හෙල වියුනු ලොව නව ආරක වියුනු හා ආලෝචන හදුන්වාදීමේ පුරෝගාමී ලාංකීය උගතකු, බුද්ධිමතකු, ශාස්ත්‍රාලීය ශාස්ත්‍රවන්තයකු, විද්වත් වෘත්තිකයකු සහ ජාතිමාමක ලාංකිකයකු වන සදප්ම්ටන් වාසී අතිගරු කලානිධි බන්‍ධුල කුදලාගම මැතිතුමා සරස තුමා ගෙන් ඇසූ පැනයක් පහත පල වේ
ලාංකීය අගයනට, ලාංකීය විද්වතුනට, ලාංකීය උසස් අධ්‍යාපන ආයතනවලට, ලාංකීය
වෘත්තිකයනට ගරහන, අවමාන කරන, වෛර කරන සරලමතික කල්ලියක් වියුණු ලොව බිහි ඇත. ඔබ මෙකී සරලමතිකයන් පිළිබඳ
දරන පැහැදිලි අස්ථානය කුමක් ද?
මෙය බැරෑරුම් පැනයකි. පිලිතුරට පෙර පැනයේ පසුබිම ගැන කුඩා පැහැදිලිකිරීමක් අවශ්‍ය බව සර ස තුමා ගේ හැඟීමයි.
පැනයෙන් පැහැදිලි වන පරිදිම මෙය නව ප්‍රවනතාවකි. අතීතයේ දී මෙවන් ලාංකීය අගයනට, ලාංකීය විද්වතුනට, ලාංකීය උසස් අධ්‍යාපන ආයතනවලට, ලාංකීය
වෘත්තිකයනට ගරහන, අවමාන කරන, වෛර කරන උදවිය සිටියේ නැතිම තරම් ය. එහෙත් දැන් දැන් එවන් සරලමතිකයන් වැඩි වැඩියෙන් අප සමාජයේ සිටී.
මා සිතනා අන්දමට මෙම ලාංකීය අගයනට, ලාංකීය විද්වතුනට, ලාංකීය උසස් අධ්‍යාපන ආයතනවලට, ලාංකීය
වෘත්තිකයනට ගරහන, අවමාන කරන, වෛර කරන සරලමතිකයන් ගේ සීග්‍ර ප්‍රචාරණයට ප්‍රදානතම හේතුව ලාංකීය උසස් අධ්‍යාපන ආයතනවලින් ඉගෙන වෘතිකයන් හා වියතුන් වූ විද්වතුන් ම ය.
තමන් ගේ බාල කාලයේ සිට ම ඊරිසියාව නැමැති කොලපැහැති ඇස් ඇති මොන්ස්ටරයා ගේ බලයට යටත් වී තමා සමග එකට ලාන්කීය උසස් අධ්යාපන ආයතන වල ඉගෙන ගන්නා එහෙත් තමාට වඩා යමක් කමක් ඇති, තමා මෙන් ග්‍රාමීය නොව නගරයේ ජීවත් වන, තමාගේ පාසලට වඩා උසස් පාසැලකින් අධ්යාපනය ලද, තමාට වඩා හොඳ පෞර්ශ්‍යත්වයක් ඇති අය සමග සඟවාගත් වෛරයකින් පසු වී, ඉඩක් ලද සෑම විටම ඔවුන් ව පාගා දැමීමට කටයුතු කිරීම මේ විගඩමේ මුල් ම අදියරයි.
කෙසේ හෝ වන්ගුවක් ගසා අමාරුවෙන් විබාග සමත් වී වෘතීය ජීවිතය අරඹන මේ විද්වත් හු තම ජීවිතයම කැප කරන්නේ ලොක්කන් පසුපස යමින්, දේසපාලකයන් ට මුට්ටිය අල්ලමින් සමහර විට ඉතාමත් නීච අන්දමට ආගමික නායකයන් පවා යොදාගනිමින් තමාට සුදුසුකම් නැති ඉහල තනතුරු ලබාගැනීමට ය.
තනතුරින් ඉන්ජිනේරු, විද්‍යාඥ සහ රටේත් නැති ගොන් පාට් තිබේ යැයි පාරම්බාන්නා ගේ ජීවිතයේ සොඳුරුම අවස්තාව කාලයක් එකසිය ගනනට මිනී මැරූ දත් ගලවා නැවු අටක් ගත් කට ඇරියොත් බොරු කියනා දේසපාලුවෙකු දෙපාමුල කුඩා බලු පැටියෙකු මෙන් වැටී සිටීම බව අප ඊයේ ඉගෙන ගත්තෙමු.
එය සාදාරනීකරනය කරන්නේ එම දේසපාලුවා බෙහෙත් මිල අඩුකෙරුවා ඒ නිසා එයා මාර චරිතයක් කියා ය. සරස තුමා ට මතක් වන්නේ බල්ලාගේ නැට්ටේ බැඳුනු මී වදය ගැන ය.
මෙම පිටකොන්දක් නැති වෘතික විද්වත්හු කට ඇරියොත් විවේචනය කරන්නේ ලාන්කිකත්වයයි. නැතහොත් ජාතිකත්වයයි. රට ජාතිය ගැන හැඟීමක් ඇති මනුස්සයා ව බයිට් එකට ගනී. අම්බානක රැඩිකල් ය. ප්‍රසිද්දියේම තමන් නිරාගමිකයෙකු බව පවසා සිටී. එහෙත් නයි ටී එන් එකේ පැය දෙකේ සම්මුක සාකච්චාවට ආවාම සින්හල බෞද්ද පසුබිම ගැන දොඩොවයි. නක්ශශ්ත්යරට ඔලොක්කු කරමින් හොරෙන් හොරෙන් හඳහන් පිටපත් සිරි ලන්කාවට එවා හඳහන් බලවයි.. අපල කියා දැනගත්තොත් හොරෙන් හොරෙන් සෙත් ශාන්ති කරගනියි. ජීවම් කල යන්ත්තර අනුන් ට නොපෙනෙනා ලෙස ඉන වටේ හොරෙන් බැඳ ගනී.
අධීන ව කාගේ හෝ පසුපස නොගොස් යම් උත්සවයක් සන්විදානය කරනවාට වඩා තම කොඳු ඇට ටික ඉවත් කරගෙන වෙලේ සුදාගෙන් හෝ මුදල් ආදාර ගෙන ලස්සනට වෘතීය නිවේදක නිවේදිකාවන් ගෙනැවිත් පොඩි ඩාන්සින් ක්ලිප් දෙකතුනක් ද ඇතුලත් කර තරු හෝටලයක එම උත්සවය සන්විදානය කර ඔන්න අපි වැඩේ ලස්සනට කලා කියමින් ප්‍රීති වන මෙවන් හාදයෝ දෙස බලා ඉන්නා සාමාන්‍ය වෘතිකයන් නොවන අයට දැනෙන්නේ කුමක් ද?
ඔවුන් ට දැනෙන්නේ මෙසේය:
මේ මහත්තයා අසවල් ලාන්කීය උසස් අධ්යාපන ආයතනයේ උපාදි ගත්තෙකි... එහෙත් කට ඇරියොත් මෙරටට දොස් කියයි බැන අඬ ගසයි. ප්‍රසිද්දියේ නිරාගමික නමුත් හොරෙන් පන්සල් යයි හඳහන් බලාගනී. ලොක්කන් ට හා දේසපාලුවන් ට එයා දන ගසා පසඟ පිහිටුවා වැඳ වැටේ. මොකාගෙන් නමුත් ආදාර අරගෙන තම ස්වාදීනත්වය පාවා දෙයි. අපිටත් ඉහලට යන්න නම් මේ මහතා ගේ ගති ගුන ආරොපනය කර ගත යුතුය යන්නයි!
නියම ලෙස අද්යාපනයක් ලබා වෘතීය සුදුසුකම් ලැබූ උදවිය තම පෞර්ශයේ අඩුපාඩු නිසාම තමාට වඩා සුදුසුකම් ලැබූ වෘතීය සගයන් කපාදමද්දී තව කපටි රැලක් ඉස්මතු වෙති.
විද්වතුන් හෝ වෘතිකයන් වෙන්න බලාගෙන ඉගෙනීම පටන් ගෙන අඥාන කම නිසා ඊරිසියාව මොලේට ගසා පන්ති වෛරය ඉස්මොලේ ගොස් ඉගෙනීම කඩාකප්පල් කරගෙන විප්ලව කිරීමට ගිහින් අන්තිමට තම විප්ලවීය සොයුරන් ලා පාවාදී තමන් ජීවිතය බේරාගෙන එන විදියට ගහ උලුවස්සා න්‍යායෙන් වෙන්ඩ ශාශ්තෘන් ලෙස පෙනී සිටිමින් ඉන්නා දෙකයි පනහේ හෑල් කෑලි සහ පාසලේ ඉගෙනගන්නා කාලේ උසස් පෙල අසමත්ව එහෙත් වෙන යම් ජිල්මාට් එකකින් ලෝකේ නමක් දිනා ගත් සුද්දෙකුට ලන් වී කිසිම පිලිගත් උසස් අද්යාපන සුදුකමක් නැතිවම ඉන්නා හාදයෝ තමා ට තමන් ම වෘතීය පට්ටමක් දෙති. ඉන්පසු එම ලොවෙත් නැති වෘතීය හාදයෝ නයි ටී එන් වැඩසටහන් වලට සම්මාන උලෙලවල් වලට තමන් වෘතීය පොරවල් කියමින් සාබාගී වෙති. සැබැ වෘතීය විද්වතුන් දෙවියන් නැති දෙවොල යක්ශයන් ට බාර දී අයින් වී සිටිති.
මෙම වෙන්ඩ වෘතීය හාදයෝ ලැබුනු හැම තැනම ඔවුන් ට අද්යාපනය ලබාගැනීමට නොහැකි වූ උසස් අද්යාපන අයතන වලට බැන අඬගාති. අපහාස කරති.
සැබෑ වෘතීය සුදුසුකම් ලැබූවනට අවස්තා අහිමි කරති, කපා දමති, එලවාදමති.
මේ ව්‍යාජ වෘතිකයන් තමාට හිතෙනා තමාට වාසි සහගත ගජබින්න සත්‍ය ලෙස සමාජගත කරති. සැබෑ වෘතිකයන් හා ඊර්ශ්‍යාව පතුරවති. ඊර්ශ්‍යාව නැමැති බිජුවට ට සරුසාර කෙතක් වන් ශී ලාන්කික සමාජයේ සැබැ වෘතිකයන් පරදා මේ ව්‍යාජ වෘතිකයෝ ජයගනිති.
ඒ හැමටම වඩා ඔවුන් වියුනු ලොව කරණම් ගසමින් තමා වන් ම ගොන් පාට් කරුවන් සමග සන්ධානගත වෙමින් තැනින් තැන අන්ඩ උස්සා මුත්‍රා පිටකරමින් තම වපසරිය සනිටුහන් කරති.
ලාංකීය අගයනට, ලාංකීය විද්වතුනට, ලාංකීය උසස් අධ්‍යාපන ආයතනවලට, ලාංකීය
වෘත්තිකයනට ගරහන, අවමාන කරන, වෛර කරන සරලමතික කල්ලියක් වියුණු ලොව බිහිවීම ඉතින් පුදුමයක් ද?