේ අකාර්යක්ෂමතාවයට වඩා මේ ප්‍රශ්නය වෙන්න පුළුවන්. එය එසේනම්, විණිමය අනුපාතිකය පිරිහෙන්නට හැර ආනයනික සහල් ඇතුළු ආනයන වල මිල ඉහළ යන්නට සැලැස්වීම කළ යුතු නිවැරදිම දෙය වුවත් එය සිදු නොවනවානම් සහල් ආනයන බදු හා/හෝ පෝර සහනාධාර ආදිය මඟින් කර්මාන්තය රැක ගැනීමට කිසියම් උදවුවක් දීමේ වරදක් නැහැ. නමුත්, දිගුකාලීනව නිෂ්පාදනය ඉල්ලුම ඉක්මවන තරමට එය කළ යුතු නැහැ. ඒ වගේම, දැන් විණිමය අනුපාතිකය තරමක් දුරට පිරිහෙන්නට හැර තියෙන නිසා එයින් දේශීය වී කර්මාන්තයට සහනාධාර කප්පාදුවක් යටතේ වුවත් ආනයන සමඟ තරඟ කිරීමට වැඩි උදවුවක් ලැබෙනවා. නමුත්, මිල පාලනය ඔවුන්ට වැදෙන මරු පහරක්. අවසාන වශයෙන් කියන්නට තියෙන්නේ ආණ්ඩු විසින් වරින් වර මේ කර්මාන්තයට කරන ආනයන බදු වෙනස් කිරීම්, මිල පාලන, සහනාධාර අඩු වැඩි කිරීම් වැනි අතපෙවීම් නැතිව දිගුකාලීනව ස්ථිර ජාතික ප්‍රතිපත්තියක් යටතේ කටයුතු කරනවානම් ප්‍රශ්න සියල්ල ස්වයංක්‍රීය ලෙසම විසඳෙයි.


      Delete
    13. "සැපයුම අඩු වී මිල අඩු වූ විට කොටසක් වී ගොවිතැනෙන් ඉවත් වී සැපයුම අඩු වී නැවතත් මිල ඉහළ යනවා"
      උඩ පළමු ඡේදයේ අවසන් වැකියට පෙර වැකිය නිවැරදි කිරීම: සැපයුම වැඩි වී මිල අඩු වූ විට කොටසක් වී ගොවිතැනෙන් ඉවත් වී සැපයුම අඩු වී නැවතත් මිල ඉහළ යනවා

      Delete
    14. // යම් හෙයකින් සැපයුම අඩුවී මිල මේ ස්ථාවර මිලට වඩා ඉහළ ගිය විට ලාභ වැඩි වන නිසා වී වගාවට වැඩි පිරිසක් යොමු වී, සැපයුම වැඩි වන නිසා මිල නැවත පහළ එනවා. ඒ තමයි පාරිභෝගිකයින් විසින් ස්වභාවිකවම වී ගොවියා දිරිමත් කරන යාන්ත්‍රණය. සැපයුම අඩු වී මිල අඩු වූ විට කොටසක් වී ගොවිතැනෙන් ඉවත් වී සැපයුම අඩු වී නැවතත් මිල ඉහළ යනවා. මේ අයුරින් මේ කර්මාන්තය ස්වයං-නියාමනය වෙනවා. //

      ඔය අනවශ්ය දේසපාලන ඇඟිලි ගැසීම් වලින් තොරව තිබේනා විට ඇතිවන ත්ත්වය.

      ඒත් ඇත්තටම සිද්ද වුනේ මොකක්ද??

      පසුගිය අස්වැන්නේදී ගොවියාට වී කිලෝවකට ලැබුනේ රුපියල් 20 සිට 28 දක්වායි.

      ලාබයකුත් තබාගෙන, වී කිලෝවක් හාල් වලට පත් කලාම විකුනන මිල සූත්‍රයක් තිබෙනවා... මට මතක විදියට එය [(x / 3) x 5 ] + 8 වගේ.

      එයට අනුව වී කිලෝව රුපියල් 30 ලබාගත්ත් හාල් කිලෝව රුපියල් 58 ට දිය හැකියි.

      ඒ වෙනුවට සිද්ද වුනේ මොකක්ද??

      වී මිල ඊට පෙර වසරට 1/3 වඩා අඩු වුනා.. හාල් මිල ඊට පෙර වසරට වඩා 1/3 පමන වැඩි වුනා.


      Delete
    15. මා ගරු එකොනොමැට්ටා තුමාගෙන් මේ ප්‍රශ්නය අහන්න කැමතියි:

      මේ සහල් උපරිම මිලක් ගැසට් කල නිසා පාරිබෝගිකයාත්, වෙලෙඳාත් දෙපාර්ශවයම තැලෙන බව පේනවා...


      පාලන මිලක් ගැසට් නොකර සහල් මිල අඩුකරන්න විදියක් රජයකට තිබෙනවද?

      Delete
    16. ඔය මිල සූත්‍ර නියම කිරීම සමඟ මම එකඟ නැහැ. එයින් කරන්නේ ව්‍යාපාරිකයෙකු විසින් ලබා ගත යුතු ලාභය වෙනත් අයෙකු විසින් තීරණය කිරීමයි. නමුත්, තමන් බලාපොරොත්තු වන ලාබය එක් එක් ව්‍යාපාරිකයාගේ පෞද්ගලික තීරණයක් නිසා ඒ ඒ අයගේ මිල සූත්‍ර මිස සියල්ලන්ටම පොදු මිල සූත්‍රයක් තියෙන්න විදිහක් නැහැ. ඔය මිල සූත්‍රය අනුව සහල් වෙළඳපොළට නොපැමිණීමෙන් පෙනෙන්නේ එය ව්‍යාපාරිකයින් වැඩි දෙනෙකුට පිළිගත නොහැක්කක් බවයි.

      දැන් මිල වැඩි වෙලා තියෙන්නේ මොන හාල් වර්ග වලද?

      මහ බැංකු දත්ත අනුව වසරකට පෙර රතු කැකුළු කිලෝවක් 73යි. සම්බා කිලෝවක් 95යි. සම්බා මිල දැනටත් තියෙන්නේ අවුරුද්දකට පෙර තිබුණු මට්ටමේමයි. රතු කැකුළු මිල සම්බා මිල මට්ටමටම වැඩි වෙලා.

      http://economatta.blogspot.com/2017/01/blog-post_24.html

      දළ වශයෙන් කිවුවොත් සිදු වෙලා තියෙන්නේ නිෂ්පාදනය වැඩි වීම නිසා විශාල ලෙස පහත වැටී තිබුණු දේශීය සහල් මිල නිෂ්පාදනය අඩුවීමත් සමඟ ආනයනික සහල් මිල මට්ටමට සමාන වී තිබීමයි. මේ මිල තවත් වැඩි වෙන්න ඉඩක් තිබුණා කියා මම හිතන්නේ නැහැ. ඒ වගේම මේ මිල "වැරදි මිලක්" කියාත් මම හිතන්නේ නැහැ. ඒ නිසා මිල පාලනය හරහා "වැරදි මිලක්" හඳුන්වා දුන් විට අප පෙර කතා කළ ප්‍රශ්න ඇති වෙනවා.

      ප්‍රශ්නයට විසඳුමක් ලෙස රජය විසින් සහල් ආනයන බදු විශාල ලෙස අඩු කර තිබෙනවා. මේ අනුව ආනයනික සහල් මිල පාලන මිල මට්ටමට අඩු විය යුතුයි. මේ වෙලාවේ ලෝක සහල් මිල ස්ථාවරව තිබීමත් වාසියක්. කෙසේ වුවත්, මේ බදු අඩු කිරීම් කළේ ජනවාරි 28 වෙනිදා. අඩු කළ බදු වල වාසිය ගෙන සහල් ආනයනය කර විකිණීමට සති ගණනක් ගත විය හැකියි. පකිස්ථානයෙන් පසුගිය බදාදා ගුවන් මඟින් සහල් මෙට්‍රික් ටොන් 25ක් එවා තිබුණත් සාමාන්‍යයෙන් සහල් එසේ ගෙනෙන්නේ නැහැ. ඒ වගේම වැඩි බදු මිලක් ගෙවා ගෙන්වූ සහල් තොග කිසිවෙකු අඩුවට විකුණන එකක් නැහැ. මෙසේ ආනයනය කර ඇති තොග ගොඩක් වැඩිනම් වැඩේ පරක්කු වෙයි. මිල වැඩි වීම වලක්වා ගත යුතුයි කියා සිතුවානම් බදු අඩු කිරීම කළයුතුව තිබුණේ ටිකක් කලින්.

      මම හිතන විදිහට අඩු කළ බදු මිල යටතේ ආනයනය කෙරෙන සහල් තොග වෙළදපොළට එන කොට මිල අඩුවෙයි. එවිට පොලිමුත් නැති වෙයි. එහෙත් ඒ සඳහා සති ගණනාවක් යයි. එතෙක් අඩු මිලට ගන්න වෙන්නේ තත්ත්වයෙන් බාල කඩ වල සහ ගබඩා වල ඉතිරි වී ඇති සහල් තොග. ඒ වගේම මිල පාලනය නිසා සිදුවන තවත් අහිතකර දෙයක් වන්නේ වැඩි බදු මිලක් ගෙවා දැනටම ආනයනය කර තිබෙන තොග ක්ලියර් කර ගැනීමට තොග වෙළෙන්දන්ට ඇති අවස්ථාව නැති වීම. මේ හේතුව නිසා බදු අඩු කළත් එහි වාසිය පාරිභෝගිකයාට ලැබෙන එක තවත් ප්‍රමාද වෙයි.

      Delete
  12. සා රස තුමා. ඉස්සෙල්ල පොස්ට් එකට දමපු අන්තිම කොමෙන්ටුවත් බලනු මැනවි.

    මේ පොස්ට් එකට අදාලව නම් කියත හැක්කේ, ජහපාලනය කෙසේවෙතත් රටට හාල් ටිකත් දෙන්ට බැරි ඇවුනට ඉතින් කරන්ට තියෙන්නෙ ක;ලින් කොරා වගේ ග්‍රාමසේවක කමක් කොරන් යන්ට තියෙන තැනට පන්සලක් පල්ලියකට ගිහින් පින් ටිකක් රැස්කොරගන්ට කියලාය.

    ඊට වැඩිය හොඳය රට කොරවීම පැත්තකට දමා සම්මාන උළෙලක් කොරල කියක් හරි හොයන් නිකන් ඉන්න එක. මොකද දැන් තියෙන ට්‍රෙන්ඩ් එක හැටියට සම්මානා උළෙලවල් කිරීම මගිනුත් ආයෝජකයන් සොයාගන්න පුළුවන් වීමය.

    අපිට සතුටුයි දැන් හිටං... :D

    ReplyDelete
    Replies
    1. ටිලාන් ආතල් අයියා තුමෝ,
      ඔහේ ගේ ඉසෙල්ලා කොමෙන්ටුව කියෙවුවා... උත්තරත් බැන්දා.. ඒකට බොහෝම ස්තූතියි හිටන්.

      මේ හාල් වැඩේ නම් මාර කේස් එකක් හිටන්. ඇත්ටටම අද තත්තවේ හැටියට බොහෝ සහල් ව්යාපාරිකයන් ට රජයේ පාලන මිල වන රු 80 ට සම්බා කිලෝවක් දෙන්න බැහැ..

      ඉකොනොමැට්ට ඉහලින් ලියා තියෙන බයානක සිනාරියෝ එක සිද්ද වුනොත් අනාතයි හිටන්!

      ඔහේ කියනවා වගේ හාල් වියාපාරිකයෝ හාල් වෙලෙඳාම නවත්තලා සම්මාන උලෙලවල් පවත්වයි එදා වේල රැකගන්න හිටන්!

      Delete
    2. //හාල් වියාපාරිකයෝ හාල් වෙලෙඳාම නවත්තලා සම්මාන උලෙලවල් පවත්වයි එදා වේල රැකගන්න//

      Haha ha! That's hilarious ��

      Delete
    3. :D

      හාල් වෙලෙඳුන් ට ජය වේවා ගරු ඇනෝ තුමනි...

      ඔන්න ඊයේ හාල් කඩේ හාදයා කීව පරිදිම සෑහෙන වෙලෙඳසැල් ගනනාවක හාල් සීල් තියලා නඩු දාන්න පාරිබෝගික අදිකාරිය තීරනේ කලා කියලා නිවුස් වලට ගියා. බන්දුල ගේ ලනුව නිසා ගැසට් වෙච්චි හාල් මිල හන්දා පාරිබෝගික අදිකාරියේ ෆ්ලයින් ස්කොඩ් එකට රජ මගුල් වගේ හිටන්!

      Delete
    4. ....||..AnonymousFebruary 10, 2017 at 5:52 AM
      //හාල් වියාපාරිකයෝ හාල් වෙලෙඳාම නවත්තලා සම්මාන උලෙලවල් පවත්වයි එදා වේල රැකගන්න//

      Haha ha! That's hilarious ��....???

      Delete
  13. http://lankacnews.com/%e0%b6%b4%e0%b7%9c%e0%b6%bd%e0%b7%9c%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1%e0%b6%bb%e0%b7%94%e0%b7%80%e0%b7%9a-%e0%b7%83%e0%b7%84%e0%b6%bd%e0%b7%8a-%e0%b6%bb%e0%b6%a2%e0%b7%99%e0%b6%9a%e0%b7%8a-%e0%b6%b1/




    පොලොන්නරුවේ සහල් රජෙක් නින්දිත වැඩක.. ඉන්දියා අඩුමිල හාල් ලංකාවේ නාමයෙන් වෙලදපලට.. කිලෝවකින් තිහක් ලාබයි..
    February 9, 2017 at 2:10 pm | lanka C news | ලංකා සී නිවුස්
    පොලොන්නරුවේ සහල් රජෙක් නින්දිත වැඩක.. ඉන්දියා අඩුමිල හාල් ලංකාවේ නාමයෙන් වෙලදපලට.. කිලෝවකින් තිහක් ලාබයි..

    පොලොන්නරුවේ ප‍්‍රධානතම සහල් ව්‍යාපාරිකයෙක් ඉන්දියාවට ගොස් ඉන්දියාවෙන් සහල් අඩු මිලට ගෙන මෙරට වෙලද නාමයෙන් දේශීය වෙලද පොලට නිකුත් කිරීමට කටයුතු කර ඇති බව පොලොන්නරුවේ සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන්ගේ සංගමය චෝදනා කරයි.

    එහි සභාපති ගාමිණි කුමාරසිංහ මහතා මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේ අදාල ව්‍යාපාරිකයා විශාල සහල් තොගයක් ඇණැවුම් කර අධික ලාබයක් ලබමින් ලංකාවේ වෙලද නාමයකින් ඉන්දියාවේ හාල් කවමින් නින්දිත වැඩක යෙදී සිටින බවයි.

    කවර මාරු කිරීමෙන් පමණක් අදාල ව්‍යාපාරිකයා එක් සහල් කිලෝවකින් රුපියල් තිහක (30) ලාබයක් ලබන බවද ඔහු පෙන්වා දුන්නේය.

    ReplyDelete
  14. ඕක තමයි දෙයිහාමුදුරුවනේ මේ කියන්නෙ. ඔය කියන විදිහට ලෝ බජට් වලින් ලක්ෂ ගණන් වියදම් වෙන උත්සව වලට ආයෝජකයෝ ලංකාවෙන්ම හොයාගන්න පුලුවන්නම් ඇයි යකෝ බැරි මේ හාල් සිද්දියට ලංකාවේම ආයෝජකයො හොයාගන්ට.

    ඉකොනොමට්ට කියල තියෙන්නෙත් සහතික ඇත්ත සා රස තුමෝ..

    සී නුවර තට්ටයගේ අනුග්‍රහයෙන් බැරි වෙයිද මොනවත් කොරන්ට. මොකද උන් ඇවිල්ල විසිදාහක් වියදම් කරල විසිලක්ෂයක දේවල් බලාපොරොත්තු වෙන අයනේ ... :D

    ReplyDelete
    Replies
    1. ගරු ටිලාන් ආතල් අය්යා තුමෝ,

      ගරු ඉකොනොමැට්ටා තුමා ගේ විශ්ලේශනය ටක්කෙටම හරි.. දැන් නිවුස් වලට එතුමා සඳහන් කරපු සෑම අන්ගයක් ම ඔයි හාල් කෙරුවාව සම්බන්දයෙන් පෙන්නුවා... අන්තිමට ගරු ඉකොනොමැට්ටා තුමා කලින් කියූ පරිදි ම රුපියල් 80 පාලන මිලට විකුනන්න මනුශ්ය ආහාරයට නුසුදුසු යැයි අහක් කරන ලද හාල් පවා විකුනනවා පෙන්නුවා!!!

      සහල් වෙලෙඳන් ට එයාලගේ හුරුපුරුදු සැපයුම්කරුවන් ගෙන් ලාබෙට හාල් නොලැබෙන කල ඉතා ලාබයට ලැබෙන මනුශ්ය ආහාරයට නුසුදුසු සහල් ඒගොල්ලෝ විකුනන්න පටන් අරන්.

      Delete
    2. "සී නුවර තට්ටය" ? සිනුවර තට්ටය නෙමෙයි ටිලාන් "සිපිපිය". උඹ දාපු නම දිගටම පාවිච්චි කරපන්.

      Delete
    3. ඔවු... සිපිපියා කියන නම වඩා හොඳයි හිටන්!

      Delete
  15. සාරස තුමෝ,

    වැඩිය සද්ද බද්ද කරන්ඩ එපා. ඔය හැමෝම හිමීට හිමීට මහින්ද තුමාට සපෝට් එකක් දෙන්නේ.
    මහින්ද තුමාට දැන් තියෙන්නේ 1970 පරණ 'තැටිය' හොයාගන්ඩ විතරයි.
    හාල් හංගල, ක්රෝටන් කොළ පෙන්නලා බය කොරල එහෙම එනකොට, අර 'තැටිය' දැම්මම මහින්ද තුමාට වැඩේ නිකන් 'බඩේ බත්' වගේ.
    'අපි හඳෙන් හාල් ගෙනෙත් දෙනවා!!'
    ඔහොම යන්.

    ReplyDelete
    Replies
    1. අන්න හැට්ටර් මචෝ සටන් පාඨ . අන්න පොරොන්දු. වැඩේට බහිමු. ඇට අට ඊලඟ පාරට දාමු. කෝ මහින්ද මාමා වැරදි ස්ලෝගන්ස්නේ ගේන්නේ. හිසට සෙවනක් සජිත් පස්සේ ගෙනෙයි...

      Delete
    2. // වැඩිය සද්ද බද්ද කරන්ඩ එපා. ඔය හැමෝම හිමීට හිමීට මහින්ද තුමාට සපෝට් එකක් දෙන්නේ. //

      ගරු හැට්ටර් තුමෝ.... මේක වෙනසක් සිදු කරන අවුරුද්ද නොවැ...

      Delete
  16. චෑ ...චෑ..ඔහොම කට කතා පතුරුවන එක නරකයි සර ස තුමෝ. අපේ රටේ ඉන්න හැට දෙලක්ෂයක වෙන්ඩ සිංගප්පූරු ජනතාවට, ඔය පිෂ්ටය බහුල බයි කෑම හරි යනව ද ?
    පොඩ්ඩක් රනිල් තුමාට ඉඩ දෙන්නකො හම්බන්තොට වරාය ගොඩ දාන්න. සල්ලි වලින් සාක්කු පුරෝගෙන ඉන්න ජනතාවට ඇති වෙන්න පොෂ් කෑම ගෙනල්ල ඔය වහල තියෙන කඩවල් පුරවයි.

    ReplyDelete
    Replies
    1. // Asanga ManpitiyaFebruary 10, 2017 at 11:52 AM

      චෑ ...චෑ..ඔහොම කට කතා පතුරුවන එක නරකයි සර ස තුමෝ. අපේ රටේ ඉන්න හැට දෙලක්ෂයක වෙන්ඩ සිංගප්පූරු ජනතාවට, ඔය පිෂ්ටය බහුල බයි කෑම හරි යනව ද ? //


      අපේ සින්ගපූරු පුරවැසියා වන ගරු අර්ජුන් මහේන්ද්‍රන් මහ බැන්කු ක්‍රෙඩිට් කාඩ් එකෙන් කාපු කෑම කොහොමද ගරු අසන්ග තුමෝ?

      Delete
  17. Sarasa thumo mama mahinda wenuwen kochchara katha kalath me manussaya iye Pereda karapu wada dekak nisa sampoornayenma mage adahasa wenas kara gaththa. Palaweni eka saitam ekata wiruddha weema. De weni eka kudu dumiyawa balanna yama. Oni mala danayak udin balaya allanna witharak balagena inna gan kabarek kiyala dannam mata hondatama penawa. Obathuma mun degollama paththakata Dala deshapalakayange waraprasada adu karala munwa meeta wada janathawata wagakiyana thathwekata path karanna wehesunoth hondayi kiyala hithenawa!

    ReplyDelete
    Replies
    1. සයිටම් එකට විරුද්ද වීම යනු පෝස්ටර් ගහන්න, එකේ යහපාලනේ ට ගහන්න නොමිලේම ලැබෙනා මිලියන ගානක මානව සම්පත් කියලා ඔහෙට තේරෙන්නෙ නැතෙයි?

      දේසපාලනේ කියන්නේ ඕක තමයි හිටන්!

      Delete
    2. මාලඹේ සයිටම් පුද්ගලික වෛද්‍ය විද්‍යාලයේ ප්‍රධාන විධායක නිලධාරයා වන සමීර සේනාරත්න ගමන් ගත් වාහනයට වෙඩි වරුසාවක් ප්‍රසිද්ධියේ එල්ල කොට ඔහුට හානියක් නොකොර වාහනයේ විදුරු කිහිපයකට අලාභහානි කොට තිබුනි.

      මෙම සැලැස්ම සැලසුම් කොට ඇත්තේ දේශපාලන පුත‍්‍රයෙකු, පිරිමි නර්ස් කෙනෙකු මෙන්ම රටේ ප්‍රධාන පෙලේ පාතාල කල්ලියක නායකයකු විසින් බවට අන්තර්ජාල මාධ්‍ය කිහිපයක හා සමජා ජාලාවල තොරතුරු සංසරණය වෙමින් ඇත.

      මෙහිදී මේ සම්බන්ධව කට උත්තරය නිසියාකාරව සටහන් කර ගැනීමට නොහැකි වී ඇත්තේ වෙඩි ප‍්‍රහාරයක් එල්ල වීමෙන් කිසිදු සීරීමකදු නැතිව අසාමාන්‍ය ලෙස දිවි ගලවා ගත් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරයා වන සමීර සේනාරත්න පොලීසියටද නොදන්වා විදෙස්ගතව වී තිබිම නිසායි.

      Delete
  18. Replies
    1. Sirimaa answering here please... how could I help you Mr Mathalan?

      Delete
    2. නෑ මචෝ.... හාල් වඩි නම් 1977 කෝල් කරන්න කියලා සිරිසේනගේ ආන්ඩුවෙන් කිව්වා...

      Delete
    3. මාර ජෝක් එක නේ....
      1977 කිවුව්වම මතක් වෙන්නේ සිරිමා නෝනගේ හාල් පොලු නේ හිටන්!
      කවුද දන්නෑ හිටන් ට මේ වගේ ලනු දෙන හාදයා!!!

      Delete
  19. අපේ කුලී ලියන්නා .. පැරකුම් ජයා , තමන්ටම කුණුහරප කොමෙන්ට්ස් දාගෙන චොර වෙලා ඇනොලගෙන් මදි නොකිය නා ගන්නවා. ඇනොවෙක් කියල තියෙන එක හරියට හරි. එක හරි හමං ප්‍රතිපත්තියක් කොළ කෑල්ලක ලියාගන්න බැරි කාලකන්නි හරක්.

    - වෙලාවක "වෛරී අදහස් ඉවත් කරනව" ලු , එත් තමන් ඇනෝ ඇවිල්ල දාපු අමු කුණුහරප තියෙන්න අරිනවලු
    - වෙලාවක ටියුෂන් එපාලු , වෙලාවක පෞද්ගලික අධ්‍යාපනය (සයිටම්) ඕනෙලු
    - වෙලාවක මධ්‍යම පන්තිය අකුලන්න ඕනෙලු . වෙලාවක "අපට සල්ලිත් නැහැ. හැබැයි සල්ලි තියෙන එවුන් විනාශ කරන්නට ඕනැ ය කියලා අරමුණකුත් නැහැ. " ලූ

    මෙහෙමත් ජිවිත

    ReplyDelete
    Replies
    1. @ Anonymous February 11, 2017 at 10:49 AM

      සිරිකොතෙන් කියන්නෙ මොකද්ද, මං ඒක ලියනවා ආයිබෝන්ඩ.....

      එහෙම නැතිව, මට මගේ කියලා ජීවිතයක් නෑ හිටන්.

      Delete
    2. නන්න පෝල් වී තිබුණු මතුගම බ්ලොගය දැන් අර්ධ-ශතකයක් සමඟින් නැවතත් කරළියේ. ජයවේවා!!!

      Delete
  20. රට බංකොලොත් වන බව ප්‍රථම වරට රජය කියයි..

    චන්දා says:
    February 12, 2017 at 9:21 am
    යම් තරමකට හෝ රටක් වශයෙන් ඉදිරියට යමින් සිටි පාලන තන්ත්‍රයට පයින් ගසා ප්‍රෝඩා යහපාලානේ අනුමත කරමින් වැඩි ජන ඡන්ද දී පාණ්ඩු ආණ්ඩු පත් කරගත්තානම් , ජනතාවට එහි අනිටු විපාක විදින්න හරින්න ඕනේ,චාමර.

    චන්දා says:
    February 12, 2017 at 9:21 am
    යම් තරමකට හෝ රටක් වශයෙන් ඉදිරියට යමින් සිටි පාලන තන්ත්‍රයට පයින් ගසා ප්‍රෝඩා යහපාලානේ අනුමත කරමින් වැඩි ජන ඡන්ද දී පාණ්ඩු ආණ්ඩු පත් කරගත්තානම් , ජනතාවට එහි අනිටු විපාක විදින්න හරින්න ඕනේ,චාමර.


    චන්දා says:
    February 12, 2017 at 9:34 am
    අපේ සිංහල බහුතර මෝඩ රෙල මහින්ද කරයි කියන හොරකම්, රන් අස්වයෝ ,හෙලිකොප්ටර්,ලම්බෝගිනි ඔලුවට අරන් සර්වජන ඡන්ද බලයේ හයිය පෙන්නන්න ආණ්ඩු පෙරලන්න දායක වුනා නම් දැන් වෙන පඩත්තලකම් කාගෙන කටපියන් හිටිව්. කූට යහපාලන කෙබර පිළිගෙන වැඩි මනාපය දුන් තොපිට බොරු යහපාලන නිසාම කෙලවෙනවා දකින්න ඉවසුමක් නැහැ මටනම්.

    ReplyDelete
  21. 70 ගණන්වල තිබුණ හාල්පොලු, හාල් පෝලිං ආයෙම එයිවත්ද..
    මෛත්‍රී උන්නැහෙත් දේශපාලනේට ආවෙ සිරිම නෝනගෙ පිහිටෙන් කියල්‍යි අහල තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. සහල් වලට පාලන මිලක් ගැසට් කිරීමෙන් යහපාලන රජය අනවශ්ය ප්‍රශ්න රැසක් රෙද්ද අස්සෙ දා ගත්තයි කියලයි මට හිතෙන්නේ...

      වැඩි මිලට සහල් තොග මිල දී ගත් ව්යාපාරිකයන් හිර වෙලා...

      Delete
    2. විවෘත ආර්ථිකේ..සංවෘත වෙළෙඳ පොල..
      සීනියි, ලුනු මිරිසුයි වගේ..

      Delete
  22. කපෝතිකර අලවුන පැරකොට්ධර්මසූරිය නාගරාජේන්ද්‍රයට කියල හංගපු හාල් අල්ලන මැෂිමක් හදා ගන්න බැරිද සාරස?

    ReplyDelete
    Replies
    1. හෆොයි..

      එයැයි ගේ අන්තිම පෝස්ට් එකට කොමෙන්ට් කොරන්න ගියා...

      කොමෙන්ට් කොරන්න පුලුවන් මිතුරන් අතරේ පමනයි කියලා වොර්නින්ග් එකක් ආවනේ හිටන් ගරු ඇනෝ තුමෝ....

      මගෙ කොමෙන්ටුව මෙන්න මේකයි:
      "ඔහේ ලන්කාවෙ විශ්ව විද්යාල වල තත්ත්වය ගැන විවේචනය කොරනවා... ඒත් විශ්ව විද්යාල උපාදියක් නැතිව සමහරු එයාලට දොස්තර කියාගන්නවා... ඒක සාදාරනද හිටන්"

      Delete
    2. මම tution පන්තියක් පටන්ගන්නවා .සල්ලි අරන් A /L විභාගයත් මමම තියලා සහතික දෙනවා.අධ්‍යාපන දෙපාර්තමේන්තුව රජයේ විශ්වවිද්‍යාල වලට ළමයි ගන්න බැහැ කියනවා .මම ඒ වෙලාවට කියනවා අඩුටික ඔබ උගන්වන්ඩ නමුත් මම දුන්න A /L results වලින් ඒ අය ගැතයුතුයි කියලා . අනෙක් අයට තියන විබාගයට මගේ ළමයි ලිව්වොත් මගේ පන්තියේ අය fail කරයි කියලා .ඒ අතරේ ළමයෙකුට කියන්ඩ කියනවා , සල්ලි ගෙවලා class ගියේ . විශ්වවිද්‍යාලයට විබාග නොලියා ගත්තේ නැත්නම් මානවහිමිකම් උල්ලංගනය වෙන බව . ඒ අතරේ චන්දෙන් පැරදුන කටහැකර ඇමති බන්ඩෙකුයි , නැව් හොරෙකුයි , රට විකුණන joker ඇල්ලෙකුයි සල්ලිවලට ගන්නවා කහින්ඩ. මගේ පන්තිය තමයි දක්ෂයෝ බිහිකරන කප්රුක . කොහොමද ටිකිරි මොලේ .

      Delete
    3. (01) ලෝකයේ මොනයම් පෞද්ගලික විශ්වවිද්‍යාලයක් උනත් ලංකාවේ ආරම්භ කලාට කමක් නෑ. ඒ විශ්වවිද්‍යාලයවල ඉගෙන ගන්න ලමයි වාඩි වෙන්නේ එක්කෝ ලංකාවේ ආණ්ඩුවේ විභාග වලට නැත්නම් එංගලන්ත ආණ්ඩුව තබන විභාගවලට. එවිට හැමෝම එක ප්‍රමිථියකට එනවා.

      විශ්වවිද්‍යාලය අධ්‍යපන මට්ටම නුසුදුසුනම් ප්‍රමිතියෙන් තොරනම් අනිවාර්යෙනම අර පොදු විභාගයේදී ඔවුන් අසමත් වෙනවා. මෙහිදී සිදු වෙන්නේ අධ්‍යපනය පෞද්ගලික විශ්වවිද්‍යාලයලෙන් ලබාදුන්නත් විභාග පැවැත්වීම ආණ්ඩුවෙන් සිදු කිරීමයි. එවිට පිළිගත් විභාගයකට මහුන දීමට අනිවාර්යෙන් සිදුවෙනවා. නමුත් පෞද්ගලික විශ්ව විද්‍යාල වලදී අධ්‍යාපනයත් පෞද්ගලික අංශයෙන්.

      Delete
    4. (02) ඒ වගේම විභාගය පවත්වන්නේත් පෞද්ගලික අංශයෙන්. මෙයාලට ඔන හොදට ඉගෙන ගන්න නෙමෙයිනේ. උපාධි සහතිකය අරන් වෛද්‍ය වරයෙක් වෙන්න. ලේසියේනම විභාගය සමත්වෙලා උපාධිය ලබාගන්න පුළුවන් තැනට තමයි කවුරුත් යන්නේ.

      මෙහිදී ඇතුමුන් අහනවා වෛද්‍ය වරුන්ට පෞද්ගලිකව බෙහෙත් දෙන්න පුළුවන් මුදල් අරන්. නමුත් වෛද්‍ය අද්‍යාපනයට විරුද්ධ ඇයි කියලා. අපි මුදල් ගෙවා වෛද්‍ය ප්‍රථිකාර ගනිද්දී යන්නේ අපිට ගෙවනන් පුළුවන් ඉහලම මිලට හොදම දොස්තර හොයාගෙන. නමුත් උපාධිය මිලට ගන්න ගියාම හොයන්නේ හොදම උපාධිය නෙමෙයි ලෙහෙසියෙන්ම සමත්විය හැකි උපාධිය.

      මේ විදිහට පෞද්ගලික ලාභ ලබන විශ්ව විධ්‍යාල තියෙන්නේ ලෝකයේම රවල් දහයක පමන. ඉන්දියාවත් ඉන් එකක්. අද එහි තතවය කුමක්ද? උපාධිය තුට්ටු දෙකට වැටිලා. ආචාර්ය උපාධි ධාරීන් ඉන්නවා පියුම් කමටවත් යන්න බැරුව.

      - Prabhath Nissanka

      Delete
    5. දොස්තරල කරන්නෙ අනික් අය හොයගනිපු බෙහෙත් තුන්ඩුවල ලියන එක.
      කොන්දොස්තර කරන්නෙ බස් තුන්ඩු දෙන එක.

      අනේ ගොනො අනික් මිනිස්සු වැඩ කරන්නෙ මොලෙන් නෙමෙයිද? Commerce, Arts, Maths කරන්න බැරුව bio කරල එනව මෙතන අනික් අයට හිනා වෙන්න

      Delete
  23. අපේ විචාරක තුමා අසනීපෙන් නේ.. නැත්තන් යවන්න තිබ්බ මේක ගැන සමීක්ෂණයක් කරන්න..

    ReplyDelete
  24. මෙරට සහල් හිගය නිසා විදේශයන්ගෙන් ආනයනය කරන සහල්වල ඉහල ආසනික් ප‍්‍රතිශතයක් අඩංගු වීමේ වැඩි අවදානමක් ඇති බව ආචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

    මේ සම්බන්ධයෙන් රජය වහා සොයා බැලිය යුතු යයි පවසන ජයසුමන මහතා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ එම සහල් භාවිත කරන්නේ නම් වැඩි වාර ගනනක් සෝදා ජලය වැඩි පුර යොදා පිසගන්නා ලෙසයි.

    ReplyDelete
  25. අන්තිමේ අද හාලූත් නෑ, වීත් නෑ, මත්තල එයාපෝට් එකත් නෑ !

    ReplyDelete
  26. ලංකාව දැන් අමුතුම මිනිස්සු ඉන්න රටක්. මීට අවුරුදු 30 ට විතර උඩදි හිටපු මිනිස්සු නෙමෙයි දැන් ඉන්නෙ. නොදන්නා කෙනෙකුගෙන් පාරක් තොටක් අහන්නත් බයයි. නුපුරුදු පලාතකදි කොළඹ බස් නවත්වන හෝල්ට් එක කොහෙද තියෙන්නෙ කියලා මම ගෑනු කෙනෙක් ගෙන් ඇහුවම බස් හෝල්ට් එක පෙන්නලා පස්සෙ ඇවිත් දුක මාකට් කරලා මගෙන් සල්ලි ඉල්ලුවා. පොඩි ළමයෙක් ගෙන් වුනත් මොනවා හරි ඇහුවොත් උත්තර දෙන්නෙ ඇඟට කඩන් පැනලා. වෙන මොනවත්ම ඕනා නෑ තමන් නොදන්න කෙනෙකුට වුනත් බලා හිටියා වගේ කයි කතන්දර හදලා පුදුම විදියෙ අශික්ඛිත සතුටකින් හිත පුරවාගන්න හදන පහත් මනුස්ස කොට්ඨාශයක් බලා ඉඳිද්දි වැඩි වෙනවා.

    - Erandi Perera

    ReplyDelete
  27. හිතට දුක අලියාගේ පුකේ එල්ලිලා දිවිය ලෝකේ යන්න හැදුව මුල්ම අවස්තාව මේක නොවන නිසා

    ReplyDelete