Wednesday, May 3, 2017

විශ්ව විද්‍යාල ප්‍රමිති





ශ්‍රී ලංකා  විශ්ව විද්‍යාල ප්‍රමිති ගැන හැමෝම කතා වෙන කාලයක් නේ මේක. 

GMOA වෛද්‍යවරු ඇතුලු බොහොමයක් ශ්‍රී ලාංකිකයන් හිතන්නේ රජයේ විශ්ව විද්‍යාල ප්‍රමිතියෙන් බොහොම උසස් කියලා. මොකද එසේ ප්‍රමිතියෙන් උසස් වෙන විදියට නීති රීති පනවලා තියෙනවනේ. 

 හැබැයි ශ්‍රී ලාංකිකයෝ කියන්නේ නීති නවන්න ලෝක ප්‍රසිද්දියට පත් වෙච්චි උදවිය කියලා කාටත් අමතක වෙලා වගේ. ඉතින් සරස තුමා මේ කතාව ලියන්නේ එසේ අමතක වෙච්චි අයට සිහි කැඳවීමක් කරන්නයි.

සරස තුමා පලමු වසරෙ භෞතවේදය (Physiology) විශය හදාරනකොට රටේ නම් දරාපු ආචාර්ය මන්ඩලයක ගෙන් ඉගෙනගන්න එතුමාට අවස්තාව උදාවුනා. ප්‍රසිද්ද පියානෝ වාදකයෙකු හා සන්ගීතඥයෙකු වූ මහාචාර්‍ය වැලන්ටයින් බස්නායක මැති තුමා ගෙන් ඉගෙන ගන්න ලැබීම භාග්‍යයක්. එතුමා ට පුලුවන් සින්හල දෙමල සහ ඉන්ග්‍රීසි භාශා ත්‍රිත්වයෙන් ම උගන්වන්න. එතුමා ගැණ වෙනම බ්ලො ලිපි කීපයක් ලියන්න කාරනා සරස තුමා ගේ මතකයට එනවා. 

මහාචාරිනී මාලිනී උඩුපිහිල්ල, මහාචාරිනී ප්‍රේමලතා බාලසූරිය, වෛද්ය නීටා ජයසින්හ, වර්තමාන වෛද්‍ය පීට පීඨාදිපති මහාචාර්ය වජිර වීරසින්හ, වෛද්ය ජයන්ත රාජරත්න වැනි දක්ශ ආචාර්ය මන්ඩලයක් හිටපු භෞතවේද දෙපාර්තමේන්තුවේ එක්තරා වෛද්යවරියක් තාවකාලික ආචාර්යවරියක් ලෙස සේවය කලා. අපට ඇය කලේ එකම එක දේශනයක් බව සරස තුමාට හොඳටම මතකයි. 

තාවකාලික සේවයේ හිටි ඇය ස්තීර කතිකාචාර්ය වරියක් වෙන්න අපමන උනන්දුවකින් වැඩ කල බව ඒ කාලේ ප්‍රසිද්ද රහසක්.

කොපමන උත්සාහ කලත් ඇයට ස්තීර ආචාර්ය වරියක් වෙන්න බැරි වුනේ ඇගේ අධ්‍යාපන සුදුසුකම් නිසයි. මෙයා ශිශ්‍යාවක් ව හිටි කාලේ හැම විබාගයකම අඩුම තරමේ එකම එක විශයක් හෝ අසමත් වෙලා  නැවත විභාගය ට සාබාගී වෙලා තියෙන කෙනෙක්. අවසාන විබාගෙත් ෆේල් වෙලා. පන්ති සාමාර්ත නැහැ. කිසිම විශයකට සම්මාන සාමාර්ත නැහැ.

ශ්‍රී ලංකා  රාජ්‍ය විශ්ව විද්‍යාල වල රජයේ අන පනත් මගින් පවත්වාගෙන යන ප්‍රමිතිය නිසා මෙවැනි ඌන සාමාර්ත සහිත අයට ස්තීර ආචාර්ය මන්ඩලයට බැඳෙන්න බැහැ. ප්‍රමිතිය කියන දේ වටින්නේ ඒ නිසයි.
පසු කාලෙක ඒ ආචාර්යවරිය දන්ත වෛද්‍ය පීඨයේ තාවකාලික සේවයට ගියා කියලා ආරන්චියක් පැතිර ගියා.

කාලය ගෙවිලා සරස තුමා ල පාස් අවුට් වෙලා ආචාර්ය මංඩලේට බැඳිලා පස්චාත් උපාදි අරන් ආපහු ලන්කාවට ආවා. ආචාර්ය වරිය තාවකාලික සේවයේ හිටියේ. 


 වසරකට පමන පස්සෙ  දැනගන්න ලැබුනා අර පෙර කී ආචාර්යවරියත් ක්‍රම සහ විදි පාවිච්චි කරලා ස්තීර සේවයට බැඳිලාය කියලා.


ක්‍රමය සිම්පල්. 
ඇය ගේ නියෝජිතයෙක්  ඉස්සෙල්ලාම ෆැකල්ටි ක්ලබ් එකේ දී පරිපාලනය සමග ඩීල් එකක් දාගෙන (පේරාදෙනි විශ්වවිද්යාලය ඇසුරු කල හැමෝම හයරින් ඇන්ඩ් ෆයරින් වලට ෆැකල්ටි ක්ලබ් එකේ දායකත්වය හොඳහැටි දන්නවා).

ඊට පස්සෙ විශ්ව විද්යාල පරිපාලනය දන්ත වෛද්ය පීටේ එක්තරා දෙපාර්තමේන්තුවක ස්තීර කතිකාචාර්‍ය තනතුර සඳහා පත්තරේ දැන්වීම් දාලා අයැදුම් පත් කැඳවනවා. 

නියමිත සුදුසුකම් ඇති පාලොස් දෙනෙකුත් කිසිම සුදුසුකම් නැති අපේ කතා නායිකාවත් අයදුම්පත් බාරදෙනවා. කලින් කතාකරගෙන එකඟතාවයකට පැමින ඇති පරිදි, පරිපාලනය එම පුරප්පාඩු දැන්වීම අවලන්ගු කරනවා. 

නැවතත් විශ්ව විද්යාල පරිපාලනය එම තනතුර සඳහා පත්තරේ දැන්වීම් දාලා අයැදුම් පත් කැඳවනවා.

මේ පාර නියමිත සුදුසුකම් ඇති  දාහතර දෙනෙකුත්  අපේ කතා නායිකාවත් අයදුම්පත් බාරදෙනවා.  නියමිත සුදුකම් ඇති එක් අයදුම්කරුවෙකු ට වැඩේ එපා වෙලා. පරිපාලනය එම පුරප්පාඩු දැන්වීමත් අවලන්ගු කරනවා. 

 අනේ පින්වතුනි මේ සෙල්ලම පාලොස් වතාවක් කරනවා. 

සියලු සුදුසුකම් සැපිරූ අයදුම්කරුවෝ වෙන රැකියා හොයාගෙන මේ තරඟයෙන් ඉවත් වනවා...

පාලොස් වතාවක් අවලන්ගු කල මේ තනතුර සඳහා අන්තිමට දාපු දැන්වීමට අයැදුම් කරන්නේ අපේ කතා නායිකාව විතරමයි.

පුදුමයි ඒත් ඇත්තයි, ඒ පාර
විශ්ව විද්යාල පරිපාලනය සම්මුක පරීක්ශනය තියලා අයදුම් කල එකම අයදුම්කාරි ව තනතුරට තෝරා ගන්නවා...

ඊට පස්සෙ අර ෆැකල්ටි ක්ලබ් එක හරහා ම ඇය ගඟෙන් එගොඩ පීඨෙ ගොන් පාට් කාරයෙක් එක්ක එකතුවෙලා බොරු පරීක්ශනයක් කරලා නිබන්දනයක් ලියලා MPhill උපාදියත් ලබාගෙන ජේශ්ඨ කතිකාචාරිනියකුත් වෙනවා. දැන් සමහර විට මහාචාරිනියක් වෙන්නත් පුලුවනි...

සරස තුමා මේ කතාව යාලුවෙකුට කිවුවාම එයා විස්වාස කලේම නෑ... මොන පිස්සුද, ඔය දන්ත වෛද්ය පීටෙ මහාචාර්‍යවරයෙක් නේ ටී වී එකේ සාකච්චා වලට SAITM පැත්ත  වෙනුවෙන් සාබාගී වෙන්නෙ... ඔය කතාව ඇත්තනම් වල ප්‍රමිතිය අවුල් ය, සුදුසුකම් නැති ආචාර්යමන්ඩලයක් ය ඉන්නේ කියලා කියලා එයා ප්‍රසිද්දියේම කියන්නෙ නැද්ද??? යාලුවා සරස තුමාගෙන් ඇහුවා.

යාලුවා දන්නේ නෑ අපේ ඌනසාමාර්ථ කතානායිකාව කසාදා බැඳලා ඉන්නේ SAITM වෙනුවෙන් නිර්භීතව සටන් වදින ඒ මහාචාර්ය තුමා ය කියලා.! ඉතින් කොහොමෙයි දන් වලඳන්නෙ හිටන්???




112 comments:

  1. අහවලා මෙයා කියලා වටින් ගොඩින් කියන්නේ. ඇයි නමින් කියන්න ඔයාට කොන්දක් නැද්ද මෙයා?

    ReplyDelete
    Replies
    1. කොන්ද කියන්නෙ මොකද්ද මෙයා?

      Delete
    2. Pls check this. No more evidence needed to assess the standard of present university Staff of our country.

      http://lankacnews.com/6-%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A-%E0%B6%B8%E0%B6%A7-%E0%B6%BD%E0%B7%90%E0%B6%B6%E0%B7%94%E0%B6%AB%E0%B7%94-%E0%B6%85%E0%B7%80%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B6%9A-%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80/

      Delete
    3. // AnonymousMay 3, 2017 at 11:20 PM

      Pls check this. No more evidence needed to assess the standard of present university Staff of our country.//

      Yes... මග දමායමි! words of a cheap "Ho"

      Delete
    4. නුඹලාගේ ගෝඨා ජනාධිපති වීම හීනයක් පමණයි. නමුත් ආප්පසේනයව සතේකට විශ්වාස කරන්න බෑ. ඌ පිස්සුවක් කෙලලා කොහෙවත් යන ගෝඨෙක් නිකන්ම පුටුවේ වාඩිවෙන්න ඉඩ තිබෙනවා. එම අනතුර ගැන අප දැඩි අවබෝදයෙන් ඉන්නේ. එනිසා අප එම අනතුර පරාජය කොට තුන්වන වරටත් ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය ධූරයට පත් වූ රනිල් වික්‍රමසිංහ මැතිතුමා 2/3 බලයෙන් 2020 ජනපති කරවනවා.

      එ.ජා.ප. ය නැවත නැවතත් බලයට පත් වූ 17 වසරක කාලය තුළ ජවසම්පන්න තරුණ දේශපාලනඥයකු වූ රනිල් වික්‍රමසිංහ මැතිතුමා රටේ සංවර්ධනය කෙරෙහි තීරණාත්මක බලපෑමක් කිරීමට සමත් විය. (ඉංග්‍රීසි, තාක්‍ෂණවේදය හා පරිගණක කුසලතා විෂයයෙහි විශේෂ අවධානයක් යොමු කරමින්) පාසල් අධ්‍යාපනයෙහි හා අධ්‍යාපන පරිපාලනයෙහි ගුණාත්මක ප්‍රගතියක් අත්පත් කර ගැනීමේ අරමුණෙන් 1980 ගණන්වලදී ඔහු විසින් ආරම්භ කරන ලද රැඩිකල් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හේතු කොට ඔහු අද දක්වා ද මෙරට බිහි වූ සාර්ථකම අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් සළකනු ලැබේ.

      යෞවන සමාජ හා යොවුන් පුර හරහා සිදු කරන ලද නිර්මාණාත්මක, දිරිමත් කරවන සුළු මෙන්ම කුසලතා සංවර්ධන වැඩසටහන් මගින් ඔහු විසින් ශ්‍රී ලාංකික තරුණ පිරිස් බලගන්වන ලදී. පසුකාලීනව, කර්මාන්ත, විද්‍යා හා තාක්‍ෂණ කටයුතු අමාත්‍යවරයා වශයෙන් ඔහු කාර්මික ජනපදවල යටිතල පහසුකම් සංවර්ධනය හා ආයතනගත කිරීම් හරහා ග්‍රාමීය ප්‍රදේශයන්හි මූල්‍යමය සීමා ඉවත් කිරීම හා කාර්මික ප්‍රවර්ධනය සිදු කිරීමේ අරමුණින් 1989 දී ආරම්භ වූ ශ්‍රී ලංකාවේ ආර්ථික නිදහස්කරණයෙහි හෙවත් ආර්ථික ලිබරල්කරණයෙහි දෙවන වටය ක්‍රියාත්මක කිරීමෙහි පුරෝගාමියා විය. බියගම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වශයෙන් ඔහු විසින් තම ඡන්ද කොට්ඨාශය අති නවීන කාපට් කළ මාර්ග, විදුලියකරණ යෝජනා ක්‍රම, ජල හා සනීපාරක්‍ෂක ව්‍යාපෘති, පාසල් හා ප්‍රජා මධ්‍යස්ථාන හා අනෙකුත් යටිතල පහසුකම් සහිතව අදහාගත නොහැකි තරමේ සංවර්ධනයක් කරා රැගෙන යන ලදී. පුළුල් පරාසයක විහිදෙන්නා වූ කර්මාන්ත ගණනාවක දහස් ගණනක් වූ තරුණ තරුණියන් වෙත රැකියා අවස්ථා සම්පාදනය කරනු පිණිස ඔහු විසින් බියගම නිදහස් වෙළඳ කලාපය ද පිහිටුවන ලදී.

      2020දීත් බෞද්ධ ගෝත්‍රික චන්ද අපට එපා. දමිළ, මුස්ලිම් සහ ක්‍රිස්තියන් සහෝදරවරුන්ගේ ඡන්ද ටික හොදටම ඇති. අමු ජාතිවාදී බෞද්ධ පට්ට ගෝත්‍රිකයින් සුළුතරය මෙරටින් තුරන් කොට අපි සැබෑ සාමකාමී සුපිරි රටක් ගොඩ නගනවා 2020 න් පසුව. සහජීවනයේ අලුත් දේශයට ජීසස් ඊට දැනටමත් ආශිර්වාද කොට හමාරයි.
      "එහෙත් සමිඳාණන් වහන්සේ විශ්වාසවන්ත ය. උන් වහන්සේ ඔබ ශක්තිමත් කොට නපුරාගෙන් ඔබ ආරක්ෂා කරන සේක". ( 2 තෙසලෝනික 3 : 3 ).

      "ඔවුන් මා හට දෙවා වදාළ මාගේ පියාණන් වහන්සේ සියල්ලන්ට ම වඩා ශ්‍රේෂ්ඨ ය. පියාණන් වහන්සේගේ අතින් ඔවුන් පැහැර ගන්නට කිසිවෙකුට නොහැකි ය." (ජොහන් 10 : 29)

      "දෙවියන් වහන්සේගේ විමුක්තිදායක අරමුණ එළිදරව් කරන්නට යන අන්තිම කාලය දක්වා, ඔබගේ ඇදහිල්ල නිසා දෙවියන් වහන්සේගේ බලය කරණකොටගෙන ඔබ ආරක්ෂා කරනු ලබන්නහු ය." ( 1 පේදුරු 1 : 5 )

      "එඬේරෙකු සේ එතුමාණෝ, තම රැළ පෝෂණය කරන සේක; දෑතින් බැටළු පැටවුන් වඩාගෙන, ළයෙහි උන් හොවාගෙන යන සේක; කිරි දෙන බැටළුදෙනුන්ට මඟපෙන්වන සේක." ( යෙසායා 40 : 11 )

      "මම විපත්ති මැද හැසිරෙම් නමුත් ඔබ මා රැක බලාගන්න සේක. ඔබ මාගේ සතුරන්ගේ උදහසට විරුද්ධ ව ඔබේ හස්තය දිගු කරන සේක. ඔබේ සුර’තින් ඔබ මා ගළවන සේක." (ගීතාවලිය 138 : 7)

      "හිමි තුමන්ගේ දූතයා දේව බය ඇති අය වට කර, කඳවුරු බැඳ, ඔවුන් මුදා හරියි." (ගීතාවලිය 34 : 7)

      Delete
    5. රාජකීය විද්යාල ආදි ශිශ්‍ය රනිල් ව බලයට ගෙනෑඅමට කටයුතු කිරීම ගැන ඔබට මගේ ස්තූතිය!

      Delete
  2. හොඳ පෝස්ටුවක් සාරස,

    නමුත් මීට සම්බන්ධ පුද්ගලයන්ට අපහාස නොවන පරිදි ලෙව්වා නම් වඩාත් අගෙයි. කෙසේ නමුත් මගේ නිරීක්ෂණ අනුව අනෙකුත් අමාත්‍යාංශ සමඟ සංසන්දනය කර බැලීමේදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ පරිපාලන කටයුතු මෙහෙයවීම සම්බන්ධයෙන් විෂමතාවක් පවතින බව පෙනේ. එනම්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ පරිපාලන කටයුතු මෙහෙයවනු ලබන්නේ MBBS උපාධිධාරීන් විසිනි. පැමිණීමේ ලේඛන, සේවා මුර සටහන්, ලිපි යතුරුලියන කටයුතු සහ ලිපි අස්සන් කිරීම් යනාදිය ද කරනු ලබන්නේ ඔවුන් විසින් මය. තොරතුරු තාක්ෂණ කටයුතු පවා මෙහෙයවනු ලබන්නේ MBBS උපාධිධාරීන් විසිනි. මෙම කාර්යයන් තොරතුරු තාක්ෂණය පිළිබඳ උපාධිධාරීන් මඟින් කරගත හැකි වනවා මෙන් ම පරිපාලන කටයුතු සහ මූල්‍ය කටයුතු පිළිබඳ උපාධිධාරීහු මෙරට විශාල වශයෙන් සිටිති. මෙහිදී සිදුවී ඇත්තේ වෛද්‍ය උපාධිධාරීන් විසින්, යථෝක්ත කටයුතු මෙහෙයවීමට හිමිකම් ඇති උපාධිධාරීන්ගේ පුරප්පාඩු පවා, පැහැර ගනු ලැබීමයි.

    ලංකාවේ MBBS වෛද්‍ය වෘත්තිකයින් ඔවුන්ට අදාළ නොවන ක්ෂේත්‍රවල පුහුණු කිරීම සඳහා විශාල මුදලක් වැය කිරීමට රජයට සිදු වේ. ඔවුන්ගේ සේවය, සිය දැනුමට යෝග්‍ය ක්ෂේත්‍රවල, ස්ථාපිත කිරීම මඟින් රෝගීන් රැකබලාගැනීමටත් බාහිර රෝගී අංශවල පවතින අපහසුතා අවම කරගැනීමටත් ඉවහල් වනු ඇත.

    විදෙස් අත්දැකීම් ඇති සාරස පිළිගනු ඇති මෙම අවුල. එපමණක් නොව, වෙනත් රටවල හෙද රාජකාරි සීමා තුළ ස්ථාපිත කර ඇති පරිදි මාස 6 ක පුහුණුවක් ලද හෙද කාර්යමණ්ඩලය ලවා පහසුවෙන් කරගත හැකි, පෝෂණවේදී ක්ෂේත්‍රය, මවුකිරි කළමනාකරණය, සෞඛ්‍ය අධ්‍යාපනය, ආසාදන පාලනය යන කටයුතු පවා අද හසුරුවනු ලබන්නේ වෛද්‍ය උපාධිධාරීන් විසිනි.

    SLMC (ශ්‍රී ලංකා වෛද්‍ය සභාව) වෛද්‍ය වෘත්තීය කටයුතු හැරුණු විට සෞඛ්‍ය අංශයට අදාළ අංශ 13 ක් හඳුනාගෙන ඇත. මේ වෘත්තීය අංශ 13 හිම අධ්‍යයන සහ සිය උපරිම ඵලදායිතාවට ළඟාවීම යන අංශ දෙකෙහිම ප්‍රගමනය ධූරාවලී කළමනාකරණය මඟින් වළක්වා ඇත‍. මේ වෘත්තීය අංශ 13 ටම සිය අධ්‍යාපන හා වෘත්තීය ක්ෂේත්‍ර තුළ ස්වාධීන නැඟී සිටීම වළක්වා ඇති අතර, ඒ මඟින් ඔවුන්ගේ අභිවෘද්ධිය පසුබෑමකට ලක් කර ඇත්තේ වෛද්‍ය නිලධාරීන්ගේ ක්‍රියාකාරකම් තුළින් ය. මෙය යුක්තිය හෑල්ලුවට ලක් කිරීමක් මෙන් ම වෘත්තීය සාරධර්ම කඩ කිරීමක් ද වන්නේ ය.

    මෙහිද සහකාර වෛද්‍ය වෘත්තිකයින්ගේ (Apothecaries) තනතුරු අහෝසි වීමට (Dying service) බලපෑ කරුණු පිළිබඳවද ලුහුඬින් සාකච්ඡා කිරීමට අපේක්ෂා කරමි. මීට කලකට පෙර වර්ෂ 10 ක පළපුරුද්දක් සම්ප‍ූර්ණ කර ඇති AMPS වෙත MBBS අවසාන විභාගයට පෙනී සිටීමට අවසර ඉල්ලා සිටි‍යහ. රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ විරෝධතාව මධ්‍යයේ ඉල්ලීම ප්‍රතික්ෂේප විය. අනතුරුව සෞඛ්‍ය අමාත්‍යාංශය AMPS වෘත්තිකයන් රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධියට සරිලන වෛද්‍ය පාඨමාලාවක් හැදෑරීමට යොමු කළේ ය. මෙහිදී AMPS කීප දෙනෙක් එම පාඨමාලාව හදාරා සාමාර්ථ්‍යය ලබා පැමිණියහ.‍

    එම වෛද්‍ය උපාධිය ඒ වනවිටත් එක්සත් රාජධානියේ පිළිගෙන තිබුණ ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ ශ්‍රී ලංකා වෛද්‍ය සභාව එය පිළිගැනීම ප්‍රතික්ෂේප කළේ ය. මෙහිදී සුදුසුකම්ලත් AMPS නිලධාරීන් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළ අතර, ඔවුන්ට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වාසි සහගත තීන්දුවක් ලැබිණි. එයින් ද පලක් නොවුණු අතර, ඔවුන්ගෙන් කීප දෙනෙක් තවමත් රජයේ ‍රෝහල්වල AMPS ලෙස සේවය කරති. AMPS වෙත MBBS විභාගයට පෙනී සිටීමට අවසර දීමේ පොරොන්දුව මත AMP පාඨමාලාව නිමා කරන ලදී.

    බ්‍රිතාන්‍ය යටත්විජිත පාලන සමයේ රජය පිහිටුවා තිබුණු බෙහෙත් ශාලා දිවයින පුරා පවත්වා ගෙන යනු ලැබුවේ ඇපෝතිකරිවරුන් විසිනි. මේ සේවය මඟින් වැවිලි ක්ෂේත්‍රයේ සේවකයන්ගේ යහපත සඳහා විශේෂ දායකත්වයක් සපයා දුනි. එසේ වුව ද AMP පාඨමාලාව අහෝසි වීමක් සමඟම සිදු වූයේ ඇපොතිකරි යුගයේ අවසානය සලකුණු වීමයි. මෙලෙස බහුතර පිරිසකට සෙත සැලසූ සෑම අවස්ථාවකම ඒවාට එරෙහි වීමේ ප්‍රතිපත්තිය රජයේ වෛද්‍යවරුන්ගේ සමිති සමාගම් මුල් කාලයේ සිටම අනුගමනය කර ඇති බව ඔවුන්ගේ ඉතිහාසගත තොරතුරුවලින් අනාවරණය වේ.

    ReplyDelete
    Replies
    1. // AnonymousMay 3, 2017 at 10:54 PM

      හොඳ පෝස්ටුවක් සාරස,

      නමුත් මීට සම්බන්ධ පුද්ගලයන්ට අපහාස නොවන පරිදි ලෙව්වා නම් වඩාත් අගෙයි. කෙසේ නමුත් මගේ නිරීක්ෂණ අනුව අනෙකුත් අමාත්‍යාංශ සමඟ සංසන්දනය කර බැලීමේදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ පරිපාලන කටයුතු මෙහෙයවීම සම්බන්ධයෙන් විෂමතාවක් පවතින බව පෙනේ. //

      Nothing to do with the Ministry of Health. Everything is with Ministry of Higher Education sir.

      Delete
  3. සාරස හොඳින් දන්නවා ඇති 1962 වර්ෂයේ දිවයිනේ දෙවැනි වෛද්‍ය විද්‍යාලය පේරාදෙණියේ ආරම්භ කළ අවස්ථාවේ වෛද්‍යවරු ඊට එරෙහිව වැඩවර්ජනය කළ බව. එහෙනම් අද බ්ලොග් ලියන්නට වෛද්‍ය සාරස (ආචාර්ය [වෛද්‍ය] කුමාර කළුාරච්චි) කෙනෙක් නැතිවන්නටත් ඉඩ තිබුණා. ඒ වගේම සාරසට මතක ඇති. රජරට වෛද්‍ය පීඨය ආරම්භ කළ අවස්ථාවේ එහි කථිකාචාර්ය පත්වීම් භාර නොගන්නා ලෙස වෛද්‍යවරුන්ට දන්වා සිටියේ ද රජයේ වෛද්‍ය නිලධාරී සංගමයයි.
    “ගුණාත්මක සේවාවන් සඳහා රෝගීන්ගේ අයිතීන් රැක ගැනීම සඳහා අපි සටන් කරනවා” යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක ශාන්ත ආනන්ද 2017 මාර්තු 05 ‘සන්ඩේ ටයිම්ස්’ පත්‍රයට පවසා තිබිණි.

    මෙම වචන මාලාව වෛද්‍ය සේවාවේ පරමාර්ථයක් වන නමුත් සෞඛ්‍ය සේවාවේ පරිපූරක අංශයන් සිය අධ්‍යයන ක්ෂේත්‍රවල ප්‍රගමනයකට යොමු වන සෑම විටම ඊට බාධා පැමිණවීම මඟින් ගුණාත්මක සේවාවක් බිහි කළ හැකි බව GMOA විශ්වාස කරන්නේ ද සාරස?

    ගුණාත්මක සෞඛ්‍ය සේවාවන් සඳහා රෝගීන්ගේ අයිතිවාසිකම් සහතික කළ හැකි වනුයේ, සියලුම ක්ෂේත්‍රවල සුදුසුකම් ලත් කාර්ය මණ්ඩලයක සාමූහික ප්‍රයත්නයෙන් පමණක් බව කිව යුතු ය. තම වෘත්තීය කණ්ඩායම කල්ලියක් (Cartel) ලෙස සෑදී තමුන් පමණක් සියලු සම්පත්වල පාලන බලයන් සහිත විශේෂ අයිතිවාසිකම ලද පිරිසක් බව විශ්වාස කිරීමට තරම් රජයේ වෛද්‍ය නිලධාරී සංගමය බොළඳ වී ඇත. එමෙන් ම ‘ගුණාත්මක සේවාවක් සඳහා වූ රෝගීන්ගේ අයිතිවාසිකම්’ යන්න අරබයා රජ‍යේ වෛද්‍ය නිලධාරී සංගමයේ පිළිතුර වන්නේ තමන් සතු බලයෙන් සෙසු සෞඛ්‍ය ක්ෂේත්‍රවල ස්වාධීන ප්‍රගමනය වළක්වාලීම වන්නේ ද සාරස? ජනතා අයිතිවාසිකම් රැක ගැනීම සඳහා දේශපාලකයන්ට කළ නොහැක්කේ නම් එය තම සංගමය මඟින් කරන බව ද සාරස? එසේ වුව ද ජනතා අයිතිවාසිකම් සුරකීම ඔවුන් දන්නා එකම ක්‍රමවේදය වනුයේ වහා ක්‍රියාත්මක වන අවිචාරවත් වැඩ වර්ජන පමණක් බව ඉතිහාසය පෙන්වා දී ඇත.

    වි‍ශේෂඥ වෛද්‍ය හමුව (Channeling) යන්න 1960 මුල් භාගයේ දී වෛද්‍ය භාෂා ව්‍යවහාරය එක්වූ විශේෂිත පාඨයකි. 1960 ට පසුව සිවා ඔ‍බේසේකර සෞඛ්‍ය අමාත්‍යවරියගේ නිල කාලයේදී සහ අමාත්‍යාංශ ලේකම්වරයා වූ බාලසිංහම් මහතා සේවය කරන අවස්ථාවේදී පැවති වෛද්‍යවරුන්ගේ ඌනතාවට තාවකාලික පිළියමක් වශයෙන් වෛද්‍යවරුන්ට සිය රාජකාරි කාලය නිම කිරීමෙන් අනතුරුව චැනල් සේවයේ යෙදීම අවස්ථාව සලසා දෙන ලදී. නිදහස් සෞඛ්‍ය සේවාවක් පවතින රටක් වුව ද අද වනවිට මේ විශේෂ සේවාව සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ස්ථාවර ලක්ෂණයක් වී ඇති බව කවුරුත් දන්නා කරුණකි.

    මෙයාකාරයට අලුතින් ජනිත වූ එකම රජයේ සේවය වශයෙන් ක්‍රමයෙන් වර්ධනය ව‍ූ චැනලින් සේවාව සමඟ රජයේ ඕනෑම සෙසු නිලධාරියෙකුට හිමි සියලු පහසුකම් ඇති වෛද්‍යවරුන්ට සිය රාජකාරි වේලාවට පරිබාහිරව මුදල් ඉපයීමේ අයිතිය ද හිමි විය‍. වෛද්‍යවරුන් මෙයාකාරයට උපයන ආදායමෙන් රජයට කිසියම් බදු මුදල් අය කර ගත යුතු බව අමාත්‍යාංශ ලේකම් බාලසිංහම් මහතා එදා අවධාරණය කළේ ය. මේ අවස්ථාවේදී වෛද්‍යවරුන්ගේ දැඩි ඉල්ලීම වන්නේ ඔවුන් මෙලෙස උපයන චැනලින් ආදායම මත කිසිම බදු පැනවීමක් නොකළ යුතු බවටයි.

    ReplyDelete
    Replies
    1. හොඳයි සාරස කියන්නේ ඔබ උසස් අධ්‍යාපනය ගැන කතා කරන බව නිසා ඒ ගැන සංවාද කරමු. පසුකාලීනව ශ්‍රී ලංකාව තුළ රජයේ වෛද්‍ය නිලධාරි සංගමය නම් වූ වෘත්තීය සංගමය බිහි වූ අතර, ඔවුහු ‘සිය වෘත්තීය අයිතීන්’ සඳහා දැඩිව සටන් කරමින් එලෙසම තමන් සතු මුදල් ඉපයීමේ වරප්‍රසාදය ද ආරක්ෂා කර ගනිමින් සහ රජයෙන් වැටුප් සහ වරප්‍රසාද ලබමින් ම පෞද්ගලික රෝහල්වල ද විවිධ සේවාවන් කරමින් තම මූල්‍ය ශක්තිය වැඩි කර ගනිති. සෞඛ්‍ය අමාත්‍යංශයේ වෘත්තීය සංගමයක් වන ඔවුන් උසස් අධ්‍යාපනය පිලිබඳ කාරණාවලදී ද සිය ආධිපත්‍ය පතුරමින් මැදිහත් වෙති.

      වෛද්‍ය නිලධාරී සංගමයේ ඇතැම් නිලධාරීන් සයිටම් ආයතනය මඟින් අය කරනු ලබන අධික ගාස්තු පිළිබඳව මහ හඬින් කතා කරන අතර, වෛද්‍ය අධ්‍යාපනය වෙළෙඳ භාණ්ඩයක් නොවිය යුතු බව ද ප්‍රකාශ කරති. මේ ප්‍රකාශනය සම්ප‍ූර්ණයෙන් ම නිවැරදි ය. එසේ හඬ නඟන මොවුහු හතු පිපෙන්නාක් මෙන් මතුවන පෞද්ගලික රෝහල් පිළිබඳව මුනිවත රකිති. මේ පෞද්ගලික රෝහල් තම වෛද්‍ය සේවා ලබාදීම සම්බන්ධයෙන් සම්පූර්ණයෙන් වාගේ රඳා පවතින්නේ රජයේ විශේෂඥ වෛද්‍යවරුන් මතය. මේ රෝහල් තම ආකර්ෂණීය රංගධරයන් ලෙස මෙම වෛද්‍යවරුන් හුවා දක්වන අතර, මෙම විශේෂිත වෛද්‍යවරුන් සහ පෞද්ගලික රෝහල් අතර සැබැවින් ම ඇත්තේ අන්‍යොන්‍ය වාසිදායක සම්බන්ධතාවකි.

      ඉතින් සාරස මෙම වෛද්‍ය සංගමයට අනුව නිදහස් අධ්‍යාපනයේ මුදුන් මල්කඩ වන මේ වෛද්‍යවරුන් තම සේවාව ලබාදීමට සැදී පෑදී සිටිමින් පෞද්ගලික රෝහල්වල ධනවත් සේවාදායකයන්ට මුදලට වෛද්‍ය සේවය ලබාදෙන අතරම සංගමයේ නිලධාරීන් නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් අන්තිම ලේ බින්දුව දක්වාම සටන් කරන බව කියයි.

      නමුත් සාරස සයිටම් ප්‍රශ්නය තුළින් යම් ධනාත්මක ප්‍රවණතාවන්ද මතු වී ඇත. වෛද්‍ය අධ්‍යාපනය ලැබීමේ විකල්ප මං මාවත් ගැන විවෘත විවාදයක් ඇති වීම, වෛද්‍ය අධ්‍යාපනයට ඇති අයිතිය තෝරාගත් සුළු පිරිසකගෙන් මුදාගැනීම, සෙසු වෘත්තීය ධාරාවන් නූතන ලංකාවේ තුළ ලබාගත ඇති ප්‍රගතීන් සහ රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ අතීත සහ වර්තමාන ක්‍රියාකාරකම් සියුම් ලෙස පරීක්ෂණයකට භාජනය කිරීමේ අවස්ථාවක් ලැබීම ඒ ප්‍රවණතාවන්ගෙන් සමහරකි.

      ශ්‍රී ලාංකික වෛද්‍ය අධ්‍යාපනය සහ වෛද්‍ය ක්ෂේත්‍රයේ ප්‍රගතිශීලී විශිෂ්ටයන් ද බිහි කර ඇත. කාලෝ ෆොන්සේකා, අර්ජුන අලුවිහාරේ, ජනක ද සිල්වා, නිමල් සේනානායක, වැලන්ටයින් බස්නායක සහ මහාචාර්යවරුන් ද වෛද්‍ය මාර්ක් අමරසිංහ සහ වෛද්‍ය චන්න රත්නතුංග යන අය ඉන් කිහිප දෙනෙකි. ආචාර්ය කුමාර කළුආරච්චි මහතාත් මෙම පරපුරේ ප්‍රගතිශීලී විද්වතකු (හෝ එසේ වීමේ විශාල විභවයක් ඇති අයෙක්) බව අපගේ වංක මතයයි. ඔබගේ සෘජු බව, අවංක බව සහ සාධාරණ අදහස් නිසා මෙසේ සිතමි. මේ සම්බන්දයෙන් ඔබගේ අදහස් අප මහත් සේ අගයමු.

      Delete
    2. රජරට මෙන්ම නැගෙනහිර වෛද්‍ය පීඨ දෙකම කලබලේ දමාපු ඒවා.
      කිසිම සැලසුමකින් තොරව දඩි බිඩි ගාලා වෛද්ය පීඨ තියා කිසිම දෙයක් කරන්න බෑ.

      ඒ විදිහේ හදිසියේ කල නිසා තමා මේවායේ අඩු පාඩු ඇත්තේ. මේවාට ප්‍රධාන හේතුව යූජීසීයෙ හා වි.වි. ඉහල පරිපාලනය. තිබෙන ප්‍රශ්න රජයට නොකියා ( කියා අවධානමක් ගන්න තිබෙන අකමැත්ත ) සියල්ල හොඳන් කියා බොරුවක් කරන් යන්න බොහෝ පරිපාලකයන් කැමැතියි (වෙනත් වචන වලින් කියනවනම් ටෝක් ඉශූ කර කර පොත් පෙරල පෙරල ඉන්න ).

      මේ GMOA ගැන කියන චෝදනාව ගැන මම ඇත්තටම දන්නේ නෑ. නමුත් ඒකෙ සිසුන් කියපු විදිහට රජරටටනම් ආචාර්යවරු සොයා දෙන්න GMOA එකත් කටයුතු කරනවා. ඔවුන්ගේ (GMOA) මැදිහත්වීමෙන් රජරට පැමිනි අය සිටිනවා.

      Delete
    3. "වෛද්‍ය අධ්‍යාපනයට ඇති අයිතිය තෝරාගත් සුළු පිරිසකගෙන් මුදාගැනීම, සෙසු වෘත්තීය ධාරාවන් නූතන ලංකාවේ තුළ ලබාගත ඇති ප්‍රගතීන් සහ රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ අතීත සහ වර්තමාන ක්‍රියාකාරකම් සියුම් ලෙස පරීක්ෂණයකට භාජනය කිරීමේ අවස්ථාවක් ලැබීම ඒ ප්‍රවණතාවන්ගෙන් සමහරකි. "

      If your so called "experiment" is on for-profit medical education, then my gut feeling is that it will explode like it has exploded in India.

      And this so called experiment will leave lot of casualties and damage on its path.

      http://www.thehindu.com/opinion/op-ed/Getting-medical-education-on-track/article14162180.ece

      Delete
    4. මා සන්මිත්‍ර අතිගරු සරසතුමනි,

      ඔබගේ ලිපිය විශිෂ්ට යි! කේවට්ට උපදෙස් පිළිගෙන අනවශ්‍ය ලෙස නම් ලියා විපතේ නොවැටෙන මෙන් ආදරයෙන් ඉල්ලා සිටිමි. ඔබතුමා පවසන කාරණ සත්‍ය බව මම දනිමි. එහෙත් ඔබතුමා නෛතික ව එසඳහා සාක්‍ෂ්‍ය සොයන්නට කාලය වැය කළ යුතු නැත. ඔබතුමා දැනට අනුයන විවේචන විධි ක්‍රමය ආරක්‍ෂිත ය.

      MPhil කර ඇය නතර වී ද? කිසියම් ගැටලුවකට විධිමත් ව, තමන් ම විසඳුම් සෙවීමේ හැකියාව ප්‍රගුණ කරන්නට නම් ශාස්ත්‍රවන්තයකු ආචාර්ය උපාධියක් කළ යුතු ය. ශාස්ත්‍රාලීය ශාස්ත්‍රවන්තයකු නම් එසේ කළ යුතු ම ය. නැති නම් ඉතිං ගෝලයනට ⁣ශෝචනීය ඉරණමකි. ආචාර්ය උපාධිය යනු අභිමානයෙන් සඳහන් කළ හැකි ඉහළ ම අධ්‍යාපන සුදුසුකම ය.

      ආචාර්ය උපාධිධාරියකු තමන්ගේ නමට පිටුපසින් IELTS වැනි ප්‍රාථමික භාෂා ප්‍රවණතා සුදුසුකම් අමුණා ගන්නේ නැති බව කරුණාවෙන් සලකන්න.

      ඉහත ආලෝචනය පිළිබඳ මා අතිගරු සරසතුමාට වැදගත් ලිපියක් එවා ඇත. නො ලසා ඉලෙක්ට්‍රොනික තැපෑල පරීක්‍ෂා කරනු මැනවි.

      සරසවාදී (බයත් නැහැ; බය වෙන්න දෙන්නෙත් නැහැ)
      බන්‍ධුල කුදලාගම,
      සදම්ටනය.

      Delete
    5. අතිගරු කලානිධි බන්‍ධුල කුදලාගම මැතිතුමනි,

      //
      ඔබගේ ලිපිය විශිෂ්ට යි! කේවට්ට උපදෙස් පිළිගෙන අනවශ්‍ය ලෙස නම් ලියා විපතේ නොවැටෙන මෙන් ආදරයෙන් ඉල්ලා සිටිමි. //

      කියෙවුවෙමි. අදාල කරුන නිවැරදි කිරීම සඳහා ක්‍රියා කලෙමි. ටෝජන් අශ්වයෙකුගෙන් ප්‍රියම් රජතුමා ගේ ට්‍රෝයි පුරය බේරා දීම සඳහා ඔබ කල අනතුරු හැඟවීම ගැන ප්‍රියාම් රජතුමා ඔබට බොහෝ සේ ණයගැති ය!



      නැවත වියුනුව ට:
      අපගේ කතානායිකාවට මොන ආචාර්‍ය උපාදි ද? ඇය M.Phil උපාදිය කලෙත් වසර අටක දී පශ්චාත් උපාදි නැති ආචාර්‍යවරුන් විශ්වවිද්‍යාලයෙන් පන්නන නීතිය ට බයෙනි!

      Delete
    6. // AnonymousMay 3, 2017 at 11:02 PM //

      Dear Mr Ano,

      Are you sure you are not creating fake news? I find some evidence contradicting most of your statements.

      Thanks

      Delete
  4. ගඟෙන් එගොඩ පීඨේ කිව්වෙ, අක්බාර් පාලමෙන් එහාපැත්තෙ පීඨෙද , වෙන්න බෑනෙ

    ReplyDelete
    Replies
    1. ඔවු එකේ තමා.. ඇයි පුදුමද?

      Delete
  5. ගඟෙන් එගොඩ පීඨේ කිව්වෙ, අක්බාර් පාලමෙන් එහාපැත්තෙ පීඨෙද , වෙන්න බෑනෙ

    ReplyDelete
  6. ගඟෙන් එගොඩ පීඨේ කිව්වෙ, අක්බාර් පාලමෙන් එහාපැත්තෙ පීඨෙද , වෙන්න බෑනෙ

    ReplyDelete
    Replies
    1. තුන් සැරයක් අහලවත් උත්තරයක් දුන්නෙ නෑනෙ ඉතිං

      Delete
  7. ලංකාවේ දේශීය වෛද්‍ය පීඨ ප්‍රමිතිය සැලකීමේදී සාරස ඔබ දන්නවාද රජරට වෛද්‍ය විද්‍යාලය පටන් ගත්තේ වි ගබඩාවක බව? එතකොට රජරටට මහාචාර්ය ඒකකයක්වත් (Prof. Unit) තිබිබේ නැහැ. මා දන්න විදිහට රජරටට අදත් ඉන්නේ එක වෛද්‍ය මහාචාර්යවරයයි. යාපනය විශ්ව විද්‍යාලයට මහාචාර්ය ඒකකයක් (Prof. Unit) හැදුවෙත් පසුගිය දූෂිත රාජපක්ෂ රෙජීමයේ පාලන කාලයේයි. මඩකලපුවේ ශික්ෂණ රෝහලේ වැඩ තාමත් ඉවර නැහැ. නැඟෙනහිරට තාමත් මහාචාර්යවරු නැහැ. ඒත් ඒ වෛද්‍ය පීඨ වලින් වෛද්‍යවරු බිහිවෙනවා. මේවායේ ප්‍රමිතිය වෛද්‍ය සභාවටවත් සාරසලාටවත් ප්‍රශ්නයක් නෙමෙයි ද?

    ඇත්තම කිව්වොත් සාරස රජරට වෛද්‍ය පිඨයේ සිසුන්ගේ අරගලය වෙනත් බොහෝ පීඨවල සිසු අරගල වලට වඩා වෙනස්, කාලයක සිට වසාදමා තිබු සාලියපුර ගුරු විදුහලේ අබලන් ගොඩනැගිලි වලට පය තැබූ පළමු සිසුන් කණ්ඩායමේ සිටම ආචාර්ය/ දේශකයින්ගේ හිඟය, සායනික සහ ගොඩනැගිලි පහසුකම් හිඟය ආදි දහසකුත් එකක් ගැටළු මැද මේ සිසුන් දැන් එක් කණ්ඩාඅයමක් අවු. 5ක කාලයක් ඉක්මවා යමින් විශ්ව විද්‍යාලයේ කාලය ගත කරති. (එක්තරා කාලයක ඔවුන්ගේ පන්ති පැවැත්වුනේ පන්සලකය.) වෙනත් විශ්ව විද්‍යාලවල සමාන්තර වසරවල සහෝදර සිසුන් වෛද්‍යපීඨ වලින් පිටව ගොස් ඇත. ඔවුන්ට මහපොල ශිෂ්‍යත්වය නැත. ඒ නිසා සිසුන්ගෙන් බහුතරය පුද්ගලිකව ආර්ථික වශයෙන්ද පීඩනයට පත්වී ඇත.

    සාරස රජරට විද්‍ය පීඨයේ මෙම සිසුන් අධ්‍යාපනය පටන්ගත් දවසේ සිටම ඔවුන්ගේ අධ්‍යාපනික සහ නේවාසික ප‍්‍රශ්න වලට විසදුම් සෙවීමට සිදුවුයේ ඔවුන්ටමය. පරිපාලනය නොකරන දේ සිසුහු මැදිහත් වී කෙසේ හෝ ඉටුකර ගැනීමට උත්සාහ කළෝය. ඒ උත්සාහයන්හිදී වරදින දේවලට වරද පැටවුනේද සිසුන්ටමය. මෙම පීඨය ආරම්භයේදීම ඊට පත්වූ ඉතා දරදඩු පාලිකාවක් වූ හිටපු පීඨාධිපතිනිය විසින් ඇතිකල ගැටළු වලට උත්තර සෙවීමට සිදුවයේද සිසුන්ටමය.

    කෙසේ හ්හෝ ඊට පසුව පත්වූ විශ‍්‍රාමික පීඨාධිපතිනිය ඇතුලූ මුලික ආචාර්ය මණ්ඩලයේ සීමාකම් අතික‍්‍රමණය කිරිමට සිදුවුයේද සිසුන්ටමය. මේවා සිසුන් විසින් පමණක් නොව ආචාර්ය මණ්ඩලය විසින්ද නගන අදෝනා ලෙස හඳුනාගත හැක. රජරට වෛද්‍යපීඨයේ සිසුන් මුහුණ දෙන ගැටළු පිළිබඳව පාලන අධිකාරිය සානුකම්පිතව බලනවාද නැත්ද යන්න තේරුම් ගැනීම සදහා එක් උදාහරණයක් හොදටම සෑහෙනු ඇත. සිසුන්ට ලබාදෙන විශේෂ සටහන් විශ්ව විද්‍යාලය මගින් ඩුප්ලෝ යන්ත‍්‍රයකින් මුද්‍රණයකොට බෙදාහැරියහොත් සිසුන්ගෙන් අයකලයුතු වන්නේ ඉතා සුළු මුදලකි. නමුත් පාලන අධිකාරිය සිසුන්ගෙන් වියදම අයකරගනිමින් හෝ එවැනි සුළු සහනයක් හෝ ලබාදීමට සුදානම් නැත. ඒ නිසා එම සිසුන්ට මසකට රු. 1,000 සිට 2,000 දක්වා පමණ මුදලක් වැයකොට පුද්ගලිකව පිටතින් ෆොටෝකොපි කල පිටපත් ලබාගැනීමට සිදුවී තිබුණා සාරස දන්නවා නේද?

    ReplyDelete
    Replies
    1. // මෙම පීඨය ආරම්භයේදීම ඊට පත්වූ ඉතා දරදඩු පාලිකාවක් වූ හිටපු පීඨාධිපතිනිය විසින් ඇතිකල ගැටළු වලට උත්තර සෙවීමට සිදුවයේද සිසුන්ටමය. //

      // සාරස දන්නවා නේද? //

      පෞද්ගලිකව දනිමි.. නොම්මර එකේ හෙරකි.. පේරාදෙණි වෛද්ය පීටේ සේවය කරනා අතරම SAITM කේ උප කුලපතිනි විය ... දැන් මිය පරලොව ගොසිනි!


      රජරට වෛද්ය පීටේ දුශ්කරතා හොඳින් දනිමි. එය බොහෝ කාලයක් ආචාර්‍යවරු කීපදෙනෙකුගේ අත් අඩන්ඟුවේ පැවතුනේය. ඔවුන් පුලුවන් තරම් පීටයෙන් කිරි දොවාගත් හ!!

      Delete
    2. හුටා එයාද ?

      මුණ ගැහුනු දාක විස්තරයක් කියන්නං. මතක් කරන්න

      Delete
    3. // හුටා එයාද ?

      මුණ ගැහුනු දාක විස්තරයක් කියන්නං. මතක් කරන්න //

      මල් මාමා මල්කාන්තිව දනී එහෙනම් ............

      Delete
    4. හුටාම තමයි...
      ඇය මගේ ද ගුරුවරියකව සිටියාය. එකල් හී නම් ඇය පෙනී සිටියේ සිසුන්ගේ ප්‍රශ්ණ ගැන සංවේදී, ප්‍රගතිශීලී කථිකාචර්‍යවරියක සේය...

      Delete
    5. //Asanga ManpitiyaMay 4, 2017 at 1:47 AM

      හුටාම තමයි...
      ඇය මගේ ද ගුරුවරියකව සිටියාය. එකල් හී නම් ඇය පෙනී සිටියේ සිසුන්ගේ ප්‍රශ්ණ ගැන සංවේදී, ප්‍රගතිශීලී කථිකාචර්‍යවරියක සේය... //



      මුදල් දෙනවානම් ඕනෑම දෙයක් කිරීමට ඈ සූදානම් ව සිටියාය. වෛද්ය ප්‍රදර්ශන වල දී මුදල් පිල්ලි යැවූ අන්දම දක්වන අභ්‍යන්තර විගනන වාර්තා මා සතුව පවතී.

      පේරාදෙනි වෛද්ය පීට කාය ව්‍යච්චේද විද්‍යා Chair Professor වන අතරම ඈ SAITM හී උපකුලපති ලෙස සේවය කලාය. එකල විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ වෛද්ය පීට වෙනුවෙන් වූ නියෝජිතවරිය ලෙස ද දේශපාලනිකරනය වූ පත්වීමක් ලබා සිටියාය. කියනවානම් අවභාවිතා, වන්චා රැසකි. කොහොමද සෙල්ලම?

      Delete
    6. රජරට මෙන්ම නැගෙනහිර වෛද්‍ය පීඨ දෙකම කලබලේ දමාපු ඒවා.
      කිසිම සැලසුමකින් තොරව දඩි බිඩි ගාලා වෛද්ය පීඨ තියා කිසිම දෙයක් කරන්න බෑ.

      ඒ විදිහේ හදිසියේ කල නිසා තමා මේවායේ අඩු පාඩු ඇත්තේ. මේවාට ප්‍රධාන හේතුව යූජීසීයෙ හා වි.වි. ඉහල පරිපාලනය. තිබෙන ප්‍රශ්න රජයට නොකියා ( කියා අවධානමක් ගන්න තිබෙන අකමැත්ත ) සියල්ල හොඳන් කියා බොරුවක් කරන් යන්න බොහෝ පරිපාලකයන් කැමැතියි (වෙනත් වචන වලින් කියනවනම් ටෝක් ඉශූ කර කර පොත් පෙරල පෙරල ඉන්න ).

      මේ GMOA ගැන කියන චෝදනාව ගැන මම ඇත්තටම දන්නේ නෑ. නමුත් ඒකෙ සිසුන් කියපු විදිහට රජරටටනම් ආචාර්යවරු සොයා දෙන්න GMOA එකත් කටයුතු කරනවා. ඔවුන්ගේ (GMOA) මැදිහත්වීමෙන් රජරට පැමිනි අය සිටිනවා. රජරට දැනට මහාචාර්යවරු 6 or 7 ඉන්නවා.

      Delete
    7. // මේ GMOA ගැන කියන චෝදනාව ගැන මම ඇත්තටම දන්නේ නෑ. නමුත් ඒකෙ සිසුන් කියපු විදිහට රජරටටනම් ආචාර්යවරු සොයා දෙන්න GMOA එකත් කටයුතු කරනවා. ඔවුන්ගේ (GMOA) මැදිහත්වීමෙන් රජරට පැමිනි අය සිටිනවා. රජරට දැනට මහාචාර්යවරු 6 or 7 ඉන්නවා. //

      +++++++++++

      Delete
    8. ලංකාවෙ ආණ්ඩුවේ ඉස්පිරිතාලවල වල ඉන්න GMOA ගෝත්‍රික ත්‍රස්ත කල්ලියට සම්බන්ධ දොස්තරලා තරම් කුහක, හීනමානයෙන් හා ඊර්ෂ්‍යාවෙන් පිරි සත්ව කොට්ටාශයක් වෙනත් කිසිම රටක නැත.

      ලාංකික සිසුන් නේපාලය, බංග්ලාදේශය, චීනය, බෙලරුස් ආදී රටවලින් ගෙන එන වෙද උපාධිවල ප්‍රමිතිය ගැන අන්දෝසංසාරයක් නොසොයන හා නොදොඩන මේ පිස්සු වාහෙලා SAITM යට විරුද්ධ සේම,

      හෙද සේවයේ සිව් අවුරුදු සම සෞඛ්ය උපාධියට එරෙහිව සටන් කර ආණ්ඩුව බිය ගන්වා එය අවුරුදු තුනේ උපාධියක් කර එහි ජාත්‍යන්තර පිළිගැනීම අහෝසි කරමින් හා

      සහකාර වෛද්‍ය (AMP) වරුන්ට වෛද්‍ය උපාධිය ලබා ගැනීමේ සාධාරණ අයිතියට එරෙහිවී එම AMP වරුන් වෘත්තීය වශයෙන් වැඩි දියුණුවී රෝගීන්ට වඩා ප්‍රශස්ත සේවයක් ලබාදීමේ අවස්තාව නැති කරමින්

      ඊර්ෂ්‍යාව, කුහකකම හා අධි ආත්මාර්ථය මත සාපරාධී දේශපාලන අරමුණු ඉටුකර ගැනීමට GMOA නඩය හා මෝල් කාන්තලා උන්මත්තක අයුරින් ත්‍රස්තවාදී සටන් කරන්නේ අසරණ රෝගීන්ගේ මලකදන් මතින් හෝ පරාජිත මහා රජාව නැවත රජ කරවීමටයි.

      වෛද්‍ය රුවන් එම් ජයතුංග

      Delete
    9. // AnonymousMay 4, 2017 at 8:31 AM

      ලංකාවෙ ආණ්ඩුවේ ඉස්පිරිතාලවල වල ඉන්න GMOA ගෝත්‍රික ත්‍රස්ත කල්ලියට සම්බන්ධ දොස්තරලා තරම් කුහක, හීනමානයෙන් හා ඊර්ෂ්‍යාවෙන් පිරි සත්ව කොට්ටාශයක් වෙනත් කිසිම රටක නැත. //

      පුදුමයට කාරනය නම් පහත නම සඳහන් ඔබත් මේ අපූරු සන්විදානයේ ශ්‍රී ලන්කා ලේබලය යටතේ ලියාපදින්චි වෙන්න උත්සාහ කර බැරි වී ඇක්ට් 16 ලේබලය යටතේ සම්බන්ද වී දැන් මිදි තිත්ත යැ‍යි කීම ය!

      තව පුදුමයට කාරනය නම් ඔබ කී දේ දැන දැනම ශ්‍රී ලාන්කික මවුපියන් 100% තම දූ දරුවන් එම බයන්කාර කුහක සන්ගමයේ සාමාජිකයන් කරන්නට නොකරන කැප කිරීමක් නැති වීමයි...

      Delete
    10. සරස තුමනි... කන්න බැරි වුනාම රුවන් කියල නරියෙක් මිදි තිත්තයි කිව්වලු...

      Delete
    11. අමතක කරන්න එපා එහෙම පටන් ගත්ත රජරට වෛද්‍ය පීඨයේ එම පීඨය පටන් ගද්දි සාමාන්‍ය වෛද්‍යවරු විදියට ඇවිත් අද මහාචාර්යවරු විදියට එහිම සේවය කරන, උසස් අධ්‍යාපන ඇමතිට කනේ ඇබ ගහගන්න මූණටම කියපු උදවියත් ඉන්නව කියලා.

      Delete
    12. // AnonymousMay 6, 2017 at 12:22 AM

      අමතක කරන්න එපා එහෙම පටන් ගත්ත රජරට වෛද්‍ය පීඨයේ එම පීඨය පටන් ගද්දි සාමාන්‍ය වෛද්‍යවරු විදියට ඇවිත් අද මහාචාර්යවරු විදියට එහිම සේවය කරන, උසස් අධ්‍යාපන ඇමතිට කනේ ඇබ ගහගන්න මූණටම කියපු උදවියත් ඉන්නව කියලා. //

      Yes, I know.

      Delete
    13. // AnonymousMay 6, 2017 at 12:10 AM

      සරස තුමනි... කන්න බැරි වුනාම රුවන් කියල නරියෙක් මිදි තිත්තයි කිව්වලු... //


      මිදි කොහෙද තිත්ත?
      නරි කියයිද ඇත්ත?

      Delete
  8. සරස

    නුඹලාගේ ගෝඨා ජනාධිපති වීම හීනයක් පමණයි. නමුත් ආප්පසේනයව සතේකට විශ්වාස කරන්න බෑ. ඌ පිස්සුවක් කෙලලා කොහෙවත් යන ගෝඨෙක් නිකන්ම පුටුවේ වාඩිවෙන්න ඉඩ තිබෙනවා. එම අනතුර ගැන අප දැඩි අවබෝදයෙන් ඉන්නේ. එනිසා අප එම අනතුර පරාජය කොට තුන්වන වරටත් ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය ධූරයට පත් වූ රනිල් වික්‍රමසිංහ මැතිතුමා 2/3 බලයෙන් 2020 ජනපති කරවනවා.

    එ.ජා.ප. ය නැවත නැවතත් බලයට පත් වූ 17 වසරක කාලය තුළ ජවසම්පන්න තරුණ දේශපාලනඥයකු වූ රනිල් වික්‍රමසිංහ මැතිතුමා රටේ සංවර්ධනය කෙරෙහි තීරණාත්මක බලපෑමක් කිරීමට සමත් විය. (ඉංග්‍රීසි, තාක්‍ෂණවේදය හා පරිගණක කුසලතා විෂයයෙහි විශේෂ අවධානයක් යොමු කරමින්) පාසල් අධ්‍යාපනයෙහි හා අධ්‍යාපන පරිපාලනයෙහි ගුණාත්මක ප්‍රගතියක් අත්පත් කර ගැනීමේ අරමුණෙන් 1980 ගණන්වලදී ඔහු විසින් ආරම්භ කරන ලද රැඩිකල් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හේතු කොට ඔහු අද දක්වා ද මෙරට බිහි වූ සාර්ථකම අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් සළකනු ලැබේ.

    යෞවන සමාජ හා යොවුන් පුර හරහා සිදු කරන ලද නිර්මාණාත්මක, දිරිමත් කරවන සුළු මෙන්ම කුසලතා සංවර්ධන වැඩසටහන් මගින් ඔහු විසින් ශ්‍රී ලාංකික තරුණ පිරිස් බලගන්වන ලදී. පසුකාලීනව, කර්මාන්ත, විද්‍යා හා තාක්‍ෂණ කටයුතු අමාත්‍යවරයා වශයෙන් ඔහු කාර්මික ජනපදවල යටිතල පහසුකම් සංවර්ධනය හා ආයතනගත කිරීම් හරහා ග්‍රාමීය ප්‍රදේශයන්හි මූල්‍යමය සීමා ඉවත් කිරීම හා කාර්මික ප්‍රවර්ධනය සිදු කිරීමේ අරමුණින් 1989 දී ආරම්භ වූ ශ්‍රී ලංකාවේ ආර්ථික නිදහස්කරණයෙහි හෙවත් ආර්ථික ලිබරල්කරණයෙහි දෙවන වටය ක්‍රියාත්මක කිරීමෙහි පුරෝගාමියා විය. බියගම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වශයෙන් ඔහු විසින් තම ඡන්ද කොට්ඨාශය අති නවීන කාපට් කළ මාර්ග, විදුලියකරණ යෝජනා ක්‍රම, ජල හා සනීපාරක්‍ෂක ව්‍යාපෘති, පාසල් හා ප්‍රජා මධ්‍යස්ථාන හා අනෙකුත් යටිතල පහසුකම් සහිතව අදහාගත නොහැකි තරමේ සංවර්ධනයක් කරා රැගෙන යන ලදී. පුළුල් පරාසයක විහිදෙන්නා වූ කර්මාන්ත ගණනාවක දහස් ගණනක් වූ තරුණ තරුණියන් වෙත රැකියා අවස්ථා සම්පාදනය කරනු පිණිස ඔහු විසින් බියගම නිදහස් වෙළඳ කලාපය ද පිහිටුවන ලදී.

    2020දීත් බෞද්ධ ගෝත්‍රික චන්ද අපට එපා. දමිළ, මුස්ලිම් සහ ක්‍රිස්තියන් සහෝදරවරුන්ගේ ඡන්ද ටික හොදටම ඇති. අමු ජාතිවාදී බෞද්ධ පට්ට ගෝත්‍රිකයින් සුළුතරය මෙරටින් තුරන් කොට අපි සැබෑ සාමකාමී සුපිරි රටක් ගොඩ නගනවා 2020 න් පසුව. සහජීවනයේ අලුත් දේශයට ජීසස් ඊට දැනටමත් ආශිර්වාද කොට හමාරයි.

    "එහෙත් සමිඳාණන් වහන්සේ විශ්වාසවන්ත ය. උන් වහන්සේ ඔබ ශක්තිමත් කොට නපුරාගෙන් ඔබ ආරක්ෂා කරන සේක". ( 2 තෙසලෝනික 3 : 3 ).

    "ඔවුන් මා හට දෙවා වදාළ මාගේ පියාණන් වහන්සේ සියල්ලන්ට ම වඩා ශ්‍රේෂ්ඨ ය. පියාණන් වහන්සේගේ අතින් ඔවුන් පැහැර ගන්නට කිසිවෙකුට නොහැකි ය." ( ජොහන් 10 : 29 )

    "දෙවියන් වහන්සේගේ විමුක්තිදායක අරමුණ එළිදරව් කරන්නට යන අන්තිම කාලය දක්වා, ඔබගේ ඇදහිල්ල නිසා දෙවියන් වහන්සේගේ බලය කරණකොටගෙන ඔබ ආරක්ෂා කරනු ලබන්නහු ය." ( 1 පේදුරු 1 : 5 )

    "එඬේරෙකු සේ එතුමාණෝ, තම රැළ පෝෂණය කරන සේක; දෑතින් බැටළු පැටවුන් වඩාගෙන, ළයෙහි උන් හොවාගෙන යන සේක; කිරි දෙන බැටළුදෙනුන්ට මඟපෙන්වන සේක." ( යෙසායා 40 : 11 )

    "මම විපත්ති මැද හැසිරෙම් නමුත් ඔබ මා රැක බලාගන්න සේක. ඔබ මාගේ සතුරන්ගේ උදහසට විරුද්ධ ව ඔබේ හස්තය දිගු කරන සේක. ඔබේ සුර’තින් ඔබ මා ගළවන සේක." ( ගීතාවලිය 138 : 7)

    "හිමි තුමන්ගේ දූතයා දේව බය ඇති අය වට කර, කඳවුරු බැඳ, ඔවුන් මුදා හරියි." ( ගීතාවලිය 34 : 7 )

    ReplyDelete
    Replies
    1. Ano 11.54 PM

      //අමු ජාතිවාදී බෞද්ධ පට්ට ගෝත්‍රිකයින්//

      දැන් ඉන්නේ ඉස්සර හිටපු, දේශපාලකයන් ඉල්ලන ඉල්ලන විදියට ඡන්දේ දීපු සිංහල බෞද්ධ ජනතාව නෙමෙයි. ඒ හින්දා තම තමන් හිතන විදියට මිනිස්සුත් හිතයි කියලා හිතනවා නම්, වැරදිලා.

      නමුත් ජනාධිපතිවරණෙට ඉදිරපත් වෙන්න ඉස්සෙල්ල ගෝඨාභය තමන්ගේ නම clear කරගෙන ඉන්න ඕනේ.

      මීට කලින් තරඟ කල වෙනත් ජනාධිපති අපේක්ෂකයන් කිසි කෙනෙකුට නොවුනු විදියට ගෝඨාභයට බරපතල දූෂණ, වංචා, මිනීමැරුම්, පැහැර ගැනීම් සහ අතුරුදහන් වීම ගැන චෝදනා තියෙනවා. නඩු තියෙනවා. ඒවාට තමන් නිර්දෝෂයි කියන එක ඔප්පු කරන එක අනිවාර්යයෙන්ම කලයුතු වෙනවා.

      උසාවියෙන් ඔප්පු කරන තුරු ඕනෑම කෙනක් නිර්දෝෂයි කියන එක හැමෝටම අදාල වුනාට, රටක අනාගත බාර ගන්න ඉදිරපත් වෙන ජනාධිපති අපේක්ෂයෙකුට ඊට වඩා වගකීමක් තියෙනවා මේ බරපතල චෝදනා වලට තමන්ගේ නිර්දෝෂී භාවය ඔප්පු කරලම ඉදිරිපත් වෙන්න.

      Delete
    2. Anonymous May 3, 2017 at 11:54 PM

      2015 ජනවාරි 08 මහින්ද මහත්තය චන්ද ලක්ෂ 107 ක් තියෙන පලාත් 7 කින් වැඩි චන්ද ලක්ෂ 2 කින් දිනුව ප්‍රජාතන්ත්‍රවාදීව.ඒත් සිරිසේන චන්ද ලක්ෂ 13 ක් තියෙන උතුරෙන් හා නැගෙනහිරින් දිනුව වැඩි චන්ද ලක්ෂ 6 කින් ජාති වාදීව සහ බෙදුම්වාදීව.

      ලබන සැරේ ඡන්දෙ ආවම සිංහල බෞද්ධ ඡන්ද විතරක් නොවෙයි අනෙක් චන්දත් මහින්දටම තමයි. මොකද මේ රටේ බහුතර මිනිස්සු කැමති නැහැ සම ලින්ගික සේවනය නීතිගත කරල මහ බැංකුව මහ දවල් කඩල ඉස්කාගාර දාන්න. තොපි ඊලඟ චන්දෙන් පස්සෙ යන්න ඕන නැහැ මේ රටෙන් එලවලම දානව දෙශප්‍රේමී ජනතාව එකතුවෙලා. ඒක මහින්ද මහත්තයටවත් නවත්වන්න බැරිවෙයි. ටොපිට අමතකද මහින්ද මහත්තයගෙ කාලෙ කොටි මිනිස් බෝම්බ පුපුරවල දහස් ගනන් මින්ස්සු කොලබත් මරද්දිත් අපේ අගනුවර කොළඹ සිංහල, දෙමළ මුස්ලිම් ජනතාව ආගම් බේධයකින් තොරව කිසිම ආරවුලක් කලහයක් නැතිව සහයෝගයෙන් හිටිය බව. කාලකන්නි ජාතිවාදී ආගම්වාදී ගොත්‍රිකයො තොපි ඩැන්මම මේ රටෙන් පලයවු.

      Delete
    3. එඬේරෙකු සේ එතුමාණෝ, තම රෝයල් රැළ පෝෂණය කරන සේක.

      Delete
    4. ඇනෝ May 3, 2017 at 11:54 PM

      ඇනෝ රනිල් බටලන්ද කොමිසමෙන් වැරදි කාරය වුණා 1994න් පස්සෙ. මේ වගෙ කෙනෙක් මන්ත්‍රීවරයෙක් නො විය යුතුයැයි මත පවා පළ වෙලා තියනවා. හැබැයි ඒත් ඉතින් ඉල්ලලා තව දෙපාරක්ම අගමැතිත් වුණා. (ඒත්, මහින්දලා එච්චරම අප්ප්‍රසාදයට පත් කරවල තිබුන 2015 ඡන්දෙ වෙලාවෙ වත් ජනතාව රනිල්ට පාර්ලිමේන්තුවෙ වැඩි බලය දෙන්න තරම් විශ්වාස කළේ නෑ. මොකක් හරි තුට්ටු දෙකේ ජල්තරයක් / තක්කඩි කමක් කළේ නැත්නම් ඊ ළඟ වාරයෙත් ඒ සම්පැත්තියම තමයි.)

      ඒ වගේම රනිල් ඉතා කයිරාටික බොරුකාරයෙක් වග ඔප්පු කරල තියනවා. රනිල්, රාජිත, රවි, චම්පික සියල්ලන්ටම ඉතා තදබල චෝදනා තියනවා.මයිත්‍රී පාල ජනපතිටත් අල්ලස් චෝදනා තියනවා. රටේ ව්‍යවස්ථාව කිහිප වාරයක් ම කඩකරල තියනවා. හොර තක්කඩි රැළකගේ හොරකම් නවත්තන්න තබා කැබිනට් එකවත් වෙනස් කර ගන්න බැරි ඉතා දුර්වල පාලකයෙක් වග එතුමා දැනටම ඔප්පු කරලා තියනවා. රැස්වීම්වලදි ඉතා හිස් ප්‍රලාප කියවනනවා. මේ ඔක්කෝම ඊළඟ ජනාදි පති කමට ඉල්ලන්න සැලසුම් කරනවා. රනිල්ට හොරෙන් රාජිතල, චම්පිකලත් වෙනම ගේම් ගෙනියනව 2020 ජනාධිපති වෙන්න.

      දෙවෙනි වර ජනාදිපතිවරණයට පෙර මහින්ද රාජපක්ෂට විශාල චෝදනා තිබුනා. මිනී මැරුම් චෝදනා තිබුනා. නිවිතිගල චොකා මල්ලි මිනී මැරුම් නඩුවක් පිට රිමාන්ඩ් හිටියා. චන්දෙ ඉල්ලුවා. නමුත් ජනතාව ප්‍රතික්ෂේප කළේ නෑ.

      ආණ්ඩුව පටලවන චෝදනා හා පොලීසියේ බී වාර්තා බල තරඟයට ආණ්ඩුව පටලවන බොරු.මිනිස්සු ඕව පිලිගන්නෙ නෑ.පල ඇති රුකට ගල් පාරවල් වදිනවා.නෙල්සන් මැන්ඩෙලාට, අවුන්සාන් සූකිට නඩු කීයක් තිබුනාද?හිරේ ඉඳගෙන දිනුවා.

      ගෝටා ඉල්ලයිද නැද්ද දන්නෙ නෑ.මිනිහ හිරේ දාන එක පොන්සේකල වගෙ අයගෙ වුවමනාව.ඒත් මිනිහ රිමාන්ඩ් කළොත් ආංඩුව එයාට උදව්වක් කරනවා. චන්දෙට ඉල්ලවනවා. බොරු චෝදනා ඔප්පු කර ගන්න වෙලාවක් නෑ. ජීවිතයට තර්ජනයක් නැතිවම දිනනවා. මේ නිසා රනිල් වගෙ සූත්තර කාරයින් ට ඕනැ මිනිහ රිමාන්ඩ් කරවන්න නෙවෙයි. ප්‍රතිරූපය කාල දම්මවල ඉල්ලවන්න.

      එතකොට අනික් පැත්තෙ චන්ද කැඩුනම තක්කඩිය දිනනවා කියල හිතනවා.

      ලෝක චක්කරේ ඔහොමයි.

      Delete
    5. // ලෝක චක්කරේ ඔහොමයි. //

      +++++++++++++++

      ආවඩා ආයුබෝ වේවා!

      Delete
    6. @ Anonymous May 3, 2017 at 11:54 PM

      "එනිසා අප එම අනතුර පරාජය කොට තුන්වන වරටත් ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය ධූරයට පත් වූ රනිල් වික්‍රමසිංහ මැතිතුමා 2/3 බලයෙන් 2020 ජනපති කරවනවා."

      සගය, මේ නම් මන පිනවන අදහසකි. මීට යමක් එක් කිරීමට කැමැත්තෙමි. මේ තුනෙන් දෙකේ කතා බොහෝ විට අසා ඇත්තෙමි. තුනෙන් දෙකක් නොව සාර්ථක ප්‍රතිපල පිණිස තුනෙන් තුනම අවැසිය. යම් ප්‍රතිපලයක් පිණිස නම් යටත් පිරිසෙයින් ප්‍රධාන එක සහ සෙසු දෙකින් එකක්වත් ඇවැසිය.

      මෙවන් ඇනෝවරුන් රනිල් වික්‍රමසිංහ මැතිතුමා දෙස් නයු බවට ඔසවන්නට උත්සුක වනුයේ ප්‍රධාන එක අමතක කරමින් ඉතිරි දෙක මත විශ්වාසය තබා පරිකල්පනය කරන තුනෙන් දෙකේ බලයෙනි.

      ප්‍රධාන එක අමතක කර ඉතිරි දෙකෙන් අසවල් කිරිය කෙරුමට තැත් දරු සියලු පුඟුලන්ට අත්වූ ඉරණම මුන්ටද අත්වනු නිසැකය.

      - මයුරවිල මි.

      Delete
    7. //
      ප්‍රධාන එක අමතක කර ඉතිරි දෙකෙන් අසවල් කිරිය කෙරුමට තැත් දරු සියලු පුඟුලන්ට අත්වූ ඉරණම මුන්ටද අත්වනු නිසැකය. //

      හෆොයි..

      වේලෙන්නත් කලින් පත්තරෙත් දාලා.........

      Delete
  9. ' සරස තුමා මේ කතාව යාලුවෙකුට කිවුවාම එයා විස්වාස කලේම නෑ... මොන පිස්සුද, ඔය දන්ත වෛද්ය පීටෙ මහාචාර්‍යවරයෙක් නේ ටී වී එකේ සාකච්චා වලට SAITM පැත්ත වෙනුවෙන් සාබාගී වෙන්නෙ... ඔය කතාව ඇත්තනම් වල ප්‍රමිතිය අවුල් ය, සුදුසුකම් නැති ආචාර්යමන්ඩලයක් ය ඉන්නේ කියලා කියලා එයා ප්‍රසිද්දියේම කියන්නෙ නැද්ද??? යාලුවා සරස තුමාගෙන් ඇහුවා.

    යාලුවා දන්නේ නෑ අපේ ඌනසාමාර්ථ කතානායිකාව කසාදා බැඳලා ඉන්නේ SAITM වෙනුවෙන් නිර්භීතව සටන් වදින ඒ මහාචාර්ය තුමා ය කියලා.! ඉතින් කොහොමෙයි දන් වලඳන්නෙ හිටන්???'

    මේ කතාව තේරුනේ නෑ ගරු සාරසතුමා. සයිට්ම් එක වෙනුවෙන් දන්ත වෛද්‍ය පිඨයේ මහාචාර්ය කෙනෙක් සහභාගී වෙන්නේ කොහොමද? එයාගේ බිරිඳ සයිටම් එකේ වැඩ කරනවා කියලද මේ කියලා තියෙන්නේ?

    මගේ අයියලා දෙන්නා, අක්කා සහ නෝනා වෛද්‍යවෘත්තීයේ නිරත වන්නේ. මේ සියලුම දෙනා කොළඹ වෛද්‍ය පිඨයේ ඉගෙන ගත්තේ. අක්කා නම් ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සිදුවූ ගැටලුවක් නිසා දැන් බ්‍රිතාන්‍යයට ගිය රට එපා වී. සහෝදරයන් දෙදෙනා නම් මෙහෙ ඉන්නේ. ඔවුන් දෙදෙනා නම් GMOA එක ගැන ප්‍රසාදයක් නැහැ. සයිටම් එක ගැනත් ලොකු විරෝධයක් නැහැ වගේ. මගේ නෝනා නම් තාම ඉන්ටර්න්. ඒ නිසා ෆැකල්ටි එකේදී දක්වපු සයිටම් විරෝධය තාම තියෙනවා. හැබැයි ඒක කලින් තරම් තදබල විරෝධයක් නෙමෙයි. මොකද වෙලාවකට එයා කියනවා අපේ ළමයෙක් උනත් දාගන්න පුළුවන් වෙයි නේද මේ වගේ PMC තිබුනොත් කියලා.

    සාරසතුමා ගේ අදහස මොකක්ද සයිටම් එක ගැන. මේක අහෝසි කරන්න ඕනිද? නැත්තම් PMC හොදද? කියන්නකෝ වෛද්‍යවරයෙක් හැටියට ඔබතුමාගේ අදහසත්.

    ReplyDelete
    Replies
    1. //
      මේ කතාව තේරුනේ නෑ ගරු සාරසතුමා. සයිට්ම් එක වෙනුවෙන් දන්ත වෛද්‍ය පිඨයේ මහාචාර්ය කෙනෙක් සහභාගී වෙන්නේ කොහොමද? එයාගේ බිරිඳ සයිටම් එකේ වැඩ කරනවා කියලද මේ කියලා තියෙන්නේ? //

      නැහැ..දෙදෙනාම දන්ත වෛද්‍ය පීට ආචාර්‍ය මන්ඩලේ..
      ඔවුන් ගේ එක් දරුවෙක් SAITM හී ඉගෙන ගන්නා නිසා මහාචාර්‍ය පියා SAITM වෙනුවෙන් ටී වී සාකච්චා වල පෙනී සිටී..


      //
      සාරසතුමා ගේ අදහස මොකක්ද සයිටම් එක ගැන. මේක අහෝසි කරන්න ඕනිද? නැත්තම් PMC හොදද? කියන්නකෝ වෛද්‍යවරයෙක් හැටියට ඔබතුමාගේ අදහසත්. //

      ම පෞද්ගලික අධ්යාපනයට විශේශයෙන් පෞද්ගලික වෛද්ය අධ්යාපනයට විරුද්ද නැහැ.

      මා රජයේ සේවය කරන්නෙත් නැහැ. කිසිම වෛද්ය වෘතීය සන්ගමයක සාමාජිකයෙක් ද නොවෙයි.

      මා වෛද්‍ය සන්ගම් වල සාමාජිකයන්ගේ ක්‍රියාකලාපයේ මෙන් ම ආයතනයේ කලමණාකරනයේ ද දෝස හා අඬුලුහුඬු කම් දකිනවා.

      පෞද්ගලික මෙන් ම රාජ්‍ය විශ්වවිද්යාල වල ද අඩු ලුහුඬු ඇත්නම් ඒවාට විරුද්ද වෙනවා. අද ලියූ මේ ලිපියම එයට උදාහරනයක්!

      ඔබට අමතකව ඇති තව දෙයක් මතක් කරන්නම්, ඔබ ඇතුලු බොහේ දෙනා GMOA කියමින් විවේචනය කරන්නේ GMOA සාමාජිකයන් ගේ නොව Government Medical Specialists Association සාමාජිකයන් ගේ ක්‍රියාකලාපය බවයි! මේක ඔබ පමනක් නොව බොහෝ දෙනා කරනා අත්වැරැද්දක්!


      SAITM ගැන විශේශයෙන් තව දෙයක් කියන්න ඕනේ. වෛද්ය නෙවිල් ප්‍රනාන්දු ගේ බාල පුතා ක්‍රිශාන්ත සරස තුමා සමග එක පන්තියේ ඉගෙන ගත් කෙනෙක්. ඒත් ඇත්ත කියන්න ඕනෑ. වෛද්ය නෙවිල් ප්‍රනාන්දු කියන්නේ වෛද්‍ය විද්‍යාලයක් පටන් ගන්න තරම් ලෝකේ වෙනත් වෛද්‍ය විද්‍යාල වල ඉගෙනගත්තු, පුහුනු වුනු කෙනෙක් නෙවෙයි. එතුමා මුදල් බලෙන් ඕනෑම දෙයක් කරන්න පුලුවන් කියා සිතනා කෙනෙක්. නීතිය ගැණ වැඩි තැකීමක් නැහැ. තමන් ගේ මතේම විතරයි. තමන් ට කිසිම පස්චාත් උපාදි නැතිවම තමන් ව මහාචාර්ය කෙනෙක් කියලා පත් කර ගත්තු හාදයෙක්! ඒ වෛද්ය නෙවිල් ප්‍රනාන්දු වැඩ කරනා විදියයි. එවැනි ආයතනයක වැඩ කරනා අනෙක් ආචාර්‍ය මන්ඩලේ නිදහසේ නෙවෙයි ඉන්නේ. වෛද්ය නෙවිල් ප්‍රනාන්දු ට බයේ තමා ඒ ගොල්ලෝ ඉන්නේ. එවන් තත්වයක අද්‍යාපනය ගැණ කුමන කතා ද?

      මා පෞද්ගලික වෛද අද්‍යාපනය වෙනුවෙන් පෙනී සිටිනවා. එහෙත් එම පෞද්ගලික වෛද්‍ය විද්‍යා ආයතන වලට මුල් වී වැඩ කල යුත්තේ, පීඨ මන්ඩල වල සිටිය යුත්තේ ලන්කාවේ මෙන් ම විදෙස් විශ්ව විද්‍යාල වල උපාදි සහ පස්චාත් උපාදි ඇති, ඉහලට ඉගෙනගත් අය මිසක් නෙවිල් ප්‍රනාන්දු වැනි සාමාන්‍ය ජී පී කෙනෙක් නෙවෙයි!!!

      Delete
    2. වර්තමානයේ GMOA තම ස්වාමියා ලෙස සලකන්නේ මහින්ද රාජපක්ෂය. වැඩවර්ජනයට සම්බන්ධවන සියළුදෙනා එය කරන්නේ තම ස්වාමියා වෙනුවෙනි. බේත නම් 1980 කරපු දේමය. (පොල්ලක් අරගෙන ඔය වර්ජන ගර්ජන කරන එවුන්ගේ පුක පලන්න ඕනේ.... ජේ.ආර්.ගේ ආණ්ඩුව කාලේ වගේ...)

      - අජිත් ධර්මකීර්ති

      Delete
    3. චී...... අජිත් ඔයා?

      Delete

    4. ඔබතුමාගේ ස්ථාවරය අතිවිශිෂ්ට ය. මා සැම දා පෙනී සිටියේ ද එම අදහස සඳහා ම ය.

      සරසවාදී (බයත් නැහැ; බය වෙන්න දෙන්නෙත් නැහැ),
      බන්‍ධුල කුදලාගම,
      සදම්ටනය.

      Delete
    5. මා සන්මිත්‍ර අතිගරු සරසතුමනි,

      මා අදහස් කළේ පහත සදහන් අදහස ය:

      //
      මා පෞද්ගලික වෛද අද්‍යාපනය වෙනුවෙන් පෙනී සිටිනවා. එහෙත් එම පෞද්ගලික වෛද්‍ය විද්‍යා ආයතන වලට මුල් වී වැඩ කල යුත්තේ, පීඨ මන්ඩල වල සිටිය යුත්තේ ලන්කාවේ මෙන් ම විදෙස් විශ්ව විද්‍යාල වල උපාදි සහ පස්චාත් උපාදි ඇති, ඉහලට ඉගෙනගත් අය /:

      Delete
    6. අතිගරු කලානිධි බන්‍ධුල කුදලාගම තුමනි,

      දෙවියෝ රඟපාන්න අදිමදි කරන තැන යක්කු කරනම් ගසයි කියා කතාවක් ඇත.

      දෙස් විදෙස් උපාදි, පශ්චාත් උපාදි ඇති අන්තර්ජාතික පිලිගැනීමක් සහිත පර්යේශන කල හා ලැයිස්තුගත සඟරා වල තම ප්‍රතිඵල ප්‍රකාශයට පත් කල වෛද්ය වරුන් කීපදෙනෙක්, තවත් එවැනිම සුදුසුකම් ඇතිව විදෙස් වෛද්‍යපීඨ වල දැණට සේවය කරනා ජ්‍යාත්‍යන්තර පිලිගැනීමකින් යුතු වූ ආචාර්‍යවරුන් කීපදෙනෙකු සමග එකතුවී, විසේසඥ වෛද්‍යවරුන් ආචාර්ය මන්ඩලයට බඳවාගෙන ඇරඹිය යුතුව තිබූ දෙවොලක්, පානදුරේ පලාතේ පෞද්ගලික සේවයේ යෙදී සිට ගානක් හම්බ කර ගත් ජී පී කෙනෙකු තනිවම කපු කම කරන්නට යෙදුනාම දෙවොල අපායක් වී, මෙවන් විපත් සිදු වන බව මගේ හැඟීම ය.

      අවසන් ප්‍රතිඵලය වුනේ දෙවිඳුන් හා එතුමන් ගේ දෙවොල මහාජනතාවගේ අපමන උපහාසයට ලක් වීම ය!

      Delete
    7. @ කුලියට ලියන කුදලාගම නම් කුලීකාරයෝ,

      //සරසවාදී (බයත් නැහැ; බය වෙන්න දෙන්නෙත් නැහැ),//

      ඔව්වොව්! උඹ දැන් බය නැහැ. මොකද දන්ගොතා ගාන ගෙවන නිසා.. ඔය ගල් ආඳා උඹට කුලිය නොගෙවන්න පටන් ගත්තු දාට තමා සරසවාදී වීමේ ගොන්කම තේරිලා බය දැනෙන්න ගන්නෙ.

      අනික වල පයයි ගොඩ පයයි තියෙන බොලා කාට බය වෙන්නද? මාරයාට මිසක්! එනිවේ හරියට පොරොන්දු වෙච්ච විදියට ගුලි කඩාගනිං සරසයාගෙන්. නැත්තං ඕකා කුලී මුදල ගෙවන එක වර්ජනය කරන්න පුළුහං

      Delete
    8. ඊර්ෂ්‍යාවෙන් පරීපීඩිත දුදනන්ගේ ස්ඵෝටනයට ද උගතුනට, බුද්ධිමතුනට සහ ධෛර්යවන්තයනට ගෞරව කරන සුදනන්ගේ පහන් සංවේගය පිණිස ද දින කීපයකට පෙර ලියවුණු පෞද්ගලික ලිපියකින් කොටසක් මෙසේ පළ කරමි.

      සරසවාදී (බයත් නැහැ; බය වෙන්න දෙන්නෙත් නැහැ),
      බන්‍ධුල කුදලාගම,
      සදම්ටනය.


      Dear Dr Kumara Kaluarachchi, BDS (Peradeniya), PhD (Hong Kong),

      A Letter of Appreciation – The May Day Rally 2017

      I am writing this to place on record, my appreciation for the excellent support you extended to make the May Day rally a great success at the Galle Face Green.

      I am really impressed about your commitment to realise your dream of bringing about a better era in the country. A busy professional of your calibre going to inspect whether preparations were all right for a May Day rally on its eve was a treat to watch. It brought tears, lacrimae gaudium, to my eyes in the very literary meaning. You should have seen the touching comments of appreciations on your weblog posted by your enormous readership. Those are genuine comments, and they constitute the very reason why you should continue your noble service.

      You have been going through the mill to usher people to the correct political oasis at the expense of your own comfort while undergoing the hardship of breaking sweat, toiling hands and shedding tears. You have been doing everything for no personal rewards at all. Of course, what can a man like you, with the highest academic qualifications and the highest professional qualifications, expect personally from politicians? There is nothing; nothing at all, but there are plenty you can win for the ordinary people.

      Before I conclude, let me assure you my continuous support for your noble endeavour. I believe in your credentials more than that of any politician. Once you realise your dream, you need to take the responsibility of guiding the newly formed government in the correct path. The power is an irresistible temptation, and it tempts even saints to err. That is why any government in power needs intelligent critics to make constructive criticism.

      Yours sincerely,

      Bandula Kudalagama,
      Southampton.

      Delete
    9. // AnonymousMay 4, 2017 at 10:37 AM

      @ කුලියට ලියන කුදලාගම නම් කුලීකාරයෝ,

      //සරසවාදී (බයත් නැහැ; බය වෙන්න දෙන්නෙත් නැහැ),//

      ඔව්වොව්! උඹ දැන් බය නැහැ. මොකද දන්ගොතා ගාන ගෙවන නිසා.. ඔය ගල් ආඳා උඹට කුලිය නොගෙවන්න පටන් ගත්තු දාට තමා සරසවාදී වීමේ ගොන්කම තේරිලා බය දැනෙන්න ගන්නෙ.

      අනික වල පයයි ගොඩ පයයි තියෙන බොලා කාට බය වෙන්නද? මාරයාට මිසක්! එනිවේ හරියට පොරොන්දු වෙච්ච විදියට ගුලි කඩාගනිං සරසයාගෙන්. නැත්තං ඕකා කුලී මුදල ගෙවන එක වර්ජනය කරන්න පුළුහං //




      ඇනෝ ලෙස කොමෙන්ට් කල ගරු සිරිකොත කුලියට ලියනප්පු තුමනි,


      නිසි අධ්‍යාපනයක් නොලැබ පාසල් යද්දී ජෙප්පන් ගේ ගුලි කා යමක් කමක් තියෙනා අය ගැන ඊරිස්යාවෙන් පීඩිතව සමාජවාදය යනු පෝස්ටර් ඇලවීම, බස් ගිනි තැබීම සහ ට්‍රාන්ස්ෆොර්මර් වල තෙල් බැස්සීම යැයි සිතා ගොන් පාට් කෙලලා ආරක්ශක අන්ශ වලට හසුව සගයන් පාවාදී නිදහස් වුනු ඔබ මේ හදිසියේ සිරිකොතෙන් ලද රැකියාවෙන් උඩඟුව සිටිනා බව අප දනිමු.

      දැන් ඔබ සිතන්නේ රනිල් වික්‍රමසින්හ ව උඩ දැමීම සමාජවාදය කියා ය. මෙවන් ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක එසේ සිතීමට ඔබට පූර්ණ අයිතිය ඇත.

      එහෙත් මෙහි පැමින අප ගේ ගෞරවාදරයට ලක් ව සිටිනා පඬි රුවනක් වන අතිගරු කලානිධි බන්‍ධුල කුදලාගම මැතිඳුන් සහ ඔහු සමගම මෙහි සපැමිනි ගරු මයුරවිල මැතිඳු, ගරු අසන්ග මාන්පිටිය තුමා, ගරු කීරාල තුමා ඈ හෙල වියුනු සටන් සගයන් හට අපාහාස කිරීමට උත්සාහ කිරීම එතරම් ගුණ දායක දෙයක් නොවන බව ඔබට කරුණාවෙන් දන්වනු කැමැත්තෙමි.

      උඩඟු බව වියුනු නැසීමේ මුලයි...

      පුත කුලියට ලියනප්පු.. ලඟ නොබලන්න .. දුර ම බලන්න!!!

      Delete
    10. Dear Prof. Kudalagama,

      These idiots simply needs to see your silence. Your factual, rational, truthful, accurate, authentic, historical, genuine, realistic, circumstantial, veritable, exact, precise, honest, fair, faithful, literal, matter-of-fact, verbatim, unbiased, unprejudiced, unvarnished, unadorned, unadulterated, unexaggerated; rareverisimilar, veristic comments has made a substantial influence to the readers of this blog to addict this. Those so called GG bloggers (Good Governance or Pro-Yahapalana Regime bloggers) hate the popularity of this blog. Please keep that in your mind as well.

      We, the viewers of this blog always enjoy your comments since you have been gifted genius in explaining many subjects discussing in truthful yet amusing ways. It seems I can always identify experiences in my own life with those you describe. Your articles help us realize that our problems are typical, and we can solve them in constructive ways, and always generate new schools of thoughts. Thank you very much humble genius, could you please continue these good comments & posts despite those silly criticisms by Nelum Yaaya buggers? Once again, well done & expecting better comments from you as time permits.

      Delete
  10. Dr. Kumara, being an erudite professional in the country, what’s your thoughts on the fate of SAITM? It’s a clear fact that GMOA’s pursuing a political agenda in this case. No jokes, need your serious opinion pls :)

    ReplyDelete
    Replies
    1. මා පෞද්ගලික අධ්යාපනයට විශේශයෙන් පෞද්ගලික වෛද්ය අධ්යාපනයට විරුද්ද නැහැ.

      මා රජයේ සේවය කරන්නෙත් නැහැ. කිසිම වෛද්ය වෘතීය සන්ගමයක සාමාජිකයෙක් ද නොවෙයි.

      මා වෛද්‍ය සන්ගම් වල සාමාජිකයන්ගේ ක්‍රියාකලාපයේ මෙන් ම ආයතනයේ කලමණාකරනයේ ද දෝස හා අඬුලුහුඬු කම් දකිනවා.

      පෞද්ගලික මෙන් ම රාජ්‍ය විශ්වවිද්යාල වල ද අඩු ලුහුඬු ඇත්නම් ඒවාට විරුද්ද වෙනවා. අද ලියූ මේ ලිපියම එයට උදාහරනයක්!

      වෛද්ය නෙවිල් ප්‍රනාන්දු ගේ බාල පුතා ක්‍රිශාන්ත, සරස තුමා සමග එක පන්තියේ ඉගෙන ගත් කෙනෙක්. ඒත් ඇත්ත කියන්න ඕනෑ. වෛද්ය නෙවිල් ප්‍රනාන්දු කියන්නේ වෛද්‍ය විද්‍යාලයක් පටන් ගන්න තරම් ලෝකේ වෙනත් වෛද්‍ය විද්‍යාල වල ඉගෙනගත්තු, පුහුනු වුනු කෙනෙක් නෙවෙයි. එතුමා මුදල් බලෙන් ඕනෑම දෙයක් කරන්න පුලුවන් කියා සිතනා කෙනෙක්. නීතිය ගැණ වැඩි තැකීමක් නැහැ. තමන් ගේ මතේම විතරයි. තමන් ට කිසිම පස්චාත් උපාදි නැතිවම තමන් ව මහාචාර්ය කෙනෙක් කියලා පත් කර ගත්තු හාදයෙක්! ඒ වෛද්ය නෙවිල් ප්‍රනාන්දු වැඩ කරනා විදියයි. එවැනි ආයතනයක වැඩ කරනා අනෙක් ආචාර්‍ය මන්ඩලේ නිදහසේ නෙවෙයි ඉන්නේ. වෛද්ය නෙවිල් ප්‍රනාන්දු ට බයේ තමා ඒ ගොල්ලෝ ඉන්නේ. එවන් තත්වයක අද්‍යාපනය ගැණ කුමන කතා ද?

      මා පෞද්ගලික වෛද අද්‍යාපනය වෙනුවෙන් පෙනී සිටිනවා. එහෙත් එම පෞද්ගලික වෛද්‍ය විද්‍යා ආයතන වලට මුල් වී වැඩ කල යුත්තේ, පීඨ මන්ඩල වල සිටිය යුත්තේ ලන්කාවේ මෙන් ම විදෙස් විශ්ව විද්‍යාල වල උපාදි සහ පස්චාත් උපාදි ඇති, ඉහලට ඉගෙනගත් අය මිසක් නෙවිල් ප්‍රනාන්දු වැනි සාමාන්‍ය ජී පී කෙනෙක් නෙවෙයි!!!



      දෙවියෝ රඟපාන්න අදිමදි කරන තැන යක්කු කරනම් ගසයි කියා කතාවක් ඇත.

      දෙස් විදෙස් උපාදි, පශ්චාත් උපාදි ඇති අන්තර්ජාතික පිලිගැනීමක් සහිත පර්යේශන කල හා ලැයිස්තුගත සඟරා වල තම ප්‍රතිඵල ප්‍රකාශයට පත් කල වෛද්ය වරුන් කීපදෙනෙක්, තවත් එවැනිම සුදුසුකම් ඇතිව විදෙස් වෛද්‍යපීඨ වල දැණට සේවය කරනා ජ්‍යාත්‍යන්තර පිලිගැනීමකින් යුතු වූ ආචාර්‍යවරුන් කීපදෙනෙකු සමග එකතුවී, විසේසඥ වෛද්‍යවරුන් ආචාර්ය මන්ඩලයට බඳවාගෙන ඇරඹිය යුතුව තිබූ දෙවොලක්, පානදුරේ පලාතේ පෞද්ගලික සේවයේ යෙදී සිට ගානක් හම්බ කර ගත් ජී පී කෙනෙකු තනිවම කපු කම කරන්නට යෙදුනාම දෙවොල අපායක් වී, මෙවන් විපත් සිදු වන බව මගේ හැඟීම ය.

      අවසන් ප්‍රතිඵලය වුනේ දෙවිඳුන් හා එතුමන් ගේ දෙවොල මහාජනතාවගේ අපමන උපහාසයට ලක් වීම ය!

      Delete
    2. Thank you for the detailed explanation doc. It's just as I thought it would be :)

      Delete
    3. Dr. Kumara,

      Well said. I also have similar thoughts in this regard. Well done mate.

      Delete
    4. සාරස,

      //මා පෞද්ගලික අධ්යාපනයට විශේශයෙන් පෞද්ගලික වෛද්ය අධ්යාපනයට විරුද්ද නැහැ.//

      මෙය නොවෙයි ප්‍රශ්නය, මෙන්න මේ ප්‍රශ්න වලට ඔබගේ පිළිතුරු මොනවාද?

      01. වෛද්‍ය සිසුන්ගේ විවිධාකාර ප්‍රශ්නවලට පිළිතුරු දීමට පෞද්ගලික රෝහලකට ඇතුළත් වන රෝගීන් සූදානම්ද...?

      02. අනෙක්‌ අතට ශික්‍ෂණ රෝහල්වල රෝගීන් අසල සිට වෛද්‍ය සිසුන්ට ඉගැන්වීමේ ක්‍රමවේදය පෞද්ගලික රෝහල්වල කළ හැකිද?

      03. එපමණක්‌ නොවේ. පෞද්ගලික රෝහල්වලදී සිසුන්ට ඉගැන්වීමේ වගකීම ගනු ලබන්නේ කවුරුන් විසින්ද?

      04. පෞද්ගලික රෝහල්වල වෛද්‍යවරු ඒ වගකීම ගනු ඇතැයි අපේක්‍ෂා කළ හැකිද?

      05. පෞද්ගලික රෝහල්වල සේවය කරන වෛද්‍යවරුන්ට අවශ්‍ය අවස්‌ථාවකදී රෝහලෙන් රෝහලට මාරු විය හැකිය. එවැනි අවස්‌ථාවකදී සිසුන්ගේ වගකීම පැවරෙනු ඇත්තේ කාහටද...?

      Delete
    5. Anonymous May 5, 2017 at 12:51 AM & සාරස,

      මෙතන කාරණා කීපයක් තිබෙනවා

      1. මේ පුද්ගලික විශ්ව විද්‍යාල සඳහා ලබා දෙන නීතිමය තත්වය විස්තර කරන ප්‍රතිපත්ති ප්‍රකාශයක් තාම රටට ඉදිරිපත් කරලා නැතිව කරන කයිවාරු කතාවක්....

      2. දැන් තියන විශ්ව විද්‍යාල බල කඩදාසියට මේක කොරන්න බැරි බව දැනටම මාලබේ වෛද්‍ය කඩය ගැන වෛද්‍ය සභාව සහ යු. ජි. සි. අතර ඇතිවී තිබෙන කඹ ඇදිල්ලෙන් පෙනෙනවා

      3. පනත සංශෝදනය කරන්න සහ ඔය උපාධි කඩ සඳහා අලුත් බල කඩදාසියක් හදන්න හොරාට වැඩ කරලා හරි යන්නේ නැහැ...ඒක ගැන රටේ සංවාදයක් අවශ්‍ය වෙනවා...

      4. එහෙම නොකර කරන මේ වචාල ප්‍රකාස වලින් පෙනෙන්නේ මෙයාලට ඕන විශ්ව විද්‍යාල කියල උපාධි කඩ දාන්න ඉඩ දීල ඔය කඩකාරයෝ මගින් අතට යටින් ගානක් සාක්කුවේ දා ගන්නයි..

      5. විශ්ව විද්‍යාල අධ්‍යාපන සුදුසු කම ලබා ගන්න මේ රටේ රාජ්‍ය විශ්ව විද්‍යාල වලින් ගන්න බැරි උන අය සහ පිටරටකට දරුවෝ යවා ගන්න බැරි අය රවට්ට ගෙන අන්තිමට එයාල අමාරුවේ දාන වැඩක් මේක

      6. මේවා ගෙනාවත්...රටේ දැන් තියන විශ්ව විද්‍යාල තරඟකාරී ලෙස ඉදිරියට ගෙනාවේ නැතිනම් ඔය පුද්ගලික විශ්ව විද්‍යාල කියන ඒවා...සී ටී බී එක සහ පුද්ගලික බස් වගේ සේවයක් තමා දෙන්නේ අන්තිමට...

      7. එහෙම නැතිනම් අර ඇපලෝ හොස්පිටල් එකට උන වැඩේ තමා වෙන්නේ...ටික දවසකට පස්සේ දාල යනවා...ඕව ආව වගේම දිගටම පවත්වා ගෙන යන්නත් ඕන...

      8. අන්තිමට මේක වත්මන් ආණ්ඩුව දේශපාලන කැපී පෙනීම සඳහා ජෙප්පෝ අවුස්සා ගෙන දේශපලන ක්‍රීඩාවේ යෙදෙන්න ඉඳ හිට මතුකරන කතාවක් වෙන්නත් පුළුවන්.

      Delete
    6. // AnonymousMay 5, 2017 at 12:51 AM

      සාරස,

      //මා පෞද්ගලික අධ්යාපනයට විශේශයෙන් පෞද්ගලික වෛද්ය අධ්යාපනයට විරුද්ද නැහැ.//

      මෙය නොවෙයි ප්‍රශ්නය, මෙන්න මේ ප්‍රශ්න වලට ඔබගේ පිළිතුරු මොනවාද? //


      There are lot of Private Universities and Private Medical Schools in the world.

      Delete
  11. ආචාර්ය සරස තුමනි,

    කලෙක සිංහල බ්ලොග්ලොව කිරුලු නොපලන් රජු මෙන් සිටි බවට බ්ලොග්කරුවන් අතර පතළ වූ දැනට බුකියේ ලොකු ටෝක්ස් ඉශූ කරමින් වත්මන් යහපාලන රජයත් විශේෂයෙන්ම අගමැති රනිල් වික්‍රමසිංහයන්වත් උග්‍ර ලෙස විවේචනය කරන එට්කා විරෝධී සමාජ දේශපාලන ක්‍රියාකාරිකයකු වන ආචාර්ය සිතුමිණි රත්නමලල (මොරටුව විශ්ව විද්‍යාලය) දැමූ එක් කමෙන්ටුවක මෙසේ තිබුණා.

    උපුටා ගැනීමකි;


    //"ලංකාවේ කිසිදු විශ්වවිද්‍යාලයකට අවම ප්‍ර‍මිතියක් නැත" කියන එක අනවබෝධයෙන් කියන දෙයක්. පවත්වන පාඨමාලා මිස සමස්ත විශ්ව විද්‍යාල විදියට කොහේවත් ප්‍රමිතිගත කරන්නේ නැත. දේශීය සහ අන්තර්ජාතික ප්‍රමිති ආයතන මගින් ප්‍රමිතිගත කළ [ඇccරෙඩිටෙඩ්] පාඨමාලා ලංකාවේ විශ්වවිද්‍යාල වල තිබේ. උදාහරණයකට මොරටුව විශ්ව විද්‍යාලයේ බහුතරයක් පාඨමාලා දේශීයව සහ ජාත්‍යන්තරව ප්‍රමිතිකරණයට ලක් වේ.

    වෛද්‍යවිද්‍යාල වලට එහෙම ඒවා නොතිබීම වෙනමම කතාවකි."//

    උපුටා ගැනීම අවසන්


    මෙය ඇත්තක්ද?

    එමෙන්ම අදාල වෙබ්සයිට් වලට ගොස් බැලූවිට මෙසේ ලියා තිබුණත් මේවාද අසත්‍ය වියහැකියි.

    Engineering

    UoM B.Sc. Engineering degree programme is accredited by the Institution of Engineers Sri Lanka (IESL). In addition, the Mechanical Engineering degree programme has obtained international recognition through the accreditation of the Institution of Mechanical Engineers, UK (IMechE) and Washington Accord USA.

    Institution of Engineers, Sri Lanka (IESL) has granted full accreditation to the Bachelor of Science of Engineering (Hons) Degree conducted by UoM.

    Since the IESL is a signatory to the Washington Accord (http://www.washingtonaccord.org/), the four year full time degree programmes accredited by the IESL will be considered as substantially equivalent to the four year degree programmes that have been accredited by the other signatories to the Accord.

    The four year accredited degrees of graduates will be recognized by other Washington Accord signatories and generally they are expected to be exempted from the educational requirements for practice in the respective countries of those signatories.

    Architecture

    The Honours Degree of Bachelor of Architecture conducted by the Department of Architecture, University of Moratuwa is accredited by the following professional organizations;

    A. Royal Institute of British Architects
    B. Commonwealth Association of Architects
    C. Sri Lanka Institute of Architects

    The five years Honours Degree of Bachelor of Architecture is exempted from the part II by the above professional organizations

    Quantity Surveying

    The Honours Degree of B.Sc. in Quantity Surveying has been accredited by the following institutes, which has given a good opportunity to build very strong links between these institutions and the Department.

    01. Institute of Quantity Surveyors Sri Lanka since year 1986
    02. Royal Institution of Chartered Surveyors since year 1997
    03. Australian Institute of Quantity Surveyors since year 1999
    04. Chartered Institution of Civil Engineering Surveyors since year 2010

    05. Pacific association of Quantity Surveyors since year 2011, The PAQS consists with;

    * Australian Institute of Quantity Surveyors
    * Association of South African Quantity Surveyors
    * Building Surveyors Institute of Japan
    * Canadian Institute of Quantity Surveyors
    * The Hong Kong Institute of Surveyors
    * Institute of Quantity Surveyors Sri Lanka
    * The Institute of Surveyors, Malaysia
    * New Zealand Institute of Quantity Surveyors
    * Singapore Institute of Surveyors and Valuers

    මේ ගැනත් සොයා බලා මොවුන්ගේ ප්‍රෝඩාකාරී බොරු හෙළිදරව් කරන ලෙස ඔබෙන් ඉල්ලා සිටිමි. එමෙන්ම බන්ධුල කුදලාගම, අසංග මාන්පිටිය ඇතුළු විද්වතුන්ගෙන් ද මේ ගැන පැහැදිලිකිරීම් බලාපොරොත්තු වෙමු.

    ReplyDelete
    Replies
    1. http://www.ieagreements.org/accords/washington/signatories/

      http://www.iesl.lk/page-1823073

      Delete
  12. බන්‍ධුල කුදලාගම මහතා වෙත,

    වර්තමානයේ මතු වී ඇති සරසවි අර්බුදය සමග ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල ගුණාත්මක බවින් තවත් පහළට ඇද වැටී ඇති බව පෙනී යයි. අධ්‍යාපනික තත්ත්වය, විශ්ව විද්‍යාල ආචාර්ය මණ්ඩලයේ අධ්‍යාපන සුදුසුකම්, සිදු කරන ලද පර්යේෂණ සහ විද්‍යාත්මක ලිපි හා ග්‍රන්ථ පළකිරීම වැනි කරුණු සමාලෝචනයෙන් සෑම වසරකම ලෝකයේ විශ්ව විද්‍යාල වල ගුණාත්මකභාවය පිළිබඳව ඇගයීමක් සිදු කරන කරන අතර සෑම විශ්ව විද්‍යාලයකටම නිශ්චිත ඇගයුම් අංකයක් ලැබේ. එය World University Ranking නමින් හැඳින්වෙන අතර පසුගිය වසර 30 ඇතුලත ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල ඉතා අඩු ලකුණු ලබාගනිමින් ක්‍රම ක්‍රමයෙන් පහතට ම වැටී තිබේ.

    මෙම ගිය වසරේ ලෝකයේ හොඳම විශ්ව විද්‍යාලය ලෙස තේරී ඇත්තේ ඇමරිකාවේ හාවර්ඩ් විශ්ව විද්‍යාලයයි. හාවර්ඩ් විශ්ව විද්‍යාලය ලබා ඇති දළ ලකුණු ප්‍රතිශතය 96.1 කි. බ්‍රිතානයේ සුප්‍රකට ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය ලකුණු 91.2 ලබා ගනිමින් හය වන ස්ථානයට පත් වී තිබේ. යුරෝපයේ විශ්ව විද්‍යාල අතරින් ප්‍රථම ස්ථානය නියෝජනය කරන ස්විට්සර්ලන්තයේ Swiss Federal Institute of Technology Zurich ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව ලකුණු 83.4 ලබා 15 වන ස්ථානයට පත් වී ඇත.

    ආසියානු විශ්ව විද්‍යාල අතරින් ප්‍රථම ස්ථානය ලබාගෙන ඇත්තේ ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව 21 වන ස්ථානය නියෝජනය කරන University of Hong Kong ය. ලබාගෙන ඇති ලකුණු ප්‍රමාණය 79.2 කි. ටෝකියෝ විශ්ව විද්‍යාලයට ලැබී තිබෙන්නේ 26 වන ස්ථානයයි. ටෝකියෝ විශ්ව විද්‍යාලය ලබාගෙන ඇති ලකුණු ප්‍රමාණය 75.6 කි. දකුණු කොරියාවේ Pohang University of Science and Technology විශ්ව විද්‍යාලය ලකුණු 75.1 ලබා 28 වන ස්ථානයට පත් වී තිබේ. 37 වන ස්ථානයට චීනයේ චීනයේ පීකිං විශ්ව විද්‍යාලය පත් වී තිබෙන්නේ ලකුණු 70.7 ලබා ගනිමින්. අප්‍රිකානු රටවල් අතර ප්‍රථම ස්ථානය ලබාගෙන තිබෙන්නේ ඊජිප්තුවේ අලෙක්සැන්ඩේරියා විශ්ව විද්‍යාලයයි. ලබාගෙන ඇති ලකුණු ප්‍රමාණය 51.6 කි. ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව ඊජිප්තුවේ අලෙක්සැන්ඩේරියා විශ්ව විද්‍යාලය147 වන ස්ථානය නියෝජනය කරයි. ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව රුසියාවේ ලොමනසොව් මොස්කව් රාජ්‍ය විශ්ව විද්‍යාලය ලෝකයේ හොඳම විශ්ව විද්‍යාල අතර 155 ස්ථානය නියෝජනය කරයි. යුරෝපිය විශ්ව විද්‍යාල අතරින් ලොමනසොව් මොස්කව් රාජ්‍ය විශ්ව විද්‍යාලය 24 වන ස්ථානය දරයි. ඉන්දියාවේ Indian Institute of Science Bangalore විශ්ව විද්‍යාලය ජගත් විශ්ව විද්‍යාල අතර දරන්නේ 559 වන ස්ථානය යි.

    අප්‍රිකාවේ නොදියුණු රටක් ලෙස සැලකෙන උගන්ඩාවේ මකිරෙරේ විශ්වවිද්‍යාලය ( Makerere University ) ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව 1062 ස්ථානයට පත් වී තිබේ. පනහේ සහ හැටේ දශකයේ ලෝකයේ හොඳම විශ්ව විද්‍යාල වලින් එකක් ලෙස සලකුණු කොළඹ විශ්ව විද්‍යාලය අද අර්බුද සහිත අසාර්ථක රාජ්‍යයක් බවට පත් වී තිබෙන අප්‍රිකාවේ සිම්බාබ්වේ රාජ්‍යයේ අධ්‍යාපනික හා ගුණාත්මක භාවයෙන් අඩු සිම්බාබ්වේ විශ්ව විද්‍යාලයටත් වඩා පහතට වැටී තිබේ. ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව සිම්බාබ්වේ විශ්ව විද්‍යාලයට 2246 වන ස්ථානය ලැබී තිබෙන අතර කොළඹ විශ්ව විද්‍යාලයට ලැබී තිබෙන්නේ 2690 ස්ථානයයි.( උපුටා ගැනීම webometrics.info ) ලෝක විශ්ව විද්‍යාල ශ්‍රේණිගතකිරීම් අනුව මොරටුව විශ්ව විද්‍යාලය 2324 ද , පේරාදෙණිය විශ්ව විද්‍යාලය 2615 ද රුහුණ විශ්ව විද්‍යාලය 2552 ස්ථානය නියෝජනය කරන අතර ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලය (Open University of Sri Lanka) ඉතාමත් පහළ 4189 ස්ථානයට පත්ව තිබේ. සාක්ෂරතාවයෙන් ශ්‍රී ලංකාවට වඩා බොහෝ පහළින් සිටි අප්‍රිකානු, ආසියානු සහ ලතින් ඇමරිකානු රටවල විශ්ව විද්‍යාල ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල පරාජය කොට තිබෙන අතර ලතින් ඇමරිකාවේ පහතින්ම සිටින වෙනුසිලාවේ Universidad Simón Bolívar Venezuela විශ්ව විද්‍යාලයද ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල වලට වඩා බොහෝ ඉදිරියෙන් සිටියි.

    ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල ගුණාත්මක බවින් පහළ‍ට වැටීම පිළිබඳව අදහස් දක්වන කොළඹ විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙක් ප්‍රකාශ කරන පරිදි මේ සඳහා ප්‍රධාන හේතු වන්නේ විශ්ව විද්‍යාල ආචාර්ය වරුන් බඳවා ගැනීමේ දී සුදුසුකම් නොව ඥාති සබඳතා, මිත්‍රකම් බැලීම නිසා දක්ෂයන් විශ්ව විද්‍යාල වලින් ඉවත් වී යාමත් අදක්ෂයන් කථිකාචාර්යවරුන් වීමත් ය. එසේම දේශීය චින්තන ලේබල් ගසා සරසවි සිසුන් ලිං මැඩියන් කිරීමේ ව්‍යාපාරයත් ලංකාවේ සරසවි වලට රිංගා ඇති අන්තවාදී දේශපාලනයත් නිසා ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාලවල ගුණාත්මකභාවය සීඝ්‍රයෙන් පිරිහී ගිය බව ඔහු වැඩි දුරටත් පවසයි. මෙම තත්වය තව දුරටත් පැවතුනහොත් දේශීය විශ්ව විද්‍යාල අන්තර්ජාතිකව ගණන් ගැනීමකට ලක් නොවන හා නොසලකා හැරෙන මට්ටමකට පත් විය හැකි බව උක්ත මහාචාර්යවරයා පෙන්වා දෙයි.

    බන්‍ධුල කුදලාගම මහතා මේ කාරණා සම්බන්ධයෙන් එකඟවනවාද? සාරස මේ ගැන කියන්නේ කුමක්ද?

    සුපුන් පෙරේරා

    ReplyDelete
    Replies
    1. // ආසියානු විශ්ව විද්‍යාල අතරින් ප්‍රථම ස්ථානය ලබාගෙන ඇත්තේ ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව 21 වන ස්ථානය නියෝජනය කරන University of Hong Kong ය. ලබාගෙන ඇති ලකුණු ප්‍රමාණය 79.2 කි. //



      ජයින් ජයිම වේවා!

      Delete
    2. සරසතුමාගේ alma mater.

      සරසතුමාට ජයෙන් ජයම වේවා!!!!

      Delete
  13. නමේ හැටියටම මල්ලෙ පොල් පෝස්ට් දාන දන්ගොතෝ,

    මේ කියන්නේ ශිෂ්‍යයින් ලෙක්චර්ස් කට් කිරීම ගැන නොව විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන්ට ලෙක්චර්ස් කට් වීම ගැන ය.

    මගේ ජීවිතයේ විශ්වවිද්‍යාලවල ගත කර ඇති කාලය මැනිය යුත්තේ අවුරුදුවලින් නොව දශකවලිනි. එය ප්‍රමාණයෙන් 2.2 ක් පමණ වේ.

    එයින් රටවල් තුනක විශ්වවිද්‍යාල හයක ගත කළ ශිෂ්‍ය ජීවිත කාලය අත් හළ විට, පූර්ණකාලීනව කථිකාචාර්යවරයෙකු ලෙස ගත කළ කාලය දශකයකට වඩා මදක් වැඩි ය.

    පාසලක ගුරුවරයෙකු කුමක් හෝ හේතුවක් නිසා සේවය සඳහා වාර්තා නොකළ විට, එක්කෝ සිසුනට ෆ්‍රී පීරියඩ් එකක් ලැබේ, නැතිනම්, වෙනත් ගුරුවරයෙක් පැමිණ සිසුන්ට යම් කිසි කාර්යයක් පවරයි.

    නමුත්, විශ්වවිද්‍යාල දේශන සඳහා ඒ ක්‍රමය අනුගමනය කළ නොහේ. එක් කථිකාචාර්යවරයෙකු ගේ යම් දිනයකට නියමිත දේශනය කිරීමට හදිසියේ වෙනත් කථිකාචාර්යවරයෙකුට පැවරිය නොහැකි ය.

    එනිසා, මා නම් මගේ කථිකාචාර්ය ජීවිතයේ ආදර්ශ පාඨය ලෙස සැලකුවේ "දේශන නොවරද්දා පවත්වමි!" යන්නයි. එසේ ම, මා විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකු ලෙස ගත කළ කාලයේ දී දේශන අවලංගු වූ අවස්ථා තිබුණේ ද නැති තරම් ය.

    එසේ නමුත්, ඒ දශකයකට මදක් වැඩි මගේ විශ්වවිද්‍යාල කථිකාචාර්ය ජීවිතයේ දී, මට තෙවරක් ම එදිනට නියමිත දේශනය අවලංගු කරන්නට සිදුවිය.

    මේ ඒ අවස්ථා තුනෙන් මුල් අවස්ථාව පිළිබඳ කෙටි විස්තරයකි.

    මේ කාලයේ (1994 පමණ) මා සේවය කළේ කැලණිය විශ්වවිද්‍යාලයේ කාර්මික කළමනාකරණ (Industrial Management) අධ්‍යයනාංශයේ ය.

    එදින මා කෝට්ටේ සිට කැලණිය දක්වා යාමට මගේ නිසාන් මාච් රථයේ නැගී පිටත් වුණේ උදෑසන වාහන බහුල වේලාව මග හැර වුව ද, පාර්ලිමේන්තු පාර නමින් හැඳින්වෙන මාර්ගයේ තරමක තදබදයක් තිබුණි.

    වැලිකඩ පොලිසියට පෙර ඇති හන්දියෙන් හරවා බොරැල්ල දෙසට (කොටා රෝඩ්) යෑමට මම නවත්වා ගෙන සිටියෙමි. මා ඉදිරියෙන් වූයේ, මා පසුව දැන ගත් පරිදි, පාසලකට සිසුන් ගෙන ගොස් ආපසු යන පරණ වෑන් රථයකි. වාහන දෙක අතර පරතරය ඉතා අවම විය.

    කුමක් හෝ කරුණක් නිසා මගේ අවධානය මොහොතකට වෙනස් වූ පසු ඊළඟ මොහොතේ මට දැනුණේ, මගේ වාහනය ඉදිරියට ඇදී ගොස් පෙර කී වෑන් රථයේ වැදෙන ශබ්දය යි.

    මා නොදැනුවත්ව ම තිරිංග බුරුල් වී ඇති අතර කල්ච් එක ද පාගා ගෙන සිටි නිසා වාහනය ඉදිරියට ඇදී ගොසිනි.

    ඒය එතරම් විශාල හැප්පීමක් නොවී ය. මගේ වාහනයේ ඉදිරිපස සීරි තිබුණ ද, ඒ පැරණි වෑන් රථයේ සොයා ගත හැකි සීරිමක් පසුව වුව ද නොතිබුණි.

    නමුත්, එහි දී සිදුවූයේ ඒ හන්දියේ සේවයේ යෙදී සිටි ට්‍රැෆික් පොලිස්කරුවෙකු පැමිණ පොලීසියට වාහන ගෙන යන ලෙස අපට දැනුම් දීමයි.

    දැන් ඉතිං කුමක් කරන්න ද?

    මගේ දේශනය තව පැයකින් ඇරඹිය යුතු ය. පොලීසියේ කර්තව්‍යය අවසාන වීමට පැයකට වඩා ගත වෙන බව පැහැදිලි ය.

    මා කළේ, වැලිකඩ පොලිසියට ඔබ්බෙන් කෝට්ටේ පාරේ පිහිටි කඩ මණ්ඩියේ (ඒ කාලයේ) තිබුණු කාඩ් දමන දුරකථනයක් වෙත ගොස් විශ්වවිද්‍යාලයේ අධ්‍යයන අංශයට පණිවිඩයක් දී දේශනය අවලංගු කිරීමයි.

    ඒ දේශනය අපේ කාර්මික කළමනාකරණ පාඨමාලාවේ සිව් වසරක විශේෂ උපාධිය හදාරන සිසුන් දහ දෙනෙකු පමණ පිරිසක් සඳහා පැවැත්වෙන එකක් වූ නිසා, ඒ සතියේ ම දිනක වෙනත් වේලාවක අවලංගු කළ දේශනය පැවැත්වීමට මට හැකි විය.

    -රසිකොලොජිස්ට්

    ප/ලි:

    ඊළඟ දේශන අවලංගු කිරීම් දෙකම සිදුවූයේ වසර දහයකට පමණ පසු සිඩ්නි නගරයේ දී ය. ඒ පිළිබඳව පසුව අවශ්‍ය වුවහොත් පමණක් ලියමි. මොකද මා ලියන්නේ මා කැමති මට ඕනෑ දේ පමණක් නිසාය. බ්ලොග් කියවන එක එක පරයින්ට ඕන විදිහට ලියන්න උන් මොක්කුද? මගේ තත්වයේ හැටියට මට අපහාස වන කමෙන්ට් මොකුත් නොදමා සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න. එසේ නොවන කමෙන්ට් මා මෙන් කපා දමන මෙන් මෝඩ දන්ගොතා නමැති අමන මනපහතයාගෙන් ඉල්ලා සිටිමි.

    ReplyDelete
    Replies
    1. එසේ නොවන කමෙන්ට් මා මෙන් කපා දමන මෙන් මෝඩ දන්ගොතා නමැති අමන මනපහතයාගෙන් ඉල්ලා සිටිමි.....//////

      ආ එහෙමද ආසා ?.......

      Delete
    2. // බ්ලොග් කියවන එක එක පරයින්ට ඕන විදිහට ලියන්න උන් මොක්කුද? මගේ තත්වයේ හැටියට මට අපහාස වන කමෙන්ට් මොකුත් නොදමා සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න. එසේ නොවන කමෙන්ට් මා මෙන් කපා දමන මෙන් මෝඩ දන්ගොතා නමැති අමන මනපහතයාගෙන් ඉල්ලා සිටිමි. //


      වැඩිය කේන්ති ගන්න එපා.. තට්ටෙ කෙස් පැළවෙන්න පටන් ගනී හිටන්!

      Delete
    3. ////////////////////////////////
      1. බ්ලොග් කියවන එක එක පරයින්ට ඕන විදිහට ලියන්න උන් මොක්කුද? මගේ තත්වයේ හැටියට මට අපහාස වන කමෙන්ට් මොකුත් නොදමා සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න. එසේ නොවන කමෙන්ට් මා මෙන් කපා දමන මෙන් මෝඩ දන්ගොතා නමැති අමන මනපහතයාගෙන් ඉල්ලා සිටිමි.

      2. වැඩිය කේන්ති ගන්න එපා.. තට්ටෙ කෙස් පැළවෙන්න පටන් ගනී හිටන්!
      //////////////////////////////////

      අහෝ! පේරාදෙණිය විද්‍යාර්ථීන් දෙදෙනෙකු එකිනෙකා මුණ ගැසුණු සුන්දර අවස්ථාවක්...

      Delete
  14. සරසගේ මෙම පාඨමාලා ප්‍රමිතිය පිළිබඳ පෝස්ටුව සමගම කිව යුතු දෙයක් නම් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මීට පෙර පවත්වාගෙන ගිය පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ක‍්‍රමයකට ඉඩදිය යුතු නැතැ යි කියන ආදානග‍්‍රාහී මතයෙන් ඉවත් වී අලූතෙන් වෛද්‍ය විද්‍යාල ඇති කරන්නේ නම් ඒවා නිසි ප‍්‍රමිති තත්ත්වයක තිබිය යුතුය කියන මතය ඉදිරිපත් කරන තැනකට පැමිණ ඇති බව පෙනේ. ඒ ප‍්‍රවේශය තර්කානුකූල සේ ම නිවැරදිය. පෞද්ගලික විශ්වවිද්‍යාල ක‍්‍රමයකට රටේ ඉඩ තිබිය යුතුය. එහෙත් ඒවා උපාධි සහතික විකුණන සිල්ලර කඩ නොවිය යුතුය. නිසි ප‍්‍රමිතියක් ඇති ආණ්ඩුවේ විශ්වවිද්‍යාල ක‍්‍රමයට වඩා උසස් තත්ත්වයක් හා ගුණයක් පෙන්නුම් කරන විශ්වවිද්‍යාල ක‍්‍රමයක් විය යුතුය.

    මාලබේ වෛද්‍ය විද්‍යාලය නිසි ප‍්‍රමිති තත්ත්වයක නොපවතී නම් එම ප‍්‍රමිති තත්ත්වය ඇතිකර ගන්නා තෙක් වෛද්‍ය විද්‍යාලයක තත්ත්වය එයට ලබා නොදිය යුතුය. එහෙත් ඔවුන්ට එය නිසි ප‍්‍රමිති තත්ත්වයකට ගැනීමට ආණ්ඩුව ඔවුන්ට අනුබල දෙන තත්ත්වයක් අනුගමනය කළාට වැරදි නැත. පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයකට ඉඩදීමේදී ඒ සඳහා අවශ්‍ය දැනුම, පළපුරුද්ද හා ආයෝජන හැකියාව ආයෝජකයාට තිබේද යන්න හොඳින් සලකා බැලිය යුතුය. ඒ හැකියාව නැති කිසිම ආයතනයකට ශිෂ්‍යයන්ගේ ජීවිත සමග සෙල්ලම් කිරීමට ඉඩ නොදිය යුතුය. පෞද්ගලික විශ්වවිද්‍යාල ක‍්‍රමයකට පක්ෂවීමේදීත් විරුද්ධවීමේදීත් අන්තවාදී තැනකට යෑමෙන් ආණ්ඩුව ද, වෘත්තීයවේදීන් ද, ශිෂ්‍යයන් ද වැළකිය යුතුය. පෞද්ගලික විශ්වවිද්‍යාලයකට මුළුමනින් විරුද්ධවීම එක් අන්තවාදයක් වන අතර පෞද්ගලික විශ්වවිද්‍යාල ක‍්‍රමයකට ඉඩදීමේ නාමයෙන් නිසි ප‍්‍රමිතියකට නැති උපාධි විකුණන කඩ ක‍්‍රමයකට ඉඩදීම ද තවත් අන්තවාදයක් ලෙස සැලකිය හැකිය. වෛද්‍ය සභාව, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හා සෞඛ්‍ය ඇමතිවරයා මාලබේ වෛද්‍ය විද්‍යාලය පිළිබඳව ඇති කරගෙන තිබෙන එකඟත්වය පිළිගත හැකි යහපත් එකඟත්වයක් ලෙස සැලකිය හැකිය.

    පෞද්ගලික විශ්වවිද්‍යාලයක තිබිය යුතු ප‍්‍රමිති තත්ත්වය පිළිබඳව කරුණු සොයා බලා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීමට පංච පුද්ගල කමිටුවක් පසුගිය රාජපක්ෂ රෙජීමය විසින් පත්කළ අතර ඔවුන් දුන් නිර්දේශ වූයේ එම පංච පුද්ගල කමිටුවට නියෝජිතයන් තෝරා ගැනෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය, වෛද්‍ය සභාව හා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය යන ආයතන තුනෙනි. ඉන්පසු මාස දෙකක කාලයක් තුළ වෛද්‍ය විද්‍යාලයක් සඳහා තිබිය යුතු ප‍්‍රමිති තත්ත්වය ගැසට් කිරීමට නියමිත වුණා. මේ එකල ඇති කරගත් මේ එකඟතාව ප‍්‍රශස්තය. ප‍්‍රකාශ කැරෙන ප‍්‍රමිති තත්ත්වයට මාලබේ වෛද්‍ය විද්‍යාලය අනුකූල නොවේ නම්, අනුමැතිය සඳහා එම කොන්දේසි සම්පූර්ණ කරන ලද ඔවුන්ගෙන් ඉල්ලා සිටිය හැකිය. ඒ සඳහා ඔවුන්ට අනුබල දෙන ප‍්‍රතිපත්තියක් රජයට පවත්වාගෙන යා හැකිය. කොන්දේසි සම්පූර්ණ කිරීමට අසමත්වේ නම් එම කොන්දේසි සම්පූර්ණ කිරීමේ ශක්තිය ඇති අලූත් ආයෝජකයකුට ආයතනය විකුණන තැනකට යන්නට ඔවුන්ට සිදුවනු ඇත. මෙහිදී ගිරයට හසුවූ පුවක්ගෙඩියක තත්ත්වයට පත්ව ඇත්තෝ දැනට එහි අධ්‍යාපනය ලබන ශිෂ්‍යයෝය. මෙයින් ඉගෙනගත හැකි පාඩම වනුයේ පරිපූර්ණ අවශ්‍යතාවන් සම්පූර්ණ කරන තෙක් ශිෂ්‍යයන් ඇතුළත් කරගැනීමට ඉඩ නොදෙන ප‍්‍රතිපත්තියක් ඇති කිරීමය. සරස දැන් එය වලංගු නැත්ද?

    ReplyDelete
    Replies
    1. ඉතා හොඳ ආලෝචනයක්....

      මට තියන ප්‍රශ්නය මේ සයිටම් එකට තියන විරෝධය SLIIT එකටයි NSBM එකටයි නැත්තේ මොකද කියන එකයි.

      ඔන්න ඔතන තමා ගොමා එකේ හොරය තියෙන්නේ.

      Delete
  15. උසස් අද්යාපන ඇමති තුමාට අනුව තවත් පුද්ගලික වෛද්‍ය විද්‍යාල දෙකකට ව්‍යපෘති යෝජනා ඉදිරිපත් කරලා තියෙනවලු... (ඇමති තුමාට අනුව - //තවත් වෛද්‍ය විද්‍යල දෙකක් අරඹනවා.. ආණ්ඩුවට විරුද්ව පෙලපාලි යන්නේ වධකයෝ...//) ඒකෙන් එකක් පේරාදෙණියේ ආචාර්ය මහාචාර්ය වරු විසින් සහ අනෙක කොළඹ ආචාර්ය මහාචාර්ය වරු විසින් තමයි ඉදිරිපත් කරලා තියෙන්නේ...එක ඉතාම නරක තත්වයක් මොකද ආණ්ඩුවේ විශ්ව විද්‍යාලවල සේවයෙන් ලැබෙන වැටුප ගැන ඔවුන් සැහීමකට පත්වෙන්නේ නැහැ ...මේවා පිහිටවපු ගමන් අනිවාර්යයෙන්ම ඔවුන් පුද්ගලික විශ්ව විද්‍යාල වලට මාරු වෙනවා...

    ReplyDelete
    Replies
    1. // එක ඉතාම නරක තත්වයක් මොකද ආණ්ඩුවේ විශ්ව විද්‍යාලවල සේවයෙන් ලැබෙන වැටුප ගැන ඔවුන් සැහීමකට පත්වෙන්නේ නැහැ ...මේවා පිහිටවපු ගමන් අනිවාර්යයෙන්ම ඔවුන් පුද්ගලික විශ්ව විද්‍යාල වලට මාරු වෙනවා... //



      ලොකු දෙයක්...

      ඉගැන්වීමට කැමති, දැන් ඉන්නා අයට වඩා බොහෝ සුදුසුකම් ඇති අය ගොඩාක් ඉන්නවා වෛද්ය පීඨ ආචාර්ය මන්ඩලේට බැඳෙන්න!!!

      Delete
    2. ////ලොකු දෙයක්...

      ඉගැන්වීමට කැමති, දැන් ඉන්නා අයට වඩා බොහෝ සුදුසුකම් ඇති අය ගොඩාක් ඉන්නවා වෛද්ය පීඨ ආචාර්ය මන්ඩලේට බැඳෙන්න!!!////////

      ටොප් නේ සරස තුමෝ....

      දාමු එහෙනං පුළුවන් ඉක්මනින් ඔය පුද්ගලික සරසවි. එතකොට ඔය සුදුසුකම් වැඩි අයටත් ජොබ් එක හම්බ වෙනවනේ..

      Delete
  16. මචන් සාරස වයිද්‍ය සිසුන් සයිටම් විරෝඅධීව පංති වර්ජනය කරන කොට උපාධිය බාල වෙන්නැද්ද? ඉන් ප්‍රමිතියට වෙන බලපෑම මොකක්ද?

    ReplyDelete
    Replies
    1. එයාලට වර්ජන කල කාලේ කරන්නට තිබූ දේවල් නැවත කරන්නට සිදු වේ... පාඨමාලා කාලය වැඩි වේ...

      Delete
  17. රජයට කිසිම උවමනාවක් නැහැ දැනට තියෙන ආණ්ඩුවේ විශ්ව විද්‍යාලවල පහසුකම් වැඩි කරලා වැඩි සිසුන් ප්‍රමාණයක් බඳවාගන්න... මේ හැම දෙකින්ම වෙන්නේ අන්තිමට ආණ්ඩුවේ විශ්ව විද්‍යාල ටික වැහිලා යන එක.කොයි ආණ්ඩුව ආවත් බලන්නේ නිදහස් අද්‍යාපනය හෙමිහිට දියකරලා දාන්න.....

    මේ රටේ අම්මල තාත්තලාගෙන් කීයෙන් කී දෙනාටද ලක්ෂ 120 ක් වියදම් කරන්න පුළුවන් තමන්ගේ දරුවා දොස්තර කෙනෙක් කරන්න....අන්තිමට MBBS degree වරප්‍රසාදලත් පැලැන්තියට පමණක් සිමා වෙනවා....

    එක අතකට අපි මොකටද මේවා ගැන මෙච්චර දුක් වෙන්නේ අපි නිදහස් අද්යපනයෙන් ගන්න ඕනි උපරිම ප්‍රතිපල අරගෙන ඉවරයි අනෙක් මිනිස්සුන්ට ඉදිරියට නිදහස් අද්‍යාපනය තිබුනත් අපිට එකයි නැතත් එකයි..... මිනිස්සුන්ගේ ඇස කන් පෙන්නේ නැත්නම් වෙන්න යන දේ ගැන අපිට මොකෝ....

    ReplyDelete
    Replies
    1. // කොයි ආණ්ඩුව ආවත් බලන්නේ නිදහස් අද්‍යාපනය හෙමිහිට දියකරලා දාන්න..... //

      ඇත්ත!

      Delete
    2. නිදහස් අධ්‍යාපනය නැති කර 1944 ට කලින් තිබුණු මුදල් ගෙවා අධ්‍යාපනය ලැබීමේ තත්ත්වයට නැවත ගෙන යා යුතුයි කියන මතයේ මංතුමා සිටිමි.

      මෙයින් සිදුවන යහපත නම්

      1. තමුන්ගේ පඩිය ගෙවන ලෙඩාට ගරු නොකරන "මොණරාගල දොස්තරලා" බිහිවීම වැළක්වීම.

      2. ඉගෙන ගන්න බැරි එකා රජයට බරක් නොවී පාසලෙන් ඉවත් වීම. එසේ ඉවත් වූවාට පසු ඌට ඕනෑ නම් ආධුනිකයකු වශයෙන් යම් ආයතනයට බැඳී එතැනදී වෘත්තීමය පුහුණුවක් ලැබී, කුසලතා සහිත ඉහළ පඩියක් ලබන කම්කරුවකු විය හැක.

      3. තමුන් මුදල් ගෙවා ලබන අධ්‍යාපනයේ වටිනාකම ගැන අවබෝධයක් ලැබීම.

      4. මුදල් ලැබෙන නිසා එයින් පාසල්වල තත්ත්වය (ඉහළ තත්ත්වයේ ඩෙස්ක්-පුටු, පුස්තකාල, විද්‍යාගාර...) දියුණු කර, ගුරුවරුන්ට ඉතා ඉහළ පඩියක් ගෙවීමට හැකි වීම.

      5. ටික කාලයක් යන විට රටේ සියළුම පාසල් තත්ත්වයෙන් එකම මට්ටමකට පැමිණ, පළමු ශ්‍රේණියට ළමයින් ඇතුල් කිරීමේදී ඇතිවන අහිතකර තරඟය නැති වීම.

      6. ගුරුවරුන්ගේ වැඩි දුර අධ්‍යාපනය සහ පුහුණුවීම් සඳහා අවශ්‍ය තරම් ප්‍රතිපාදන පාසල් සතු වීම.

      Delete
    3. මේ මොනරාගල දොස්තරලා යන කතාව කිය කියා යන්නේ යහපාලන ආන්ඩුවට රෙදි නැතිව කඩේ යන ගාමිනී වියන්ගොඩ නම් මුග්ධයාය.ටික කලක් පිටරට හිටිය නිසා පොත් පරිවර්තනය කල හැකි බැවින් මූ හිතා ඉන්නේ මූත් උගතෙක් කියාය.මූ අඩු ප්‍රතිපල ගත් සිසුන් ආන්ඩුවේ වයිද්ය පීඨයට යනබව පෙන්නන්නට උදාහරන ලෙස ගන්නේ 2009 යුද කලබල නිසා බොහෝ අමාරුවෙන් විශ්ව විද්යාලයට ගිය උතුරු පලාතේ සිසුවෙකි.ඔය වගේ ගොබ්බයන්ගේ කතා පිලිගන්නා උඹලාට අබ සරනයි කියා සිතේ

      Delete
    4. @ Anonymous May 5, 2017 at 1:12 PM >>>

      ගාමිණි වියන්ගොඩ රෙදි නැතුව යහපාලන ආණ්ඩුවට කඩේ යන එක එයාගේ පුද්ගලික වැඩක්. ඒකෙන් කියවෙන්නේ නැහැ එයා ගොබ්බයෙක් කියලා. අපි කවුරුත් දන්න පරිදි සරස තුමා රෙදි නැතුව මහින්දට කඩේ යනවා කියලා. ඒකෙන් කියවෙන්නේ නැහැ සරස තුමා ගොබ්බයෙක් කියලා. ගාමිණි වියන්ගොඩ කිව්වත්, සරස තුමා කිව්වත් සත්‍යය සත්‍යය ම යි. ඔය "මොණරාගල දොස්තර" කතාව මට කිව්වේ මහනුවර මහ රෝහලේ විශේෂඥ වෛද්‍යවරයෙක් ම යි. එතුමා කිව්ව පරිදි දොස්තර මහත්වරුන්ගේ අභිමානය විනාශ කර දමන්නේ ඔය වගේ ප්‍රාථමික පවුල් පසුබිම්වලින් එන, වෛද්‍ය විද්‍යාව පමණක් උගත්, නමුත් ජීවත්වීමේ විද්‍යාව ඉගෙන නොගත්, උදවිය යි.

      "මොණරාගල" දොස්තරවරුන්ගෙන් බෙහෙත් බීලා, පොකට් එකත් හිස් කරගෙන, සනීප වෙන්න හිතාගෙන ඉන්න උඹලා වගේ අයට අබ සරණ යි.

      Delete
    5. වියන්ගොඩ කියන සත්යය කුමක්ද?දිස්ත්රික් ප්රමතකරනය යනු ලන්කාවේ පිලිගත් ක්රමවේදයකි.එය වැරදිනම් පිලිගතහැකි ක්රමවේදයකින් එය වැරදි බව ඔප්පුකර පෙන්වියයුතුය.එය කලයුත්තේ අද්යාපනක්රම වේද ගැන පර්යේශන ක්රමවේදගැන උගතුන් මිස ප්රංශයේ සිල්ලර බඩුකඩයක වැඩකල කතෘ අවසරයකින් තොරව නීතිවිරෝදීව පොත් පරිවර්තනය කරන තක්කඩියෙකු නොවේ.
      යම්කිසි දෙයක් සාදක සහිතව ඔප්පු කලයුතු බවවත් නොදන්නා, මට අර දොස්තර කිව්වා මේ දොස්තර කිව්වා කියකියා යන උඹත් වියන්ගොඩත් එකම ජාතියේ ගොබ්බයන්ය.

      Delete
    6. දිස්ත්‍රික් ප්‍රමිතිකරණය යනු නිදහස් අධ්‍යාපනය වැනිම මේ රටේ ක්‍රියාත්මක වන බලු, ජඩ, සමාජ විරෝධී ක්‍රියාවකි. එය ඇති කළේ පාහර දේශපාලඥයන්ගේ ඡන්ද ගුණ්ඩුවක් ලෙසිනි. මේ ක්‍රමය ද වහා නවතා, ලංකාවේ සෑම වසරක ම උසස් පෙළ ලකුණු ලැයිස්තුවේ ඉහළින් ම සිටිනා ශිෂ්‍යයන් 25,000 දෙනා හට විශ්ව විද්‍යාල දොරටු විවෘත කළ යුතු ය. මොණරාගල, බුත්තල, කලත්තෑව, දෙහිඅත්තකණ්ඩිය වැනි ප්‍රදේශවල සිටින අඩුවෙන් ලකුණු ගත් ශිෂ්‍යයන් හට ඕනෑ නම් කුඹුරු කෙටීමට රජයෙන් වසර 4 ක් යනතුරු යම් ආධාරයක් දිය හැක. සාධක සහිත කරුණු දැක්වීමට අන් අයෙකුගේ බ්ලොග් පෝස්ටුවල ආලෝචන වශයෙන් ඉදිරිපත් කිරීම ප්‍රායෝගික නොවන නිසා ළඟදී ම මේ වෙනුවෙන් ම බ්ලොගයක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙමි.

      Delete
    7. වි අන්ගොඩ කියන්නෙ කුලියට කහින එන් ජී ඕ කාක්කෙක්!

      Delete
    8. බ්ලොග් පඩංගුවක් ලියලා දිස්ත්‍රික් පදනම වෙනස් කරන්න හදන උඹනම් ගොබ්බයෙකුටත් වඩා මෝඩයෙක්.දැන් උඹ බ්ලොග් එක පටන් ගත්තහම උඹේ විද්වත් විශ්ලේශන දැකලා ජන රැල්ලක් ඇතිවෙලා මිනිස්සු දිස්ත්‍රික් පදනමට විරුද්දව පාරට බහියි.අනේ බන් උඹලාවගේ ගොන් බඳින කනු.යකෝ ඔය වගේ රිසර්ච් එකක් අවුරුදු ගනනාවක් කරන්න ඕනේ.උඹ වගේ රිසර්ච් කියන්නේ මොකක්දවත් දන්නේ නැති හරකෙක් තමයි උයන්ගොඩත්

      Delete
    9. සරස තුමා බ්ලොග් ලියන්නේ කැසිල්ලටනේ... ඒ වගේ තමයි මමත්. යමක් කරන්න හදන කොට ඒකට හිනා වෙන්න උඹ විතරක් නෙවෙයි, උඹ වගේ දාහක් දෙනා ඕන තරම් ඉන්නවා. මහින්ද යුද්දේ ඉවර කරන්න හදන කොටත් හිනා වුණු අය ඕන තරම් ඉන්නවා. ඒවා අහලා මහින්ද නිකම් හිටියා නම් අදටත් කොළඹ බෝම්බ පුපුරන්නේ පොකුරු ගණනින්. උඹ වගේ නරියන්ට ඇහුම්කන් දෙන කෙනෙක් නෙවෙයි මම. පිනට අධ්‍යාපනය දීමෙන් කන්නන්ගර මේ රටට කරපු හානිය ගැන මිනිසුන්ව දැනුවත් කරන්න ඕන.

      Delete
    10. අනේ බන්,උඹ මාර ආතල් කතානේ කියන්නේ.යකෝ මහින්ද යුද්දේ කලේ කී බෝඩ් එකට කොට කොටා ඉඳලා නොවෙයි.ඒක ඇක්ටිව් පාටිසිපේශන් එකක්.දැන් ඔය දොස්තරලාත් කරන්නේ ඒක.උන් කී බෝඩ් කොට කොටා ඉන්නේ නැහැ.පාරට බැහැලා උද්ගෝශනය කරනවා. මටනම් හිතෙන්නේ උඹ ඒ ලෙවෙල් බයෝ කරලා ඇනගත්ත පොරක් වගෙයි.ඒ වගේ පොරවල් කියන ටිපිකල් හීනමාන කතා ටික සේරම උඹ කියලා තියෙනවා. මමත් උඹ වගේම කී බෝඩ් කොටකොටා ඉන්න නිකමෙක්තමයි.ඒ වුනාට මට දොස්තර කෙනෙක් වෙන්න බැරිවුනා කියලා හීනමානයක් නැහැ.
      දැන් බැලුවහම උඹ මහ සිරා පොරක්නේ.උඹයි මහින්ද රාජපක්ශයි එක ලෙවෙල් එකේ පොරවල්.ශහ්.නියමයි.
      හරිමචං,උඹ ඔය උඹේ සිරා බ්ලොග් එක පටන් ගනින්.ඊට කලින් කොයිකටත් කියලා කොළඹ මහ ඉස්පිරිතාලේ 59 වාට්ටුවට පෙන්නාගනින්.

      Delete
    11. //////AnonymousMay 5, 2017 at 1:12 PM
      මේ මොනරාගල දොස්තරලා යන කතාව කිය කියා යන්නේ යහපාලන ආන්ඩුවට රෙදි නැතිව කඩේ යන ගාමිනී වියන්ගොඩ නම් මුග්ධයාය.//////

      ගාමිණි වියන්ගොඩ කවුරු වුණත් තොට වැඩිය පිළිගැනීමක් ඒ මිනිහාට මේ රටේ තියනවා. තෝ මොන බිංකුණ්ඩෙක්ද පරයෝ?

      Delete
    12. @ Anonymous May 6, 2017 at 8:56 PM

      තොටයි තොගේ ගොමා දොස්තරලාටයි කෙළ වෙන්නේ හෙට අනිද්දාම ආණ්ඩුවෙන් දොස්තරලා ඉන්දියාවෙන් ගෙන්න ගත්තහම තමයි. කොකාට වාරයක් නම් තිත්තයාට වාර දහසක් කියනවානේ...

      Delete
  18. සරසා තුමනි

    දැනට ඇති වී ඇති තත්වය නම් අනාගතය ගැන ලොකු බලාපොරොත්තු නැති සිසුන් සෑහෙන පිරිසක් ජාතික වි.වි. තුල සිටීමයි. මගේ මතයේ හැටියට, මසකට Rs. 35k-60k ලබන රජයේ රැකියාවක් ඉහලම බලාපොරොත්තුවනම්, එය ලොකු බලාපොරොත්තුවක් නොවේ. (එනම්, රැකියා වෙළඳපොල සලකා උපාධි පාඨමාලා පවත්වාගෙන යා නම් මේ "සිසු සටන්" සෑහෙන නැති වේ. )

    මෙය නැති කරන්න නම් සමහර පාඨමාලා නැති කරන්න හෝ බඳවා ගන්නා ගනන අඩු කරන්න සිදු වන අතර අනිත් පාඨමාලා ගනන වැඩි කරන්නත් බඳවා ගන්නා ගනන අඩු කරන්නත් සිදු වේ.

    නිදහස් අධ්‍යාපනය රජයේ අයෝජනයක් නම් මොන මොන උපාධි පාඨමාලා වලින් කොතරම් සිසුන් බිහිවනවාද යන්න රජය තීරනය කල යුතුය. සැබවින්ම අලුත් පීඨ, දෙපාර්තමේන්තු, උපාධි, යනාදී සියල්ලටම යූජීසී අනුමැතිය තිබිය යුතුය. එය නිසි පරිදි කරන ආකාරය රජයට අමතක වී ඇත.

    මෙයට වි.වි. අචාර්යවරුන්ගේ බහුතරයක් ජීවිතයට කැමති නොවේ (සැබවින්ම රටේ අවශ්‍යතාව මෙය යයි තේරුනත් නැතත් ). යූජීසීට මෙය කරන්න උවමනා ඇතැයි නොසිතමි. සැබවින්ම රටේ අවශ්‍යතාව මෙයයයි තේරී නැති වන්නටද පුලුවන්. උසස් අධ්‍යාපනය අමාත්‍යංශය ගැනද කතාව එසේමය.

    ඊට ඉහලින් ආර්ථිකය භාරව සිටින අයටනම් මෙය නොතේරී ඇති බව සෑහෙන පැහැදිලිය. නො එසේ නම් ඉන්දියාවෙන් වෘත්තිකයන් ආනායනය කරන්නට මෙතරම් මහන්සි වන්නේ නැත.

    ReplyDelete
    Replies
    1. අද වර්ජනය කරන්නන්ට ප්‍රශ්නය පුද්ගලික ව්ව් උපාධිධාරීන්ගේ කොලිටිය නම් සියලුම රජයේ/රජයේ නොවන/පිටරට ව්ව් වල වෛද්‍ය උපාධිධාරීන් සදහා එක් අවසාන පරීක්ෂණයක් පැවැත්වීම නොවේද ,ඉල්ලා සිටිය යුත්තේ ?

      රජයද ඉදිරිපත් කලයුතු ප්‍රධාන විසදුම මෙය නොවේද?

      මෙම විසදුම එවායින් යම් සේවාවන් ලබාගැනීමේ බලාපොරොත්තුවෙන් රජයේ සියලු ආයතන වලට වියදම් කරන, එමෙන්ම එවායේ අයිතිකරුවන් වන අප, එනම් පොදුජනයා සදහාද හොදම විසදුම වන්නේය.

      Delete
    2. මොන්ටිසෝරියේ සිට උසස්පෙල දක්වා කිසිම ප්‍රශ්නයක් නැත. ඇති නැති හැටියට ගෙදරට ගෙන්වාගෙනම කරගනිති.එහෙත් එතනින් එහාට පුද්ගලික අධ්‍යාපනයට විරුද්ධව දිවිහිමියෙන් සටන් කරති.

      රහස කුමක්ද ?

      එක් වෘත්තීය සමිතියක අවශ්‍යතාවයන් නම් සිතාගත හැක.

      Delete
    3. // මෙය නැති කරන්න නම් සමහර පාඨමාලා නැති කරන්න හෝ බඳවා ගන්නා ගනන අඩු කරන්න සිදු වන අතර අනිත් පාඨමාලා ගනන වැඩි කරන්නත් බඳවා ගන්නා ගනන අඩු කරන්නත් සිදු වේ. //

      ඔවු...
      බොහෝ කලා උපාදි අවස්තා අඩු කල යුතුයි.
      මුලු වසරටම කලා උපාදි සඳහා ලන්කාවෙන් ම ශිශ්ය සන්ක්‍යාව 200 කල යුතුය.
      එතකොට වර්තමාන සුමානෙකට සැරයක් පීඨයට යන කලා පීඨ ආචාර්ය මන්ඩලේ (හරක් විජේසූරිය හා නිර්මාල් වැනි ) අයට ද සන්නස්ගලට ද තමන් දූපත් වාසී ගෝත්‍රිකයන් බව නිසැකයෙන් ම දැනෙනු ඇත.

      Delete
    4. // මොන්ටිසෝරියේ සිට උසස්පෙල දක්වා කිසිම ප්‍රශ්නයක් නැත. ඇති නැති හැටියට ගෙදරට ගෙන්වාගෙනම කරගනිති.එහෙත් එතනින් එහාට පුද්ගලික අධ්‍යාපනයට විරුද්ධව දිවිහිමියෙන් සටන් කරති.

      රහස කුමක්ද ? //

      අයියෝ ඕක තේරෙන්නෙ නැද්ද...

      හේතුව තමා විශ්ව විද්යාලෙ ගෙදෙට්ටම ගෙන්න ගන්න බැරි එක ගරු ඇනෝ තුමෝ...

      Delete
    5. // රජයද ඉදිරිපත් කලයුතු ප්‍රධාන විසදුම මෙය නොවේද? //

      නැත...

      හන්දියෙ ගරාජ් එකේ බාසුන්නැහේ කෑලි එකතු කරලා කාර් එකක් හැදුවාට ඒක මෝටර් රත ප්‍රවාහන කොමසාරිස් ලියාපදින්චි කරන්නේ නැත!

      ඒත් මෝටර් රත ඉන්ජිනේරු විද්යාව සඳහා ආචාර්ය උපාදිය ඇති ආචාර්‍ය ලෝරන්ස් පෙරේරා හදන් කාර් ලියාපදින්චි කරනු ලැඹේ.

      Delete
    6. ////හන්දියෙ ගරාජ් එකේ බාසුන්නැහේ කෑලි එකතු කරලා කාර් එකක් හැදුවාට ඒක මෝටර් රත ප්‍රවාහන කොමසාරිස් ලියාපදින්චි කරන්නේ නැත!

      ඒත් මෝටර් රත ඉන්ජිනේරු විද්යාව සඳහා ආචාර්ය උපාදිය ඇති ආචාර්‍ය ලෝරන්ස් පෙරේරා හදන් කාර් ලියාපදින්චි කරනු ලැඹේ.////

      හන්දියේ ගරාජ් එකේ බාස් කෑලි එකතු කරලා හදන කාර් වැඩපොළට අවසර දුන්නේ මහින්ද.

      අද මහින්ද බලයේ සිටියා නම් එවැනි කාර් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කිරීම ආරම්භ කරලා බොහෝ කල්.

      ඒවගේම, ඒ කාර්වල යන උදවිය ඒවායේ තිබෙන තාක්ෂණික දෝශ නිසා අනතුරුවලටත් මේ වෙන කොට භාජනය වෙලා.

      දැන් මේ අනිත් බාස්ලා කෑ ගහන්නේ ඒ ගරජ් එක ජනසතු කරලා ඒක නඩත්තු කරන බරත් මහජනයා පිටට දාන්නයි.

      දැන් මෛත්‍රීපාල උන්නැහේ හන්දියේ ගරාජ් එකේ බාස්ව පැත්තකට කරලා, ගරාජ් එක නවීන කරලා, මෝටර් රථ ඉන්ජිනේරු විද්‍යාව සඳහා ආචාර්ය උපාධිය ඇති ආචාර්‍ය ලෝරන්ස් පෙරේරා එතන ලොක්කා හැටියට පත් කරන්න හදන කොට ඒකටත් අනිත් බාස්ලා විරුද්ධයි.

      ඒ මොකෝ?

      අනිත් බාස්ලට ඕන ගරාජ් එකක්වත් කාර් එකක්වත් නැහැ. ඒ උදවියට ඕන මහින්දව නැවත පුටුව උඩට ගන්නයි.

      ඔන්න ඕකයි රටේ තත්ත්වය.

      Delete
  19. ගරු සා රස තුමනි,

    ඔබ තුමා දැන් තනිකඩව හිටියා ඇති. උඩරට වලව්කාරියක වුණ තේජා කොටින්කඩුව තුමිය ගැන තව දුරටත් සා රස තුමා හිත හිත ඉඳලා වැඩක් නැහැ. සා රස තුමා දැන් පිළිවෙළක් වෙන්න ඕන. ඉතිං සා රස තුමාගේ අනුගාමිකයන් හැටියට අප කල්පනා කළා සා රස තුමාට පෑහෙන කෙනෙක්ව හොයන්න. අපේ ගරු සා රස තුමා රෝසි මැතිනියට කැමති නැති බව අපි දනිමු. එනිසා අප මෙවර රජරට බොදු ගොවි කුල කාන්තාවක්ම හෙව්වා ඕං. හොඳ දේශපාලන පසුබිමක් තිබෙන පරම්පරාවකින් පැවත එන කුල කාන්තාවක් එතුමිය. හොඳ පෞරුෂයක් තිබෙනවා. ඉගෙන තියෙන්නෙත් අර සා රස තුමාගේ ගුරු කුදලාගම තුමා නිතරම අගය කරන කන්‍යාරාමයෙනෙ.

    හොඳ ද කියලා බලන්න හිටං. ලස්සනයි නේද?

    https://www.facebook.com/627332870738110/photos/a.627343397403724.1073741825.627332870738110/888069644664430/?type=1&theater

    ⁣මීට,
    සරසතුමාට ආදරය කරන,

    මල්ලේ පොල් අනුරාධපුර දිස්ත්‍රික් සාමාජිකයෝ.

    ReplyDelete
    Replies
    1. සරස තුමා වැඩ කල දන්ත සායනයක යටි තට්ටුවේ කාලයක් මේ නෝනා පාමසියක් දාගෙන හිටියනෙ හිටන්!

      Delete
    2. ගරු සා රස තුමනි,

      මොනවා? මහ ඒජන්ත තුමාගේ දියණිය පාමසියක් කරා??? සා රස තුමා අදහස් කළේ ඒ ගොඩනැගිල්ල එතුමියගේ කියන එක වෙන්ටැති. මහ ඒජන්තව සිට මැතිසබයට ගිය උකුම් මනුස්සයකු වුණු එඋන්නාන්සේ තමන්ගේ දෝණිව පාමසියක වැඩට යැව්වා වෙන්න බැහැ නොවැ. ඒකත් හරියට අර ජෝෂප්ස් මයිකල් පෙරේරා කථානායක තුමා රත්නාවලී හෝල් එකේ ටිකට් කැඩුවයි කියන කතාව වගේ වෙන්න ඕනැ!

      මොනවා වුණත් සා රස තුමා හොර ගෙඩියා. ඒ කාලයේ ඉදන්ම හිත ගිහින් ඉදලා තියෙන්නේ. මුළු මහත් දඹදිව් තලයටම මහාරාජයන් වන්නට නියමික වුණු කුස රජ්ජුරුවන් පබාවතිය වෙනුවෙන් දුක් වින්දා වගේ අපේ සා රස තුමාත් සඳණිය වෙනුවෙන් විඳලා තියෙන දුක. සංසාරික බැඳීම අයුබෝවන්ඩ, සංසාරික බැඳීම.

      මිහිඳු මාහිමියන් ලංකාද්වීපයට බුදුසමය රැඟෙන පැමිණි පොසොන් මහේ දී කටක ලග්නයෙන් අස්විද නැකතේ දෙවැනි පාදයෙන් උපන් පින්බර කුමරියගේ ජන්ම පත්‍රය සමඟ ගරු සා රස තුමන්ගේ ජන්ම පත්‍රය සසඳා බලා ඉන්පසු ඉදිරි කටයුතු සැලසුම් කිරීම යහපත්ය.

      මීට,
      සරසතුමාට ආදරය කරන,

      මල්ලේ පොල් අනුරාධපුර දිස්ත්‍රික් සාමාජිකයෝ.

      Delete
    3. මෙතුමිය ගැන නම් දන්නෙ නැහැ. ජෝශප් ගෙ කතාව නම් ඇත්ත. හවුස් ෆුල් ෆිල්ම් පෝලිමේ නොගිහින් බලන්ඩ මගේ පියා ටිකට් හොරාට අරන් තියෙන්නෙ මෙයා ලවා.ගාස්තුව සිගරට් එකක්.

      නමුත් එතුමට තරමක් දුරට ඉංග්‍රීසි ගැට ගහ ගෙන කතා කරන්ඩ පුළුවන්ලු මම හිතන්නේ අර මහින්දට බයියා කියපු අකිල විරාජ් ටොය්යට වඩා පුළුවන් කමක් ඇති

      Delete
    4. මා දන්නා තරමින් මෙතුමියගේ පියා නීතිඥයෙක් දිසාපතිවරයෙක් නෙමෙයි. පසුව අනුරාධපුර දිසා ඇමති වී ඇමැති කෙනෙක් වුනා මතකයි.

      Delete
  20. //සම්ප්‍රදායික පක්ෂවලින්, වාමාංශිකයන්ගෙන් නියෝජනය නො වන සාධාරණ පුරවැසියන් (කාන්තාවන් ද ඇතුළුව යයි විශේෂයෙන් කිව යුතුව තිබේ.) වෙනුවෙන් අලුත් මහජන ව්‍යාපාරයක් අවශ්‍ය යයි ඔබටත් සිතෙනවා නම්, ඔබේ අදහස් w3lanka ලියා යන්න. //

    WE ARE BRAINSTORMING.- w3lanka.com

    ReplyDelete
    Replies
    1. සීන් එක දිගෑරල කියහංකො.
      අන්තිමට අපි කාටද කඩේ යන්නෙ කියල අපිම දන්නව නම් ඒකත් ලොකු දෙයක්නෙ බං.

      පවතින දේශපාලන පක්ෂ නං කුජීතයි ඒකේ දෙකක් නෑ. මටත් මේ ඉන්න උන් අප්පිරිය වෙලා තියෙන්නෙ

      Delete
    2. // WE ARE BRAINSTORMING.- w3lanka.com //

      Glad to know that you have a brain to storm!!

      Delete
  21. විශ්ව විද්‍යාල ප්‍රමිති??? අපිත් එක්ක එකට ඉස්කෝලේ ගිහින් කලා උපාධි කල ළමයින් ගේ CV එක පවා හදාදුන්නේ අපි. CV එකක් හදාගන්න හැටිවත් දැනගෙන හිටියේ නෑ. Referee ලා දෙන්නෙක් දාන්න විශ්වවිද්‍යාලෙ කථිකාචාර්යවරු දෙන්නෙක් සොයාගන්න බෑ ගොඩක් අයට. උපාධි අරගෙනත් reference දාල තියෙන්නේ පන්සලේ හාමුදුරුවෝ, ඉස්කෝලේ විදුහල්පති, ග්‍රාමසේවක මහතා වගේ අය. උත්සව සමිති කවිමඩු කරන්න ඔවුන්ගේ හැකියාව අපිට වැඩිය හොද වුනත්, රාජකාරී මට්ටමේ වැඩක් කරන්න ගියාම ආත්මවිශ්වාසයක් නෑ. පුද්ගලික අංශයේ වැඩකිරීම ගැන තිබෙන්නේ තියෙන්නේ දුර්වල ආකල්පයක්.

    අනික ඉතින්, කලා අංශයේ කථිකාචාර්යවරු ඔය සරත් විජේසූරියලා වගේ අය එහෙම සිසුන්ගේ අනාගතේ ගැන සොයන්නේ නෑ එයාලට වෙන වැඩ නේ.

    ReplyDelete
    Replies
    1. මේක අර IELTS PTSD ජයතුංගගෙ බ්ලොග් කඩමාල්ලේ ඌම දාගත්ත කොමෙන්ට් එකක්නේ

      Delete
  22. මෙරට පෞද්ගලික වෛද්‍ය පීඨ වලට අප විරුද්ධ විය යුත්තේ මන්දැයි, සා රස තුමා සහ කොළු ගැටයා තුමා ආශ්‍රයෙන් පහදා දිය හැකියි.

    මෙරට පෞද්ගලික වෛද්‍ය පීඨ තිබුණි නම් කොළු ගැටයා එයින් ඉගෙනගෙන සා රසයා වැනි දොස්තර වසලයෙක් වනවා නොවේද?

    නමුත් ඒ වෙනුවට ඔහු අද ලොව පුරා කීර්තියට පත් ශ්‍රේෂ්ට ශ්‍රී ලාංකික පඬිරුවනක් බවට පත්වී නැද්ද?

    ReplyDelete
    Replies
    1. // AnonymousMay 6, 2017 at 7:02 AM

      මෙරට පෞද්ගලික වෛද්‍ය පීඨ වලට අප විරුද්ධ විය යුත්තේ මන්දැයි, සා රස තුමා සහ කොළු ගැටයා තුමා ආශ්‍රයෙන් පහදා දිය හැකියි.

      මෙරට පෞද්ගලික වෛද්‍ය පීඨ තිබුණි නම් කොළු ගැටයා එයින් ඉගෙනගෙන සා රසයා වැනි දොස්තර වසලයෙක් වනවා නොවේද?

      නමුත් ඒ වෙනුවට ඔහු අද ලොව පුරා කීර්තියට පත් ශ්‍රේෂ්ට ශ්‍රී ලාංකික පඬිරුවනක් බවට පත්වී නැද්ද? //


      සබ්ජෙක්ට්ස් හතරම ෆේල් වූ බව නම් දනිමි....

      පස්සට සිද්ද වුනු දේ ගැන අසා දැණගන්න ආතර් සී ක්ලාක් ජීවතුන් අතර නැත.

      Delete
    2. පස්සට සිද්ද වුනු දේ ගැන ???

      Delete
  23. දැන් ඇති මේක, සා රස තුමා.... දාන්න අලුත් පෝස්ට් එකක්.

    ReplyDelete