Wednesday, April 12, 2017

සොබාවික ශාක පොහොර / හෝමෝන

දේසපාලනය දැන් අප්‍රසන්නය, දේසපාලනයෙන් තොර දෙයක් ලියන්නය කියලා සරසාශ්‍රිත [(c) PraJay ] එනම් සරස තුමා ගේ මල්ලෙ පොල් වියුනුව අත නොහැර ආලෝචනා පල කරනා ගරු කටයුතු ඇනෝ වරයෙක් පසුගියදා ඉල්ලා සිටියා. එම ගරු ඇනෝ තුමා ගේ ඉල්ලීමට පිලිතුරු වසයෙන් එතුමාට ගෞරව පූර්වකව මා මේ වියුනුව පලකරනවා. 

පසුගිය වසරේ සරස තුමා ආරම්භ කල නිවාඩු නිකේතන ව්‍යාපෘතියේ එක් කොටසක් ලෙස එහි භූමියේ පලදායී භෝගයක් වගාකිරීම දැන් කෙරීගෙන යනවා. ඉඩම පිලියෙල කරගෙන තේ පැල සිටුවා දැන් මාස හයක් පමන වෙනවා. පසුගිය මාස කීපයේ පැවති දැඩි නියඟ නිසාම තේ පැල වැඩීම බාල වුවත්, ඒකටත් එක්ක දැන් දිනපත වරුසාව කඩා හැලෙන නිසා තේ පැල සාරෙට වැඩෙනවා.

තේ පැල සිටෙවුවාම සති දෙකක් ඇතුලත එයට පොහොර දමන්නය කියලා අවවාද ලැබුනු නිසා පෝර ඉඩමේ කොටසක තිබූ පැල වලට දැමිල්ලත් කෙරෙවුවා. හැබැයි මා එය එතරම් කැමැත්තකින් කල දෙයක් නෙවෙයි.

පසුව මට අපේ ලන්කා සිතිවිලි තුමා ලිවුව ලිපියක් මතක් වෙලා ඒක හොයාගෙන කියෙවුවා. ඇත්තටම ඒක එතුමා ගේ ලිපියකට ආලෝචනයක් වශයෙන් තිබිලා මට සොයා ගන්න හැ
කි වුනා..

එතුමා ගේ වචනයෙන් ම කියනවා නම්:
 
අනෙක් කරුණ ශුද්‍රජීවින් යොදාගැනීම. සරල ක්‍රමයක් පැහැදිලි කරලා තිබුන සොබාවික හෝමෝනයක් ඇතිකර ගැනීමට, මිට මාළු ග්රෑම් 500ක් සක්කර (හකුරුත් )ගත හැකියි ග්රෑම් 500 ක් සමග මිශ්‍රකර (මාලු කුඩාවට කපාගන සහ හකුරු කුඩු කරගෙන ) දවස් 15ක් වසා තබන්න ඉන්පසු ඔබට පැනියක් වැනි දෙයක් ලැබෙයි, මෙය 1 ක ගොටසට වතුර 20 දමා මල් නොඑන ගෙඩි නොඑන ඇස්වලට ගසන්න.

 මම ලන්කා සිතිවිලි තුමා ගේ ක්‍රමය පොඩ්ඩක් වෙනස් කලා. මේ වෙනුවෙන් ම මාලු ගන්නවා වෙනුවට  ගෙදර කෑමට ගේන මාලු වල ඔලු වරල් හා අනෙකුත් අහක දමන කෑලි ප්ලාස්ටික් කෑන් එකකට ද්මා එයට සක්කර කැට දාලා වහලා තිබ්බා, ඇතුලේ වායු හැදෙනා නිසා කෑන් එකේ මූඩිය කීප සැරයක් ම අරින්න සිද්ද වුනා. එපමනයි. මාස දෙකකදී පමන සියලු දේ දියවුනු ද්‍රාවනයක් ලැඹුනා. තේ පැල වලට පෝර දානවා වෙනුවට එම ද්‍රාවනේ 1: 20 අනුපාතයට ජලය සමග මිශ්‍ර කර පැල වලට ඉස්සා.

මේ ක්‍රමය සාර්තක වුනු නිසා වැඩිම වාසි ලැබුනේ අපේ කසල බැහැර කිරීමේ ක්‍රමයටයි.

අප සැවොම දන්නා පරිදි ලන්කාව පුරාම පලාත් පාලන නියෝජිතයන් නැති නිසා කසල බැහැර කිරීම අන්තිම දුර්වල වෙලා තිබෙනවා. එවැන් පසුබිමක, මාලු අපද්‍රව්‍ය කසල බාල්දි වල මලු වල දමා තිබුනාම බල්ලෝ ඇදලා එකම අප්‍රසන්න කාලගෝට්ටියයි.

දැන් සරස තුමා ගේ නිවසේ
මාලු අපද්‍රව්ය එකතු කරන්න ප්ලාස්ටික් කෑන් තබා තිබෙනවා.... පාවිච්චි කල සොෆ්ට්ලාන් කෑන් වලට අපි මාලු අපද්‍රව්ය එකතු කරලා ඒකට උක් හකුරු සක්කර ටොප් අප් කරනවා.  සුමාන තුනකදී පමන එම මාලු අපද්‍රව්‍ය දියවෙලා කුනු ගඳ නොගසන දියරයක් බවට පත් වෙලා... එම දියරය පොහොර ලෙස යොදන්න පුලුවනි!!!

 මේ පොහොර / ශාක හෝමෝනය හොඳ ප්‍රතිපල දෙන බව දැන් මා අත්දැකීමන් ම දන්නවා. මගේ බලාපොරොත්තුව එය දිගටම පාවිච්චි කරන්නයි.

පසුගිය මැතිවරනයේදී එ ජා පය තේ දලු කිලෝවකට රුපියල් 85ක් පොරොන්දු වුනා. ඒත් චන්දෙන් පස්සේ ඒක රුපියල් 55 ට පල්ලම් බැස්සා. පසුගිය සති කීපයේ සිට නැවත තේ දලු වලට හොඳ මිලක් තිබෙනවා. දැන් දලු කිලෝවක් රුපියල් 98 පමන වෙනවා.

කුඩා දලු හිමියන් ගේ පලදාව වැඩි කරන්න ලන්කා සිතිවිලි තුමා කියාදුන්න මේ ක්‍රමය යෝදා ගත්තා නම් අපේ ලොකුම පාරිසරික ගැටලුවක් ද විසඳන්න හැකි වෙන බව සරස තුමා ගේ විස්වාසයයි!

93 comments:

  1. සාරස ප්‍රශ්න පත්තරයක්
    ඔය ක්‍රමය විද්‍යාත්මකව ඔප්පු කරන්නෙ නැතුව පාවිච්චි කරන එක හොඳද?
    පරිසරයට හා පසට වෙනත් දීර්ගකාලීන බලපෑම් ඇතිවිය හැකිද ?
    ඔබ වරක් පාවිච්චි කර හොඳ ප්‍රතිපල ලැබූ පමණින්ම එය හොඳ යැයි කිව හැකිද?
    ඔය කොම්පෝස්ට් පොහොරමද?
    (ප.ලි. අද ගූ ගැන නොලිවීමට ස්තුතියි)

    ReplyDelete
    Replies
    1. මාලුවෙක් මරුනාම උගේ සිරුර කුනු වුනා කියලා ගඳ ඇරෙන්න පරිසරයට හානියක් නැහැ... මෙහි දී ස්වාබාවික ක්ශුද්‍රජීවී ක්‍රියා , විශේශයෙන් ම මද්යසාර පැහීම නිසා නිසා මාලුවාගේ ප්‍රෝටීන හා අස්ති සමග අනෙක් සියලුම අවයව දියවෙලා ගිහින් ජලයේ දියවෙන සරල අණු බවට පත් වෙලා... මේවා පරිසරයට ගියා කියලා හානියක් නැහැ... පසේ ඉන්නා ක්ශුද්‍රජීවීන් ට හානියක් නෑ... මෙය කොම්පෝස්ට් නොවේ.. මා දන්නා තරමින් කොම්පෝස්ට් වල පැසීමේ ක්‍රයාව සිද්ද වෙන්නේ නෑ

      Delete
  2. දැන් මේකට නෙලුම් යායේ අය වැයයි, කොලු ගැටයොයි, සම්බන්ධ කරගන්න ක්‍රමයක් තියනවද? නරකද සරස ඔහොමම ඇනෝ ඇවිත් කොමෙන්ට් එකකුත් දාගත්ත නම්?

    ReplyDelete
    Replies
    1. :D

      වෙලව නෑ..

      අද අපි නිවාඩු...
      නිවාඩු ගෙදර ගස් වලට පෝර දානවා හිටන්..

      Delete
    2. රසිකොලොජිස්ට් (Ano 9.02),

      සිංහල බ්ලොග් ලියන්නන් එකෙක් දෙන්නෙක් ඉන්නව බ්ලොග් පෙරේතයෝ. උන් හිතං ඉන්නෙ උන් උසස් උන් ලියන හැම දෙයමත් හැම කුනුහබ්බයමත් උසස් කියල.

      උන් තමන් ගේ හීනමානය නැතිකරගන්න කැමති නැහැ. ඒකනේ අවුරුදු 25ක් 30ක් පරණ අවලංගු උන සහතික තවමත් පෙන්වන්නේ. ������..

      ඒකනේ පිට රට ඉඳලත් අන්තර්ජාතික වශයෙන් පිළිගැනීමක් නැති භාෂාවකින් ලියවුනු ඒ වගේම පිලිගැනිමක් නැති උත්සවයකින් දෙන ලබ්බක් ගන්න දුවන් එන්නේ.

      බලපන් ඔය වගේ මිනිස්සු ඒ උත්සව වලට අනිත් මිනිස්සුන්ට වඩා කැපී පේන්න කියල ගොන් විදිහට ඇඳලා එන හැටි..?? එහෙම හැසිරෙන්නේ ඒ රටවල සමාජ පිළිගැනීමක් නැති උදවිය.

      මට හිතෙන්නේ මේක ආර්ට් එකක් කියලා. හොඳම බ්ලොග් පෝස්ට් එක ලියන්නා, කමෙන්ට්කරුවා හා මනා සංවාදයක් මෙන්ම තවත් සංවාදකරුවන්, තම අඩවියට වඩම්මාගත හැකි සංවාදකරුවෙක් විය යුතුය.

      "මම පොර..! මම ලිව්වා..තොපි කියවපන්" කියලා හිතපු කාලේ පහුවෙලා ගොඩක් කල්ය. යමක් රඳා පවතින්නේ එහි පදනම වඩාත් යතාර්තවාදී වුනොතින් පමනි.

      මේ ගැන ලියන්න ගියොත් එය ශාස්ත්‍රීය ලෙවල් එකට වැටෙන්නත් පුලුවන. හරක් ගෙන් ගොම මිසක් බිත්තර ලබා ගත නොහැක !

      Delete
  3. Replies
    1. :D



      අද අපි නිවාඩු...
      නිවාඩු ගෙදර ගස් වලට පෝර දානවා හිටන්..

      Delete
  4. සරසා තුමා,

    සන්තොසයි ඔබේ අද්දැකීම පිලිබදව, https://www.youtube.com/watch?v=wVvUcKetNc8 මේ මහත්මය තමයි ඔය හෝමෝනය හදන හැටි කියල දුන්නේ හැබැයි ඔය ක්ලිප් එකේ තියනවද දන්නේ නෑ.

    මමත් සුළු පරිමාණයෙන් කල වගාව සාර්ථකයි! ඉදිරියේ දී මම හැකි උනොත් කෙනෙක් ව දාල කරන්න බලාපොරොත්තු වෙනවා.

    රසායනික පොහොර ඕනේ යයි කීම අමුම මුසාවක් හැබැයි මේ සොබාවික ගොවිතැන කරන්න පුළුවන් දේශීය බිජ වලින් පමණයි.

    ReplyDelete
    Replies
    1. //රසායනික පොහොර ඕනේ යයි කීම අමුම මුසාවක් හැබැයි මේ සොබාවික ගොවිතැන කරන්න පුළුවන් දේශීය බිජ වලින් පමණයි. //

      ඔබගේ කරුණු දෙකම අත්දැක ඇති නිසාම ඒ දෙකටම මා එකඟයි!

      Delete
  5. අඩෝ සාරස

    සද්ද වහල හිටියට උඹේ ක්‍රියා පටිපාටිය බොහොම admiration පිට බලාගෙනයි හිටියේ අවුරුද්ද පුරාම.

    මට මේ කතන්දරේ තියන ප්‍රශ්නේ මේකයි. මමත් ඔය ස්වභාවික පෝර වල් නාශක ගැන සෑහෙන උනන්දුවක් තියන කෙනෙක්. නමුත් මෙතන, පල වුනු මාළු සහ සක්කර පැහීමෙන් මොකුත් ලොකු වෙනසක් වෙන්න පුළුවන් ද? මාළු වලින් කොම්පෝස්ට් වලට වඩා නයිට්‍රජන් එන එක නම් හරි. නමුත් සක්කර වෙනුවට හකුරු දැම්මොත් එකේ වැඩි හරියක් තියෙන්නේ නිකන්ම සුක්‍රෝස්. ඕකත් 1:20 තනුක කරලත් වැඩක් වෙන්න තරම් අදී සාන්ද්‍ර කෙමිකල් එකක් ඔය දෙක පැහිලා හැදෙන්න පුළුවන් ද?

    උඹ කන්ට්‍රෝල් එක්ස්පරිමන්ට් එකක් කරාද?

    මාළු based fertilizer පට්ට හොඳයි ගස් වලට කියල නම් මමත් අහල තියෙනවා. මේක හොර්මෝන් එකක් වෙන්න බැරිම නැති උනත් එහෙම වෙන්න පුළුවන් කියල හිතන්න තනුක පාවිච්චියේ ප්‍රතිපල හැර වෙන සාධක මොකුත් තියද?

    ReplyDelete
    Replies
    1. AnonymousApril 12, 2017 at 11:49 PM,

      මේක පොහොරකට වැඩිය හෝමෝනයක්, මෙහි විශේෂත්වය මල් එන්නේ නැති ගස්වල මල් එම සහ ඉකමනින් ගෙඩි හටගැනීමට මෙය ඉවහල් වෙනවා.
      මෙය එක්තරා විදියක සොබාවික පොහොරක් ලෙසත් ක්‍රියාත්මක වෙනව කියල කියන්න පුළුවන් ඔබ නිවිති පැලයකට මේවා දමල බලන්න.

      Delete
    2. // AnonymousApril 12, 2017 at 11:49 PM

      අඩෝ සාරස

      සද්ද වහල හිටියට උඹේ ක්‍රියා පටිපාටිය බොහොම admiration පිට බලාගෙනයි හිටියේ අවුරුද්ද පුරාම. //

      ඇනෝ තුමන් ලා ගේ නිල ලත් ඇනෝනිමස් තුමා සරසාශ්‍රිත ඇනෝ කෙනෙකු ලෙස පෙනී සිටීම මගේ සතුටට කාරනයක්!


      // නමුත් මෙතන, පල වුනු මාළු සහ සක්කර පැහීමෙන් මොකුත් ලොකු වෙනසක් වෙන්න පුළුවන් ද? මාළු වලින් කොම්පෝස්ට් වලට වඩා නයිට්‍රජන් එන එක නම් හරි. නමුත් සක්කර වෙනුවට හකුරු දැම්මොත් එකේ වැඩි හරියක් තියෙන්නේ නිකන්ම සුක්‍රෝස්. ඕකත් 1:20 තනුක කරලත් වැඩක් වෙන්න තරම් අදී සාන්ද්‍ර කෙමිකල් එකක් ඔය දෙක පැහිලා හැදෙන්න පුළුවන් ද? //

      මේකේ කොන්ට්‍රොල් එක්ස්පෙරිමෙන්ට්ස් අපි මාලු මාකට් ලඟින් යනකොට අද්දකිනවා නේ... නිකමට හරි පැල්මඩුල්ල හරහා ඇඹිලිපිටි පැත්තට යන්න හිතුනොත් අට මාදම්පෙ පොල ලඟදී තදින් හුස්මක් ගන්න... ඔන්න කොන්ට්‍රොල් එක්ස්පෙරිමෙන්ට් එකෙන් එන කුණු ගඳ.

      මේකෙ සීනි/සක්කර/හකුරු/ සාන්ද්‍රනේ 20:1 නෙවෙයි. 1:1!

      මෙතැනදී පාලනයකින් තොර පැසීමේ ක්‍රියාව uncontrolled fermentation සහ අනෙකුත් ක්ශුද්‍ර ජීවී කොලනි සෑදීම සිද්ද වෙලා උන් ගේ බහිශ්‍රාවීය ද්‍රව්ය පිටවෙලා ඒවා මගින් මාලු කටු, වරල්, පොතු සියල්ලම දියවී ජීර්ණය වෙලා යෑමක් වෙනවා කියලයි මට හිතෙන්නේ.

      එතනෝල් පැසීමේදී Controlled Fermentation මෙන් නොව පාලනයකින් තොරව පැසීමේදී සියලු ක්ශුද්‍ර ජීවීන් ගේමට එන්ටර් වෙනවා නේ... හිතන්න පසේ පවා තිබෙනා Engyodontium album මෙහි වැඩෙනවානම්... අපි සියලු ප්‍රෝටීන් ඩයිජෙස්ට් කරන්න (කෙරටින් පවා) ගන්න ප්‍රෝටිනේස් K වුවත් හැදෙන්න පුලුවනි. එම සියලු ක්ශුද්‍රජීවී වැඩකටයුතු වල අවසන් ඵලය තමා , කුනු වෙන්නෙ නැථිව මාලු ජීර්ණය වෙලා සරල අණු බවට පත්වීම. ඊට අමතරව ක්ශුද්‍රජීවීන් නිපදවූ ශාඛ ජීවිතේට උදවු කරනා රසායන එක් වීම.

      මැක්සික්‍රොප් පවා හදන්නේ මුහුදු ශාඛ ජීර්ණ ක්‍රියවලියකින් කියලා නේ එහි බෝතලේ සඳහන් කරලා තියෙන්නේ...

      Delete
    3. // මෙය එක්තරා විදියක සොබාවික පොහොරක් ලෙසත් ක්‍රියාත්මක වෙනව කියල කියන්න පුළුවන් ඔබ නිවිති පැලයකට මේවා දමල බලන්න. //

      පොහොර වෙනුවට මේ ද්‍රාවනේ 1:20 තනූක කරලා කෙලින් ම ගහ මුල දාන්න පටන් ගත්තොත්, අර පෝර දාලා දින කීපෙකදදී වැලි ගතිය මතු වෙන එක හෙවත් සියලු කාබනික ද්‍රව්‍ය නැතිවෙලා ක්ශුද්‍ර ජීවීන් මිය යෑම නැවතිලා ගස් හොඳින් වැඩෙන්න පටන් ගනීවි

      Delete
    4. සාරස ලංකා සිතුවිලි දෙන්නාටම පින් සිදු වේවා! ට්‍රයි කරලා බලන්න ඕනේ.

      අඩෝ මාළු ලෑලි වල මාළු කපල අතුනු බහන් අපතේ යන තරමට මේක පට්ට බිස්නස් එකක් කර ගන්න පුළුවන් ඕනේ කමක් තියෙන එකෙක්ට. දැනටම කොම්පෝස්ට් බිස්නස් එක ලංකාවේ නැගල යනවා මම හිතන්නේ.

      Delete
    5. // දැනටම කොම්පෝස්ට් බිස්නස් එක ලංකාවේ නැගල යනවා මම හිතන්නේ. //
      මේ දිනවල කොම්පෝස්ට් කියා විකුනන්නේ සත්‍ය වශයෙන් ම දිරාගිය කාබනික ද්‍රව්‍ය නොවේ. ඒවා හැදෙන්න කාලයක් යනවා. ගබඩා කරගෙන දිරන්න ඉඩ හරින්න ඉඩ කඩ යනවා. දැන් විකුනන බොහෝ කොම්පෝස්ට් වල තිබෙන්නේ දහයියා පිච්චූ අලු/ අඟුරු, සහ දිරා නොගිය දේ...


      //
      අඩෝ මාළු ලෑලි වල මාළු කපල අතුනු බහන් අපතේ යන තරමට මේක පට්ට බිස්නස් එකක් කර ගන්න පුළුවන් ඕනේ කමක් තියෙන එකෙක්ට. //

      ඇත්තටම ඔබ හරි. කොලඹ පෑලියගොඩ මද්‍යම මාලු වෙලෙඳ පොලේ මාලු අපද්‍රව්‍ය ජීර්න පද්දතියක් හැදුවා ICC කොම්පැනියෙන්. එහි අපද්‍රව්‍ය ඒරියේට් වෙලා ජීර්නයට පත් වෙනවා... එලියට එන්නේ ප්‍රතිචක්‍රීකරණයට ලක් වූ ජලය!

      ඒ වෙනුවට එම මාලු අපද්‍රව්‍ය පාලනයෙන් තොර පැසීමකට භාජනය කරලා ලැබෙනා ජීර්න්ය වූ ද්‍රාවනය පොහොර / හෝමෝන ලෙස පාවිච්චි කල හැකියි. ඊට අමතරව එම මාලු කොටස් විසි නොකර වේලාගෙන සත්ව ආහාර වල ට යොදන Fish meal ලෙස ද භාවිතා කල හැකියි.

      Delete
  6. Brilliant!

    Superb post Dr Sa rasa. I will check this stuff in my plantations & will see the results & update you. Well done mate. Please post such valuable posts too often. Cheers !

    ReplyDelete
  7. This comment has been removed by the author.

    ReplyDelete
  8. සාර ස තුමා දේශපාලනය ගැන නොලියන එක ගොඩක් දෙනෙක් ගේ හිතට සැනසීමක් වෙලා වගේ ;-D

    සර ස තුමාටත් ඇතුලු සියළු බ්ලොග් / කොමෙන්ට්කරුවන්ට සුබ අළුත් අවුරුද්දක් වේවා !! සුබ පාස්කු මංගල්‍යයක් වේවා !!

    ReplyDelete
    Replies
    1. Mr Asanga Manpitiya,

      නැති බැරි අයට අත හිත දෙන්න - සතුටින් අවුරුදු කන්න දෙන සහන මල්ල සතුටින් අරන් යන්න - ඒ කාලෙ බන්දුල මාසයක් කන්න රු 2,500කින් පුලුවන් කිව්වනේ, ඔන්න අපෙන් දවස් දෙකක් කන්න රු. 975 කට රු 1,500ක් වටින සහන මල්ලක් !

      ඔබ සැමට සුබම සුබ අළුත් අවුරුද්දක් වේවා, සුබ පාස්කු මංගල්‍යයක් වේවා!!

      Delete
    2. හප්පා..එහෙනං ඉතින් අහවල් අඩුපාඩුවක් ද...කන්නයි තියෙන්නේ උස්මුරුත්තාවට එනකම්. දැන් අඩුවට බෙහෙතුත් තියෙන එකේ කාල කාල ලෙඩ උනත් මොකෝ :-D

      Delete
    3. //
      සර ස තුමාටත් ඇතුලු සියළු බ්ලොග් / කොමෙන්ට්කරුවන්ට සුබ අළුත් අවුරුද්දක් වේවා !! සුබ පාස්කු මංගල්‍යයක් වේවා !! //

      ඔබටත් එසේම වේවා ගරු අස්න්ග මාන්පිටිය මැතිතුමනි...

      Delete
    4. //නැති බැරි අයට අත හිත දෙන්න - සතුටින් අවුරුදු කන්න දෙන සහන මල්ල සතුටින් අරන් යන්න - ඒ කාලෙ බන්දුල මාසයක් කන්න රු 2,500කින් පුලුවන් කිව්වනේ, ඔන්න අපෙන් දවස් දෙකක් කන්න රු. 975 කට රු 1,500ක් වටින සහන මල්ලක් ! //

      මතක ඇතිව ජාතික හැඳුනුම්පත රැගෙන යන්න ගරු ඇනෝ තුමෝ... මල්ල දෙන්න කලින් අයි ඩී නම්බරේ ලියා ගනු ලැබේ.. විහිලු නෙවෙයි

      Delete
  9. සෝ රත da සා රස තුමෝ.

    බොහොම අනර්ගයි ඔබ තුමා ගේ මේ පොස්ට් එකට.

    මට තේ වගාවක් කරන්ට හෙනම ආසාවක් තියෙනව.

    විස්තර කතා කරන්නත් කැමතියි හොඳේ.

    ඔබේ නිවාඩු නිකෙතනේ කවදාහරි ලබන අවුරුද්දෙ මැයි වගේ අපිටත් බුකින් එකක් ගන්න බැරි වෙයිද?

    ඔහෙට ඊ මේල් කළා.

    සුභ අළුත් අවුරුද්දක් හොඳේ..

    🎂

    ReplyDelete
    Replies
    1. සුහ අලුත් අවුරුද්දක් ටික්ක,
      ඔබ කිව්වා විදියට මම බ්ලොග් අඩවිය වෙනස් කළා

      Delete
    2. ගරු ටිලාන් ආතල් අයියා තුමෝ...
      ටික කලකට පසු නිවාඩුව අහවර වෙලා මෙහි ආ ඔබව සාදරයෙන් පිලිගනිමි හිටන්. දැන් තේ වලට මිලක් ඇත. රුපියල් 98 පමන. ඔහේ දෙනියාය පැත්තෙන් ලස්සන වත්තක් අරගත්තොත් නරකද හිටන්?

      Delete
    3. ස්තුතියි ලංකා සිතුවිලි. මම අවුරුදු සමරන්නේ නැති උනත් උබ සහ පවුලේ සැමට සුභ නව වසරක් ප්‍රර්ථනා කරනව.

      සා රස තුමෝ. මගේ හෙන ආසාවක් තිබුන තේ වගාවක් ගැන. නිස්කලංක පරිසරයක තේ වගාවක් පටන්ගන්න. ඒත් මගේ ස්වීඩන් ඉන්න හොඳම යාළුවට වෙච්ච වැඩක් නිසා අදටත් වියාපාරයක් ලංකාවේ පටන්ගන්න බයයි ඩොක්ට.

      බුවා ලක්ෂ 95ක් දීල පොල් ඉඩමක් හලාවතින් අරගෙන මුල ඉඳලම පටන්ගත්ත. ඒ සම්බන්දයෙන්ම කිහිප සැරයක්ම ලංකාවට ඇවිත් ගියා. ඒත් කෘෂි නිලදාරීන් සහ එක එක දෙපාර්තමේන්තු මූට කෙලවලම ඇරිය. අන්තිමට අතින් කයිට් කරන් විකිණුව.

      සා රස තුමෝ. බිස්නස් කියන වැඩ හරියටම නූලට මොලෙන් කරන්ට ඕන. පව් පිං බල බල එක එක්කෙනාට ඕන විදිහට කරන්ට බැහැ. අනික ගොඩක් ලෝබ වෙන්නත් ඕන. ඔය ලෝබ කියන වචනෙ ලංකාවේ ලෝබ මිනිස්සු උනත් පාවිච්චි කරන්නෙ නැහැ බයටම.

      ඇත්තම කියනවනම් මිනිස්සු දියුණු වෙනවනම් ලෝබ වෙන්නම ඕන. රුපියලක් වියදං කරනවානම් රුපියල් 10ක් හොයන විදිහට කල්පනා කරන්ට ඕන.

      බලමු සාරස තුමෝ. වෙලාවක අපි කතා කරමු.

      Delete
  10. දකුණු පළාත නියෝජනය කරන ඒකාබද්ද විපක්‍ෂයේ පළාත් සභා හා පළාත් පාලන මන්ත‍්‍රිවරුන්ගේ සහභාගීත්වයෙන් අද තංගල්ලේ පිහිටි හිටපු ජනාධිපතිගේ කාල්ටන් නිවසේදී අපූරු තරගවලින් සමන්විත අලූත් අවුරුදු උත්සවයක් පැවැත්වින.

    මහ බැංකුව බිදීම, ගූගල් වයිෆයි බැලූන්, රත‍්‍රන් අශ්වයාට ඇස තැබීම, ලැම්බොගිනි සේවීම, ආදී නම්වලින් එහි තරග නම් කර තිබින.

    සැඟවුනු අමුත්තා සෙවීම එහි නම් කර තිබුනේ මහ බැංකුව මහ දහවල් කැඩූ සොරා යනුවෙනි. එම තරගවලින් ජයගත් අයට හිටපු ජනාධිපතිවරයා අතින් බෙදා දෙනු ලැබුවේ ලැම්බෝගිනි සෙල්ලම් කාර් හා සෙල්ලම් හෙළිකොප්ටර්ය.

    ReplyDelete
  11. පෝස්ටුව නියමයි සාරස... මේගැනමං අපේ පියානන්ටදැනුම් දෙනවා...

    සුභනව වසරක්වේවා..

    ReplyDelete
    Replies
    1. කෙනෙක් මේකෙන් දැනුමක් ලබලා ප්‍රොයෝජනයක් ගන්නවානම් අපි බොහොම සතුටුයි...

      ඔබට සිරි සුභ නව වසරක් වේවා හිටන්!

      Delete
  12. @ Sarasa & Lankika Sithuwili

    බොහෝ රජයේ ආයතන වල ප්‍රධානීන් ලෙස සිටින්නේ කළා උපාධිධාරීන්ය. මොවුන් බොහෝ දෙනෙකු ග්‍රාමීය පසුගාමීත්වය හිසේ දරාගෙන විශ්ව විද්‍යාල වලට පැමින හීනමානය හා සමාජ වෛරය නිසා නවක වධ වලට අනෙකුත් සිසුන් ලක් කොට තිබෙන සහාසික මානසිකත්වයෙන් යුතු පිරිසක් බව රහසක් නොවේ. මොවුන් පන්ති අතික්‍රමණය කලද බරපතළ අනන්‍යතා අර්බුධ වල සිටින්නෝය​. ටයි පැළඳගෙන ආයතන ප්‍රධානීන් ලෙස සිටියද මොවුන් ගේ හිස් පිරී තිබෙන්නේ පසුගාමී අදහස් වලිනි.

    මොවුන් ගන්නා පරිපාලන තීරණ යට තවමත් හීනමානතා සංකීර්ණ වල ශේශ දක්නට තිබේ. මේ පිළිබඳව රශියන් ඩිග්‍රි කාර වෛද්‍ය රුවන් එම් ජයතුංගට හොඳ අත්දැකීමක් තිබේ.

    1995 වසරේදී ග්‍රාමීය රෝහලක සහායක වෛද්‍ය රශියන් ඩිග්‍රිකාර වෛද්‍ය රුවන් එම් ජයතුංග පෝලියෝ රෝග එන්නත් කටයුතු සඳහා ග්‍රාම නිලධාරීන් ගේ සහාය ලබා ගැනීම සඳහා හසලක ප්‍රාදේශීය ලේකම්වරයා හමු වීමට ගිය කාලයේ උප දිසාපති තුමා/ ඩී.ආර්.ඕ මහත්තයා ලෙස ගෞරව නාම වලින් හඳුන්වන මෙම නිලධාරියා හමු වීමට ගිය ග්‍රාමීය රෝහලක සහායක වෛද්‍ය රශියන් ඩිග්‍රිකාර වෛද්‍ය රුවන් එම් ජයතුංග මාරක වැරැද්දක්, එනම් සිය රුසියානු හීනමානය වසාගැනීමට දේශීය උපාධිධාරී ඩොකාලාට දාපු පල්පාට් ඔහුටත් දමමින් ආරූඪ කරගත් මහත් ගර්වයකින් ඉංග්‍රීසි බසින් ඔහුව ඇමතුව.

    අහේතුවකට මෙන් හසලක ප්‍රාදේශීය ලේකම්වරයා කිසිම විටක කතා කරණ අනිත් පුද්ගලයට සිංහල පුළුවන් කියලා දන්නවනම් ඉංග්‍රීසි භාවිතා නොකරණ නිසා රශියන් ඩිග්‍රිකාර වෛද්‍ය රුවන් එම් ජයතුංගට සිතාමතා නොසැලකිලිවන්ත ලෙස සැලකුවා පමණක් නොව ග්‍රාම නිලධාරීන් ගේ සහායද ලබා නොදුන්නේය​. රශියන් ඩිග්‍රිකාර වෛද්‍ය රුවන් එම් ජයතුංග ගියේ මිනිපේ දිස්ත්‍රික්කයේ ළමුන් සඳහා පෝලියෝ එන්නත දීමේ වැඩසටහන සාර්ථකව කිරීම සඳහා ඔහු ගෙන් රාජකාරිමය වශයෙන් උපකාරයක් ලබා ගැනීමටය​. එහෙත් ඔහු රශියන් ඩිග්‍රිකාර වෛද්‍ය රුවන් එම් ජයතුංගට රිද්දවීම සඳහා පෝලියෝ එන්නත දීමේ වැඩසටහනට සහයක් දුන්නේ නැත​.

    මෙම නිලධාරියා ගේ ගම් පලාත වූයේද මිනිපේ දිස්ත්‍රික්කයයි. ඔහු එම ප්‍රදේශයේ හැදී වැඩී ඉගෙන ගෙන විශ්ව විද්‍යාලයට ගිය අයෙකි. එහෙත් තම ප්‍රදේශයේ ළමුන්ට ප්‍රතිශක්තිකරණය දීම සඳහා කොලඹ දිස්ත්‍රික්කයෙන් පැමිණි හීනමානය නිසා ආරූඪ කරගත් මහත් ගර්වයකින් යුත් තරබාරු උද්ධච්ඡ කිසිවෙකුටත් ගරුසරුවක් නැති මහන්තත්ත දැඩි මාන්නයෙන් ඔලුව ඉදිමුනු මූසල පෙනුමැති මුග්ධ තකතිරු වෛද්‍යවරයෙකුට උපකාර කරනවා වෙනුවට ඔහු කලේ මූසල පෙනුමැති රශියන් ඩිග්‍රිකාර වෛද්‍ය රුවන් එම් ජයතුංගගේ වැඩය බකල් කිරීමය​. අවසාන විග්‍රහයේදී මෙම කඩාකප්පල් කිරීම සෘණාත්මකව බලපෑවේ ඔහු ජීවත්වූ දිස්ත්‍රික්කයේ ළමුන්ටය​. එහෙත් මෙම නිලධාරීයාට ඒ ගැන සංවේදිතාවක් නොවීය​. ඔහුගේ හිසේ වැඩ කලේ ඉංගිරිස්කාර රශියන් ඩිග්‍රිකාර දැඩි මාන්නයෙන් ඔලුව ඉදිමුනු මුග්ධ තකතිරු වෛද්‍ය රුවන් එම් ජයතුංගයාට වැඩක් දීම මිස ජාතික කර්තව්‍යකට සහාය දීම නොවේ.

    නමුත් එම පුටුවේ සිංහලෙන් කතාකරන නිර්ව්‍යාජ අවංක ගුණයහපත් බුද්ධිමත් වෛද්‍යවරයෙකු සිටියේ නම් ඔහුට හොඳින් සලකා වැඩය සඳහා අගන සහායක්ද ලබා දෙනු නොඅනුමානය​.

    ReplyDelete
    Replies
    1. අපරාදෙ..

      වෛද්යවරයා හා නිලදාරියා වෙනුවට මාලු දෙන්නෙක් හිටියනම්, සමාන බරක් සක්කර දාලා ශාඛ පොහොර / හෝමෝන හදා ගන්න ඉඩ තිබුනා හිටන්!

      Delete
    2. මේ රෂියන් ඩිග්‍රි කාරයො දන්න රිසර්ච් සාරස, �� :D

      Delete
    3. // // කළා උපාධිධාරීන්බොහෝ දෙනෙකු ග්‍රාමීය පසුගාමීත්වය හිසේ දරාගෙන විශ්ව විද්‍යාල වලට පැමින හීනමානය හා සමාජ වෛරය නිසා නවක වධ වලට අනෙකුත් සිසුන් ලක් කොට තිබෙන සහාසික මානසිකත්වයෙන් යුතු පිරිසක් බව // //


      අයියා එතකොට කලා උපාදි ගැන මේ රශියන් ඩිග්‍රි මහත්තයා කියල තියන එව්වා කෝමද?

      මිනිහෙක් ගෙ ඩිග්‍රි එකෙන් ඒ මිනිහගෙ මානසික මට්ටම මනින්න පුළුවන්ද?

      Delete
    4. Anonymous April 13, 2017 at 6.30 AM
      මෙහෙම වෙන්න බැරිද.... හීනමානෙ වහගන්න ඉන්ග්‍රීසි විද්දට... ප්‍රා. ලේ. දැනගත්තා රුවන් රශියන් ඩිග්‍රි කාරයෙක් කියලා....පොරට ශුවර් නැති උනා මේ යකා ලමයින්ට මොනවා දෙයිද කියලා.... පොර වැඩේ බකල් කරා....

      Delete
    5. මේ රුවන් ජයතුංග නම් අමු පිස්සෙකි.මේ හාදයා මොනමගුලක් වත් දන්නේ නැත.මෙයාගේ බ්ලොග් එකේ කොමෙන්ට් කාරයෝද ඊට නොදෙවැනිය. එම නිසා මේ කාරන පැහැදිලි කරමි.
      ලංකාවේ රාජ්ය සේවයේ වැඩකටයුතු නිසියාකාරව බෙදා තිබේ. (වැඩ නොකරන එක වෙනම දෙයකි. )වැක්සීන් දීම හා අදාල කටයුතු අයත් වන්නේ එම් ඕ එච් හා ප්රදේශයේ මිඩ් වයිෆ්ටය. ඒවාට අදාල නිසි ලිපි ලේඛන පුරවමින් සීරුවෙන් කලයුතු දෙයකි. ග්රාමසේවකලා මේ සේවා නොකරන අතර ඔවුන් එය දන්නේ නැත. වැක්සීන් කටයුතු වලට ග්රාමසේවකලා යොදා ගැනීම බල්ලාගේ වැඩය බූරුවාට බාරදීම වැනිය.ප්රා.ලේකම් මේවා දන්නා නිසා මග ඇර යන්නට ඇත. උදාහරනයක් හැටියට ග්රාමසේවකලා කරන චන්ද කාඩ් බෙදීම මිඩ්වයිෆ්ට පුලුවන්ද.?චන්ද කාඩ් බෙදන්නට මිඩ්ව්යිෆ්ලාට කතා කරන්නේද නැත.
      මේ මලමගුල් වලට ඉංග්රීසිවල සම්බන්දයක් නැත.හැරත් ලන්කාවේ අයියලාගේ ඉංග්රීසිය මහලොකු බක්කක් නොවේ. මේ මොකුත් නොදැන ජයතුංගට කොමෙන්ට් කරන අයට අපට කියන්නට තිබෙන්නේ තමුසෙලාට අබ සරනයි කියාය.

      Delete
    6. Ano 8.25 AM

      ඇනෝ ස්තූතියි. මුකුත් නොදැන ඔහු වැරදි ලෙස නිගමනය කළ මම වැරදියි.

      මෙතන කියන තරමට ඉංගිරිසි හුට පටයක් නැති බව දැන්නම් මටත් හිතේ.

      -ඉංගිරිස්කාර රශියන් ඩිග්‍රිකාර දැඩි මාන්නයෙන් ඔලුව ඉදිමුනු මුග්ධ තකතිරු වෛද්‍ය රුවන් එම් ජයතුංගයා

      Delete
    7. // අයියා එතකොට කලා උපාදි ගැන මේ රශියන් ඩිග්‍රි මහත්තයා කියල තියන එව්වා කෝමද?

      මිනිහෙක් ගෙ ඩිග්‍රි එකෙන් ඒ මිනිහගෙ මානසික මට්ටම මනින්න පුළුවන්ද? //

      මගේ දියනිය කලා හා නීති ද්විත්ව උපාදි හදාරන නිසා ඇයත් කවදා හරි කලා උපාදිදාරිනියක් වේවි.

      මේ පාර උසස්පෙල කලා අන්සෙන් වැඩිම ලකුනු ගත් රදිනි ගවරම්මන සිසුවිය ගේ පියා පේරාදෙනි වෛද්ය පීටයේ වෛද්ය විද්‍යාව පිලිබඳ මහාචාර්ය වරයෙක්.

      Delete
    8. නැවතත් එක කේස් ස්ටඩි එකක් සමාජයටම සාධාරණීකරණය කරලා...!!!

      ඒ මදිවට ස්ථිර කළ නොහැකි ඇසම්ෂන්ස්....!!!

      අනේ මන්දා මේ රුවන් ජයතුංග නම්...???

      Delete
    9. //ග්රාමසේවකලා මේ සේවා නොකරන අතර ඔවුන් එය දන්නේ නැත. වැක්සීන් කටයුතු වලට ග්රාමසේවකලා යොදා ගැනීම බල්ලාගේ වැඩය බූරුවාට බාරදීම වැනිය. ප්රා.ලේකම් මේවා දන්නා නිසා මග ඇර යන්නට ඇත.////////

      @ Anonymous April 13, 2017 at 8:25AM

      ඔබට මෙවා තේරෙන්නේ නැත. ග්‍රාම නිලධාරීන් පෝලියෝ වැක්සීන් දෙන්නේ නෑ. නමුත් ඔවුන් ගේ සහාය අවශ්‍යයි මේ වැඩසටහනට. එම් ඕ එච් එකේ වැඩකරන කෙනෙක් ගෙන් අසා දැනගන්න.

      -වෛද්‍ය රුවන් එම් ජයතුංග

      Delete
    10. මේවා විහිලු නොවේ.ජයතුංග මොකුත් නොදන්න බව පෙනේ.ග්රාමසේවක ලඟ ඇත්තේ චන්ද හිමියන්ගේ නාම ලේඛනයයි.පලාතේ මිඩ්වයිෆ් ලඟ ලමයි ලැබිය හැකි වයසේ අය ගැන වෙනම නාම ලේඛනයක්ද වයස පහට අඩු ලමයින්ගේ වෙනම නාම ලේඛනයක්ද තිබේ. දුශ්කර පලාත් වල මිඩ්වයිෆ්ලා සැතපුම් ගනන් පයින් ගොස් විස්තර එකතුකරමින් මේ ලේඛන යාවත්කාලීන කරති. ඔවුන් වෙනවෙනම මේ රිපෝට් ඉදිරිපත්කරන කරන අතර ඒවා උපත් රෙජිස්ටර් හා ටැලිවිය යුතුය.මෙහි ග්රාමසේවක සම්භන්දයක් නොමැත. මේ එම් ඕ එච් සායනවල මසකට කීපවරක් වැක්සීන් දෙන අතර ඒවා ග්රාමසේවකලා දන්නේ නැත. මේ ජයතුංග රට පටලමින් මෙවැනි අල්ලේ පැලවෙන බොරු කියන්නේ ඇයිදැයි මට තේරෙන්නේ නැත.මේ මනුස්සයා දිනපතා ලියන බොරු නිවැරදි කිරීමට වෙනම බ්ලොග් එකක් අවශ්යය

      Delete
  13. මේ පොහොර යෙදීම ගැන නං මම අහල තිබුණෙ නෑ. ඒක අලුත් විස්තරයක්. ඒ වගේම නිවාඩු නිකේතනයෙ වැඩ ඉවර වුණාම නිවාඩුවක් ගත කරන්න පුළුවන් නේද හිටං...

    ReplyDelete
    Replies
    1. අලුත් දෙයක් දැනගත්ත එක ගැන සන්තෝසයි.

      නිවාඩු ගෙදර වැඩ අවසානය.

      වෙලාවක ඉන්න යන්න එන්න!

      Delete
  14. අපි පොඩි කාලෙ දැකල තියෙනවා පොල් ගස් යට කුනු කරවල වලලනව. අවුරුදු දෙක තුනකට කලින් අපේ පල්ලිය වත්තෙ පොල් ගස් වලට ඔය සාත්තුව දුන්නා. පලාතම කරවල ගන්දයි. හැබැයි පස්සෙ ලොකු පොල් පලදාවක් ආව.

    ReplyDelete
    Replies
    1. අනිවාර්‍යයෙන් ම කුනු කරවල පස් යටකලාම එය නිර්වායූ ක්ශුද්‍රජීවීන් ගේ ක්‍රියා නිසා බිඳවැටිලා ශාඛ වලට වටිනා සන්ඝටක ජලයේ දියවෙන විදියට (නැත්නම් ගහට උරා ගන්න බැහැ නේ..) නිදහස් වෙනවා. යුරෝපයේ සමහර ගොවීන් කෙල්ප් නැමති මුහුදු ශාඛ ගෙනැවිත් තම වගා බිම් වල වලලනවා පොහොර වෙනුවට.

      පල්ලියේ පොල් ගස් හොඳින් හැදෙන්න ඇති... නමුත් බල්ලන් එම කුනු කරවල ගොඩ දැම්මේ නැති එක පුදුමයක්!

      Delete
  15. මහින්ද රාජපක්ෂ මැතිතුමා සමග සමලිංගික සේවනයේ නිරත වෙන්න ආසයි. ඔහේ ආසා නැද්ද අතිගරු සාරස මැතිදුනි?

    ReplyDelete
    Replies
    1. නැත!

      ඔහෙට සුභ අලුත් අවුරුද්දක් වේවා ගරු ඇනෝ තුමෝ!

      Delete
    2. බක්තිමත් රෝමානු කතෝලිකයන් වන අප අප්‍රේල් මාසයේ අවුරුද්ද සමරන්නේ නෑ අතිගරු සාරසතුමෝ.

      Delete
    3. in that case, Happy Easter to you sir!

      Delete
  16. සා රස ශාක පොහොර නිෂ්පාදනයේදී තත්ත්වයෙන් උසස් කොම්පෝස්ට් නිපදවා ගැනීම ඉතා වැදගත්ය. නිෂ්පාදනය කරනු ලබන කොස්පෝස්ට් හි තත්ත්වය උසස් ලෙස තබා ගැනීමට පිළිපැදිය යුතු උපදෙස් කීපයකි. එම උපදෙස් පිළිපැදීමෙන් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මඟින් කොම්පෝස්ට් සඳහා ලබාදී ඇති සම්මත තත්ත්ව සහිත කොම්පෝස්ට් නිපදවා ගැනීමට අවස්ථාවක් ලැබෙනු ඇත.

    භාවිතා කලයුතු අමුද්‍රව්‍ය

    තත්ත්වයෙන් උසස් කොම්පෝස්ට් ලබා ගැනීමට පහත සඳහන් අමුද්‍රව්‍ය දෙවර්ගයම භාවිතා කළ යුතුය.

    1. ශාක කොළ වර්ග
    2. සත්ව අපද්‍රව්‍ය
    3. යෝග්‍ය ශාක කොටස්
    4. නයිට්‍රජන් වැඩිපුර අන්තර්ගත කොළ වර්ග
    5. කොළ පැහැති කොළ වර්ග

    ReplyDelete
    Replies
    1. කොම්පෝස්ට් වල පැසීමේ ක්‍රයාව සිද්ද වෙන්නේ නෑ සා රස. දිරාපත්වීමට අපහසු ශාක කොටස් භාවිතයේදී පිළිපැදිය යුතු උපදෙස්

      1. වියළි කොළ භාවිතයේදී අමු කොළ සමඟ මිශ්‍ර කර හෝ තට්ටු ලෙස මාරුවෙන් මාරුවට අමු කොළ හා වියලි කොළ ස්ථර තැන්පත් කරන්න.
      2. දිරාපත්වීමට අපහසු අමුද්‍රව්‍ය අර්ධ ලෙස දිරාපත් කර කොම්පෝස්ට් නිපදවීමට භාවිතා කරන්න.
      3. දිරීමට අපහසු ශාක කොටස් තට්ටු අතරට දිරාපත් වීමට පහසු සත්ව පොහොර යොදන්න.

      සත්ව අපද්‍රව්‍ය භාවිතා කිරීමේදී සැලකිය යුතු කරුණු;

      1. ඉක්මණින් දිරාපත්වන සත්ව පොහොර භාවිතා කරන්න.
      2. හැකි පමණ අළුත් සත්ව පොහොර භාවිතා කරන්න.
      3. හැකි සෑම අවස්ථාවකම සත්ව මුත්‍රා කොම්පෝස්ට් ගොඩට එක් කරන්න.
      4. සත්ව පොහොර තට්ටුවක උස අඟල් 8 - 9 කට වඩා වැඩි නොකරන්න

      Delete
    2. ඒ වගේම සා රස කොම්පෝස්ට් වල අඩංගු පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණය වැඩි කිරීමට ක්‍රම

      නයිට්‍රජන් ප්‍රමාණය වැඩි කිරීමට ක්‍රමයක්

      නිෂ්පාදනය කරනු ලබන කොම්පෝස්ට් වල අන්තර්ගත නයිට්‍රජන් ප්‍රමාණය වැඩි කිරීමට භාවිතා කල යුතු අමුද්‍රව්‍ය වර්ග

      1. රනිල කුලයේ ශාක කොල
      2. ළපටි කොළ හා කොළ පැහැති කොළ
      සත්ව පොහොර (උදා :- ලේයර් කුකුල් පොහොර)

      පොස්පරස් ප්‍රමාණය වැඩි කිරීම

      නිෂ්පාදනය කරනු ලබන කොම්පෝස්ට් වල අන්තර්ගත පොස්පරස් ප්‍රමාණය වැඩි කිරීමට එප්පාවල රොක් පොස්පේට් කොම්පෝස්ට් යෙදිය හැකිය.

      රොක් පොස්පේට් කොම්පෝස්ට් නිපදවීමේදී තට්ටු 3 - 4 කට වරක් ඉසින්න.
      අමුද්‍රව්‍ය කි.ග්‍රෑ. 1000 කට රොක් පොස්පේට් කි.ග්‍රෑ. 50 ක් පමණ යොදන්න.
      කොම්පෝස්ට් නිෂ්පාදනයේදී රොක් පොස්පේට්හි ද්‍රාව්‍යතාවය ද වැඩි වේ.

      පොටෑසියම් ප්‍රමාණය වැඩි කිරීම

      නිෂ්පාදනය කරනු ලබන කොම්පෝස්ට් වල අන්තර්ගත පොටෑසියම් ප්‍රමාණය වැඩි කිරීමට කොම්පෝස්ට් නිෂ්පාදනයේදී අමුද්‍රව්‍ය ලෙස පහත සඳහන් දෑ භාවිතා කරන්න.

      1. පිදුරු
      2. වල් සූරියකාන්ත කොළ
      3. සත්ව පොහොර
      4. අළු (කොම්පෝස්ට් නිෂ්පාදනය අවසන් වූ පසු පමණක් අළු මිශ්‍ර කරන්න.)

      ද්විතීක හා අංශුමාත්‍ර මූලද්‍රව්‍ය ලබාදීම

      නිෂ්පාදනය කරනු ලබන කොම්පෝස්ට් වල අන්තර්ගත ද්විතීක හා අංශුමාත්‍ර මූලද්‍රව්‍ය වැඩි කිරීම සඳහා සෑම අවස්ථාවකදීම සත්ව පොහොර අමුද්‍රව්‍යයක් ලෙස භාවිතා කරන්න.

      කොම්පෝස්ට් වල අන්තර්ගත වැලි ප්‍රමාණය අවම කර ගැනීම

      1. වැලි 10% කට වඩා අන්තර්ගත නොවීමට වග බලා ගන්න.
      2. අමුද්‍රව්‍ය වැලි සමඟ මිශ්‍ර වී ඇත්නම් කොම්පෝස්ට් නිෂ්පාදනයට ප්‍රථම ඒවා දැලකින් හලා වැලි වෙන්කර කොම්පෝස්ට් නිෂ්පාදනයට භාවිතා කරන්න.
      3. නිෂ්පාදනය කරනු ලබන ස්ථානයේ පස හොඳින් තලා සකස් කර ගන්න.
      4. පෙරලීමේදී වැලි මිශ්‍ර වීම අවම වන සේ ප්‍රවේශමෙන් පෙරලීම සිදු කරන්න.

      ප්‍රශස්ත තෙතමනයක් පවත්වා ගැනීම

      1. තෙතමනය වියලි බරෙන් 25% කට වඩා නොතිබීමට වග බලා ගන්න.
      2. කොම්පෝස්ට් නිෂ්පාදනය කිරීමට ගන්නා අමුද්‍රව්‍ය වල තෙතමනය අනුව ජලය යෙදීම සිදු කරන්න.
      3. සතියකට වරක් ගොඩ තුලට උල්කරගත් ලීයක් ඇතුල් කර එහි කෙලවර අත ගා තෙතමනය අනුව ජලය යෙදීම පිළිබඳව අවබෝධයක් ලබා ගන්න.
      4. තෙතමනය අඩු නම් අවශ්‍ය පමණ ජලය යොදන්න.
      5. තෙතමනය වැඩි නම් ලීයකින් ගොඩේ සිදුරු කීපයක් සාදා වියලි දිනයක ගොඩ වාතයට නිරාවරණය කර තබන්න.
      5. ගොඩ කළු පොලිතීන් හෝ පොලිසැක් බෑග් හෝ වියාගත් පොල් අතු මඟින් වසා තබන්න.
      6. නිපදවා ගත් කොම්පෝස්ට් මිටක් අතට ගෙන මිරිකීමෙන් ඇඟිලි අතරින් ජලය පිට නොවී පහසුවෙන් කැඩෙන ගුලියක් නිර්මාණය වන්නේ, නම් ප්‍රශස්ථ තෙතමනයක් ඇති බව වටහා ගත හැකිය.

      Delete
    3. නිෂ්පාදනය කරනු ලබන ශාක පොහොර හොඳින් දිරාපත් කර ගැනීම

      1. හොඳින් වාතාශ්‍රය ලැබීමට සැලැස්වීමෙන් අමුද්‍රව්‍ය හොඳින් දිරාපත් වේ.
      2. ගොඩ නිපදවීමේදී සත්ව පොහොර හා ශාක කොටස් නිසි පරිදි මාරුවෙන් මාරුවට තට්ටු ලෙස තැන්පත් කරන්න.
      3. සත්ව පොහොර තට්ටුවක උස උපරිම ලෙස අඟල් 8 - 9 ක් පමණ පවත්වා ගන්න.
      4. ගොඩ නිපදවීමේදී ගොඩ තද නොකර හොඳින් වාතාශ්‍රයක් ලැබෙන සේ ගොඩ සකස් කරන්න.
      5. ප්‍රශස්ථ තෙතමනයක් පවත්වා ගැනීමෙන් හොඳින් වාතාශ්‍රය ලැබෙනු ඇත.
      6. හොඳින් වාතාශ්‍රය ලබාදීමෙන් භාවිතා කල අමුද්‍රව්‍ය ඉක්මණින් දිරාපත් වන අතර නිෂ්පාදනය කළ කොම්පෝස්ට් හි නොදිරූ අමුද්‍රව්‍ය කොටස් අන්තර්ගත නොවේ
      හොඳ කළු පැහැයක් ලබාගැනීම
      හැකි සෑම අවස්ථාවකම ගොම, එළු පොහොර යනාදී සත්ව පොහොර භාවිතා කරන්න.
      කොළ පැහැති කොළ වර්ග භාවිතා කරන්න.
      7. ලී කුඩු, කොහුබත් වැනි අමුද්‍රව්‍ය වෙනත් අමුද්‍රව්‍ය සමඟ සැසදීමේදී අඩු ප්‍රමාණයක් භාවිතා කරන්න.

      අංශු ප්‍රමාණය

      වාණිජ මට්ටමේදී ඒකාකාරී සංයුතියකින් යුතු කොම්පෝස්ට් ලබා ගැනීමට මි.මී. 4 (Mesh No 4) දැලකින් නිපදවා ගත් කොම්පෝස්ට් හලා ගන්න.

      Delete
    4. කොම්පෝස්ට් පොහොර ගැන ලියූ දීර්ග විස්තරයට ඔබට බොහොම ස්තූතියි ගරු ඇණෝ තුමෝ...

      මාත් කාලයක් මාකඳුරේ වයඹ විශ්වවිද්යාලේ වැඩ කරනා කාලේ ආදර්ශ ගෙවත්තක් හදන්න මාකඳුරේ කෘශිකර්ම දෙපාර්තමේන්තු කොම්පෝස්ට් නිශ්පාදන ආයතනයෙන් කොම්පෝස්ට් පෝර ට්‍රක්ටර් දෙකක් ම ආදාර ලෙස ලබාගත්තා මතකයි...

      https://mallepol.blogspot.com/2016/04/blog-post_5.html

      Delete
    5. දැන් වෙලෙඳ පොලේ ඇති බොහෝ කොම්පෝස්ට් වර්ග වල බොහොමයක් ම ඇත්තේ දහයියා අලු / අඟුරු

      Delete
  17. යසට කාබනික පොහොරක් හදාගෙන
    පසට එයින් නිසි පදමට දමාගෙන
    ගසට පසට විස නැති දේ යොදාගෙන
    රසට ඔබ තුමා ඇත මෙය ලියාගෙන.....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies

    1. ජයවේවා!!!
      සුභ නව වසරක් වේවා!

      Delete
  18. සක්කර වෙනුවට ඊස්ට් දමන්න බැරිද?

    ReplyDelete
    Replies
    1. // සක්කර වෙනුවට ඊස්ට් දමන්න බැරිද? //

      ඵලක් නැහැ..
      මෙහි දී ක්‍රියාත්මක වන්නේ පාලනය නොවන පැසීමක් හා වෙනත් ක්ශුද්‍රජීවී ක්‍රියාකාරකම්. යීස්ට් දැම්මත්, එයට වැඩ කරන්න උපස්තරයක් (සීනි/හකුරු/සක්කර ආදිය ) අවශ්යයි. යේස්ට් දැම්මොත් එය ඉක්මනට වැඩී අනෙක් ක්ශුද්‍රජීවී ක්‍රියාකාරකම් අඩාල කරන්න පුලුවනි. එවිත් හැදෙන්නේ එතැනෝල් පමනයි.. එතැනෝල් වලින් ම පමනක් මෙහි ප්‍රතිඵලයේ දැක්වෙන ආකාරයට මාලු ජීර්ණය කරගන්න පුලුවන් වෙයි කියා සිතන්න අමාරුයි.

      Delete
  19. සරස, සොබාවික ශාක පොහොරවල අන්තර්ගත ද්‍රව්‍ය

    A ජීර්ණය වූ කාබනික ද්‍රව්‍ය
    B මැරුණු ක්ෂුද්‍ර ජීවීන්
    C නොමැරුණු ක්ෂුද්‍ර ජීවීන්

    භාවිතා කළහැකි අමුද්‍රව්‍ය

    A කොළ වර්ග
    B බෝග අවශේෂ
    C ජලජ ශාක
    D සත්ව අපද්‍රවය
    E වල් පැලෑටි
    F කුණු රොඩු ආදිය

    අමුද්‍රව්‍යවර්ග දෙකකි;
    A ඉක්මණින් දිරාපත් වන අමුද්‍රව්‍ය
    B දිරාපත්වීමට අපහසුඅමුද්‍රව්‍ය

    ඉක්මණින් දිරාපත් වන අමුද්‍රව්‍ය
    A කොළපැහැති ළපටි කොළ
    B සත්ව අපද්‍රව්‍ය
    C ජලජ ශාක

    දිරාපත්වීමට අපහසු අමුද්‍රව්‍ය

    A දහයියා
    B වියළි වල් පැළෑටි
    C පිදුරු හා වෙනත් වියළි බෝග අවශේෂ
    D වියළි කොළ
    E ලී කුඩු

    ශාක පොහොර නිෂ්පාදනයේදී උසස් තත්වයේ ශාක පොහොර නිෂ්පාදනය සඳහා අමුද්‍රව්‍ය ගණනාවක් භාවිතා කිරීම වැදගත් වේ.

    ReplyDelete
    Replies
    1. කොළ පොහොර පොහොරවල අන්තර්ගත වාසි;

      A කොළ පොහොර පහසුවෙන් දිරාපත් වීමේ හැකියාව ඇත.
      B පත්‍ර හා ළපටි දඬු කොම්පෝස්ට් නිෂ්පාදනයට වඩාත් යෝග්‍ය වේ.
      C වැඩි කොළදාවක් ඇති ශාක වර්ග පොහොර නිෂ්පාදනයට වඩාත් සුදුසුය.
      විශේෂයෙන් රනිල කුලයේ ශාක වර්ග පොහොර නිෂ්පාදනයට යොදාගැනීම වඩාත් වැදගත් වේ.
      D කොළ පොහොර මඟින් කොම්පෝස්ට්වලට සැළකිය යුතු නයිට්‍රජන් ප්‍රමාණයක් ලබාදෙනු ඇත.

      කොළ වර්ග

      මේ සඳහා පහත සඳහන් කොළ වර්ග වඩාත් සාර්ථකව භාවිතා කළහැකිය.

      A ග්ලිරිසීඩියා
      B ඉපිල් ඉපිල්
      C වල් සූරියකාන්ත
      D සන් හෙම්ප්
      E ගංසූරිය
      F කැකුණ
      G එරබදු යනාදිය

      කෙසේ නමුත්,මේ සඳහා ප්‍රදේශයේ සුලභ ඕනෑම කොළ වර්ගයක් භාවිතා කිරීමේ හැකියාව ඇත.

      කොළ වර්ග භාවිතා කිරීමේ වැදගත්කම

      A ඉක්මණින් දිරාපත් වීමේ හැකියාව.
      B පොහොරහි වැඩි නයිට්‍රජන් ප්‍රමාණ අන්තර්ගත වීම.
      C නිෂ්පාදනය කර හොඳ පැහැයක් ලබාගත හැකි වීම.

      Delete
  20. මේකට අදාල නැති වුනත් නොකියම බැරි දෙයක්.

    සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයෙ ප්‍රධාන ලේකම් සිසිර ජයමහ ගොබිලගේ සිංහල නම් අන්තිමයි. තමන්ට ලියාගන්න බැරිනම් කාට හරි කියල ලියව ගන්න ඕනෑ.

    සිංහල හින්දු අලුත් අවුරුදු දවසේ රටේ ලොක්කට ලියුමක් ලියනකොට අඩියක් ගහපු දවසේ පරණ girl friend ට ලියනවට වඩා පිළිවෙලකට ලියනවනම් හොඳයි.

    Read this: http://www.lankaenews.com/news/5599/si

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නෙ සාධාරණ සමාජයක් ව්‍යාපාරයේ දෙන්නෙක් ම ඉන්නවා????

      මං හිතුවෙ මහාචාර්ය මොලේකචල් විතරයි ඉන්නෙ කියලා.

      Delete
    2. AnonymousApril 13, 2017 at 10:17 AM
      //රටේ ලොක්කට ලියුමක් ලියනකොට අඩියක් ගහපු දවසේ පරණ ගිර්ල් ෆ්‍රීන්ඩ් ට ලියනවට වඩා පිළිවෙලකට ලියනවනම් හොඳයි//

      ලියන්නාටත්, ලබන්නාටත් දෙන්නටම ගැලපෙන භාෂාවෙන් ලියන්ට ඇති. වේස ගෑනු දෙන්නෙක්, ඔබයි මමයි කතා කරන භාශාවෙන් කතා කරයි කියලා බලාපොරොතු වීම වැරදියි නේද ? අමු හින්ගලෙන් කියනව නම් ටූ ඇම්බිශස්

      Delete
  21. සරස විවිධ බෝග අවශේෂ වුවද සුලභතාවය මත සොබාවික පොහොර නිෂ්පාදනයට අමුද්‍රව්‍ය ලෙස භාවිතා කල හැක. විශේෂයෙන් විවිධ බෝග අවශේෂ කාබනික පොහොර ලෙස භාවිතා කිරීමේදී සොබාවික කොම්පෝස්ට් ශාක පොහොර නිෂ්පාදනය කර භාවිත කිරීම වැදගත්. එයට හේතුව, බෝග අවශේෂ වල දක්නට ලැබෙන විවිධ රෝගකාරක පවා විනාශ වීම කොම්පෝස්ට් නිෂ්පාදනයේදී සිදුවීමයි.

    බෝග අවශේෂ ලෙස පහත දෑ භාවිතා කල හැකිය;

    01. පිදුරු
    02. එළවළු බෝග අවශේෂ
    03. වෙළඳපොල එළවළු අවශේෂ
    04. වෙනත් බෝග අවශේෂ

    මෙම බෝග අවශේෂ දිරාපත් නොකර එක එල්ලේ වගාවට යෙදීමෙන් විවිධ ගැටළු ඇති වන අතර දිරාපත් වීමට සැලකිය යුතු කාලයක් ගත වේ. මෙවැනි බෝග අවශේෂ බෝග වගාවට සාර්ථකව භාවිත කලහැකි ක්‍රමය නම්, ඒවා උපයෝගි කරගෙන කොම්පෝස්ට් නිෂ්පාදනයයි.

    ReplyDelete
    Replies
    1. ස්වභාවික පොහොර නිපදවීමට පිදුරු භාවිතා කිරීමේ වැදගත්කම

      01. පහසුවෙන් සපයා ගැනීමට හැකිවීම.
      02. පොටෑසියම් පෝෂ්‍ය පදාර්ථය සැළකිය යුතු ප්‍රමාණයක් අන්තර්ගත වීම.
      03. කොම්පෝස්ට් නිෂ්පාදනයේ භාවිතා කිරීමේ පහසුව.
      04. ඒකාකාරී සංයුතියකින් යුක්ත වීම.

      ස්වභාවික පොහොර නිපදවීමට ජලජ වල් පැළෑටි

      විවිධ ජලජ වල් පැළෑටි පවා කොම්පෝස්ට් නිෂ්පාදනයේදී අමුද්‍රව්‍ය ලෙස භාවිතා කල හැකිය. මෙම අමුද්‍රව්‍ය භාවිතා කිරීමේදී වැව් හා ජලාශ ආශ්‍රිතව කොම්පෝස්ට් නිපදවා ගැනීමට යොදාගැනීම වඩාත් වැදගත් වේ. මක් නිසාද යත්,සමහර ජලජ වල් පැළෑටි ප්‍රවාහනය තහනම් කර ඇති බැවිනි. මේ සඳහා සැල්වීනියා, ජපන් ජබර වැනි දෑ කොම්පෝස්ට් නිෂ්පාදනයේදී පහසුවෙන් දිරාපත් කරගත හැකි බව පෙනී ගොස් ඇත.

      ස්වභාවික පොහොර නිපදවීමට ජලජ වල් පැළෑටි භාවිතා කිරීමේ වැදගත්කම

      01. ඉක්මණින් දිරාපත්වීම.
      02. හොඳ පැහැයකින් හා තත්ත්වයෙන් උසස් කොම්පෝස්ට් ලබාගැනීමේ හැකියාව.
      03. ජලාශවලට සිදුවන හානි අවම කරගැනීම.
      04. විනාශකාරි ජලජ වල් පැළෑටි වඳ කිරීමේ හැකියාව.
      05. දිවයිනේ විවිධ ප්‍රදේශවල පහසුවෙන් සපයා ගැනීමේ හැකියාව.
      06. කුඩා ප්‍රදේශයකින් වැඩි අමුද්‍රව්‍ය ප්‍රමාණයක් සපයා ගැනීමේ හැකියාව.
      07. කොම්පෝස්ට් නිෂ්පාදනයෙන් සම්පූර්ණයෙන් බීජ හා දඬු මැරී යාම නිසා පැතිරීමක් සිදු නොවේ.

      ස්වභාවික පොහොර නිපදවීමට සත්ව පොහොර

      ස්වභාවික පොහොර නිපදවීමට ශාක කොටස්වලට අමතරව සත්ව අපද්‍රව්‍ය භාවිතා කිරීමද වැදගත් වේ. මෙහිදී සත්ව මල හා මූත්‍රා භාවිතා කරනු ලබයි. කොම්පෝස්ට් නිෂ්පාදනයේ සාර්ථකත්වයට සත්ව පොහොරවල දායකත්වය ඉමහත්ය.

      මේ නිසා කොම්පෝස්ට් නිෂ්පාදනයේදී ශාක කොටස්වලට අමතරව හැකි සෑම අවස්ථාවකදීම සත්ව පොහොර භාවිතා කිරීම වැදගත්ය. එමඟින් තත්වයෙන් උසස් කොම්පෝස්ට් නිෂ්පාදනයට හැකිය.

      Delete
    2. ස්වභාවික පොහොර නිපදවීමට සත්ව පොහොර භාවිතයේ වාසි;

      01. වැඩිපුර පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණයක් ලබාදීම.
      02. බොහෝ සත්ව පොහොරවල දක්නට ලැබෙන හොඳින් දිරාපත් වීමේ හැකියාව.
      03. බොහෝවිට අපද්‍රව්‍ය ලෙස විවිධ ප්‍රදේශවල පහසුවෙන් සපයා ගැනීමේ හැකියාව.
      04. නිෂ්පාදනය කරනු ලබන කොම්පෝස්ට් හි බර වැඩි කිරීමට දායක වීම.
      05. බොහෝ සත්ව පොහොර භාවිතා කිරීමෙන් නිෂ්පාදනය කරනු ලබන කොම්පෝස්ට් හි හොද පැහැයක් ලැබීම.
      කොම්පෝස්ට් නිෂ්පාදනයට අවශ්‍ය ක්ෂුද්‍ර ජීවීන් එක් වීම.
      06. අමුද්‍රව්‍ය ලෙස භාවිතා කිරීමේ පහසුව.

      ස්වභාවික පොහොර නිපදවීමට "ගොම"

      ස්වභාවික පොහොර නිපදවීමට විවිධ ප්‍රදේශවල වැඩි වශයෙන් භාවිතා කරන සත්ව පොහොර වේ. ගොම වල අන්තර්ගත වල් ඇට විනාශ වීමද කොම්පෝස්ට් නිෂ්පාදනයේදී සිදු වේ. ගොම සමඟ හැකි සෑම විටම ගව මූත්‍රාද භාවිතා කළහැකි නම්, දිරාපත් වීම තවදුරටත් ඉක්මන් කලහැකි අතර නිෂ්පාදනය කරන කොම්පෝස්ට්වලට සැලකිය යුතු ප්‍රමාණයක් නයිට්‍රජන් ලබාදීමේ හැකියාවද ඇත.

      ගොම භාවිතා කිරීමේ වැදගත්කම

      01. වැඩිපුර පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණයක් ලබාදීම.
      02. හොඳින් දිරාපත් වීමේ හැකියාව.
      03. කොම්පෝස්ට් නිෂ්පාදනයට අවශ්‍ය ක්ෂුද්‍ර ජීවීන් එක් වීම.
      04. හොද පැහැයක් ලැබීම.
      05. කොම්පෝස්ට් හි බර වැඩි කිරීමට දායක වීම.

      කුකුල් පොහොර ස්වභාවික පොහොර නිපදවීමට

      මේ සඳහා වැදගත් වන්නේ ලේයර් කුකුල් පොහොර වේ. බ්‍රොයිලර් කුකුල් පොහොරවල අන්තර්ගත දහයියා හෝ ලී කුඩු දිරාපත් වීමට අපහසුය. නමුත් බ්‍රොයිලර් අතුරණුව කොම්පෝස්ට් නිෂ්පාදනයට භාවිතා කරන අවස්ථාවලදී ඒ සඳහා විශේෂ ක්‍රියාමාර්ගයක් අනුගමනය කිරීම තුලින් බ්‍රොයිලර් අතුරණුවද දිරාපත් කරගත හැකි වේ. ලේයර් කුකුල් පොහොර හොඳින් දිරාපත් වී ඇති නිසා කොම්පෝස්ට් නිෂ්පාදනයට පහසුවෙන් භාවිතා කල හැක.

      කුකුල් පොහොර භාවිතා කිරීමේ වැදගත්කම

      01. වැඩිපුර පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණයක් ලබාදීම.
      02. කොම්පෝස්ට් නිෂ්පාදනයට අවශ්‍ය ක්ෂුද්‍ර ජීවීන් එක් වීම.
      03. දිවයිනේ විවිධ ප්‍රදේශවල පහසුවෙන් සපයා ගැනීමේ හැකියාව.
      04. කොම්පෝස්ට් වලට හොඳින් පොස්පරස් ලබාදීමට හැකිවීම

      එළු බෙටි ස්වභාවික පොහොර නිපදවීමට

      එළු පොහොර සපයාගත හැකි ප්‍රදේශවල කොම්පොස්ට් නිෂ්පාදනයට මෙම සත්ව පොහොර වර්ගයද සාර්ථකව භාවිතා කල හැකිය. විශේෂයෙන් බෙටි ආකාරයට දක්නට ලැබෙන එළු පොහොර කොම්පෝස්ට් නිෂ්පාදනයේදී හොඳින් කුඩු වී විනාශ වීම සිදුවේ.

      එළු පොහොර භාවිතා කිරීමේ වැදගත්කම

      01. වැඩිපුර පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණයක් ලබාදීම.
      02. කොම්පෝස්ට් නිෂ්පාදනයට අවශ්‍ය ක්ෂුද්‍ර ජීවීන් එක් වීම.
      03. හොද පැහැයක් ලැබීම.

      කොම්පෝස්ට් නිෂ්පාදනයට ඒ ඒ ප්‍රදේශවල සුලභව දක්නට ලැබෙන ඕනෑම සත්ව පොහොරක් භාවිතා කළහැකිය. මේ සඳහා ඉහත සඳහන් කල සත්ව පොහොර වලට අමතරව ඌරු පොහොර, වවුල් පොහොර හා වෙනත් ඕනෑම සත්ව පොහොරක් භාවිතාකල හැකිය. ප්‍රදේශයේ සුලභතාව මත ඒවා ‍තෝරා ගැනීම වඩාත් වැදගත්ය.

      Delete
  22. සාරස අද මේ රටේ පමණක් නෙමෙයි මුළු ලෝකයේම අලූත් ප්‍රවනතාවයක් ඇති වෙලා තියෙනවා වස විසෙන් තොර ආහාර සම්බන්ධයෙන්. ඒ වගේම සාරස පරිසර හිතකාමී ජීවිතය ගැන අලූත් අදහසක් අද ලෝකය පුරාම කතා කරගෙන යනවා.

    පසුගිය දා පැසිපික් සාගරයේ තිබුණු දූපත් පහක් මුහුදේ සදහටම ගිලී ගියා. තවත් දූපත් 12ක් මේ ඉදිරි දශක එකහමාර ඇතුළේ මුහුදේ ගිලී යන්න නියමිතයි. ඒ මොකද සාගරයේ ජල මට්ටම ක්‍රම ක්‍රමයෙන් ඉහළ යන නිසා. සාගරයේ ජල මට්ටම ක්‍රම ක්‍රමයෙන් ඉහළ යන්නේ අයිස් කඳු දිය වෙවී සාගරයට එකතු වන නිසා. අයිස් කඳු දිය වෙන්නේ පෘථිවියේ උණුසුම දවසින් දවස වැඩි වන නිසා. මේ උණුසුම වැඩිවීම අපට මේ අපේ‍්‍රල් මාසේ තදින් දැනුණා. අංශකයකින් දෙකකින් අපේ උණුසුම වැඩි වෙලා අපට පාරේ ඇවිදින්න බැරි තත්ත්වයක්, කුඹුරක වැඩ කරන්න බැරි තත්ත්වයක් ඇති වුණා.

    හැබැයි සාරස මතක තියා ගන්න ඉන්දියාව සහ අවට කලාපයේ රටවල් දිහා බලනකොට තාම අපි වාසනාවන්තයි. අපේ රටේ උෂ්ණත්වය අංශක 38ට ගියේ. ඉන්දියාවේ එය අංශක 50ටත් ගියා. ඒ නිසා ඒ වගේ තත්ත්වයක් ඇතිවුණොත් අපට මොකක් වෙයි ද කියලා හිතා ගන්න පුළුවන්.

    මේ උණුසුම අද දියුණු රටවලටත් බරපතළ විදිහට බලපා තියෙනවා. කැනඩාවේ ගින්නක් සති ගානක් නිවා ගන්න බැහැ. කැනඩාවේ වරායක් ඇතුළු අති විශාල ප්‍රදේශයක් ඒ ගින්නට යට වුණා. කොච්චර දියුණුයි කිව්වත්, කොච්චර තාක්ෂණය තියනවා කිව්වත්, කොච්චර සල්ලි තියෙනවා කිව්වත් ඒ ගින්න නිවා ගන්න බැහැ. ඉතින් ඒකෙන් අපට පෙනී යන්නේ මේ ගෝලීය උණුසුම පිළිබඳ ප්‍රශ්නය. අද ධනවත් දුප්පත් හැම රටකටම බලපාන ගැටලුවක් බවට මෙය පත්වෙලා තිබෙන බවයි.

    සාරස අපේ රටේ මේ ගෝලීය උණුසුමට බලපාන විශාල ප්‍රශ්නයක් තමයි කැළි කසළ. මේ කසළ කඳුවලින් නිකුත් වෙන මීතේන් වායුව විසින් විශාල බලපෑමක් ගෝලීය උණුසුමට කරනවා. විධිමත්ව කසළ අපහරණය කරන්න තාම අපට බැරි වෙලා තියෙනවා. අපි නොයෙක් දෙනා නොයෙක් අවස්ථාවල යම් යම් වැඩසටහන් කළත් මේක සාර්ථකව කරන්න බැරිවෙච්ච නිසා අති විශාල ප්‍රශ්නවලට අද ගොදුරු වෙලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. බස්නාහිර පළාතේ විශේෂයෙන්ම නාගරික ප්‍රදේශවල සෑම කෙනෙක්ම දවසකට ආසන්න වශයෙන් කසළ කිලෝ ග්‍රෑම් එකක් විතර නිපදවනවා. මේවා එක්කෝ කරදියානේ තිබෙන තෙත් බිමට නැත්නම් මීතොටමුල්ලේ තියෙන කුණු කන්දට එකතු වෙනවා. එකතුවෙලා මහා කසළ කඳු බවට පරිවර්තනය වෙනවා.

      ඉතින් සාරස මේවා ප්‍රයෝජනවත් දේවල් බවට පරිවර්තනය කරන එක පියවරක් තමයි මේ දිරන කසළවලින් ස්වභාවික පොහොර නිපදවීම. ඒ සඳහා විවිධ ප්‍රාදේශීය සභා තියෙනවා.

      Delete
    2. මේ කසළවලින් පොහොර නිෂ්පාදනය කිරීම සඳහා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව මඟින් විධිමත් වැඩපිළිවෙළක් ආරම්භ කර ඒකට ගොවින් සම්බන්ධ කර රාජ්‍ය වැඩපිළිවෙලක් අවශ්‍යයි.

      ඒ වගේම අපේ පැරණි වී වර්ග නැවත සංරක්‍ෂණය කර අනාගතයට උරුම කර දෙන්න ගොවියන්ට උපකාර කළ යුතුයි. මේ රටේ රසායනික කෘෂිකර්මය ඉතාම බරපතළ විදිහට පසුගිය කාලයේ වර්ධනය වුණා. 2016 වසරේ පොහොර සහනාධාරය රුපියල් බිලියන 37ක්! එ වගේම ගොවියන්ගෙන් වී ගන්න තවත් මිලියන හාර පන්දාහක් වැය කරනවා. ගොවි ණය කපා හරින්නත් කටයුතු කරනවා. නැවත වතාවක් ස්වභාවික පොහොරින් අපේ කෘෂිකර්මය ගොඩනැඟීමේ අභියෝගය තිබෙනවා.

      මම හිතන්නේ අපි සහනාධාර ලබා දිය යුත්තේ ස්වභාවික පොහොර මඟින් ස්වභාවික කෘෂිකර්මය කරන ගොවියන්ටයි. ඒ වගේම විශේෂයෙන්ම නාගරික ප්‍රදේශවල මේ සඳහා වෙළෙඳපොළ ව්‍යාප්ත වෙලා තියෙනවා. නාගරික ප්‍රදේශවල ජනතාව තුළ වැඩි ඉල්ලූමක් පරිසර හිතකාමී වස විසෙන් තොර සහල්, එළවළු සහ පලතුරුවලට තියෙනවා. එනිසා එක පැත්තකින් ගොවිතැන අනෙක් පැත්තෙන් වෙළෙඳපොළ සාර්ථක කරගැනීමට රාජ්‍ය වැඩපිළිවෙලක්/ මැදිහත්වීමක් අවශ්‍යයි.

      Delete
    3. අනේ බයියෝ ඕක අපිට කියලා හරියන්නේ නෑ බොල. තොපේ අර ට්‍ර‍ම්ප් අප්පොච්චිට ගිහින් කියාපිය. උන්නැහේ හිතන් ඉන්නේ ගෝලීය උණුසුම්වීම කියන්නේ කෙප්පයක් කියලනේ. ඉතින් තොපේ කේප්ප සුමනයා එක්කන් ගිහින් උට හරි කියලා පැහැදිලි කොරලා දීපිය. තව වයිට් හවුස් එකේ තොවිලයකුත් නටවපිය. මැදමුලන අපුච්චා කොරා වගේ.

      Delete
    4. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සංකල්පයක් මත "නීල හරිත යුගයක් පදනම" බිහි විය. ඒ යටතේ දීප ව්‍යාප්තව සිදු කෙරෙන 'වස විස නැති රටක් - නීරෝගී පරපුරක්' බිහිකිරීමේ උදාර අරමුණ පෙරදැරිව සිදු කරනු ලබන කුඹුරු අක්කර එක්ලක්ෂ පනස්දහසක් වගාකිරීමේ ජාතික වැඩසටහනට සමගාමීව කාබනික පොහොර බෙදාදීමේ, මාදිවෙල කිඹුලා ඇළ වස විසෙන් තොර භෝග වගාකිරීමේ ගොවි බිමේ දී පසුගිය දා (11) පැවැති උත්සව අවස්ථාවට එක් වෙමින් ස්වභාවික පොහොරින් කෘෂිකර්මාන්තය ගොඩනැඟීමේ අභියෝගය රට හමුවේ තිබෙන බවත් ස්වභාවික පොහොර භාවිත කරන ගොවින්ට සහනාධාර ලබා දිය යුතු බවත් මහ නගර හා බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මේ බව ප්‍රකාශ කළේය. මාදිවෙල සම්බුද්ධාලෝක විහාරස්ථානයේ විහාරාධිපති වැලිගල්ලේ පඤ්ඤාලෝක නාහිමි, හරිත ගොවිතැන පිළිබඳ ජනාධිපති අධ්‍යක්‍ෂ, පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ, ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ සංස්ථාවේ සභාපති අසේල ඉද්දවෙල, ක්‍රියාකාරී අධ්‍යක්‍ෂ රොෂාන් ගුණවර්ධන, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්‍ෂ ජනරාල් සුමේධ රත්නායක, ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය ජගත් මුණසිංහ, බස්නාහිර පළාත් ඝන අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරියේ අධ්‍යක්‍ෂ නලීන් මාන්නප්පෙරුම ද මේ අවස්ථාවට සහභාගී වූහ.

      Delete
  23. වෛද්ය විද්යාත්මක හෝ වෙනත් විශයකට සම්භන්ද පර්යේශණ පත්රිකා කියවීම පරිස්සමෙන් කල යුතු දෙයකි.නැත්නම් වෙන්නේ දැලිපිහිය ගත් වඳුරාට සිදුවූ දෙයයි.පර්යේශණ ආදිය සරලව විස්තර කරන නිව් සයන්ටිස්ට් වැනි සඟරා පොදුජනයා අතර ජනප්රිය මෙනිසාය.
    උදාහරනයක් හැටියට ඇමරිකාවේ මරණ ගැන පර්යේශණ කල කෙනෙක් ඇමරිකාවේ මරන වලින් තුනෙන් එකක් සදහා වෛද්ය වැරදි-ඇමරිකාවේ මරනවලට හේතුවන තුන්වන ප්රදාන කරුන යනුවෙන් පත්රිකාවක් ඔවුන්ගේ ජර්නලයක පල කලායැයි සිතමු. මෙය කරුනුදන්නා ලේඛකයකු උපුටාගන්නේ මෙලෙසය
    Medical errors may be third leading cause of death in the U.S.
    කරුනු නොදන්නා කෙනෙකු උපුටාගන්නේ මෙසේය
    //ඇමරිකාවේ මරණ වලින් 1/3 දොස්තර වරුන්ගේ වරදින් සිදුවෙන්නේ.//
    මෙවැනි අයගේ කරුනු දැක්වීම් පිලිගන්නා අයට කාගේ පිහිටද.?

    ReplyDelete
  24. මේක කිව්වට පිලිගන්න බෑ. වහාම අධ්‍යාපන චාරිකාවක් සූදානම් කරනු මැනවි.
    මීට ප්‍රා ජේ

    ReplyDelete
  25. මේක කිව්වට පිලිගන්න බෑ. වහාම අධ්‍යාපන චාරිකාවක් සූදානම් කරනු මැනවි.
    මීට ප්‍රා ජේ

    ReplyDelete
    Replies
    1. මචං. අදාළ මාතෘකාවට අදාළ කමෙන්ට් එකක් දාල මිනිහෙක් විදිහට හැසිරියන්. මම මේක පහුවෙලා හරි අරුණ ගෙන් ඉගෙනගත්ත.

      උබ නූගත් කිසි වැදගැම්මකට නැති හිස් මිනිහෙක් කියල මේ කමෙන්ට් එකෙන්ම තේරෙනව.

      යකෝ උබල අපිට වෙන වෙනම දේශපාලන බෙදීම් තියෙනව.

      සා රස එක්කත් මට එහෙමයි.

      ඒත් වැදගත් දෙයක් මැදට පැනල නිකං හරකෙක් වෙන්න එපා.

      කක්කුස්සියට ගිය වෙලාවක හරි මේ ගැන හිතපන්.

      Delete
    2. කක්කුස්සියට ගිය වෙලාවට හිතන්න උඹ බෙට්ටක් කියලා මම අදනෙ දන්නෙ. උඹ පහුවෙලා තව ගොඩක් දේවල් ඉගෙන ගනියි. අනුන්ගෙ පුකේ ඇඟිල්ල ගහල නහයට කරල ගඳයි කියන්න උඹ මාර දක්ශයිනෙ

      Delete
    3. 😂😂😂😂😂😂😂🤣😂🤣

      Delete
    4. හා හා හා.. පහුවෙලා ඉගෙනගන්න දෙයක් නම් නැහැ ලොක්ක. මම උබ වගේ අනුන්ගේ පුකවල් ලේවකන්නේවත් පුකවල් වල ඇඟිලි ගගහ ගඳයි කිය කිය විලාප දෙන්නෙත් නැහැ.

      තමන් කාපු විදිහටම තමයි රෙන්නෙ ලොක්ක. 🤣🤣🤣🤣

      තව ගු තියෙනව 😂😂😂

      ඇයි ලියපු කමෙන්ට් මකන්නෙ 😂😂

      Delete
    5. @ Mr. One-eye lovecat,
      Those educational tours are very muddy no.
      Heh, maybe good training for blog commenting? :-D

      @ Mr.Tick,
      Take it easy mate. Mr. Lovecat's first comment was aimed at Hon. Saraas and me - about a shared experience.

      Delete
    6. This comment has been removed by the author.

      Delete
    7. අම්මට හුඩු ලන්ඩන් පිංගොනාට තරහත් යනවානේ. බොමුද සීතල පුන්නක්කු වීදුරුවක්

      Delete
    8. අම්මට හුඩු ලන්ඩන් පිංගොනාට තරහත් යනවානේ. බොමුද සීතල පුන්නක්කු වීදුරුවක්

      Delete
    9. හා හා හා 🤣😂 පිං ගොනා.. හා හා හා., හා හා හා.. පව් ඕයි උබ.. 😂😂😂

      Delete
  26. කාබනික පොහොර යොදා ගනිමින් යල කන්නයේ කුඹුරු අක්කර එක්ලක්ෂ පනස්දහසක් වගාකිරීමේ ජාතික වැඩසටහනට සමගාමීව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සංකල්පයක් මත "නීල හරිත යුගයක් පදනම" බිහි විය. ඒ යටතේ දීප ව්‍යාප්තව සිදු කෙරෙන 'වස විස නැති රටක් - නීරෝගී පරපුරක්' බිහිකිරීමේ උදාර අරමුණ පෙරදැරිව සිදු කරනු ලබන කාබනික පොහොර බෙදාදීමේ, මාදිවෙල කිඹුලා ඇළ වස විසෙන් තොර භෝග වගාකිරීමේ ගොවි බිමේ දී පසුගිය දා (11) පැවැති උත්සව අවස්ථාවට එක් වෙමින් ස්වභාවික පොහොරින් කෘෂිකර්මාන්තය ගොඩනැඟීමේ අභියෝගය රට හමුවේ තිබෙන බවත් ස්වභාවික පොහොර භාවිත කරන ගොවින්ට සහනාධාර ලබා දිය යුතු බවත් මහ නගර හා බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මේ බව ප්‍රකාශ කළේය. මාදිවෙල සම්බුද්ධාලෝක විහාරස්ථානයේ විහාරාධිපති වැලිගල්ලේ පඤ්ඤාලෝක නාහිමි, හරිත ගොවිතැන පිළිබඳ ජනාධිපති අධ්‍යක්‍ෂ, පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ, ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ සංස්ථාවේ සභාපති අසේල ඉද්දවෙල, ක්‍රියාකාරී අධ්‍යක්‍ෂ රොෂාන් ගුණවර්ධන, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්‍ෂ ජනරාල් සුමේධ රත්නායක, ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය ජගත් මුණසිංහ, බස්නාහිර පළාත් ඝන අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරියේ අධ්‍යක්‍ෂ නලීන් මාන්නප්පෙරුම ද මේ අවස්ථාවට සහභාගී වූහ.

    ReplyDelete
  27. අළුත් අවුරුද්දේ අරක්කු බී, හරක් මස් සමග බත් කා, සිගරැට්ටුවක්ද පත්තු කරගෙන වැඩ අල්ලමු.

    ReplyDelete
  28. Any reason why fish waste only? Why not chicken, pork etc?
    Hon. Saraas has, inter alia, ESP I think. He writes of waste management and about a day later Meetotamulla vindicates him.

    ReplyDelete
    Replies
    1. Too much fat in the meats, I suppose.

      Delete
  29. This comment has been removed by the author.

    ReplyDelete
  30. ලේ පිපාසිත රාජපක්ෂ මුරුගයා ගේ දුර්දාන්ත පාලනයේ විපාකයෙන් ජිවිත 20 ක් කුණු වලට වැළලී ඇත
    දුර්දාන්ත රාජපක්ෂ මුරුග පරම්පරාවට හෙන ම වැදියන්

    ReplyDelete