Wednesday, May 10, 2017

ගාල්ලේ අර්බූදය





ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී ගීතා කුමාරසින්හ මැතිනිය ව පාර්ලිමේන්තුවෙන් ඉවත් කිරීම නිසා ව්‍යවස්තා අර්බූදයක් පැන නැගී ඇති බවක් පෙනී යයි.

එහි සිදුවියහැකි සිදුවීම් නම්:

1. සන්දාන ලැයිස්තුවේ ඊලඟට ඉන්නා පියසේන ගමගේ මන්ත්‍රීවරයෙකු ලෙස නම්කිරීම.

2. දිස්ත්‍රික්කයේම සන්දාන ලැයිස්තුව අහෝසිවී සියලු ආසන එජාප හා ජවිපෙ අතර බෙදී යාම. එවිට ජාතික ලැයිස්තු ආසන දෙකක් ද සන්දානයට අහිමි වීම


ඉහත පලමු හැකියාව සිදු වුනොත් ආන්ඩුවට වාසි සහගත ය.

දෙවන  හැකියා
සිද්ද වුනෝතින් සොරිසේන ට සොරි ඩොට් කොම් ය.
 


සන්දාන ලැස්තුවම අහෝසි වුනොත් ආප්පසිරා ගේ දෑත් ශක්තිමත් කරන්න ගාල්ල සන්දානයෙන් පත් වූ ඛනිජ තෙල් ඇමති චන්දිම, මුතුහෙට්ටි හා මනූශ ටත් ආසන අහිමි වී එජාපය පාර්ලිමේන්තුවේ මුලු ආසන සන්ක්‍යාවෙන් බාගයකට වඩා හිමි කර ගැනීම ය.  





සිදුවන්නේ කුමක් දැයි අප අබලා සිටිමු.
 


76 comments:

  1. අවසන් සිළුව ලෙවකයි පහනෙහි පතුල
    සිතුවිල්ලක ඇලී නිසල ය සඳ මඬල
    ගිනිගත් වෙසක් පහනක මුදු කෙහෙරැල්ල
    සුළඟක් පිරිමදියි දිගු කර අතැඟිල්ල


    අළු පැහැ අඳුරු සිතුවම් ඇඳෙනා මිදුල
    බවුන් වඩනවද කිරි සුදු මුදු වැල්ල
    අහසම උර දරා මා පය නගන කල
    උල් ගල් සැඟව හිඳ පාරනු කිම පතුල


    යන්තම් අවදි වී සැලෙනා අඹ දල්ල
    නිදි ගන්වයි රැහැයි පළඟැටි නැළවිල්ල
    ඈතින් ඇසෙයි උලලේනිගෙ වැළපිල්ල
    නෙතු පියවන්න ඉඩ දෙන් දුක් සිතුවිල්ල

    අජිත් පැරකුම් ජයසිංහ
    2017-05-10

    ReplyDelete
    Replies
    1. හෙට උදේම අවදෙ වී සිරිකොත යා යුතුව තිබේ..

      Delete
    2. ලස්සන නිර්මාණයකට හොඳක් කියන්න බැරි කුහකයෙක්

      Delete
    3. ඊයේ වෙසක් පෝය දවසේ සුදු වෑන් එකක ආපු සිල් කාරයෝ සෙට් එකක් මට පුකේ ඇරලා ගියා. දැන් මං මොකද කරන්නේ?

      (පුක යනු කුණුහරුපයක් නොවේ-කකා)

      Delete
    4. // AnonymousMay 10, 2017 at 11:20 PM

      ලස්සන නිර්මාණයකට හොඳක් කියන්න බැරි කුහකයෙක් //

      මම කුහකයෙක් නෙවෙයි...
      කුහක දත් දොස්තර කෙනෙක්!

      Delete
    5. // AnonymousMay 10, 2017 at 11:55 PM

      ඊයේ වෙසක් පෝය දවසේ සුදු වෑන් එකක ආපු සිල් කාරයෝ සෙට් එකක් මට පුකේ ඇරලා ගියා. දැන් මං මොකද කරන්නේ? //


      වහාම සිරිකොතට වාර්තා කරන්න
      ඇමැති කමක් ලැබෙන්නට ඉඩ ඇත...

      Delete
    6. ඇමරිකන් අප්පච්චි.

      අපිට වෙසක් උත්සවේ ලබා දුන් එක්සත් ජාතීන්ගේ සන්විදානේ උත්තමයන්ට බුදුබව් පාර්ථනා කරමු.

      වෙසක් බැලීමට අපේ රටට සැපත් වන අතිගරු ඉන්දියන් අගමැති ධුරන්ධර ශ්‍රීමත් නරේන්ද්‍ර සිං මෝදී මැතිතුමා කියන්නේ දුප්පතාගේ දුක දන්නා නායකයෙක්. එතුමා මට මේ ගේ ලබා දුන්නා. අපි එතුමාට සදා නය ගැතියි.

      ඉන්දියන් අගමැති ධුරන්ධර ශ්‍රීමත් නරේන්ද්‍ර සිං මෝදී මැතිතුමා කියන්නේ මතු බුදුවන මයිත්‍රී බෝධිසත්වයන් කෙනෙක්. එතුමාට බුදුබව අත්වෙන්න ඕනි.

      මහින්ද රාජපක්ෂ මැතිතුමාට නිවන් සුව පාර්ථනා කරමු.

      Delete
    7. සරසා

      ගීතා හරිහමන් ලෝයර් කෙනෙක් යොදවා නොගෙන කසි කබල් ලෝයර්ළා ලඟට ගියහම නඩු පරදින බව සරසා දන්නේ නැද්ද? දැන්වත් මොලේ කල්පනා කරලා වැඩ කරන්න මොකද අන්තිමේට දුක් විඳින්නේ සරසාමනේ???

      Delete
    8. //මම කුහකයෙක් නෙවෙයි...
      කුහක දත් දොස්තර කෙනෙක්!//


      කුහක ගොන් දතෙක්! මූට කුහකයා කියලා බනිද්දිත් පටුටම් පුරාජේරුව කියන්න වෙලානෙ. නෙද්දකිං මෙහෙමත් මොගේ අමාරු කාරයෙක්.. සොරි මොළේ අමාරු කාර ගොන් දතෙක්!

      Delete
  2. හිහ් හි !

    ජනතාවට කොකා පෙන්වපු මන්ත්‍රී වරුන්ට ඉක්මනින් ම ජනතාව ඉදිරියට යන්න උනොත් තමයි ලස්සන.

    ReplyDelete
    Replies
    1. සන්ධාන ජාතික ලැයිස්තුවෙන් පත්වෙච්ච ෆුට්බෝඩ් එකේ ඉන්න අන්කල්ලට හීන්දාඩිය දාල ඇති.

      Delete
    2. // Lankika SithuwiliMay 10, 2017 at 9:36 PM

      හිහ් හි !

      ජනතාවට කොකා පෙන්වපු මන්ත්‍රී වරුන්ට ඉක්මනින් ම ජනතාව ඉදිරියට යන්න උනොත් තමයි ලස්සන. //

      අන්න ද්‍රවිඩ සන්දානේ ගෙඩිය පිටින් ම ද්විත්ව පුරවැසියෝ ලු නේ...

      Delete
    3. // AnonymousMay 10, 2017 at 10:32 PM

      සන්ධාන ජාතික ලැයිස්තුවෙන් පත්වෙච්ච ෆුට්බෝඩ් එකේ ඉන්න අන්කල්ලට හීන්දාඩිය දාල ඇති. //

      ෆයිසර් මුස්තාපා හා එල පවුසි!

      Delete
  3. සරසා කැමති අංක 1 ද අංක 2 නැතිනම් මේ දෙකම නොවේනම් මොකක් ද

    මම කැමති අංක 2 කට හේතුවඇමති චන්දිම, මුතුහෙට්ටි හා මනූශ ටත් ගෙදර යනවාට.

    ReplyDelete
    Replies
    1. මාත් කැමැති 2 ට...

      එතකොට යූ එන් පී මන්ත්‍රී ලා 50% ට වඩා වැඩි වෙනවා... සිරා ට බිත්තර ආප්ප කන්න වෙන්නෙ!

      Delete
  4. සරස
    දන්සැල් කීයක් වැන්දද?
    මන්නම් බලන් හිටියෙ මෙදාපාර වෙසක්කෙකටවත් වයිෆයි දන්සැල එයිද කියල.
    බලමු පොසොන්වලටවත් නේද

    ReplyDelete
    Replies
    1. ජීවිතේ ගැන බ්ලොග් ලියන්න මිනිසුන් පෙළඹෙන්නෙ නැත්තෙ ලංකාවෙ විවිධ දාර්ශනික වෙස් ගත් අසහනකාරයන් නිර්නාමිකව ඇවිත් කුණුහරුප ලියන නිසායි. හැබැයි උන්ට බය වෙලා මේ සමාජය වෙනස් කරන්නට බැහැ.

      බ්ලොග් පාවිච්චි කර කුණුහරුප ලියන්නට හිතාගෙන ඉන්න අයට මා කියන්නේ නිර්නාමිකව පෙනී ඉන්න සමාජ මාධ්‍යවලින් ලැබී තිබෙන අවකාශය නිසා තිරිසනුන් නො වන ලෙසයි.

      ඔබ තිරිසනුන් වූ පළියට අප මිනිසුන් වන එක නවතින්නේ නැත.

      -සරස

      Delete
    2. // AnonymousMay 10, 2017 at 9:57 PM

      සරස
      දන්සැල් කීයක් වැන්දද?
      මන්නම් බලන් හිටියෙ මෙදාපාර වෙසක්කෙකටවත් වයිෆයි දන්සැල එයිද කියල.
      බලමු පොසොන්වලටවත් නේද //



      තාම නෑ..
      මයියොක්කා දන්සලක් ව්ඳින්න හිතන් හිටියා... කොහෙද.. පස්ට පෝලිම හිටන් ගරු ඇණෝ තුමෝ...

      Delete
    3. // මයියොක්කා දන්සලක් ව්ඳින්න හිතන් හිටියා... //

      පාගොඩ රෝඩ් එකේ එක ද?

      Delete
  5. දරු පිළිසිඳ ගැනීමක් යනු බැලූ බැල්මටම ස්ත්‍රී - පුරුෂ ලිංගික එක්වීමක් පදනම් කොට සිදුවන ජෛවමය සංසිද්ධියකි. එහෙත් එහි මනෝමය පක්ෂයක් ද නැත්තේම නොවේ. එහෙත් අද සමාජයේ බොහෝ දෙනෙක් ඒ පිළිබඳව වැඩිදුර නොදනිති; නොසිතති. පාසල් සිසුන් පවා දන්න අන්දමට දරු පිළිසිඳ ගැනීමක් ඇතිවන්නේ පුරුෂයකුගේ ශුක්‍රානුවක් සහ කාන්තාවකගේ ඩිම්බයක් සංසේචනය වීමෙනි; එසේ සංසේචනය වීම පිණිස කාන්තාවකගේ ශරීරය තුළ ඩිම්බ මේරීම සහ මෝචනය වීමේ ක්‍රියාවලිය නිසි පරිදි සිදු විය යුතුය. එසේ ඩිම්බ නිකුත් කිරීම ඩිම්බ කෝෂ මගින් සිදු කෙරෙන අතර එම ඩිම්බ නිපදවීම මොළයේ පිටියුටරි ග්‍රන්ථියේ ඇති හෝමෝන මගින් පාලනය කරයි. එහෙත් මේ ක්‍රියාවලිය සඳහා මොළයේ ඇති හයිපොතැලමස නම් ඉන්ද්‍රිය ද සෘජුවම බලපායි. කාන්තාවන් සම්බන්ධ මෙම ජෛවමය ක්‍රියාදාමය විද්‍යාත්මකව හැඳින්වෙනුයේ Hypothalamic pituitary gonadal axis යනුවෙනි. එහි දී පිටියුටරි ග්‍රන්ථිය මගින් නිපදවෙන FSH – Follicle – Stimulating hormone සහ LH – Luteinizing hormone ගණයේ ලිංගික හෝමෝන මගින් ඩිම්බකෝෂ මගින් නිසි පරිදි ඩිම්බ මේරීම සහ මෝචනය සිදු කෙරේ. එහෙත් ඉහත සඳහන් ඩිම්බකෝෂ සහ නාල අවහිරතා, පිටියුටරි ග්‍රන්ථයේ සහ මොළයේ හයිපොතැලමසේ හටගන්නා යම් යම් දෝෂ සහ අර්බුද තත්ත්වයන් මත කාන්තාවක තුළ නිසි පරිදි ඩිම්බ මේරීමට සහ මෝචනය නොවීමට ඉඩ තිබේ.

    ReplyDelete
  6. දරුපල ඇති කරවීමේ ගුප්ත ක්‍රම ආදී සියළු කටයුතු වලින් කළ හැක්කේ එසේ විවිධ සංකල්ප ඉදිරිපත් කරමින් ‍එවැනි කාන්තාවන් ගේ සිත තුළ බිඳවැටුණු මානසිකත්වය යළි නඟා සිටුවීමක් පමණි. ඒ අනුව බලන විට එය විද්‍යාත්මකව විස්තර කළ හැක්කේ නොවිධිමත් මනෝ චිකිස්සාවක් ලෙසිනි. එහෙත් තත්ත්වය එසේ වුවද එවන් මනෝ විද්‍යාත්මක සහ ජීව විද්‍යාත්මක පදනමක් සහිත කරුණක් සම්බන්ධයෙන් අද්භූතවාදී සංකල්ප මුල් කොට ප්‍රතිකාර පැතීම කිසිසේත් අනුමත කළ නොහැක. ඊට හේතුව එවන් බොහෝ ගුප්ත ප්‍රතිකාර ක්‍රම තුළ මිනිසුන්ට කායික සේම මානසික වශයෙන් බෙහෙවින් අන්තරායකාරී ක්‍රියා ගැබ්ව තිබෙන බව ඉතා හොඳින් අනාවරණය වී ඇති බැවිනි. ඇතැම්විට මෙබඳු ගුප්ත ක්‍රම වල පිහිට පැතීමට ගිය සමහරුන්ට අවසානයේ නතරවීමට සිදුවනුයේ මානසික රෝග සායන සහ වාට්ටුවලය. නමුදු කාන්තාවකගේ දරුඵල නොමැති වීමට කිසිදු කායික හේතුවක් නොමැති විටෙක ඒ සම්බන්ධයෙන් මනෝ වෛද්‍ය විද්‍යාත්මක විමර්ශනයක් සිදු කොට පෞරුෂ, පවුල් ප්‍රජා සහ සමාජමය හේතූන් මත ඔවුන් කෙරෙන් බිඳ වැටුණු මනෝ කායික නිරෝගීතාව යළි ගොඩනඟා ගැනීමටත් ඒ වනවිටත් ඔවුන් තුළ පවතින කාන්සාව, ආතතිය සහ විශාද තත්ත්වයන් අවම කොට දරු ප්‍රසූතියකට ඉවහල්වන මනෝ කායික අවකාශය ඔවුන් වෙත ලබා දීමටත් නූතන මනෝ වෛද්‍යවරු සමත් වී සිටිති

    ReplyDelete
  7. සරස මැතිවරණ ඉතිහාසයේ විශාලතම අර්බුදයට එක්සත් ජනතා නිදහස් සංධාන මුහුණ දී ඇත. ඒ ගාල්ල දිස්ත්‍රික්ය වෙනුවෙන් 2015 අගෝස්තු 18 වෙනිදා පැවත්වූ මහා මැතිවරණට නාමයෝජනා භාරදිමේදි සංධාන ලේකම් විසින් සාවද්‍ය තොරතුරු මැතිවරණ කොමිසම වෙත දිවුරුම් ප්‍රකාශයක් මගින් ලබා දී හේතුව මත ලබා ගත් අධිකරණය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට යෑමේ දි ඇති වී තිබෙන ව්‍යවස්ථාවේ අර්බුදයක් නිසාය.

    මේ තත්ත්වය මත බොහෝ දුරට මැතිවරණ කොමිසම මගින් සංධානය විසින් ගාල්ල දිස්ත්‍රික්ය සඳහා ඉදිරිපත් කල අපේක්ෂකයන් 13 දෙනාගේම ලැයිස්තුව අවලංගු වීමට ඉඩ කඩ බොහෝය. ඒසේ වුවහොත් ඒ අනුව සංධානයට හිමිව තිබු මන්ත්‍රී ධූර 6 ම අහෝසි වේ.

    ඒ වෙනුවට පත්වනුයේ එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් තරග කොට ඊලඟට මනාප ලැයිස්තුවේ සිටින දයාසිලිගේ සුනිල් සේනානායක, ජයන්ත ජයවීර බන්දුලහේවා, අශෝක වීර සෝමරතන,අජන්ත ද සොයිසා සහ ආනන්ද පද්මසිරි කාරියවසම් ය.

    ජනතා විමුක්ති පෙරමුණට ද එක මන්ත්‍රී ධූරයක් හිමි වන අතර එය ජවිපෙ ලැයිස්තුවේ අසේල නලින් හේවාගේ හිමිවීමට නියමිතය,

    ReplyDelete
  8. කෙසේ නමුත් මේ පිළිබඳව තීන්දුව දෙමින් මහේස්ත්‍රාත්වරිය ප්‍රකාශ කොට ඇත්තේ ස්වසන පරීක්ෂණ තලයේ මත්පැන් භාවිත කළ පුද්ගලයෙකුගේ රුධිරය මිලි ලීටර් 100 මධ්‍යසාර ග්‍රෑම් 0.08 තිබිය යුතු බවයි. නමුත් මොහුගේ පැ. එක දරණ සහතිකයේ සඳහන් කර ඇති ආකාරයට මොහුගේ මධ්‍යසාර ප්‍රමාණය 0.08 ක් ලෙස සඳහන්ව තිබිම හා ‍පොලිස් නිලධාරියාගේ මෙම පරීක්ෂණ අවිධිමත් ලෙස කිරීම යන කරුණු අනාවරණය වීමෙන් පළමු චෝදනාව සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු නොකර ඇති බවයි.
    එමෙන්ම මෙම නිලධාරීන් විසින් තමාගේ බලපත්‍ර පරීක්ෂා කිරීමෙන් අනතුරුවද විවිධාකාර නියෝග දෙමින් පීඩාකාරී අන්දමින් තමා හා කටයුතු කළ බවට ලැබි ඇති සාක්ෂි හා චූදිත තැනැත්තා වුවමනාවෙන් රාජකාරියට බාධා කළ අයෙකු වශයෙන් චෝදනාවට ලක් කළ හැකි පුද්ගලයෙකු බවට තීරණය කළ නොහැකි වූයෙන් දෙවන චෝදනාවෙන්ද ඔහු නිදොස් කොට නිදහස් කර ඇත.

    ReplyDelete
  9. ඉන්පසු එම වසරේ අගෝස්තු 31 වන දින එක් සැකකරුවකු පුනරුත්ථාපන භාරයට පත් කෙරුණු අතර එමඟින් ද ඉන්දියානු සමාජය යළි මහත් කැළඹීමකට පත් වනුයේ මෙවැනි අපරාධකරුවන් එල්ලා මරනු මිස පුනරුත්ථාපනය කිරීමෙන් පළක් නොවන බව පවසමිනි. නමුත් එම සැකකරු ඒ වනවිට 17 හැවිරිදි වියේ පසුවූ බැවින් සාමාන්‍ය අපරාධ නීතිය යටතේ ඔහුට දඩුවම් ලබා දිය නොහැකි බව ඉන්දියානු අධිකරණය විසින් ප‍්‍රකාශ කරන ලදී. ඉන්පසු 2013 වසරේ සැප්තැම්බර් 13 වන දා විශේෂ අධිකරණයක් මඟින් සෙසු වරදකරුවන් සිව් දෙනාට මරණ දඩුවම නියම කෙරුණු අතර 2014 මාර්තු 13 වන දා දිල්ලි මහාධිකරණය විසින් එම දඩුවම සනාථ කරන ලදී. එහෙත් එම තීන්දුවට එරෙහිව විත්තිකරුවන් විසින් ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනයක් ඉදිරිපත් කොට තිබූ බැවින් එම මරණ දඩුවම තාවකාලිකව අත්හිටුවා තිබුණි.

    ReplyDelete
  10. Kumar Kalu, BDS, PhD

    This is FYI;

    යාපනය පලාලි පාරේ පදිංචි කුලේන්ද්‍ර රාජා මහතා දේශීය වශයෙන් නිෂ්පාදනය කරන ලද දන්ත ශල්‍ය උපකරණ සෞඛ්‍ය අමාත්‍යාංශයට මිලදී ගන්නා ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතාට උපදෙස් ලබා දී ඇත.

    Tissomed Technologies නම් ආයතනයේ හිමිකරු වන කුලේන්ද්‍ර රාජා මහතා දේශීයව නිෂ්පාදනය කරන ලද දන්ත ශල්‍ය උපකරණය සහ දන්ත පුටු සෞඛ්‍ය අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක් වූයේ යාපනය තෙලිප්පලෙයි පිළිකා රෝහලේ දීය.

    මෙම දන්ත පුටුව නිෂ්පාදනය කිරීම සදහා වැය කර ඇති මුදල රුපියල් ලක්ෂ 5.5 කි. සෞඛ්‍ය අමාත්‍යවරයා සදහන් කරන්නේ යුරෝපයෙන් ආනයනය කරන දන්ත පුටුවට සමාන අයුරින් මෙම දන්ත පුටුව නිෂ්පාදනය කර ඇති බවයි. විදේශීය රටකින් එක් දන්ත පුටුවක් ආනයනය කිරීම සදහා ලක්ෂ 25 කට අධික මුදලක් වැයවන අතර, දේශිය වශයෙන් මෙම දන්ත පුටු මිල දී ගැනීමෙි දී එම මුදලට දන්ත පුටු 05 ක් මිල දී ගත හැකි බව සෞඛ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි. මෙම කර්මාන්තය ගොඩනැගිය යුතු බවත්, දේශීය කර්මාන්තකරුවන් නගා සිටුවීම සදහා උපකාර කළ යුතු බවත්, සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටියි.

    මාධ්‍ය ඒකකය
    සෞඛ්‍ය අමාත්‍යංශය

    ReplyDelete
  11. ගීතා කුමාරසිංහගේ මන්ත‍්‍රී ධුරය පිලිගත නොහැකි බව අභියාචනාධිකරණය විසින් තීරණය කිරීමත් සමග ගිය මැතිවරණයේදී ගාල්ල දිස්ත‍්‍රික්කයේ එක්සත් ජාතික පක්‍ෂයෙන් තරග වැද මනාප ලයිස්තුවේ ඊළගට සිටින අපෙක්‍ෂකයින් විසින් සන්ධාන ලයිස්තුව අහෝසි කරන්නැයි ඉල්ලමින් නීතිමය ක‍්‍රියාමාර්ග ගැනීමට සූදානම් වෙයි.

    එජාප ලයිස්තුවේ පරාජිත අපේක්‍ෂිතයින් කිහිප දෙනෙකු ඊයේ පස්වරුවේ මුණ ගැසී මේ ගැන සාකච්චා කර ඇති අතර දුරකතන මගින් දිස්ත‍්‍රික්කයේ එජාප ඇමතිවරයෙකුගෙන්ද උපදෙස් ලබා ගෙන ඇත.

    ගාල්ලේ සන්ධාන ලයිස්තුවම අහෝසි කරන්නැයි මැතිවරණ කොමසාරිස්ට නියෝග කරන්නැයි ඉල්ලමින් ඉදිරි දින කිහිපය ඇතුලත මෙම පිරිස මුලින් මැතිවරණ කොමිසමටත් දෙවනුව අධිකරණයටත් යනු ඇති බවද වාර්තා වෙයි.

    ReplyDelete
  12. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංගගේ ආරක්ෂාව අඩු කිරීම සදහා අධිකරණයේ නඩුවක් ගොනුකළ බවට එල්ල වන චෝදනා සම්බන්දයෙන් මහින්ද රාජපක්‍ෂගේ මාධ්‍ය ලේකම්වරයා විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

    මාධ්‍ය නිවේදනය

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මියගේ ආරක්ෂාව අඩු කිරීම සදහා අධිකරණයේ නඩුවක් ගොනුකළ බව රජයට සම්බන්ධ දේශපාලකයන් ප්‍රකාශ කල බව මේ දිනවල මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වේ.එම චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරමි. ජනාධිපති ලේකම් කාර්යාලය හෝ ආරක්ෂක අමාත්‍යාංශය හෝ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් එවැනි නඩුවක් ගොනුකර නොමැත.එම නඩුව ගොනු කර ඇත්තේ රාජ්‍ය නොවන සංවිධානයක් විසිනි.

    එවකට ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කල ගෝඨාභය රාජපක්ෂ මහතා හිටපු ජනාධිපති තුමියගේ ඉල්ලීමක් අනුව එතුමියගේ නිල නිවසට ගොස් සාකච්ඡාකර එතුමියගේ ආරක්ෂක ප්‍රධානියාගේ ඉල්ලීම අනුව ආරක්ෂක නිලධාරීන් සහ අවශ්‍ය කරන පහසුකම් ලබාදී ඇත.

    අධිකරණ තීන්දුව අනුව එතුමියගේ ආරක්ෂාවේ කිසිදු වෙනසක් කර නොමැත.අධිකරණ තීන්දුවක් තිබුනද එතුමියගේ ආරක්ෂක ප්‍රධානියාගේ ඉල්ලීම් අනුව සැම අවස්ථාවකදීම
    රජය විසින් සියලුම පහසුකම් ලබා දී ඇත.

    තමන්ගේ දේශපාලන පළිගැනීම් ජනතාව ඉදිරියේ සාධාරණීකරණය කිරීමේ චේතනාවෙන් මෙවැනි ප්‍රකාශයන් කරන්නේ බංකොලොත් දේශපාලකයන්ය.මේ ආණ්ඩුව යටතේ කොටි සංවිධානයට නැවත පණදීමේ උත්සාහයන් කීපයක් හෙලිවී ඇත. මේ වසර මුලදී විදේශ රටවල සිටින කොටි ක්‍රියාකාරීන් පුනරුත්ථාපනය නොවූ හිටපු කොටි ත්‍රස්තවාදීන් යොදවා දෙමල ජාතික සන්ධානයේ මන්ත්‍රීවරයකු ඝාතනය කිරීමක් හෙලිකරගැනීමට පොලිසියට හැකිවිය.මේ සම්බන්ධයෙන් කිහිප දෙනෙකුම අත්අඩංගුවට ගැනීමට හැකි වූ අතර ඒ සදහා භාවිතා කිරීමට නියමිතව තිබු ක්ලේමෝ බෝම්බ දෙකක්ද සොයාගන්නා ලදී. වර්තමාන රජය රැදවුම් භාරයේ සිටි භයානක කොටි ත්‍රස්තවාදීන් නිදහස්කර ඇත. පසුගිය රජය කොටි ත්‍රස්ත්තවදීන් 11000 වැඩි ප්‍රමාණයක් පුනරුත්ථාපනය කර , එසේ කිරීමට නොහැකි අතිශයින්ම දරුනුගනයේ කොටි ත්‍රස්තවාදීන් 200 පමණ රැදවුම් බාරයේ තබාගෙන සිටියේය. වර්තමාන ආණ්ඩුව නිදහස්කර ඇත්තේ පුනරුත්ථාපනය කල නොහැකි කොටි ත්‍රස්තවදීන්ය.මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව අඩුකර ඇත්තේ මෙවැනි පසුබිමකය.

    වසර 30 යුද්ධය අවසන්කොට ශ්‍රී ලංකාව සංවර්ධනය කරා ගෙනගිය රාජ්‍ය නායකයා වන මහින්ද රාජපක්ෂ මහතාගේ ජීවිතය ආරක්ෂා කිරීම වර්තමාන ජනාධිපතිතුමා ඇතුළු රජයේ වගකීම බව තරයේ සදහන් කරමි.

    රොහාන් වැලිවිට
    හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ
    මාධ්‍ය ලේකම්

    ReplyDelete
    Replies
    1. //වසර 30 යුද්ධය අවසන්කොට ශ්‍රී ලංකාව සංවර්ධනය කරා ගෙනගිය රාජ්‍ය නායකයා වන මහින්ද රාජපක්ෂ මහතාගේ ජීවිතය ආරක්ෂා කිරීම වර්තමාන ජනාධිපතිතුමා ඇතුළු රජයේ වගකීම බව තරයේ සදහන් කරමි.
      රොහාන් වැලිවිට
      හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ
      මාධ්‍ය ලේකම් //

      මහින්ද මටත් ගසාකන්න දුන්න නම් මමත් ‍මෙවැනි ලිපියක් ලියනව ජනාධිපතිට එකෙන්ම..

      Delete
    2. මාසිකMay 11, 2017 at 2:40 AM
      //මහින්ද මටත් ගසාකන්න දුන්න නම් මමත් ‍මෙවැනි ලිපියක් ලියනව ජනාධිපතිට එකෙන්ම..//

      ආප්පයට ඕස්ට්‍රේලියාවෙන් හිටං, වී මල්ලිට, වැලි මල්ලිට, ගස් මල්ලිට ආදී වූ පවුලේ දොලොස් දෙනාටම හිටං ගසා කන්ඩ දීලත් ඒක මදි වී, අගමැති විදිහට කන්ඩ දුන්නෙ නැහැ කියලනේ බං මේ මෙච්චර පලි ගන්නේ

      එහෙම බැලුවම "මාසික" ටත් වඩා බළු ගති තියෙන එකෙක් ආප්පයා කියන්නේ නේද ?

      Delete
    3. ඇත්තෙන්ම එම නඩුව ගොනුකර ඇත්තේ චන්ද්‍රිකාගේ අනුදෙනුම ඇතිව ග්ලෝබල් ටැමිල් ෆෝරම් ආයතනයට සම්බන්ධ රාජ්‍ය නොවන සංවිධානයක් විසින්. දේශපාලන කුමන්ත්‍රණය සඳහා මුලසිටම චන්ද්‍රික හමුවීමට පැමිණෙන කොටි සාමාජිකයන්ට ඇයගේ ආරක්ෂක භටයන්ගෙන් සිදුවන බාධා ඉවත් කිරීමට සහ රජයට තොරතුරු ලැබීම වැලැක්වීමට මෙම පියවර ගෙන ඇති බව පසුව අනාවරණය විය.

      Delete
  13. ගීතා නෝනට කෙලින්න ගිහිං ජවිපෙ හැර අනෙක් හැම පක්ෂයකම මහත්තුරු කීප දෙනෙක් කෙලවගන්න යනව කියලයි ආරංචිය.

    ReplyDelete
    Replies
    1. ජයවේවා !

      මෙන්න මෙහෙම තමයි මෝඩ උපදේශකයන්ට වදින්න ඕනා. දැන් තුට්ටු දෙකේ කල්ලිය සතුටු ඇති නේද?

      Delete
    2. // නොකී කතාMay 11, 2017 at 2:22 AM

      ගීතා නෝනට කෙලින්න ගිහිං ජවිපෙ හැර අනෙක් හැම පක්ෂයකම මහත්තුරු කීප දෙනෙක් කෙලවගන්න යනව කියලයි ආරංචිය. //

      එකක් කඩතොලු හදාගන්නට ගොසින් මට වුනු කාරියා.....

      Delete
    3. //AnonymousMay 11, 2017 at 3:47 AM

      ජයවේවා !

      මෙන්න මෙහෙම තමයි මෝඩ උපදේශකයන්ට වදින්න ඕනා. දැන් තුට්ටු දෙකේ කල්ලිය සතුටු ඇති නේද? //


      ග්‍රාමයා ගේ උපදෙස්...........

      Delete
  14. සරස ඔබත් සික්‌ බිල්ඩින් සින්ඩ්‍රාමයේ ගොදුරක්‌ද?

    අපි වැඩියෙන්ම ඉන්න කැමතිම තැන ගැන කවුරුහරි අපිත් එක්‌ක කතා කළොත් හුඟදෙනෙකුගෙ හිතට එන එකම තැන තමුන්ගෙ ගෙදර. ගෙදර නොගිහින් දවස්‌ තුන හතරක්‌ ඉන්නකොට අසනීප වෙන අයත් ඉන්නව. ඒකට කියන්නේ හෝම් සික්‌ කියල. අද අපි මේ කතා කරන්නේ පිළිවෙළක්‌ නැතිව හදපු ගෙදරක ඉන්න විට හැදෙන බරපතළ රෝගයක්‌ ගැන. ලෝක සෞඛ්‍ය සංවිධානය මේ රෝගය හඳුන්වන්නෙ සික්‌ බිල්ඩින් සින්ෙඩ්‍රාaaම් කියල. ලෝකයේ බොහෝ රටවල් මේ රෝගය පිළිබඳවත් එයින් මිදී ජීවත්වීම ගැනත් දැඩි අවධානයක්‌ යොමු කර ඇතත් අපේ රටේ තවමත් එවැනි දැනුවත්භාවයක්‌ හෝ සූදානමක්‌ නොමැති බව දිවයින ඉරිදා සංග්‍රහය සමග සාකච්ඡාවකට එක්‌වෙමින් ගොඩනැගිලි සේවා පිළිබඳ ඉංජිනේරුවරයකු වන ඩී. එම්. එන්. ඒ. දිසානායක මහතා පවසනවා. අපට තවමත් ආගන්තුක එහෙත් තම නිවස නිසාම විවිධ රෝගාබාධයන්ට ලක්‌වෙමින් ජීවත්වන විශාල පිරිසක්‌ අපේ රටේත් සිටින බවයි දිසානායක මහතාගේ අදහස.

    මොකක්‌ද මේ සික්‌ බිල්ඩින් සින්ෙඩ්‍රාaම් කියන්නෙ? අපේ රටට අලුත් රෝගයක්‌ද?

    අලුත් රෝගයක්‌ නෙමෙයි. ලෝකයේ වෙනත් රටවල වගේම දීර්ඝ කාලයක සිට අපේ රටේත් තිබෙන රෝගයක්‌. නමුත් අපේ රටේ මේ ගැන අවධානයක්‌ යොමු වෙලා නෑ. නමුත් මේ රෝගය නිසා විවිධ රෝගාබාධයන්ට ලක්‌වෙලා දීර්ඝ කාලයක්‌ දුක්‌විඳින ඇතැම්විට ඒ නිසාම ජීවිතයෙන් සමුගන්න සෑහෙන පිරිසක්‌ අපේ රටේ ඉන්නවා.

    Cont....

    ReplyDelete
    Replies
    1. Cont'd

      කොහොමද මේ රෝගය හැදෙන්නෙ?

      අපට ජීවත්වෙන්න ඉතාමත් අත්‍යාවශ්‍ය සාධකය ඔක්‌සිජන්. ඔක්‌සිජන් කොයිතරම් වැදගත් වෙනවාද කියනවානම් සාමාන්‍ය පුද්ගලයකුගේ දෛනික සාමාන්‍ය අවශ්‍යතාව සැලකීමේදී ආහාර රාත්තල් හතරක්‌ද, ජලය රාත්තල් දෙකක්‌ද, ඔක්‌සිජන් රාත්තල් හයක්‌ද අවශ්‍ය වන බව පිළිගත් කාරණයක්‌. නමුත් අප රටේ ආහාර සහ ජලය සම්බන්ධයෙන් පුද්ගල හා ව්‍යාපාරික වශයෙන් අවධානයක්‌ පැවතුනද, ඔක්‌සිජන් සම්බන්ධයෙන් එවැනි අවධානයක්‌ ඇත්තෙම නැහැ.

      මේ රෝගයට මූලිකම හේතුව අපට අවශ්‍ය තරම් ඔක්‌සිජන් නොලැබීම?

      ඔව්. බාහිර පරිසරයට වඩා මේ තත්ත්වය තිබෙන්නේ ගොඩනැගිලි සහ නිවාස තුළ. අද අපේ රටේ බොහෝ තැන්වල බාහිර පරිසරයට වඩා පස්‌ හය ගුණයක වේගයෙන් නිවාස සහ කාර්යාල ඇතුළත වායු දූෂණයට ලක්‌වෙලා. මේ තත්ත්වය නිසාම ඔක්‌සිජන් අඩුකම, කාබන්ඩයොක්‌සයිඩ් වැඩිවීම සහ දූවිලි හේතුකොටගෙන බොහෝ නිවාස සහ කාර්යාල තුළ සිටින අය විවිධාකාර ලෙඩ රෝගවලට ගොදුරු වෙනවා. මේවා හිසරදය, සෙම්ප්‍රතිශ්‍යාව වැනි තත්ත්වයන්ගේ සිට හෘදයාබාධ, පිළිකා වැනි තත්ත්වයන් දක්‌වා පැතිර යන්න පුළුවන්. වෛද්‍යවරුන් හමුවී ප්‍රතිකාර ගන්නා විට රෝගී තත්ත්වයන් පහව ගියත් නිවසේ හෝ කාර්යාලයේ සිටින විට නැවත රෝගී වෙනවා. මෙම ලෙඩ රෝගවලට මූලික හේතුවක්‌ හඳුනා නොගත්තද, එම පරිසරය වෙනස්‌ කළවිට මෙම ලෙඩරෝග තත්ත්වය වෙනස්‌ වෙනවා.

      Cont...

      Delete
    2. ලෝක සෞඛ්‍ය සංවිධානය මේ රෝගී තත්ත්වය හඳුන්වන්නේ සික්‌ බිල්ඩින් සින්ෙඩ්‍රාaම් (Sick Building Syndrome) කියල. හරිහැටි වාතාශ්‍රය නොලැබීමෙන් ශරීරයට අවශ්‍ය පමණට ඔක්‌සිජන් නොලැබීම නිසා වගේම නිවාස සහ කාර්යාල ගොඩනැගිලි ඇතුළත තිබෙන තිර රෙදි කාපට්‌ ආදියේ වැඩෙන විවිධ විෂබීජ හේතුවෙන් නිවැසියන් රෝගීවීම නිසයි මේ තත්ත්වය ඇතිවන්නේ.

      අලුතින් හදන හෝ දැනට පදිංචි වී සිටින නිවසක්‌ තුළ මේ තත්ත්වය වළක්‌වාගන්නේ කොහොමද?

      ලෝකයේ පවතින ප්‍රධානතම ස්‌වභාවික විෂබීජ නාශකය හිරුඑළියයි. හිරුඑළිය නිවස තුළ වඩාත් නිවැරදිව හසුරුවා ගනු ලබන්නේ කෙසේද යන්නත්, අනවශ්‍ය පරිදි නිවස උණුසුම් වීම වළක්‌වා ගන්නේ කෙසේද යන්නත් පිළිබඳව නිවැරදි අවබෝධයක්‌ අත්‍යාවශ්‍ය කරුණක්‌ ලෙස මම විශ්වාස කරනවා. තවද ස්‌වභාවිකව සුළං රැල්ල නිවස තුළට ගන්නේ කෙසේද එය නිවසින් පිට කරන්නේ කෙසේද යන්න අප තේරුම් ගත යුතුයි. ඊට අමතරව ගොඩනැඟිල්ල තුළ පැවතිය යුතු සේවාවන් (ජලය, විදුලිය, දුරකථන, වැසිකිළි කැසිකිළි අපහරණ නළ, ආරක්‌ෂක කැමරා, ස්‌වභාවික ආලෝකය නිවස තුළ කළමනාකරණය ආදී) පිළිබඳව අවධානය යොමුකිරීමත් ඉතාමත් වැදගත්. එහෙම නැතිව වාස්‌තු විශේෂඥයකුට කියලා නිවාස සැලසුමක්‌ ඇඳ ගත්ත කියලා ඒ නිවස මහ පොළොව මත හදන්න පුළුවන්ද කියන ගැටලුවට උත්තර ලැබෙන්නේ නැහැ. එමනිසා වාස්‌තු විශේෂඥයා, ඉදිකිරීම් ඉංජිනේරුවරයා, ප්‍රමාණ සමීක්‌ෂකවරයා නිවැරදි ලෙස මෙහෙයවා ගත හැකි, ගොඩනැගිල්ලට අවශ්‍ය සේවාවන් පිළිබඳව නිවැරදි අවබෝධයක්‌ සහිත Building Services Engineer කෙනකුගේ සේවාව ලබා ගැනීමයි.

      අපේ රටේ ඇතැමුන් වාස්‌තු විද්‍යාවට අනුව නිවාස සහ ගොඩනැගිලි ඉදිකරනවා. සමහරු ඒ පිළිබඳ වැඩි අවධානයක්‌ යොමු කරන්නේ නෑ. ඔබ යෝජනා කරන මේ ක්‍රමය වාස්‌තු විද්‍යාවට පටහැනිද?

      වාස්‌තු විද්‍යාවේ භාවිත වන සම්මත හෝ සුත්‍රවල පදනම මොකක්‌ද ඇයි එහෙම ගන්නේ කියන්න අද කවුරුත් දන්නේ නැහැ. ඊට පදනම් වී තිබෙන්නේ මිනිසුන් තුළ පවතින විශ්වාසයි.

      මගේ විශ්වාසය අනුව විශාල ඉඩම් සහිත ස්‌ථානවල නිවසක්‌ සැලසුම් කිරීමේදී මෙම වාස්‌තු ක්‍රමයන් භාවිතා කළ හැකි වුවත් වර්තමානයේ පවතින කුඩා ප්‍රමාණයේ ඉඩම්වලත්, විවිධ හැඩයේ ඉඩම් කැබලිවලත් නිවාස සැලසුම් කිරීමේදී සහ ඉදිකිරීමේදී වාස්‌තු විෂය නිවැරදිව භාවිතා කළ නොහැකියි. එම නිසා අවශ්‍යතාව අනුව වාස්‌තු විෂයේ සඳහන් මූලික කරුණු වෙනස්‌ කිරීමට හෝ නොසලකා හැරීමට සිදුවෙනවා. එම නිසා මූලික වාස්‌තු විෂය ඉදිරියට යැමේ ගැටලු මතුවෙනවා වගේම මෙය හරිහම්බ කර ගන්නා විෂයක්‌ බවට පත්වීම වලක්‌වා ගත නොහැකි වී තිබෙනවා.

      මෙම මතභේදාත්මක කාරණයේදී වාස්‌තු විද්‍යා විෂයේ මූලික සංකල්ප එනම් භුමි, ජල, වායු, අග්නි, ආකාශ ආදී කරුණු ගැන වඩාත් සැලකිලිමත් විය යුතු බවයි මගේ අදහස. මෙම මූලික කරුණු නිවෙස්‌ තුළ ජීවත්වන පුද්ගලයින්ට වඩා නිවැරදිව ප්‍රයෝජනයට ගත හැක්‌කේ කෙසේද යන්නත් එම කරුණුවලින් නිවෙස්‌ තුළ ජීවත්වන පුද්ගලයින්ට හානියක්‌ ආපදාවක්‌ සිදුවන්නේ කොහොමද එය වළක්‌වා ගන්නේ කොහොමද යන්නත් ශ්‍රී ලංකාවේ ප්‍රායෝගික කාලගුණ දේශගුණ තත්ත්වයන් සමඟ සැලකිල්ලට ගත යුතුයි. උදාහරණයක්‌ ලෙස තංගල්ලේ සුළං හමන දිසාවත් කුරුණෑගල සුළං ගමන දිසාවත් සමාන නැහැ, වෙනස්‌ වෙනවා. එහෙම බලනකොට ඉන්දියාවේ සුළං හමන දිසාව අනුව සකස්‌ කළ වාස්‌තු නියාමයන් සහ සුත්‍ර අනුව ශ්‍රී ලංකාවේදී කටයුතු කිරීම වැරදියි. ඒ විතරක්‌ නෙමෙයි තංගල්ලටයි කුරුණෑගලටයි එකම විදියට කටයුතු කිරීමත් වැරදියි.

      සාමාන්‍යයෙන් ඉංජිනේරුවරයකුගේ කාර්යභාරය පදිංචිවීමට නිවසක්‌ හෝ ගොඩනැගිල්ලක්‌ ඉදිකිරීමට අවශ්‍ය විද්‍යාත්මක දැනුම ලබාදීමයි. පදිංචි වී නිරෝගීව සිටීමට හැකි නිවසක්‌ සැලසුම් කරන්න ඔබ යොමු වුණේ කොහොමද?

      රටවල් ගණනාවකදී මේ රෝගී තත්ත්වය මම දැක්‌කා. කැනඩාවේ නිවාස තැනීමේදී මේ තත්ත්වය වැළැක්‌වීම සඳහා නීති පවා පනවා තිබෙනවා. අපේ රටේ දරුවන්ගේ අධ්‍යාපනය බිඳවැටීමට මේ සික්‌ බිල්ඩින් සින්ෙඩ්‍රාaමය ප්‍රධාන හේතුවක්‌. නිවාස හා ගොඩනැගිලි තුළට අවශ්‍ය තරම් ඔක්‌සිජන් නොලැබීම නිසා රෝගී වන දරුවන්, වැඩිහිටියන් ගැන අපේ රටේ කිසිදු සොයාබැලීමක්‌ නෑ. මේ නිසා අකලට මහලුවීම, විවිධ මානසික රෝග තත්ත්ව, හෘදයාබාධ, පිළිකා වැනි බෝනොවන රෝග විශාල ගණනකට අපේ රටේ පසුබිම හැදෙන්නෙ නිවස තුළදීමයි. අලුතින් ඉදිකරන හෝ දැනට ඉදිකර තිබෙන නිවසක, ගොඩනැගිල්ලක මේ තත්ත්වයන් අවම වන ආකාරයට කටයුතු කළ යුත්තේ කොහොමද කියලා පැහැදිලි කරන Good to Better Home සංකල්පය අපේ රටට හඳුන්වාදෙන්න තීරණය කළේ ඒ නිසයි.

      ගොඩනැගිලි සේවා පිළිබඳ ඉංජිනේරු
      ඩී. එම්. එන්. ඒ. දිසානායක

      Delete
  15. ගීතා කුමාරසිංහ විසින් දරනු ලැබූ මන්ත‍්‍රී ධුරය අභියාචනාධිකරණය විසින් නීත්‍යානුකූල නැතැයි නියෝග කිරීමත් සමග ගාල්ල හා මාතර දිස්ත‍්‍රික්කවල එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 11 දෙනෙකුගේ මන්ත‍්‍රී ධුරයන් අහෝසි වීමේ අවධානමක් මතුව ඇති බව Economy Next වෙබ් අඩවිය පෙන්වා දෙයි.

    ගීතා කුමාරසිංහගේ මන්ත‍්‍රී ධුරය අහෝසි කිරීමත් සමග ගාල්ල දිස්ත‍්‍රික්කය සදහා ගිය මැතිවණරයේදී සන්ධනායයෙන් ඉදිරිපත් කල නාම යෝජනා ලයිස්තුව අවලංගු වීමේ තත්වයක් මතුව ඇත්තේ ලයිස්තුවේ එක් අපේක්‍ෂකයෙකු නුසුදුස්සෙකු වන විට අපේක්‍ෂක ලයිස්තුවම ප‍්‍රතික්‍ෂෙප වෙයි.

    එසේම එම මැතිවණයට සදහා මාතර දිස්ත‍්‍රික්කයෙන් නාම යෝජනා දුන් මනෝජ් ප්‍රසන්න සම්බන්ධයෙන්ද ද්විත්ව පුරවැසි චෝදනාව එල්ල වූ අතර එම මැතිවරණයෙන් මාතර දිස්ත‍්‍රික්කයෙන් මන්ත‍්‍රී ධුර පහක් හා ගාල්ල දිස්ත‍්‍රික්කයෙන් ධුර හයක් සන්ධානය විසින් දිනා ගනු ලැබීය.

    ReplyDelete
  16. සරසා ඕක බලපාන්නේ සන්දානයේ අයට විතරද? නැසීගිය හිටපු ධීවර ඇමති ෆෙස්ටස් පෙරේරාගේ පුත් වෙන්නප්පුවේ UNP සංවිධායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී සහ අමාත්‍ය නිරෝෂන් පෙරේරා ඇමෙරිකාවේ වසර 25කට වැඩිය ජීවත්ව සිට එහි පුරවැසිභාවය ඇති කෙනෙකි. ඔහුට මේ නීතිය බලපාන්නේ නැත්තේ රනිල්ගේ ගෝලයකු නිසාද?

    ReplyDelete
    Replies
    1. දැනගෙන සිටියේ නැත...

      මේ ප්‍රවුර්තිය නිසි බලදාරීන් ගේ ඇස ගටෙතැයි ප්‍රාර්තනා කරමි.

      ඔබට බොහොම ස්තූතියි ගරු ඇණෝ තුමෝ...

      Delete
  17. සරස

    ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී ගීතා කුමාරසිංහගේ මන්ත්‍රී ධුරය අහෝසි කළ යුතු බවට අභියාචනාධිකරණය ලබාදුන් තීන්දුවත් සමග ගාල්ල දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන ලැයිස්තුවම අභියෝගයට ලක්ව ඇතැයි හිටපු මානව හිමිකම් කොමසාරිස් කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ කථිකාචාර්ය, ආචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාමහේවා පැවසීය.

    අදාළ මැතිවරණය සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ පැවැත්වීම හේතුවෙන් අදාළ තීන්දුව සමස්ත අපේක්ෂක ලැයිස්තුවට බලපෑම් එල්ල වන බවත් ඒ අනුව එම ලැයිස්තුවම ප්‍රතික්‍ෂේප කිරීමට මැතිවරණ කොමිසමට හැකියාව ඇති බවත් ඒ මහතා අවධාරණය කළේය.

    ReplyDelete
    Replies
    1. එහි දී දැනට සන්ධාන ලැයිස්තුවේ පවතින මන්ත්‍රී ධුර 06 එජාපය සහ ජවිපෙ අතර බෙදීයා හැකි බවත් නොඑසේ නම් එම මන්ත්‍රී ධුර සියල්ල අහෝසි කර ගාල්ල දිස්ත්‍රික්කය සඳහා නව මැතිවරණයකට යොමුවීමේ හැකියාව මැතිවරණ කොමිසමට පවතින බවත් ප්‍රතිභා මහානාමහේවා මහතා කීය.

      හිටපු මානව හිමිකම් කොමසාරිස්, කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ කථීකාචාර්ය, ආචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාමහේවා මෙසේ පැවැසී ය.

      ‘මෙය අභියාචනාධිකරණ තීන්දුවක්. එම තීන්දුව තමයි කතානායකවරයා ළඟට ගිහින් මහලේකම් හරහා මැතිවරණ කොමිසමට දැනුම් දීලා තියෙන්නේ. ස්වාධීන මැතිවරණ කොමිසම රටේ කරන්න යන පළමු වැඩේ මේ. මැතිවරණ කොමිසම දෙපැත්තකින් හිරවෙනවා. එක තමයි මැතිවරණ කොමිසමට පුළුවන් එකවරම අභියාචනාධිකරණ තීන්දුව මත කි්‍රයාත්මක වෙන්න. ඔවුන්ට ඊළඟ නම ගැසට් කරන්න වෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව එනතුරු ඔවුන්ට සිටිය හැකියි. එක එක ඇමැතිවරු කෑගැහුවට මැතිවරණ කොමිසම ස්වාධීනයි. ඔවුන්ට පුළුවන් ඔවුන්ගේ ස්වාධීන බව කොන්ද කෙලින් තීරණ අරගෙන පෙන්වන්න.

      දෙවැන්න මෙතැන ගැටලූවක් තිඛෙනවා. මේක ගෙනැවිත් ඇත්තේ මැතිවරණය අවසන් වී දින 21 කින් නොවෙයි. මැතිවරණය අවසන් වී දින 21ක් තුළදී ඔවුන්ට පුළුවන් මැතිවරණයට අළව සුදුසුකම් නැති අය ඉන්නවා නම් එ අයට එරෙහිවන්න. මේක ගෙනැත් තියෙන්නේ මැතිවරණය නිමාවෙලා දින 21ක් තුළ නොවේ නිසා ස්වාධීන මැතිවරණ කොමිසමට සිදුවෙනවා මොකක්ද ඔවුන් අනුමගමනය කළ යුතු ක්‍රමවේදය යන්න විමසා බලන්න. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 10 වැනි පරිච්ඡේදයේ 66 (උ) වගන්තියේ සඳහන් යම්කිසි තැනැත්තකු මන්ත්‍රීවරයකු වශයෙන් තෝරාපත් කරගැනීම තත්කාලය බලපවත්වන නීතිය යටතේ නිෂ්ප්‍රභ කරනු ලැබේ. එකෙන් තමයි මොවුන්ට යන්න සිද්ධ වෙන්නේ. මන්ත්‍රීවරයෙක් මැරුණා නම් ගැටලූවක් නෑ. එතැනදී 66 වගන්තිය (අ) යටතේ මන්ත්‍රීවරයකු මියයාම, ඉල්ලා අස්වීම එතකොට පුළුවන් ඊළඟ එක්කෙනා යොදන්න. දැන් මතක තබාගත යුතුයි සමානුපාතික නියෝජන ක්‍රමය කේවල එක වගේ නෙවෙයි. මේ ලැයිස්තුවකින් එන්නේ. මේ ලැයිස්තුව අනිවාර්යයෙන්ම එක්සත් ජනතා නිදහස් සන්ධානය තමයි හදන්නේ. එහි ලේකම්වරයා, පක්ෂයේ බලයලත් නීතිඥවරු තමයි මේ ලැයිස්තුව හදලා ලැයිස්තුවේ ඇති නිරවද්‍යභාවය දිවුරුම් ප්‍රකාශයකින් ගාල්ල දිස්ති්‍රක්කයේ ඉන්න සහකාර මැතිවරණ කොමසාරිස්වරයාට දිය යුතුයි. එකෙ කියලා තියෙනවා මේ ඉන්න සියලූම අපේක්ෂකයන් එ සුදුසුකම් සපුරා ඇතැයි කියලා. දැන් මැතිවරණ කොමිසමට ප්‍රශ්නයක් එනවා මේ ලැයිස්තුවේ කෙනෙක් සුදුසු නැතිනම් මුළු ලැයිස්තුවම ප්‍රතික්ෂේප කිරීමේ හැකියාව මැතිවරණ කොමිසමට තියෙනවා. එතකොට මුළු ලැයිස්තුවම ප්‍රතික්ෂේප කළොත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සියලූම දෙනා නැතුව යනවා ඊළඟට එජාපයටයි, ජවිපෙටයි එ මන්ත්‍රී ධුර ඛෙදිලා යනවා.

      අවශ්‍ය නම් ස්වාධීන මැතිවරණ කොමිසමට පුළුවන් මේක අවලංගු කරලා නව මැතිවරණයක් එ දිස්ත්‍රික්කය සඳහා ලබාදෙන්න. නීති ක්ෂේත්‍රයේ අපි කියන්නේ අතුරු මැතිවරණයකට වගේ ඔවුන්ට යා හැකියි. ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව ආවත් ලැයිස්තුවට යම් බලපෑමක් සිදුවෙනවා. එ නිසා ස්වාධීන මැතිවරණ කොමිසම මේ වෙලාවේ බුද්ධිමත්ව ජනතාවගේ සර්වජන ඡන්ද අයිතිය තහවුරු කළ යුතුයි. මෙතැනදී ස්වාධීන මැතිවරණ කොමිසම උගතෝකෝටිකයකට ගිහින්. මේක කල් අරගෙන විශ්ලේෂණය කරන්න ඔවුන් කටයුතු කළ යුතුයි. මොකද මේකත් එක්ක ඉදිරියේදී තවත් මෙවැනිම වූ පෙත්සම් ආ හැකියි’ යැයි ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා මහතා අවධාරණය කළේ ය.

      Delete
    2. ගාල්ල දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන ලැයිස්තුවෙන් මන්ත්‍රීවරුන් 6 දෙනකු තේරී පත්ව තිබේ.
      ඉන් තිදෙනකු මේ වනවිට ආණ්ඩුවට සහයෝගය පළකර ඇති අතර, අනෙක් තිදෙනා එකාබද්ධ විපක්ෂය නියෝජනය කරති.

      එ අනුව යම් හෙයකින් මෙම ලැයිස්තුව අහෝසි කළහොත් අමාත්‍යවරුන් වන චන්දිම වීරක්කොඩි, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන මනුෂ නානායක්කාර සහ නිශාන්ත මුතුහෙට්ටිගම යන අයගේත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රමේෂ් පතිරණ, ගීතා කුමාරසිංහ සහ මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා යන අයගේත් මන්ත්‍රී ධුර අහෝසි වනු ඇත.

      Delete
  18. හොද වැඩේ පඩි ටෝක් දෙනවට මහින්ද අමරවීරයට, ඌ දන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හෝ රටේ නීතිය. ඌ නියමෙටම ගැලපෙනවා අර පොලොන්නරුවේ මහා මෝඩයාට.

    ReplyDelete
    Replies
    1. මන්ත්‍රී වෙන්න කලින් අමරවීර ප්‍රයිවෙට් බස් එකක කොන්දොස්තරවරයෙක් ය කියලා කවුද කියන්වා ඇහිලා තියෙනවා.... ඉතින් එයා සොරිසේනට හැමවෙලේම ඉස්සරහට යන්න ඉස්සරහට යන්න කියා උපදෙස් දෙනවා ඇති...

      Delete
  19. මෙයාට පිටරටකින් උපාධියක් තියෙනවාය කියන කතාව ඇත්තද?

    ReplyDelete
  20. සාරසා තුමෝ,
    මේක තමයි මේ දවස් වල තියෙන ජනප්‍රියම මාතෘකාව.

    මොකින් මොක වුනත් මමනම් කැමති මුළු සන්ධාන ලැයිස්තුවම අහෝසි වෙනවටයි. එතකොට එක්කෝ යූ එන් පී එකට තනි බලයකින් රජයක් පිහිටුවන්න පුළුවන් වේවි. නැතිනම් මුළු දිස්ත්‍රික්කය සඳහාම මැතිවරණයක් පැවැත්වේවි.

    හැබැයි අපි ගීතාගේ පුටුව ගැන කථා කර කර ඉන්න අස්සේ මෝදි තුමාට ලංකාවම ලියලා හීලා තියෙයිද දන්නෙත් නැහැ.

    ReplyDelete
    Replies
    1. Yeah, that's true. It seems another fake propaganda to cover up the hidden agenda behind his visit.

      Delete
    2. දකුණු ආසියාවේ.... අගරජ
      මෝඩි මැතිඳ පිලිගමු දී හරසර !

      Delete
    3. මමනම් කියන්නේ ඔය කිසිදෙයක් වෙන්නේ නැහැ.
      මෝදි අධිරජ තුමා ලංකාවට ඇවිත් ගිය හැටියේම කිසි කථාවක් නැතිව සර්ව සාධාරණ ශ්‍රී ලංකා මැතිවරණ කොමිසම පියසේන ගමගේව හිස් පුටුවට පත් කරයි ශ්‍රේශ්ටාධිකරණ නියෝගය එන්නත් පෙරම. ඊට පස්සේ ගීතත් කට වහගනියි මොකද පියසේන උන්නැහේ දිවුරුම් දුන්නයින් පස්සේ වැඩේ අති සංකීර්ණ වෙන නිසා.
      සතියකින් රටටම අමතකයි එහෙම දෙයක් උනු වගවත්.

      දෙමළ සන්ධානේ සියළු මන්ත්‍රී වරු ද්විත්ව පුරවැසි භාවය ඇති උන් උනත් සහජීවනය උදෙසා ඒකාබද්ධයේ උනුත් මුඛයයි අධෝ මුඛයයි දෙකම පියාගෙන නිහඬව ඉඳීවි.

      මේක සිරි ලංකාවනේ.......

      Delete
    4. // නයනේ - සිතුවිළිMay 11, 2017 at 5:42 AM

      සාරසා තුමෝ,
      මේක තමයි මේ දවස් වල තියෙන ජනප්‍රියම මාතෘකාව.


      හැබැයි අපි ගීතාගේ පුටුව ගැන කථා කර කර ඉන්න අස්සේ මෝදි තුමාට ලංකාවම ලියලා හීලා තියෙයිද දන්නෙත් නැහැ. //

      කියන්නත් බැහැ තමා හිටන්

      Delete
  21. සරස ගීතාගේ මන්ත‍්‍රීකමට කෙල හලන පියසේනගේ විසි වසරක අඛණ්ඩ හොරකමක් මාට්ටුයි. වරද පිලිගෙන දඩත් ගෙවයි.

    පියසේන ගමගේට අයත් සුවිසල් නිවසකට හා කාර්යාලයට විසි වසරක් තිස්සේ ජාතික ජල සම්පාදන මණ්ඩලයට වංචා කරමින් ජලය ලබා ගත්තේ යයි ඇමතිවරයා විසින්ම වරද පිලිගැනීම මත රුපියල් ලක්‍ෂ එකහමාරක දඩ මුදලක් නියම කර තිබේ.

    මණ්ඩලය විසින් කරන ලද හදිසි වැටලීමකදී මෙම වංචාව අල්ලාගෙන තිබේ.

    එම නිවසේ දැනට පදිංචිව සිටිනුයේ ඇමතිවරයාගේ පුත‍්‍රයා වන පළාත් සභා මන්ත‍්‍රී රන්දිම ගමගේය.

    ReplyDelete
    Replies
    1. වසර 20ක් වතුර බිල ගෙව්වාට වඩා දඩ ගෙවිම ලාභයි (only Rs. 1,50,000/ 20 yrs). මොකෝ වැරදිකාරයා උනා කියලා මංත්‍රිකම නැතිවෙන්නෑ. සමහරවිට ජලසම්පාදන ඇමතිකමත් ලබෙන්න ඉඩතියෙනවා. යහපාලනය හොරුන් විශුධිකරනය කරනවානෙ.

      Delete
    2. මේ අයිසේ යහපාලනය අනුව ඇමතිවරු නිකං ආවට ගියාට පත් කරන්නේ නෑ, විද්යානුකුල ක්‍රමයකටයි ඇමතිවරු පත්කරන්නේ. දැන් තමා කියන විදියට මේ පියසේන උත්තමයට ජලසම්පාදන ඇමති කම දෙන එක සම්පූරන විද්යානුකුලයි. ජල සම්පාදන ක්‍රමය එයා විද්යානුකුලව අද්‍යනය කරපු නිසා තමයි ඒ ක්‍රමය අබිබවා යන්නට එයාට හැකිවුනේ. එකියන්නේ එයා ජලසම්පාදනය ගැන විද්යානුකුල කරුණු දන්නව ඉතින් එයා තමයි ජලසම්පාදන ඇමති හැටියට සුදුසුම කෙනා අන්න එකයි. විද්යානුකුල ඇමතිවරු පත්කරන යහපාලන ක්‍රමය

      Delete
    3. රඡයේ සේවකයෙක් උසාවියකින් දඩයක් කෑවොත් (දඩ සීමාව මතක නෑ) ඔහු රාඡ්‍ය සේවයෙන් ඉවත් කරනවා.. ලක්ෂ එකහමාරක් දඩයක් කාපු කෙනාට මන්ත්‍රී ධුරයක් පිරිනමන්න යනවා.. මොකක්ද මේ රටේ නීතිය…?

      Delete
    4. //AnonymousMay 11, 2017 at 9:57 AM

      රඡයේ සේවකයෙක් උසාවියකින් දඩයක් කෑවොත් (දඩ සීමාව මතක නෑ) ඔහු රාඡ්‍ය සේවයෙන් ඉවත් කරනවා.. ලක්ෂ එකහමාරක් දඩයක් කාපු කෙනාට මන්ත්‍රී ධුරයක් පිරිනමන්න යනවා.. මොකක්ද මේ රටේ නීතිය…? //

      +++++++++

      Delete
  22. නියමයි. එතකොට එජාපෙට 109 යි. සම්පූර්ණ ශ්‍රිලනිප 93යි ජවිපෙ 9 යි. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාටයි සංධාන ලේකම් මහින්ද අමරවීර අමාත්‍යවරයාටයි ජයවේවා !!!

    -සිරිකොත අජිත්

    ReplyDelete
  23. සාරසා තුමෝ,

    මන්ත‍්‍රී ධුරය නීත්‍යානුකූල නැතැයි අභියාචනාධිකරණය විසින් ලබා දී ඇති තීන්දුවට එරෙහිව ශ්‍රේඨාධිකරණයේ නඩු පැවරීමට ගීතා කුමාරසිංහ කටයුතු කර ඇති තත්වයක් තුල ඇය වෙනුවෙන් වෙනත් අයෙක් පාර්ලිමේන්තුවට පත් කිරීම අදහාගත නොහැකි බව හිටපු ඇමති මහාචාර්ය ජී.එල්. පීරිස්ප වසයි.

    මන්ත‍්‍රී ධුරය අහෝසි කරන අවස්ථාවක දින 42ක් තුල ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට යාමට ව්‍යවස්ථාවෙන්ම ඉඩ සලසා තිබියදී එම තීන්දුව ලැබෙන තෙක් ඇගේ මන්ත‍්‍රී ධුරය අහිමි කිරීම නීති විරෝධී යයිද ඔහු පෙන්වා දෙයි.

    මන්ත‍්‍රී ධුරය සම්බන්ධයෙන් අවසන් තීන්දුව දීමේ හැකියාව ඇත්තේ අභියාචනාධිකරණයට නොව ශ්‍රේෂ්ඨාධිකරණය බවද ඔහු කොළඹදී පැවති මාද්‍ය හමුවක් අමතමින් කියා සිටියේය.

    ReplyDelete
    Replies
    1. Contempt of Court.
      Any action against the Speaker and the Secretary General of Parliament???

      WHAT A COUNTRY ��

      Delete
    2. I am not surprised. This is a govt made of mad dogs. They just keep doing what they get the benefit is right irrespective of justice & fairness. Just imagine if everyone in the govt start doing this kind of bulshits, it is just like a dog house. Shame on you Mr Karu Jayasooriya. But I know that you are a man without any kind of dignity. What a pity?

      Delete
  24. Have you heard that northern tamils are celebrating " Genocide Week " . Firing a dummy of Mahinda Rajapaksha. These things are happening in front of the Chief Minister Vignashwaran. You can see how the Co-existence is spilling over

    ReplyDelete
    Replies
    1. මිනීමරු රාජපක්ෂ ජනඝාතක රෙජීමය සහ එම මිනීමරු හමුදා වසලයින් උතුරේ කරනලද බරපතල සමූලඝාතන මීටත් වඩා අතිශය කුරිරුයි ඉවාන් පවුලූශා, මේ විකාර ලිවීමට පෙර ඒවා ගැන ලියන්නේ නැත්තේ ඇයි?

      ඉතා සැලසුම් සහගතව සිතා ගැනීමට පවා අපහසු වේගයෙන් බිහිසුණු ලෙස දහස් ගණනක් ගැහැණුන් සහ මිනිසුන් ශ්‍රී ලංකාවේ යුද්ධය අවසාන අදියර තුළදී මරා දැමුවා.

      ”දින 120 – 130 අතර කාල පරාසයක් තුළ ‘ යුධ මුක්ත කලාපය’ යනුවෙන් හැදින්වූ ඉතා පටු බිම් තීරය තුළදී කාලතුවක්කු, මෝටාර්,රොකට් ලොන්චර් ආදී අවිවලින් පමනක් නොව ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අධිවේගී ප්‍රහාරක ජෙට් යානාද යොදාගෙනයි , මෙම මිනිස් සංහාරය කරනු ලැබුවේ. (එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා විසින් පත්කරන ලද විශේෂඥ කමිටුවේ වාර්තාවට අනුව ඝාතනය වූ සිවිල් වැසියන් සංඛ්‍යාව 400,000 – 700,000 අතර වෙයි. )”

      “ලෝක බැංකුවේ ජන සංඛ්‍යාලේඛන වලට අනුව 2006 සිට 2010 වනවිට ​මිලියන දෙකකට අධික පිරිසක් උතුරේ අතුරුදහන් වෙලා. ඔවුන්ට සිදුවූයේ කුමක් ද යන්න ශ්‍රී ලංකා රජය පැහැදිළිකල යුතුයි.”

      ප්‍රාන්සිස් හැරිසන් Still Counting the Dead කෘතිය රචනා කරද්දි ප්‍රධාන වශයෙන් මෙම ජනඝාතක යුද්ධයේ ඈසදුටු සාක්ෂි කරුවන් 10 ක් සමග සම්මුඛ සාකච්ඡා පවත්වා (ඒ අය අතර කන්‍යා සොහොයුරියක්,හෙදියක්,ගුරුවරියක් මෙන්ම හිටපු විමුක්ති කොටි සටන්කාමීන්ද වෙනවා.ඊට අමතරව තවත් දහස් ගණනක් සමඟ) සංවාදයේ යෙදුනා ඔවුන්ගේ අත්දැකීම් සම්බන්ධව. ඔවුන් බොහෝදෙනෙක් මානසිකව අන්තයට වැටිලයි සිටියේ තමන්ට සිදුවෙමින් යන දෙය ගැන. එපමණක් නොවෙයි පූජක වරයෙක්ද මියගියා ප්‍රතිකාර නිසි නොලැබීම නිසා.

      (කිලිනොච්චිය,රුද්‍රපුරම් ගම්මානයේ කතෝලික පල්ලියේ මීසම බාරය කටයුතු කලේ සරාජීවන් පියතුමා. එතුමා මුල්ලි​​වෛයිකාල් දක්වාම ජනතාවත් සමග ගියා. එතුමන් මියයන්නේ 2009 මැයි 18 වැනිදා. දින ගණනක් තිස්සේ ආහාර නොමැතිව පාගමනින්ම සැතපුම් ගණනක් ඇවිදීමෙන් ශරීරික දුබලතාවය නිසා හටගන්නා හෘදයාභාධයකින්. )

      ” තවත් අම්මා කෙනෙක් මියගොස් සිටියා, සිය දරුවාට කිරි දෙන ගමන්ම“

      2000 – 2004 කාලය තුළ බීබීසී සේවයේ ශ්‍රී ලංකා වාර්තාකාරිනිය ලෙස සේවය කළ ප්‍රාන්සිස් හැරිසන් විසින් රචිත Still Counting the Dead කෘතියේ දෙමළ පරිවර්ථනය ජනගත කරමින්, මේ සියවසේ සිදුවූ මහා ජනඝාතනය ඇයගේ අත්දැකීම් සම්බන්ධව එලෙස අදහස් දක්වා සිටියා.

      ​ජේෂ්ඨ දමිල කවිවර චේරන් විසින් ඊළාම් යුද්ධයේ අවසන් පරිච්චේදය සම්බන්ධව රචනා කළ ‘Kaadatru’ නම් කාව්‍ය ග්‍රන්ථයේ කවි, තවත් කවීන් සිව්දෙනෙකු විසින් දෙමළ ජාතික විමුක්ති අරගලයේ අවසන් කාලපරිච්ජේදය සිදුවූ මහා ජනඝාතනය සම්බන්ධව කවි ඔබ කියවූවොත් ඔබ ඊරියක මෙන් හඬා වැටෙන බව නිසැකයි ඉවාන් පවුලූශා. එතරම් බරමතල සමූහ ඝාතනයක් උතුරේ සිද්ධවුණා.

      Delete
    2. නිවැරදි කිරීමක් කල යුතුයි ඇනෝ. 2006 සිට 2010 දක්වා කාලය තුල මිනීමරු තිරිසන් රාජපක්ෂ ජනඝාතක රෙජීමය සහ එම මිනීමරු හමුදා වසලයින් උතුරේ ලද අහිංසක ජන ඝාතනය මිලියන 2 ක් නොව මිලියන 5 කි බව එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා විසින් පත්කරන ලද විශේෂඥ කමිටුවේ වාර්තාවට අනුව සාක්කි සටහන් වලින් එලි වෙනවා.

      ගොටාභය රාජපක්ෂ මිනීමරුවා දිනපතා මරණ ලද ද්‍රවිඩ ළදරුවන්ගේ මස් එම් අයි 24 හෙලිකොප්ටර් මගින් ගුවනින් කොළඹට ප්‍රවාහනය කරගෙන අරක්කුත් සමග ඩෙවිල් කරන ලද බයිට් ලෙස තළුමරමින් ආහාරයට ගත් බව හමුදාවේ ප්‍රසිද්ධ රහසක්. එමෙන්ම අත්අඩංගුවට ගන්නා ලද වෙල්ලාල ද්‍රවිඩ තරුණියන් මිනීමරු තිරිසන් මරාගේ කාම ගින්න නිවීම සඳහා දිනපතා සමුහ වශයෙන් දුෂණය කර බිලිදිමත් ඉන්පසුව මරා දමා මිනීමොරුන්ට කැවී මත් කර තිබෙනවා. මේ අසරණ තරුණියන්ගේ රත්‍රන් අභරණ සියල්ල ශිරන්ති රාජපක්ෂ තිරිසන් යක්ෂණිය ලේ බේරෙද්දී කන් වලින් කඩා ගෙන විකුණා හම්බකරගත් මුදල් ඩුබායි බැංකු ගිණුම් වල තැන්පත් ඇති මුත් මරා ගේ සහ රනිල්ගේ ඇති ඩිල් එකකට අනුව ඒවා එලියට නොඇද පවත්වාගෙන යනවා.

      Delete
    3. නමුත් 2020 මහින්ද හෝ බයගෝතා බලේට ආවොත් මීටත් වඩා ලේවිලක් බවට රට පත්වෙයි. ඒනිසා රනිල් 2030 වෙනකම් වත් රටේ පාලකයා ලෙස තබාගමු, සුලු සුලු අඩුපාඩුකම් තිබුනත් ඒවා අමතක කරමු.

      Delete
    4. මම සාමාන්‍යයෙන් රාජපක්ෂ පාලනයට විරුද්ධව මතය මෙහෙයවූ කෙනෙක්. නමුත් මෙවැනි සිදුවීම් අනුමත කරන්නට බැහැ. රාජපක්ෂ මහතා රටේ හිටපු ජනාධිපතවරයෙක්, ඔබටත් මටත් බියෙන් සැකෙන් තොරව රටේ ඇවිදින්නට පරිසරය නිර්මාණය කල පුද්ගලයා.

      මම හිතන්නෙ නැහැ LTTE සංවිධානය ඔය තරම් සාධාරණ ලෙස යුද්ධය කලා කියල. ඔය අකාරයේ මවුවරුන්ගෙන දරුවන් උදුරගෙන පොලොවෙ ගැහීම. කපා කොටා මරා දැමීම. අරන්තලා ඝාතනය වගේ මෙකී නොකී ජන සංහාරයන් සිදුකල කොටි සංවිධානය ගැන කිසිවෙකු යුධ අපරාධ කතා නොකරන්නෙ ඇයි කියන එක මට තේරෙන්නෙ නෑ.
      එසේම මා විරුද්ධ රාජපක්ෂ ගේ දේශපාලනයට පමණයි

      Delete
    5. ඉවාන් පවුලූශා කියන මහින්ද මිනීමරුවාට හොරෙන් කැහැපු එකා දැන් එලිපිට කහිනව.. ගොන් තඩියො මහින්ද දෙමලුන්ට දීපු නිදහස පුදුමාතලන් වලට ෂෙල් ගහල දාස් ගානක් මරපු එකද ???

      කොලඹ දෙමෙල්ලු සුදුවෑන් වලින් ගෙනිහිල්ල කප්පම් අරගෙන බඩකපල මුහුදට දාපු එකද????

      ඔහෙල වගේ ආලපාලුවො නිසා තමා මැදමූලන වනචාරිය අවුරුදු 10 රට කාලකන්නි කලේ.... ඒ පිලිලය එලවල අවුරුදු 2 1/2 ගිහිල්ලත් ඔහේ තවම වනචාරියට කහිනව...

      Delete
    6. ගෝටාගෙන් රට බේරා ගැනීමට එකම විසදුම 2020 දී රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් යුතු එජාප ආන්ඩුවක් බලයට පත්කරගෙන 2030 දක්වා රනිල් රාජ්‍ය නායක දූරයේ තැබීමයි..

      Delete
    7. //"ඉවාන් පවුලූශා කියන මහින්ද මිනීමරුවාට හොරෙන් කැහැපු එකා දැන් එලිපිට කහිනව.. ""// ෆුල් ආතල් ඕයි. ඊයෙ එකෙක් බනිනවා මම සිරිකොතට ණයට කහිනවලු. අද මූ බනිනවා මහින්දට කහිනවලු. ෆීලිං ෆුල් මාවලස් ඕයි

      Delete
    8. //"ඉවාන් පවුලූශා කියන මහින්ද මිනීමරුවාට හොරෙන් කැහැපු එකා දැන් එලිපිට කහිනව.. ""// ෆුල් ආතල් ඕයි. ඊයෙ එකෙක් බනිනවා මම සිරිකොතට ණයට කහිනවලු. අද මූ බනිනවා මහින්දට කහිනවලු. ෆීලිං ෆුල් මාවලස් ඕයි

      Delete
  25. සාරස සාමාන්‍යයෙන් එක් රටක නායකයෙක් තවත් රටකට ගිහින් ජනහමු පවත්වන්නේ නැහැ. සිදුවන්නේ රාජ්‍ය තාන්ත්‍රික කතා බහක්. යම් ජන කොටසකට සුවිශේෂී කාරණයක් කතා බහ කරන්න අවශ්‍යනම් ඔවුන්ගේ නියෝජිතයන් කිහිප දෙනකුට අදාල රාජ්‍ය නායකයා හමු වීමට අවස්ථාව ලැබෙනවා.

    එත් සාරස ඉන්දියානු අගමැතිතුමා නුවරඑළිය දිස්ත්‍රික්කයේ නෝර්වුඩ් නගරයේ ජනහමුවක් පවත්වනවා.

    නෝර්වුඩ් කියන නම අපේ නොවුනට එහෙ ජීවත්වන බහුතර ජනතාව ශ්‍රී ලංකික පුරවැසියන්. ඔවුන්ගේ සීයල ආච්චිලා මේ ප්‍රදේශයට අරගෙන ආවේ ඉංග්‍රීසි ජාතිකයන්. ඒ කෝපි සහ තේ වගාවට. ඔවුන්ට ශ්‍රී ලාංකික පුරවැසි ලැබුනේ දශක කිහිපයකට එපිට දී. කවද පුරවැසිකම ලැබුනත් දැන් ඒ මිනිස්සු අපේ රටේ මිනිස්සු. හැබැයි ඉන්දියානු අගමැතිතුමා නෝර්වුඩ්වල ජනහමු තියන්නේ එහෙ තාම ඉන්නේ ඉන්දියාවේ මිනිස්සු කියල හිතාගෙන වෙන්න ඇති.

    මේකේ වරද ඒ මිනිස්සුන්ගේ නෙමෙයි. ඒ මිනිස්සුන්ගේ නායකයෝ කියා ගන්න දිගම්බරන්ලා තොන්ඩමන්ලගෙත් නෙමෙයි. ඒ අයට මේක තමන්ගේ බල පරාක්‍රමය පෙන්වන්න, ඉන්දියානු අවධානය වැඩි කරගන්න අවස්ථාවක් විතරයි. වරද තියෙන්නේ ඉන්දියාව අතේ.

    ඉන්දියානු අගමැතිතුමා, ඉන්දියානු බමුණු කුලයේ නිලධාරී පැලැන්තිය මෙවැන්නක් සදහා ඉඩ දීපු එකම පැහැදිලිවම අපේ රටේ ස්වෛරීභාවයට අත පෙවීමක්. දැන් ඉන්න ශ්‍රී ලංකාවේ විදේශ ඇමතිතුමා, අගමැතිතුමා හෝ ජනාධිපතිතුමා නොර්වූඩ්වල විතරක් නෙමෙයි ලංකාවේ වෙන ඕනෑම තැනක ඉන්දියානු අගමැතිතුමාට ජනහමු තියන්න අවශ්‍ය සියලු පහසුකම් සපයල දෙයි. ඒ ගැන අපි පුදුම වෙන්න ඕන නැහැ. එත් ඉන්දියාවට තිබුණා මේ වගේ නොසන්ඩාල වැඩක් නොකර ඉන්න.

    මේ නිකමට අහන්නේ මෛත්‍රීපාල සිරිසේන අපේ ජනාධිපතිතුමාට කාශ්මිරේ ජම්මුවල හරි ශ්‍රීනගර්වල හරි මහජන රැස්වීමක් තියන්න ඉන්දියාව ඉඩ දෙයි ද? අඩුම ගානේ (දාලිත්) බෞද්ධයෝ විශාල පිරිසක් ජීවත්වන මහාරාෂ්ඨයේවත්???

    ReplyDelete
  26. "රටේ අද නැති ප්‍රශ්නයක් නැති තරම්. සංඛ්‍යාලේඛන සියල්ලම කණ පිට හැරිලා. මේවායින් බේරෙන්න නම් ටිකක් වැඩ කරන්න වෙනවා. රට එන්න එන්නම අගාධයට යනවා. ඒ අතරේ වාහන ගෙන්වීම නම් අනුමත කිරීමට බැහ. මෙවා මේ විදියට ගියොත් ඉදිරි සැප්තැම්බරයේදි ශ්‍රිලනිප මැති ඇමතිවරු විස්සක් විසි පහක් තීන්දුවක් ගනීවි. ජනාධිපතිවරයාටත් ඒ ගැන අවබෝධයක් ඇති" යයි මෛත්‍රී-රනිල් හවුල් ආණ්ඩුවේ ස්වදේශීය කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී නිමල් ලන්සා පවසයි.

    ඔහු මෙසේ පැවසුවේ අද (May 11) ලංකාදීප පුවත්පතේ “රජ වීදිය” සමඟ පැවත්වු සම්මුඛ සාකච්ඡාවකදිය.

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සාටකයෙන් එල්ලන්න ආණ්ඩුවේ සමහරුන් යෝජනා කලා ඒක ආණ්ඩුවේ මතය ද යන්න පුවත්පත විමසු අවස්ථාවේ නිමල් ලන්සා ප්‍රකාශ කලේ ” ඒ ප්‍රකාශය වැරදි ප්‍රකාශයක්, සාමාන්‍ය බුද්ධියක් තියෙන ඕනම අයෙක් ඒ ප්‍රකාශයට ප්‍රිය මනාප නැහ” යන්නය.

    එමෙන්ම මෙවර මැයි දිනය සම්බන්ධව අදහස් විමසීමේදී කතෝලික භක්තිකයකු වන හෙතෙම ප්‍රකාශ කලේ ‘දැනටමත් 95% ආණ්ඩුවට බනිනවා. ගෝල්ෆේස් එකට පාප් වහන්සේ බලන්න පැමිණියාට වඩා වැඩි පිරිසක් පැමිණියා. ඒක තමයි ආණ්ඩුවට දීපු හොඳම පණිවුඩය’ බවයි.

    ReplyDelete
  27. Sarasa

    The country is in such a grave situation that it will be Very Difficult even for Mahinda to fix all these problems. What to do?

    ReplyDelete