Tuesday, May 2, 2017

ආලෝචනා ප්‍රතිචක්‍රීකරනය






සිංහල බ්ලොග් අවකාසේ  අලුත් ප්‍රවනතාවක් තමා ආලෝචනා ප්‍රතිචක්‍රීකරනය. 

තේරෙන බාසාවෙන් කියනවා නම්, ආලෝචනා ප්‍රතිචක්‍රීකරනය යනු යම් කෙනෙක් එක්තරා බ්ලොග් එකකට ගොහින් එහි කොමෙන්ට් එකක් දැම්මාම, එතුමා හෝ අන් අයෙක් ඒ කොමෙන්ට් එක එහෙම් පිටින් ම හෝ යම් යම් සංශෝදන සහිතව වෙනත් බ්ලොගේක් පිටුවක අලුත් කොමෙන්ට් එකක් ලෙස කපා ඇලවීමයි.
 

මුලදී මෙය සරස තුමා ට යම් කම්පනයක් ඇතිකලද දැන් එම ආලෝචනා සහ සංශෝදිත ආලෝචනා කියවීම එක්තරා විදියක සන්තෝසයක්. විශේශයෙන් ම කෙනෙක් යම් කරුණක් වෙනුවෙන් හරබර තර්කයක් ගොඩනගා ලියනා ලද ආලෝචනයක් වෙනත් බ්ලොග් පිටුවක කොමෙන්ටුවක් විදියට ඊට ගැලපෙන එහෙත් එහෙන් පිටින් ම අර්ත්යෙන් බැහැර ( out of context ) වචන සමූහයක් ලෙස පලකිරීම එක අතකින් තදබල උපහාසයක්. 

මෙහි සරස තුමා දකින වැරැද්ද නම්, කෙනෙක් යම් දෙයක් ලිවුවාම, යම් නිර්මාණයක් කලාම ඒක ඔහුගේ හෝ ඇයගේ බුද්ධිමය දේපලක් වෙනවා. බුද්ධිමය දේපල අපහරණය එතරම් සුදුසු දෙයක් නොවෙයි.

 විශේශයෙන් මෙය plagiarism නැමැති වරද යටතෙ දඬුවම් ලැබිය හැකි වරදක්. කෙනෙක් තව කෙනෙක් ගේ බුද්ධිමය දේපලක් මූලාශ්‍ර සඳහන් නොකර පාවිච්චි කරලා යම් නිර්මානයක් කලොත් ඒ නිර්මානය ප්‍රතික්ශේප කරන්න රාජ්‍ය හෝ රාජ්‍ය නොවන ආයතන බැඳී සිටිනවා (පර්යේශන පත්‍රිකා හා තීසීස් ආදිය )


මූලාශ්‍ර හෝ මුල් අයිතිකරුවන් ගේ නම් සඳහන් නොකර තමන් ලීවා වගේ ලිවීම සිංහල ජනතාවට පොදු ලක්ශනයක් ද කියලා වෙලාවකට සරස තුමා ට හිතෙනවා. 

 සිදත් සඟරාවේ උපදෙසක් වන "වහරනු සෙරෙන් සපයා" කියන වැකිය අප භාවිතා කරන්නේ "වහරනු සොරෙන් සපයා" වෙන්නට ඔනේ.

සැකයක් තියෙනවා නම් හෙලයේ මහා ගත් කතු මාර්ටින් වික්‍රමසින්හ මැතිතුමා ගේ අයිරාන්ගනී නැමති පොත කියවන්න.


එන්න අපි වෙන අය ලියූ ආලෝචනා එහෙම්පිටින් ම හෝ කපා කොටා අච්චාරු කර වෙන බ්ලොග් පිටුවල අලවා විනෝද වෙමු.
ජයවේවා!
 

81 comments:

  1. Dear Sa rasa

    I feel your pain. But in this cyber era, it's not easy to keep copy rights in blogs et al.

    Take it easy dude.

    ReplyDelete
    Replies
    1. It was not pain, but a shock...
      However sir, now I am enjoying the cut, chop, mix and paste comments.
      Cheers!

      Delete
  2. සරස තුමාගේ "මල්ලේ පොල්" බ්ලොගයට අසංග මාන්පිටිය මහතා තමන්ගේ නමින් ලියනා ආලෝචනාවම මඳක් එඩිට් කොට නිර්නාමිකව වෙනත් බ්ලොගවල දාලා තියෙනවා මම දැකලා තියනවා.

    හැබැයි අසංග තුමා Plagiarism කියන එකට අහුවෙන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. ඇනෝ දැම්මේ කවුද කියලා හොයනා මැසිම තියෙන්නෙ ලෝටස් අජ්ජා ගාව නේ...

      නැත්නම් ඒ ඇනෝ දැම්මෙ කවුද කියලා හොයගන්න පුලුවන් නේ...

      Delete
  3. ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ජනාධිපති ධුරන්ධර අති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිඳුන් විසින් පමණක් වහරන "හිටන්" නමැති පාඨය කොපි කර, මූලාශ්‍රයක් ද නොමැතිව නිතර නිතර භාවිතා කිරීමෙන් සරස තුමාද plagiarism යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් කරයි.

    ReplyDelete
    Replies
    1. පියන්ත ඔබ නොදන්නවාට ජාතියේ පියා ඩී ඇස් සේනානායකත් ඔය හිටං කෑල්ල බොහොම භාවිතා කල කෙනෙක්.
      ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ජනාධිපති ධුරන්ධර අති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිඳුන් සමහරවිට ඕක ගන්න ඇත්තේ ඩී ඇස්ගෙන් වෙන්නැති හිටං.
      පොඩ්ඩක් බලන්නකෝ නිදහස් දින කාලයේ ඩී ඇස් ගේ පරණ කතා දානවා ටෙලිවිසමේ.
      අපි නං ඕව බැලුවේ ඉස්සර චිත්‍රපටි සංස්ථාවෙන් ගමට ඇවිල්ල පොඩි පොඩි පිචැර් පෙන්නනකොට.

      Delete
    2. // පියන්ත ඔබ නොදන්නවාට ජාතියේ පියා ඩී ඇස් සේනානායකත් ඔය හිටං කෑල්ල බොහොම භාවිතා කල කෙනෙක්. //

      ඔබ නිවැරදියි ගරු ඇනෝ තුමෝ..

      මට මතක විදියට එය හිටන් නොව හිට ය. ( කරල හිට, වගේ..)


      // ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ජනාධිපති ධුරන්ධර අති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිඳුන් සමහරවිට ඕක ගන්න ඇත්තේ ඩී ඇස්ගෙන් වෙන්නැති හිටං. //


      මලසේක!

      හිටන් වචනේ කෙසේ වෙතත් ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ජනාධිපති ධුරන්ධර අති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිඳුන් ගේ මල්ලි ඩල්ලි ඩී ඇස් ගෙන් ඉල්ල ගත්තෙ නැත්නම් එච්චරයි හිටන්!

      Delete
  4. අම්මපා බ්ලොග්වලත් මාර සෙල්ලම් තියෙන්නේ නේද? කමෙන්ට් එකක් දා ගන්න බැරි එකා කොහොමෙයි පෝස්ට් එකක් ලියන්නේ

    ReplyDelete
    Replies
    1. කතාව ඇත්ත ගරු කුරහන් මල්ලි තුමෝ...

      ඒත් නිකන් ම ඉන්නවට වඩා කොමෙන්ට් මික්ස් ෆෘට් එකක් හරි දාන එක නරකම නැහැනේ...

      Delete
  5. සාරස මතුකළේ ඉතා වැදගත් කරුණක්. බ්ලොග්වල පෝස්ට් මෙන්ම කමෙන්ට් කොපි කිරීමත් කලක් තිස්සේ සිදුවන තක්කඩි ක්‍රියාවක්. මගේ කමෙන්ට්ස් කීපයක්ම මෙසේ සොරකම් කොට වෙනත් බ්ලොග්වල දමා තිබුණා. මේ මල්ලෙ පොල් බ්ලොගයේ මා දැමූ ඇනෝ කමෙන්ට් පවා "සාරස" කැබැල්ල අයින් කොට කොපි කර තිබුණා, අදහසත් විකෘති කොට ඇතැම් විට.

    ඒ වගේම සාරස මුද්‍රිත පොත් වල තියෙන කතා එහෙම්ම ආයේ බ්ලොග්වල දාන එක බුද්ධිමය දේපල යටතේ වරදක් නේද? දැන් හැම නවකතා, කෙටිකතා පොතකම වගේ මුල් පිටුවලම මේක සදහන් කරලා නේද තියෙන්නේ?

    පොත්වල ස්කෑන් පින්තූර දමා එහෙම බ්ලොග් පෝස්ට් දැම්මම අපිත් රස විදිනවා තමයි. ඒත් ඒක සදාචාර වගේම නිත්‍යානුකූල නැහැ නේද? නවකතා කෙටිකථා ගැන විචාරයක් ඉදිරිපත් කරද්දී නම් කොටසක් උපුටා දැක්වුවාට මෙතන බ්ලොගර්ලා සිදුකරන්නේ එවැනි දෙයක් නොවෙනි.

    මෑතකදී අපෙන් සමුගත් විචාරක මහතාත් ඉස්සර එවැනි දෙයක් සිදුකරළා. ඔහුත් පොත් පත් ආදිය ස්කෑන් කොට සම්පුර්ණයෙන්ම ඔහුගේ බ්ලොග් ලිපි මගින් පල කරනවා. ඒවා ගොඩක් වෙලාවට අදාළ පොතේ රචකයාට, මුද්‍රණකරුවාට, ප්‍රචාරකයට කරන අසාධාරණයක්. ඉතා පැරණි සොයා ගැනීමට අපහසු පොත් පත් බෙදා ගැනීම ගැන නම් නෙමෙයි මම කියා ඇත්තේ.

    මේ ගැන සරස දරන අදහස කුමක්ද?

    ReplyDelete
    Replies
    1. නානාත්ත කායා
      නානාත්ත සඤ්ඤා

      Delete
    2. සාරස & Anonymous May 2, 2017 at 10:22 PM

      බ්ලොග් සහ වෙබ් යනු වර්ග දෙකක් වුවත් මෙහිදී බ්ලොග් එකකුත් වෙබ් එකක් මෙන් සැලකීමට ඉඩ තිබේ. මූලික වශයෙන් පරිගණක සහ තොරුතුරු තාක්ෂ්ණ ක්ෂේත්‍රයට අදාලව ලංකාවේ නීති තත්වය සලකා බැලීමේදී ප්‍රධාන වශයෙන් පාර්ලිමේන්තුව විසින් පනවන ලද පනත් කිහිපයක් වැදගත් වේ.

      ඒවා මෙසේ කෙටියෙන් දක්වමි;

      01. වර්ෂ 2003 අංක 36 දරණ බුද්ධිමය දේපළ පනත (Intellectual Property Act No. 36 of 2003)

      02. සන්නිවේදන තාක්ෂණිකය සහ තොරතුරු පිලිබඳ වර්ෂ 2003 අංක 27 දරණ පනත (Information and Communication Technology Act No 27 of 2003)

      03. ඉලෙක්ට්‍රොනික ගනුදෙනු පිලිබඳ වර්ෂ 2006 අංක 19 දරණ පනත (Electronic Transactions Act No 19 of 2006)

      04. පරිගණක අපරාධ පිලිබඳ වර්ෂ 2007 අංක 30 දරණ පනත (Computer Crimes Act 24 of 2007)

      05. වර්ෂ 1995 අංක 14 දරණ සංශෝධිත සාක්ෂි (විශේෂ විධිවිධාන) පනත (The Evidence Special Provisions Act No. 14 of 1995)

      To be Cont'd...

      Delete
    3. Cont'd...

      බ්ලොග් සහ වෙබ් යනු වර්ග දෙකක් වුවත් මෙහිදී බ්ලොග් එකකුත් වෙබ් එකක් මෙන් සැලකීමට ඉඩ තිබේ. වෙබ් අඩවියක් යනු බොහෝ ආයතන හා පුද්ගලයන් අන්තර්ජාලය තුල ස්වකිය නිෂ්පාදන, සේවා සහ නිර්මාණ පිලිබඳ කරුණු අන්තර්ගත කරන විද්‍යුත් තාක්ෂණික අවකාශයකි.

      ඉහත සඳහන් කළ පනත් සම්බන්ධයෙන් වෙබ් අඩවි නිර්මාණයේදී ඉතාම වැදගත් වන පනත වර්ෂ 2003 අංක 36 දරණ බුද්ධිමය දේපළ පනතයි. එකී පනතේ වෙබ් අඩවි නිර්මාණයේදී පහත විස්තර කෙරෙන නෛතික සංකල්ප කෙරෙහි අවධානය යොමු කිරීම වැදගත් වේ.

      වෙබ් අඩවි සහ ප්‍රකාශන අයිතිය;

      ප්‍රකාශන අයිතිය යනු කිසියම් ශාස්ත්‍රීය, කලාත්මක, විද්‍යාත්මක කෘතියක හෝ සෞන්දර්ය නිර්මානයක හෝ පරිගණක වැඩසටහන නිර්මාණකරුට නීතියෙන් හිමිකර දී තිබෙන අයිතිවාසිකම් වේ.

      වර්ෂ 2003 අංක 36 දරණ බුද්ධිමය දේපල පනතේ 5 වන වගන්තියේ සිට 27 වන වගන්තිය දක්වා මෙම ප්‍රකාශන අයතිවාසිකම් සම්බන්ධයෙන් ප්‍රතිපාදන සලසා ඇත.ප්‍රකාශන අයිතිවාසිකම් වර්ග දෙකකි.

      A. ආර්ථික අයිතිවාසිකම්

      (By law, copyright owners have the exclusive right to authorise or prohibit any of the following acts in relation to their works: Copying (reproducing) the work in any way – an example of copying is the recording of live music and the re-recording of a phonorecord. Distributing copies of the work to the public.)

      B. සදාචාරාත්මක අයිතිවාසිකම්

      (Moral rights are rights of creators of copyrighted works generally recognized in civil law jurisdictions and, to a lesser extent, in some common law jurisdictions. They include the right of attribution, the right to have a work published anonymously or pseudonymously, and the right to the integrity of the work.)

      බුද්ධිමය දේපළ පනතේ නව ප්‍රකාශන හිමිකරුවෙකුට හිමි ආර්ථික අයිතිවාසිකම් වන්නේ තමා නිර්මාණය කරන ලද නිර්මාණය ප්‍රති නිෂ්පාදනය කිරීම, පරිවර්තනය කිරීම, විකිණීම, කුලියට දීම වැනි අයිතිවාසිකම් වේ.

      සදාචාරාත්මක අයිතිවාසිකම් වන්නේ ආර්ථික අයිතිවාසිකම් වලින් ස්වාධීනව එකී ආර්ථික අයිතිවාසිකම් අහිමි වූ අවස්ථාවක පවා මුල් නිර්මාණකරුට හිමිවන අයිතිවාසිකම් වේ.එනම් එකී නිර්මාණය ප්‍රයෝජනයට ගැනීමේදී මුල් නිර්මාණකරුගේ නම සඳහන් කිරීම,මුල් කෘතිය විකෘති කිරීමෙන්, විකරණයකට ලක් නොකිරීමට ඇති අයිතිවාසිකම් වේ.

      වෙබ් පිටුවක් නිර්මාණය කරනවාත් සමගම ප්‍රකාශන අයිතිය එකී නිර්මාණකරුට හිමි වේ. නමුත් එකී නිර්මාණය ස්වාධින තමන්ගේම නිර්මාණයක් විය යුතු අතර වෙනත් අයෙකුට අයිති නිර්මාණයක් පල කරන්නේ නම් ඊට නීතිමය රැකවරණයක් නොලැබේ.

      වර්තමානයේ විවිධ වෙබ් අඩවි විවිධ රුපවාහිනී චැනලයන් මගින් ප්‍රචාරණය වන ටෙලි නාට්‍ය, චිත්‍රපටි, පුවත් එලෙසම තම වෙබ් අඩවියෙන් පල කිරීම 2003 අංක 36 දරණ බුද්ධිමය දේපළ පනත යටතේ අපරාධ සහ සිවිල් යන අංශ දෙකේම නීති උල්ලංඝනය කරමින් කටයුතු කිරීමකි.

      උදාහරණයක්‌ වශයෙන් ස්වාධින රුපවාහිනී චැනලය මගින් ප්‍රචාරණය වන ටෙලි නාට්‍යක් වෙනත් වෙබ් අඩවියක් හරහා නැවත එකී ස්වාධින රුපවාහිනී ලාංචනය යටතේ ප්‍රචාරය කලද බුද්ධිමය දේපළ පනත යටතේ ප්‍රතිපාදන උල්ලංඝනය කිරීමකි.

      නමුත් එවැනි අවස්ථාවක නීතිය ක්‍රියාත්මක වන්නේ අදාල නිර්මාණ හිමිකරුවන් ඒ සම්බන්ධයෙන් පැමිණිලි කරන්නේ නම් පමණි.

      නමුත් ප්‍රකාශන අයිතිය සාධාරණ භාවිතය පිලිබඳ අවස්ථාවකදී නීතිය ක්‍රියාත්මක නොවේ. එනම් පාසලක උගන්වන ගුරුවරයෙකු තම ශිෂ්‍යන්ට කිසියම් පොතක පිටු කිහිපයක් ඡායා පිටපත් කොට බෙදා හෑරීම වරදක් නොවේ.

      Delete
    4. Cont'd...

      ඉහත කි නීති තත්වය පහත තීන්දු වී ඇති නඩු ආශ්‍රයෙන් තෙරුම් ගැනීම වැඩ පැහැදිලි වේ.

      1.ජෝ අබේවික්‍රම එදිරිව කපිල තිස්ස කුමාර

      (කොලඹ පැවැත්වෙන බස්නාහිර පළාතේ සිවිල් අධිකරණ බලය ක්‍රියාත්මක කරන පළාත්බද මහාධිකරනයේ නඩු අංක:15/2003 )

      මෙම නඩුවේ පැමිණිලිකරු වූ ජෝ අබේවික්‍රම මහතා රචනා කළ “සකි සඳ එලියස් “නමැති කෘතියේ රුපවහිනී ටෙලි නාට්‍යයක් නිෂ්පාදනය කොට ප්‍රචාරය කිරීමේ අයිතිවාසිකම ජාතික රුපවාහිනිය වෙත ලබාදුන් අතර ජාතික රුපවාහිනිය එකී කෘතියෙන් ටෙලි නාට්‍යක් නිෂ්පදනයකොට ප්‍රචාරය කරන ලදී.

      විත්තිකාර කපිල තිස්ස කුමාර නමැත්තා එකී ටෙලි නාට්‍ය වීඩියෝ පටයක ගබඩාකර නැවත පිටපත් මුදලට අලෙවි කළ අතර ජෝ අබේවික්‍රම මහතා නඩුවෙන් ඉල්ලා සිටියේ එසේ තමාට අයත් නිර්මාණයේ පිටපත් වීඩියෝ පට වශයෙන් හෝ වෙනත් ක්‍රමයකින් පිටපත්කොට විකිණීම නතර කර දෙන ලෙසටත් සිදු වූ අලාභයට වන්දි ලබා දෙන ලෙසත්ය.

      විත්තිකරු විසින් මතුකළ ප්‍රධාන තර්ක දෙකකි.එනම්

      01. ජෝ අබේවික්‍රම මහතා එකී කෘතියේ රුපවාහිනී අයිතිය විකුණා ඇති හෙයින් ජෝ අබේවික්‍රම මහතාට එකී ටෙලි නාට්‍යයේ අයිතියක් නොමැති බවත් ඒ අයිතිය ඇත්තේ ජාතික රූපවාහිනියට බවත්ය.නමුත් එම තර්කය අධිකරණය ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ පැමිණිලිකාර ජෝ අබේවික්‍රම මහතා අදාල ගිවිසුම මගින් එකී නාට්‍ය ජාතික රූපවාහිනියට පමණක් විකාශනය කිරීමට පමණක් අයිතිය ලබා දී ඇති බවත් වෙනත් රුපවාහිනී ආයතනවලට විකිණීමට අවසර දී නැති බවයි.එසේ හෙයින් එකී ටෙලි නාට්‍ය වෙනත් රුපවාහිනී ආයතනවලට හෝ වෙනත් කෙනෙකුට විකිනීමට අයිතිය ඇත්තේ ජෝ අබේවික්‍රම මහතාට බවත්ය .

      02. විත්තිකරු දෙවන කරුණ ලෙසට ඉදිරිපත් කලේ තමන් එකී රුපවාහිනී ටෙලි නාට්‍ය වීඩියෝ කොට තමාගේ සංරක්ෂණාගාරයේ සංරක්ෂණය කලේ සත්භාවයෙන් බවත් එවැනි ටෙලි නාට්‍ය 30 ක් පමණ තමන්ගේ සංරක්ෂණාගාරයේ සංරක්ෂණය කර ඇති බවත්ය. ඒ අනුව බුද්ධිමය දේපළ පනතේ 11 වන වගන්තිය යටතේ එවැන්නක් කිරීමට ජෝ අබේවික්‍රම මහතාගෙන් අවසර ලබා ගැනීමට අවශ්‍ය නැති බවයි.

      අධිකරණය විසින් මෙම තර්කයද ප්‍රතික්ෂේප කරමින් කියා සිටින්නේ අදාල වීඩියෝ පටය ජනතාවට විකුණා ඇති බැවින් බුද්ධිමය දේපළ පනතේ 11 වන වගන්තියට නොවැටෙන බවත් විත්තිකරු එකී කෘතියේ ජෝ අබේවික්‍රම මහතාගේ ප්‍රකාශන අයිතිය උල්ලංගනය වී ඇති බවට අධිකරණය තීරණය කොට පැමිණිල්ලේ වාසියට නඩුව තීන්දු කරන ලදී.

      Delete
    5. එමෙන්ම සාරස, මෙහිදී අගනා ප්‍රතිෂ්ඨාව (වැලියුබල් කන්සිඩරේෂන්) සහ මෝරල් ඔබ්ලිගේෂන් ආදී සංකල්පද වැදගත් වේ.

      Valuable Consideration Definition:

      A benefit conferred or a detriment incurred by a party in exchange for another's promise. Valuable consideration may be non-monetary as long as it is of some value to one or both parties. Also called good and valuable consideration and legal consideration.

      https://www.law.cornell.edu/wex/valuable_consideration

      MORAL OBLIGATION. A duty which one owes, and which he ought to perform, but which he is not legally bound to fulfill. 2. These obligations are of two kinds 1st. Those founded on a natural right; as, the obligation to be charitable, which can never be enforced by law.

      Legal definition of moral obligation - Legal Dictionary;
      http://legal-dictionary.thefreedictionary.com/moral+obligation

      Delete
    6. මේ ගැන සරස දරන අදහස කුමක්ද?

      Delete
    7. සරාස්තුමනි,
      මේක ප්ලේජර්සම් ගැන නිසා ඉන්ටලෙක්චුවල් ප්‍රොපර්ටි ගැන මාත් දායක වුන සාකච්චාවක ලින්ක් එකක් දෙන්නම්. ( ඒ බ්ලොගයේ අයිතිය හැලපෙතුමා සතුය )http://sithgathsahithyakalakruthi.blogspot.com/2017/04/blog-post_17.html


      ඩබ්ලිව් ඒ සිල්වාගේ "ලක්ෂ්මී" සහ රයිඩර් ගැගාර්ඩ් ගේ "ෂී" කියවා තිබේද?

      ඒක නෙමෙයි ප්‍රතිචක්‍රීකරණය නොකල ආලෝචනා බයෝ ඩිග්‍රේඩබල්ද?

      Delete
    8. //
      ඩබ්ලිව් ඒ සිල්වාගේ "ලක්ෂ්මී" සහ රයිඩර් ගැගාර්ඩ් ගේ "ෂී" කියවා තිබේද? //

      තිබෙමි...

      රය්ඩර් හැගාර්ඩ් ගේ සහ W A සිල්වා ගේ වැඩ දෙක දෙවිදියකට රස වින්ද හැකිය...

      Delete
    9. රයිඩර් ගැගාර්ඩ්ගේ කතාවෙන් මූලික අදහස ගත්තත්, ලක්ෂ්මී කියන්නේ වෙනමම නවකතාවක්. කියවනකොට ඒ දෙක, එකක් කියලා හිතෙන තැන් තියෙන්නේ බොහෝම අඩුවෙන්.

      Delete
    10. මිනිස්සු බනින්න කලින්ම අදහස ගත්ත එක කියල හිටියනම් ඒක වඩා හොඳ වෙන්න තිබුනා.
      සිල්වා වෙනත් ඉන්ෆ්ලුවන්සස් ඇක්නොලෙජ් නොකිරීම නිසා ඔහුට විවේචන එල්ලවීම වැඩි වුනා. විජයබා කොල්ලයත් ශෙරිඩන්ගේ පිසාරෝ නාට්‍යයෙන් ගත්තයි කියල චෝදනා කලා. ඊට පසුව මුද්‍රණයකදී ඔහු පැහැදිලි කිරීමක් කලා මගෙ හිතේ

      Delete
    11. //මිනිස්සු බනින්න කලින්ම අදහස ගත්ත එක කියල හිටියනම් ඒක වඩා හොඳ වෙන්න තිබුනා. //

      Pra Jay ඒක හරි.

      හැබැයි කොපිය උනත් කොලිටියක් ඇතුව කරන්න W.A සිල්වට පුලුවන් උනා. විශේෂයෙන්ම ගෙඩිය පිටින්ම කොපි කරන චිත්‍රපටයි, සිංදුයි එක්ක බලනකොට.
      හිඟන කොල්ලා කෘතියත් එහෙම එකක් ද ? ඔබ ඒ ගැන යමක් දන්නවා ද ?

      Delete
    12. ප.ලි. ඔබ රයිඩර් හැගාර්ඩ් රසිකයෙක් ද ?

      Delete
    13. @ Pra Jay May 3, 2017 at 2:06 AM

      //සරාස්තුමනි,
      මේක ප්ලේජර්සම් ගැන නිසා ඉන්ටලෙක්චුවල් ප්‍රොපර්ටි ගැන මාත් දායක වුන සාකච්චාවක ලින්ක් එකක් දෙන්නම්. ( ඒ බ්ලොගයේ අයිතිය හැලපෙතුමා සතුය )http://sithgathsahithyakalakruthi.blogspot.com/2017/04/blog-post_17.html//

      ඉහත ඇනෝ කමෙන්ට් (Anonymous May 3, 2017 at 12:07 AM - to - Anonymous May 3, 2017 at 12:16 AM) දැම්මේ මමයි. එමෙන්ම ඔබ ඉහත දී ඇති ලින්ක් එකේ ඇති එම සමාන කමෙන්ට්ස් ද මගේ ඒවා වේ. උඩම කමෙන්ටුවට බොහෝ දුරට සමාන කමෙන්ටුවක් එම හැලප විසින් ලියන සාහිත්‍ය පිළිබඳ පෝස්ටුවේ මා දුටුවා. එවිට ඉහත සඳහන් කමෙන්ට්ස් දැම්ම අතර, මෙහිද ඊට සමාන කමෙන්ටුවක් දැක එම තැනැත්තාම වන්නට ඇති යැයි සිතා නැවත එතනින් කොපි පේස්ට් කර තරමක් වෙනස් කර මෙහිද දැමුවෙමි.

      සාරස,

      මෙහිදී ඔබ දක්වා ඇති ප්ලෙජරිස්ම් (Plagiarism) යනු අන් කිසිවකු විසින් නිර්මාණය කොට ප්‍රකාශයට පත්කල අදහසක් , ලේඛන ශෛලියක් හෝ ප්‍රකාශයක් වැරදි ලෙස තමාගේම ස්වයං නිර්මාණයක් ලෙස ඉදිරිපත්කිරීමයි. මෙය නීතිය අනුව අපරාධයක් (Crime - "නීතියක් නොමැතිව අපරාධයක් නොමැත" - Nullum Crimen Sine Lege"(Tappan 1960:23) යන කතිකාව තුළින් අපරාධයත් නීතියත් අතර පවත්නා අත්‍යන්ත සම්බන්ධය විද්‍යමාන වේ. Ref. Crime, Justice and Correction by Paul W. Tappan 1960)නොවේ. එනමුත් මෙය සැලකෙන්නේ සදාචාර විරෝදී වරදක් (Ethical Offence) ලෙසයි . (Ref: https://papers.ssrn.com/sol3/papers.cfm?abstract_id=315562 / Green, Stuart P., Plagiarism, Norms, and the Limits of Theft Law: Some Observations on the Use of Criminal Sanctions in Enforcing Intellectual Property Rights. Hastings Law Journal, Vol. 54, No. 1, 2002. Available at SSRN: https://ssrn.com/abstract=315562 or http://dx.doi.org/10.2139/ssrn.315562)

      මා දැනට තරමක් කාර්යබහුල බැවින් පසුව මේ ගැන වැඩිදුර සාකච්ඡා කිරෙමට සිතමි.

      Delete
    14. අසංග මාන්පිටිය,

      ඇත්තෙන්ම ලෝක සාහිත්‍යයේ රූමත්ම කාන්තාව විදියට වර්ණනා කොට ඇත්තේ සර් රයිඩර් හැගාර්ඩ් විසින් සුරචිත “ෂී, දි ඇයේශා (She, the Ayesha)” නැති නම් “ඈ හෙවත් අයේෂා” නමැති ග්‍රන්ථාවලියෙහි ඉතා විචිත්‍ර ලෙස වර්ණනා කරනලද “කෝර් (Kôr) හි ලෙන් ගුහා වල සහස්‍රක දෙකකට වඩා වැඩි කාලයක් ජීවත් වෙමින් සදාකාලික ගින්නෙන් ස්නානය කරමින් (Flame that granted immortality; she bathed in the Pillar of Life's fire) තමන්ගේ රූමත් බව රැකගන්නා රැජින බව සිතිය හැකියි” (Her name Ayesha is of Arabic origin and according to the author should be pronounced "Assha")

      රයිඩර් හැගාර්ඩ් සූරීන් ඇයව කොතරම් වණයිද කියතොත් ඇයගේ රූමත් බව නිසාම උමතු බවට පවා පත්විය හැකි බවට පවසයි. කෙසේ නමුත් කිසිවක් සදාකල් රැකෙන්නේ නැති බවත්, සැමදෙයක් ම අනිත්‍ය බවත් කතාවේ පසුතලයේ අරුත් දැක්වේ.

      මේ කතාවේ ආභාෂය ගෙන ලාංකික පාඨකයාට රසවිඳිය හැකි පරිදි මනාව ප්‍රතිනිර්මාණය කොට ඇති නිර්මාණයක් ලෙස ඩබ්.ඒ. ද සිල්වා සූරීන්ගේ “ලක්ෂ්මී හෙවත් නොනැසෙන රැජිණ” (1922) පොත ඉදිරිපත් කළ හැකියි.

      Delete
    15. මා නම් ශී වලට වඩා කැමති කින්ග් සොලොමන්ස් මයින්ස් වලටයි ගරු අසන්ග තුමනි!

      Delete
    16. AnonymousMay 3, 2017 at 5:29 AM

      //කෙසේ නමුත් කිසිවක් සදාකල් රැකෙන්නේ නැති බවත්, සැමදෙයක් ම අනිත්‍ය බවත් කතාවේ පසුතලයේ අරුත් දැක්වේ.//

      ස්තූතියි ඇනෝ තුමනි.
      ඒ වගේම මෙහි පුනරුප්පත්ති කතාවකුත් තිබෙනවා නොවැ.

      Delete
    17. //මා නම් ශී වලට වඩා කැමති කින්ග් සොලොමන්ස් මයින්ස් වලටයි ගරු අසන්ග තුමනි!//

      මාත් වැඩිපුරම කැමති ඇලන් ක්වාටර්මේන්ගේ වික්‍රමයන් කියවීමටයි..සා රස තුමනි

      Delete
    18. අසංග සහ සාරස, ඔබට මතකද සර් හෙන්රි රයිඩර් හැගාඩ්ගේ King Solomon's Mines කතාවේ සූර්යග්‍රහණයකින් වැඩේ ගොඩදාගන්න සීන් එක? මේකට පාදක වෙන්න ඇත්තේ 1504 පෙබරවාරි 29 හැන්දෑවේ ක්‍රිස්ටෝපර් කොලොම්බස් ගොයියාට සිදුවූ සත්‍ය සිදුවීමක්. මේ වෙලේ එතැන සිටි ඔහුගේ දෙවන පුත් ෆර්දීනන්ද් කොලොම්බස් විස්තරාත්මකව මේ සිද්ධිය සටහන් කළ නිසා එය සැබෑවට සිදුවූ ඓතිහාසික සිද්ධියක් ලෙස සැලකේ. මීට අමතරව මාර්ක් ට්වේන්ගේ A Connecticut Yankee in King Arthur's Court සහ හෙර්ජේ (Herge) ගේ ටිංටිංගේ වික්‍රමයක් (Adv. of Tin Tin) වන Prisoners of the Sun, ඊනිඩ් බ්ලයිටන් ගේ සීක්‍රට් මවුන්ටන් (Secret Mountain) වැනි කතාවල වල ඇති සත්‍ය නොවන සිද්ධි වලට පාදක වී ඇත්තේ මේ සැබෑ සිදු වීමයි. මේ සිද්ධිය මතකද? මෙල් ගිබ්සන් ගොයියාගේ ඇපකැලිප්ටෝ (Apocalypto) සිනමාපටයේත් මෙවැනි සීන් එකක් තියෙනව මතකෙයි?

      Delete
    19. // AnonymousMay 3, 2017 at 7:07 AM

      අසංග සහ සාරස, ඔබට මතකද සර් හෙන්රි රයිඩර් හැගාඩ්ගේ King Solomon's Mines කතාවේ සූර්යග්‍රහණයකින් වැඩේ ගොඩදාගන්න සීන් එක? මේකට පාදක වෙන්න ඇත්තේ 1504 පෙබරවාරි 29 හැන්දෑවේ ක්‍රිස්ටෝපර් කොලොම්බස් ගොයියාට සිදුවූ සත්‍ය සිදුවීමක්. මේ වෙලේ එතැන සිටි ඔහුගේ දෙවන පුත් ෆර්දීනන්ද් කොලොම්බස් විස්තරාත්මකව මේ සිද්ධිය සටහන් කළ නිසා එය සැබෑවට සිදුවූ ඓතිහාසික සිද්ධියක් ලෙස සැලකේ. //

      නැහැ.. ඒ ගැන පලමුවරට දැන ගත්තේ ඔබෙන්... ඒ දැනුම අප සමග බෙදා හදා ගත්තාට බොහෝම ස්තූතියි ගරු ඇනෝ තුමෝ!

      Delete
    20. I agree with Asanga that Silva was as good or even better than the work he was influenced by ( pl note that I avoided the words "based on" but used "influenced by". Silva's work had a lot of originality. It was only "lightly influenced by".)
      Asanga, I am a fan of Rider Haggard, Rice Burroughs, Vern, Ballantyne Stevenson and others similar. Well, I'm a fan of fiction from Ancient to Modern and classics to Stan Lee's, Gosinny' s, Lee Falk's and Morris's comics. Not much of discrimination. Wish Hon. Saraas (and may I take the liberty of mentioning you too if you don't mind me doing so) would write more about books here and less about ludicrous SL politics. I have no objection to his writing. Politics are good for a laugh but books are a passion of mine.

      Btw, I liked the movie "League of extraordinary gentlemen" too.

      Sorry,I don't have Sinhala font on my phone but commented anyway because it was about books.

      Delete
    21. // Wish Hon. Saraas (and may I take the liberty of mentioning you too if you don't mind me doing so) would write more about books here and less about ludicrous SL politics. //

      In that context, I wish to address my learned friend PraJay's (Attorney At Law)request by highlighting the following AGAIN:

      "සැකයක් තියෙනවා නම් හෙලයේ මහා ගත් කතු මාර්ටින් වික්‍රමසින්හ මැතිතුමා ගේ අයිරාන්ගනී නැමති පොත කියවන්න".

      You know why Mr Martin Wickranmasinhe's book අයිරාන්ගනී was mentioned here?? Can anybody guess?

      Delete
    22. //නැහැ.. ඒ ගැන පලමුවරට දැන ගත්තේ ඔබෙන්...//

      පුදුමයි සාරස වගේ බොහෝ ඇසූ පිරූ බහුස්‍රැත වියතෙක්ට මේ කතාව මිස් වෙච්චි එක, බට් නෙවමයින්ඩ්. විල් සී.

      මේකයි සාරස ගොයියෝ සීන් එක,

      යුරෝපීය පුනරුද යුගයේ ඔවුන් ලෝපුරා අධිරාජ්‍ය ගොඩනැගීමත් එක්ක කියැවෙන සූර්යග්‍රහණ/ චන්ද්‍රග්‍රහණ කතන්දර සෑහෙන තියනව. සාරසා දන්නව ඇති හර්නාන්දෝ දි'කොර්තේ (ස්පාඤ්ඤ බසින් එර්නාන් කොර්තේ(ස්) දි මොංරොයි යි පිzසර්'රෝ අල්තමිරානෝ) මෙක්සිකෝව ආක්‍රමණය කරන්ට ගිය කාලෙ මුණු සූර්යග්‍රහණ සීන් එක, එතකොට ලංකාවෙ දෙවන රාජසිංහ රජුගේ කාලේ දිස්වුණු වල්ගාතරුවේ කතාව වගේ සීන් කෝන්ස්, ඉතින් මේ සොලමන් රජතුමාගේ නිධානය පොතෙත් ඒ වගේ කතාවක් තියනව. මේ කතාවල ගොඩක්ම තියෙන්නේ ඒ ඒ ප්‍රදේශවල ස්වදේශිකයෝ ඒව සම්බන්ධයෙන් හිටපු මිත්‍යාමය අදහස් අල්ලගෙන ලියාපුව, උන්ව බයිට් එකට අරන් හරියට අපේ සාරස බුවා නෙලුම් අජ්ජව බයිට් එකට ගන්නව වගෙ, හැක හැක.

      ඉතින් බන් සාරස ගොයියෝ මේ කොලොම්බස් ගොයියගේ කතාවෙත් වැඩි වෙනසක් නෑ, මෑන්ස් ඇමරිකා මහද්වීපයට ගියපු හතරවන සහ අවසාන සංචාරයේ එක් අවස්ථාවක, හරියටම කියනව නම් ක්‍රි.ව 1504 පෙබරවරි 29 දා වත්මන් ජැමෙයිකාවට (ස්වදේශීය අරවක් ගෝත්‍රිකයින් විසින් Xශාමෛකා කියාපු ) ගොඩ බැස්ස නෙව, කට්ටියම සැපයුම් එහෙම ලබාගෙන ඉක්මනින් යන්න බලාපොරොත්තුවෙන් හිටියත් නැව්වල බඳ ප්‍රදේශයට හානි කළ මුහුදු පණුවන් (ශිප් වෝම්ස්ලා - Ship worms - මම හිතන්නෙ ටෙරේඩෝ වර්ගයට අයත් පණුවො ජාතියක් වෙන්ටැ, බයෝ නොකරපු නිසා නොදනිමි) විශේෂයක් නිසා ගමන ප්‍රමාද කරන්න කොලොම්බස් ට සිදු වුන නිසා මෑන්ස්ට ආපු ප්‍රධානම ගැටලුව තමයි නොදන්න රටක සවයිව් වෙන්න අවශ්‍ය ආහාර පාන හොයා ගන්න එක. ඉතින් ස්වදේශිකයන්ගේ උදව් ලබා ගන්න එක තමයි වඩාත් පහසු. ඒ අනුව කල කොලොම්බස් ගේ ඉල්ලීමට ස්වදේශික ජැමෙයිකානුවන් මුලදී යහපත් ප්‍රතිචාර දැක්වුවත් ටිකක් කල් යද්දි ඔවුන්ට තේරෙනව මේ ස්පාඥ්ඥ කාරයෝ එච්චර යහපත් මිනිස්සු නෙවෙයි කියල, හරියට වත්මන් අන්ත දූෂිත යහපාලන රෙජීමය වගේ.

      ස්පාඤ්ඤකාරයෝ උන්ගෙ නොවටිනා දේවල් ජැමෙයිකානුවන්ට වැඩි මිලට හුවමාරු කර ගත්ත විතරක් නෙවෙයි ටිකක් කල් යද්දි හොරකම් කරන්නත් ස්ත්‍රී දූෂණ මිනීමැරීම් වගේ දේවලුත් කරල, කොහොමත් ඉතිං යටත් විජිත ගැන කතා කරද්දි ස්පාඥ්ඥකාරයන්ගේත් පොර්තුගීසින්ගේත් කැරැට්ටුව අනිත් අයට සාපේක්ෂව සෑහෙන පහළින් තියෙන බව සාරස දන්නවනේ. ඉතින් මෙවේලේ ගොඩ එන්න උපායක් කල්පනා කරද්දි කොලොම්බස් ගොයියට මතක් උනාලු ජොනාස් මුලර් කියන තාරකා විද්‍යාඥයා විසින් සම්පාදනය කරපු ලිත් කීපයක් තමන් ලග තිබ්බ බව. මේ ලිත් වල මුලර් සඳහන් කරල තිබ්බලු 1504 වසරේ වෙන්න පුලුවන් චන්ද්‍රග්‍රහණයක් ගැන.හැබැයි මේ ලිත් වල තිබිලා තියෙන්නේ මේ චන්ද්‍රග්‍රහණය ජර්මනියට දර්ශනය වෙන ආකාරය සහ දින වකවානු පිලිබඳව ලු. කොලොම්බස් ගේ ගණිත දැනුමත් හොඳ තත්ත්වෙක තිබ්බ නිසා මෑන්ස්ට පුලුවන් උනාලු ඒ චන්ද්‍රග්‍රහණය ඇමරිකානු කලාපයට දර්ශනය වෙන කාලය පිලිබඳව අදහසක් ලබා ගන්න. ඉතින් සාරස ගොයියෝ මේ කාරණේ හිතේ තියාගෙන ජැමෙයිකානුවන් හම්බ වෙන්න ගිය කොලොම්බස් අවශ්‍ය සැපයුම් නිසියාකාරව තමන්ට ලබා නොදීම නිසා තමන් අදහන දෙවියන් ජැමෙයිකානුවන් සමග දැඩි කෝපයෙන් සිටින බව කිව්වලු.. ! ඒ කෝපය නිසා එදා රාත්‍රියේ පටන් හඳ ජැමෙයිකානුවන්ට ලබා නොදෙන්න දෙවියන් තීරණය කරල තියන බවත් කිව්ව ලු...!

      මෑන්ස්ගෙ වාසනාවට වගේ හරියටම වෙලාවට කොලොම්බස් බලාපොරොත්තු වෙච්ච විදිහට චන්ද්‍රග්‍රහණයත් සිද්ද උනා ලු..! ඉතින් මේක දැකීමත් සමග කලබලයටත් භීතියටත් පත් ස්වදේශිකයෝ අවශ්‍ය බඩු බාහිරාදිය ද රැගෙන විලාප දෙමින් නැව් කරා දුවන් ආවලු දෙවියන්ගේ කෝපය තමන් මත පැටවෙන්නට ඉඩ නොදී තමන් බේරා ගැනීම සඳහා මැදිහත්කරුවෙකු ලෙස සහභාගී වන ලෙස අද්මිරාල් කොලොම්බස් ඉල්ලලාඅ අඛණ්ඩව සැපයුම් ලබා දෙන බවට පොරොන්දු වෙලාලු.' මේ කතාව මෙහෙම ලියල තියෙන්නේ මේ සංචාරයට එකතු වෙච්ච කොලොම්බස්ගෙ ම පුත්‍ර රත්නය, දෙවෙනි පුත් ෆර්දීනන්ද් කොළොම්බ්‍යූ.

      මේ ඉල්ලීමට ඇහුම්කන් දීපු කොලොම්බස් තමන්ගේ කාමරය ට ගිහින් චන්ද්‍රග්‍රහණය අවසන් වෙන වෙලාවට ඔන්න මෙන්න තියල ඇවිල්ල, ' දෙවියන් ජැමෙයිකානුවන් ගේ ඉල්ලීම පිළිගෙන ඔවුන්ට සමාව දෙන්න එකඟ වෙච්ච බවත්, ඒ අනුව හඳ නැවත ලබා දෙන්න තීරණය කල බවත් කියා හිටිය ලු...!

      ඊට පස්සෙ වෙච්චි දේ දන්නවද ඔයා???

      සාරස: මං දන්නෙ කොහොමද ඕයි? සැරයක් කිව්වෙ? දන්නවනම් තමුසෙගෙන් අහනවද? රෙද්ද.

      මම: හයියෝ සාරස කූල් ඩවුන් මේට්. ජස්ට් ඉමැජින් ඇන්ඩ් රිප්ලයි මී යකෝ. ඕකේ?

      Delete
    23. AnonymousMay 3, 2017 at 7:07 AM,
      AnonymousMay 3, 2017 at 9:42 AM

      බොහෝම ස්තූතියි විස්තරයට. මා සිතා සිටියේ යුරෝපීයන් අලුතින් ලබාගත් තාරකා විද්‍යා දැනුම ඉස්මතු කොට පෙන්වන්නට එකල සිටි ලේඛකයින් විසින් ගොතන ලද ප්‍රබන්ධයක් බවයි. අනෙක් අතට සූර්යා ඇදහූ ඇස්ටෙක්වරු සුර්යග්‍රහණ ගැන දැන නොසිටියායයි කීම පිලිගන්නට අසීරු කරුනක් ලෙසයි මට සිතුනේ.
      ෆෙර්ඩිනන් කොලොම්බස්ගේ සටහන ගැන මා අසා තිබුනේ නෑ.

      Delete
    24. Pra Jey, Sarasa,

      බොහෝම සතුටුයි මේ කතාව ඇදිලා ආපු එක ගැන. පුරාණ හා මධ්‍ය කාලීන වීර කාව්‍යයන් මගේත් ප්‍රියතම ඒවා. ඉලියඩ් හා ඔඩෙසි වලින් පටන් අරගෙන ටින් ටින් හා ටාර්සන්ට එනකම් මම බොහො ආසවෙන් කියවනවා. ඇලෙක්සැන්ඩර් ඩූමා ත් මගේ ප්‍රියතමයෙක්. මෑතදී රයිඩර් හැගාර්ඩ්ගේ සියලු කෘති එකතුවක් මට සොයා ගැනීමට පුලුවන් උනා ඇමේසන් අන්තර්ජාල පොත්හලෙන්.
      නමුත් මොකක්දෝ හේතුවකට මෑත කාලීන ෆැන්ටසි කතා රැල්ලට නම් කැමැත්තක් ඇති උනේ නෑ,

      Delete
  6. මාතලන් ඔය වගේ වැඩක් කළා නෙලුම්යාය ප්‍රොමෝට් කරන්න කවුඅ ගත්ත ෆොටෝ එකක් දාලා

    ReplyDelete
    Replies
    1. හැබෑට කෝ මේ මාතලන්???.

      Delete
    2. ආණ්ඩුවේ ගූ-තැලීමට උපන් මාතලන්, තවදුරටත් මහින්ද තුන්වැනි බලවේගය යයි කියමින් ෆේස්බුක් හි ආණ්ඩුවේ ගූ-තලමින් සිටින බව මෙයින් දැනුම් දෙයි.

      Delete
  7. තමන්ගේ කොමෙන්ට් එක එහෙම කොපි කරන්න තරම් වැදගත් එකක් කියල හිතල සතුටු වෙන්න පුළුවන්.. මගේ කොමෙන්ට් වත් පෝස්ට් වත් ජීවිතේට කවුරුවත් කොපි කරලා නැද්ද කොහෙද.. සැහ.. :(

    ReplyDelete
    Replies
    1. පොරක් වීමේ කලාව.....
      :D

      Delete
    2. @ Sa rasa, මීට වසර 4කට පමන ඉහතදී උග්‍ර වර්ගවාදීන් පිරිසක් මෙහෙයවන Polls නම් ෆේස්බුක් සමූහයක මා ක්‍රියාකාරිවී සිටියා - එහිදි එවැනි එක් වර්ගවාදියෙක් ආගම උප්පැන්න සහතිකයේ සටහන් ව ඇති බව ට යම් ප්‍රකාශයක් මා නිශ්ප්‍රභ කිරීම නිසා අදාළ පුද්ගලයා වියරු වැටී දැගලූ ආකාරය අදටත් මතකයි - මේ මිත්‍යාව බොහෝ සමාජ ගතවී ඇත්තේ ආගම අපේ රටේ මිනිසුන් අත්‍යවශ්‍ය දෙයක් ලෙස සලකන නිසා වන්නට ඇති

      Delete
    3. ගරු සරසතුමෝ,

      මේක බ්ලොග් කාරයින්ගෙ කුමන්ත්‍රණයක්ලු. මේක පිටිපස්සෙ ඉන්නෙ නෙලුම් යායෙ අජිත් අයියයි සිනුවර රසික අයියයි දෙන්නලු. සරස අයිය එයාලගෙන් ගේම ඉල්ලුවට රිටන් එකක් දීලලු. මෙහෙම තමයි ආධුනික තරුණ බ්ලොග්කාරයො කාරියො කතාවෙන්නෙ, ඇත්තද බොරුද මන්දා, නිකම් කටකතාවක් විතරයි. හැක හැක.

      Delete
    4. // සරස අයිය එයාලගෙන් ගේම ඉල්ලුවට රිටන් එකක් දීලලු. //


      පාතයගෙ රිස්ස යන්න හකුරු මුලට හකුරු බෑ තුන තුන තියලා මුල් බැඳපු තුම්පනේ හාදයෝ කලාක් මෙන්, ඔවැනි විහිලු සහ මික්ස් ෆෘට් කොමෙන්ට්ස් වලිනුත් වෙන්නේ සරස තුම ගේ බ්ලොගේ ආලෝචනා වැඩි වීමයි.

      දැක්වූ අනුග්‍රහයට ස්තූතියි!

      Delete
    5. // AnonymousMay 3, 2017 at 12:31 AM

      @ Sa rasa, මීට වසර 4කට පමන ඉහතදී උග්‍ර වර්ගවාදීන් පිරිසක් මෙහෙයවන Polls නම් ෆේස්බුක් සමූහයක මා ක්‍රියාකාරිවී සිටියා //



      Polls, MallePolls හැර වෙනත් Polls තිබේද?

      Delete
  8. මම බයේ හිටියෙ සාරසත් තෙරපිලා මුකුත් උනාද කියලා.

    ඕක වෙන දෙයක්. මම ඇනෝ දමා තියන කමෙන්ට් වෙන තැන් වල එහෙම්පිටින්ම වෙන ඇනෝලා කොපි කර තිබෙනවා දකිනවා.

    අර්ථය වෙනස් කරන ඒවා නම් එහෙමම මීටර් නෑ.

    ReplyDelete
    Replies
    1. අර්තය වෙනස් විදියේ ඒවා තමා වඩාත්ම විනෝදජනක...

      Delete
  9. මම ඊයේ පෙරේදා දවසක FB එකේ බුවෙක්ව දැක්කා විචාගේ පෝස්ට් වල තිබ්බ ලිපි වගයක් කොපි කරගෙන වෙනස් කරලා තමන්ගේ වගේ දාපු එකෙක්...
    කොහෙන්ද මේ වටිනා විස්තර හොයා ගත්තේ කියල ඇහුවම සද්ද නැහැ...

    ReplyDelete
    Replies
    1. // ලොකු පුතාMay 2, 2017 at 11:27 PM

      මම ඊයේ පෙරේදා දවසක FB එකේ බුවෙක්ව දැක්කා විචාගේ පෝස්ට් වල තිබ්බ ලිපි වගයක් කොපි කරගෙන වෙනස් කරලා තමන්ගේ වගේ දාපු එකෙක්...
      කොහෙන්ද මේ වටිනා විස්තර හොයා ගත්තේ කියල ඇහුවම සද්ද නැහැ... //

      ඇඬෙනවා.........

      Delete
  10. මෙන්න සාරස ඊයේ මේ බ්ලොග් එකේ දාපු කමෙන්ට් එකක් මොකෙක්ද හෝතඹුවෙක් ගෙඩි පිටින් කොපි කරල, අම්මප ඒ විතරක් නෙවෙයි ඒකෙ කරුණුත් සෑහෙන විකෘති කරල වෘත්තීයමය බ්ලොග්කරුවකු (කුලියට ලියන අයෙකූ) ගේ ඩබ්. ත්‍රී. ලංකා එකේ දාල;

    උපුටා ගැනීමකි;

    //AnonymousMay 2, 2017 at 6:40 PM

    ලාංකික සිතුවිලි,

    රාජපක්ෂ ප්‍රමුඛ කල්ලියේ වේගයෙන් වර්ධනයවන ජනතා ප්‍රසාදය ඇතිවීමට වත්මන් සභාග රජයේ විසුළු ක්‍රියාකලාපය හේතුභූත වී ඇත. මා එහි සම්පූර්ණ වගකීම පවරන්නේ මෛත්‍රීපාල ට ය. 95% වඩා ශ්‍රී ල නි ප පාලනය යටතේ පැවති පලාත් පාලන ආයතන විසිරුවා හැර එම සුළු දේශපාලුවන් නන්නත්තාර කොට ඡන්දයත් දින නියමයක් නොමැතිව කල්දමා තිබීමෙන් ඔහු තමන් ගේ ජනපදනම මිනී වලට තල්ලු කල අතර වෙනදා ජනතා නියෝජිතයන් ව සිටි දහස් සාංඛ්‍යාත පලාත්පාලන මන්ත්‍රීන් පැරදී කුජීත වී සිටි මහින්ද ගේ තුරුලට තල්ලු කලේය.

    සැබෑ ජනපදනමක් නැති සෝලන්ගාරච්චිලා, එස්බීන්ලා, සොයිසලා තිලන්ගලා මහින්ද සමරසින්හලා වැනි තක්කඩින්ගේ ලණු කෑ මෛත්‍රීපාල ජනතාව සමග සිටි නියෝජිතයන් ව ආසන සන්විදායක කමෙන් ද පන්නා දමා පිරිහී සිටි යල්පැනගිය පුදගලයින් පත්කර නැති අවුලකුත් හදා ගත්තේය.

    මෛත්‍රීපාල යටතේ තමන් ගේ පලාත් පාලන ආයතන එජාප බලයට නතු වන බව එම ප්‍රාදේශීය දේසපාලකයන් දැන ගත්තේය. තමන් අත ඇති බලය එජාපයට පූජා කරන්නට කැමැත්තෝ නිදහස් පක්ෂයේ සිටිත් ද??

    මේ අවස්තාව දූෂිත සටකපට බැසිල් රාජපක්ශ ට තමන් ගේ බලය පතුරුවා හරින්නට තෝතැන්නක් විය. මහින්ද බලයේ සිටිද්දීම ප්‍රාදේශීය දේශපාලකයන් වැඩ කලේ බැසිල් සමග ය. ඔවුන් ට ප්‍රතිපාදන ලබා දුන්නේ බැසිල්ය. ඔවුන් ගේ දුක් කම්කොටලු සහ පැමිනිලි වලට සවන් දුන්නේ බැසිල්ය. ඔවුන් සමග ඩීල් දැමීම ඔහුට කජ්ජක් නොවීය.

    // Continue...

    ReplyDelete
    Replies
    1. Cont'd...

      උපුටා ගැනීමකි;

      //AnonymousMay 2, 2017 at 6:41 PM
      මේ නව දේශපාලනික අර්බූදයේ දී පාලක එජාප ය තමන් ගේ පලාත්පාලන ආයතන නියෝජිතයන් හට ලබා දුන් නිසිදු දෙයක් නොවීය. රනිල්, මලික්, රවී සහ කිරිඇල්ල කෝටි ගනනින් සොරකම් කරද්දී අනෙකුත් මැති ඇමැතිවරුන් ට කුඩා දෙයක් වත් දෙයක් සපයා ගන්නට රනිල් ඉඩ තිබ්බේ නැත. පලාත් පාලන නියෝජිතයන් හට තමන් වටා සිටිනා ජනතාවට ඉතා කුඩා සැලකීමක් වත් කරන්නට අවස්තාවක් රනිල් ගෙන් ලැබුනේ නැත.

      කිසිම ආකාරයකස්ථාවර සන්වර්දන කටයුත්තක් සිදු නොවනා තත්වයක දී පෙර දී ඉදිකිරීම් කර්මාන්තයේ යේදී සිටි බොහෝ කොන්ත්‍රත් කරුවන් ද එජාප පලාත් පාලන නියෝජිතයන් ගනනකට ගන්නේ නැති තත්වයක් ඇති වී තිබේ.

      පොහොට්ටුව ලකුණ යටතේ කපටි බැසිල් ක්‍රියාත්මක වුනේ එවැනි පසුබිමක ය. නිර්භයව ඉදිරියට පැමිනෙන්නට මහින්ද ට පසුබිම සැදුවේ බැසිල් ය. ඔහු ගේ පදනම මෛත්‍රීපාල විසින් නිර්මානය කල අසහනයට පත් ශ්‍රී ල නි ප පලාත් පාලන නියෝජිතයන් ය.

      රැලිය ට ගාලු මුවදොර ඉල්ලීම මේ පලාත්පාලන නියෝජිතයන් සමග එක් ව ගත් තීරණයක් විය. එතැන් පටන් එහි සියලුම කටයුතු, අදියරෙන් අදියර නිසි තැනැත්තා ට බාර දී ඔඋන් ලවා එම වගකීම් ඉටුකර ගත්තේ බැසිල් ය.

      කොටන් ඇද්ද බැසිල් ට අවශ්‍ය සියලු උදවු උපකාර දෙන්නට එකාබද්ධ විපක්ෂ කල්ලියේ සියලුම දෙනා, පාර්ලිමේන්තු මන්ත්‍රීලාගේ සිට, පලාත් සභා මන්ත්‍රීලා සිට, පලාත් පාලන නියෝජිතයන් ගේ සිට මරණාදාර සමිති, කුලඟන සමිති දක්වා සියලුම දෙනා සැදී පැහැදී වුන් හ... හැම විටම තමන් ගේ දෙයක් ම මෙන් සියලු කැපකිරීමක් ම කිරීමට ඔවුන් සමත්වූහ.

      වේදිකා නිර්මාණයේ දී ගොසින් රහසිගතව නිරීක්ශනය කල මා දැක්කේ එවන් තත්වයකි.

      අනිවාර්යයෙන් ම රාජ්ය අනුග්‍රහය ඇති ව පැවැත්වූ අනෙක් මැ‍යි රැළි දෙකට ම බැසිල් වන් සන්විදාකයකෙක් ඉන්නට ඇත. සියලු දේ මනාව සන්විදානය වන්නට ඇත.එහෙත් එම රැළි දෙකම අභිභවා ගාලු මුවදොර පිටියේ පැවැති රැලිය ඉදිරියට ආයේ ඇයි???

      සියලුම දේ නිසි සැලසුමකට අනුව ක්‍රියාත්මක කරමින්, සැම දෙනාම සහභාගී වෙමින්, සැවොම තම වගකීම් ඉටුකරමින් සැකැසුනු මේ මහා යාන්ත්‍රනය ඉදිරියට ගියේ මහින්දගේ ප්‍රකට පෞරුෂය නිසා ම ය. මිනිසුන් එක් රැස් කිරීමේ කාන්දම මහින්ද විය.

      බැසිල් ගේ සන්විදානයෙන් ගෙන්වන්නට යෙදුනු බස් වලට මිනිසුන් නැග්ගේ මහින්ද නිසා ය. බැසිල් ගේ උදවිය විසින් නිර්මානය කල ගාලු මුවදොර පිටියේ සන්දර්ශනය මිනිසුන් ගෙන් පිරුනේ මහින්ද නිසා ය.

      යුද්දය නිමා කර තමන් ට නිදහසේ ජීවත් වන්නට සලසාදුන්, තමන් ට පාරක් හදාදුන්, තමන් ගේ ගම නගරය අලන්කාර කල, තම පාසැලට නව විද්‍යාගාර, බිල්ඩිම්, පිහිනුම් තටාක සාදාදුන්, තමන් ගේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, රෝහල, අදිකරන ගොඩනැගිලි, තනාදුන් නවව ශ්‍රී ලන්කාවක් බිහිකල මහින්දව අමතක කරන්න ට මිනිසුන් සූදානම් නැත. එමෙන්ම නාමල්ලා, මර්වින්ලා, සජින් වාස්ලා, සරණ ගුණ වර්ධනලා වැනි බලය අතට ගෙන යකා නැටූ මීහරකුන් දැන් කරලියේ නැත. බූරුවංෂ ආණ්ඩුවේ සිටියදී විකාරයක් වුණත් විපක්ෂයේදී සෑහෙන බලවත් හඬකි. පරණ සිද්ධි කෙමෙන් මිනිසුන්ට අමතක වෙන්නේ 2002-03 වැට් බදු වංචාව ඇතුළු හොරකම්, 1988-89 භීෂණ යුගය අමතක වී ගියාටත් වඩා වැඩි වේගයකිනි.

      සිවු දෙසින් ම ඔපපාතිකව පහලවී සිටිනා නවීන දේසපාලන විචාරකයන් මෝඩ කතා කියද්දී, එම කතා අසමින් ම මහා ජනතාවක් මහින්ද බලන්නට ගාලු මුවදොර පිටියට යෑම එක අතකින් දෛවයේ සරදමකි.

      ජනතා බලයට පිටුපානා බලයක් ප්‍රජාතන්ත්‍රවාදයේ නොමැති බව එම දේසපාලන ඔස්තාද්ලා දන්නේ නැත. නීති රීති වෙනස් කරමින්, සිරිකොත බලය අල්ලාගෙන සිටින පහළ මට්ටමේ පාක්ෂිකයින්ට කන් නොදී උඩඟු වෙසින් සිටින රනිල් සහ තග න්‍යායෙන් ශ්‍රී ල නී ප යේ සභාපති වූ මෛත්‍රීපාල මෙන්ම පැරදී අනුන්ගේ ඡන්ද පදනමින් හොර පාරෙන් පාර්ලිමේන්තු රිංගා ගත් ඔහුගේ කේවට්ටයින් ලඟ ජනතාව නැත. දේශපාලන වශයෙන් සක්‍රීය නිදහස් පාක්ෂිකයා ඇත්තේ ඔවුන් ට අවශ්‍ය මිනිසා සමග ය. ඒ මිනිසා මහින්ද රාජපක්ෂය. මේ යථාර්ථය තේරුම් නොගෙන බහුබූත කළොත් එහි වාසියත් ඔහුටය. දැන්වත් මහපොළොවේ යථාර්ථය තේරුම් ගෙන කටයුතු කළොත් එජාප-මෛත්‍රී පිළට යම් තරමකින් තත්වය පාලනය කරගතහැකි වනු ඇත. නැත්නම් කාටත් සොරි ඩොට් කොම් ය.//

      උපුටා ගැනීම අවසන්

      ඇත්තටම සාරස මේක නම් කැත වැඩක්; සාරස බොහොම වෙහෙස මහන්සියෙන් කරුණු හොයල ගලපල ලියපු එක කොපි පේස්ට් කරා මදිවට කරුණුත් විකෘති කරල.

      මම මොහුගෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටින්නේ තවත් මෙවැනි තුට්ටු දෙකේ වැඩ නොකරන ලෙසයි. ඔබ තමන්ගේ අදහස් ලියන්න, බැරිනම් නොලියා ඉන්න, මේ වගේ කැත වැඩ කරන්න එපා, ප්ලීස්

      Delete
    2. මගේ කොමෙන්ට්ස් නම් වෙන තැන්වල දැම්මාට කම් නැත...

      Delete
  11. අයිසේ සරසා කුමාර දන්ගොතෝ,

    මේ ගැන ලෝයර් ප්‍රදීප් ජයතුංග ගොයිය එක්ක කතා කරන්න. මෑන්ස් ලීගල් බැක්ග්‍රවුන්ඩ් එක විස්තර කරල කේස් එකක් ෆයිල් කරාවි.

    - අජිත් ධර්මකීර්ති

    (ප.ලි. - හූ හූ බොල හොර දන්ගොතෝ, ඇත්ද තොට? දැන් තේරෙනවනෙ තෝ අපේ බඩ රස්සාවට කෙලින්න ආවම අපට දැනුනු වේදනාව තොටත්. යකෝ ආත්මාර්ථකාමී නොවී අනික් මිනිහ ගැනත් හිතපන්, කුහක තුප්පහි වැඩ නොකර මෝඩ බූරුවෝ, මීට පස්සෙවත්.)

    ReplyDelete
    Replies
    1. ගරු ඇනෝ තුමනි,
      මේ වැඩෙන් විනෝදයක් මිස කිසිම වේදනාවක් නොදැනුනි.... බ්ලොග් ලිවීම හෝ සිරිකොත පිඟන් සේදීම මගේ බඩරස්සාව නොවේ...

      සෝදමු අපි සෝදමු...
      සිරිකොත පිඟන් සෝදමූ

      Delete
  12. සරසා හෙවත් දූෂිත මරාවාදී වන්දිභට්ටයකු වන කුමාර කලුආරච්චි නමැත්තා සහ ඔහුගේ කුහක අධම, තුච්ඡ, අතිශයින් දුෂ්ට ඇනොනිමස් කොමෙන්ට් කල්ලිය අපට කළ දේ;

    1. රසික ගේ දියණියට අපහාස කර කියවීමටවත් අසාසිටී මටවත් නොහැකි අශ්ලීල කතා ලිවිම
    2. අජිත් පැරකුම් ගේ කුඩා දියණියට බරපතළ අපහාස කර කොමෙන්ට් කිරීම
    3. රසිකට, අජිත් පැරකුම් ට සහ අජිත් දර්ම කීර්ති වන මට අතිශය අසභ්‍ය ලෙස අමු කුණුහරුපෙන් අපහාස කිරීම.
    4. නාලක ගුණවර්ධනට සම ලින්ගික යයිද ඔහු ඒ හරහා රැකියා ආදිය ගත් බවද බොරු චෝදනා එල්ල කිරීම. මෙය සරසා ගේ නමින්ම මට එවූ ඊමේල් එකක තිබේ.

    එසේම සරසා හෝ ඔහුගේ ඇනෝ පිරිස, බන්ධුල කුදලාගම හා මයුරවිල නමින් ලියනා තැනැත්තන් නොයෙකුත් බ්ලොග් අඩවි වලට ගොස් වෙනත් බ්ලොග් කරුවන් අනුකරණය කර අපහාසාත්මක ප්‍රතිචාර දැමීමද කලා. ඔය මොනවා කලත් අපේ යහපාලන බ්ලොග් ක්‍රියාවලිය නවත්වන්නට බැරිවිය. අපි දැන් සංවිධානාත්මකව කුදලාගම නාකියාට පහර දී ඌව එලවා දැමීමු. අනික් වුන්ගේ කමෙන්ට් කොපිකර විකෘති කර උන් මෙහි කමෙන්ට් ලිවීම වලකමු. මයුරවිලයාද දැන් අපේ ප්‍රහාරය දරාගත නොහැකිව සැඟවී සිටී.

    අසංග මාන්පිටිය නමැති මරාවාදී ජෝකර්ටද දැන් ගේම ඇද ඇති අතර අදින් පසු ඌද මෙහි කමෙන්ට් නොකරනු නිසැකය. ඔන්න බොල පොල් බූරු කුමාර දන්ගොතෝ අපිත් ගේමට එන්ටර් වුණා, හෙමින්. ගේම නම් ගේම හරී?

    නෙලුම්යාය ජාතික බ්ලොග් සංසදයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය වෙනුවෙන්
    අජිත් දර්ම
    ලංඩනය

    ReplyDelete
    Replies
    1. // ඔන්න බොල පොල් බූරු කුමාර දන්ගොතෝ අපිත් ගේමට එන්ටර් වුණා, හෙමින්. ගේම නම් ගේම හරී? //

      // නාලක ගුණවර්ධනට සම ලින්ගික යයිද ඔහු ඒ හරහා රැකියා ආදිය ගත් බවද බොරු චෝදනා එල්ල කිරීම. මෙය සරසා ගේ නමින්ම මට එවූ ඊමේල් එකක තිබේ. //


      කතාව ඇත්තද හිටන්? මෑන්ස් සමනල් සන්ධ්වනියෙද?

      Delete
  13. මුලින් මුලින් නම් මටත් සිතුනේ මේක, කොටවන්නට කරන වැඩක් කියාය. දැන් නම් එය ට්‍රෙන්ඩ් එකක් වීගෙන එන බව පෙනේ.
    සා රස තුමා වගේ යුනීක් ස්ටයිල් එකක් හදා ගත්තනම් වැඩේ හරි :)

    ReplyDelete
    Replies
    1. // සා රස තුමා වගේ යුනීක් ස්ටයිල් එකක් හදා ගත්තනම් වැඩේ හරි :) //

      වින්ක් වින්ක්
      ;)

      Delete
  14. සරසතුමෝ,

    රොබට් කියන ෆේක් ප්‍රෝෆයිලය, විචාරක විසින් සෑදූවක් බව බ්ලොග් ලෝකයේ කතාවක් පැතිරේ. රොබට් මාතලන්ගෙ අඩවියට කවදාවත් කොමෙන්ට් දාන්නෙ නැත්තෙ, මාතලන්ගෙ ගැජට්වලින්, විචාරක මාට්ටු වෙයි කියලා තිබ්බ බයටලු. විචාරකගෙ සමු ගැනීමත් සමග රොබට් අතුරුදහන්. මේ ගැන ඇත්ත කතාව මොකක්ද?

    ReplyDelete
    Replies
    1. යකෝ උඹල දන්නවද විචාරක මහතාව කොළඹ පොත්කඩවලට යවමින් සිය පොත් මුද්‍රණය කරගැනීමට අවශ්‍ය කටයුතු ඔහු ලවා ඉටුකරවාගෙන ඒ මහන්සිය වෙනුවෙන් විචාරක මහතාට කිසිඳු කලගුණ සැලකීමක් සිදුනොකළ විදෙස්ගත ලේඛකයෙක් සිටින බව?

      මම හිතන්නෙ සාරස මේ ගැන දන්නවා නේද? එමෙන්ම ඔහු විචාරක මහතා ලවා සිය බ්ලොග් අඩවියට ලිපි පවා සකස්කරවා ගත්තා. නමුත් විචාරක මහතා ඒවා කිසිදිනක සිය බ්ලොග් ලිපි ඔස්සේ හෙලිකලේ නැහැ. විචාරක මහතා එවන් උතුම් මිනිසෙක්, ඔහුගේ දේශපාලන දර්ශනය කුමක් වුවත්. අනෙක ඔහු දැන් ජීවිතයෙන් සමු අරන්, එනිසා ඔහුට අපහාස කිරීම එතරම් සුදුසු නැහැ.

      Delete
    2. // AnonymousMay 3, 2017 at 1:14 AM

      සරසතුමෝ,

      රොබට් කියන ෆේක් ප්‍රෝෆයිලය, විචාරක විසින් සෑදූවක් බව බ්ලොග් ලෝකයේ කතාවක් පැතිරේ. රොබට් මාතලන්ගෙ අඩවියට කවදාවත් කොමෙන්ට් දාන්නෙ නැත්තෙ, මාතලන්ගෙ ගැජට්වලින්, විචාරක මාට්ටු වෙයි කියලා තිබ්බ බයටලු. විචාරකගෙ සමු ගැනීමත් සමග රොබට් අතුරුදහන්. මේ ගැන ඇත්ත කතාව මොකක්ද? //


      පිස්සුද?
      ෆේක් හෝ රියල්, රොබර්ට් රාජකීය විද්යාලේ තොරතුරු ලියන්නේ සත්‍ය දේවල්. රොබර්ට් කෘශිකර්මය කල බම්බා සර් ගැන හා ඔහු ගේ පන්තිබාර ගුරුතුමිය ගුණවර්ධන මැතිනිය ගැන ලියූ දේ කෑගල්ල පැත්තේ පාසැල් ගිය විචාරක දන්නෙ කොහොමද?

      Delete
    3. // AnonymousMay 3, 2017 at 1:24 AM

      යකෝ උඹල දන්නවද විචාරක මහතාව කොළඹ පොත්කඩවලට යවමින් සිය පොත් මුද්‍රණය කරගැනීමට අවශ්‍ය කටයුතු ඔහු ලවා ඉටුකරවාගෙන ඒ මහන්සිය වෙනුවෙන් විචාරක මහතාට කිසිඳු කලගුණ සැලකීමක් සිදුනොකළ විදෙස්ගත ලේඛකයෙක් සිටින බව?

      මම හිතන්නෙ සාරස මේ ගැන දන්නවා නේද? //


      නැහැ.. මා ඒ ගැන කිසිවක් දන්නේ නෑ ගරු ඇනෝ තුමනි.

      Delete
  15. සාරස තුමනි,

    මිනිස්සු විනෝද වෙන්නේ එක එක විදිහට. මගේ විනෝදය තව කෙනෙකුට විනෝදයක් නොවෙන්න පුළුවන් , ඒ කියන්නේ මිනිස්සු විනෝද වන තැනකදී කොතැනකදී හරි තමන්ගේ සතුට, ප්‍රමෝදය, ආදරය ප්‍රකාශ කරන්නේ එක එක විදිහටයි. ඉතිං ඒ වචන, විදිහ, ක්‍රියාකාරකම් තීරණය වෙන්නේ ලබා උපන් හැටියටයි.
    ඒ කියන්නේ පංතිය, පවුල් පසුබිම, සංස්කෘතික හුරු පුරුදු උකහා ගන්න විදිහටයි.
    ඉතිං කෙනෙක් විනෝද වෙන හැටි තව කෙනෙක් තීරණය කරන්න ගියාම පුංචි අවුලක් තියෙනවා. සරලව කියනවනම් කෙනෙකුගේ ආතල් එක තව කෙනෙකුගේ ආතල් එක කැඩෙන්න හේතුවෙන්න පුළුවන්.

    ඒ හින්දම අපේ ‍අපේ කොල්ලො කුරුට්ටො තමන්ගෙ ආතල් එක ගැනයි, ආතල් කැඩිල්ල ගැනයි මොන මොන දේ කීවත් කෙරුවත් රටේ ලොකු ලොකු තැන්වල අය මේවා ගැන ගතු කේලම් කියන්න ගියාම ඔන්න තමන්ගෙ තරම ලෝකෙටම පේන එක නම් වළක්වන්න බෑ...

    ReplyDelete
  16. Polls, MallePolls හැර වෙනත් Polls තිබේද?

    recycled by -

    ReplyDelete
  17. ආලෝචනා.. ගිය ලෝචනා... එන ලෝචනා.. ශහ්ඃ.. කොහොම කිව්වත් ලස්සනයි ලෝචනා..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. අපි සුලෝචනාට !

      Delete
    2. // ගස් ලබ්බMay 3, 2017 at 2:49 AM

      ආලෝචනා.. ගිය ලෝචනා... එන ලෝචනා.. ශහ්ඃ.. කොහොම කිව්වත් ලස්සනයි ලෝචනා..
      ජයවේවා..!! //

      ඇයි ගරු ගස්ලබ්බා තුමෝ කිසිදා අමතක කල නොහැකි ""සොඳුරුයි සුපෙම් ලෝචනා............""??

      https://www.youtube.com/watch?v=QpYNcA5O9Oo

      උන්මාදනී හැංගුණා
      අනුරාග දෑසින් බලා
      සොඳුරුයි සුපෙම් ලෝචනා
      නෑසෙයි නුඹේ ගායනා
      දෙනුවන් සෙවූ අංජනා රාධා මගේ අංගනා...




      Delete
    3. //Pra JayMay 3, 2017 at 4:24 AM

      අපි සුලෝචනාට ! //

      එක කිරුලක් පලඳින්නට බෑ
      එකම සිහසුනේ ඉන්නට බෑ
      සුලෝචනා....


      https://www.youtube.com/watch?v=ooXDyPMfaC8

      Delete
    4. /// ඉවාන් පවුලූශාMay 3, 2017 at 4:29 AM

      මං නං චතු නගාට ///


      https://www.youtube.com/watch?v=ZZVzvwzAFhY

      Delete
  18. Dr. Sarasa,

    I would like to say "good buy", to whom? you might ask, wrinkling up your cheerful face.

    Oh dear doc, not all good buys are sad, trust me.

    For example, to say good buy to RW & My3 (current Yahapalana Regime), Don't you agree with me dude?

    ReplyDelete
  19. එහෙමෙක්කුත් තියෙනවද??

    ReplyDelete
    Replies
    1. නව ප්‍රවනතාවයක් උඩුවා පුතේ...

      Delete
  20. This is not a blog. This is a rubbish bin. Dr Ssrasa, if you want to know what a blog is, read W3LANKA or Rasikology. Those are professional blogs. They contain stuff. You still have a lot to learn, Dr Sarasa.

    ReplyDelete
    Replies
    1. You may be correct Mr Ano.

      In my defense, I wish to point out that blogging is NOT my profession. It is one of my HOBBIES.

      I am NOT a fisherman. Yet, I do go fishing time to time for FUN!

      Delete
    2. My dearest freak, Ano 9.34 AM

      Could you please Fuck off and kindly get lost with this bloody shit out of here immediately? Don't you have somewhere to be. You are a blessed & wonderful moron. Thank you very much for the entertainment provided by ur shear stupidity, dear loser.

      Thus can you please go forth and multiply.

      Delete
    3. Hey Ano, (9:34AM)

      What kind of blogs are you talking about.
      For real blogs please visit some thing like http://ratathota1.blogspot.com
      If you like reading 'how did I spent my ....' kind of stuff then W3LANKA or Rasikology is OK.

      Delete
  21. සාරස,

    ලංකාවේ ඉදිරි දේශපාලන සමාජ ආර්ථික තත්වයන් පිළිබඳ යම් පුරෝකථනයක් කල හැකිනම් ඉතා අගෙයි. ඒ සම්බන්ධයෙන් අලුත් පෝස්ටුවක් දමත හැකිද?

    ReplyDelete