Sunday, March 26, 2017

පැනයට පිලිතුරු





 

හෙල වියුනු ලොව නව ආරක වියුනු හා ආලෝචන හදුන්වාදීමේ පුරෝගාමී  ලාංකීය උගතකු, බුද්ධිමතකු, ශාස්ත්‍රාලීය ශාස්ත්‍රවන්තයකු, විද්වත් වෘත්තිකයකු සහ ජාතිමාමක ලාංකිකයකු වන සදප්ම්ටන් වාසී අතිගරු කලානිධි බන්‍ධුල කුදලාගම මැතිතුමා සරස තුමා ගෙන් ඇසූ පැනයක් පහත පල වේ

ලාංකීය අගයනට, ලාංකීය විද්වතුනට, ලාංකීය උසස් අධ්‍යාපන ආයතනවලට, ලාංකීය වෘත්තිකයනට ගරහන, අවමාන කරන, වෛර කරන සරලමතික කල්ලියක් වියුණු ලොව බිහි ඇත.  ඔබ මෙකී සරලමතිකයන් පිළිබඳ දරන පැහැදිලි අස්ථානය කුමක් ද

මෙය බැරෑරුම් පැනයකි. පිලිතුරට පෙර පැනයේ පසුබිම ගැන කුඩා පැහැදිලිකිරීමක් අවශ්‍ය බව සර ස තුමා ගේ හැඟීමයි.

පැනයෙන් පැහැදිලි වන පරිදිම මෙය නව ප්‍රවනතාවකි. අතීතයේ දී මෙවන්  ලාංකීය අගයනට, ලාංකීය විද්වතුනට, ලාංකීය උසස් අධ්‍යාපන ආයතනවලට, ලාංකීය වෘත්තිකයනට ගරහන, අවමාන කරන, වෛර කරන උදවිය සිටියේ නැතිම තරම් ය. එහෙත් දැන් දැන් එවන් සරලමතිකයන් වැඩි වැඩියෙන් අප සමාජයේ සිටී.

මා සිතනා අන්දමට මෙම ලාංකීය අගයනට, ලාංකීය විද්වතුනට, ලාංකීය උසස් අධ්‍යාපන ආයතනවලට, ලාංකීය වෘත්තිකයනට ගරහන, අවමාන කරන, වෛර කරන  සරලමතිකයන් ගේ සීග්‍ර ප්‍රචාරණයට ප්‍රදානතම හේතුව ලාංකීය උසස් අධ්‍යාපන ආයතනවලින් ඉගෙන වෘතිකයන් හා වියතුන් වූ  විද්වතුන් ම ය.

තමන් ගේ බාල කාලයේ සිට ම ඊරිසියාව නැමැති කොලපැහැති ඇස් ඇති මොන්ස්ටරයා ගේ බලයට යටත් වී තමා සමග එකට ලාන්කීය උසස් අධ්යාපන ආයතන වල  ඉගෙන ගන්නා එහෙත් තමාට වඩා යමක් කමක් ඇති, තමා මෙන් ග්‍රාමීය නොව නගරයේ ජීවත් වන, තමාගේ පාසලට වඩා උසස් පාසැලකින් අධ්යාපනය ලද, තමාට වඩා හොඳ පෞර්ශ්‍යත්වයක් ඇති අය සමග සඟවාගත් වෛරයකින් පසු වී, ඉඩක් ලද සෑම විටම ඔවුන් ව පාගා දැමීමට කටයුතු කිරීම මේ විගඩමේ මුල් ම අදියරයි.

කෙසේ හෝ වන්ගුවක් ගසා අමාරුවෙන් විබාග සමත් වී වෘතීය ජීවිතය අරඹන මේ විද්වත් හු තම ජීවිතයම කැප කරන්නේ ලොක්කන් පසුපස යමින්, දේසපාලකයන් ට මුට්ටිය අල්ලමින් සමහර වි ඉතාමත් නීච අන්දමට ආගමික නායකයන් පවා යොදාගනිමින් තමාට සුදුසුකම් නැති ඉහල තනතුරු ලබාගැනීමට ය.

තනතුරින් ඉන්ජිනේරු, විද්‍යාඥ සහ රටේත් නැති ගොන් පාට් තිබේ යැ‍යි පාරම්බාන්නා ගේ ජීවිතයේ සොඳුරුම අවස්තාව කාලයක් එකසිය ගනනට මිනී මැරූ දත් ගලවා නැවු අටක් ගත් කට ඇරියොත් බොරු කියනා දේසපාලුවෙකු දෙපාමුල කුඩා බලු පැටියෙකු මෙන් වැටී සිටීම බව අප ඊයේ ඉගෙන ගත්තෙමු. 

එය සාදාරනීකරනය කරන්නේ  එම දේසපාලුවා බෙහෙත් මිල අඩුකෙරුවා ඒ නිසා එයා මාර චරිතයක් කියා ය. සරස තුමා ට මතක් වන්නේ බල්ලාගේ නැට්ටේ බැඳුනු මී වදය ගැන ය.  

මෙම පිටකොන්දක් නැති වෘතික විද්වත්හු කට ඇරියොත් විවේචනය කරන්නේ ලාන්කිකත්වයයි. නැතහොත් ජාතිකත්වයයි. රට ජාතිය ගැන හැඟීමක් ඇති මනුස්සයා ව බයිට් එකට ගනී. අම්බානක රැඩිකල් ය. ප්‍රසිද්දියේම තමන් නිරාගමිකයෙකු බව පවසා සිටී. එහෙත් නයි ටී එන් එකේ පැය දෙකේ සම්මුක සාකච්චාවට ආවාම සින්හල බෞද්ද පසුබිම ගැන දොඩොවයි. නක්ශශ්ත්යරට ඔලොක්කු කරමින් හොරෙන් හොරෙන් හඳහන් පිටපත් සිරි ලන්කාවට එවා හඳහන් බලවයි.. අපල කියා දැනගත්තොත් හොරෙන් හොරෙන් සෙත් ශාන්ති කරගනියි. ජීවම් කල යන්ත්තර අනුන් ට නොපෙනෙනා ලෙස ඉන වටේ හොරෙන් බැඳ ගනී.

අධීන ව කාගේ හෝ පසුපස නොගොස් යම් උත්සවයක් සන්විදානය කරනවාට වඩා තම කොඳු ඇට ටික ඉවත් කරගෙන වෙලේ සුදාගෙන් හෝ මුදල් ආදාර ගෙන ලස්සනට වෘතීය නිවේදක නිවේදිකාවන් ගෙනැවිත් පොඩි ඩාන්සින් ක්ලිප් දෙකතුනක් ද ඇතුලත් කර තරු හෝටලයක එම උත්සවය සන්විදානය කර ඔන්න අපි වැඩේ ලස්සනට කලා කියමින් ප්‍රීති වන  මෙවන් හාදයෝ දෙස බලා ඉන්නා සාමාන්‍ය වෘතිකයන් නොවන අයට දැනෙන්නේ කුමක් ද?

ඔවුන් ට දැනෙන්නේ මෙසේය:

මේ මහත්තයා අසවල් ලාන්කීය උසස් අධ්යාපන ආයතනයේ උපාදි ගත්තෙකි... එහෙත් කට ඇරියොත් මෙරටට දොස් කියයි බැන අඬ ගසයි. ප්‍රසිද්දියේ නිරාගමික නමුත් හොරෙන් පන්සල් යයි හඳහන් බලාගනී. ලොක්කන් ට හා දේසපාලුවන් ට එයා දන ගසා පසඟ පිහිටුවා වැඳ වැටේ. මොකාගෙන් නමුත් ආදාර අරගෙන තම ස්වාදීනත්වය පාවා දෙයි. අපිටත් ඉහලට යන්න නම් මේ මහතා ගේ ගති ගුන ආරොපනය කර ගත යුතුය යන්නයි!

නියම ලෙස අද්යාපනයක් ලබා වෘතීය සුදුසුකම් ලැබූ උදවිය තම පෞර්ශයේ අඩුපාඩු නිසාම තමාට වඩා සුදුසුකම් ලැබූ වෘතීය සගයන් කපාදමද්දී තව කපටි රැලක් ඉස්මතු වෙති.
 
විද්වතුන් හෝ වෘතිකයන් වෙන්න බලාගෙන ඉගෙනීම පටන් ගෙන අඥාන කම නිසා ඊරිසියාව මොලේට ගසා පන්ති වෛරය ඉස්මොලේ ගොස් ඉගෙනීම කඩාකප්පල් කරගෙන විප්ලව කිරීමට ගිහින් අන්තිමට තම විප්ලවීය සොයුරන් ලා පාවාදී තමන් ජීවිතය බේරාගෙන එන විදියට ගහ උලුවස්සා න්‍යායෙන් වෙන්ඩ ශාශ්තෘන් ලෙස පෙනී සිටිමින් ඉන්නා දෙකයි පනහේ හෑල් කෑලි සහ පාසලේ ඉගෙනගන්නා කාලේ උසස් පෙල අසමත්ව එහෙත් වෙන යම් ජිල්මාට් එකකින් ලෝකේ නමක් දිනා ගත් සුද්දෙකුට ලන් වී කිසිම පිලිගත් උසස් අද්යාපන සුදුකමක් නැතිවම ඉන්නා හාදයෝ තමා ට තමන් ම වෘතීය පට්ටමක් දෙති. ඉන්පසු එම ලොවෙත් නැති වෘතීය හාදයෝ නයි ටී එන් වැඩසටහන් වලට සම්මාන උලෙලවල් වලට තමන් වෘතීය පොරවල් කියමින් සාබාගී වෙති. සැබැ වෘතීය විද්වතුන් දෙවියන් නැති දෙවොල යක්ශයන් ට බාර දී අයින් වී සිටිති.

මෙම වෙන්ඩ වෘතීය හාදයෝ  ලැබුනු හැම තැනම ඔවුන් ට අද්යාපනය ලබාගැනීමට නොහැකි වූ උසස් අද්යාපන අයතන වලට බැන අඬගාති. අපහාස කරති.

සැබෑ වෘතීය සුදුසුකම් ලැබූවනට අවස්තා අහිමි කරති, කපා දමති, එලවාදමති.

 මේ ව්‍යාජ වෘතිකයන් තමාට හිතෙනා තමාට වාසි සහගත ගජබින්න සත්‍ය ලෙස සමාජගත කරති. සැබෑ වෘතිකයන් හා ඊර්ශ්‍යාව පතුරවති. ඊර්ශ්‍යාව නැමැති බිජුවට ට සරුසාර කෙතක් වන් ශී ලාන්කික සමාජයේ සැබැ වෘතිකයන් පරදා මේ ව්‍යාජ වෘතිකයෝ ජයගනිති.

ඒ හැමටම වඩා ඔවුන් වියුනු ලොව කරණම් ගසමින් තමා වන් ම ගොන් පාට් කරුවන් සමග සන්ධානගත වෙමින් තැනින් තැන අන්ඩ උස්සා මුත්‍රා පිටකරමින් තම වපසරිය සනිටුහන් කරති.



ලාංකීය අගයනට, ලාංකීය විද්වතුනට, ලාංකීය උසස් අධ්‍යාපන ආයතනවලට, ලාංකීය වෘත්තිකයනට ගරහන, අවමාන කරන, වෛර කරන සරලමතික කල්ලියක් වියුණු ලොව බිහිවීම ඉතින් පුදුමයක් ද?





74 comments:

  1. හම්මෝ සරසතුමා රිදෙන්න ලියල, මට තේරෙන්නෙ නැත්තේ මෙච්චර රටට අවැඩ කරපු දේසපාලුවෙක්ගෙ අහවල් එක ලොවින්නෙ ඇයි කියන එක ? තමන්ගෙ ආත්ම ගරුත්වය ඔයිට ලොකු නැද්ද?

    ReplyDelete
    Replies
    1. කන්ඩා තුමා නම් තාම පොඩි කොල්ලෙක් වෙන්න ඕනෙ...

      නැත්නම් රටේ ලොකේ හැමෝම දන්නවා PRRAජිත තුමා වගේ කෙනෙකු ගේ දෙපතුල ලඟ බලු පැටියෙකු වගේ වැතිරිලා ඉන්නකොට දැනෙන සනීපෙ හිටන්!

      Delete
  2. සරසා තුමා,

    ඇත්තටම නිදහස් අධ්‍යපනයේ වටිනාකම දැනගන්න ඇමරිකාව වැනි රටක උපාදිය ලබාගන්න කෙනෙක් ට ඇතිවන ගැටළු ගැන දැනුවත් වෙන්න ඕනේ.
    මෙහිදී තමා මොන අංශය ඉගනගත්තත් ඉගැනීමෙන් පසු වසර ගණනක් ණය ගෙවිය යුතුයි මෙය කොතරම් කටුක දෙයක්ද කියනවනම් ශිෂ්‍ය අවදියේම රැකියා කීපයක් කිරීමට සිදුවෙනවා (මේ නිසා ඔවුන්ට නවකවදය දීමට කාලය ලැබෙන්නේ නෑ ) නමුත් ඇමරිකානුවන් තුල අපරටට වඩා තම ජාතිකත්වය ගැන අබිමානයක් ඇතිකරලා තියනවා, අපේ රටේ සියල්ල නොමිලේ ඉගනගෙන ඉහලට යන මිනිස්සු තුල පුහු මානයක් තියනවා මිට හේතුව මොවුන්ට සහතිකමය කුසලතාවක් මිසක් ප්‍රායෝගික කුසලයන්ගෙන් බොහෝ අඩුවීමයි කුලල් කාගනිමට පුරුදු ඔවුන්ට කණ්ඩායමක් ලෙස වැඩකිරීම කල නොහැකි තරම් (පුද්ගලික අංශයේ නම් මේවා වැඩපිළිවලක් තියනවා) අනෙක් අතට මිනිසුන් සිතනවා රජය අපට සියලු දෙය කලයුතු බවයි, රජය යම් සහනයක් දෙනවා කියනකොටම බුද්ධිමත් මිනිසුන් භය වන්න ඕනේ මොකද මේ සහන දෙන්නේ අපෙන්ම අරන් නිසා.

    මෙහිදී මේ සියලු දෙනා මේ තත්වයේ නැතත් රාජ්‍ය සේවයට එන සියලු දෙනා ඒ තත්වයට පත්වෙනවා නැත්නම් පත් කරනවා. මොකද මෙහි පාඩුව ඔවුන් පුද්ගලිකව දරන්න වෙන්නේ ඔවුන්ට නෙමෙයි රටේ ජනතාවටයි.

    නෙලුම් බලොග් සම්මාන ගැනනම් ප්‍රතිපත්තියක් ලෙස විරුද්ද වීමට මම හේතු දක්වල තියනවා, නමුත් මෙතන පිළිකුල් ජනක දෙයක් මම අජිත් ගෙන් ප්‍රශ්න කළා එනම් තොරතුරු දැනගැනීමේ පනතේ ක්‍රියාකාරිත්වය ගැන රාජිතගෙන් ප්‍රශ්න කරන ලෙස.

    දෙසපාලකයෙක් කිසිම දෙකට සම්බන්ද කරගන්නවානම් දැනගන්න අපිව අන්දන්න යන බව එය මෙය ලියන මටත් අදාලයි.

    ReplyDelete
    Replies
    1. // නෙලුම් බලොග් සම්මාන ගැනනම් ප්‍රතිපත්තියක් ලෙස විරුද්ද වීමට මම හේතු දක්වල තියනවා, නමුත් මෙතන පිළිකුල් ජනක දෙයක් මම අජිත් ගෙන් ප්‍රශ්න කළා එනම් තොරතුරු දැනගැනීමේ පනතේ ක්‍රියාකාරිත්වය ගැන රාජිතගෙන් ප්‍රශ්න කරන ලෙස.

      දෙසපාලකයෙක් කිසිම දෙකට සම්බන්ද කරගන්නවානම් දැනගන්න අපිව අන්දන්න යන බව එය මෙය ලියන මටත් අදාලයි. //


      ++++++++++++++++++

      Delete
  3. වතුරේ ගැට්ටේ ඇවිදින මංතීරුවේ සිට හොරෙං එබිකං කිරීම ගැන බලවත් විරෝදය හිටං

    ReplyDelete
    Replies
    1. හෙන සීන් එක වෙලා තියෙන්නේ.. අර එක පුටුවක් ඉතිරි වෙලා තිබ්බා නේ..
      ඒ තමයි සා රසා ගේ සීට් එක..
      ඒත් හාමිනා එක්ක ආපු නිසා දෙන්නෙක් ඇතුලට ගන්න බෑ කියලා..
      ඊට පස්සේ හාමිනාගෙන් ගෙදර ගිහින් කන්න වෙන නිසා
      අතින් කයිට් කරගෙන හාමිනාට කන්න අරන් දීලා හිස් අතින්ම ගෙදර ගිහිල්ලා හිටන්..

      Delete
    2. // ඉවාන් පවුලූශාMarch 26, 2017 at 4:16 AM

      වතුරේ ගැට්ටේ ඇවිදින මංතීරුවේ සිට හොරෙං එබිකං කිරීම ගැන බලවත් විරෝදය හිටං //

      PRRAජිත තුමා දැක්කොත් දත් ගලවන නිසා වහන් වෙලා හිටියා හිටන්!

      Delete
    3. // අතින් කයිට් කරගෙන හාමිනාට කන්න අරන් දීලා හිස් අතින්ම ගෙදර ගිහිල්ලා හිටන්.. //

      අතින් කයිට් කරගෙන කන එක තමා අභිමානය කියන්නේ හිටන්....

      අහල නැද්ද:

      "කෑමෙන් හොඳ කෑම සපයාගෙන කෑම" කියලා පෙර සෘශිවරු කියලා තියෙනවානේ...

      කරුමෙට ඉතීන් නෙලුම් කස්ටිය "කෑමෙන් හොඳ කෑම ඉල්ලාගෙන කෑම" කියලා කෝදාගොඩ නෝනගෙන් ඉල්ලන් කෑව නේ...

      Delete
    4. ප්‍රා-ජිත කියල මං තුමානෙ ලියන්න ගත්තෙ. ප්‍රා-ජිත කියල ලියනවට වඩා PRRAජිත කියල ලිව්වම ගතියක් තියෙනවා හිටං.
      හැබැයි ඕකුන්ට තුමා කියන්න වටින්නෙත් නෑ.

      Delete
    5. //ප්‍රා-ජිත කියල මං තුමානෙ ලියන්න ගත්තෙ. ප්‍රා-ජිත කියල ලියනවට වඩා PRRAජිත කියල ලිව්වම ගතියක් තියෙනවා හිටං.
      හැබැයි ඕකුන්ට තුමා කියන්න වටින්නෙත් නෑ. //

      අනිවා..
      ඔබතුමා නේ ප්‍රා-ජිත කිවුවේ... සරස තුමා පොඩි මොඩිෆිකේශන් එකක් එක්ක "වහරනු සොරෙන් සපයා" තමා....

      Delete
  4. වතුරේ ගැට්ටේ ඇවිදින මංතීරුවේ සිට හොරෙං එබිකං කිරීම ගැන බලවත් විරෝදය හිටං

    ReplyDelete
    Replies
    1. වන්අයි තුමනි,
      සරාස්තුමා නියම එජ් ඔෆ් වෝටර් සිට ඇති අතර අප සිටියේ ඉන් හොට් වෝටර්ය.

      Delete
    2. // Pra JayMarch 26, 2017 at 10:12 PM

      වන්අයි තුමනි,
      සරාස්තුමා නියම එජ් ඔෆ් වෝටර් සිට ඇති අතර අප සිටියේ ඉන් හොට් වෝටර්ය. //

      ඔහෙලගේ නෙලුම්යායාන්ඩුවේ හිටන් අපේ ඒකාබද්ද නෙලුම් විරෝදී විපක්සෙට දැවැන්ත බ්ලොග් තුමාලා ක්‍රොස් ඕවර් කරන්න ඔන්න මෙන්න හිටන්!

      Delete
  5. මොනවා උනත් සම්මාන උළෙල නං සුපිරියට තිබ්බ නේද සාරස? ඊලග පාර බ්ලොග් වලින් සම්මාන දීම නතර නොවී සෝෂල් මීඩියාත් එක්කාසු කරගන්නවයි කියන්නේ.

    ReplyDelete
    Replies
    1. // AnonymousMarch 26, 2017 at 4:44 AM

      මොනවා උනත් සම්මාන උළෙල නං සුපිරියට තිබ්බ නේද සාරස? //

      කියලා වැඩක් නෑ ගරු ඇනෝ තුමෝ...

      දත් දොස්තර කෙනෙක් විදියට අපටත් පුදුම ආඩම්බරයක් තියෙන්නේ සමස්ත හෙල බ්ලොග් හැටහුටාමාර ම තනි අතින් අරන් ලෝටස් අජියා තවත් දත් දොස්තර කෙනෙක් ගේ දෙපාමුල වැඳවැටිලා හිටිය හැටි දැක්කාම...

      Delete
    2. කිසියම් ක්ෂේත්‍රයක සම්මාන දීම වගේම ගැනීමත් වරදක් නොවේ. සිනමා, නාට්‍ය, සංගීත, රූකඩ, රූපවාහිනී, රේඩියෝ, සාහිත්‍ය, ජනමාධ්‍ය ආදී මෙකී නොකී සම්මාන අස්සෙ බ්ලොග් සම්මාන දීම වැදගත්. ඒත් නෙළුම්‍යාය බ්ලොග් සම්මාන උළෙල අර්ථපතියන්ගෙ සැඟවුණ අභිමතාර්ථ ඉටු කරගන්න බ්ලොග්කාරයින් යොදා ගත් නිහීන අවස්ථාවක්.
      නැති පිළිගැනීමක් ගන්න ලොකු හෝටලේක තියල, සල්ලි කාබාසිනිය කරනවට වඩා කොළඹ කේන්ද්‍රීයව, ගමනාගමන පහසුකම් ඇති තැනක මීට වඩා උත්කර්ශවත්ව සම්මාන දීල, ගමන් වියදම්වත් පියවගන්න 2,3 ස්ථාන වලට මුදලක් දෙන්න වටිනව. සල්ලි නැතිව නොවෙයිනෙ. හෝටලෙන් දුන්න කන්න බැරි රෝල්ස් වගේ ඒවට කීයක් යන්න ඇද්ද..
      අනෙක ජන ඝාතක PRRAජිත වගේ එකෙක් ගෙනල්ල එතැන ගූ ගෑව. ඒ මදිවට යුගයේ සේනක බිබිලේ කියල වර්ණනා කරල බිබිලේටත් අපහාස කළා.
      මේ සේරම Lanka News Web එකේ hideen agenda බව ඉතා පැහැදිලියි. මේළඟ වතාවෙ ඔහොම ගොංපාට් කරන්න ගියොත් බ්ලොග්කරුවන් සංවිධානාත්මකව විරෝධය දක්වන්න දැන් තියාම සූදානම් විය යුතුයි.

      Delete
    3. අප නම් මෙවරම විරෝධය දැක්වූවෙමු.

      Delete
    4. // අනෙක ජන ඝාතක PRRAජිත වගේ එකෙක් ගෙනල්ල එතැන ගූ ගෑව. ඒ මදිවට යුගයේ සේනක බිබිලේ කියල වර්ණනා කරල බිබිලේටත් අපහාස කළා.
      මේ සේරම Lanka News Web එකේ hideen agenda බව ඉතා පැහැදිලියි. මේළඟ වතාවෙ ඔහොම ගොංපාට් කරන්න ගියොත් බ්ලොග්කරුවන් සංවිධානාත්මකව විරෝධය දක්වන්න දැන් තියාම සූදානම් විය යුතුයි. //

      නියම වචන සැට් එකක්...
      අපි එය ක්‍රියාවට නගමු හිටන්!

      මුන් විවිද වි‍යාපාර ආයතන වලින් මේ පඩන්ගුව අටවන්න Corporate social responsibility (CSR) යටතේ ස්පොන්සර්ශිප් අරන් ඒකෙනුත් ගානක් කපාගන්නැති හිටන්....

      ඒත් මොකද නිකන් එයා ටිකට් හම්බුවෙනවනේ...

      Delete
    5. // Maathalan - Priyantha HewageMarch 26, 2017 at 10:45 PM

      අප නම් මෙවරම විරෝධය දැක්වූවෙමු. //



      අපි එය දැන සිටියෙමු..එම ස්තාවරය අගය කලෙමු.

      මේ සිද්දිය පිලිඹඳව බ්ලොග් ලිපියකින් පැහැදිලිකලොත් වඩා හොඳ බවත් කියාසිටිමු!

      Delete
  6. සම්මාන දෙනවනම් අපිට... කන්නන දෙනවනම් අපිට...
    මොන කෙන්ගෙඩියද තව ඕනේ කියන්නේ //
    (සිරිකොතින්) කියනදෙයක් ඒ විදිහට ලියන්නම්
    අනේ අපිට ලීකෙලි ටික ලැබේනවනම්

    ReplyDelete
    Replies
    1. ඒ විතරක් ද...
      නාට්ටිය බලන්නෙ නැතිව කස්ටිය ශෝට් ඊට්ස් කන්න දිවුවා කියලා නාට්ටියේ අද්යක්සක තුමා මූනුපොතේ දාලා තිබුනේ.....


      කන්න දෙනවනම් අපිට...

      Delete
  7. යකෝ මම අදනේ දන්නේ මේ සිඩ්නි තට්ටය මහින්දට මරා මරා කියල අඩපාලි කියන හේතුව. (බ්ලොග් ලිව්වට සම්මාන දෙන්න ඕනේ නැහැ. දුන්නත් ගන්න ඕනෙම නැහැ
    )
    හැබැයි මේකා කියන හරි, හැමෝටම මිලක් තියෙනවා! මිනිහගේ මිල නිකන් නම ගහපු ලී කැල්ලක්.

    ReplyDelete
    Replies
    1. ගරු කොකාවෙල මහත්තයා සිපිපියගේ තට්ටෙ පැලූ සේක!

      දුකයි නේද ගරු ඇණෝ තුමෝ?

      Delete
    2. කොකාවල ලොක්කා අතීතය ලියලා කලේ ලොකු දෙයක් ඔය අද පඩ ෂෝ දාන උන් එදා පැත්ත පළාතේ නෑ නොදන්නා එවුන් හිතන්නේ අම්මට හුඩු නෙලුම් යානේ ඉන්නේ නියම පොරවල් නේ කියලා

      උන්ට සල්ලි මැදිවෙලා වගේ යායට ආපු එවුන්ට තරු 4 වෝටස් ඒජ් එකේ ෆුල් ටුවර් පැකේජ්එකක් ඔගනයිස් කරන්න.

      ලොන් බාර් එකෙන් පොඩි අඩියක් ගහලා කාරිය 4 පීස් හෑන්ඩ් බිඩේ ටොයිලට් තියන රුම් සර්විස් ඇති කාමරේක සංවිධායකයින්ට සැපක් ගන්න කාරිය. උන් කරුවලේම ගෙවල්වලට මාරුවෙලා . ෆකින් ඔසම් චාන්ස් එකක් මිස් කරගෙන

      Delete
    3. // AnonymousMarch 26, 2017 at 7:12 PM

      කොකාවල ලොක්කා අතීතය ලියලා කලේ ලොකු දෙයක් ඔය අද පඩ ෂෝ දාන උන් එදා පැත්ත පළාතේ නෑ නොදන්නා එවුන් හිතන්නේ අම්මට හුඩු නෙලුම් යානේ ඉන්නේ නියම පොරවල් නේ කියලා //

      පුහුදුන් බ්ලොගර්ලා ලා ගේ ලදරු ආතල් කැඩීම ගැන කොකාවෙල තුමා ට අපේ බලවත් ප්‍රීතිය!

      Delete
  8. රටක් විදිහට හැඟීමක් නැතිව ඉස්සරහට යනව කියන එක ප්‍රායෝගික නෑ.කණ්ඩායම් හැඟීමෙන් වැඩකට බැස්සාම ඕන ගේමක් අපට නතිං කියල යුද්ධෙ දිනල අපි පෙන්නල තියනවා.ඒ මොරාල් එක හනි හනිකට බැස්සුවෙ නැත්තං ලංකාව ඇතුලෙ තියන මාකට් එක අහිමි වන අය,ලංකාව ලාභ ලැබීම නිසා ඔවුන්ගේ ලාභ ලැබීම් අඩු වන අයට ඉස්සරහට පාඩුයි.කවුරුත් පාඩු ලබන්න කැමති නෑ නෙ.ඒත් අපි නම් කැමතියි...
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. // ඒ මොරාල් එක හනි හනිකට බැස්සුවෙ නැත්තං ලංකාව ඇතුලෙ තියන මාකට් එක අහිමි වන අය,ලංකාව ලාභ ලැබීම නිසා ඔවුන්ගේ ලාභ ලැබීම් අඩු වන අයට ඉස්සරහට පාඩුයි. //

      ඒකට මක්ක වෙනවදා.. බලුපැටියෙක් වගේ PRRAජිත තුමා ගේ පාමුලට වෙලා ඉන්න අවස්තාව පෑදුනා නේ හිටන්!

      Delete
    2. //කණ්ඩායම් හැඟීමෙන් වැඩකට බැස්සාම ඕන ගේමක් අපට නතිං කියල යුද්ධෙ දිනල අපි පෙන්නල තියනවා//

      කොහොමහරි අජිත්ලා නෙලුම්යාය පැවැත්වීමත් චූට්ටක් විතර ඒවගේද කියලා ඇහුවොත් ඇනෝතුමාලා නම් පලු යන්න බනී. ගස්ලබ්ස්තුමා හා සරාස්තුමාත් මගේ බූරුකමට බනීද? සාමාන්‍යයෙන් මෙතන කාගෙන් මොනවා ඇහුවත් බනින්නේ ඇනෝතුමාලා.

      Delete
    3. අජිත්ලාගේ සංග්‍රාමයේ හොඳ නරක ගැන නොව , ඔය මංගල්ලෙට කලින් මාර යුද්ධයක් මෙහෙ තිබුන නිසායි ඇහුවේ ගස්ලබ්ස්තුමනි.

      Delete
    4. බූරුවෙක් කෝමෙයි බොස් බූරුකමකට බනින්නෙ.. පහක් දාලා හිනාවෙලා ආතල් එකක් ගන්නවා ඇර.. හෙහ් හෙහ්
      ඔව්.'කොහොම හරි' නෙළුම් යාය පැවැත්වීමත් යුද්ධෙ ජයගත්තා වගේ(?) කිව්වත් ඔතන වැදගත්ම වචනයක් තමයි කණ්ඩායම කියන එක.
      නෙළුම් යායට ප්‍රශ්නයක් උනෙත් ඔය කණ්ඩායම සහ අරමුණු කියන එකනෙ.කවුද ඒ?මොනවද ඒ?
      යුද්ධෙ කාලෙ විනාශය නවත්වන්න ඒක ජයගන්න පොදු ජනතාව එකෙක් වගේ ඉන්නකොට නිමල්කලා,රත්නප්‍රියලා,පාක්‍යශෝතිලා,ප්‍රභාකරන් ලා තව කණ්ඩායමක් විදිහට හිටියා.නමුත් අරමුණ පැහැදිලි නෑ.
      එතකොට ජයග්‍රහණය කියන එක සාපේක්ශ වෙනවා අරමුණත් එක්ක.සමහර විට ප්‍රා නෙළුම් යාය ජයග්‍රහණය කරලා ඇති.(ආරාධිතයන් අතර ඉහත නම් සඳහන් ඇතැමෙකුත් හිටියනෙ.)
      මොන අරමුණින්ද කියන එකයි ශුවර් නැත්තෙ.(ඉවෙන්ට් එකට අදාලව බ්ලොගර්ස් ලා වුනු මහන්සියට හූ කීමක් නෙවෙයි.)

      Delete
    5. ආ.. ඔව්.. ඒ අතින් ගත්තාම හරි.ඒක පැහැදිලිවම ගේමක්.අජිත් හෝ කවුරුන් හෝ ඒ ගේම සාර්ථකව ගැහුවා.සාර්ථකයි.අපිත් ඇවිල්ලා අන්තිම හුස්මත් අදිනකන් ගේමෙ ඉන්න මිනිස්සු නිසා ඒ 'හයිය' අගයනවා.එකෙන්ම.

      Delete
    6. කැමති අය ගත්තා. අමාරුවෙන් බ්ලොග් ලියන පොඩි මිනිස්සුන් කීපදෙනෙක් මෙයින් ලොකු සතුටක් ලැබූ බව මා දැක්කා. අපේ පණ්ඩිත egoistic කතා පසෙකින් තිබ්බොත් අපිට පේනවා තම කැප කිරීමට හා හැකියාවට අගය කිරීමක් ලැබීම නිසා අහිංසක ලෙස සතුටුවන පිරිසකුත් ඉන්නවා කියා.

      බ්ලොග් කරුවෙක් නොවන මං ගියේ වෙන මොකවත් නිසා නෙමෙයි සංවිධායකයින් හා සම්මානවලට නිර්දේශ ලැබූවන් අතර මගේ මිතුරන් කීපයක් සිටිය නිසා. ඒත් ගියාට පස්සේ මං දැක්කා සම්මාන ලැබීමෙන් අහිංසක සතුටක් හා දිරි ගැන්වීමක් ලැබූ වයසින්, මූල්‍යමය අතින්, සමාජ මට්ටමෙන් අධ්‍යාපනයෙන් අඩු හා වැඩි අය සිටිය බව. එයින් මා සතුටක් ලැබුවා.

      බ්ලොග් සම්මාන වැනි දේවලදී වැදගත් වන්නේ දෙන්නේ කවුද මොන අරමුණකටද කියන එක නෙමෙයි ලබන්නේ කවුද මොන නිර්මාණවලටද කියන එක බව හොඳින්ම තේරුනා. තම ප්‍රතිපත්ති මතවාද දේශපාලනය තරහ මරහ හෝ ස්වාධීනත්වයට හානි වෙන්නේ යයි සිතන අය සහභාගී නොවීම මා තේරුම් ගන්නවා.ඔවුන් විරුද්ධවීමද ඔවුන්ගේ පැත්තෙන් සාධාරණය එහෙත් නිර්මාණ කරුවෙකුට ඒ නිර්මාණය ස්පෙසිෆිකලි සඳහන් කොට සම්මානයක් ලැබීමෙන් ඇතිවූ සතුට මා හොඳින් දැක්කා.

      මා මෙතන ජෝක් දාලා විනෝද වෙනවා, තවත් අය තම දේශපාලනය න්‍යායන්, පක්ෂ බව, විපක්ෂබව, මධ්‍යස්ථබව, පරිණතබව, ස්වාධීනත්වය ආදී මෙකී නොකී විවිධ දේ කියනවා බනිනවා. එය ඔවුන්ගේ අයිතිය මෙන්ම අනන්‍යතාවය. මා එතනදී දැක්කේ එහි ඇති ගාම්භීරබව , අනගි බව, අඩුපාඩු, ආරාධිතයන් කවුද, කාගේ අතින් ගත්තාද ආදියට වඩා අගයකලයුතු deserving නිර්මාණකරුවන් පිරිසක් තමන්ගේ නිර්මාණ අගය කිරීමෙන් ලද සතුටයි. It was a humbling experience for me.

      මා මේ සරාස්තුමාගේ පෝස්ට් එකක සීරියස් කොමෙන්ටුවක් දැම්මමද කොහෙද. ඒ ගස්ලබ්ස්තුමා නිසා සහ ඇත්තෙන්ම සීරියස්ලි හොඳ දෙයක් ( සියල්ල ගැන මා කියා නැත ) මං එතන දැක්ක නිසා . දැන් ඇනෝ බැනුම් ඇසීමට එය විවුර්තයි. මට ඔය ඇති. පස්සෙ පෝස්ට් එකක පිස්සු කෙලින්න එන්නම්.

      Delete
    7. // ගස්ලබ්ස්තුමා හා සරාස්තුමාත් මගේ බූරුකමට බනීද? //

      සාරස තුමා Eeyore ට හරිම ආදරේ ය.

      Eeyore is a character in the Winnie-the-Pooh books by A. A. Milne. He is generally characterized as a pessimistic, gloomy, depressed, anhedonic, old grey stuffed donkey who is a friend of the title character, Winnie-the-Pooh.

      Delete
    8. // ගස් ලබ්බMarch 26, 2017 at 11:03 PM

      ආ.. ඔව්.. ඒ අතින් ගත්තාම හරි.ඒක පැහැදිලිවම ගේමක්.අජිත් හෝ කවුරුන් හෝ ඒ ගේම සාර්ථකව ගැහුවා.//

      :D

      +++++++++++

      Delete
    9. ඊලඟ නෙලුම් යාය බ්ලොග් සම්මාන උලෙලේ හොඳම පාපොච්චාරණය සඳහා වූ සම්මානය හිමිවන්නේ...

      Nelum award for the best confession goes to...

      //Pra JayMarch 26, 2017 at 11:32 PM

      කැමති අය ගත්තා. අමාරුවෙන් බ්ලොග් ලියන පොඩි මිනිස්සුන් කීපදෙනෙක් මෙයින් ලොකු සතුටක් ලැබූ බව මා දැක්කා. අපේ පණ්ඩිත egoistic කතා පසෙකින් තිබ්බොත් අපිට පේනවා තම කැප කිරීමට හා හැකියාවට අගය කිරීමක් ලැබීම නිසා අහිංසක ලෙස සතුටුවන පිරිසකුත් ඉන්නවා කියා.

      බ්ලොග් කරුවෙක් නොවන මං ගියේ වෙන මොකවත් නිසා නෙමෙයි සංවිධායකයින් හා සම්මානවලට නිර්දේශ ලැබූවන් අතර මගේ මිතුරන් කීපයක් සිටිය නිසා. ඒත් ගියාට පස්සේ මං දැක්කා සම්මාන ලැබීමෙන් අහිංසක සතුටක් හා දිරි ගැන්වීමක් ලැබූ වයසින්, මූල්‍යමය අතින්, සමාජ මට්ටමෙන් අධ්‍යාපනයෙන් අඩු හා වැඩි අය සිටිය බව. එයින් මා සතුටක් ලැබුවා.

      බ්ලොග් සම්මාන වැනි දේවලදී වැදගත් වන්නේ දෙන්නේ කවුද මොන අරමුණකටද කියන එක නෙමෙයි ලබන්නේ කවුද මොන නිර්මාණවලටද කියන එක බව හොඳින්ම තේරුනා. තම ප්‍රතිපත්ති මතවාද දේශපාලනය තරහ මරහ හෝ ස්වාධීනත්වයට හානි වෙන්නේ යයි සිතන අය සහභාගී නොවීම මා තේරුම් ගන්නවා.ඔවුන් විරුද්ධවීමද ඔවුන්ගේ පැත්තෙන් සාධාරණය එහෙත් නිර්මාණ කරුවෙකුට ඒ නිර්මාණය ස්පෙසිෆිකලි සඳහන් කොට සම්මානයක් ලැබීමෙන් ඇතිවූ සතුට මා හොඳින් දැක්කා.

      මා මෙතන ජෝක් දාලා විනෝද වෙනවා, තවත් අය තම දේශපාලනය න්‍යායන්, පක්ෂ බව, විපක්ෂබව, මධ්‍යස්ථබව, පරිණතබව, ස්වාධීනත්වය ආදී මෙකී නොකී විවිධ දේ කියනවා බනිනවා. එය ඔවුන්ගේ අයිතිය මෙන්ම අනන්‍යතාවය. මා එතනදී දැක්කේ එහි ඇති ගාම්භීරබව , අනගි බව, අඩුපාඩු, ආරාධිතයන් කවුද, කාගේ අතින් ගත්තාද ආදියට වඩා අගයකලයුතු deserving නිර්මාණකරුවන් පිරිසක් තමන්ගේ නිර්මාණ අගය කිරීමෙන් ලද සතුටයි. It was a humbling experience for me.

      මා මේ සරාස්තුමාගේ පෝස්ට් එකක සීරියස් කොමෙන්ටුවක් දැම්මමද කොහෙද. ඒ ගස්ලබ්ස්තුමා නිසා සහ ඇත්තෙන්ම සීරියස්ලි හොඳ දෙයක් ( සියල්ල ගැන මා කියා නැත ) මං එතන දැක්ක නිසා . දැන් ඇනෝ බැනුම් ඇසීමට එය විවුර්තයි. මට ඔය ඇති. පස්සෙ පෝස්ට් එකක පිස්සු කෙලින්න එන්නම්. //

      Delete
    10. https://slash-dev-slash-null.blogspot.com/2017/03/blog-post_26.html?showComment=1490609732793#c3822289290866518910

      Delete
  9. විළිලැජ්ජාවේ සන්තෝසේ බෑ...!

    ReplyDelete
    Replies
    1. බ්ලොග් ලියන්නෝද මනුශ්‍යයෝය නේද හිටන්!

      Delete
  10. මා ප්‍රිය සන්සඛි අතිගරු සරසතුමනි,

    මගේ පැනයට ඔබතුමාගේ සුපැහැදිලි, සුවියත් පිළිතුර සඳහා මගේ ස්තුතිය පිළිගන්වමි; පිළිගනිත්වා!

    මා මෙම පැනය විමසුවේ ම මෑත කාලයේ දී යළි වර්ධනය වී පැමිණි අවිචාරවත් වූ "ශාස්ත්‍රාලීය සහ ප්‍රභූ විරෝධය" සාමාජීය-ආර්ථික-දේශපාලනික කතිකා⁣ මණ්ඩප වියවුල් කරන බව පෙනී ගිය නිසා ය. ලූලා නැති තැන කණයා පණ්ඩිතයා වන්නා සේ ද දෙවිවරුන් පය ගසන්නට බිය වන තැන මෝඩයා පිනුම් ගසනා සේ ද ඇතැමෙක් මෙදවස විවිධ විෂය ක්ෂේත්‍රයන්ගේ ප්‍රාමාණිකයන් පලවා හැර තමන් නොදන්නා දේ පිළිබඳ බකපණ්ඩිත කතා පවසති. ඔවුන්ගේ බකපණ්ඩිත කතා ද තිබිය යුතු ය. මා ඔවුන්ගේ ඇතැම් සම්ප්‍රදානයන් ඉතා ගෞරවයෙන් අගය කර ඇත. එහෙත් පණ්ඩිතයන්ගේ කතා ද වාරණය විය යුතු නැත.

    ඔබතුමා මෙම පැනයට සපයන පිළිවදන් ඉතා විදුහුරු ය. අප දෙදෙනා මුණ ගැසුණු ලංකා විරෝධී ඊනියා තුන්වරක් ලංකා ආලවක අඩවියේ දී අප මුහුණ දුන් අප්‍රසන්න අත්දෑකීම් ඔබතුමා මෙම ප්‍රතිචාරය සම්පාදනයේ දී ප්‍රයෝජනයට ගන්නට ඇත.

    ලාංකීය ශාස්ත්‍රාලීය සහ ප්‍රභූ අවකාශය තුළ විවිචෙනයට ලක් විය යුතු ගොන්කම්, අමනකම්, මෝඩකම් සහ තකතීරූකම් පවතින බව සත්‍යයකි. එහෙත් මා සඳහක් කළ වෘෂභ කල්ලිවල අරමුණ වී ඇත්තේ සාධනීය විවේචන එල්ල කිරීම නො ව තමනට අහිමි වූ දේ පිළිබඳ ඇති ඊර්ෂ්‍යාව, මඳමානය සහ වෛරය ප්‍රකාශ කිරීම ය. ශාස්ත්‍රෝද්ග්‍රහණය කළ යුතු සමයේ පත්‍රිකා බෙදමින්, රස්තියාදු ගසමින්, කැළේ පනිමින් සිට ශාස්ත්‍රීය ශික්ෂණයක් නොලැබූ මොවූහු ඇට්ටකුණා වන වියට පැමිණ දැන් වෛරයෙන් නන් නන්දොඩවති. ඔවුනට අනුව ඔවුන් සිරගත වන විට අනෙක් අය පශ්චාත් උපාධි හදාරන්නට ප්‍රංශයට, එංගලන්තයට යාම වරදකි! ගරු සරසතුමනි, මේවා කුණුහරුප කතා නො වේ ද?

    යමකුට උසස් ශාස්ත්‍රාලීය ශික්ෂණයක් නොතිබීම ඔහුගේ සුවිශේෂි වරදක්, අඩුපාඩුවක් ලෙස මම නො සලකමි. එහෙත් එවන් සුදුසුකම් තිබීම වරදක් ලෙස සැලකීම මම අනුමත නො කරමි. ඒ වූ කලී කුහකකම යි; ඊර්ෂ්‍යාව යි; මඳමානය යි; වෛරය යි. මෙකී නිෂේධනීය ගුණ වසංගතයක් සේ පැතිර ගොස් ය.

    කිසියම් ශාස්ත්‍රවන්තයකු ඉහත ආකාරයේ පුද්ගලයකුට යම් ශාස්ත්‍රීය විවේචනයක් එල්ල කළ විට ඔවුහු මෙසේ පවසති: "අර ඉස්කෝලේ එකෙක් මේ ඉස්කෝලේ මට අවලාද නඟනවා", "මා හිරේ යන කොට ප්‍රංශයට, එංගලන්තයට පැන්න එවුන් දැන් මගේ ඉංග්‍රීසි හරි නැහැ කියනවා", "වොර්ඩ් ප්ලේස් එකේ හැදුණ වැඩුණ ඔබගේ අහවල් කෙනා ගමක උපන් මට උපාධියක් ගන්න තිබුණ අවස්ථාව නැති කළා"!!! ගරු සරසතුමනි, එකී කාරණා පෙර කී ශාස්ත්‍රවන්තයන්ගේ තුන් හිතකවත් පැවති අදහස් නොවන්නට ඉඩ ඇත. ජෝන් අමරතුංග මැතිඳුන්ගේ බසින් පවසතොත්: "අදාළ නැහැනේ!"

    ඉහත සඳහන් කල්ලි පවසන්නේ ශාස්ත්‍රාලීය සහ ප්‍රභූ විරෝධය දේශපාලනික බව ය. එකී දේශපාලනිකයේ තරම අපි 71 දී ද 80 දශකයේ අග දී ද මනා ව ප්‍රත්‍යක්ෂ කර ගත්තෙමු.

    ගරු සරසතුමනි, එවන් වෘෂභ කල්ලිවලට යම් කරුණක් සම්බන්‍ධයෙන් අප ස්තුති කළ යුතු ය. මක් නිසා ද යත් ඔවුන්ගේ නොමනා හැසිරීම නිසා අපට ඔබගේ වියුණුව බුද්ධිප්‍රකෝපනකාරී, ඥානාලම්බන, ධීමත්ජනප්‍රසාදී කතිකා මණ්ඩපයක් බවට පත් කර ගන්නට හැකි වුණ නිසා ය. එම සද්කාර්යයට පුරෝගාමී වූ ගරු සරසතුමාට අපි වියුණු ලොව ජනතා සම්මානය මෙසේ පුද කරමු!

    බන්‍ධුල කුදලාගම,
    සදම්ටනය.



    පසු සටහන:

    ඉහත මගේ පැනයේ "සරලමතික කල්ලියක් වියුණු ලොව බිහි ඇත" යන්න "සරලමතික කල්ලියක් වියුණු ලොව බිහි ව ඇත" යනුවෙන් "ව" කාරයක් එක්කර සකස් කරන මෙන් ගරු සරසතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. එය යතුරු ලියනයේ දී මගෙන් සිදු වූ වරදකි.

    ReplyDelete
    Replies
    1. අතිගරු කලානිධි බන්‍ධුල කුදලාගම තුමනි,

      මට එක් දෙයක් ලිවීමට අමතක වුනා.

      එය නම් මේ තමන් විසින් ම වෘතීය භාවයක් අටවාගත් self proclaimed දෙකයි පනහේ වෙන්ඩ ශාශ්තෘ හාදයෝ වැඩියෙන් ම වෛර කරන්නේ ඔවුන් සමග එකට දේශ්පාලනය කල එහෙත් ඔවුන් මෙන් නොව හරි පාරේ ගොහින්, විබාග සමත් වී උසස් අද්‍යාපනය ලබා ඊට අමතරව විදෙස් උසස් අද්‍යාපනය ලැබූ තමන් දන්නා හඳුනන අයටයි.

      එක අතකට පුදුමවෙන්න කාරියක් නැහැ.. ජ වි පෙ සාමාජිකයෝ වැඩියෙන් ම වෛර කරන්නේ දනපතීන් ට නොව තමන් සමග එකට සිට පසුව පක්ශය අතහැර ගිය අයටයි නේ.

      Delete
  11. //කාලයක් එකසිය ගනනට මිනී මැරූ දත් ගලවා නැවු අටක් ගත් කට ඇරියොත් බොරු කියනා දේසපාලුවෙකු දෙපාමුල කුඩා බලු පැටියෙකු මෙන් වැටී සිටීම බව අප ඊයේ ඉගෙන ගත්තෙමු.

    එය සාදාරනීකරනය කරන්නේ එම දේසපාලුවා බෙහෙත් මිල අඩුකෙරුවා ඒ නිසා එයා මාර චරිතයක් කියා ය. සරස තුමා ට මතක් වන්නේ බල්ලාගේ නැට්ටේ බැඳුනු මී වදය ගැන ය. //

    අපටත් එසේමයි

    ReplyDelete
    Replies
    1. බ්ලොග් ලියනා දෙතුන් දෙනෙකුවත් ඇස් ඇරියානම් මට ඒ ඇති....

      සමහරු නම් නිදාගෙන වගේ ඉන්න නිසා ඇස් ඇරවීම බොරු!

      Delete
    2. ඇස් ඇරන් හිටියත් ඇස් පනාපිටම බලාගන්නයි, වෙනත් හේතුවක් නිසයි ගිය එක ගැන සතුටුයි. ඇසින් දුටු සාක්ෂි ඇතිව ජුගුප්සාජනක සියල්ල හෙට අනිද්දා ලියවෙයි. හොඳ හොඳ සෙල්ලං එළිවෙන ජාමෙට.

      Delete
    3. //ඇසින් දුටු සාක්ෂි ඇතිව ජුගුප්සාජනක සියල්ල හෙට අනිද්දා ලියවෙයි. හොඳ හොඳ සෙල්ලං එළිවෙන ජාමෙට. //

      පරෙස්සමින් හිටන්..
      වැඩේ නොකී කතා වෙන්නම වැඩක් සැට් කරයි කස්ටිය!

      Delete
  12. /////විද්වතුන් හෝ වෘතිකයන් වෙන්න බලාගෙන ඉගෙනීම පටන් ගෙන අඥාන කම නිසා ඊරිසියාව මොලේට ගසා පන්ති වෛරය ඉස්මොලේ ගොස් ඉගෙනීම කඩාකප්පල් කරගෙන විප්ලව කිරීමට ගිහින් අන්තිමට තම විප්ලවීය සොයුරන් ලා පාවාදී තමන් ජීවිතය බේරාගෙන එන විදියට ගහ උලුවස්සා න්‍යායෙන් වෙන්ඩ ශාශ්තෘන් ලෙස පෙනී සිටිමින් ඉන්නා දෙකයි පනහේ හෑල් කෑලි//////

    අදාළ පුද්ගලයා ගැන ඔබතුමා ලියා ඇති මෙම නිර්වචනය හරියට ම කිරි ගහට ඇන්නා වගේ, සරස තුමෝ.

    ReplyDelete
    Replies
    1. ගරු ඇනෝ තුමෝ:

      :D

      සමහරු කබ්බෝ ෆෝම්කරති..
      සමහර කබ්බෝ තමන් විසින් ම ස්වයන් ෆෝම්කිරීමකට ලක් වේ.

      මොන දේ වුනත් කබ්බා කබ්බා ම ය!

      Delete
  13. කොන්ද ගැන ප්‍රශ්න කරන පොස්ටුවට කොමෙන්ට් දාන්නේත් ඇනෝ නම් කොන්ද ගැන කුමන කතාද?

    ReplyDelete
    Replies
    1. එකනේ, ඇත්ත කියන්න profile ඵලින්ම එන්න ඕනනේ!! එතකොට ගස්ල්බ්බ වගේ pseudonyms profile වලින් එන අයටත් කොන්දක් නැත්ද?

      Delete
    2. // Jeevana FernandoMarch 26, 2017 at 11:17 AM

      කොන්ද ගැන ප්‍රශ්න කරන පොස්ටුවට කොමෙන්ට් දාන්නේත් ඇනෝ නම් කොන්ද ගැන කුමන කතාද? //


      ගරු ජීවන තුමනි,


      දේවදර්මය යනු පවු කිරීමට ඇති භය හා ලැජ්ජාවයි.


      මෙහි දී "කොන්ද" යනු දේසපාලුවන් ට ආරාදනා කොර සම්මාන උලෙලවල් පවත්වනවිත් දේසපාලුවාගේ දෙපතුල ලඟ බලු පැටවෙකු මෙන් වැටී සිටීමට ඇති භය හා ලැජ්ජාවයි.

      ප්‍රොෆයිලෙන් හෝ ඇනෝ ඇවිත් දේසපාලු දෙපතුල් ලඟ ඇද වැටේ නම් කොන්දක් නැත


      ප්‍රොෆයිලෙන් හෝ ඇනෝ ඇවිත් දේසපාලුවන් සම්බන්ද නොකරගනිමින් සම්මාන උලෙලවල් පවත්වනවා නම් කොන්දක් ඇත.

      Delete
    3. // AnonymousMarch 26, 2017 at 11:57 AM

      එකනේ, ඇත්ත කියන්න profile ඵලින්ම එන්න ඕනනේ!! එතකොට ගස්ල්බ්බ වගේ pseudonyms profile වලින් එන අයටත් කොන්දක් නැත්ද? //

      ගරු ඇනෝ තුමනි,
      මෙහි දී අදාලවන්නේ ප්‍රොෆයිල් හෝ ඇනෝ නොව ඔවුන් ඉදිරිපත් කරනා අදහස් සහ මතවාදයි.

      Delete
  14. මා 2009 වසරේ පමණ සිට සිංහල බ්ලොග් ලියන මිනිසුන් ඇසුරින් උගත් දේ නම් බ්ලොග්කාරයෝ කියන්නේ දේශපාලක තක්කඩියන්ටත් වඩා පහත් ඉතාම දූශිත කූට ලෙස මිතුරන් පවා අශික්කිත ලෙස රවටා ගාන කපාගන්නා පල් හොරුන්, තමුන්ගේ ලොකුකම් බොරු පුරාජේරු වර්ණනා තමුන්ම ලියාගන්නා හීනමාන කාරයින්, තෙලෙ බෙහෙත් වෙලෙඳුන්, හොර කේන්දරකාරයින්, සල්ලාලයන් (ගැහැනු සොඬුන්), සමරිසි සලෙළුන්, තමන්ට නැති තත්වයක් මවාගන්නට විවිධාකාර ප්රෝඩා කරමින් පාඨකයින් රවටන වංචනික තක්කඩියන්, අතිශය කුහක අවස්ථාවාදීන්, ඊර්ශ්යාකාරයින්, අන්ධ විශ්වාස ප්රවර්ධනය කරන මිථ්යාදෘෂ්ටිකයින්, ආගමික අන්තවාදී පිස්සන්, මානසික රෝගීන්, කිසි දෙයක් ගැන හරියට නොදත් නමුත් සියල්ල දත් මෙන් පෙන්වන බකපණ්ඩිතයින්, වැනි ජඩයින්ගෙන් පිරුණු මඩ ගොහොරුවකි.

    මේ මඩ ගොහොරුවේ ඉන්නා මඩකරියන් වන්වූ බ්ලොග්කාර ජඩයින් ඉතාම වංචනික හොරගුහා මෙන් පවත්වාගෙන යන දූෂිත උත්සව බ්ලොග් සම්මාන උලෙන්ලවල් කිය කියතහැක. බොරුවට තමන්ගේ කල්ලියේ පිට කසනා අනික් එවුන්ට ලී කැබලි දී රවටා ගැනීම පිටකසාගැනීම් හැරුනු විට ඇති වැඩක් නැත. මීට වඩා හොඳයි මේ විගඩම් නවත්වා කැමති එකෙකුට කැමති මගුලක් නටාගැනීමට නිදහස දීම. හොරුන්/ තක්කඩියන්/ වංචාකාර ප්රෝඩාකාරයින්ගෙන් අසරණ බ්ල්ග්කරුවන් ආරක්ෂාකරගැනීම නම් වැදගත් වේ. උන්ගෙන් ප්රවේසම් වීමට යාන්ත්රණයක් තැනිය හැකි නම් වඩාත් වටී. (in conclusion, I had to say that politicians are much better than this extremely worst community, the so called Sinhalese bloggers)

    ReplyDelete
    Replies
    1. ඔබතුමා ගේ වටිනා ආලෝචනයට මා එකඟයි ගරු ඇනෝ තුමනි.

      Delete
  15. I had to say that politicians are much better than this extremely worst community, the so called Sinhalese bloggers)

    I LIKE A LIKE THAT..BRO

    ReplyDelete
  16. දීර්ඝ කාලයක් පුරාවට මත ඉදිරපත් කරනා Pseudonyms profile නැතිනම් Pen Name එකක් සඳහා යම් කිසි personality එකක් තිබෙනවා. එලෙසින්ම pseudonyms profile එකෙහි සැබෑ අයිතිකරුවා කවුරුන්ද යන්නත් ප්‍රසිද්ධ රහසක් වශයෙන් පවතිනවා. Pseudonyms profile එකක් ස්වකීය personality හි සීමාවන්තුල හැසිරෙනවා. නමුත් ඇනෝ කියන්නේ කිසිම කොන්දක් නැති මිනිසුන් ගෝනිබිල්ලන් වශයෙන් හැසිරෙන අවස්තාවක්.

    ReplyDelete
    Replies
    1. // නමුත් ඇනෝ කියන්නේ කිසිම කොන්දක් නැති මිනිසුන් ගෝනිබිල්ලන් වශයෙන් හැසිරෙන අවස්තාවක්. //

      ගරු ජීවන තුමෝ,

      සරස තුමා ඒ අදහසට එකඟ නොවුනත් සමහර පුද්ගලයන් එසේ සිතනා නිසාම, එතුමාගේ ප්‍රොෆයිල් එකෙන් ම ඇවිත් නෙලුම් යාය විවේචනය කරනවා.

      එහෙත් අනෙක් අතට සමහරුන් හට එසේ කරන්න අපහසුයි. හිතන්න, නෙලුම්යාය සන්විදායක මන්ඩලේ කෙනෙකුට එහි සිදු වන මහා විගඩම දැනී අප්‍රසන්නතාවයට පැමින චිත්ත පීඩනයට ලක් වන කල, එය පිටකරගැනීමේ නිරපරාධ කාපටයක් සරස තුමා මෙහි විවෘත කර දී තිබෙනවා.


      ඇනෝ ලා සිටියාවේ....

      මගේ මල්ලෙපොල් බ්ලොගය නම් පැමිනි නොපැමිනි සියලු ඇනෝලා ට විවෘතයි!

      Delete
    2. අන්තර්ජාලය තුල සැරිසැරීම සඳහා හොඳම ක්‍රමය නිර්නාමික බවයි.මම මගේ දරුවන්ටත් කියා ඇත්තේ එලෙස කටයුතු කරන්න කියායි.
      ඉහත ප්‍රකාශය කර ඇත්තේ ලන්ඩන් වල සම්මානනීය පුරවැසියෙක් වන වර්ල්ඩ් වයිඩ් වෙබ් නිර්මාතෘ ටිම් බර්නර්ස් ලී මහතා.නැතුව හොර සම්මාන උලෙලවල් තියන ලන්ඩන් ඇල්බට් නොවෙයි.ඒක හින්දා ගොන් කතාකියන්න එපා

      Delete
    3. // අන්තර්ජාලය තුල සැරිසැරීම සඳහා හොඳම ක්‍රමය නිර්නාමික බවයි.මම මගේ දරුවන්ටත් කියා ඇත්තේ එලෙස කටයුතු කරන්න කියායි.
      ඉහත ප්‍රකාශය කර ඇත්තේ ලන්ඩන් වල සම්මානනීය පුරවැසියෙක් වන වර්ල්ඩ් වයිඩ් වෙබ් නිර්මාතෘ ටිම් බර්නර්ස් ලී මහතා.නැතුව හොර සම්මාන උලෙලවල් තියන ලන්ඩන් ඇල්බට් නොවෙයි.ඒක හින්දා ගොන් කතාකියන්න එපා //

      +++++++++++++++++++

      Delete
  17. ලබන වසරේ සම්මාන උලෙලට ගරු ජී.එල්. පීරිස් තුමා කැඳවීමට තීරනය කර ඇත.
    ෴නෙළුම්යාය සංවිධායක මණ්ඩලය෴

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. එතකොට ඒක නෙළුම් පොහොට්ටු යායද?

      Delete
    3. // AnonymousMarch 26, 2017 at 9:35 PM

      ලබන වසරේ සම්මාන උලෙලට ගරු ජී.එල්. පීරිස් තුමා කැඳවීමට තීරනය කර ඇත.
      ෴නෙළුම්යාය සංවිධායක මණ්ඩලය෴ //


      ගරු ජී.එල්. පීරිස් තුමා ට ජයින් ජයිම වේවා!

      Delete
    4. // Pra JayMarch 26, 2017 at 10:15 PM

      එතකොට ඒක නෙළුම් පොහොට්ටු යායද? //

      නෑ නෙලුම් අපාය!

      අෆොයි ගරු Pra Jay තුමෝ... මහාචාර්ය මාතලන් මැතිතුමා පවා නෙලුම් යාය බ්ලොග් කරුවන්ට කිසිම සම්බන්දයක් නැථි උලෙලක් කියල කියනවා නේ..

      Delete
    5. අතට ගානක් එනවා නම් ඔය අජ්ජා වෙලේ සුදා වුනත් ගෙනෙයි

      Delete
    6. // AnonymousMarch 26, 2017 at 10:34 PM

      අතට ගානක් එනවා නම් ඔය අජ්ජා වෙලේ සුදා වුනත් ගෙනෙයි //

      දැනටමත් අරන් ද කියලත් සැකයි හිටන් ගරු ඇනෝ තුමෝ...

      Delete
  18. ඔය සරළමිතික කියන වර්ගයේ උන් එහෙම කරනවා ඇත්තේ කොහෙවත් නැති පොරත්වයක් තමන්ට ආරෝපණය කර ගන්න කියන එක තමයි මගේ අදහස...

    ///එය සාදාරනීකරනය කරන්නේ එම දේසපාලුවා බෙහෙත් මිල අඩුකෙරුවා ඒ නිසා එයා මාර චරිතයක් කියා ය. ///

    ඇත්තටම මොනවද ඔය අඩු කරා කියන බෙහෙත්, කොතනද පැහැදිළිව ඒවා ප්‍රචාරය උනේ කලින් මිළ සහ දැන් මිළ මේකයි කියලා...
    හරිනම් ඒ මිල සටහන් දෙකම ෆාමසි වල ප්‍රදර්ශණය කරන්න ඕනේ...
    කලින් මිළ ගැන සද්දයක් නැතුව අඩු කරපු මිළ මේකයි කියල මිළක් එයාලම කියනවා, ඒක තිබ්බ මිළටත් වඩා වැඩිද කියල මිනිස්සු දැනගන්නේ කොහොමද...
    මටනම් ඔය සිද්ධිය තේරුම් ගියේ මෙන්න මෙහෙම...
    එකම ඖෂධයේ හොඳ බ්‍රෑන්ඩ් එකක් (සාපේක්ෂව) ගෙන්නන එකාගේ මිළ පොඩ්ඩක් අඩු කරවන ගමන් (ඇත්තටම අඩු කරානම් පමණක්...?) කොලිටි අඩු වර්ගය ගේන එකාටත් හොඳ වර්ගයේ මිළම ෆික්ස් කරලා දුන්න සරළ සුගම ගේමක් විදිහට...
    ඌ ළඟදීම තවත් නැව් ගනියි හිටං...

    ReplyDelete
    Replies
    1. ලඟදීම සියලු රජයේ රෝහල් වලට බෙහෙත්, ස්ටෙන්ට්, අක්ශි කාච වැනි දේ සපයන්නේ රාජිත ගේ නියෝජිත සමාගම් පමනයි!

      Delete
    2. පුත්‍රයා විසින් ඖශධ නිෂ්පාදන කර්මාන්ත ශාලවක් පටන් ගැන්ම සඳහා සියල්ල සූදානම් කියලත් ආරංචියක් ලැබුනා.

      Delete
  19. සරාස් තුමා ලබන පාර මාත් ගහල හරි සම්මානයක් ගන්න කියල හිතාගත්තා හිටං

    ReplyDelete
  20. මාත් ඔය සම්මාන උලෙලට යන්නම තමයි හිතාගෙන හිටියේ. මේ බ්ලොග් ලියන, නමින් පමණක් හඳුනන් උදවිය ටිකක් දැන හඳුනාගැනීමේ කැමැත්තකුත් තිබුනා.
    ඒත් ලං ලං වෙනකොට මේක පැහැදිලිවම දේශපාලන ඇජෙන්ඩා එකක් කියන එක සංවිධායක වරුන්ගේ කථා වලින්ම තේරුම් ගියා.
    අනික මොකටද අතින් පෙට්‍රල් ගහගෙන ඔතන ගිහින්, කාලකන්නි අවස්තාවාදී දේශපාලුවන්ගේ කයිවාරු අහන්න කාලේ ගත කරන්නේ.
    වැදගත් බුද්ධිමත් උගතෙක් දේශනයක් කරන්න ආවා නම් මම ඇත්තටම කාලය ගැන නොතකා යනවා.

    ReplyDelete