Monday, March 27, 2017

ඖශද සමාගම් හා වෛද්‍යවරුන් ට කොන්ෆරන්ස් චාරිකා





ඩෙන්මාර්කයේ කෝපෙන්හේගන් නුවර පැවති යුරෝපීය පිලිකා සන්ගමය මගින් පැවැත්වූ 2016 EUROPEAN SOCIETY FOR MEDICAL ONCOLOGY, සමුලුවට සාභාගී වීම සඳහා ඖශද සමාගම් වලින් සන්තොසම් ගත්තේ යැයි ද එයට හේතු කවරේදැයි ද විමසා ශ්‍රී ලන්කාවේ පිලිකා විශේශ්ඥ වෛද්‍යවරුන් හට අල්ලස් කොමිසම මගින් එන්තරවාසි එවා ඇති බව ඉන්වෙස්ටිගේටිව් ජර්නලිස්ට් කෙනෙකු නොවන සරස තුමා ඔබ සැමට මහත් වගකීමකින් දන්වා සිටී.

එම පිලිකා විශේශඥ වෛද්‍යවරුන් හමුවී මේ පිලිබඳව ඔවුන් ගේ අදහස් දැනගැනීමට සරස තුමා උත්සුක විය.

පහත පලවන්නේ එම පිලිකා විශේශ්ඥ වෛද්‍යවරුන් ගේ ප්‍රකාශයි:

විශේශඥ වෛද්‍ය රන්දිල් මහත්මිය: අපි තොරණ බලන්න ගියාම තොරණ හැදුවේ කොහොමද, කවුද සල්ලි දෙන්නේ, කවුද ෆ්ලැෂ් කොටේ කරකවන්නේ, කවුද චිත්‍ර අඳින්නේ, කවුද බල්බ් වැල් ස්ථාන ගත කරන්නේ වගේ දේවල් ඒ හැටි හොයන්නේ නැහැ වගේ ම මෙම කොන්ෆරන්ස් එකට යන්න සල්ලි දුන්න අයගේ  ඒ අංශය ගැනත් සොයා බැලීමක් මගෙන් වන්නේ නැහැ ඔන්න! හැබැයි එකක්!, රජයේ වැඩක් නොවන නිසා, ඩ්‍රග් කොම්පැනි තමන්ට කැමති කෙනෙකු, තමන්ට කැමති තැනක තියෙන සම්මන්ත්‍රනයකට, කැමති වියදමක් දැරීම  අතිශයින් ම පිරිසිදුයි.


විශේශඥ වෛද්‍ය ඇල්බට්: මම ඩ්‍රග් කොම්පැනියට වැඩ කරන්නේ නෑ.. කස්ටිය මාව දවල් තාරකා විද්‍යාඥයෙක් කියල හිතන් හිටියට මම කරන්නෙ ඩ්‍රග් කොම්පැනියට පි රට සවාරි දෙන දොස්තරලා ව නිර්දේශ කරන එක පමනයි. මම හිතන් හිටියෙ මේ පාර කොන්ෆරන්ස් එක ඉන්දියාවෙ තියයි කියලා. කොහෙද අර කොම්පැනියෙ ඉන්ගලන්තෙ හෙඩ් ඔෆිස් එකේ හාදය මටත් කියන්නෙ නැතිව ඒක කෝපෙන්හේගන් දැම්ම නේ.. මට මල පැනලයි ඉන්නෙ හොඳේ?

*විශේශඥ වෛද්‍ය වන්අයි: මේ පාර ඩෙන්මාර්ක් ගෙනිච්චි ගයිඩ් ඩොක්ටර්ස්ලා ව  නරක තැන් වලටත් ගෙනිහිලා නේ... මම නම් පහුගිය අවුරුද්දෙ ගයිඩ් වැඩෙ කරද්දි එහෙම නරක තැන් වලට ගෙනියන්න කියලා බලපෑම් තිබ්බෙ නෑ.

 *විශේශඥ වෛද්‍ය උඩුවා : නෑ මම වෙලේ සුදා ගෙන් සල්ලි ගන්නේ නෑ.. ඒත් මේ රතුවරෙන්තු මහත්තයා ට්‍රිප් එකක්  ස්පොන්සර් කරන්නම් කිවුවාම බෑ කියන්නෙ කොහොමද? අපි ඉතින් බෝතල් පත්තර වලට ප්‍රසිද්දයි නේ...ඒත් ටිකක් අප්සැට් අර බිබිලෙ පුපුරයිද කියලා...

*විශේශඥ වෛද්‍ය මහාචාර්ය මාතලන් මැති තුමා: නොගියෙමි... මුල් එකෙන්ම වනයක් බව තේරිනී.... උඹ කේස් එක දන්නේ නෑ නේ... දැන දැන ඇන්දෙන්න බෑ නේ... එතකොට වෙස් නැට්ටුවෙක් වෙනවා... අපිත් ඔය මළදානෙන් කලින්ම කියලම අයින් උනේ මහත්වරු වගේ ජීවත් වෙන්න ඕන නිසා තමයි. උඹ ඒකත් දන්නවනේ..?
 ඒකනේ අපි ඩ්‍රග් කොම්පැනි වල සල්ලි වලින් කෝපන්හේගන් කොන්ෆරන්ස් යන්නෙ නැතිව අපේ අතේ මුඩ්ල වියදම් කරලා ඉන්දියාවෙ තිබුන කොන්ෆරන්ස් එකට ගියේ...

*විශේශඥ වෛද්‍ය කල්යානම්: මම මේ ට්‍රිප් එක ඕගනයිස් කලේ නෑ. යන්න හොඳ දොස්තරලා තෝරලා සන්විදායක මන්ඩලේට දුන්නා විතරයි. ඒත් සන්විදායකයන් ව ම දන්නෙත් නෑ... කෝපන්හේගන් ගියාම ආයෙ මොනාද... සැප කනේ නේ...?

*විශේශඥ වෛද්‍ය බස්සි මහත්මිය: කතා කරන්න එපා.. මල පැනලයි ඉන්නෙ... මේ පට්ට£%$"" මේ පාර මාව කොන්ෆරන්ස් යන්න ඉන්වයිට් කලේවත් නෑ නේ...  )(&^$.

*මේල් නර්ස් සාශ්තෲ මහතා: ගියපාර මම ගියා. ඒ ඇති. මේ පාරත් මුන් ටික යවන්න සපෝට් එකක් දෙන්න කිවුවාම මම නයි ටී ඇණ් එකට ගිහින් ගොන් කතා ටිකක් කිවුවා තමා... ඩ්‍රග් කොම්පැනියෙ මහත්තයා මට කතාකරලා අයිසෙ ශාශ්තෲ, තමුසේ මෙක තියාගන්නව කියලා මොණර කොල පහක් මගේ සාක්කුවට දැම්ම... ඒ මදිද?
දැන් හැම කොන්ෆරන්ස් එකේටම ගිය අයගෙන් මේ වගේ බ්‍රයිබරි එකෙන් ප්‍රශ්න අහනවද? 

*නීතිඥ්ඥ ප්‍රාජේ මහතා: මන් ඩොකෙක් නෙවෙයි. ඒත් මට යන්න ටිකට් දුන්නා මම ගියා.... ඒකෙ වැරැද්ද මොකද්ද? සිද්දාලෙප කොම්පැනියෙන් ටිකට් එකක් දුන්නත් අපායට යන්න, ඒත් මම යනවනේ.... 

*විශේශඥ වෛද්‍ය කරූ තුමා: මුන් ට පිස්සු. අර රෝල්ස් පැටිස් එහෙම ගිල දානවා පේනකොට මට හිතෙන්නෙ මුන් ව කෝපන්හේගන් නෙවෙයි පෙරෙරා ඇන් සන්ස් එකට ගෙනිච්චත් ඇතිය කියලයි.

*විශේශඥ වෛද්‍ය PRRAජිත තුමා: නඩේ ගුරා විදියට එන්න කියලා. මේ සක්කිලි ටික එකතුවෙලා මට නූතන සේනක බිබිලෙ කිවුවා නේ.. බිබිලෙ ලොක්කා ඒ කාලෙ පේරාදෙනියෙ ඉන්නකොට තිබුන බඩු කේස් ආරන්චිවෙලාද දැන්නෑ.... අර මගේ කකුල් දෙක මිරිකා මිරිකා හිටපු කොට තට්ට ඩෑල් එක කවුද දන්නෙ නෑ... ඌත් ඩ්‍රග් කොම්පැණියෙම වෙන්න ඇති.....මොනා වුනත් මුන් ගේ නඩේ එක්ක කෝපන්හේගන් ගිය එක හොඳයි. මෙකට වියදම් කල ඩ්‍රග් කොම්පැනියට නඩු දාලා උන් සප්ලයි කරන ඩ්‍රග් ටිකත් චතුරගෙ කොම්පැණියට දෙන්න ඕනේ හිටන්!


 වැඩි විස්තර පුවත්පත් වලින්!

79 comments:

  1. අති විසේස රටේ වෙද...ලාභ කඩෙන් බඩු ගන්නා.. පොල් කිරි රසැති (අපි උයන්නවත් නොගන්න ) කෝල්ස් බ්‍රෑන්ඩ් කිරිගන්නා තට්ට කුණාල මැවිසුරු තුමා...

    මමත් ගෙදර අයව බලල එන්න දත කාගෙන හිටියෙ. කෝ මේ වේස මැශින් බිජ්ජා මගේ සම්මානෙට ඇරිය හොඳ එකෙන්ම. අයියෝ මගෙ රුපියල් පා කෑවා. දැන් මම ඉයර් එන්ඩ් එකේ ගෙදර යන්න එපැයි.

    ReplyDelete
    Replies
    1. දුකයි ජීවිතේ...

      Delete
    2. මුගේ කුහක කම කියන්නේ මුට සම්මානයක් නැතිනිසා මේ යකා ලැබිච්ච කිසි කෙනෙකුට සුභ පැතුවේ නැහැනේ!

      Delete
    3. //AnonymousMarch 28, 2017 at 8:27 AM

      මුගේ කුහක කම කියන්නේ මුට සම්මානයක් නැතිනිසා මේ යකා ලැබිච්ච කිසි කෙනෙකුට සුභ පැතුවේ නැහැනේ! //


      මටත් පේන්නේ ඒවගේ ........

      Delete
  2. අපායට නම් කොහොමහරි යනවා. එහෙ හරි විනෝදයි මං වගේ බූරුවන්ට කියලා සරසාශ්‍රිත ඇනෝතුමාලා කිව්වා. හැබැයි නෙලුම් මගුලට වගේ නෙමෙයි ඒකට යන්න නම් කොහොමහරි සරාස්තුමා කැමති කර ගන්නවා. එහෙ යම පල්ලන්ගෙ දත් හරි දිගයි. ගලවන්න ට්‍රිපල් අය කලෑකි, මට සීයට 10යි. යමුකෝ සරාස්තුමෝ. ඔබතුමා මේ පාර දියවන්නා අයිනේ හැංගිමුත්තම් වගේ එහෙ River Styx එක අයිනේ බෑ. අඩේ ඔලුතුනේ බල්ලෙකුත් ඉන්නවා. Cerberus! මං වගේ මල්ටි ඔලු බූරුවෙකුට නියමයි එහෙ. ඔබතුමා තනියම කොහෙවත් නොයන නිසා සීරියස් වර්ගයේ සරසාශ්‍රිත ඇනෝතුමාලා සැට් එකත් ගෙනියමු. මං දැම්මම මෙයා මයිල් ( එයා මයිල් හරියන්නේ නෑ අපායට ) ටිකක් හොයන්නම්. තණමල්විල ඖෂධ සමාගමකින් අනුග්‍රහය ගම්මු

    ReplyDelete
    Replies
    1. Attention -ගෙටත් උසේ විසේ සඥ වයිද්ය වන්අයි තුමා මේ දවස්වල රැවුලත් වවාගෙන දුඛ්කිත සෙයියාවෙන් ඉන්නේ එහෙන් ආව වගේ නිසා එක්කන් ගියොත් ගයිඩ් කරයි

      Delete
    2. ආදරයේ උණුසුම ළඟ බොග දමන්න බෑ

      Delete
    3. // ඉවාන් පවුලූශාMarch 27, 2017 at 11:10 PM

      ආදරයේ උණුසුම ළඟ බොග දමන්න බෑ //

      උනුසුම් සුසුමන්....

      Delete
  3. මට ඉතිං ඕවට තමා මල පනින්නේ හිටං , ඇයි යකෝ විශේෂඥ වෛද්‍යාචාරිණි චතු නගා ගැන එක වචනයක් ලියලා නෑනේ , මගේ හෙවනැල්ල වගේ ඉන්න ආදරණිය ප්‍රියං-බිම්බිකාව ,මාත් එක්ක සාරසගේ දත් සාප්පුවට වුනත් බයක් නැතුව යන්න ඉන්න එකම කෙනා

    ReplyDelete
    Replies
    1. යන්න ඕනෙ නෑ ඒ සාප්පුවෙන් ඩිලිවර් කරනවා. දැකලා නැද්ද "සරාස් ටීත් ඇනොනිමස් අන්ලිමිටඩ්" කියලා ගහගෙන අපිට මොටෝ බයිසිකල් යනවා මෙහෙ. සයිස් එක කියන්න. දත් සාප්පුවෙන් ඩිලිවරි

      Delete
    2. // ඇයි යකෝ විශේෂඥ වෛද්‍යාචාරිණි චතු නගා ගැන එක වචනයක් ලියලා නෑනේ //

      ආන් එයාට ආන්ඩුවෙ සියලුම ප්‍රචාරන කටයුතු බාර දීල කියන්නේ හිටන්!

      Delete
    3. //"සරාස් ටීත් ඇනොනිමස් අන්ලිමිටඩ්" //

      අපි ල ඇනෝලට ආදරම්...
      ඇනෝලා අපිට ආදරම්!

      පැමිනි නොපැමිනි සියලු ඇනෝලා ට ජය වේවා!

      Delete
  4. චතුර ආවේ නැත්තේ සාරස නැති නිසාලු . මිනිහ කැමති නැතිලු තරඟයක් නැති තැනකට එන්න

    ReplyDelete
    Replies
    1. සරාස්තුමා මේ දවස්වල රෆියුද්දීන් අහ්මඩ් ට දන්ත විද්‍යාව ඉගැන්වීම සඳහා කාල තීර්ථ යානාවේ නැගලයි ඉන්නෙ

      Delete
    2. // චතුර ආවේ නැත්තේ සාරස නැති නිසාලු . //

      චතුර එයාගේ පුතා වන නූතන බිබිලේ එවුව එකම මදෑ...

      Delete
    3. චතුර කියන්නේ එන්.එම් ල, කොලු-වින් ලා, විජයල වගෙ බුවාලත් එක්ක දේශපාලනේ කරන එකෙක්නේ. මේ යටි මඩි ගහගන්න එකක්වත් නෝන්ඩි නොවී කර ගන්ඩ බැරි නෙළුම්යායේ මෝඩයොත් එක්ක සෙට් වෙන්ඩ එන්නෙ නැහැ.
      ඒවට එවන්නේ ප්‍රා-ජිත වගේ හාල් කෑලි. බුවා මේ දවස්වල එංගලන්තේ කවුන්ටි ගහනව

      Delete
    4. //ඒවට එවන්නේ ප්‍රා-ජිත වගේ හාල් කෑලි. බුවා මේ දවස්වල එංගලන්තේ කවුන්ටි ගහනව //

      :D

      Delete
    5. ඒක නෙවෙයි සරස තුමෝ ලඟ එන අවුරුද්ද වෙනුවෙන් චතුර, දවල් තාරකා විද්‍යාඥයා හා සිඩ්නි තට්ටය දාලා ටොන් පචයා තේරීමේ තරඟයක් සංවිදානය කරා නම් හොඳ නැද්ද ?
      ප්‍රදාන අරාදිතයන් විදිහට ආප්ප සිරිසේන හා අචාර්‍ය මර්වින් ගේන්ඩ පුළුවන්.

      Delete
    6. චූටි තට්ටයයි පොඩි තට්ටයයි වගේ?

      නැත්නම් කපටි තට්ටයයි මෝඩ තට්ටයයි වගේ...?????

      Delete
  5. රැසියන් බෙහෙත් ගේන සමාගම් වලින් ස්පොන්සර්ශිප් ගත් දොස්තරලාට එන්තරවාසි ඇවිත් නැති බවට කතාවක් තිබේ.
    මුකුත් දන්නවාද මේ ගැන?

    ReplyDelete
    Replies
    1. රුසියන් බෙහෙත් සමාගම් තාම ස්පොන්සර්ශිප් දෙන තරමට ඒස්ටැබ්ලිශ් වෙලා නෑ නේ...

      Delete
  6. මා ප්‍රිය සන්සඛි අතිගරු සරසතුමනි,

    හිමිදිරියේ අවදි ව ඔබතුමාගේ අගනා වියුණු සටහන කියවීමි. ඉස්තරම් ම ලියවිල්ලක් නො වැ!

    ගරු සරසතුමනි, දැන් ලංකාවේ සිටින පිළිකා රෝග විශේඥයයෝ මේ අය ද? බලයා, මහේන්ද්‍ර, යසන්ත, ඉන්ද්‍රානි වැනි අයට පමණක් නො වේ ඩිහාන්, කාන්ති වගේ අයටවත් දැන් තැනක් නැහැ වගේ!

    අනාගතයක් තිබෙන තරුණ පිළිකා රෝග විශේෂඥයකු වන සුජීවට පවසන්න ඕනෑ වියුණුවක් අරඹන්න! නැති නම් එංගලන්තයට හෝ වෙනත් රටකට හෝ සංක්‍රමණය වන්නට (සුජීවගේ සහෝදරයා නම් කල් තියා ම තීරණයක් ගත් බව මට මතක යි. දෙදෙනා ම FG ගේ ශිෂ්‍යයෝ)! ඇයි දැන් ලියාපදිංචි වියුණුකරුවකු නො වේ නම් වෙනත් කවර ශාස්ත්‍රාලීය සහ වෘත්තීය සුදුසුකම් තිබුණ ද ලංකාවේ දී වැඩක් නැහැ නො වැ!

    ගරු සරසතුමනි, සමාජයේ බලාධිකාරී වූ සිවිල් චරිතවලට එරෙහි ව වියුණුකරණය ඔස්සේ නැඟී සිටින්නට ව්‍යාවෘත වූ අය ම අවසානයේ දී වියුණුකරණය ඔස්සේ තමනට ද සිවිල් බලයක් ගොඩ නඟා ගැනීමට වෑයම් කිරීම සරදම්කාරී විසුළුවකි.

    නිදහසේ යමක් ලියන්නට තිබෙන වියුණු අවකාශය කල්ලි ගැසී විධිගත කරන්නට තැතමීම මළ කෝලම් වැඩක් නො වේ ද ගරු සරසතුමනි? ඇතැම් විට Pra Jay වියුණුකරණය පිළිබඳ පවසන දෙය වඩා සාධනීය වන්නට හැකි යි.

    බන්‍ධුල කුදලාගම,
    සදම්ටනය.

    ReplyDelete
    Replies
    1. අතිගරු කලානිධි බන්‍ධුල කුදලාගම මැතිතුමනි,

      // දැන් ලංකාවේ සිටින පිළිකා රෝග විශේඥයයෝ මේ අය ද? බලයා, මහේන්ද්‍ර, යසන්ත, ඉන්ද්‍රානි වැනි අයට පමණක් නො වේ ඩිහාන්, කාන්ති වගේ අයටවත් දැන් තැනක් නැහැ වගේ! //

      දැනට විසේශ්ඥ වෛද්යවරු පස් දෙනෙකුට ලියුම් ලැබී ඇති බව සැලයි. ගරු බලයා තුමා U ටර්න් එකක් අරන් අනිත් පැත්තට කතා කරනවා කියා ද ආරන්චියි!

      Delete
    2. කුදලාගම මැතිතුමනි,
      මගේ මතයේ සාධනීත්වය(?) පිලිබඳ ඉඟියක් කිරීම ගැන ස්තුතියි. ප්‍රශ්නෙකට තියෙන්නේ සරාස්තුමා හා සාරසාශ්‍රිත නිර්නාමික භවතුන්ගේ ආලෝචනවලට පිලිතුරු හෝ අදහස් ප්‍රකාශ කිරීමේදී මා මොන මොන දේ පවසා ඇත්ද යන්න පිලිබඳව මට මෙලෝ සිහියක් දැන් නෑ. :-D

      බොහෝ වියුණු මා සීරියස් නොගන්නේ යයි කීම ( ඔබතුමන්ලා ගේ සාර්වජනිකය විරල ව්‍යතිරේකයක් වේ) ඔබතුමා අදහස් කරන්නේ යයි සිතමි.

      Delete
    3. අතිගරු කලානිධි බන්‍ධුල කුදලාගම මැතිතුමනි,

      ඔබතුමා බඳු වැදගත් විද්වත් පඬිවරයකුගෙන් මහැදුරු සේනක බිබිලේ සූරීන් ගැන මනා විවරණයක් දැනගැනීමට කැමතියි.

      සේනක බිබිලේ සූරීන් ගැන අප දන්න කරුණු ස්වල්පය අනුව බිබිලේ මහතා නොහිටින්න රජයේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව/ රාජ්‍ය ඔසුසල ආදිය නොතිබෙන්න හොදටම ඉඩතියනවා. අද රජයේ නිපදවන ඔය බෙහෙත් ටිකවත් ඉතිරිවෙලා තියෙන්නේ 1970 සහ 1977 යුගයේ සේනක බිබිලේ කරපු දායකත්වය නිසයි.

      එමෙන්ම අද සයිප්‍රසයේ පාවිච්චි වන්නේත් සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්තියයි, සරලව කියනවනම් ලෝකේ සෑම බෙහෙතකටම ඖෂ්ධ නාමයක් තියනවා ඒ වගේම විවිද ව්‍යායාපාරික සමාගම් තම සමාගමේ වාණිජ නාමයෙන් මේ කියන එකම අමු ද්‍රව්‍ය යොදා නිමවා විශාල මිලකට අලවිකරනවා. සේනක බිබිලේ මහතා කලේ ඖෂධ නාමයෙන් බෙහෙත් ලියන්න නියම කිරීමයි මෙතැනදී මේ වාණිජ සමාගම් ගෙනාපු තර්කය තමයි හොද ගුණත්වයෙන් යුත් බෙහෙත් මේ ක්‍රමය නිසා රෝගියාට නොලැබෙන බවයි නමුත් සේනක බිබිලේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක උනානම් රටේ විශේෂ රජයේ පර්යේෂණාගාර වල තත්ත්ව සහතික කරන ලද ක්‍රමයක් ඇති කලානම් රෝගීන්ට අඩුමිලට ඉහලම ගුණාත්මකභාවයෙන් යුත් බෙහෙත් ලබාගන්න තිබුණා.

      නමුත් පසුකලකදී රජය කල කපටි දේ තමයි මේ පරීක්ෂණ පහසුකම් බෙහෙත් කීපයකට සිමා කිරීම සහ රජයේ පරීක්ෂණ අංශ දියුණු නොකිරීම. නමුත් සයිප්‍රසය වැනි රටවල් මේ ක්‍රමය සම්පුර්ණයෙන් පාවිච්චි කළා.

      සේනක බිබිලේ ගේ විශේෂත්වය ඔහු මේ ප්‍රතිපත්තිය ශ්‍රී ලංකාවට පමණක් සිමා නොකර ලෝක සෞඛ්‍ය සංගමයේ ඉහල තනතුරක් සදහා තරග කිරීම ඔහුට මරණය කැදවනු ලැබුව බවයි අප අසා ඇත්තේ. මේ පිළිබඳව විස්තරාත්මකව පැහැදිලි කළ හැකිනම් බොහෝ වටී.

      Delete
  7. ගූ සරසයෝ තෝ කොච්චර මැරෙන්න හැදුවත් අපි නෙලුම්යාය ඉතාම උත්කර්ෂවත් විදියට වැදගත් රට පිළිගත්ත රාජ්‍ය නායකයන් ගේ සහභාගිත්වයෙන් සාර්ථකව කළා. තෝ දැන් ගිහිල්ල කාපං මරාගේ ගු. තෝ කොච්චර හැමිනෙන්න හැදුවත් මරා ආයි කවදාවත් බලේට එන්නේ නැහැ. තෝ වැඩිය දඟලන්න සද්දේ දාන්න ආවොත් හැදුවොත් තෝ උස්සන එක අපිට ලොකු දෙයක් නෙවේ බල්ලෝ.

    ReplyDelete
    Replies
    1. // තෝ වැඩිය දඟලන්න සද්දේ දාන්න ආවොත් හැදුවොත් තෝ උස්සන එක අපිට ලොකු දෙයක් නෙවේ බල්ලෝ. //

      බල්ලෝ උස්සන එකාට සින්හල ශබ්දකෝශේ කියන්නේ "බලු අබරා" කියා ය ගරු බලු අබරා තුමෝ!

      Delete
  8. ඊළඟ අවුරුද්දේ නෙළුම්යාය සම්මාන උළෙලට, 'අධ්‍යාපනික' අංශයෙන් මම මේක නිර්දේශ වලට යෝජනා කරනවා.

    ReplyDelete
    Replies
    1. අනේ මේ ගූසර, උඹලගේ මහා ලොකු විනිවිද භාවය අරවද මේවද ඔක්කොම අනුන්ට විතරයි. උඹලගේ පක්ෂේස්ට ඒවා අදාල් නැහැ, උඹලගේ යාලුවන්ට ඒවා අදාළ නැහැ. එතකොට රාජ්‍ය දේපල අවභාවිතා කලත් කමක් නැහැ. අර ඉස්සර රාජ් කාරය රාජකාරී වෙලාවේ බිලා පස්සේ හොර ඔටි දානකොට තමුසේ හුරේ දැම්මේ.

      Delete
    2. // අර ඉස්සර රාජ් කාරය රාජකාරී වෙලාවේ බිලා පස්සේ හොර ඔටි දානකොට තමුසේ හුරේ දැම්මේ. //

      ඇත්තද... රාජ් රාජකාරී වෙලේ බීලා පස්සෙ ඕ ටී දැම්මද? මට මතක නෑ නේ...අනික එයා මගේ යාලුවෙක් නෙවෙයි නේ ගරු පාරදෘශ්‍ය ඇනෝ තුමෝ...

      Delete
    3. ගූ + තිසර -> ගූසර
      ගූ + සරසා -> xxxx :-)

      Delete
  9. සාරසතුමා වොයිස්කට් වීඩියෝ ගන්න යනකොට මර්වින් තුමා වගේ කෙනෙක් උන්න නම් තමා වැඩේ...
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. බොලේ හැබෑට...
      මරවින් ව කුලියට ගන්න ඇහැක් වෙයිද දන්නෙ නෑ හිටන්...

      Delete
  10. ඇත්තටම සාරස ප්‍රවීණ බ්ලොග් කරුවෝ ලෙස තමුන්ව තමුන් හඳුන්වා ගන්නා තමුන්ම තම හිතවතුන් හරහා පවත්නා රජයට කඩේ ගොස් එහි තනතුරු දරන දේශපාලුවන් ලවා සම්මාන ලබාගන්නා ඔබල මේ රටේ මිනිසුන්ට සැබෑම සේවයක් කල මිනිසුන් කවුද කියන දේ නොදන්නවා මෙන් පෙන්වීම හෝ දැනුවත්ව නොදන්නවා සේ බොරුවට ඇගවීම පිළිකුල් සහගතයි.

    සාරස ඔබ හොඳින්ම දන්නවා සේනක බිබිලේ නොහිටින්න රජයේ රාජ්‍ය ඔෂධ නීතිගත සංස්ථාව/ ඔසුසල නොතිබෙන්න හොදටම ඉඩ තියනවා, අද රජයේ නිපදවන ඔය බෙහෙත් ටිකවත් ඉතිරිවෙලා තියෙන්නේ 1970 සහ 1977 යුගයේ සේනක බිබිලේ කරපු දායකත්වය නිසයි. සාරස දන්නවාද අද සයිප්‍රසයේ පාවිච්චි වන්නේත් මහාචාර්ය සේනක බිබිලේ හඳුන්වාදුන් ඔෂ්ධ ප්‍රතිපත්තියයි, සරලව කියනවනම් ලෝකේ සෑම බෙහෙතකටම ඔෂ්ධ නාමයක් තියනවා. ඒ වගේම විවිධ වියාපාරික සමාගම් තම සමාගමේ වාණිජ නාමයෙන් මේ කියන එකම අමුද්‍රව‍යයෙන් නිර්මිත බෙහෙත් අති විශාල මිලකට අලවි කරනවා. සේනක බිබිලේ මහතා කලේ ඔඋෂධ රසායනික නාමයෙන් බෙහෙත් ලියන්න නියම කිරීමයි. මෙතැනදී මේ වාණිජ සමාගම් ගෙනාපු තර්කය තමයි හොද ගුණත්මකභාවයෙන් යුත් බෙහෙත් මේ ක්‍රමය නිසා රෝගියාට නොලැබෙන බව.

    නමුත් සේනක බිබිලේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක උනානම් රටේ විශේෂ රජයේ පරික්ෂණාගාර වල තත්ව සහතික කරන ලද ක්‍රමයක් ඇති කලානම් රෝගීන්ට අඩුමිලට ඉතාම ඉහළම ගුණාත්වමකභාවයෙන් යුත් බෙහෙත් ලබාගන්නට තිබුණා.

    නමුත් පසුකලකදී රජය කල කපටි දේ තමයි මේ පරීක්ෂණ පහසුකම් බෙහෙත් කීපයකට සිමා කිරීම සහ රජයේ පරීක්ෂණ අංශ දියුණු නොකිරීම. නමුත් සයිප්‍රසය වැනි රටවල් මේ ක්‍රමය සම්පුර්ණයෙන් පාවිච්චි කළා.

    සේනක බිබිලේ ගේ විශේෂත්වය ඔහු මේ ප්‍රතිපත්තිය ශ්‍රී ලංකාවට සිමා නොකර ලෝක සවුඛ්‍ය සංගමයේ ඉහල තනතුරක් සදහා තරග කිරීම. මෙය ඔහුට මරණය කැදවනු ලැබුවා.

    මේ තොරතුරු අදත් මහජනයාගෙන් වසන් කිරීමට මේ සමාගම් ගන්න ප්‍රයත්නය ගැන දැනගන්න

    https://en.wikipedia.org/wiki/Seneka_Bibile

    {Dr Bibile died in 1977 at Guyana, under mysterious circumstances. The section regarding his death is being consistently removed from Wikipedia by an unknown entity, each time someone updates it.}

    මිට අනුව විකිපීඩියාවේ සදහන් වෙන්නේ ඔහු ඉතා සක සහිත තත්වයක් තුල මරණයට ලක්වුනත් මේගැන තොරතුරු විකිපීඩියාවට දමන සෑම විටම හදුනාගත නොහැකි පිරිසක් මෙය මකාදමනු බවයි.

    එතකොට මෙවැනි ජිවිත අවදානමක් ගත්ත පුද්ගලයෙක් සමග කට හැරෙන හැරෙන පැත්තට අතේ පැලවෙන කෙබර කෙලිමින් මිනිස්සු රවට්ටපු රාජිත වගේ (කිසිම වැදගන්මකට නැති බෙහෙත් කීපයක මිල අඩුකර අතවශ්‍ය බෙහෙත් වල මිල කිසිම වෙනසක් නොකර) වැඩකරන මිනිහෙකු මෙවැනි සම්මාන දීම් වලට එකතු කිරීමෙන් ම තියන අපුල නොතේරීම කනගාටුවට කරුණයි.

    ReplyDelete
    Replies
    1. සේනක විලියම් බිබිලේ උපන්නේ 1920 පෙබරවාරියේ අහංගම කතකළුවේ දී ය. ඌවේ බිබිලේ වලව්වේ චාල්ස් විලියම් බිබිලේ ඔහුගේ පියා වූ අතර මව අහංගම කතළුවේ අටදාගේ වත්ත වලව්වේ සිල්වියා ජයවර්ධනයි. සේනක කුඩා කාලයේ ම ඔහුගේ පියා මෙලොවින් සමුගෙන තිබුණු අතර බාල සහෝදර සහෝදරියන් රැක බලා ගන්නට සිදු වූයේ ත් සේනකට ය. බිබිලේ පවුල 16 වන සියවසේ සිට ආදි වාසි පරපුරකින් පැවතගෙන එන බව කියැවේ.

      එවකට සේනක මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ ඉගෙන ගනිමින් සිටියේ ය. ඔහු පන්ති භාර ගුරුතුමාට කීවේ තවදුරටත් තමාට පාසල් අධ්‍යාපනය ලබන්නට හැකියාවක් නොමැති බවයි. පවුලේ බර කරට ගෙන නංගිලා ,මල්ලිලා බලා ගන්නට තමාට සිදුව ඇති බව ඔහු ගුරුතුමාට දැනුම් දුන්නේ ය. තමාගේ පංතියේ සිටින දක්ෂතම ශිෂ්‍යයා අධ්‍යාපනය අතරමඟ නතර කරනවා දකින්නට ගුරුතුමාට හැකියාවක් නොවුණි. ඔහු රහසේ ම ත්‍රිත්ව විද්‍යාලයේ විදුහල්පතිවරයා හමු වී මේ බැව් කීවේ ය. දෙදෙනා කතිකා කර ගත්තේ සේනක දරුවාගේ විය හියදම් මහනුවර දානපතියෙකුට පවරන්නටයි. ලැබුණු උදව් උපකාරත් අප්‍රතිහත ධෛර්යයත් නිසා සේනක ශිෂ්‍යයා හොඳින්ම උගත්තේ ය.

      ඔහු කොළඹ වෛද්‍ය විද්‍යාලයට තේරුණේ ඒ අනුවය. බොරැල්ලේ කුඩා හෝටල් කාමරයක නැවතී ඔහු වෛද්‍ය විද්‍යාලයට ගියේ ය. ලෑලි ඇඳේ නිදා ගනිමින් පාන් කෑල්ලකින් කුස පුරවා ගනිමින් සේනක නම් වෛද්‍ය ශිෂ්‍යයා කටුක දිවියක් ගත කළේ ය. නමුත් මේ කටුක දිවිය ඔහුගේ ධෛර්යය මැඩලන්නට සමත් වූයේ නැත.

      කාල් මාක්ස් ගේ හා ෆෙඩ්රික් එංගල්ස්ගේ පොතක් කියවමින් කොමියුනිටිස් වාදය පිළිබඳ හදාරන්නට විය. පීඩිත ජනතාවගේ දුක් කඳුළු හොඳින්ම දැන සිටි ඔහුට ඒ වෙනුවෙන් කළ යුතු සුවිසල් වැඩ කොටසක් භාර වී ඇති බැව් අවබෝධ වී තිබුණි. වසර කිහිපයකට පසු සේනක වෛද්‍ය විද්‍යාලයෙන් පිට වූයේ පළමු පන්තියේ විශිෂ්ට සාමර්ථයක් සමඟිනි. තව ද “දඩාබෝයි” රන් පදක්කම සහ ශල්‍ය වෛද්‍ය විද්‍යාවට පිදෙන “රොක්වුඩ්“ රන් පදක්කම ද හිමි කරගත්තේ සේනකයි.

      වෛද්‍යවරයෙකු ලෙස කොළඹ මහරෝහලේ සේවය කළ ඔහු පසුව බිංගිරිය ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධිකාරී තනතුරට පත් විය. පසුව වෛද්‍ය විද්‍යාලයේ කථිකාචාර්ය ධූරයක් ලැබීය.

      Delete
    2. ඔය අතරවාරයේ “ලාංකිකයන්ගේ ශාරීරික සෞඛ්‍යය සහ ඔවුන්ගේ ආහාර පුරුදු” යන මැයෙන් සමීක්ෂණයක් කළේ මහාචාර්ය කලම්බයින් හා එක්ව ය. තවත් කාලයක දී වැඩිදුර අධ්‍යාපනය ලැබීමට එංගලන්තයේ එඩින්බරෝ විශ්ව විද්‍යාලයට ඇතුළත් විය. යළිත් ලංකාවට පැමිණි ඔහු 1954 වෛද්‍ය විද්‍යාලයේ “භිෂන්වේදය”(ඖෂධවේදය) අංශයේ අංශාධිපති වූයේ ය.

      මේ වන විටත් කොමියුනිස්ට්වාදී දේශපාලන ගමන් මඟට ප්‍රබල ලෙස ඔහු අවතීර්ණව සිටියේ ය. ඔය කාලයේ දී ම වාගේ පේරාදෙණිය සරසවියේ ආරම්භ කෙරුණු වෛද්‍ය පීඨයේ පළමු පීඨාධිපතිවරයා ද විය.

      1970 දී බලයට පත් වූ රජයෙන් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය “ඖෂධ ප්‍රතිපත්තියක්” සකස් කරන්නට තීරණය කළා ය. ඇය ඒ භාරදූර වගකීම පවරා දුන්නේ මහාචාර්ය සේනක බිබිලේ හා දොස්තර එන්. ඒ. වික්‍රමසිංහයන්ට ය. කර්මාන්ත හා විද්‍යා කටයුතු භාර අමාත්‍ය ටී.බී. සුබසිංහ මහතා මේ සඳහා ඉඩ ප්‍රස්තා සලසා දුන්නේ ය. නමුත් මහා පරිමාණ ඖෂධ වෙළෙන්දන්ගේ එල්ල වූ තර්ජන සුළුපටු නොවීය. එහෙත් 1971 මාර්තු 23දා ඖෂධ ප්‍රතිපත්තිය අගමැතිනියට බාර දෙන්නට හැකි විය.

      ඒ අනුව 1971 සැප්තැම්බර් 22දා ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව පිහිටුවන ලදී. එහි ප්‍රථම සභාපතිවරයා වූයේත් මහාචාර්ය සේනක බිබිලේ ය. අනේක විධ තර්ජන හමුවේ වුවත් ඖෂධ ගෙන්වීමේ වාසි බලයක් ඔහු සංස්ථාවට පවරා ගත්තේ ය. වැඩ බාරගත් පළමු වසරේම ලක්ෂ හැටක විදේශ විනිමයක් රට තුළ රඳවා ගන්නට හැකියාව ලැබුණි. වෙළඳ නාමයන්ගෙන් අලෙවි කරන ඖෂධ, ඖෂධ සංස්ථාව හරහා ඖෂධ නාමයෙන් අලෙවි කරන්නටත් පියවර ගත්තේ ය.

      Delete
    3. ඖෂධ සංස්ථාවේ කොතරම් කාර්ය බහුල වුවත් විශ්ව විද්‍යාලයේ දේශන පැවැත්වීමටත් ඔහු කාලය සොයා ගත්තේ ය. මහාචාර්ය සේනක බිබිලේ හට 1977දී තවත් තනතුරක් ලැබිණි. එනම් ජිනීවා හි “අන්ක්ටෑඩ් සංවිධානයේ” ජ්‍යෙෂ්ඨ ඖෂධ ප්‍රතිපත්ති විශේෂඥයා ලෙසයි. එහිදී ඔහුට පැවරුණේ ට්‍රිනිඩෑඩ්, ජැමෙයිකා, බාබඩෝස්, ඩොමිනිකා, ග්‍රෙනාඩ්, ඇන්ටිගුවා, පුවටෝරිකෝ, ගයනා යන කැරිබියන් දූපත්වල ජනතාවට ඖෂධ ප්‍රතිපත්තියක් සකස් කරන්නටයි. එසේම, මැලේසියාව, ඇෆ්ගනිස්ථානය, නේපාලය ආදී රටවලත් ඖෂධ ප්‍රතිපත්ති සකස් කෙරුණේ මහාචාර්ය සේනක බිබිලේගේ මූලිකත්වයෙනි. මේ වාර්තා ජිනීවා හි ඇන්ක්ටෑඩ් කාර්යාලයට ඉදිරිපත් කිරීමත් සමඟ ඖෂධ වෙළෙන්දෝ සහ නිෂ්පාදකයෝ මහාචාර්යවරයා සමඟ උරණ වූහ.

      එහෙත් පීඩිත ජනතාව වෙනුවෙන් තමාගෙන් විය යුතු මෙහෙවර ඔහු නතර කළේ නැත. 1977 අගෝස්තු 26දා කැරිබියන් දූපතක් වන බාබඩෝස් බලා පිටත් වූයේ ය. ඒ ඖෂධ ප්‍රතිපත්ති පිළිබඳ වාර්තාව සකසන්නට ය. එහි දී මහාචාර්යවරයාගේ බිරිඳට තවත් වෛද්‍යවරයෙකුගේ බිරිඳක් දැල්වෙන රතු එළියක් පෙන්නුවාය.

      පීඩිත ජනතාව වෙනුවෙන් අවංකව සේවය කරන ඔබේ ස්වාමිපුරුෂයා මරණයට පත් කරන්නට ඖෂධ වෙළෙන්දන් ක්‍රියා කරන බවත්, ඉතා ඉක්මනින් යළි ලංකාවට යන ලෙසත් ය. එහෙත් මහාචාර්යවරයා ඒවා ගැන තැකීමක් නොකළ අතර හැකි ඉක්මනින් වාර්තාව අවසන් කිරීමට කටයුතු කළේ ය.

      නමුත් ආරාධනයකට අනුව රාත්‍රී භෝජනයකට ගිය මහාචාර්යවරයාට හදිසියේ ඇති වූ හෘදයාබාධයකින් මරණයට පත් වන්නට සිදු විය. කැරිබියන්හි ගයනා දූපත් හි දී බිරිඳ ලීලා තවත් කිහිප දෙනෙකුගේ සහය ඇතිව මහාචාර්යවරයාගේ අවසන් කටයුතු සිදු කළා ය. ඔක්තෝබර් 8දා ඇය යළි ලංකාවට ආවේ මහාචාර්යවරයාගේ භෂ්මාවශේෂ ද රැගෙන ය. කොළඹ ජාවත්ත සුසානභූමියේ දී එතුමාගේ භෂ්මාව ශේෂ තැන්පත් කෙරුණි.

      වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම මානව හිතවාදියෙකු වූ මහාචාර්ය සේනක බිබිලේ මෙලොවින් සමුගත්තේ එලෙසය. පසුකාලීනව ලංකාවට පැමිණි ඔස්ට්‍රේලියාවේ ජාතික ඖෂධ ප්‍රතිපත්ති මණ්ඩලයේ නියමුවා වූ දොස්තර හාටි කීවේ මෙවැන්නකි.

      “ලංකාව කඳු මුදුනකි. සේනක බිබිලේ එහි බැබළෙන පහනකි. අපි ඒ පහනේ එළියෙන් අපේ රටවල ඖෂධ ප්‍රතිපත්ති හදා ගත්තෙමු”.

      ලොවටම එළිය දුන්න ද අද ලංකාවේ ඖෂධ ප්‍රතිපත්තිය පවතින්නේ ඉතාම ශෝචනීය තත්ත්වයකය.

      Delete
  11. උපහාස රසය අඩු නැතුවම තියෙනවා සාරසතුමා.

    ReplyDelete
    Replies
    1. ජයවේවා ගරු කුරහන් මල්ලි තුමො...

      Delete
  12. ඇත්තෙන්ම සාරසයෙනි මහජන සෞඛ්‍යය ගැන සංවේදී හා සකි‍්‍රය වන වෛද්‍යවරුන් බොහෝ දෙනකුගේ පරමාදර්ශී වීර චරිතය වන්නේ මහාචාර්ය සේනක බිබිලේ (1920-1977) බව අමුතුවෙන් නොකිවමනාය.

    1958දී මෙරට ඖෂධවේදය පිළිබඳ ප‍්‍රථම මහාචාර්ය තනතුරට පත් මේ ජනතාවාදී වෛද්‍යවරයා 1971දී රාජ්‍ය ඖෂධ සංස්ථාව පිහිට වූ විට එහි ප‍්‍රථම සභාපතිවරයා වුණා. ඔහුගේ විශිෂ්ඨ බුද්ධිමය දායකත්වය වූයේ අත්‍යවශ්‍ය ඖෂධ පිළිබඳ තර්කාන්විත ක‍්‍රමවේදයක් යෝජනා කිරීමයි (rational pharmaceutical drugs use).

    බටහිර වෛද්‍ය ක‍්‍රමයේ රෝගීන්ට දෙන බෙහෙත්වලින් අඩකටත් වඩා රෝගාබාධ සමනය කිරීමට අත්‍යවශ්‍ය හෝ ඉලක්කගත හෝ නොවන බව දැන් පිළි ගැනෙනවා. එහෙත් බොහෝ වෛද්‍යවරුන් බෙහෙත් නියම කරන විටත්, රෝගීන් බෙහෙත් ගන්නා විටත් ඒ ගැන නැවත සිතා බැලීමක් කරන්නේ නැහැ. එසේ හැකි තාක් ඖෂධ නියම කිරීමට වෛද්‍යවරුන්ට නිෂ්පාදන සමාගම් බලපෑම් කරන බවත්, ඒ සඳහා නොයෙක් දිරිගැන්විම් හා පරිත්‍යාග කෙරෙන බවත් කලක සිට ප‍්‍රකටයි.

    මහජන මුදලින් පවත්වා ගෙන යන රාජ්‍ය සෞඛ්‍ය ක්‍ෂෙත‍්‍රයේ ඖෂධ භාවිතය වඩාත් තර්කනුකූල විධිමත් කිරිමට 1970 දශකයේ බිබිලේ ඇතුළු විද්වතුන් කිහිප දෙනෙක් උත්සහ කළා. මේ සඳහා වෛද්‍ය වෘත්තිය, සෞඛ්‍ය පරිපාලනය, සෙසු විද්‍යාඥයන් අතර මෙන් ම ජන සමාජ මට්ටමින් ද විද්වත් කතිකාවක් ඔවුන් ඇරඹුවා.

    ReplyDelete
    Replies
    1. සරසවි වෙද ඇදුරකු ලෙසත් පර්යේෂකයෙකු ලෙසත් ක‍්‍රියා කරන අතර මේ ප‍්‍රතිපත්ති මට්ටමේ වෙනස ඇති කිරිමට මහාචාර්ය බිබිලේ ගත් උත්සාහය ගැන ඔහුගේ ජීවන චරිත කතාවෙත්, වෙනත් ප‍්‍රකාශනවලත් ලේඛන ගතව තිබෙනවා. එහිදී ඔහු මහත් පරිශ‍්‍රමයෙන් තොරතුරු හා සාක්ෂි රැස් කොට, විශ්ලේෂණය කොට ඉදිරිපත් කළ ශාස්ත‍්‍රීය විලාසය ගැන ඔහුගේ සිසුවකු වූ විද්‍යාත්මක කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ අමාත්‍ය වෛද්‍ය තිස්ස විතාරණ සිහිපත් කරනවා.

      සේනක බිබිලේ වයස 57දී හදිසියේ මිය යාම සැක කටයුතු බවත්, කුමන්ත‍්‍රණයක් විය හැකි බවත් විශ්වාස කරනවා.

      ඔහු ගැන කථා කරන බොහෝ දෙනා හා බිබිලේ චරිතය පරමාදර්ශයට ගන්නා නූතන වෛද්‍යවරුන් ඔහුගේ අකල් මරණය ගැන දැඩි අවධානය යොමු කරන අතර, ඔහු ජීවත්ව සිටියදී කි‍්‍රයා කළ විලාසය ගැන සමීපව අධ්‍යයනය කරන්නට නොවෙහෙසීම කණගාටුදායකයි.

      මහාචාර්ය බිබිලේට සමාජවාදී දේශපාලන නැඹුරුවක් තිබුණා. ඔහු ලංකා සමසමාජ පක්‍ෂයේ සාමාජිකයෙක්. ඔහුගේ චින්තනය එයින් පොෂණය වූ බව පැහැදිලියි. එහෙත් ඖෂධවේදය පිළිබඳ විද්වත් වාදවිවාදවලදී ඔහු විද්‍යාව හා දේශපාලනය අනවශ්‍ය ලෙස මිශ‍්‍ර කර ගත්තේ හෝ පටලවා ගත්තේ නැහැ.

      Delete
    2. ජාත්‍යන්තර තලයේ දක්‍ෂ ප‍්‍රතිමල්ලවයත් සමග සංයමයෙන් හා ඉතා සංවිධනාත්මකව වාද විවාද කළ සැටිත්, ලෝකයේ ආණ්ඩු සාමාජිකත්වය දරණ ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) ප‍්‍රබල බුද්ධිමය වෙනසක් කළ සැටිත් වෛද්‍ය විතාරණ, වෛද්‍ය කොල්වින් ගුණරත්න ඇතුඵ බිබිලේ සහෘදයන් වාර්තා කොට තිබෙනවා. මෙන්න පරමාදර්ශය!

      බිබිලේ අකාලයේ මිය ගියත් ඔහු ඇරැඹූ චින්තන විප්ලවයට දිගට ම ලාංකික බුද්ධිමය දායකත්වය හා නායකත්වය ලැබුණා.

      බිබිලේ යටතේ සරසවි ඇදුරකුව සිටි ඖෂධවේදී ආචාර්ය කුමාරයියා බාලසුබ‍්‍රමනියම් (1926-2011) ඉන් පසු එම බුද්ධිමය අරගලය තවත් වසර 30කට වැඩි කලක් පෙරට ගෙන ගියා. වෙළදාම හා සංවර්ධනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මේලනයේ (UNCTAD ආයතනයේ) විශෙෂඥයකු ලෙස කි‍්‍රයා කරමින් ඔහු නේපාලය, කියුබාව, පිලිපීනය, ඉතියෝපියාව හා ටැන්සේනියාව වැනි රටවල අත්‍යවශ්‍ය ඖෂධ ප‍්‍රතිපත්ති සම්පාදනය කළා.

      1981දී Health Action International (HAI) නම් ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානයක් බිහි කිරීමට හවුල් වූ වෛද්‍ය බාලසුබ‍්‍රමනියම්, ප‍්‍රගතිශීලී වෛද්‍යවරුන්, ඖෂධවේදීන් හා වෙනත් සමාජ කි‍්‍රයාකාරිකයන් රැසක් හවුල් කර ගෙන නැණවත් ඖෂධවේදයක් සඳහා ලෝක ව්‍යාප්ත සංවාදයක් පවත්වා ගෙන ගියා. කලක් ඔහු මැලේසියාවේ පිනෑංග්හි පිහිටි HAI ආසියා පැසිෆික් කාර්යාලයේ උපදේශක ලෙස ද ක‍්‍රියා කළා.

      අන්තර් රාජ්‍ය මට්ටමේ WHO සංවිධානයට උදාසීන වන්නට හෝ අකාර්යක්‍ෂම වන්නට හෝ නොදී සිවිල් හා විද්වත් බලපෑම් දිගට ම පවත්වා ගන්නේ HAI වැනි රාජ්‍ය නොවන සංවිධානයි.

      බංග්ලාදේශයේ ඖෂධ ප‍්‍රතිපත්තිය ජනතාවාදී කිරීමේ මුල් තැන ගත් වෛද්‍ය සෆ්රුල්ලා චෞද්‍රි (Dr Zafrullah Chowdhury) ආචාර්ය බාලසුබ‍්‍රමනියම් ගැන ඉතා ගෞරවයෙන් කථා කළා. ‘‘ඩොක්ට බාලා මහජන සෞඛ්‍ය ක්‍ෂෙත‍්‍රයේ ලොව පුරා පැතිර සිටින දහස් ගණනක් දෙනා බලාත්මක කළා. මෙය දිගුකාලීන අරගලයක් බවත්, තාවකාලික ජයග‍්‍රහණවලට වඩා ප‍්‍රතිපත්තිමය මට්ටමේ හා චින්තන වෙනසකට කි‍්‍රයා කළ යුතු බවත් ඔහු අපට නිතර සිහිපත් කළා.’’

      මහාචාර්ය බිබිලේ මා කිසි දිනෙක මුණ නොගැසුණත් ආචාර්ය බාලසුබ‍්‍රමනියම්ට කොළඹ විද්වත් තලයන්හිදී මා සවන් දී තිබෙනවා. ඔහු බහුශ‍්‍රැත වූත්, මිත‍්‍රශීලී වූත්, නිහතමානී චරිතයක් බව මට මතකයි.

      Delete
    3. තමන්ගේ දිගුකාලීන අරමුණු සාක්ෂාත් කරගන්නට රාජ්‍ය නිලධාරීන්, ඖෂධ සමාගම්වල නියෝජිතයන් ඇතුඵ අදාල හැම කෙනකු සමග ම ඔහු සන්සුන්ව සාකච්ඡා කළා. ආවේගශීලී වූයේ නැහැ. මෙබඳු අරගලයන්හි මුඛ්‍ය අවශ්‍යතාවයක් වන්නේත් එයයි.

      2007දී Ceylon Medical Journal වෛද්‍ය සඟරාවෙහි ලිපියක් ලියමින් වෛද්‍ය මහාචාර්ය කොල්වින් ගුණරත්න කීවේ ශී‍්‍ර ලංකාවෙන් බිහි වී ලෝක ව්‍යාප්ත මට්ටමේ ලොකු ම බලපෑම කළ වෛද්‍යවරයා කේ. බාලසුබ‍්‍රමනියම් බවයි. (අකල් මරණය නිසා බිබිලේ ගමන කෙටි වූ බැවින්.)

      2011දී බාලසුබ‍්‍රමනියම් මිය ගිය පසු ලෝකයේ ඉහළ ම පෙළේ වෛද්‍ය පර්යේෂණ සඟරාවක් වන The Lancet ඔහු හැදින්වූයේ ‘ලොව සිටි ඉතා ම දැනුවත් හා අධිෂ්ඨානශීලී සෞඛ්‍ය කි‍්‍රයාකාරියකු’ ලෙසටයි. http://tiny.cc/LancetKB

      මේ තරම් ලෝක කීර්තියට පාත‍්‍ර වූ මේ ලංකා පුත‍්‍රයා ගැන දන්නේ වෛද්‍ය ක්‍ෂෙත‍්‍රයෙන් පිටත කී දෙනාද? තරුණ වෛද්‍යවරුන් පවා කී දෙනෙක් මේ චරිතය ගැන අසා දැනුවත් ද? බිබිලේටත් වඩා සාර්ථක වූ මේ විද්වතා ගැන සිංහල මාධ්‍යවල කථා නොකරන්නේ ඇයි?

      මාධ්‍ය ප‍්‍රසිද්ධිය නොපතා, නිහඩව අඩසියවසක් ප‍්‍රතිපත්ති හා බුද්ධිමය මට්ටමේ මාහැගි මෙහෙවරක් කළ බාලසුබ‍්‍රමනියම්, අද කාලේ ක්‍ෂණික සේනක බිබිලේලා වන්නට තැත් කරන අයට හොඳ ආදර්ශයක්!

      බිබිලේ මගෙහි යන තවත් විද්වතුන් සිටිනවා. කලක් කොළඹ වෛද්‍ය පීඨයේ ඖෂධවේදය ඉගැන් වූ වෛද්‍ය කි‍්‍රශාන්ත වීරසූරිය එක් උදාහරණයක්. දැන් ඔහු ජිනීවා නුවර WHO මූලස්ථානයේ අත්‍යවශ්‍ය ඖෂධ පිළිබඳ ජාත්‍යන්තර විද්වත් කමිටුවේ ලේකම්වරයා.

      මහාචාර්ය බිබිලේ හා ආචාර්ය බාලසුබ‍්‍රමනියම් වැනි විද්වතුන් ක‍්‍රමීය මට්ටමෙන් ප‍්‍රශ්න විග‍්‍රහ කොට, සංකීර්ණ සමාජයේ වෙනස්කම් කිරීමේදී මතු වන අභියෝග මනා ලෙස හඳුනා ගෙන සිටියා. උපක‍්‍රමශීලීව, සියුම් ලෙස තමන්ගේ කරුණු හා තර්ක ගොනු කරමින්, විවිධ ක්‍ෂෙත‍්‍රවල හා රටවල මිතුදම් වර්ධනය කරමින්, බුද්ධිමය සංධාන ගොඩ නැගුවා.

      මෙබඳු ප‍්‍රතිසංස්කරණවලට නොවරදවා ම විරුද්ධ වන බව දන්නා (ඖෂධ සමාගම් වැනි) පාර්ශ්වයන් ද සංවාදවලට සහභාගී කර ගත්තා. ඔවුන්ට ප‍්‍රසිද්ධියේ පහරදීමට ගියේ නැහැ. ඒ වෙනුවට මහජන අභිවෘද්ධියට නිසැකව දායක වන ප‍්‍රගතිශීලී පියවරවලට ප‍්‍රසිද්ධියේ ඔවුන්ගේ කැමැත්ත ද ලබා ගැනීමට උත්සුක වුණා.

      මේවා කඩාකප්පල් කිරීමට අල්ලස්, තර්ජන, ආදිය මතුවිය හැකි බව දැන සිටියා. තමන්ගේ අවංක බව හා පාරදෘශ්‍ය කි‍්‍රයා කලාපය හරහා ආදර්ශමත් වුණා. තමන් අතින් වැරදි සිදු වූ විට වහා නිවැරදි කර ගත්තා.

      මාධ්‍යවලින් සංතෘප්ත වී ඇති අද කාලේ මාධ්‍ය හරහා ද මෙබඳු අරගලයන් කළ යුතු බව ඇත්තයි. එහෙත් ප‍්‍රශ්නයේ ප‍්‍රතිපක්‍ෂයට නිග‍්‍රහ කරමින්, බරපතල චෝදනා නගමින් ආවේගශීලී වනවා වෙනුවට සමාජයට තොරතුරු සන්නිවේදනය කළ හැකි වෙනත් ශෛලීන් තිබෙනවා.

      ‘රටට වස කැවීමේ ජාත්‍යන්තර ක‍්‍රමන්ත‍්‍රණ’ ගැන කථා කිරීම හරහා අහිංසක ජනයා බියපත් කොට ව්‍යාකූල කරනවාට වැඩි විද්වත් බවක් අප වෛද්‍යවරුන්ගෙන් බලාපොරොත්තු වනවා.

      බිබිලේ ගිය මගෙහි අයාලේ ගියාට පමණක් මදි. බිබිලේ බහුවිධ දුෂ්කරතා මැද උපක‍්‍රමශීලීව ප‍්‍රතිපත්ති හා චින්තන මට්ටමේ වෙනසක් කළෙ කෙසේ ද යන්නත් ඔහුගේ අනුගාමිකයන් වූ බාලසුබ‍්‍රමනියම් හා වීරසූරිය වැනි අය ඉන් ඔබ්බට බුද්ධිමය අරගලය ගෙන ගියේ කෙසේ ද යන්නත් සමීපව විමසා බැලීම ඉතා වැදගත්.

      Delete
  13. සේනක බිබිලේ කියන්නේ මොන පරයෙක්ද ?
    සිරිමාගේ හාල් පොලු , මිරිස් පොලු ආණ්ඩුවේ ඇට ලෙවකාල තනතුරු ගත්ත අපතයෙක්

    ReplyDelete
    Replies
    1. සේනක බිබිලේ වැනි වටිනා පුද්ගලයෙකුට එහෙම කියන එක හරි නෑ නෙද ගරු ඇනෝ තුමෝ?

      Delete
  14. https://mallepol.blogspot.com AnonymousMarch 28, 2017 at 3:55 AM
    http://www.w3lanka.comAnonymousMarch 28, 2017 at 4:26 PM

    same time

    ReplyDelete
  15. //*විශේශඥ වෛද්‍ය PRRAජිත තුමා: නඩේ ගුරා විදියට එන්න කියලා. මේ සක්කිලි ටික එකතුවෙලා මට නූතන සේනක බිබිලෙ කිවුවා නේ..//

    :D :D

    ReplyDelete
  16. සරසතුමා ව්‍යංගාර්ථයට හපනෙක් නොවැ.
    දැම්ම පහක් ඔන්න.

    ReplyDelete
    Replies
    1. තැන්කූ වේවා හිටන්!

      Delete
  17. කම්මැලි කොල්ලනේ...
    පොල්කටුව ගෙන අතිනේ...
    නිවටයන් ලෙසිනේ...
    දැන් හිඟා කාපන්නේ...

    බිග් මැච් වල රඟන්නේ....
    පොරවල් වෙන්න දඟලන්නේ...
    බූට් කා නහින්නේ...
    කෙල්ලන් උඩට යන්නේ...

    කවදහරි දවසක...
    රටේ හැම උස් පුටුවෙම...
    ගෑනු ඉඳගත්දාට....
    බල්ලො වාගේ ලගිව් දෙපා ළඟ...

    ReplyDelete
  18. සරස සිනමා නිළි සබීතා පෙරේරාගේ සැමියා වන උපාලි ජයසිංහට අයත් බව කියන රාජගිරිය ප්‍රදේශයේ පිහිටා ඇති අති නවීන ගොඩනැගිල්ලක් කෘෂිකර්ම අමාත්‍යංශයේ භාවිතයට මාසිකව ලක්ෂ 245 ක කුලී පදනමින් ලබාගෙන කිසිදු ප්‍රයෝජනයක් නොගෙන මාස 11 ක් තිස්සේ නිරපරාදේ අගුළු දමා තිබීමෙන් මහජන මුදල් කෝටි 27 කට ආසන්න නාස්තියක් සිදු කිරීම සම්බන්ධයෙන් පෙරේදා පාර්ලිමේන්තුවේදී කරුණු අනාවරණය විය.

    හිතවත්කම පදනම් කරගෙන සිදු කර තිබෙන බව කියන මෙම ගොඩනැගිලි ගනුදෙනුව සම්බන්ධයෙන් මින් ඉහත විවිධ ආකාරයට මාධ්‍ය වාර්තා මගින් කරුණු අනාවරණයවී තිබුණ නමුත් නිල වශයෙන් රජයේ බලධාරීන් කිසිවෙකු පැහැදිලි කිරීමක් සිදුකර තිබුනේ නැත.

    පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස ඇසූ පැනයකට පිළිතුරු ලෙස ඇමති ගයන්ත මේ ගැන පාර්ලිමේන්තුවේදී කරුණු හෙළි කරන ලදි.

    මෙම ගොඩනැගිල්ල වෙනුවෙන් මාසිකව රුපියල් කෝටි දෙකහමාරට අාසන්න මුදලක් (ලක්ෂ 245) ඩීපී ජයසිංහ සමාගමට ගෙවා ඇති බව එහිදී ඇමතිවරයා පිළිගත් අතර එම මුදල් ඇයවැයෙන් වෙන් කර ඇති ආකාරය නිවැරදි බව පවසා සිටියේ අයවැයෙන් කෝටි 150 කට ආසන්න මාසික කුලී විවිධ අමාත්‍යංශ වලට ගෙවන බව පැහැදිලි කරමිනි.

    කෙසේ වෙතත් මෙම මුදල් නාස්තිය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමට කෘෂිකර්ම ඇමති දුමින්ද දිසානායක පාර්ලිමේන්තුවේ එම අවස්ථාවේ නොසිටි අතර පාර්ලිමේන්තුවේ සිටි කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ කියා සිටියේ තමා මේ ප්‍රශ්නය ඇමතිවරයාට යොමු කරන බව පමණි.

    2015 ඔක්තෝබර් මාසයේ වැඩ නිම කරන ලද මහල් 10 කින් යුතු අති නවීන පහසුකම් සහිත රාජගිරියේ පාර්ලිමේන්තු පාරේ පිහිටි මෙම අලංකාර ගොඩනැගිල්ල විවෘත කරන ලද්දේ ජනපති මෛත්‍රිපාල සිරිසේන අතිනි. වර්ග අඩි ලක්ෂයක පමණ ඉඩපහසුකම් ඇති මෙහි වාහන 100 කට වඩා නවතා තබන්නට හැකි රථ ගාලක්ද තිබෙන බව කියැවේ. ඩීපී ජයසිංහ සමාගම මෙම ගොඩනැගිල්ල රජයේ අමාත්‍යංශයක් සඳහා දරන්නට අමාරු මාසික කුලියකට ලබාදීම අනුමත වූයේ කෙසේද යන්න ගැන පසුව ගැටලු මතු විය.

    2016 ජූලි මස සන්ඩේ ලීඩර් පුවත්පත මගින් හෙළිදරව් කර තිබෙන ආකාරයට මෙම ගොඩනැගිල්ල බද්දට ගැනීමට කෘෂිකර්ම අමාත්‍යංශය රජය අනුමත ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව සිදු කර ඇති අතර විගණන පරීක්ෂණ අනුව එය ගැටලු මතු කරන්නකි. පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස දන්වා තිබුනේ මේ සඳහා අගමැතිවරයාගේ අනුමැතිය ලබාගන්නට මෙම හිමිකරුවන් කටයුතු කර තිබුණ බවකි.

    ReplyDelete
    Replies
    1. දුමින්ද දිසානායක ඇමතිතුමත් හිරේට දාමූ තව අවුරුදු 10 යකථ් එලියට එන්න බැරිවෙන්න , මහජන මුදල් අවබවිතයට?

      කෝ මේ අපේ FCID එක?

      වෙනස මෙච්චරයි, සාටක හොර නඩෙන් ටයිකෝට් හොර නඩේට මාරැවෙච්ච එක විතරයි. ඉන්න හොරැටික හිටපු හෙරැ රකිනවා. එතනදි විතරයි මුංගෙ යහපාලනේ. මුං මෙතෙක් කල් කලේ ජනතාවට බදුවැඩි කරමින් හොරා කාපු එකයි කෝටි ගනන් පර්මිට් අනුමත කරපු එක විතරයි. මුං ගෙ හතර වරිගෙටම හෙන වදිනවා !!!

      Delete
    2. // AnonymousMarch 28, 2017 at 11:50 AM

      දුමින්ද දිසානායක ඇමතිතුමත් හිරේට දාමූ තව අවුරුදු 10 යකථ් එලියට එන්න බැරිවෙන්න , මහජන මුදල් අවබවිතයට? //


      ඔහේ රෙඩි නම් අපිත් රෙඩී ගරු ඇණෝ තුමනි...

      දාමු දාමු... අවුරුදු විස්සකට දාමු!

      Delete
  19. Replies
    1. Test is over.... iw one days are being played... next T20!
      :D

      Delete
  20. කො මේ ලිස්ට් එකට අර විශේශඥ වෛද්‍ය මැන්ටල් කැනඩාවේ ඉන්නේ , එයාට මුකුත් ඇත්තේම තැනක්න නැති ද ?

    ReplyDelete
    Replies
    1. එතුමා කියනා පරිදි, එතුමා තවදුරටත් බෙහෙත් දෙන දොස්තර කෙනෙකු නොවේ.

      Delete
  21. එම පිලිකා විශේශඥ වෛද්‍යවරුන් හමුවී මේ පිලිබඳව ඔවුන් ගේ අදහස් දැනගැනීමට සරස තුමා උත්සුක විය. ඔවුන්ගේ ප්‍රකාශ වගින් අනතුරුව සරස ඔඩොක්කු කුක්කා තුමා නොහොත් කුමාර ඛලුආරච්චි නම් නොදත් දොස්තරතුමා කළ මෛත්‍රී (හිටන් නොවේ) සහගත ප්‍රකාශයයි:

    හුහ්... හිංගල බ්ලොග් අවකාසෙට තියන ලොකුම පිලිකාව වෙච්ච මට ඔය සමුලුවට ආරාදනා නොලේ නෑ නෙව. අනික අපිනං යයි ඔයවගේ දවල් තාරකා විද්යාඥ්ඥයින්ගෙ සමුලුවලට. අනික ඔව්වට අනුග්රහය දක්වන්නෙත් ඖශද සමාගම්. ප්‍රදාන ආරාදිතයා ප්‍රා ජිත. අපි වගේ පොරවල් නෙවෙයි අපේ කුලීකාර කොමෙන්ට්කාරයො වත් යයි ඔව්වට.

    හැබැයි ඉතිං වෙලේ සුදා ඔගනයිස් කළත්, අපේ ආයුබෝවේවා මහරජානන් (දෑත් එක්කොට වඳිමින්) හරි යුවරජ ගෝටා බය තුමා හරි එනව කිව්වනං, පිළිකා සමුලුවකට නෙවේ අශූචි වලක ඔලුවෙං හිටන් ඉන්න ඉවෙන්ට් එකකට හරි මං තුමා යනවා. සම්මාන නෙවෙයි අඩගහලා පසුසට පයිං එකක් දුන්නත් මොනතරං සැපද? අන්න එහෙමයි නියම බයියො.

    අපිට ආරාදනා නොකර තියයි සමුලු. මගෙ කුලීකාර කොමෙන්ට් හමුදාව දාල දෙඤ්ඤං බැටේ. ප්‍රා ජිතයට වගේ දත් ගලවලා නැව් ගන්න බැරිවුනාට මොකෝ මටත් දත් ගලවලා නැව් ටෝක් දෙන කුලීකාරයො ටිකක් හරි ගන්න පුළුවන් වුනා නෙව. මොනව වුනත් අර පීකොක් විලයයි සදම්ටන් බන්දුවයි ගෙවන ගානට ඉහටත් උඩින් වටින ජොබක් කරනවනෙ. බන්දුවා මෙලෝ යකෙකුට නොතේරෙන්න අමු හෙළුවෙන්ම වනනවනෙ. අනික මට සන්සකි ද මොකක්ද කියලා ගවුරව නමකුත් දාන්නෙ. මුරුංග අත්තෙ තියනවදත් මංදා.. මොනවා උනත් ඔක්ස්පර්ඩ් එකේ අතුගාලද කොහෙදත් තියනවලුනෙ.

    පීකොක් විලයනං වෙලාවකට ටිකක් පදිරි තමා.. ඌ හිටපු ගමං බ්ලොග් අවකාසෙ සේනාදිනායක වෙලා යුද්ද සාම ප්රකාස කොරන තරමට පොරක් වෙනවා. අනික අම්ම ගැනයි උපත විපත ගැනයි පවුල් ප්රස්න ගැනයි (ඕකගෙත් පවුලෙ හෙන ප්රස්න) ටෝක් දීලා ප්ලැට් නියායෙන් නෙලන්න යනවනෙ. කුලියට ලියනවා කියලා අමතක වුනාම වෙන දේවල්නෙ. අනික සිංදු කවි කරන්න හෙමත් පුලුවන් නෙ.

    ඒත් මදිනම් ටික්කා, ලොකුපුතා, මහසොහොන් පිල්ලිය (හරිනං පෙරේත පිල්ලිය කියන්න වටින්නෙ. ඕකටත් මාර කුල ප්රස්නයක් තියනවා හිටං. ) දාලා නෙලවනවා. ආ.. ස්වීඩනයෙ හිටියත් ගෝත්‍රික බයි ගතිය අතෑරල නැති අර මානා පිටියක හිටපු විලි සංග යක් නැති එකත් ඉන්නවනේ.

    මම මෙව්ව කොරන්නෙ ඉරිසියාවට නොවෙයි හොඳේ..

    ReplyDelete
    Replies
    1. තැන්කියු ගරු පිරිමි මිසී තුමනි.

      Delete
    2. රට පිළිගත් බොහෝ බෞධයන්ගේ ගෞරවයට පාත්‍ර වූ රටට සේවයක් කල හිමිවරුන්ට මිස්ට කියා හෝ නමින් කතා කරන සිනුවර කාලකන්නි මනපහත් අධම මිනිසා තමන්ගේ ඥාති වන හිමි නමට "හිමියෝ" නමින් ගෞරව දී කතා කිරීමට හේතුව සහ මිනීමරු කොටි තර්ස්තවාදින්ට හෙලුවැල්ලෙන් කඩේ යාමට හේතුව කුල පීඩනය නිසා මහ ජාතිය වූ සිංහලයන් සමග ඇති වූ වයිරය බව සුපිරිසිදු ටොයියෙකු සහ ලිබරල් වාදියෙකු වන වික්ටර් අයිවන් පෙන්වා දී ඇත. අප කරුණු ඇතිසැටියෙන් දක්වනවා පමණය. ගැටලුවක් ඇත්නම් වික්ටර් අයිවන් සමග බේරා ගන්න.

      Delete
    3. @ඛලුආරච්චි නොහොත් ස රස

      ////තැන්කියු ගරු පිරිමි මිසී තුමනි.///

      මචෝ උපහාසය අවුලක් නැත.. ඒත් අපහාසය? උඹනං මාරම ලෙඩෙක් බං.. හරියන්නෑ පශු වෙදෙක්ගෙන්ම බේත්ටිකක් ගනිං.

      @ ම.සො.පි.

      ///රට පිළිගත් බොහෝ බෞධයන්ගේ ගෞරවයට පාත්‍ර වූ රටට සේවයක් කල හිමිවරුන්ට මිස්ට කියා හෝ නමින් කතා කරන සිනුවර කාලකන්නි මනපහත් අධම මිනිසා තමන්ගේ ඥාති වන හිමි නමට "හිමියෝ" නමින් ගෞරව දී කතා කිරීමට හේතුව සහ මිනීමරු කොටි තර්ස්තවාදින්ට හෙලුවැල්ලෙන් කඩේ යාමට හේතුව කුල පීඩනය නිසා මහ ජාතිය වූ සිංහලයන් සමග ඇති වූ වයිරය බව සුපිරිසිදු ටොයියෙකු සහ ලිබරල් වාදියෙකු වන වික්ටර් අයිවන් පෙන්වා දී ඇත///

      වික්ටර් අයිවන් එසේ පෙන්වා දී ඇත්තේ කොහේද?

      Delete
    4. //
      මචෝ උපහාසය අවුලක් නැත.. ඒත් අපහාසය? උඹනං මාරම ලෙඩෙක් බං.. හරියන්නෑ පශු වෙදෙක්ගෙන්ම බේත්ටිකක් ගනිං. //

      පිරිමි මිසී කෙනෙකු වීම අපහාසයක් වන්නේ කෙසේද පිරිමි මිසී තුමනි?

      Delete
    5. @ඛලුආරච්චි නොහොත් ස රස

      ////පිරිමි මිසී කෙනෙකු වීම අපහාසයක් වන්නේ කෙසේද පිරිමි මිසී තුමනි?////

      හරි මචං.
      එතකොට ඩෙන්ටෙකුට දතා කීමෙත් අවුලක් නෑනෙ නේද ගොන් දතෝ?

      ඒක නෙවෙයි මචං කෝකටත් හොඳ වෙට් සර්ජන් කෙනෙකුගෙන් බේත් ටිකක් ගනිං මචං. ඒ නැත්තං ගමේ ගොඩෙත් ඉන්නවා හොඳ හරක් වෙද්දු..

      Delete
    6. /*මම මෙව්ව කොරන්නෙ ඉරිසියාවට නොවෙයි හොඳේ.. */

      අපට නම් පට්ට ඉරිසියාය.

      අඩු මිලට කොලිටි බෙහෙත් ගන්න අරගෙන, ෆ්‍රී වයිෆයි පාවිච්චි කරලා, තොරතුරු දැනගැනීමේ පනත හරහා ඒ බෙහෙත් ආපු හැටි ගැන සියළු විස්තර දැනගෙන, සාක්කු සල්ලි වලින් පුරවගෙන, වැස්සට නොතෙමී අලුත්ම කාර් එකේ ගෙදර යන ඔබතුමාල වගේ බුද්ධිමත් වෙන්ඩ ටොයි ජනතාව ගැන කාටද අප්පා ඉරිසියා නැත්තේ ?

      Delete
    7. //අපට නම් පට්ට ඉරිසියාය. //

      ++++++++++++++

      Delete
  22. පුදබිමක්ව තිබූ ලංකාව රාජපක්‍ෂ පාලන සමයේදී කුඩු බිමක් බවට පත්වූ බවත් පසුව යහපාලන රජය බලයට පැමිණි පසු වැඩබිමක් බවට පත්ව ඇති බවත් එජාප මහ ලේකම් අමාත්‍ය කබීර් හෂීම් පවසයි.

    සිරිකොත එජාප මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියේ වෙනස ඇති කිරීමට කැපවූ එජාප පාක්‍ෂිකයින් සදහා ප‍්‍රතිලාභ දීමේ වසරක් බවට මේ වසර පත් කර ගන්නා බවයි.

    ‘වළට වැටී තිබූ මෙරට ආර්ථිකය ගොඩගැනීමේ වගකීම අප බාරගත්තා. අලියා හැමදාම හිතුවාට වඩා බර අදිනවා. එජාපයේ මතවාදය රැක ගැනීමට පාක්ෂිකයන් විශාල කැපවීමක් කළා. අදටත් කරනවා. එනිසා මේ වසර එජාප පාක්ෂිකයන්ට සහන දෙන වසරක් බවට පත්කරනවා’.

    ReplyDelete
    Replies
    1. //AnonymousMarch 28, 2017 at 10:57 PM

      පුදබිමක්ව තිබූ ලංකාව රාජපක්‍ෂ පාලන සමයේදී කුඩු බිමක් බවට පත්වූ බවත් //

      ඉස්සර සීනි කන්ටේනර් වල කුඩු එනවා
      දැන් කුඩු කන්ටේනර් වල් සීනි එනවා...

      රට හැදෙනවා
      අපි දිනනවා...

      Delete
  23. ශ්රී ලංකාවෙන් බිහිවූ ශ්රේශ්ඨතම ලෝක ප්රකටම වෛද්යවරයා සේනක බිබිලේ හෝ වෙනත් අයකු නොව අප හොඳින්ම දන්නා කැනඩාවේ සම්මානනීය පුරවැසි යෝක් විශ්ව විද්යාලයේ ගරු මහාචාර්ය රුවන් ජයතුංග මහතාය.
    සේනක බිබිලේ ඈත දුර බැහැරක ඉපදුන අයෙකි.පවුලට එතරම් මුදල් තිබී නැත.දිස්ත්රික් පදනමින් ආවා වෙන්නටත් පුලුවන.නමුත් රුවන් එසේ නැත.ලංකාවේ දියුනුම නගරය වන කොලඹ ඉපදී එහිම හැදී වැඩුනෙකි.ඔහුගේ දෙමාපියන් අතිශය දනවතුන්ය.ඔහු අසා ඇත්තේ ඉංග්රීසි සින්දු පමනකි.සේනක බිබිලේ මොන සිංදු ඇසුවාද කියා අප දන්නේ නැත.
    රුවන් ඉගෙන ගෙන ඇත්තේ ලෝකයේ අංක එකේ විශ්ව විද්යාලය වන යුක්රේනයේ විනිට්ස්යා විශ්ව විද්යාලයේය.එහිදී ඔහු කා ඇත්තේ මස් පමනකි.(සේනක බිබිලේ ඉගෙන ගෙන ඇත්තේ පාන් කමින් අමාරුවෙන්ය. ) රුවන් ඇඳ ඇත්තේ ඩෙනිම් හා ඉතා වටිනා ඇදුම්ය.ඉගෙන ගන්නා කාලයේ ලොව පුරා සංචාරය කර ඇත.(සේනක බිබිලේ ස්ලේව් අයිලන්ඩ් එකටවත් ගොස් නැත )
    සේනක බිබිලේට එතරම් මුදල් තිබී නැති නිසා ඔහුට ලන්කාවේ දොස්තරලා අතර තැනක් ලැබෙන්නට ඇත.නමුත් ඉතාම ධනවත් උගත් රුවන්ව දකින විට ලන්කාවේ ගම්වලින් ආපු දුප්පත් දොස්තරලා ඉරිසියාවේ පිපිරී ඇත.

    ReplyDelete
    Replies
    1. නමුත් සේනක බිබිලේ ඉස්කෝලේ ගියේ Trinity College, Kandy එකට ය. කුප්පියවත්තේ ඉස්කෝලෙට නොවේ. ඒ බව අමතක කොරන්න එපා හිටන්!

      Delete
    2. ///ලන්කාවේ ගම්වලින් ආපු දුප්පත් දොස්තරලා ඉරිසියාවේ පිපිරී ඇත.//

      ////නමුත් සේනක බිබිලේ ඉස්කෝලේ ගියේ Trinity College, Kandy එකට ය. කුප්පියවත්තේ ඉස්කෝලෙට නොවේ. ඒ බව අමතක කොරන්න එපා හිටන්!////

      ගම්වලින් ආපු එවුන් ගැන කවර කතාද බං. රෝයලිස්ට් කෙනෙක් කියන සරස දත් ඩොකත්, රුවන්ට මෙහෙම ඉරිසියාවෙ පැලෙන කතා කියන කොට..

      රෝයල් ගියත් බයියා බයියාමයි..

      Delete
    3. සේනක බිබිලේ මාක්ස් එන්ගල්ස් ව්ශ්වාස කර තිබේ.ගොඩේ බයියන්ගේ හැටි එහෙමය.අප නාගරික ධනවත් ජයතුංග මහතා මාක්ස්ලා එන්ගල්ස්ලා මෝඩයන් බව සාධක සහිතව ඔප්පු කර තිබේ.( මාක්ස්ලාට පින් සිද්ද වන්නට ගොඩ නැගුනු සෝවියට් දේශයට පින් ශිශ්ශත්වයක් ලබාගෙන ගිහින් දොස්තර කෙනෙක් වීම වෙනම කතාවකි. )

      Delete
    4. අප ජයතුංගයානෝ සේනක බිබිලේට වඩා උසස් බව ඕනේ ආකාරයකට පෙන්වා දිය හැක.නමුත් උදාහරන දෙකක් දෙමි.
      1.ජයතුංග මහතා වයිද්ය සභාව විසින් පවත්වන ඇක්ට් 16නම් ඉතා අමාරු විභාගයක් සමත් වී ඇත.
      2.ලෝකයේ පොශ් හා ඉතා උගතුන්ට පමනක් සමත් විය හැකි IELTS නම් අතිශය අමාරු විභාගයක් සමත් වී ඇත.
      සේනක බිබිලේ මේ විභාග දෙක ගැන දන්නේවත් නැත.

      Delete
  24. blog අවකාශය කියන්නේ නිදහස් තැනක්. එතන තමන් අකමැති දේවල් වලට නොයා හිටියම ඉවරනේ. කවුරුවත් තවත් කෙනෙකුට බැදිලා නෑ. ඔබට තේරුම් ගැනීමට නොහැකි තිත්ත ඇත්ත එය බවයි මට හිතෙන්නේ.

    ReplyDelete